පාසල් ක්‍රමය විසින් නිර්මාණශීලිත්වය විනාශ කෙරේද?
-
0:00 - 0:05සුබ උදෑසනක්. ඔබට කොහොමද?
-
0:05 - 0:06(සිනහව)
-
0:06 - 0:08හැම දෙයක්ම ඉතා හොඳින් සිදු වුණා,
එහෙම නේද? -
0:08 - 0:11මම නම් මේක නිසා මුසපත් වෙලා ඉන්නේ.
-
0:11 - 0:12ඒ නිසා මම මෙතැනින් යනවා.
-
0:12 - 0:18(සිනහව)
-
0:18 - 0:21මේ සමුුළුවේ තේමාවල් තුනක්
දකින්නට තිබුණා -
0:21 - 0:24මගේ කථාවට අදාළ වන.
-
0:24 - 0:28පළමුවැන්න තමයි තිබුණු සාක්ෂි මනුෂ්‍යයින්ගේ
අරැම පුදුම නිර්මාණශීලිත්වයට -
0:28 - 0:31අපි දැකපු සියලුම ඉදිරිපත් කරීම් වලත්
-
0:31 - 0:33මෙහි සිටින සියලුම දෙනා තුලත්.
-
0:33 - 0:35එහි විවිධත්වය මෙන්ම පරාසයත්.
-
0:36 - 0:38දෙවැන්න තමයි ඒක අපිව ගෙනත් තිෙබනවා
තැනකට -
0:38 - 0:41අපිට කිසිම අදහසක් නැහැ කුමක් වේවිද
කියා -
0:41 - 0:42අනාගතය අතින් බැලූ විට.
-
0:42 - 0:45ඒක කොයි අතට හැරෙයිද කියලා කයන්න බැහැ.
-
0:45 - 0:47මට අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා.
-
0:47 - 0:51අපි හැමදෙනාටම අධ්‍යාපනය ගැන
උනන්දුවක් තිබෙනවා. -
0:51 - 0:52එහෙම නැද්ද?
-
0:52 - 0:54මේක මට හරිම සිත්ගන්නාසුලුයි.
-
0:54 - 0:55ඔබ රාත්‍රි භෝජන සංග්රහයක සිටිනා විට
-
0:56 - 0:58ඔබ අධ්‍යාපන ක්ෂේත්රයේ වැඩ කරන බව
පැවසුවහොත්-- -
0:58 - 1:01ඇත්තටම, ඔබ රාත්‍රි භෝජන සංග්‍රහ වලට
වැඩිපුර යන්නේ නැහැ. -
1:01 - 1:05(සිනහව)
-
1:05 - 1:07ඔබ අධ්‍යාපනයට රැකියාව කරනවා නම් ආරධනා
ලැබෙන්නේ නැහැ. -
1:07 - 1:10(සිනහව)
-
1:10 - 1:14ඔබට නැවත ආරාධනා ලැබෙන්නෙත් නැහැ.
ඒක මට හිතෙන්නේ අමුතු දෙයක්. -
1:14 - 1:16ඒත එහෙම ගියොත්, ඔබ කාට හරි කිව්වොත්,
-
1:16 - 1:18ඒ අය අහනවා, "ඔබ මොකද කරන්නේ?" කියලා.
-
1:18 - 1:20ඔබ කියනවා අධ්‍යාපන රැකියාවක් කියලා,
-
1:20 - 1:22ඒ අයගේ මුහුණු සුදුමැලි වෙනවා ඔබට පෙනේවි.
-
1:22 - 1:24ඒ අයට හිතෙයි, "දෙයියෝ සාක්කි,
ඇයි මට මේක වුණේ?" -
1:24 - 1:26(සිනහව)
-
1:26 - 1:28"මුලු සතියටම රැයක් එළියට ගියාමයි."
-
1:28 - 1:30(සිනහව)
-
1:30 - 1:34ඒත් ඔබ ඒ අයගේ අධ්‍යාපනය ගැන විමසුවොත්
ගැලවිල්ලක් නැති වෙනවා. -
1:34 - 1:37ඒ මොකද ඒක මිනිසුන්ට ගැඹුරට වදින දෙයක්
නිසා, මම හරි නේද? -
1:37 - 1:41අාගම, සල්ලි හා එවැනි අනෙකුත් දේ වගේ.
-
1:41 - 1:45මට අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක්
තිබෙනවා, මම හිතන්නේ හැමෝටම එහෙමයි. -
1:45 - 1:47අපිට ඒ ගැන තදබල උනන්දුවක් තිබෙනවා,
-
1:47 - 1:50හේතුව අධ්‍යාපනය උදව් වෙනවා අපට ගෙනයන්න
මේ අනාගතයට -
1:50 - 1:52අපිට තෙරුම් ගන්න අමාරු වන.
-
1:52 - 1:55අපි හිතලා බැලුවොත්, මේ වසරේ පාසල් අරඹන
දරුවන්, -
1:55 - 1:59විශ්‍රාම යනවා 2065.
-
2:00 - 2:02කිසිකෙනෙකුට අදහසක් නැහැ,
-
2:02 - 2:05පසුගිය දින හතර තුල දැකපු ප්‍රවීණත්වයන්
කෙසේ වුණත්, -
2:05 - 2:07තව වසර පහකින් ලෝකය කෙලෙස වෙව්ද කියා.
-
2:07 - 2:10ඒත් අපි ළමුන්ට ඒ සඳහා අධ්‍යාපනය
දිය යුතුව තිබෙනවා. -
2:10 - 2:13ඒ නිසා එහි අවිනිශ්චිතභාවය මම හිතන්ෙන්
අරැම පුදුමයි. -
2:13 - 2:14තෙවැනි කොටස තමයි
-
2:14 - 2:16අපි ඒ කොහොම වුණත් ඔක්කොම එකඟ වුණා,
-
2:16 - 2:22ළමුන්ට ඇති අරැම පුදුම හැකියාව--
-
2:22 - 2:24නවෝත්පාදනය සඳහා ඇති හැකියාව.
-
2:24 - 2:27නිදසුනක් ලෙස, ඊයේ රාත්‍රියේ සරීනා
අතිවිශිෂ්ටයි නේද? -
2:27 - 2:28එයාට කරන්න පුළුවන් දේ බැලුවම.
