1 00:00:09,305 --> 00:00:15,782 දළ වශයෙන් මිලියන 365ක පිරිසකගේ මව්බස ඉංග්රීසි 2 00:00:16,614 --> 00:00:20,710 බිලියන දෙකකට අධික සෙසු පිරිසක් ඉංග්රීසි ඉගෙන ගන්නවා හා කතා කරනවා 3 00:00:20,711 --> 00:00:23,059 දෙවන හෝ තෙවන බස ලෙස 4 00:00:24,376 --> 00:00:26,082 ඔබ ඉංග්රීසි කතාකරනවා නම්, 5 00:00:26,083 --> 00:00:31,535 බිලියන 2.5ක පිරිසකට ඔබ කියන දේ අවබෝධ කරවන්න පුලුවන් 6 00:00:32,485 --> 00:00:36,838 ඉතිං වෙනත් විදෙස් බසක් ඉගෙනගැනීම අවශ්ය ඇයි? 7 00:00:36,839 --> 00:00:41,143 ඒක නරක විදියට කාලය අපතේ යැවීමක් නෙමෙයිද? 8 00:00:41,144 --> 00:00:45,382 නෙල්සන් මැන්ඩෙලාව දරුණුවට විවේචනය කළා 9 00:00:45,383 --> 00:00:49,112 කලු දකුණු අප්රිකානුවන් විසින් අප්රිකානුස් බස කතා කළ නිසා 10 00:00:50,022 --> 00:00:51,488 ඔහු පිළිතුරු දුන්නෙ මෙහෙමයි, 11 00:00:51,489 --> 00:00:55,225 මිනිහෙකුට තේරෙන භාෂාවකින් කතා කළාම, 12 00:00:56,055 --> 00:00:57,613 ඒක මිනිහගේ ඔලුවට ම යනවා 13 00:00:59,023 --> 00:01:02,040 මිනිහෙකුට තමන්ගේ භාෂාවෙන් කතා කළාම, 14 00:01:02,720 --> 00:01:04,312 ඒක ඔහුගේ හදචතට යනවා 15 00:01:05,391 --> 00:01:06,661 ඉතිං මෙන්න මේකයි 16 00:01:06,662 --> 00:01:09,330 ඔබට කාගෙ හරි හිත දිනා ගන්න ඕන නම්, 17 00:01:09,331 --> 00:01:11,705 ඔබ ඔවුන්ගේ හදවතට කතා කළ යුතු වෙනවා, 18 00:01:13,185 --> 00:01:14,973 පාප් වහන්සේ ඒක දන්නවා. 19 00:01:14,974 --> 00:01:18,884 2වැනි ජුවාන් පාවුළු පාප්තුමා, භාෂා දහයක් විතර චතුරව කථා කළා 20 00:01:18,885 --> 00:01:22,343 තවත් දොළහක් විතර ප්රාථමික මට්ටමින් 21 00:01:22,953 --> 00:01:26,591 උන්වහන්සේ යන හැම තැනකදී ම මිනිසුන්ට ආචාර කළා 22 00:01:26,592 --> 00:01:30,847 වාක්ය දෙක තුනකින්වත් ඔවුන්ගේ මව් භාෂාවෙන් 23 00:01:30,848 --> 00:01:35,845 එය ඉතාම වැදගත් සාධකයක් වුනා ඔහුගේ ජනප්රියත්වයට 24 00:01:37,395 --> 00:01:39,804 විදේශ ජාතික නැන්දම්මා කෙනෙක් සිටින 25 00:01:39,805 --> 00:01:43,265 නැත්නම් විදෙස් නැන්දම්මා කෙනෙක් ලැබෙන්න ඉන්න අයත් ඒක දන්නවා 26 00:01:44,005 --> 00:01:46,406 ඔවුන්පෙම්වතිය එක්ක ඉංග්රීසියෙන් කතා කරනවා වෙන්න පුලුවන් 27 00:01:46,407 --> 00:01:50,552 ඒත් පෙම්වතියගෙ මව එක්ක හොඳින් ඉන්න නම් 28 00:01:51,222 --> 00:01:55,181 තරුණයො ඕනෑම පිස්සු භාෂාවක් ඉගෙන ගන්න කැමතියි 29 00:01:55,185 --> 00:01:56,872 ඕලන්ද භාෂාව උනත් 30 