1 00:00:02,000 --> 00:00:05,478 ස්තුතියි, මම ඔබට කියන්න ඕනේ මං ඉන්නේ බොහොම උනන්දුවෙන්. මේක මට අභියෝගයක්. 2 00:00:05,502 --> 00:00:08,414 මම උනන්දුවෙන් ඉන්නේ, මට අවස්ථාවක් ලැබෙනවා යමක් නැවත දෙන්න. 3 00:00:08,438 --> 00:00:11,976 මගේ අභියෝගය තමයි, මගේ කෙටිම සම්මන්ත්රණය සාමාන්යයෙන් පැය 50යි. 4 00:00:12,000 --> 00:00:13,625 (සිනහව) 5 00:00:13,649 --> 00:00:15,879 මේක අතිශයෝක්තියක් නෙමෙයි. මම සති අන්තයේ කරනවා. 6 00:00:15,903 --> 00:00:18,138 මම ගොඩක් දේවල් කරනවා. මිනිසුන් පුහුණුත් කරනවා. 7 00:00:18,162 --> 00:00:20,933 ඒත් මම කරන්නේ කාවැද්දවීමක්. ඔබ භාෂාව ඉගෙන ගත්තේ කොහොමද? 8 00:00:20,957 --> 00:00:22,562 මූලධර්ම ඉගෙනීමෙන් පමණක් නෙමෙයි, 9 00:00:22,586 --> 00:00:25,439 එය ඇත්ත වෙන තරමටම ඔබ එය නිතර පුහුණු කළා. 10 00:00:25,463 --> 00:00:28,940 අද මම මෙහි පැමිණීමේ හේතුවක් තියෙනවා. 11 00:00:28,964 --> 00:00:32,703 මම මෙහි ආවේ ඔබට උත්තේජනයක් දෙන්න නෙමෙයි. ඔබට එහෙම දෙයක් ඕනේ නෑ ඇත්තටම. 12 00:00:32,727 --> 00:00:34,750 ගොඩක් මිනිස්සු හිතන්නේ මම කරන්නේ ඒක කියලා. 13 00:00:34,774 --> 00:00:36,489 ඒක තමයි මම නොකරනම දේ. 14 00:00:36,513 --> 00:00:38,558 ඇත්තටම වෙන්නේ, මිනිස්සු මට කියනවා 15 00:00:38,582 --> 00:00:40,050 "මට කිසිම උත්තේජනයක් ඕනේ නෑ." 16 00:00:40,075 --> 00:00:41,617 ඒක නෙමෙයි මම කරන්නේ. 17 00:00:41,641 --> 00:00:43,508 මම තමයි "ඇයි" පුද්ගලයා. 18 00:00:43,532 --> 00:00:45,604 මට කියන්න ඔබ කරන දේ ඇයි ඔබ කරන්නේ කියලා. 19 00:00:45,628 --> 00:00:47,453 යමක් කරන්න ඔබ පෙළඹෙන්නේ ඇයි? 20 00:00:48,135 --> 00:00:51,313 අවුරුදු 10කට පෙර නෙමෙයි, අද ඔබේ ජීවිතයට තල්ලුවක් දෙන්නේ මොකක්ද? 21 00:00:51,337 --> 00:00:53,042 ඔබ එකම රටාවද අනුගමනය කරන්නේ? 22 00:00:53,066 --> 00:00:56,978 මොකද මම විශ්වාස කරන්නේ අභ්යන්තර ශක්තියේ නොපෙනෙන බලය ක්රියාත්මක වීම 23 00:00:57,002 --> 00:00:58,810 තමයි වැදගත්ම දේ කියලා. 24 00:00:58,834 --> 00:01:02,413 මම මෙහි ඉන්නේ මොකද මම විශ්වාස කරනවා හැඟීම් තමයි ජීවිතයේ ජවය කියලා. 25 00:01:02,437 --> 00:01:04,254 මෙතන අපි හැමෝටම තියෙන්නේ මහා මනසක්. 26 00:01:04,278 --> 00:01:06,706 මෙතන අපි හුඟ දෙනෙක්ට තියෙන්නේ මහා මනසක් නේද? 27 00:01:06,730 --> 00:01:09,090 අපි හැමෝම දන්නවා හිතන්නේ කොහොමද කියලා. 28 00:01:09,114 --> 00:01:11,203 අපේ මනසෙන් පුළුවන් යමක් යාවත්කාලීන කරන්න. 29 00:01:11,227 --> 00:01:12,569 අපිට පුළුවන් ඕන දෙයක් කරන්න. 30 00:01:12,593 --> 00:01:15,371 මම එකඟ වෙනවා දවස් කිහිපයකට කලින් විස්තර කල දේ ගැන, 31 00:01:15,395 --> 00:01:17,722 මිනිස්සු වැඩ කරන්නේ ආත්මාර්ථකාමීව බව. 32 00:01:17,746 --> 00:01:20,364 ඒත් අපි දන්නවා ඒක සමහර වෙලාවට වැරදී කියලා. 33 00:01:20,388 --> 00:01:22,752 ඔබ හැම වෙලාවේම වැඩ කරන්නේ ආත්මාර්ථකාමීව නෙමෙයි. 34 00:01:22,776 --> 00:01:24,643 මොකද හැඟීම් එතනට ආවහම, 35 00:01:24,667 --> 00:01:26,710 අපේ වයර් මාරුවෙනවා ඒකේ විදිහට. 36 00:01:26,734 --> 00:01:30,685 ඉතින් ලෝකයේ ජීවිතය කොයි වගේද කියන එක බුද්ධිමත්ව හිතන එක අලංකාරයි. විශේෂයෙන්ම 37 00:01:30,709 --> 00:01:33,868 හුඟක් බුද්ධිමත් අයට තමන්ගේ ඔළුවේ මේ ක්රීඩාව කරන්න පුළුවන්. 38 00:01:33,892 --> 00:01:35,994 ඒත් මට කියන්න ඔබව පොළඹවන්නේ මොකක්ද කියලා. 39 00:01:36,018 --> 00:01:37,876 මම ඔබලාට ආරාධනා කරන්න කැමතියි, 40 00:01:37,900 --> 00:01:41,406 මේ කතාව අවසානයේ, අද ඔබ කොතැනද ඉන්නේ කියලා හොයලා බලන්න, හේතු දෙකක් නිසා. 41 00:01:41,430 --> 00:01:43,311 එක: එතකොට ඔබට වැඩි යමක් කරන්න පුළුවන්. 42 00:01:43,335 --> 00:01:46,605 දෙක: අපිට අනිත් අයව වැඩියෙන් තේරුම්ගන්න විතරක් නෙමෙයි, 43 00:01:46,629 --> 00:01:49,519 වැඩියෙන් අගය කරන්නත්, අද අපි මුහුණදෙන සමහර අභියෝග 44 00:01:49,543 --> 00:01:52,466 නැතිකරන්න පුළුවන් විදිහේ බැඳීම් ඇතිකරගන්නත් පුළුවන් වෙනවා. 45 00:01:52,490 --> 00:01:56,235 එම අභියෝග වැඩිකරන්න හේතු වෙන්නේ අපව එකතු කරන තාක්ෂණයම තමයි. 46 00:01:56,259 --> 00:01:58,045 මොකද අපි හමුවෙන්නේ එතැනදී. 47 00:01:58,069 --> 00:02:00,295 ඒ හමුවීම හැමවිටම දැක්මක් ගොඩනගන්නේ නෑ, 48 00:02:00,319 --> 00:02:02,505 "හැමදෙනාටම දැන් හැමෝවම තේරුම් ගන්න පුළුවන්", 49 00:02:02,529 --> 00:02:04,893 සහ "හැමෝම හැමදෙනාවම අගයකරනවා" කියලා. 50 00:02:04,917 --> 00:02:07,508 අවුරුදු 30ක් පුරා මට දැවෙන කුතුහලයක් තිබුනා. 51 00:02:07,532 --> 00:02:11,847 "මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක බවේ වෙනසක් ඇතිකරන්නේ කුමක්ද? " 52 00:02:11,871 --> 00:02:13,328 ඔවුන්ගේ කාර්ය සාධනයේ? 53 00:02:13,352 --> 00:02:15,530 මාව උවමනා කරන්නේ ක්ෂණිකව විසඳුමක් ලබාදෙන්න. 54 00:02:15,554 --> 00:02:17,050 මම අවුරුදු 30ක්ම එය කර තිබෙනවා. 55 00:02:17,074 --> 00:02:18,621 මට දුරකථන ඇමතුමක් එනවා, 56 00:02:18,645 --> 00:02:21,387 මලල ක්රීඩකයෙක් ජාතික රුපවාහිනිය හරහා අවමානයට ලක්වෙන විට. 57 00:02:21,411 --> 00:02:23,097 ඔවුන් ඉන්නේ පියවර පහක් ඉදිරියෙන්. 58 00:02:23,121 --> 00:02:25,121 ඔවුන්ට නැවත හරි පාරට වැටෙන්න බෑ. 59 00:02:25,145 --> 00:02:27,831 මට දැන්මම යමක් කරන්න වෙනවා. නැත්තන් කිසි වැඩක් නැහැ. 60 00:02:27,855 --> 00:02:30,827 මට ඇමතුමක් එනවා, ළමයෙක් සියදිවි නසාගන්න යනකොට. 61 00:02:30,851 --> 00:02:32,298 මට මොනවහරි කරන්නම වෙනවා. 62 00:02:32,322 --> 00:02:35,976 මම හුඟක් කෘතඥ වෙනවා, අවුරුදු 29කින් එකක්වත් මඟහැරී නැහැ. 63 00:02:36,000 --> 00:02:38,504 කියන්න බැහැ කවදාවත් එහෙම නොවේවි කියලා. ඒත් තාම නැහැ. 64 00:02:38,528 --> 00:02:41,904 හේතුව, මිනිසුන්ගේ අවශ්යතාවයන් හඳුනාගැනීම. 65 00:02:41,928 --> 00:02:45,039 මට කාර්ය සාධනය ගැන එම ඇමතුම් එන එක, එක් දෙයක්. 