අතීතයේ සිට අද දක්වාම ලෝකයේ සිටි ශ්‍රේෂ්ටතම අධ්‍යාත්මික ගුරුවරු සියල්ලෝම එක මතයක සිටියා එනම් අපේ භවය පිලිබඳ ගැඹුරුම සත්‍යය, අයිති දෙයක් නොවෙයි එක ආගමකට හෝ අධ්‍යාත්මික සම්ප්‍රදායකට, නමුත් සොයා ගත හැකියි සෑම පුද්ගලයෙකුගේම හදවතේ රූමි නමැති කවියා කිව්වා, සඳ පායන්නේ හෝ බැසයන්නේ නැති තැන කොහිද? අපි සමග සිටින හා නොසිටින ඒ ආත්මය කොහිද? ඒක මෙතන හෝ අතන කියල කියන්න එපා මුළු ලෝකයම එයයි. නමුත් ඒ දැකගතහැකි ඇස් වලට පමණයි බයිබලයේ එන බාබෙල්ගේ කොත පිලිබඳ කතාවේ මනුෂ්‍යවර්ගයා ගණන් කල නොහැකි තරම් කණ්ඩායම් ගණනකට කැඩුනා භාෂාවන්, ඇදහිලි, සංස්කෘති සහ ප්‍රියතාවන් වශයෙන්. වචනයේ අර්ථයෙන්ම බාබෙල් කියන්නේ දෙවියන්ගේ දොර මේ දොර තමයි අපේ සිතිවිලි කියාත්මක වන සිත, අපේ කොන්දෙසිගත ව්‍යුහය තමන්ගේ නියම ස්වරූපය, නම හෝ රූපයෙන් එපිට පවතින සාරය, හඳුනාගත් අය එම දොරෙන් එපිටට තියෙන්නේ කුමක්ද කියා දැනගැනීම කරා පියමනිනවා පැරණි උපමා කතාවක් වන අලියා පිලිබඳ උපමාව යොදාගෙන තිබෙනවා විවිධ සම්ප්‍රදායන් එකම පරම සත්‍යයක් පෙන්වා දෙන ආකාරය පැහැදිලි කරන්න, අන්ධ මිනිසුන් පිරිසක් එක් එක්කෙනා අලියාගේ වෙන වෙන කොටස් අත ගා බලා, විවිධ දෘෂ්ටින්ට පත්වෙනවා අලියා කියන්නේ කුමක්ද යන වගට. අලියාගේ කකුල ළඟ සිටගෙන සිටින කෙනා කියනවා අලියා ගහක් වගේ කියල, අලියාගේ නැට්ට ළඟ සිටින කෙනා කියනවා අලියා ලණුවක් වගේ කියල, හෙල්ලක් වගේ කියල කියනවා දළ ළඟ සිටින මිනිසා. කෙනෙක් අලියාගේ කන ඇල්ලුවොත්, අලියා කුල්ලක් වගේ අලියාව පැත්තකින් අල්ලන කෙනාට සහතිකයි අලියා බිත්තියක් වගේ කියල ගැටලුව තමයි අපි අලියාගේ අපිට අදාළ කොටස අල්ලගෙන, අපේ අත්දැකීම පමණයි එකම සත්‍යය කියල විශ්වාස කරන එක අපි පිළිගන්නේ හෝ නිසි ගරුත්වයක් දෙන්නේ නැහැ එක් එක් පුද්ගලයාගේ අත්දැකීම එකම සත්වයාගේම වෙනස් පැතිකඩක් කියලා Perennial philosophy කියන්නේ සියලු අධ්‍යාත්මික සහ ආගමික සම්ප්‍රදායන් එකම විශ්වීය සත්‍යයක් පොදුවේ පරිහරණය කරන බව කියන අදහසයි එනම් සියලුම අධ්‍යාත්මික දැනුමේ හා ඉගැන්වීම් වල ප්‍රගමණය උදෙසා පදනම සැපයූ ගුප්ත හා අධිගමණයට හේතුවන සත්‍යය ස්වාමි විවේකානන්ද මේ අදහස මෙලෙස සාරාංශකොට පෙන්නවා දුන්නා ආත්මයේ සිටින දෙවියා හඳුනා ගැනීම තමයි, සියලුම ආගම් වල අවසානය.ඒක තමයි එකම විශ්වීය ආගම මේ සිනමා පටයේ අපි දෙවියන් කියන වචනය භාවිත කරන්නේ හුදු සංකේතයක් ලෙස පමණයි සීමාන්තික මමත්ව මනසෙන් එපිට පවතින ගුප්තවූ අධිගමන මට්ටම පෙන්වා දීම සඳහා කෙනෙකුගේ නියම හෙවත් ආවේනික ස්වරූපය සාක්ෂාත් කරගන්නවා කියන්නේ, ඔහුගේ දිව්‍යමය ස්වරූපය සාක්ෂාත් කරගත්තා කියන එකයි සෑම ප්‍රාණියෙකුටම තිබෙනවා නව උත්තම විඥානයක් විද්‍යාමාන කිරීමේ විභවය අවදි වෙන්න ඔවුන්ගේ නින්දෙන් හා තම බාහිර රූපය මගින් තමාව හඳුනා ගැනීමෙන් "Brave New World" නමැති පොත නිසා ප්‍රසිද්ධියට පත් ඇල්ඩස් හක්ස්ලි "The Perennial Philosophy" නමැති තවත් පොතක් රචනා කරා ඔහු එහි සඳහන් කරනවා එක ඉගැන්වීමක් පිළිබඳව, එම ඉගැන්වීම ප්‍රත්‍යක්ෂ කල අයට අදාළ සංස්කෘතියේ මුහුණුවරින් ඉතිහාසයේ යලි යලිත් මතුවන. අධ්‍යාත්මය කෙරෙහි වන පොදු විශ්වීය පදනමක් පිළිබඳ දාර්ශනික චින්තනය ඉතාම කෙටියෙන් හා පැහැදිලිව විස්තර කෙරෙනවා, "තත් ත්වම් ආසි", "ඔබ තමයි එය" කියන සංස්කෘත වැකියේ ආත්මය හෝ අන්තර්ගත සදාකාලික අනන්‍යතාව, අධිගමණය හා ඒකීයයි පැවැත්මේ නිරපේක්ෂ මූලධර්මය, සෑම මනුෂ්‍යයෙකුගේම නිමාවේ අග තමන් විසින්ම යතාර්ථය හෙළිදරව් කරගැනීමයි. ඔහු හෝ ඇය කවුද කියල හරියටම සොයා ගැනීම එක් එක් සම්ප්‍රදාය කියන්නේ එකම මැණිකක විවිධ පැති වගේ, පරාවර්තනය කරන එක්තරා ආවේනික දෘෂ්ටියක් එකම සත්‍යයක එලෙසම ඒවා එක එකක් යලි පරාවර්තනය කරමින්, දීප්තිමත් කරමින් පවතිනවා කුමන භාෂාවක් හෝ සංකල්පීය රාමුවක ක්‍රියාත්මක වුණත් පොදු විශ්විය පදනමක් විදහා දක්වන සියලු ආගම්වල පවතිනවා යම් පොදු අදහසක් අපේ සීමාවන් ඔබ්බෙහි වන, උත්තම යමක් හා ඒකාත්මක වුණු අපිට පුළුවන් විවිධ ප්‍රභවයන්ගෙන් ඉගෙනගන්න හා ගතයුත්ත උකහා ගන්න එම ප්‍රභවයන්ට අයිති නොවී සියලු සැබෑ අධ්‍යාත්මික ඉගැන්වීම් කොටින්ම එකම විමුක්ති සත්‍යයක් දෙස මග කියන විවිධ ඇඟිලි ලෙස පැවසෙනවා අපි අපිට හුරුපුරුදු නිසා පහසු නිසා අපේ කියාගන්න එකම ඉගැන්වීමක එල්බගෙනම හිටියොත් අපේ අධ්‍යාත්මික පරිණාමය ඇනහිටිනවා ඕනෑම සංකල්පයක් එහා ගිය සත්‍යය සාක්ෂාත් කරනවා කියන්නේ සියලුම