< Return to Video

Samadhi Part 2 (It's Not What You Think)

  • 0:51 - 0:52
    අතීතයේ සිට අද දක්වාම ලෝකයේ සිටි ශ්‍රේෂ්ටතම අධ්‍යාත්මික ගුරුවරු සියල්ලෝම එක මතයක සිටියා
  • 0:57 - 0:58
    එනම් අපේ භවය පිලිබඳ ගැඹුරුම සත්‍යය, අයිති දෙයක් නොවෙයි
  • 1:02 - 1:03
    එක ආගමකට හෝ අධ්‍යාත්මික සම්ප්‍රදායකට, නමුත් සොයා ගත හැකියි
  • 1:07 - 1:08
    සෑම පුද්ගලයෙකුගේම හදවතේ
  • 1:21 - 1:22
    රූමි නමැති කවියා කිව්වා, සඳ පායන්නේ හෝ බැසයන්නේ නැති තැන කොහිද?
  • 1:29 - 1:30
    අපි සමග සිටින හා නොසිටින ඒ ආත්මය කොහිද? ඒක මෙතන හෝ අතන කියල කියන්න එපා
  • 1:37 - 1:38
    මුළු ලෝකයම එයයි. නමුත් ඒ දැකගතහැකි ඇස් වලට පමණයි
  • 2:50 - 2:51
    බයිබලයේ එන බාබෙල්ගේ කොත පිලිබඳ කතාවේ මනුෂ්‍යවර්ගයා ගණන් කල නොහැකි තරම් කණ්ඩායම් ගණනකට කැඩුනා
  • 2:55 - 2:56
    භාෂාවන්, ඇදහිලි, සංස්කෘති සහ ප්‍රියතාවන් වශයෙන්. වචනයේ අර්ථයෙන්ම බාබෙල් කියන්නේ දෙවියන්ගේ දොර
  • 3:04 - 3:05
    මේ දොර තමයි අපේ සිතිවිලි කියාත්මක වන සිත, අපේ කොන්දෙසිගත ව්‍යුහය
  • 3:16 - 3:17
    තමන්ගේ නියම ස්වරූපය, නම හෝ රූපයෙන් එපිට පවතින සාරය, හඳුනාගත් අය
  • 3:22 - 3:23
    එම දොරෙන් එපිටට තියෙන්නේ කුමක්ද කියා දැනගැනීම කරා පියමනිනවා
  • 3:35 - 3:36
    පැරණි උපමා කතාවක් වන අලියා පිලිබඳ උපමාව යොදාගෙන තිබෙනවා
  • 3:43 - 3:44
    විවිධ සම්ප්‍රදායන් එකම පරම සත්‍යයක් පෙන්වා දෙන ආකාරය පැහැදිලි කරන්න, අන්ධ මිනිසුන් පිරිසක්
  • 3:50 - 3:51
    එක් එක්කෙනා අලියාගේ වෙන වෙන කොටස් අත ගා බලා, විවිධ දෘෂ්ටින්ට පත්වෙනවා
  • 3:56 - 3:57
    අලියා කියන්නේ කුමක්ද යන වගට. අලියාගේ කකුල ළඟ සිටගෙන සිටින කෙනා කියනවා
  • 4:04 - 4:05
    අලියා ගහක් වගේ කියල, අලියාගේ නැට්ට ළඟ සිටින කෙනා කියනවා අලියා
  • 4:11 - 4:12
    ලණුවක් වගේ කියල, හෙල්ලක් වගේ කියල කියනවා දළ ළඟ සිටින මිනිසා.
  • 4:20 - 4:21
    කෙනෙක් අලියාගේ කන ඇල්ලුවොත්, අලියා කුල්ලක් වගේ
  • 4:26 - 4:27
    අලියාව පැත්තකින් අල්ලන කෙනාට සහතිකයි අලියා බිත්තියක් වගේ කියල
  • 4:34 - 4:35
    ගැටලුව තමයි අපි අලියාගේ අපිට අදාළ කොටස අල්ලගෙන, අපේ අත්දැකීම
  • 4:40 - 4:41
    පමණයි එකම සත්‍යය කියල විශ්වාස කරන එක
    අපි පිළිගන්නේ හෝ නිසි ගරුත්වයක් දෙන්නේ නැහැ එක් එක් පුද්ගලයාගේ
  • 4:48 - 4:49
    අත්දැකීම එකම සත්වයාගේම වෙනස් පැතිකඩක් කියලා
  • 5:17 - 5:18
    Perennial philosophy කියන්නේ සියලු අධ්‍යාත්මික සහ
  • 5:22 - 5:23
    ආගමික සම්ප්‍රදායන් එකම විශ්වීය සත්‍යයක් පොදුවේ පරිහරණය කරන බව කියන අදහසයි
  • 5:29 - 5:30
    එනම් සියලුම අධ්‍යාත්මික දැනුමේ හා ඉගැන්වීම් වල ප්‍රගමණය උදෙසා පදනම සැපයූ
  • 5:35 - 5:36
    ගුප්ත හා අධිගමණයට හේතුවන සත්‍යය
  • 5:46 - 5:47
    ස්වාමි විවේකානන්ද මේ අදහස මෙලෙස සාරාංශකොට පෙන්නවා දුන්නා
  • 5:52 - 5:53
    ආත්මයේ සිටින දෙවියා හඳුනා ගැනීම තමයි, සියලුම ආගම් වල අවසානය.ඒක තමයි එකම විශ්වීය ආගම
  • 6:00 - 6:01
    මේ සිනමා පටයේ අපි දෙවියන් කියන වචනය භාවිත කරන්නේ හුදු සංකේතයක් ලෙස පමණයි
  • 6:08 - 6:09
    සීමාන්තික මමත්ව මනසෙන් එපිට පවතින ගුප්තවූ අධිගමන මට්ටම පෙන්වා දීම සඳහා
  • 6:16 - 6:17
    කෙනෙකුගේ නියම හෙවත් ආවේනික ස්වරූපය සාක්ෂාත් කරගන්නවා කියන්නේ, ඔහුගේ දිව්‍යමය ස්වරූපය සාක්ෂාත් කරගත්තා කියන එකයි
  • 6:24 - 6:25
    සෑම ප්‍රාණියෙකුටම තිබෙනවා නව උත්තම විඥානයක් විද්‍යාමාන කිරීමේ විභවය
    අවදි වෙන්න
  • 6:31 - 6:32
    ඔවුන්ගේ නින්දෙන් හා තම බාහිර රූපය මගින් තමාව හඳුනා ගැනීමෙන්
  • 7:04 - 7:05
    "Brave New World" නමැති පොත නිසා ප්‍රසිද්ධියට පත් ඇල්ඩස් හක්ස්ලි
  • 7:11 - 7:12
    "The Perennial Philosophy" නමැති තවත් පොතක් රචනා කරා
    ඔහු එහි සඳහන් කරනවා
  • 7:16 - 7:17
    එක ඉගැන්වීමක් පිළිබඳව, එම ඉගැන්වීම ප්‍රත්‍යක්ෂ කල අයට අදාළ සංස්කෘතියේ මුහුණුවරින්
  • 7:22 - 7:23
    ඉතිහාසයේ යලි යලිත් මතුවන. අධ්‍යාත්මය කෙරෙහි වන පොදු විශ්වීය පදනමක් පිළිබඳ දාර්ශනික චින්තනය
  • 7:29 - 7:30
    ඉතාම කෙටියෙන් හා පැහැදිලිව විස්තර කෙරෙනවා, "තත් ත්වම් ආසි", "ඔබ තමයි එය" කියන සංස්කෘත වැකියේ
  • 7:36 - 7:37
    ආත්මය හෝ අන්තර්ගත සදාකාලික අනන්‍යතාව, අධිගමණය හා ඒකීයයි
  • 7:45 - 7:46
    පැවැත්මේ නිරපේක්ෂ මූලධර්මය, සෑම මනුෂ්‍යයෙකුගේම නිමාවේ අග
  • 7:51 - 7:52
    තමන් විසින්ම යතාර්ථය හෙළිදරව් කරගැනීමයි.