00:01:56,876 --> 00:01:58,668 (සිනා) 31 00:01:58,676 --> 00:02:01,104 සාමාන්යයෙන් ඒක තමයි විසඳුම 32 00:02:01,974 --> 00:02:03,300 ඇයි ඒ? 33 00:02:04,030 --> 00:02:09,044 අපේ මව් භාෂාව සම්පූර්ණයෙන් ම බැඳිලා තියෙන්නෙ 34 00:02:09,045 --> 00:02:13,050 අපේ පෞරුෂය, අපේ අන්යන්යතාව සමඟ 35 00:02:13,051 --> 00:02:17,694 අපේ පෞද්ගලික ඉතිහාසය සම්පූර්ණයෙන් ම ගැඹුරින් මුල්ගත වී තියෙනවා 36 00:02:17,695 --> 00:02:20,727 එය අපේ මව් භාෂාවෙ ගැලී පවතිනවා 37 00:02:21,451 --> 00:02:27,648 හැඟීම් හා මතකයන් රැසක් තියෙනවා වචන, ප්රකාශනවලට සම්බන්ධ වෙලා, 38 00:02:28,764 --> 00:02:31,642 ව්යාකරණවලට පවා සම්බන්ධ, අප හැදී වැඩුනු මතකයන් 39 00:02:32,646 --> 00:02:37,141 ඉතිං ඔබ වෙනත් කෙනෙක්ගෙ භාෂාවක් ඉගෙන ගත්තොත් 40 00:02:37,142 --> 00:02:40,350 ඔබ පෙන්වනවා ඔබ ඇත්තෙන් ම උනන්දුවක් දක්වන බව 41 00:02:40,351 --> 00:02:44,168 ඔවුන්ගෙ ජීවිතය, ඔවුන්ගේ පෞරුෂය ගැන 42 00:02:44,959 --> 00:02:47,585 එයින් උද්දාම නොවන්නේ කොයි නැන්දම්මද? 43 00:02:48,711 --> 00:02:52,581 ඔබට තමන්ගෙ භාෂාව ඇහෙනකොට සම්බන්ධතාවක් දැනෙනවා 44 00:02:53,834 --> 00:02:55,617 ඔබ සංචාරය කරන විට වුවත්, 45 00:02:55,618 --> 00:02:59,592 දවස් ගණනාවක් හෝ සති ගණනාවක් ඔබ විදෙස් භාෂාවක් කතාකරමින් හිටියත් 46 00:03:00,642 --> 00:03:03,011 ඔබ ගුවන්යානයට ගොඩවුන ගමන් 47 00:03:03,012 --> 00:03:06,279 ගුවන් සේවිකාවන් ඔබේ භාෂාවෙන් ආචාර කරනවා 48 00:03:06,280 --> 00:03:08,408 එතකොට ඔබට දැනෙනවා ගෙදර යන බව 49 00:03:10,478 --> 00:03:14,450 මව් භාෂාවලට සුවඳක් තියෙනවා නම් 50 00:03:14,451 --> 00:03:18,680 මට හිතෙන්නෙ ඒවා කුකීස් සුවඳ ඇති කියලා 51 00:03:18,681 --> 00:03:21,103 හිතට සනීපයක් දෙන කුකුල් මස් සුප් සුවඳ 52 00:03:21,773 --> 00:03:23,828 ආත්තම්මගෙ කොලොන්වල සුවඳ 53 00:03:24,668 --> 00:03:27,941 සමහර විට කපුරුබෝලවල සුවඳ ටිකක් විතර 54 00:03:28,742 --> 00:03:34,000 සමහර විට මේ හේතුව නිසා වෙන්න ඇති, සකස් කළ භාෂාවලට 55 00:03:34,001 --> 00:03:40,301 එස්පැරැන්තෝ වගේ, බලාපොරොත්තු වූ විදියට පිළිගැනීමක් නොලැබුනේ 56 00:03:41,212 --> 00:03:44,212 කොයි තරම් දක්ෂ විදියට සකස් කර තිබුණත් 57 00:03:44,213 --> 00:03:46,995 සරල උනත්, ඉගෙනීමට පහසු වුනත්, 58 00:03:48,334 --> 00:03:53,085 කිසිම රටක් කෘතිම භාෂාවක් තමන්ගෙ භාෂාව විදියට පිළිගෙන හෝ 59 00:03:53,948 --> 00:03:58,939 විධිමත්ව උගන්වන විදේශ භාෂාවක් විදියට තෝරා ගෙන නැහැ 60 00:03:58,940 --> 00:04:02,564 පුලුල් වශයෙන් හෝ දීර්ඝ කාලීන වශයෙන් 61 00:04:03,414 --> 00:04:05,161 එය උත්සාහ කර තිබුණත් 62 00:04:05,831 --> 00:04:11,871 ඒත් ස්වභාවික භාෂාවල දුෂ්කරතා හමුවේ වුවත් 63 00:04:11,872 --> 00:04:15,434 කරදරකාරී නොවිධිමත් බව 64 00:04:15,435 --> 00:04:20,154 අක්ෂර වින්යාසය හා උච්ඡාරණය අතර පවතින වෙනස 65 00:04:20,156 --> 00:04:24,694 සමහර විට ව්යාකරණවල පවතින විකාර සංකීර්ණ බව 66 00:04:25,655 --> 00:04:27,304 ඒ සියලු ම හේතු මැද වුවත්, 67 00:04:28,304 --> 00:04:34,192 අපි වඩාත් කැමතියි මිනිසුන් සමග ස්වාභවිකව වැඩුනු භාෂා ඉගෙන ගැනීමට 68 00:04:35,812 --> 00:04:39,654 සකස් කළ භාෂා කතා කරන්නෙ ඔලුවට 69 00:04:40,774 --> 00:04:44,772 ස්වභාවික භාෂා කුකීස් සුවඳයි 70 00:04:46,056 --> 00:04:51,981 නෙල්සන් මැන්ඩෙලාට අනුව අප්රිකානස් ඉගෙනීම ඔබේ සතුරා ගැන දැන ගැනීමක් 71 00:04:51,982 --> 00:04:56,910 ඔහු කිව්වේ, ඔබ දැන ගන්න ඕනෙ ඔවුන්ගෙ භාෂාව හා ඔවුන්ගේ ආසාවන් 72 00:04:56,911 --> 00:05:00,243 බලාපොරොත්තු හා බිය කියලා, ඔවුන් පරාජය කිරීමට නම් 73 00:05:01,073 --> 00:05:03,644 ඔහු එය කළා. එය සාර්ථක වුණා 74 00:05:04,724 --> 00:05:08,186 ඒත් එය හැම විටම අදාළ වන්නේ සතුරන්ට පමණක් නෙමෙයි නේද? 75 00:05:09,254 --> 00:05:12,111 එය සෑම ආකාරයක ම මානව සම්බන්ධතාවලට අදාළයි. 76 00:05:13,445 --> 00:05:17,746 නැන්දම්මලා හතුරො කියලා හිතන අන්තිමයා මමයි 77 00:05:17,747 --> 00:05:18,983 නියතයක් ලෙස 78 00:05:19,833 --> 00:05:22,762 අවුරුදු හත අටකට කළින්, 79 00:05:22,763 --> 00:05:25,642 මම පවුලේ අයත් එක පෝලන්තය හරහා යමින් හිටියා 80 00:05:27,172 --> 00:05:31,413 කඩ සාප්පු වහන්න ඔන්න මෙන්න අපිට කෑම ගන්න ඕනෑ වෙලා තිබුණෙ 81 00:05:32,257 --> 00:05:35,692 අන්තිමේ දී පාරෙ අනික් පැත්තෙ අපි සුපර්මාර්කට් එකක් දැක්කා 82 00:05:36,678 --> 00:05:41,637 ඒකට යන්න තිබුණ එක ම විදිය තමයි යූ ටර්න් එකක් දාන එක 83 00:05:41,638 --> 00:05:43,328 ඉතිං මම ඒක තමයි කළේ 84 00:05:44,368 --> 00:05:46,578 ඒක සමහර විට අවදානම් සහිත වෙන්න ඇති 85 00:05:47,118 --> 00:05:49,696 නිසැකයෙන් ම නීති විරෝධීයි 86 00:05:52,065 --> 00:05:57,638 කාර් එක නවත්තලා, එන්ජිම නවත්තන්නත් කළින් 87 00:05:57,908 --> 00:05:59,723 මට තට්ටුකරන සද්දයක් ඇහුණා. 