ඇලීම් ගැලීම් අතහැරීමයි, සියලුම ආගමික සංකල්ප අතහැරෙන්නට ඉඩදීමයි මමත්වයේ කෝණයෙන් බලද්දී සමාධියට මග පෙන්වන ඇඟිල්ල මග පෙන්වන්නේ පතුලක් නැති අගාධයකට ශාන්ත ජෝන් එකවරක් කිව්වා, තමන් යන මාර්ගය ගැන තමන්ට සහතික වෙන්න අවශ්‍ය නම් ඇස් දෙක වහගෙන කළුවරේ යායුතුයි කියලා සමාධිය පටන් ගන්නේ නොදන්නා ඉසව්වකට පැනීමෙන් ඉපැරණි සම්ප්‍රදායන්වල කියවෙනවා සමාධිය සාක්ෂාත් කරගන්න නම් කෙනෙක් අවසාන වශයෙන් තම විඥානය දන්නා සියළුම වස්තූන්ගෙන් ඉවතට හරවන්න ඕන කියල සියලු බාහිර සම්බූතයන්ගෙන් ඉවතට, කොන්දේසිගත සිතිවිලි හා සංවේදනාවල සිට තම විඥානය දෙසට ඇතුලාන්ත ප්‍රභවය දෙසට, කෙනෙකුගේ පැවැත්මේ හදවත හෝ සාරය දෙසට මේ සිනමා පටයේ අපි සමාධිය කියන වචනය භාවිතා කරන විට අපි අදහස් කරන්නේ අධිගමණයේ මුදුන් පෙත්ත නිර්විකල්ප සමාධිය/ නිරෝධ සමාපත්තිය කියල හඳුන්වන සමාධිය නිර්විකල්ප සමාධියේදී/ නිරෝධ සමාපත්තියේදී සියළුම මිනිස් ක්‍රියාකාරිත්වය නවතිනවා සියලු සෙවීම්, සියලු කිරීම් නවතිනවා අපි කතාකරන්න පුළුවන් අපි ඊට ලඟාවෙනවිට ඉවත හැළෙන දේ ගැන පමණයි සහ අපි නැවත පැමිණෙන විට යලි මතුවන දේ ගැන පමණයි එහි දෘෂ්ටියක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ එහි දෙයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ එහි විඥානයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ එය නිරපේක්ෂයි, ගුප්තයි, සාමාන්‍ය මනසට ගෝචර නැහැ නැවත සිය ක්‍රියාකාරකම් අරඹන විට, යම් නොදැනීමක් පවතිනවා, හරියට අලුතින් ඉපදුණා වගේ සහ හැමදේම නැවත අලුත් වෙනවා, අපිට ඉතුරු වෙනවා දීව්‍යමය සුගන්ධය මාර්ගයේ ඉහලට පරිණාමය වන්න වන්න, එම සුගන්ධය රැඳී පවතින කාලයත් වැඩි වෙනවා පැරණි සම්ප්‍රදායන්වල විස්තර වෙනවා විවිධ විවිධ සමාධි වර්ග පිලිබඳව සහ භාෂාව අතීතය පුරාවටම නොයෙක් පැටලිලි ඇති කරලා තියෙනවා අපි සමාධිය කියන වචනයෙන් අදහස කරන්න තෝරගන්නෙම අධිගමණයේ මුදුන් පෙත්ත නමුත් අපිට හැකිව තිබුනා වෙනත් සම්ප්‍රදායක් භාවිතා කරන්නත් පහසුවෙන්ම. සමාධි කියන්නේ පැරණි සංස්කෘත පදයක්, ඉන්දියාවේ වෛදික, යෝග සහ සංක්‍ය සම්ප්‍රදායන් වල එන සහ එය වෙනත් අධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට කාන්දු වී තිබෙනවා. සමාධිය අටවෙනි අංගය පතන්ජලි යෝගිතුමාගේ අශ්‍ටාංගික යෝග ක්‍රමවේදයේ සහ අටවෙනි මාර්ගාංගය බුදුරජාණන්වහන්සේගේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ. බුදුන් නිර්වාණය කියන වචනය යොදාගත්තා "වාණ" හෙවත් භවකම්මයන්ගේ නැවැත්ම. පතන්ජලි විස්තර කරා යෝගා හෝ සමාධි "චිත්ත ව්රිති නිරෝධ" කියා සංස්කෘතයෙන් සුලිය හෝ මනෝමය සර්පිලයෙහි නැවැත්ම යන තේරුම දෙන එනම් මනසෙන් නිර්මිත ගෝතකර්මයෙන් හෙවත් සම්පුර්ණ දැලෙන්ම, විඥාණය ලිහා නිදහස් කර ගැනීම සමාධිය කිසිදු සංකල්පයක් උලුප්පා දක්වන්නේ නැහැ, මොකද සමාධිය සාක්ෂාත් කරගන්නට සංකල්පිය මනස අත්හැරීම අවශ්‍ය වෙනවා විවිධ ආගම් විවිධ වචන යොදාගත්තා දෙවියන් හා යාවීම විස්තර කරන්න ඇත්තෙන්ම religion කියන වචනයම එවැනි සමාන අර්ථයක් දෙනවා. ලතින් බසින් "religare" කියන්නේ යළි-බැඳෙන්න හෙවත් යාවෙන්න. ඒක සමානයි යෝගා කියන වචනයට එහි තේරුම යෝග කරන්න හෙවත් එකට බඳින්න, එකට යා කරන්න ලෞකිකය හා ලෝකෝත්තරය ඉස්ලාම් වල මෙය ඉස්ලාම් කියන වචනයටම පැරණි අරාබි බස දෙන තේරුමෙන් පැහැදිලි වෙනවා එනම් දෙවියන්ට යටත් වීම හෝ දෙවියන් යැදීම ඉන් උලුප්පා දක්වනවා සම්පුර්ණ අතහැරීමක්, යටපත් කිරීමක් මමත්ව ව්‍යුහයේ ක්‍රිස්තියානි තාපසවරුන් වූ අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස්, අවිලාහි ශුද්ධවූ තෙරේසා ශුද්ධවූ ජෝන් විස්තර කරනවා දෙවියන් හා වන දිව්‍යමය ඒකාත්මිකවීමක් ගැන, ඇතුලාන්තයේ වන දේව රාජ්‍යය ශුද්ධවූ තොමස්ගේ සුභාරංචියේ, ක්‍රිස්තුස්වහන්සේ කිව්වා දේව රාජ්‍යය එහි හෝ මෙහි නොවෙයි නමුත් පියාණන්වහන්සේගේ රාජ්‍යය මිහිමත පුරාම පැතිර පවතිනවා සහ මිනිසුන් එය දකින්නේ නැහැ. ග්‍රීක දර්ශනවාදීන්වන ප්ලේටෝ, ප්ලෝටිනස්, පාමෙනිඩිස් සහ හෙරක්ලිටස්ගේ අදහස්, විශ්වීය පොදු සත්‍යයක් කියවෙන දැක්මකින් බැලුවොත් පෙන්වා දෙන්නේ එකම ඥාණයක් ගැන. ප්ලෝටිනස් උගන්වනවා ශ්‍රේෂ්ටතම මනුෂ්‍ය ව්‍යායාමය වන්නේ මනුෂ්‍යය ආත්මය, උත්තරිතර සර්ව සම්පුර්ණ තත්වයට පත්කිරීම හා දෙවියන් හා යා කිරීම කියලා ඇමරිකාවේ ඉපැරණි ලකෝටා ගෝත්‍රයේ විසූ වෙදැදුරු හා දේවගැති මිනිසෙක් වූ Black Elk පැවසුවා, වඩාත්ම