1 00:00:00,000 --> 00:00:04,678 සුබ උදෑසනක්. ඔබට කොහොමද? 2 00:00:04,702 --> 00:00:05,912 (සිනහව) 3 00:00:05,936 --> 00:00:08,249 හැම දෙයක්ම ඉතා හොඳින් සිදු වුණා, එහෙම නේද? 4 00:00:08,273 --> 00:00:10,729 මම නම් මේක නිසා මුසපත් වෙලා ඉන්නේ. 5 00:00:10,753 --> 00:00:12,245 ඒ නිසා මම මෙතැනින් යනවා. 6 00:00:12,269 --> 00:00:17,836 (සිනහව) 7 00:00:18,015 --> 00:00:21,222 මේ සමුුළුවේ තේමාවල් තුනක් දකින්නට තිබුණා 8 00:00:21,246 --> 00:00:23,753 මගේ කථාවට අදාළ වන. 9 00:00:23,777 --> 00:00:28,467 පළමුවැන්න තමයි තිබුණු සාක්ෂි මනුෂ්‍යයින්ගේ අරැම පුදුම නිර්මාණශීලිත්වයට 10 00:00:28,491 --> 00:00:30,904 අපි දැකපු සියලුම ඉදිරිපත් කරීම් වලත් 11 00:00:30,928 --> 00:00:32,729 මෙහි සිටින සියලුම දෙනා තුලත්. 12 00:00:32,753 --> 00:00:35,404 එහි විවිධත්වය මෙන්ම පරාසයත්. 13 00:00:36,158 --> 00:00:38,301 දෙවැන්න තමයි ඒක අපිව ගෙනත් තිෙබනවා තැනකට 14 00:00:38,325 --> 00:00:40,822 අපිට කිසිම අදහසක් නැහැ කුමක් වේවිද කියා 15 00:00:40,846 --> 00:00:42,237 අනාගතය අතින් බැලූ විට. 16 00:00:42,261 --> 00:00:44,976 ඒක කොයි අතට හැරෙයිද කියලා කයන්න බැහැ. 17 00:00:45,000 --> 00:00:46,892 මට අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා. 18 00:00:46,916 --> 00:00:50,712 අපි හැමදෙනාටම අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා. 19 00:00:51,072 --> 00:00:52,210 එහෙම නැද්ද? 20 00:00:52,234 --> 00:00:53,715 මේක මට හරිම සිත්ගන්නාසුලුයි. 21 00:00:53,739 --> 00:00:55,496 ඔබ රාත්‍රි භෝජන සංග්‍රහයක සිටිනා විට 22 00:00:55,596 --> 00:00:57,858 ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරන බව පැවසුවහොත්-- 23 00:00:57,882 --> 00:01:00,846 ඇත්තටම, ඔබ රාත්‍රි භෝජන සංග්‍රහ වලට වැඩිපුර යන්නේ නැහැ. 24 00:01:00,870 --> 00:01:04,666 (සිනහව) 25 00:01:04,690 --> 00:01:07,118 ඔබ අධ්‍යාපනයට රැකියාව කරනවා නම් ආරධනා ලැබෙන්නේ නැහැ. 26 00:01:07,142 --> 00:01:10,233 (සිනහව) 27 00:01:10,257 --> 00:01:13,976 ඔබට නැවත ආරාධනා ලැබෙන්නෙත් නැහැ. ඒක මට හිතෙන්නේ අමුතු දෙයක්. 28 00:01:14,000 --> 00:01:16,475 ඒත එහෙම ගියොත්, ඔබ කාට හරි කිව්වොත්, 29 00:01:16,499 --> 00:01:18,276 ඒ අය අහනවා, "ඔබ මොකද කරන්නේ?" කියලා. 30 00:01:18,300 --> 00:01:19,976 ඔබ කියනවා අධ්‍යාපන රැකියාවක් කියලා, 31 00:01:20,000 --> 00:01:22,076 ඒ අයගේ මුහුණු සුදුමැලි වෙනවා ඔබට පෙනේවි. 32 00:01:22,100 --> 00:01:24,380 ඒ අයට හිතෙයි, "දෙයියෝ සාක්කි, ඇයි මට මේක වුණේ?" 33 00:01:24,404 --> 00:01:26,041 (සිනහව) 34 00:01:26,065 --> 00:01:27,688 "මුලු සතියටම රැයක් එළියට ගියාමයි." 35 00:01:27,712 --> 00:01:30,322 (සිනහව) 36 00:01:30,346 --> 00:01:33,587 ඒත් ඔබ ඒ අයගේ අධ්‍යාපනය ගැන විමසුවොත් ගැලවිල්ලක් නැති වෙනවා. 37 00:01:33,611 --> 00:01:37,078 ඒ මොකද ඒක මිනිසුන්ට ගැඹුරට වදින දෙයක් නිසා, මම හරි නේද? 38 00:01:37,194 --> 00:01:40,535 අාගම, සල්ලි හා එවැනි අනෙකුත් දේ වගේ. 39 00:01:40,559 --> 00:01:44,911 මට අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක් තිබෙනවා, මම හිතන්නේ හැමෝටම එහෙමයි. 40 00:01:44,935 --> 00:01:46,827 අපිට ඒ ගැන තදබල උනන්දුවක් තිබෙනවා, 41 00:01:46,851 --> 00:01:50,171 හේතුව අධ්‍යාපනය උදව් වෙනවා අපට ගෙනයන්න මේ අනාගතයට 42 00:01:50,195 --> 00:01:51,714 අපිට තෙරුම් ගන්න අමාරු වන. 43 00:01:51,873 --> 00:01:55,372 අපි හිතලා බැලුවොත්, මේ වසරේ පාසල් අරඹන දරුවන්, 44 00:01:55,396 --> 00:01:58,920 විශ්‍රාම යනවා 2065. 45 00:02:00,209 --> 00:02:01,843 කිසිකෙනෙකුට අදහසක් නැහැ, 46 00:02:01,867 --> 00:02:05,311 පසුගිය දින හතර තුල දැකපු ප්‍රවීණත්වයන් කෙසේ වුණත්, 47 00:02:05,450 --> 00:02:07,318 තව වසර පහකින් ලෝකය කෙලෙස වෙව්ද කියා. 48 00:02:07,318 --> 00:02:10,318 ඒත් අපි ළමුන්ට ඒ සඳහා අධ්‍යාපනය දිය යුතුව තිබෙනවා. 49 00:02:10,318 --> 00:02:12,868 ඒ නිසා එහි අවිනිශ්චිතභාවය මම හිතන්ෙන් අරැම පුදුමයි. 