88 00:06:01,250 --> 00:06:06,096 මම වීදුරුව පාත් කළා ම, ඇස් යුගල දෙකක් මතුවුණා 89 00:06:07,624 --> 00:06:11,963 පොලිස් නිලධාරී දෙදෙනෙකුට අයත් ඇස් 90 00:06:13,296 --> 00:06:17,564 මට කියන්න බැහැ, මට දක්ෂ විදියට පෝලන්ත බස කතා කරන්න පුලුවන් කියලා 91 00:06:17,565 --> 00:06:19,255 අත්යවශ්ය ම වෙලාවට 92 00:06:19,985 --> 00:06:23,526 ඒත් මට සරල දෙබසක් පවත්වා ගන්න පුලුවන්කම තිබුණා 93 00:06:24,336 --> 00:06:27,780 ඒත් මේ අවස්ථාවෙ දී වරදකාරී හැඟීමක් සහිතව 94 00:06:28,620 --> 00:06:31,755 නිල ඇඳුම් ඇඳපු නීතිය රකින දෙදෙනෙක් එක්ක මූණට මූණ බලාගෙන ඉන්න කොට 95 00:06:33,175 --> 00:06:38,315 මම දැනගෙන හිටපු තේරුමක් ඇති පෝලන්ත වචන ඔක්කොම අමතකවෙලා ගියා 96 00:06:39,719 --> 00:06:43,789 ඒත් මම මොහොතකටවත් හිතුවෙ නෑ 97 00:06:44,549 --> 00:06:47,728 මේ අවස්ථාවෙ ඉංග්රීසියෙන් කතා කරන්න 98 00:06:49,078 --> 00:06:53,318 ඉංග්රීසිවලින් මට සමහර විට වාග් විද්යාත්මකව වාසියක් ලබා දෙන්නත් ඉඩ තිබුණා 99 00:06:54,278 --> 00:06:57,280 ඒත් ඒකෙන් පොලිස් නිලධාරීන් අපහසුතාවට පත්වෙන්න පුලුවන් 100 00:06:58,244 --> 00:07:00,934 ඒ නිසා පෝලන්ත භාෂාවෙන් ම කතා කරන්න මම හිතා ගත්තා 101 00:07:01,774 --> 00:07:02,798 ඒත් කොහොමද? 102 00:07:04,479 --> 00:07:08,699 මගෙ මොලේ, පුංචි පෝලන්ත භාෂා මුල්ල එක පාරට ම හිස් වෙලා 103 00:07:10,388 --> 00:07:11,965 එක ම එක දෙයක් ඇරෙන්න 104 00:07:13,204 --> 00:07:17,942 මම නිතර නිතර කියපු එක දෙයක් මට මතක තිබුණා 105 00:07:17,943 --> 00:07:20,814 මට නින්දෙන් පවා කියන්න පුලුවන් වූ දෙයක් 106 00:07:22,501 --> 00:07:24,960 ඒක ළමා ගීයක් 107 00:07:27,563 --> 00:07:29,652 ලෙඩ වෙච්ච ගෙම්බෙක් ගැන 108 00:07:30,273 --> 00:07:32,251 (සිනා) 109 00:07:32,951 --> 00:07:34,522 එච්චරයි මට මතක තිබුණෙ 110 00:07:34,523 --> 00:07:39,523 ඒක හරි විකාරයක් කියලා දැන දැනත්, මම කියන්න පටන් ගත්තා 111 00:07:40,417 --> 00:07:42,532 (පෝලන්ත බසින්) ලෙඩින් වැටුණු ගෙඹි පැංචෙක් 112 00:07:42,532 --> 00:07:46,084 වෙද ගෙදරට ගිහින් කිව්වා සනීප නෑ ඈට කියලා 113 00:07:46,085 --> 00:07:50,458 වයස නිසා ඇස් නොපෙනෙන උපැස් පැළදි වෙද මහතා 114 00:07:51,564 --> 00:07:53,882 මම පොලිසියෙ අය දිහා බැලුවා 115 00:07:53,883 --> 00:07:56,483 ඒගොල්ලොත් ඇසිපිය නොහෙලා මා දිහා බලා හිටියා 116 00:07:56,484 --> 00:07:57,813 (සිනා) 117 00:07:58,653 --> 00:08:01,659 එක්කෙනෙක් ඔලුව කැසුවා වගේ මට මතකයි 118 00:08:02,669 --> 00:08:05,242 ඊට පස්සෙ ඒගොල්ලො හිනා වුණා 119 00:08:06,112 --> 00:08:07,339 ඒගොල්ලො හිනා වුණා 120 00:08:07,340 --> 00:08:10,879 ඒකෙන් මටත් සැහැල්ලුවක් දැනුණා. 