0:00:00.000,0:00:04.678 සුබ උදෑසනක්. ඔබට කොහොමද? 0:00:04.702,0:00:05.912 (සිනහව) 0:00:05.936,0:00:08.249 හැම දෙයක්ම ඉතා හොඳින් සිදු වුණා,[br]එහෙම නේද? 0:00:08.273,0:00:10.729 මම නම් මේක නිසා මුසපත් වෙලා ඉන්නේ. 0:00:10.753,0:00:12.245 ඒ නිසා මම මෙතැනින් යනවා. 0:00:12.269,0:00:17.836 (සිනහව) 0:00:18.015,0:00:21.222 මේ සමුුළුවේ තේමාවල් තුනක්[br]දකින්නට තිබුණා 0:00:21.246,0:00:23.753 මගේ කථාවට අදාළ වන. 0:00:23.777,0:00:28.467 පළමුවැන්න තමයි තිබුණු සාක්ෂි මනුෂ්‍යයින්ගේ[br]අරැම පුදුම නිර්මාණශීලිත්වයට 0:00:28.491,0:00:30.904 අපි දැකපු සියලුම ඉදිරිපත් කරීම් වලත් 0:00:30.928,0:00:32.729 මෙහි සිටින සියලුම දෙනා තුලත්. 0:00:32.753,0:00:35.404 එහි විවිධත්වය මෙන්ම පරාසයත්. 0:00:36.158,0:00:38.301 දෙවැන්න තමයි ඒක අපිව ගෙනත් තිෙබනවා [br]තැනකට 0:00:38.325,0:00:40.822 අපිට කිසිම අදහසක් නැහැ කුමක් වේවිද[br]කියා 0:00:40.846,0:00:42.237 අනාගතය අතින් බැලූ විට. 0:00:42.261,0:00:44.976 ඒක කොයි අතට හැරෙයිද කියලා කයන්න බැහැ. 0:00:45.000,0:00:46.892 මට අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා. 0:00:46.916,0:00:50.712 අපි හැමදෙනාටම අධ්‍යාපනය ගැන[br]උනන්දුවක් තිබෙනවා. 0:00:51.072,0:00:52.210 එහෙම නැද්ද? 0:00:52.234,0:00:53.715 මේක මට හරිම සිත්ගන්නාසුලුයි. 0:00:53.739,0:00:55.496 ඔබ රාත්‍රි භෝජන සංග්‍රහයක සිටිනා විට 0:00:55.596,0:00:57.858 ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරන බව [br]පැවසුවහොත්-- 0:00:57.882,0:01:00.846 ඇත්තටම, ඔබ රාත්‍රි භෝජන සංග්‍රහ වලට[br]වැඩිපුර යන්නේ නැහැ. 0:01:00.870,0:01:04.666 (සිනහව) 0:01:04.690,0:01:07.118 ඔබ අධ්‍යාපනයට රැකියාව කරනවා නම් ආරධනා[br]ලැබෙන්නේ නැහැ. 0:01:07.142,0:01:10.233 (සිනහව) 0:01:10.257,0:01:13.976 ඔබට නැවත ආරාධනා ලැබෙන්නෙත් නැහැ.[br]ඒක මට හිතෙන්නේ අමුතු දෙයක්. 0:01:14.000,0:01:16.475 ඒත එහෙම ගියොත්, ඔබ කාට හරි කිව්වොත්, 0:01:16.499,0:01:18.276 ඒ අය අහනවා, "ඔබ මොකද කරන්නේ?" කියලා. 0:01:18.300,0:01:19.976 ඔබ කියනවා අධ්‍යාපන රැකියාවක් කියලා, 0:01:20.000,0:01:22.076 ඒ අයගේ මුහුණු සුදුමැලි වෙනවා ඔබට පෙනේවි. 0:01:22.100,0:01:24.380 ඒ අයට හිතෙයි, "දෙයියෝ සාක්කි, [br]ඇයි මට මේක වුණේ?" 0:01:24.404,0:01:26.041 (සිනහව) 0:01:26.065,0:01:27.688 "මුලු සතියටම රැයක් එළියට ගියාමයි." 0:01:27.712,0:01:30.322 (සිනහව) 0:01:30.346,0:01:33.587 ඒත් ඔබ ඒ අයගේ අධ්‍යාපනය ගැන විමසුවොත්[br]ගැලවිල්ලක් නැති වෙනවා. 0:01:33.611,0:01:37.078 ඒ මොකද ඒක මිනිසුන්ට ගැඹුරට වදින දෙයක්[br]නිසා, මම හරි නේද? 0:01:37.194,0:01:40.535 අාගම, සල්ලි හා එවැනි අනෙකුත් දේ වගේ. 0:01:40.559,0:01:44.911 මට අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක්[br]තිබෙනවා, මම හිතන්නේ හැමෝටම එහෙමයි. 0:01:44.935,0:01:46.827 අපිට ඒ ගැන තදබල උනන්දුවක් තිබෙනවා, 0:01:46.851,0:01:50.171 හේතුව අධ්‍යාපනය උදව් වෙනවා අපට ගෙනයන්න[br]මේ අනාගතයට 0:01:50.195,0:01:51.714 අපිට තෙරුම් ගන්න අමාරු වන. 0:01:51.873,0:01:55.372 අපි හිතලා බැලුවොත්, මේ වසරේ පාසල් අරඹන [br]දරුවන්, 0:01:55.396,0:01:58.920 විශ්‍රාම යනවා 2065. 0:02:00.209,0:02:01.843 කිසිකෙනෙකුට අදහසක් නැහැ, 0:02:01.867,0:02:05.311 පසුගිය දින හතර තුල දැකපු ප්‍රවීණත්වයන් [br]කෙසේ වුණත්, 0:02:05.450,0:02:07.318 තව වසර පහකින් ලෝකය කෙලෙස වෙව්ද කියා. 0:02:07.318,0:02:10.318 ඒත් අපි ළමුන්ට ඒ සඳහා අධ්‍යාපනය [br]දිය යුතුව තිබෙනවා. 0:02:10.318,0:02:12.868 ඒ නිසා එහි අවිනිශ්චිතභාවය මම හිතන්ෙන් [br]අරැම පුදුමයි. 