< Return to Video

හදවතට කතා කරන්න

  • 0:09 - 0:16
    දළ වශයෙන් මිලියන 365ක පිරිසකගේ
    මව්බස ඉංග්රීසි
  • 0:17 - 0:21
    බිලියන දෙකකට අධික සෙසු පිරිසක්
    ඉංග්රීසි ඉගෙන ගන්නවා හා කතා කරනවා
  • 0:21 - 0:23
    දෙවන හෝ තෙවන බස ලෙස
  • 0:24 - 0:26
    ඔබ ඉංග්රීසි කතාකරනවා නම්,
  • 0:26 - 0:32
    බිලියන 2.5ක පිරිසකට ඔබ කියන දේ අවබෝධ
    කරවන්න පුලුවන්
  • 0:32 - 0:37
    ඉතිං වෙනත් විදෙස් බසක් ඉගෙනගැනීම
    අවශ්ය ඇයි?
  • 0:37 - 0:41
    ඒක නරක විදියට කාලය අපතේ යැවීමක් නෙමෙයිද?
  • 0:41 - 0:45
    නෙල්සන් මැන්ඩෙලාව
    දරුණුවට විවේචනය කළා
  • 0:45 - 0:49
    කලු දකුණු අප්රිකානුවන් විසින්
    අප්රිකානුස් බස කතා කළ නිසා
  • 0:50 - 0:51
    ඔහු පිළිතුරු දුන්නෙ මෙහෙමයි,
  • 0:51 - 0:55
    මිනිහෙකුට තේරෙන භාෂාවකින්
    කතා කළාම,
  • 0:56 - 0:58
    ඒක මිනිහගේ ඔලුවට ම යනවා
  • 0:59 - 1:02
    මිනිහෙකුට තමන්ගේ භාෂාවෙන් කතා කළාම,
  • 1:03 - 1:04
    ඒක ඔහුගේ හදචතට යනවා
  • 1:05 - 1:07
    ඉතිං මෙන්න මේකයි
  • 1:07 - 1:09
    ඔබට කාගෙ හරි හිත දිනා ගන්න ඕන නම්,
  • 1:09 - 1:12
    ඔබ ඔවුන්ගේ හදවතට කතා කළ යුතු වෙනවා,
  • 1:13 - 1:15
    පාප් වහන්සේ ඒක දන්නවා.
  • 1:15 - 1:19
    2වැනි ජුවාන් පාවුළු පාප්තුමා,
    භාෂා දහයක් විතර චතුරව කථා කළා
  • 1:19 - 1:22
    තවත් දොළහක් විතර
    ප්රාථමික මට්ටමින්
  • 1:23 - 1:27
    උන්වහන්සේ යන හැම තැනකදී ම
    මිනිසුන්ට ආචාර කළා
  • 1:27 - 1:31
    වාක්ය දෙක තුනකින්වත් ඔවුන්ගේ මව් භාෂාවෙන්
  • 1:31 - 1:36
    එය ඉතාම වැදගත් සාධකයක් වුනා
    ඔහුගේ ජනප්රියත්වයට
  • 1:37 - 1:40
    විදේශ ජාතික නැන්දම්මා කෙනෙක් සිටින
  • 1:40 - 1:43
    නැත්නම් විදෙස් නැන්දම්මා
    කෙනෙක් ලැබෙන්න ඉන්න
    අයත් ඒක දන්නවා
  • 1:44 - 1:46
    ඔවුන්පෙම්වතිය එක්ක ඉංග්රීසියෙන්
    කතා කරනවා වෙන්න පුලුවන්
  • 1:46 - 1:51
    ඒත් පෙම්වතියගෙ මව එක්ක
    හොඳින් ඉන්න නම්
  • 1:51 - 1:55
    තරුණයො ඕනෑම පිස්සු භාෂාවක්
    ඉගෙන ගන්න කැමතියි
  • 1:55 - 1:57
    ඕලන්ද භාෂාව උනත්
  • 1:57 - 1:59
    (සිනා)
  • 1:59 - 2:01
    සාමාන්යයෙන් ඒක තමයි විසඳුම
  • 2:02 - 2:03
    ඇයි ඒ?