121 00:08:10,880 --> 00:08:14,256 අන්තිමේ දී තව අදාළ වචන දෙක තුනක් 122 00:08:14,257 --> 00:08:16,677 මගෙ මතකෙට ආවා, 123 00:08:16,688 --> 00:08:19,687 වාක්ය දෙක තුනක් ගැට ගහගන්න මට පුලුවන් වුණා 124 00:08:19,688 --> 00:08:23,483 සමා වෙන්න, කෑම ඕනෑ වුණා. ආයෙත් කරන්නෙ නෑ 125 00:08:24,763 --> 00:08:26,262 ඒගොල්ලො මට යන්න දුන්නා 126 00:08:27,334 --> 00:08:32,458 මම කඩේට දුවන කොට “Szczęśliwej podróży!" කියලා ඒගොල්ලො කෑගැහුවා 127 00:08:32,480 --> 00:08:34,020 සුබ සංචාරයක් 128 00:08:34,650 --> 00:08:39,006 භාෂාවක් ඉගෙනගන්න ඔබ දිරිමත් කරන එක මගෙ අපේක්ෂාව නෙමෙයි 129 00:08:39,006 --> 00:08:42,696 එමගින් ලෝකෙ පුරා සංචාරය කරන්න, නීති කඩන්න, ඒවයින් බේරෙන්න 130 00:08:44,586 --> 00:08:49,481 ඒත් මේ පුංචි සිද්ධියෙන් පේනවා, වචන කිහිපයකින් 131 00:08:50,261 --> 00:08:53,760 ඉතාම සරල හෝ විකාර වචන කිහිපයකින් වුවත් 132 00:08:53,761 --> 00:08:57,991 හදවත ඇතුළට ම ගිහිල්ලා හදවත මෙලෙක් කරන්න 133 00:08:58,901 --> 00:09:01,771 අනික තමයි ලෙඩ වෙච්ච ගෙම්බගෙ කතාවට තව විකල්පයක් තියෙනවා 134 00:09:01,772 --> 00:09:04,207 මම ඉතාම හොඳින් දන්න තව එකක් තියෙනවා 135 00:09:05,857 --> 00:09:07,232 බීලා කියන සිංදුවක් 136 00:09:07,233 --> 00:09:08,525 (සිනා) 137 00:09:09,185 --> 00:09:11,394 ඒක කිව්ව නං මට සමහර විට හිනාවක් නොලැබෙන්න ඉඩ තිබුණා 138 00:09:12,124 --> 00:09:14,430 සමහර විට මාව පොලිසියට ගෙනියන්නත් ඉඩ තිබුණා 139 00:09:14,431 --> 00:09:15,661 රුධිරයේ මත්පැන් පරීක්ෂාවක් කරන්න 140 00:09:17,603 --> 00:09:21,133 ඔබ භාෂා ගොඩාක් ඉගෙන ගන්න අවශ්ය වෙන්නෙ නෑ 141 00:09:21,134 --> 00:09:24,153 ඒවගේම ඉතා හොඳින් ඉගෙන ගැනීම අවශ්ය වෙන්නෙත් නෑ 142 00:09:24,154 --> 00:09:26,162 වචන කිහිපයකින් සෑහෙන දුරක් යන්න පුලුවන් 143 00:09:27,122 --> 00:09:30,383 හදවතට කතා කරන වචන දහයකින් ලොකු බලපෑමක් කරන්න පුලුවන් 144 00:09:30,384 --> 00:09:32,964 ඔලුවට කතා කරන වචන දාහකට වඩා 145 00:09:34,644 --> 00:09:38,741 ඉංග්රීසි භාෂාව භාවිත කර අතරමැද දී හමුවීමත් ඕනෑම අවස්ථාවක තෝරාගන්න පුලුවන් 