(ඝණ්ටා හඩ) (ඝණ්ටා හඩ) විදේශීය බසකින් ප්රශ්න කරයි බෞද්ධ ආගමෙහි එක් පදනමක් නම්, සොබාදම් මාතාවට ආදරය කිරීම; ඇයි මෙය සමානව අදාල නොවන්නේ... දෙදෙනෙකු අතර ඇති ආදරයට... සහ එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ ආදරයෙහි නිරූපණයට? යම් කෙනෙකුට නැවත කියන්න පුළුවන්ද? සිත්ගන්නාසුළු ප්රශ්නයක් ආකාරයටයි පෙනෙන්නේ. (හාස්යය) ඇය අහනවා බුදු දහම, සොබාදහම කෙරේ ආදරයට අනුබල දේ නම්, ඇයි එය (බුදු දහම) දෙදෙනෙකු අතර ආදරයට සහ ඔවුනොවුන් අතර ස්නේහය නිරූපණය කරන ආකාරයට අනුබල නොදෙන්නේ? බුදුන් වහන්සේ යනු ආදරයෙහි ප්රතිමූර්තියක්, සැබෑ ආදරය. පෘථිවි මාතාව කෙරෙහි ආදරය, සැබෑ ආදරය විය යුතුයි. එලෙසම එය සැබෑ ආදරය නම්, එයට ගොඩක් සතුට ගෙන ආ හැකියි, ඔබට සහ මිහි මාතාවට. එලෙසම ශෘංගාර ආදරය, එය සැබෑ ආදරය නම්; එයට ද ගොඩාක් සතුට ගෙන ආ හැකියි, නමුත්, එය සැබෑ ආදරය නොවේ නම්, එය ඔබව පෙළාවි, ඒ වගේම අන් අයව ද පීඩාවට පත් කරාවි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි, සත්ය ආදරයට මූලිකාංග හතරක් අවශ්යයි. මුලින්ම, මෛත්රී - දයාබර කරුණාව එනම් සතුට පිරිනැමීමට ඇති ශක්යතාවයි. ඔබට සතුට පිරිනැමීමට නොහැකි නම්, එය සත්ය ආදරය නොවේ. ශෘංගාර ආදරයෙහි, ඔබට නොහැකි නම් අනෙක් පුද්ගලයාට සතුටු වීමට උපකාර කරන්නට, එය නොවේ සත්ය ආදරය. එබැවින් ඔබ ඔබවම පුහුණු කළ යුතුයි එලෙස හැකිවීම පිණිස සතුට ලබා දීමට, ඔබ වෙත සහ ඔහු වෙත හෝ ඇය වෙත. එසේ නොමැතිව, දෙදෙනාම පීඩාවට පත් වේවි. සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය නම්, කරුණාව. කරුණාව යනු පීඩාවට පත්වීමෙන් ඈත් කිරීමට උපකාර කළ හැකි එක්තරා විදිහක ශක්තියක්. එයට හැකිය ඔබ තුල හා අනෙක් කෙනා තුල ඇති පීඩාව වෙනස් කරන්න ඔබට වෙනස් කිරීමට නොහැකි නම්, සහ ඔබ තුල මෙන්ම අන් කෙනා තුල ඇති පීඩාව ගැන වග බලා ගත නොහැකි නම්, එය නොවේ සැබෑ ආදරය. ඒ නිසා තමයි කරුණාව, සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය වන්නේ. ඔබ සහ අනෙක් පුද්ගලයා විසින් වගා කළ යුතුයි. ශෘංගාර සහ ශෘංගාර නොවන, එය නොවේ වැදගත්, වැදගත් දෙය නම්, එය සැබෑ ආදරය ද, සැබෑ ආදරය නොවේ ද යන්නයි, හරි ද? සැබෑ ආදරයෙහි තෙවන මූලිකාංගය නම්, ප්රීතිය. ආදරය කිරීම මගින්, ඔබ සැම විටම අනෙක් පුද්ගලයාව හඩවයි නම්, එසේම සෑම විටම ඔබ හඩයි නම් එය නොවේ සැබෑ ආදරය. (හාස්යය) ශෘංගාර හෝ ශෘංගාර නොවන. සැබෑ ආදරය නම්, ඇතුලත් . ඔබ බැහැර නොකරයි, ඔහුගේ පීඩාව, ඔබේ පීඩාවයි, ඔහුගේ සංතුෂ්ටිය, ඔබේ සංතුෂ්ටියයි, ඒක පුද්ගල පීඩාවක් සහ සංතුෂ්ටියක් තව දුරටත් නැහැ.. සැබෑ ආදරය තුල, ඇතුලත්භාවය, වෙනස් නොකොට සැලකීමෙහි මූලිකාංගය ඇත. වෙන් කිරීමක් නැත, බාධකයක් නැත, ඔබ සහ අනෙක් පුද්ගලයා අතර. එම ප්රකෘතියෙන්, ඔබට කීමට නොහැක "ඒ ඔබේ ප්රශ්නයක්!" නැත. ඔබේ ප්රශ්නය යනු මගේ ප්රශ්නයයි මගේ පීඩාව ඔබේ පීඩාවයි. එබැවින් මෙය තමයි සැබෑ ආදරයෙහි සිව්වැනි මූලිකාංගය. එමෙන්ම ශෘංගාර ආදරයෙහි මේ මූලිකාංග සතරම ඇති නම්, එයට හැකිය ගොඩාක් සතුටත් ගෙනෙන්න. බුදුන් වහන්සේ කවදාවත්ම වදාලේ නැහැ, කිසිම සෘණාත්මක දෙයක් සත්ය ආදරය ගැන ශෘංගාර ආදරය තුල ඔබ සාර්ථක නම්, ඔබ වගා කරාවි බොහෝ දයාව සහ කරුණාව. එසේම ඉතා ඉක්මනින්ම ඔබේ ආදරය සකලාංගික වේවි. හුදෙක් අනෙක් පුද්ගලයා තව දුරටත් ඔබේ ආදරයෙහි එකම වස්තුව නොවේ. මන්ද ඔබේ ස්නේහය දිගින් දිගටම වැඩේවි. ඔබේ ආදරය අප සැවොම වැලද ගනීවි! එලෙසම සතුට සිමා රහිත බවට පත් වේවි. එයයි බුදුන් වහන්සේගේ ආදරය. එය තමා සිව්වැනි මූලිකාංගයෙහි අර්ථය සැබෑ ආදරයෙහි: අන්තර්ගතභාවය එය සැබෑ ආදරය නම්, එය නොකඩවාම වර්ධනය වේවි, එමෙන්ම තව තවත් ඇතුලත් වේවි. මිනිසුන් පමණක් නොවේ... සතුන් ද ශාක ද ඛනිජ ද. එබැවින් එයයි උදාර ආදරය. මහා කරුණාව මහා මෛත්රීය එයයි බුදුන් වහන්සේගේ ආදරය. (ඝණ්ටා හඩ)