0:00:00.000,0:00:03.390 විපස්සනා සමාධිය සහ සමථ සමාධිය; [br]ඒ සැම එකක් ද? 0:00:03.390,0:00:05.740 විමුක්තිය අත්වීමට ධ්‍යාන අවශ්‍යයද? 0:00:05.740,0:00:09.540 විපස්සනා සමාධිය, සමථ සමාධි [br]කියලා දේවල් නැහැ 0:00:09.540,0:00:11.920 ඇත්තේ සමාධිය පමණයි 0:00:11.920,0:00:16.940 සමාධියට ඉංග්‍රීසියෙන් [br]Concentration කියන්න බැහැ 0:00:16.940,0:00:22.420 ඒක හරිම වැරදි පරිවර්තනයක් 0:00:22.420,0:00:28.440 සමාධිය කියන්නේ නිශ්චලත්වය[br]Concentration (කේන්ද්‍ර ගත කිරීම, යොමු කිරීම) නෙමෙයි 0:00:28.460,0:00:32.110 Concentration ( සිත යමකට යොමු කිරීම ) කියන්නේ පාසලේදී අපිට[br]කරන්න කියලා බලකරපු දෙයක් 0:00:32.110,0:00:36.600 ගුරුතුමා ලඟින් ඉඳගෙන [br]'Concentrate ( අවධානය යොමු කරන්න)' කියලා අණ කරනවා 0:00:36.600,0:00:40.680 අද වෙන තුරු ඒ වචනය මට දරුණු අර්ථයක් [br]ගෙන දෙනවා[br] 0:00:40.680,0:00:44.670 නැත්නම් අපි දෙවන ලෝක යුද්ධ කාලයේදි [br]කල දෙයක් 0:00:44.670,0:00:47.830 අපිට ගාල් කඳවුරු (Concentration Camps) තිබුනා 0:00:47.830,0:00:51.610 සමහර අය හිතනවා [br]'අයියෝ මම දැන් ඉන්නේ ගාල් කඳවුරකනේ' 0:00:51.610,0:00:54.300 දැඩි අවධානාත්මක භාවනාවක් [br]කල යුතුයි නේද කියලා 0:00:54.300,0:00:58.040 මේක කඳවුරක්! [br]මම මොකද්ද මේ කර ගත්තේ (සිනහා) 0:00:58.040,0:01:02.840 මේක ගාල් කඳවුරක් නොවෙයි, [br]මේක නිශ්චල සතුටු කඳවුරක් 0:01:02.840,0:01:07.300 මේක බොහෝ සෙයින් Club Med එකක් (Club Méditerranée- විවිධ පහසුකම් සහ ක්‍රියාකාරකම් සහිත නිවාඩු නිකේතන සපයන ආයතනයක්)) මිස ගාල් කදවුරක් නෙමෙයි 0:01:07.300,0:01:10.440 මේක Club Med එකක් [br]එයින් මම අදහස් කරන්නේ මොකක්ද? 0:01:10.440,0:01:15.680 Club Meditation Serpentine [br]ස‍ර්පන්ටයින් නගරයේ භාවනා ප්‍රසංගය[br](සිනහ) 0:01:15.680,0:01:22.220 ඉතින් සමාධිය කියන්නේ කුමක් ද?[br]ඒ නිශ්චලත්වයයි 0:01:22.220,0:01:25.280 පසුගිය වස් කාලයේ දී 0:01:25.280,0:01:32.600 ළඟදී අවසාන වූ තුන් මාස වස් කාලයේ සිටි [br]චීන කාන්තාවක් පැවසුවා 0:01:32.600,0:01:38.520 ඇය කීවා 'ඔබවහන්සේ සාමාධියට[br]stillness (නිශ්චලතාවය) කියා හඳුන්වන එක හරි වැදගත්' 0:01:38.520,0:01:44.520 ඇය පාලි