< Return to Video

භාවනාව නිශ්චල වීමයි, ඉංග්‍රීසි භාෂාවෙන් concentration කියන පරිවර්තනය වැරදියි

  • 0:00 - 0:03
    විපස්සනා සමාධිය සහ සමථ සමාධිය;
    ඒ සැම එකක් ද?
  • 0:03 - 0:06
    විමුක්තිය අත්වීමට ධ්‍යාන අවශ්‍යයද?
  • 0:06 - 0:10
    විපස්සනා සමාධිය, සමථ සමාධි
    කියලා දේවල් නැහැ
  • 0:10 - 0:12
    ඇත්තේ සමාධිය පමණයි
  • 0:12 - 0:17
    සමාධියට ඉංග්‍රීසියෙන්
    Concentration කියන්න බැහැ
  • 0:17 - 0:22
    ඒක හරිම වැරදි පරිවර්තනයක්
  • 0:22 - 0:28
    සමාධිය කියන්නේ නිශ්චලත්වය
    Concentration (කේන්ද්‍ර ගත කිරීම, යොමු කිරීම) නෙමෙයි
  • 0:28 - 0:32
    Concentration ( සිත යමකට යොමු කිරීම ) කියන්නේ පාසලේදී අපිට
    කරන්න කියලා බලකරපු දෙයක්
  • 0:32 - 0:37
    ගුරුතුමා ලඟින් ඉඳගෙන
    'Concentrate ( අවධානය යොමු කරන්න)' කියලා අණ කරනවා
  • 0:37 - 0:41
    අද වෙන තුරු ඒ වචනය මට දරුණු අර්ථයක්
    ගෙන දෙනවා
  • 0:41 - 0:45
    නැත්නම් අපි දෙවන ලෝක යුද්ධ කාලයේදි
    කල දෙයක්
  • 0:45 - 0:48
    අපිට ගාල් කඳවුරු (Concentration Camps) තිබුනා
  • 0:48 - 0:52
    සමහර අය හිතනවා
    'අයියෝ මම දැන් ඉන්නේ ගාල් කඳවුරකනේ'
  • 0:52 - 0:54
    දැඩි අවධානාත්මක භාවනාවක්
    කල යුතුයි නේද කියලා
  • 0:54 - 0:58
    මේක කඳවුරක්!
    මම මොකද්ද මේ කර ගත්තේ (සිනහා)
  • 0:58 - 1:03
    මේක ගාල් කඳවුරක් නොවෙයි,
    මේක නිශ්චල සතුටු කඳවුරක්
  • 1:03 - 1:07
    මේක බොහෝ සෙයින් Club Med එකක් (Club Méditerranée- විවිධ පහසුකම් සහ ක්‍රියාකාරකම් සහිත නිවාඩු නිකේතන සපයන ආයතනයක්)) මිස ගාල් කදවුරක් නෙමෙයි
  • 1:07 - 1:10
    මේක Club Med එකක්
    එයින් මම අදහස් කරන්නේ මොකක්ද?
  • 1:10 - 1:16
    Club Meditation Serpentine
    ස‍ර්පන්ටයින් නගරයේ භාවනා ප්‍රසංගය
    (සිනහ)
  • 1:16 - 1:22
    ඉතින් සමාධිය කියන්නේ කුමක් ද?
