WEBVTT 00:00:09.305 --> 00:00:15.782 දළ වශයෙන් මිලියන 365ක පිරිසකගේ මව්බස ඉංග්රීසි 00:00:16.614 --> 00:00:20.710 බිලියන දෙකකට අධික සෙසු පිරිසක් ඉංග්රීසි ඉගෙන ගන්නවා හා කතා කරනවා 00:00:20.711 --> 00:00:23.059 දෙවන හෝ තෙවන බස ලෙස 00:00:24.376 --> 00:00:26.082 ඔබ ඉංග්රීසි කතාකරනවා නම්, 00:00:26.083 --> 00:00:31.535 බිලියන 2.5ක පිරිසකට ඔබ කියන දේ අවබෝධ කරවන්න පුලුවන් NOTE Paragraph 00:00:32.485 --> 00:00:36.838 ඉතිං වෙනත් විදෙස් බසක් ඉගෙනගැනීම අවශ්ය ඇයි? 00:00:36.839 --> 00:00:41.143 ඒක නරක විදියට කාලය අපතේ යැවීමක් නෙමෙයිද? 00:00:41.144 --> 00:00:45.382 නෙල්සන් මැන්ඩෙලාව දරුණුවට විවේචනය කළා 00:00:45.383 --> 00:00:49.112 කලු දකුණු අප්රිකානුවන් විසින් අප්රිකානුස් බස කතා කළ නිසා 00:00:50.022 --> 00:00:51.488 ඔහු පිළිතුරු දුන්නෙ මෙහෙමයි, 00:00:51.489 --> 00:00:55.225 මිනිහෙකුට තේරෙන භාෂාවකින් කතා කළාම, 00:00:56.055 --> 00:00:57.613 ඒක මිනිහගේ ඔලුවට ම යනවා 00:00:59.023 --> 00:01:02.040 මිනිහෙකුට තමන්ගේ භාෂාවෙන් කතා කළාම, 00:01:02.720 --> 00:01:04.312 ඒක ඔහුගේ හදචතට යනවා 00:01:05.391 --> 00:01:06.661 ඉතිං මෙන්න මේකයි 00:01:06.662 --> 00:01:09.330 ඔබට කාගෙ හරි හිත දිනා ගන්න ඕන නම්, 00:01:09.331 --> 00:01:11.705 ඔබ ඔවුන්ගේ හදවතට කතා කළ යුතු වෙනවා, 00:01:13.185 --> 00:01:14.973 පාප් වහන්සේ ඒක දන්නවා. 00:01:14.974 --> 00:01:18.884 2වැනි ජුවාන් පාවුළු පාප්තුමා, භාෂා දහයක් විතර චතුරව කථා කළා 00:01:18.885 --> 00:01:22.343 තවත් දොළහක් විතර ප්රාථමික මට්ටමින් 00:01:22.953 --> 00:01:26.591 උන්වහන්සේ යන හැම තැනකදී ම මිනිසුන්ට ආචාර කළා 00:01:26.592 --> 00:01:30.847 වාක්ය දෙක තුනකින්වත් ඔවුන්ගේ මව් භාෂාවෙන් NOTE Paragraph 00:01:30.848 --> 00:01:35.845 එය ඉතාම වැදගත් සාධකයක් වුනා ඔහුගේ ජනප්රියත්වයට 00:01:37.395 --> 00:01:39.804 විදේශ ජාතික නැන්දම්මා කෙනෙක් සිටින NOTE Paragraph 00:01:39.805 --> 00:01:43.265 නැත්නම් විදෙස් නැන්දම්මා කෙනෙක් ලැබෙන්න ඉන්න අයත් ඒක දන්නවා NOTE Paragraph 00:01:44.005 --> 00:01:46.406 ඔවුන්පෙම්වතිය එක්ක ඉංග්රීසියෙන් කතා කරනවා වෙන්න පුලුවන් 00:01:46.407 --> 00:01:50.552 ඒත් පෙම්වතියගෙ මව එක්ක හොඳින් ඉන්න නම් 00:01:51.222 --> 00:01:55.181 තරුණයො ඕනෑම පිස්සු භාෂාවක් ඉගෙන ගන්න කැමතියි 00:01:55.185 --> 