50 00:02:12,892 --> 00:02:14,259 තෙවැනි කොටස තමයි 51 00:02:14,283 --> 00:02:16,320 අපි ඒ කොහොම වුණත් ඔක්කොම එකඟ වුණා, 52 00:02:16,344 --> 00:02:21,649 ළමුන්ට ඇති අරැම පුදුම හැකියාව-- 53 00:02:21,673 --> 00:02:24,007 නවෝත්පාදනය සඳහා ඇති හැකියාව. 54 00:02:24,031 --> 00:02:26,542 නිදසුනක් ලෙස, ඊයේ රාත්‍රියේ සරීනා අතිවිශිෂ්ටයි නේද? 55 00:02:26,566 --> 00:02:28,176 එයාට කරන්න පුළුවන් දේ බැලුවම. 56 00:02:28,200 --> 00:02:32,976 ඈ සුවිශේෂි කෙනෙක්, ඒත් මම හිතන්නේ ඇය වන්නේ නැහැ 57 00:02:33,000 --> 00:02:36,956 සුවිශේෂි කෙනෙක් සියලුම ළමුන් සලකන විට. 58 00:02:36,980 --> 00:02:39,776 අැය අරැම පුදුම කැපකිරීමක් ඇති කෙනෙක් 59 00:02:39,800 --> 00:02:41,067 යම් දක්ෂතාවයක් හඳුනා ගත්. 60 00:02:41,091 --> 00:02:43,700 මගේ තර්කය ළමයි සියලු දෙනාටම දැවැන්ත දක්ෂතා ඇති බවයි. 61 00:02:43,800 --> 00:02:45,776 අපි ඒවා ක්‍රෑර ලෙස අපතේ යවනවා. 62 00:02:45,800 --> 00:02:47,976 ඉතින් මට අවශ්‍ය අධ්‍යාපනය ගැන කථා කිරීමටත් 63 00:02:48,000 --> 00:02:49,872 නිර්මාණශීලිත්වය ගැන කථා කිරීමටත්. 64 00:02:49,896 --> 00:02:55,915 මගේ තර්කය නිර්මාණශීලිත්වය වත්මන් අධ්‍යාපනය තුල ලිවීමේ කියවීමේ හැකියාව මෙන්ම වැදගත්, 65 00:02:55,939 --> 00:02:58,803 ඒ නිසා අපි එයට එක සමාන වැදගත් කමක් දිය යුතුයි. 66 00:02:58,827 --> 00:03:00,798 (අත්පොළසන්) ස්තූතියි. 67 00:03:00,822 --> 00:03:05,167 (අත්පොළසන්) 68 00:03:05,485 --> 00:03:06,744 ඉතින් එච්චර තමයි. 69 00:03:06,768 --> 00:03:07,771 බොහොම ස්තූතියි. 70 00:03:07,795 --> 00:03:09,910 (සිනහව) 71 00:03:09,934 --> 00:03:11,611 තව විනාඩි 15 ක් තිබෙනවා. 72 00:03:11,635 --> 00:03:14,571 (සිනහව) 73 00:03:14,595 --> 00:03:16,487 ඉතින් මම ඉපදුණේ....නැහැ. 74 00:03:16,511 --> 00:03:19,543 (සිනහව) 75 00:03:19,567 --> 00:03:22,312 මට ළඟදී ලස්සන කථාවක් අහන්න ලැබුණා --මම ඒක කියන්න ආසයි-- 76 00:03:22,336 --> 00:03:25,051 චිත්‍ර පාඩමක සිටි කුඩා දැරියකගේ කථාවක් ඒක. 77 00:03:25,075 --> 00:03:27,210 ඇයට වයස හයයි, පිටිපස්සේ ඉඳගෙන චිත්‍ර අඳිනවා. 78 00:03:27,234 --> 00:03:30,034 ගුරැවරිය පැවසුවා මේ දැරිය සාමාන්‍යයෙන් අවධානය නොදෙන බව, 79 00:03:30,058 --> 00:03:31,844 ඒත් මේ පාඩමේදී හිටියේ අවධානයෙන්. 80 00:03:31,868 --> 00:03:33,208 ගුරැවරියගේ සිත මීට ඇදී ගියා. 81 00:03:33,232 --> 00:03:35,994 ඇය දැරිය ළඟට ගිහින් ඇසුවා, "මොකක්ද ඔයා අඳින්නේ? 82 00:03:36,018 --> 00:03:38,509 දැරිය කිව්වා, "මම දෙවියන්වහන්ෙස්ව අඳිනවා" කියලා. 83 00:03:39,642 --> 00:03:42,960 ගුරැතුමිය කිව්වා, "ඒත් දෙවියන්වහන්සේගේ හැඩරැව කවුරුත් දන්නේ නැහැනේ." 84 00:03:42,984 --> 00:03:45,072 දැරිය කිව්වා, "තව ටිකකින් හැමෝම දැනගනීවි." 85 00:03:45,096 --> 00:03:51,878 (සිනහව) 86 00:03:56,662 --> 00:03:58,929 මගේ පුතාට එංගලන්තයේදී වයස හතර වුණාම-- 87 00:03:59,413 --> 00:04:01,604 ඇත්තටම, එයාට එතකොට හැමතැනකම වයස හතරයි. 88 00:04:01,628 --> 00:04:03,295 (සිනහව) 89 00:04:03,404 --> 00:04:06,791 අපි ඒ ගැන හරියට බැලුවොත්, ඒ වසරේ එයා කොහෙ ගියත්, එයාගේ වයස හතරයි. 90 00:04:06,815 --> 00:04:09,453 එයා රඟපෑවා ජේසුතුමාගේ උපත් කථා නාට්‍යයක. ඒ කථාව මතකද? 91 00:04:09,477 --> 00:04:10,696 (සිනහව) 92 00:04:10,720 --> 00:04:12,547 නැහැ, ඒක ලොකුයි, ලොකු කථාවක්. 93 00:04:12,571 --> 00:04:14,876 මෙල් ගිබ්සන් ඒකට පසු රඟපෑමක් කරා. ඒක දකින්න ඇති. 94 00:04:14,900 --> 00:04:16,161 (සිනහව) 95 00:04:16,185 --> 00:04:17,495 "උත්පත්ති කථා II" 96 00:04:17,519 --> 00:04:21,654 ඒත් ජේම්ස්ට ලැබුණේ ජෝසෆ්ගේ චරිතය. ඒක අපිට විශාල සතුටක් වුණා. 97 00:04:21,678 --> 00:04:24,215 අපි ඒක ප්‍රධාන චරිතයක් ලෙස සැලකුවේ. 98 00:04:24,239 --> 00:04:26,716 අපි එතැන පිෙරව්වා කට්ටිය මෙහෙම ලියූ ටී-ෂර්ට් අැඳපු: 99 00:04:26,740 --> 00:04:28,976 "ජේම්ස් රොබින්සන් තමයි ජෝසෆ්!" (සිනහව) 100 00:04:29,000 --> 00:04:30,607 එයාට කථා කරන්න අවශ්‍ය වුණේ නැහැ. 101 00:04:30,631 --> 00:04:33,069 ඒත් ඕගොල්ලෝ දන්නවානේ රජවරැ තිදෙනා පැමිෙණන කොටස? 102 00:04:33,093 --> 00:04:35,824 ඒ අය තෑගි ගේනවා, රන්, කට්ටකුමංචල් හා කලුවැල් ලෙස. 103 00:04:35,848 --> 00:04:36,962 මේක ඇත්තටම සිදුවුණා. 104 00:04:36,986 --> 00:04:40,076 අපි බලන් සිටියදී ඒගොල්ලෝ පිළිවෙල වෙනස් කරා, 105 00:04:40,100 --> 00:04:42,876 ඒ මොකද, අපි පසුව කුඩා දරැවාගෙන් ඇහුවම, 106 00:04:42,900 --> 00:04:45,776 "ඒක හරිද?" කියලා, එයා කිව්වා, "ඔව්, ඇයි? ඒක වැරදිද?" කියලා. 107 00:04:45,800 --> 00:04:46,876 ඒගොල්ලෝ ඒක මාරැකරා. 