    ඔහු හෝ ඇය කවුද කියල හරියටම සොයා ගැනීම
  • 8:06 - 8:07
    එක් එක් සම්ප්‍රදාය කියන්නේ එකම මැණිකක විවිධ පැති වගේ, පරාවර්තනය කරන එක්තරා ආවේනික දෘෂ්ටියක්
  • 8:13 - 8:14
    එකම සත්‍යයක
    එලෙසම ඒවා එක එකක් යලි පරාවර්තනය කරමින්, දීප්තිමත් කරමින් පවතිනවා
  • 8:20 - 8:21
    කුමන භාෂාවක් හෝ සංකල්පීය රාමුවක ක්‍රියාත්මක වුණත්
  • 8:26 - 8:27
    පොදු විශ්විය පදනමක් විදහා දක්වන සියලු ආගම්වල පවතිනවා යම් පොදු අදහසක්
  • 8:31 - 8:32
    අපේ සීමාවන් ඔබ්බෙහි වන, උත්තම යමක් හා ඒකාත්මක වුණු
  • 9:09 - 9:10
    අපිට පුළුවන් විවිධ ප්‍රභවයන්ගෙන් ඉගෙනගන්න හා ගතයුත්ත උකහා ගන්න එම
  • 9:15 - 9:16
    ප්‍රභවයන්ට අයිති නොවී
    සියලු සැබෑ අධ්‍යාත්මික ඉගැන්වීම් කොටින්ම
  • 9:23 - 9:24
    එකම විමුක්ති සත්‍යයක් දෙස මග කියන විවිධ ඇඟිලි ලෙස පැවසෙනවා
  • 9:29 - 9:30
    අපි අපිට හුරුපුරුදු නිසා පහසු නිසා අපේ කියාගන්න එකම ඉගැන්වීමක එල්බගෙනම හිටියොත්
  • 9:35 - 9:36
    අපේ අධ්‍යාත්මික පරිණාමය ඇනහිටිනවා
    ඕනෑම සංකල්පයක් එහා ගිය සත්‍යය සාක්ෂාත් කරනවා කියන්නේ
  • 9:43 - 9:44
    සියලුම ඇලීම් ගැලීම් අතහැරීමයි, සියලුම ආගමික සංකල්ප අතහැරෙන්නට ඉඩදීමයි
  • 9:54 - 9:55
    මමත්වයේ කෝණයෙන් බලද්දී සමාධියට මග පෙන්වන ඇඟිල්ල
  • 10:00 - 10:01
    මග පෙන්වන්නේ පතුලක් නැති අගාධයකට
  • 10:06 - 10:07
    ශාන්ත ජෝන් එකවරක් කිව්වා, තමන් යන මාර්ගය ගැන තමන්ට සහතික වෙන්න අවශ්‍ය නම්
  • 10:12 - 10:13
    ඇස් දෙක වහගෙන කළුවරේ යායුතුයි කියලා
  • 10:51 - 10:52
    සමාධිය පටන් ගන්නේ නොදන්නා ඉසව්වකට පැනීමෙන්
  • 11:08 - 11:09
    ඉපැරණි සම්ප්‍රදායන්වල කියවෙනවා සමාධිය සාක්ෂාත් කරගන්න නම් කෙනෙක්
  • 11:14 - 11:15
    අවසාන වශයෙන් තම විඥානය දන්නා සියළුම වස්තූන්ගෙන් ඉවතට හරවන්න ඕන කියල
  • 11:20 - 11:21
    සියලු බාහිර සම්බූතයන්ගෙන් ඉවතට, කොන්දේසිගත සිතිවිලි හා සංවේදනාවල සිට තම විඥානය දෙසට
  • 11:28 - 11:29
    ඇතුලාන්ත ප්‍රභවය දෙසට, කෙනෙකුගේ පැවැත්මේ හදවත හෝ සාරය දෙසට
    මේ සිනමා පටයේ
  • 11:37 - 11:38
    අපි සමාධිය කියන වචනය භාවිතා කරන විට අපි අදහස් කරන්නේ අධිගමණයේ මුදුන් පෙත්ත
  • 11:42 - 11:43
    නිර්විකල්ප සමාධිය/ නිරෝධ සමාපත්තිය කියල හඳුන්වන සමාධිය
  • 11:53 - 11:54
    නිර්විකල්ප සමාධියේදී/ නිරෝධ සමාපත්තියේදී සියළුම මිනිස් ක්‍රියාකාරිත්වය නවතිනවා
  • 11:59 - 12:00
    සියලු සෙවීම්, සියලු කිරීම් නවතිනවා
    අපි කතාකරන්න පුළුවන් අපි ඊට ලඟාවෙනවිට ඉවත හැළෙන දේ ගැන පමණයි
  • 12:06 - 12:07
    සහ අපි නැවත පැමිණෙන විට යලි මතුවන දේ ගැන පමණයි
    එහි දෘෂ්ටියක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ
  • 12:13 - 12:14
    එහි දෙයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ
    එහි විඥානයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ
  • 12:21 - 12:22
    එය නිරපේක්ෂයි, ගුප්තයි, සාමාන්‍ය මනසට ගෝචර නැහැ
  • 12:34 - 12:35
    නැවත සිය ක්‍රියාකාරකම් අරඹන විට, යම් නොදැනීමක් පවතිනවා, හරියට අලුතින් ඉපදුණා වගේ
  • 12:40 - 12:41
    සහ හැමදේම නැවත අලුත් වෙනවා, අපිට ඉතුරු වෙනවා දීව්‍යමය සුගන්ධය
  • 12:46 - 12:47
    මාර්ගයේ ඉහලට පරිණාමය වන්න වන්න, එම සුගන්ධය රැඳී පවතින කාලයත් වැඩි වෙනවා
  • 13:02 - 13:03
    පැරණි සම්ප්‍රදායන්වල විස්තර වෙනවා විවිධ විවිධ සමාධි වර්ග පිලිබඳව සහ
  • 13:07 - 13:08
    භාෂාව අතීතය පුරාවටම නොයෙක් පැටලිලි ඇති කරලා තියෙනවා
  • 13:14 - 13:15
    අපි සමාධිය කියන වචනයෙන් අදහස කරන්න තෝරගන්නෙම අධිගමණයේ මුදුන් පෙත්ත
    නමුත් අපිට හැකිව තිබුනා
  • 13:18 - 13:19
    වෙනත් සම්ප්‍රදායක් භාවිතා කරන්නත් පහසුවෙන්ම. සමාධි කියන්නේ පැරණි සංස්කෘත
  • 13:25 - 13:26
    පදයක්, ඉන්දියාවේ වෛදික, යෝග සහ සංක්‍ය සම්ප්‍රදායන් වල එන
  • 13:31 - 13:32
    සහ එය වෙනත් අධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට කාන්දු වී තිබෙනවා. සමාධිය අටවෙනි අංගය
  • 13:38 - 13:39
    පතන්ජලි යෝගිතුමාගේ අශ්‍ටාංගික යෝග ක්‍රමවේදයේ සහ අටවෙනි මාර්ගාංගය
  • 13:42 - 13:43
    බුදුරජාණන්වහන්සේගේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ. බුදුන් නිර්වාණය කියන වචනය යොදාගත්තා
  • 13:50 - 13:51
    "වාණ" හෙවත් භවකම්මයන්ගේ නැවැත්ම.
  • 13:58 - 13:59
    පතන්ජලි විස්තර කරා යෝගා හෝ සමාධි "චිත්ත ව්රිති නිරෝධ" කියා සංස්කෘතයෙන්
  • 14:07 - 14:08
    සුලිය හෝ මනෝමය සර්පිලයෙහි නැවැත්ම යන තේරුම දෙන
  • 14:16 - 14:17
    එනම් මනසෙන් නිර්මිත ගෝතකර්මයෙන් හෙවත් සම්පුර්ණ දැලෙන්ම, විඥාණය ලිහා නිදහස් කර ගැනීම
  • 14:50 - 14:51
    සමාධිය කිසිදු සංකල්පයක් උලුප්පා දක්වන්නේ නැහැ, මොකද සමාධිය සාක්ෂාත් කරගන්නට
  • 14:56 - 14:57
    සංකල්පිය මනස අත්හැරීම අවශ්‍ය වෙනවා
  • 15:02 - 15:03
    විවිධ ආගම් විවිධ වචන යොදාගත්තා දෙවියන් හා යාවීම විස්තර කරන්න
  • 15:09 - 15:10
    ඇත්තෙන්ම religion කියන වචනයම එවැනි සමාන අර්ථයක් දෙනවා. ලතින් බසින් "religare"
  • 15:17 - 15:18
    කියන්නේ යළි-බැඳෙන්න හෙවත් යාවෙන්න. ඒක සමානයි යෝගා කියන වචනයට
  • 15:24 - 15:25
    එහි තේරුම යෝග කරන්න හෙවත් එකට බඳින්න, එකට යා කරන්න ලෞකිකය හා ලෝකෝත්තරය
    ඉස්ලාම් වල
  • 15:34 - 15:35
    මෙය ඉස්ලාම් කියන වචනයටම පැරණි අරාබි බස දෙන තේරුමෙන් පැහැදිලි වෙනවා
  • 15:39 - 15:40
    එනම් දෙවියන්ට යටත් වීම හෝ දෙවියන් යැදීම
    ඉන් උලුප්පා දක්වනවා සම්පුර්ණ අතහැරීමක්, යටපත් කිරීමක්
  • 15:47 - 15:48
    මමත්ව ව්‍යුහයේ
  • 15:53 - 15:54
    ක්‍රිස්තියානි තාපසවරුන් වූ අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස්, අවිලාහි ශුද්ධවූ තෙරේසා
  • 16:03 - 16:04
    ශුද්ධවූ ජෝන් විස්තර කරනවා දෙවියන් හා වන දිව්‍යමය ඒකාත්මිකවීමක් ගැන,
  • 16:10 - 16:11
    ඇතුලාන්තයේ වන දේව රාජ්‍යය
    ශුද්ධවූ තොමස්ගේ සුභාරංචියේ, ක්‍රිස්තුස්වහන්සේ කිව්වා දේව රාජ්‍යය එහි හෝ මෙහි නොවෙයි
  • 16:20 - 16:21
    නමුත් පියාණන්වහන්සේගේ රාජ්‍යය මිහිමත පුරාම පැතිර පවතිනවා සහ මිනිසුන් එය
