1 00:00:51,030 --> 00:00:52,030 අතීතයේ සිට අද දක්වාම ලෝකයේ සිටි ශ්‍රේෂ්ටතම අධ්‍යාත්මික ගුරුවරු සියල්ලෝම එක මතයක සිටියා 2 00:00:56,700 --> 00:00:57,700 එනම් අපේ භවය පිලිබඳ ගැඹුරුම සත්‍යය, අයිති දෙයක් නොවෙයි 3 00:01:01,620 --> 00:01:02,620 එක ආගමකට හෝ අධ්‍යාත්මික සම්ප්‍රදායකට, නමුත් සොයා ගත හැකියි 4 00:01:06,780 --> 00:01:07,780 සෑම පුද්ගලයෙකුගේම හදවතේ 5 00:01:20,510 --> 00:01:21,510 රූමි නමැති කවියා කිව්වා, සඳ පායන්නේ හෝ බැසයන්නේ නැති තැන කොහිද? 6 00:01:28,880 --> 00:01:29,880 අපි සමග සිටින හා නොසිටින ඒ ආත්මය කොහිද? ඒක මෙතන හෝ අතන කියල කියන්න එපා 7 00:01:36,580 --> 00:01:37,580 මුළු ලෝකයම එයයි. නමුත් ඒ දැකගතහැකි ඇස් වලට පමණයි 8 00:02:49,770 --> 00:02:50,770 බයිබලයේ එන බාබෙල්ගේ කොත පිලිබඳ කතාවේ මනුෂ්‍යවර්ගයා ගණන් කල නොහැකි තරම් කණ්ඩායම් ගණනකට කැඩුනා 9 00:02:55,350 --> 00:02:56,350 භාෂාවන්, ඇදහිලි, සංස්කෘති සහ ප්‍රියතාවන් වශයෙන්. වචනයේ අර්ථයෙන්ම බාබෙල් කියන්නේ දෙවියන්ගේ දොර 10 00:03:04,250 --> 00:03:05,250 මේ දොර තමයි අපේ සිතිවිලි කියාත්මක වන සිත, අපේ කොන්දෙසිගත ව්‍යුහය 11 00:03:15,510 --> 00:03:16,510 තමන්ගේ නියම ස්වරූපය, නම හෝ රූපයෙන් එපිට පවතින සාරය, හඳුනාගත් අය 12 00:03:22,110 --> 00:03:23,110 එම දොරෙන් එපිටට තියෙන්නේ කුමක්ද කියා දැනගැනීම කරා පියමනිනවා 13 00:03:35,250 --> 00:03:36,250 පැරණි උපමා කතාවක් වන අලියා පිලිබඳ උපමාව යොදාගෙන තිබෙනවා 14 00:03:43,080 --> 00:03:44,080 විවිධ සම්ප්‍රදායන් එකම පරම සත්‍යයක් පෙන්වා දෙන ආකාරය පැහැදිලි කරන්න, අන්ධ මිනිසුන් පිරිසක් 15 00:03:50,490 --> 00:03:51,490 එක් එක්කෙනා අලියාගේ වෙන වෙන කොටස් අත ගා බලා, විවිධ දෘෂ්ටින්ට පත්වෙනවා 16 00:03:56,280 --> 00:03:57,280 අලියා කියන්නේ කුමක්ද යන වගට. අලියාගේ කකුල ළඟ සිටගෙන සිටින කෙනා කියනවා 17 00:04:04,020 --> 00:04:05,020 අලියා ගහක් වගේ කියල, අලියාගේ නැට්ට ළඟ සිටින කෙනා කියනවා අලියා 18 00:04:11,400 --> 00:04:12,400 ලණුවක් වගේ කියල, හෙල්ලක් වගේ කියල කියනවා දළ ළඟ සිටින මිනිසා. 19 00:04:20,489 --> 00:04:21,489 කෙනෙක් අලියාගේ කන ඇල්ලුවොත්, අලියා කුල්ලක් වගේ 20 00:04:26,000 --> 00:04:27,000 අලියාව පැත්තකින් අල්ලන කෙනාට සහතිකයි අලියා බිත්තියක් වගේ කියල 21 00:04:34,340 --> 00:04:35,340 ගැටලුව තමයි අපි අලියාගේ අපිට අදාළ කොටස අල්ලගෙන, අපේ අත්දැකීම 22 00:04:39,980 --> 00:04:40,980 පමණයි එකම සත්‍යය කියල විශ්වාස කරන එක අපි පිළිගන්නේ හෝ නිසි ගරුත්වයක් දෙන්නේ නැහැ එක් එක් පුද්ගලයාගේ 23 00:04:47,510 --> 00:04:48,510 අත්දැකීම එකම සත්වයාගේම වෙනස් පැතිකඩක් කියලා 24 00:05:16,680 --> 00:05:17,680 Perennial philosophy කියන්නේ සියලු අධ්‍යාත්මික සහ 25 00:05:22,250 --> 00:05:23,250 ආගමික සම්ප්‍රදායන් එකම විශ්වීය සත්‍යයක් පොදුවේ පරිහරණය කරන බව කියන අදහසයි 26 00:05:29,000 --> 00:05:30,000 එනම් සියලුම අධ්‍යාත්මික දැනුමේ හා ඉගැන්වීම් වල ප්‍රගමණය උදෙසා පදනම සැපයූ 27 00:05:34,610 --> 00:05:35,610 ගුප්ත හා අධිගමණයට හේතුවන සත්‍යය 28 00:05:45,920 --> 00:05:46,920 ස්වාමි විවේකානන්ද මේ අදහස මෙලෙස සාරාංශකොට පෙන්නවා දුන්නා 29 00:05:52,400 --> 00:05:53,400 ආත්මයේ සිටින දෙවියා හඳුනා ගැනීම තමයි, සියලුම ආගම් වල අවසානය.ඒක තමයි එකම විශ්වීය ආගම 30 00:05:59,870 --> 00:06:00,870 මේ සිනමා පටයේ අපි දෙවියන් කියන වචනය භාවිත කරන්නේ හුදු සංකේතයක් ලෙස පමණයි 31 00:06:08,300 --> 00:06:09,300 සීමාන්තික මමත්ව මනසෙන් එපිට පවතින ගුප්තවූ අධිගමන මට්ටම පෙන්වා දීම සඳහා 32 00:06:16,160 --> 00:06:17,160 කෙනෙකුගේ නියම හෙවත් ආවේනික ස්වරූපය සාක්ෂාත් කරගන්නවා කියන්නේ, ඔහුගේ දිව්‍යමය ස්වරූපය සාක්ෂාත් කරගත්තා කියන එකයි 33 00:06:23,870 --> 00:06:24,870 සෑම ප්‍රාණියෙකුටම තිබෙනවා නව උත්තම විඥානයක් විද්‍යාමාන කිරීමේ විභවය අවදි වෙන්න 34 00:06:31,310 --> 00:06:32,310 ඔවුන්ගේ නින්දෙන් හා තම බාහිර රූපය මගින් තමාව හඳුනා ගැනීමෙන් 35 00:07:04,170 --> 00:07:05,170 "Brave New World" නමැති පොත නිසා ප්‍රසිද්ධියට පත් ඇල්ඩස් හක්ස්ලි 36 00:07:11,380 --> 00:07:12,380 "The Perennial Philosophy" නමැති තවත් පොතක් රචනා කරා ඔහු එහි සඳහන් කරනවා 37 00:07:16,390 --> 00:07:17,390 එක ඉගැන්වීමක් පිළිබඳව, එම ඉගැන්වීම ප්‍රත්‍යක්ෂ කල අයට අදාළ සංස්කෘතියේ මුහුණුවරින් 38 00:07:22,270 --> 00:07:23,270 ඉතිහාසයේ යලි යලිත් මතුවන. අධ්‍යාත්මය කෙරෙහි වන පොදු විශ්වීය පදනමක් පිළිබඳ දාර්ශනික චින්තනය 39 00:07:29,020 --> 00:07:30,020 ඉතාම කෙටියෙන් හා පැහැදිලිව විස්තර කෙරෙනවා, "තත් ත්වම් ආසි", "ඔබ තමයි එය" කියන සංස්කෘත වැකියේ 40 00:07:36,400 --> 00:07:37,400 ආත්මය හෝ අන්තර්ගත සදාකාලික අනන්‍යතාව, අධිගමණය හා ඒකීයයි 41 00:07:45,130 --> 00:07:46,130 පැවැත්මේ නිරපේක්ෂ මූලධර්මය, සෑම මනුෂ්‍යයෙකුගේම නිමාවේ අග 42 00:07:50,830 --> 00:07:51,830 තමන් විසින්ම යතාර්ථය හෙළිදරව් කරගැනීමයි. ඔහු හෝ ඇය කවුද කියල හරියටම සොයා ගැනීම 43 00:08:06,419 --> 00:08:07,419 එක් එක් සම්ප්‍රදාය කියන්නේ එකම මැණිකක විවිධ පැති වගේ, පරාවර්තනය කරන එක්තරා ආවේනික දෘෂ්ටියක් 44 00:08:12,939 --> 00:08:13,939 එකම සත්‍යයක එලෙසම ඒවා එක එකක් යලි පරාවර්තනය කරමින්, දීප්තිමත් කරමින් පවතිනවා 45 00:08:19,830 --> 00:08:20,830 කුමන භාෂාවක් හෝ සංකල්පීය රාමුවක ක්‍රියාත්මක වුණත් 46 00:08:26,080 --> 00:08:27,080 පොදු විශ්විය පදනමක් විදහා දක්වන සියලු ආගම්වල පවතිනවා යම් පොදු අදහසක් 47 00:08:31,029 --> 00:08:32,029 අපේ සීමාවන් ඔබ්බෙහි වන, උත්තම යමක් හා ඒකාත්මක වුණු 48 00:09:08,860 --> 00:09:09,860 අපිට පුළුවන් විවිධ ප්‍රභවයන්ගෙන් ඉගෙනගන්න හා ගතයුත්ත උකහා ගන්න එම 49 00:09:15,230 --> 00:09:16,230 ප්‍රභවයන්ට අයිති නොවී සියලු සැබෑ අධ්‍යාත්මික ඉගැන්වීම් කොටින්ම 50 00:09:22,610 --> 00:09:23,610 එකම විමුක්ති සත්‍යයක් දෙස මග කියන විවිධ ඇඟිලි ලෙස පැවසෙනවා 51 00:09:28,940 --> 00:09:29,940 අපි අපිට හුරුපුරුදු නිසා පහසු නිසා අපේ කියාගන්න එකම ඉගැන්වීමක එල්බගෙනම හිටියොත් 52 00:09:34,730 --> 00:09:35,730 අපේ අධ්‍යාත්මික පරිණාමය ඇනහිටිනවා ඕනෑම සංකල්පයක් එහා ගිය සත්‍යය සාක්ෂාත් කරනවා කියන්නේ 53 00:09:42,650 --> 00:09:43,650 සියලුම ඇලීම් ගැලීම් අතහැරීමයි, සියලුම ආගමික සංකල්ප අතහැරෙන්නට ඉඩදීමයි 54 00:09:53,680 --> 00:09:54,680 මමත්වයේ කෝණයෙන් බලද්දී සමාධියට මග පෙන්වන ඇඟිල්ල 55 00:09:59,860 --> 00:10:00,860 මග පෙන්වන්නේ පතුලක් නැති අගාධයකට 56 00:10:05,630 --> 00:10:06,630 ශාන්ත ජෝන් එකවරක් කිව්වා, තමන් යන මාර්ගය ගැන තමන්ට සහතික වෙන්න අවශ්‍ය නම් 57 00:10:11,660 --> 00:10:12,660 ඇස් දෙක වහගෙන කළුවරේ යායුතුයි කියලා 58 00:10:50,660 --> 00:10:51,660 සමාධිය පටන් ගන්නේ නොදන්නා ඉසව්වකට පැනීමෙන් 59 00:11:08,360 --> 00:11:09,360 ඉපැරණි සම්ප්‍රදායන්වල කියවෙනවා සමාධිය සාක්ෂාත් කරගන්න නම් කෙනෙක් 60 00:11:14,269 --> 00:11:15,269 අවසාන වශයෙන් තම විඥානය දන්නා සියළුම වස්තූන්ගෙන් ඉවතට හරවන්න ඕන කියල 61 00:11:20,449 --> 00:11:21,449 සියලු බාහිර සම්බූතයන්ගෙන් ඉවතට, කොන්දේසිගත සිතිවිලි හා සංවේදනාවල සිට තම විඥානය දෙසට 62 00:11:27,519 --> 00:11:28,519 ඇතුලාන්ත ප්‍රභවය දෙසට, කෙනෙකුගේ පැවැත්මේ හදවත හෝ සාරය දෙසට මේ සිනමා පටයේ 63 00:11:36,980 --> 00:11:37,980 අපි සමාධිය කියන වචනය භාවිතා කරන විට අපි අදහස් කරන්නේ අධිගමණයේ මුදුන් පෙත්ත 64 00:11:42,290 --> 00:11:43,290 නිර්විකල්ප සමාධිය/ නිරෝධ සමාපත්තිය කියල හඳුන්වන සමාධිය 65 00:11:53,010 --> 00:11:54,010 නිර්විකල්ප සමාධියේදී/ නිරෝධ සමාපත්තියේදී සියළුම මිනිස් ක්‍රියාකාරිත්වය නවතිනවා 66 00:11:59,160 --> 00:12:00,160 සියලු සෙවීම්, සියලු කිරීම් නවතිනවා අපි කතාකරන්න පුළුවන් අපි ඊට ලඟාවෙනවිට ඉවත හැළෙන දේ ගැන පමණයි 67 00:12:06,149 --> 00:12:07,149 සහ අපි නැවත පැමිණෙන විට යලි මතුවන දේ ගැන පමණයි එහි දෘෂ්ටියක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ 68 00:12:13,199 --> 00:12:14,199 එහි දෙයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ එහි විඥානයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ 69 00:12:21,000 --> 00:12:22,000 එය නිරපේක්ෂයි, ගුප්තයි, සාමාන්‍ය මනසට ගෝචර නැහැ 70 00:12:34,089 --> 00:12:35,089 නැවත සිය ක්‍රියාකාරකම් අරඹන විට, යම් නොදැනීමක් පවතිනවා, හරියට අලුතින් ඉපදුණා වගේ 71 00:12:39,920 --> 00:12:40,920 සහ හැමදේම නැවත අලුත් වෙනවා, අපිට ඉතුරු වෙනවා දීව්‍යමය සුගන්ධය 72 00:12:46,220 --> 00:12:47,220 මාර්ගයේ ඉහලට පරිණාමය වන්න වන්න, එම සුගන්ධය රැඳී පවතින කාලයත් වැඩි වෙනවා 73 00:13:02,040 --> 00:13:03,040 පැරණි සම්ප්‍රදායන්වල විස්තර වෙනවා විවිධ විවිධ සමාධි වර්ග පිලිබඳව සහ 74 00:13:07,110 --> 00:13:08,110 භාෂාව අතීතය පුරාවටම නොයෙක් පැටලිලි ඇති කරලා තියෙනවා 75 00:13:13,570 --> 00:13:14,570 අපි සමාධිය කියන වචනයෙන් අදහස කරන්න තෝරගන්නෙම අධිගමණයේ මුදුන් පෙත්ත නමුත් අපිට හැකිව තිබුනා 76 00:13:18,190 --> 00:13:19,190 වෙනත් සම්ප්‍රදායක් භාවිතා කරන්නත් පහසුවෙන්ම. සමාධි කියන්නේ පැරණි සංස්කෘත 77 00:13:24,790 --> 00:13:25,790 පදයක්, ඉන්දියාවේ වෛදික, යෝග සහ සංක්‍ය සම්ප්‍රදායන් වල එන 78 00:13:30,970 --> 00:13:31,970 සහ එය වෙනත් අධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට කාන්දු වී තිබෙනවා. සමාධිය අටවෙනි අංගය 79 00:13:38,410 --> 00:13:39,410 පතන්ජලි යෝගිතුමාගේ අශ්‍ටාංගික යෝග ක්‍රමවේදයේ සහ අටවෙනි මාර්ගාංගය 80 00:13:42,490 --> 00:13:43,490 බුදුරජාණන්වහන්සේගේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ. බුදුන් නිර්වාණය කියන වචනය යොදාගත්තා 81 00:13:50,200 --> 00:13:51,200 "වාණ" හෙවත් භවකම්මයන්ගේ නැවැත්ම. 82 00:13:58,260 --> 00:13:59,260 පතන්ජලි විස්තර කරා යෝගා හෝ සමාධි "චිත්ත ව්රිති නිරෝධ" කියා සංස්කෘතයෙන් 83 00:14:07,330 --> 00:14:08,330 සුලිය හෝ මනෝමය සර්පිලයෙහි නැවැත්ම යන තේරුම දෙන 84 00:14:16,470 --> 00:14:17,470 එනම් මනසෙන් නිර්මිත ගෝතකර්මයෙන් හෙවත් සම්පුර්ණ දැලෙන්ම, විඥාණය ලිහා නිදහස් කර ගැනීම 85 00:14:50,040 --> 00:14:51,040 සමාධිය කිසිදු සංකල්පයක් උලුප්පා දක්වන්නේ නැහැ, මොකද සමාධිය සාක්ෂාත් කරගන්නට 86 00:14:56,439 --> 00:14:57,439 සංකල්පිය මනස අත්හැරීම අවශ්‍ය වෙනවා 87 00:15:02,010 --> 00:15:03,010 විවිධ ආගම් විවිධ වචන යොදාගත්තා දෙවියන් හා යාවීම විස්තර කරන්න 88 00:15:08,519 --> 00:15:09,519 ඇත්තෙන්ම religion කියන වචනයම එවැනි සමාන අර්ථයක් දෙනවා. ලතින් බසින් "religare" 89 00:15:16,690 --> 00:15:17,690 කියන්නේ යළි-බැඳෙන්න හෙවත් යාවෙන්න. ඒක සමානයි යෝගා කියන වචනයට 90 00:15:24,430 --> 00:15:25,430 එහි තේරුම යෝග කරන්න හෙවත් එකට බඳින්න, එකට යා කරන්න ලෞකිකය හා ලෝකෝත්තරය ඉස්ලාම් වල 91 00:15:33,610 --> 00:15:34,610 මෙය ඉස්ලාම් කියන වචනයටම පැරණි අරාබි බස දෙන තේරුමෙන් පැහැදිලි වෙනවා 92 00:15:39,310 --> 00:15:40,310 එනම් දෙවියන්ට යටත් වීම හෝ දෙවියන් යැදීම ඉන් උලුප්පා දක්වනවා සම්පුර්ණ අතහැරීමක්, යටපත් කිරීමක් 93 00:15:47,170 --> 00:15:48,170 මමත්ව ව්‍යුහයේ 94 00:15:52,750 --> 00:15:53,750 ක්‍රිස්තියානි තාපසවරුන් වූ අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස්, අවිලාහි ශුද්ධවූ තෙරේසා 95 00:16:03,120 --> 00:16:04,120 ශුද්ධවූ ජෝන් විස්තර කරනවා දෙවියන් හා වන දිව්‍යමය ඒකාත්මිකවීමක් ගැන, 96 00:16:10,149 --> 00:16:11,149 ඇතුලාන්තයේ වන දේව රාජ්‍යය ශුද්ධවූ තොමස්ගේ සුභාරංචියේ, ක්‍රිස්තුස්වහන්සේ කිව්වා දේව රාජ්‍යය එහි හෝ මෙහි නොවෙයි 97 00:16:19,589 --> 00:16:20,589 නමුත් පියාණන්වහන්සේගේ රාජ්‍යය මිහිමත පුරාම පැතිර පවතිනවා සහ මිනිසුන් එය 98 00:16:25,569 --> 00:16:26,569 දකින්නේ නැහැ. ග්‍රීක දර්ශනවාදීන්වන ප්ලේටෝ, ප්ලෝටිනස්, පාමෙනිඩිස් 99 00:16:35,019 --> 00:16:36,019 සහ හෙරක්ලිටස්ගේ අදහස්, විශ්වීය පොදු සත්‍යයක් කියවෙන දැක්මකින් බැලුවොත් 100 00:16:41,410 --> 00:16:42,410 පෙන්වා දෙන්නේ එකම ඥාණයක් ගැන. ප්ලෝටිනස් උගන්වනවා ශ්‍රේෂ්ටතම මනුෂ්‍ය ව්‍යායාමය වන්නේ 101 00:16:50,620 --> 00:16:51,620 මනුෂ්‍යය ආත්මය, උත්තරිතර සර්ව සම්පුර්ණ තත්වයට පත්කිරීම හා 102 00:16:57,129 --> 00:16:58,129 දෙවියන් හා යා කිරීම කියලා 103 00:17:02,660 --> 00:17:03,660 ඇමරිකාවේ ඉපැරණි ලකෝටා ගෝත්‍රයේ විසූ වෙදැදුරු හා දේවගැති මිනිසෙක් වූ Black Elk පැවසුවා, වඩාත්ම වැදගත් 104 00:17:10,949 --> 00:17:11,949 උතුම්ම ශාන්තිය වන්නේ, මිනිසුන් විශ්වය හා එහි සියලු බලයන් සමග වූ සම්බන්ධතාවය තහවුරු කරගත්විට හා 105 00:17:15,900 --> 00:17:16,900 ඒවා සමග ඒකාත්මික වූ විට, මිනිසුන්ගේ ආත්මයන්ගෙන් පැමිණෙන ශාන්තිය