108 00:04:46,900 --> 00:04:48,076 ළමුන් තිදෙනා පැමිණියා, 109 00:04:48,100 --> 00:04:50,287 සිවු හැවිරිදි අය, හිසේ අත්පිස්නා ගැට ගහගෙන, 110 00:04:50,311 --> 00:04:51,802 ඒ අය මේ පෙට්ටි බිමින් තිබ්බා, 111 00:04:51,826 --> 00:04:53,875 පළමුවැන්නා කිව්වා, "මම ඔබට රත්රන් ගෙනාවා." 112 00:04:53,899 --> 00:04:56,037 දෙවැන්නා කිව්වා, "මම ඔබට කලුවැල් ගෙනාවා." 113 00:04:56,061 --> 00:04:58,065 තෙවැන්නා කිව්වා, "ෆ්රෑන්ක් මේක එව්වා." 114 00:04:58,089 --> 00:05:00,989 (සිනහව) (frankincense = කට්ටකුමංචල්) 115 00:05:10,711 --> 00:05:13,801 මේ සෑම දේටම පොදු දේ තමයි, ළමුන් අවදානමක් ගන්නවා කියන එක. 116 00:05:13,825 --> 00:05:16,433 දන්නේ නැතිවුණත්, උත්සාහ කරනවා. 117 00:05:16,457 --> 00:05:19,994 මම හරි නේද? ඒගොල්ලෝ වරදිනවාට බය නැහැ. 118 00:05:20,893 --> 00:05:24,400 මම කියන්නේ නැහැ වරද්දන එක නිර්මාණශීලිත්වයට සමානයි කියා. 119 00:05:24,886 --> 00:05:27,976 අපි දන්න දේ තමයි, ඔබ වරද්දන්න ලැස්ති නැතිනම්, 120 00:05:28,000 --> 00:05:30,367 ඔබ කවදාවත් අලුත් දෙයක් කරන්නේ නැහැ-- 121 00:05:30,391 --> 00:05:32,476 ඔබ වරද්දන්න ලෑස්ති නැතිනම්. 122 00:05:32,877 --> 00:05:37,010 බොහෝ ළමුන් වැඩිහිටියන් වෙද්දි, ඒ හැකියාව නැතිවෙලා. 123 00:05:37,406 --> 00:05:39,926 ඒ අය ඉන්නේ වරදිනවාට බය වෙලා. 124 00:05:39,950 --> 00:05:41,640 අපි අපේ ආයතන දුවන්නෙත් මේ වගේ. 125 00:05:41,664 --> 00:05:43,316 අපි වරදින එක ලැජ්ජාවක් කරනවා. 126 00:05:43,340 --> 00:05:45,642 ඒ වගේම අපි දැන් ජාතික අධ්‍යාපන පද්ධති 127 00:05:45,666 --> 00:05:48,012 දුවනවා, වරද්දන එක තමයි ඒකේ හැටියට නරකම දේ. 128 00:05:48,700 --> 00:05:51,908 එහි ප්‍රතිඵලය තමයි අපි මිනිසුන්ව අධ්‍යාපනය භාවිතයෙන් 129 00:05:51,932 --> 00:05:54,223 ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන් නැති කරනවා. 130 00:05:54,247 --> 00:05:58,725 පිකාසෝ වරක් කිව්වා, සියලුම ළමයි උපදින්නේ චිත්‍ර ශිල්පීන් ලෙස කියලා. 131 00:05:58,749 --> 00:06:01,971 ප්‍රශ්නය තමයි වයසින් වැඩෙද්දී චිත්‍ර ශිල්පියෙක් ලෙස සිටීම අපහසු වීම. 132 00:06:01,995 --> 00:06:05,076 මම දැඩිව විශ්වාස කරන්නේ අපි නිර්මාණශීලිත්වයට නැඹුරැ වන්නේ නැහැ, 133 00:06:05,100 --> 00:06:06,956 අපි ඉන් ඉවතට නැඹුරැ වෙනවා කියලයි. 134 00:06:06,980 --> 00:06:08,863 අධ්‍යාපනය නිසා අපි ඉන් ඉවත් වෙනවා. 135 00:06:09,247 --> 00:06:10,720 ඇයි මේක මෙහෙම වෙන්නේ? 136 00:06:10,826 --> 00:06:14,907 මම මීට වසර 5 ට එහා වෙන කල් ජීවත් වුණේ ස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඒවන්හිදී. 137 00:06:14,931 --> 00:06:17,184 අපි එහි සිටයි ලොස් ඇන්ජලීස් පදිංචියට ආවේ. 138 00:06:17,872 --> 00:06:20,536 ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක කෙතරම් පහසු වෙනසක්ද කියලා. 139 00:06:20,560 --> 00:06:21,976 (සිනහව) 140 00:06:22,000 --> 00:06:24,376 අපි ජීවත් වුණේ ස්නිටර්ෆීල්ඩ් කියලා තැනක, 141 00:06:24,400 --> 00:06:25,651 ස්ට්‍රැට්ෆර්ඩ්වලට පිටින්. 142 00:06:25,675 --> 00:06:27,836 එතැන තමයි ෂේක්ස්පියර්ගේ තාත්තා ඉපදුණේ. 143 00:06:28,082 --> 00:06:30,457 ඔබට අදහසක් පහළ වුණාද? මට එහෙම වුණා. 144 00:06:30,481 --> 00:06:33,076 ෂේක්ස්පියර්ට පියෙක් හිටියා කියලා හිතෙන්නේ නෑ නේද? 145 00:06:33,100 --> 00:06:36,976 ඒ මොකද, ෂේක්ස්පියර්ව ළමයෙක් විදියට අපි හිතන්නෙන් නැති නිසා, එහෙම නේද? 146 00:06:37,000 --> 00:06:38,567 වයස අවුරැදු හතක ෂේක්ස්පියර්? 147 00:06:38,591 --> 00:06:39,840 මට ඒක එහෙම හිතුණේ නැහැ. 148 00:06:39,864 --> 00:06:41,548 යම් අවධියක එයා වයස හත පහු කළා. 149 00:06:41,572 --> 00:06:43,882 එයා කාගේ හරි ඉංග්‍රීසි පංතියක ඉන්න ඇති නේද? 150 00:06:43,906 --> 00:06:50,693 (සිනහව) 151 00:06:50,717 --> 00:06:52,046 ඒක කෙතරම් කරදරයක් වේවිද? 152 00:06:52,070 --> 00:06:55,070 (සිනහව) 153 00:06:59,729 --> 00:07:01,124 "තව උත්සාහ කරන්න." 154 00:07:01,144 --> 00:07:04,688 (සිනහව) 155 00:07:05,232 --> 00:07:08,476 ෂේක්ස්පියර්ගේ තාත්තා එයාව නින්දට යවනවා, "දැන්මම ඇඳට යන්න! 156 00:07:09,290 --> 00:07:10,628 ඔය පැන්සල පැත්තකින් තියන්න." 157 00:07:10,652 --> 00:07:11,726 (සිනහව) 158 00:07:11,750 --> 00:07:13,305 "නවත්තන්න ඔය කථා කරන විදිය." 159 00:07:13,329 --> 00:07:17,220 (සිනහව) 160 00:07:17,244 --> 00:07:19,698 "ඒකට අපේ ඔළුව අවුල් වෙනවා." 