  • 16:26 - 16:27
    දකින්නේ නැහැ. ග්‍රීක දර්ශනවාදීන්වන ප්ලේටෝ, ප්ලෝටිනස්, පාමෙනිඩිස්
  • 16:35 - 16:36
    සහ හෙරක්ලිටස්ගේ අදහස්, විශ්වීය පොදු සත්‍යයක් කියවෙන දැක්මකින් බැලුවොත්
  • 16:41 - 16:42
    පෙන්වා දෙන්නේ එකම ඥාණයක් ගැන. ප්ලෝටිනස් උගන්වනවා ශ්‍රේෂ්ටතම මනුෂ්‍ය ව්‍යායාමය වන්නේ
  • 16:51 - 16:52
    මනුෂ්‍යය ආත්මය, උත්තරිතර සර්ව සම්පුර්ණ තත්වයට පත්කිරීම හා
  • 16:57 - 16:58
    දෙවියන් හා යා කිරීම කියලා
  • 17:03 - 17:04
    ඇමරිකාවේ ඉපැරණි ලකෝටා ගෝත්‍රයේ විසූ වෙදැදුරු හා දේවගැති මිනිසෙක් වූ Black Elk පැවසුවා, වඩාත්ම වැදගත්
  • 17:11 - 17:12
    උතුම්ම ශාන්තිය වන්නේ, මිනිසුන් විශ්වය හා එහි සියලු බලයන් සමග වූ සම්බන්ධතාවය තහවුරු කරගත්විට හා
  • 17:16 - 17:17
    ඒවා සමග ඒකාත්මික වූ විට, මිනිසුන්ගේ ආත්මයන්ගෙන් පැමිණෙන ශාන්තිය කියලා
  • 17:22 - 17:23
    විශ්වයේ මධ්‍යයේ ශුද්ධවූ ආත්මය ජිවත් වෙනවා කියලා සහ
  • 17:28 - 17:29
    මේ මධ්‍යය හැමතැනම තියෙනවා කියලත්, මේ මධ්‍යය අපි එක් එක්කෙනා තුළ වනබවත් තේරුම් ගන්නා විට පැමිණෙන ශාන්තිය කියලා
  • 17:59 - 18:00
    අපි සමාධියේ නොවෙයි නම් සිටින්නේ, අවදිවීමට යන මාර්ගයේදී
  • 18:04 - 18:05
    හැමවිටම අන්ත දෙකක් තිබෙනවා, දොරවල් දෙකක් කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන්
    මානයන් දෙකක්
  • 18:11 - 18:12
    ප්‍රභාස්වර විඥානය දෙසට එකක් සහ සාරවූ ලෝකය දෙසට එකක් වශයෙන්. පටිසෝතගාමි
  • 18:20 - 18:21
    ධාරාව නිරපේක්ෂත්වය දෙසට සහ අනුසෝතගාමි ධාරාව මායාව සහ
  • 18:26 - 18:27
    පෙනෙන නොපෙනෙන වශයෙන් විද්‍යාමානව පවතින සියලු දේ දෙසට, සාපේක්ෂත්වය හා
  • 18:33 - 18:34
    නිරපේක්ෂත්වය අතර සම්බන්ධතාව සාරාංශ ගත වෙලා තියෙනවා, ශ්‍රී නිසර්ගදත්ත
  • 18:37 - 18:38
    මහරාජ් විසින් කියන ලද කියමනක. එනම් ප්‍රඥාව කියන්නේ මම කිසිවක් නෙමෙයි කියල දැනගැනීම,
    ආදරය කියන්නේ මම තමයි හැමදේම කියල දැනගැනීම සහ
  • 18:47 - 18:48
    මේ දෙක අතර මගේ ජීවිතය දෝලනය වෙනවා කියන වග
  • 18:54 - 18:55
    මේ සුසංයෝගයෙන් ඉපදෙන්නේ නව දිව්‍යමය විඥානයක්. යමක් උපදිනවා
  • 19:01 - 19:02
    මේ එකතුවෙන් හෙවත් ප්‍රතිවිරුද්ධ ධ්රවයන්ගේ සුසංයෝගයෙන්, හෝ ද්වතාවෙන්
  • 19:07 - 19:08
    හඳුනා ගැනීමේ බිඳවැටීමෙන්, එහෙත් උපදින්නේ දෙයක් නොවෙයි, එය කවදාවත් ඉපැදුණ දෙයක් නොවෙයි
  • 19:19 - 19:20
    විඥානය මල්ඵල දරනවා අළුත් යමක් ඇතිකරවමින්, ඇතිකරවමින් සදාකාලික ත්‍රිත්වය
  • 19:25 - 19:26
    කියා හඳුන්වන දෙය
  • 19:29 - 19:30
    දෙවි පියාණන්, උත්කෘෂ්ට වූ, දැනගත නොහැකි, වෙනස් නොවන, එකාත්මිකයි
  • 19:35 - 19:36
    දේව මාතාව සමග, එනම් වෙනස් වන හැමදේම සමග. මේ එක්වීම ඇතිකරනවා
  • 19:44 - 19:45
    ජෛව රසායනික විපර්යාසයක්, එක්තරා විදියක මරණයක් හා පුනරුප්පත්තියක්.
  • 19:52 - 19:53
    වෛදික ඉගැන්වීම්වල මේ දිව්‍යමය එක්වීම මූලික බලවේග දෙකකින් නිරූපිතයි
  • 19:58 - 19:59
    ශිව හා ශක්ති. දෙවිවරුන්ගේ නම් හා මුහුණු නිතරම වෙනස් වෙනවා
  • 20:06 - 20:07
    ඉතිහාසය පුරාවට, නමුත් මූලික ලක්ෂණ නොවෙනස්ව පවතිනවා. මේ එක්වීමෙන් බිහිවන්නේ
  • 20:14 - 20:15
    නැවුම් දිව්‍යමය විඥානයක්, ලෝකයේ නව භවයක්. ධ්‍රැව දෙකක්
  • 20:23 - 20:24
    වෙන් කල නොහැකි පරිදි ඒකාත්මික වූ. විශ්වීය ශක්තියක් මධ්‍යයක් රහිත, සීමාවක් රහිත
  • 20:31 - 20:32
    එය පිරිසිදු ආදරයයි, දිනාගන්න හෝ නැතිකරගන්න දෙයක් පවතින්නේ නැහැ
  • 20:35 - 20:36
    මොකද ඒක මුළුමනින්ම ශුන්‍යයි සහ සම්පුර්ණයෙන්ම පිරුණු දෙයක්
  • 20:51 - 20:52
    මෙසපොටේමියානු අද්භූත චින්තන ප්‍රවාහයන්,
  • 20:57 - 20:58
    බැබිලෝනියානු හා අසිරියානු අධ්‍යාත්මික සම්ප්‍රදායන්, ඉපැරණි ඊජිප්තු ආගම්
  • 21:02 - 21:03
    ඉපැරණි අප්‍රිකාවේ නුබියානු හා කෙමටියානු සංස්කෘතීන්, ලොව වටා ශ්‍රමණ හා ප්‍රාදේශීය
  • 21:08 - 21:09
    සම්ප්‍රදායාන්, ඉපැරණි ග්‍රීක ගූඩවාදය, ග්නොස්ටිකවාදින්
  • 21:15 - 21:16
    ඒකීයවාදී බෞධ්දයන්, ඩාඕ ලබ්ධිකයන්, ජුදෙව්වන්, සොරෝස් ලබ්ධිකයන්, ජෛනයන්, මුසල්මානුවන්
  • 21:30 - 21:31
    හෝ ක්‍රිස්තියානි ලබ්ධිකයන් හැමටම පොදු පුරුකක් හොයා ගන්න පුළුවන්. එනම්
  • 21:37 - 21:38
    ඉහලම අධ්‍යාත්මික අවබෝධය ලබාදි තිබෙනවා සිය පිළිපදින්නන්ට සමාධිය ලබාගන්න අවස්වථාව
  • 21:45 - 21:46
    සමාධි කියන වචනයෙන් හරියටම කියන්නේ සමභාවයක් හෝ හැමදේකම ඒකත්වයක් වැනි දෙයක්
  • 21:52 - 21:53
    සාක්ෂාත් කර ගැනීමයි. ඒ කියන්නේ එක්වීමයි. ඔබේ සෑම දෙයක්ම එකට එකතු
  • 22:00 - 22:01
    කරගැනීමයි. නමුත් බුද්ධියෙන් මේ කරුණු තේරුම් ගැනීම සමාධිය සැබෑවටම
  • 22:08 - 22:09
    සාක්ෂාත් කරා කියල වරදවා වටහා ගන්න එපා. ඒ ඔබේ අකම්ප්‍යබවයි, ඔබේ ශුන්‍යතාව
  • 22:16 - 22:17
    ජිවිත සර්පිලයේ සෑම මට්ටමක්ම එකට එකතු කරන
  • 22:55 - 22:56
    සමාධිය පිලිබඳ ඉපැරණි ඉගැන්වීම් තුලින් තමයි මනුෂ්‍ය වර්ගයාට
  • 23:00 - 23:01
    සියලුම ආගම්වල පොදු මුලාශ්‍රය තේරුම් ගන්න පටන් ගන්නට හැකි වන්නේ සහ
  • 23:05 - 23:06
    ජිවිත සර්පිලය හා නැවත සමාන්තර වන්නට හැකි වන්නේ
  • 23:14 - 23:15
    මෙම සර්පිලය තමයි කුඩාම ව්‍යුහය සිට අතිමහත් විශ්වය තෙක් විහිදෙන පාලම
  • 23:23 - 23:24
    ඔබේ ප්‍රවේණික DNA අණු වලසිට, චක්‍ර තුලින් විහිදෙන ඇතුලාන්ත ශක්ති නෙළුම තෙක් විහිදෙන
  • 23:31 - 23:32
    මන්දාකිනිවල සර්පිල බාහු තෙක් විහිදෙන
  • 23:36 - 23:37
    ආත්මයේ සෑම මට්ටමක්ම විද්‍යාමාන වෙනවා දිගින් දිගටම පරිනාමය වන ශාඛාවලින්
  • 23:43 - 23:44
    ජිවත්වන, ගවේෂණය කරන. නියම සමාධිය කියන්නේ ශුන්‍යතාව සක්ශාත්කරගැනීම
  • 23:51 - 23:52
    මමත්වයේ සෑම මට්ටමකම. ආත්මයේ සෑම ආවරණයකම. සර්පිලය කියන්නේ
  • 24:00 - 24:01
    ද්වතාවයේ නිරන්තර ක්‍රියාකාරකම් හා ජීවිතය හා මරණය චක්‍රයයි
  • 24:08 - 24:09
    අපිට සමහර විට අපේ ප්‍රභවයට ඇති සම්බන්ධතාව අමතක වෙනවා
  • 24:20 - 24:21
    අපි දේවල් දකින කන්නාඩිය හරි පටුයි සහ අපි හඳුනාගන්නේ
  • 24:28 - 24:29
    පොලව මත බඩගා යන සත්වයෙක්ගේ අනන්‍යතාවකින්, නැවත වරක් සිය ප්‍රභවය වෙත