වැදගත් උතුම්ම ශාන්තිය වන්නේ, මිනිසුන් විශ්වය හා එහි සියලු බලයන් සමග වූ සම්බන්ධතාවය තහවුරු කරගත්විට හා ඒවා සමග ඒකාත්මික වූ විට, මිනිසුන්ගේ ආත්මයන්ගෙන් පැමිණෙන ශාන්තිය කියලා විශ්වයේ මධ්‍යයේ ශුද්ධවූ ආත්මය ජිවත් වෙනවා කියලා සහ මේ මධ්‍යය හැමතැනම තියෙනවා කියලත්, මේ මධ්‍යය අපි එක් එක්කෙනා තුළ වනබවත් තේරුම් ගන්නා විට පැමිණෙන ශාන්තිය කියලා අපි සමාධියේ නොවෙයි නම් සිටින්නේ, අවදිවීමට යන මාර්ගයේදී හැමවිටම අන්ත දෙකක් තිබෙනවා, දොරවල් දෙකක් කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් මානයන් දෙකක් ප්‍රභාස්වර විඥානය දෙසට එකක් සහ සාරවූ ලෝකය දෙසට එකක් වශයෙන්. පටිසෝතගාමි ධාරාව නිරපේක්ෂත්වය දෙසට සහ අනුසෝතගාමි ධාරාව මායාව සහ පෙනෙන නොපෙනෙන වශයෙන් විද්‍යාමානව පවතින සියලු දේ දෙසට, සාපේක්ෂත්වය හා නිරපේක්ෂත්වය අතර සම්බන්ධතාව සාරාංශ ගත වෙලා තියෙනවා, ශ්‍රී නිසර්ගදත්ත මහරාජ් විසින් කියන ලද කියමනක. එනම් ප්‍රඥාව කියන්නේ මම කිසිවක් නෙමෙයි කියල දැනගැනීම, ආදරය කියන්නේ මම තමයි හැමදේම කියල දැනගැනීම සහ මේ දෙක අතර මගේ ජීවිතය දෝලනය වෙනවා කියන වග මේ සුසංයෝගයෙන් ඉපදෙන්නේ නව දිව්‍යමය විඥානයක්. යමක් උපදිනවා මේ එකතුවෙන් හෙවත් ප්‍රතිවිරුද්ධ ධ්රවයන්ගේ සුසංයෝගයෙන්, හෝ ද්වතාවෙන් හඳුනා ගැනීමේ බිඳවැටීමෙන්, එහෙත් උපදින්නේ දෙයක් නොවෙයි, එය කවදාවත් ඉපැදුණ දෙයක් නොවෙයි විඥානය මල්ඵල දරනවා අළුත් යමක් ඇතිකරවමින්, ඇතිකරවමින් සදාකාලික ත්‍රිත්වය කියා හඳුන්වන දෙය දෙවි පියාණන්, උත්කෘෂ්ට වූ, දැනගත නොහැකි, වෙනස් නොවන, එකාත්මිකයි දේව මාතාව සමග, එනම් වෙනස් වන හැමදේම සමග. මේ එක්වීම ඇතිකරනවා ජෛව රසායනික විපර්යාසයක්, එක්තරා විදියක මරණයක් හා පුනරුප්පත්තියක්. වෛදික ඉගැන්වීම්වල මේ දිව්‍යමය එක්වීම මූලික බලවේග දෙකකින් නිරූපිතයි ශිව හා ශක්ති. දෙවිවරුන්ගේ නම් හා මුහුණු නිතරම වෙනස් වෙනවා ඉතිහාසය පුරාවට, නමුත් මූලික ලක්ෂණ නොවෙනස්ව පවතිනවා. මේ එක්වීමෙන් බිහිවන්නේ නැවුම් දිව්‍යමය විඥානයක්, ලෝකයේ නව භවයක්. ධ්‍රැව දෙකක් වෙන් කල නොහැකි පරිදි ඒකාත්මික වූ. විශ්වීය ශක්තියක් මධ්‍යයක් රහිත, සීමාවක් රහිත එය පිරිසිදු ආදරයයි, දිනාගන්න හෝ නැතිකරගන්න දෙයක් පවතින්නේ නැහැ මොකද ඒක මුළුමනින්ම ශුන්‍යයි සහ සම්පුර්ණයෙන්ම පිරුණු දෙයක් මෙසපොටේමියානු අද්භූත චින්තන ප්‍රවාහයන්, බැබිලෝනියානු හා අසිරියානු අධ්‍යාත්මික සම්ප්‍රදායන්, ඉපැරණි ඊජිප්තු ආගම් ඉපැරණි අප්‍රිකාවේ නුබියානු හා කෙමටියානු සංස්කෘතීන්, ලොව වටා ශ්‍රමණ හා ප්‍රාදේශීය සම්ප්‍රදායාන්, ඉපැරණි ග්‍රීක ගූඩවාදය, ග්නොස්ටිකවාදින් ඒකීයවාදී බෞධ්දයන්, ඩාඕ ලබ්ධිකයන්, ජුදෙව්වන්, සොරෝස් ලබ්ධිකයන්, ජෛනයන්, මුසල්මානුවන් හෝ ක්‍රිස්තියානි ලබ්ධිකයන් හැමටම පොදු පුරුකක් හොයා ගන්න පුළුවන්. එනම් ඉහලම අධ්‍යාත්මික අවබෝධය ලබාදි තිබෙනවා සිය පිළිපදින්නන්ට සමාධිය ලබාගන්න අවස්වථාව සමාධි කියන වචනයෙන් හරියටම කියන්නේ සමභාවයක් හෝ හැමදේකම ඒකත්වයක් වැනි දෙයක් සාක්ෂාත් කර ගැනීමයි. ඒ කියන්නේ එක්වීමයි. ඔබේ සෑම දෙයක්ම එකට එකතු කරගැනීමයි. නමුත් බුද්ධියෙන් මේ කරුණු තේරුම් ගැනීම සමාධිය සැබෑවටම සාක්ෂාත් කරා කියල වරදවා වටහා ගන්න එපා. ඒ ඔබේ අකම්ප්‍යබවයි, ඔබේ ශුන්‍යතාව ජිවිත සර්පිලයේ සෑම මට්ටමක්ම එකට එකතු කරන සමාධිය පිලිබඳ ඉපැරණි ඉගැන්වීම් තුලින් තමයි මනුෂ්‍ය වර්ගයාට සියලුම ආගම්වල පොදු මුලාශ්‍රය තේරුම් ගන්න පටන් ගන්නට හැකි වන්නේ සහ ජිවිත සර්පිලය හා නැවත සමාන්තර වන්නට හැකි වන්නේ මෙම සර්පිලය තමයි කුඩාම ව්‍යුහය සිට අතිමහත් විශ්වය තෙක් විහිදෙන පාලම ඔබේ ප්‍රවේණික DNA අණු වලසිට, චක්‍ර තුලින් විහිදෙන ඇතුලාන්ත ශක්ති නෙළුම තෙක් විහිදෙන මන්දාකිනිවල සර්පිල බාහු තෙක් විහිදෙන ආත්මයේ සෑම මට්ටමක්ම විද්‍යාමාන වෙනවා දිගින් දිගටම පරිනාමය වන ශාඛාවලින් ජිවත්වන, ගවේෂණය කරන. නියම සමාධිය කියන්නේ ශුන්‍යතාව සක්ශාත්කරගැනීම මමත්වයේ සෑම මට්ටමකම. ආත්මයේ සෑම ආවරණයකම. සර්පිලය කියන්නේ ද්වතාවයේ නිරන්තර ක්‍රියාකාරකම් හා ජීවිතය හා මරණය චක්‍රයයි අපිට සමහර විට අපේ ප්‍රභවයට ඇති සම්බන්ධතාව අමතක වෙනවා අපි දේවල් දකින කන්නාඩිය හරි පටුයි සහ අපි හඳුනාගන්නේ පොලව මත බඩගා යන සත්වයෙක්ගේ අනන්‍යතාවකින්, නැවත වරක් සිය ප්‍රභවය වෙත චාරිකාවේ යෙදෙන සැමතැනම තියෙන මධ්‍යය වෙත ශුවං සූ පැවසුවා තවදුරටත් ඒක මේක කියල වෙනසක් නොමැති තැන ඩාඕ හෙවත් මාර්ගයේ නිශ්චල තැන කියල. සර්පිලයේ මැද මෙම නිශ්චල තැනේදී කෙනෙක්ට කෙනෙකුට සෑමදෙයකම අපරිමාණය දැක ගන්න පුළුවන් ඕම් මනි පද්මේ හම් කියන ඉපැරණි මන්ත්‍රයේ කාව්‍යමය අර්ථයක් තියෙනවා, කෙනෙකු අවදි වෙනවා හෝ නෙළුම තුළ පිහිටි රත්නය සාක්ෂාත් කරගන්නවා. ආත්මය තුල පවතින සැබෑ සොබාවය අවදිවෙනවා ලෝකය තුල පවතින, ලෝකය විලසින් හර්මෙටික් සම්ප්‍රදායේ එන, ඉහත පරිදි පහත දැක්වෙන, පහත පරිදි ඉහත දැක්වෙන යන මුලධර්මය භාවිතයෙන් මනස හා නිශ්චලතාව අතර සම්බන්ධය තේරුම් ගැනීමට පටන් ගැනීම සඳහා අපිට උපමා සංසන්දනයක් කරන්න පුළුවන් සාපේක්ෂ හා නිරපේක්ෂ පරිදි සමාධියේ අසංකල්පිය සොබාවය ග්‍රහණය කර ගැනීම සඳහා ඇරඹුමක් ලෙස කළු කුහරයක් උපමා ලෙස ගත හැකියි කළු කුහරයක් ලෙස සම්ප්‍රදායිකව විස්තර කරන්නේ අවකාශයේ පෙදෙසක් ඇති විශාල ගුරුත්ව ක්ෂේත්‍රයක් සහිත, කොතරම් බලවත්ද කිව්වොත් කිසිම ආලෝකයකට හෝ පදාර්ථයකට ඉන් පිටවිය නොහැකියි. අලුත් වාදයන් උපකල්පනය කරනවා සියලුම වස්තූන් කුඩා ක්ෂුද්‍ර අංශු වල සිට විශ්වය මන්දාකිනි වැනි සුවිසල් ව්‍යහයන් දක්වා සියලු දේ කළු කුහරයක් හෝ අද්භූත සමජාතිය යමක් ඒවා මැද පවතින බව. මේ උපමාවේදී අපි යොදාගන්නවා කළු කුහරයේ මෙම නව අර්ථකථනය, සැම තැනම මධ්‍යය වශයෙන් සෙන් බුදුදහමේ තියෙනවා බොහෝ කවි හා තේරවිලි තිබෙනවා අපිව මුහුණට මුහුණ ලා ගෙනෙන දොරක් නැති දොර වෙතට. කෙනෙක් මෙමෙ දොරක් නැති දොර පසු කර යා යුතුයි සමාධිය සාක්ෂාත් කරන්න සිද්ධීන් ගෝචර වන සිතිජය කියන්නේ කාල-අවකාශ සන්තතියේ සීමාව, ඉන් පිටත සිටින බාහිර නිරික්ෂකයෙකුට, බලපෑම් කල නොහැකි, එනම් මෙම සිතිජයෙන් පිට සිදුවන දේ ඔබට දැනගත නොහැකියි. ඔබට පුළුවන් කලුකුහරයක වන්නාවූ මෙවැනි සිතිජයක් උපමා කරන්න දොරක් නැති දොරට.එය එක්තරා දේහලීය මට්ටමක් අත්ත හා අනත්ත අතර. මේ සිද්ධීන් ගෝචර වන සිතිජය ඉක්මවන මමෙක් නැහැ කළු කුහරයක් මැද එක මානයක් පමණක් පවතින ඒකත්වයක් පවතිනවා ඉරවල් බිලියන ගණනක ස්කන්ධ ප්‍රමාණය හිතා ගන්නත් බැරි කුඩා අවකාශයක පවතින. කොටින්ම අපරිමාණ ස්කන්ධයක්. හරියටම කිව්වොත් විශ්වය කියන්නේ නොගිණිය හැකි තරම් කුඩා වැලි කැටයක් වගේ. මේ ඒකත්වය කියන්නේ කාලයෙන් අවකාශයෙන් ඔබ්බෙහි වූ අචින්ත්‍ය යමක් භෞතික විද්‍යාවට අනුව චලිතය අභව්‍යයි, දේවල පැවැත්ම අභව්‍යයි. මොන දෙයක් සම්බන්ධයෙන් වුනත් එය ඉන්ද්‍රිය ගෝචර ලෝකයට අයිති නැහැ, එසේ වුනත් එය හුදු නිශ්චලතාව කියා විස්තර කරන්න බැහැ එය චලනය හා නිශ්චලතාවයෙන් එපිට දෙයක්. ඔබ මධ්‍යය අවබෝධ කල විට සැමතැනම පවතින හා නොපවතින, ද්වතාව බිඳ වැටෙනවා, රූපහැඩතල හා ශුන්‍යතාව කාලය හා අකාලිකය කෙනෙක්ට මෙය නම් කරන්න පුළුවන් ගතික නිශ්චලතාව කියල, හෝ පිරුණු හිස්බව සම්පුර්ණ අඳුර මධ්‍යය තුල පවතින. ඩාඕ ගුරුවරයෙක් වන ලාඕ සේ කියා තිබෙනවා අඳුර තුල පවතින් අඳුර තමයි අවබෝධයේ බිහි දොර කියල ලේඛකයෙක් හා පුරාවෘත්ත අධ්‍යකයෙකු වන ජෝසෆ් කැම්බල් විස්තර කරනවා, යලි යලි මතුවන සංකේතයක්, විශ්වීය පොදු දර්ශනවාදයහි කොටසක් ලෝක අක්ෂය කියා ඔහු හඳුන්වන මධ්‍ය ලක්ශය හෝ කන්දේ ඉහලම තැන. හැමදේම එය වටා කැරකෙන. නිශ්චලතාවය හා චලනය එකට පවතින තැන. මේ මධ්‍යයෙන් සුපුෂ්පිත ශාකයක් සාක්ෂාත් කරගන්නා. බෝධි වෘක්ෂයක් සියලු ලෝක යා කරන.හරියටම ඉරක් කලුකුහරයකට උරාගන්නා මෙන් ඔබ පරම සත්‍යය වෙත ලඟා වෙන විට, ඔබේ ජීවිතය එය වටා කැරකෙන්න පටන් ගන්නවා සහ ඔබේ පැවැත්ම නැතිවී යාමට පටන් ගන්නවා. ඔබ ඔබේ නැවුම් අනන්‍යතාව වෙත ලඟා වෙන විට, එය මමත්ව ව්‍යුහයට බියජනක විය හැකියි. දොරටුව දෙපස මුරකරුවෝ සිටිනවා පරීක්ෂා කරන්න මග වඩන අය. කෙනෙක් තමන්ගේ ලොකුම භීතින්ට මුහුණ දෙන්න කැමති වෙන්න ඕන වගේම තම ඇතුලාන්ත ශක්තිය එලෙසින් පිලිගන්නත් කැමති වෙන්න ඕන. අවිඥානික බය හා සැඟවුණු සුන්දරත්වය අත්දකින්න. ඔබේ මන අකම්ප්‍ය නම්, ස්වත්වයෙන් ප්‍රතික්‍රියාවක් නොමැති නම්, අවිඥානිකව පහල වන සියල්ල හටගෙන නිරුද්ධ වී යනවා. මේ තමයි අධ්‍යාත්මික ගමනේ ශ්‍රද්ධාව වඩාත්ම අවශ්‍ය තැන. අපි ශ්‍රද්ධාව කියා හඳුන්වන්නේ කුමක්ද? ශ්‍රද්ධාව කියන්නේ භක්තිය නෙමෙයි. භක්තිය කියන්නේ මනට හුරු පුරුදු සුවපහසු යමක් තහවුරු කරගන්න තියෙන මානසික මට්ටමක්. භක්තිය කියන්නේ මනසේ විදිය තමන්ගේ අත්දැකීම් වර්ගීකරණය කරන්න හා කළමනාකරණය කරන.