161 00:07:19,698 --> 00:07:23,715 (සිනහව) 162 00:07:23,739 --> 00:07:29,077 අපි ස්ට්‍රැට්ෆර්ඩ් සිට ලොස් ඇන්ජලීස් වලට පදිංචිය මාරැ කරා. 163 00:07:29,101 --> 00:07:31,542 මම කැමතියි ඒ මාරැව ගැන වචනයක් කියන්න. 164 00:07:31,566 --> 00:07:32,976 මගේ පුතා එන්න කැමති වුණේ නෑ. 165 00:07:33,000 --> 00:07:35,976 මට දරැවෝ දෙන්නයි; පුතාට දැන් 21 යි, දුවට 16යි. 166 00:07:36,000 --> 00:07:38,044 පුතා අකැමැති වුණා ලොස් ඇන්ජලීස් එන්න. 167 00:07:38,068 --> 00:07:41,024 එයා එහෙට කැමතියි ඒත් එයාට පෙම්වතියක් හිටියා එංගලන්තයේ. 168 00:07:41,048 --> 00:07:44,648 ඒ පරම ආදරිය වූ සේරා. 169 00:07:44,761 --> 00:07:46,136 එයා ඇය හඳුනගෙන මාසයයි. 170 00:07:46,160 --> 00:07:47,510 (සිනහව) 171 00:07:47,534 --> 00:07:49,790 ඒත් දෙන්නා සිවුවැනි සංවත්සරයත් සමරලයි හිටියේ, 172 00:07:49,814 --> 00:07:52,753 මොකද වයස 16දී මේක දිගු කාලයක්. 173 00:07:52,777 --> 00:07:54,438 එයා ගුවන් යානයේදී හිටියේ දුකෙන්. 174 00:07:54,462 --> 00:07:56,923 "මට ඇය වගේ කෙනෙක් ආයෙත් හමු වන්නේ නෑ." ඔහු කිව්වා. 175 00:07:56,947 --> 00:07:59,325 ඇත්තටම අපි නම් ඒ ගැන සතුටු වුණා. 176 00:07:59,349 --> 00:08:02,249 (සිනහව) 177 00:08:07,395 --> 00:08:10,276 මොකද අපි රටින් පිට වෙන්න ප්‍රධානතම හේතුව වුණේ ඇයයි. 178 00:08:10,300 --> 00:08:13,300 (සිනහව) 179 00:08:16,059 --> 00:08:18,401 ඒත් යමක් හිතට වදිනවා ඇමෙරිකාවේ පදිංචි වුණාමත් 180 00:08:18,425 --> 00:08:19,791 ලෝකය වටා සංචාරය කරාමත්. 181 00:08:19,815 --> 00:08:23,193 ලෝකයේ සෑම තැනකම විෂයයන්ගේ සාපෙක්ෂ වැදගත්කම එක සමානයි. 182 00:08:23,537 --> 00:08:25,492 හැම එකකම. කොහේ ගියත්. 183 00:08:25,516 --> 00:08:27,786 ඔබ සිතයි ඒක එහෙම නෙවෙයි කියා, ඒත් ඒක එහෙම තමයි. 184 00:08:27,810 --> 00:08:29,776 ඉහළින්ම තිබෙනවා ගණිතය හා භාෂාවන්, 185 00:08:29,800 --> 00:08:32,234 ඊළඟට මානව අංශ විෂයයන්, පහළින්ම කලා විෂයයන්. 186 00:08:32,258 --> 00:08:33,376 ලෝකයේ සෑම තැනකම. 187 00:08:33,400 --> 00:08:37,495 සෑම පද්ධතියකම කලා විෂයයන් අතරත් සාපේක්ෂ වැදගත්කමක් තිබෙනවා. 188 00:08:37,519 --> 00:08:40,376 පාසල්වල චිත්‍ර හා සංගීතයට වැඩි වැදගත්කමක් ලැබෙනවා 189 00:08:40,400 --> 00:08:41,567 නාට්‍ය හා නර්ථනයට වඩා. 190 00:08:41,591 --> 00:08:43,847 ලෝකයේ කොහෙවත් අධ්‍යාපන පද්ධතියක් නැහැ, 191 00:08:43,871 --> 00:08:45,929 හැමදාම ළමුන්ට නර්ථනය උගන්වන 192 00:08:45,953 --> 00:08:48,000 අපි ඒගොල්ලන්ට ගණිතය උගන්වනවා වගේ. ඒ අැයි? 193 00:08:48,524 --> 00:08:51,225 ඇයි බැරි? මේක වඩා වැදගත් ප්‍රශ්නයක්. 194 00:08:51,249 --> 00:08:53,552 මම හිතන්නේ ගණිතය ගොඩක් වැදගත් නර්ථනයත් ඒ වගේමයි. 195 00:08:53,576 --> 00:08:56,476 ඔවුන්ට ඉඩ දෙනවා නම් ළමුන් හැම තිස්සේම නටයි. අපි හැමෝම එහෙමයි. 196 00:08:56,500 --> 00:08:58,976 අපි හැමෝටම සිරුරක් තිබෙනවා නේද? මට යමක් අමතක වුණාද? 197 00:08:59,000 --> 00:09:02,338 (සිනහව) 198 00:09:02,510 --> 00:09:04,845 ඇත්තටම, ළමුන් වයසින් වැඩෙද්දි සුදුවන දේ තමයි, 199 00:09:04,869 --> 00:09:07,637 අපි ඒ අයට ඉණෙන් ඉහළට ක්‍රමානුකූලව අධ්‍යාපනය ලබා දෙනවා. 200 00:09:07,661 --> 00:09:09,286 ඊළඟට හිසට අවධානය දෙනවා. 201 00:09:09,310 --> 00:09:10,800 ඒකෙත් එක පැත්තකට වැඩිපුර. 202 00:09:11,319 --> 00:09:13,976 ඔබ පිටසක්වළ ජීවියෙකු හැටියට අධ්‍යාපනය දිහා බලලා, 203 00:09:14,000 --> 00:09:16,976 ඇහුවොත්, "පොදු අධ්‍යාපනය කුමක් සඳහාද?" කියා, 204 00:09:17,000 --> 00:09:19,776 මෙකේ ප්‍රතිඵලය අනුව ඔබ නිගමනය කරයි 205 00:09:19,800 --> 00:09:21,176 මේකෙදි සාර්ථක වන්නේ 206 00:09:21,200 --> 00:09:22,976 කරන්න නියම දේ කරන අය, 207 00:09:23,000 --> 00:09:25,731 ඒ අයට තමයි ලකුණු ලැබෙන්නේ, ඒ අය තමයි ජය ගන්නේ-- 208 00:09:25,755 --> 00:09:29,094 ඔබට නිගමනය කරන්න වේවි, පොදු අධ්‍යාපනයේ අරමුණ තමයි, 209 00:09:29,118 --> 00:09:30,215 ලෝකය පුරා, 210 00:09:30,239 --> 00:09:32,192 විශ්ව විද්‍යාල මහාචාර්යවරැ බිහි කරන එක. 211 00:09:32,216 --> 00:09:33,527 එහෙම නේද? 212 00:09:33,551 --> 00:09:35,534 ඒ අය තමයි ඉහළටම යන්නේ. 213 00:09:35,558 --> 00:09:37,737 ඇත්තටම මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා. 