-
2:28 - 2:33ඈ සුවිශේෂි කෙනෙක්, ඒත් මම හිතන්නේ
ඇය වන්නේ නැහැ -
2:33 - 2:37සුවිශේෂි කෙනෙක් සියලුම ළමුන් සලකන විට.
-
2:37 - 2:40අැය අරැම පුදුම කැපකිරීමක් ඇති කෙනෙක්
-
2:40 - 2:41යම් දක්ෂතාවයක් හඳුනා ගත්.
-
2:41 - 2:44මගේ තර්කය ළමයි සියලු දෙනාටම
දැවැන්ත දක්ෂතා ඇති බවයි. -
2:44 - 2:46අපි ඒවා ක්‍රෑර ලෙස අපතේ යවනවා.
-
2:46 - 2:48ඉතින් මට අවශ්‍ය අධ්‍යාපනය ගැන කථා
කිරීමටත් -
2:48 - 2:50නිර්මාණශීලිත්වය ගැන කථා කිරීමටත්.
-
2:50 - 2:56මගේ තර්කය නිර්මාණශීලිත්වය වත්මන් අධ්‍යාපනය
තුල ලිවීමේ කියවීමේ හැකියාව මෙන්ම වැදගත්, -
2:56 - 2:59ඒ නිසා අපි එයට එක සමාන වැදගත් කමක්
දිය යුතුයි. -
2:59 - 3:01(අත්පොළසන්) ස්තූතියි.
-
3:01 - 3:05(අත්පොළසන්)
-
3:05 - 3:07ඉතින් එච්චර තමයි.
-
3:07 - 3:08බොහොම ස්තූතියි.
-
3:08 - 3:10(සිනහව)
-
3:10 - 3:12තව විනාඩි 15 ක් තිබෙනවා.
-
3:12 - 3:15(සිනහව)
-
3:15 - 3:16ඉතින් මම ඉපදුණේ....නැහැ.
-
3:17 - 3:20(සිනහව)
-
3:20 - 3:22මට ළඟදී ලස්සන කථාවක් අහන්න ලැබුණා
--මම ඒක කියන්න ආසයි-- -
3:22 - 3:25චිත්‍ර පාඩමක සිටි කුඩා දැරියකගේ
කථාවක් ඒක. -
3:25 - 3:27ඇයට වයස හයයි, පිටිපස්සේ ඉඳගෙන
චිත්‍ර අඳිනවා. -
3:27 - 3:30ගුරැවරිය පැවසුවා මේ දැරිය සාමාන්‍යයෙන්
අවධානය නොදෙන බව, -
3:30 - 3:32ඒත් මේ පාඩමේදී හිටියේ අවධානයෙන්.
-
3:32 - 3:33ගුරැවරියගේ සිත මීට ඇදී ගියා.
-
3:33 - 3:36ඇය දැරිය ළඟට ගිහින් ඇසුවා,
"මොකක්ද ඔයා අඳින්නේ? -
3:36 - 3:39දැරිය කිව්වා, "මම දෙවියන්වහන්ෙස්ව අඳිනවා"
කියලා. -
3:40 - 3:43ගුරැතුමිය කිව්වා, "ඒත් දෙවියන්වහන්සේගේ
හැඩරැව කවුරුත් දන්නේ නැහැනේ." -
3:43 - 3:45දැරිය කිව්වා,
"තව ටිකකින් හැමෝම දැනගනීවි." -
3:45 - 3:52(සිනහව)
-
3:57 - 3:59මගේ පුතාට එංගලන්තයේදී වයස හතර වුණාම--
-
3:59 - 4:02ඇත්තටම, එයාට එතකොට හැමතැනකම
වයස හතරයි. -
4:02 - 4:03(සිනහව)
-
4:03 - 4:07අපි ඒ ගැන හරියට බැලුවොත්, ඒ වසරේ එයා
කොහෙ ගියත්, එයාගේ වයස හතරයි. -
4:07 - 4:09එයා රඟපෑවා ජේසුතුමාගේ උපත් කථා නාට්‍යයක.
ඒ කථාව මතකද? -
4:09 - 4:11(සිනහව)
-
4:11 - 4:13නැහැ, ඒක ලොකුයි, ලොකු කථාවක්.
-
4:13 - 4:15මෙල් ගිබ්සන් ඒකට පසු රඟපෑමක් කරා.
ඒක දකින්න ඇති. -
4:15 - 4:16(සිනහව)
-
4:16 - 4:17"උත්පත්ති කථා II"
-
4:18 - 4:22ඒත් ජේම්ස්ට ලැබුණේ ජෝසෆ්ගේ චරිතය.
ඒක අපිට විශාල සතුටක් වුණා. -
4:22 - 4:24අපි ඒක ප්‍රධාන චරිතයක් ලෙස
සැලකුවේ. -
4:24 - 4:27අපි එතැන පිෙරව්වා කට්ටිය මෙහෙම
ලියූ ටී-ෂර්ට් අැඳපු: -
4:27 - 4:29"ජේම්ස් රොබින්සන් තමයි ජෝසෆ්!" (සිනහව)
-
4:29 - 4:31එයාට කථා කරන්න අවශ්‍ය වුණේ නැහැ.
-
4:31 - 4:33ඒත් ඕගොල්ලෝ දන්නවානේ රජවරැ තිදෙනා
පැමිෙණන කොටස? -
4:33 - 4:36ඒ අය තෑගි ගේනවා, රන්, කට්ටකුමංචල් හා
කලුවැල් ලෙස. -
4:36 - 4:37මේක ඇත්තටම සිදුවුණා.
-
4:37 - 4:40අපි බලන් සිටියදී ඒගොල්ලෝ පිළිවෙල වෙනස්
කරා, -
4:40 - 4:43ඒ මොකද, අපි පසුව කුඩා දරැවාගෙන්
ඇහුවම, -
4:43 - 4:46"ඒක හරිද?" කියලා, එයා කිව්වා,
"ඔව්, ඇයි? ඒක වැරදිද?" කියලා. -
4:46 - 4:47ඒගොල්ලෝ ඒක මාරැකරා.
-
4:47 - 4:48ළමුන් තිදෙනා පැමිණියා,
-
4:48 - 4:50සිවු හැවිරිදි අය, හිසේ අත්පිස්නා
ගැට ගහගෙන, -
4:50 - 4:52ඒ අය මේ පෙට්ටි බිමින් තිබ්බා,
-
4:52 - 4:54පළමුවැන්නා කිව්වා,
"මම ඔබට රත්රන් ගෙනාවා." -
4:54 - 4:56දෙවැන්නා කිව්වා,
"මම ඔබට කලුවැල් ගෙනාවා." -
4:56 - 4:58තෙවැන්නා කිව්වා, "ෆ්රෑන්ක් මේක එව්වා."
-
4:58 - 5:01(සිනහව) (frankincense = කට්ටකුමංචල්)
-
5:11 - 5:14මේ සෑම දේටම පොදු දේ තමයි, ළමුන්
අවදානමක් ගන්නවා කියන එක. -
5:14 - 5:16දන්නේ නැතිවුණත්, උත්සාහ කරනවා.
-
5:16 - 5:20මම හරි නේද? ඒගොල්ලෝ වරදිනවාට
බය නැහැ. -
5:21 - 5:24මම කියන්නේ නැහැ වරද්දන එක
නිර්මාණශීලිත්වයට සමානයි කියා. -
5:25 - 5:28අපි දන්න දේ තමයි, ඔබ වරද්දන්න
ලැස්ති නැතිනම්, -
5:28 - 5:30ඔබ කවදාවත් අලුත් දෙයක් කරන්නේ නැහැ--
-
5:30 - 5:32ඔබ වරද්දන්න ලෑස්ති නැතිනම්.
-
5:33 - 5:37බොහෝ ළමුන් වැඩිහිටියන් වෙද්දි,
ඒ හැකියාව නැතිවෙලා. -
5:37 - 5:40ඒ අය ඉන්නේ වරදිනවාට බය වෙලා.
-
5:40 - 5:42අපි අපේ ආයතන දුවන්නෙත් මේ වගේ.
-
5:42 - 5:43අපි වරදින එක ලැජ්ජාවක් කරනවා.
-
5:43 - 5:46ඒ වගේම අපි දැන් ජාතික අධ්‍යාපන පද්ධති
-
5:46 - 5:48දුවනවා, වරද්දන එක තමයි ඒකේ හැටියට
නරකම දේ. -
5:49 - 5:52එහි ප්‍රතිඵලය තමයි අපි මිනිසුන්ව
අධ්‍යාපනය භාවිතයෙන් -
5:52 - 5:54ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන්
නැති කරනවා. -
5:54 - 5:59පිකාසෝ වරක් කිව්වා, සියලුම ළමයි උපදින්නේ
චිත්‍ර ශිල්පීන් ලෙස කියලා. -
5:59 - 6:02ප්රශ්නය තමයි වයසින් වැඩෙද්දී චිත්‍ර
ශිල්පියෙක් ලෙස සිටීම අපහසු වීම. -
6:02 - 6:05මම දැඩිව විශ්වාස කරන්නේ අපි
නිර්මාණශීලිත්වයට නැඹුරැ වන්නේ නැහැ, -
6:05 - 6:07අපි ඉන් ඉවතට නැඹුරැ වෙනවා කියලයි.
-
6:07 - 6:09අධ්‍යාපනය නිසා අපි ඉන් ඉවත්
වෙනවා. -
6:09 - 6:11ඇයි මේක මෙහෙම වෙන්නේ?
-
6:11 - 6:15මම මීට වසර 5 ට එහා වෙන කල් ජීවත් වුණේ
ස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඒවන්හිදී. -
6:15 - 6:17අපි එහි සිටයි ලොස් ඇන්ජලීස්
පදිංචියට ආවේ. -
6:18 - 6:21ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක කෙතරම්
පහසු වෙනසක්ද කියලා. -
6:21 - 6:22(සිනහව)
-
6:22 - 6:24අපි ජීවත් වුණේ ස්නිටර්ෆීල්ඩ් කියලා තැනක,
-
6:24 - 6:26ස්ට්‍රැට්ෆර්ඩ්වලට පිටින්.
-
6:26 - 6:28එතැන තමයි ෂේක්ස්පියර්ගේ තාත්තා ඉපදුණේ.
-
6:28 - 6:30ඔබට අදහසක් පහළ වුණාද? මට එහෙම වුණා.
-
6:30 - 6:33ෂේක්ස්පියර්ට පියෙක් හිටියා කියලා
හිතෙන්නේ නෑ නේද? -
6:33 - 6:37ඒ මොකද, ෂේක්ස්පියර්ව ළමයෙක් විදියට
අපි හිතන්නෙන් නැති නිසා, එහෙම නේද? -
6:37 - 6:39වයස අවුරැදු හතක ෂේක්ස්පියර්?
-
6:39 - 6:40මට ඒක එහෙම හිතුණේ නැහැ.
-
6:40 - 6:42යම් අවධියක එයා වයස හත පහු කළා.
-
6:42 - 6:44එයා කාගේ හරි ඉංග්‍රීසි පංතියක
ඉන්න ඇති නේද? -
6:44 - 6:51(සිනහව)
-
6:51 - 6:52ඒක කෙතරම් කරදරයක් වේවිද?
-
6:52 - 6:55(සිනහව)
-
7:00 - 7:01"තව උත්සාහ කරන්න."
-
7:01 - 7:05(සිනහව)
-
7:05 - 7:08ෂේක්ස්පියර්ගේ තාත්තා එයාව නින්දට යවනවා,
"දැන්මම ඇඳට යන්න! -
7:09 - 7:11ඔය පැන්සල පැත්තකින් තියන්න."
-
7:11 - 7:12(සිනහව)
-
7:12 - 7:13"නවත්තන්න ඔය කථා කරන විදිය."
-
7:13 - 7:17(සිනහව)
-
7:17 - 7:20"ඒකට අපේ ඔළුව අවුල් වෙනවා."
-
7:20 - 7:24(සිනහව)
-
7:24 - 7:29අපි ස්ට්‍රැට්ෆර්ඩ් සිට ලොස් ඇන්ජලීස් වලට
පදිංචිය මාරැ කරා. -
7:29 - 7:32මම කැමතියි ඒ මාරැව ගැන වචනයක් කියන්න.
-
7:32 - 7:33මගේ පුතා එන්න කැමති වුණේ නෑ.
