< Return to Video

පාසල් ක්‍රමය විසින් නිර්මාණශීලිත්වය විනාශ කෙරේද?

  • 0:00 - 0:05
    සුබ උදෑසනක්. ඔබට කොහොමද?
  • 0:05 - 0:06
    (සිනහව)
  • 0:06 - 0:08
    හැම දෙයක්ම ඉතා හොඳින් සිදු වුණා,
    එහෙම නේද?
  • 0:08 - 0:11
    මම නම් මේක නිසා මුසපත් වෙලා ඉන්නේ.
  • 0:11 - 0:12
    ඒ නිසා මම මෙතැනින් යනවා.
  • 0:12 - 0:18
    (සිනහව)
  • 0:18 - 0:21
    මේ සමුුළුවේ තේමාවල් තුනක්
    දකින්නට තිබුණා
  • 0:21 - 0:24
    මගේ කථාවට අදාළ වන.
  • 0:24 - 0:28
    පළමුවැන්න තමයි තිබුණු සාක්ෂි මනුෂ්‍යයින්ගේ
    අරැම පුදුම නිර්මාණශීලිත්වයට
  • 0:28 - 0:31
    අපි දැකපු සියලුම ඉදිරිපත් කරීම් වලත්
  • 0:31 - 0:33
    මෙහි සිටින සියලුම දෙනා තුලත්.
  • 0:33 - 0:35
    එහි විවිධත්වය මෙන්ම පරාසයත්.
  • 0:36 - 0:38
    දෙවැන්න තමයි ඒක අපිව ගෙනත් තිෙබනවා
    තැනකට
  • 0:38 - 0:41
    අපිට කිසිම අදහසක් නැහැ කුමක් වේවිද
    කියා
  • 0:41 - 0:42
    අනාගතය අතින් බැලූ විට.
  • 0:42 - 0:45
    ඒක කොයි අතට හැරෙයිද කියලා කයන්න බැහැ.
  • 0:45 - 0:47
    මට අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා.
  • 0:47 - 0:51
    අපි හැමදෙනාටම අධ්‍යාපනය ගැන
    උනන්දුවක් තිබෙනවා.
  • 0:51 - 0:52
    එහෙම නැද්ද?
  • 0:52 - 0:54
    මේක මට හරිම සිත්ගන්නාසුලුයි.
  • 0:54 - 0:55
    ඔබ රාත්‍රි භෝජන සංග්‍රහයක සිටිනා විට
  • 0:56 - 0:58
    ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරන බව
    පැවසුවහොත්--
  • 0:58 - 1:01
    ඇත්තටම, ඔබ රාත්‍රි භෝජන සංග්‍රහ වලට
    වැඩිපුර යන්නේ නැහැ.
  • 1:01 - 1:05
    (සිනහව)
  • 1:05 - 1:07
    ඔබ අධ්‍යාපනයට රැකියාව කරනවා නම් ආරධනා
    ලැබෙන්නේ නැහැ.
  • 1:07 - 1:10
    (සිනහව)
  • 1:10 - 1:14
    ඔබට නැවත ආරාධනා ලැබෙන්නෙත් නැහැ.
    ඒක මට හිතෙන්නේ අමුතු දෙයක්.
  • 1:14 - 1:16
    ඒත එහෙම ගියොත්, ඔබ කාට හරි කිව්වොත්,
  • 1:16 - 1:18
    ඒ අය අහනවා, "ඔබ මොකද කරන්නේ?" කියලා.
  • 1:18 - 1:20
    ඔබ කියනවා අධ්‍යාපන රැකියාවක් කියලා,
  • 1:20 - 1:22
    ඒ අයගේ මුහුණු සුදුමැලි වෙනවා ඔබට පෙනේවි.
  • 1:22 - 1:24
    ඒ අයට හිතෙයි, "දෙයියෝ සාක්කි,
    ඇයි මට මේක වුණේ?"
  • 1:24 - 1:26
    (සිනහව)
  • 1:26 - 1:28
    "මුලු සතියටම රැයක් එළියට ගියාමයි."
  • 1:28 - 1:30
    (සිනහව)
  • 1:30 - 1:34
    ඒත් ඔබ ඒ අයගේ අධ්‍යාපනය ගැන විමසුවොත්
    ගැලවිල්ලක් නැති වෙනවා.
  • 1:34 - 1:37
    ඒ මොකද ඒක මිනිසුන්ට ගැඹුරට වදින දෙයක්
    නිසා, මම හරි නේද?
  • 1:37 - 1:41
    අාගම, සල්ලි හා එවැනි අනෙකුත් දේ වගේ.
  • 1:41 - 1:45
    මට අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක්
    තිබෙනවා, මම හිතන්නේ හැමෝටම එහෙමයි.
  • 1:45 - 1:47
    අපිට ඒ ගැන තදබල උනන්දුවක් තිබෙනවා,
  • 1:47 - 1:50
    හේතුව අධ්‍යාපනය උදව් වෙනවා අපට ගෙනයන්න
    මේ අනාගතයට
  • 1:50 - 1:52
    අපිට තෙරුම් ගන්න අමාරු වන.
  • 1:52 - 1:55
    අපි හිතලා බැලුවොත්, මේ වසරේ පාසල් අරඹන
    දරුවන්,
  • 1:55 - 1:59
    විශ්‍රාම යනවා 2065.
  • 2:00 - 2:02
    කිසිකෙනෙකුට අදහසක් නැහැ,
  • 2:02 - 2:05
    පසුගිය දින හතර තුල දැකපු ප්‍රවීණත්වයන්
    කෙසේ වුණත්,
  • 2:05 - 2:07
    තව වසර පහකින් ලෝකය කෙලෙස වෙව්ද කියා.
  • 2:07 - 2:10
    ඒත් අපි ළමුන්ට ඒ සඳහා අධ්‍යාපනය
    දිය යුතුව තිබෙනවා.
  • 2:10 - 2:13
    ඒ නිසා එහි අවිනිශ්චිතභාවය මම හිතන්ෙන්
    අරැම පුදුමයි.
  • 2:13 - 2:14
    තෙවැනි කොටස තමයි
  • 2:14 - 2:16
    අපි ඒ කොහොම වුණත් ඔක්කොම එකඟ වුණා,
  • 2:16 - 2:22
    ළමුන්ට ඇති අරැම පුදුම හැකියාව--
  • 2:22 - 2:24
    නවෝත්පාදනය සඳහා ඇති හැකියාව.
  • 2:24 - 2:27
    නිදසුනක් ලෙස, ඊයේ රාත්‍රියේ සරීනා
    අතිවිශිෂ්ටයි නේද?
  • 2:27 - 2:28
    එයාට කරන්න පුළුවන් දේ බැලුවම.