  • 2:04 - 2:09
    අපේ මව් භාෂාව සම්පූර්ණයෙන් ම
    බැඳිලා තියෙන්නෙ
  • 2:09 - 2:13
    අපේ පෞරුෂය, අපේ අන්යන්යතාව සමඟ
  • 2:13 - 2:18
    අපේ පෞද්ගලික ඉතිහාසය සම්පූර්ණයෙන් ම
    ගැඹුරින් මුල්ගත වී තියෙනවා
  • 2:18 - 2:21
    එය අපේ මව් භාෂාවෙ ගැලී පවතිනවා
  • 2:21 - 2:28
    හැඟීම් හා මතකයන් රැසක්
    තියෙනවා වචන, ප්රකාශනවලට
    සම්බන්ධ වෙලා,
  • 2:29 - 2:32
    ව්යාකරණවලට පවා සම්බන්ධ,
    අප හැදී වැඩුනු මතකයන්
  • 2:33 - 2:37
    ඉතිං ඔබ වෙනත් කෙනෙක්ගෙ
    භාෂාවක් ඉගෙන ගත්තොත්
  • 2:37 - 2:40
    ඔබ පෙන්වනවා ඔබ ඇත්තෙන් ම
    උනන්දුවක් දක්වන බව
  • 2:40 - 2:44
    ඔවුන්ගෙ ජීවිතය, ඔවුන්ගේ පෞරුෂය ගැන
  • 2:45 - 2:48
    එයින් උද්දාම නොවන්නේ කොයි නැන්දම්මද?
  • 2:49 - 2:53
    ඔබට තමන්ගෙ භාෂාව ඇහෙනකොට
    සම්බන්ධතාවක් දැනෙනවා
  • 2:54 - 2:56
    ඔබ සංචාරය කරන විට වුවත්,
  • 2:56 - 3:00
    දවස් ගණනාවක් හෝ සති ගණනාවක්
    ඔබ විදෙස් භාෂාවක් කතාකරමින් හිටියත්
  • 3:01 - 3:03
    ඔබ ගුවන්යානයට ගොඩවුන ගමන්
  • 3:03 - 3:06
    ගුවන් සේවිකාවන් ඔබේ භාෂාවෙන් ආචාර කරනවා
  • 3:06 - 3:08
    එතකොට ඔබට දැනෙනවා ගෙදර යන බව
  • 3:10 - 3:14
    මව් භාෂාවලට සුවඳක් තියෙනවා නම්
  • 3:14 - 3:19
    මට හිතෙන්නෙ ඒවා කුකීස් සුවඳ ඇති කියලා
  • 3:19 - 3:21
    හිතට සනීපයක් දෙන කුකුල් මස් සුප් සුවඳ
  • 3:22 - 3:24
    ආත්තම්මගෙ කොලොන්වල සුවඳ
  • 3:25 - 3:28
    සමහර විට කපුරුබෝලවල සුවඳ ටිකක් විතර
  • 3:29 - 3:34
    සමහර විට මේ හේතුව නිසා වෙන්න ඇති,
    සකස් කළ භාෂාවලට
  • 3:34 - 3:40
    එස්පැරැන්තෝ වගේ,
    බලාපොරොත්තු වූ විදියට
    පිළිගැනීමක් නොලැබුනේ
  • 3:41 - 3:44
    කොයි තරම් දක්ෂ විදියට සකස් කර තිබුණත්
  • 3:44 - 3:47
    සරල උනත්, ඉගෙනීමට පහසු වුනත්,
  • 3:48 - 3:53
    කිසිම රටක් කෘතිම භාෂාවක් තමන්ගෙ භාෂාව
    විදියට පිළිගෙන හෝ
  • 3:54 - 3:59
    විධිමත්ව උගන්වන විදේශ භාෂාවක්
