Return to Video

අපි කරන දේවල් ඇත්තටම කරන්නේ ඇයි?

  • 0:02 - 0:05
    ස්තුතියි, මම ඔබට කියන්න ඕනේ මං ඉන්නේ
    බොහොම උනන්දුවෙන්. මේක මට අභියෝගයක්.
  • 0:06 - 0:08
    මම උනන්දුවෙන් ඉන්නේ, මට අවස්ථාවක්
    ලැබෙනවා යමක් නැවත දෙන්න.
  • 0:08 - 0:12
    මගේ අභියෝගය තමයි, මගේ කෙටිම
    සම්මන්ත්රණය සාමාන්යයෙන් පැය 50යි.
  • 0:12 - 0:14
    (සිනහව)
  • 0:14 - 0:16
    මේක අතිශයෝක්තියක් නෙමෙයි.
    මම සති අන්තයේ කරනවා.
  • 0:16 - 0:18
    මම ගොඩක් දේවල් කරනවා.
    මිනිසුන් පුහුණුත් කරනවා.
  • 0:18 - 0:21
    ඒත් මම කරන්නේ කාවැද්දවීමක්. ඔබ භාෂාව
    ඉගෙන ගත්තේ කොහොමද?
  • 0:21 - 0:23
    මූලධර්ම ඉගෙනීමෙන් පමණක් නෙමෙයි,
  • 0:23 - 0:25
    එය ඇත්ත වෙන තරමටම ඔබ
    එය නිතර පුහුණු කළා.
  • 0:25 - 0:29
    අද මම මෙහි පැමිණීමේ හේතුවක් තියෙනවා.
  • 0:29 - 0:33
    මම මෙහි ආවේ ඔබට උත්තේජනයක් දෙන්න
    නෙමෙයි. ඔබට එහෙම දෙයක් ඕනේ නෑ ඇත්තටම.
  • 0:33 - 0:35
    ගොඩක් මිනිස්සු හිතන්නේ මම
    කරන්නේ ඒක කියලා.
  • 0:35 - 0:36
    ඒක තමයි මම නොකරනම දේ.
  • 0:37 - 0:39
    ඇත්තටම වෙන්නේ, මිනිස්සු මට කියනවා
  • 0:39 - 0:40
    "මට කිසිම උත්තේජනයක් ඕනේ නෑ."
  • 0:40 - 0:42
    ඒක නෙමෙයි මම කරන්නේ.
  • 0:42 - 0:44
    මම තමයි "ඇයි" පුද්ගලයා.
  • 0:44 - 0:46
    මට කියන්න ඔබ කරන දේ
    ඇයි ඔබ කරන්නේ කියලා.
  • 0:46 - 0:47
    යමක් කරන්න ඔබ පෙළඹෙන්නේ ඇයි?
  • 0:48 - 0:51
    අවුරුදු 10කට පෙර නෙමෙයි, අද ඔබේ
    ජීවිතයට තල්ලුවක් දෙන්නේ මොකක්ද?
  • 0:51 - 0:53
    ඔබ එකම රටාවද අනුගමනය කරන්නේ?
  • 0:53 - 0:57
    මොකද මම විශ්වාස කරන්නේ අභ්යන්තර
    ශක්තියේ නොපෙනෙන බලය ක්රියාත්මක වීම
  • 0:57 - 0:59
    තමයි වැදගත්ම දේ කියලා.
  • 0:59 - 1:02
    මම මෙහි ඉන්නේ මොකද මම විශ්වාස කරනවා
    හැඟීම් තමයි ජීවිතයේ ජවය කියලා.
  • 1:02 - 1:04
    මෙතන අපි හැමෝටම තියෙන්නේ මහා මනසක්.
  • 1:04 - 1:07
    මෙතන අපි හුඟ දෙනෙක්ට
    තියෙන්නේ මහා මනසක් නේද?
  • 1:07 - 1:09
    අපි හැමෝම දන්නවා හිතන්නේ
    කොහොමද කියලා.
  • 1:09 - 1:11
    අපේ මනසෙන් පුළුවන් යමක්
    යාවත්කාලීන කරන්න.
  • 1:11 - 1:13
    අපිට පුළුවන් ඕන දෙයක් කරන්න.
  • 1:13 - 1:15
    මම එකඟ වෙනවා දවස් කිහිපයකට
    කලින් විස්තර කල දේ ගැන,
  • 1:15 - 1:18
    මිනිස්සු වැඩ කරන්නේ ආත්මාර්ථකාමීව බව.
  • 1:18 - 1:20
    ඒත් අපි දන්නවා ඒක සමහර
    වෙලාවට වැරදී කියලා.
  • 1:20 - 1:23
    ඔබ හැම වෙලාවේම වැඩ කරන්නේ
    ආත්මාර්ථකාමීව නෙමෙයි.
  • 1:23 - 1:25
    මොකද හැඟීම් එතනට ආවහම,
  • 1:25 - 1:27
    අපේ වයර් මාරුවෙනවා ඒකේ විදිහට.
  • 1:27 - 1:31
    ඉතින් ලෝකයේ ජීවිතය කොයි වගේද කියන එක
    බුද්ධිමත්ව හිතන එක අලංකාරයි. විශේෂයෙන්ම
  • 1:31 - 1:34
    හුඟක් බුද්ධිමත් අයට තමන්ගේ
    ඔළුවේ මේ ක්රීඩාව කරන්න පුළුවන්.
  • 1:34 - 1:36
    ඒත් මට කියන්න ඔබව
    පොළඹවන්නේ මොකක්ද කියලා.
  • 1:36 - 1:38
    මම ඔබලාට ආරාධනා කරන්න කැමතියි,
  • 1:38 - 1:41
    මේ කතාව අවසානයේ, අද ඔබ කොතැනද ඉන්නේ
    කියලා හොයලා බලන්න, හේතු දෙකක් නිසා.
  • 1:41 - 1:43
    එක: එතකොට ඔබට වැඩි යමක්
    කරන්න පුළුවන්.
  • 1:43 - 1:47
    දෙක: අපිට අනිත් අයව වැඩියෙන්
    තේරුම්ගන්න විතරක් නෙමෙයි,
  • 1:47 - 1:50
    වැඩියෙන් අගය කරන්නත්, අද අපි මුහුණදෙන
    සමහර අභියෝග
  • 1:50 - 1:52
    නැතිකරන්න පුළුවන් විදිහේ බැඳීම්
    ඇතිකරගන්නත් පුළුවන් වෙනවා.
  • 1:52 - 1:56
    එම අභියෝග වැඩිකරන්න හේතු වෙන්නේ
    අපව එකතු කරන තාක්ෂණයම තමයි.
  • 1:56 - 1:58
    මොකද අපි හමුවෙන්නේ එතැනදී.
  • 1:58 - 2:00
    ඒ හමුවීම හැමවිටම දැක්මක්
    ගොඩනගන්නේ නෑ,
  • 2:00 - 2:03
    "හැමදෙනාටම දැන් හැමෝවම
    තේරුම් ගන්න පුළුවන්",
  • 2:03 - 2:05
    සහ "හැමෝම හැමදෙනාවම
    අගයකරනවා" කියලා.
  • 2:05 - 2:08
    අවුරුදු 30ක් පුරා මට දැවෙන
    කුතුහලයක් තිබුනා.
  • 2:08 - 2:12
    "මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක බවේ
    වෙනසක් ඇතිකරන්නේ කුමක්ද? "
  • 2:12 - 2:13
    ඔවුන්ගේ කාර්ය සාධනයේ?
  • 2:13 - 2:16
    මාව උවමනා කරන්නේ ක්ෂණිකව
    විසඳුමක් ලබාදෙන්න.
  • 2:16 - 2:17
    මම අවුරුදු 30ක්ම එය කර තිබෙනවා.
  • 2:17 - 2:19
    මට දුරකථන ඇමතුමක් එනවා,
  • 2:19 - 2:21
    මලල ක්රීඩකයෙක් ජාතික රුපවාහිනිය හරහා
    අවමානයට ලක්වෙන විට.
  • 2:21 - 2:23
    ඔවුන් ඉන්නේ පියවර පහක් ඉදිරියෙන්.
  • 2:23 - 2:25
    ඔවුන්ට නැවත හරි පාරට වැටෙන්න බෑ.
  • 2:25 - 2:28
    මට දැන්මම යමක් කරන්න වෙනවා.
    නැත්තන් කිසි වැඩක් නැහැ.
  • 2:28 - 2:31
    මට ඇමතුමක් එනවා, ළමයෙක්
    සියදිවි නසාගන්න යනකොට.
  • 2:31 - 2:32
    මට මොනවහරි කරන්නම වෙනවා.
  • 2:32 - 2:36
    මම හුඟක් කෘතඥ වෙනවා, අවුරුදු 29කින්
    එකක්වත් මඟහැරී නැහැ.
  • 2:36 - 2:39
    කියන්න බැහැ කවදාවත් එහෙම නොවේවි
    කියලා. ඒත් තාම නැහැ.