  • 2:28 - 2:33
    ඈ සුවිශේෂි කෙනෙක්, ඒත් මම හිතන්නේ
    ඇය වන්නේ නැහැ
  • 2:33 - 2:37
    සුවිශේෂි කෙනෙක් සියලුම ළමුන් සලකන විට.
  • 2:37 - 2:40
    අැය අරැම පුදුම කැපකිරීමක් ඇති කෙනෙක්
  • 2:40 - 2:41
    යම් දක්ෂතාවයක් හඳුනා ගත්.
  • 2:41 - 2:44
    මගේ තර්කය ළමයි සියලු දෙනාටම
    දැවැන්ත දක්ෂතා ඇති බවයි.
  • 2:44 - 2:46
    අපි ඒවා ක්‍රෑර ලෙස අපතේ යවනවා.
  • 2:46 - 2:48
    ඉතින් මට අවශ්‍ය අධ්‍යාපනය ගැන කථා
    කිරීමටත්
  • 2:48 - 2:50
    නිර්මාණශීලිත්වය ගැන කථා කිරීමටත්.
  • 2:50 - 2:56
    මගේ තර්කය නිර්මාණශීලිත්වය වත්මන් අධ්‍යාපනය
    තුල ලිවීමේ කියවීමේ හැකියාව මෙන්ම වැදගත්,
  • 2:56 - 2:59
    ඒ නිසා අපි එයට එක සමාන වැදගත් කමක්
    දිය යුතුයි.
  • 2:59 - 3:01
    (අත්පොළසන්) ස්තූතියි.
  • 3:01 - 3:05
    (අත්පොළසන්)
  • 3:05 - 3:07
    ඉතින් එච්චර තමයි.
  • 3:07 - 3:08
    බොහොම ස්තූතියි.
  • 3:08 - 3:10
    (සිනහව)
  • 3:10 - 3:12
    තව විනාඩි 15 ක් තිබෙනවා.
  • 3:12 - 3:15
    (සිනහව)
  • 3:15 - 3:16
    ඉතින් මම ඉපදුණේ....නැහැ.
  • 3:17 - 3:20
    (සිනහව)
  • 3:20 - 3:22
    මට ළඟදී ලස්සන කථාවක් අහන්න ලැබුණා
    --මම ඒක කියන්න ආසයි--
  • 3:22 - 3:25
    චිත්‍ර පාඩමක සිටි කුඩා දැරියකගේ
    කථාවක් ඒක.
  • 3:25 - 3:27
    ඇයට වයස හයයි, පිටිපස්සේ ඉඳගෙන
    චිත්‍ර අඳිනවා.
  • 3:27 - 3:30
    ගුරැවරිය පැවසුවා මේ දැරිය සාමාන්‍යයෙන්
    අවධානය නොදෙන බව,
  • 3:30 - 3:32
    ඒත් මේ පාඩමේදී හිටියේ අවධානයෙන්.
  • 3:32 - 3:33
    ගුරැවරියගේ සිත මීට ඇදී ගියා.
  • 3:33 - 3:36
    ඇය දැරිය ළඟට ගිහින් ඇසුවා,
    "මොකක්ද ඔයා අඳින්නේ?
  • 3:36 - 3:39
    දැරිය කිව්වා, "මම දෙවියන්වහන්ෙස්ව අඳිනවා"
    කියලා.
  • 3:40 - 3:43
    ගුරැතුමිය කිව්වා, "ඒත් දෙවියන්වහන්සේගේ
    හැඩරැව කවුරුත් දන්නේ නැහැනේ."
  • 3:43 - 3:45
    දැරිය කිව්වා,
    "තව ටිකකින් හැමෝම දැනගනීවි."
  • 3:45 - 3:52
    (සිනහව)
  • 3:57 - 3:59
    මගේ පුතාට එංගලන්තයේදී වයස හතර වුණාම--
  • 3:59 - 4:02
    ඇත්තටම, එයාට එතකොට හැමතැනකම
    වයස හතරයි.
  • 4:02 - 4:03
    (සිනහව)
  • 4:03 - 4:07
    අපි ඒ ගැන හරියට බැලුවොත්, ඒ වසරේ එයා
    කොහෙ ගියත්, එයාගේ වයස හතරයි.
  • 4:07 - 4:09
    එයා රඟපෑවා ජේසුතුමාගේ උපත් කථා නාට්‍යයක.
    ඒ කථාව මතකද?
  • 4:09 - 4:11
    (සිනහව)
  • 4:11 - 4:13
    නැහැ, ඒක ලොකුයි, ලොකු කථාවක්.
  • 4:13 - 4:15
    මෙල් ගිබ්සන් ඒකට පසු රඟපෑමක් කරා.
    ඒක දකින්න ඇති.
  • 4:15 - 4:16
    (සිනහව)
  • 4:16 - 4:17
    "උත්පත්ති කථා II"
  • 4:18 - 4:22
    ඒත් ජේම්ස්ට ලැබුණේ ජෝසෆ්ගේ චරිතය.
    ඒක අපිට විශාල සතුටක් වුණා.
  • 4:22 - 4:24
    අපි ඒක ප්‍රධාන චරිතයක් ලෙස
    සැලකුවේ.
  • 4:24 - 4:27
    අපි එතැන පිෙරව්වා කට්ටිය මෙහෙම
    ලියූ ටී-ෂර්ට් අැඳපු:
  • 4:27 - 4:29
    "ජේම්ස් රොබින්සන් තමයි ජෝසෆ්!" (සිනහව)
  • 4:29 - 4:31
    එයාට කථා කරන්න අවශ්‍ය වුණේ නැහැ.
  • 4:31 - 4:33
    ඒත් ඕගොල්ලෝ දන්නවානේ රජවරැ තිදෙනා
    පැමිෙණන කොටස?
  • 4:33 - 4:36
    ඒ අය තෑගි ගේනවා, රන්, කට්ටකුමංචල් හා
    කලුවැල් ලෙස.
  • 4:36 - 4:37
    මේක ඇත්තටම සිදුවුණා.
  • 4:37 - 4:40
    අපි බලන් සිටියදී ඒගොල්ලෝ පිළිවෙල වෙනස්
    කරා,
  • 4:40 - 4:43
    ඒ මොකද, අපි පසුව කුඩා දරැවාගෙන්
    ඇහුවම,
  • 4:43 - 4:46
    "ඒක හරිද?" කියලා, එයා කිව්වා,
    "ඔව්, ඇයි? ඒක වැරදිද?" කියලා.
  • 4:46 - 4:47
    ඒගොල්ලෝ ඒක මාරැකරා.