    විදියට තෝරා ගෙන නැහැ
  • 3:59 - 4:03
    පුලුල් වශයෙන් හෝ දීර්ඝ කාලීන වශයෙන්
  • 4:03 - 4:05
    එය උත්සාහ කර තිබුණත්
  • 4:06 - 4:12
    ඒත් ස්වභාවික භාෂාවල දුෂ්කරතා හමුවේ වුවත්
  • 4:12 - 4:15
    කරදරකාරී නොවිධිමත් බව
  • 4:15 - 4:20
    අක්ෂර වින්යාසය හා උච්ඡාරණය අතර පවතින වෙනස
  • 4:20 - 4:25
    සමහර විට ව්යාකරණවල පවතින
    විකාර සංකීර්ණ බව
  • 4:26 - 4:27
    ඒ සියලු ම හේතු මැද වුවත්,
  • 4:28 - 4:34
    අපි වඩාත් කැමතියි මිනිසුන් සමග
    ස්වාභවිකව වැඩුනු භාෂා ඉගෙන ගැනීමට
  • 4:36 - 4:40
    සකස් කළ භාෂා කතා කරන්නෙ ඔලුවට
  • 4:41 - 4:45
    ස්වභාවික භාෂා කුකීස් සුවඳයි
  • 4:46 - 4:52
    නෙල්සන් මැන්ඩෙලාට අනුව
    අප්රිකානස් ඉගෙනීම ඔබේ සතුරා ගැන දැන ගැනීමක්
  • 4:52 - 4:57
    ඔහු කිව්වේ, ඔබ දැන ගන්න ඕනෙ
    ඔවුන්ගෙ භාෂාව හා ඔවුන්ගේ ආසාවන්
  • 4:57 - 5:00
    බලාපොරොත්තු හා බිය කියලා,
    ඔවුන් පරාජය කිරීමට නම්
  • 5:01 - 5:04
    ඔහු එය කළා. එය සාර්ථක වුණා
  • 5:05 - 5:08
    ඒත් එය හැම විටම අදාළ වන්නේ
    සතුරන්ට පමණක් නෙමෙයි නේද?
  • 5:09 - 5:12
    එය සෑම ආකාරයක ම මානව සම්බන්ධතාවලට අදාළයි.
  • 5:13 - 5:18
    නැන්දම්මලා හතුරො කියලා හිතන අන්තිමයා මමයි
  • 5:18 - 5:19
    නියතයක් ලෙස
  • 5:20 - 5:23
    අවුරුදු හත අටකට කළින්,
  • 5:23 - 5:26
    මම පවුලේ අයත් එක පෝලන්තය හරහා යමින් හිටියා
  • 5:27 - 5:31
    කඩ සාප්පු වහන්න ඔන්න මෙන්න
    අපිට කෑම ගන්න ඕනෑ වෙලා තිබුණෙ
  • 5:32 - 5:36
    අන්තිමේ දී පාරෙ අනික් පැත්තෙ
    අපි සුපර්මාර්කට් එකක් දැක්කා
  • 5:37 - 5:42
    ඒකට යන්න තිබුණ එක ම විදිය තමයි
    යූ ටර්න් එකක් දාන එක
  • 5:42 - 5:43
    ඉතිං මම ඒක තමයි කළේ
  • 5:44 - 5:47
    ඒක සමහර විට අවදානම් සහිත වෙන්න ඇති
  • 5:47 - 5:50
    නිසැකයෙන් ම නීති විරෝධීයි
  • 5:52 - 5:58
    කාර් එක නවත්තලා,
    එන්ජිම නවත්තන්නත් කළින්
  • 5:58 - 6:00
    මට තට්ටුකරන සද්දයක් ඇහුණා.