0:02:12.892,0:02:14.259 තෙවැනි කොටස තමයි 0:02:14.283,0:02:16.320 අපි ඒ කොහොම වුණත් ඔක්කොම එකඟ වුණා, 0:02:16.344,0:02:21.649 ළමුන්ට ඇති අරැම පුදුම හැකියාව-- 0:02:21.673,0:02:24.007 නවෝත්පාදනය සඳහා ඇති හැකියාව. 0:02:24.031,0:02:26.542 නිදසුනක් ලෙස, ඊයේ රාත්‍රියේ සරීනා[br]අතිවිශිෂ්ටයි නේද? 0:02:26.566,0:02:28.176 එයාට කරන්න පුළුවන් දේ බැලුවම. 0:02:28.200,0:02:32.976 ඈ සුවිශේෂි කෙනෙක්, ඒත් මම හිතන්නේ [br]ඇය වන්නේ නැහැ 0:02:33.000,0:02:36.956 සුවිශේෂි කෙනෙක් සියලුම ළමුන් සලකන විට. 0:02:36.980,0:02:39.776 අැය අරැම පුදුම කැපකිරීමක් ඇති කෙනෙක් 0:02:39.800,0:02:41.067 යම් දක්ෂතාවයක් හඳුනා ගත්. 0:02:41.091,0:02:43.700 මගේ තර්කය ළමයි සියලු දෙනාටම [br]දැවැන්ත දක්ෂතා ඇති බවයි. 0:02:43.800,0:02:45.776 අපි ඒවා ක්‍රෑර ලෙස අපතේ යවනවා. 0:02:45.800,0:02:47.976 ඉතින් මට අවශ්‍ය අධ්‍යාපනය ගැන කථා [br]කිරීමටත් 0:02:48.000,0:02:49.872 නිර්මාණශීලිත්වය ගැන කථා කිරීමටත්. 0:02:49.896,0:02:55.915 මගේ තර්කය නිර්මාණශීලිත්වය වත්මන් අධ්‍යාපනය[br]තුල ලිවීමේ කියවීමේ හැකියාව මෙන්ම වැදගත්, 0:02:55.939,0:02:58.803 ඒ නිසා අපි එයට එක සමාන වැදගත් කමක් [br]දිය යුතුයි. 0:02:58.827,0:03:00.798 (අත්පොළසන්) ස්තූතියි. 0:03:00.822,0:03:05.167 (අත්පොළසන්) 0:03:05.485,0:03:06.744 ඉතින් එච්චර තමයි. 0:03:06.768,0:03:07.771 බොහොම ස්තූතියි. 0:03:07.795,0:03:09.910 (සිනහව) 0:03:09.934,0:03:11.611 තව විනාඩි 15 ක් තිබෙනවා. 0:03:11.635,0:03:14.571 (සිනහව) 0:03:14.595,0:03:16.487 ඉතින් මම ඉපදුණේ....නැහැ. 0:03:16.511,0:03:19.543 (සිනහව) 0:03:19.567,0:03:22.312 මට ළඟදී ලස්සන කථාවක් අහන්න ලැබුණා[br]--මම ඒක කියන්න ආසයි-- 0:03:22.336,0:03:25.051 චිත්‍ර පාඩමක සිටි කුඩා දැරියකගේ[br]කථාවක් ඒක. 0:03:25.075,0:03:27.210 ඇයට වයස හයයි, පිටිපස්සේ ඉඳගෙන[br]චිත්‍ර අඳිනවා. 0:03:27.234,0:03:30.034 ගුරැවරිය පැවසුවා මේ දැරිය සාමාන්‍යයෙන් [br]අවධානය නොදෙන බව, 0:03:30.058,0:03:31.844 ඒත් මේ පාඩමේදී හිටියේ අවධානයෙන්. 0:03:31.868,0:03:33.208 ගුරැවරියගේ සිත මීට ඇදී ගියා. 0:03:33.232,0:03:35.994 ඇය දැරිය ළඟට ගිහින් ඇසුවා, [br]"මොකක්ද ඔයා අඳින්නේ? 0:03:36.018,0:03:38.509 දැරිය කිව්වා, "මම දෙවියන්වහන්ෙස්ව අඳිනවා"[br]කියලා. 0:03:39.642,0:03:42.960 ගුරැතුමිය කිව්වා, "ඒත් දෙවියන්වහන්සේගේ [br]හැඩරැව කවුරුත් දන්නේ නැහැනේ." 0:03:42.984,0:03:45.072 දැරිය කිව්වා, [br]"තව ටිකකින් හැමෝම දැනගනීවි." 0:03:45.096,0:03:51.878 (සිනහව) 0:03:56.662,0:03:58.929 මගේ පුතාට එංගලන්තයේදී වයස හතර වුණාම-- 0:03:59.413,0:04:01.604 ඇත්තටම, එයාට එතකොට හැමතැනකම[br]වයස හතරයි. 0:04:01.628,0:04:03.295 (සිනහව) 0:04:03.404,0:04:06.791 අපි ඒ ගැන හරියට බැලුවොත්, ඒ වසරේ එයා [br]කොහෙ ගියත්, එයාගේ වයස හතරයි. 0:04:06.815,0:04:09.453 එයා රඟපෑවා ජේසුතුමාගේ උපත් කථා නාට්‍යයක.[br]ඒ කථාව මතකද? 0:04:09.477,0:04:10.696 (සිනහව) 0:04:10.720,0:04:12.547 නැහැ, ඒක ලොකුයි, ලොකු කථාවක්. 0:04:12.571,0:04:14.876 මෙල් ගිබ්සන් ඒකට පසු රඟපෑමක් කරා.[br]ඒක දකින්න ඇති. 0:04:14.900,0:04:16.161 (සිනහව) 0:04:16.185,0:04:17.495 "උත්පත්ති කථා II" 0:04:17.519,0:04:21.654 ඒත් ජේම්ස්ට ලැබුණේ ජෝසෆ්ගේ චරිතය.[br]ඒක අපිට විශාල සතුටක් වුණා. 0:04:21.678,0:04:24.215 අපි ඒක ප්‍රධාන චරිතයක් ලෙස[br]සැලකුවේ. 0:04:24.239,0:04:26.716 අපි එතැන පිෙරව්වා කට්ටිය මෙහෙම[br]ලියූ ටී-ෂර්ට් අැඳපු: 0:04:26.740,0:04:28.976 "ජේම්ස් රොබින්සන් තමයි ජෝසෆ්!" (සිනහව) 0:04:29.000,0:04:30.607 එයාට කථා කරන්න අවශ්‍ය වුණේ නැහැ. 0:04:30.631,0:04:33.069 ඒත් ඕගොල්ලෝ දන්නවානේ රජවරැ තිදෙනා[br]පැමිෙණන කොටස? 0:04:33.093,0:04:35.824 ඒ අය තෑගි ගේනවා, රන්, කට්ටකුමංචල් හා[br]කලුවැල් ලෙස. 0:04:35.848,0:04:36.962 මේක ඇත්තටම සිදුවුණා. 0:04:36.986,0:04:40.076 අපි බලන් සිටියදී ඒගොල්ලෝ පිළිවෙල වෙනස්[br]කරා, 0:04:40.100,0:04:42.876 ඒ මොකද, අපි පසුව කුඩා දරැවාගෙන් [br]ඇහුවම, 0:04:42.900,0:04:45.776 "ඒක හරිද?" කියලා, එයා කිව්වා, [br]"ඔව්, ඇයි? ඒක වැරදිද?" කියලා. 0:04:45.800,0:04:46.876 ඒගොල්ලෝ ඒක මාරැකරා. 