  • 4:47 - 4:48
    ළමුන් තිදෙනා පැමිණියා,
  • 4:48 - 4:50
    සිවු හැවිරිදි අය, හිසේ අත්පිස්නා
    ගැට ගහගෙන,
  • 4:50 - 4:52
    ඒ අය මේ පෙට්ටි බිමින් තිබ්බා,
  • 4:52 - 4:54
    පළමුවැන්නා කිව්වා,
    "මම ඔබට රත්රන් ගෙනාවා."
  • 4:54 - 4:56
    දෙවැන්නා කිව්වා,
    "මම ඔබට කලුවැල් ගෙනාවා."
  • 4:56 - 4:58
    තෙවැන්නා කිව්වා, "ෆ්රෑන්ක් මේක එව්වා."
  • 4:58 - 5:01
    (සිනහව) (frankincense = කට්ටකුමංචල්)
  • 5:11 - 5:14
    මේ සෑම දේටම පොදු දේ තමයි, ළමුන්
    අවදානමක් ගන්නවා කියන එක.
  • 5:14 - 5:16
    දන්නේ නැතිවුණත්, උත්සාහ කරනවා.
  • 5:16 - 5:20
    මම හරි නේද? ඒගොල්ලෝ වරදිනවාට
    බය නැහැ.
  • 5:21 - 5:24
    මම කියන්නේ නැහැ වරද්දන එක
    නිර්මාණශීලිත්වයට සමානයි කියා.
  • 5:25 - 5:28
    අපි දන්න දේ තමයි, ඔබ වරද්දන්න
    ලැස්ති නැතිනම්,
  • 5:28 - 5:30
    ඔබ කවදාවත් අලුත් දෙයක් කරන්නේ නැහැ--
  • 5:30 - 5:32
    ඔබ වරද්දන්න ලෑස්ති නැතිනම්.
  • 5:33 - 5:37
    බොහෝ ළමුන් වැඩිහිටියන් වෙද්දි,
    ඒ හැකියාව නැතිවෙලා.
  • 5:37 - 5:40
    ඒ අය ඉන්නේ වරදිනවාට බය වෙලා.
  • 5:40 - 5:42
    අපි අපේ ආයතන දුවන්නෙත් මේ වගේ.
  • 5:42 - 5:43
    අපි වරදින එක ලැජ්ජාවක් කරනවා.
  • 5:43 - 5:46
    ඒ වගේම අපි දැන් ජාතික අධ්‍යාපන පද්ධති
  • 5:46 - 5:48
    දුවනවා, වරද්දන එක තමයි ඒකේ හැටියට
    නරකම දේ.
  • 5:49 - 5:52
    එහි ප්‍රතිඵලය තමයි අපි මිනිසුන්ව
    අධ්‍යාපනය භාවිතයෙන්
  • 5:52 - 5:54
    ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන්
    නැති කරනවා.
  • 5:54 - 5:59
    පිකාසෝ වරක් කිව්වා, සියලුම ළමයි උපදින්නේ
    චිත්‍ර ශිල්පීන් ලෙස කියලා.
  • 5:59 - 6:02
    ප්‍රශ්නය තමයි වයසින් වැඩෙද්දී චිත්‍ර
    ශිල්පියෙක් ලෙස සිටීම අපහසු වීම.
  • 6:02 - 6:05
    මම දැඩිව විශ්වාස කරන්නේ අපි
    නිර්මාණශීලිත්වයට නැඹුරැ වන්නේ නැහැ,
  • 6:05 - 6:07
    අපි ඉන් ඉවතට නැඹුරැ වෙනවා කියලයි.
  • 6:07 - 6:09
    අධ්‍යාපනය නිසා අපි ඉන් ඉවත්
    වෙනවා.
  • 6:09 - 6:11
    ඇයි මේක මෙහෙම වෙන්නේ?
  • 6:11 - 6:15
    මම මීට වසර 5 ට එහා වෙන කල් ජීවත් වුණේ
    ස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඒවන්හිදී.
  • 6:15 - 6:17
    අපි එහි සිටයි ලොස් ඇන්ජලීස්
    පදිංචියට ආවේ.
  • 6:18 - 6:21
    ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක කෙතරම්
    පහසු වෙනසක්ද කියලා.
  • 6:21 - 6:22
    (සිනහව)
  • 6:22 - 6:24
    අපි ජීවත් වුණේ ස්නිටර්ෆීල්ඩ් කියලා තැනක,
  • 6:24 - 6:26
    ස්ට්‍රැට්ෆර්ඩ්වලට පිටින්.
  • 6:26 - 6:28
    එතැන තමයි ෂේක්ස්පියර්ගේ තාත්තා ඉපදුණේ.
  • 6:28 - 6:30
    ඔබට අදහසක් පහළ වුණාද? මට එහෙම වුණා.
  • 6:30 - 6:33
    ෂේක්ස්පියර්ට පියෙක් හිටියා කියලා
    හිතෙන්නේ නෑ නේද?
  • 6:33 - 6:37
    ඒ මොකද, ෂේක්ස්පියර්ව ළමයෙක් විදියට
    අපි හිතන්නෙන් නැති නිසා, එහෙම නේද?
  • 6:37 - 6:39
    වයස අවුරැදු හතක ෂේක්ස්පියර්?
  • 6:39 - 6:40
    මට ඒක එහෙම හිතුණේ නැහැ.
  • 6:40 - 6:42
    යම් අවධියක එයා වයස හත පහු කළා.
  • 6:42 - 6:44
    එයා කාගේ හරි ඉංග්‍රීසි පංතියක
    ඉන්න ඇති නේද?
  • 6:44 - 6:51
    (සිනහව)
  • 6:51 - 6:52
    ඒක කෙතරම් කරදරයක් වේවිද?
  • 6:52 - 6:55
    (සිනහව)
  • 7:00 - 7:01
    "තව උත්සාහ කරන්න."
  • 7:01 - 7:05
    (සිනහව)
  • 7:05 - 7:08
    ෂේක්ස්පියර්ගේ තාත්තා එයාව නින්දට යවනවා,
    "දැන්මම ඇඳට යන්න!
  • 7:09 - 7:11
    ඔය පැන්සල පැත්තකින් තියන්න."
  • 7:11 - 7:12
    (සිනහව)
  • 7:12 - 7:13
    "නවත්තන්න ඔය කථා කරන විදිය."
  • 7:13 - 7:17
    (සිනහව)
  • 7:17 - 7:20
    "ඒකට අපේ ඔළුව අවුල් වෙනවා."
  • 7:20 - 7:24
    (සිනහව)
  • 7:24 - 7:29
    අපි ස්ට්‍රැට්ෆර්ඩ් සිට ලොස් ඇන්ජලීස් වලට
    පදිංචිය මාරැ කරා.
  • 7:29 - 7:32
    මම කැමතියි ඒ මාරැව ගැන වචනයක් කියන්න.
  • 7:32 - 7:33
    මගේ පුතා එන්න කැමති වුණේ නෑ.