    ඒ නිශ්චලත්වයයි
  • 1:22 - 1:25
    පසුගිය වස් කාලයේ දී
  • 1:25 - 1:33
    ළඟදී අවසාන වූ තුන් මාස වස් කාලයේ සිටි
    චීන කාන්තාවක් පැවසුවා
  • 1:33 - 1:39
    ඇය කීවා 'ඔබවහන්සේ සාමාධියට
    stillness (නිශ්චලතාවය) කියා හඳුන්වන එක හරි වැදගත්'
  • 1:39 - 1:45
    ඇය පාලි සූත්‍ර පිටකයේ 'ආගම' නමින් හැඳින්වෙන
    චීන අනුවාදය කියවලා තියනවා
  • 1:45 - 1:53
    සාමාධිය යන අර්ථය චීන භාෂාවෙන් කියවෙන විට
    '‍concentration( කේන්ද්‍ර ගත කිරීම)'
    කියන තේරුමට ලඟින් වත් සමාන වන අර්ථයක් නැහැ
  • 1:53 - 1:54
    සමාධිය පෙන්වන්නේ
    සංකේත දෙකකිනුයි,
  • 1:54 - 2:00
    මම ශබ්ද කරනවා වැරදි ඇති නමුත්
    එය 'ෂූඅ' සහ 'ගුවන්'
  • 2:00 - 2:07
    'ෂූඅ' කියන්නේ නිහඞ බව; 'ගුවන්' හෝ 'ගුවාන්' කියන්නේ
    'ගුවාන් යින්' වල වාගේ 'සාවධාන වීම'
  • 2:07 - 2:11
    නිශ්චලත්වය සහ සතිය
  • 2:11 - 2:17
    ඒ පරිවර්තනය තමයි සමාධිය යන වචනයට
    චීන ග්‍රන්ථ සැමකම ඇත්තේ
  • 2:17 - 2:20
    Concentration ( කේන්ද්‍රගත කිරීම) යන්නට කිසිම අදාල වීමක් නැහැ
  • 2:20 - 2:23
    නිශ්චල සාවධානය
  • 2:23 - 2:26
    එවැනි තහවුරු කිරීමක් හරිම වටිනවා
  • 2:26 - 2:31
    ඉතින් concentration (කේන්ද්‍රගත කිරීම)
    කියන වචනය අහක් කලාම
  • 2:31 - 2:35
    සමාධිය මොකක්ද කියන ගැටළුව විසදෙනවා
  • 2:35 - 2:43
    තවත් විපස්සනා, සමථ අතර ඇති අනිසි සංවාදය
    යල් පැනපු දෙයක් වෙනවා
  • 2:43 - 2:46
    කිසිම ගැටුමක් නැහැ
  • 2:46 - 2:48
    සමාධිය
  • 2:48 - 2:50
    නිශ්චලව
  • 2:50 - 2:51
    සාවධාන වීම
  • 2:51 - 2:58
    සමථ, විපස්සනා දෙකේම එකතුවකුයි
    සමාධිය යන වචනයේ ඇත්තේ
  • 2:58 - 3:00
    ඉතින් ඒකයි අපි කරන්නේ
  • 3:00 - 3:02
    මොකද අපි නිශ්චල වුනාම අපි සතිමත් වෙනවා,
  • 3:02 - 3:05
    අපි සතිමත් වුනාම
    නිශ්චල වෙනවා
  • 3:05 - 3:08
    මම පළමු රාත්‍රියේ සඳහන් කල උපමාව
  • 3:08 - 3:11
    කඳු වැටිය දිගේ සක්මන් කිරීම ගැන
  • 3:11 - 3:13
    අපි වේගයෙන් ගිහාම
  • 3:13 - 3:17
    අපිට දකින්නට බැහැ, අපි සතිමත් නැහැ
    අපි දැනුවත් නැහැ
  • 3:17 - 3:21
    සෑම දේම වේගයෙන් සිදු වෙන නිසා
    මනසට සම්පූර්ණ සංඥා එන්නේ නැහැ
  • 3:21 - 3:26
    වේගය අඩු වූ විට, තමන් වඩා සතිමත් වී
    වැඩියෙන් දකිනවා වාගේම වින්දනය වැඩි වෙනවා
  • 3:26 - 3:31
    අපි නතර වුනාම, සම්පූර්ණයෙන් නිශ්චල වූ විටයි