  • 6:01 - 6:06
    මම වීදුරුව පාත් කළා ම,
    ඇස් යුගල දෙකක් මතුවුණා
  • 6:08 - 6:12
    පොලිස් නිලධාරී දෙදෙනෙකුට අයත් ඇස්
  • 6:13 - 6:18
    මට කියන්න බැහැ, මට දක්ෂ විදියට
    පෝලන්ත බස කතා කරන්න පුලුවන් කියලා
  • 6:18 - 6:19
    අත්යවශ්ය ම වෙලාවට
  • 6:20 - 6:24
    ඒත් මට සරල දෙබසක් පවත්වා ගන්න
    පුලුවන්කම තිබුණා
  • 6:24 - 6:28
    ඒත් මේ අවස්ථාවෙ දී වරදකාරී හැඟීමක් සහිතව
  • 6:29 - 6:32
    නිල ඇඳුම් ඇඳපු නීතිය රකින දෙදෙනෙක්
    එක්ක මූණට මූණ බලාගෙන ඉන්න කොට
  • 6:33 - 6:38
    මම දැනගෙන හිටපු තේරුමක් ඇති පෝලන්ත
    වචන ඔක්කොම අමතකවෙලා ගියා
  • 6:40 - 6:44
    ඒත් මම මොහොතකටවත් හිතුවෙ නෑ
  • 6:45 - 6:48
    මේ අවස්ථාවෙ ඉංග්රීසියෙන් කතා කරන්න
  • 6:49 - 6:53
    ඉංග්රීසිවලින් මට සමහර විට වාග් විද්යාත්මකව
    වාසියක් ලබා දෙන්නත් ඉඩ තිබුණා
  • 6:54 - 6:57
    ඒත් ඒකෙන් පොලිස් නිලධාරීන්
    අපහසුතාවට පත්වෙන්න පුලුවන්
  • 6:58 - 7:01
    ඒ නිසා පෝලන්ත භාෂාවෙන් ම
    කතා කරන්න මම හිතා ගත්තා
  • 7:02 - 7:03
    ඒත් කොහොමද?
  • 7:04 - 7:09
    මගෙ මොලේ, පුංචි පෝලන්ත භාෂා මුල්ල
    එක පාරට ම හිස් වෙලා
  • 7:10 - 7:12
    එක ම එක දෙයක් ඇරෙන්න
  • 7:13 - 7:18
    මම නිතර නිතර කියපු එක දෙයක් මට මතක තිබුණා
  • 7:18 - 7:21
    මට නින්දෙන් පවා කියන්න පුලුවන් වූ දෙයක්
  • 7:23 - 7:25
    ඒක ළමා ගීයක්
  • 7:28 - 7:30
    ලෙඩ වෙච්ච ගෙම්බෙක් ගැන
  • 7:30 - 7:32
    (සිනා)
  • 7:33 - 7:35
    එච්චරයි මට මතක තිබුණෙ
  • 7:35 - 7:40
    ඒක හරි විකාරයක් කියලා දැන දැනත්,
    මම කියන්න පටන් ගත්තා
  • 7:40 - 7:43
    (පෝලන්ත බසින්) ලෙඩින් වැටුණු ගෙඹි පැංචෙක්
  • 7:43 - 7:46
    වෙද ගෙදරට ගිහින් කිව්වා
    සනීප නෑ ඈට කියලා
  • 7:46 - 7:50
    වයස නිසා ඇස් නොපෙනෙන
    උපැස් පැළදි වෙද මහතා
  • 7:52 - 7:54
    මම පොලිසියෙ අය දිහා බැලුවා
  • 7:54 - 7:56
    ඒගොල්ලොත් ඇසිපිය නොහෙලා
    මා දිහා බලා හිටියා
  • 7:56 - 7:58
    (සිනා)
  • 7:59 - 8:02
    එක්කෙනෙක් ඔලුව කැසුවා වගේ මට මතකයි
  • 8:03 - 8:05
    ඊට පස්සෙ ඒගොල්ලො හිනා වුණා
  • 8:06 - 8:07
    ඒගොල්ලො හිනා වුණා
  • 8:07 - 8:11
    ඒකෙන් මටත් සැහැල්ලුවක් දැනුණා.