  • 2:39 - 2:42
    හේතුව, මිනිසුන්ගේ අවශ්යතාවයන්
    හඳුනාගැනීම.
  • 2:42 - 2:45
    මට කාර්ය සාධනය ගැන එම ඇමතුම් එන
    එක, එක් දෙයක්.
  • 2:45 - 2:47
    ඔබ කොහොමද වෙනසක් ඇතිකරන්නේ?
  • 2:47 - 2:51
    මම හොයනවා මිනිසාගේ හිතනවට වඩා
    වැඩි යමක් කිරීමේ හැකියාව
  • 2:51 - 2:54
    තීරණය කරන්නේ මොකක්ද කියලා.
  • 2:54 - 2:56
    සැබෑ ප්රශ්නය විය හැක්කේ, මම ජීවිතය
  • 2:56 - 2:59
    දිහා බලලා කියනවා, ලොකු පාඩම්
    2ක් තියෙනවා කියලා.
  • 2:59 - 3:01
    එක : ජයග්රහණයේ විද්යාව,
  • 3:01 - 3:04
    මෙතන ඉන්න බොහෝ දෙනෙක්
    හොඳින් ප්රගුණ කර ඇති.
  • 3:04 - 3:06
    "කොහොමද ඔබ නොපෙනෙන දේ
    පෙනෙන්නට සලස්වන්නේ?"
  • 3:06 - 3:08
    කොහොමද ඔබ ඔබේ සිහින
    සැබෑ කරගන්නේ?
  • 3:08 - 3:10
    ඔබේ ව්යාපාරය, සමාජයට ඔබගේ
    දායකත්වය, මුදල් --
  • 3:10 - 3:12
    ඕනෑම දෙයක්, ඔබේ ඇඟ, ඔබේ පවුල.
  • 3:12 - 3:16
    බොහොම කලාතුරකින් ප්රගුණ කරන අනෙක්
    පාඩම තමයි පරිපුර්ණ කරගැනීමේ කලාව.
  • 3:17 - 3:18
    මොකද විද්යාව ලේසියි, නේද?
  • 3:18 - 3:21
    අපි නීති දන්නවා, ඔබ කේත ලියනවා,
    ඔබ ප්රථිපල ලබාගන්නවා.
  • 3:21 - 3:24
    ඔබ කල යුතු දේ දන්නවානම්, ගැටළුවක් නැහැ.
    එහෙම නේද?
  • 3:24 - 3:27
    නමුත් පරිපුර්ණත්වය ලඟා කරගැනීම
    කියන්නේ කලාවක්.
  • 3:27 - 3:30
    හේතුව, එය අගය කිරීම සහ දායකත්වය
    සම්බන්ධ දෙයක්.
  • 3:30 - 3:32
    ඔබටම පමණයි එය දැනෙන්නේ.
  • 3:32 - 3:36
    මට රසවත් පරීක්ෂනාගාරයක් තිබුනා කෙනෙකුගේ
    ජීවිතයක් වෙනස් වෙන්නේ කොහොමද
  • 3:36 - 3:38
    කියන ගැටලුවට විසඳුමක් හොයන්න.
  • 3:38 - 3:41
    හිතන්න ඔබ හැමදෙයක්ම ඔවුන්ට
    දීල තියෙන්නේ කියලා.
  • 3:41 - 3:43
    ඔවුන්ට අවශ්යයි කියූ හැමදෙයක්ම.
  • 3:43 - 3:46
    ඔබ දුන්නේ ඩොලර් 100ක කොම්පියුටරයක්
    නෙමෙයි, තියෙන හොඳම එක.
  • 3:46 - 3:48
    ඔබ ඔවුන්ට සතුට දුන්නා. ඔවුන් සනසන්න
    ඔබ ළඟ හිටියා.
  • 3:48 - 3:51
    ඒ වගේ මිනිස්සු හුඟක් වෙලාවට, ඔබ
    දන්නවා ඇති සමහරු,
  • 3:51 - 3:52
    මේ ආදරය, අධ්යාපනය, මුදල් සහ
  • 3:52 - 3:55
    පසුබිම සමඟින් තමන්ගේ ඉතුරු
    ජීවිත කාලය ගෙවන්නේ
  • 3:55 - 3:56
    පුනරුත්ථාපන කඳවුරු වලට යමින් එමින්.
  • 3:57 - 4:00
    සමහර මිනිස්සු හුඟාක් දුක් විඳලා තියෙනවා,
  • 4:00 - 4:03
    මානසිකව, ලිංගිකව, ආධ්යාත්මිකව
    අපහරණයට ලක්වෙලා.
  • 4:03 - 4:05
    හැමවිටම නෙමෙයි, ඒත් හුඟක් වෙලාවට,
  • 4:05 - 4:08
    ඔවුන් තමයි සමාජයට වැඩියෙන්ම
    දායකත්වයක් දෙන පිරිස අතර ඉන්නේ.
  • 4:08 - 4:12
    අපි අපෙන් අහන්න ඕනේ ප්රශ්නය තමයි,
    මොකක්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ?
  • 4:12 - 4:14
    මොකක්ද අපිව හැඩගස්වන්නේ?
  • 4:14 - 4:15
    අපි ඉන්නේ හැඟීම් වල වහලුන් වෙලා.
  • 4:15 - 4:18
    අපි හුඟක් අය එහෙම නෙමෙයි, ඒත්
    අපේ සංස්කෘතිය ඒවගේ.
  • 4:18 - 4:20
    අපේ අතීතය අපිට සමාන කරන
    මානසිකත්වයක්.
  • 4:20 - 4:23
    ඔබ මේ කාමරයේ නොඉඳිවී ඔබ
    එසේ සිතුවානම්.
  • 4:23 - 4:26
    ඒත් සමාජයේ හුඟක් දෙනා හිතන්නේ දෛවය
    කියන්නේ තමන්ගේ චරිතය කියලා.
  • 4:26 - 4:28
    අතීතය සමානයි අනාගතය කියලා.
  • 4:28 - 4:30
    එක එහෙම තමයි ඔබ ඒ මතයේ හිටියොත්.
  • 4:30 - 4:31
    අපි මතක් කරගත යුතුයි,
  • 4:32 - 4:34
    ඔබට යමක් බුද්ධියෙන් දැනගත්තත්
  • 4:35 - 4:36
    එය ප්රායෝගිකව භාවිතා නොකර සිටිය හැකියි.
  • 4:37 - 4:41
    මතක්කරගන්න, තීරණ ගැනීමයි
    ලොකුම ශක්තිය.
  • 4:41 - 4:43
    ඔබ මිනිසුන්ගෙන් ඇසුවොත්,
  • 4:43 - 4:47
    "ඔබ ජීවිතයේ වැදගත්ම දෙයක් ලබාගන්න
    අසමත් වෙලා තියෙනවද?"
  • 4:47 - 4:49
    ඔව් නම් කියන්න. "ඔව්".
    ප්රේක්ෂකාගාරය : "ඔව්"
  • 4:49 - 4:52
    ඔබේ ඉහල ක්රියාකාරිත්වයට ස්තුතියි.
  • 4:52 - 4:55
    ඒත් ඔබ කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔබට
    යමක් කරන්න බැරි වුනේ කියලා?
  • 4:55 - 4:58
    ඔබ යටතේ වැඩ කරන කෙනෙක්,
    ඔබේ සහකරුවා හෝ ඔබම විය හැකියි.
  • 4:58 - 5:01
    අසමත් වුනොත් මොකක්ද මිනිසුන්
    දෙන හේතුව?
  • 5:01 - 5:03
    මොකක්ද ඔවුන් ඔබට කියන්නේ?
  • 5:03 - 5:07
    දැනුම නෑ.
    සල්ලි නෑ.
  • 5:07 - 5:11
    වෙලාව නෑ.
    තාක්ෂණය නෑ.
  • 5:11 - 5:13
    මට හරි කළමනාකරුවෙක් හිටියේ නෑ.
  • 5:13 - 5:16
    ශ්රේෂ්ඨාධිකරණය.
    ටෝනි : ශ්රේෂ්ඨාධිකරණය
  • 5:16 - 5:18
    (සිනහව)
  • 5:18 - 5:21
    (අත්පොලසන්) (ඔල්වරසන්)
  • 5:30 - 5:32
    (දිගටම අත්පොලසන්)
  • 5:32 - 5:33
    ඒවගේම --
  • 5:33 - 5:36
    (අත්පොලසන්)
  • 5:36 - 5:39
    මොකක්ද ශ්රේෂ්ඨාධිකරණයත් ඇතුළුව
    ඒ හැම දෙකටම පොදු?
  • 5:39 - 5:40
    (සිනහව)
  • 5:41 - 5:45
    ඒ තමන් ළඟ නැති දේ ගැන කරන ප්රකාශයන්.
    ඒවා හරි වෙන්න පුළුවන්.
  • 5:45 - 5:48
    ඔබට මුදල් නැතුව ඇති,
    ශ්රේෂ්ඨාධිකරණයත් නැතුව ඇති.
  • 5:48 - 5:50
    ඒත් ඒක නෙමෙයි තීරණාත්මක සාධකය.