  • 24:34 - 24:35
    චාරිකාවේ යෙදෙන
  • 24:38 - 24:39
    සැමතැනම තියෙන මධ්‍යය වෙත
  • 24:48 - 24:49
    ශුවං සූ පැවසුවා තවදුරටත් ඒක මේක කියල වෙනසක් නොමැති තැන
  • 24:55 - 24:56
    ඩාඕ හෙවත් මාර්ගයේ නිශ්චල තැන කියල. සර්පිලයේ මැද මෙම නිශ්චල තැනේදී කෙනෙක්ට
  • 25:02 - 25:03
    කෙනෙකුට සෑමදෙයකම අපරිමාණය දැක ගන්න පුළුවන්
  • 25:14 - 25:15
    ඕම් මනි පද්මේ හම් කියන ඉපැරණි මන්ත්‍රයේ කාව්‍යමය අර්ථයක් තියෙනවා, කෙනෙකු අවදි වෙනවා හෝ
  • 25:23 - 25:24
    නෙළුම තුළ පිහිටි රත්නය සාක්ෂාත් කරගන්නවා. ආත්මය තුල පවතින සැබෑ සොබාවය අවදිවෙනවා
  • 25:31 - 25:32
    ලෝකය තුල පවතින, ලෝකය විලසින්
  • 25:50 - 25:51
    හර්මෙටික් සම්ප්‍රදායේ එන, ඉහත පරිදි පහත දැක්වෙන, පහත පරිදි ඉහත දැක්වෙන යන මුලධර්මය භාවිතයෙන්
  • 25:58 - 25:59
    මනස හා නිශ්චලතාව අතර සම්බන්ධය තේරුම් ගැනීමට පටන් ගැනීම සඳහා අපිට උපමා සංසන්දනයක් කරන්න පුළුවන්
  • 26:03 - 26:04
    සාපේක්ෂ හා නිරපේක්ෂ පරිදි
  • 26:13 - 26:14
    සමාධියේ අසංකල්පිය සොබාවය ග්‍රහණය කර ගැනීම සඳහා ඇරඹුමක්
  • 26:19 - 26:20
    ලෙස කළු කුහරයක් උපමා ලෙස ගත හැකියි
  • 26:25 - 26:26
    කළු කුහරයක් ලෙස සම්ප්‍රදායිකව විස්තර කරන්නේ අවකාශයේ පෙදෙසක් ඇති විශාල
  • 26:31 - 26:32
    ගුරුත්ව ක්ෂේත්‍රයක් සහිත, කොතරම් බලවත්ද කිව්වොත් කිසිම ආලෝකයකට හෝ පදාර්ථයකට ඉන් පිටවිය නොහැකියි. අලුත් වාදයන්
  • 26:37 - 26:38
    උපකල්පනය කරනවා සියලුම වස්තූන් කුඩා ක්ෂුද්‍ර අංශු වල සිට
  • 26:43 - 26:44
    විශ්වය මන්දාකිනි වැනි සුවිසල් ව්‍යහයන් දක්වා සියලු දේ කළු කුහරයක් හෝ
  • 26:48 - 26:49
    අද්භූත සමජාතිය යමක් ඒවා මැද පවතින බව. මේ උපමාවේදී අපි යොදාගන්නවා
  • 26:55 - 26:56
    කළු කුහරයේ මෙම නව අර්ථකථනය, සැම තැනම මධ්‍යය වශයෙන්
  • 27:07 - 27:08
    සෙන් බුදුදහමේ තියෙනවා බොහෝ කවි හා තේරවිලි තිබෙනවා අපිව මුහුණට මුහුණ ලා ගෙනෙන
  • 27:14 - 27:15
    දොරක් නැති දොර වෙතට. කෙනෙක් මෙමෙ දොරක් නැති දොර පසු කර යා යුතුයි සමාධිය සාක්ෂාත් කරන්න
  • 27:24 - 27:25
    සිද්ධීන් ගෝචර වන සිතිජය කියන්නේ කාල-අවකාශ සන්තතියේ සීමාව, ඉන් පිටත
  • 27:30 - 27:31
    සිටින බාහිර නිරික්ෂකයෙකුට, බලපෑම් කල නොහැකි, එනම් මෙම සිතිජයෙන් පිට සිදුවන දේ
  • 27:36 - 27:37
    ඔබට දැනගත නොහැකියි. ඔබට පුළුවන් කලුකුහරයක වන්නාවූ මෙවැනි සිතිජයක්
  • 27:43 - 27:44
    උපමා කරන්න දොරක් නැති දොරට.එය එක්තරා දේහලීය මට්ටමක් අත්ත හා
  • 27:50 - 27:51
    අනත්ත අතර. මේ සිද්ධීන් ගෝචර වන සිතිජය ඉක්මවන මමෙක් නැහැ
  • 28:01 - 28:02
    කළු කුහරයක් මැද එක මානයක් පමණක් පවතින ඒකත්වයක් පවතිනවා
  • 28:07 - 28:08
    ඉරවල් බිලියන ගණනක ස්කන්ධ ප්‍රමාණය හිතා ගන්නත් බැරි කුඩා අවකාශයක පවතින.
  • 28:14 - 28:15
    කොටින්ම අපරිමාණ ස්කන්ධයක්. හරියටම කිව්වොත් විශ්වය කියන්නේ නොගිණිය හැකි තරම් කුඩා
  • 28:20 - 28:21
    වැලි කැටයක් වගේ. මේ ඒකත්වය කියන්නේ කාලයෙන් අවකාශයෙන් ඔබ්බෙහි වූ අචින්ත්‍ය යමක්
  • 28:27 - 28:28
    භෞතික විද්‍යාවට අනුව චලිතය අභව්‍යයි, දේවල පැවැත්ම
  • 28:35 - 28:36
    අභව්‍යයි. මොන දෙයක් සම්බන්ධයෙන් වුනත් එය ඉන්ද්‍රිය ගෝචර ලෝකයට
  • 28:41 - 28:42
    අයිති නැහැ, එසේ වුනත් එය හුදු නිශ්චලතාව කියා විස්තර කරන්න බැහැ
  • 28:46 - 28:47
    එය චලනය හා නිශ්චලතාවයෙන් එපිට දෙයක්. ඔබ මධ්‍යය අවබෝධ කල විට
  • 28:54 - 28:55
    සැමතැනම පවතින හා නොපවතින, ද්වතාව බිඳ වැටෙනවා, රූපහැඩතල හා ශුන්‍යතාව
  • 29:01 - 29:02
    කාලය හා අකාලිකය
  • 29:06 - 29:07
    කෙනෙක්ට මෙය නම් කරන්න පුළුවන් ගතික නිශ්චලතාව කියල, හෝ පිරුණු හිස්බව
  • 29:13 - 29:14
    සම්පුර්ණ අඳුර මධ්‍යය තුල පවතින. ඩාඕ ගුරුවරයෙක් වන ලාඕ සේ කියා තිබෙනවා
  • 29:22 - 29:23
    අඳුර තුල පවතින් අඳුර තමයි අවබෝධයේ බිහි දොර කියල
  • 29:39 - 29:40
    ලේඛකයෙක් හා පුරාවෘත්ත අධ්‍යකයෙකු වන ජෝසෆ් කැම්බල් විස්තර කරනවා, යලි යලි මතුවන
  • 29:45 - 29:46
    සංකේතයක්, විශ්වීය පොදු දර්ශනවාදයහි කොටසක් ලෝක අක්ෂය කියා ඔහු හඳුන්වන
  • 29:52 - 29:53
    මධ්‍ය ලක්ශය හෝ කන්දේ ඉහලම තැන. හැමදේම
  • 29:57 - 29:58
    එය වටා කැරකෙන. නිශ්චලතාවය හා චලනය එකට පවතින තැන.
  • 30:03 - 30:04
    මේ මධ්‍යයෙන් සුපුෂ්පිත ශාකයක් සාක්ෂාත් කරගන්නා. බෝධි වෘක්ෂයක්
  • 30:12 - 30:13
    සියලු ලෝක යා කරන.හරියටම ඉරක් කලුකුහරයකට උරාගන්නා මෙන්
  • 30:25 - 30:26
    ඔබ පරම සත්‍යය වෙත ලඟා වෙන විට, ඔබේ ජීවිතය එය වටා කැරකෙන්න පටන් ගන්නවා සහ
  • 30:31 - 30:32
    ඔබේ පැවැත්ම නැතිවී යාමට පටන් ගන්නවා.
  • 30:39 - 30:40
    ඔබ ඔබේ නැවුම් අනන්‍යතාව වෙත ලඟා වෙන විට, එය මමත්ව ව්‍යුහයට බියජනක විය හැකියි.
  • 30:46 - 30:47
    දොරටුව දෙපස මුරකරුවෝ සිටිනවා පරීක්ෂා කරන්න මග වඩන අය.
  • 30:53 - 30:54
    කෙනෙක් තමන්ගේ ලොකුම භීතින්ට මුහුණ දෙන්න කැමති වෙන්න ඕන වගේම
  • 30:59 - 31:00
    තම ඇතුලාන්ත ශක්තිය එලෙසින් පිලිගන්නත් කැමති වෙන්න ඕන. අවිඥානික බය හා සැඟවුණු සුන්දරත්වය
  • 31:08 - 31:09
    අත්දකින්න. ඔබේ මන අකම්ප්‍ය නම්, ස්වත්වයෙන් ප්‍රතික්‍රියාවක් නොමැති නම්,
  • 31:20 - 31:21
    අවිඥානිකව පහල වන සියල්ල හටගෙන නිරුද්ධ වී යනවා.
  • 31:26 - 31:27
    මේ තමයි අධ්‍යාත්මික ගමනේ ශ්‍රද්ධාව වඩාත්ම අවශ්‍ය තැන. අපි ශ්‍රද්ධාව කියා
  • 31:33 - 31:34
    හඳුන්වන්නේ කුමක්ද? ශ්‍රද්ධාව කියන්නේ භක්තිය නෙමෙයි. භක්තිය කියන්නේ මනට හුරු පුරුදු සුවපහසු යමක්
  • 31:42 - 31:43
    තහවුරු කරගන්න තියෙන මානසික මට්ටමක්. භක්තිය කියන්නේ මනසේ විදිය
  • 31:49 - 31:50
    තමන්ගේ අත්දැකීම් වර්ගීකරණය කරන්න හා කළමනාකරණය කරන.ශ්‍රද්ධාව එහි ප්‍රතිවිරුද්ධ දෙයක්. ශ්‍රද්ධාව
  • 31:57 - 31:58
    කියන්නේ කිසිවක් නොවිඳින සිටින තැනට පත්වීම, අවිඥානිකව උදාවන
  • 32:03 - 32:04
    කවරක් උනත් එලෙසම දකිමින්. ශ්‍රද්ධාව කියන්නේ ඒකත්වය විසින් යෙදෙන ගාමක බලයට අනුගත වීම
  • 32:10 - 32:11
    ස්වත්වය දියකර හැරීමට හෝ කඩා දැමීමට අනුගත වීම, දොරටුවක් නැති දොරපසුකරයාම සඳහා.