  • 8:11 - 8:14
    අන්තිමේ දී තව අදාළ වචන දෙක තුනක්
  • 8:14 - 8:17
    මගෙ මතකෙට ආවා,
  • 8:17 - 8:20
    වාක්ය දෙක තුනක් ගැට
    ගහගන්න මට පුලුවන් වුණා
  • 8:20 - 8:23
    සමා වෙන්න, කෑම ඕනෑ වුණා. ආයෙත් කරන්නෙ නෑ
  • 8:25 - 8:26
    ඒගොල්ලො මට යන්න දුන්නා
  • 8:27 - 8:32
    මම කඩේට දුවන කොට “Szczęśliwej podróży!" කියලා ඒගොල්ලො කෑගැහුවා
  • 8:32 - 8:34
    සුබ සංචාරයක්
  • 8:35 - 8:39
    භාෂාවක් ඉගෙනගන්න ඔබ දිරිමත් කරන
    එක මගෙ අපේක්ෂාව නෙමෙයි
  • 8:39 - 8:43
    එමගින් ලෝකෙ පුරා සංචාරය කරන්න,
    නීති කඩන්න, ඒවයින් බේරෙන්න
  • 8:45 - 8:49
    ඒත් මේ පුංචි සිද්ධියෙන් පේනවා, වචන කිහිපයකින්
  • 8:50 - 8:54
    ඉතාම සරල හෝ විකාර වචන කිහිපයකින් වුවත්
  • 8:54 - 8:58
    හදවත ඇතුළට ම ගිහිල්ලා හදවත මෙලෙක් කරන්න
  • 8:59 - 9:02
    අනික තමයි ලෙඩ වෙච්ච ගෙම්බගෙ කතාවට
    තව විකල්පයක් තියෙනවා
  • 9:02 - 9:04
    මම ඉතාම හොඳින් දන්න තව එකක් තියෙනවා
  • 9:06 - 9:07
    බීලා කියන සිංදුවක්
  • 9:07 - 9:09
    (සිනා)
  • 9:09 - 9:11
    ඒක කිව්ව නං මට සමහර විට
    හිනාවක් නොලැබෙන්න ඉඩ තිබුණා
  • 9:12 - 9:14
    සමහර විට මාව පොලිසියට ගෙනියන්නත්
    ඉඩ තිබුණා
  • 9:14 - 9:16
    රුධිරයේ මත්පැන් පරීක්ෂාවක් කරන්න
  • 9:18 - 9:21
    ඔබ භාෂා ගොඩාක් ඉගෙන ගන්න අවශ්ය වෙන්නෙ නෑ
  • 9:21 - 9:24
    ඒවගේම ඉතා හොඳින් ඉගෙන ගැනීම
    අවශ්ය වෙන්නෙත් නෑ
  • 9:24 - 9:26
    වචන කිහිපයකින් සෑහෙන දුරක් යන්න පුලුවන්
  • 9:27 - 9:30
    හදවතට කතා කරන වචන දහයකින්
    ලොකු බලපෑමක් කරන්න පුලුවන්
  • 9:30 - 9:33
    ඔලුවට කතා කරන වචන දාහකට වඩා
  • 9:35 - 9:39
    ඉංග්රීසි භාෂාව භාවිත කර
    අතරමැද දී හමුවීමත්
    ඕනෑම අවස්ථාවක තෝරාගන්න පුලුවන්
  • 9:40 - 9:45
    ඒවගේ ම ඔබට පුලුවන් මැද සීමාවෙන්
    ඉදිරියට එන පුද්ගලයා වෙන්න
  • 9:45 - 9:49
    එසේ කර, මිතුරා හෝ සතුරා කවුරු හෝ
  • 9:49 - 9:51
    ඔවුන්ගේ සීමාවේ දී හමුවෙන්න
  • 9:52 - 9:55
    අනෙකාගෙ භාෂාව කතා කිරීම නිසා
    ඔබ දුර්වලයෙක් වෙන්නෙ නැහැ
  • 9:55 - 9:57
    එමගින් ඔබ ශක්තිමත්බව ඔප්පු වෙනවා
  • 9:58 - 10:04
    ඔහු තමයි සීමා මායිම් බිඳ දැමීමට ධෛර්යය ඇති තැනැත්තා
  • 10:05 - 10:07
    අන්තිමේ දී දිනන කෙනා.
  • 10:08 - 10:12
    අත්වැරදි කරන්න බය වෙන්න එපා.