  • 5:50 - 5:56
    (අත්පොලසන්)
    (සිනහව)
  • 5:56 - 5:58
    මම වැරදිනම් ඔබ මාව හරිගස්සන්න.
  • 5:59 - 6:02
    තීරණාත්මක සාධකය කිසිවිටක තමන්ට ඇති
    සම්පත් නෙමෙයි, උපක්රමශීලී බවයි.
  • 6:02 - 6:05
    මම විශේෂයෙන් කියන්න උත්සහ කරන්නේ,
  • 6:05 - 6:08
    ඔබට හැඟීම් තියෙනවානම්, මනුෂ්ය හැඟීම්,
  • 6:08 - 6:12
    මම පෙරේදා ඔබගෙන් අත්වින්දා වගේ,
  • 6:12 - 6:15
    මම කලින් අත්වින්ද නැති තරම් ගැඹුරු
    විදිහට,
  • 6:15 - 6:18
    මට විහ්වාසයි,ඔබට එම හැඟීමෙන්ම දිනන්න
    පුළුවන්කම තිබුනා.
  • 6:18 - 6:19
    ප්රේක්ෂකාගාරය : "ඔව්!"
  • 6:19 - 6:24
    (අත්පොලසන්) (ඔල්වරසන්)
  • 6:24 - 6:26
    කොච්චර ලේසිද මට ඔහුට කරන්න
    ඕනේ දේ කියන්න.
  • 6:26 - 6:28
    (සිනහව)
  • 6:28 - 6:31
    මෝඩ රොබින්ස්.
  • 6:31 - 6:36
    ඒත් මම දන්නවා අපි ඒ වෙලාවේ
    විවාදය බලනකොට
  • 6:36 - 6:38
    ඒ මිනිසාගේ බුද්ධිය සහ ධාරිතාවය
    තේරුම් ගැනීමේ
  • 6:39 - 6:40
    හැකියාවට බාධා වෙන ලෙස හැඟීම් ඇතිවුනා.
  • 6:41 - 6:43
    එදා සමහරුන්ට ඒකෙන් ඇතිවූණු බලපෑම,
  • 6:43 - 6:47
    මොකද මම දන්නවා සමහරු, ඔබගේ දිශාවට
    ඡන්දය භාවිතා කරන්න ඕනේ වුනු ඒත් එසේ
  • 6:47 - 6:48
    නොකළ. මම නොහොඳින් හිටියේ.
  • 6:48 - 6:50
    ඒත් එතන හැඟීම් තිබුනා.
  • 6:50 - 6:51
    මම මොකක්ද කියන්නේ කියලා දන්නවාද?
  • 6:51 - 6:53
    කියන්න "ඔව්".
    "ඔව්"
  • 6:53 - 6:54
    ඉතින් හැඟීම් තමයි ඒ.
  • 6:54 - 6:58
    අපිට නිවැරදිම හැඟීම ආවොත්
    ඕනෙම දෙයක් කරන්න පුළුවන්.
  • 6:58 - 7:00
    ඔබ නිර්මාණශීලී නම්, කෙළිලොල් නම්,
    විනෝදකාමී නම්,
  • 7:00 - 7:02
    ඔබට ඕනෑම කෙනෙක් එක්ක වැඩකරන්න
    පුළුවන්ද? ඔව්ද නැද්ද?
  • 7:02 - 7:03
    මුදල් නැතත්,
  • 7:03 - 7:06
    ඔබ නිර්මාණශීලීනම්, උවමනාවක් ඇතිනම්
    මඟ සොයාගත හැකියි.
  • 7:06 - 7:07
    මේක තමයි අවසාන සම්පත.
  • 7:07 - 7:09
    ඒත් මේක නෙමෙයි මිනිස්සු
    අපිට කියන කතාන්දරය.
  • 7:10 - 7:12
    ඔවුන් අපිට කියන්නේ වෙනමම දේවල් ටිකක්.
  • 7:12 - 7:14
    ඔවුන් කියන්නේ සම්පත් තිබුනේ නැහැ කියලා.
    ඒත් අවසානයේදී,
  • 7:14 - 7:16
    ඔබ මේ දෙස බැලුවොත්,
  • 7:16 - 7:19
    ඔවුන් කියන්නේ, එය නොලැබූ හේතුයි.
  • 7:19 - 7:22
    ඔහු මගේ අවධානය බින්දා.
  • 7:22 - 7:25
    (සිනහව)
  • 7:25 - 7:27
    ඒත් මම ඒ ශක්තිය අගය කරනවා.
    මම කියන්නේ ඔබට.
  • 7:27 - 7:28
    (සිනහව)
  • 7:28 - 7:30
    ඔබේ සම්පත් තීරණය කරන්නේ කවුද?
  • 7:30 - 7:33
    තීරණයි දෛවය හැඩකරන්නේ.
    මගේ අවධානය ඒකයි.
  • 7:33 - 7:36
    දෛවය හැඩකරන්නේ තීරණනම්, ඒ තීරණ 3ක් බව
    තීරණය කරන්නේ කවුද?
  • 7:36 - 7:37
    ඔබ අවධානය යොමු කරන්නේ මොකක් ගැනද?
  • 7:37 - 7:40
    ඔබ තීරණය කළ යුතුයි ඔබ අවධානය යොමු
    කරන්නේ මොකක් ගැනද කියලා.
  • 7:40 - 7:41
    සිහි ඇතිව හෝ නැතිව.
  • 7:41 - 7:44
    අවධානය යොමු කරන්න තීරණය කළ
    මොහොතේම ඔබ එයට අර්ථයක් දිය යුතුයි.
  • 7:44 - 7:46
    ඒ අර්ථය හැඟීම් ඇති කරනවා.
  • 7:46 - 7:48
    මේ අවසානයද?ආරම්භයද?
  • 7:48 - 7:52
    දෙවියන් මට දඬුවම් දෙනවාද? තෑගි දෙනවාද?
    නැත්තන් මේ දාදු කටය පෙරලෙනවාද?
  • 7:52 - 7:55
    අපි කරන්න යන දේ හෝ ක්රියාව නිර්මාණය
    කරන්නේ හැඟීම් විසින්.
  • 7:55 - 7:57
    ඉතින් ඔබගේම ජීවිතය ගැන සිතන්න.
  • 7:57 - 7:59
    ඔබේ දෛවය වෙනස් කරපු තීරණ ගැන.
  • 7:59 - 8:02
    ඒක බරපතලයි වගේ ඒත්
    පහුගිය අවුරුදු 5 හෝ 10 දී,
  • 8:02 - 8:04
    මොනවා හෝ තීරණ තිබිලා තියෙනවාද,
  • 8:04 - 8:07
    ඔබ වෙනස් තීරණයක් ගත්තානම් ඔබේ
    ජීවිතය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු?
  • 8:08 - 8:10
    කී දෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්ද?
    හොඳට හෝ නරකට. කියන්න "ඔව්".
  • 8:10 - 8:11
    "ඔව්"
  • 8:11 - 8:14
    සරලවම කියනවානම්, ඔබ රැකියාවට
    යන්න තිබු තැන වෙන්න ඇති එය.
  • 8:14 - 8:17
    ඔබට එතැනදී ඔබේ ආදරය මුණගැහුනා.
    රැකියා තීරණයක්.
  • 8:17 - 8:19
    මම දන්නවා මෙහි මම දැකපු ගූගල් දක්ෂයින්.
  • 8:19 - 8:22
    මම කියන්නේ, මට තේරෙනවා ඔවුන්ගේ තීරණය
    තමන්ගේ තාක්ෂණය අලෙවි කිරීමයි.
  • 8:22 - 8:25
    තමන්ගේම සංස්කෘතියක් බිහි කිරීම
    පසෙක දමා ඒ තීරණය ගත්තානම්?
  • 8:25 - 8:28
    ලෝකය සහ ඔවුන්ගේ ජීවිත
    කෙසේ වෙනස් විය හැකිද? එහි බලපෑම?
  • 8:28 - 8:30
    අපේ ලෝකයේ ඉතිහාසය වන්නේ මේ තීරණයි.
  • 8:31 - 8:34
    කාන්තාවක් නැගිටලා කියනකොට,
    "නෑ, මම බස් එකේ පිටිපස්සට යන්නේ නෑ."
  • 8:34 - 8:38
    ඇය බලපෑම් කලේ ඇයගේ ජීවිතයට විතරක්
    නෙමෙයි. ඒ තීරණය අපේ සංස්කෘතිය හැඩකළා.
  • 8:38 - 8:40
    නැත්තන් යුධ ටැංකියක් ඉදිරියේ
    සිටගෙන ඉන්න කෙනෙක්.
  • 8:40 - 8:43
    නැත්තන් ලාන්ස් ආම්ස්ට්රෝන්ගේ
    තත්වයේ ඉන්න කෙනෙක්.
  • 8:43 - 8:45
    "ඔබට තියෙන්නේ රහස් ප්රදේශයේ පිළිකාවක්."