0:04:46.900,0:04:48.076 ළමුන් තිදෙනා පැමිණියා, 0:04:48.100,0:04:50.287 සිවු හැවිරිදි අය, හිසේ අත්පිස්නා [br]ගැට ගහගෙන, 0:04:50.311,0:04:51.802 ඒ අය මේ පෙට්ටි බිමින් තිබ්බා, 0:04:51.826,0:04:53.875 පළමුවැන්නා කිව්වා,[br]"මම ඔබට රත්රන් ගෙනාවා." 0:04:53.899,0:04:56.037 දෙවැන්නා කිව්වා,[br]"මම ඔබට කලුවැල් ගෙනාවා." 0:04:56.061,0:04:58.065 තෙවැන්නා කිව්වා, "ෆ්රෑන්ක් මේක එව්වා." 0:04:58.089,0:05:00.989 (සිනහව) (frankincense = කට්ටකුමංචල්) 0:05:10.711,0:05:13.801 මේ සෑම දේටම පොදු දේ තමයි, ළමුන් [br]අවදානමක් ගන්නවා කියන එක. 0:05:13.825,0:05:16.433 දන්නේ නැතිවුණත්, උත්සාහ කරනවා. 0:05:16.457,0:05:19.994 මම හරි නේද? ඒගොල්ලෝ වරදිනවාට [br]බය නැහැ. 0:05:20.893,0:05:24.400 මම කියන්නේ නැහැ වරද්දන එක [br]නිර්මාණශීලිත්වයට සමානයි කියා. 0:05:24.886,0:05:27.976 අපි දන්න දේ තමයි, ඔබ වරද්දන්න [br]ලැස්ති නැතිනම්, 0:05:28.000,0:05:30.367 ඔබ කවදාවත් අලුත් දෙයක් කරන්නේ නැහැ-- 0:05:30.391,0:05:32.476 ඔබ වරද්දන්න ලෑස්ති නැතිනම්. 0:05:32.877,0:05:37.010 බොහෝ ළමුන් වැඩිහිටියන් වෙද්දි,[br]ඒ හැකියාව නැතිවෙලා. 0:05:37.406,0:05:39.926 ඒ අය ඉන්නේ වරදිනවාට බය වෙලා. 0:05:39.950,0:05:41.640 අපි අපේ ආයතන දුවන්නෙත් මේ වගේ. 0:05:41.664,0:05:43.316 අපි වරදින එක ලැජ්ජාවක් කරනවා. 0:05:43.340,0:05:45.642 ඒ වගේම අපි දැන් ජාතික අධ්‍යාපන පද්ධති 0:05:45.666,0:05:48.012 දුවනවා, වරද්දන එක තමයි ඒකේ හැටියට[br]නරකම දේ. 0:05:48.700,0:05:51.908 එහි ප්‍රතිඵලය තමයි අපි මිනිසුන්ව [br]අධ්‍යාපනය භාවිතයෙන් 0:05:51.932,0:05:54.223 ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන් [br]නැති කරනවා. 0:05:54.247,0:05:58.725 පිකාසෝ වරක් කිව්වා, සියලුම ළමයි උපදින්නේ[br]චිත්‍ර ශිල්පීන් ලෙස කියලා. 0:05:58.749,0:06:01.971 ප්‍රශ්නය තමයි වයසින් වැඩෙද්දී චිත්‍ර[br]ශිල්පියෙක් ලෙස සිටීම අපහසු වීම. 0:06:01.995,0:06:05.076 මම දැඩිව විශ්වාස කරන්නේ අපි [br]නිර්මාණශීලිත්වයට නැඹුරැ වන්නේ නැහැ, 0:06:05.100,0:06:06.956 අපි ඉන් ඉවතට නැඹුරැ වෙනවා කියලයි. 0:06:06.980,0:06:08.863 අධ්‍යාපනය නිසා අපි ඉන් ඉවත් [br]වෙනවා. 0:06:09.247,0:06:10.720 ඇයි මේක මෙහෙම වෙන්නේ? 0:06:10.826,0:06:14.907 මම මීට වසර 5 ට එහා වෙන කල් ජීවත් වුණේ[br]ස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඒවන්හිදී. 0:06:14.931,0:06:17.184 අපි එහි සිටයි ලොස් ඇන්ජලීස්[br]පදිංචියට ආවේ. 0:06:17.872,0:06:20.536 ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක කෙතරම් [br]පහසු වෙනසක්ද කියලා. 0:06:20.560,0:06:21.976 (සිනහව) 0:06:22.000,0:06:24.376 අපි ජීවත් වුණේ ස්නිටර්ෆීල්ඩ් කියලා තැනක, 0:06:24.400,0:06:25.651 ස්ට්‍රැට්ෆර්ඩ්වලට පිටින්. 0:06:25.675,0:06:27.836 එතැන තමයි ෂේක්ස්පියර්ගේ තාත්තා ඉපදුණේ. 0:06:28.082,0:06:30.457 ඔබට අදහසක් පහළ වුණාද? මට එහෙම වුණා. 0:06:30.481,0:06:33.076 ෂේක්ස්පියර්ට පියෙක් හිටියා කියලා[br]හිතෙන්නේ නෑ නේද? 0:06:33.100,0:06:36.976 ඒ මොකද, ෂේක්ස්පියර්ව ළමයෙක් විදියට [br]අපි හිතන්නෙන් නැති නිසා, එහෙම නේද? 0:06:37.000,0:06:38.567 වයස අවුරැදු හතක ෂේක්ස්පියර්? 0:06:38.591,0:06:39.840 මට ඒක එහෙම හිතුණේ නැහැ. 0:06:39.864,0:06:41.548 යම් අවධියක එයා වයස හත පහු කළා. 0:06:41.572,0:06:43.882 එයා කාගේ හරි ඉංග්‍රීසි පංතියක [br]ඉන්න ඇති නේද? 0:06:43.906,0:06:50.693 (සිනහව) 0:06:50.717,0:06:52.046 ඒක කෙතරම් කරදරයක් වේවිද? 0:06:52.070,0:06:55.070 (සිනහව) 0:06:59.729,0:07:01.124 "තව උත්සාහ කරන්න." 0:07:01.144,0:07:04.688 (සිනහව) 0:07:05.232,0:07:08.476 ෂේක්ස්පියර්ගේ තාත්තා එයාව නින්දට යවනවා,[br]"දැන්මම ඇඳට යන්න! 0:07:09.290,0:07:10.628 ඔය පැන්සල පැත්තකින් තියන්න." 0:07:10.652,0:07:11.726 (සිනහව) 0:07:11.750,0:07:13.305 "නවත්තන්න ඔය කථා කරන විදිය." 0:07:13.329,0:07:17.220 (සිනහව) 0:07:17.244,0:07:19.698 "ඒකට අපේ ඔළුව අවුල් වෙනවා." 