-
(ඝණ්ටා හඩ)
-
(ඝණ්ටා හඩ)
-
විදේශීය බසකින් ප්රශ්න කරයි
-
බෞද්ධ ආගමෙහි එක් පදනමක් නම්,
-
සොබාදම් මාතාවට ආදරය කිරීම;
-
ඇයි මෙය සමානව අදාල නොවන්නේ...
-
දෙදෙනෙකු අතර ඇති ආදරයට...
-
සහ එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ ආදරයෙහි
නිරූපණයට?
-
යම් කෙනෙකුට නැවත කියන්න පුළුවන්ද?
-
සිත්ගන්නාසුළු ප්රශ්නයක් ආකාරයටයි
පෙනෙන්නේ.
-
(හාස්යය)
-
ඇය අහනවා බුදු දහම, සොබාදහම කෙරේ
ආදරයට අනුබල දේ නම්,
-
ඇයි එය (බුදු දහම) දෙදෙනෙකු අතර ආදරයට
-
සහ ඔවුනොවුන් අතර ස්නේහය නිරූපණය
කරන ආකාරයට අනුබල නොදෙන්නේ?
-
බුදුන් වහන්සේ යනු ආදරයෙහි ප්රතිමූර්තියක්,
සැබෑ ආදරය.
-
පෘථිවි මාතාව කෙරෙහි ආදරය,
සැබෑ ආදරය විය යුතුයි.
-
එලෙසම එය සැබෑ ආදරය නම්,
එයට ගොඩක් සතුට ගෙන ආ හැකියි,
-
ඔබට සහ මිහි මාතාවට.
-
එලෙසම ශෘංගාර ආදරය,
එය සැබෑ ආදරය නම්;
-
එයට ද ගොඩාක් සතුට ගෙන ආ හැකියි,
-
නමුත්, එය සැබෑ ආදරය නොවේ නම්,
එය ඔබව පෙළාවි,
-
ඒ වගේම අන් අයව ද පීඩාවට පත් කරාවි.
-
බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි,
-
සත්ය ආදරයට මූලිකාංග හතරක් අවශ්යයි.
-
මුලින්ම,
මෛත්රී - දයාබර කරුණාව
-
එනම් සතුට පිරිනැමීමට ඇති ශක්යතාවයි.
-
ඔබට සතුට පිරිනැමීමට නොහැකි නම්,
එය සත්ය ආදරය නොවේ.
-
ශෘංගාර ආදරයෙහි,
-
ඔබට නොහැකි නම් අනෙක් පුද්ගලයාට සතුටු වීමට
උපකාර කරන්නට,
-
එය නොවේ සත්ය ආදරය.
-
එබැවින් ඔබ ඔබවම පුහුණු කළ යුතුයි
එලෙස හැකිවීම පිණිස
-
සතුට ලබා දීමට,
-
ඔබ වෙත සහ ඔහු වෙත හෝ ඇය වෙත.
-
එසේ නොමැතිව, දෙදෙනාම පීඩාවට පත් වේවි.
-
සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය නම්,
කරුණාව.
-
කරුණාව යනු පීඩාවට පත්වීමෙන් ඈත් කිරීමට
උපකාර කළ හැකි එක්තරා විදිහක ශක්තියක්.
-
එයට හැකිය ඔබ තුල හා අනෙක් කෙනා තුල ඇති
පීඩාව වෙනස් කරන්න
-
ඔබට වෙනස් කිරීමට නොහැකි නම්,
-
සහ ඔබ තුල මෙන්ම අන් කෙනා තුල ඇති
පීඩාව ගැන වග බලා ගත නොහැකි නම්,
-
එය නොවේ සැබෑ ආදරය.
-
ඒ නිසා තමයි කරුණාව,
සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය වන්නේ.
-
ඔබ සහ අනෙක් පුද්ගලයා විසින් වගා කළ යුතුයි.