  • 32:28 - 32:29
    මන්දාකිනියක පරිනාමය හා ව්‍යුහය එහි මධ්‍යයේ වන කලුකුහරයේ පරිමානයට සමීපව සම්බන්ධයි
  • 32:35 - 32:36
    හරියට ඔබේ මාර්ගයේ විකාශනයත් ඔබේ සහජ අනන්‍යතාව හා සම්බන්ධ වගේ
  • 32:40 - 32:41
    ඔබේ නියම සොබාවය වන ඒකත්වය
  • 32:48 - 32:49
    අපිට කළු කුහරය දැක ගන්න බැහැ නමුත් එය වටා කැරකෙන දේවලින්
  • 32:53 - 32:54
    එය භෞතික වටපිටාව හා හැසිරෙන ආකාරයෙන්. මේ ආකාරයෙන්ම
  • 33:01 - 33:02
    අපිට අපේ සැබෑ සොබාවය දැකගන්න බැහැ. ඇතුලාන්ත සැඟවුණු අනන්‍යතාව දෙයක් නෙමෙයි,
  • 33:09 - 33:10
    නමුත් අපිට දැකගන්න පුළුවන් අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන්. සුසුකි නම් සෙන් ගුරුතුමා කිව්වා, හරියටම කිව්වොත්
  • 33:17 - 33:18
    අවබෝධයට පත් පුද්ගලයෝ නැහැ, පවතින්නේ අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන් පමනයි.
  • 33:26 - 33:27
    ඇසට තමන්ව දැක ගන්න බැරිවා වාගේ, අපිටත් එය දැකගන්න බැහැ. අපිට එය දැකගන්න නොහැකි
  • 33:34 - 33:35
    එයන් තමයි දැකීමට හැකි වන්නේ. කලුකුහරය මෙන් සමාධිය
  • 33:41 - 33:42
    කිසිවක් නැතිබව නෙමෙයි, නමුත් කිසිවකුත් නෙමෙයි. මෙය තමයි පැවතීම හා නොපැවතීම
  • 33:48 - 33:49
    කියන ද්වතාවයේ බිඳ වැටීම. පරම සත්‍යය වෙත එළඹෙන්න දොරක් නැහැ
  • 33:57 - 33:58
    නමුත් අනත්න පරිමාන පාරවල් තියෙනවා. ධර්මයෝ නමැති මේ පාරවල් අගක් මුලක් නැති
  • 34:05 - 34:06
    සර්පිලයක් වගේ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ. කිසිවෙකුගේ මනස
  • 34:13 - 34:14
    ක්‍රමවේදය සොයා ගෙන නැහැ, සොයා ගන්නෙත් නැහැ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ.
  • 34:23 - 34:24
    එනිසා පුද්ගලයෙක් නොවන්න.
  • 34:44 - 34:45
    සමාධිය කියන්නේ මගක් දැකිය නොහැකි මගක්, රත්තරන් යතුර. එය තමයි බාහිර හා ඇතුලාන්ත
  • 34:53 - 34:54
    ලෝක වෙන්කරන, මමත්ව ව්‍යුහයෙන් හඳුනාගැනීමේ අවසානය.
  • 35:15 - 35:16
    නොයෙක් ප්‍රගුනතා ආකෘති පවතිනවා මමත්ව ව්‍යුහයෙ නොයෙක් ස්ථර හෙවත් මට්ටම්
  • 35:20 - 35:21
    විස්තර කරන. අපි ඉපැරණි උදාහරණයක් ඒ වෙනුවට යොදා ගනිමු
  • 35:28 - 35:29
    උපනිෂද් ග්‍රන්ථවල, ආත්මය වසන ආවරණය, කෝෂයක් ලෙස දැක්වෙනවා
  • 35:36 - 35:37
    එක එක කෝෂය දර්පනයක් වගේ. මමත්ව ව්‍යුහයෙ එක් ස්ථරයක්. ආවරණ පටලයක් හෝ මායාවේ එක ස්ථරයක්
  • 35:44 - 35:45
    අපිව මෙයින් හඳුනා ගත්තොත් එය අපගේ නියම සොබාවය සාක්ෂාත් කරගැනීමෙන් වලක්වා ලනවා
  • 35:51 - 35:52
    ගොඩක් මිනිස්සු ප්‍රතිබිම්බ දැකල ඒ තමන්ය කියල විශ්වාස කරනවා
  • 36:00 - 36:01
    එක දර්පනයක් පරාවර්තනය කරනවා සත්ව ස්ථරය, භෞතික සිරුර. තවත් දර්පනයක් පරාවර්තනය කරනවා
  • 36:07 - 36:08
    ඔබේ මන, ඔබේ සිතුවිලි, ඔබේ ඉව, ඔබේ සඥා. තවත් දර්පනයක් තුලින් ඇතුලාන්ත
  • 36:15 - 36:16
    ශක්තිය හෝ ප්‍රාණ දැකගත හැකියි ඔබ ඇතුලාන්තයට එබිකම් කරොත්. තවත් දර්පනයක්
  • 36:21 - 36:22
    පරාවර්තනය කරනවා උත්තම මන වන උපකල්පනිය මට්ටම හෙවත් ප්‍රඥා ස්ථරය
  • 36:26 - 36:27
    සහ අධිගම ස්ථර හෝ ද්වතා ධර්මතාවෙන් එපිට සුඛය පරාවර්තනය කරනවා
  • 36:33 - 36:34
    කෙනෙකු සමාධියට ලඟා වෙන විට
  • 36:37 - 36:38
    නොගිනිය හැකි තරම් දර්පන හෝ ස්වත්වයේ පැති
  • 36:43 - 36:44
    හඳුනා ගත හැකියි, සහ ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා.
  • 36:51 - 36:52
    බොහොමයක් දෙනා තවමත් තම ප්‍රාණිය, උත්තම මනස සහ ද්වතා ධර්මයෙන් පිට සුඛ
  • 36:56 - 36:57
    මට්ටම් හඳුනා ගෙන නැහැ. ඔවුන් ඒවායේ පැවැත්ම ගැනවත් දන්නේ නැහැ
  • 37:01 - 37:02
    මේ ස්ථර ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා මිසක් ඔබ ඒවා දකින්නේ නැහැ. සැඟවුණු දර්පන
  • 37:09 - 37:10
    ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා පෙනෙන්න තියෙන දර්පන වලට වඩා
  • 37:14 - 37:15
    ඒවා පෙනෙන්නේ නැහැ මොකද ගොඩක් මිනිස්සුන්ගේ එම දර්පන දීප්තිමත් වෙලා නැහැ
  • 37:19 - 37:20
    ඔවුන්ගේ විඥානයෙන්. ඉන්ද්‍රජාලයේ වගේ, දර්පන සියල්ල එකිනෙකා
  • 37:29 - 37:30
    අනන්ත පරිමාණයෙන් පරාවර්තනය කරනවා. එක මට්ටමක සිදුවන
  • 37:36 - 37:37
    වෙනසක් සියලුම මට්ටම්වලට බලපානවා
  • 37:42 - 37:43
    අපි වාසනාවක් හා හොඳ මග පෙන්වීමක් නොවුනොත් මිසක්
  • 37:49 - 37:50
    සමහරක් දර්පන කිසිදා ආලෝකය නොලබා සෙවනැලිවල අඳුරේම පවතිනවා. සත්‍යය තමයි
  • 37:55 - 37:56
    අපි නොදන්නේ මොනවද කියල අපි දන්නේ නැහැ. දැන් ඔබ සියලු දර්පන බිඳ දැම්ම කියා සිතන්න
  • 38:03 - 38:04
    ඔබව ඔබට පරාවර්තනය කරන කිසිවක් නැහැ. ඔබ කොහෙද ඉන්නේ?