ශ්‍රද්ධාව එහි ප්‍රතිවිරුද්ධ දෙයක්. ශ්‍රද්ධාව කියන්නේ කිසිවක් නොවිඳින සිටින තැනට පත්වීම, අවිඥානිකව උදාවන කවරක් උනත් එලෙසම දකිමින්. ශ්‍රද්ධාව කියන්නේ ඒකත්වය විසින් යෙදෙන ගාමක බලයට අනුගත වීම ස්වත්වය දියකර හැරීමට හෝ කඩා දැමීමට අනුගත වීම, දොරටුවක් නැති දොරපසුකරයාම සඳහා. මන්දාකිනියක පරිනාමය හා ව්‍යුහය එහි මධ්‍යයේ වන කලුකුහරයේ පරිමානයට සමීපව සම්බන්ධයි හරියට ඔබේ මාර්ගයේ විකාශනයත් ඔබේ සහජ අනන්‍යතාව හා සම්බන්ධ වගේ ඔබේ නියම සොබාවය වන ඒකත්වය අපිට කළු කුහරය දැක ගන්න බැහැ නමුත් එය වටා කැරකෙන දේවලින් එය භෞතික වටපිටාව හා හැසිරෙන ආකාරයෙන්. මේ ආකාරයෙන්ම අපිට අපේ සැබෑ සොබාවය දැකගන්න බැහැ. ඇතුලාන්ත සැඟවුණු අනන්‍යතාව දෙයක් නෙමෙයි, නමුත් අපිට දැකගන්න පුළුවන් අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන්. සුසුකි නම් සෙන් ගුරුතුමා කිව්වා, හරියටම කිව්වොත් අවබෝධයට පත් පුද්ගලයෝ නැහැ, පවතින්නේ අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන් පමනයි. ඇසට තමන්ව දැක ගන්න බැරිවා වාගේ, අපිටත් එය දැකගන්න බැහැ. අපිට එය දැකගන්න නොහැකි එයන් තමයි දැකීමට හැකි වන්නේ. කලුකුහරය මෙන් සමාධිය කිසිවක් නැතිබව නෙමෙයි, නමුත් කිසිවකුත් නෙමෙයි. මෙය තමයි පැවතීම හා නොපැවතීම කියන ද්වතාවයේ බිඳ වැටීම. පරම සත්‍යය වෙත එළඹෙන්න දොරක් නැහැ නමුත් අනත්න පරිමාන පාරවල් තියෙනවා. ධර්මයෝ නමැති මේ පාරවල් අගක් මුලක් නැති සර්පිලයක් වගේ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ. කිසිවෙකුගේ මනස ක්‍රමවේදය සොයා ගෙන නැහැ, සොයා ගන්නෙත් නැහැ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ. එනිසා පුද්ගලයෙක් නොවන්න. සමාධිය කියන්නේ මගක් දැකිය නොහැකි මගක්, රත්තරන් යතුර. එය තමයි බාහිර හා ඇතුලාන්ත ලෝක වෙන්කරන, මමත්ව ව්‍යුහයෙන් හඳුනාගැනීමේ අවසානය. නොයෙක් ප්‍රගුනතා ආකෘති පවතිනවා මමත්ව ව්‍යුහයෙ නොයෙක් ස්ථර හෙවත් මට්ටම් විස්තර කරන. අපි ඉපැරණි උදාහරණයක් ඒ වෙනුවට යොදා ගනිමු උපනිෂද් ග්‍රන්ථවල, ආත්මය වසන ආවරණය, කෝෂයක් ලෙස දැක්වෙනවා එක එක කෝෂය දර්පනයක් වගේ. මමත්ව ව්‍යුහයෙ එක් ස්ථරයක්. ආවරණ පටලයක් හෝ මායාවේ එක ස්ථරයක් අපිව මෙයින් හඳුනා ගත්තොත් එය අපගේ නියම සොබාවය සාක්ෂාත් කරගැනීමෙන් වලක්වා ලනවා ගොඩක් මිනිස්සු ප්‍රතිබිම්බ දැකල ඒ තමන්ය කියල විශ්වාස කරනවා එක දර්පනයක් පරාවර්තනය කරනවා සත්ව ස්ථරය, භෞතික සිරුර. තවත් දර්පනයක් පරාවර්තනය කරනවා ඔබේ මන, ඔබේ සිතුවිලි, ඔබේ ඉව, ඔබේ සඥා. තවත් දර්පනයක් තුලින් ඇතුලාන්ත ශක්තිය හෝ ප්‍රාණ දැකගත හැකියි ඔබ ඇතුලාන්තයට එබිකම් කරොත්. තවත් දර්පනයක් පරාවර්තනය කරනවා උත්තම මන වන උපකල්පනිය මට්ටම හෙවත් ප්‍රඥා ස්ථරය සහ අධිගම ස්ථර හෝ ද්වතා ධර්මතාවෙන් එපිට සුඛය පරාවර්තනය කරනවා කෙනෙකු සමාධියට ලඟා වෙන විට නොගිනිය හැකි තරම් දර්පන හෝ ස්වත්වයේ පැති හඳුනා ගත හැකියි, සහ ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. බොහොමයක් දෙනා තවමත් තම ප්‍රාණිය, උත්තම මනස සහ ද්වතා ධර්මයෙන් පිට සුඛ මට්ටම් හඳුනා ගෙන නැහැ. ඔවුන් ඒවායේ පැවැත්ම ගැනවත් දන්නේ නැහැ මේ ස්ථර ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා මිසක් ඔබ ඒවා දකින්නේ නැහැ. සැඟවුණු දර්පන ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා පෙනෙන්න තියෙන දර්පන වලට වඩා ඒවා පෙනෙන්නේ නැහැ මොකද ගොඩක් මිනිස්සුන්ගේ එම දර්පන දීප්තිමත් වෙලා නැහැ ඔවුන්ගේ විඥානයෙන්. ඉන්ද්‍රජාලයේ වගේ, දර්පන සියල්ල එකිනෙකා අනන්ත පරිමාණයෙන් පරාවර්තනය කරනවා. එක මට්ටමක සිදුවන වෙනසක් සියලුම මට්ටම්වලට බලපානවා අපි වාසනාවක් හා හොඳ මග පෙන්වීමක් නොවුනොත් මිසක් සමහරක් දර්පන කිසිදා ආලෝකය නොලබා සෙවනැලිවල අඳුරේම පවතිනවා. සත්‍යය තමයි අපි නොදන්නේ මොනවද කියල අපි දන්නේ නැහැ. දැන් ඔබ සියලු දර්පන බිඳ දැම්ම කියා සිතන්න ඔබව ඔබට පරාවර්තනය කරන කිසිවක් නැහැ. ඔබ කොහෙද ඉන්නේ? මනස නිශ්චල වූ විට දර්පනයන්ගේ පරාවර්තනයන් නවතිනවා. තවදුරටත් සාපේක්ෂයක් හෝ නිරපෙක්ෂයක් නැහැ. නමුත් මෙම මූලික භවය, කිසිවක් නැති කම හෝ අසඥභාවය කියල වරදවා වටහා ගන්න එපා. මූලික අනන්‍යතාව යමක් නොවයි, යමක් නොවන්නේත් වෙයි මූලික ප්‍රභවය යමක් නෙමෙයි, එය ශුන්‍යතාව හා නිශ්චලතාවයමයි. එය ශුන්‍යතාවයි සැමදෙයක්ම හටගන්නා. ව්‍යුහය සාක්ෂාත් වෙන්නේ ශුන්‍යතාව ලෙසින් ශුන්‍යතාව සාක්ෂාත් වෙන්නේ ව්‍යුහය ලෙසින්. මේ ප්‍රභවය තමයි සියලු මැවීමේ ගැබ, සියලු ආකාරයේ සිදුවීම් වලින් පිරුණු සමාධිය කියන්නේ උපේක්ෂා විඥානයේ අවදි කිරීමයි. ඔබ හීනයක් දකින විට වගේ ඔබ අවබෝධයට පත්වූ විට ඔබට තේරෙනවා හීනයේ ඇති සියල්ලම තිබුනේ මන තුල පමණයි. සමාධිය සාක්ෂාත් කරන විට තේරුම් ගන්නවා මෙලොව හැමදේම සිදුවන්නේ ශක්තිය හා විඥානයන්ගේ විවිධ මට්ටම් තුල බව. සියල්ල දර්පන තුල දර්පන, සිහින තුල සිහින ඔබ සිතන ඔබ, සිහිනය වගේම සිහින දකින්නාත්ම වේ මේ සිනමා පටයේ කියන කුමක් වුනත් එය අතහරින්න, එය මනස තුල හසු කරගන්න එපා ආත්මය සිහින දකිනවා, ඔබ ගැන සිහිනයක් දකිනවා වෙනස් වන සියල්ලම සිහිනයයි, නමුත් නොවෙනස් වන දේ සාක්ෂාත් කරන්නත් පුළුවන්. මෙම සාක්ෂාත් කිරීම ප්‍රාථමික පුද්ගල මානසික මට්ටමෙන් තේරුම් ගන්න බැහැ නිර්විකල්ප සමාධිය හෙවත් නිරෝධ සමාපත්තියෙන් මෙපිටට එන විට දර්පන යලි සිය පරාවර්තනයන් සිදු කරන්න පටන් ගන්නවා සහ ඔබ තේරුම් ගන්නවා ඔබ ජිවත් වනවා කියල හිතන ලෝකය තමයි ඇත්තෙන්ම ඔබ කියල තාවකාලික පරාවර්තනයක් වන ප්‍රාථමික ඔබ ලෙස නොව, නමුත් ඔබ දැන් දන්නවා ඔබේ නියම සොබාවය පවතින සියල්ලගේම ප්‍රභවය ලෙස . මේ උත්තම ප්‍රඥාවේ අවදි වීම කළලය, අධ්‍යාත්මික අවබෝධය තමයි සමාධිය තුලින් උපදින්නේ. බයිබලයේ එන ජෝබ්ගේ පොතේ, හෙබ්‍රෙව් බසින් කොක්හ්මා හෙවත් ප්‍රඥාව පැමිණෙන්නේ ශුන්‍යතත්වයෙන්. ප්‍රඥාවේ කාරණා නොගිනිය හැකි තරම් කුඩා මෙන්ම එය ආවරණය කරනවා සම්පුර්ණ පැවැත්මම, නමුත් එය තේරුම් ගන්න බැහැ එයට යම් හැඩයක් හා ව්‍යුහයක් දෙන තුරු දර්පන මාලිගාව තුල හෙබ්‍රෙව් බසින් බිනාහ් හෙවත් දෙවියන්ගේ ස්ප්‍රිතු කළලයට හැඩයක් ලබාදෙන උත්තම ප්‍රඥාවෙන් කපාගත්ත ගර්භය දර්පනයන්ගේ හෝ මානසයන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් නොවෙයි. ඊට පටහැනිව මනුෂ්‍ය චින්තනයේ වරද හෝ අපගමනය වන්නේ අපි අපව එමගින් හඳුනා ගැනීමයි. මේ තමයි මායාව, අපි අපව ප්‍රාථමික මමෙක් ලෙස ගැනීම. යෝග ඉගැන්වීම් වල තියෙනවා සමාධිය ලබාගැනීම සඳහා භාවනා නිමිත්ත දෙස එය ඔබ බවට පත්වී අතුරුදහන් වන තුරු හෝ ඔබ එය බවට පත්ව අතුරුදහන් වනතුරු නිරික්ෂනය කලයුතු බව විවිධ සම්ප්‍රදායන් විවිධ වචන වලින් විස්තර කරත්, ඒවායේ මූලයේහිදී ඒවා යොමු වෙලා තියෙන්නේ පුද්ගල සඥාව හා මමත්ව ක්‍රියාකාරකම් නැවතීම දෙසටයි බුදු හාමුදුරුවෝ නිතරම ඉගැන්නුවේ පෙළීම් අර්ථයෙන්. උන්වහන්සේ සෘජුවම ඉගැන්නුවේ මමත්ව ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධවයි. උන්වහන්සේ සමාධිය දුකෙහි නිරෝධය ලෙස පෙන්වා දුන්නා. අද්වයිත වේදාන්තයෙහි නෙටි නෙටි කියා පදයක් තියෙනවා, එනම් මේකත් නෙවෙයි, එකත් නෙවෙයි යන්න. ආත්ම පුර්ණය වෙත යන මිනිසුන් තමන්ගේ නියම සොබාවය නැතිනම් බ්‍රහ්ම ස්වරුපය තමන් නොවන්නේ කුමක්ද කියා සොයා ගැනීමෙන් විමසනවා මිට සමානව ක්‍රිස්තියානි දහමේ, අවිලාහි ශුද්ධවූ තෙරේසා විස්තර කර තිබෙනවා යාතිකා සම්බන්ධව වූ සෘණාත්මක මගක් මත රැඳුන ප්‍රවේශයක් ගැන. නිහඬ, යටහත් හා ඒකාත්මික වන යාතිකාවක්, නිරපෙක්ෂකත්වය වෙත ලඟා වෙන්න ඇති එකම විදිය මේ ගලවා ඉවත් කිරීමේ ක්‍රමානුකුල ක්‍රියාවලියේදී, කෙනෙකු ඉවතලනවා ස්ථිර නොවන හැමදේම, වෙනස් වන හැමදේම. මනස, මමත්වය හා අනන්‍යතාවයේ සියලු ස්ථර ඇතුළු ඇතුළු සියලු සංසිද්ධි. අවිඥානික දේ පවා පාරදෘශ්‍ය විය යුතුයි මූල ප්‍රභවය පරාවර්තනය කිරීම සඳහා. යම් ගැඹුරු දැනීමක් හෝ යම් අවිඥානික ස්වයංක්‍රිය ක්‍රියාවලියක් පවතිනවා නම්, අපි සොයානොගත් සැඟවුනු පුරුදු රටාවන්ගේ දැලෙහි පැටලී අපේ ජිවිත ගෙවෙනවා පුද්ගලත්වයේ සියලු ස්ථර ශුන්‍ය ලෙසට හෙළි කරගත් පසු කෙනෙකු සිය පුද්ගලත්වයෙන් මිදෙනවා. සියලු සංකල්පයන්ගෙන් නිදහස් වෙනවා ඔබේ පරිනාමයේ හැරවුම් ලක්ෂය වන්නේ ඔබ කියන්නේ කව්ද කියල ඔබ නොදන්නා බවට දැනගත් විටයි කව්ද හුස්ම ගන්න බව අත්දකින්නේ? කව්ද රසය විඳින්නේ? කව්ද සජ්ජායනා, චාරිත්‍ර, නැටුම්, කන්ද අත්දකින්නේ? සාක්ෂිකාරයාට සාක්ෂි දරන්න නිරික්ෂකයාව නිරීක්ෂණය කරන්න මුලින් ඔබ නිරික්ෂකයාව නිරීක්ෂණය කරන විට ඔබ දකින්නේ ඔබේ බොරු අනන්‍යතාවක් නමුත් ඔබ උත්සාහය ඇත නොහැරියොත් එය නියම අනන්‍යතාවට ඉඩදී ඉවත යනු ඇති සියල්ල අත්දකින්නේ කව්ද , මොකද්ද කියන ප්‍රශ්නය සෘජුවම විමසන්න ඇසි පිය නොහෙලා, විනිවිද යන පරිදේ මුළු ශක්තියෙන්ම විදර්ශනා කරන්න ඔබේ භවය "ගතේ ගතේ පරගතේ,.. "... පරසුම් ගතේ, බෝධිස්වාහා" අවදිවන ආත්මයක් නැහැ, අවදි වන ඔබ කියා කෙනෙක් නැහැ ඔබ අවදි වන්නේ, ඔබට වෙන්වූ අනන්‍යතාවයක් ඇතැයි ඔබ දකින සිහිනයෙන් ප්‍රාථමික "ඔබ"ය කියන සිහිනයෙන්. ඒ ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක් ස්වත්වයේ යථා නිරෝධයක් විය යුතුයි, එය කුමක්ද කියා තේරුම් ගන්නට , සහ එය සාක්ෂාත් කල විට, ඒ ගැන කිව හැකි දෙයකුත් නැහැ. ඔබ යමක් කියූ සැනින් ඔබ නැවත මනසෙහි පිහිටනවා. මම දැනටම ඕනෑවට වඩා කියා තියෙනවා අපිට සාමාන්‍යයෙන් විඥාන මට්ටම් තුනක් පවතිනවා, අවදි වන, සිහින් දකින හා ගැඹුරු නින්දේ වශයෙන් සමාධියට සමහර වෙලාවට සිව්වැනි මට්ටම කියා කියනවා, විඥානයේ බිම් මට්ටම. වර්තමානයේද භාවාත්මක වන ඉපැරණි අවදි වුනු සොබාවයක් අනෙක් විඥාන මට්ටම හා සමාන්තරව පවතින. වේදාන්ත වල මෙය හඳුන්වන්නේ තුරිය කියල මෙයට කියන වෙනත් පද නම් ක්‍රිස්තු විඥානය, ක්‍රිෂ්ණ විඥානය බුද්ධ සොබාවය හෝ සහජ සමාධිය. සහජ සමාධියෙදී, ඇතුලාන්ත නියම සොබාවය එකට පවතිනවා සම්පුර්ණ මනුෂ්‍ය කෘත්‍යයන්ගේ භාවිතය සමග. මේ නිශ්චලතාව වෙනස් වන්නාවූ සියලු සංසිද්ධීන්ගේ සර්පිලය මධ්‍යයේ නොසෙල්වී පවතිනවා සිතිවිලි, හැඟීම්, දැනීම් හා ශක්තිය එහි පරිධිය දෙසට වන්න කැරකෙමින් පවතිනවා නමුත් නිසල සොබාවය හෝ මූල චිත්තය භාවනාවේදී වගේම බාහිර ක්‍රියාකාරකම් වලදී පවතිනවා ප්‍රභාස්වර සොබාවය ගැඹුරු නින්දේදී පවා පවතින්න පුළුවන් මූල චිත්තය වෙනස් වන්නේ නැහැ විඥානයන්ගේ මට්ටම් වෙනස් වුනත් මේ යෝගී නින්දයි හෙබ්‍රෙව් බයිබලයේ හෙවත් පරණ ගිවිසුමේ එන ගිතයන්ගේ ගිතයේදී හෙවත් සොලොමන්ගේ ගිතයේදී මෙසේ එය දැක්වෙනවා , මම නිදනවා, නමුත් මගේ හදවත් අවදියෙන්. මේ අමරණිය අපක්ෂපාති විඥානය ක්‍රිස්තුස් වහන්සේගේ වචන වල මෙසේ පිළිබිඹු වෙනවා ආබ්‍රහම්ට පෙර පැවතියේ, මම එක විඥානයක් විවිධ අපරිමාන මුහුණු හරහා දිලිසුනු, අපරිමාන රූපයන් මුලින් එය දුබල ගිනි පුපුරක්, ඔබතුල වූ ප්‍රතිවිරුද්ධතාවන්ගෙන් පැනනැගුනු එදිරිගාමි පුරුෂ විඥානය, යටත් වීමක් නැතහොත් ස්ත්‍රී ශක්තියේ විවර වීම සමග එය බොහොම සියුම්, පහසුවෙන් නැතිවන සුළු, සහ කෙනෙක් බොහොම පරිස්සම් වෙන්න ඕන එය නොනැසී පවත්වාගන්න එය මුහුකුරා වැඩෙන තුරු සමාධිය කියන්නේ අකාලික විඥාන මට්ටමක් හා දිග හැරෙන විපාක ක්‍රියාවලියක් එකට පැවතීමක්. කාලය සමග වැඩෙන ජයිවීය යමක් කෙනෙක් සමාධියේ කාලය ගත කරන තරමට, එනම් වර්තමානය, අකාලිකයේ සිටින තරමට කෙනෙක් සිය හදවතින්, ආත්මයෙන් උපදෙස් ගන්නවා, කොන්දේසිගත මමත්ව ව්‍යුහයෙන් එසේ ගැනීම අඩු වී යනවා මෙහෙමයි කෙනෙක් සිය අධම මනසින් නිදහස් වන්නේ, රෝගී චින්තනයෙන් නිදහස් වන්නේ ඇතුලාන්ත ස්නායුජ සැකැස්ම වෙනස් වෙනවා.ශක්තිය තව දුරටත් පැරණි කොන්දේසිගත ව්‍යහයේ අවිඥානිකව ප්‍රවාහයේ යෙදෙන්නේ නැහැ. එනම් කෙනෙක් පුද්ගල සඥාවෙන් හා බාහිර සතර මහාභූත ලෝකයෙන් තවදුරටත් හඳුනා ගැනෙන්නේ නැහැ කියන එක කියන වෙනත් විදියක් සමාධිය සාක්ෂාත් කරගැනීම සඳහා කොතරම් වීරියක් ඕනද කියනවා නම්, එය කෙනෙක්ගේ පුද්ගලත්වය සම්පුර්නයෙන් යටත් කරදීමක්. ඒවගේම කොතරම් යටත් වීමක්ද කියතොත් එයට කෙනෙක්ගේ භවයේ සම්පුර්ණ විරියම අවශ්‍ය වෙනවා. එය විරිය හා යටත් වීම අතර තුලනයක්, යින් සහ යැන්. වෑයමකින් තොර වීරිය කිරීමක් වගේ දෙයක් ඉන්දියානු අධ්‍යාත්මවේදී හා යෝගියෙක් වන පරමහම්සා රාමක්‍රිෂ්ණා කිව්වා ඔබ හිස ගිනි ගත්තෙක් ජල පොකුණක් සොයන්න වගේ වීරියක් යොදන්න බැරි නම් සත්‍යාවබෝධය සෙවීම කරන්න එපා කියල ඔබ ඔබේ සැම දෙයකින්ම එය සෙවිය යුතුයි කෙනෙකුගේ අධිගම ක්‍රියාවලිය උදෙසා ඉතා විශාල දහිරියක් , විචක්ෂණශීලිබවක් සහ අත නොහැරීමක් අවශ්‍යයි කළලය ජීවත්ව තියාගන්න. ලෝකයේ රටාවන්ට යලිදු නොවැටෙන්නට පටිසොතගාමි වෙන්නට, නොමැඩිය හැකිවා වගේ පෙනෙන මාර යාන්ත්‍රනයේ පීඩනයට එරෙහිව යන්නට සංසාර රෝදයට පෑගී යට නොවන්නට ඇති විශාල උවමනාවක් අවශ්‍යයි. හැම හුස්මක්ම හැම සිතුවිල්ලක්ම, හැම ක්‍රියාවක්ම ප්‍රභාෂ්වර චිත්තය මතු කර ගැන්ම සඳහාම වෙන්න ඕන. සමාධිය සාක්ෂාත් වෙන්නේ වීරියක් ඇතිවත් නෙමෙයි, නැතිවත් නෙමෙයි, විරිය ඇතිකම හා නැතිකම දෙකම ඉවත හලන්න ඕන එය මනස තුල පවතින ද්වතා ධර්මයක් විතරයි. සමාධියේ යථා සාක්ෂාත් කර ගැන්ම හරි පහසුයි එය වෙනම හඳුනාගන්න නොහැකියි, එනිසාම සහජයෙන්ම ද්වතාමය වූ භාෂාව තුලින් ඊට සාධාරණයක් වන්නේ නැහැ. එක් පෞරාණික විඥානයක් පවතිනවා ලෝකය ලෙසින් උදාවන, එය මනසේ විවිධ ස්ථරවලින් වැසී පවතිනවා. වලාකුළු වලින් වැසුනු ඉර වගේ මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට කෙනෙකුගේ භවමූලය නිරාවරණය වෙනවා මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට මනසේ, මිනිසුන් එය විවිධ සමාධි ලෙස පෙන්වා දෙනවා ඔවුන්ගේ එක එක අත්දැකීම හෝ විවිධ සංසිද්ධිවලට ඔවුන් එක එක පදවලින් නාමකරණය කරනවා නමුත් සමාධිය කොතරම් සරලද කියතොත් එය කුමක්ද කියල හා කොහොමද ලබාගන්නේ කියල ඔබට කවරෙක් හෝ කියන කොට ඔබේ මනට එය හැම අවස්ථාවකම ගෝචර වන්නේ නැහැ ඇත්තටම සමාධිය සරලත් නැහැ අමාරුත් නැහැ, මනස පමණයි එය එසේ කරවන්නේ මනස නොමැතිනම්, ප්‍රශ්නයකුත් නැහැ, මනස තමයි නවතින්න ඕන දෙය එය සාක්ෂාත් කරන්න කලින්. එය සිදුවෙන යම් සංසිද්දියක් හෙම නෙමෙයි සමාධිය ගැන කෙටිම ඉගැන්වීම සමහරවිට මම වාක්‍ය කාණ්ඩයේ තියෙනවා ඇති නිසල වන්න සහ දැනගන්න අපි කොහොමද වචන හා පින්තුර යොදාගන්නේ නිශ්චලතාව පෙන්වන්න. අපි කොහොමද නිහඬබව පෙන්වන්නේ ශබ්ද නැගීමෙන්. සමාධිය ගැන බුද්ධිමය සංකල්පයක් ලෙස කතා කරනවට වඩා, මෙම සිනමාපටය ක්‍රියානොකිරීම වෙනුවෙන් කරන රැඩිකල් කැඳවීමක්. භාවනාවට, ඇතුලාන්ත නිශ්ශබ්දතාවක්, ඇතුලාන්ත යාතිකාවක් වෙනුවෙන් කැඳවීමක්. නවතින ලෙසට කරන කැඳවීමක් රෝගී මමත්ව මනසින් දිවෙන සියලු දේ නවත්වන්න නිසල වන්න හා දැනගන්න කාටවත් කියනන් බැහැ නිශ්චලතාව තුලින් මතු වන්නේ කුමක්ද කියා එය අධ්‍යාත්මික හදවතින් ක්‍රියාකරන්න කරන කැඳවීමක් එය ඉතා පැරණි යමක් මතක් කරනවා වගේ. ආත්මය අවදි වෙලා තමන්වම යලි මතක් කර ගන්නවා එය නිදාගෙන සිටි මගියෙක් වෙලා සිටියා, නමුත් දැන් ශුන්‍යතාව අවදි වෙලා තමන්ව හැමදෙයක් ලෙසින්ම තහවුරු කරගන්නවා ඔබට ප්‍රාථමික මමත්ව මනසකින් සමාධිය පරිකල්පනය කරන්න බැහැ, හරියට අන්ධයෙකුට වර්ණ ගැන විස්තර කරනන් බැහැ වගේ. ඔබේ මනසට එය දැනගන්න බැහැ. එයට සමාධිය නිපදවන්න බැහැ. සමාධිය සාක්ෂාත් කරනවා කියන්නේ වෙනස් විදියකට දකින එක වෙන් වෙන් දේවල් දකින්න නෙමෙයි, දකින්නාව හඳුනාගන්න අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් කිව්වා ඔබ දකින්න හදන දේ තමයි, දැකීම සිද්ද කරන්නේ කියල ඔබ හඳ දැක්ක පසු එය, හඳේ කුමන පරවර්තනයෙන් වුනත් එය හඳුනා ගත හැකිය. නියම අනන්‍යතාව හැමදාම පැවතියා, එය හැමදෙයක් තුලම තියෙනවා, නමුත් ඔබ එහි පැවැත්ම හඳුනා ගත්තේ නැහැ ඔබ මනස හා දැනීම් වලින් ඔබ්බට ඔබේ යතා ස්වරුපය හැඳින ගෙන ඊට අනුගත වන්න ඉගෙන ගත්විට ඉතාම උදාසින දෙයක උනත් සන්තුෂ්ටිය අත්දකින්න ඔබට පුළුවන්. අපි සන්තුෂ්ටියට පත්වෙනවා ආසාවන්ගෙන් නිදහස් වන්න උත්සහ කරන්න එපා, මොකද ආසාවන්ගෙන් නිදහස් වෙන්න තියෙන ආසාවත් ආසාවක්. ඔබට නිසල් වන්නට බැහැ , මොකද ඔබේ විරියම චලනයක් නිසල බව හැම විටම පවතින බව හඳුනගන්න නිසල වන්න සහ දැනගන්න සියලු ප්‍රියතා බිම දැමුණු විට මූලප්‍රභවය මතුවේවි, නමුත් ඊටත් ඇලෙන්න එපා පරම සත්‍යය, ඩාඕ කියන්නේ එකත් නෙමෙයි දෙකැහැ නෙමෙයි. රමණ මහශ්‍රි කිව්වා ආත්මය ඒකීයයි, එය සිමිත් වුනොත් එය මමත්වය වේ, අසීමිත වුනොත් එය අනන්තාඅපරිමාන හා පරම සත්‍යය වේ. ඔබ කිව්වා දේ විශ්වාස කරොත් ඔබට එය මග හැරෙනවා ඔබ අවිශ්වාස කරොත් ඒත් එය මග හැරෙනවා. විශ්වාසය හා අවිශ්වාසය මනසේ මට්ටමෙන් ක්‍රියාත්මක වන්නක්. ඊට යම් දැන ගැනීමක් අවශ්‍ය කරනවා, නමුත් ඔබ ඔබගේම විමසුමකට යොමුවුනොත් ඔබේ පැවැත්මේ සියලු අංශ විදර්ශනා කරොත්, විදර්ශනාව කරන්නේ කවුද කියල සොයා ගත්තොත්, ඔබ "මගේ කැමැත්ත නොව, උත්තම අකමැත්ත සිදුවේවා" කියන මුලධර්මයට අනුගතව ජිවත් වන්න කැමති උනොත් ඔබ සියලු දැනගැනීම් ඉක්මවා ගමන් කරන්න කැමති නම්, ඔබට පුළුවන් වනු ඇති මම ඔබට එව බලව කියල පෙන්වන්න හදන දේ කුමක්ද කියල. එවිට පමණයි ඔබට ඔබව විඳින්න හැකි වන්නේ හුදු පැවැත්මේ වන තියුණු ගුප්තබව හා සුන්දරත්වය විඳින්න හැකි වන්නේ ජීවිතය සම්බන්ධව සිදුවිය හැකි තවත් දෙයක් තියෙනවා. පුජනිය යමක්, අචින්ත්‍ය ඔබේ භවයේ නිසල් පතුලේ පමණක් සොයාගත හැකි, සංකල්පයන් ඉක්මවූ මුලධර්ම ඉක්මවූ, කොන්දෙසිගත ක්‍රියාකාරකම් හා සියලු ප්‍රියතාවන් ඉක්මවූ එය ක්‍රමවේදවලින්, චාරිත්‍ර, ක්‍රියාකාරකම් වලින් ලබාගන්න බැහැ. එය ලබාගන්නේ මෙහෙමයි කියල දෙයක් නැහැ විශේෂ ක්‍රම රටාවක් නැහැ. මාර්ගය සඳහා මාර්ගයක් නැහැ. සෙන් බුදුදහමේ කියන පරිදි එය නම් ඔබ ඉපදෙන්න පෙර වූ ඔබේ නියම මුහුණුවර හඳුනාගැනීමයි එය ඔබට තවත් යමක් එකතු කිරීමක් නෙමෙයි. එය තමන්ටම ආලෝකයක් වීමයි මම කියන මායාව දුරු කරන ආලෝකයක්. ඔබේ ජීවිතය අසංතෘප්ත වනු ඇති ඔබේ හදවත අවිවේකි වනු ඇති, ඒවා නමකින් හා රූපයකින් ඔබ්බෙහි වූ එම ගුප්ත ස්ථානයේ විවේක ගන්නා තෙක්