කියලා 106 00:17:21,900 --> 00:17:22,900 විශ්වයේ මධ්‍යයේ ශුද්ධවූ ආත්මය ජිවත් වෙනවා කියලා සහ 107 00:17:27,870 --> 00:17:28,870 මේ මධ්‍යය හැමතැනම තියෙනවා කියලත්, මේ මධ්‍යය අපි එක් එක්කෙනා තුළ වනබවත් තේරුම් ගන්නා විට පැමිණෙන ශාන්තිය කියලා 108 00:17:59,370 --> 00:18:00,370 අපි සමාධියේ නොවෙයි නම් සිටින්නේ, අවදිවීමට යන මාර්ගයේදී 109 00:18:03,720 --> 00:18:04,720 හැමවිටම අන්ත දෙකක් තිබෙනවා, දොරවල් දෙකක් කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් මානයන් දෙකක් 110 00:18:11,310 --> 00:18:12,310 ප්‍රභාස්වර විඥානය දෙසට එකක් සහ සාරවූ ලෝකය දෙසට එකක් වශයෙන්. පටිසෝතගාමි 111 00:18:19,650 --> 00:18:20,650 ධාරාව නිරපේක්ෂත්වය දෙසට සහ අනුසෝතගාමි ධාරාව මායාව සහ 112 00:18:25,680 --> 00:18:26,680 පෙනෙන නොපෙනෙන වශයෙන් විද්‍යාමානව පවතින සියලු දේ දෙසට, සාපේක්ෂත්වය හා 113 00:18:33,030 --> 00:18:34,030 නිරපේක්ෂත්වය අතර සම්බන්ධතාව සාරාංශ ගත වෙලා තියෙනවා, ශ්‍රී නිසර්ගදත්ත 114 00:18:37,250 --> 00:18:38,250 මහරාජ් විසින් කියන ලද කියමනක. එනම් ප්‍රඥාව කියන්නේ මම කිසිවක් නෙමෙයි කියල දැනගැනීම, ආදරය කියන්නේ මම තමයි හැමදේම කියල දැනගැනීම සහ 115 00:18:46,550 --> 00:18:47,550 මේ දෙක අතර මගේ ජීවිතය දෝලනය වෙනවා කියන වග 116 00:18:54,020 --> 00:18:55,020 මේ සුසංයෝගයෙන් ඉපදෙන්නේ නව දිව්‍යමය විඥානයක්. යමක් උපදිනවා 117 00:19:01,320 --> 00:19:02,320 මේ එකතුවෙන් හෙවත් ප්‍රතිවිරුද්ධ ධ්රවයන්ගේ සුසංයෝගයෙන්, හෝ ද්වතාවෙන් 118 00:19:06,890 --> 00:19:07,890 හඳුනා ගැනීමේ බිඳවැටීමෙන්, එහෙත් උපදින්නේ දෙයක් නොවෙයි, එය කවදාවත් ඉපැදුණ දෙයක් නොවෙයි 119 00:19:18,740 --> 00:19:19,740 විඥානය මල්ඵල දරනවා අළුත් යමක් ඇතිකරවමින්, ඇතිකරවමින් සදාකාලික ත්‍රිත්වය 120 00:19:25,080 --> 00:19:26,080 කියා හඳුන්වන දෙය 121 00:19:28,720 --> 00:19:29,720 දෙවි පියාණන්, උත්කෘෂ්ට වූ, දැනගත නොහැකි, වෙනස් නොවන, එකාත්මිකයි 122 00:19:35,230 --> 00:19:36,230 දේව මාතාව සමග, එනම් වෙනස් වන හැමදේම සමග. මේ එක්වීම ඇතිකරනවා 123 00:19:43,540 --> 00:19:44,540 ජෛව රසායනික විපර්යාසයක්, එක්තරා විදියක මරණයක් හා පුනරුප්පත්තියක්. 124 00:19:51,610 --> 00:19:52,610 වෛදික ඉගැන්වීම්වල මේ දිව්‍යමය එක්වීම මූලික බලවේග දෙකකින් නිරූපිතයි 125 00:19:57,690 --> 00:19:58,690 ශිව හා ශක්ති. දෙවිවරුන්ගේ නම් හා මුහුණු නිතරම වෙනස් වෙනවා 126 00:20:06,460 --> 00:20:07,460 ඉතිහාසය පුරාවට, නමුත් මූලික ලක්ෂණ නොවෙනස්ව පවතිනවා. මේ එක්වීමෙන් බිහිවන්නේ 127 00:20:13,990 --> 00:20:14,990 නැවුම් දිව්‍යමය විඥානයක්, ලෝකයේ නව භවයක්. ධ්‍රැව දෙකක් 128 00:20:22,650 --> 00:20:23,650 වෙන් කල නොහැකි පරිදි ඒකාත්මික වූ. විශ්වීය ශක්තියක් මධ්‍යයක් රහිත, සීමාවක් රහිත 129 00:20:30,910 --> 00:20:31,910 එය පිරිසිදු ආදරයයි, දිනාගන්න හෝ නැතිකරගන්න දෙයක් පවතින්නේ නැහැ 130 00:20:35,090 --> 00:20:36,090 මොකද ඒක මුළුමනින්ම ශුන්‍යයි සහ සම්පුර්ණයෙන්ම පිරුණු දෙයක් 131 00:20:51,130 --> 00:20:52,130 මෙසපොටේමියානු අද්භූත චින්තන ප්‍රවාහයන්, 132 00:20:57,429 --> 00:20:58,429 බැබිලෝනියානු හා අසිරියානු අධ්‍යාත්මික සම්ප්‍රදායන්, ඉපැරණි ඊජිප්තු ආගම් 133 00:21:02,460 --> 00:21:03,460 ඉපැරණි අප්‍රිකාවේ නුබියානු හා කෙමටියානු සංස්කෘතීන්, ලොව වටා ශ්‍රමණ හා ප්‍රාදේශීය 134 00:21:08,080 --> 00:21:09,080 සම්ප්‍රදායාන්, ඉපැරණි ග්‍රීක ගූඩවාදය, ග්නොස්ටිකවාදින් 135 00:21:15,150 --> 00:21:16,150 ඒකීයවාදී බෞධ්දයන්, ඩාඕ ලබ්ධිකයන්, ජුදෙව්වන්, සොරෝස් ලබ්ධිකයන්, ජෛනයන්, මුසල්මානුවන් 136 00:21:30,240 --> 00:21:31,240 හෝ ක්‍රිස්තියානි ලබ්ධිකයන් හැමටම පොදු පුරුකක් හොයා ගන්න පුළුවන්. එනම් 137 00:21:37,030 --> 00:21:38,030 ඉහලම අධ්‍යාත්මික අවබෝධය ලබාදි තිබෙනවා සිය පිළිපදින්නන්ට සමාධිය ලබාගන්න අවස්වථාව 138 00:21:44,940 --> 00:21:45,940 සමාධි කියන වචනයෙන් හරියටම කියන්නේ සමභාවයක් හෝ හැමදේකම ඒකත්වයක් වැනි දෙයක් 139 00:21:52,420 --> 00:21:53,420 සාක්ෂාත් කර ගැනීමයි. ඒ කියන්නේ එක්වීමයි. ඔබේ සෑම දෙයක්ම එකට එකතු 140 00:21:59,920 --> 00:22:00,920 කරගැනීමයි. නමුත් බුද්ධියෙන් මේ කරුණු තේරුම් ගැනීම සමාධිය සැබෑවටම 141 00:22:07,870 --> 00:22:08,870 සාක්ෂාත් කරා කියල වරදවා වටහා ගන්න එපා. ඒ ඔබේ අකම්ප්‍යබවයි, ඔබේ ශුන්‍යතාව 142 00:22:16,120 --> 00:22:17,120 ජිවිත සර්පිලයේ සෑම මට්ටමක්ම එකට එකතු කරන 143 00:22:55,090 --> 00:22:56,090 සමාධිය පිලිබඳ ඉපැරණි ඉගැන්වීම් තුලින් තමයි මනුෂ්‍ය වර්ගයාට 144 00:23:00,250 --> 00:23:01,250 සියලුම ආගම්වල පොදු මුලාශ්‍රය තේරුම් ගන්න පටන් ගන්නට හැකි වන්නේ සහ 145 00:23:05,380 --> 00:23:06,380 ජිවිත සර්පිලය හා නැවත සමාන්තර වන්නට හැකි වන්නේ 146 00:23:13,860 --> 00:23:14,860 මෙම සර්පිලය තමයි කුඩාම ව්‍යුහය සිට අතිමහත් විශ්වය තෙක් විහිදෙන පාලම 147 00:23:23,380 --> 00:23:24,380 ඔබේ ප්‍රවේණික DNA අණු වලසිට, චක්‍ර තුලින් විහිදෙන ඇතුලාන්ත ශක්ති නෙළුම තෙක් විහිදෙන 148 00:23:30,630 --> 00:23:31,630 මන්දාකිනිවල සර්පිල බාහු තෙක් විහිදෙන 149 00:23:35,640 --> 00:23:36,640 ආත්මයේ සෑම මට්ටමක්ම විද්‍යාමාන වෙනවා දිගින් දිගටම පරිනාමය වන ශාඛාවලින් 150 00:23:42,650 --> 00:23:43,650 ජිවත්වන, ගවේෂණය කරන. නියම සමාධිය කියන්නේ ශුන්‍යතාව සක්ශාත්කරගැනීම 151 00:23:50,570 --> 00:23:51,570 මමත්වයේ සෑම මට්ටමකම. ආත්මයේ සෑම ආවරණයකම. සර්පිලය කියන්නේ 152 00:24:00,140 --> 00:24:01,140 ද්වතාවයේ නිරන්තර ක්‍රියාකාරකම් හා ජීවිතය හා මරණය චක්‍රයයි 153 00:24:08,200 --> 00:24:09,200 අපිට සමහර විට අපේ ප්‍රභවයට ඇති සම්බන්ධතාව අමතක වෙනවා 154 00:24:19,940 --> 00:24:20,940 අපි දේවල් දකින කන්නාඩිය හරි පටුයි සහ අපි හඳුනාගන්නේ 155 00:24:27,899 --> 00:24:28,899 පොලව මත බඩගා යන සත්වයෙක්ගේ අනන්‍යතාවකින්, නැවත වරක් සිය ප්‍රභවය වෙත 156 00:24:33,629 --> 00:24:34,629 චාරිකාවේ යෙදෙන 157 00:24:37,639 --> 00:24:38,639 සැමතැනම තියෙන මධ්‍යය වෙත 158 00:24:48,010 --> 00:24:49,010 ශුවං සූ පැවසුවා තවදුරටත් ඒක මේක කියල වෙනසක් නොමැති තැන 159 00:24:55,060 --> 00:24:56,060 ඩාඕ හෙවත් මාර්ගයේ නිශ්චල තැන කියල. සර්පිලයේ මැද මෙම නිශ්චල තැනේදී කෙනෙක්ට 160 00:25:02,040 --> 00:25:03,040 කෙනෙකුට සෑමදෙයකම අපරිමාණය දැක ගන්න පුළුවන් 161 