-
7:33 - 7:36මට දරැවෝ දෙන්නයි;
පුතාට දැන් 21 යි, දුවට 16යි. -
7:36 - 7:38පුතා අකැමැති වුණා ලොස් ඇන්ජලීස් එන්න.
-
7:38 - 7:41එයා එහෙට කැමතියි ඒත් එයාට පෙම්වතියක්
හිටියා එංගලන්තයේ. -
7:41 - 7:45ඒ පරම ආදරිය වූ සේරා.
-
7:45 - 7:46එයා ඇය හඳුනගෙන මාසයයි.
-
7:46 - 7:48(සිනහව)
-
7:48 - 7:50ඒත් දෙන්නා සිවුවැනි සංවත්සරයත් සමරලයි
හිටියේ, -
7:50 - 7:53මොකද වයස 16දී මේක දිගු කාලයක්.
-
7:53 - 7:54එයා ගුවන් යානයේදී හිටියේ දුකෙන්.
-
7:54 - 7:57"මට ඇය වගේ කෙනෙක් ආයෙත්
හමු වන්නේ නෑ." ඔහු කිව්වා. -
7:57 - 7:59ඇත්තටම අපි නම් ඒ ගැන සතුටු වුණා.
-
7:59 - 8:02(සිනහව)
-
8:07 - 8:10මොකද අපි රටින් පිට වෙන්න ප්‍රධානතම හේතුව
වුණේ ඇයයි. -
8:10 - 8:13(සිනහව)
-
8:16 - 8:18ඒත් යමක් හිතට වදිනවා ඇමෙරිකාවේ පදිංචි
වුණාමත් -
8:18 - 8:20ලෝකය වටා සංචාරය කරාමත්.
-
8:20 - 8:23ලෝකයේ සෑම තැනකම විෂයයන්ගේ
සාපෙක්ෂ වැදගත්කම එක සමානයි. -
8:24 - 8:25හැම එකකම. කොහේ ගියත්.
-
8:26 - 8:28ඔබ සිතයි ඒක එහෙම නෙවෙයි කියා, ඒත් ඒක
එහෙම තමයි. -
8:28 - 8:30ඉහළින්ම තිබෙනවා ගණිතය හා භාෂාවන්,
-
8:30 - 8:32ඊළඟට මානව අංශ විෂයයන්,
පහළින්ම කලා විෂයයන්. -
8:32 - 8:33ලෝකයේ සෑම තැනකම.
-
8:33 - 8:37සෑම පද්ධතියකම කලා විෂයයන් අතරත්
සාපේක්ෂ වැදගත්කමක් තිබෙනවා. -
8:38 - 8:40පාසල්වල චිත්‍ර හා සංගීතයට වැඩි වැදගත්කමක්
ලැබෙනවා -
8:40 - 8:42නාට්‍ය හා නර්ථනයට වඩා.
-
8:42 - 8:44ලෝකයේ කොහෙවත් අධ්‍යාපන පද්ධතියක් නැහැ,
-
8:44 - 8:46හැමදාම ළමුන්ට නර්ථනය උගන්වන
-
8:46 - 8:48අපි ඒගොල්ලන්ට ගණිතය උගන්වනවා වගේ. ඒ අැයි?
-
8:49 - 8:51ඇයි බැරි? මේක වඩා වැදගත් ප්‍රශ්නයක්.
-
8:51 - 8:54මම හිතන්නේ ගණිතය ගොඩක් වැදගත්
නර්ථනයත් ඒ වගේමයි. -
8:54 - 8:56ඔවුන්ට ඉඩ දෙනවා නම් ළමුන් හැම තිස්සේම
නටයි. අපි හැමෝම එහෙමයි. -
8:56 - 8:59අපි හැමෝටම සිරුරක් තිබෙනවා නේද?
මට යමක් අමතක වුණාද? -
8:59 - 9:02(සිනහව)
-
9:03 - 9:05ඇත්තටම, ළමුන් වයසින් වැඩෙද්දි
සුදුවන දේ තමයි, -
9:05 - 9:08අපි ඒ අයට ඉණෙන් ඉහළට ක්‍රමානුකූලව
අධ්‍යාපනය ලබා දෙනවා. -
9:08 - 9:09ඊළඟට හිසට අවධානය දෙනවා.
-
9:09 - 9:11ඒකෙත් එක පැත්තකට වැඩිපුර.
-
9:11 - 9:14ඔබ පිටසක්වළ ජීවියෙකු හැටියට අධ්‍යාපනය
දිහා බලලා, -
9:14 - 9:17ඇහුවොත්, "පොදු අධ්‍යාපනය කුමක් සඳහාද?"
කියා, -
9:17 - 9:20මෙකේ ප්‍රතිඵලය අනුව ඔබ නිගමනය කරයි
-
9:20 - 9:21මේකෙදි සාර්ථක වන්නේ
-
9:21 - 9:23කරන්න නියම දේ කරන අය,
-
9:23 - 9:26ඒ අයට තමයි ලකුණු ලැබෙන්නේ,
ඒ අය තමයි ජය ගන්නේ-- -
9:26 - 9:29ඔබට නිගමනය කරන්න වේවි, පොදු අධ්‍යාපනයේ
අරමුණ තමයි, -
9:29 - 9:30ලෝකය පුරා,
-
9:30 - 9:32විශ්ව විද්‍යාල මහාචාර්යවරැ බිහි කරන එක.
-
9:32 - 9:34එහෙම නේද?
-
9:34 - 9:36ඒ අය තමයි ඉහළටම යන්නේ.
-
9:36 - 9:38ඇත්තටම මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා.
-
9:38 - 9:40(සිනහව)
-
9:40 - 9:44මම සරසවි මහාචාර්යවරැන්ට කැමතියි ඒත්
-
9:44 - 9:45අපි ඒ අයට සැලකිය නොයුතුයි,
-
9:45 - 9:48මනුෂ්‍ය ජයග්‍රහණවල ඉහළම දේ ලෙස.
-
9:48 - 9:50ඒ අය එක්තරා ජීවී කොට්ඨාශයක් පමණයි,
-
9:50 - 9:52වෙනස් ජීවි කොට්ඨාශයක්.