66 00:02:45,063 --> 00:02:46,549 ඔබ කොහොමද වෙනසක් ඇතිකරන්නේ? 67 00:02:46,573 --> 00:02:50,568 මම හොයනවා මිනිසාගේ හිතනවට වඩා වැඩි යමක් කිරීමේ හැකියාව 68 00:02:50,592 --> 00:02:54,102 තීරණය කරන්නේ මොකක්ද කියලා. 69 00:02:54,126 --> 00:02:56,234 සැබෑ ප්රශ්නය විය හැක්කේ, මම ජීවිතය 70 00:02:56,258 --> 00:02:58,629 දිහා බලලා කියනවා, ලොකු පාඩම් 2ක් තියෙනවා කියලා. 71 00:02:58,653 --> 00:03:00,732 එක : ජයග්රහණයේ විද්යාව, 72 00:03:00,756 --> 00:03:03,526 මෙතන ඉන්න බොහෝ දෙනෙක් හොඳින් ප්රගුණ කර ඇති. 73 00:03:03,550 --> 00:03:06,045 "කොහොමද ඔබ නොපෙනෙන දේ පෙනෙන්නට සලස්වන්නේ?" 74 00:03:06,069 --> 00:03:07,786 කොහොමද ඔබ ඔබේ සිහින සැබෑ කරගන්නේ? 75 00:03:07,810 --> 00:03:10,397 ඔබේ ව්යාපාරය, සමාජයට ඔබගේ දායකත්වය, මුදල් -- 76 00:03:10,421 --> 00:03:12,133 ඕනෑම දෙයක්, ඔබේ ඇඟ, ඔබේ පවුල. 77 00:03:12,157 --> 00:03:15,660 බොහොම කලාතුරකින් ප්රගුණ කරන අනෙක් පාඩම තමයි පරිපුර්ණ කරගැනීමේ කලාව. 78 00:03:16,517 --> 00:03:18,093 මොකද විද්යාව ලේසියි, නේද? 79 00:03:18,117 --> 00:03:21,022 අපි නීති දන්නවා, ඔබ කේත ලියනවා, ඔබ ප්රථිපල ලබාගන්නවා. 80 00:03:21,046 --> 00:03:24,190 ඔබ කල යුතු දේ දන්නවානම්, ගැටළුවක් නැහැ. එහෙම නේද? 81 00:03:24,214 --> 00:03:26,647 නමුත් පරිපුර්ණත්වය ලඟා කරගැනීම කියන්නේ කලාවක්. 82 00:03:26,671 --> 00:03:29,867 හේතුව, එය අගය කිරීම සහ දායකත්වය සම්බන්ධ දෙයක්. 83 00:03:29,891 --> 00:03:31,976 ඔබටම පමණයි එය දැනෙන්නේ. 84 00:03:32,000 --> 00:03:35,936 මට රසවත් පරීක්ෂනාගාරයක් තිබුනා කෙනෙකුගේ ජීවිතයක් වෙනස් වෙන්නේ කොහොමද 85 00:03:35,960 --> 00:03:37,516 කියන ගැටලුවට විසඳුමක් හොයන්න. 86 00:03:37,540 --> 00:03:40,851 හිතන්න ඔබ හැමදෙයක්ම ඔවුන්ට දීල තියෙන්නේ කියලා. 87 00:03:40,875 --> 00:03:42,999 ඔවුන්ට අවශ්යයි කියූ හැමදෙයක්ම. 88 00:03:43,023 --> 00:03:45,809 ඔබ දුන්නේ ඩොලර් 100ක කොම්පියුටරයක් නෙමෙයි, තියෙන හොඳම එක. 89 00:03:45,833 --> 00:03:48,355 ඔබ ඔවුන්ට සතුට දුන්නා. ඔවුන් සනසන්න ඔබ ළඟ හිටියා. 90 00:03:48,379 --> 00:03:50,975 ඒ වගේ මිනිස්සු හුඟක් වෙලාවට, ඔබ දන්නවා ඇති සමහරු, 91 00:03:50,999 --> 00:03:52,440 මේ ආදරය, අධ්යාපනය, මුදල් සහ 92 00:03:52,464 --> 00:03:54,889 පසුබිම සමඟින් තමන්ගේ ඉතුරු ජීවිත කාලය ගෙවන්නේ 93 00:03:54,913 --> 00:03:56,297 පුනරුත්ථාපන කඳවුරු වලට යමින් එමින්. 94 00:03:57,000 --> 00:03:59,976 සමහර මිනිස්සු හුඟාක් දුක් විඳලා තියෙනවා, 95 00:04:00,000 --> 00:04:03,375 මානසිකව, ලිංගිකව, ආධ්යාත්මිකව අපහරණයට ලක්වෙලා. 96 00:04:03,399 --> 00:04:05,055 හැමවිටම නෙමෙයි, ඒත් හුඟක් වෙලාවට, 97 00:04:05,079 --> 00:04:08,283 ඔවුන් තමයි සමාජයට වැඩියෙන්ම දායකත්වයක් දෙන පිරිස අතර ඉන්නේ. 98 00:04:08,307 --> 00:04:12,239 අපි අපෙන් අහන්න ඕනේ ප්රශ්නය තමයි, මොකක්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ? 99 00:04:12,263 --> 00:04:13,606 මොකක්ද අපිව හැඩගස්වන්නේ? 100 00:04:13,630 --> 00:04:15,241 අපි ඉන්නේ හැඟීම් වල වහලුන් වෙලා. 101 00:04:15,265 --> 00:04:18,307 අපි හුඟක් අය එහෙම නෙමෙයි, ඒත් අපේ සංස්කෘතිය ඒවගේ. 102 00:04:18,331 --> 00:04:20,320 අපේ අතීතය අපිට සමාන කරන මානසිකත්වයක්. 103 00:04:20,344 --> 00:04:22,976 ඔබ මේ කාමරයේ නොඉඳිවී ඔබ එසේ සිතුවානම්. 104 00:04:23,000 --> 00:04:26,178 ඒත් සමාජයේ හුඟක් දෙනා හිතන්නේ දෛවය කියන්නේ තමන්ගේ චරිතය කියලා. 105 00:04:26,202 --> 00:04:27,845 අතීතය සමානයි අනාගතය කියලා. 106 00:04:27,869 --> 00:04:29,584 එක එහෙම තමයි ඔබ ඒ මතයේ හිටියොත්. 107 00:04:29,608 --> 00:04:30,505 අපි මතක් කරගත යුතුයි, 108 00:04:32,300 --> 00:04:34,494 ඔබට යමක් බුද්ධියෙන් දැනගත්තත් 109 00:04:34,518 --> 00:04:36,366 එය ප්රායෝගිකව භාවිතා නොකර සිටිය හැකියි. 110 00:04:36,920 --> 00:04:40,628 මතක්කරගන්න, තීරණ ගැනීමයි ලොකුම ශක්තිය. 111 00:04:40,652 --> 00:04:43,356 ඔබ මිනිසුන්ගෙන් ඇසුවොත්, 112 00:04:43,380 --> 00:04:47,253 "ඔබ ජීවිතයේ වැදගත්ම දෙයක් ලබාගන්න අසමත් වෙලා තියෙනවද?" 113 00:04:47,277 --> 00:04:48,976 ඔව් නම් කියන්න. "ඔව්". ප්රේක්ෂකාගාරය : "ඔව්" 114 00:04:49,000 --> 00:04:51,976 ඔබේ ඉහල ක්රියාකාරිත්වයට ස්තුතියි. 115 00:04:52,000 --> 00:04:54,976 ඒත් ඔබ කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔබට යමක් කරන්න බැරි වුනේ කියලා? 116 00:04:55,000 --> 00:04:58,255 ඔබ යටතේ වැඩ කරන කෙනෙක්, ඔබේ සහකරුවා හෝ ඔබම විය හැකියි. 117 00:04:58,279 --> 00:05:01,375 අසමත් වුනොත් මොකක්ද මිනිසුන් දෙන හේතුව? 118 00:05:01,399 --> 00:05:02,542 මොකක්ද ඔවුන් ඔබට කියන්නේ? 119 00:05:02,566 --> 00:05:06,875 දැනුම නෑ. සල්ලි නෑ. 120 00:05:06,899 --> 00:05:11,136 වෙලාව නෑ. තාක්ෂණය නෑ. 121 00:05:11,160 --> 00:05:12,994 මට හරි කළමනාකරුවෙක් හිටියේ නෑ. 122 00:05:13,018 --> 00:05:15,707 ශ්රේෂ්ඨාධිකරණය. ටෝනි : ශ්රේෂ්ඨාධිකරණය 123 00:05:15,731 --> 00:05:17,961 (සිනහව) 124 00:05:17,985 --> 00:05:20,533 (අත්පොලසන්) (ඔල්වරසන්) 125 00:05:30,000 --> 00:05:31,976 (දිගටම අත්පොලසන්) 126 00:05:32,000 --> 00:05:33,055 ඒවගේම -- 127 00:05:33,079 --> 00:05:35,977 (අත්පොලසන්) 128 00:05:36,001 --> 00:05:39,097 මොකක්ද ශ්රේෂ්ඨාධිකරණයත් ඇතුළුව ඒ හැම දෙකටම පොදු? 129 00:05:39,121 --> 00:05:40,495 (සිනහව) 130 00:05:40,519 --> 00:05:45,319 ඒ තමන් ළඟ නැති දේ ගැන කරන ප්රකාශයන්. ඒවා හරි වෙන්න පුළුවන්. 131 00:05:45,343 --> 00:05:47,976 ඔබට මුදල් නැතුව ඇති, ශ්රේෂ්ඨාධිකරණයත් නැතුව ඇති. 