සූත්‍ර පිටකයේ 'ආගම' නමින් හැඳින්වෙන [br]චීන අනුවාදය කියවලා තියනවා 0:01:44.520,0:01:52.540 සාමාධිය යන අර්ථය චීන භාෂාවෙන් කියවෙන විට [br]'‍concentration( කේන්ද්‍ර ගත කිරීම)'[br]කියන තේරුමට ලඟින් වත් සමාන වන අර්ථයක් නැහැ 0:01:52.540,0:01:54.390 සමාධිය පෙන්වන්නේ [br]සංකේත දෙකකිනුයි, 0:01:54.390,0:01:59.580 මම ශබ්ද කරනවා වැරදි ඇති නමුත්[br]එය 'ෂූඅ' සහ 'ගුවන්' 0:01:59.580,0:02:06.960 'ෂූඅ' කියන්නේ නිහඞ බව; 'ගුවන්' හෝ 'ගුවාන්' කියන්නේ [br]'ගුවාන් යින්' වල වාගේ 'සාවධාන වීම' 0:02:06.960,0:02:10.840 නිශ්චලත්වය සහ සතිය 0:02:10.840,0:02:17.440 ඒ පරිවර්තනය තමයි සමාධිය යන වචනයට [br]චීන ග්‍රන්ථ සැමකම ඇත්තේ 0:02:17.440,0:02:19.900 Concentration ( කේන්ද්‍රගත කිරීම) යන්නට කිසිම අදාල වීමක් නැහැ 0:02:19.900,0:02:23.120 නිශ්චල සාවධානය 0:02:23.120,0:02:26.260 එවැනි තහවුරු කිරීමක් හරිම වටිනවා 0:02:26.260,0:02:30.780 ඉතින් concentration (කේන්ද්‍රගත කිරීම) [br]කියන වචනය අහක් කලාම 0:02:30.780,0:02:35.170 සමාධිය මොකක්ද කියන ගැටළුව විසදෙනවා 0:02:35.170,0:02:43.160 තවත් විපස්සනා, සමථ අතර ඇති අනිසි සංවාදය [br]යල් පැනපු දෙයක් වෙනවා 0:02:43.160,0:02:46.360 කිසිම ගැටුමක් නැහැ 0:02:46.360,0:02:48.120 සමාධිය 0:02:48.120,0:02:49.620 නිශ්චලව 0:02:49.620,0:02:51.330 සාවධාන වීම 0:02:51.330,0:02:58.390 සමථ, විපස්සනා දෙකේම එකතුවකුයි [br]සමාධිය යන වචනයේ ඇත්තේ 0:02:58.460,0:03:00.410 ඉතින් ඒකයි අපි කරන්නේ 0:03:00.410,0:03:02.290 මොකද අපි නිශ්චල වුනාම අපි සතිමත් වෙනවා, 0:03:02.290,0:03:04.960 අපි සතිමත් වුනාම [br]නිශ්චල වෙනවා 0:03:04.960,0:03:08.080 මම පළමු රාත්‍රියේ සඳහන් කල උපමාව 0:03:08.080,0:03:10.820 කඳු වැටිය දිගේ සක්මන් කිරීම ගැන 0:03:10.820,0:03:13.140 අපි වේගයෙන් ගිහාම 0:03:13.140,0:03:17.320 අපිට දකින්නට බැහැ, අපි සතිමත් නැහැ [br]අපි දැනුවත් නැහැ 0:03:17.320,0:03:20.960 සෑම දේම වේගයෙන් සිදු වෙන නිසා[br]මනසට සම්පූර්ණ සංඥා එන්නේ නැහැ 0:03:20.960,0:03:26.320 වේගය අඩු වූ විට, තමන් වඩා සතිමත් වී [br]වැඩියෙන් දකිනවා වාගේම වින්දනය වැඩි වෙනවා 0:03:26.320,0:03:31.360 අපි නතර වුනාම, සම්පූර්ණයෙන් නිශ්චල වූ විටයි[br]ප්‍රඥාව වැඩෙන්නේ 0:03:31.360,0:03:36.360 එවිටයි අපි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ [br]ප්‍රිතිමත් ද වෙනවා 0:03:36.360,0:03:42.460 ඉතින් සමථ, විපස්සනා සහ සතුට[br]මේ සියල්ල ඇති වන්නේ එකටයි 0:03:42.460,0:03:46.100 මම දන්නේ නැහැ ඇයි මිනිස්සුන්ට[br]සතුට අත් හැරෙන්නේ කියලා 0:03:46.100,0:03:51.020 සතුට අත් හැරෙන නිසා හරිම[br]දුෂ්කර දෙයක් කියලා හිතනවා 0:03:51.020,0:03:54.010 මම රහත් වෙන්න නම්, අසීරු [br]වැඩ කොටසක් තියනවා 0:03:54.010,0:03:56.710 ප්‍රඥාව අත්කර ගන්නට නම් මම මහන්සි වන්න ඕන: 0:03:56.710,0:03:59.940 ධ්‍යාන ලබන්නට නම්[br]ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා 0:03:59.940,0:04:03.280 හුඟාක් අය මහන්සි වෙනවා විතරයි[br]ප්‍රඥාවක් නැහැ 0:04:03.280,0:04:06.080 මහන්සි වෙනවා නමුත් නිහඞතාවක් සමාධියක් නැහැ 0:04:06.080,0:04:09.440 මහන්සි වෙනවා නමුත් සතුටක් නැහැ 0:04:09.440,0:04:13.140 යන්නේ වැරදි මාවතක 0:04:13.140,0:04:21.800 නිශ්චලත්වය "ෂූඅ" මෙයින් වෙන්න පුළුවන්[br]"ශ්..." කියන ඉංග්‍රීසි වචනය සෑදුනේ 0:04:21.800,0:04:27.040 ඒක ඇත්තක්ද? මම දන්නේ නැහැ මෙතෙන [br]භාෂාවේදියෙක් ඉන්නවාද? නැතුව ඇති 0:04:27.040,0:04:31.580 "ගුවාන්" කියන්නේ බලා සිටිම [br]ඒක ලස්සන වචනයක් 0:04:31.580,0:04:37.760 දැන් ඔබ දන්නවා භාවනාව කියන්නේ මොකක්ද කියලා [br]නිශ්චල සාවධානය; එයයි සමාධිය 0:04:37.760,0:04:43.160 ඉතින් විපස්සනා සමාධිය, සමථ සමාධිය [br]සමාධිය කියන්නේ ඒ දෙකටමයි 0:04:43.160,0:04:47.320 තවත් සුඛ සමාධිය, සතුටත් ඇතුලත් 0:04:47.320,0:04:53.500 ඉතින් ඔබ සිතනවා නම් ඔබ සමාධියක සමවැදී ඉන්නේ [br]නමුත් මුහුණේ සිනහවක්වත් නැතිනම් 0:04:53.500,0:04:57.060 කණගාටුයි, ඒ සමාධිය නොවෙයි 0:04:57.060,0:04:59.419 ඔබ සිත යොමු කරගෙන ඇති 0:04:59.420,0:05:02.190 ඔබ පිටතින් නිසල ඇති 0:05:02.190,0:05:06.860 බකින්හැම් මාලිගාවේ සිටින [br]මුරකාරයනුත් හරිම නිශ්චලයි 0:05:06.860,0:05:10.060 නමුත් ඔබ සිතනවාද ඹවුන් රහත් වෙලා කියලා[br]ධ්‍යානයත සිටින්නේ කියලා හිතනවාද 0:05:10.060,0:05:13.980 කොහෙත්ම නැහැ-එය බල කිරීමක් පමණයි [br]සම්පූර්ණ පාලනයක් පමණයි[br] 0:05:13.980,0:05:18.460 භාවනා