-
9:52 - 9:55ඒත ඒ අයගේ තරමක අමුත්තක් තිබෙනවා, මම
මේක කියන්නේ ඒ අයට තිබෙන ආදරයට, -
9:55 - 9:58මගේ අත්දැකීමේ හැටියට මහාචාර්යවරැ ළඟ
යම් අමුත්තක් තිබෙනවා-- -
9:58 - 10:01හැම කෙෙනක්ම නෙවෙයි ඒත් බොහෝ දෙනා
ජීවත් වන්නේ තමන්ගේ ඔළුවේ. -
10:01 - 10:03ඒ අය ඒ කොටසේ ජීවත් වන්නේ ඒකත්
පැත්තකට බර වෙලා. -
10:03 - 10:07එක් පැත්තකින් බැලුවම ඒගොල්ලන්ට
සිරැරක් නැහැ වගේ. -
10:07 - 10:10ඒ අය සිරැර දිහා බලන්නේ හිස එහා
මෙහා ගෙනයන්න තිබෙන වාහනයක් වගේ. -
10:10 - 10:16(සිනහව)
-
10:16 - 10:17එහෙම නෙවෙයිද?
-
10:17 - 10:19ඒක තමන්ගේ හිස රැස්වීම්වලට ගෙනයන්න
තිබෙන විදිය. -
10:19 - 10:22(සිනහව)
-
10:25 - 10:29ඔබට මනෝකාය අත්දැකීම් පිළිබඳ
සාක්ෂි අවශ්‍ය නම්, -
10:29 - 10:32යන්න ජේ්‍යෂ්ඨ විද්වතුන්ගේ නේවාසික
සමුළුවකට, -
10:32 - 10:35එහි අවසන් දා රෑ ඩිස්කෝ නැටුමට යන්න.
-
10:35 - 10:37(සිනහව)
-
10:37 - 10:39එතකොට ඔබ එය දකීවි.
-
10:39 - 10:43වැඩිහටි පිරිමි හා ගැහැණු කෙළවරක් නැතිව
ඇඹරෙනවා, තිත අල්ලගන්න බැරුව. -
10:43 - 10:46(සිනහව)
-
10:46 - 10:49ඒක ඉවරයක් වෙනකල් බලා ඉන්නවා ගෙදර ගිහින්
ඒ ගැන ලිපියක් ලියන්න. -
10:49 - 10:51(සිනහව)
-
10:51 - 10:55අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැඟිලා තිබෙන්නේ
ශාස්ත්‍රීය හැකියාව යන අදහස මතයි. -
10:55 - 10:56ඒකට හේතුවක් තිබෙනවා.
-
10:56 - 11:00ලෝකය වටා පොදු අධ්‍යාපන පද්ධතියක්
තිබුණේ නැහැ, -
11:00 - 11:0219 වැනි ශතවර්ෂයට පෙර.
-
11:02 - 11:05ඒසියල්ල බිහි වුණේ කාර්මිකකරණයේ
අවශ්‍යතාවය පිරිමැසීමටයි. -
11:05 - 11:07ඒ නිසා මේ උස් පහත් භේදයට අදහස් දෙකක්
මූලිකයි. -
11:07 - 11:12පළමුව, රැකියාවට ප්‍රයෝජන විෂයයන් තිබුණේ
ඉහළින්. -
11:12 - 11:14බොහෝවිට ඔබව කරුණාවෙන්
ඉවත් කරන්න ඇති, -
11:14 - 11:17කුඩා කල පාසලේදී, ඔබ කැමති දේවල්වලින්,
-
11:17 - 11:20හේතු වශයෙන් කියලා එයින් රැකියාවක්
නොලැබන බව. ඒක නිවැරදියිද? -
11:20 - 11:23සංගීතය ඉගෙන ගන්න එපා, ඔබ සංගීතඥයෙක්
වෙන්නේ නැහැ; -
11:23 - 11:25චිත්‍ර එපා, ඔබ ශිල්පියෙක් වන්නේ නෑ.
-
11:25 - 11:28කාරුණික අවවාද--ඒත් දැන්, ගැඹුරැ
වැරැද්දක්. -
11:28 - 11:30මුලු ලොවම විප්ලවයක ගිලිලා.
-
11:30 - 11:32දෙවැන්න තමයි ශාස්ත්‍රීය හැකියාව,
-
11:32 - 11:35එය අපි බුද්ධිමත්බව ගැන සිතන ආකාරයට
බලපෑම් කරනවා, -
11:35 - 11:38හේතුව, සරසවි මඟින් පද්ධතිය සැකසුණේ
ඒ ප්‍රතිරූපයට අදාළවයි. -
11:38 - 11:42අපි හිතලා බැලුවොත්, ලෝ වටාම පොදු
අධ්‍යාපනය -
11:42 - 11:44විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සැකසුණු
එකක්. -
11:44 - 11:46ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ හැකියාවන් වැඩි,
-
11:46 - 11:49ඉතා දක්ෂ, නිර්මාණශීලී අය
හිතන්නේ එහෙම නෑ කියලා, -
11:49 - 11:51ඒ මොකද ඒ අය පාසලේදී දක්ෂතාවය
පෙන්වූ දෙය -
11:51 - 11:53එක්කෝ අගය කළේ නැහැ, නැතිනම්
ලැජ්ජාවට පත් කරා. -
11:53 - 11:56අපි මේක තව දුරටත් කරගෙන යන එක
හොඳ දෙයක් නෙවෙයි. -
11:56 - 11:58UNESCO සංවිධානය කියන ආකාරයට,
මීළඟ වසර 30 තුළ, -
11:58 - 12:01ලෝ වටා බොහෝ දෙනෙක් උපාධි ලබනවා
-
12:01 - 12:04අධ්‍යාපනය තුළින් මෙතෙක් ඉතිහාසයේ
ලැබුවාට වඩා වැඩියෙන්. -
12:04 - 12:07ඒකට හේතුව අපි කථා කරපු සියලු දේවල්වල
එකතුව-- -
12:07 - 12:10තාක්ෂණය හා එමඟින් කාර්යයන්හි සිදු කරන
වෙනස, ජනවිකාශනය -
12:10 - 12:12හා ජනගහනයේ විශාල වැඩිවීම.