132 00:05:48,000 --> 00:05:49,976 ඒත් ඒක නෙමෙයි තීරණාත්මක සාධකය. 133 00:05:50,000 --> 00:05:55,957 (අත්පොලසන්) (සිනහව) 134 00:05:56,000 --> 00:05:57,524 මම වැරදිනම් ඔබ මාව හරිගස්සන්න. 135 00:05:58,714 --> 00:06:01,976 තීරණාත්මක සාධකය කිසිවිටක තමන්ට ඇති සම්පත් නෙමෙයි, උපක්රමශීලී බවයි. 136 00:06:02,000 --> 00:06:04,804 මම විශේෂයෙන් කියන්න උත්සහ කරන්නේ, 137 00:06:04,828 --> 00:06:08,040 ඔබට හැඟීම් තියෙනවානම්, මනුෂ්ය හැඟීම්, 138 00:06:08,064 --> 00:06:12,093 මම පෙරේදා ඔබගෙන් අත්වින්දා වගේ, 139 00:06:12,117 --> 00:06:14,708 මම කලින් අත්වින්ද නැති තරම් ගැඹුරු විදිහට, 140 00:06:14,732 --> 00:06:17,970 මට විහ්වාසයි,ඔබට එම හැඟීමෙන්ම දිනන්න පුළුවන්කම තිබුනා. 141 00:06:17,994 --> 00:06:19,051 ප්රේක්ෂකාගාරය : "ඔව්!" 142 00:06:19,075 --> 00:06:23,742 (අත්පොලසන්) (ඔල්වරසන්) 143 00:06:23,766 --> 00:06:25,976 කොච්චර ලේසිද මට ඔහුට කරන්න ඕනේ දේ කියන්න. 144 00:06:26,000 --> 00:06:27,976 (සිනහව) 145 00:06:28,000 --> 00:06:30,887 මෝඩ රොබින්ස්. 146 00:06:30,911 --> 00:06:36,167 ඒත් මම දන්නවා අපි ඒ වෙලාවේ විවාදය බලනකොට 147 00:06:36,191 --> 00:06:38,478 ඒ මිනිසාගේ බුද්ධිය සහ ධාරිතාවය තේරුම් ගැනීමේ 148 00:06:38,502 --> 00:06:40,479 හැකියාවට බාධා වෙන ලෙස හැඟීම් ඇතිවුනා. 149 00:06:40,503 --> 00:06:43,399 එදා සමහරුන්ට ඒකෙන් ඇතිවූණු බලපෑම, 150 00:06:43,423 --> 00:06:46,798 මොකද මම දන්නවා සමහරු, ඔබගේ දිශාවට ඡන්දය භාවිතා කරන්න ඕනේ වුනු ඒත් එසේ 151 00:06:46,822 --> 00:06:48,165 නොකළ. මම නොහොඳින් හිටියේ. 152 00:06:48,189 --> 00:06:49,628 ඒත් එතන හැඟීම් තිබුනා. 153 00:06:49,652 --> 00:06:51,357 මම මොකක්ද කියන්නේ කියලා දන්නවාද? 154 00:06:51,381 --> 00:06:52,715 කියන්න "ඔව්". "ඔව්" 155 00:06:52,739 --> 00:06:53,879 ඉතින් හැඟීම් තමයි ඒ. 156 00:06:53,903 --> 00:06:57,653 අපිට නිවැරදිම හැඟීම ආවොත් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. 157 00:06:57,677 --> 00:06:59,597 ඔබ නිර්මාණශීලී නම්, කෙළිලොල් නම්, විනෝදකාමී නම්, 158 00:06:59,621 --> 00:07:01,691 ඔබට ඕනෑම කෙනෙක් එක්ක වැඩකරන්න පුළුවන්ද? ඔව්ද නැද්ද? 159 00:07:01,715 --> 00:07:03,159 මුදල් නැතත්, 160 00:07:03,183 --> 00:07:05,712 ඔබ නිර්මාණශීලීනම්, උවමනාවක් ඇතිනම් මඟ සොයාගත හැකියි. 161 00:07:05,736 --> 00:07:07,219 මේක තමයි අවසාන සම්පත. 162 00:07:07,243 --> 00:07:09,476 ඒත් මේක නෙමෙයි මිනිස්සු අපිට කියන කතාන්දරය. 163 00:07:09,500 --> 00:07:11,576 ඔවුන් අපිට කියන්නේ වෙනමම දේවල් ටිකක්. 164 00:07:11,600 --> 00:07:14,309 ඔවුන් කියන්නේ සම්පත් තිබුනේ නැහැ කියලා. ඒත් අවසානයේදී, 165 00:07:14,333 --> 00:07:15,897 ඔබ මේ දෙස බැලුවොත්, 166 00:07:15,921 --> 00:07:19,263 ඔවුන් කියන්නේ, එය නොලැබූ හේතුයි. 167 00:07:19,287 --> 00:07:21,548 ඔහු මගේ අවධානය බින්දා. 168 00:07:21,572 --> 00:07:24,899 (සිනහව) 169 00:07:24,923 --> 00:07:27,277 ඒත් මම ඒ ශක්තිය අගය කරනවා. මම කියන්නේ ඔබට. 170 00:07:27,301 --> 00:07:28,378 (සිනහව) 171 00:07:28,402 --> 00:07:29,919 ඔබේ සම්පත් තීරණය කරන්නේ කවුද? 172 00:07:29,943 --> 00:07:33,080 තීරණයි දෛවය හැඩකරන්නේ. මගේ අවධානය ඒකයි. 173 00:07:33,104 --> 00:07:36,200 දෛවය හැඩකරන්නේ තීරණනම්, ඒ තීරණ 3ක් බව තීරණය කරන්නේ කවුද? 174 00:07:36,224 --> 00:07:37,377 ඔබ අවධානය යොමු කරන්නේ මොකක් ගැනද? 175 00:07:37,401 --> 00:07:39,852 ඔබ තීරණය කළ යුතුයි ඔබ අවධානය යොමු කරන්නේ මොකක් ගැනද කියලා. 176 00:07:39,876 --> 00:07:41,337 සිහි ඇතිව හෝ නැතිව. 177 00:07:41,361 --> 00:07:44,272 අවධානය යොමු කරන්න තීරණය කළ මොහොතේම ඔබ එයට අර්ථයක් දිය යුතුයි. 178 00:07:44,296 --> 00:07:46,185 ඒ අර්ථය හැඟීම් ඇති කරනවා. 179 00:07:46,209 --> 00:07:48,035 මේ අවසානයද?ආරම්භයද? 180 00:07:48,059 --> 00:07:51,958 දෙවියන් මට දඬුවම් දෙනවාද? තෑගි දෙනවාද? නැත්තන් මේ දාදු කටය පෙරලෙනවාද? 181 00:07:51,982 --> 00:07:54,976 අපි කරන්න යන දේ හෝ ක්රියාව නිර්මාණය කරන්නේ හැඟීම් විසින්. 182 00:07:55,000 --> 00:07:56,976 ඉතින් ඔබගේම ජීවිතය ගැන සිතන්න. 183 00:07:57,000 --> 00:07:59,048 ඔබේ දෛවය වෙනස් කරපු තීරණ ගැන. 184 00:07:59,072 --> 00:08:02,058 ඒක බරපතලයි වගේ ඒත් පහුගිය අවුරුදු 5 හෝ 10 දී, 185 00:08:02,082 --> 00:08:03,629 මොනවා හෝ තීරණ තිබිලා තියෙනවාද, 186 00:08:03,653 --> 00:08:07,490 ඔබ වෙනස් තීරණයක් ගත්තානම් ඔබේ ජීවිතය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු? 187 00:08:07,514 --> 00:08:10,208 කී දෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්ද? හොඳට හෝ නරකට. කියන්න "ඔව්". 188 00:08:10,232 --> 00:08:11,264 "ඔව්" 189 00:08:11,288 --> 00:08:13,952 සරලවම කියනවානම්, ඔබ රැකියාවට යන්න තිබු තැන වෙන්න ඇති එය. 190 00:08:13,976 --> 00:08:16,829 ඔබට එතැනදී ඔබේ ආදරය මුණගැහුනා. රැකියා තීරණයක්. 191 00:08:16,853 --> 00:08:18,819 මම දන්නවා මෙහි මම දැකපු ගූගල් දක්ෂයින්. 192 00:08:18,843 --> 00:08:22,231 මම කියන්නේ, මට තේරෙනවා ඔවුන්ගේ තීරණය තමන්ගේ තාක්ෂණය අලෙවි කිරීමයි. 193 00:08:22,255 --> 00:08:25,396 තමන්ගේම සංස්කෘතියක් බිහි කිරීම පසෙක දමා ඒ තීරණය ගත්තානම්? 194 00:08:25,420 --> 00:08:28,349 ලෝකය සහ ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් විය හැකිද? එහි බලපෑම? 195 00:08:28,373 --> 00:08:30,490 අපේ ලෝකයේ ඉතිහාසය වන්නේ මේ තීරණයි. 196 00:08:30,514 --> 00:08:34,076 කාන්තාවක් නැගිටලා කියනකොට, "නෑ, මම බස් එකේ පිටිපස්සට යන්නේ නෑ." 197 00:08:34,100 --> 00:08:37,619 ඇය බලපෑම් කලේ ඇයගේ ජීවිතයට විතරක් නෙමෙයි. ඒ තීරණය අපේ සංස්කෘතිය හැඩකළා. 198 00:08:37,643 --> 00:08:40,162 නැත්තන් යුධ ටැංකියක් ඉදිරියේ සිටගෙන ඉන්න කෙනෙක්. 199 00:08:40,186 --> 00:08:42,976 නැත්තන් ලාන්ස් ආම්ස්ට්රෝන්ගේ තත්වයේ ඉන්න කෙනෙක්. 