214 00:09:37,761 --> 00:09:40,397 (සිනහව) 215 00:09:40,421 --> 00:09:43,522 මම සරසවි මහාචාර්යවරැන්ට කැමතියි ඒත් 216 00:09:43,546 --> 00:09:45,021 අපි ඒ අයට සැලකිය නොයුතුයි, 217 00:09:45,045 --> 00:09:47,976 මනුෂ්‍ය ජයග්‍රහණවල ඉහළම දේ ලෙස. 218 00:09:48,000 --> 00:09:49,976 ඒ අය එක්තරා ජීවී කොට්ඨාශයක් පමණයි, 219 00:09:50,000 --> 00:09:51,560 වෙනස් ජීවි කොට්ඨාශයක්. 220 00:09:51,584 --> 00:09:54,882 ඒත ඒ අයගේ තරමක අමුත්තක් තිබෙනවා, මම මේක කියන්නේ ඒ අයට තිබෙන ආදරයට, 221 00:09:54,906 --> 00:09:57,876 මගේ අත්දැකීමේ හැටියට මහාචාර්යවරැ ළඟ යම් අමුත්තක් තිබෙනවා-- 222 00:09:57,900 --> 00:10:00,576 හැම කෙෙනක්ම නෙවෙයි ඒත් බොහෝ දෙනා ජීවත් වන්නේ තමන්ගේ ඔළුවේ. 223 00:10:00,600 --> 00:10:03,163 ඒ අය ඒ කොටසේ ජීවත් වන්නේ ඒකත් පැත්තකට බර වෙලා. 224 00:10:03,495 --> 00:10:06,869 එක් පැත්තකින් බැලුවම ඒගොල්ලන්ට සිරැරක් නැහැ වගේ. 225 00:10:06,893 --> 00:10:10,106 ඒ අය සිරැර දිහා බලන්නේ හිස එහා මෙහා ගෙනයන්න තිබෙන වාහනයක් වගේ. 226 00:10:10,106 --> 00:10:16,176 (සිනහව) 227 00:10:16,200 --> 00:10:17,216 එහෙම නෙවෙයිද? 228 00:10:17,240 --> 00:10:19,462 ඒක තමන්ගේ හිස රැස්වීම්වලට ගෙනයන්න තිබෙන විදිය. 229 00:10:19,486 --> 00:10:22,022 (සිනහව) 230 00:10:25,022 --> 00:10:28,852 ඔබට මනෝකාය අත්දැකීම් පිළිබඳ සාක්ෂි අවශ්‍ය නම්, 231 00:10:28,876 --> 00:10:32,362 යන්න ජේ‍්‍යෂ්ඨ විද්වතුන්ගේ නේවාසික සමුළුවකට, 232 00:10:32,386 --> 00:10:34,629 එහි අවසන් දා රෑ ඩිස්කෝ නැටුමට යන්න. 233 00:10:34,653 --> 00:10:37,454 (සිනහව) 234 00:10:37,478 --> 00:10:38,834 එතකොට ඔබ එය දකීවි. 235 00:10:38,858 --> 00:10:42,976 වැඩිහටි පිරිමි හා ගැහැණු කෙළවරක් නැතිව ඇඹරෙනවා, තිත අල්ලගන්න බැරුව. 236 00:10:43,000 --> 00:10:45,867 (සිනහව) 237 00:10:45,891 --> 00:10:49,216 ඒක ඉවරයක් වෙනකල් බලා ඉන්නවා ගෙදර ගිහින් ඒ ගැන ලිපියක් ලියන්න. 238 00:10:49,240 --> 00:10:51,144 (සිනහව) 239 00:10:51,168 --> 00:10:55,011 අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැඟිලා තිබෙන්නේ ශාස්ත්‍රීය හැකියාව යන අදහස මතයි. 240 00:10:55,035 --> 00:10:56,276 ඒකට හේතුවක් තිබෙනවා. 241 00:10:56,300 --> 00:10:59,856 ලෝකය වටා පොදු අධ්‍යාපන පද්ධතියක් තිබුණේ නැහැ, 242 00:10:59,880 --> 00:11:01,986 19 වැනි ශතවර්ෂයට පෙර. 243 00:11:02,010 --> 00:11:04,967 ඒසියල්ල බිහි වුණේ කාර්මිකකරණයේ අවශ්‍යතාවය පිරිමැසීමටයි. 244 00:11:05,269 --> 00:11:07,432 ඒ නිසා මේ උස් පහත් භේදයට අදහස් දෙකක් මූලිකයි. 245 00:11:07,456 --> 00:11:12,053 පළමුව, රැකියාවට ප්‍රයෝජන විෂයයන් තිබුණේ ඉහළින්. 246 00:11:12,077 --> 00:11:14,108 බොහෝවිට ඔබව කරුණාවෙන් ඉවත් කරන්න ඇති, 247 00:11:14,132 --> 00:11:17,066 කුඩා කල පාසලේදී, ඔබ කැමති දේවල්වලින්, 248 00:11:17,090 --> 00:11:20,476 හේතු වශයෙන් කියලා එයින් රැකියාවක් නොලැබන බව. ඒක නිවැරදියිද? 249 00:11:20,500 --> 00:11:22,881 සංගීතය ඉගෙන ගන්න එපා, ඔබ සංගීතඥයෙක් වෙන්නේ නැහැ; 250 00:11:22,905 --> 00:11:24,706 චිත්‍ර එපා, ඔබ ශිල්පියෙක් වන්නේ නෑ. 251 00:11:24,730 --> 00:11:28,150 කාරුණික අවවාද--ඒත් දැන්, ගැඹුරැ වැරැද්දක්. 252 00:11:28,174 --> 00:11:30,319 මුලු ලොවම විප්ලවයක ගිලිලා. 253 00:11:30,343 --> 00:11:32,440 දෙවැන්න තමයි ශාස්ත්‍රීය හැකියාව, 254 00:11:32,464 --> 00:11:35,349 එය අපි බුද්ධිමත්බව ගැන සිතන ආකාරයට බලපෑම් කරනවා, 255 00:11:35,373 --> 00:11:38,276 හේතුව, සරසවි මඟින් පද්ධතිය සැකසුණේ ඒ ප්‍රතිරූපයට අදාළවයි. 256 00:11:38,300 --> 00:11:41,794 අපි හිතලා බැලුවොත්, ලෝ වටාම පොදු අධ්‍යාපනය 257 00:11:41,818 --> 00:11:44,044 විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සැකසුණු එකක්. 258 00:11:44,068 --> 00:11:46,401 ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ හැකියාවන් වැඩි, 259 00:11:46,425 --> 00:11:48,860 ඉතා දක්ෂ, නිර්මාණශීලී අය හිතන්නේ එහෙම නෑ කියලා, 260 00:11:48,884 --> 00:11:51,022 ඒ මොකද ඒ අය පාසලේදී දක්ෂතාවය පෙන්වූ දෙය 261 00:11:51,046 --> 00:11:53,154 එක්කෝ අගය කළේ නැහැ, නැතිනම් ලැජ්ජාවට පත් කරා. 262 00:11:53,383 --> 00:11:55,679 අපි මේක තව දුරටත් කරගෙන යන එක හොඳ දෙයක් නෙවෙයි. 263 00:11:55,703 --> 00:11:58,167 UNESCO සංවිධානය කියන ආකාරයට, මීළඟ වසර 30 තුළ, 264 00:11:58,191 --> 00:12:01,001 ලෝ වටා බොහෝ දෙනෙක් උපාධි ලබනවා 265 00:12:01,025 --> 00:12:03,571 අධ්‍යාපනය තුළින් මෙතෙක් ඉතිහාසයේ ලැබුවාට වඩා වැඩියෙන්. 