  • 7:33 - 7:36
    මට දරැවෝ දෙන්නයි;
    පුතාට දැන් 21 යි, දුවට 16යි.
  • 7:36 - 7:38
    පුතා අකැමැති වුණා ලොස් ඇන්ජලීස් එන්න.
  • 7:38 - 7:41
    එයා එහෙට කැමතියි ඒත් එයාට පෙම්වතියක්
    හිටියා එංගලන්තයේ.
  • 7:41 - 7:45
    ඒ පරම ආදරිය වූ සේරා.
  • 7:45 - 7:46
    එයා ඇය හඳුනගෙන මාසයයි.
  • 7:46 - 7:48
    (සිනහව)
  • 7:48 - 7:50
    ඒත් දෙන්නා සිවුවැනි සංවත්සරයත් සමරලයි
    හිටියේ,
  • 7:50 - 7:53
    මොකද වයස 16දී මේක දිගු කාලයක්.
  • 7:53 - 7:54
    එයා ගුවන් යානයේදී හිටියේ දුකෙන්.
  • 7:54 - 7:57
    "මට ඇය වගේ කෙනෙක් ආයෙත්
    හමු වන්නේ නෑ." ඔහු කිව්වා.
  • 7:57 - 7:59
    ඇත්තටම අපි නම් ඒ ගැන සතුටු වුණා.
  • 7:59 - 8:02
    (සිනහව)
  • 8:07 - 8:10
    මොකද අපි රටින් පිට වෙන්න ප්‍රධානතම හේතුව
    වුණේ ඇයයි.
  • 8:10 - 8:13
    (සිනහව)
  • 8:16 - 8:18
    ඒත් යමක් හිතට වදිනවා ඇමෙරිකාවේ පදිංචි
    වුණාමත්
  • 8:18 - 8:20
    ලෝකය වටා සංචාරය කරාමත්.
  • 8:20 - 8:23
    ලෝකයේ සෑම තැනකම විෂයයන්ගේ
    සාපෙක්ෂ වැදගත්කම එක සමානයි.
  • 8:24 - 8:25
    හැම එකකම. කොහේ ගියත්.
  • 8:26 - 8:28
    ඔබ සිතයි ඒක එහෙම නෙවෙයි කියා, ඒත් ඒක
    එහෙම තමයි.
  • 8:28 - 8:30
    ඉහළින්ම තිබෙනවා ගණිතය හා භාෂාවන්,
  • 8:30 - 8:32
    ඊළඟට මානව අංශ විෂයයන්,
    පහළින්ම කලා විෂයයන්.
  • 8:32 - 8:33
    ලෝකයේ සෑම තැනකම.
  • 8:33 - 8:37
    සෑම පද්ධතියකම කලා විෂයයන් අතරත්
    සාපේක්ෂ වැදගත්කමක් තිබෙනවා.
  • 8:38 - 8:40
    පාසල්වල චිත්‍ර හා සංගීතයට වැඩි වැදගත්කමක්
    ලැබෙනවා
  • 8:40 - 8:42
    නාට්‍ය හා නර්ථනයට වඩා.
  • 8:42 - 8:44
    ලෝකයේ කොහෙවත් අධ්‍යාපන පද්ධතියක් නැහැ,
  • 8:44 - 8:46
    හැමදාම ළමුන්ට නර්ථනය උගන්වන
  • 8:46 - 8:48
    අපි ඒගොල්ලන්ට ගණිතය උගන්වනවා වගේ. ඒ අැයි?
  • 8:49 - 8:51
    ඇයි බැරි? මේක වඩා වැදගත් ප්‍රශ්නයක්.
  • 8:51 - 8:54
    මම හිතන්නේ ගණිතය ගොඩක් වැදගත්
    නර්ථනයත් ඒ වගේමයි.
  • 8:54 - 8:56
    ඔවුන්ට ඉඩ දෙනවා නම් ළමුන් හැම තිස්සේම
    නටයි. අපි හැමෝම එහෙමයි.
  • 8:56 - 8:59
    අපි හැමෝටම සිරුරක් තිබෙනවා නේද?
    මට යමක් අමතක වුණාද?
  • 8:59 - 9:02
    (සිනහව)
  • 9:03 - 9:05
    ඇත්තටම, ළමුන් වයසින් වැඩෙද්දි
    සුදුවන දේ තමයි,
  • 9:05 - 9:08
    අපි ඒ අයට ඉණෙන් ඉහළට ක්‍රමානුකූලව
    අධ්‍යාපනය ලබා දෙනවා.
  • 9:08 - 9:09
    ඊළඟට හිසට අවධානය දෙනවා.
  • 9:09 - 9:11
    ඒකෙත් එක පැත්තකට වැඩිපුර.
  • 9:11 - 9:14
    ඔබ පිටසක්වළ ජීවියෙකු හැටියට අධ්‍යාපනය
    දිහා බලලා,
  • 9:14 - 9:17
    ඇහුවොත්, "පොදු අධ්‍යාපනය කුමක් සඳහාද?"
    කියා,
  • 9:17 - 9:20
    මෙකේ ප්‍රතිඵලය අනුව ඔබ නිගමනය කරයි
  • 9:20 - 9:21
    මේකෙදි සාර්ථක වන්නේ
  • 9:21 - 9:23
    කරන්න නියම දේ කරන අය,
  • 9:23 - 9:26
    ඒ අයට තමයි ලකුණු ලැබෙන්නේ,
    ඒ අය තමයි ජය ගන්නේ--
  • 9:26 - 9:29
    ඔබට නිගමනය කරන්න වේවි, පොදු අධ්‍යාපනයේ
    අරමුණ තමයි,
  • 9:29 - 9:30
    ලෝකය පුරා,
  • 9:30 - 9:32
    විශ්ව විද්‍යාල මහාචාර්යවරැ බිහි කරන එක.
  • 9:32 - 9:34
    එහෙම නේද?
  • 9:34 - 9:36
    ඒ අය තමයි ඉහළටම යන්නේ.
  • 9:36 - 9:38
    ඇත්තටම මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා.
  • 9:38 - 9:40
    (සිනහව)
  • 9:40 - 9:44
    මම සරසවි මහාචාර්යවරැන්ට කැමතියි ඒත්
  • 9:44 - 9:45
    අපි ඒ අයට සැලකිය නොයුතුයි,
  • 9:45 - 9:48
    මනුෂ්‍ය ජයග්‍රහණවල ඉහළම දේ ලෙස.
  • 9:48 - 9:50
    ඒ අය එක්තරා ජීවී කොට්ඨාශයක් පමණයි,
  • 9:50 - 9:52
    වෙනස් ජීවි කොට්ඨාශයක්.