200 00:08:43,000 --> 00:08:44,544 "ඔබට තියෙන්නේ රහස් ප්රදේශයේ පිළිකාවක්." 201 00:08:44,568 --> 00:08:47,607 ඒක හුඟක් දරුණුයි ඕනේ පිරිමියෙකුට. විශේෂයෙන්ම ඔබ බයිසිකල් පදිනවානම්. 202 00:08:47,631 --> 00:08:48,976 (සිනහව) 203 00:08:49,000 --> 00:08:51,709 ඔබේ මොළයේ, ඔබේ පෙනහැලිවල එය තියෙනවා. 204 00:08:51,733 --> 00:08:53,925 ඒත් අවධානය යොමුකරන්නේ කුමක් ගැනද කියලා ඔහුගේ තීරණය වුනේ මොකක්ද? 205 00:08:53,949 --> 00:08:56,088 බහුතරයක් මිනිසුන්ට වඩා වෙනස්. ඒකේ තේරුම? 206 00:08:56,112 --> 00:08:58,063 ඒ අවසානය නොවෙයි, ආරම්භයයි. 207 00:08:58,087 --> 00:09:00,878 ඔහු ශුරතාවලි 7ක් දිනනවා, පිළිකාවට පෙර නොදිනපු, 208 00:09:00,902 --> 00:09:04,784 මොකද ඔහුට හැඟීම්වල ස්ථාවරත්වය, මානසික ශක්තිය තිබුනා. 209 00:09:04,808 --> 00:09:07,299 එයයි මම ආශ්රය කළ මිලියන 3ක් පමණ 210 00:09:07,323 --> 00:09:09,182 මිනිසුන්ගේ දකින වෙනස. 211 00:09:09,206 --> 00:09:14,991 පහුගිය අවුරුදු 29 තුල, මගේ පර්යේෂණාගාරයේ රටවල් 80ක මිනිසුන් මිලියන 3ක් හිටියා. 212 00:09:15,015 --> 00:09:17,479 කාලයකට පස්සේ, රටාවන් පැහැදිලිවෙන්න ගත්තා. 213 00:09:17,503 --> 00:09:21,502 ඔබට පේනවා ඇති දකුණු ඇමරිකාව සහ අප්රිකාව යම් විදිහකින් සම්බන්ධයි කියලා නේද? 214 00:09:21,526 --> 00:09:24,144 අනිත් අය කියන්නේ "ඕ ඒක හරිම හාස්යජනකයි." සරලයි. 215 00:09:24,168 --> 00:09:26,452 ලාන්ස්ව හැඩගස්වන්නේ කවුද? ඔබව හැඩගස්වන්නේ කවුද? 216 00:09:26,476 --> 00:09:30,798 නොපෙනෙන බලවේග 2ක්. ඉක්මනට. එක: තත්වය 217 00:09:30,822 --> 00:09:31,976 අපි හැමෝටම කාලයක් තිබිලා තියෙනවා, 218 00:09:32,000 --> 00:09:34,793 ඔබ යමක් කළා, පස්සේ ඔබ හිතුවා ඔබටම, 219 00:09:34,817 --> 00:09:37,976 "මට විශ්වාස කරන්න බෑ මම එහෙම දෙයක් කිවුවා හෝ කළාද කියලා වත්." කාටද 220 00:09:38,000 --> 00:09:40,095 එහෙම වෙලා තියෙන්නේ? කියන්න "ඔව්". "ඔව්" 221 00:09:40,119 --> 00:09:42,515 නැත්තන් ඔබ යමක් කලාට පස්සේ ඔබ කියනවා "ඒ මමයි!" 222 00:09:42,539 --> 00:09:43,976 (සිනහව) 223 00:09:44,000 --> 00:09:46,834 ඒ ඔබේ හැකියාව නෙමෙයි. ඔබ එවිට සිටි තත්වය. 224 00:09:46,858 --> 00:09:49,778 ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි දීර්ඝ කාලීනව ඔබව හැඩගස්වන්නේ. 225 00:09:49,802 --> 00:09:53,334 ඔබේ ලෝකය පිළිබඳ ආකෘතිය තමයි පෙරණය. එයයි අපිව හැඩගස්වන්නේ. එය 226 00:09:53,358 --> 00:09:54,958 මිනිසුන්ව තීරණ ගැනීමට පොළඹවනවා. 227 00:09:54,982 --> 00:09:58,238 තව කෙනෙක්ව පොළඹවන්නනම්, ඔහුව දැනටමත් පොළඹවන දේවල් අපි දැනගත යුතුයි. 228 00:09:58,262 --> 00:10:00,071 එය කොටස් 3කින් සැදී තිබෙනවා. 229 00:10:00,095 --> 00:10:02,434 මුලින්ම, මොකක්ද ඔබේ ඉලක්කය? ඔබ යන්නේ කොයිබද? 230 00:10:02,458 --> 00:10:03,976 ඒ ඔබේ ආශාවන් නෙමෙයි. 231 00:10:04,000 --> 00:10:05,000 ඔබට පුළුවන් ඔබේ ආශාවන් හෝ අරමුණු ලබාගන්න. 232 00:10:05,575 --> 00:10:08,575 කාටද කවදාහරි අරමුණක් හෝ ආශාවක් හෝ තිබිලා "මෙච්චරද තියෙන්නේ?" කියල හිතුනේ? 233 00:10:08,897 --> 00:10:10,150 කියන්න "ඔව්". "ඔව්" 234 00:10:10,174 --> 00:10:13,042 ඒ අපිට තියෙන අවශ්යතා. මානුෂීය අවශ්යතා 6ක් තියෙනවා. 235 00:10:13,066 --> 00:10:15,976 දෙවනුව, ඔබට බලපෑම් කරන ඉලක්කය ඔබ අඳුනගත් විට 236 00:10:16,000 --> 00:10:18,976 සත්යයෙන් එළිදරවු කරගත් විට, ඔබ එය තනන්නේ නැහැ. 237 00:10:19,000 --> 00:10:20,735 එවිට ඔබ සොයාගන්නවා ඔබේ සිතියම, 238 00:10:20,759 --> 00:10:23,820 එම අවශ්යතා ලබාගත හැකි අයුරු පෙන්වන හර පද්ධති. 239 00:10:23,844 --> 00:10:26,795 සමහරු හිතනවා ඒවා ලබා ගන්න තියෙන මාර්ගය ලෝකය විනාශ කිරීම කියලා. 240 00:10:26,819 --> 00:10:29,369 සමහරුන්ට, යමක් ගොඩනැගීම, නිර්මාණය කිරීම, යමෙකුට ආදරය කිරීම. 241 00:10:29,393 --> 00:10:31,976 ඒවා ඔබ තෝරාගන්නා ඉන්ධන. ඉතින් ඉක්මනින් ඒ අවශ්යතා 6. 242 00:10:32,000 --> 00:10:34,471 මම කියන්නම් ඔබට මොනවද ඒ කියලා. එක: නිශ්චිතබව. 243 00:10:34,495 --> 00:10:36,958 මේ අරමුණු හෝ ආශාවන් නෙමෙයි. මේවා විශ්වීයයි. 244 00:10:36,982 --> 00:10:39,082 හැමෝටම අවශ්යයි නිශ්චිතබවක් වේදනාව මගහැරිය හැකි බවට. 245 00:10:39,106 --> 00:10:40,523 අඩුමතරමේ පහසුවෙන් සිටිය හැකියි කියා. 246 00:10:40,547 --> 00:10:41,801 දැන් කොහොමද ඔබ එය ලබන්නේ? 247 00:10:41,825 --> 00:10:44,910 හැමෝම පාලනය කරලා? කුසලතාවක් වර්ධනය කරලා? වැඩේ අතහැරලා? සිකරට්ටුවක් බීලා? 248 00:10:44,934 --> 00:10:46,976 ඔබට සම්පුර්ණ නිශ්චිතභාවය තිබුනොත්, 249 00:10:47,000 --> 00:10:48,286 අපිට එය අවශ්ය වුනත්-- 250 00:10:48,310 --> 00:10:51,503 ඔබේ සෞඛ්යය, දරුවෝ, මුදල් ගැන ඔබට නිශ්චිත බවක් නැහැ. 251 00:10:51,527 --> 00:10:53,742 ඔබට විශ්වාසයක් නැත්නම්, ඔබ ඉන්නේ ලොකු බරක් දරාගෙන, 252 00:10:53,766 --> 00:10:55,385 ඔබ කිසිම කෙනෙකුට සවන් දෙන්නේ නෑ. 253 00:10:55,409 --> 00:10:59,158 නිශ්චිතබව ගැන වෙනස් ආකාරයට හිතුවොත්. පුර්ණ නිශ්චිතබව එක්ක ලැබෙන්නේ මොනවාද? 254 00:10:59,182 --> 00:11:00,876 ඔබට නිශ්චිතයිනම් දැනෙන්නේ කොහොමද? 255 00:11:00,900 --> 00:11:03,553 ඔබ දන්නවා වෙන්නේ මොනවද කියලා. කවදාද කොහොමද කියලා. 256 00:11:03,577 --> 00:11:04,676 මොනවද ඔබට දැනෙන්නේ? 257 00:11:04,700 --> 00:11:07,376 හරිම අලස බවක්. ඉතින්, දෙවියන් ඇයගේ අපරිමිත ප්රඥයාවෙන්, 258 00:11:07,400 --> 00:11:09,976 අපිට අවනිශ්චිතභාවය නම් දෙවන මානව අවශ්යතාවය ලබා දුන්නා. 259 00:11:10,000 --> 00:11:12,976 අපිට විවිධත්වය අවශ්යයි. පුදුමකිරීම් අවශ්යයි. 260 00:11:13,000 --> 00:11:15,296 මෙතන කීදෙනෙක් පුදුමකිරීම් වලට කැමතිද? කියන්න "ඔව්". 261 00:11:15,320 --> 00:11:16,401 "ඔව්". 262 00:11:16,425 --> 00:11:19,036 බොරු. ඔබ කැමති, ඔබ ආස කරන පුදුමකිරීම්වලට විතරයි. 263 00:11:19,060 --> 00:11:22,404 ඔබ අකමැති පුදුමකිරීම්වලට කියන්නේ ප්රශ්න කියලා. ඒත් ඔබට ඒවා ඕනේ. 264 00:11:22,428 --> 00:11:24,207 ඉතින් විවිධත්වය හුඟක් වැදගත්. 265 00:11:24,231 --> 00:11:27,343 කවදාහරි බලපු වීඩියෝවක් හරි සිනමා පටයක් හරි ඔබ නැවත ගෙන තිබෙනවාද? 266 00:11:27,367 --> 00:11:29,176 කවුද එහෙම කරලා තියෙන්නේ? 267 00:11:29,200 --> 00:11:30,976 (සිනහව) 268 00:11:31,000 --> 00:11:32,610 ඇයි ඔබ එහෙම කරන්නේ? 269 00:11:32,634 --> 00:11:35,417 ඔබට නිශ්චිතයි එය හොඳයි කියලා, ඔබ එය කලින් දැක තිබෙන නිසා. 270 00:11:35,441 --> 00:11:38,135 ඒත් ඔබ හිතනවා ඔබට දැන් එය අමතකවී ඇති කියලා. 271 00:11:38,159 --> 00:11:39,176 එහි විවිධත්වයක් තිබෙනවා. 272 00:11:39,200 --> 00:11:41,236 තුන්වන අවශ්යතාවය, බරපතලයි: වැදගත්කම 273 00:11:41,260 --> 00:11:43,535 අපි හැමටම අවශ්යයි, අපි වැදගත්, විශේෂයි, අද්විතීයයි කියලා දැනෙනවට. 274 00:11:43,559 --> 00:11:46,426 ඔබට එය ලැබිය හැකියි වැඩිපුර මුදල් හම්බ කරලා හෝ ආධ්යාත්මිකව දියුණු වෙලා. 275 00:11:46,450 --> 00:11:49,366 ඔබට එය ලැබිය හැකියි මිනිසුන් දැනගන්නට අකමැති 276 00:11:49,390 --> 00:11:52,376 තැන්වල ටැටූ හෝ කරාබු දාලා. 277 00:11:52,400 --> 00:11:53,465 මොනදේ වුනත්, 278 00:11:53,489 --> 00:11:54,776 එය කරන්න ලේසිම විදිහ, 279 00:11:54,800 --> 00:11:57,776 ඔබට කිසිම පසුබිමක්, සංස්කෘතියක්, විශ්වාසයක්, සම්පතක්, 280 00:11:57,800 --> 00:11:59,439 උපක්රමශීලී බවක් නැත්නම්, ඒ ප්රචණ්ඩත්වය. 281 00:11:59,463 --> 00:12:03,223 මම ඔබගේ හිසට තුවක්කුවක් අල්ලා දාමරිකයෙක් වගේ හිටියොත්, සැනෙකින් මම වැදගත්. 282 00:12:03,247 --> 00:12:04,708 0 සිට 10. කොච්චර ලොකුද? 10. 283 00:12:04,732 --> 00:12:07,818 මට කොච්චර විශ්වාසද ඔබ මට ආපසු කතාකරයි කියලා? 10. 284 00:12:07,842 --> 00:12:08,958 කොච්චරක් අවිශ්වාසද? 285 00:12:08,982 --> 00:12:11,086 කවුද දන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා? එය කුතුහලයක්. 286 00:12:11,086 --> 00:12:12,422 ගුහාවක් ඇතුලට ගිහින් 287 00:12:12,422 --> 00:12:13,702 ඒ වැඩ කරනවා වගේ වැඩක්. 288 00:12:13,702 --> 00:12:15,164 පුර්ණ විවිධත්වය, අවිනිශ්චිතබව. 289 00:12:15,200 --> 00:12:18,586 ඒක වැදගත්බවක් දෙනවා ඔබට. ඒත් ඔබට ඒ සඳහා ජීවිත අවධානයක් ගන්න ඕනෙ. 290 00:12:18,586 --> 00:12:21,202 ඒකයි ප්රචණ්ඩත්වය හැම තැනම තියෙන්නේ. ඉදිරියටත් තියේවි, 291 00:12:21,202 --> 00:12:23,659 වර්ගයක් ලෙස අපේ විඥයානයේ වෙනසක් සිදු නොවෙන තාක්. 292 00:12:23,831 --> 00:12:25,686 ඔබට වැදගත්කම ගත හැකියි ක්රම මිලියනයකින්. 293 00:12:25,686 --> 00:12:27,625 ඒත් වැදගත්කමක් ගන්න ඔබ අද්විතීය සහ වෙනස් කෙනෙක් විය යුතුයි. 294 00:12:27,625 --> 00:12:30,747 මේකයි අපිට ඇත්තටම අවශ්ය: සම්බන්ධකම් සහ ආදරය, 4වන අවශ්යතාවය. 295 00:12:31,139 --> 00:12:32,186 අපි හැමෝටම ඒක ඕනේ; 296 00:12:32,204 --> 00:12:34,573 හුඟක් අය සම්බන්ධකමකින් නවත්වනවා. ආදරය ටිකක් භයන්කරයි. 297 00:12:34,853 --> 00:12:37,330 කිට්ටු සම්බන්දතාවයකින් වේදනා ලබල තියෙන්නේ කවුද මෙතන? 298 00:12:39,154 --> 00:12:41,986 ඔබ ඇත නොඉස්සුවොත්, ඒකියන්නේ ඔබට වෙනත් දේවලුත් වෙලා තියෙනවා. 299 00:12:42,380 --> 00:12:44,103 ඔබ නැවතත් වේදනාවට පත්වෙන්න යන්නේ. 300 00:12:44,207 --> 00:12:46,347 ඔබට සතුටු නැද්ද මේ ධනාත්මක මුණගැසීම ගැන? 301 00:12:46,371 --> 00:12:47,891 මේකයි ඇත්ත: අපිට එය අවශ්යයි. 302 00:12:48,035 --> 00:12:51,411 අපිට එය කරන්න පුළුවන් සමීපභාවයකින්, මිතුරුකමින්, යාච්ඤයාවෙන්, 303 00:12:51,435 --> 00:12:52,782 ස්වභාවධර්මයේ ඇවිදිමින්. 304 00:12:52,806 --> 00:12:55,638 වෙන කිසිදෙයක් හරියන්නේ නැත්නම්, පුසෙක් නෙමෙයි බල්ලෙක් ගන්න, 305 00:12:55,662 --> 00:12:58,627 මොකද ඔබ මිනිත්තු 2කට එලියට ගියොත්, ඔබ මාස 6කට ගියා වගේ, 306 00:12:58,691 --> 00:13:00,537 මිනිත්තු 5 කට පස්සේ නැවත එනවිට. 307 00:13:00,771 --> 00:13:03,426 හැම මිනිසෙකුම, මේ පළවෙනි අවශ්යතා 4 ලබාගන්න ක්රම හොයාගන්නවා. 308 00:13:03,590 --> 00:13:06,800 ඔබ තමන්ටම බොරු කියාගත්තත් ඔබට බෙදුණු පෞරුෂත්ව තියාගන්න වෙනවා. 309 00:13:06,924 --> 00:13:11,463 පළමු අවශ්යතා 4 මම පෞරුෂත්වයේ අවශ්යතා හැටියට හඳුන්වනවා. 310 00:13:11,487 --> 00:13:13,357 අවසාන 2 අධ්යාත්මයේ අවශ්යතායි. 311 00:13:14,245 --> 00:13:15,612 මෙතනදියි පරිපුර්ණත්වය පැමිණෙන්නේ. 312 00:13:15,632 --> 00:13:17,167 පළමු හතරෙන් ඔබට එය හම්බවෙන්නේ නැහැ. 313 00:13:17,197 --> 00:13:20,103 ඔබ මාර්ගයක් සොයාගනීවී, දුම් බීම, මත්පැන්, ඕනෑම දෙයක්, පළමු 4 ලබාගන්න. 314 00:13:20,105 --> 00:13:21,681 නමුත් 5, ඔබට වැඩෙන්න සිදු වෙනවා. 315 00:13:22,675 --> 00:13:23,804 අපි හැමෝම පිළිතුර දන්නවා. 316 00:13:23,838 --> 00:13:25,361 වර්ධනය නොවුනොත් ඔබ කවුද? 317 00:13:25,395 --> 00:13:27,504 සම්බන්ධයක් හෝ ව්යාපාරයක් හෝ වර්ධනය නොවේනම්, 318 00:13:27,598 --> 00:13:28,525 ඔබ වර්ධනය නොවෙනවානම්, 319 00:13:28,569 --> 00:13:30,312 ඔබට කොතරම් මුදල් හෝ යහළුවන් සිටියත් 320 00:13:30,416 --> 00:13:31,592 කීදෙනෙක් ඔබට ආදරය කලත් 321 00:13:31,596 --> 00:13:32,839 ඔබට දැනෙන්නේ අපායක් වගේ. 322 00:13:32,933 --> 00:13:34,524 මගේ විශ්වාසයනම, වර්ධනය වෙන්න 323 00:13:34,568 --> 00:13:36,528 හේතුව අපිට දෙන්න වටිනා දෙයක් ඕන නිසා. 324 00:13:36,552 --> 00:13:39,263 මොකද 6වෙනි අවශ්යතාවය අපිට වඩා යමක් දීමේ හැකියාවයි. 325 00:13:39,957 --> 00:13:42,034 මොකද අපි හැමෝම දන්නවා, 326 00:13:42,088 --> 00:13:43,674 ජීවත්වීමේ රහස දීමයි කියලා. 327 00:13:43,698 --> 00:13:45,982 අපි හැමෝම දන්නවා, ජීවිතය කියන්නේ මම නෙමෙයි අපි. 