  • 8:45 - 8:48
    ඒක හුඟක් දරුණුයි ඕනේ පිරිමියෙකුට.
    විශේෂයෙන්ම ඔබ බයිසිකල් පදිනවානම්.
  • 8:48 - 8:49
    (සිනහව)
  • 8:49 - 8:52
    ඔබේ මොළයේ, ඔබේ පෙනහැලිවල
    එය තියෙනවා.
  • 8:52 - 8:54
    ඒත් අවධානය යොමුකරන්නේ කුමක් ගැනද
    කියලා ඔහුගේ තීරණය වුනේ මොකක්ද?
  • 8:54 - 8:56
    බහුතරයක් මිනිසුන්ට වඩා වෙනස්.
    ඒකේ තේරුම?
  • 8:56 - 8:58
    ඒ අවසානය නොවෙයි, ආරම්භයයි.
  • 8:58 - 9:01
    ඔහු ශුරතාවලි 7ක් දිනනවා,
    පිළිකාවට පෙර නොදිනපු,
  • 9:01 - 9:05
    මොකද ඔහුට හැඟීම්වල
    ස්ථාවරත්වය, මානසික ශක්තිය තිබුනා.
  • 9:05 - 9:07
    එයයි මම ආශ්රය කළ මිලියන 3ක් පමණ
  • 9:07 - 9:09
    මිනිසුන්ගේ දකින වෙනස.
  • 9:09 - 9:15
    පහුගිය අවුරුදු 29 තුල, මගේ පර්යේෂණාගාරයේ
    රටවල් 80ක මිනිසුන් මිලියන 3ක් හිටියා.
  • 9:15 - 9:17
    කාලයකට පස්සේ, රටාවන්
    පැහැදිලිවෙන්න ගත්තා.
  • 9:18 - 9:22
    ඔබට පේනවා ඇති දකුණු ඇමරිකාව සහ අප්රිකාව
    යම් විදිහකින් සම්බන්ධයි කියලා නේද?
  • 9:22 - 9:24
    අනිත් අය කියන්නේ "ඕ ඒක හරිම හාස්යජනකයි."
    සරලයි.
  • 9:24 - 9:26
    ලාන්ස්ව හැඩගස්වන්නේ කවුද?
    ඔබව හැඩගස්වන්නේ කවුද?
  • 9:26 - 9:31
    නොපෙනෙන බලවේග 2ක්.
    ඉක්මනට. එක: තත්වය
  • 9:31 - 9:32
    අපි හැමෝටම කාලයක් තිබිලා තියෙනවා,
  • 9:32 - 9:35
    ඔබ යමක් කළා, පස්සේ ඔබ හිතුවා ඔබටම,
  • 9:35 - 9:38
    "මට විශ්වාස කරන්න බෑ මම එහෙම දෙයක්
    කිවුවා හෝ කළාද කියලා වත්." කාටද
  • 9:38 - 9:40
    එහෙම වෙලා තියෙන්නේ? කියන්න "ඔව්".
    "ඔව්"
  • 9:40 - 9:43
    නැත්තන් ඔබ යමක් කලාට පස්සේ ඔබ කියනවා
    "ඒ මමයි!"
  • 9:43 - 9:44
    (සිනහව)
  • 9:44 - 9:47
    ඒ ඔබේ හැකියාව නෙමෙයි. ඔබ
    එවිට සිටි තත්වය.
  • 9:47 - 9:50
    ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි
    දීර්ඝ කාලීනව ඔබව හැඩගස්වන්නේ.
  • 9:50 - 9:53
    ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි පෙරණය.
    එයයි අපිව හැඩගස්වන්නේ. එය
  • 9:53 - 9:55
    මිනිසුන්ව තීරණ ගැනීමට පොළඹවනවා.
  • 9:55 - 9:58
    තව කෙනෙක්ව පොළඹවන්නනම්, ඔහුව
    දැනටමත් පොළඹවන දේවල් අපි දැනගත යුතුයි.
  • 9:58 - 10:00
    එය කොටස් 3කින් සැදී තිබෙනවා.
  • 10:00 - 10:02
    මුලින්ම, මොකක්ද ඔබේ ඉලක්කය?
    ඔබ යන්නේ කොයිබද?
  • 10:02 - 10:04
    ඒ ඔබේ ආශාවන් නෙමෙයි.
  • 10:04 - 10:05
    ඔබට පුළුවන් ඔබේ ආශාවන් හෝ
    අරමුණු ලබාගන්න.
  • 10:06 - 10:09
    කාටද කවදාහරි අරමුණක් හෝ ආශාවක් හෝ
    තිබිලා "මෙච්චරද තියෙන්නේ?" කියල හිතුනේ?
  • 10:09 - 10:10
    කියන්න "ඔව්".
    "ඔව්"
  • 10:10 - 10:13
    ඒ අපිට තියෙන අවශ්යතා.
    මානුෂීය අවශ්යතා 6ක් තියෙනවා.
  • 10:13 - 10:16
    දෙවනුව, ඔබට බලපෑම් කරන ඉලක්කය
    ඔබ අඳුනගත් විට
  • 10:16 - 10:19
    සත්යයෙන් එළිදරවු කරගත් විට,
    ඔබ එය තනන්නේ නැහැ.
  • 10:19 - 10:21
    එවිට ඔබ සොයාගන්නවා ඔබේ සිතියම,
  • 10:21 - 10:24
    එම අවශ්යතා ලබාගත හැකි අයුරු
    පෙන්වන හර පද්ධති.
  • 10:24 - 10:27
    සමහරු හිතනවා ඒවා ලබා ගන්න තියෙන
    මාර්ගය ලෝකය විනාශ කිරීම කියලා.
  • 10:27 - 10:29
    සමහරුන්ට, යමක් ගොඩනැගීම, නිර්මාණය
    කිරීම, යමෙකුට ආදරය කිරීම.
  • 10:29 - 10:32
    ඒවා ඔබ තෝරාගන්නා ඉන්ධන.
    ඉතින් ඉක්මනින් ඒ අවශ්යතා 6.
  • 10:32 - 10:34
    මම කියන්නම් ඔබට මොනවද ඒ කියලා.
    එක: නිශ්චිතබව.
  • 10:34 - 10:37
    මේ අරමුණු හෝ ආශාවන් නෙමෙයි.
    මේවා විශ්වීයයි.
  • 10:37 - 10:39
    හැමෝටම අවශ්යයි නිශ්චිතබවක්
    වේදනාව මගහැරිය හැකි බවට.
  • 10:39 - 10:41
    අඩුමතරමේ පහසුවෙන් සිටිය හැකියි කියා.
  • 10:41 - 10:42
    දැන් කොහොමද ඔබ එය ලබන්නේ?
  • 10:42 - 10:45
    හැමෝම පාලනය කරලා? කුසලතාවක් වර්ධනය
    කරලා? වැඩේ අතහැරලා? සිකරට්ටුවක් බීලා?
  • 10:45 - 10:47
    ඔබට සම්පුර්ණ නිශ්චිතභාවය තිබුනොත්,
  • 10:47 - 10:48
    අපිට එය අවශ්ය වුනත්--
  • 10:48 - 10:52
    ඔබේ සෞඛ්යය, දරුවෝ, මුදල් ගැන
    ඔබට නිශ්චිත බවක් නැහැ.
  • 10:52 - 10:54
    ඔබට විශ්වාසයක් නැත්නම්,
    ඔබ ඉන්නේ ලොකු බරක් දරාගෙන,
  • 10:54 - 10:55
    ඔබ කිසිම කෙනෙකුට සවන් දෙන්නේ නෑ.
  • 10:55 - 10:59
    නිශ්චිතබව ගැන වෙනස් ආකාරයට හිතුවොත්.
    පුර්ණ නිශ්චිතබව එක්ක ලැබෙන්නේ මොනවාද?
  • 10:59 - 11:01
    ඔබට නිශ්චිතයිනම් දැනෙන්නේ කොහොමද?
  • 11:01 - 11:04
    ඔබ දන්නවා වෙන්නේ මොනවද කියලා.
    කවදාද කොහොමද කියලා.
  • 11:04 - 11:05
    මොනවද ඔබට දැනෙන්නේ?
  • 11:05 - 11:07
    හරිම අලස බවක්. ඉතින්,
    දෙවියන් ඇයගේ අපරිමිත ප්රඥයාවෙන්,
  • 11:07 - 11:10
    අපිට අවනිශ්චිතභාවය නම් දෙවන
    මානව අවශ්යතාවය ලබා දුන්නා.
  • 11:10 - 11:13
    අපිට විවිධත්වය අවශ්යයි.
    පුදුමකිරීම් අවශ්යයි.
  • 11:13 - 11:15
    මෙතන කීදෙනෙක් පුදුමකිරීම්
    වලට කැමතිද? කියන්න "ඔව්".
  • 11:15 - 11:16
    "ඔව්".
  • 11:16 - 11:19
    බොරු. ඔබ කැමති, ඔබ ආස කරන
    පුදුමකිරීම්වලට විතරයි.