-
12:12 - 12:15එකවරම උපාධිවලට තිබෙන වටිනාකම
නැති වෙනවා. -
12:15 - 12:16ඒක අැත්ත නෙවෙයිද?
-
12:17 - 12:19මම ඉගෙන ගන්න කාලේ, උපාධියක් තිබුණා
නම්, රැකියාවක් ලැබෙනවා. -
12:20 - 12:22ඔබට රැකියාවක් තිබුණේ නැතිනම් ඒ කියන්නේ
ඔබට ඒක අනවශ්‍ය වුණා. -
12:22 - 12:25මට නම් ඇත්තටම ඕනෑ වුණේ නැහැ. (සිනහව)
-
12:25 - 12:29ඒත් දැන් උපාධි තිබෙන ළමුන්
-
12:29 - 12:32බොහෝ වෙලාවට ගෙදර යනවා වීඩියෝ ගේම්
ගහන්න, -
12:32 - 12:35හේතුව කලින් උපාධියක් ඉල්ලූ රැකියාවල දැන්
ඉල්ලන්නේ පශ්චාත් උපාධි, -
12:35 - 12:37ඒ තැන්වල දැන් ඉල්ලන්නේ ආචාර්ය උපාධි.
-
12:37 - 12:38එය ශාස්ත්‍රීය උද්ධමනයේ ක්‍රියාවලියක්.
-
12:38 - 12:41එයින් හැඟෙන්නේ මුළු අධ්‍යපන සැලැස්මම
-
12:41 - 12:43අපේ කකුල් යට දෙදරනවා කියන එක.
-
12:43 - 12:45අපි බුද්ධිමත්බව ගැන බලන විදියට විප්ලවීය
වෙනසක් අවශ්‍යයි. -
12:46 - 12:47අපි බුද්ධිමත්භාවය ගැන දේවල් තුනක් දන්නවා.
-
12:48 - 12:49එක, ඊට විවිධත්වයක් තිබීම.
-
12:49 - 12:52අපි ලෝකය අත්විඳින සෑම ආකාරයකටම අපි
ලෝකය ගැන හිතනවා. -
12:52 - 12:55දෘෂ්ටිය මුල්කර හිතනවා, ඇසීම මුල්කර
හිතනවා, දැනීම මුල්කර හිතනවා. -
12:55 - 12:57අමූර්ත දේ මුල් කර හිතනවා, චලනය
මුල් කර හිතනවා. -
12:57 - 12:59දෙවනුව, බුද්ධිමත්බව වෙනස් වන දෙයක්.
-
13:00 - 13:02අපි මිනිස් මොළයේ අන්තර්ක්‍රියා බැලූ විට,
-
13:02 - 13:05ඊෙය් දවසේ ඉදිරිපත් කිරීම් කිහිපයකින්
අහන්න ලැබුණා වගේ, -
13:05 - 13:07බුද්ධිමත්බව අපූරැ අන්තර්ක්‍රියා සහිතයි.
-
13:07 - 13:09මොළය පෙට්ටි වලට බෙදිලා නැහැ.
-
13:10 - 13:13ඇත්තටම නිර්මාණශීලිත්වය--
මම අර්ථ දක්වන්නේ ඒක ක්‍රියාවලියක් -
13:13 - 13:15වටිනාකමක් තිබෙන නැවුම් අදහස්
ඇති කරගන්නා-- -
13:15 - 13:18එය බොහෝ විට සිදු වන්නේ අන්තර්ක්‍රියා නිසා
-
13:18 - 13:21දේවල් දිහා විවිධාකාර ලෙස බැලීමෙන්
ඇතිවන. -
13:22 - 13:26දන්නවාද, මොළයේ කොටස් දෙක යා කරන
ස්නායු කඳක් තිබෙනවා -
13:26 - 13:27ඒකට කියන්නේ කෝපස් කැලෝසම්.
-
13:28 - 13:29ඒක ස්ත්රීන්ගේ වඩා ඝනයි.
-
13:29 - 13:31ඊයේ හෙලන්ගේ කථාව මතක් කළොත්,
-
13:31 - 13:34ඒක වෙන්න ඇති ස්ත්රීන්ට වඩා හොඳින්
එක වර බොහෝ දේ කළ හැක්කේ. -
13:34 - 13:36ඕගොල්ලෝ එහෙම කරනවා, නැද්ද?
-
13:36 - 13:39මේ ගැන ගොඩක් පර්යේෂණ තිබුණත්
මම ඒක දන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙන්. -
13:40 - 13:45මගේ බිරිඳ ගෙදර උයනවා නම්--
වාසනාවකට නිතර එහෙම කරන්නේ නැහැ. -
13:45 - 13:48(සිනහව)
-
13:48 - 13:50එයා ඇතැම් දේවල් වලට දක්ෂයි,
ඒත් එයා උයනවා නම්, -
13:50 - 13:52ඒ අතරම දුරකථනයෙන් කථා කරනවා,
-
13:52 - 13:55දරැවන්ට කථා කරනවා, සිවිලිමේ තීන්ත ගානවා,
-
13:55 - 13:58විවෘත හෘද සැත්කමක් කරනවා.
-
13:58 - 14:01මම උයනවා නම්, දොර වහලා; දරුවෝ එළියට
දමලා, -
14:01 - 14:04දුරකථනය පැත්තකින් තියලා, බිරිඳ ආවොත් මට
තරහා යනවා. -
14:04 - 14:07මම කියනවා, "ෙටරි, කරුණාකරලා අහන්න, මම
මෙතන බිත්තරයක් බදිනවා." -
14:07 - 14:14(සිනහව)
-
14:14 - 14:15"මට ඉන්න දෙන්න."
-
14:15 - 14:17(සිනහව)
-
14:17 - 14:20ඔබ අර පරණ දාර්ශනික කථාව දන්නවාද,
-
14:20 - 14:23ඒ කිව්වේ, කැළයක ගසක් වැටිලා ඒක කාටත්
ඇසුණේ නැතිනම්, ඒක වුණාද කියන එක? -
14:23 - 14:25ඒක මතකද?
-
14:25 - 14:27මම අපූරැ ටී-ෂර්ට් එකක් ළඟදී දැක්කා
මෙෙහම ගහපු, -
14:27 - 14:31"මිනිසෙක් කැළයකදී තමන්ෙග් හිතේ තිබෙන දේ
කියද්දි කිසිම කාන්තාවකට එය නොඇසුණි නම්, -
14:31 - 14:32ඔහු කියපු දේ ඒත් වැරදියිද?"