    ප්‍රඥාව වැඩෙන්නේ
  • 3:31 - 3:36
    එවිටයි අපි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ
    ප්‍රිතිමත් ද වෙනවා
  • 3:36 - 3:42
    ඉතින් සමථ, විපස්සනා සහ සතුට
    මේ සියල්ල ඇති වන්නේ එකටයි
  • 3:42 - 3:46
    මම දන්නේ නැහැ ඇයි මිනිස්සුන්ට
    සතුට අත් හැරෙන්නේ කියලා
  • 3:46 - 3:51
    සතුට අත් හැරෙන නිසා හරිම
    දුෂ්කර දෙයක් කියලා හිතනවා
  • 3:51 - 3:54
    මම රහත් වෙන්න නම්, අසීරු
    වැඩ කොටසක් තියනවා
  • 3:54 - 3:57
    ප්‍රඥාව අත්කර ගන්නට නම් මම මහන්සි වන්න ඕන:
  • 3:57 - 4:00
    ධ්‍යාන ලබන්නට නම්
    ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා
  • 4:00 - 4:03
    හුඟාක් අය මහන්සි වෙනවා විතරයි
    ප්‍රඥාවක් නැහැ
  • 4:03 - 4:06
    මහන්සි වෙනවා නමුත් නිහඞතාවක් සමාධියක් නැහැ
  • 4:06 - 4:09
    මහන්සි වෙනවා නමුත් සතුටක් නැහැ
  • 4:09 - 4:13
    යන්නේ වැරදි මාවතක
  • 4:13 - 4:22
    නිශ්චලත්වය "ෂූඅ" මෙයින් වෙන්න පුළුවන්
    "ශ්..." කියන ඉංග්‍රීසි වචනය සෑදුනේ
  • 4:22 - 4:27
    ඒක ඇත්තක්ද? මම දන්නේ නැහැ මෙතෙන
    භාෂාවේදියෙක් ඉන්නවාද? නැතුව ඇති
  • 4:27 - 4:32
    "ගුවාන්" කියන්නේ බලා සිටිම
    ඒක ලස්සන වචනයක්
  • 4:32 - 4:38
    දැන් ඔබ දන්නවා භාවනාව කියන්නේ මොකක්ද කියලා
    නිශ්චල සාවධානය; එයයි සමාධිය
  • 4:38 - 4:43
    ඉතින් විපස්සනා සමාධිය, සමථ සමාධිය
    සමාධිය කියන්නේ ඒ දෙකටමයි
  • 4:43 - 4:47
    තවත් සුඛ සමාධිය, සතුටත් ඇතුලත්
  • 4:47 - 4:54
    ඉතින් ඔබ සිතනවා නම් ඔබ සමාධියක සමවැදී ඉන්නේ
    නමුත් මුහුණේ සිනහවක්වත් නැතිනම්
  • 4:54 - 4:57
    කණගාටුයි, ඒ සමාධිය නොවෙයි
  • 4:57 - 4:59
    ඔබ සිත යොමු කරගෙන ඇති
  • 4:59 - 5:02
    ඔබ පිටතින් නිසල ඇති
  • 5:02 - 5:07
    බකින්හැම් මාලිගාවේ සිටින
    මුරකාරයනුත් හරිම නිශ්චලයි
  • 5:07 - 5:10
    නමුත් ඔබ සිතනවාද ඹවුන් රහත් වෙලා කියලා
    ධ්‍යානයත සිටින්නේ කියලා හිතනවාද
  • 5:10 - 5:14
    කොහෙත්ම නැහැ-එය බල කිරීමක් පමණයි
    සම්පූර්ණ පාලනයක් පමණයි
  • 5:14 - 5:18
    භාවනා කරන්නේ එහෙම නෙමෙයි
    බකින්හැම් මාළිගාවේ මුර කරුවෙකු වාගේ නොවේ
  • 5:18 - 5:23
    නිශ්චල බව අත් වන්නේ
    බොහෝම විවේකීව ලිහිල්ව සිටින විටයි
  • 5:23 - 5:29
    මම නිශ්චලයි, සතිමත්, ඒ වාගේම සතුටුයි
    මාර්ගය එයයි
  • 5:29 - 5:36
    ධ්‍යාන නිවන් අවබෝධයට අවශ්‍යද?