  • 11:19 - 11:22
    ඔබ අකමැති පුදුමකිරීම්වලට කියන්නේ
    ප්රශ්න කියලා. ඒත් ඔබට ඒවා ඕනේ.
  • 11:22 - 11:24
    ඉතින් විවිධත්වය හුඟක් වැදගත්.
  • 11:24 - 11:27
    කවදාහරි බලපු වීඩියෝවක් හරි සිනමා
    පටයක් හරි ඔබ නැවත ගෙන තිබෙනවාද?
  • 11:27 - 11:29
    කවුද එහෙම කරලා තියෙන්නේ?
  • 11:29 - 11:31
    (සිනහව)
  • 11:31 - 11:33
    ඇයි ඔබ එහෙම කරන්නේ?
  • 11:33 - 11:35
    ඔබට නිශ්චිතයි එය හොඳයි කියලා,
    ඔබ එය කලින් දැක තිබෙන නිසා.
  • 11:35 - 11:38
    ඒත් ඔබ හිතනවා ඔබට දැන්
    එය අමතකවී ඇති කියලා.
  • 11:38 - 11:39
    එහි විවිධත්වයක් තිබෙනවා.
  • 11:39 - 11:41
    තුන්වන අවශ්යතාවය, බරපතලයි: වැදගත්කම
  • 11:41 - 11:44
    අපි හැමටම අවශ්යයි, අපි වැදගත්, විශේෂයි,
    අද්විතීයයි කියලා දැනෙනවට.
  • 11:44 - 11:46
    ඔබට එය ලැබිය හැකියි වැඩිපුර මුදල් හම්බ
    කරලා හෝ ආධ්යාත්මිකව දියුණු වෙලා.
  • 11:46 - 11:49
    ඔබට එය ලැබිය හැකියි මිනිසුන්
    දැනගන්නට අකමැති
  • 11:49 - 11:52
    තැන්වල ටැටූ හෝ කරාබු දාලා.
  • 11:52 - 11:53
    මොනදේ වුනත්,
  • 11:53 - 11:55
    එය කරන්න ලේසිම විදිහ,
  • 11:55 - 11:58
    ඔබට කිසිම පසුබිමක්, සංස්කෘතියක්,
    විශ්වාසයක්, සම්පතක්,
  • 11:58 - 11:59
    උපක්රමශීලී බවක් නැත්නම්, ඒ ප්රචණ්ඩත්වය.
  • 11:59 - 12:03
    මම ඔබගේ හිසට තුවක්කුවක් අල්ලා දාමරිකයෙක්
    වගේ හිටියොත්, සැනෙකින් මම වැදගත්.
  • 12:03 - 12:05
    0 සිට 10. කොච්චර ලොකුද? 10.
  • 12:05 - 12:08
    මට කොච්චර විශ්වාසද ඔබ
    මට ආපසු කතාකරයි කියලා? 10.
  • 12:08 - 12:09
    කොච්චරක් අවිශ්වාසද?
  • 12:09 - 12:11
    කවුද දන්නේ ඊළඟට මොකද
    වෙන්නේ කියලා? එය කුතුහලයක්.
  • 12:11 - 12:12
    ගුහාවක් ඇතුලට ගිහින්
  • 12:12 - 12:14
    ඒ වැඩ කරනවා වගේ වැඩක්.
  • 12:14 - 12:15
    පුර්ණ විවිධත්වය, අවිනිශ්චිතබව.
  • 12:15 - 12:19
    ඒක වැදගත්බවක් දෙනවා ඔබට. ඒත් ඔබට
    ඒ සඳහා ජීවිත අවධානයක් ගන්න ඕනෙ.
  • 12:19 - 12:21
    ඒකයි ප්රචණ්ඩත්වය හැම තැනම තියෙන්නේ.
    ඉදිරියටත් තියේවි,
  • 12:21 - 12:24
    වර්ගයක් ලෙස අපේ විඥයානයේ
    වෙනසක් සිදු නොවෙන තාක්.
  • 12:24 - 12:26
    ඔබට වැදගත්කම ගත හැකියි ක්රම
    මිලියනයකින්.
  • 12:26 - 12:28
    ඒත් වැදගත්කමක් ගන්න ඔබ අද්විතීය
    සහ වෙනස් කෙනෙක් විය යුතුයි.
  • 12:28 - 12:31
    මේකයි අපිට ඇත්තටම අවශ්ය:
    සම්බන්ධකම් සහ ආදරය, 4වන අවශ්යතාවය.
  • 12:31 - 12:32
    අපි හැමෝටම ඒක ඕනේ;
  • 12:32 - 12:35
    හුඟක් අය සම්බන්ධකමකින් නවත්වනවා.
    ආදරය ටිකක් භයන්කරයි.
  • 12:35 - 12:37
    කිට්ටු සම්බන්දතාවයකින් වේදනා
    ලබල තියෙන්නේ කවුද මෙතන?
  • 12:39 - 12:42
    ඔබ ඇත නොඉස්සුවොත්, ඒකියන්නේ ඔබට
    වෙනත් දේවලුත් වෙලා තියෙනවා.
  • 12:42 - 12:44
    ඔබ නැවතත් වේදනාවට පත්වෙන්න යන්නේ.
  • 12:44 - 12:46
    ඔබට සතුටු නැද්ද මේ ධනාත්මක
    මුණගැසීම ගැන?
  • 12:46 - 12:48
    මේකයි ඇත්ත: අපිට එය අවශ්යයි.
  • 12:48 - 12:51
    අපිට එය කරන්න පුළුවන් සමීපභාවයකින්,
    මිතුරුකමින්, යාච්ඤයාවෙන්,
  • 12:51 - 12:53
    ස්වභාවධර්මයේ ඇවිදිමින්.
  • 12:53 - 12:56
    වෙන කිසිදෙයක් හරියන්නේ නැත්නම්, පුසෙක්
    නෙමෙයි බල්ලෙක් ගන්න,
  • 12:56 - 12:59
    මොකද ඔබ මිනිත්තු 2කට එලියට ගියොත්,
    ඔබ මාස 6කට ගියා වගේ,
  • 12:59 - 13:01
    මිනිත්තු 5 කට පස්සේ නැවත එනවිට.
  • 13:01 - 13:03
    හැම මිනිසෙකුම, මේ පළවෙනි අවශ්යතා 4
    ලබාගන්න ක්රම හොයාගන්නවා.
  • 13:04 - 13:07
    ඔබ තමන්ටම බොරු කියාගත්තත් ඔබට බෙදුණු
    පෞරුෂත්ව තියාගන්න වෙනවා.
  • 13:07 - 13:11
    පළමු අවශ්යතා 4 මම පෞරුෂත්වයේ
    අවශ්යතා හැටියට හඳුන්වනවා.
  • 13:11 - 13:13
    අවසාන 2 අධ්යාත්මයේ අවශ්යතායි.
  • 13:14 - 13:16
    මෙතනදියි පරිපුර්ණත්වය පැමිණෙන්නේ.
  • 13:16 - 13:17
    පළමු හතරෙන් ඔබට එය හම්බවෙන්නේ නැහැ.
  • 13:17 - 13:20
    ඔබ මාර්ගයක් සොයාගනීවී, දුම් බීම, මත්පැන්,
    ඕනෑම දෙයක්, පළමු 4 ලබාගන්න.
  • 13:20 - 13:22
    නමුත් 5, ඔබට වැඩෙන්න සිදු වෙනවා.
  • 13:23 - 13:24
    අපි හැමෝම පිළිතුර දන්නවා.
  • 13:24 - 13:25
    වර්ධනය නොවුනොත් ඔබ කවුද?
  • 13:25 - 13:28
    සම්බන්ධයක් හෝ ව්යාපාරයක් හෝ
    වර්ධනය නොවේනම්,
  • 13:28 - 13:29
    ඔබ වර්ධනය නොවෙනවානම්,
  • 13:29 - 13:30
    ඔබට කොතරම් මුදල් හෝ යහළුවන් සිටියත්
  • 13:30 - 13:32
    කීදෙනෙක් ඔබට ආදරය කලත්
  • 13:32 - 13:33
    ඔබට දැනෙන්නේ අපායක් වගේ.
  • 13:33 - 13:35
    මගේ විශ්වාසයනම, වර්ධනය වෙන්න
  • 13:35 - 13:37
    හේතුව අපිට දෙන්න වටිනා දෙයක් ඕන නිසා.
  • 13:37 - 13:39
    මොකද 6වෙනි අවශ්යතාවය අපිට
    වඩා යමක් දීමේ හැකියාවයි.
  • 13:40 - 13:42
    මොකද අපි හැමෝම දන්නවා,
  • 13:42 - 13:44
    ජීවත්වීමේ රහස දීමයි කියලා.
  • 13:44 - 13:46
    අපි හැමෝම දන්නවා, ජීවිතය
    කියන්නේ මම නෙමෙයි අපි.
  • 13:46 - 13:48
    මේ සංස්කෘතිය එය දන්නවා.
    මේ කාමරය එය දන්නවා.
  • 13:48 - 13:49
    එය ආකර්ශනීයයි.