කරන්නේ එහෙම නෙමෙයි [br]බකින්හැම් මාළිගාවේ මුර කරුවෙකු වාගේ නොවේ 0:05:18.460,0:05:23.080 නිශ්චල බව අත් වන්නේ [br]බොහෝම විවේකීව ලිහිල්ව සිටින විටයි 0:05:23.080,0:05:28.560 මම නිශ්චලයි, සතිමත්, ඒ වාගේම සතුටුයි [br]මාර්ගය එයයි 0:05:28.560,0:05:35.640 ධ්‍යාන නිවන් අවබෝධයට අවශ්‍යද? [br]අනිවාර්යයෙන්ම; එය ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ පුරුකක් 0:05:35.640,0:05:43.500 ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන පුරුක[br]සම්මා සමාධිය, සම්මා නිශ්චලත්වය 0:05:43.500,0:05:50.300 සමාධිය අවිවාදයෙන් සුත්‍ර පිටකයේ [br]සිය ගණන් වාරයක් විස්තර වෙන්නේ 0:05:50.300,0:05:55.330 බුද්ධ වචනයෙන් විස්තර කෙරෙන්නේ පළමු, දෙවැනි,[br]තුන්වැනි, සතරවැනි ධ්‍යාන වශයෙන්මයි 0:05:55.330,0:05:58.240 ධ්‍යාන මිස වෙන කිසිවක් නොවේ 0:05:58.240,0:06:04.130 ධ්‍යාන අවශ්‍ය වන්නේ නැතිනම් බුදුරජාණන්වහන්සේ [br]උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව සහ දයාව තුලින් 0:06:04.130,0:06:07.560 අපට සත්වැදෑරුම් මාර්ගයක් පෙන්වා දෙනවා 0:06:07.560,0:06:10.290 නමුත් උන්වහන්සේ අෂ්ටාංගික මාර්ගකුයි පෙන්වා දුන්නේ 0:06:10.290,0:06:13.080 එහි සෑම පියවරක්ම අනිවාර්යයෙන් අවශ්‍යයි [br]නිවන් අවබෝධයට 0:06:13.080,0:06:19.000 ධ්‍යාන ශික්ෂාපද රැකීම වාගේම වැදගත් 0:06:19.000,0:06:25.840 සමහර අය කෙටි මාර්ග හොයනවා; භාාවනා කලාම ඇති [br]සිලය ආරක්ෂා කරන්න ඕන නැහැ කියලා 0:06:25.840,0:06:34.640 ඉතින් ඒ අය පස්වැදෑරුම් මාර්ගයක් අනුගමනය කරනවා [br]මොකද පියවර තුනක්ම ශීලය ගැනනේ 0:06:34.640,0:06:40.120 නැහැ! අශ්ඨාංගික මාර්ගයේ පියවර අටම [br]අනුගමනය කල යුතුයි නිවන් සාක්ෂාත් කර ගන්නට 0:06:40.120,0:06:46.020 ඔවු විමුක්තිය සදහා ධ්‍යාන අවශ්‍යයි[br]ඒ ගැන සැකයක් නැහැ 0:06:46.020,0:06:53.480 වාදයට එනවද? හවස් වරුව වාද කරන්න හොඳයි[br]කට්ටියගේ නිදිබර ගතිය යන්න 0:06:53.480,0:06:55.780 එහෙනම් හරි 0:06:55.780,0:07:01.700 සැකයක් තියේනම් මම [br]බුද්ධ වචනය ගෙන හැර පෙන්වන්නම් 0:07:01.700,0:07:05.960 කිසිදු සැකයක් නැතිව මේ බව සනාථ කරන්න 0:07:05.960,0:07:10.740 ඊළඟ ප්‍රශ්නය[br]මම විඩාපත් නම් භාවනාවේදී අනිසි සිතිවිලි හට ගන්නවා