00:25:13,730 --> 00:25:14,730 ඕම් මනි පද්මේ හම් කියන ඉපැරණි මන්ත්‍රයේ කාව්‍යමය අර්ථයක් තියෙනවා, කෙනෙකු අවදි වෙනවා හෝ 162 00:25:22,960 --> 00:25:23,960 නෙළුම තුළ පිහිටි රත්නය සාක්ෂාත් කරගන්නවා. ආත්මය තුල පවතින සැබෑ සොබාවය අවදිවෙනවා 163 00:25:31,269 --> 00:25:32,269 ලෝකය තුල පවතින, ලෝකය විලසින් 164 00:25:50,010 --> 00:25:51,010 හර්මෙටික් සම්ප්‍රදායේ එන, ඉහත පරිදි පහත දැක්වෙන, පහත පරිදි ඉහත දැක්වෙන යන මුලධර්මය භාවිතයෙන් 165 00:25:57,760 --> 00:25:58,760 මනස හා නිශ්චලතාව අතර සම්බන්ධය තේරුම් ගැනීමට පටන් ගැනීම සඳහා අපිට උපමා සංසන්දනයක් කරන්න පුළුවන් 166 00:26:03,419 --> 00:26:04,419 සාපේක්ෂ හා නිරපේක්ෂ පරිදි 167 00:26:12,830 --> 00:26:13,830 සමාධියේ අසංකල්පිය සොබාවය ග්‍රහණය කර ගැනීම සඳහා ඇරඹුමක් 168 00:26:18,740 --> 00:26:19,740 ලෙස කළු කුහරයක් උපමා ලෙස ගත හැකියි 169 00:26:24,999 --> 00:26:25,999 කළු කුහරයක් ලෙස සම්ප්‍රදායිකව විස්තර කරන්නේ අවකාශයේ පෙදෙසක් ඇති විශාල 170 00:26:30,609 --> 00:26:31,609 ගුරුත්ව ක්ෂේත්‍රයක් සහිත, කොතරම් බලවත්ද කිව්වොත් කිසිම ආලෝකයකට හෝ පදාර්ථයකට ඉන් පිටවිය නොහැකියි. අලුත් වාදයන් 171 00:26:37,209 --> 00:26:38,209 උපකල්පනය කරනවා සියලුම වස්තූන් කුඩා ක්ෂුද්‍ර අංශු වල සිට 172 00:26:42,809 --> 00:26:43,809 විශ්වය මන්දාකිනි වැනි සුවිසල් ව්‍යහයන් දක්වා සියලු දේ කළු කුහරයක් හෝ 173 00:26:48,359 --> 00:26:49,359 අද්භූත සමජාතිය යමක් ඒවා මැද පවතින බව. මේ උපමාවේදී අපි යොදාගන්නවා 174 00:26:55,479 --> 00:26:56,479 කළු කුහරයේ මෙම නව අර්ථකථනය, සැම තැනම මධ්‍යය වශයෙන් 175 00:27:06,630 --> 00:27:07,630 සෙන් බුදුදහමේ තියෙනවා බොහෝ කවි හා තේරවිලි තිබෙනවා අපිව මුහුණට මුහුණ ලා ගෙනෙන 176 00:27:13,590 --> 00:27:14,590 දොරක් නැති දොර වෙතට. කෙනෙක් මෙමෙ දොරක් නැති දොර පසු කර යා යුතුයි සමාධිය සාක්ෂාත් කරන්න 177 00:27:23,590 --> 00:27:24,590 සිද්ධීන් ගෝචර වන සිතිජය කියන්නේ කාල-අවකාශ සන්තතියේ සීමාව, ඉන් පිටත 178 00:27:30,249 --> 00:27:31,249 සිටින බාහිර නිරික්ෂකයෙකුට, බලපෑම් කල නොහැකි, එනම් මෙම සිතිජයෙන් පිට සිදුවන දේ 179 00:27:36,070 --> 00:27:37,070 ඔබට දැනගත නොහැකියි. ඔබට පුළුවන් කලුකුහරයක වන්නාවූ මෙවැනි සිතිජයක් 180 00:27:43,210 --> 00:27:44,210 උපමා කරන්න දොරක් නැති දොරට.එය එක්තරා දේහලීය මට්ටමක් අත්ත හා 181 00:27:50,470 --> 00:27:51,470 අනත්ත අතර. මේ සිද්ධීන් ගෝචර වන සිතිජය ඉක්මවන මමෙක් නැහැ 182 00:28:00,890 --> 00:28:01,890 කළු කුහරයක් මැද එක මානයක් පමණක් පවතින ඒකත්වයක් පවතිනවා 183 00:28:07,010 --> 00:28:08,010 ඉරවල් බිලියන ගණනක ස්කන්ධ ප්‍රමාණය හිතා ගන්නත් බැරි කුඩා අවකාශයක පවතින. 184 00:28:13,580 --> 00:28:14,580 කොටින්ම අපරිමාණ ස්කන්ධයක්. හරියටම කිව්වොත් විශ්වය කියන්නේ නොගිණිය හැකි තරම් කුඩා 185 00:28:20,450 --> 00:28:21,450 වැලි කැටයක් වගේ. මේ ඒකත්වය කියන්නේ කාලයෙන් අවකාශයෙන් ඔබ්බෙහි වූ අචින්ත්‍ය යමක් 186 00:28:27,110 --> 00:28:28,110 භෞතික විද්‍යාවට අනුව චලිතය අභව්‍යයි, දේවල පැවැත්ම 187 00:28:35,419 --> 00:28:36,419 අභව්‍යයි. මොන දෙයක් සම්බන්ධයෙන් වුනත් එය ඉන්ද්‍රිය ගෝචර ලෝකයට 188 00:28:40,650 --> 00:28:41,650 අයිති නැහැ, එසේ වුනත් එය හුදු නිශ්චලතාව කියා විස්තර කරන්න බැහැ 189 00:28:46,140 --> 00:28:47,140 එය චලනය හා නිශ්චලතාවයෙන් එපිට දෙයක්. ඔබ මධ්‍යය අවබෝධ කල විට 190 00:28:53,880 --> 00:28:54,880 සැමතැනම පවතින හා නොපවතින, ද්වතාව බිඳ වැටෙනවා, රූපහැඩතල හා ශුන්‍යතාව 191 00:29:01,159 --> 00:29:02,159 කාලය හා අකාලිකය 192 00:29:05,820 --> 00:29:06,820 කෙනෙක්ට මෙය නම් කරන්න පුළුවන් ගතික නිශ්චලතාව කියල, හෝ පිරුණු හිස්බව 193 00:29:13,390 --> 00:29:14,390 සම්පුර්ණ අඳුර මධ්‍යය තුල පවතින. ඩාඕ ගුරුවරයෙක් වන ලාඕ සේ කියා තිබෙනවා 194 00:29:22,080 --> 00:29:23,080 අඳුර තුල පවතින් අඳුර තමයි අවබෝධයේ බිහි දොර කියල 195 00:29:38,630 --> 00:29:39,630 ලේඛකයෙක් හා පුරාවෘත්ත අධ්‍යකයෙකු වන ජෝසෆ් කැම්බල් විස්තර කරනවා, යලි යලි මතුවන 196 00:29:45,330 --> 00:29:46,330 සංකේතයක්, විශ්වීය පොදු දර්ශනවාදයහි කොටසක් ලෝක අක්ෂය කියා ඔහු හඳුන්වන 197 00:29:52,400 --> 00:29:53,400 මධ්‍ය ලක්ශය හෝ කන්දේ ඉහලම තැන. හැමදේම 198 00:29:57,090 --> 00:29:58,090 එය වටා කැරකෙන. නිශ්චලතාවය හා චලනය එකට පවතින තැන. 199 00:30:02,820 --> 00:30:03,820 මේ මධ්‍යයෙන් සුපුෂ්පිත ශාකයක් සාක්ෂාත් කරගන්නා. බෝධි වෘක්ෂයක් 200 00:30:11,820 --> 00:30:12,820 සියලු ලෝක යා කරන.හරියටම ඉරක් කලුකුහරයකට උරාගන්නා මෙන් 201 00:30:24,810 --> 00:30:25,810 ඔබ පරම සත්‍යය වෙත ලඟා වෙන විට, ඔබේ ජීවිතය එය වටා කැරකෙන්න පටන් ගන්නවා සහ 202 00:30:31,470 --> 00:30:32,470 ඔබේ පැවැත්ම නැතිවී යාමට පටන් ගන්නවා. 203 00:30:38,700 --> 00:30:39,700 ඔබ ඔබේ නැවුම් අනන්‍යතාව වෙත ලඟා වෙන විට, එය මමත්ව ව්‍යුහයට බියජනක විය හැකියි. 204 00:30:46,450 --> 00:30:47,450 දොරටුව දෙපස මුරකරුවෝ සිටිනවා පරීක්ෂා කරන්න මග වඩන අය. 205 00:30:53,330 --> 00:30:54,330 කෙනෙක් තමන්ගේ ලොකුම භීතින්ට මුහුණ දෙන්න කැමති වෙන්න ඕන වගේම 206 00:30:59,460 --> 00:31:00,460 තම ඇතුලාන්ත ශක්තිය එලෙසින් පිලිගන්නත් කැමති වෙන්න ඕන. අවිඥානික බය හා සැඟවුණු සුන්දරත්වය 207 00:31:07,950 --> 00:31:08,950 අත්දකින්න. ඔබේ මන අකම්ප්‍ය නම්, ස්වත්වයෙන් ප්‍රතික්‍රියාවක් නොමැති නම්, 208 00:31:19,650 --> 00:31:20,650 අවිඥානිකව පහල වන සියල්ල හටගෙන නිරුද්ධ වී යනවා. 209 00:31:26,400 --> 00:31:27,400 මේ තමයි අධ්‍යාත්මික ගමනේ ශ්‍රද්ධාව වඩාත්ම අවශ්‍ය තැන. අපි ශ්‍රද්ධාව කියා 210 00:31:33,330 --> 00:31:34,330 හඳුන්වන්නේ කුමක්ද? ශ්‍රද්ධාව කියන්නේ භක්තිය නෙමෙයි. භක්තිය කියන්නේ මනට හුරු පුරුදු සුවපහසු යමක් 211 00:31:42,360 --> 00:31:43,360 තහවුරු කරගන්න තියෙන මානසික මට්ටමක්. භක්තිය කියන්නේ මනසේ විදිය 212 00:31:49,170 --> 00:31:50,170 තමන්ගේ අත්දැකීම් වර්ගීකරණය කරන්න හා කළමනාකරණය කරන.ශ්‍රද්ධාව එහි ප්‍රතිවිරුද්ධ දෙයක්. ශ්‍රද්ධාව 213 00:31:57,390 --> 00:31:58,390 කියන්නේ කිසිවක් නොවිඳින සිටින තැනට පත්වීම, අවිඥානිකව උදාවන 214 00:32:03,360 --> 00:32:04,360 කවරක් උනත් එලෙසම දකිමින්. ශ්‍රද්ධාව කියන්නේ ඒකත්වය විසින් යෙදෙන ගාමක බලයට අනුගත වීම 215 00:32:10,260 --> 00:32:11,260 ස්වත්වය දියකර හැරීමට හෝ කඩා දැමීමට අනුගත වීම, දොරටුවක් නැති දොරපසුකරයාම සඳහා. 