WEBVTT 00:00:51.030 --> 00:00:52.030 අතීතයේ සිට අද දක්වාම ලෝකයේ සිටි ශ්‍රේෂ්ටතම අධ්‍යාත්මික ගුරුවරු සියල්ලෝම එක මතයක සිටියා 00:00:56.700 --> 00:00:57.700 එනම් අපේ භවය පිලිබඳ ගැඹුරුම සත්‍යය, අයිති දෙයක් නොවෙයි 00:01:01.620 --> 00:01:02.620 එක ආගමකට හෝ අධ්‍යාත්මික සම්ප්‍රදායකට, නමුත් සොයා ගත හැකියි 00:01:06.780 --> 00:01:07.780 සෑම පුද්ගලයෙකුගේම හදවතේ 00:01:20.510 --> 00:01:21.510 රූමි නමැති කවියා කිව්වා, සඳ පායන්නේ හෝ බැසයන්නේ නැති තැන කොහිද? 00:01:28.880 --> 00:01:29.880 අපි සමග සිටින හා නොසිටින ඒ ආත්මය කොහිද? ඒක මෙතන හෝ අතන කියල කියන්න එපා 00:01:36.580 --> 00:01:37.580 මුළු ලෝකයම එයයි. නමුත් ඒ දැකගතහැකි ඇස් වලට පමණයි 00:02:49.770 --> 00:02:50.770 බයිබලයේ එන බාබෙල්ගේ කොත පිලිබඳ කතාවේ මනුෂ්‍යවර්ගයා ගණන් කල නොහැකි තරම් කණ්ඩායම් ගණනකට කැඩුනා 00:02:55.350 --> 00:02:56.350 භාෂාවන්, ඇදහිලි, සංස්කෘති සහ ප්‍රියතාවන් වශයෙන්. වචනයේ අර්ථයෙන්ම බාබෙල් කියන්නේ දෙවියන්ගේ දොර 00:03:04.250 --> 00:03:05.250 මේ දොර තමයි අපේ සිතිවිලි කියාත්මක වන සිත, අපේ කොන්දෙසිගත ව්‍යුහය 00:03:15.510 --> 00:03:16.510 තමන්ගේ නියම ස්වරූපය, නම හෝ රූපයෙන් එපිට පවතින සාරය, හඳුනාගත් අය 00:03:22.110 --> 00:03:23.110 එම දොරෙන් එපිටට තියෙන්නේ කුමක්ද කියා දැනගැනීම කරා පියමනිනවා 00:03:35.250 --> 00:03:36.250 පැරණි උපමා කතාවක් වන අලියා පිලිබඳ උපමාව යොදාගෙන තිබෙනවා 00:03:43.080 --> 00:03:44.080 විවිධ සම්ප්‍රදායන් එකම පරම සත්‍යයක් පෙන්වා දෙන ආකාරය පැහැදිලි කරන්න, අන්ධ මිනිසුන් පිරිසක් 00:03:50.490 --> 00:03:51.490 එක් එක්කෙනා අලියාගේ වෙන වෙන කොටස් අත ගා බලා, විවිධ දෘෂ්ටින්ට පත්වෙනවා 00:03:56.280 --> 00:03:57.280 අලියා කියන්නේ කුමක්ද යන වගට. අලියාගේ කකුල ළඟ සිටගෙන සිටින කෙනා කියනවා 00:04:04.020 --> 00:04:05.020 අලියා ගහක් වගේ කියල, අලියාගේ නැට්ට ළඟ සිටින කෙනා කියනවා අලියා 00:04:11.400 --> 00:04:12.400 ලණුවක් වගේ කියල, හෙල්ලක් වගේ කියල කියනවා දළ ළඟ සිටින මිනිසා. 00:04:20.489 --> 00:04:21.489 කෙනෙක් අලියාගේ කන ඇල්ලුවොත්, අලියා කුල්ලක් වගේ 00:04:26.000 --> 00:04:27.000 අලියාව පැත්තකින් අල්ලන කෙනාට සහතිකයි අලියා බිත්තියක් වගේ කියල 00:04:34.340 --> 00:04:35.340 ගැටලුව තමයි අපි අලියාගේ අපිට අදාළ කොටස අල්ලගෙන, අපේ අත්දැකීම 00:04:39.980 --> 00:04:40.980 පමණයි එකම සත්‍යය කියල විශ්වාස කරන එක අපි පිළිගන්නේ හෝ නිසි ගරුත්වයක් දෙන්නේ නැහැ එක් එක් පුද්ගලයාගේ 00:04:47.510 --> 00:04:48.510 අත්දැකීම එකම සත්වයාගේම වෙනස් පැතිකඩක් කියලා 00:05:16.680 --> 00:05:17.680 Perennial philosophy කියන්නේ සියලු අධ්‍යාත්මික සහ 00:05:22.250 --> 00:05:23.250 ආගමික සම්ප්‍රදායන් එකම විශ්වීය සත්‍යයක් පොදුවේ පරිහරණය කරන බව කියන අදහසයි 00:05:29.000 --> 00:05:30.000 එනම් සියලුම අධ්‍යාත්මික දැනුමේ හා ඉගැන්වීම් වල ප්‍රගමණය උදෙසා පදනම සැපයූ 00:05:34.610 --> 00:05:35.610 ගුප්ත හා අධිගමණයට හේතුවන සත්‍යය 00:05:45.920 --> 00:05:46.920 ස්වාමි විවේකානන්ද මේ අදහස මෙලෙස සාරාංශකොට පෙන්නවා දුන්නා 00:05:52.400 --> 00:05:53.400 ආත්මයේ සිටින දෙවියා හඳුනා ගැනීම තමයි, සියලුම ආගම් වල අවසානය.ඒක තමයි එකම විශ්වීය ආගම 00:05:59.870 --> 00:06:00.870 මේ සිනමා පටයේ අපි දෙවියන් කියන වචනය භාවිත කරන්නේ හුදු සංකේතයක් ලෙස පමණයි 00:06:08.300 --> 00:06:09.300 සීමාන්තික මමත්ව මනසෙන් එපිට පවතින ගුප්තවූ අධිගමන මට්ටම පෙන්වා දීම සඳහා 00:06:16.160 --> 00:06:17.160 කෙනෙකුගේ නියම හෙවත් ආවේනික ස්වරූපය සාක්ෂාත් කරගන්නවා කියන්නේ, ඔහුගේ දිව්‍යමය ස්වරූපය සාක්ෂාත් කරගත්තා කියන එකයි 00:06:23.870 --> 00:06:24.870 සෑම ප්‍රාණියෙකුටම තිබෙනවා නව උත්තම විඥානයක් විද්‍යාමාන කිරීමේ විභවය අවදි වෙන්න 00:06:31.310 --> 00:06:32.310 ඔවුන්ගේ නින්දෙන් හා තම බාහිර රූපය මගින් තමාව හඳුනා ගැනීමෙන් 00:07:04.170 --> 00:07:05.170 "Brave New World" නමැති පොත නිසා ප්‍රසිද්ධියට පත් ඇල්ඩස් හක්ස්ලි 00:07:11.380 --> 00:07:12.380 "The Perennial Philosophy" නමැති තවත් පොතක් රචනා කරා ඔහු එහි සඳහන් කරනවා 00:07:16.390 --> 00:07:17.390 එක ඉගැන්වීමක් පිළිබඳව, එම ඉගැන්වීම ප්‍රත්‍යක්ෂ කල අයට අදාළ සංස්කෘතියේ මුහුණුවරින් 00:07:22.270 --> 00:07:23.270 ඉතිහාසයේ යලි යලිත් මතුවන. අධ්‍යාත්මය කෙරෙහි වන පොදු විශ්වීය පදනමක් පිළිබඳ දාර්ශනික චින්තනය 00:07:29.020 --> 00:07:30.020 ඉතාම කෙටියෙන් හා පැහැදිලිව විස්තර කෙරෙනවා, "තත් ත්වම් ආසි", "ඔබ තමයි එය" කියන සංස්කෘත වැකියේ 00:07:36.400 --> 00:07:37.400 ආත්මය හෝ අන්තර්ගත සදාකාලික අනන්‍යතාව, අධිගමණය හා ඒකීයයි 00:07:45.130 --> 00:07:46.130 පැවැත්මේ නිරපේක්ෂ මූලධර්මය, සෑම මනුෂ්‍යයෙකුගේම නිමාවේ අග 00:07:50.830 --> 00:07:51.830 තමන් විසින්ම යතාර්ථය හෙළිදරව් කරගැනීමයි. ඔහු හෝ ඇය කවුද කියල හරියටම සොයා ගැනීම 00:08:06.419 --> 00:08:07.419 එක් එක් සම්ප්‍රදාය කියන්නේ එකම මැණිකක විවිධ පැති වගේ, පරාවර්තනය කරන එක්තරා ආවේනික දෘෂ්ටියක් 00:08:12.939 --> 00:08:13.939 එකම සත්‍යයක එලෙසම ඒවා එක එකක් යලි පරාවර්තනය කරමින්, දීප්තිමත් කරමින් පවතිනවා 00:08:19.830 --> 00:08:20.830 කුමන භාෂාවක් හෝ සංකල්පීය රාමුවක ක්‍රියාත්මක වුණත් 00:08:26.080 --> 00:08:27.080 පොදු විශ්විය පදනමක් විදහා දක්වන සියලු ආගම්වල පවතිනවා යම් පොදු අදහසක් 00:08:31.029 --> 00:08:32.029 අපේ සීමාවන් ඔබ්බෙහි වන, උත්තම යමක් හා ඒකාත්මක වුණු 00:09:08.860 --> 00:09:09.860 අපිට පුළුවන් විවිධ ප්‍රභවයන්ගෙන් ඉගෙනගන්න හා ගතයුත්ත උකහා ගන්න එම 00:09:15.230 --> 00:09:16.230 ප්‍රභවයන්ට අයිති නොවී සියලු සැබෑ අධ්‍යාත්මික ඉගැන්වීම් කොටින්ම 00:09:22.610 --> 00:09:23.610 එකම විමුක්ති සත්‍යයක් දෙස මග කියන විවිධ ඇඟිලි ලෙස පැවසෙනවා 00:09:28.940 --> 00:09:29.940 අපි අපිට හුරුපුරුදු නිසා පහසු නිසා අපේ කියාගන්න එකම ඉගැන්වීමක එල්බගෙනම හිටියොත් 00:09:34.730 --> 00:09:35.730 අපේ අධ්‍යාත්මික පරිණාමය ඇනහිටිනවා ඕනෑම සංකල්පයක් එහා ගිය සත්‍යය සාක්ෂාත් කරනවා කියන්නේ 00:09:42.650 --> 00:09:43.650 සියලුම