-
14:32 - 14:38(සිනහව)
-
14:40 - 14:42බුද්ධිමත්බව ගැන තෙවැන්න තමයි,
-
14:42 - 14:43එය වෙන් ව හඳුනා ගත හැකියි.
-
14:44 - 14:46මම අලුත් පොතක් ලියනවා මේ දවස්වල,
නමින් "එපිෆනි", -
14:46 - 14:49ඒකට පදනම කිහප දෙනෙකු සමඟ කළ
සම්මුඛ සාකච්ඡා -
14:49 - 14:51ඔවුන් තමන්ගේ දක්ෂතා හඳුතා ගත් ආකාරය.
-
14:51 - 14:53ඒ අය එතැනට පැමිණි ආකාරය මට
සිත්ගන්නාසුලුයි. -
14:53 - 14:56ඒක පටන් ගත්තේ අපූරැ කාන්තාවක් සමඟ ඇතිවූ
කථා බහකින් -
14:56 - 14:59බොහෝ දෙනා අහලා නැති කෙනෙක්,
ජිලියන් ලින්. -
14:59 - 15:01අහලා තිබෙනවාද ඇය ගැන? සමහර අය.
-
15:01 - 15:03ඈ නැටුම් රචනා කරන්නියක්,
හැමෝම ඒ නිර්මාණ හඳුනනවා. -
15:03 - 15:05ඒ "කැට්ස්" හා "ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා."
-
15:05 - 15:06ඈ අපූරැයි.
-
15:06 - 15:08මම "ද රෝයල් බැලේ" හි මණ්ඩලයේ සිටි
බව -
15:08 - 15:09ඕගොල්ලන්ට පේනවා ඇති.
-
15:10 - 15:12ජිලියන් සහ මම දිනක් දවල් කෑමට ගියා.
මම කිව්වා, -
15:12 - 15:14"ඔයා කොහොමද නැටුමට යොමු වුණේ?"
-
15:14 - 15:15ඒක සිත්ගන්නාසුලුයි.
-
15:15 - 15:17ඇය පාසලේදී ගොඩක් අසාර්ථක වෙලා.
-
15:17 - 15:211930 ගණන් වලදී මේ පාසල ඇගේ දෙමව්පියන්ට
ලියලා තිබෙනවා, -
15:21 - 15:23"අපි හිතන්නේ ජිලියන්ට ඉගෙනීමේ ආබාධයක්."
-
15:23 - 15:25ඇයට අවධානයෙන් සිටීමට නොහැකි වුණා,
දඟලනවා. -
15:25 - 15:28දැන් නම් කියයි ඇයට ADHD තිබෙනවා කියලා.
එහෙම නේද? -
15:29 - 15:33ඒත මේ 1930 ගණන්, එතකොට ADHD
නිපදවලා තිබුණේ නැහැ. -
15:33 - 15:35ඒක යොදා ගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි
එතකොට. -
15:35 - 15:38(සිනහව)
-
15:38 - 15:40ඒ අය දන්නේ නෑ ඒ ලෙඩේ හැදෙන්න
පුළුවන් කියා. -
15:40 - 15:42(සිනහව)
-
15:43 - 15:46ඈ ගියා විශේෂඥයෙක් හමුවන්න.
-
15:46 - 15:50ඔක් ලී පනෙල සහිත කාමරයක ඈ සිටියා
ඇගේ මව සමඟ, -
15:50 - 15:53කෙළවරේ පුටුවක ඇයව වාඩි කරා,
-
15:53 - 15:56විනාඩි 20 ක් ඈ ඇගේ අත්ල උඩ වාඩිවී සිටියා,
ඇගේ මව මේ කෙනා සමඟ කථා කරන තෙක්, -
15:56 - 15:59ජිලියන්ට පාසලේ තිබෙන ප්‍රශ්න ගැන.
-
15:59 - 16:02ඇය අනිත් අයට බාධා කරනවා; ගෙදර වැඩ
හැම තිස්සෙම පරක්කුයි වගේ දේවල්, -
16:02 - 16:03වයස අටක දැරියක්.
-
16:03 - 16:06ඊට පස්සේ දොස්තර ජිලියන් ළඟ වාඩි
වෙලා කිව්වා, -
16:06 - 16:09"මම අහගෙන හිටියා ඔයාගේ අම්මා මට
කියපු දේවල්, -
16:09 - 16:11මට දැන් තනිවම ඇයට කථා කරන්න ඕනෑ.
-
16:11 - 16:13මෙතන ඉන්න. අපි අාපසු එනවා; වැඩි වෙලා
යන්නේ නැහැ." -
16:13 - 16:16එයාව ඉන්දලා ඒ දෙන්නා පිට වුණා.
-
16:16 - 16:17ඒත් කාමරයෙන් පිටවෙද්දි,
-
16:17 - 16:20ඔහු ඔහුගේ මේසය මත තිබූ ගුවන් විදුලිය
ක්‍රියාත්මක කරා. -
16:20 - 16:24එළියට ගියාම ඔහු ඇගේ අම්මාට කිව්වා,
"ඔහොම හිටගෙන ඇය දිහා බලන්න." කියලා. -
16:24 - 16:27ඒ දෙන්නා කාමරයෙන් පිට වුණු විගසම,
-
16:27 - 16:29ඇය නැඟිටලා සංගීතයට නටන්න ගත්තා.
-
16:30 - 16:33දෙන්නා විනාඩි කිහිපයක් ඈ දිහා බලාගෙන
සිටියා. ඔහු ඇගේ මවට කිව්වා, -
16:33 - 16:37"ලින් මහත්මිය, ජිලියන්ට අසනීපයක් නැහැ.
ඇය නැටුම් ශිල්පිනියක්. -
16:37 - 16:39ඇයව නැටුම් පාසලකට යවන්න."
-
16:39 - 16:41මම ඇහුවා, "ඉතින් මොකද වුණේ?"