0:07:19.698,0:07:23.715 (සිනහව) 0:07:23.739,0:07:29.077 අපි ස්ට්‍රැට්ෆර්ඩ් සිට ලොස් ඇන්ජලීස් වලට[br]පදිංචිය මාරැ කරා. 0:07:29.101,0:07:31.542 මම කැමතියි ඒ මාරැව ගැන වචනයක් කියන්න. 0:07:31.566,0:07:32.976 මගේ පුතා එන්න කැමති වුණේ නෑ. 0:07:33.000,0:07:35.976 මට දරැවෝ දෙන්නයි;[br]පුතාට දැන් 21 යි, දුවට 16යි. 0:07:36.000,0:07:38.044 පුතා අකැමැති වුණා ලොස් ඇන්ජලීස් එන්න. 0:07:38.068,0:07:41.024 එයා එහෙට කැමතියි ඒත් එයාට පෙම්වතියක්[br]හිටියා එංගලන්තයේ. 0:07:41.048,0:07:44.648 ඒ පරම ආදරිය වූ සේරා. 0:07:44.761,0:07:46.136 එයා ඇය හඳුනගෙන මාසයයි. 0:07:46.160,0:07:47.510 (සිනහව) 0:07:47.534,0:07:49.790 ඒත් දෙන්නා සිවුවැනි සංවත්සරයත් සමරලයි[br]හිටියේ, 0:07:49.814,0:07:52.753 මොකද වයස 16දී මේක දිගු කාලයක්. 0:07:52.777,0:07:54.438 එයා ගුවන් යානයේදී හිටියේ දුකෙන්. 0:07:54.462,0:07:56.923 "මට ඇය වගේ කෙනෙක් ආයෙත් [br]හමු වන්නේ නෑ." ඔහු කිව්වා. 0:07:56.947,0:07:59.325 ඇත්තටම අපි නම් ඒ ගැන සතුටු වුණා. 0:07:59.349,0:08:02.249 (සිනහව) 0:08:07.395,0:08:10.276 මොකද අපි රටින් පිට වෙන්න ප්‍රධානතම හේතුව[br]වුණේ ඇයයි. 0:08:10.300,0:08:13.300 (සිනහව) 0:08:16.059,0:08:18.401 ඒත් යමක් හිතට වදිනවා ඇමෙරිකාවේ පදිංචි [br]වුණාමත් 0:08:18.425,0:08:19.791 ලෝකය වටා සංචාරය කරාමත්. 0:08:19.815,0:08:23.193 ලෝකයේ සෑම තැනකම විෂයයන්ගේ[br]සාපෙක්ෂ වැදගත්කම එක සමානයි. 0:08:23.537,0:08:25.492 හැම එකකම. කොහේ ගියත්. 0:08:25.516,0:08:27.786 ඔබ සිතයි ඒක එහෙම නෙවෙයි කියා, ඒත් ඒක[br]එහෙම තමයි. 0:08:27.810,0:08:29.776 ඉහළින්ම තිබෙනවා ගණිතය හා භාෂාවන්, 0:08:29.800,0:08:32.234 ඊළඟට මානව අංශ විෂයයන්,[br]පහළින්ම කලා විෂයයන්. 0:08:32.258,0:08:33.376 ලෝකයේ සෑම තැනකම. 0:08:33.400,0:08:37.495 සෑම පද්ධතියකම කලා විෂයයන් අතරත්[br]සාපේක්ෂ වැදගත්කමක් තිබෙනවා. 0:08:37.519,0:08:40.376 පාසල්වල චිත්‍ර හා සංගීතයට වැඩි වැදගත්කමක් [br]ලැබෙනවා 0:08:40.400,0:08:41.567 නාට්‍ය හා නර්ථනයට වඩා. 0:08:41.591,0:08:43.847 ලෝකයේ කොහෙවත් අධ්‍යාපන පද්ධතියක් නැහැ, 0:08:43.871,0:08:45.929 හැමදාම ළමුන්ට නර්ථනය උගන්වන 0:08:45.953,0:08:48.000 අපි ඒගොල්ලන්ට ගණිතය උගන්වනවා වගේ. ඒ අැයි? 0:08:48.524,0:08:51.225 ඇයි බැරි? මේක වඩා වැදගත් ප්‍රශ්නයක්. 0:08:51.249,0:08:53.552 මම හිතන්නේ ගණිතය ගොඩක් වැදගත් [br]නර්ථනයත් ඒ වගේමයි. 0:08:53.576,0:08:56.476 ඔවුන්ට ඉඩ දෙනවා නම් ළමුන් හැම තිස්සේම[br]නටයි. අපි හැමෝම එහෙමයි. 0:08:56.500,0:08:58.976 අපි හැමෝටම සිරුරක් තිබෙනවා නේද?[br]මට යමක් අමතක වුණාද? 0:08:59.000,0:09:02.338 (සිනහව) 0:09:02.510,0:09:04.845 ඇත්තටම, ළමුන් වයසින් වැඩෙද්දි [br]සුදුවන දේ තමයි, 0:09:04.869,0:09:07.637 අපි ඒ අයට ඉණෙන් ඉහළට ක්‍රමානුකූලව[br]අධ්‍යාපනය ලබා දෙනවා. 0:09:07.661,0:09:09.286 ඊළඟට හිසට අවධානය දෙනවා. 0:09:09.310,0:09:10.800 ඒකෙත් එක පැත්තකට වැඩිපුර. 0:09:11.319,0:09:13.976 ඔබ පිටසක්වළ ජීවියෙකු හැටියට අධ්‍යාපනය[br]දිහා බලලා, 0:09:14.000,0:09:16.976 ඇහුවොත්, "පොදු අධ්‍යාපනය කුමක් සඳහාද?"[br]කියා, 0:09:17.000,0:09:19.776 මෙකේ ප්‍රතිඵලය අනුව ඔබ නිගමනය කරයි 0:09:19.800,0:09:21.176 මේකෙදි සාර්ථක වන්නේ 0:09:21.200,0:09:22.976 කරන්න නියම දේ කරන අය, 0:09:23.000,0:09:25.731 ඒ අයට තමයි ලකුණු ලැබෙන්නේ,[br]ඒ අය තමයි ජය ගන්නේ-- 0:09:25.755,0:09:29.094 ඔබට නිගමනය කරන්න වේවි, පොදු අධ්‍යාපනයේ [br]අරමුණ තමයි, 0:09:29.118,0:09:30.215 ලෝකය පුරා, 0:09:30.239,0:09:32.192 විශ්ව විද්‍යාල මහාචාර්යවරැ බිහි කරන එක.[br] 0:09:32.216,0:09:33.527 එහෙම නේද? 0:09:33.551,0:09:35.534 ඒ අය තමයි ඉහළටම යන්නේ. 0:09:35.558,0:09:37.737 ඇත්තටම මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා. 