216 00:32:28,340 --> 00:32:29,340 මන්දාකිනියක පරිනාමය හා ව්‍යුහය එහි මධ්‍යයේ වන කලුකුහරයේ පරිමානයට සමීපව සම්බන්ධයි 217 00:32:34,830 --> 00:32:35,830 හරියට ඔබේ මාර්ගයේ විකාශනයත් ඔබේ සහජ අනන්‍යතාව හා සම්බන්ධ වගේ 218 00:32:40,380 --> 00:32:41,380 ඔබේ නියම සොබාවය වන ඒකත්වය 219 00:32:47,700 --> 00:32:48,700 අපිට කළු කුහරය දැක ගන්න බැහැ නමුත් එය වටා කැරකෙන දේවලින් 220 00:32:53,190 --> 00:32:54,190 එය භෞතික වටපිටාව හා හැසිරෙන ආකාරයෙන්. මේ ආකාරයෙන්ම 221 00:33:01,380 --> 00:33:02,380 අපිට අපේ සැබෑ සොබාවය දැකගන්න බැහැ. ඇතුලාන්ත සැඟවුණු අනන්‍යතාව දෙයක් නෙමෙයි, 222 00:33:08,720 --> 00:33:09,720 නමුත් අපිට දැකගන්න පුළුවන් අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන්. සුසුකි නම් සෙන් ගුරුතුමා කිව්වා, හරියටම කිව්වොත් 223 00:33:16,790 --> 00:33:17,790 අවබෝධයට පත් පුද්ගලයෝ නැහැ, පවතින්නේ අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන් පමනයි. 224 00:33:25,990 --> 00:33:26,990 ඇසට තමන්ව දැක ගන්න බැරිවා වාගේ, අපිටත් එය දැකගන්න බැහැ. අපිට එය දැකගන්න නොහැකි 225 00:33:34,280 --> 00:33:35,280 එයන් තමයි දැකීමට හැකි වන්නේ. කලුකුහරය මෙන් සමාධිය 226 00:33:41,030 --> 00:33:42,030 කිසිවක් නැතිබව නෙමෙයි, නමුත් කිසිවකුත් නෙමෙයි. මෙය තමයි පැවතීම හා නොපැවතීම 227 00:33:48,260 --> 00:33:49,260 කියන ද්වතාවයේ බිඳ වැටීම. පරම සත්‍යය වෙත එළඹෙන්න දොරක් නැහැ 228 00:33:56,899 --> 00:33:57,899 නමුත් අනත්න පරිමාන පාරවල් තියෙනවා. ධර්මයෝ නමැති මේ පාරවල් අගක් මුලක් නැති 229 00:34:04,759 --> 00:34:05,759 සර්පිලයක් වගේ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ. කිසිවෙකුගේ මනස 230 00:34:13,010 --> 00:34:14,010 ක්‍රමවේදය සොයා ගෙන නැහැ, සොයා ගන්නෙත් නැහැ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ. 231 00:34:22,730 --> 00:34:23,730 එනිසා පුද්ගලයෙක් නොවන්න. 232 00:34:43,970 --> 00:34:44,970 සමාධිය කියන්නේ මගක් දැකිය නොහැකි මගක්, රත්තරන් යතුර. එය තමයි බාහිර හා ඇතුලාන්ත 233 00:34:53,370 --> 00:34:54,370 ලෝක වෙන්කරන, මමත්ව ව්‍යුහයෙන් හඳුනාගැනීමේ අවසානය. 234 00:35:15,060 --> 00:35:16,060 නොයෙක් ප්‍රගුනතා ආකෘති පවතිනවා මමත්ව ව්‍යුහයෙ නොයෙක් ස්ථර හෙවත් මට්ටම් 235 00:35:20,400 --> 00:35:21,400 විස්තර කරන. අපි ඉපැරණි උදාහරණයක් ඒ වෙනුවට යොදා ගනිමු 236 00:35:28,380 --> 00:35:29,380 උපනිෂද් ග්‍රන්ථවල, ආත්මය වසන ආවරණය, කෝෂයක් ලෙස දැක්වෙනවා 237 00:35:36,030 --> 00:35:37,030 එක එක කෝෂය දර්පනයක් වගේ. මමත්ව ව්‍යුහයෙ එක් ස්ථරයක්. ආවරණ පටලයක් හෝ මායාවේ එක ස්ථරයක් 238 00:35:44,040 --> 00:35:45,040 අපිව මෙයින් හඳුනා ගත්තොත් එය අපගේ නියම සොබාවය සාක්ෂාත් කරගැනීමෙන් වලක්වා ලනවා 239 00:35:51,320 --> 00:35:52,320 ගොඩක් මිනිස්සු ප්‍රතිබිම්බ දැකල ඒ තමන්ය කියල විශ්වාස කරනවා 240 00:35:59,670 --> 00:36:00,670 එක දර්පනයක් පරාවර්තනය කරනවා සත්ව ස්ථරය, භෞතික සිරුර. තවත් දර්පනයක් පරාවර්තනය කරනවා 241 00:36:07,110 --> 00:36:08,110 ඔබේ මන, ඔබේ සිතුවිලි, ඔබේ ඉව, ඔබේ සඥා. තවත් දර්පනයක් තුලින් ඇතුලාන්ත 242 00:36:14,580 --> 00:36:15,580 ශක්තිය හෝ ප්‍රාණ දැකගත හැකියි ඔබ ඇතුලාන්තයට එබිකම් කරොත්. තවත් දර්පනයක් 243 00:36:21,030 --> 00:36:22,030 පරාවර්තනය කරනවා උත්තම මන වන උපකල්පනිය මට්ටම හෙවත් ප්‍රඥා ස්ථරය 244 00:36:26,490 --> 00:36:27,490 සහ අධිගම ස්ථර හෝ ද්වතා ධර්මතාවෙන් එපිට සුඛය පරාවර්තනය කරනවා 245 00:36:33,300 --> 00:36:34,300 කෙනෙකු සමාධියට ලඟා වෙන විට 246 00:36:37,000 --> 00:36:38,000 නොගිනිය හැකි තරම් දර්පන හෝ ස්වත්වයේ පැති 247 00:36:42,530 --> 00:36:43,530 හඳුනා ගත හැකියි, සහ ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. 248 00:36:50,640 --> 00:36:51,640 බොහොමයක් දෙනා තවමත් තම ප්‍රාණිය, උත්තම මනස සහ ද්වතා ධර්මයෙන් පිට සුඛ 249 00:36:56,220 --> 00:36:57,220 මට්ටම් හඳුනා ගෙන නැහැ. ඔවුන් ඒවායේ පැවැත්ම ගැනවත් දන්නේ නැහැ 250 00:37:01,190 --> 00:37:02,190 මේ ස්ථර ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා මිසක් ඔබ ඒවා දකින්නේ නැහැ. සැඟවුණු දර්පන 251 00:37:09,029 --> 00:37:10,029 ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා පෙනෙන්න තියෙන දර්පන වලට වඩා 252 00:37:13,880 --> 00:37:14,880 ඒවා පෙනෙන්නේ නැහැ මොකද ගොඩක් මිනිස්සුන්ගේ එම දර්පන දීප්තිමත් වෙලා නැහැ 253 00:37:19,349 --> 00:37:20,349 ඔවුන්ගේ විඥානයෙන්. ඉන්ද්‍රජාලයේ වගේ, දර්පන සියල්ල එකිනෙකා 254 00:37:28,680 --> 00:37:29,680 අනන්ත පරිමාණයෙන් පරාවර්තනය කරනවා. එක මට්ටමක සිදුවන 255 00:37:35,940 --> 00:37:36,940 වෙනසක් සියලුම මට්ටම්වලට බලපානවා 256 00:37:42,420 --> 00:37:43,420 අපි වාසනාවක් හා හොඳ මග පෙන්වීමක් නොවුනොත් මිසක් 257 00:37:48,670 --> 00:37:49,670 සමහරක් දර්පන කිසිදා ආලෝකය නොලබා සෙවනැලිවල අඳුරේම පවතිනවා. සත්‍යය තමයි 258 00:37:55,120 --> 00:37:56,120 අපි නොදන්නේ මොනවද කියල අපි දන්නේ නැහැ. දැන් ඔබ සියලු දර්පන බිඳ දැම්ම කියා සිතන්න 259 00:38:03,480 --> 00:38:04,480 ඔබව ඔබට පරාවර්තනය කරන කිසිවක් නැහැ. ඔබ කොහෙද ඉන්නේ? 260 00:38:14,140 --> 00:38:15,140 මනස නිශ්චල වූ විට දර්පනයන්ගේ පරාවර්තනයන් නවතිනවා. තවදුරටත් 261 00:38:23,349 --> 00:38:24,349 සාපේක්ෂයක් හෝ නිරපෙක්ෂයක් නැහැ. නමුත් මෙම මූලික භවය, කිසිවක් නැති කම හෝ 262 00:38:32,980 --> 00:38:33,980 අසඥභාවය කියල වරදවා වටහා ගන්න එපා. මූලික අනන්‍යතාව යමක් නොවයි, යමක් නොවන්නේත් වෙයි 263 00:38:47,750 --> 00:38:48,750 මූලික ප්‍රභවය යමක් නෙමෙයි, එය ශුන්‍යතාව හා නිශ්චලතාවයමයි. එය 264 00:38:57,349 --> 00:38:58,349 ශුන්‍යතාවයි සැමදෙයක්ම හටගන්නා. ව්‍යුහය සාක්ෂාත් වෙන්නේ ශුන්‍යතාව ලෙසින් 265 00:39:05,720 --> 00:39:06,720 ශුන්‍යතාව සාක්ෂාත් වෙන්නේ ව්‍යුහය ලෙසින්. මේ ප්‍රභවය තමයි 266 00:39:16,880 --> 00:39:17,880 සියලු මැවීමේ ගැබ, සියලු ආකාරයේ සිදුවීම් වලින් පිරුණු 267 00:39:40,800 --> 00:39:41,800 සමාධිය කියන්නේ උපේක්ෂා විඥානයේ අවදි කිරීමයි. ඔබ හීනයක් දකින විට වගේ 268 00:39:47,710 --> 00:39:48,710 ඔබ අවබෝධයට පත්වූ විට ඔබට තේරෙනවා හීනයේ ඇති සියල්ලම