  • 9:52 - 9:55
    ඒත ඒ අයගේ තරමක අමුත්තක් තිබෙනවා, මම
    මේක කියන්නේ ඒ අයට තිබෙන ආදරයට,
  • 9:55 - 9:58
    මගේ අත්දැකීමේ හැටියට මහාචාර්යවරැ ළඟ
    යම් අමුත්තක් තිබෙනවා--
  • 9:58 - 10:01
    හැම කෙෙනක්ම නෙවෙයි ඒත් බොහෝ දෙනා
    ජීවත් වන්නේ තමන්ගේ ඔළුවේ.
  • 10:01 - 10:03
    ඒ අය ඒ කොටසේ ජීවත් වන්නේ ඒකත්
    පැත්තකට බර වෙලා.
  • 10:03 - 10:07
    එක් පැත්තකින් බැලුවම ඒගොල්ලන්ට
    සිරැරක් නැහැ වගේ.
  • 10:07 - 10:10
    ඒ අය සිරැර දිහා බලන්නේ හිස එහා
    මෙහා ගෙනයන්න තිබෙන වාහනයක් වගේ.
  • 10:10 - 10:16
    (සිනහව)
  • 10:16 - 10:17
    එහෙම නෙවෙයිද?
  • 10:17 - 10:19
    ඒක තමන්ගේ හිස රැස්වීම්වලට ගෙනයන්න
    තිබෙන විදිය.
  • 10:19 - 10:22
    (සිනහව)
  • 10:25 - 10:29
    ඔබට මනෝකාය අත්දැකීම් පිළිබඳ
    සාක්ෂි අවශ්‍ය නම්,
  • 10:29 - 10:32
    යන්න ජේ‍්‍යෂ්ඨ විද්වතුන්ගේ නේවාසික
    සමුළුවකට,
  • 10:32 - 10:35
    එහි අවසන් දා රෑ ඩිස්කෝ නැටුමට යන්න.
  • 10:35 - 10:37
    (සිනහව)
  • 10:37 - 10:39
    එතකොට ඔබ එය දකීවි.
  • 10:39 - 10:43
    වැඩිහටි පිරිමි හා ගැහැණු කෙළවරක් නැතිව
    ඇඹරෙනවා, තිත අල්ලගන්න බැරුව.
  • 10:43 - 10:46
    (සිනහව)
  • 10:46 - 10:49
    ඒක ඉවරයක් වෙනකල් බලා ඉන්නවා ගෙදර ගිහින්
    ඒ ගැන ලිපියක් ලියන්න.
  • 10:49 - 10:51
    (සිනහව)
  • 10:51 - 10:55
    අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැඟිලා තිබෙන්නේ
    ශාස්ත්‍රීය හැකියාව යන අදහස මතයි.
  • 10:55 - 10:56
    ඒකට හේතුවක් තිබෙනවා.
  • 10:56 - 11:00
    ලෝකය වටා පොදු අධ්‍යාපන පද්ධතියක්
    තිබුණේ නැහැ,
  • 11:00 - 11:02
    19 වැනි ශතවර්ෂයට පෙර.
  • 11:02 - 11:05
    ඒසියල්ල බිහි වුණේ කාර්මිකකරණයේ
    අවශ්‍යතාවය පිරිමැසීමටයි.
  • 11:05 - 11:07
    ඒ නිසා මේ උස් පහත් භේදයට අදහස් දෙකක්
    මූලිකයි.
  • 11:07 - 11:12
    පළමුව, රැකියාවට ප්‍රයෝජන විෂයයන් තිබුණේ
    ඉහළින්.
  • 11:12 - 11:14
    බොහෝවිට ඔබව කරුණාවෙන්
    ඉවත් කරන්න ඇති,
  • 11:14 - 11:17
    කුඩා කල පාසලේදී, ඔබ කැමති දේවල්වලින්,
  • 11:17 - 11:20
    හේතු වශයෙන් කියලා එයින් රැකියාවක්
    නොලැබන බව. ඒක නිවැරදියිද?
  • 11:20 - 11:23
    සංගීතය ඉගෙන ගන්න එපා, ඔබ සංගීතඥයෙක්
    වෙන්නේ නැහැ;
  • 11:23 - 11:25
    චිත්‍ර එපා, ඔබ ශිල්පියෙක් වන්නේ නෑ.
  • 11:25 - 11:28
    කාරුණික අවවාද--ඒත් දැන්, ගැඹුරැ
    වැරැද්දක්.
  • 11:28 - 11:30
    මුලු ලොවම විප්ලවයක ගිලිලා.
  • 11:30 - 11:32
    දෙවැන්න තමයි ශාස්ත්‍රීය හැකියාව,
  • 11:32 - 11:35
    එය අපි බුද්ධිමත්බව ගැන සිතන ආකාරයට
    බලපෑම් කරනවා,
  • 11:35 - 11:38
    හේතුව, සරසවි මඟින් පද්ධතිය සැකසුණේ
    ඒ ප්‍රතිරූපයට අදාළවයි.
  • 11:38 - 11:42
    අපි හිතලා බැලුවොත්, ලෝ වටාම පොදු
    අධ්‍යාපනය
  • 11:42 - 11:44
    විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සැකසුණු
    එකක්.
  • 11:44 - 11:46
    ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ හැකියාවන් වැඩි,
  • 11:46 - 11:49
    ඉතා දක්ෂ, නිර්මාණශීලී අය
    හිතන්නේ එහෙම නෑ කියලා,
  • 11:49 - 11:51
    ඒ මොකද ඒ අය පාසලේදී දක්ෂතාවය
    පෙන්වූ දෙය
  • 11:51 - 11:53
    එක්කෝ අගය කළේ නැහැ, නැතිනම්
    ලැජ්ජාවට පත් කරා.
  • 11:53 - 11:56
    අපි මේක තව දුරටත් කරගෙන යන එක
    හොඳ දෙයක් නෙවෙයි.
  • 11:56 - 11:58
    UNESCO සංවිධානය කියන ආකාරයට,
    මීළඟ වසර 30 තුළ,
  • 11:58 - 12:01
    ලෝ වටා බොහෝ දෙනෙක් උපාධි ලබනවා
  • 12:01 - 12:04
    අධ්‍යාපනය තුළින් මෙතෙක් ඉතිහාසයේ
    ලැබුවාට වඩා වැඩියෙන්.
  • 12:04 - 12:07
    ඒකට හේතුව අපි කථා කරපු සියලු දේවල්වල
    එකතුව--
  • 12:07 - 12:10
    තාක්ෂණය හා එමඟින් කාර්යයන්හි සිදු කරන
    වෙනස, ජනවිකාශනය
  • 12:10 - 12:12
    හා ජනගහනයේ විශාල වැඩිවීම.
  • 12:12 - 12:15
    එකවරම උපාධිවලට තිබෙන වටිනාකම
    නැති වෙනවා.