0:09:37.761,0:09:40.397 (සිනහව) 0:09:40.421,0:09:43.522 මම සරසවි මහාචාර්යවරැන්ට කැමතියි ඒත් 0:09:43.546,0:09:45.021 අපි ඒ අයට සැලකිය නොයුතුයි, 0:09:45.045,0:09:47.976 මනුෂ්‍ය ජයග්‍රහණවල ඉහළම දේ ලෙස. 0:09:48.000,0:09:49.976 ඒ අය එක්තරා ජීවී කොට්ඨාශයක් පමණයි, 0:09:50.000,0:09:51.560 වෙනස් ජීවි කොට්ඨාශයක්. 0:09:51.584,0:09:54.882 ඒත ඒ අයගේ තරමක අමුත්තක් තිබෙනවා, මම [br]මේක කියන්නේ ඒ අයට තිබෙන ආදරයට, 0:09:54.906,0:09:57.876 මගේ අත්දැකීමේ හැටියට මහාචාර්යවරැ ළඟ [br]යම් අමුත්තක් තිබෙනවා-- 0:09:57.900,0:10:00.576 හැම කෙෙනක්ම නෙවෙයි ඒත් බොහෝ දෙනා[br]ජීවත් වන්නේ තමන්ගේ ඔළුවේ. 0:10:00.600,0:10:03.163 ඒ අය ඒ කොටසේ ජීවත් වන්නේ ඒකත් [br]පැත්තකට බර වෙලා. 0:10:03.495,0:10:06.869 එක් පැත්තකින් බැලුවම ඒගොල්ලන්ට [br]සිරැරක් නැහැ වගේ. 0:10:06.893,0:10:10.106 ඒ අය සිරැර දිහා බලන්නේ හිස එහා [br]මෙහා ගෙනයන්න තිබෙන වාහනයක් වගේ. 0:10:10.106,0:10:16.176 (සිනහව) 0:10:16.200,0:10:17.216 එහෙම නෙවෙයිද? 0:10:17.240,0:10:19.462 ඒක තමන්ගේ හිස රැස්වීම්වලට ගෙනයන්න [br]තිබෙන විදිය. 0:10:19.486,0:10:22.022 (සිනහව) 0:10:25.022,0:10:28.852 ඔබට මනෝකාය අත්දැකීම් පිළිබඳ [br]සාක්ෂි අවශ්‍ය නම්, 0:10:28.876,0:10:32.362 යන්න ජේ‍්‍යෂ්ඨ විද්වතුන්ගේ නේවාසික[br]සමුළුවකට, 0:10:32.386,0:10:34.629 එහි අවසන් දා රෑ ඩිස්කෝ නැටුමට යන්න. 0:10:34.653,0:10:37.454 (සිනහව) 0:10:37.478,0:10:38.834 එතකොට ඔබ එය දකීවි. 0:10:38.858,0:10:42.976 වැඩිහටි පිරිමි හා ගැහැණු කෙළවරක් නැතිව[br]ඇඹරෙනවා, තිත අල්ලගන්න බැරුව. 0:10:43.000,0:10:45.867 (සිනහව) 0:10:45.891,0:10:49.216 ඒක ඉවරයක් වෙනකල් බලා ඉන්නවා ගෙදර ගිහින්[br]ඒ ගැන ලිපියක් ලියන්න. 0:10:49.240,0:10:51.144 (සිනහව) 0:10:51.168,0:10:55.011 අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැඟිලා තිබෙන්නේ [br]ශාස්ත්‍රීය හැකියාව යන අදහස මතයි. 0:10:55.035,0:10:56.276 ඒකට හේතුවක් තිබෙනවා. 0:10:56.300,0:10:59.856 ලෝකය වටා පොදු අධ්‍යාපන පද්ධතියක්[br]තිබුණේ නැහැ, 0:10:59.880,0:11:01.986 19 වැනි ශතවර්ෂයට පෙර. 0:11:02.010,0:11:04.967 ඒසියල්ල බිහි වුණේ කාර්මිකකරණයේ[br]අවශ්‍යතාවය පිරිමැසීමටයි. 0:11:05.269,0:11:07.432 ඒ නිසා මේ උස් පහත් භේදයට අදහස් දෙකක්[br]මූලිකයි. 0:11:07.456,0:11:12.053 පළමුව, රැකියාවට ප්‍රයෝජන විෂයයන් තිබුණේ[br]ඉහළින්. 0:11:12.077,0:11:14.108 බොහෝවිට ඔබව කරුණාවෙන් [br]ඉවත් කරන්න ඇති, 0:11:14.132,0:11:17.066 කුඩා කල පාසලේදී, ඔබ කැමති දේවල්වලින්, 0:11:17.090,0:11:20.476 හේතු වශයෙන් කියලා එයින් රැකියාවක් [br]නොලැබන බව. ඒක නිවැරදියිද? 0:11:20.500,0:11:22.881 සංගීතය ඉගෙන ගන්න එපා, ඔබ සංගීතඥයෙක් [br]වෙන්නේ නැහැ; 0:11:22.905,0:11:24.706 චිත්‍ර එපා, ඔබ ශිල්පියෙක් වන්නේ නෑ. 0:11:24.730,0:11:28.150 කාරුණික අවවාද--ඒත් දැන්, ගැඹුරැ [br]වැරැද්දක්. 0:11:28.174,0:11:30.319 මුලු ලොවම විප්ලවයක ගිලිලා. 0:11:30.343,0:11:32.440 දෙවැන්න තමයි ශාස්ත්‍රීය හැකියාව, 0:11:32.464,0:11:35.349 එය අපි බුද්ධිමත්බව ගැන සිතන ආකාරයට[br]බලපෑම් කරනවා, 0:11:35.373,0:11:38.276 හේතුව, සරසවි මඟින් පද්ධතිය සැකසුණේ[br]ඒ ප්‍රතිරූපයට අදාළවයි. 0:11:38.300,0:11:41.794 අපි හිතලා බැලුවොත්, ලෝ වටාම පොදු [br]අධ්‍යාපනය 0:11:41.818,0:11:44.044 විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සැකසුණු [br]එකක්. 0:11:44.068,0:11:46.401 ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ හැකියාවන් වැඩි, 0:11:46.425,0:11:48.860 ඉතා දක්ෂ, නිර්මාණශීලී අය [br]හිතන්නේ එහෙම නෑ කියලා, 0:11:48.884,0:11:51.022 ඒ මොකද ඒ අය පාසලේදී දක්ෂතාවය[br]පෙන්වූ දෙය 0:11:51.046,0:11:53.154 එක්කෝ අගය කළේ නැහැ, නැතිනම්[br]ලැජ්ජාවට පත් කරා. 0:11:53.383,0:11:55.679 අපි මේක තව දුරටත් කරගෙන යන එක[br]හොඳ දෙයක් නෙවෙයි. 0:11:55.703,0:11:58.167 UNESCO සංවිධානය කියන ආකාරයට,[br]මීළඟ වසර 30 තුළ, 0:11:58.191,0:12:01.001 ලෝ වටා බොහෝ දෙනෙක් උපාධි ලබනවා 0:12:01.025,0:12:03.571 අධ්‍යාපනය තුළින් මෙතෙක් ඉතිහාසයේ[br]ලැබුවාට වඩා වැඩියෙන්. 