තිබුනේ 269 00:39:53,619 --> 00:39:54,619 මන තුල පමණයි. සමාධිය සාක්ෂාත් කරන විට තේරුම් ගන්නවා 270 00:39:58,930 --> 00:39:59,930 මෙලොව හැමදේම සිදුවන්නේ ශක්තිය හා විඥානයන්ගේ විවිධ මට්ටම් 271 00:40:04,600 --> 00:40:05,600 තුල බව. සියල්ල දර්පන තුල දර්පන, සිහින තුල සිහින 272 00:40:13,150 --> 00:40:14,150 ඔබ සිතන ඔබ, සිහිනය වගේම සිහින දකින්නාත්ම වේ 273 00:40:33,559 --> 00:40:34,559 මේ සිනමා පටයේ කියන කුමක් වුනත් එය අතහරින්න, එය මනස තුල හසු කරගන්න එපා 274 00:40:43,530 --> 00:40:44,530 ආත්මය සිහින දකිනවා, ඔබ ගැන සිහිනයක් දකිනවා 275 00:40:49,130 --> 00:40:50,130 වෙනස් වන සියල්ලම සිහිනයයි, නමුත් නොවෙනස් වන දේ සාක්ෂාත් කරන්නත් 276 00:40:56,970 --> 00:40:57,970 පුළුවන්. මෙම සාක්ෂාත් කිරීම ප්‍රාථමික පුද්ගල මානසික මට්ටමෙන් තේරුම් 277 00:41:13,410 --> 00:41:14,410 ගන්න බැහැ 278 00:41:22,310 --> 00:41:23,310 නිර්විකල්ප සමාධිය හෙවත් නිරෝධ සමාපත්තියෙන් මෙපිටට එන විට දර්පන යලි සිය පරාවර්තනයන් සිදු කරන්න පටන් ගන්නවා සහ 279 00:41:29,020 --> 00:41:30,020 ඔබ තේරුම් ගන්නවා ඔබ ජිවත් වනවා කියල හිතන ලෝකය තමයි ඇත්තෙන්ම ඔබ කියල 280 00:41:36,550 --> 00:41:37,550 තාවකාලික පරාවර්තනයක් වන ප්‍රාථමික ඔබ ලෙස නොව, නමුත් ඔබ දැන් දන්නවා 281 00:41:43,970 --> 00:41:44,970 ඔබේ නියම සොබාවය පවතින සියල්ලගේම ප්‍රභවය ලෙස . මේ උත්තම ප්‍රඥාවේ අවදි වීම 282 00:41:53,800 --> 00:41:54,800 කළලය, අධ්‍යාත්මික අවබෝධය තමයි සමාධිය තුලින් උපදින්නේ. බයිබලයේ එන 283 00:42:04,220 --> 00:42:05,220 ජෝබ්ගේ පොතේ, හෙබ්‍රෙව් බසින් කොක්හ්මා හෙවත් ප්‍රඥාව පැමිණෙන්නේ ශුන්‍යතත්වයෙන්. ප්‍රඥාවේ කාරණා 284 00:42:13,040 --> 00:42:14,040 නොගිනිය හැකි තරම් කුඩා මෙන්ම එය ආවරණය කරනවා සම්පුර්ණ පැවැත්මම, නමුත් 285 00:42:18,890 --> 00:42:19,890 එය තේරුම් ගන්න බැහැ එයට යම් හැඩයක් හා ව්‍යුහයක් දෙන තුරු දර්පන මාලිගාව තුල 286 00:42:24,970 --> 00:42:25,970 හෙබ්‍රෙව් බසින් බිනාහ් හෙවත් දෙවියන්ගේ ස්ප්‍රිතු කළලයට හැඩයක් ලබාදෙන උත්තම ප්‍රඥාවෙන් කපාගත්ත ගර්භය 287 00:43:07,570 --> 00:43:08,570 දර්පනයන්ගේ හෝ මානසයන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් නොවෙයි. ඊට පටහැනිව 288 00:43:14,650 --> 00:43:15,650 මනුෂ්‍ය චින්තනයේ වරද හෝ අපගමනය වන්නේ අපි අපව එමගින් හඳුනා ගැනීමයි. මේ තමයි 289 00:43:22,030 --> 00:43:23,030 මායාව, අපි අපව ප්‍රාථමික මමෙක් ලෙස ගැනීම. යෝග 290 00:43:32,620 --> 00:43:33,620 ඉගැන්වීම් වල තියෙනවා සමාධිය ලබාගැනීම සඳහා භාවනා නිමිත්ත දෙස එය ඔබ බවට පත්වී 291 00:43:38,020 --> 00:43:39,020 අතුරුදහන් වන තුරු හෝ ඔබ එය බවට පත්ව අතුරුදහන් වනතුරු නිරික්ෂනය කලයුතු බව 292 00:43:49,630 --> 00:43:50,630 විවිධ සම්ප්‍රදායන් විවිධ වචන වලින් විස්තර කරත්, ඒවායේ මූලයේහිදී ඒවා 293 00:43:55,930 --> 00:43:56,930 යොමු වෙලා තියෙන්නේ පුද්ගල සඥාව හා මමත්ව ක්‍රියාකාරකම් නැවතීම දෙසටයි 294 00:44:00,850 --> 00:44:01,850 බුදු හාමුදුරුවෝ නිතරම ඉගැන්නුවේ පෙළීම් අර්ථයෙන්. උන්වහන්සේ සෘජුවම ඉගැන්නුවේ 295 00:44:08,140 --> 00:44:09,140 මමත්ව ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධවයි. උන්වහන්සේ සමාධිය 296 00:44:14,670 --> 00:44:15,670 දුකෙහි නිරෝධය ලෙස පෙන්වා දුන්නා. අද්වයිත වේදාන්තයෙහි 297 00:44:23,500 --> 00:44:24,500 නෙටි නෙටි කියා පදයක් තියෙනවා, එනම් මේකත් නෙවෙයි, එකත් නෙවෙයි යන්න. ආත්ම පුර්ණය වෙත යන මිනිසුන් 298 00:44:31,200 --> 00:44:32,200 තමන්ගේ නියම සොබාවය නැතිනම් බ්‍රහ්ම ස්වරුපය තමන් නොවන්නේ 299 00:44:37,810 --> 00:44:38,810 කුමක්ද කියා සොයා ගැනීමෙන් විමසනවා 300 00:44:42,720 --> 00:44:43,720 මිට සමානව ක්‍රිස්තියානි දහමේ, අවිලාහි ශුද්ධවූ තෙරේසා විස්තර කර තිබෙනවා යාතිකා සම්බන්ධව වූ 301 00:44:49,180 --> 00:44:50,180 සෘණාත්මක මගක් මත රැඳුන ප්‍රවේශයක් ගැන. නිහඬ, යටහත් හා ඒකාත්මික වන 302 00:44:56,620 --> 00:44:57,620 යාතිකාවක්, නිරපෙක්ෂකත්වය වෙත ලඟා වෙන්න ඇති එකම විදිය 303 00:45:03,400 --> 00:45:04,400 මේ ගලවා ඉවත් කිරීමේ ක්‍රමානුකුල ක්‍රියාවලියේදී, කෙනෙකු ඉවතලනවා 304 00:45:09,009 --> 00:45:10,009 ස්ථිර නොවන හැමදේම, වෙනස් වන හැමදේම. මනස, මමත්වය හා 305 00:45:17,680 --> 00:45:18,680 අනන්‍යතාවයේ සියලු ස්ථර ඇතුළු ඇතුළු සියලු සංසිද්ධි. අවිඥානික දේ 306 00:45:24,160 --> 00:45:25,160 පවා පාරදෘශ්‍ය විය යුතුයි මූල ප්‍රභවය පරාවර්තනය කිරීම සඳහා. යම් ගැඹුරු 307 00:45:30,999 --> 00:45:31,999 දැනීමක් හෝ යම් අවිඥානික ස්වයංක්‍රිය ක්‍රියාවලියක් පවතිනවා නම්, 308 00:45:37,359 --> 00:45:38,359 අපි සොයානොගත් සැඟවුනු පුරුදු රටාවන්ගේ දැලෙහි පැටලී අපේ ජිවිත ගෙවෙනවා 309 00:45:47,960 --> 00:45:48,960 පුද්ගලත්වයේ සියලු ස්ථර ශුන්‍ය ලෙසට හෙළි කරගත් පසු කෙනෙකු සිය පුද්ගලත්වයෙන් 310 00:45:55,289 --> 00:45:56,289 මිදෙනවා. සියලු සංකල්පයන්ගෙන් නිදහස් වෙනවා 311 00:46:03,750 --> 00:46:04,750 ඔබේ පරිනාමයේ හැරවුම් ලක්ෂය වන්නේ ඔබ කියන්නේ කව්ද කියල ඔබ නොදන්නා බවට දැනගත් විටයි 312 00:46:11,160 --> 00:46:12,160 කව්ද හුස්ම ගන්න බව අත්දකින්නේ? කව්ද රසය විඳින්නේ? 313 00:46:22,240 --> 00:46:23,240 කව්ද සජ්ජායනා, චාරිත්‍ර, නැටුම්, කන්ද අත්දකින්නේ? සාක්ෂිකාරයාට සාක්ෂි දරන්න 314 00:46:35,880 --> 00:46:36,880 නිරික්ෂකයාව නිරීක්ෂණය කරන්න 315 00:46:40,220 --> 00:46:41,220 මුලින් ඔබ නිරික්ෂකයාව නිරීක්ෂණය කරන විට ඔබ දකින්නේ ඔබේ බොරු අනන්‍යතාවක් 316 00:46:47,210 --> 00:46:48,210 නමුත් ඔබ උත්සාහය ඇත නොහැරියොත් එය නියම අනන්‍යතාවට ඉඩදී ඉවත යනු ඇති 317 00:46:54,020 --> 00:46:55,020 සියල්ල අත්දකින්නේ කව්ද , මොකද්ද කියන ප්‍රශ්නය සෘජුවම විමසන්න 318 00:47:00,140 --> 00:47:01,140 ඇසි පිය නොහෙලා, විනිවිද යන පරිදේ මුළු ශක්තියෙන්ම විදර්ශනා කරන්න ඔබේ භවය 319 00:47:17,000 --> 00:47:18,000 "ගතේ ගතේ පරගතේ,.. 