  • 12:15 - 12:16
    ඒක අැත්ත නෙවෙයිද?
  • 12:17 - 12:19
    මම ඉගෙන ගන්න කාලේ, උපාධියක් තිබුණා
    නම්, රැකියාවක් ලැබෙනවා.
  • 12:20 - 12:22
    ඔබට රැකියාවක් තිබුණේ නැතිනම් ඒ කියන්නේ
    ඔබට ඒක අනවශ්‍ය වුණා.
  • 12:22 - 12:25
    මට නම් ඇත්තටම ඕනෑ වුණේ නැහැ. (සිනහව)
  • 12:25 - 12:29
    ඒත් දැන් උපාධි තිබෙන ළමුන්
  • 12:29 - 12:32
    බොහෝ වෙලාවට ගෙදර යනවා වීඩියෝ ගේම්
    ගහන්න,
  • 12:32 - 12:35
    හේතුව කලින් උපාධියක් ඉල්ලූ රැකියාවල දැන්
    ඉල්ලන්නේ පශ්චාත් උපාධි,
  • 12:35 - 12:37
    ඒ තැන්වල දැන් ඉල්ලන්නේ ආචාර්ය උපාධි.
  • 12:37 - 12:38
    එය ශාස්ත්‍රීය උද්ධමනයේ ක්‍රියාවලියක්.
  • 12:38 - 12:41
    එයින් හැඟෙන්නේ මුළු අධ්‍යපන සැලැස්මම
  • 12:41 - 12:43
    අපේ කකුල් යට දෙදරනවා කියන එක.
  • 12:43 - 12:45
    අපි බුද්ධිමත්බව ගැන බලන විදියට විප්ලවීය
    වෙනසක් අවශ්‍යයි.
  • 12:46 - 12:47
    අපි බුද්ධිමත්භාවය ගැන දේවල් තුනක් දන්නවා.
  • 12:48 - 12:49
    එක, ඊට විවිධත්වයක් තිබීම.
  • 12:49 - 12:52
    අපි ලෝකය අත්විඳින සෑම ආකාරයකටම අපි
    ලෝකය ගැන හිතනවා.
  • 12:52 - 12:55
    දෘෂ්ටිය මුල්කර හිතනවා, ඇසීම මුල්කර
    හිතනවා, දැනීම මුල්කර හිතනවා.
  • 12:55 - 12:57
    අමූර්ත දේ මුල් කර හිතනවා, චලනය
    මුල් කර හිතනවා.
  • 12:57 - 12:59
    දෙවනුව, බුද්ධිමත්බව වෙනස් වන දෙයක්.
  • 13:00 - 13:02
    අපි මිනිස් මොළයේ අන්තර්ක්‍රියා බැලූ විට,
  • 13:02 - 13:05
    ඊෙය් දවසේ ඉදිරිපත් කිරීම් කිහිපයකින්
    අහන්න ලැබුණා වගේ,
  • 13:05 - 13:07
    බුද්ධිමත්බව අපූරැ අන්තර්ක්‍රියා සහිතයි.
  • 13:07 - 13:09
    මොළය පෙට්ටි වලට බෙදිලා නැහැ.
  • 13:10 - 13:13
    ඇත්තටම නිර්මාණශීලිත්වය--
    මම අර්ථ දක්වන්නේ ඒක ක්‍රියාවලියක්
  • 13:13 - 13:15
    වටිනාකමක් තිබෙන නැවුම් අදහස්
    ඇති කරගන්නා--
  • 13:15 - 13:18
    එය බොහෝ විට සිදු වන්නේ අන්තර්ක්‍රියා නිසා
  • 13:18 - 13:21
    දේවල් දිහා විවිධාකාර ලෙස බැලීමෙන්
    ඇතිවන.
  • 13:22 - 13:26
    දන්නවාද, මොළයේ කොටස් දෙක යා කරන
    ස්නායු කඳක් තිබෙනවා
  • 13:26 - 13:27
    ඒකට කියන්නේ කෝපස් කැලෝසම්.
  • 13:28 - 13:29
    ඒක ස්ත්‍රීන්ගේ වඩා ඝනයි.
  • 13:29 - 13:31
    ඊයේ හෙලන්ගේ කථාව මතක් කළොත්,
  • 13:31 - 13:34
    ඒක වෙන්න ඇති ස්ත්‍රීන්ට වඩා හොඳින්
    එක වර බොහෝ දේ කළ හැක්කේ.
  • 13:34 - 13:36
    ඕගොල්ලෝ එහෙම කරනවා, නැද්ද?
  • 13:36 - 13:39
    මේ ගැන ගොඩක් පර්යේෂණ තිබුණත්
    මම ඒක දන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙන්.
  • 13:40 - 13:45
    මගේ බිරිඳ ගෙදර උයනවා නම්--
    වාසනාවකට නිතර එහෙම කරන්නේ නැහැ.
  • 13:45 - 13:48
    (සිනහව)
  • 13:48 - 13:50
    එයා ඇතැම් දේවල් වලට දක්ෂයි,
    ඒත් එයා උයනවා නම්,
  • 13:50 - 13:52
    ඒ අතරම දුරකථනයෙන් කථා කරනවා,
  • 13:52 - 13:55
    දරැවන්ට කථා කරනවා, සිවිලිමේ තීන්ත ගානවා,
  • 13:55 - 13:58
    විවෘත හෘද සැත්කමක් කරනවා.
  • 13:58 - 14:01
    මම උයනවා නම්, දොර වහලා; දරුවෝ එළියට
    දමලා,
  • 14:01 - 14:04
    දුරකථනය පැත්තකින් තියලා, බිරිඳ ආවොත් මට
    තරහා යනවා.
  • 14:04 - 14:07
    මම කියනවා, "ෙටරි, කරුණාකරලා අහන්න, මම
    මෙතන බිත්තරයක් බදිනවා."
  • 14:07 - 14:14
    (සිනහව)
  • 14:14 - 14:15
    "මට ඉන්න දෙන්න."
  • 14:15 - 14:17
    (සිනහව)
  • 14:17 - 14:20
    ඔබ අර පරණ දාර්ශනික කථාව දන්නවාද,
  • 14:20 - 14:23
    ඒ කිව්වේ, කැළයක ගසක් වැටිලා ඒක කාටත්
    ඇසුණේ නැතිනම්, ඒක වුණාද කියන එක?
  • 14:23 - 14:25
    ඒක මතකද?
  • 14:25 - 14:27
    මම අපූරැ ටී-ෂර්ට් එකක් ළඟදී දැක්කා
    මෙෙහම ගහපු,
  • 14:27 - 14:31
    "මිනිසෙක් කැළයකදී තමන්ෙග් හිතේ තිබෙන දේ
    කියද්දි කිසිම කාන්තාවකට එය නොඇසුණි නම්,
  • 14:31 - 14:32
    ඔහු කියපු දේ ඒත් වැරදියිද?"