266 00:12:03,595 --> 00:12:07,276 ඒකට හේතුව අපි කථා කරපු සියලු දේවල්වල එකතුව-- 267 00:12:07,300 --> 00:12:10,348 තාක්ෂණය හා එමඟින් කාර්යයන්හි සිදු කරන වෙනස, ජනවිකාශනය 268 00:12:10,372 --> 00:12:12,176 හා ජනගහනයේ විශාල වැඩිවීම. 269 00:12:12,200 --> 00:12:15,065 එකවරම උපාධිවලට තිබෙන වටිනාකම නැති වෙනවා. 270 00:12:15,089 --> 00:12:16,469 ඒක අැත්ත නෙවෙයිද? 271 00:12:16,723 --> 00:12:19,476 මම ඉගෙන ගන්න කාලේ, උපාධියක් තිබුණා නම්, රැකියාවක් ලැබෙනවා. 272 00:12:19,500 --> 00:12:22,276 ඔබට රැකියාවක් තිබුණේ නැතිනම් ඒ කියන්නේ ඔබට ඒක අනවශ්‍ය වුණා. 273 00:12:22,300 --> 00:12:24,976 මට නම් ඇත්තටම ඕනෑ වුණේ නැහැ. (සිනහව) 274 00:12:25,000 --> 00:12:29,074 ඒත් දැන් උපාධි තිබෙන ළමුන් 275 00:12:29,098 --> 00:12:32,143 බොහෝ වෙලාවට ගෙදර යනවා වීඩියෝ ගේම් ගහන්න, 276 00:12:32,167 --> 00:12:35,365 හේතුව කලින් උපාධියක් ඉල්ලූ රැකියාවල දැන් ඉල්ලන්නේ පශ්චාත් උපාධි, 277 00:12:35,389 --> 00:12:37,176 ඒ තැන්වල දැන් ඉල්ලන්නේ ආචාර්ය උපාධි. 278 00:12:37,200 --> 00:12:38,400 එය ශාස්ත්‍රීය උද්ධමනයේ ක්‍රියාවලියක්. 279 00:12:38,400 --> 00:12:41,400 එයින් හැඟෙන්නේ මුළු අධ්‍යපන සැලැස්මම 280 00:12:41,400 --> 00:12:42,833 අපේ කකුල් යට දෙදරනවා කියන එක. 281 00:12:42,857 --> 00:12:45,477 අපි බුද්ධිමත්බව ගැන බලන විදියට විප්ලවීය වෙනසක් අවශ්‍යයි. 282 00:12:45,501 --> 00:12:47,496 අපි බුද්ධිමත්භාවය ගැන දේවල් තුනක් දන්නවා. 283 00:12:47,520 --> 00:12:48,747 එක, ඊට විවිධත්වයක් තිබීම. 284 00:12:48,771 --> 00:12:51,776 අපි ලෝකය අත්විඳින සෑම ආකාරයකටම අපි ලෝකය ගැන හිතනවා. 285 00:12:51,800 --> 00:12:54,776 දෘෂ්ටිය මුල්කර හිතනවා, ඇසීම මුල්කර හිතනවා, දැනීම මුල්කර හිතනවා. 286 00:12:54,800 --> 00:12:57,101 අමූර්ත දේ මුල් කර හිතනවා, චලනය මුල් කර හිතනවා. 287 00:12:57,246 --> 00:12:59,000 දෙවනුව, බුද්ධිමත්බව වෙනස් වන දෙයක්. 288 00:12:59,587 --> 00:13:01,976 අපි මිනිස් මොළයේ අන්තර්ක්‍රියා බැලූ විට, 289 00:13:02,000 --> 00:13:04,976 ඊෙය් දවසේ ඉදිරිපත් කිරීම් කිහිපයකින් අහන්න ලැබුණා වගේ, 290 00:13:05,000 --> 00:13:06,976 බුද්ධිමත්බව අපූරැ අන්තර්ක්‍රියා සහිතයි. 291 00:13:07,000 --> 00:13:09,238 මොළය පෙට්ටි වලට බෙදිලා නැහැ. 292 00:13:09,873 --> 00:13:12,976 ඇත්තටම නිර්මාණශීලිත්වය-- මම අර්ථ දක්වන්නේ ඒක ක්‍රියාවලියක් 293 00:13:13,000 --> 00:13:15,325 වටිනාකමක් තිබෙන නැවුම් අදහස් ඇති කරගන්නා-- 294 00:13:15,349 --> 00:13:18,001 එය බොහෝ විට සිදු වන්නේ අන්තර්ක්‍රියා නිසා 295 00:13:18,025 --> 00:13:21,025 දේවල් දිහා විවිධාකාර ලෙස බැලීමෙන් ඇතිවන. 296 00:13:22,310 --> 00:13:25,976 දන්නවාද, මොළයේ කොටස් දෙක යා කරන ස්නායු කඳක් තිබෙනවා 297 00:13:26,000 --> 00:13:27,491 ඒකට කියන්නේ කෝපස් කැලෝසම්. 298 00:13:27,515 --> 00:13:28,781 ඒක ස්ත්‍රීන්ගේ වඩා ඝනයි. 299 00:13:29,088 --> 00:13:30,829 ඊයේ හෙලන්ගේ කථාව මතක් කළොත්, 300 00:13:30,853 --> 00:13:33,976 ඒක වෙන්න ඇති ස්ත්‍රීන්ට වඩා හොඳින් එක වර බොහෝ දේ කළ හැක්කේ. 301 00:13:34,000 --> 00:13:35,817 ඕගොල්ලෝ එහෙම කරනවා, නැද්ද? 302 00:13:35,841 --> 00:13:39,048 මේ ගැන ගොඩක් පර්යේෂණ තිබුණත් මම ඒක දන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙන්. 303 00:13:39,738 --> 00:13:44,976 මගේ බිරිඳ ගෙදර උයනවා නම්-- වාසනාවකට නිතර එහෙම කරන්නේ නැහැ. 304 00:13:45,000 --> 00:13:47,854 (සිනහව) 305 00:13:47,878 --> 00:13:50,376 එයා ඇතැම් දේවල් වලට දක්ෂයි, ඒත් එයා උයනවා නම්, 306 00:13:50,400 --> 00:13:52,276 ඒ අතරම දුරකථනයෙන් කථා කරනවා, 307 00:13:52,300 --> 00:13:54,856 දරැවන්ට කථා කරනවා, සිවිලිමේ තීන්ත ගානවා, 308 00:13:54,880 --> 00:13:57,976 විවෘත හෘද සැත්කමක් කරනවා. 309 00:13:58,000 --> 00:14:00,976 මම උයනවා නම්, දොර වහලා; දරුවෝ එළියට දමලා, 310 00:14:01,000 --> 00:14:03,976 දුරකථනය පැත්තකින් තියලා, බිරිඳ ආවොත් මට තරහා යනවා. 311 00:14:04,000 --> 00:14:07,071 මම කියනවා, "ෙටරි, කරුණාකරලා අහන්න, මම මෙතන බිත්තරයක් බදිනවා." 