  • 38:14 - 38:15
    මනස නිශ්චල වූ විට දර්පනයන්ගේ පරාවර්තනයන් නවතිනවා. තවදුරටත්
  • 38:23 - 38:24
    සාපේක්ෂයක් හෝ නිරපෙක්ෂයක් නැහැ. නමුත් මෙම මූලික භවය, කිසිවක් නැති කම හෝ
  • 38:33 - 38:34
    අසඥභාවය කියල වරදවා වටහා ගන්න එපා. මූලික අනන්‍යතාව යමක් නොවයි, යමක් නොවන්නේත් වෙයි
  • 38:48 - 38:49
    මූලික ප්‍රභවය යමක් නෙමෙයි, එය ශුන්‍යතාව හා නිශ්චලතාවයමයි. එය
  • 38:57 - 38:58
    ශුන්‍යතාවයි සැමදෙයක්ම හටගන්නා. ව්‍යුහය සාක්ෂාත් වෙන්නේ ශුන්‍යතාව ලෙසින්
  • 39:06 - 39:07
    ශුන්‍යතාව සාක්ෂාත් වෙන්නේ ව්‍යුහය ලෙසින්. මේ ප්‍රභවය තමයි
  • 39:17 - 39:18
    සියලු මැවීමේ ගැබ, සියලු ආකාරයේ සිදුවීම් වලින් පිරුණු
  • 39:41 - 39:42
    සමාධිය කියන්නේ උපේක්ෂා විඥානයේ අවදි කිරීමයි. ඔබ හීනයක් දකින විට වගේ
  • 39:48 - 39:49
    ඔබ අවබෝධයට පත්වූ විට ඔබට තේරෙනවා හීනයේ ඇති සියල්ලම තිබුනේ
  • 39:54 - 39:55
    මන තුල පමණයි. සමාධිය සාක්ෂාත් කරන විට තේරුම් ගන්නවා
  • 39:59 - 40:00
    මෙලොව හැමදේම සිදුවන්නේ ශක්තිය හා විඥානයන්ගේ විවිධ මට්ටම්
  • 40:05 - 40:06
    තුල බව. සියල්ල දර්පන තුල දර්පන, සිහින තුල සිහින
  • 40:13 - 40:14
    ඔබ සිතන ඔබ, සිහිනය වගේම සිහින දකින්නාත්ම වේ
  • 40:34 - 40:35
    මේ සිනමා පටයේ කියන කුමක් වුනත් එය අතහරින්න, එය මනස තුල හසු කරගන්න එපා
  • 40:44 - 40:45
    ආත්මය සිහින දකිනවා, ඔබ ගැන සිහිනයක් දකිනවා
  • 40:49 - 40:50
    වෙනස් වන සියල්ලම සිහිනයයි, නමුත් නොවෙනස් වන දේ සාක්ෂාත් කරන්නත්
  • 40:57 - 40:58
    පුළුවන්. මෙම සාක්ෂාත් කිරීම ප්‍රාථමික පුද්ගල මානසික මට්ටමෙන් තේරුම්
  • 41:13 - 41:14
    ගන්න බැහැ
  • 41:22 - 41:23
    නිර්විකල්ප සමාධිය හෙවත් නිරෝධ සමාපත්තියෙන් මෙපිටට එන විට දර්පන යලි සිය පරාවර්තනයන් සිදු කරන්න පටන් ගන්නවා සහ
  • 41:29 - 41:30
    ඔබ තේරුම් ගන්නවා ඔබ ජිවත් වනවා කියල හිතන ලෝකය තමයි ඇත්තෙන්ම ඔබ කියල
  • 41:37 - 41:38
    තාවකාලික පරාවර්තනයක් වන ප්‍රාථමික ඔබ ලෙස නොව, නමුත් ඔබ දැන් දන්නවා
  • 41:44 - 41:45
    ඔබේ නියම සොබාවය පවතින සියල්ලගේම ප්‍රභවය ලෙස . මේ උත්තම ප්‍රඥාවේ අවදි වීම
  • 41:54 - 41:55
    කළලය, අධ්‍යාත්මික අවබෝධය තමයි සමාධිය තුලින් උපදින්නේ. බයිබලයේ එන
  • 42:04 - 42:05
    ජෝබ්ගේ පොතේ, හෙබ්‍රෙව් බසින් කොක්හ්මා හෙවත් ප්‍රඥාව පැමිණෙන්නේ ශුන්‍යතත්වයෙන්. ප්‍රඥාවේ කාරණා
  • 42:13 - 42:14
    නොගිනිය හැකි තරම් කුඩා මෙන්ම එය ආවරණය කරනවා සම්පුර්ණ පැවැත්මම, නමුත්
  • 42:19 - 42:20
    එය තේරුම් ගන්න බැහැ එයට යම් හැඩයක් හා ව්‍යුහයක් දෙන තුරු දර්පන මාලිගාව තුල
  • 42:25 - 42:26
    හෙබ්‍රෙව් බසින් බිනාහ් හෙවත් දෙවියන්ගේ ස්ප්‍රිතු කළලයට හැඩයක් ලබාදෙන උත්තම ප්‍රඥාවෙන් කපාගත්ත ගර්භය
  • 43:08 - 43:09
    දර්පනයන්ගේ හෝ මානසයන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් නොවෙයි. ඊට පටහැනිව
  • 43:15 - 43:16
    මනුෂ්‍ය චින්තනයේ වරද හෝ අපගමනය වන්නේ අපි අපව එමගින් හඳුනා ගැනීමයි. මේ තමයි
  • 43:22 - 43:23
    මායාව, අපි අපව ප්‍රාථමික මමෙක් ලෙස ගැනීම. යෝග
  • 43:33 - 43:34
    ඉගැන්වීම් වල තියෙනවා සමාධිය ලබාගැනීම සඳහා භාවනා නිමිත්ත දෙස එය ඔබ බවට පත්වී
  • 43:38 - 43:39
    අතුරුදහන් වන තුරු හෝ ඔබ එය බවට පත්ව අතුරුදහන් වනතුරු නිරික්ෂනය කලයුතු බව
  • 43:50 - 43:51
    විවිධ සම්ප්‍රදායන් විවිධ වචන වලින් විස්තර කරත්, ඒවායේ මූලයේහිදී ඒවා
  • 43:56 - 43:57
    යොමු වෙලා තියෙන්නේ පුද්ගල සඥාව හා මමත්ව ක්‍රියාකාරකම් නැවතීම දෙසටයි
  • 44:01 - 44:02
    බුදු හාමුදුරුවෝ නිතරම ඉගැන්නුවේ පෙළීම් අර්ථයෙන්. උන්වහන්සේ සෘජුවම ඉගැන්නුවේ
  • 44:08 - 44:09
    මමත්ව ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධවයි. උන්වහන්සේ සමාධිය
  • 44:15 - 44:16
    දුකෙහි නිරෝධය ලෙස පෙන්වා දුන්නා. අද්වයිත වේදාන්තයෙහි
  • 44:24 - 44:24
    නෙටි නෙටි කියා පදයක් තියෙනවා, එනම් මේකත් නෙවෙයි, එකත් නෙවෙයි යන්න. ආත්ම පුර්ණය වෙත යන මිනිසුන්
  • 44:31 - 44:32
    තමන්ගේ නියම සොබාවය නැතිනම් බ්‍රහ්ම ස්වරුපය තමන් නොවන්නේ
  • 44:38 - 44:39
    කුමක්ද කියා සොයා ගැනීමෙන් විමසනවා
  • 44:43 - 44:44
    මිට සමානව ක්‍රිස්තියානි දහමේ, අවිලාහි ශුද්ධවූ තෙරේසා විස්තර කර තිබෙනවා යාතිකා සම්බන්ධව වූ
  • 44:49 - 44:50
    සෘණාත්මක මගක් මත රැඳුන ප්‍රවේශයක් ගැන. නිහඬ, යටහත් හා ඒකාත්මික වන
  • 44:57 - 44:58
    යාතිකාවක්, නිරපෙක්ෂකත්වය වෙත ලඟා වෙන්න ඇති එකම විදිය
  • 45:03 - 45:04
    මේ ගලවා ඉවත් කිරීමේ ක්‍රමානුකුල ක්‍රියාවලියේදී, කෙනෙකු ඉවතලනවා
  • 45:09 - 45:10
    ස්ථිර නොවන හැමදේම, වෙනස් වන හැමදේම. මනස, මමත්වය හා
  • 45:18 - 45:19
    අනන්‍යතාවයේ සියලු ස්ථර ඇතුළු ඇතුළු සියලු සංසිද්ධි. අවිඥානික දේ
  • 45:24 - 45:25
    පවා පාරදෘශ්‍ය විය යුතුයි මූල ප්‍රභවය පරාවර්තනය කිරීම සඳහා. යම් ගැඹුරු
  • 45:31 - 45:32
    දැනීමක් හෝ යම් අවිඥානික ස්වයංක්‍රිය ක්‍රියාවලියක් පවතිනවා නම්,
  • 45:37 - 45:38
    අපි සොයානොගත් සැඟවුනු පුරුදු රටාවන්ගේ දැලෙහි පැටලී අපේ ජිවිත ගෙවෙනවා
  • 45:48 - 45:49
    පුද්ගලත්වයේ සියලු ස්ථර ශුන්‍ය ලෙසට හෙළි කරගත් පසු කෙනෙකු සිය පුද්ගලත්වයෙන්
  • 45:55 - 45:56
    මිදෙනවා. සියලු සංකල්පයන්ගෙන් නිදහස් වෙනවා
  • 46:04 - 46:05
    ඔබේ පරිනාමයේ හැරවුම් ලක්ෂය වන්නේ ඔබ කියන්නේ කව්ද කියල ඔබ නොදන්නා බවට දැනගත් විටයි
  • 46:11 - 46:12
    කව්ද හුස්ම ගන්න බව අත්දකින්නේ? කව්ද රසය විඳින්නේ?
  • 46:22 - 46:23
    කව්ද සජ්ජායනා, චාරිත්‍ර, නැටුම්, කන්ද අත්දකින්නේ? සාක්ෂිකාරයාට සාක්ෂි දරන්න
  • 46:36 - 46:37
    නිරික්ෂකයාව නිරීක්ෂණය කරන්න
  • 46:40 - 46:41
    මුලින් ඔබ නිරික්ෂකයාව නිරීක්ෂණය කරන විට ඔබ දකින්නේ ඔබේ බොරු අනන්‍යතාවක්
  • 46:47 - 46:48
    නමුත් ඔබ උත්සාහය ඇත නොහැරියොත් එය නියම අනන්‍යතාවට ඉඩදී ඉවත යනු ඇති
  • 46:54 - 46:55
    සියල්ල අත්දකින්නේ කව්ද , මොකද්ද කියන ප්‍රශ්නය සෘජුවම විමසන්න
  • 47:00 - 47:01
    ඇසි පිය නොහෙලා, විනිවිද යන පරිදේ මුළු ශක්තියෙන්ම විදර්ශනා කරන්න ඔබේ භවය
  • 47:17 - 47:18
    "ගතේ ගතේ පරගතේ,..