  • 13:49 - 13:52
    නිකලස් ඔහුගේ $100 යේ පරිගණකය
    ගැන කියන විට,
  • 13:52 - 13:53
    වඩාත් ආකර්ශනීය දේ තමයි,
  • 13:53 - 13:55
    මේ ඉන්නේ බුද්ධිමතෙක්,
    එත් ඔහුට අරමුණක් තියෙනවා.
  • 13:56 - 13:59
    ඔබට ඔහුගේ වෙනස වටහාගත
    හැකියි. එය ලස්සනයි.
  • 13:59 - 14:01
    ඒ අරමුණ අනෙත් යට දැනෙනවා.
  • 14:01 - 14:04
    මගේ ජීවිතය ස්පර්ශකලා යම් දෙයක්,
    මට වයස 11 දී.
  • 14:04 - 14:06
    ස්තුතිවන්තවීමේ උත්සවය.
    මුදල් නෑ, ආහාර නෑ.
  • 14:06 - 14:07
    අපිට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ
  • 14:07 - 14:09
    නමුත් මගේ පියා හිටියේ කනස්සල්ලෙන්.
  • 14:09 - 14:11
    මගේ මව කියමින් සිටියා
    ඔහුගේ බංකොලොත්භාවය ගැන.
  • 14:11 - 14:13
    එවිට කෙනෙක් දොර ලඟට ඇවිත්
    ආහාර ලබා දුන්නා.
  • 14:13 - 14:17
    මගේ පියා තීරණ 3ක් ගත්තා.
    ඒවා මොනවද කියලා මම කෙටියෙන් දන්නවා.
  • 14:17 - 14:18
    ඔහුගේ අවධානය වුනේ, "මේ පිනට දුන් යමක්".
  • 14:18 - 14:20
    මොකක්ද එකේ තේරුම? "මම කිසි කමකට නෑ"
  • 14:20 - 14:23
    මම කරන්න ඕනේ?
    "මගේ පවුල අතහැරීම", ඔහු එය කළා.
  • 14:23 - 14:25
    ඒක ජීවිතයේ හුඟාක් වේදනාකාරී අත්දැකීමක්.
  • 14:25 - 14:27
    මගේ තීරණ 3,
    මට ලබාදුන්නේ වෙනස්ම මාර්ගයක්.
  • 14:28 - 14:31
    මම අවධානය යොමු කළේ,
    "ආහාර තිබේ". නියම සංකල්පයක්.
  • 14:31 - 14:32
    (සිනහව)
  • 14:32 - 14:35
    ඒත් ඒක තමයි මගේ ජීවිතය වෙනස් කළේ.
    මාව මනුස්සයෙක් ලෙස හැඩ ගැන්වුයේ.
  • 14:35 - 14:38
    කාගෙන්හරි තෑග්ගක්,
    මම දන්නෙත් නෑ ඒ කවුද කියලා.
  • 14:38 - 14:40
    මගේ පියා හැමවිටම කිවුවේ,
    "කවුරුත් මොකුත් දෙන්නේ නෑ."
  • 14:41 - 14:42
    දැන්, නාදුනන පුද්ගලයෙක්,
  • 14:42 - 14:45
    කිසිදෙයක් ඉල්ලන්නේ නැතිව,
    අපිට ආහාර ලබා දෙනවා,
  • 14:45 - 14:46
    අපිව හොයමින්.
  • 14:46 - 14:49
    එය මට විශ්වාසකරලන්න පෙළඹුවා,
    නාදුනන අය අපි ගැන හිතනවා කියලා.
  • 14:50 - 14:51
    එය මාව පෙළඹුවා තීරණය කරන්න,
  • 14:51 - 14:54
    නාදුනන අය මමත් මගේ පවුලත් ගැන
    හිතනවානම්, මමත් ඔවුන් ගැන හිතනවා.
  • 14:54 - 14:56
    මම යමක් කරනවා වෙනසක් ඇතිකරන්න.
  • 14:56 - 14:58
    ඉතින් මම වයස 17 දී,
    ස්තුතිවන්තබව පෙන්වන්න ක්රියා කළා.
  • 14:58 - 15:01
    අවුරුදු ගණනකට මගේ ඉලක්කය වුනේ,
    පවුල් 2ක් නඩත්තු කරන්න මුදල් හොයන එකයි.
  • 15:01 - 15:03
    එයයි මගේ ජීවිතයේ කරපු ගොඩක්ම
    විනෝදජනක සහ දැනෙන දේ.
  • 15:03 - 15:05
    ඊළඟ අවුරුද්දේ මම කළා 4ක්, ඊළඟට 8ක්.
  • 15:05 - 15:08
    මම කරන දේ ගැන කාටවත් කිවුවේ නෑ.
    මම ඒක කළේ ලකුණු දාගන්න නෙවෙයි.
  • 15:08 - 15:11
    ඒත් පවුල් 8කට පස්සේ,
    මම හිතුවා උදවු ලබාගන්න.
  • 15:11 - 15:13
    ඉතින් මම ගිහින් මගේ
    යාළුවන්වත් එකතුකරගත්තා.
  • 15:13 - 15:17
    පස්සේ මම ව්යාපාර බිහි කළා, 11ක් ගත්තා,
    ඊට පස්සේ මම පදනම හැදුවා.
  • 15:18 - 15:19
    අවුරුදු 18කට පස්සේ,
  • 15:19 - 15:22
    මට ආඩම්බරයි කියන්න, ගිය අවුරුද්දේ අපි
    රටවල් 35ක මිලියන 2ක කගේ කුස පිරෙවුවා.
  • 15:22 - 15:24
    අපේ පදනමෙන්.
  • 15:24 - 15:26
    නිවාඩු දිනවල, ස්තුතිවන්තවීම් වලදී
    සහ නත්තලේදී,
  • 15:26 - 15:28
    ලෝකය පුරා විවිධ රටවල්වලදී.
  • 15:28 - 15:29
    (අත්පොළසන්)
  • 15:29 - 15:30
    ස්තුතියි.
  • 15:30 - 15:34
    මම මේ ඔබට කයිවාරු කියනවා නෙමෙයි.
    මම මිනිසුන් ගැන ආඩම්බරයි.
  • 15:34 - 15:36
    ඒගොල්ලෝ හුඟක් උනන්දු වෙනවා
    ආධාර කරන්න
  • 15:36 - 15:39
    ඒ ගැන කතාකරන්න නෙමෙයි, ඒ අත්දැකීම
    ඇත්තටම ලබාගන්න පුළුවන් වුනහම.
  • 15:39 - 15:41
    ඉතින් අවසානයේදී, මගේ වෙලාව ඉවරයි වගේ.
  • 15:41 - 15:44
    ඔබව හැඩගස්වන ඉලක්කය --
  • 15:44 - 15:45
    මෙයයි මිනිසුන් අතර තියෙන වෙනස.
  • 15:45 - 15:47
    අපිට තිබෙන්නේ එකම අවශ්යතාවයන්.
  • 15:47 - 15:49
    එත් ඔබ ඇත්තටම නිශ්චිතතා පිස්සෙක්ද?
    එයද ඔබ වඩා අගය කරන්නේ?
  • 15:49 - 15:50
    නැත්නම් අවිනිශ්චිතතාවයද?
  • 15:50 - 15:54
    මේ මිනිසා නිශ්චිතතා පිස්සෙක් විය නොහැකියි
    ඔහු ඒ ගුහා තරණය කළානම්.
  • 15:54 - 15:56
    ඔබව මෙහෙයවනු ලබන්නේ
    වැදගත්කමද ආදරයද?
  • 15:56 - 15:57
    අපි හැමෝටම ඒ 6ම අවශ්යයි.
  • 15:57 - 16:00
    ඒත් ඔබගේ ප්රධාන මෙහෙයුම් පද්ධතිය
    ඔබව අනෙක් පසට හරවයි.
  • 16:00 - 16:02
    ඔබ යම් දිශාවකට ගමන් කරන විට
    ඔබට ගමනාන්තයක් හෝ ඉරණමක් තිබෙනවා.
  • 16:03 - 16:04
    දෙවෙනි කොටස තමයි සිතියම.
  • 16:04 - 16:06
    මෙහෙයුම් පද්ධතිය කියන්නේ
    එතනට යන්නේ කොහොමද කියලා.
  • 16:06 - 16:08
    සමහරුන්ගේ සිතියම තමයි,
  • 16:08 - 16:10
    "මම මැරුණත් මම අනෙක් මිනිසුන්ගේ
    ජීවිත බේරාගන්නවා."
  • 16:10 - 16:12
    ඔවුන් ගිනි නිවන භටයින්.
  • 16:12 - 16:14
    තවත් සමහරු කියනවා,
    "එය කරන්න මම මිනිසුන් මරනවා."
  • 16:14 - 16:16
    ඔවුන් උත්සහ කරන්නේ වැදගත්කමේ
    එකම මට්ටම ලඟා කරගන්න.
  • 16:17 - 16:19
    ඔවුන්ට අවශ්යයි දෙවියන්ව
    හෝ තම පවුල උසස් කරගන්න.