320 00:47:19,579 --> 00:47:20,579 "... පරසුම් ගතේ, බෝධිස්වාහා" 321 00:47:47,840 --> 00:47:48,840 අවදිවන ආත්මයක් නැහැ, අවදි වන ඔබ කියා කෙනෙක් නැහැ 322 00:47:57,140 --> 00:47:58,140 ඔබ අවදි වන්නේ, ඔබට වෙන්වූ අනන්‍යතාවයක් ඇතැයි ඔබ දකින සිහිනයෙන් 323 00:48:03,500 --> 00:48:04,500 ප්‍රාථමික "ඔබ"ය කියන සිහිනයෙන්. ඒ ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක් 324 00:48:08,120 --> 00:48:09,120 ස්වත්වයේ යථා නිරෝධයක් විය යුතුයි, එය කුමක්ද කියා තේරුම් ගන්නට , සහ 325 00:48:15,130 --> 00:48:16,130 එය සාක්ෂාත් කල විට, ඒ ගැන කිව හැකි දෙයකුත් නැහැ. ඔබ යමක් කියූ සැනින් 326 00:48:23,540 --> 00:48:24,540 ඔබ නැවත මනසෙහි පිහිටනවා. මම දැනටම ඕනෑවට වඩා කියා තියෙනවා 327 00:48:39,510 --> 00:48:40,510 අපිට සාමාන්‍යයෙන් විඥාන මට්ටම් තුනක් පවතිනවා, අවදි වන, සිහින් දකින හා ගැඹුරු නින්දේ වශයෙන් 328 00:48:46,030 --> 00:48:47,030 සමාධියට සමහර වෙලාවට සිව්වැනි මට්ටම කියා කියනවා, විඥානයේ 329 00:48:53,380 --> 00:48:54,380 බිම් මට්ටම. වර්තමානයේද භාවාත්මක වන ඉපැරණි අවදි වුනු සොබාවයක් 330 00:49:00,460 --> 00:49:01,460 අනෙක් විඥාන මට්ටම හා සමාන්තරව පවතින. වේදාන්ත වල මෙය හඳුන්වන්නේ තුරිය කියල 331 00:49:10,950 --> 00:49:11,950 මෙයට කියන වෙනත් පද නම් ක්‍රිස්තු විඥානය, ක්‍රිෂ්ණ විඥානය 332 00:49:17,220 --> 00:49:18,220 බුද්ධ සොබාවය හෝ සහජ සමාධිය. සහජ සමාධියෙදී, ඇතුලාන්ත නියම සොබාවය 333 00:49:26,680 --> 00:49:27,680 එකට පවතිනවා සම්පුර්ණ මනුෂ්‍ය කෘත්‍යයන්ගේ භාවිතය සමග. මේ නිශ්චලතාව 334 00:49:33,670 --> 00:49:34,670 වෙනස් වන්නාවූ සියලු සංසිද්ධීන්ගේ සර්පිලය මධ්‍යයේ නොසෙල්වී පවතිනවා 335 00:49:38,580 --> 00:49:39,580 සිතිවිලි, හැඟීම්, දැනීම් හා ශක්තිය එහි පරිධිය දෙසට වන්න කැරකෙමින් පවතිනවා 336 00:49:45,630 --> 00:49:46,630 නමුත් නිසල සොබාවය හෝ මූල චිත්තය භාවනාවේදී වගේම බාහිර ක්‍රියාකාරකම් වලදී පවතිනවා 337 00:49:54,130 --> 00:49:55,130 ප්‍රභාස්වර සොබාවය ගැඹුරු නින්දේදී පවා පවතින්න පුළුවන් 338 00:50:02,680 --> 00:50:03,680 මූල චිත්තය වෙනස් වන්නේ නැහැ විඥානයන්ගේ මට්ටම් 339 00:50:11,800 --> 00:50:12,800 වෙනස් වුනත් 340 00:50:20,420 --> 00:50:21,420 මේ යෝගී නින්දයි 341 00:50:24,660 --> 00:50:25,660 හෙබ්‍රෙව් බයිබලයේ හෙවත් පරණ ගිවිසුමේ එන ගිතයන්ගේ ගිතයේදී හෙවත් සොලොමන්ගේ ගිතයේදී 342 00:50:29,970 --> 00:50:30,970 මෙසේ එය දැක්වෙනවා , මම නිදනවා, නමුත් මගේ හදවත් අවදියෙන්. මේ අමරණිය 343 00:50:40,010 --> 00:50:41,010 අපක්ෂපාති විඥානය ක්‍රිස්තුස් වහන්සේගේ වචන වල මෙසේ පිළිබිඹු වෙනවා 344 00:50:47,040 --> 00:50:48,040 ආබ්‍රහම්ට පෙර පැවතියේ, මම 345 00:50:56,289 --> 00:50:57,289 එක විඥානයක් විවිධ අපරිමාන මුහුණු හරහා දිලිසුනු, අපරිමාන රූපයන් 346 00:51:16,470 --> 00:51:17,470 මුලින් එය දුබල ගිනි පුපුරක්, ඔබතුල වූ ප්‍රතිවිරුද්ධතාවන්ගෙන් පැනනැගුනු 347 00:51:22,640 --> 00:51:23,640 එදිරිගාමි පුරුෂ විඥානය, යටත් වීමක් නැතහොත් ස්ත්‍රී ශක්තියේ විවර වීම සමග 348 00:51:29,160 --> 00:51:30,160 එය බොහොම සියුම්, පහසුවෙන් නැතිවන සුළු, සහ කෙනෙක් බොහොම පරිස්සම් වෙන්න ඕන එය 349 00:51:36,089 --> 00:51:37,089 නොනැසී පවත්වාගන්න එය මුහුකුරා වැඩෙන තුරු 350 00:51:43,800 --> 00:51:44,800 සමාධිය කියන්නේ අකාලික විඥාන මට්ටමක් හා දිග හැරෙන විපාක ක්‍රියාවලියක් 351 00:51:50,850 --> 00:51:51,850 එකට පැවතීමක්. කාලය සමග වැඩෙන ජයිවීය යමක් 352 00:52:04,520 --> 00:52:05,520 කෙනෙක් සමාධියේ කාලය ගත කරන තරමට, එනම් වර්තමානය, අකාලිකයේ සිටින තරමට 353 00:52:13,990 --> 00:52:14,990 කෙනෙක් සිය හදවතින්, ආත්මයෙන් උපදෙස් ගන්නවා, කොන්දේසිගත 354 00:52:22,520 --> 00:52:23,520 මමත්ව ව්‍යුහයෙන් එසේ ගැනීම අඩු වී යනවා 355 00:52:28,810 --> 00:52:29,810 මෙහෙමයි කෙනෙක් සිය අධම මනසින් නිදහස් වන්නේ, රෝගී චින්තනයෙන් නිදහස් වන්නේ 356 00:52:38,410 --> 00:52:39,410 ඇතුලාන්ත ස්නායුජ සැකැස්ම වෙනස් වෙනවා.ශක්තිය තව දුරටත් පැරණි කොන්දේසිගත ව්‍යහයේ 357 00:52:45,109 --> 00:52:46,109 අවිඥානිකව ප්‍රවාහයේ යෙදෙන්නේ නැහැ. එනම් කෙනෙක් පුද්ගල සඥාවෙන් හා බාහිර සතර මහාභූත ලෝකයෙන් තවදුරටත් 358 00:52:51,859 --> 00:52:52,859 හඳුනා ගැනෙන්නේ නැහැ කියන එක කියන වෙනත් විදියක් 359 00:53:10,920 --> 00:53:11,920 සමාධිය සාක්ෂාත් කරගැනීම සඳහා කොතරම් වීරියක් ඕනද කියනවා නම්, එය 360 00:53:17,309 --> 00:53:18,309 කෙනෙක්ගේ පුද්ගලත්වය සම්පුර්නයෙන් යටත් කරදීමක්. ඒවගේම කොතරම් යටත් වීමක්ද කියතොත් එයට 361 00:53:24,720 --> 00:53:25,720 කෙනෙක්ගේ භවයේ සම්පුර්ණ විරියම අවශ්‍ය වෙනවා. එය විරිය හා යටත් වීම 362 00:53:33,869 --> 00:53:34,869 අතර තුලනයක්, යින් සහ යැන්. වෑයමකින් තොර වීරිය කිරීමක් වගේ දෙයක් 363 00:53:47,430 --> 00:53:48,430 ඉන්දියානු අධ්‍යාත්මවේදී හා යෝගියෙක් වන පරමහම්සා රාමක්‍රිෂ්ණා කිව්වා 364 00:53:55,330 --> 00:53:56,330 ඔබ හිස ගිනි ගත්තෙක් ජල පොකුණක් සොයන්න වගේ වීරියක් යොදන්න බැරි නම් සත්‍යාවබෝධය සෙවීම කරන්න එපා කියල 365 00:54:02,620 --> 00:54:03,620 ඔබ ඔබේ සැම දෙයකින්ම එය සෙවිය යුතුයි 366 00:54:06,360 --> 00:54:07,360 කෙනෙකුගේ අධිගම ක්‍රියාවලිය උදෙසා ඉතා විශාල දහිරියක් , විචක්ෂණශීලිබවක් සහ 367 00:54:12,840 --> 00:54:13,840 අත නොහැරීමක් අවශ්‍යයි කළලය ජීවත්ව තියාගන්න. ලෝකයේ රටාවන්ට යලිදු නොවැටෙන්නට 368 00:54:21,850 --> 00:54:22,850 පටිසොතගාමි වෙන්නට, නොමැඩිය හැකිවා වගේ පෙනෙන මාර යාන්ත්‍රනයේ පීඩනයට එරෙහිව යන්නට 369 00:54:28,120 --> 00:54:29,120 සංසාර රෝදයට පෑගී යට නොවන්නට ඇති විශාල උවමනාවක් අවශ්‍යයි. හැම හුස්මක්ම 370 00:54:35,590 --> 00:54:36,590 හැම සිතුවිල්ලක්ම, හැම ක්‍රියාවක්ම ප්‍රභාෂ්වර චිත්තය මතු කර ගැන්ම සඳහාම වෙන්න ඕන. සමාධිය 371 00:54:43,870 --> 00:54:44,870 සාක්ෂාත් වෙන්නේ වීරියක් ඇතිවත් නෙමෙයි, නැතිවත් නෙමෙයි, විරිය ඇතිකම හා නැතිකම දෙකම ඉවත හලන්න ඕන 372 00:54:51,490 --> 00:54:52,490 එය මනස තුල පවතින ද්වතා ධර්මයක් විතරයි. සමාධියේ යථා සාක්ෂාත් කර ගැන්ම හරි පහසුයි 373 00:54:59,380 --> 00:55:00,380 එය වෙනම හඳුනාගන්න නොහැකියි, එනිසාම සහජයෙන්ම ද්වතාමය වූ භාෂාව 374 00:55:05,440 --> 00:55:06,440 තුලින් ඊට සාධාරණයක් වන්නේ නැහැ. එක් පෞරාණික විඥානයක් පවතිනවා 375 00:55:12,610 --> 00:55:13,610 ලෝකය ලෙසින් උදාවන, එය මනසේ විවිධ ස්ථරවලින් වැසී පවතිනවා. වලාකුළු 376 00:55:21,160 --> 00:55:22,160 වලින් වැසුනු ඉර වගේ මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට කෙනෙකුගේ 377 00:55:27,610 --> 00:55:28,610 භවමූලය නිරාවරණය වෙනවා 378 00:55:33,180 --> 00:55:34,180 මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට මනසේ, මිනිසුන් එය විවිධ සමාධි ලෙස පෙන්වා දෙනවා 379 00:55:39,480 --> 00:55:40,480 ඔවුන්ගේ එක එක අත්දැකීම හෝ විවිධ සංසිද්ධිවලට ඔවුන් එක එක පදවලින් නාමකරණය කරනවා 380 00:55:55,010 --> 00:55:56,010 නමුත් සමාධිය කොතරම් සරලද කියතොත් එය කුමක්ද කියල හා කොහොමද ලබාගන්නේ කියල ඔබට කවරෙක් හෝ කියන කොට 381 00:56:00,290 --> 00:56:01,290 ඔබේ මනට එය හැම අවස්ථාවකම ගෝචර වන්නේ නැහැ 382 00:56:05,170 --> 00:56:06,170 ඇත්තටම සමාධිය සරලත් නැහැ අමාරුත් නැහැ, මනස පමණයි එය එසේ කරවන්නේ 383 00:56:13,040 --> 00:56:14,040 මනස නොමැතිනම්, ප්‍රශ්නයකුත් නැහැ, මනස තමයි නවතින්න ඕන දෙය 384 00:56:19,850 --> 00:56:20,850 එය සාක්ෂාත් කරන්න කලින්. එය සිදුවෙන යම් සංසිද්දියක් හෙම නෙමෙයි 385 00:56:36,880 --> 00:56:37,880 සමාධිය ගැන කෙටිම ඉගැන්වීම සමහරවිට මම වාක්‍ය කාණ්ඩයේ තියෙනවා ඇති 386 00:56:44,170 --> 00:56:45,170 නිසල වන්න සහ දැනගන්න 387 00:56:59,190 --> 00:57:00,190 අපි කොහොමද වචන හා පින්තුර යොදාගන්නේ නිශ්චලතාව පෙන්වන්න. අපි කොහොමද නිහඬබව 388 00:57:05,490 --> 00:57:06,490 පෙන්වන්නේ ශබ්ද නැගීමෙන්. සමාධිය ගැන බුද්ධිමය සංකල්පයක් ලෙස 389 00:57:12,869 --> 00:57:13,869 කතා කරනවට වඩා, මෙම සිනමාපටය ක්‍රියානොකිරීම වෙනුවෙන් කරන රැඩිකල් කැඳවීමක්. භාවනාවට, ඇතුලාන්ත 390 00:57:22,740 --> 00:57:23,740 නිශ්ශබ්දතාවක්, ඇතුලාන්ත යාතිකාවක් වෙනුවෙන් කැඳවීමක්. නවතින ලෙසට කරන කැඳවීමක් 391 00:57:38,420 --> 00:57:39,420 රෝගී මමත්ව මනසින් දිවෙන සියලු දේ නවත්වන්න 392 00:57:46,270 --> 00:57:47,270 නිසල වන්න හා දැනගන්න 393 00:57:54,470 --> 00:57:55,470 කාටවත් කියනන් බැහැ නිශ්චලතාව තුලින් මතු වන්නේ කුමක්ද කියා 394 00:57:59,910 --> 00:58:00,910 එය අධ්‍යාත්මික හදවතින් ක්‍රියාකරන්න කරන කැඳවීමක් 395 00:58:21,500 --> 00:58:22,500 එය ඉතා පැරණි යමක් මතක් කරනවා වගේ. ආත්මය අවදි වෙලා තමන්වම යලි මතක් කර ගන්නවා 396 00:58:30,050 --> 00:58:31,050 එය නිදාගෙන සිටි මගියෙක් වෙලා සිටියා, නමුත් දැන් ශුන්‍යතාව අවදි වෙලා තමන්ව 397 00:58:37,260 --> 00:58:38,260 හැමදෙයක් ලෙසින්ම තහවුරු කරගන්නවා 398 00:58:44,390 --> 00:58:45,390 ඔබට ප්‍රාථමික මමත්ව මනසකින් සමාධිය පරිකල්පනය කරන්න බැහැ, හරියට 399 00:58:50,869 --> 00:58:51,869 අන්ධයෙකුට වර්ණ ගැන විස්තර කරනන් බැහැ වගේ. ඔබේ මනසට එය දැනගන්න බැහැ. එයට 400 00:58:57,500 --> 00:58:58,500 සමාධිය නිපදවන්න බැහැ. සමාධිය සාක්ෂාත් කරනවා කියන්නේ වෙනස් විදියකට දකින එක 401 00:59:06,559 --> 00:59:07,559 වෙන් වෙන් දේවල් දකින්න නෙමෙයි, දකින්නාව හඳුනාගන්න 402 00:59:15,360 --> 00:59:16,360 අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් කිව්වා ඔබ දකින්න හදන දේ තමයි, දැකීම සිද්ද කරන්නේ කියල 403 00:59:24,840 --> 00:59:25,840 ඔබ හඳ දැක්ක පසු එය, හඳේ කුමන පරවර්තනයෙන් වුනත් එය හඳුනා ගත හැකිය. නියම අනන්‍යතාව 404 00:59:34,290 --> 00:59:35,290 හැමදාම පැවතියා, එය හැමදෙයක් තුලම තියෙනවා, නමුත් ඔබ එහි පැවැත්ම හඳුනා ගත්තේ නැහැ 405 00:59:43,070 --> 00:59:44,070 ඔබ මනස හා දැනීම් වලින් ඔබ්බට ඔබේ යතා ස්වරුපය හැඳින ගෙන ඊට අනුගත වන්න ඉගෙන ගත්විට 406 00:59:50,750 --> 00:59:51,750 ඉතාම උදාසින දෙයක උනත් සන්තුෂ්ටිය අත්දකින්න ඔබට පුළුවන්. අපි සන්තුෂ්ටියට පත්වෙනවා 407 01:00:08,720 --> 01:00:09,720 ආසාවන්ගෙන් නිදහස් වන්න උත්සහ කරන්න එපා, මොකද ආසාවන්ගෙන් නිදහස් වෙන්න තියෙන ආසාවත් 408 01:00:15,530 --> 01:00:16,530 ආසාවක්. ඔබට නිසල් වන්නට බැහැ , මොකද ඔබේ විරියම චලනයක් 409 01:00:26,020 --> 01:00:27,020 නිසල බව හැම විටම පවතින බව හඳුනගන්න 410 01:00:34,570 --> 01:00:35,570 නිසල වන්න සහ දැනගන්න 411 01:00:38,840 --> 01:00:39,840 සියලු ප්‍රියතා බිම දැමුණු විට මූලප්‍රභවය මතුවේවි, නමුත් ඊටත් ඇලෙන්න එපා 412 01:00:45,140 --> 01:00:46,140 පරම සත්‍යය, ඩාඕ කියන්නේ එකත් නෙමෙයි දෙකැහැ නෙමෙයි. රමණ මහශ්‍රි කිව්වා 413 01:00:57,140 --> 01:00:58,140 ආත්මය ඒකීයයි, එය සිමිත් වුනොත් එය මමත්වය වේ, අසීමිත වුනොත් එය අනන්තාඅපරිමාන හා 414 01:01:07,580 --> 01:01:08,580 පරම සත්‍යය වේ. ඔබ කිව්වා දේ විශ්වාස කරොත් ඔබට එය මග හැරෙනවා 415 01:01:20,750 --> 01:01:21,750 ඔබ අවිශ්වාස කරොත් ඒත් එය මග හැරෙනවා. විශ්වාසය හා අවිශ්වාසය මනසේ 416 01:01:27,500 --> 01:01:28,500 මට්ටමෙන් ක්‍රියාත්මක වන්නක්. ඊට යම් දැන ගැනීමක් අවශ්‍ය කරනවා, නමුත් ඔබ ඔබගේම විමසුමකට යොමුවුනොත් 417 01:01:34,900 --> 01:01:35,900 ඔබේ පැවැත්මේ සියලු අංශ විදර්ශනා කරොත්, විදර්ශනාව කරන්නේ කවුද කියල 418 01:01:40,370 --> 01:01:41,370 සොයා ගත්තොත්, ඔබ "මගේ කැමැත්ත නොව, උත්තම අකමැත්ත සිදුවේවා" කියන මුලධර්මයට අනුගතව ජිවත් වන්න කැමති උනොත් 419 01:01:46,340 --> 01:01:47,340 ඔබ සියලු දැනගැනීම් ඉක්මවා ගමන් කරන්න කැමති නම්, ඔබට පුළුවන් වනු ඇති 420 01:01:53,540 --> 01:01:54,540 මම ඔබට එව බලව කියල පෙන්වන්න හදන දේ කුමක්ද කියල. එවිට පමණයි ඔබට ඔබව විඳින්න හැකි වන්නේ 421 01:01:59,600 --> 01:02:00,600 හුදු පැවැත්මේ වන තියුණු ගුප්තබව හා සුන්දරත්වය විඳින්න හැකි වන්නේ 422 01:02:08,450 --> 01:02:09,450 ජීවිතය සම්බන්ධව සිදුවිය හැකි තවත් දෙයක් තියෙනවා. පුජනිය යමක්, අචින්ත්‍ය 423 01:02:16,070 --> 01:02:17,070 ඔබේ භවයේ නිසල් පතුලේ පමණක් සොයාගත හැකි, සංකල්පයන් ඉක්මවූ 424 01:02:22,570 --> 01:02:23,570 මුලධර්ම ඉක්මවූ, කොන්දෙසිගත ක්‍රියාකාරකම් හා සියලු ප්‍රියතාවන් ඉක්මවූ 425 01:02:33,920 --> 01:02:34,920 එය ක්‍රමවේදවලින්, චාරිත්‍ර, ක්‍රියාකාරකම් වලින් ලබාගන්න බැහැ. එය ලබාගන්නේ මෙහෙමයි කියල දෙයක් නැහැ 426 01:02:41,410 --> 01:02:42,410 විශේෂ ක්‍රම රටාවක් නැහැ. මාර්ගය සඳහා මාර්ගයක් නැහැ. සෙන් බුදුදහමේ කියන පරිදි 427 01:02:54,140 --> 01:02:55,140 එය නම් ඔබ ඉපදෙන්න පෙර වූ ඔබේ නියම මුහුණුවර හඳුනාගැනීමයි 428 01:03:01,160 --> 01:03:02,160 එය ඔබට තවත් යමක් එකතු කිරීමක් නෙමෙයි. එය තමන්ටම ආලෝකයක් වීමයි 429 01:03:10,010 --> 01:03:11,010 මම කියන මායාව දුරු කරන ආලෝකයක්. ඔබේ ජීවිතය අසංතෘප්ත වනු ඇති 430 01:03:20,210 --> 01:03:21,210 ඔබේ හදවත අවිවේකි වනු ඇති, ඒවා නමකින් හා රූපයකින් ඔබ්බෙහි වූ 431 01:03:26,960 --> 01:03:27,960 එම ගුප්ත ස්ථානයේ විවේක ගන්නා තෙක්