ඇලීම් ගැලීම් අතහැරීමයි, සියලුම ආගමික සංකල්ප අතහැරෙන්නට ඉඩදීමයි 00:09:53.680 --> 00:09:54.680 මමත්වයේ කෝණයෙන් බලද්දී සමාධියට මග පෙන්වන ඇඟිල්ල 00:09:59.860 --> 00:10:00.860 මග පෙන්වන්නේ පතුලක් නැති අගාධයකට 00:10:05.630 --> 00:10:06.630 ශාන්ත ජෝන් එකවරක් කිව්වා, තමන් යන මාර්ගය ගැන තමන්ට සහතික වෙන්න අවශ්‍ය නම් 00:10:11.660 --> 00:10:12.660 ඇස් දෙක වහගෙන කළුවරේ යායුතුයි කියලා 00:10:50.660 --> 00:10:51.660 සමාධිය පටන් ගන්නේ නොදන්නා ඉසව්වකට පැනීමෙන් 00:11:08.360 --> 00:11:09.360 ඉපැරණි සම්ප්‍රදායන්වල කියවෙනවා සමාධිය සාක්ෂාත් කරගන්න නම් කෙනෙක් 00:11:14.269 --> 00:11:15.269 අවසාන වශයෙන් තම විඥානය දන්නා සියළුම වස්තූන්ගෙන් ඉවතට හරවන්න ඕන කියල 00:11:20.449 --> 00:11:21.449 සියලු බාහිර සම්බූතයන්ගෙන් ඉවතට, කොන්දේසිගත සිතිවිලි හා සංවේදනාවල සිට තම විඥානය දෙසට 00:11:27.519 --> 00:11:28.519 ඇතුලාන්ත ප්‍රභවය දෙසට, කෙනෙකුගේ පැවැත්මේ හදවත හෝ සාරය දෙසට මේ සිනමා පටයේ 00:11:36.980 --> 00:11:37.980 අපි සමාධිය කියන වචනය භාවිතා කරන විට අපි අදහස් කරන්නේ අධිගමණයේ මුදුන් පෙත්ත 00:11:42.290 --> 00:11:43.290 නිර්විකල්ප සමාධිය/ නිරෝධ සමාපත්තිය කියල හඳුන්වන සමාධිය 00:11:53.010 --> 00:11:54.010 නිර්විකල්ප සමාධියේදී/ නිරෝධ සමාපත්තියේදී සියළුම මිනිස් ක්‍රියාකාරිත්වය නවතිනවා 00:11:59.160 --> 00:12:00.160 සියලු සෙවීම්, සියලු කිරීම් නවතිනවා අපි කතාකරන්න පුළුවන් අපි ඊට ලඟාවෙනවිට ඉවත හැළෙන දේ ගැන පමණයි 00:12:06.149 --> 00:12:07.149 සහ අපි නැවත පැමිණෙන විට යලි මතුවන දේ ගැන පමණයි එහි දෘෂ්ටියක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ 00:12:13.199 --> 00:12:14.199 එහි දෙයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ එහි විඥානයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ 00:12:21.000 --> 00:12:22.000 එය නිරපේක්ෂයි, ගුප්තයි, සාමාන්‍ය මනසට ගෝචර නැහැ 00:12:34.089 --> 00:12:35.089 නැවත සිය ක්‍රියාකාරකම් අරඹන විට, යම් නොදැනීමක් පවතිනවා, හරියට අලුතින් ඉපදුණා වගේ 00:12:39.920 --> 00:12:40.920 සහ හැමදේම නැවත අලුත් වෙනවා, අපිට ඉතුරු වෙනවා දීව්‍යමය සුගන්ධය 00:12:46.220 --> 00:12:47.220 මාර්ගයේ ඉහලට පරිණාමය වන්න වන්න, එම සුගන්ධය රැඳී පවතින කාලයත් වැඩි වෙනවා 00:13:02.040 --> 00:13:03.040 පැරණි සම්ප්‍රදායන්වල විස්තර වෙනවා විවිධ විවිධ සමාධි වර්ග පිලිබඳව සහ 00:13:07.110 --> 00:13:08.110 භාෂාව අතීතය පුරාවටම නොයෙක් පැටලිලි ඇති කරලා තියෙනවා 00:13:13.570 --> 00:13:14.570 අපි සමාධිය කියන වචනයෙන් අදහස කරන්න තෝරගන්නෙම අධිගමණයේ මුදුන් පෙත්ත නමුත් අපිට හැකිව තිබුනා 00:13:18.190 --> 00:13:19.190 වෙනත් සම්ප්‍රදායක් භාවිතා කරන්නත් පහසුවෙන්ම. සමාධි කියන්නේ පැරණි සංස්කෘත 00:13:24.790 --> 00:13:25.790 පදයක්, ඉන්දියාවේ වෛදික, යෝග සහ සංක්‍ය සම්ප්‍රදායන් වල එන 00:13:30.970 --> 00:13:31.970 සහ එය වෙනත් අධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට කාන්දු වී තිබෙනවා. සමාධිය අටවෙනි අංගය 00:13:38.410 --> 00:13:39.410 පතන්ජලි යෝගිතුමාගේ අශ්‍ටාංගික යෝග ක්‍රමවේදයේ සහ අටවෙනි මාර්ගාංගය 00:13:42.490 --> 00:13:43.490 බුදුරජාණන්වහන්සේගේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ. බුදුන් නිර්වාණය කියන වචනය යොදාගත්තා 00:13:50.200 --> 00:13:51.200 "වාණ" හෙවත් භවකම්මයන්ගේ නැවැත්ම. 00:13:58.260 --> 00:13:59.260 පතන්ජලි විස්තර කරා යෝගා හෝ සමාධි "චිත්ත ව්රිති නිරෝධ" කියා සංස්කෘතයෙන් 00:14:07.330 --> 00:14:08.330 සුලිය හෝ මනෝමය සර්පිලයෙහි නැවැත්ම යන තේරුම දෙන 00:14:16.470 --> 00:14:17.470 එනම් මනසෙන් නිර්මිත ගෝතකර්මයෙන් හෙවත් සම්පුර්ණ දැලෙන්ම, විඥාණය ලිහා නිදහස් කර ගැනීම 00:14:50.040 --> 00:14:51.040 සමාධිය කිසිදු සංකල්පයක් උලුප්පා දක්වන්නේ නැහැ, මොකද සමාධිය සාක්ෂාත් කරගන්නට 00:14:56.439 --> 00:14:57.439 සංකල්පිය මනස අත්හැරීම අවශ්‍ය වෙනවා 00:15:02.010 --> 00:15:03.010 විවිධ ආගම් විවිධ වචන යොදාගත්තා දෙවියන් හා යාවීම විස්තර කරන්න 00:15:08.519 --> 00:15:09.519 ඇත්තෙන්ම religion කියන වචනයම එවැනි සමාන අර්ථයක් දෙනවා. ලතින් බසින් "religare" 00:15:16.690 --> 00:15:17.690 කියන්නේ යළි-බැඳෙන්න හෙවත් යාවෙන්න. ඒක සමානයි යෝගා කියන වචනයට 00:15:24.430 --> 00:15:25.430 එහි තේරුම යෝග කරන්න හෙවත් එකට බඳින්න, එකට යා කරන්න ලෞකිකය හා ලෝකෝත්තරය ඉස්ලාම් වල 00:15:33.610 --> 00:15:34.610 මෙය ඉස්ලාම් කියන වචනයටම පැරණි අරාබි බස දෙන තේරුමෙන් පැහැදිලි වෙනවා 00:15:39.310 --> 00:15:40.310 එනම් දෙවියන්ට යටත් වීම හෝ දෙවියන් යැදීම ඉන් උලුප්පා දක්වනවා සම්පුර්ණ අතහැරීමක්, යටපත් කිරීමක් 00:15:47.170 --> 00:15:48.170 මමත්ව ව්‍යුහයේ 00:15:52.750 --> 00:15:53.750 ක්‍රිස්තියානි තාපසවරුන් වූ අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස්, අවිලාහි ශුද්ධවූ තෙරේසා 00:16:03.120 --> 00:16:04.120 ශුද්ධවූ ජෝන් විස්තර කරනවා දෙවියන් හා වන දිව්‍යමය ඒකාත්මිකවීමක් ගැන, 00:16:10.149 --> 00:16:11.149 ඇතුලාන්තයේ වන දේව රාජ්‍යය ශුද්ධවූ තොමස්ගේ සුභාරංචියේ, ක්‍රිස්තුස්වහන්සේ කිව්වා දේව රාජ්‍යය එහි හෝ මෙහි නොවෙයි 00:16:19.589 --> 00:16:20.589 නමුත් පියාණන්වහන්සේගේ රාජ්‍යය මිහිමත පුරාම පැතිර පවතිනවා සහ මිනිසුන් එය 00:16:25.569 --> 00:16:26.569 දකින්නේ නැහැ. ග්‍රීක දර්ශනවාදීන්වන ප්ලේටෝ, ප්ලෝටිනස්, පාමෙනිඩිස් 00:16:35.019 --> 00:16:36.019 සහ හෙරක්ලිටස්ගේ අදහස්, විශ්වීය පොදු සත්‍යයක් කියවෙන දැක්මකින් බැලුවොත් 00:16:41.410 --> 00:16:42.410 පෙන්වා දෙන්නේ එකම ඥාණයක් ගැන. ප්ලෝටිනස් උගන්වනවා ශ්‍රේෂ්ටතම මනුෂ්‍ය ව්‍යායාමය වන්නේ 00:16:50.620 --> 00:16:51.620 මනුෂ්‍යය ආත්මය, උත්තරිතර සර්ව සම්පුර්ණ තත්වයට පත්කිරීම හා 00:16:57.129 --> 00:16:58.129 දෙවියන් හා යා කිරීම කියලා 00:17:02.660 --> 00:17:03.660 ඇමරිකාවේ ඉපැරණි ලකෝටා ගෝත්‍රයේ විසූ වෙදැදුරු හා දේවගැති මිනිසෙක් වූ Black Elk පැවසුවා, වඩාත්ම වැදගත් 00:17:10.949 --> 00:17:11.949 උතුම්ම ශාන්තිය වන්නේ, මිනිසුන් විශ්වය හා එහි සියලු බලයන් සමග වූ සම්බන්ධතාවය තහවුරු කරගත්විට හා 00:17:15.900 --> 00:17:16.900 ඒවා සමග ඒකාත්මික වූ විට, මිනිසුන්ගේ ආත්මයන්ගෙන් පැමිණෙන ශාන්තිය කියලා 00:17:21.900 --> 00:17:22.900 විශ්වයේ මධ්‍යයේ ශුද්ධවූ ආත්මය ජිවත් වෙනවා කියලා සහ 00:17:27.870 --> 00:17:28.870 මේ මධ්‍යය හැමතැනම තියෙනවා කියලත්, මේ මධ්‍යය අපි එක් එක්කෙනා තුළ වනබවත් තේරුම් ගන්නා විට පැමිණෙන ශාන්තිය කියලා 00:17:59.370 --> 00:18:00.370 අපි සමාධියේ නොවෙයි නම් සිටින්නේ, අවදිවීමට යන මාර්ගයේදී 00:18:03.720 --> 00:18:04.720 හැමවිටම අන්ත දෙකක් තිබෙනවා, දොරවල් දෙකක් කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් මානයන් දෙකක් 00:18:11.310 --> 00:18:12.310 ප්‍රභාස්වර විඥානය දෙසට එකක් සහ සාරවූ ලෝකය දෙසට එකක් වශයෙන්. පටිසෝතගාමි 00:18:19.650 --> 00:18:20.650 ධාරාව නිරපේක්ෂත්වය දෙසට සහ අනුසෝතගාමි ධාරාව මායාව සහ 00:18:25.680 --> 00:18:26.680 පෙනෙන නොපෙනෙන වශයෙන් විද්‍යාමානව පවතින සියලු දේ දෙසට, සාපේක්ෂත්වය හා 00:18:33.030 --> 00:18:34.030 නිරපේක්ෂත්වය අතර සම්බන්ධතාව සාරාංශ ගත වෙලා තියෙනවා, ශ්‍රී නිසර්ගදත්ත 00:18:37.250 --> 00:18:38.250 මහරාජ් විසින් කියන ලද කියමනක. එනම් ප්‍රඥාව කියන්නේ මම කිසිවක් නෙමෙයි කියල දැනගැනීම, ආදරය කියන්නේ මම තමයි හැමදේම කියල දැනගැනීම සහ 00:18:46.550 --> 00:18:47.550 මේ දෙක අතර මගේ ජීවිතය දෝලනය වෙනවා කියන වග 00:18:54.020 --> 00:18:55.020 මේ සුසංයෝගයෙන් ඉපදෙන්නේ නව දිව්‍යමය විඥානයක්. යමක් උපදිනවා 00:19:01.320 --> 00:19:02.320 මේ එකතුවෙන් හෙවත් ප්‍රතිවිරුද්ධ ධ්රවයන්ගේ සුසංයෝගයෙන්, හෝ ද්වතාවෙන් 00:19:06.890 --> 00:19:07.890 හඳුනා ගැනීමේ බිඳවැටීමෙන්, එහෙත් උපදින්නේ දෙයක් නොවෙයි, එය කවදාවත් ඉපැදුණ දෙයක් නොවෙයි 00:19:18.740 --> 00:19:19.740 විඥානය මල්ඵල දරනවා අළුත් යමක් ඇතිකරවමින්, ඇතිකරවමින් සදාකාලික ත්‍රිත්වය 00:19:25.080 --> 00:19:26.080 කියා හඳුන්වන දෙය 00:19:28.720 --> 00:19:29.720 දෙවි පියාණන්, උත්කෘෂ්ට වූ, දැනගත නොහැකි, වෙනස් නොවන, එකාත්මිකයි 00:19:35.230 --> 00:19:36.230 දේව මාතාව සමග, එනම් වෙනස් වන හැමදේම සමග. මේ එක්වීම ඇතිකරනවා 00:19:43.540 --> 00:19:44.540 ජෛව රසායනික විපර්යාසයක්, එක්තරා විදියක මරණයක් හා පුනරුප්පත්තියක්. 00:19:51.610 --> 00:19:52.610 වෛදික ඉගැන්වීම්වල මේ දිව්‍යමය එක්වීම මූලික බලවේග දෙකකින් නිරූපිතයි 00:19:57.690 --> 00:19:58.690 ශිව හා ශක්ති. දෙවිවරුන්ගේ නම් හා මුහුණු නිතරම වෙනස් වෙනවා 00:20:06.460 --> 00:20:07.460 ඉතිහාසය පුරාවට, නමුත් මූලික ලක්ෂණ නොවෙනස්ව පවතිනවා. මේ එක්වීමෙන් බිහිවන්නේ 00:20:13.990 --> 00:20:14.990 නැවුම් දිව්‍යමය විඥානයක්, ලෝකයේ නව භවයක්. ධ්‍රැව දෙකක් 00:20:22.650 --> 00:20:23.650 වෙන් කල නොහැකි පරිදි ඒකාත්මික වූ. විශ්වීය ශක්තියක් මධ්‍යයක් රහිත, සීමාවක් රහිත 00:20:30.910 --> 00:20:31.910 එය පිරිසිදු ආදරයයි, දිනාගන්න හෝ නැතිකරගන්න දෙයක් පවතින්නේ නැහැ 00:20:35.090 --> 00:20:36.090 මොකද ඒක මුළුමනින්ම ශුන්‍යයි සහ සම්පුර්ණයෙන්ම පිරුණු දෙයක් 00:20:51.130 --> 00:20:52.130 මෙසපොටේමියානු අද්භූත චින්තන ප්‍රවාහයන්, 00:20:57.429 --> 00:20:58.429 බැබිලෝනියානු හා අසිරියානු අධ්‍යාත්මික සම්ප්‍රදායන්, ඉපැරණි ඊජිප්තු ආගම් 00:21:02.460 --> 00:21:03.460 ඉපැරණි අප්‍රිකාවේ නුබියානු හා කෙමටියානු සංස්කෘතීන්, ලොව වටා ශ්‍රමණ හා ප්‍රාදේශීය 00:21:08.080 --> 00:21:09.080 සම්ප්‍රදායාන්, ඉපැරණි ග්‍රීක ගූඩවාදය, ග්නොස්ටිකවාදින් 00:21:15.150 --> 00:21:16.150 ඒකීයවාදී බෞධ්දයන්, ඩාඕ ලබ්ධිකයන්, ජුදෙව්වන්, සොරෝස් ලබ්ධිකයන්, ජෛනයන්, මුසල්මානුවන් 00:21:30.240 --> 00:21:31.240 හෝ ක්‍රිස්තියානි ලබ්ධිකයන් හැමටම පොදු පුරුකක් හොයා ගන්න පුළුවන්. එනම් 00:21:37.030 --> 00:21:38.030 ඉහලම අධ්‍යාත්මික අවබෝධය ලබාදි තිබෙනවා සිය පිළිපදින්නන්ට සමාධිය ලබාගන්න අවස්වථාව 00:21:44.940 --> 00:21:45.940 සමාධි කියන වචනයෙන් හරියටම කියන්නේ සමභාවයක් හෝ හැමදේකම ඒකත්වයක් වැනි දෙයක් 00:21:52.420 --> 00:21:53.420 සාක්ෂාත් කර ගැනීමයි. ඒ කියන්නේ එක්වීමයි. ඔබේ සෑම දෙයක්ම එකට එකතු 00:21:59.920 --> 00:22:00.920 කරගැනීමයි. නමුත් බුද්ධියෙන් මේ කරුණු තේරුම් ගැනීම සමාධිය සැබෑවටම 00:22:07.870 --> 00:22:08.870 සාක්ෂාත් කරා කියල වරදවා වටහා ගන්න එපා. ඒ ඔබේ අකම්ප්‍යබවයි, ඔබේ ශුන්‍යතාව 00:22:16.120 --> 00:22:17.120 ජිවිත සර්පිලයේ සෑම මට්ටමක්ම එකට එකතු කරන 00:22:55.090 --> 00:22:56.090 සමාධිය පිලිබඳ ඉපැරණි ඉගැන්වීම් තුලින් තමයි මනුෂ්‍ය වර්ගයාට 00:23:00.250 --> 00:23:01.250 සියලුම ආගම්වල පොදු මුලාශ්‍රය තේරුම් ගන්න පටන් ගන්නට හැකි වන්නේ සහ 00:23:05.380 --> 00:23:06.380 ජිවිත සර්පිලය හා නැවත සමාන්තර වන්නට හැකි වන්නේ 00:23:13.860 --> 00:23:14.860 මෙම සර්පිලය තමයි කුඩාම ව්‍යුහය සිට අතිමහත් විශ්වය තෙක් විහිදෙන පාලම 00:23:23.380 --> 00:23:24.380 ඔබේ ප්‍රවේණික DNA අණු වලසිට, චක්‍ර තුලින් විහිදෙන ඇතුලාන්ත ශක්ති නෙළුම තෙක් විහිදෙන 00:23:30.630 --> 00:23:31.630 මන්දාකිනිවල සර්පිල බාහු තෙක් විහිදෙන 00:23:35.640 --> 00:23:36.640 ආත්මයේ සෑම මට්ටමක්ම විද්‍යාමාන වෙනවා දිගින් දිගටම පරිනාමය වන ශාඛාවලින් 00:23:42.650 --> 00:23:43.650 ජිවත්වන, ගවේෂණය කරන. නියම සමාධිය කියන්නේ ශුන්‍යතාව සක්ශාත්කරගැනීම 00:23:50.570 --> 00:23:51.570 මමත්වයේ සෑම මට්ටමකම. ආත්මයේ සෑම ආවරණයකම. සර්පිලය කියන්නේ 00:24:00.140 --> 00:24:01.140 ද්වතාවයේ නිරන්තර ක්‍රියාකාරකම් හා ජීවිතය හා මරණය චක්‍රයයි 00:24:08.200 --> 00:24:09.200 අපිට සමහර විට අපේ ප්‍රභවයට ඇති සම්බන්ධතාව අමතක වෙනවා 00:24:19.940 --> 00:24:20.940 අපි දේවල් දකින කන්නාඩිය හරි පටුයි සහ අපි හඳුනාගන්නේ 00:24:27.899 --> 00:24:28.899 පොලව මත බඩගා යන සත්වයෙක්ගේ අනන්‍යතාවකින්, නැවත වරක් සිය ප්‍රභවය වෙත 00:24:33.629 --> 00:24:34.629 චාරිකාවේ යෙදෙන 00:24:37.639 --> 00:24:38.639 සැමතැනම තියෙන මධ්‍යය වෙත 00:24:48.010 --> 00:24:49.010 ශුවං සූ පැවසුවා තවදුරටත් ඒක මේක කියල වෙනසක් නොමැති තැන 00:24:55.060 --> 00:24:56.060 ඩාඕ හෙවත් මාර්ගයේ නිශ්චල තැන කියල. සර්පිලයේ මැද මෙම