328 00:13:46,006 --> 00:13:47,925 මේ සංස්කෘතිය එය දන්නවා. මේ කාමරය එය දන්නවා. 329 00:13:47,969 --> 00:13:48,946 එය ආකර්ශනීයයි. 330 00:13:48,966 --> 00:13:51,560 නිකලස් ඔහුගේ $100 යේ පරිගණකය ගැන කියන විට, 331 00:13:51,618 --> 00:13:52,957 වඩාත් ආකර්ශනීය දේ තමයි, 332 00:13:53,001 --> 00:13:55,416 මේ ඉන්නේ බුද්ධිමතෙක්, එත් ඔහුට අරමුණක් තියෙනවා. 333 00:13:55,790 --> 00:13:58,662 ඔබට ඔහුගේ වෙනස වටහාගත හැකියි. එය ලස්සනයි. 334 00:13:58,686 --> 00:14:00,629 ඒ අරමුණ අනෙත් යට දැනෙනවා. 335 00:14:00,653 --> 00:14:03,530 මගේ ජීවිතය ස්පර්ශකලා යම් දෙයක්, මට වයස 11 දී. 336 00:14:03,554 --> 00:14:05,541 ස්තුතිවන්තවීමේ උත්සවය. මුදල් නෑ, ආහාර නෑ. 337 00:14:05,565 --> 00:14:06,976 අපිට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ 338 00:14:07,000 --> 00:14:08,715 නමුත් මගේ පියා හිටියේ කනස්සල්ලෙන්. 339 00:14:08,739 --> 00:14:11,070 මගේ මව කියමින් සිටියා ඔහුගේ බංකොලොත්භාවය ගැන. 340 00:14:11,094 --> 00:14:13,449 එවිට කෙනෙක් දොර ලඟට ඇවිත් ආහාර ලබා දුන්නා. 341 00:14:13,473 --> 00:14:16,533 මගේ පියා තීරණ 3ක් ගත්තා. ඒවා මොනවද කියලා මම කෙටියෙන් දන්නවා. 342 00:14:16,557 --> 00:14:18,382 ඔහුගේ අවධානය වුනේ, "මේ පිනට දුන් යමක්". 343 00:14:18,406 --> 00:14:20,072 මොකක්ද එකේ තේරුම? "මම කිසි කමකට නෑ" 344 00:14:20,096 --> 00:14:22,721 මම කරන්න ඕනේ? "මගේ පවුල අතහැරීම", ඔහු එය කළා. 345 00:14:22,745 --> 00:14:25,227 ඒක ජීවිතයේ හුඟාක් වේදනාකාරී අත්දැකීමක්. 346 00:14:25,251 --> 00:14:27,420 මගේ තීරණ 3, මට ලබාදුන්නේ වෙනස්ම මාර්ගයක්. 347 00:14:27,796 --> 00:14:31,118 මම අවධානය යොමු කළේ, "ආහාර තිබේ". නියම සංකල්පයක්. 348 00:14:31,142 --> 00:14:32,219 (සිනහව) 349 00:14:32,243 --> 00:14:35,438 ඒත් ඒක තමයි මගේ ජීවිතය වෙනස් කළේ. මාව මනුස්සයෙක් ලෙස හැඩ ගැන්වුයේ. 350 00:14:35,462 --> 00:14:37,655 කාගෙන්හරි තෑග්ගක්, මම දන්නෙත් නෑ ඒ කවුද කියලා. 351 00:14:37,679 --> 00:14:39,939 මගේ පියා හැමවිටම කිවුවේ, "කවුරුත් මොකුත් දෙන්නේ නෑ." 352 00:14:40,825 --> 00:14:42,299 දැන්, නාදුනන පුද්ගලයෙක්, 353 00:14:42,323 --> 00:14:44,857 කිසිදෙයක් ඉල්ලන්නේ නැතිව, අපිට ආහාර ලබා දෙනවා, 354 00:14:44,881 --> 00:14:46,058 අපිව හොයමින්. 355 00:14:46,082 --> 00:14:48,721 එය මට විශ්වාසකරලන්න පෙළඹුවා, නාදුනන අය අපි ගැන හිතනවා කියලා. 356 00:14:49,627 --> 00:14:50,859 එය මාව පෙළඹුවා තීරණය කරන්න, 357 00:14:50,883 --> 00:14:53,660 නාදුනන අය මමත් මගේ පවුලත් ගැන හිතනවානම්, මමත් ඔවුන් ගැන හිතනවා. 358 00:14:53,734 --> 00:14:55,690 මම යමක් කරනවා වෙනසක් ඇතිකරන්න. 359 00:14:55,724 --> 00:14:57,971 ඉතින් මම වයස 17 දී, ස්තුතිවන්තබව පෙන්වන්න ක්රියා කළා. 360 00:14:58,145 --> 00:15:00,888 අවුරුදු ගණනකට මගේ ඉලක්කය වුනේ, පවුල් 2ක් නඩත්තු කරන්න මුදල් හොයන එකයි. 361 00:15:01,038 --> 00:15:03,213 එයයි මගේ ජීවිතයේ කරපු ගොඩක්ම විනෝදජනක සහ දැනෙන දේ. 362 00:15:03,251 --> 00:15:04,934 ඊළඟ අවුරුද්දේ මම කළා 4ක්, ඊළඟට 8ක්. 363 00:15:04,978 --> 00:15:08,373 මම කරන දේ ගැන කාටවත් කිවුවේ නෑ. මම ඒක කළේ ලකුණු දාගන්න නෙවෙයි. 364 00:15:08,387 --> 00:15:10,773 ඒත් පවුල් 8කට පස්සේ, මම හිතුවා උදවු ලබාගන්න. 365 00:15:10,907 --> 00:15:13,335 ඉතින් මම ගිහින් මගේ යාළුවන්වත් එකතුකරගත්තා. 366 00:15:13,419 --> 00:15:16,596 පස්සේ මම ව්යාපාර බිහි කළා, 11ක් ගත්තා, ඊට පස්සේ මම පදනම හැදුවා. 367 00:15:17,630 --> 00:15:18,824 අවුරුදු 18කට පස්සේ, 368 00:15:18,848 --> 00:15:22,294 මට ආඩම්බරයි කියන්න, ගිය අවුරුද්දේ අපි රටවල් 35ක මිලියන 2ක කගේ කුස පිරෙවුවා. 369 00:15:22,318 --> 00:15:23,502 අපේ පදනමෙන්. 370 00:15:23,526 --> 00:15:25,859 නිවාඩු දිනවල, ස්තුතිවන්තවීම් වලදී සහ නත්තලේදී, 371 00:15:25,883 --> 00:15:27,886 ලෝකය පුරා විවිධ රටවල්වලදී. 372 00:15:27,910 --> 00:15:29,011 (අත්පොළසන්) 373 00:15:29,035 --> 00:15:30,181 ස්තුතියි. 374 00:15:30,205 --> 00:15:33,777 මම මේ ඔබට කයිවාරු කියනවා නෙමෙයි. මම මිනිසුන් ගැන ආඩම්බරයි. 375 00:15:33,801 --> 00:15:35,708 ඒගොල්ලෝ හුඟක් උනන්දු වෙනවා ආධාර කරන්න 376 00:15:35,732 --> 00:15:38,841 ඒ ගැන කතාකරන්න නෙමෙයි, ඒ අත්දැකීම ඇත්තටම ලබාගන්න පුළුවන් වුනහම. 377 00:15:38,865 --> 00:15:40,656 ඉතින් අවසානයේදී, මගේ වෙලාව ඉවරයි වගේ. 378 00:15:40,680 --> 00:15:43,539 ඔබව හැඩගස්වන ඉලක්කය -- 379 00:15:43,563 --> 00:15:45,422 මෙයයි මිනිසුන් අතර තියෙන වෙනස. 380 00:15:45,446 --> 00:15:46,631 අපිට තිබෙන්නේ එකම අවශ්යතාවයන්. 381 00:15:46,655 --> 00:15:48,722 එත් ඔබ ඇත්තටම නිශ්චිතතා පිස්සෙක්ද? එයද ඔබ වඩා අගය කරන්නේ? 382 00:15:48,766 --> 00:15:49,943 නැත්නම් අවිනිශ්චිතතාවයද? 383 00:15:50,477 --> 00:15:53,768 මේ මිනිසා නිශ්චිතතා පිස්සෙක් විය නොහැකියි ඔහු ඒ ගුහා තරණය කළානම්. 384 00:15:53,782 --> 00:15:55,533 ඔබව මෙහෙයවනු ලබන්නේ වැදගත්කමද ආදරයද? 385 00:15:55,537 --> 00:15:56,813 අපි හැමෝටම ඒ 6ම අවශ්යයි. 386 00:15:56,817 --> 00:15:59,901 ඒත් ඔබගේ ප්රධාන මෙහෙයුම් පද්ධතිය ඔබව අනෙක් පසට හරවයි. 387 00:15:59,915 --> 00:16:02,491 ඔබ යම් දිශාවකට ගමන් කරන විට ඔබට ගමනාන්තයක් හෝ ඉරණමක් තිබෙනවා. 388 00:16:02,531 --> 00:16:03,956 දෙවෙනි කොටස තමයි සිතියම. 389 00:16:03,994 --> 00:16:06,270 මෙහෙයුම් පද්ධතිය කියන්නේ එතනට යන්නේ කොහොමද කියලා. 390 00:16:06,294 --> 00:16:07,575 සමහරුන්ගේ සිතියම තමයි, 391 00:16:07,649 --> 00:16:10,420 "මම මැරුණත් මම අනෙක් මිනිසුන්ගේ ජීවිත බේරාගන්නවා." 392 00:16:10,474 --> 00:16:11,650 ඔවුන් ගිනි නිවන භටයින්. 393 00:16:11,674 --> 00:16:13,850 තවත් සමහරු කියනවා, "එය කරන්න මම මිනිසුන් මරනවා." 