-
16:41 - 16:44ඇය කිව්වා, "ඈ ඒක කරා. ඒක කෙතරම් අපූරැ
දෙයක් වුණාද. -
16:44 - 16:47අපි එහි කාමරයක් ඇතුළට ගියා, එතැන
ඔක්කොම හිටියේ මම වගේ අය. -
16:47 - 16:49එක තැනක ඉන්න බැරි අය.
-
16:49 - 16:54හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය."
හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය -
16:54 - 16:57ඒ අය බැලේ ඉගෙන ගත්තා, ටැප්, ජෑස් ඉගෙන
ගත්තා, නූතන හා සමකාලීන නැටුම් කරා. -
16:57 - 17:00පසුව ඇය "රෝයල් බැලේ ස්කූල්" එකට
ඉදිරිපත් වුණා; -
17:00 - 17:04ඇය හුදකලා ශිල්පිනියක් වුණා; Royal Ballet
School හි විශිෂ්ටව වැඩ කරා. -
17:04 - 17:06පසුව එයින් උපාධිය ලැබූ පසු
-
17:06 - 17:08"ජිලියන් ලින් නර්ථන සමාගම" ඇරඹුවා,
-
17:08 - 17:10අැන්ඩෘ ලොයිඩ් වෙබර් හමු වුණා.
-
17:10 - 17:11අැය වගකීම දැරුවා
-
17:11 - 17:14ඉතිහාසයේ තිබූ සාර්ථකම සංගීතමය නාට්‍ය
සමහරකට, -
17:14 - 17:17ඇය මිලියන සංඛ්‍යාවකට සතුට බෙදලා තිබෙනවා,
ඒ වගේම ඇය කෝටිපතයෙක්. -
17:17 - 17:21වෙන කෙනෙක් වුණා නම් ඇයට බෙහෙත් දීලා කියනවා
සංසුන් වන්න කියලා. -
17:21 - 17:28(අත්පොළසන්)
-
17:29 - 17:30ඒ සිද්ධියෙන් තෙරුම් යන දේ තමයි:
-
17:30 - 17:32ඇල් ගෝර් කථා කරා කලින් දා රෑ
-
17:32 - 17:36පරිසර විද්‍යාව හා රේෂල් කාසන් විසින් ඇති
කරපු විප්ලවය ගැන. -
17:37 - 17:39මම හිතන්නේ අපේ අනාගතයට තිබෙන එකම
බලාපොරොත්තුව -
17:39 - 17:43මිනිස් පරිසරය ගැන අලුත් සංකල්පයක්
භාවිතයට ගැනීම, -
17:43 - 17:46එහි අරඹා ප්‍රතිනිර්මාණය කිරීම
-
17:46 - 17:48මිනිස් හැකියාවේ සරැබව.
-
17:48 - 17:51අපේ අධ්‍යාපන පද්ධතිය අපේ සිත් සූරා කා
තිබෙනවා, -
17:52 - 17:55අපි සම්පත් සඳහා පොළොව සූරා කන
ආකාරයටම. -
17:55 - 17:58අනාගතයේදී ඒක හරි යන්නේ නැහැ.
-
17:58 - 18:00අපි නැවත සකස් කළ යුතුයි මූලධර්ම
-
18:00 - 18:02අපේ ළමුන්ගේ ඉගෙනීමට පදනම් වන.
-
18:02 - 18:05ජෝනස් සෝල්ක් වරක් කියූ වටිනා කියමනක්
තිබෙනවා, -
18:05 - 18:10"පෘථිවියෙන් සියලුම කෘමීන් අතුරැදහන්
වුවොත්, -
18:10 - 18:13තව අවුරැදු 50 දී පෘථිවිය ජීවීන්ගෙන් තොර
වේවි. -
18:14 - 18:17මනුෂ්‍යයින් පෘථිවියෙන් අතුරැදහන් වූවොත්,
-
18:17 - 18:19අවුරැදු 50 දී සියලුම ජීවීන් වැජඹේවි."
-
18:20 - 18:22ඔහු නිවැරදියි.
-
18:22 - 18:26TED සමරන්නේ මිනිස් පරිකල්පනය නම් තිළිණයයි.
-
18:26 - 18:28අපි ප්‍රවේශම් විය යුතුයි,
-
18:29 - 18:31මේ තිළිණය බුද්ධිමත්ව භාවිතා කිරීමට
-
18:31 - 18:34එමඟින් අපි කථා කළ ඇතැම් සිද්ධි
මග හරවා ගැනීමට. -
18:34 - 18:38ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි අපේ
නිර්මාණශීලී හැකියාවක් දකින එක -
18:38 - 18:40ඒවායේ නියම වටිනාකමින්
-
18:40 - 18:43ඒ වගේම අපේ ළමුන් අපේ බලාපොරොත්තුව
ලෙස දකින එක. -
18:43 - 18:45අපේ කාර්යය ඔවුුන්ගේ සෑම අංශයකටම
අධ්‍යාපනය දීමයි, -
18:45 - 18:47ඒ අයට මේ අනාගතයට මුහුණ දීමට.
-
18:47 - 18:49අපි මේ අනාගතය දකින්න නොසිටින්න
පුළුවන්, -
18:49 - 18:50ඒත් ඒ අය එය දකීවි.
-
18:50 - 18:54අපේ කාර්යය තමයි ඉන් යමක් කිරීමට ඔවුන්ට
උපකාරී වීම. -
18:54 - 18:55(බොහොම ස්තූතියි)
-
18:55 - 18:58(අත්පොළසන්)
- Title:
- පාසල් ක්‍රමය විසින් නිර්මාණශීලිත්වය විනාශ කෙරේද?
- Speaker:
- ශ්‍රීමත් කෙන් ෙරාබින්සන්
- Description:
-
නිර්මාණශීලිත්වය පහත හෙළන්නාවූ අධ්‍යාපන පද්ධතියක් වෙනුවට එය පෝෂණය කරන්නාවූ අධ්‍යාපන පද්ධතියක් සකස් කිරීම උදෙසා, ශ්‍රීමත් කෙන් රොබින්සන් විනෝදජනක මෙන්ම ගැඹුරැ තර්කයක් ගොඩනඟයි.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 19:00
Dulini Mudunkotuwa approved Sinhala subtitles for Do schools kill creativity? | ||
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for Do schools kill creativity? | ||
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity? | ||
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity? | ||
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity? | ||
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity? | ||
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity? | ||
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity? |