0:12:03.595,0:12:07.276 ඒකට හේතුව අපි කථා කරපු සියලු දේවල්වල[br]එකතුව-- 0:12:07.300,0:12:10.348 තාක්ෂණය හා එමඟින් කාර්යයන්හි සිදු කරන[br]වෙනස, ජනවිකාශනය 0:12:10.372,0:12:12.176 හා ජනගහනයේ විශාල වැඩිවීම. 0:12:12.200,0:12:15.065 එකවරම උපාධිවලට තිබෙන වටිනාකම [br]නැති වෙනවා. 0:12:15.089,0:12:16.469 ඒක අැත්ත නෙවෙයිද? 0:12:16.723,0:12:19.476 මම ඉගෙන ගන්න කාලේ, උපාධියක් තිබුණා[br]නම්, රැකියාවක් ලැබෙනවා. 0:12:19.500,0:12:22.276 ඔබට රැකියාවක් තිබුණේ නැතිනම් ඒ කියන්නේ[br]ඔබට ඒක අනවශ්‍ය වුණා. 0:12:22.300,0:12:24.976 මට නම් ඇත්තටම ඕනෑ වුණේ නැහැ. (සිනහව) 0:12:25.000,0:12:29.074 ඒත් දැන් උපාධි තිබෙන ළමුන් 0:12:29.098,0:12:32.143 බොහෝ වෙලාවට ගෙදර යනවා වීඩියෝ ගේම්[br]ගහන්න, 0:12:32.167,0:12:35.365 හේතුව කලින් උපාධියක් ඉල්ලූ රැකියාවල දැන්[br]ඉල්ලන්නේ පශ්චාත් උපාධි, 0:12:35.389,0:12:37.176 ඒ තැන්වල දැන් ඉල්ලන්නේ ආචාර්ය උපාධි. 0:12:37.200,0:12:38.400 එය ශාස්ත්‍රීය උද්ධමනයේ ක්‍රියාවලියක්. 0:12:38.400,0:12:41.400 එයින් හැඟෙන්නේ මුළු අධ්‍යපන සැලැස්මම 0:12:41.400,0:12:42.833 අපේ කකුල් යට දෙදරනවා කියන එක. 0:12:42.857,0:12:45.477 අපි බුද්ධිමත්බව ගැන බලන විදියට විප්ලවීය[br]වෙනසක් අවශ්‍යයි. 0:12:45.501,0:12:47.496 අපි බුද්ධිමත්භාවය ගැන දේවල් තුනක් දන්නවා. 0:12:47.520,0:12:48.747 එක, ඊට විවිධත්වයක් තිබීම. 0:12:48.771,0:12:51.776 අපි ලෝකය අත්විඳින සෑම ආකාරයකටම අපි [br]ලෝකය ගැන හිතනවා. 0:12:51.800,0:12:54.776 දෘෂ්ටිය මුල්කර හිතනවා, ඇසීම මුල්කර[br]හිතනවා, දැනීම මුල්කර හිතනවා. 0:12:54.800,0:12:57.101 අමූර්ත දේ මුල් කර හිතනවා, චලනය[br]මුල් කර හිතනවා. 0:12:57.246,0:12:59.000 දෙවනුව, බුද්ධිමත්බව වෙනස් වන දෙයක්. 0:12:59.587,0:13:01.976 අපි මිනිස් මොළයේ අන්තර්ක්‍රියා බැලූ විට, 0:13:02.000,0:13:04.976 ඊෙය් දවසේ ඉදිරිපත් කිරීම් කිහිපයකින් [br]අහන්න ලැබුණා වගේ, 0:13:05.000,0:13:06.976 බුද්ධිමත්බව අපූරැ අන්තර්ක්‍රියා සහිතයි. 0:13:07.000,0:13:09.238 මොළය පෙට්ටි වලට බෙදිලා නැහැ. 0:13:09.873,0:13:12.976 ඇත්තටම නිර්මාණශීලිත්වය--[br]මම අර්ථ දක්වන්නේ ඒක ක්‍රියාවලියක් 0:13:13.000,0:13:15.325 වටිනාකමක් තිබෙන නැවුම් අදහස්[br]ඇති කරගන්නා-- 0:13:15.349,0:13:18.001 එය බොහෝ විට සිදු වන්නේ අන්තර්ක්‍රියා නිසා 0:13:18.025,0:13:21.025 දේවල් දිහා විවිධාකාර ලෙස බැලීමෙන්[br]ඇතිවන. 0:13:22.310,0:13:25.976 දන්නවාද, මොළයේ කොටස් දෙක යා කරන [br]ස්නායු කඳක් තිබෙනවා 0:13:26.000,0:13:27.491 ඒකට කියන්නේ කෝපස් කැලෝසම්. 0:13:27.515,0:13:28.781 ඒක ස්ත්‍රීන්ගේ වඩා ඝනයි. 0:13:29.088,0:13:30.829 ඊයේ හෙලන්ගේ කථාව මතක් කළොත්, 0:13:30.853,0:13:33.976 ඒක වෙන්න ඇති ස්ත්‍රීන්ට වඩා හොඳින් [br]එක වර බොහෝ දේ කළ හැක්කේ. 0:13:34.000,0:13:35.817 ඕගොල්ලෝ එහෙම කරනවා, නැද්ද? 0:13:35.841,0:13:39.048 මේ ගැන ගොඩක් පර්යේෂණ තිබුණත්[br]මම ඒක දන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙන්. 0:13:39.738,0:13:44.976 මගේ බිරිඳ ගෙදර උයනවා නම්--[br]වාසනාවකට නිතර එහෙම කරන්නේ නැහැ. 0:13:45.000,0:13:47.854 (සිනහව) 0:13:47.878,0:13:50.376 එයා ඇතැම් දේවල් වලට දක්ෂයි,[br]ඒත් එයා උයනවා නම්, 0:13:50.400,0:13:52.276 ඒ අතරම දුරකථනයෙන් කථා කරනවා, 0:13:52.300,0:13:54.856 දරැවන්ට කථා කරනවා, සිවිලිමේ තීන්ත ගානවා, 0:13:54.880,0:13:57.976 විවෘත හෘද සැත්කමක් කරනවා. 0:13:58.000,0:14:00.976 මම උයනවා නම්, දොර වහලා; දරුවෝ එළියට [br]දමලා, 0:14:01.000,0:14:03.976 දුරකථනය පැත්තකින් තියලා, බිරිඳ ආවොත් මට [br]තරහා යනවා. 0:14:04.000,0:14:07.071 මම කියනවා, "ෙටරි, කරුණාකරලා අහන්න, මම [br]මෙතන බිත්තරයක් බදිනවා." 