394 00:16:13,894 --> 00:16:16,472 ඔවුන් උත්සහ කරන්නේ වැදගත්කමේ එකම මට්ටම ලඟා කරගන්න. 395 00:16:16,786 --> 00:16:18,979 ඔවුන්ට අවශ්යයි දෙවියන්ව හෝ තම පවුල උසස් කරගන්න. 396 00:16:19,133 --> 00:16:20,455 ඒත් ඔවුන්ට තියෙන්නේ වෙනත් සිතියමක්. 397 00:16:20,489 --> 00:16:23,298 විවිධ විශ්වාස 7ක් තියෙනවා. මට දැන් ඒ ගැන කතා කරන්න බෑ. මගේ කාලය අවසානයි. 398 00:16:23,332 --> 00:16:25,041 අන්තිම දේ තමයි හැඟීම්. 399 00:16:25,235 --> 00:16:27,236 සිතියමේ එක කොටසක් තමයි කාලය. 400 00:16:27,710 --> 00:16:29,999 සමහරුන්ට නම් දිගු කාලයක් කියන්නේ අවුරුදු 100ක් වගේ. 401 00:16:30,023 --> 00:16:32,698 සමහරුන්ට නම් තත්පර 3ක්. ඒක තමයි මට තියෙන්නේ. 402 00:16:33,382 --> 00:16:35,553 මම අන්තිමට කියපු දේ, ඒ ගණයට අයිති වෙන්නේ ඔයාලා. 403 00:16:35,587 --> 00:16:37,310 ඔබට ඉලක්කයක් සහ සිතියමක් තියෙනවානම්, 404 00:16:37,804 --> 00:16:40,437 මට ගූගල් පාවිච්චි කරන්න බෑ මොකද මම කැමති මැක් වලට, 405 00:16:40,471 --> 00:16:42,187 ඔවුන් තාම මැක් වලට එය වැඩි දියුණු කර නෑ. 406 00:16:42,221 --> 00:16:43,502 ඉතින් ඔබ "මැප්ක්වෙස්ට්" භාවිතා කරනවානම්, 407 00:16:43,536 --> 00:16:45,951 කීදෙනෙක් මෙය භාවිතා කිරීමේ බරපතල වැරැද්ද කර තිබෙනවාද? 408 00:16:46,635 --> 00:16:48,511 ඔබ මෙය භාවිතා කරනවා, ඒත් ඔබට එය ලඟා කරගන්න බෑ. 409 00:16:48,555 --> 00:16:51,811 හිතන්න, ඔබේ විශ්වාස තහවුරු කරනවානම් ඔබ සිතන තැනට ඔබට කවදාවත් යන්න බෑ කියලා. 410 00:16:51,835 --> 00:16:52,912 (සිනහව) 411 00:16:52,966 --> 00:16:54,300 අන්තිම දේ හැඟීම්. 412 00:16:54,744 --> 00:16:56,748 මෙයයි මම ඔබට කියන්නේ හැඟීම් ගැන. 413 00:16:56,822 --> 00:16:58,297 හැඟීම් 6000ක් තියෙනවා, 414 00:16:58,561 --> 00:17:00,520 ඉංග්රීසි භාෂාවේ වචන තිබෙන. 415 00:17:00,524 --> 00:17:03,680 එය, භාෂාවත් එක්ක වෙනස් වෙන භාෂාමය නිරුපණයක් පමණයි. 416 00:17:03,774 --> 00:17:06,074 ඒත් ඔබගේ ආධිපත්ය දරන හැඟීම්, 417 00:17:06,378 --> 00:17:09,105 මිනිසුන් 20,000ක් හෝ 1000ක් ඉන්නවානම්, 418 00:17:09,129 --> 00:17:11,791 මම කිවුවොත්, ඔවුන් අත්දකින සියලුම හැඟීම් කොළයක ලියන්න කියලා, 419 00:17:11,815 --> 00:17:12,816 සාමාන්ය සතියකදී, 420 00:17:12,850 --> 00:17:14,220 මම ඔවුන්ට දෙනවා ඇති තරම් කාලයක්. 421 00:17:14,234 --> 00:17:15,103 එක් පසකින් ඔවුන් සවිමත් කරන හැඟීම්, 422 00:17:15,143 --> 00:17:15,998 අනෙත් පසින් ඔවුන් දුබල කරන හැඟීම්. 423 00:17:15,998 --> 00:17:18,343 හිතන්න කොච්චරක් හැඟීම් අත්දකිනවාද කියලා. 12කටත් අඩුයි. 424 00:17:19,107 --> 00:17:21,203 ඒවායෙන් බාගයක්ම, ඔවුන්ව දුබල කරනවා. 425 00:17:21,227 --> 00:17:23,982 ඔවුන්ට යහපත් හැඟීම් 6ක් තියෙනවා. 426 00:17:24,936 --> 00:17:26,576 සතුට, සතුට, උද්වේගකරබව, අපොයි, 427 00:17:26,610 --> 00:17:28,853 අපේක්ෂා භංගත්වය, අපේක්ෂා භංගත්වය, ආඩම්බරකම, මානසික අවපීඩනය. 428 00:17:28,887 --> 00:17:30,360 ඔබලා කීදෙනෙක් දන්නවද කවුරුන්හරි, 429 00:17:30,384 --> 00:17:33,155 මොනවා සිදු වුනත් තරහ යන? 430 00:17:33,179 --> 00:17:34,359 (සිනහව) 431 00:17:34,383 --> 00:17:38,724 එහෙම නැතිවුනත්, මොනවා සිදුවුනත් සතුටින්, උද්යෝගයෙන් ඉන්න ක්රමයක් හොයාගන්න? 432 00:17:38,748 --> 00:17:40,752 ඔබලා කීදෙනෙක් මෙහෙම කෙනෙක් දන්නවාද? 433 00:17:40,776 --> 00:17:43,722 9/11 ප්රහාරය සිදුවෙනකොට, මම මෙතනින් ඉවර කරන්නම්, මම හිටියේ හවායි වල. 434 00:17:44,040 --> 00:17:46,409 මම හිට්යේ රටවල් 45ක මිනිසුන් 2000ක් එක්ක. 435 00:17:46,433 --> 00:17:48,819 අපි භාෂා 4ක් පරිවර්තනය කරමින් හිටියේ, 436 00:17:48,843 --> 00:17:50,963 මම මෙහෙයවන වැඩසටහනක් වෙනුවෙන්, සතියක් පුරා. 437 00:17:51,275 --> 00:17:53,516 පෙර දින රාත්රිය "හැඟීම් පාලනය" නම් වුනා. 438 00:17:53,540 --> 00:17:55,925 මම නැගිට්ටා, සැලැස්මක් තිබුනේ නෑ, මම කිවුවා, 439 00:17:55,949 --> 00:17:59,047 අපිට තිබුනා ගිනිකෙළි සංදර්ශන, මම පිස්සු නටනවා, විනෝද වෙනවා, 440 00:17:59,071 --> 00:18:00,352 අන්තිමට මම නැවැත්තුවා. 441 00:18:00,376 --> 00:18:02,679 මට මේ සැලැස්ම තිබුණා, ඒත් කියන්නේ මොනවද කියල මම දැනගෙන හිටියේ නෑ. 442 00:18:02,723 --> 00:18:03,378 එවිට එකවරම මම කිවුවා, 443 00:18:03,492 --> 00:18:07,240 "මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්න පටන්ගන්නේ කවදද? ඔවුන්ට මරණය මුණගැසුනහම." 444 00:18:07,644 --> 00:18:09,352 ඉතින් මම ඒ දේ ගැන කියන්න ගත්තා. 445 00:18:09,376 --> 00:18:10,798 ඔබට මේ දූපතෙන් යන්න බැරිවුනොත්, 446 00:18:10,838 --> 00:18:13,031 අදින් දවස් නමයකින් ඔබ මියයනවානම්, 447 00:18:13,069 --> 00:18:15,888 ඔබ කාටද කතාකරන්නේ? මොකක්ද ඔබ කියන්නේ? මොකක්ද ඔබ කරන්නේ? 448 00:18:16,852 --> 00:18:18,520 එදා රාත්රියේදී තමයි 9/11 සිදුවුනේ. 449 00:18:18,858 --> 00:18:21,484 එක කාන්තාවක් වැඩමුළුවට ඇවිත් හිටියා. ඇය එහි ආ විට, 450 00:18:21,524 --> 00:18:24,199 ඇයගේ කලින් පෙම්වතාව පැහැරගෙනගොස් මරාදාලා. 451 00:18:24,853 --> 00:18:27,788 ඇගේ අලුත් පෙම්වතාට ඇයව කසාද බඳින්න ඕනෙලු. ඇය එය ප්රතික්ෂේප කරලා. 452 00:18:27,982 --> 00:18:30,279 ඔහු කියලා, "ඔයා අර හවායි වැඩේට ගියොත්, අපේ සම්බන්දේ ඉවරයි." 453 00:18:30,303 --> 00:18:31,159 ඇය කියලා, "ඔව්, ඒක ඉවරයි." 454 00:18:31,183 --> 00:18:33,888 මම එදා රෑ ඉවර කරහම, ඇය ඔහුට කතාකරලා, පණිවිඩයක් තිබ්බා. 455 00:18:33,932 --> 00:18:36,486 ඔහු වැඩකලේ ලෝක වෙළඳ මධ්යස්ථානයේ ඉහළ මහලක, නිවුයෝර්ක් වල. ඇය කිවුවා, 456 00:18:36,530 --> 00:18:39,739 "මම ඔයාට ආදරෙයි, මට ඔයාව කසාද බඳින්න ඕනේ." 457 00:18:39,739 --> 00:18:41,087 "මම වැරදියි ඒ වෙලාවේ." 458 00:18:41,521 --> 00:18:44,919 ඇය නිදාගෙන හිටියේ ඔහු ඇයට කතාකරනකොට. එතකොට අපිට පාන්දර 3යි. 