00:01:56.872 ඕලන්ද භාෂාව උනත් 00:01:56.876 --> 00:01:58.668 (සිනා) 00:01:58.676 --> 00:02:01.104 සාමාන්යයෙන් ඒක තමයි විසඳුම 00:02:01.974 --> 00:02:03.300 ඇයි ඒ? NOTE Paragraph 00:02:04.030 --> 00:02:09.044 අපේ මව් භාෂාව සම්පූර්ණයෙන් ම බැඳිලා තියෙන්නෙ 00:02:09.045 --> 00:02:13.050 අපේ පෞරුෂය, අපේ අන්යන්යතාව සමඟ NOTE Paragraph 00:02:13.051 --> 00:02:17.694 අපේ පෞද්ගලික ඉතිහාසය සම්පූර්ණයෙන් ම ගැඹුරින් මුල්ගත වී තියෙනවා 00:02:17.695 --> 00:02:20.727 එය අපේ මව් භාෂාවෙ ගැලී පවතිනවා NOTE Paragraph 00:02:21.451 --> 00:02:27.648 හැඟීම් හා මතකයන් රැසක් තියෙනවා වචන, ප්රකාශනවලට සම්බන්ධ වෙලා, NOTE Paragraph 00:02:28.764 --> 00:02:31.642 ව්යාකරණවලට පවා සම්බන්ධ, අප හැදී වැඩුනු මතකයන් NOTE Paragraph 00:02:32.646 --> 00:02:37.141 ඉතිං ඔබ වෙනත් කෙනෙක්ගෙ භාෂාවක් ඉගෙන ගත්තොත් NOTE Paragraph 00:02:37.142 --> 00:02:40.350 ඔබ පෙන්වනවා ඔබ ඇත්තෙන් ම උනන්දුවක් දක්වන බව 00:02:40.351 --> 00:02:44.168 ඔවුන්ගෙ ජීවිතය, ඔවුන්ගේ පෞරුෂය ගැන 00:02:44.959 --> 00:02:47.585 එයින් උද්දාම නොවන්නේ කොයි නැන්දම්මද? NOTE Paragraph 00:02:48.711 --> 00:02:52.581 ඔබට තමන්ගෙ භාෂාව ඇහෙනකොට සම්බන්ධතාවක් දැනෙනවා 00:02:53.834 --> 00:02:55.617 ඔබ සංචාරය කරන විට වුවත්, NOTE Paragraph 00:02:55.618 --> 00:02:59.592 දවස් ගණනාවක් හෝ සති ගණනාවක් ඔබ විදෙස් භාෂාවක් කතාකරමින් හිටියත් 00:03:00.642 --> 00:03:03.011 ඔබ ගුවන්යානයට ගොඩවුන ගමන් 00:03:03.012 --> 00:03:06.279 ගුවන් සේවිකාවන් ඔබේ භාෂාවෙන් ආචාර කරනවා 00:03:06.280 --> 00:03:08.408 එතකොට ඔබට දැනෙනවා ගෙදර යන බව 00:03:10.478 --> 00:03:14.450 මව් භාෂාවලට සුවඳක් තියෙනවා නම් 00:03:14.451 --> 00:03:18.680 මට හිතෙන්නෙ ඒවා කුකීස් සුවඳ ඇති කියලා 00:03:18.681 --> 00:03:21.103 හිතට සනීපයක් දෙන කුකුල් මස් සුප් සුවඳ 00:03:21.773 --> 00:03:23.828 ආත්තම්මගෙ කොලොන්වල සුවඳ 00:03:24.668 --> 00:03:27.941 සමහර විට කපුරුබෝලවල සුවඳ ටිකක් විතර NOTE Paragraph 00:03:28.742 --> 00:03:34.000 සමහර විට මේ හේතුව නිසා වෙන්න ඇති, සකස් කළ භාෂාවලට NOTE Paragraph 00:03:34.001 --> 00:03:40.301 එස්පැරැන්තෝ වගේ, බලාපොරොත්තු වූ විදියට පිළිගැනීමක් නොලැබුනේ 00:03:41.212 --> 00:03:44.212 කොයි තරම් දක්ෂ විදියට සකස් කර තිබුණත් 00:03:44.213 --> 