නිශ්චල තැනේදී කෙනෙක්ට 00:25:02.040 --> 00:25:03.040 කෙනෙකුට සෑමදෙයකම අපරිමාණය දැක ගන්න පුළුවන් 00:25:13.730 --> 00:25:14.730 ඕම් මනි පද්මේ හම් කියන ඉපැරණි මන්ත්‍රයේ කාව්‍යමය අර්ථයක් තියෙනවා, කෙනෙකු අවදි වෙනවා හෝ 00:25:22.960 --> 00:25:23.960 නෙළුම තුළ පිහිටි රත්නය සාක්ෂාත් කරගන්නවා. ආත්මය තුල පවතින සැබෑ සොබාවය අවදිවෙනවා 00:25:31.269 --> 00:25:32.269 ලෝකය තුල පවතින, ලෝකය විලසින් 00:25:50.010 --> 00:25:51.010 හර්මෙටික් සම්ප්‍රදායේ එන, ඉහත පරිදි පහත දැක්වෙන, පහත පරිදි ඉහත දැක්වෙන යන මුලධර්මය භාවිතයෙන් 00:25:57.760 --> 00:25:58.760 මනස හා නිශ්චලතාව අතර සම්බන්ධය තේරුම් ගැනීමට පටන් ගැනීම සඳහා අපිට උපමා සංසන්දනයක් කරන්න පුළුවන් 00:26:03.419 --> 00:26:04.419 සාපේක්ෂ හා නිරපේක්ෂ පරිදි 00:26:12.830 --> 00:26:13.830 සමාධියේ අසංකල්පිය සොබාවය ග්‍රහණය කර ගැනීම සඳහා ඇරඹුමක් 00:26:18.740 --> 00:26:19.740 ලෙස කළු කුහරයක් උපමා ලෙස ගත හැකියි 00:26:24.999 --> 00:26:25.999 කළු කුහරයක් ලෙස සම්ප්‍රදායිකව විස්තර කරන්නේ අවකාශයේ පෙදෙසක් ඇති විශාල 00:26:30.609 --> 00:26:31.609 ගුරුත්ව ක්ෂේත්‍රයක් සහිත, කොතරම් බලවත්ද කිව්වොත් කිසිම ආලෝකයකට හෝ පදාර්ථයකට ඉන් පිටවිය නොහැකියි. අලුත් වාදයන් 00:26:37.209 --> 00:26:38.209 උපකල්පනය කරනවා සියලුම වස්තූන් කුඩා ක්ෂුද්‍ර අංශු වල සිට 00:26:42.809 --> 00:26:43.809 විශ්වය මන්දාකිනි වැනි සුවිසල් ව්‍යහයන් දක්වා සියලු දේ කළු කුහරයක් හෝ 00:26:48.359 --> 00:26:49.359 අද්භූත සමජාතිය යමක් ඒවා මැද පවතින බව. මේ උපමාවේදී අපි යොදාගන්නවා 00:26:55.479 --> 00:26:56.479 කළු කුහරයේ මෙම නව අර්ථකථනය, සැම තැනම මධ්‍යය වශයෙන් 00:27:06.630 --> 00:27:07.630 සෙන් බුදුදහමේ තියෙනවා බොහෝ කවි හා තේරවිලි තිබෙනවා අපිව මුහුණට මුහුණ ලා ගෙනෙන 00:27:13.590 --> 00:27:14.590 දොරක් නැති දොර වෙතට. කෙනෙක් මෙමෙ දොරක් නැති දොර පසු කර යා යුතුයි සමාධිය සාක්ෂාත් කරන්න 00:27:23.590 --> 00:27:24.590 සිද්ධීන් ගෝචර වන සිතිජය කියන්නේ කාල-අවකාශ සන්තතියේ සීමාව, ඉන් පිටත 00:27:30.249 --> 00:27:31.249 සිටින බාහිර නිරික්ෂකයෙකුට, බලපෑම් කල නොහැකි, එනම් මෙම සිතිජයෙන් පිට සිදුවන දේ 00:27:36.070 --> 00:27:37.070 ඔබට දැනගත නොහැකියි. ඔබට පුළුවන් කලුකුහරයක වන්නාවූ මෙවැනි සිතිජයක් 00:27:43.210 --> 00:27:44.210 උපමා කරන්න දොරක් නැති දොරට.එය එක්තරා දේහලීය මට්ටමක් අත්ත හා 00:27:50.470 --> 00:27:51.470 අනත්ත අතර. මේ සිද්ධීන් ගෝචර වන සිතිජය ඉක්මවන මමෙක් නැහැ 00:28:00.890 --> 00:28:01.890 කළු කුහරයක් මැද එක මානයක් පමණක් පවතින ඒකත්වයක් පවතිනවා 00:28:07.010 --> 00:28:08.010 ඉරවල් බිලියන ගණනක ස්කන්ධ ප්‍රමාණය හිතා ගන්නත් බැරි කුඩා අවකාශයක පවතින. 00:28:13.580 --> 00:28:14.580 කොටින්ම අපරිමාණ ස්කන්ධයක්. හරියටම කිව්වොත් විශ්වය කියන්නේ නොගිණිය හැකි තරම් කුඩා 00:28:20.450 --> 00:28:21.450 වැලි කැටයක් වගේ. මේ ඒකත්වය කියන්නේ කාලයෙන් අවකාශයෙන් ඔබ්බෙහි වූ අචින්ත්‍ය යමක් 00:28:27.110 --> 00:28:28.110 භෞතික විද්‍යාවට අනුව චලිතය අභව්‍යයි, දේවල පැවැත්ම 00:28:35.419 --> 00:28:36.419 අභව්‍යයි. මොන දෙයක් සම්බන්ධයෙන් වුනත් එය ඉන්ද්‍රිය ගෝචර ලෝකයට 00:28:40.650 --> 00:28:41.650 අයිති නැහැ, එසේ වුනත් එය හුදු නිශ්චලතාව කියා විස්තර කරන්න බැහැ 00:28:46.140 --> 00:28:47.140 එය චලනය හා නිශ්චලතාවයෙන් එපිට දෙයක්. ඔබ මධ්‍යය අවබෝධ කල විට 00:28:53.880 --> 00:28:54.880 සැමතැනම පවතින හා නොපවතින, ද්වතාව බිඳ වැටෙනවා, රූපහැඩතල හා ශුන්‍යතාව 00:29:01.159 --> 00:29:02.159 කාලය හා අකාලිකය 00:29:05.820 --> 00:29:06.820 කෙනෙක්ට මෙය නම් කරන්න පුළුවන් ගතික නිශ්චලතාව කියල, හෝ පිරුණු හිස්බව 00:29:13.390 --> 00:29:14.390 සම්පුර්ණ අඳුර මධ්‍යය තුල පවතින. ඩාඕ ගුරුවරයෙක් වන ලාඕ සේ කියා තිබෙනවා 00:29:22.080 --> 00:29:23.080 අඳුර තුල පවතින් අඳුර තමයි අවබෝධයේ බිහි දොර කියල 00:29:38.630 --> 00:29:39.630 ලේඛකයෙක් හා පුරාවෘත්ත අධ්‍යකයෙකු වන ජෝසෆ් කැම්බල් විස්තර කරනවා, යලි යලි මතුවන 00:29:45.330 --> 00:29:46.330 සංකේතයක්, විශ්වීය පොදු දර්ශනවාදයහි කොටසක් ලෝක අක්ෂය කියා ඔහු හඳුන්වන 00:29:52.400 --> 00:29:53.400 මධ්‍ය ලක්ශය හෝ කන්දේ ඉහලම තැන. හැමදේම 00:29:57.090 --> 00:29:58.090 එය වටා කැරකෙන. නිශ්චලතාවය හා චලනය එකට පවතින තැන. 00:30:02.820 --> 00:30:03.820 මේ මධ්‍යයෙන් සුපුෂ්පිත ශාකයක් සාක්ෂාත් කරගන්නා. බෝධි වෘක්ෂයක් 00:30:11.820 --> 00:30:12.820 සියලු ලෝක යා කරන.හරියටම ඉරක් කලුකුහරයකට උරාගන්නා මෙන් 00:30:24.810 --> 00:30:25.810 ඔබ පරම සත්‍යය වෙත ලඟා වෙන විට, ඔබේ ජීවිතය එය වටා කැරකෙන්න පටන් ගන්නවා සහ 00:30:31.470 --> 00:30:32.470 ඔබේ පැවැත්ම නැතිවී යාමට පටන් ගන්නවා. 00:30:38.700 --> 00:30:39.700 ඔබ ඔබේ නැවුම් අනන්‍යතාව වෙත ලඟා වෙන විට, එය මමත්ව ව්‍යුහයට බියජනක විය හැකියි. 00:30:46.450 --> 00:30:47.450 දොරටුව දෙපස මුරකරුවෝ සිටිනවා පරීක්ෂා කරන්න මග වඩන අය. 00:30:53.330 --> 00:30:54.330 කෙනෙක් තමන්ගේ ලොකුම භීතින්ට මුහුණ දෙන්න කැමති වෙන්න ඕන වගේම 00:30:59.460 --> 00:31:00.460 තම ඇතුලාන්ත ශක්තිය එලෙසින් පිලිගන්නත් කැමති වෙන්න ඕන. අවිඥානික බය හා සැඟවුණු සුන්දරත්වය 00:31:07.950 --> 00:31:08.950 අත්දකින්න. ඔබේ මන අකම්ප්‍ය නම්, ස්වත්වයෙන් ප්‍රතික්‍රියාවක් නොමැති නම්, 00:31:19.650 --> 00:31:20.650 අවිඥානිකව පහල වන සියල්ල හටගෙන නිරුද්ධ වී යනවා. 00:31:26.400 --> 00:31:27.400 මේ තමයි අධ්‍යාත්මික ගමනේ ශ්‍රද්ධාව වඩාත්ම අවශ්‍ය තැන. අපි ශ්‍රද්ධාව කියා 00:31:33.330 --> 00:31:34.330 හඳුන්වන්නේ කුමක්ද? ශ්‍රද්ධාව කියන්නේ භක්තිය නෙමෙයි. භක්තිය කියන්නේ මනට හුරු පුරුදු සුවපහසු යමක් 00:31:42.360 --> 00:31:43.360 තහවුරු කරගන්න තියෙන මානසික මට්ටමක්. භක්තිය කියන්නේ මනසේ විදිය 00:31:49.170 --> 00:31:50.170 තමන්ගේ අත්දැකීම් වර්ගීකරණය කරන්න හා කළමනාකරණය කරන.