  • 47:20 - 47:21
    "... පරසුම් ගතේ, බෝධිස්වාහා"
  • 47:48 - 47:49
    අවදිවන ආත්මයක් නැහැ, අවදි වන ඔබ කියා කෙනෙක් නැහැ
  • 47:57 - 47:58
    ඔබ අවදි වන්නේ, ඔබට වෙන්වූ අනන්‍යතාවයක් ඇතැයි ඔබ දකින සිහිනයෙන්
  • 48:04 - 48:04
    ප්‍රාථමික "ඔබ"ය කියන සිහිනයෙන්. ඒ ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්
  • 48:08 - 48:09
    ස්වත්වයේ යථා නිරෝධයක් විය යුතුයි, එය කුමක්ද කියා තේරුම් ගන්නට , සහ
  • 48:15 - 48:16
    එය සාක්ෂාත් කල විට, ඒ ගැන කිව හැකි දෙයකුත් නැහැ. ඔබ යමක් කියූ සැනින්
  • 48:24 - 48:25
    ඔබ නැවත මනසෙහි පිහිටනවා. මම දැනටම ඕනෑවට වඩා කියා තියෙනවා
  • 48:40 - 48:41
    අපිට සාමාන්‍යයෙන් විඥාන මට්ටම් තුනක් පවතිනවා, අවදි වන, සිහින් දකින හා ගැඹුරු නින්දේ වශයෙන්
  • 48:46 - 48:47
    සමාධියට සමහර වෙලාවට සිව්වැනි මට්ටම කියා කියනවා, විඥානයේ
  • 48:53 - 48:54
    බිම් මට්ටම. වර්තමානයේද භාවාත්මක වන ඉපැරණි අවදි වුනු සොබාවයක්
  • 49:00 - 49:01
    අනෙක් විඥාන මට්ටම හා සමාන්තරව පවතින. වේදාන්ත වල මෙය හඳුන්වන්නේ තුරිය කියල
  • 49:11 - 49:12
    මෙයට කියන වෙනත් පද නම් ක්‍රිස්තු විඥානය, ක්‍රිෂ්ණ විඥානය
  • 49:17 - 49:18
    බුද්ධ සොබාවය හෝ සහජ සමාධිය. සහජ සමාධියෙදී, ඇතුලාන්ත නියම සොබාවය
  • 49:27 - 49:28
    එකට පවතිනවා සම්පුර්ණ මනුෂ්‍ය කෘත්‍යයන්ගේ භාවිතය සමග. මේ නිශ්චලතාව
  • 49:34 - 49:35
    වෙනස් වන්නාවූ සියලු සංසිද්ධීන්ගේ සර්පිලය මධ්‍යයේ නොසෙල්වී පවතිනවා
  • 49:39 - 49:40
    සිතිවිලි, හැඟීම්, දැනීම් හා ශක්තිය එහි පරිධිය දෙසට වන්න කැරකෙමින් පවතිනවා
  • 49:46 - 49:47
    නමුත් නිසල සොබාවය හෝ මූල චිත්තය භාවනාවේදී වගේම බාහිර ක්‍රියාකාරකම් වලදී පවතිනවා
  • 49:54 - 49:55
    ප්‍රභාස්වර සොබාවය ගැඹුරු නින්දේදී පවා පවතින්න පුළුවන්
  • 50:03 - 50:04
    මූල චිත්තය වෙනස් වන්නේ නැහැ විඥානයන්ගේ මට්ටම්
  • 50:12 - 50:13
    වෙනස් වුනත්
  • 50:20 - 50:21
    මේ යෝගී නින්දයි
  • 50:25 - 50:26
    හෙබ්‍රෙව් බයිබලයේ හෙවත් පරණ ගිවිසුමේ එන ගිතයන්ගේ ගිතයේදී හෙවත් සොලොමන්ගේ ගිතයේදී
  • 50:30 - 50:31
    මෙසේ එය දැක්වෙනවා , මම නිදනවා, නමුත් මගේ හදවත් අවදියෙන්. මේ අමරණිය
  • 50:40 - 50:41
    අපක්ෂපාති විඥානය ක්‍රිස්තුස් වහන්සේගේ වචන වල මෙසේ පිළිබිඹු වෙනවා
  • 50:47 - 50:48
    ආබ්‍රහම්ට පෙර පැවතියේ, මම
  • 50:56 - 50:57
    එක විඥානයක් විවිධ අපරිමාන මුහුණු හරහා දිලිසුනු, අපරිමාන රූපයන්
  • 51:16 - 51:17
    මුලින් එය දුබල ගිනි පුපුරක්, ඔබතුල වූ ප්‍රතිවිරුද්ධතාවන්ගෙන් පැනනැගුනු
  • 51:23 - 51:24
    එදිරිගාමි පුරුෂ විඥානය, යටත් වීමක් නැතහොත් ස්ත්‍රී ශක්තියේ විවර වීම සමග
  • 51:29 - 51:30
    එය බොහොම සියුම්, පහසුවෙන් නැතිවන සුළු, සහ කෙනෙක් බොහොම පරිස්සම් වෙන්න ඕන එය
  • 51:36 - 51:37
    නොනැසී පවත්වාගන්න එය මුහුකුරා වැඩෙන තුරු
  • 51:44 - 51:45
    සමාධිය කියන්නේ අකාලික විඥාන මට්ටමක් හා දිග හැරෙන විපාක ක්‍රියාවලියක්
  • 51:51 - 51:52
    එකට පැවතීමක්. කාලය සමග වැඩෙන ජයිවීය යමක්
  • 52:05 - 52:06
    කෙනෙක් සමාධියේ කාලය ගත කරන තරමට, එනම් වර්තමානය, අකාලිකයේ සිටින තරමට
  • 52:14 - 52:15
    කෙනෙක් සිය හදවතින්, ආත්මයෙන් උපදෙස් ගන්නවා, කොන්දේසිගත
  • 52:23 - 52:24
    මමත්ව ව්‍යුහයෙන් එසේ ගැනීම අඩු වී යනවා
  • 52:29 - 52:30
    මෙහෙමයි කෙනෙක් සිය අධම මනසින් නිදහස් වන්නේ, රෝගී චින්තනයෙන් නිදහස් වන්නේ
  • 52:38 - 52:39
    ඇතුලාන්ත ස්නායුජ සැකැස්ම වෙනස් වෙනවා.ශක්තිය තව දුරටත් පැරණි කොන්දේසිගත ව්‍යහයේ
  • 52:45 - 52:46
    අවිඥානිකව ප්‍රවාහයේ යෙදෙන්නේ නැහැ. එනම් කෙනෙක් පුද්ගල සඥාවෙන් හා බාහිර සතර මහාභූත ලෝකයෙන් තවදුරටත්
  • 52:52 - 52:53
    හඳුනා ගැනෙන්නේ නැහැ කියන එක කියන වෙනත් විදියක්
  • 53:11 - 53:12
    සමාධිය සාක්ෂාත් කරගැනීම සඳහා කොතරම් වීරියක් ඕනද කියනවා නම්, එය
  • 53:17 - 53:18
    කෙනෙක්ගේ පුද්ගලත්වය සම්පුර්නයෙන් යටත් කරදීමක්. ඒවගේම කොතරම් යටත් වීමක්ද කියතොත් එයට
  • 53:25 - 53:26
    කෙනෙක්ගේ භවයේ සම්පුර්ණ විරියම අවශ්‍ය වෙනවා. එය විරිය හා යටත් වීම
  • 53:34 - 53:35
    අතර තුලනයක්, යින් සහ යැන්. වෑයමකින් තොර වීරිය කිරීමක් වගේ දෙයක්
  • 53:47 - 53:48
    ඉන්දියානු අධ්‍යාත්මවේදී හා යෝගියෙක් වන පරමහම්සා රාමක්‍රිෂ්ණා කිව්වා
  • 53:55 - 53:56
    ඔබ හිස ගිනි ගත්තෙක් ජල පොකුණක් සොයන්න වගේ වීරියක් යොදන්න බැරි නම් සත්‍යාවබෝධය සෙවීම කරන්න එපා කියල
  • 54:03 - 54:04
    ඔබ ඔබේ සැම දෙයකින්ම එය සෙවිය යුතුයි
  • 54:06 - 54:07
    කෙනෙකුගේ අධිගම ක්‍රියාවලිය උදෙසා ඉතා විශාල දහිරියක් , විචක්ෂණශීලිබවක් සහ
  • 54:13 - 54:14
    අත නොහැරීමක් අවශ්‍යයි කළලය ජීවත්ව තියාගන්න. ලෝකයේ රටාවන්ට යලිදු නොවැටෙන්නට
  • 54:22 - 54:23
    පටිසොතගාමි වෙන්නට, නොමැඩිය හැකිවා වගේ පෙනෙන මාර යාන්ත්‍රනයේ පීඩනයට එරෙහිව යන්නට
  • 54:28 - 54:29
    සංසාර රෝදයට පෑගී යට නොවන්නට ඇති විශාල උවමනාවක් අවශ්‍යයි. හැම හුස්මක්ම
  • 54:36 - 54:37
    හැම සිතුවිල්ලක්ම, හැම ක්‍රියාවක්ම ප්‍රභාෂ්වර චිත්තය මතු කර ගැන්ම සඳහාම වෙන්න ඕන. සමාධිය
  • 54:44 - 54:45
    සාක්ෂාත් වෙන්නේ වීරියක් ඇතිවත් නෙමෙයි, නැතිවත් නෙමෙයි, විරිය ඇතිකම හා නැතිකම දෙකම ඉවත හලන්න ඕන
  • 54:51 - 54:52
    එය මනස තුල පවතින ද්වතා ධර්මයක් විතරයි. සමාධියේ යථා සාක්ෂාත් කර ගැන්ම හරි පහසුයි
  • 54:59 - 55:00
    එය වෙනම හඳුනාගන්න නොහැකියි, එනිසාම සහජයෙන්ම ද්වතාමය වූ භාෂාව
  • 55:05 - 55:06
    තුලින් ඊට සාධාරණයක් වන්නේ නැහැ. එක් පෞරාණික විඥානයක් පවතිනවා
  • 55:13 - 55:14
    ලෝකය ලෙසින් උදාවන, එය මනසේ විවිධ ස්ථරවලින් වැසී පවතිනවා. වලාකුළු
  • 55:21 - 55:22
    වලින් වැසුනු ඉර වගේ මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට කෙනෙකුගේ
  • 55:28 - 55:29
    භවමූලය නිරාවරණය වෙනවා
  • 55:33 - 55:34
    මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට මනසේ, මිනිසුන් එය විවිධ සමාධි ලෙස පෙන්වා දෙනවා
  • 55:39 - 55:40
    ඔවුන්ගේ එක එක අත්දැකීම හෝ විවිධ සංසිද්ධිවලට ඔවුන් එක එක පදවලින් නාමකරණය කරනවා
  • 55:55 - 55:56
    නමුත් සමාධිය කොතරම් සරලද කියතොත් එය කුමක්ද කියල හා කොහොමද ලබාගන්නේ කියල ඔබට කවරෙක් හෝ කියන කොට
  • 56:00 - 56:01
    ඔබේ මනට එය හැම අවස්ථාවකම ගෝචර වන්නේ නැහැ
  • 56:05 - 56:06
    ඇත්තටම සමාධිය සරලත් නැහැ අමාරුත් නැහැ, මනස පමණයි එය එසේ කරවන්නේ
  • 56:13 - 56:14
    මනස නොමැතිනම්, ප්‍රශ්නයකුත් නැහැ, මනස තමයි නවතින්න ඕන දෙය
  • 56:20 - 56:21
    එය සාක්ෂාත් කරන්න කලින්. එය සිදුවෙන යම් සංසිද්දියක් හෙම නෙමෙයි
  • 56:37 - 56:38
    සමාධිය ගැන කෙටිම ඉගැන්වීම සමහරවිට මම වාක්‍ය කාණ්ඩයේ තියෙනවා ඇති
  • 56:44 - 56:45
    නිසල වන්න සහ දැනගන්න
  • 56:59 - 57:00
    අපි කොහොමද වචන හා පින්තුර යොදාගන්නේ නිශ්චලතාව පෙන්වන්න. අපි කොහොමද නිහඬබව
  • 57:05 - 57:06
    පෙන්වන්නේ ශබ්ද නැගීමෙන්. සමාධිය ගැන බුද්ධිමය සංකල්පයක් ලෙස
  • 57:13 - 57:14
    කතා කරනවට වඩා, මෙම සිනමාපටය ක්‍රියානොකිරීම වෙනුවෙන් කරන රැඩිකල් කැඳවීමක්. භාවනාවට, ඇතුලාන්ත
  • 57:23 - 57:24
    නිශ්ශබ්දතාවක්, ඇතුලාන්ත යාතිකාවක් වෙනුවෙන් කැඳවීමක්. නවතින ලෙසට කරන කැඳවීමක්
  • 57:38 - 57:39
    රෝගී මමත්ව මනසින් දිවෙන සියලු දේ නවත්වන්න
  • 57:46 - 57:47
    නිසල වන්න හා දැනගන්න
  • 57:54 - 57:55
    කාටවත් කියනන් බැහැ නිශ්චලතාව තුලින් මතු වන්නේ කුමක්ද කියා
  • 58:00 - 58:01
    එය අධ්‍යාත්මික හදවතින් ක්‍රියාකරන්න කරන කැඳවීමක්
  • 58:22 - 58:22
    එය ඉතා පැරණි යමක් මතක් කරනවා වගේ. ආත්මය අවදි වෙලා තමන්වම යලි මතක් කර ගන්නවා
  • 58:30 - 58:31
    එය නිදාගෙන සිටි මගියෙක් වෙලා සිටියා, නමුත් දැන් ශුන්‍යතාව අවදි වෙලා තමන්ව
  • 58:37 - 58:38
    හැමදෙයක් ලෙසින්ම තහවුරු කරගන්නවා
  • 58:44 - 58:45
    ඔබට ප්‍රාථමික මමත්ව මනසකින් සමාධිය පරිකල්පනය කරන්න බැහැ, හරියට
  • 58:51 - 58:52
    අන්ධයෙකුට වර්ණ ගැන විස්තර කරනන් බැහැ වගේ. ඔබේ මනසට එය දැනගන්න බැහැ. එයට
  • 58:58 - 58:58
    සමාධිය නිපදවන්න බැහැ. සමාධිය සාක්ෂාත් කරනවා කියන්නේ වෙනස් විදියකට දකින එක
  • 59:07 - 59:08
    වෙන් වෙන් දේවල් දකින්න නෙමෙයි, දකින්නාව හඳුනාගන්න
  • 59:15 - 59:16
    අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් කිව්වා ඔබ දකින්න හදන දේ තමයි, දැකීම සිද්ද කරන්නේ කියල
  • 59:25 - 59:26
    ඔබ හඳ දැක්ක පසු එය, හඳේ කුමන පරවර්තනයෙන් වුනත් එය හඳුනා ගත හැකිය. නියම අනන්‍යතාව
  • 59:34 - 59:35
    හැමදාම පැවතියා, එය හැමදෙයක් තුලම තියෙනවා, නමුත් ඔබ එහි පැවැත්ම හඳුනා ගත්තේ නැහැ
  • 59:43 - 59:44
    ඔබ මනස හා දැනීම් වලින් ඔබ්බට ඔබේ යතා ස්වරුපය හැඳින ගෙන ඊට අනුගත වන්න ඉගෙන ගත්විට
  • 59:51 - 59:52
    ඉතාම උදාසින දෙයක උනත් සන්තුෂ්ටිය අත්දකින්න ඔබට පුළුවන්. අපි සන්තුෂ්ටියට පත්වෙනවා
  • 60:09 - 60:10
    ආසාවන්ගෙන් නිදහස් වන්න උත්සහ කරන්න එපා, මොකද ආසාවන්ගෙන් නිදහස් වෙන්න තියෙන ආසාවත්
  • 60:16 - 60:17
    ආසාවක්. ඔබට නිසල් වන්නට බැහැ , මොකද ඔබේ විරියම චලනයක්
  • 60:26 - 60:27
    නිසල බව හැම විටම පවතින බව හඳුනගන්න
  • 60:35 - 60:36
    නිසල වන්න සහ දැනගන්න
  • 60:39 - 60:40
    සියලු ප්‍රියතා බිම දැමුණු විට මූලප්‍රභවය මතුවේවි, නමුත් ඊටත් ඇලෙන්න එපා
  • 60:45 - 60:46
    පරම සත්‍යය, ඩාඕ කියන්නේ එකත් නෙමෙයි දෙකැහැ නෙමෙයි. රමණ මහශ්‍රි කිව්වා
  • 60:57 - 60:58
    ආත්මය ඒකීයයි, එය සිමිත් වුනොත් එය මමත්වය වේ, අසීමිත වුනොත් එය අනන්තාඅපරිමාන හා
  • 61:08 - 61:09
    පරම සත්‍යය වේ. ඔබ කිව්වා දේ විශ්වාස කරොත් ඔබට එය මග හැරෙනවා
  • 61:21 - 61:22
    ඔබ අවිශ්වාස කරොත් ඒත් එය මග හැරෙනවා. විශ්වාසය හා අවිශ්වාසය මනසේ
  • 61:28 - 61:28
    මට්ටමෙන් ක්‍රියාත්මක වන්නක්. ඊට යම් දැන ගැනීමක් අවශ්‍ය කරනවා, නමුත් ඔබ ඔබගේම විමසුමකට යොමුවුනොත්
  • 61:35 - 61:36
    ඔබේ පැවැත්මේ සියලු අංශ විදර්ශනා කරොත්, විදර්ශනාව කරන්නේ කවුද කියල
  • 61:40 - 61:41
    සොයා ගත්තොත්, ඔබ "මගේ කැමැත්ත නොව, උත්තම අකමැත්ත සිදුවේවා" කියන මුලධර්මයට අනුගතව ජිවත් වන්න කැමති උනොත්
  • 61:46 - 61:47
    ඔබ සියලු දැනගැනීම් ඉක්මවා ගමන් කරන්න කැමති නම්, ඔබට පුළුවන් වනු ඇති
  • 61:54 - 61:55
    මම ඔබට එව බලව කියල පෙන්වන්න හදන දේ කුමක්ද කියල. එවිට පමණයි ඔබට ඔබව විඳින්න හැකි වන්නේ
  • 62:00 - 62:01
    හුදු පැවැත්මේ වන තියුණු ගුප්තබව හා සුන්දරත්වය විඳින්න හැකි වන්නේ
  • 62:08 - 62:09
    ජීවිතය සම්බන්ධව සිදුවිය හැකි තවත් දෙයක් තියෙනවා. පුජනිය යමක්, අචින්ත්‍ය
  • 62:16 - 62:17
    ඔබේ භවයේ නිසල් පතුලේ පමණක් සොයාගත හැකි, සංකල්පයන් ඉක්මවූ
  • 62:23 - 62:24
    මුලධර්ම ඉක්මවූ, කොන්දෙසිගත ක්‍රියාකාරකම් හා සියලු ප්‍රියතාවන් ඉක්මවූ
  • 62:34 - 62:35
    එය ක්‍රමවේදවලින්, චාරිත්‍ර, ක්‍රියාකාරකම් වලින් ලබාගන්න බැහැ. එය ලබාගන්නේ මෙහෙමයි කියල දෙයක් නැහැ
  • 62:41 - 62:42
    විශේෂ ක්‍රම රටාවක් නැහැ. මාර්ගය සඳහා මාර්ගයක් නැහැ. සෙන් බුදුදහමේ කියන පරිදි
  • 62:54 - 62:55
    එය නම් ඔබ ඉපදෙන්න පෙර වූ ඔබේ නියම මුහුණුවර හඳුනාගැනීමයි
  • 63:01 - 63:02
    එය ඔබට තවත් යමක් එකතු කිරීමක් නෙමෙයි. එය තමන්ටම ආලෝකයක් වීමයි
  • 63:10 - 63:11
    මම කියන මායාව දුරු කරන ආලෝකයක්. ඔබේ ජීවිතය අසංතෘප්ත වනු ඇති
  • 63:20 - 63:21
    ඔබේ හදවත අවිවේකි වනු ඇති, ඒවා නමකින් හා රූපයකින් ඔබ්බෙහි වූ
  • 63:27 - 63:28
    එම ගුප්ත ස්ථානයේ විවේක ගන්නා තෙක්
Title:
Samadhi Part 2 (It's Not What You Think)
Description:

more » « less
Video Language:
English
Team:
Awaken the World
Project:
01 -Samadhi Film Series
Duration:
01:10:26

Sinhala subtitles

Revisions Compare revisions