312 00:14:07,095 --> 00:14:13,825 (සිනහව) 313 00:14:14,254 --> 00:14:15,454 "මට ඉන්න දෙන්න." 314 00:14:15,478 --> 00:14:17,198 (සිනහව) 315 00:14:17,222 --> 00:14:19,721 ඔබ අර පරණ දාර්ශනික කථාව දන්නවාද, 316 00:14:19,745 --> 00:14:22,998 ඒ කිව්වේ, කැළයක ගසක් වැටිලා ඒක කාටත් ඇසුණේ නැතිනම්, ඒක වුණාද කියන එක? 317 00:14:23,252 --> 00:14:24,581 ඒක මතකද? 318 00:14:24,605 --> 00:14:27,014 මම අපූරැ ටී-ෂර්ට් එකක් ළඟදී දැක්කා මෙෙහම ගහපු, 319 00:14:27,038 --> 00:14:30,976 "මිනිසෙක් කැළයකදී තමන්ෙග් හිතේ තිබෙන දේ කියද්දි කිසිම කාන්තාවකට එය නොඇසුණි නම්, 320 00:14:31,000 --> 00:14:32,396 ඔහු කියපු දේ ඒත් වැරදියිද?" 321 00:14:32,420 --> 00:14:38,026 (සිනහව) 322 00:14:39,976 --> 00:14:41,976 බුද්ධිමත්බව ගැන තෙවැන්න තමයි, 323 00:14:42,000 --> 00:14:43,369 එය වෙන් ව හඳුනා ගත හැකියි. 324 00:14:43,754 --> 00:14:46,327 මම අලුත් පොතක් ලියනවා මේ දවස්වල, නමින් "එපිෆනි", 325 00:14:46,351 --> 00:14:48,825 ඒකට පදනම කිහප දෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡා 326 00:14:48,849 --> 00:14:50,769 ඔවුන් තමන්ගේ දක්ෂතා හඳුතා ගත් ආකාරය. 327 00:14:50,793 --> 00:14:52,963 ඒ අය එතැනට පැමිණි ආකාරය මට සිත්ගන්නාසුලුයි. 328 00:14:52,986 --> 00:14:56,176 ඒක පටන් ගත්තේ අපූරැ කාන්තාවක් සමඟ ඇතිවූ කථා බහකින් 329 00:14:56,200 --> 00:14:58,876 බොහෝ දෙනා අහලා නැති කෙනෙක්, ජිලියන් ලින්. 330 00:14:58,900 --> 00:15:00,530 අහලා තිබෙනවාද ඇය ගැන? සමහර අය. 331 00:15:00,554 --> 00:15:03,076 ඈ නැටුම් රචනා කරන්නියක්, හැමෝම ඒ නිර්මාණ හඳුනනවා. 332 00:15:03,100 --> 00:15:05,101 ඒ "කැට්ස්" හා "ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා." 333 00:15:05,125 --> 00:15:06,103 ඈ අපූරැයි. 334 00:15:06,127 --> 00:15:08,273 මම "ද රෝයල් බැලේ" හි මණ්ඩලයේ සිටි බව 335 00:15:08,297 --> 00:15:09,498 ඕගොල්ලන්ට පේනවා ඇති. 336 00:15:09,522 --> 00:15:11,922 ජිලියන් සහ මම දිනක් දවල් කෑමට ගියා. මම කිව්වා, 337 00:15:12,047 --> 00:15:13,847 "ඔයා කොහොමද නැටුමට යොමු වුණේ?" 338 00:15:13,976 --> 00:15:14,976 ඒක සිත්ගන්නාසුලුයි. 339 00:15:15,000 --> 00:15:17,350 ඇය පාසලේදී ගොඩක් අසාර්ථක වෙලා. 340 00:15:17,374 --> 00:15:20,976 1930 ගණන් වලදී මේ පාසල ඇගේ දෙමව්පියන්ට ලියලා තිබෙනවා, 341 00:15:21,000 --> 00:15:23,000 "අපි හිතන්නේ ජිලියන්ට ඉගෙනීමේ ආබාධයක්." 342 00:15:23,024 --> 00:15:25,166 ඇයට අවධානයෙන් සිටීමට නොහැකි වුණා, දඟලනවා. 343 00:15:25,190 --> 00:15:28,480 දැන් නම් කියයි ඇයට ADHD තිබෙනවා කියලා. එහෙම නේද? 344 00:15:28,504 --> 00:15:32,563 ඒත මේ 1930 ගණන්, එතකොට ADHD නිපදවලා තිබුණේ නැහැ. 345 00:15:32,587 --> 00:15:34,976 ඒක යොදා ගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි එතකොට. 346 00:15:35,000 --> 00:15:37,737 (සිනහව) 347 00:15:37,761 --> 00:15:39,821 ඒ අය දන්නේ නෑ ඒ ලෙඩේ හැදෙන්න පුළුවන් කියා. 348 00:15:39,845 --> 00:15:41,979 (සිනහව) 349 00:15:43,305 --> 00:15:46,305 ඈ ගියා විශේෂඥයෙක් හමුවන්න. 350 00:15:46,305 --> 00:15:50,027 ඔක් ලී පනෙල සහිත කාමරයක ඈ සිටියා ඇගේ මව සමඟ, 351 00:15:50,051 --> 00:15:52,528 කෙළවරේ පුටුවක ඇයව වාඩි කරා, 352 00:15:52,552 --> 00:15:56,191 විනාඩි 20 ක් ඈ ඇගේ අත්ල උඩ වාඩිවී සිටියා, ඇගේ මව මේ කෙනා සමඟ කථා කරන තෙක්, 353 00:15:56,215 --> 00:15:58,543 ජිලියන්ට පාසලේ තිබෙන ප්‍රශ්න ගැන. 354 00:15:58,567 --> 00:16:02,244 ඇය අනිත් අයට බාධා කරනවා; ගෙදර වැඩ හැම තිස්සෙම පරක්කුයි වගේ දේවල්, 355 00:16:02,268 --> 00:16:03,364 වයස අටක දැරියක්. 356 00:16:03,388 --> 00:16:06,443 ඊට පස්සේ දොස්තර ජිලියන් ළඟ වාඩි වෙලා කිව්වා, 357 00:16:06,467 --> 00:16:09,172 "මම අහගෙන හිටියා ඔයාගේ අම්මා මට කියපු දේවල්, 358 00:16:09,196 --> 00:16:10,815 මට දැන් තනිවම ඇයට කථා කරන්න ඕනෑ. 359 00:16:10,839 --> 00:16:13,215 මෙතන ඉන්න. අපි අාපසු එනවා; වැඩි වෙලා යන්නේ නැහැ." 360 00:16:13,239 --> 00:16:15,564 එයාව ඉන්දලා ඒ දෙන්නා පිට වුණා. 361 00:16:15,588 --> 00:16:17,224 ඒත් කාමරයෙන් පිටවෙද්දි, 362 00:16:17,248 --> 00:16:19,748 ඔහු ඔහුගේ මේසය මත තිබූ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරා. 363 00:16:20,342 --> 00:16:23,772 එළියට ගියාම ඔහු ඇගේ අම්මාට කිව්වා, "ඔහොම හිටගෙන ඇය දිහා බලන්න." කියලා. 364 00:16:24,000 --> 00:16:26,991 ඒ දෙන්නා කාමරයෙන් පිට වුණු විගසම, 365 00:16:27,015 --> 00:16:29,499 ඇය නැඟිටලා සංගීතයට නටන්න ගත්තා. 