ශ්‍රද්ධාව එහි ප්‍රතිවිරුද්ධ දෙයක්. ශ්‍රද්ධාව 00:31:57.390 --> 00:31:58.390 කියන්නේ කිසිවක් නොවිඳින සිටින තැනට පත්වීම, අවිඥානිකව උදාවන 00:32:03.360 --> 00:32:04.360 කවරක් උනත් එලෙසම දකිමින්. ශ්‍රද්ධාව කියන්නේ ඒකත්වය විසින් යෙදෙන ගාමක බලයට අනුගත වීම 00:32:10.260 --> 00:32:11.260 ස්වත්වය දියකර හැරීමට හෝ කඩා දැමීමට අනුගත වීම, දොරටුවක් නැති දොරපසුකරයාම සඳහා. 00:32:28.340 --> 00:32:29.340 මන්දාකිනියක පරිනාමය හා ව්‍යුහය එහි මධ්‍යයේ වන කලුකුහරයේ පරිමානයට සමීපව සම්බන්ධයි 00:32:34.830 --> 00:32:35.830 හරියට ඔබේ මාර්ගයේ විකාශනයත් ඔබේ සහජ අනන්‍යතාව හා සම්බන්ධ වගේ 00:32:40.380 --> 00:32:41.380 ඔබේ නියම සොබාවය වන ඒකත්වය 00:32:47.700 --> 00:32:48.700 අපිට කළු කුහරය දැක ගන්න බැහැ නමුත් එය වටා කැරකෙන දේවලින් 00:32:53.190 --> 00:32:54.190 එය භෞතික වටපිටාව හා හැසිරෙන ආකාරයෙන්. මේ ආකාරයෙන්ම 00:33:01.380 --> 00:33:02.380 අපිට අපේ සැබෑ සොබාවය දැකගන්න බැහැ. ඇතුලාන්ත සැඟවුණු අනන්‍යතාව දෙයක් නෙමෙයි, 00:33:08.720 --> 00:33:09.720 නමුත් අපිට දැකගන්න පුළුවන් අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන්. සුසුකි නම් සෙන් ගුරුතුමා කිව්වා, හරියටම කිව්වොත් 00:33:16.790 --> 00:33:17.790 අවබෝධයට පත් පුද්ගලයෝ නැහැ, පවතින්නේ අවබෝධයට පත් වූ ආකාරයේ ක්‍රියාවන් පමනයි. 00:33:25.990 --> 00:33:26.990 ඇසට තමන්ව දැක ගන්න බැරිවා වාගේ, අපිටත් එය දැකගන්න බැහැ. අපිට එය දැකගන්න නොහැකි 00:33:34.280 --> 00:33:35.280 එයන් තමයි දැකීමට හැකි වන්නේ. කලුකුහරය මෙන් සමාධිය 00:33:41.030 --> 00:33:42.030 කිසිවක් නැතිබව නෙමෙයි, නමුත් කිසිවකුත් නෙමෙයි. මෙය තමයි පැවතීම හා නොපැවතීම 00:33:48.260 --> 00:33:49.260 කියන ද්වතාවයේ බිඳ වැටීම. පරම සත්‍යය වෙත එළඹෙන්න දොරක් නැහැ 00:33:56.899 --> 00:33:57.899 නමුත් අනත්න පරිමාන පාරවල් තියෙනවා. ධර්මයෝ නමැති මේ පාරවල් අගක් මුලක් නැති 00:34:04.759 --> 00:34:05.759 සර්පිලයක් වගේ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ. කිසිවෙකුගේ මනස 00:34:13.010 --> 00:34:14.010 ක්‍රමවේදය සොයා ගෙන නැහැ, සොයා ගන්නෙත් නැහැ. දොරක් නැති දොර පසු කරන්න කිසි පුද්ගලයෙකුට බැහැ. 00:34:22.730 --> 00:34:23.730 එනිසා පුද්ගලයෙක් නොවන්න. 00:34:43.970 --> 00:34:44.970 සමාධිය කියන්නේ මගක් දැකිය නොහැකි මගක්, රත්තරන් යතුර. එය තමයි බාහිර හා ඇතුලාන්ත 00:34:53.370 --> 00:34:54.370 ලෝක වෙන්කරන, මමත්ව ව්‍යුහයෙන් හඳුනාගැනීමේ අවසානය. 00:35:15.060 --> 00:35:16.060 නොයෙක් ප්‍රගුනතා ආකෘති පවතිනවා මමත්ව ව්‍යුහයෙ නොයෙක් ස්ථර හෙවත් මට්ටම් 00:35:20.400 --> 00:35:21.400 විස්තර කරන. අපි ඉපැරණි උදාහරණයක් ඒ වෙනුවට යොදා ගනිමු 00:35:28.380 --> 00:35:29.380 උපනිෂද් ග්‍රන්ථවල, ආත්මය වසන ආවරණය, කෝෂයක් ලෙස දැක්වෙනවා 00:35:36.030 --> 00:35:37.030 එක එක කෝෂය දර්පනයක් වගේ. මමත්ව ව්‍යුහයෙ එක් ස්ථරයක්. ආවරණ පටලයක් හෝ මායාවේ එක ස්ථරයක් 00:35:44.040 --> 00:35:45.040 අපිව මෙයින් හඳුනා ගත්තොත් එය අපගේ නියම සොබාවය සාක්ෂාත් කරගැනීමෙන් වලක්වා ලනවා 00:35:51.320 --> 00:35:52.320 ගොඩක් මිනිස්සු ප්‍රතිබිම්බ දැකල ඒ තමන්ය කියල විශ්වාස කරනවා 00:35:59.670 --> 00:36:00.670 එක දර්පනයක් පරාවර්තනය කරනවා සත්ව ස්ථරය, භෞතික සිරුර. තවත් දර්පනයක් පරාවර්තනය කරනවා 00:36:07.110 --> 00:36:08.110 ඔබේ මන, ඔබේ සිතුවිලි, ඔබේ ඉව, ඔබේ සඥා. තවත් දර්පනයක් තුලින් ඇතුලාන්ත 00:36:14.580 --> 00:36:15.580 ශක්තිය හෝ ප්‍රාණ දැකගත හැකියි ඔබ ඇතුලාන්තයට එබිකම් කරොත්. තවත් දර්පනයක් 00:36:21.030 --> 00:36:22.030 පරාවර්තනය කරනවා උත්තම මන වන උපකල්පනිය මට්ටම හෙවත් ප්‍රඥා ස්ථරය 00:36:26.490 --> 00:36:27.490 සහ අධිගම ස්ථර හෝ ද්වතා ධර්මතාවෙන් එපිට සුඛය පරාවර්තනය කරනවා 00:36:33.300 --> 00:36:34.300 කෙනෙකු සමාධියට ලඟා වෙන විට 00:36:37.000 --> 00:36:38.000 නොගිනිය හැකි තරම් දර්පන හෝ ස්වත්වයේ පැති 00:36:42.530 --> 00:36:43.530 හඳුනා ගත හැකියි, සහ ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. 00:36:50.640 --> 00:36:51.640 බොහොමයක් දෙනා තවමත් තම ප්‍රාණිය, උත්තම මනස සහ ද්වතා ධර්මයෙන් පිට සුඛ 00:36:56.220 --> 00:36:57.220 මට්ටම් හඳුනා ගෙන නැහැ. ඔවුන් ඒවායේ පැවැත්ම ගැනවත් දන්නේ නැහැ 00:37:01.190 --> 00:37:02.190 මේ ස්ථර ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා මිසක් ඔබ ඒවා දකින්නේ නැහැ. සැඟවුණු දර්පන 00:37:09.029 --> 00:37:10.029 ඔබේ ජිවිතය ගැන තොරතුරු දෙනවා පෙනෙන්න තියෙන දර්පන වලට වඩා 00:37:13.880 --> 00:37:14.880 ඒවා පෙනෙන්නේ නැහැ මොකද ගොඩක් මිනිස්සුන්ගේ එම දර්පන දීප්තිමත් වෙලා නැහැ 00:37:19.349 --> 00:37:20.349 ඔවුන්ගේ විඥානයෙන්. ඉන්ද්‍රජාලයේ වගේ, දර්පන සියල්ල එකිනෙකා 00:37:28.680 --> 00:37:29.680 අනන්ත පරිමාණයෙන් පරාවර්තනය කරනවා. එක මට්ටමක සිදුවන 00:37:35.940 --> 00:37:36.940 වෙනසක් සියලුම මට්ටම්වලට බලපානවා 00:37:42.420 --> 00:37:43.420 අපි වාසනාවක් හා හොඳ මග පෙන්වීමක් නොවුනොත් මිසක් 00:37:48.670 --> 00:37:49.670 සමහරක් දර්පන කිසිදා ආලෝකය නොලබා සෙවනැලිවල අඳුරේම පවතිනවා. සත්‍යය තමයි 00:37:55.120 --> 00:37:56.120 අපි නොදන්නේ මොනවද කියල අපි දන්නේ නැහැ. දැන් ඔබ සියලු දර්පන බිඳ දැම්ම කියා සිතන්න 00:38:03.480 --> 00:38:04.480 ඔබව ඔබට පරාවර්තනය කරන කිසිවක් නැහැ. ඔබ කොහෙද ඉන්නේ? 00:38:14.140 --> 00:38:15.140 මනස නිශ්චල වූ විට දර්පනයන්ගේ පරාවර්තනයන් නවතිනවා. තවදුරටත් 00:38:23.349 --> 00:38:24.349 සාපේක්ෂයක් හෝ නිරපෙක්ෂයක් නැහැ. නමුත් මෙම මූලික භවය, කිසිවක් නැති කම හෝ 00:38:32.980 --> 00:38:33.980 අසඥභාවය කියල වරදවා වටහා ගන්න එපා. මූලික අනන්‍යතාව යමක් නොවයි, යමක් නොවන්නේත් වෙයි 00:38:47.750 --> 00:38:48.750 මූලික ප්‍රභවය යමක් නෙමෙයි, එය ශුන්‍යතාව හා නිශ්චලතාවයමයි. එය 00:38:57.349 --> 00:38:58.349 ශුන්‍යතාවයි සැමදෙයක්ම හටගන්නා. ව්‍යුහය සාක්ෂාත් වෙන්නේ ශුන්‍යතාව ලෙසින් 00:39:05.720 --> 00:39:06.720 ශුන්‍යතාව සාක්ෂාත් වෙන්නේ ව්‍යුහය ලෙසින්. මේ ප්‍රභවය තමයි 00:39:16.880 --> 00:39:17.880 සියලු මැවීමේ ගැබ, සියලු ආකාරයේ සිදුවීම් වලින් පිරුණු 00:39:40.800 --> 00:39:41.800 සමාධිය කියන්නේ උපේක්ෂා විඥානයේ අවදි කිරීමයි. ඔබ හීනයක් දකින විට වගේ 00:39:47.710 --> 00:39:48.710 ඔබ අවබෝධයට