  • 16:19 - 16:20
    ඒත් ඔවුන්ට තියෙන්නේ වෙනත් සිතියමක්.
  • 16:20 - 16:23
    විවිධ විශ්වාස 7ක් තියෙනවා. මට දැන් ඒ ගැන
    කතා කරන්න බෑ. මගේ කාලය අවසානයි.
  • 16:23 - 16:25
    අන්තිම දේ තමයි හැඟීම්.
  • 16:25 - 16:27
    සිතියමේ එක කොටසක් තමයි කාලය.
  • 16:28 - 16:30
    සමහරුන්ට නම් දිගු කාලයක් කියන්නේ
    අවුරුදු 100ක් වගේ.
  • 16:30 - 16:33
    සමහරුන්ට නම් තත්පර 3ක්.
    ඒක තමයි මට තියෙන්නේ.
  • 16:33 - 16:36
    මම අන්තිමට කියපු දේ, ඒ ගණයට
    අයිති වෙන්නේ ඔයාලා.
  • 16:36 - 16:37
    ඔබට ඉලක්කයක් සහ සිතියමක් තියෙනවානම්,
  • 16:38 - 16:40
    මට ගූගල් පාවිච්චි කරන්න බෑ
    මොකද මම කැමති මැක් වලට,
  • 16:40 - 16:42
    ඔවුන් තාම මැක් වලට එය වැඩි දියුණු කර නෑ.
  • 16:42 - 16:44
    ඉතින් ඔබ "මැප්ක්වෙස්ට්" භාවිතා කරනවානම්,
  • 16:44 - 16:46
    කීදෙනෙක් මෙය භාවිතා කිරීමේ බරපතල
    වැරැද්ද කර තිබෙනවාද?
  • 16:47 - 16:49
    ඔබ මෙය භාවිතා කරනවා,
    ඒත් ඔබට එය ලඟා කරගන්න බෑ.
  • 16:49 - 16:52
    හිතන්න, ඔබේ විශ්වාස තහවුරු කරනවානම්
    ඔබ සිතන තැනට ඔබට කවදාවත් යන්න බෑ කියලා.
  • 16:52 - 16:53
    (සිනහව)
  • 16:53 - 16:54
    අන්තිම දේ හැඟීම්.
  • 16:55 - 16:57
    මෙයයි මම ඔබට කියන්නේ හැඟීම් ගැන.
  • 16:57 - 16:58
    හැඟීම් 6000ක් තියෙනවා,
  • 16:59 - 17:01
    ඉංග්රීසි භාෂාවේ වචන තිබෙන.
  • 17:01 - 17:04
    එය, භාෂාවත් එක්ක වෙනස් වෙන
    භාෂාමය නිරුපණයක් පමණයි.
  • 17:04 - 17:06
    ඒත් ඔබගේ ආධිපත්ය දරන හැඟීම්,
  • 17:06 - 17:09
    මිනිසුන් 20,000ක් හෝ 1000ක් ඉන්නවානම්,
  • 17:09 - 17:12
    මම කිවුවොත්, ඔවුන් අත්දකින සියලුම
    හැඟීම් කොළයක ලියන්න කියලා,
  • 17:12 - 17:13
    සාමාන්ය සතියකදී,
  • 17:13 - 17:14
    මම ඔවුන්ට දෙනවා ඇති තරම් කාලයක්.
  • 17:14 - 17:15
    එක් පසකින් ඔවුන් සවිමත් කරන හැඟීම්,
  • 17:15 - 17:16
    අනෙත් පසින් ඔවුන් දුබල කරන හැඟීම්.
  • 17:16 - 17:18
    හිතන්න කොච්චරක් හැඟීම් අත්දකිනවාද
    කියලා. 12කටත් අඩුයි.
  • 17:19 - 17:21
    ඒවායෙන් බාගයක්ම, ඔවුන්ව දුබල කරනවා.
  • 17:21 - 17:24
    ඔවුන්ට යහපත් හැඟීම් 6ක් තියෙනවා.
  • 17:25 - 17:27
    සතුට, සතුට, උද්වේගකරබව, අපොයි,
  • 17:27 - 17:29
    අපේක්ෂා භංගත්වය, අපේක්ෂා භංගත්වය,
    ආඩම්බරකම, මානසික අවපීඩනය.
  • 17:29 - 17:30
    ඔබලා කීදෙනෙක් දන්නවද කවුරුන්හරි,
  • 17:30 - 17:33
    මොනවා සිදු වුනත් තරහ යන?
  • 17:33 - 17:34
    (සිනහව)
  • 17:34 - 17:39
    එහෙම නැතිවුනත්, මොනවා සිදුවුනත් සතුටින්,
    උද්යෝගයෙන් ඉන්න ක්රමයක් හොයාගන්න?
  • 17:39 - 17:41
    ඔබලා කීදෙනෙක් මෙහෙම
    කෙනෙක් දන්නවාද?
  • 17:41 - 17:44
    9/11 ප්රහාරය සිදුවෙනකොට, මම මෙතනින්
    ඉවර කරන්නම්, මම හිටියේ හවායි වල.
  • 17:44 - 17:46
    මම හිට්යේ රටවල් 45ක
    මිනිසුන් 2000ක් එක්ක.
  • 17:46 - 17:49
    අපි භාෂා 4ක් පරිවර්තනය කරමින් හිටියේ,
  • 17:49 - 17:51
    මම මෙහෙයවන වැඩසටහනක්
    වෙනුවෙන්, සතියක් පුරා.
  • 17:51 - 17:54
    පෙර දින රාත්රිය "හැඟීම් පාලනය" නම් වුනා.
  • 17:54 - 17:56
    මම නැගිට්ටා, සැලැස්මක්
    තිබුනේ නෑ, මම කිවුවා,
  • 17:56 - 17:59
    අපිට තිබුනා ගිනිකෙළි සංදර්ශන, මම පිස්සු
    නටනවා, විනෝද වෙනවා,
  • 17:59 - 18:00
    අන්තිමට මම නැවැත්තුවා.
  • 18:00 - 18:03
    මට මේ සැලැස්ම තිබුණා, ඒත් කියන්නේ
    මොනවද කියල මම දැනගෙන හිටියේ නෑ.
  • 18:03 - 18:03
    එවිට එකවරම මම කිවුවා,
  • 18:03 - 18:07
    "මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්න පටන්ගන්නේ
    කවදද? ඔවුන්ට මරණය මුණගැසුනහම."
  • 18:08 - 18:09
    ඉතින් මම ඒ දේ ගැන කියන්න ගත්තා.
  • 18:09 - 18:11
    ඔබට මේ දූපතෙන් යන්න බැරිවුනොත්,
  • 18:11 - 18:13
    අදින් දවස් නමයකින් ඔබ මියයනවානම්,
  • 18:13 - 18:16
    ඔබ කාටද කතාකරන්නේ? මොකක්ද
    ඔබ කියන්නේ? මොකක්ද ඔබ කරන්නේ?
  • 18:17 - 18:19
    එදා රාත්රියේදී තමයි 9/11 සිදුවුනේ.
  • 18:19 - 18:21
    එක කාන්තාවක් වැඩමුළුවට ඇවිත් හිටියා.
    ඇය එහි ආ විට,
  • 18:22 - 18:24
    ඇයගේ කලින් පෙම්වතාව
    පැහැරගෙනගොස් මරාදාලා.
  • 18:25 - 18:28
    ඇගේ අලුත් පෙම්වතාට ඇයව කසාද බඳින්න
    ඕනෙලු. ඇය එය ප්රතික්ෂේප කරලා.
  • 18:28 - 18:30
    ඔහු කියලා, "ඔයා අර හවායි වැඩේට ගියොත්,
    අපේ සම්බන්දේ ඉවරයි."
  • 18:30 - 18:31
    ඇය කියලා, "ඔව්, ඒක ඉවරයි."
  • 18:31 - 18:34
    මම එදා රෑ ඉවර කරහම, ඇය ඔහුට කතාකරලා,
    පණිවිඩයක් තිබ්බා.
  • 18:34 - 18:36
    ඔහු වැඩකලේ ලෝක වෙළඳ මධ්යස්ථානයේ
    ඉහළ මහලක, නිවුයෝර්ක් වල. ඇය කිවුවා,
  • 18:37 - 18:40
    "මම ඔයාට ආදරෙයි, මට ඔයාව
    කසාද බඳින්න ඕනේ."
  • 18:40 - 18:41
    "මම වැරදියි ඒ වෙලාවේ."
  • 18:42 - 18:45
    ඇය නිදාගෙන හිටියේ ඔහු ඇයට
    කතාකරනකොට. එතකොට අපිට පාන්දර 3යි.
  • 18:45 - 18:48
    ඔහු කිවුවා, "රත්තරන්, මට කියන්න බෑ
    මේකේ තේරුම."
  • 18:48 - 18:51
    "මම දන්නේ නෑ, මේක ඔයාට කියන්නේ කොහොමද
    කියලා, ඔයා තමයි මට වටිනාම තෑග්ග දුන්නේ,"
  • 18:51 - 18:53
    "මොකද මම මැරෙන්නයි යන්නේ."