  • 14:32 - 14:38
    (සිනහව)
  • 14:40 - 14:42
    බුද්ධිමත්බව ගැන තෙවැන්න තමයි,
  • 14:42 - 14:43
    එය වෙන් ව හඳුනා ගත හැකියි.
  • 14:44 - 14:46
    මම අලුත් පොතක් ලියනවා මේ දවස්වල,
    නමින් "එපිෆනි",
  • 14:46 - 14:49
    ඒකට පදනම කිහප දෙනෙකු සමඟ කළ
    සම්මුඛ සාකච්ඡා
  • 14:49 - 14:51
    ඔවුන් තමන්ගේ දක්ෂතා හඳුතා ගත් ආකාරය.
  • 14:51 - 14:53
    ඒ අය එතැනට පැමිණි ආකාරය මට
    සිත්ගන්නාසුලුයි.
  • 14:53 - 14:56
    ඒක පටන් ගත්තේ අපූරැ කාන්තාවක් සමඟ ඇතිවූ
    කථා බහකින්
  • 14:56 - 14:59
    බොහෝ දෙනා අහලා නැති කෙනෙක්,
    ජිලියන් ලින්.
  • 14:59 - 15:01
    අහලා තිබෙනවාද ඇය ගැන? සමහර අය.
  • 15:01 - 15:03
    ඈ නැටුම් රචනා කරන්නියක්,
    හැමෝම ඒ නිර්මාණ හඳුනනවා.
  • 15:03 - 15:05
    ඒ "කැට්ස්" හා "ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා."
  • 15:05 - 15:06
    ඈ අපූරැයි.
  • 15:06 - 15:08
    මම "ද රෝයල් බැලේ" හි මණ්ඩලයේ සිටි
    බව
  • 15:08 - 15:09
    ඕගොල්ලන්ට පේනවා ඇති.
  • 15:10 - 15:12
    ජිලියන් සහ මම දිනක් දවල් කෑමට ගියා.
    මම කිව්වා,
  • 15:12 - 15:14
    "ඔයා කොහොමද නැටුමට යොමු වුණේ?"
  • 15:14 - 15:15
    ඒක සිත්ගන්නාසුලුයි.
  • 15:15 - 15:17
    ඇය පාසලේදී ගොඩක් අසාර්ථක වෙලා.
  • 15:17 - 15:21
    1930 ගණන් වලදී මේ පාසල ඇගේ දෙමව්පියන්ට
    ලියලා තිබෙනවා,
  • 15:21 - 15:23
    "අපි හිතන්නේ ජිලියන්ට ඉගෙනීමේ ආබාධයක්."
  • 15:23 - 15:25
    ඇයට අවධානයෙන් සිටීමට නොහැකි වුණා,
    දඟලනවා.
  • 15:25 - 15:28
    දැන් නම් කියයි ඇයට ADHD තිබෙනවා කියලා.
    එහෙම නේද?
  • 15:29 - 15:33
    ඒත මේ 1930 ගණන්, එතකොට ADHD
    නිපදවලා තිබුණේ නැහැ.
  • 15:33 - 15:35
    ඒක යොදා ගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි
    එතකොට.
  • 15:35 - 15:38
    (සිනහව)
  • 15:38 - 15:40
    ඒ අය දන්නේ නෑ ඒ ලෙඩේ හැදෙන්න
    පුළුවන් කියා.
  • 15:40 - 15:42
    (සිනහව)
  • 15:43 - 15:46
    ඈ ගියා විශේෂඥයෙක් හමුවන්න.
  • 15:46 - 15:50
    ඔක් ලී පනෙල සහිත කාමරයක ඈ සිටියා
    ඇගේ මව සමඟ,
  • 15:50 - 15:53
    කෙළවරේ පුටුවක ඇයව වාඩි කරා,
  • 15:53 - 15:56
    විනාඩි 20 ක් ඈ ඇගේ අත්ල උඩ වාඩිවී සිටියා,
    ඇගේ මව මේ කෙනා සමඟ කථා කරන තෙක්,
  • 15:56 - 15:59
    ජිලියන්ට පාසලේ තිබෙන ප්‍රශ්න ගැන.
  • 15:59 - 16:02
    ඇය අනිත් අයට බාධා කරනවා; ගෙදර වැඩ
    හැම තිස්සෙම පරක්කුයි වගේ දේවල්,
  • 16:02 - 16:03
    වයස අටක දැරියක්.
  • 16:03 - 16:06
    ඊට පස්සේ දොස්තර ජිලියන් ළඟ වාඩි
    වෙලා කිව්වා,
  • 16:06 - 16:09
    "මම අහගෙන හිටියා ඔයාගේ අම්මා මට
    කියපු දේවල්,
  • 16:09 - 16:11
    මට දැන් තනිවම ඇයට කථා කරන්න ඕනෑ.
  • 16:11 - 16:13
    මෙතන ඉන්න. අපි අාපසු එනවා; වැඩි වෙලා
    යන්නේ නැහැ."
  • 16:13 - 16:16
    එයාව ඉන්දලා ඒ දෙන්නා පිට වුණා.
  • 16:16 - 16:17
    ඒත් කාමරයෙන් පිටවෙද්දි,
  • 16:17 - 16:20
    ඔහු ඔහුගේ මේසය මත තිබූ ගුවන් විදුලිය
    ක්‍රියාත්මක කරා.
  • 16:20 - 16:24
    එළියට ගියාම ඔහු ඇගේ අම්මාට කිව්වා,
    "ඔහොම හිටගෙන ඇය දිහා බලන්න." කියලා.
  • 16:24 - 16:27
    ඒ දෙන්නා කාමරයෙන් පිට වුණු විගසම,
  • 16:27 - 16:29
    ඇය නැඟිටලා සංගීතයට නටන්න ගත්තා.
  • 16:30 - 16:33
    දෙන්නා විනාඩි කිහිපයක් ඈ දිහා බලාගෙන
    සිටියා. ඔහු ඇගේ මවට කිව්වා,
  • 16:33 - 16:37
    "ලින් මහත්මිය, ජිලියන්ට අසනීපයක් නැහැ.
    ඇය නැටුම් ශිල්පිනියක්.
  • 16:37 - 16:39
    ඇයව නැටුම් පාසලකට යවන්න."
  • 16:39 - 16:41
    මම ඇහුවා, "ඉතින් මොකද වුණේ?"
  • 16:41 - 16:44
    ඇය කිව්වා, "ඈ ඒක කරා. ඒක කෙතරම් අපූරැ
    දෙයක් වුණාද.