පත්වූ විට ඔබට තේරෙනවා හීනයේ ඇති සියල්ලම තිබුනේ 00:39:53.619 --> 00:39:54.619 මන තුල පමණයි. සමාධිය සාක්ෂාත් කරන විට තේරුම් ගන්නවා 00:39:58.930 --> 00:39:59.930 මෙලොව හැමදේම සිදුවන්නේ ශක්තිය හා විඥානයන්ගේ විවිධ මට්ටම් 00:40:04.600 --> 00:40:05.600 තුල බව. සියල්ල දර්පන තුල දර්පන, සිහින තුල සිහින 00:40:13.150 --> 00:40:14.150 ඔබ සිතන ඔබ, සිහිනය වගේම සිහින දකින්නාත්ම වේ 00:40:33.559 --> 00:40:34.559 මේ සිනමා පටයේ කියන කුමක් වුනත් එය අතහරින්න, එය මනස තුල හසු කරගන්න එපා 00:40:43.530 --> 00:40:44.530 ආත්මය සිහින දකිනවා, ඔබ ගැන සිහිනයක් දකිනවා 00:40:49.130 --> 00:40:50.130 වෙනස් වන සියල්ලම සිහිනයයි, නමුත් නොවෙනස් වන දේ සාක්ෂාත් කරන්නත් 00:40:56.970 --> 00:40:57.970 පුළුවන්. මෙම සාක්ෂාත් කිරීම ප්‍රාථමික පුද්ගල මානසික මට්ටමෙන් තේරුම් 00:41:13.410 --> 00:41:14.410 ගන්න බැහැ 00:41:22.310 --> 00:41:23.310 නිර්විකල්ප සමාධිය හෙවත් නිරෝධ සමාපත්තියෙන් මෙපිටට එන විට දර්පන යලි සිය පරාවර්තනයන් සිදු කරන්න පටන් ගන්නවා සහ 00:41:29.020 --> 00:41:30.020 ඔබ තේරුම් ගන්නවා ඔබ ජිවත් වනවා කියල හිතන ලෝකය තමයි ඇත්තෙන්ම ඔබ කියල 00:41:36.550 --> 00:41:37.550 තාවකාලික පරාවර්තනයක් වන ප්‍රාථමික ඔබ ලෙස නොව, නමුත් ඔබ දැන් දන්නවා 00:41:43.970 --> 00:41:44.970 ඔබේ නියම සොබාවය පවතින සියල්ලගේම ප්‍රභවය ලෙස . මේ උත්තම ප්‍රඥාවේ අවදි වීම 00:41:53.800 --> 00:41:54.800 කළලය, අධ්‍යාත්මික අවබෝධය තමයි සමාධිය තුලින් උපදින්නේ. බයිබලයේ එන 00:42:04.220 --> 00:42:05.220 ජෝබ්ගේ පොතේ, හෙබ්‍රෙව් බසින් කොක්හ්මා හෙවත් ප්‍රඥාව පැමිණෙන්නේ ශුන්‍යතත්වයෙන්. ප්‍රඥාවේ කාරණා 00:42:13.040 --> 00:42:14.040 නොගිනිය හැකි තරම් කුඩා මෙන්ම එය ආවරණය කරනවා සම්පුර්ණ පැවැත්මම, නමුත් 00:42:18.890 --> 00:42:19.890 එය තේරුම් ගන්න බැහැ එයට යම් හැඩයක් හා ව්‍යුහයක් දෙන තුරු දර්පන මාලිගාව තුල 00:42:24.970 --> 00:42:25.970 හෙබ්‍රෙව් බසින් බිනාහ් හෙවත් දෙවියන්ගේ ස්ප්‍රිතු කළලයට හැඩයක් ලබාදෙන උත්තම ප්‍රඥාවෙන් කපාගත්ත ගර්භය 00:43:07.570 --> 00:43:08.570 දර්පනයන්ගේ හෝ මානසයන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් නොවෙයි. ඊට පටහැනිව 00:43:14.650 --> 00:43:15.650 මනුෂ්‍ය චින්තනයේ වරද හෝ අපගමනය වන්නේ අපි අපව එමගින් හඳුනා ගැනීමයි. මේ තමයි 00:43:22.030 --> 00:43:23.030 මායාව, අපි අපව ප්‍රාථමික මමෙක් ලෙස ගැනීම. යෝග 00:43:32.620 --> 00:43:33.620 ඉගැන්වීම් වල තියෙනවා සමාධිය ලබාගැනීම සඳහා භාවනා නිමිත්ත දෙස එය ඔබ බවට පත්වී 00:43:38.020 --> 00:43:39.020 අතුරුදහන් වන තුරු හෝ ඔබ එය බවට පත්ව අතුරුදහන් වනතුරු නිරික්ෂනය කලයුතු බව 00:43:49.630 --> 00:43:50.630 විවිධ සම්ප්‍රදායන් විවිධ වචන වලින් විස්තර කරත්, ඒවායේ මූලයේහිදී ඒවා 00:43:55.930 --> 00:43:56.930 යොමු වෙලා තියෙන්නේ පුද්ගල සඥාව හා මමත්ව ක්‍රියාකාරකම් නැවතීම දෙසටයි 00:44:00.850 --> 00:44:01.850 බුදු හාමුදුරුවෝ නිතරම ඉගැන්නුවේ පෙළීම් අර්ථයෙන්. උන්වහන්සේ සෘජුවම ඉගැන්නුවේ 00:44:08.140 --> 00:44:09.140 මමත්ව ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධවයි. උන්වහන්සේ සමාධිය 00:44:14.670 --> 00:44:15.670 දුකෙහි නිරෝධය ලෙස පෙන්වා දුන්නා. අද්වයිත වේදාන්තයෙහි 00:44:23.500 --> 00:44:24.500 නෙටි නෙටි කියා පදයක් තියෙනවා, එනම් මේකත් නෙවෙයි, එකත් නෙවෙයි යන්න. ආත්ම පුර්ණය වෙත යන මිනිසුන් 00:44:31.200 --> 00:44:32.200 තමන්ගේ නියම සොබාවය නැතිනම් බ්‍රහ්ම ස්වරුපය තමන් නොවන්නේ 00:44:37.810 --> 00:44:38.810 කුමක්ද කියා සොයා ගැනීමෙන් විමසනවා 00:44:42.720 --> 00:44:43.720 මිට සමානව ක්‍රිස්තියානි දහමේ, අවිලාහි ශුද්ධවූ තෙරේසා විස්තර කර තිබෙනවා යාතිකා සම්බන්ධව වූ 00:44:49.180 --> 00:44:50.180 සෘණාත්මක මගක් මත රැඳුන ප්‍රවේශයක් ගැන. නිහඬ, යටහත් හා ඒකාත්මික වන 00:44:56.620 --> 00:44:57.620 යාතිකාවක්, නිරපෙක්ෂකත්වය වෙත ලඟා වෙන්න ඇති එකම විදිය 00:45:03.400 --> 00:45:04.400 මේ ගලවා ඉවත් කිරීමේ ක්‍රමානුකුල ක්‍රියාවලියේදී, කෙනෙකු ඉවතලනවා 00:45:09.009 --> 00:45:10.009 ස්ථිර නොවන හැමදේම, වෙනස් වන හැමදේම. මනස, මමත්වය හා 00:45:17.680 --> 00:45:18.680 අනන්‍යතාවයේ සියලු ස්ථර ඇතුළු ඇතුළු සියලු සංසිද්ධි. අවිඥානික දේ 00:45:24.160 --> 00:45:25.160 පවා පාරදෘශ්‍ය විය යුතුයි මූල ප්‍රභවය පරාවර්තනය කිරීම සඳහා. යම් ගැඹුරු 00:45:30.999 --> 00:45:31.999 දැනීමක් හෝ යම් අවිඥානික ස්වයංක්‍රිය ක්‍රියාවලියක් පවතිනවා නම්, 00:45:37.359 --> 00:45:38.359 අපි සොයානොගත් සැඟවුනු පුරුදු රටාවන්ගේ දැලෙහි පැටලී අපේ ජිවිත ගෙවෙනවා 00:45:47.960 --> 00:45:48.960 පුද්ගලත්වයේ සියලු ස්ථර ශුන්‍ය ලෙසට හෙළි කරගත් පසු කෙනෙකු සිය පුද්ගලත්වයෙන් 00:45:55.289 --> 00:45:56.289 මිදෙනවා. සියලු සංකල්පයන්ගෙන් නිදහස් වෙනවා 00:46:03.750 --> 00:46:04.750 ඔබේ පරිනාමයේ හැරවුම් ලක්ෂය වන්නේ ඔබ කියන්නේ කව්ද කියල ඔබ නොදන්නා බවට දැනගත් විටයි 00:46:11.160 --> 00:46:12.160 කව්ද හුස්ම ගන්න බව අත්දකින්නේ? කව්ද රසය විඳින්නේ? 00:46:22.240 --> 00:46:23.240 කව්ද සජ්ජායනා, චාරිත්‍ර, නැටුම්, කන්ද අත්දකින්නේ? සාක්ෂිකාරයාට සාක්ෂි දරන්න 00:46:35.880 --> 00:46:36.880 නිරික්ෂකයාව නිරීක්ෂණය කරන්න 00:46:40.220 --> 00:46:41.220 මුලින් ඔබ නිරික්ෂකයාව නිරීක්ෂණය කරන විට ඔබ දකින්නේ ඔබේ බොරු අනන්‍යතාවක් 00:46:47.210 --> 00:46:48.210 නමුත් ඔබ උත්සාහය ඇත නොහැරියොත් එය නියම අනන්‍යතාවට ඉඩදී ඉවත යනු ඇති 00:46:54.020 --> 00:46:55.020 සියල්ල අත්දකින්නේ කව්ද , මොකද්ද කියන ප්‍රශ්නය සෘජුවම විමසන්න 00:47:00.140 --> 00:47:01.140 ඇසි පිය නොහෙලා, විනිවිද යන පරිදේ මුළු ශක්තියෙන්ම විදර්ශනා කරන්න ඔබේ භවය 00:47:17.000 --> 00:47:18.000 "ගතේ ගතේ පරගතේ,.. 