  • 18:53 - 18:55
    ඇය ඒ පටිගත කිරීම අපිට අහන්න දුන්නා.
  • 18:55 - 18:57
    ඇයට පසුව ලැරී කිංග් සමග
    සාකච්චාවක් තබුණා.
  • 18:57 - 18:59
    ඔහු කිවුවා, "ඔබ කල්පනාකරනවා ඇති,"
  • 18:59 - 19:00
    "කොහොමද මට මේක දෙපාරක්ම
    විඳින්න සිද්ධවුණේ කියලා."
  • 19:01 - 19:03
    "මට ඔබට කියන්න තියෙන්නේ, මේ ඔබට
    දෙවියන් දෙන පණිවිඩය වෙන්න ඇති."
  • 19:03 - 19:06
    "දැන් ඉඳන් හැමදාම, ඔබේ සියල්ල දෙන්න,
    ඔබේ සියල්ලට ආදරය කරන්න."
  • 19:06 - 19:08
    "කිසිම දෙයකට ඔබව නවත්තන්න
    දෙන්න එපා."
  • 19:09 - 19:11
    ඇය අවසන් කරා, මිනිසෙක්
    නැගී සිටියා, ඔහු කිවුවා,
  • 19:11 - 19:13
    "මම පකිස්තානයෙන්, මම මුස්ලිම්,"
  • 19:13 - 19:15
    "මම කැමතියි ඔබේ අතින් අල්ලාගෙන
    කණගාටුව ප්රකාශ කරන්න."
  • 19:15 - 19:17
    "ඒත් අවංකවම ඒක වන්දි ගෙවීමක්."
  • 19:18 - 19:21
    මට ඉතුරුටික ඔබට කියන්න බෑ
    මට වෙලාව නැති නිසා.
  • 19:21 - 19:27
    (සිනහව)
  • 19:27 - 19:28
    ඔබට විශ්වාසද?
  • 19:29 - 19:33
    (සිනහව)
  • 19:33 - 19:34
    තත්පර 10යි!
  • 19:34 - 19:37
    (සිනහව සහ අත්පොලසන්)
  • 19:37 - 19:39
    තත්පර 10යි, මට ආචාරශීලී වෙන්න ඕනේ.
  • 19:39 - 19:40
    මට ඔබට කියන්න පුළුවන් දේ තමයි,
  • 19:40 - 19:42
    මම මේ මනුස්සයාව වේදිකාවට ගෙනාවා,
  • 19:42 - 19:44
    නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්යස්ථානයේ
    වැඩ කරපු කෙනෙක් සමඟ,
  • 19:44 - 19:46
    මොකද එදා එතන නිව්යෝර්ක්
    පදිංචිකරුවන් 200ක් විතර හිටියා.
  • 19:46 - 19:48
    50කට වැඩිය තමන්ගේ මුළු ව්යාපාරයම,
    යහළුවන්ම, නැති වුනු ඇය,
  • 19:48 - 19:50
    තමන්ගේ ජීවිතයේ සියලු සැලසුම්
    කඩා වැටුණු.
  • 19:50 - 19:52
    මුල්ය වෙළඳ කාන්තාවක් හිටියා,
  • 19:53 - 19:55
    ඇයගේ යහළුවන් 30ක් අහිමිවෙලා.
  • 19:56 - 19:59
    මම කිවුවා, "අපි කුමක් ගැනද
    අවධානය යොමු කරන්න හදන්නේ?"
  • 20:00 - 20:02
    මොකක්ද මේකේ තේරුම,
    මොකක්ද අපි කරන්න යන්නේ?
  • 20:02 - 20:04
    මම කණ්ඩායමේ අවධානය යොමු කළා,
  • 20:04 - 20:06
    ඔබට අද කිසිකෙනෙක් අහිමි නොවුනොත්,
  • 20:06 - 20:08
    ඔබේ අවදානය වෙන්නේ වෙන කෙනෙක්ට
    උදවු කරන්නේ කොහොමද කියන එකයි.
  • 20:08 - 20:11
    එක කාන්තාවක් හිටගෙන බොහොම
    තරහෙන් කෑගහන්න ගත්තා.
  • 20:11 - 20:13
    මම දැනගත්තා ඇය නිව්යෝර්ක්හි කෙනෙක්
    නෙමෙයි කියලා. ඇමරිකානුවෙකුත් නෙමෙයි.
  • 20:13 - 20:15
    මෙහෙ කිසි කෙනෙක් දන්නේ නෑ.
  • 20:15 - 20:16
    මම ඇහුවා, "ඔබට නිතරම තරහා යනවද?"
  • 20:16 - 20:17
    ඇය කිවුවා, "ඔව්".
  • 20:17 - 20:19
    වරදකාරී අය වරදකාරී වුනා,
    දුක්වුණු අය දුක්වුනා.
  • 20:19 - 20:22
    මම මේ මිනිසුන් දෙන්නාව අරගෙන
    වක්ර ලෙස සාකච්චා කරා.
  • 20:22 - 20:25
    යුදෙවු මිනිසෙක්, පවුලක් ඉන්න, ඒ භුමියේ,
  • 20:25 - 20:28
    එදින වැඩට ගියානම්, ජීවිතය අහිමිවෙන්න
    තිබුණු නිව්යෝර්ක් පදිංචිකරුවා,
  • 20:28 - 20:29
    සහ මේ මිනිසා, ත්රස්තවාදියෙක්
    වෙන්න ආසා කරපු,
  • 20:29 - 20:30
    මම බොහොම පැහැදිලිව කිවුවා.
  • 20:30 - 20:33
    මෙය චිත්රපටයක තිබුනා,
    මම කැමතියි ඔබට එවන්න,
  • 20:34 - 20:35
    මගේ කතාව නැතුව.
  • 20:35 - 20:38
    ඒත් ඒ දෙදෙනා, එකතුවුනා විතරක් නෙමෙයි,
  • 20:38 - 20:40
    ඔවුන් ඔවුන්ගේ විශ්වාසයන්, ලෝකය ගැන
    තිබුණු ආකෘතිය, වෙනස් කරගත්තා.
  • 20:40 - 20:42
    ඔවුන් දැනට අවුරුදු 4ක් පුරා
    එකට වැඩ කරනවා,
  • 20:43 - 20:44
    මුස්ලිම් පල්ලි වල, ධර්මශාලා වල,
  • 20:44 - 20:45
    සාමය ගැන අදහස ඇති කිරීම සඳහා.
  • 20:45 - 20:48
    ඔහු පොතක් ලිවුවා, "මගේ ජිහාඩ්, මගේ සාමය".
  • 20:49 - 20:50
    ඉතින් පරිවර්තනයන් වෙන්න පුළුවන්.
  • 20:50 - 20:52
    ඔබට මගේ ආරාධනය තමයි :
  • 20:53 - 20:54
    ඔබේ දැල(ජාලය) ගවේෂණය කරන්න.
  • 20:55 - 20:57
    මෙතන තියෙන දැල --
  • 20:57 - 21:00
    ඔබව පාලනය කරන අවශ්යතා,
    විශ්වාසයන්, හැඟීම්,
  • 21:00 - 21:01
    කාරණා දෙකක් නිසා :
  • 21:02 - 21:04
    එවිට ඔබට දීමට සහ ලබාගැනීමට
    ගොඩක් දේ තිබෙනවා.
  • 21:04 - 21:05

    ඒත් මම කියන්නේ දෙන්න.
  • 21:05 - 21:07
    මොකද එයයි ඔබව සම්පුර්ණ කරන්නේ.
  • 21:07 - 21:09
    දෙවනුව එවිට ඔබට අගය කළ හැකියි --
  • 21:09 - 21:12
    තේරුම්ගන්න පමණක් නෙමෙයි, එය
    බුද්ධිමය දෙයක්, මනස හා සම්බන්දයි.
  • 21:12 - 21:14
    අනිත් මිනිසුන්ව පොළඹවන
    දේවලුත් අගය කරන්න.
  • 21:14 - 21:15
    අපේ ලෝකය වෙනස් වෙන එකම විදිහ ඒකයි.
  • 21:15 - 21:18
    ඔබට දෙවියන්ගේ ආශිර්වාදය. ස්තූතියි.
    මම හිතනවා මෙය සේවාවක් වුනා කියලා ඔබට.
Title:
අපි කරන දේවල් ඇත්තටම කරන්නේ ඇයි?
Speaker:
ටෝනි රොබින්ස්
Description:

ටෝනි රොබින්ස් කතාකරනවා, හැමදෙනාගේම ක්‍රියාවන් පිටුපස තිබෙන "නොපෙනෙන බලවේග" මොනවාද කියලා -- ඉදිරි පෙළ සිටින අල් ගෝර්ට දාන්න පහක්.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
21:27
Dulini Mudunkotuwa approved Sinhala subtitles for Why we do what we do
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for Why we do what we do
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do
Tharika Madurapperuma edited Sinhala subtitles for Why we do what we do
Show all

Sinhala subtitles

Revisions