146 00:09:39,851 --> 00:09:44,822 ඒවගේ ම ඔබට පුලුවන් මැද සීමාවෙන් ඉදිරියට එන පුද්ගලයා වෙන්න 147 00:09:44,823 --> 00:09:49,393 එසේ කර, මිතුරා හෝ සතුරා කවුරු හෝ 148 00:09:49,394 --> 00:09:51,480 ඔවුන්ගේ සීමාවේ දී හමුවෙන්න 149 00:09:52,375 --> 00:09:55,334 අනෙකාගෙ භාෂාව කතා කිරීම නිසා ඔබ දුර්වලයෙක් වෙන්නෙ නැහැ 150 00:09:55,336 --> 00:09:57,066 එමගින් ඔබ ශක්තිමත්බව ඔප්පු වෙනවා 151 00:09:57,856 --> 00:10:04,241 ඔහු තමයි සීමා මායිම් බිඳ දැමීමට ධෛර්යය ඇති තැනැත්තා 152 00:10:05,221 --> 00:10:06,923 අන්තිමේ දී දිනන කෙනා. 153 00:10:08,292 --> 00:10:12,210 අත්වැරදි කරන්න බය වෙන්න එපා. අත්වැරදි මගින් පේන්නෙ ඔබ මිනිසෙක් බව 154 00:10:12,918 --> 00:10:16,836 මේ වගේ අවස්ථාවක අතිරේක වාසියකුත් තියෙනවා 155 00:10:18,091 --> 00:10:20,692 ඔබ වැරැද්දක් කළොත් 156 00:10:20,693 --> 00:10:26,090 අනෙක් අයට ඔබව නිවැරදි කරන්න, ඔබට උදව් කරන්න, ඔබව හමුවන්න ඔබ ඔවුන්ට අවස්ථාවක් දෙනවා 157 00:10:26,091 --> 00:10:31,933 මෙසේ වුණාම ඔබ ආරම්භ කළ සම්බන්ධතාව තවත් ශක්තිමත් වෙනවා 158 00:10:32,934 --> 00:10:37,190 ඉතිං ඔබට අවශ්ය ඔබ කියන දේ අනික් අය තේරුම් ගන්නද? 159 00:10:38,320 --> 00:10:39,970 නැත්නම් ඔබට ඕනෑ සම්බන්ධතාවක් ගොඩනගා ගන්නද? 160 00:10:41,650 --> 00:10:46,520 ඉතිං අපි හැම දෙනා ම ඉංග්රීසි ඉගෙනීම හා භාවිත කිරීම දිගට ම කරමු. 161 00:10:48,080 --> 00:10:52,561 එතකොට අපට පුළුවන් මෙහෙම මිශ්ර ශ්රාවක පිරිසක් සමග එක්ව කටයුතු කරන්න. TEDx හි කරනවා වගේ 162 00:10:53,591 --> 00:10:57,697 ඉංග්රීසි බලවත් මෙවලමක්, දැනුම බෙදා හදා ගන්න 163 00:10:57,698 --> 00:11:03,750 ගෝලීය ගැටලු හා සම්බන්ධ අන්තර්ජාතික සම්මුතීන්වලට 164 00:11:04,940 --> 00:11:10,161 ඒ සියල්ලට ම වඩා මිලියන 365ක් හදවත්වලට මාර්ගය ඉංග්රීසි 165 00:11:11,131 --> 00:11:17,170 මිලියන 365ක් පිරිසකට ඉංග්රීසි භාෂාව කුකීස් සුවඳයි. 166 00:11:18,927 --> 00:11:20,517 ඒත් එතැනින් නවතින්නෙ ඇයි? 167 00:11:22,007 --> 00:11:24,535 අතිරේක උත්සාහයක් දරලා 168 00:11:24,536 --> 00:11:27,696 තව එක විදෙස් භාෂාවක්වත් ඉගෙන නොගන්නෙ ඇයි? 169 00:11:28,776 --> 00:11:31,784 ගොඩක් රසවල කුකීස් තියෙනවානෙ 170 00:11:31,785 --> 00:11:34,181 ඉතිං අපි අලුත් රසයක කුකී එකක් කාලා බලමු. 171 00:11:34,990 --> 00:11:36,051 ස්තූතියි. 172 00:11:36,463 --> 00:11:37,755 (අත්පොලසන්)