459 00:18:44,943 --> 00:18:47,823 ඔහු කිවුවා, "රත්තරන්, මට කියන්න බෑ මේකේ තේරුම." 460 00:18:47,847 --> 00:18:51,196 "මම දන්නේ නෑ, මේක ඔයාට කියන්නේ කොහොමද කියලා, ඔයා තමයි මට වටිනාම තෑග්ග දුන්නේ," 461 00:18:51,220 --> 00:18:52,577 "මොකද මම මැරෙන්නයි යන්නේ." 462 00:18:53,164 --> 00:18:55,392 ඇය ඒ පටිගත කිරීම අපිට අහන්න දුන්නා. 463 00:18:55,456 --> 00:18:56,951 ඇයට පසුව ලැරී කිංග් සමග සාකච්චාවක් තබුණා. 464 00:18:56,975 --> 00:18:58,521 ඔහු කිවුවා, "ඔබ කල්පනාකරනවා ඇති," 465 00:18:58,521 --> 00:19:00,493 "කොහොමද මට මේක දෙපාරක්ම විඳින්න සිද්ධවුණේ කියලා." 466 00:19:00,521 --> 00:19:03,003 "මට ඔබට කියන්න තියෙන්නේ, මේ ඔබට දෙවියන් දෙන පණිවිඩය වෙන්න ඇති." 467 00:19:03,227 --> 00:19:06,248 "දැන් ඉඳන් හැමදාම, ඔබේ සියල්ල දෙන්න, ඔබේ සියල්ලට ආදරය කරන්න." 468 00:19:06,282 --> 00:19:08,111 "කිසිම දෙයකට ඔබව නවත්තන්න දෙන්න එපා." 469 00:19:08,707 --> 00:19:10,950 ඇය අවසන් කරා, මිනිසෙක් නැගී සිටියා, ඔහු කිවුවා, 470 00:19:10,974 --> 00:19:12,550 "මම පකිස්තානයෙන්, මම මුස්ලිම්," 471 00:19:12,574 --> 00:19:14,767 "මම කැමතියි ඔබේ අතින් අල්ලාගෙන කණගාටුව ප්රකාශ කරන්න." 472 00:19:14,791 --> 00:19:17,005 "ඒත් අවංකවම ඒක වන්දි ගෙවීමක්." 473 00:19:18,130 --> 00:19:20,613 මට ඉතුරුටික ඔබට කියන්න බෑ මට වෙලාව නැති නිසා. 474 00:19:20,637 --> 00:19:27,295 (සිනහව) 475 00:19:27,319 --> 00:19:28,495 ඔබට විශ්වාසද? 476 00:19:28,519 --> 00:19:32,815 (සිනහව) 477 00:19:32,839 --> 00:19:34,015 තත්පර 10යි! 478 00:19:34,039 --> 00:19:37,347 (සිනහව සහ අත්පොලසන්) 479 00:19:37,371 --> 00:19:39,318 තත්පර 10යි, මට ආචාරශීලී වෙන්න ඕනේ. 480 00:19:39,342 --> 00:19:40,298 මට ඔබට කියන්න පුළුවන් දේ තමයි, 481 00:19:40,302 --> 00:19:41,709 මම මේ මනුස්සයාව වේදිකාවට ගෙනාවා, 482 00:19:41,733 --> 00:19:43,694 නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්යස්ථානයේ වැඩ කරපු කෙනෙක් සමඟ, 483 00:19:43,728 --> 00:19:45,728 මොකද එදා එතන නිව්යෝර්ක් පදිංචිකරුවන් 200ක් විතර හිටියා. 484 00:19:45,762 --> 00:19:48,197 50කට වැඩිය තමන්ගේ මුළු ව්යාපාරයම, යහළුවන්ම, නැති වුනු ඇය, 485 00:19:48,231 --> 00:19:49,753 තමන්ගේ ජීවිතයේ සියලු සැලසුම් කඩා වැටුණු. 486 00:19:49,887 --> 00:19:52,465 මුල්ය වෙළඳ කාන්තාවක් හිටියා, 487 00:19:53,359 --> 00:19:55,184 ඇයගේ යහළුවන් 30ක් අහිමිවෙලා. 488 00:19:55,578 --> 00:19:58,884 මම කිවුවා, "අපි කුමක් ගැනද අවධානය යොමු කරන්න හදන්නේ?" 489 00:19:59,572 --> 00:20:01,910 මොකක්ද මේකේ තේරුම, මොකක්ද අපි කරන්න යන්නේ? 490 00:20:01,934 --> 00:20:04,006 මම කණ්ඩායමේ අවධානය යොමු කළා, 491 00:20:04,030 --> 00:20:05,746 ඔබට අද කිසිකෙනෙක් අහිමි නොවුනොත්, 492 00:20:05,770 --> 00:20:08,348 ඔබේ අවදානය වෙන්නේ වෙන කෙනෙක්ට උදවු කරන්නේ කොහොමද කියන එකයි. 493 00:20:08,372 --> 00:20:10,960 එක කාන්තාවක් හිටගෙන බොහොම තරහෙන් කෑගහන්න ගත්තා. 494 00:20:11,024 --> 00:20:13,170 මම දැනගත්තා ඇය නිව්යෝර්ක්හි කෙනෙක් නෙමෙයි කියලා. ඇමරිකානුවෙකුත් නෙමෙයි. 495 00:20:13,204 --> 00:20:14,533 මෙහෙ කිසි කෙනෙක් දන්නේ නෑ. 496 00:20:14,597 --> 00:20:15,889 මම ඇහුවා, "ඔබට නිතරම තරහා යනවද?" 497 00:20:15,923 --> 00:20:16,640 ඇය කිවුවා, "ඔව්". 498 00:20:16,654 --> 00:20:18,846 වරදකාරී අය වරදකාරී වුනා, දුක්වුණු අය දුක්වුනා. 499 00:20:18,940 --> 00:20:21,955 මම මේ මිනිසුන් දෙන්නාව අරගෙන වක්ර ලෙස සාකච්චා කරා. 500 00:20:22,369 --> 00:20:24,554 යුදෙවු මිනිසෙක්, පවුලක් ඉන්න, ඒ භුමියේ, 501 00:20:24,554 --> 00:20:27,808 එදින වැඩට ගියානම්, ජීවිතය අහිමිවෙන්න තිබුණු නිව්යෝර්ක් පදිංචිකරුවා, 502 00:20:27,826 --> 00:20:29,196 සහ මේ මිනිසා, ත්රස්තවාදියෙක් වෙන්න ආසා කරපු, 503 00:20:29,240 --> 00:20:29,970 මම බොහොම පැහැදිලිව කිවුවා. 504 00:20:30,004 --> 00:20:32,921 මෙය චිත්රපටයක තිබුනා, මම කැමතියි ඔබට එවන්න, 505 00:20:33,955 --> 00:20:35,381 මගේ කතාව නැතුව. 506 00:20:35,425 --> 00:20:37,525 ඒත් ඒ දෙදෙනා, එකතුවුනා විතරක් නෙමෙයි, 507 00:20:37,589 --> 00:20:39,583 ඔවුන් ඔවුන්ගේ විශ්වාසයන්, ලෝකය ගැන තිබුණු ආකෘතිය, වෙනස් කරගත්තා. 508 00:20:39,597 --> 00:20:42,319 ඔවුන් දැනට අවුරුදු 4ක් පුරා එකට වැඩ කරනවා, 509 00:20:42,593 --> 00:20:44,002 මුස්ලිම් පල්ලි වල, ධර්මශාලා වල, 510 00:20:44,026 --> 00:20:45,314 සාමය ගැන අදහස ඇති කිරීම සඳහා. 511 00:20:45,344 --> 00:20:48,007 ඔහු පොතක් ලිවුවා, "මගේ ජිහාඩ්, මගේ සාමය". 512 00:20:48,855 --> 00:20:50,388 ඉතින් පරිවර්තනයන් වෙන්න පුළුවන්. 513 00:20:50,432 --> 00:20:51,656 ඔබට මගේ ආරාධනය තමයි : 514 00:20:52,740 --> 00:20:54,271 ඔබේ දැල(ජාලය) ගවේෂණය කරන්න. 515 00:20:55,115 --> 00:20:56,665 මෙතන තියෙන දැල -- 516 00:20:56,689 --> 00:21:00,277 ඔබව පාලනය කරන අවශ්යතා, විශ්වාසයන්, හැඟීම්, 517 00:21:00,301 --> 00:21:01,478 කාරණා දෙකක් නිසා : 518 00:21:01,502 --> 00:21:03,799 එවිට ඔබට දීමට සහ ලබාගැනීමට ගොඩක් දේ තිබෙනවා. 519 00:21:03,823 --> 00:21:05,111 ඒත් මම කියන්නේ දෙන්න. 520 00:21:05,135 --> 00:21:07,188 මොකද එයයි ඔබව සම්පුර්ණ කරන්නේ. 521 00:21:07,212 --> 00:21:09,040 දෙවනුව එවිට ඔබට අගය කළ හැකියි -- 522 00:21:09,064 --> 00:21:11,883 තේරුම්ගන්න පමණක් නෙමෙයි, එය බුද්ධිමය දෙයක්, මනස හා සම්බන්දයි. 523 00:21:11,907 --> 00:21:13,765 අනිත් මිනිසුන්ව පොළඹවන දේවලුත් අගය කරන්න. 524 00:21:13,799 --> 00:21:14,910 අපේ ලෝකය වෙනස් වෙන එකම විදිහ ඒකයි. 525 00:21:14,944 --> 00:21:17,522 ඔබට දෙවියන්ගේ ආශිර්වාදය. ස්තූතියි. මම හිතනවා මෙය සේවාවක් වුනා කියලා ඔබට.