-
ශෘංගාර සහ ශෘංගාර නොවන,
එය නොවේ වැදගත්,
-
වැදගත් දෙය නම්,
එය සැබෑ ආදරය ද,
-
සැබෑ ආදරය නොවේ ද යන්නයි, හරි ද?
-
සැබෑ ආදරයෙහි තෙවන මූලිකාංගය නම්,
-
ප්රීතිය.
-
ආදරය කිරීම මගින්,
-
ඔබ සැම විටම අනෙක් පුද්ගලයාව හඩවයි නම්,
-
එසේම සෑම විටම ඔබ හඩයි නම්
-
එය නොවේ සැබෑ ආදරය.
(හාස්යය)
-
ශෘංගාර හෝ ශෘංගාර නොවන.
-
සැබෑ ආදරය නම්, ඇතුලත් .
-
ඔබ බැහැර නොකරයි,
-
ඔහුගේ පීඩාව, ඔබේ පීඩාවයි,
-
ඔහුගේ සංතුෂ්ටිය, ඔබේ සංතුෂ්ටියයි,
-
ඒක පුද්ගල පීඩාවක් සහ සංතුෂ්ටියක්
තව දුරටත් නැහැ..
-
සැබෑ ආදරය තුල,
-
ඇතුලත්භාවය, වෙනස් නොකොට සැලකීමෙහි
මූලිකාංගය ඇත.
-
වෙන් කිරීමක් නැත, බාධකයක් නැත,
-
ඔබ සහ අනෙක් පුද්ගලයා අතර.
-
එම ප්රකෘතියෙන්, ඔබට කීමට නොහැක
-
"ඒ ඔබේ ප්රශ්නයක්!"
නැත.
-
ඔබේ ප්රශ්නය යනු මගේ ප්රශ්නයයි
-
මගේ පීඩාව ඔබේ පීඩාවයි.
-
එබැවින් මෙය තමයි සැබෑ ආදරයෙහි
සිව්වැනි මූලිකාංගය.
-
එමෙන්ම ශෘංගාර ආදරයෙහි
මේ මූලිකාංග සතරම ඇති නම්,
-
එයට හැකිය ගොඩාක් සතුටත් ගෙනෙන්න.
-
බුදුන් වහන්සේ කවදාවත්ම වදාලේ නැහැ,
කිසිම සෘණාත්මක දෙයක් සත්ය ආදරය ගැන
-
ශෘංගාර ආදරය තුල
ඔබ සාර්ථක නම්,
-
ඔබ වගා කරාවි බොහෝ දයාව සහ කරුණාව.
-
එසේම ඉතා ඉක්මනින්ම
ඔබේ ආදරය සකලාංගික වේවි.
-
හුදෙක් අනෙක් පුද්ගලයා තව දුරටත්
ඔබේ ආදරයෙහි එකම වස්තුව නොවේ.
-
මන්ද ඔබේ ස්නේහය දිගින් දිගටම වැඩේවි.
-
ඔබේ ආදරය අප සැවොම වැලද ගනීවි!
-
එලෙසම සතුට සිමා රහිත බවට පත් වේවි.
-
එයයි බුදුන් වහන්සේගේ ආදරය.
-
එය තමා සිව්වැනි මූලිකාංගයෙහි අර්ථය
-
සැබෑ ආදරයෙහි:
අන්තර්ගතභාවය
-
එය සැබෑ ආදරය නම්,
එය නොකඩවාම වර්ධනය වේවි,
-
එමෙන්ම තව තවත් ඇතුලත් වේවි.
මිනිසුන් පමණක් නොවේ...
-
සතුන් ද ශාක ද
-
ඛනිජ ද.
-
එබැවින් එයයි උදාර ආදරය.
-
මහා කරුණාව
මහා මෛත්රීය
-
එයයි බුදුන් වහන්සේගේ ආදරය.
-
(ඝණ්ටා හඩ)