00:03:46.995 සරල උනත්, ඉගෙනීමට පහසු වුනත්, NOTE Paragraph 00:03:48.334 --> 00:03:53.085 කිසිම රටක් කෘතිම භාෂාවක් තමන්ගෙ භාෂාව විදියට පිළිගෙන හෝ NOTE Paragraph 00:03:53.948 --> 00:03:58.939 විධිමත්ව උගන්වන විදේශ භාෂාවක් විදියට තෝරා ගෙන නැහැ 00:03:58.940 --> 00:04:02.564 පුලුල් වශයෙන් හෝ දීර්ඝ කාලීන වශයෙන් 00:04:03.414 --> 00:04:05.161 එය උත්සාහ කර තිබුණත් NOTE Paragraph 00:04:05.831 --> 00:04:11.871 ඒත් ස්වභාවික භාෂාවල දුෂ්කරතා හමුවේ වුවත් 00:04:11.872 --> 00:04:15.434 කරදරකාරී නොවිධිමත් බව 00:04:15.435 --> 00:04:20.154 අක්ෂර වින්යාසය හා උච්ඡාරණය අතර පවතින වෙනස 00:04:20.156 --> 00:04:24.694 සමහර විට ව්යාකරණවල පවතින විකාර සංකීර්ණ බව 00:04:25.655 --> 00:04:27.304 ඒ සියලු ම හේතු මැද වුවත්, 00:04:28.304 --> 00:04:34.192 අපි වඩාත් කැමතියි මිනිසුන් සමග ස්වාභවිකව වැඩුනු භාෂා ඉගෙන ගැනීමට 00:04:35.812 --> 00:04:39.654 සකස් කළ භාෂා කතා කරන්නෙ ඔලුවට 00:04:40.774 --> 00:04:44.772 ස්වභාවික භාෂා කුකීස් සුවඳයි 00:04:46.056 --> 00:04:51.981 නෙල්සන් මැන්ඩෙලාට අනුව අප්රිකානස් ඉගෙනීම ඔබේ සතුරා ගැන දැන ගැනීමක් 00:04:51.982 --> 00:04:56.910 ඔහු කිව්වේ, ඔබ දැන ගන්න ඕනෙ ඔවුන්ගෙ භාෂාව හා ඔවුන්ගේ ආසාවන් 00:04:56.911 --> 00:05:00.243 බලාපොරොත්තු හා බිය කියලා, ඔවුන් පරාජය කිරීමට නම් 00:05:01.073 --> 00:05:03.644 ඔහු එය කළා. එය සාර්ථක වුණා 00:05:04.724 --> 00:05:08.186 ඒත් එය හැම විටම අදාළ වන්නේ සතුරන්ට පමණක් නෙමෙයි නේද? 00:05:09.254 --> 00:05:12.111 එය සෑම ආකාරයක ම මානව සම්බන්ධතාවලට අදාළයි. 00:05:13.445 --> 00:05:17.746 නැන්දම්මලා හතුරො කියලා හිතන අන්තිමයා මමයි 00:05:17.747 --> 00:05:18.983 නියතයක් ලෙස 00:05:19.833 --> 00:05:22.762 අවුරුදු හත අටකට කළින්, 00:05:22.763 --> 00:05:25.642 මම පවුලේ අයත් එක පෝලන්තය හරහා යමින් හිටියා 00:05:27.172 --> 00:05:31.413 කඩ සාප්පු වහන්න ඔන්න මෙන්න අපිට කෑම ගන්න ඕනෑ වෙලා තිබුණෙ 00:05:32.257 --> 00:05:35.692 අන්තිමේ දී පාරෙ අනික් පැත්තෙ අපි සුපර්මාර්කට් එකක් දැක්කා 00:05:36.678 --> 00:05:41.637 ඒකට යන්න තිබුණ එක ම විදිය තමයි යූ ටර්න් එකක් දාන එක 00:05:41.638 --> 00:05:43.328 ඉතිං මම ඒක තමයි කළේ 00:05:44.368 --> 00:05:46.578 ඒක සමහර විට අවදානම් සහිත වෙන්න ඇති 00:05:47.118 --> 00:05:49.696 නිසැකයෙන් ම නීති විරෝධීයි 00:05:52.065 --> 00:05:57.638 කාර් එක නවත්තලා, එන්ජිම නවත්තන්නත් කළින් 00:05:57.908 --> 00:05:59.723 මට තට්ටුකරන සද්දයක් ඇහුණා. 