    අනිවාර්යයෙන්ම; එය ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ පුරුකක්
  • 5:36 - 5:44
    ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන පුරුක
    සම්මා සමාධිය, සම්මා නිශ්චලත්වය
  • 5:44 - 5:50
    සමාධිය අවිවාදයෙන් සුත්‍ර පිටකයේ
    සිය ගණන් වාරයක් විස්තර වෙන්නේ
  • 5:50 - 5:55
    බුද්ධ වචනයෙන් විස්තර කෙරෙන්නේ පළමු, දෙවැනි,
    තුන්වැනි, සතරවැනි ධ්‍යාන වශයෙන්මයි
  • 5:55 - 5:58
    ධ්‍යාන මිස වෙන කිසිවක් නොවේ
  • 5:58 - 6:04
    ධ්‍යාන අවශ්‍ය වන්නේ නැතිනම් බුදුරජාණන්වහන්සේ
    උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව සහ දයාව තුලින්
  • 6:04 - 6:08
    අපට සත්වැදෑරුම් මාර්ගයක් පෙන්වා දෙනවා
  • 6:08 - 6:10
    නමුත් උන්වහන්සේ අෂ්ටාංගික මාර්ගකුයි පෙන්වා දුන්නේ
  • 6:10 - 6:13
    එහි සෑම පියවරක්ම අනිවාර්යයෙන් අවශ්‍යයි
    නිවන් අවබෝධයට
  • 6:13 - 6:19
    ධ්‍යාන ශික්ෂාපද රැකීම වාගේම වැදගත්
  • 6:19 - 6:26
    සමහර අය කෙටි මාර්ග හොයනවා; භාාවනා කලාම ඇති
    සිලය ආරක්ෂා කරන්න ඕන නැහැ කියලා
  • 6:26 - 6:35
    ඉතින් ඒ අය පස්වැදෑරුම් මාර්ගයක් අනුගමනය කරනවා
    මොකද පියවර තුනක්ම ශීලය ගැනනේ
  • 6:35 - 6:40
    නැහැ! අශ්ඨාංගික මාර්ගයේ පියවර අටම
    අනුගමනය කල යුතුයි නිවන් සාක්ෂාත් කර ගන්නට
  • 6:40 - 6:46
    ඔවු විමුක්තිය සදහා ධ්‍යාන අවශ්‍යයි
    ඒ ගැන සැකයක් නැහැ
  • 6:46 - 6:53
    වාදයට එනවද? හවස් වරුව වාද කරන්න හොඳයි
    කට්ටියගේ නිදිබර ගතිය යන්න
  • 6:53 - 6:56
    එහෙනම් හරි
  • 6:56 - 7:02
    සැකයක් තියේනම් මම
    බුද්ධ වචනය ගෙන හැර පෙන්වන්නම්
  • 7:02 - 7:06
    කිසිදු සැකයක් නැතිව මේ බව සනාථ කරන්න
  • 7:06 - 7:11
    ඊළඟ ප්‍රශ්නය
    මම විඩාපත් නම් භාවනාවේදී අනිසි සිතිවිලි හට ගන්නවා
Title:
භාවනාව නිශ්චල වීමයි, ඉංග්‍රීසි භාෂාවෙන් concentration කියන පරිවර්තනය වැරදියි
Description:

අජාන් බ්‍රාහ්ම් "සමාධි" වර්ග පිළිබඳව ප්‍රශ්නය සාකච්චා කරනවා. ඔහු කියා සිටින්නේ ඇත්තේ එක් ආකාරයක සමාධියක් පමණ බවත්. සමාධිය යන වචනය ඉංග්‍රීසි බසින් concentration ලෙසට පරිවර්ථනය කිරීම නොමඟ යැවීමක් බවයි. එය අර්ථය “නිශ්චලතාව” මිස "concentration හෝ
අධික අවධානය නොවෙයි.

more » « less
Video Language:
English
Team:
Buddhist Society of Western Australia
Project:
Dhamma Shorts
Duration:
07:11

Sinhala subtitles

Revisions