0:14:07.095,0:14:13.825 (සිනහව) 0:14:14.254,0:14:15.454 "මට ඉන්න දෙන්න." 0:14:15.478,0:14:17.198 (සිනහව) 0:14:17.222,0:14:19.721 ඔබ අර පරණ දාර්ශනික කථාව දන්නවාද, 0:14:19.745,0:14:22.998 ඒ කිව්වේ, කැළයක ගසක් වැටිලා ඒක කාටත්[br]ඇසුණේ නැතිනම්, ඒක වුණාද කියන එක? 0:14:23.252,0:14:24.581 ඒක මතකද? 0:14:24.605,0:14:27.014 මම අපූරැ ටී-ෂර්ට් එකක් ළඟදී දැක්කා[br]මෙෙහම ගහපු, 0:14:27.038,0:14:30.976 "මිනිසෙක් කැළයකදී තමන්ෙග් හිතේ තිබෙන දේ[br]කියද්දි කිසිම කාන්තාවකට එය නොඇසුණි නම්, 0:14:31.000,0:14:32.396 ඔහු කියපු දේ ඒත් වැරදියිද?" 0:14:32.420,0:14:38.026 (සිනහව) 0:14:39.976,0:14:41.976 බුද්ධිමත්බව ගැන තෙවැන්න තමයි, 0:14:42.000,0:14:43.369 එය වෙන් ව හඳුනා ගත හැකියි. 0:14:43.754,0:14:46.327 මම අලුත් පොතක් ලියනවා මේ දවස්වල, [br]නමින් "එපිෆනි", 0:14:46.351,0:14:48.825 ඒකට පදනම කිහප දෙනෙකු සමඟ කළ [br]සම්මුඛ සාකච්ඡා 0:14:48.849,0:14:50.769 ඔවුන් තමන්ගේ දක්ෂතා හඳුතා ගත් ආකාරය. 0:14:50.793,0:14:52.963 ඒ අය එතැනට පැමිණි ආකාරය මට [br]සිත්ගන්නාසුලුයි. 0:14:52.986,0:14:56.176 ඒක පටන් ගත්තේ අපූරැ කාන්තාවක් සමඟ ඇතිවූ[br]කථා බහකින් 0:14:56.200,0:14:58.876 බොහෝ දෙනා අහලා නැති කෙනෙක්, [br]ජිලියන් ලින්. 0:14:58.900,0:15:00.530 අහලා තිබෙනවාද ඇය ගැන? සමහර අය. 0:15:00.554,0:15:03.076 ඈ නැටුම් රචනා කරන්නියක්,[br]හැමෝම ඒ නිර්මාණ හඳුනනවා. 0:15:03.100,0:15:05.101 ඒ "කැට්ස්" හා "ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා." 0:15:05.125,0:15:06.103 ඈ අපූරැයි. 0:15:06.127,0:15:08.273 මම "ද රෝයල් බැලේ" හි මණ්ඩලයේ සිටි[br]බව 0:15:08.297,0:15:09.498 ඕගොල්ලන්ට පේනවා ඇති. 0:15:09.522,0:15:11.922 ජිලියන් සහ මම දිනක් දවල් කෑමට ගියා.[br]මම කිව්වා, 0:15:12.047,0:15:13.847 "ඔයා කොහොමද නැටුමට යොමු වුණේ?" 0:15:13.976,0:15:14.976 ඒක සිත්ගන්නාසුලුයි. 0:15:15.000,0:15:17.350 ඇය පාසලේදී ගොඩක් අසාර්ථක වෙලා. 0:15:17.374,0:15:20.976 1930 ගණන් වලදී මේ පාසල ඇගේ දෙමව්පියන්ට [br]ලියලා තිබෙනවා, 0:15:21.000,0:15:23.000 "අපි හිතන්නේ ජිලියන්ට ඉගෙනීමේ ආබාධයක්." 0:15:23.024,0:15:25.166 ඇයට අවධානයෙන් සිටීමට නොහැකි වුණා,[br]දඟලනවා. 0:15:25.190,0:15:28.480 දැන් නම් කියයි ඇයට ADHD තිබෙනවා කියලා. [br]එහෙම නේද? 0:15:28.504,0:15:32.563 ඒත මේ 1930 ගණන්, එතකොට ADHD [br]නිපදවලා තිබුණේ නැහැ. 0:15:32.587,0:15:34.976 ඒක යොදා ගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි[br]එතකොට. 0:15:35.000,0:15:37.737 (සිනහව) 0:15:37.761,0:15:39.821 ඒ අය දන්නේ නෑ ඒ ලෙඩේ හැදෙන්න[br]පුළුවන් කියා. 0:15:39.845,0:15:41.979 (සිනහව) 0:15:43.305,0:15:46.305 ඈ ගියා විශේෂඥයෙක් හමුවන්න. 0:15:46.305,0:15:50.027 ඔක් ලී පනෙල සහිත කාමරයක ඈ සිටියා [br]ඇගේ මව සමඟ, 0:15:50.051,0:15:52.528 කෙළවරේ පුටුවක ඇයව වාඩි කරා, 0:15:52.552,0:15:56.191 විනාඩි 20 ක් ඈ ඇගේ අත්ල උඩ වාඩිවී සිටියා, [br]ඇගේ මව මේ කෙනා සමඟ කථා කරන තෙක්, 0:15:56.215,0:15:58.543 ජිලියන්ට පාසලේ තිබෙන ප්‍රශ්න ගැන. 0:15:58.567,0:16:02.244 ඇය අනිත් අයට බාධා කරනවා; ගෙදර වැඩ [br]හැම තිස්සෙම පරක්කුයි වගේ දේවල්, 0:16:02.268,0:16:03.364 වයස අටක දැරියක්. 0:16:03.388,0:16:06.443 ඊට පස්සේ දොස්තර ජිලියන් ළඟ වාඩි [br]වෙලා කිව්වා, 0:16:06.467,0:16:09.172 "මම අහගෙන හිටියා ඔයාගේ අම්මා මට[br]කියපු දේවල්, 0:16:09.196,0:16:10.815 මට දැන් තනිවම ඇයට කථා කරන්න ඕනෑ. 0:16:10.839,0:16:13.215 මෙතන ඉන්න. අපි අාපසු එනවා; වැඩි වෙලා [br]යන්නේ නැහැ." 0:16:13.239,0:16:15.564 එයාව ඉන්දලා ඒ දෙන්නා පිට වුණා. 0:16:15.588,0:16:17.224 ඒත් කාමරයෙන් පිටවෙද්දි, 0:16:17.248,0:16:19.748 ඔහු ඔහුගේ මේසය මත තිබූ ගුවන් විදුලිය[br]ක්‍රියාත්මක කරා. 0:16:20.342,0:16:23.772 එළියට ගියාම ඔහු ඇගේ අම්මාට කිව්වා, [br]"ඔහොම හිටගෙන ඇය දිහා බලන්න." කියලා. 0:16:24.000,0:16:26.991 ඒ දෙන්නා කාමරයෙන් පිට වුණු විගසම, 0:16:27.015,0:16:29.499 ඇය නැඟිටලා සංගීතයට නටන්න ගත්තා. 