00:06:01.250 --> 00:06:06.096 මම වීදුරුව පාත් කළා ම, ඇස් යුගල දෙකක් මතුවුණා 00:06:07.624 --> 00:06:11.963 පොලිස් නිලධාරී දෙදෙනෙකුට අයත් ඇස් 00:06:13.296 --> 00:06:17.564 මට කියන්න බැහැ, මට දක්ෂ විදියට පෝලන්ත බස කතා කරන්න පුලුවන් කියලා 00:06:17.565 --> 00:06:19.255 අත්යවශ්ය ම වෙලාවට 00:06:19.985 --> 00:06:23.526 ඒත් මට සරල දෙබසක් පවත්වා ගන්න පුලුවන්කම තිබුණා 00:06:24.336 --> 00:06:27.780 ඒත් මේ අවස්ථාවෙ දී වරදකාරී හැඟීමක් සහිතව 00:06:28.620 --> 00:06:31.755 නිල ඇඳුම් ඇඳපු නීතිය රකින දෙදෙනෙක් එක්ක මූණට මූණ බලාගෙන ඉන්න කොට 00:06:33.175 --> 00:06:38.315 මම දැනගෙන හිටපු තේරුමක් ඇති පෝලන්ත වචන ඔක්කොම අමතකවෙලා ගියා 00:06:39.719 --> 00:06:43.789 ඒත් මම මොහොතකටවත් හිතුවෙ නෑ 00:06:44.549 --> 00:06:47.728 මේ අවස්ථාවෙ ඉංග්රීසියෙන් කතා කරන්න 00:06:49.078 --> 00:06:53.318 ඉංග්රීසිවලින් මට සමහර විට වාග් විද්යාත්මකව වාසියක් ලබා දෙන්නත් ඉඩ තිබුණා 00:06:54.278 --> 00:06:57.280 ඒත් ඒකෙන් පොලිස් නිලධාරීන් අපහසුතාවට පත්වෙන්න පුලුවන් 00:06:58.244 --> 00:07:00.934 ඒ නිසා පෝලන්ත භාෂාවෙන් ම කතා කරන්න මම හිතා ගත්තා 00:07:01.774 --> 00:07:02.798 ඒත් කොහොමද? 00:07:04.479 --> 00:07:08.699 මගෙ මොලේ, පුංචි පෝලන්ත භාෂා මුල්ල එක පාරට ම හිස් වෙලා 00:07:10.388 --> 00:07:11.965 එක ම එක දෙයක් ඇරෙන්න 00:07:13.204 --> 00:07:17.942 මම නිතර නිතර කියපු එක දෙයක් මට මතක තිබුණා 00:07:17.943 --> 00:07:20.814 මට නින්දෙන් පවා කියන්න පුලුවන් වූ දෙයක් 00:07:22.501 --> 00:07:24.960 ඒක ළමා ගීයක් 00:07:27.563 --> 00:07:29.652 ලෙඩ වෙච්ච ගෙම්බෙක් ගැන 00:07:30.273 --> 00:07:32.251 (සිනා) 00:07:32.951 --> 00:07:34.522 එච්චරයි මට මතක තිබුණෙ 00:07:34.523 --> 00:07:39.523 ඒක හරි විකාරයක් කියලා දැන දැනත්, මම කියන්න පටන් ගත්තා 00:07:40.417 --> 00:07:42.532 (පෝලන්ත බසින්) ලෙඩින් වැටුණු ගෙඹි පැංචෙක් 00:07:42.532 --> 00:07:46.084 වෙද ගෙදරට ගිහින් කිව්වා සනීප නෑ ඈට කියලා 00:07:46.085 --> 00:07:50.458 වයස නිසා ඇස් නොපෙනෙන උපැස් පැළදි වෙද මහතා 00:07:51.564 --> 00:07:53.882 මම පොලිසියෙ අය දිහා බැලුවා 00:07:53.883 --> 