00:47:19.579 --> 00:47:20.579 "... පරසුම් ගතේ, බෝධිස්වාහා" 00:47:47.840 --> 00:47:48.840 අවදිවන ආත්මයක් නැහැ, අවදි වන ඔබ කියා කෙනෙක් නැහැ 00:47:57.140 --> 00:47:58.140 ඔබ අවදි වන්නේ, ඔබට වෙන්වූ අනන්‍යතාවයක් ඇතැයි ඔබ දකින සිහිනයෙන් 00:48:03.500 --> 00:48:04.500 ප්‍රාථමික "ඔබ"ය කියන සිහිනයෙන්. ඒ ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක් 00:48:08.120 --> 00:48:09.120 ස්වත්වයේ යථා නිරෝධයක් විය යුතුයි, එය කුමක්ද කියා තේරුම් ගන්නට , සහ 00:48:15.130 --> 00:48:16.130 එය සාක්ෂාත් කල විට, ඒ ගැන කිව හැකි දෙයකුත් නැහැ. ඔබ යමක් කියූ සැනින් 00:48:23.540 --> 00:48:24.540 ඔබ නැවත මනසෙහි පිහිටනවා. මම දැනටම ඕනෑවට වඩා කියා තියෙනවා 00:48:39.510 --> 00:48:40.510 අපිට සාමාන්‍යයෙන් විඥාන මට්ටම් තුනක් පවතිනවා, අවදි වන, සිහින් දකින හා ගැඹුරු නින්දේ වශයෙන් 00:48:46.030 --> 00:48:47.030 සමාධියට සමහර වෙලාවට සිව්වැනි මට්ටම කියා කියනවා, විඥානයේ 00:48:53.380 --> 00:48:54.380 බිම් මට්ටම. වර්තමානයේද භාවාත්මක වන ඉපැරණි අවදි වුනු සොබාවයක් 00:49:00.460 --> 00:49:01.460 අනෙක් විඥාන මට්ටම හා සමාන්තරව පවතින. වේදාන්ත වල මෙය හඳුන්වන්නේ තුරිය කියල 00:49:10.950 --> 00:49:11.950 මෙයට කියන වෙනත් පද නම් ක්‍රිස්තු විඥානය, ක්‍රිෂ්ණ විඥානය 00:49:17.220 --> 00:49:18.220 බුද්ධ සොබාවය හෝ සහජ සමාධිය. සහජ සමාධියෙදී, ඇතුලාන්ත නියම සොබාවය 00:49:26.680 --> 00:49:27.680 එකට පවතිනවා සම්පුර්ණ මනුෂ්‍ය කෘත්‍යයන්ගේ භාවිතය සමග. මේ නිශ්චලතාව 00:49:33.670 --> 00:49:34.670 වෙනස් වන්නාවූ සියලු සංසිද්ධීන්ගේ සර්පිලය මධ්‍යයේ නොසෙල්වී පවතිනවා 00:49:38.580 --> 00:49:39.580 සිතිවිලි, හැඟීම්, දැනීම් හා ශක්තිය එහි පරිධිය දෙසට වන්න කැරකෙමින් පවතිනවා 00:49:45.630 --> 00:49:46.630 නමුත් නිසල සොබාවය හෝ මූල චිත්තය භාවනාවේදී වගේම බාහිර ක්‍රියාකාරකම් වලදී පවතිනවා 00:49:54.130 --> 00:49:55.130 ප්‍රභාස්වර සොබාවය ගැඹුරු නින්දේදී පවා පවතින්න පුළුවන් 00:50:02.680 --> 00:50:03.680 මූල චිත්තය වෙනස් වන්නේ නැහැ විඥානයන්ගේ මට්ටම් 00:50:11.800 --> 00:50:12.800 වෙනස් වුනත් 00:50:20.420 --> 00:50:21.420 මේ යෝගී නින්දයි 00:50:24.660 --> 00:50:25.660 හෙබ්‍රෙව් බයිබලයේ හෙවත් පරණ ගිවිසුමේ එන ගිතයන්ගේ ගිතයේදී හෙවත් සොලොමන්ගේ ගිතයේදී 00:50:29.970 --> 00:50:30.970 මෙසේ එය දැක්වෙනවා , මම නිදනවා, නමුත් මගේ හදවත් අවදියෙන්. මේ අමරණිය 00:50:40.010 --> 00:50:41.010 අපක්ෂපාති විඥානය ක්‍රිස්තුස් වහන්සේගේ වචන වල මෙසේ පිළිබිඹු වෙනවා 00:50:47.040 --> 00:50:48.040 ආබ්‍රහම්ට පෙර පැවතියේ, මම 00:50:56.289 --> 00:50:57.289 එක විඥානයක් විවිධ අපරිමාන මුහුණු හරහා දිලිසුනු, අපරිමාන රූපයන් 00:51:16.470 --> 00:51:17.470 මුලින් එය දුබල ගිනි පුපුරක්, ඔබතුල වූ ප්‍රතිවිරුද්ධතාවන්ගෙන් පැනනැගුනු 00:51:22.640 --> 00:51:23.640 එදිරිගාමි පුරුෂ විඥානය, යටත් වීමක් නැතහොත් ස්ත්‍රී ශක්තියේ විවර වීම සමග 00:51:29.160 --> 00:51:30.160 එය බොහොම සියුම්, පහසුවෙන් නැතිවන සුළු, සහ කෙනෙක් බොහොම පරිස්සම් වෙන්න ඕන එය 00:51:36.089 --> 00:51:37.089 නොනැසී පවත්වාගන්න එය මුහුකුරා වැඩෙන තුරු 00:51:43.800 --> 00:51:44.800 සමාධිය කියන්නේ අකාලික විඥාන මට්ටමක් හා දිග හැරෙන විපාක ක්‍රියාවලියක් 00:51:50.850 --> 00:51:51.850 එකට පැවතීමක්. කාලය සමග වැඩෙන ජයිවීය යමක් 00:52:04.520 --> 00:52:05.520 කෙනෙක් සමාධියේ කාලය ගත කරන තරමට, එනම් වර්තමානය, අකාලිකයේ සිටින තරමට 00:52:13.990 --> 00:52:14.990 කෙනෙක් සිය හදවතින්, ආත්මයෙන් උපදෙස් ගන්නවා, කොන්දේසිගත 00:52:22.520 --> 00:52:23.520 මමත්ව ව්‍යුහයෙන් එසේ ගැනීම අඩු වී යනවා 00:52:28.810 --> 00:52:29.810 මෙහෙමයි කෙනෙක් සිය අධම මනසින් නිදහස් වන්නේ, රෝගී චින්තනයෙන් නිදහස් වන්නේ 00:52:38.410 --> 00:52:39.410 ඇතුලාන්ත ස්නායුජ සැකැස්ම වෙනස් වෙනවා.ශක්තිය තව දුරටත් පැරණි කොන්දේසිගත ව්‍යහයේ 00:52:45.109 --> 00:52:46.109 අවිඥානිකව ප්‍රවාහයේ යෙදෙන්නේ නැහැ. එනම් කෙනෙක් පුද්ගල සඥාවෙන් හා බාහිර සතර මහාභූත ලෝකයෙන් තවදුරටත් 00:52:51.859 --> 00:52:52.859 හඳුනා ගැනෙන්නේ නැහැ කියන එක කියන වෙනත් විදියක් 00:53:10.920 --> 00:53:11.920 සමාධිය සාක්ෂාත් කරගැනීම සඳහා කොතරම් වීරියක් ඕනද කියනවා නම්, එය 00:53:17.309 --> 00:53:18.309 කෙනෙක්ගේ පුද්ගලත්වය සම්පුර්නයෙන් යටත් කරදීමක්. ඒවගේම කොතරම් යටත් වීමක්ද කියතොත් එයට 00:53:24.720 --> 00:53:25.720 කෙනෙක්ගේ භවයේ සම්පුර්ණ විරියම අවශ්‍ය වෙනවා. එය විරිය හා යටත් වීම 00:53:33.869 --> 00:53:34.869 අතර තුලනයක්, යින් සහ යැන්. වෑයමකින් තොර වීරිය කිරීමක් වගේ දෙයක් 00:53:47.430 --> 00:53:48.430 ඉන්දියානු අධ්‍යාත්මවේදී හා යෝගියෙක් වන පරමහම්සා රාමක්‍රිෂ්ණා කිව්වා 00:53:55.330 --> 00:53:56.330 ඔබ හිස ගිනි ගත්තෙක් ජල පොකුණක් සොයන්න වගේ වීරියක් යොදන්න බැරි නම් සත්‍යාවබෝධය සෙවීම කරන්න එපා කියල 00:54:02.620 --> 00:54:03.620 ඔබ ඔබේ සැම දෙයකින්ම එය සෙවිය යුතුයි 00:54:06.360 --> 00:54:07.360 කෙනෙකුගේ අධිගම ක්‍රියාවලිය උදෙසා ඉතා විශාල දහිරියක් , විචක්ෂණශීලිබවක් සහ 00:54:12.840 --> 00:54:13.840 අත නොහැරීමක් අවශ්‍යයි කළලය ජීවත්ව තියාගන්න. ලෝකයේ රටාවන්ට යලිදු නොවැටෙන්නට 00:54:21.850 --> 00:54:22.850 පටිසොතගාමි වෙන්නට, නොමැඩිය හැකිවා වගේ පෙනෙන මාර යාන්ත්‍රනයේ පීඩනයට එරෙහිව යන්නට 00:54:28.120 --> 00:54:29.120 සංසාර රෝදයට පෑගී යට නොවන්නට ඇති විශාල උවමනාවක් අවශ්‍යයි. හැම හුස්මක්ම 00:54:35.590 --> 00:54:36.590 හැම සිතුවිල්ලක්ම, හැම ක්‍රියාවක්ම ප්‍රභාෂ්වර චිත්තය මතු කර ගැන්ම සඳහාම වෙන්න ඕන. සමාධිය 00:54:43.870 --> 00:54:44.870 සාක්ෂාත් වෙන්නේ වීරියක් ඇතිවත් නෙමෙයි, නැතිවත් නෙමෙයි, විරිය ඇතිකම හා නැතිකම දෙකම ඉවත හලන්න ඕන 00:54:51.490 --> 00:54:52.490 එය මනස තුල පවතින ද්වතා ධර්මයක් විතරයි. සමාධියේ යථා සාක්ෂාත් කර ගැන්ම හරි පහසුයි 00:54:59.380 --> 00:55:00.380 එය වෙනම හඳුනාගන්න නොහැකියි, එනිසාම සහජයෙන්ම ද්වතාමය වූ භාෂාව 00:55:05.440 --> 00:55:06.440 තුලින් ඊට සාධාරණයක් වන්නේ නැහැ. එක් පෞරාණික විඥානයක් පවතිනවා 00:55:12.610 --> 00:55:13.610 ලෝකය ලෙසින් උදාවන, එය මනසේ විවිධ ස්ථරවලින් වැසී පවතිනවා. වලාකුළු 00:55:21.160 --> 00:55:22.160 වලින් වැසුනු ඉර වගේ මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට කෙනෙකුගේ 00:55:27.610 --> 00:55:28.610 භවමූලය නිරාවරණය වෙනවා 00:55:33.180 --> 00:55:34.180 