  • 16:44 - 16:47
    අපි එහි කාමරයක් ඇතුළට ගියා, එතැන
    ඔක්කොම හිටියේ මම වගේ අය.
  • 16:47 - 16:49
    එක තැනක ඉන්න බැරි අය.
  • 16:49 - 16:54
    හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය."
    හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය
  • 16:54 - 16:57
    ඒ අය බැලේ ඉගෙන ගත්තා, ටැප්, ජෑස් ඉගෙන
    ගත්තා, නූතන හා සමකාලීන නැටුම් කරා.
  • 16:57 - 17:00
    පසුව ඇය "රෝයල් බැලේ ස්කූල්" එකට
    ඉදිරිපත් වුණා;
  • 17:00 - 17:04
    ඇය හුදකලා ශිල්පිනියක් වුණා; Royal Ballet
    School හි විශිෂ්ටව වැඩ කරා.
  • 17:04 - 17:06
    පසුව එයින් උපාධිය ලැබූ පසු
  • 17:06 - 17:08
    "ජිලියන් ලින් නර්ථන සමාගම" ඇරඹුවා,
  • 17:08 - 17:10
    අැන්ඩෘ ලොයිඩ් වෙබර් හමු වුණා.
  • 17:10 - 17:11
    අැය වගකීම දැරුවා
  • 17:11 - 17:14
    ඉතිහාසයේ තිබූ සාර්ථකම සංගීතමය නාට්‍ය
    සමහරකට,
  • 17:14 - 17:17
    ඇය මිලියන සංඛ්‍යාවකට සතුට බෙදලා තිබෙනවා,
    ඒ වගේම ඇය කෝටිපතයෙක්.
  • 17:17 - 17:21
    වෙන කෙනෙක් වුණා නම් ඇයට බෙහෙත් දීලා කියනවා
    සංසුන් වන්න කියලා.
  • 17:21 - 17:28
    (අත්පොළසන්)
  • 17:29 - 17:30
    ඒ සිද්ධියෙන් තෙරුම් යන දේ තමයි:
  • 17:30 - 17:32
    ඇල් ගෝර් කථා කරා කලින් දා රෑ
  • 17:32 - 17:36
    පරිසර විද්‍යාව හා රේෂල් කාසන් විසින් ඇති
    කරපු විප්ලවය ගැන.
  • 17:37 - 17:39
    මම හිතන්නේ අපේ අනාගතයට තිබෙන එකම
    බලාපොරොත්තුව
  • 17:39 - 17:43
    මිනිස් පරිසරය ගැන අලුත් සංකල්පයක්
    භාවිතයට ගැනීම,
  • 17:43 - 17:46
    එහි අරඹා ප්‍රතිනිර්මාණය කිරීම
  • 17:46 - 17:48
    මිනිස් හැකියාවේ සරැබව.
  • 17:48 - 17:51
    අපේ අධ්‍යාපන පද්ධතිය අපේ සිත් සූරා කා
    තිබෙනවා,
  • 17:52 - 17:55
    අපි සම්පත් සඳහා පොළොව සූරා කන
    ආකාරයටම.
  • 17:55 - 17:58
    අනාගතයේදී ඒක හරි යන්නේ නැහැ.
  • 17:58 - 18:00
    අපි නැවත සකස් කළ යුතුයි මූලධර්ම
  • 18:00 - 18:02
    අපේ ළමුන්ගේ ඉගෙනීමට පදනම් වන.
  • 18:02 - 18:05
    ජෝනස් සෝල්ක් වරක් කියූ වටිනා කියමනක්
    තිබෙනවා,
  • 18:05 - 18:10
    "පෘථිවියෙන් සියලුම කෘමීන් අතුරැදහන්
    වුවොත්,
  • 18:10 - 18:13
    තව අවුරැදු 50 දී පෘථිවිය ජීවීන්ගෙන් තොර
    වේවි.
  • 18:14 - 18:17
    මනුෂ්‍යයින් පෘථිවියෙන් අතුරැදහන් වූවොත්,
  • 18:17 - 18:19
    අවුරැදු 50 දී සියලුම ජීවීන් වැජඹේවි."
  • 18:20 - 18:22
    ඔහු නිවැරදියි.
  • 18:22 - 18:26
    TED සමරන්නේ මිනිස් පරිකල්පනය නම් තිළිණයයි.
  • 18:26 - 18:28
    අපි ප්‍රවේශම් විය යුතුයි,
  • 18:29 - 18:31
    මේ තිළිණය බුද්ධිමත්ව භාවිතා කිරීමට
  • 18:31 - 18:34
    එමඟින් අපි කථා කළ ඇතැම් සිද්ධි
    මග හරවා ගැනීමට.
  • 18:34 - 18:38
    ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි අපේ
    නිර්මාණශීලී හැකියාවක් දකින එක
  • 18:38 - 18:40
    ඒවායේ නියම වටිනාකමින්
  • 18:40 - 18:43
    ඒ වගේම අපේ ළමුන් අපේ බලාපොරොත්තුව
    ලෙස දකින එක.
  • 18:43 - 18:45
    අපේ කාර්යය ඔවුුන්ගේ සෑම අංශයකටම
    අධ්‍යාපනය දීමයි,
  • 18:45 - 18:47
    ඒ අයට මේ අනාගතයට මුහුණ දීමට.
  • 18:47 - 18:49
    අපි මේ අනාගතය දකින්න නොසිටින්න
    පුළුවන්,
  • 18:49 - 18:50
    ඒත් ඒ අය එය දකීවි.
  • 18:50 - 18:54
    අපේ කාර්යය තමයි ඉන් යමක් කිරීමට ඔවුන්ට
    උපකාරී වීම.
  • 18:54 - 18:55
    (බොහොම ස්තූතියි)
  • 18:55 - 18:58
    (අත්පොළසන්)
Title:
පාසල් ක්‍රමය විසින් නිර්මාණශීලිත්වය විනාශ කෙරේද?
Speaker:
ශ්‍රීමත් කෙන් ෙරාබින්සන්
Description:

නිර්මාණශීලිත්වය පහත හෙළන්නාවූ අධ්‍යාපන පද්ධතියක් වෙනුවට එය පෝෂණය කරන්නාවූ අධ්‍යාපන පද්ධතියක් සකස් කිරීම උදෙසා, ශ්‍රීමත් කෙන් රොබින්සන් විනෝදජනක මෙන්ම ගැඹුරැ තර්කයක් ගොඩනඟයි.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
19:00
Dulini Mudunkotuwa approved Sinhala subtitles for Do schools kill creativity?
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for Do schools kill creativity?
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity?
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity?
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity?
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity?
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity?
Rathika Fernando edited Sinhala subtitles for Do schools kill creativity?
Show all

Sinhala subtitles

Revisions