00:07:56.483 ඒගොල්ලොත් ඇසිපිය නොහෙලා මා දිහා බලා හිටියා 00:07:56.484 --> 00:07:57.813 (සිනා) 00:07:58.653 --> 00:08:01.659 එක්කෙනෙක් ඔලුව කැසුවා වගේ මට මතකයි 00:08:02.669 --> 00:08:05.242 ඊට පස්සෙ ඒගොල්ලො හිනා වුණා 00:08:06.112 --> 00:08:07.339 ඒගොල්ලො හිනා වුණා NOTE Paragraph 00:08:07.340 --> 00:08:10.879 ඒකෙන් මටත් සැහැල්ලුවක් දැනුණා. 00:08:10.880 --> 00:08:14.256 අන්තිමේ දී තව අදාළ වචන දෙක තුනක් 00:08:14.257 --> 00:08:16.677 මගෙ මතකෙට ආවා, 00:08:16.688 --> 00:08:19.687 වාක්ය දෙක තුනක් ගැට ගහගන්න මට පුලුවන් වුණා 00:08:19.688 --> 00:08:23.483 සමා වෙන්න, කෑම ඕනෑ වුණා. ආයෙත් කරන්නෙ නෑ 00:08:24.763 --> 00:08:26.262 ඒගොල්ලො මට යන්න දුන්නා 00:08:27.334 --> 00:08:32.458 මම කඩේට දුවන කොට “Szczęśliwej podróży!" කියලා ඒගොල්ලො කෑගැහුවා 00:08:32.480 --> 00:08:34.020 සුබ සංචාරයක් 00:08:34.650 --> 00:08:39.006 භාෂාවක් ඉගෙනගන්න ඔබ දිරිමත් කරන එක මගෙ අපේක්ෂාව නෙමෙයි 00:08:39.006 --> 00:08:42.696 එමගින් ලෝකෙ පුරා සංචාරය කරන්න, නීති කඩන්න, ඒවයින් බේරෙන්න NOTE Paragraph 00:08:44.586 --> 00:08:49.481 ඒත් මේ පුංචි සිද්ධියෙන් පේනවා, වචන කිහිපයකින් 00:08:50.261 --> 00:08:53.760 ඉතාම සරල හෝ විකාර වචන කිහිපයකින් වුවත් 00:08:53.761 --> 00:08:57.991 හදවත ඇතුළට ම ගිහිල්ලා හදවත මෙලෙක් කරන්න 00:08:58.901 --> 00:09:01.771 අනික තමයි ලෙඩ වෙච්ච ගෙම්බගෙ කතාවට තව විකල්පයක් තියෙනවා 00:09:01.772 --> 00:09:04.207 මම ඉතාම හොඳින් දන්න තව එකක් තියෙනවා 00:09:05.857 --> 00:09:07.232 බීලා කියන සිංදුවක් 00:09:07.233 --> 00:09:08.525 (සිනා) 00:09:09.185 --> 00:09:11.394 ඒක කිව්ව නං මට සමහර විට හිනාවක් නොලැබෙන්න ඉඩ තිබුණා 00:09:12.124 --> 00:09:14.430 සමහර විට මාව පොලිසියට ගෙනියන්නත් ඉඩ තිබුණා 00:09:14.431 --> 00:09:15.661 රුධිරයේ මත්පැන් පරීක්ෂාවක් කරන්න 00:09:17.603 --> 00:09:21.133 ඔබ භාෂා ගොඩාක් ඉගෙන ගන්න අවශ්ය වෙන්නෙ නෑ 00:09:21.134 --> 00:09:24.153 ඒවගේම ඉතා හොඳින් ඉගෙන ගැනීම අවශ්ය වෙන්නෙත් නෑ 00:09:24.154 --> 00:09:26.162 වචන කිහිපයකින් සෑහෙන දුරක් යන්න පුලුවන් 00:09:27.122 --> 00:09:30.383 හදවතට කතා කරන වචන දහයකින් ලොකු බලපෑමක් කරන්න පුලුවන් 00:09:30.384 --> 00:09:32.964 ඔලුවට කතා කරන වචන දාහකට වඩා 00:09:34.644 --> 00:09:38.741 ඉංග්රීසි භාෂාව