මනසේ එක එක ස්ථර බිමට වැටෙනකොට මනසේ, මිනිසුන් එය විවිධ සමාධි ලෙස පෙන්වා දෙනවා 00:55:39.480 --> 00:55:40.480 ඔවුන්ගේ එක එක අත්දැකීම හෝ විවිධ සංසිද්ධිවලට ඔවුන් එක එක පදවලින් නාමකරණය කරනවා 00:55:55.010 --> 00:55:56.010 නමුත් සමාධිය කොතරම් සරලද කියතොත් එය කුමක්ද කියල හා කොහොමද ලබාගන්නේ කියල ඔබට කවරෙක් හෝ කියන කොට 00:56:00.290 --> 00:56:01.290 ඔබේ මනට එය හැම අවස්ථාවකම ගෝචර වන්නේ නැහැ 00:56:05.170 --> 00:56:06.170 ඇත්තටම සමාධිය සරලත් නැහැ අමාරුත් නැහැ, මනස පමණයි එය එසේ කරවන්නේ 00:56:13.040 --> 00:56:14.040 මනස නොමැතිනම්, ප්‍රශ්නයකුත් නැහැ, මනස තමයි නවතින්න ඕන දෙය 00:56:19.850 --> 00:56:20.850 එය සාක්ෂාත් කරන්න කලින්. එය සිදුවෙන යම් සංසිද්දියක් හෙම නෙමෙයි 00:56:36.880 --> 00:56:37.880 සමාධිය ගැන කෙටිම ඉගැන්වීම සමහරවිට මම වාක්‍ය කාණ්ඩයේ තියෙනවා ඇති 00:56:44.170 --> 00:56:45.170 නිසල වන්න සහ දැනගන්න 00:56:59.190 --> 00:57:00.190 අපි කොහොමද වචන හා පින්තුර යොදාගන්නේ නිශ්චලතාව පෙන්වන්න. අපි කොහොමද නිහඬබව 00:57:05.490 --> 00:57:06.490 පෙන්වන්නේ ශබ්ද නැගීමෙන්. සමාධිය ගැන බුද්ධිමය සංකල්පයක් ලෙස 00:57:12.869 --> 00:57:13.869 කතා කරනවට වඩා, මෙම සිනමාපටය ක්‍රියානොකිරීම වෙනුවෙන් කරන රැඩිකල් කැඳවීමක්. භාවනාවට, ඇතුලාන්ත 00:57:22.740 --> 00:57:23.740 නිශ්ශබ්දතාවක්, ඇතුලාන්ත යාතිකාවක් වෙනුවෙන් කැඳවීමක්. නවතින ලෙසට කරන කැඳවීමක් 00:57:38.420 --> 00:57:39.420 රෝගී මමත්ව මනසින් දිවෙන සියලු දේ නවත්වන්න 00:57:46.270 --> 00:57:47.270 නිසල වන්න හා දැනගන්න 00:57:54.470 --> 00:57:55.470 කාටවත් කියනන් බැහැ නිශ්චලතාව තුලින් මතු වන්නේ කුමක්ද කියා 00:57:59.910 --> 00:58:00.910 එය අධ්‍යාත්මික හදවතින් ක්‍රියාකරන්න කරන කැඳවීමක් 00:58:21.500 --> 00:58:22.500 එය ඉතා පැරණි යමක් මතක් කරනවා වගේ. ආත්මය අවදි වෙලා තමන්වම යලි මතක් කර ගන්නවා 00:58:30.050 --> 00:58:31.050 එය නිදාගෙන සිටි මගියෙක් වෙලා සිටියා, නමුත් දැන් ශුන්‍යතාව අවදි වෙලා තමන්ව 00:58:37.260 --> 00:58:38.260 හැමදෙයක් ලෙසින්ම තහවුරු කරගන්නවා 00:58:44.390 --> 00:58:45.390 ඔබට ප්‍රාථමික මමත්ව මනසකින් සමාධිය පරිකල්පනය කරන්න බැහැ, හරියට 00:58:50.869 --> 00:58:51.869 අන්ධයෙකුට වර්ණ ගැන විස්තර කරනන් බැහැ වගේ. ඔබේ මනසට එය දැනගන්න බැහැ. එයට 00:58:57.500 --> 00:58:58.500 සමාධිය නිපදවන්න බැහැ. සමාධිය සාක්ෂාත් කරනවා කියන්නේ වෙනස් විදියකට දකින එක 00:59:06.559 --> 00:59:07.559 වෙන් වෙන් දේවල් දකින්න නෙමෙයි, දකින්නාව හඳුනාගන්න 00:59:15.360 --> 00:59:16.360 අසීසියේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් කිව්වා ඔබ දකින්න හදන දේ තමයි, දැකීම සිද්ද කරන්නේ කියල 00:59:24.840 --> 00:59:25.840 ඔබ හඳ දැක්ක පසු එය, හඳේ කුමන පරවර්තනයෙන් වුනත් එය හඳුනා ගත හැකිය. නියම අනන්‍යතාව 00:59:34.290 --> 00:59:35.290 හැමදාම පැවතියා, එය හැමදෙයක් තුලම තියෙනවා, නමුත් ඔබ එහි පැවැත්ම හඳුනා ගත්තේ නැහැ 00:59:43.070 --> 00:59:44.070 ඔබ මනස හා දැනීම් වලින් ඔබ්බට ඔබේ යතා ස්වරුපය හැඳින ගෙන ඊට අනුගත වන්න ඉගෙන ගත්විට 00:59:50.750 --> 00:59:51.750 ඉතාම උදාසින දෙයක උනත් සන්තුෂ්ටිය අත්දකින්න ඔබට පුළුවන්. අපි සන්තුෂ්ටියට පත්වෙනවා 01:00:08.720 --> 01:00:09.720 ආසාවන්ගෙන් නිදහස් වන්න උත්සහ කරන්න එපා, මොකද ආසාවන්ගෙන් නිදහස් වෙන්න තියෙන ආසාවත් 01:00:15.530 --> 01:00:16.530 ආසාවක්. ඔබට නිසල් වන්නට බැහැ , මොකද ඔබේ විරියම චලනයක් 01:00:26.020 --> 01:00:27.020 නිසල බව හැම විටම පවතින බව හඳුනගන්න 01:00:34.570 --> 01:00:35.570 නිසල වන්න සහ දැනගන්න 01:00:38.840 --> 01:00:39.840 සියලු ප්‍රියතා බිම දැමුණු විට මූලප්‍රභවය මතුවේවි, නමුත් ඊටත් ඇලෙන්න එපා 01:00:45.140 --> 01:00:46.140 පරම සත්‍යය, ඩාඕ කියන්නේ එකත් නෙමෙයි දෙකැහැ නෙමෙයි. රමණ මහශ්‍රි කිව්වා 01:00:57.140 --> 01:00:58.140 ආත්මය ඒකීයයි, එය සිමිත් වුනොත් එය මමත්වය වේ, අසීමිත වුනොත් එය අනන්තාඅපරිමාන හා 01:01:07.580 --> 01:01:08.580 පරම සත්‍යය වේ. ඔබ කිව්වා දේ විශ්වාස කරොත් ඔබට එය මග හැරෙනවා 01:01:20.750 --> 01:01:21.750 ඔබ අවිශ්වාස කරොත් ඒත් එය මග හැරෙනවා. විශ්වාසය හා අවිශ්වාසය මනසේ 01:01:27.500 --> 01:01:28.500 මට්ටමෙන් ක්‍රියාත්මක වන්නක්. ඊට යම් දැන ගැනීමක් අවශ්‍ය කරනවා, නමුත් ඔබ ඔබගේම විමසුමකට යොමුවුනොත් 01:01:34.900 --> 01:01:35.900 ඔබේ පැවැත්මේ සියලු අංශ විදර්ශනා කරොත්, විදර්ශනාව කරන්නේ කවුද කියල 01:01:40.370 --> 01:01:41.370 සොයා ගත්තොත්, ඔබ "මගේ කැමැත්ත නොව, උත්තම අකමැත්ත සිදුවේවා" කියන මුලධර්මයට අනුගතව ජිවත් වන්න කැමති උනොත් 01:01:46.340 --> 01:01:47.340 ඔබ සියලු දැනගැනීම් ඉක්මවා ගමන් කරන්න කැමති නම්, ඔබට පුළුවන් වනු ඇති 01:01:53.540 --> 01:01:54.540 මම ඔබට එව බලව කියල පෙන්වන්න හදන දේ කුමක්ද කියල. එවිට පමණයි ඔබට ඔබව විඳින්න හැකි වන්නේ 01:01:59.600 --> 01:02:00.600 හුදු පැවැත්මේ වන තියුණු ගුප්තබව හා සුන්දරත්වය විඳින්න හැකි වන්නේ 01:02:08.450 --> 01:02:09.450 ජීවිතය සම්බන්ධව සිදුවිය හැකි තවත් දෙයක් තියෙනවා. පුජනිය යමක්, අචින්ත්‍ය 01:02:16.070 --> 01:02:17.070 ඔබේ භවයේ නිසල් පතුලේ පමණක් සොයාගත හැකි, සංකල්පයන් ඉක්මවූ 01:02:22.570 --> 01:02:23.570 මුලධර්ම ඉක්මවූ, කොන්දෙසිගත ක්‍රියාකාරකම් හා සියලු ප්‍රියතාවන් ඉක්මවූ 01:02:33.920 --> 01:02:34.920 එය ක්‍රමවේදවලින්, චාරිත්‍ර, ක්‍රියාකාරකම් වලින් ලබාගන්න බැහැ. එය ලබාගන්නේ මෙහෙමයි කියල දෙයක් නැහැ 01:02:41.410 --> 01:02:42.410 විශේෂ ක්‍රම රටාවක් නැහැ. මාර්ගය සඳහා මාර්ගයක් නැහැ. සෙන් බුදුදහමේ කියන පරිදි 01:02:54.140 --> 01:02:55.140 එය නම් ඔබ ඉපදෙන්න පෙර වූ ඔබේ නියම මුහුණුවර හඳුනාගැනීමයි 01:03:01.160 --> 01:03:02.160 එය ඔබට තවත් යමක් එකතු කිරීමක් නෙමෙයි. එය තමන්ටම ආලෝකයක් වීමයි 01:03:10.010 --> 01:03:11.010 මම කියන මායාව දුරු කරන ආලෝකයක්. ඔබේ ජීවිතය අසංතෘප්ත වනු ඇති 01:03:20.210 --> 01:03:21.210 ඔබේ හදවත අවිවේකි වනු ඇති, ඒවා නමකින් හා රූපයකින් ඔබ්බෙහි වූ 01:03:26.960 --> 01:03:27.960 එම ගුප්ත ස්ථානයේ විවේක ගන්නා තෙක්