0:16:29.523,0:16:32.976 දෙන්නා විනාඩි කිහිපයක් ඈ දිහා බලාගෙන[br]සිටියා. ඔහු ඇගේ මවට කිව්වා, 0:16:33.000,0:16:36.976 "ලින් මහත්මිය, ජිලියන්ට අසනීපයක් නැහැ.[br]ඇය නැටුම් ශිල්පිනියක්. 0:16:37.000,0:16:38.976 ඇයව නැටුම් පාසලකට යවන්න." 0:16:39.000,0:16:40.976 මම ඇහුවා, "ඉතින් මොකද වුණේ?" 0:16:41.000,0:16:43.976 ඇය කිව්වා, "ඈ ඒක කරා. ඒක කෙතරම් අපූරැ [br]දෙයක් වුණාද. 0:16:44.000,0:16:46.753 අපි එහි කාමරයක් ඇතුළට ගියා, එතැන [br]ඔක්කොම හිටියේ මම වගේ අය. 0:16:46.777,0:16:48.976 එක තැනක ඉන්න බැරි අය. 0:16:49.000,0:16:53.587 හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය."[br]හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය 0:16:53.746,0:16:57.376 ඒ අය බැලේ ඉගෙන ගත්තා, ටැප්, ජෑස් ඉගෙන[br]ගත්තා, නූතන හා සමකාලීන නැටුම් කරා. 0:16:57.400,0:17:00.220 පසුව ඇය "රෝයල් බැලේ ස්කූල්" එකට [br]ඉදිරිපත් වුණා; 0:17:00.244,0:17:03.543 ඇය හුදකලා ශිල්පිනියක් වුණා; Royal Ballet[br]School හි විශිෂ්ටව වැඩ කරා. 0:17:03.567,0:17:06.175 පසුව එයින් උපාධිය ලැබූ පසු 0:17:06.200,0:17:08.175 "ජිලියන් ලින් නර්ථන සමාගම" ඇරඹුවා, 0:17:08.180,0:17:09.583 අැන්ඩෘ ලොයිඩ් වෙබර් හමු වුණා. 0:17:09.583,0:17:10.977 අැය වගකීම දැරුවා 0:17:11.001,0:17:14.147 ඉතිහාසයේ තිබූ සාර්ථකම සංගීතමය නාට්‍ය[br]සමහරකට, 0:17:14.172,0:17:17.244 ඇය මිලියන සංඛ්‍යාවකට සතුට බෙදලා තිබෙනවා,[br]ඒ වගේම ඇය කෝටිපතයෙක්. 0:17:17.269,0:17:21.339 වෙන කෙනෙක් වුණා නම් ඇයට බෙහෙත් දීලා කියනවා[br]සංසුන් වන්න කියලා. 0:17:21.364,0:17:28.146 (අත්පොළසන්) 0:17:28.575,0:17:30.176 ඒ සිද්ධියෙන් තෙරුම් යන දේ තමයි: 0:17:30.200,0:17:31.976 ඇල් ගෝර් කථා කරා කලින් දා රෑ 0:17:32.000,0:17:36.269 පරිසර විද්‍යාව හා රේෂල් කාසන් විසින් ඇති[br]කරපු විප්ලවය ගැන. 0:17:37.111,0:17:39.277 මම හිතන්නේ අපේ අනාගතයට තිබෙන එකම[br]බලාපොරොත්තුව 0:17:39.301,0:17:43.134 මිනිස් පරිසරය ගැන අලුත් සංකල්පයක් [br]භාවිතයට ගැනීම, 0:17:43.158,0:17:45.976 එහි අරඹා ප්‍රතිනිර්මාණය කිරීම 0:17:46.000,0:17:47.976 මිනිස් හැකියාවේ සරැබව. 0:17:48.000,0:17:51.499 අපේ අධ්‍යාපන පද්ධතිය අපේ සිත් සූරා කා[br]තිබෙනවා, 0:17:51.523,0:17:54.799 අපි සම්පත් සඳහා පොළොව සූරා කන[br]ආකාරයටම. 0:17:55.188,0:17:57.672 අනාගතයේදී ඒක හරි යන්නේ නැහැ. 0:17:57.696,0:17:59.976 අපි නැවත සකස් කළ යුතුයි මූලධර්ම 0:18:00.000,0:18:01.968 අපේ ළමුන්ගේ ඉගෙනීමට පදනම් වන. 0:18:02.087,0:18:04.761 ජෝනස් සෝල්ක් වරක් කියූ වටිනා කියමනක්[br]තිබෙනවා, 0:18:04.785,0:18:09.824 "පෘථිවියෙන් සියලුම කෘමීන් අතුරැදහන්[br]වුවොත්, 0:18:09.848,0:18:12.689 තව අවුරැදු 50 දී පෘථිවිය ජීවීන්ගෙන් තොර[br]වේවි. 0:18:13.688,0:18:16.760 මනුෂ්‍යයින් පෘථිවියෙන් අතුරැදහන් වූවොත්, 0:18:16.784,0:18:19.418 අවුරැදු 50 දී සියලුම ජීවීන් වැජඹේවි." 0:18:20.244,0:18:21.529 ඔහු නිවැරදියි. 0:18:22.291,0:18:25.925 TED සමරන්නේ මිනිස් පරිකල්පනය නම් තිළිණයයි. 0:18:26.417,0:18:28.488 අපි ප්‍රවේශම් විය යුතුයි, 0:18:28.512,0:18:30.767 මේ තිළිණය බුද්ධිමත්ව භාවිතා කිරීමට 0:18:30.791,0:18:34.020 එමඟින් අපි කථා කළ ඇතැම් සිද්ධි [br]මග හරවා ගැනීමට. 0:18:34.044,0:18:37.976 ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි අපේ [br]නිර්මාණශීලී හැකියාවක් දකින එක 0:18:38.000,0:18:39.610 ඒවායේ නියම වටිනාකමින් 0:18:39.634,0:18:42.816 ඒ වගේම අපේ ළමුන් අපේ බලාපොරොත්තුව[br]ලෙස දකින එක. 0:18:42.840,0:18:45.238 අපේ කාර්යය ඔවුුන්ගේ සෑම අංශයකටම[br]අධ්‍යාපනය දීමයි, 0:18:45.262,0:18:46.746 ඒ අයට මේ අනාගතයට මුහුණ දීමට. 0:18:46.770,0:18:48.976 අපි මේ අනාගතය දකින්න නොසිටින්න[br]පුළුවන්, 0:18:49.000,0:18:50.430 ඒත් ඒ අය එය දකීවි. 0:18:50.454,0:18:53.533 අපේ කාර්යය තමයි ඉන් යමක් කිරීමට ඔවුන්ට[br]උපකාරී වීම. 0:18:53.557,0:18:54.557 (බොහොම ස්තූතියි) 0:18:54.581,0:18:57.581 (අත්පොළසන්)