366 00:16:29,523 --> 00:16:32,976 දෙන්නා විනාඩි කිහිපයක් ඈ දිහා බලාගෙන සිටියා. ඔහු ඇගේ මවට කිව්වා, 367 00:16:33,000 --> 00:16:36,976 "ලින් මහත්මිය, ජිලියන්ට අසනීපයක් නැහැ. ඇය නැටුම් ශිල්පිනියක්. 368 00:16:37,000 --> 00:16:38,976 ඇයව නැටුම් පාසලකට යවන්න." 369 00:16:39,000 --> 00:16:40,976 මම ඇහුවා, "ඉතින් මොකද වුණේ?" 370 00:16:41,000 --> 00:16:43,976 ඇය කිව්වා, "ඈ ඒක කරා. ඒක කෙතරම් අපූරැ දෙයක් වුණාද. 371 00:16:44,000 --> 00:16:46,753 අපි එහි කාමරයක් ඇතුළට ගියා, එතැන ඔක්කොම හිටියේ මම වගේ අය. 372 00:16:46,777 --> 00:16:48,976 එක තැනක ඉන්න බැරි අය. 373 00:16:49,000 --> 00:16:53,587 හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය." හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය 374 00:16:53,746 --> 00:16:57,376 ඒ අය බැලේ ඉගෙන ගත්තා, ටැප්, ජෑස් ඉගෙන ගත්තා, නූතන හා සමකාලීන නැටුම් කරා. 375 00:16:57,400 --> 00:17:00,220 පසුව ඇය "රෝයල් බැලේ ස්කූල්" එකට ඉදිරිපත් වුණා; 376 00:17:00,244 --> 00:17:03,543 ඇය හුදකලා ශිල්පිනියක් වුණා; Royal Ballet School හි විශිෂ්ටව වැඩ කරා. 377 00:17:03,567 --> 00:17:06,175 පසුව එයින් උපාධිය ලැබූ පසු 378 00:17:06,200 --> 00:17:08,175 "ජිලියන් ලින් නර්ථන සමාගම" ඇරඹුවා, 379 00:17:08,180 --> 00:17:09,583 අැන්ඩෘ ලොයිඩ් වෙබර් හමු වුණා. 380 00:17:09,583 --> 00:17:10,977 අැය වගකීම දැරුවා 381 00:17:11,001 --> 00:17:14,147 ඉතිහාසයේ තිබූ සාර්ථකම සංගීතමය නාට්‍ය සමහරකට, 382 00:17:14,172 --> 00:17:17,244 ඇය මිලියන සංඛ්‍යාවකට සතුට බෙදලා තිබෙනවා, ඒ වගේම ඇය කෝටිපතයෙක්. 383 00:17:17,269 --> 00:17:21,339 වෙන කෙනෙක් වුණා නම් ඇයට බෙහෙත් දීලා කියනවා සංසුන් වන්න කියලා. 384 00:17:21,364 --> 00:17:28,146 (අත්පොළසන්) 385 00:17:28,575 --> 00:17:30,176 ඒ සිද්ධියෙන් තෙරුම් යන දේ තමයි: 386 00:17:30,200 --> 00:17:31,976 ඇල් ගෝර් කථා කරා කලින් දා රෑ 387 00:17:32,000 --> 00:17:36,269 පරිසර විද්‍යාව හා රේෂල් කාසන් විසින් ඇති කරපු විප්ලවය ගැන. 388 00:17:37,111 --> 00:17:39,277 මම හිතන්නේ අපේ අනාගතයට තිබෙන එකම බලාපොරොත්තුව 389 00:17:39,301 --> 00:17:43,134 මිනිස් පරිසරය ගැන අලුත් සංකල්පයක් භාවිතයට ගැනීම, 390 00:17:43,158 --> 00:17:45,976 එහි අරඹා ප්‍රතිනිර්මාණය කිරීම 391 00:17:46,000 --> 00:17:47,976 මිනිස් හැකියාවේ සරැබව. 392 00:17:48,000 --> 00:17:51,499 අපේ අධ්‍යාපන පද්ධතිය අපේ සිත් සූරා කා තිබෙනවා, 393 00:17:51,523 --> 00:17:54,799 අපි සම්පත් සඳහා පොළොව සූරා කන ආකාරයටම. 394 00:17:55,188 --> 00:17:57,672 අනාගතයේදී ඒක හරි යන්නේ නැහැ. 395 00:17:57,696 --> 00:17:59,976 අපි නැවත සකස් කළ යුතුයි මූලධර්ම 396 00:18:00,000 --> 00:18:01,968 අපේ ළමුන්ගේ ඉගෙනීමට පදනම් වන. 397 00:18:02,087 --> 00:18:04,761 ජෝනස් සෝල්ක් වරක් කියූ වටිනා කියමනක් තිබෙනවා, 398 00:18:04,785 --> 00:18:09,824 "පෘථිවියෙන් සියලුම කෘමීන් අතුරැදහන් වුවොත්, 399 00:18:09,848 --> 00:18:12,689 තව අවුරැදු 50 දී පෘථිවිය ජීවීන්ගෙන් තොර වේවි. 400 00:18:13,688 --> 00:18:16,760 මනුෂ්‍යයින් පෘථිවියෙන් අතුරැදහන් වූවොත්, 401 00:18:16,784 --> 00:18:19,418 අවුරැදු 50 දී සියලුම ජීවීන් වැජඹේවි." 402 00:18:20,244 --> 00:18:21,529 ඔහු නිවැරදියි. 403 00:18:22,291 --> 00:18:25,925 TED සමරන්නේ මිනිස් පරිකල්පනය නම් තිළිණයයි. 404 00:18:26,417 --> 00:18:28,488 අපි ප්‍රවේශම් විය යුතුයි, 405 00:18:28,512 --> 00:18:30,767 මේ තිළිණය බුද්ධිමත්ව භාවිතා කිරීමට 406 00:18:30,791 --> 00:18:34,020 එමඟින් අපි කථා කළ ඇතැම් සිද්ධි මග හරවා ගැනීමට. 407 00:18:34,044 --> 00:18:37,976 ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි අපේ නිර්මාණශීලී හැකියාවක් දකින එක 408 00:18:38,000 --> 00:18:39,610 ඒවායේ නියම වටිනාකමින් 409 00:18:39,634 --> 00:18:42,816 ඒ වගේම අපේ ළමුන් අපේ බලාපොරොත්තුව ලෙස දකින එක. 410 00:18:42,840 --> 00:18:45,238 අපේ කාර්යය ඔවුුන්ගේ සෑම අංශයකටම අධ්‍යාපනය දීමයි, 411 00:18:45,262 --> 00:18:46,746 ඒ අයට මේ අනාගතයට මුහුණ දීමට. 412 00:18:46,770 --> 00:18:48,976 අපි මේ අනාගතය දකින්න නොසිටින්න පුළුවන්, 413 00:18:49,000 --> 00:18:50,430 ඒත් ඒ අය එය දකීවි. 414 00:18:50,454 --> 00:18:53,533 අපේ කාර්යය තමයි ඉන් යමක් කිරීමට ඔවුන්ට උපකාරී වීම. 415 00:18:53,557 --> 00:18:54,557 (බොහොම ස්තූතියි) 416 00:18:54,581 --> 00:18:57,581 (අත්පොළසන්)