භාවිත කර අතරමැද දී හමුවීමත් ඕනෑම අවස්ථාවක තෝරාගන්න පුලුවන් 00:09:39.851 --> 00:09:44.822 ඒවගේ ම ඔබට පුලුවන් මැද සීමාවෙන් ඉදිරියට එන පුද්ගලයා වෙන්න 00:09:44.823 --> 00:09:49.393 එසේ කර, මිතුරා හෝ සතුරා කවුරු හෝ 00:09:49.394 --> 00:09:51.480 ඔවුන්ගේ සීමාවේ දී හමුවෙන්න 00:09:52.375 --> 00:09:55.334 අනෙකාගෙ භාෂාව කතා කිරීම නිසා ඔබ දුර්වලයෙක් වෙන්නෙ නැහැ 00:09:55.336 --> 00:09:57.066 එමගින් ඔබ ශක්තිමත්බව ඔප්පු වෙනවා 00:09:57.856 --> 00:10:04.241 ඔහු තමයි සීමා මායිම් බිඳ දැමීමට ධෛර්යය ඇති තැනැත්තා 00:10:05.221 --> 00:10:06.923 අන්තිමේ දී දිනන කෙනා. 00:10:08.292 --> 00:10:12.210 අත්වැරදි කරන්න බය වෙන්න එපා. අත්වැරදි මගින් පේන්නෙ ඔබ මිනිසෙක් බව 00:10:12.918 --> 00:10:16.836 මේ වගේ අවස්ථාවක අතිරේක වාසියකුත් තියෙනවා 00:10:18.091 --> 00:10:20.692 ඔබ වැරැද්දක් කළොත් 00:10:20.693 --> 00:10:26.090 අනෙක් අයට ඔබව නිවැරදි කරන්න, ඔබට උදව් කරන්න, ඔබව හමුවන්න ඔබ ඔවුන්ට අවස්ථාවක් දෙනවා 00:10:26.091 --> 00:10:31.933 මෙසේ වුණාම ඔබ ආරම්භ කළ සම්බන්ධතාව තවත් ශක්තිමත් වෙනවා 00:10:32.934 --> 00:10:37.190 ඉතිං ඔබට අවශ්ය ඔබ කියන දේ අනික් අය තේරුම් ගන්නද? 00:10:38.320 --> 00:10:39.970 නැත්නම් ඔබට ඕනෑ සම්බන්ධතාවක් ගොඩනගා ගන්නද? 00:10:41.650 --> 00:10:46.520 ඉතිං අපි හැම දෙනා ම ඉංග්රීසි ඉගෙනීම හා භාවිත කිරීම දිගට ම කරමු. 00:10:48.080 --> 00:10:52.561 එතකොට අපට පුළුවන් මෙහෙම මිශ්ර ශ්රාවක පිරිසක් සමග එක්ව කටයුතු කරන්න. TEDx හි කරනවා වගේ 00:10:53.591 --> 00:10:57.697 ඉංග්රීසි බලවත් මෙවලමක්, දැනුම බෙදා හදා ගන්න 00:10:57.698 --> 00:11:03.750 ගෝලීය ගැටලු හා සම්බන්ධ අන්තර්ජාතික සම්මුතීන්වලට 00:11:04.940 --> 00:11:10.161 ඒ සියල්ලට ම වඩා මිලියන 365ක් හදවත්වලට මාර්ගය ඉංග්රීසි 00:11:11.131 --> 00:11:17.170 මිලියන 365ක් පිරිසකට ඉංග්රීසි භාෂාව කුකීස් සුවඳයි. 00:11:18.927 --> 00:11:20.517 ඒත් එතැනින් නවතින්නෙ ඇයි? 00:11:22.007 --> 00:11:24.535 අතිරේක උත්සාහයක් දරලා 00:11:24.536 --> 00:11:27.696 තව එක විදෙස් භාෂාවක්වත් ඉගෙන නොගන්නෙ ඇයි? 00:11:28.776 --> 00:11:31.784 ගොඩක් රසවල කුකීස් තියෙනවානෙ 00:11:31.785 --> 00:11:34.181 ඉතිං අපි අලුත් රසයක කුකී එකක් කාලා බලමු. 00:11:34.990 --> 00:11:36.051 ස්තූතියි. 00:11:36.463 --> 00:11:37.755 (අත්පොලසන්)