    අත්වැරදි මගින් පේන්නෙ ඔබ මිනිසෙක් බව
  • 10:13 - 10:17
    මේ වගේ අවස්ථාවක අතිරේක වාසියකුත් තියෙනවා
  • 10:18 - 10:21
    ඔබ වැරැද්දක් කළොත්
  • 10:21 - 10:26
    අනෙක් අයට ඔබව නිවැරදි කරන්න, ඔබට උදව් කරන්න, ඔබව හමුවන්න
    ඔබ ඔවුන්ට අවස්ථාවක් දෙනවා
  • 10:26 - 10:32
    මෙසේ වුණාම ඔබ ආරම්භ කළ
    සම්බන්ධතාව තවත් ශක්තිමත් වෙනවා
  • 10:33 - 10:37
    ඉතිං ඔබට අවශ්ය ඔබ කියන දේ
    අනික් අය තේරුම් ගන්නද?
  • 10:38 - 10:40
    නැත්නම් ඔබට ඕනෑ සම්බන්ධතාවක්
    ගොඩනගා ගන්නද?
  • 10:42 - 10:47
    ඉතිං අපි හැම දෙනා ම ඉංග්රීසි ඉගෙනීම
    හා භාවිත කිරීම දිගට ම කරමු.
  • 10:48 - 10:53
    එතකොට අපට පුළුවන් මෙහෙම මිශ්ර
    ශ්රාවක පිරිසක් සමග එක්ව කටයුතු කරන්න.
    TEDx හි කරනවා වගේ
  • 10:54 - 10:58
    ඉංග්රීසි බලවත් මෙවලමක්, දැනුම බෙදා හදා ගන්න
  • 10:58 - 11:04
    ගෝලීය ගැටලු හා සම්බන්ධ
    අන්තර්ජාතික සම්මුතීන්වලට
  • 11:05 - 11:10
    ඒ සියල්ලට ම වඩා මිලියන 365ක්
    හදවත්වලට මාර්ගය ඉංග්රීසි
  • 11:11 - 11:17
    මිලියන 365ක් පිරිසකට
    ඉංග්රීසි භාෂාව කුකීස් සුවඳයි.
  • 11:19 - 11:21
    ඒත් එතැනින් නවතින්නෙ ඇයි?
  • 11:22 - 11:25
    අතිරේක උත්සාහයක් දරලා
  • 11:25 - 11:28
    තව එක විදෙස් භාෂාවක්වත්
    ඉගෙන නොගන්නෙ ඇයි?
  • 11:29 - 11:32
    ගොඩක් රසවල කුකීස් තියෙනවානෙ
  • 11:32 - 11:34
    ඉතිං අපි අලුත් රසයක කුකී එකක් කාලා බලමු.
  • 11:35 - 11:36
    ස්තූතියි.
  • 11:36 - 11:38
    (අත්පොලසන්)
Title:
හදවතට කතා කරන්න
Description:

ප්‍රාදේශීය වශයෙන් ස්වාධීනව සංවිධානය කරන ලද TED සම්මේලන ස්වරූපයේ අවස්ථාවක දී පැවැත්වුණු කතාවකි. වැඩිදුර විස්තර http://ted.com/tedx

භාෂාවල ඇති සුන්දරත්වය හා ලෙඩ වූ ගෙම්බෙකුට ඔබේ දවස ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද.
මාර්ලීන් කතන්දර කීම හා භාෂා ගැන ඇල්මක් දක්වන වාග් විද්‍යාඥවරියක හා සන්නිවේදන විශේෂඥවරියකි.
ඇගේ සැහැල්ලු බ්ලොග් පිටුවෙහි ඈ බහුසංස්කෘතිකත්වයේ ඇති විනෝදාත්මක බව හා ප්‍රතිලාභ හා සංස්කෘතික වෙනස්කම් ගැන කථාකරයි. බහුභාෂාවේදීනියක ලෙස ඈ මුහුණපාන අත්දැකීම් අළලාවන රසවත් සිදුවීම් පාදක කරගත් ඇගේ බ්ලොග් ලිපි වාග්විද්‍යාත්මක මෙන් ම සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් පාඨකයාට අවබෝධයක් ලබා දෙයි.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDxTalks
Duration:
11:56

Sinhala subtitles

Revisions