තමන්ගේ විවේක කාලයේ පාලනය අතට ගන්නේ කොහොමද?
-
0:01 - 0:04මිනිස්සු දැනගත්තහම මම කාලය
කළමනාකරණය ගැන ලියනවා කියලා, -
0:05 - 0:06ඒ අය දේවල් දෙකක් හිතාගන්නවා.
-
0:08 - 0:11එකක් තමයි, මම හැමවිටම
වෙලාවට වැඩ කරනවා කියන එක. -
0:12 - 0:13මම ඇත්තටම එහෙම නෑ.
-
0:14 - 0:15මට පුංචි ළමයි 4ක් ඉන්නවා.
-
0:15 - 0:18මට අහම්බෙන් සිදුවන නොසැලකිලිමත්කම් ගැන
ඒගොල්ලන්ට වැරැද්ද පටවන්න මම කැමතියි. -
0:18 - 0:20ඒත් සමහර වෙලාවට ඒක ඇත්තටම
ඒගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි. -
0:20 - 0:23මම එක වතාවක් පරක්කු වුනා කාලය
කළමනාකරණය ගැන මගේම දේශනයකට. -
0:23 - 0:24(සිනහව)
-
0:24 - 0:28අපි හැමෝටම එකතුවෙලා, ඒ හාස්‍යයට
කරුණ විඳින්න සිද්ධවුණා. -
0:29 - 0:32ඔවුන් හිතන දෙවෙනි දේ තමයි, මට ගොඩක්
ඉඟි සහ උපක්‍රම තියෙනවා කියලා, -
0:32 - 0:34එක එක පුංචි තැන්වලින්
කාලය ඉතුරු කරගන්න. -
0:34 - 0:38සමහර වෙලාවට මම සඟරාවල දකිනවා,
මේ කරුණු ගැන කතාකරනවා, -
0:38 - 0:41තමන්ගේ පාඨකයන්ට සාමාන්‍යයෙන් දවසේ
අමතර පැයක් හොයාගන්නේ කොහොමද කියලා. -
0:41 - 0:45ඒකෙ අදහස තමයි අපි අපේ දෛනික ක්‍රියාවලින්
පුංචි පුංචි කාලයන් ඉතුරු කරගෙන -
0:45 - 0:46ඒවා එකතු කරහම,
-
0:46 - 0:47අපිට වෙනත් හොඳ දේවල්
කරන්න කාලය තියෙනවා. -
0:47 - 0:51මම මෙහි සම්පුර්ණ තර්කය ගැන ප්‍රශ්න කරනවා,
ඒත් මම හැම වෙලාවේම උනන්දු වෙනවා, -
0:52 - 0:54ඔවුන් හොයාගත්ත දේවල් අහන්න,
ඒගොල්ලෝ මට කතාකරන්න කලින්. -
0:54 - 0:55මගේ ප්‍රියතම දේවල් සමහරක්:
-
0:55 - 0:58දකුණු පසට හැරීම් පමණක්
කරමින් පණිවිඩ ගෙනයාම, -
0:58 - 0:59(සිනහව)
-
1:00 - 1:02මයික්‍රෝවේව් භාවිතයේදී ඉතා බුද්ධිමත් වීම:
-
1:02 - 1:04ඒකෙ කියන්නේ, පැකේජයට
මිනිත්තු 3 සිට 3 1/2ක්, -
1:04 - 1:06මිනිත්තු 1/2ක් ඉතුරු කරගැනීමෙන්
ඉදිරියේදී ලොකු වාසියක් ලැබෙයි කියලා. -
1:06 - 1:09ඒවගේම මම පුද්ගලිකවම ආසා කරන,
තේරුමක් තියෙන දෙයක් තමයි, -
1:09 - 1:13ඔබ ආසා කරන රුපවාහිනී වැඩසටහන් පටිගතකර
තියාගෙන, වෙළඳ දැන්වීම් මගහැර නැරඹීම. -
1:13 - 1:15එකෙන් හැම පැය 1/2කටම මිනිත්තු
8ක් ඉතිරි කරගන්න පුළුවන්. -
1:15 - 1:17ඉතින් රුපවාහිනිය නරඹන
පැය 2ක කාලයක් ඇතුලත, -
1:17 - 1:19ව්‍යායාම කරන්න මිනිත්තු
32ක් ඔබට ලැබෙනවා. -
1:19 - 1:20(සිනහව)
-
1:21 - 1:22ඒක ඇත්ත.
-
1:23 - 1:25ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් හොයාගන්න
වෙන විදිහක් දන්නවද ඔබ? -
1:26 - 1:28දවසට පැය 2ක් රුපවාහිනිය නරඹන්න එපා, නේද?
-
1:28 - 1:29(සිනහව)
-
1:29 - 1:32කොහොමහරි, අදහස තමයි, අපි කාලය කුඩා
ප්‍රමාණවලින් ඉතිරි කරගෙන, ඒවා එකතුකර, -
1:33 - 1:35අපිට අවසානයේ අපට උවමනා
දෙයට ළඟාවෙන්න පුළුවන්. -
1:35 - 1:38ඒත් සාර්ථක වුණු මිනිසුන් තම කාලය වැය
කරන්නේ කොහොමද කියලා අධ්‍යනය කල පසු, -
1:38 - 1:40පැයෙන් පැය ඔවුන්ගේ
කාලසටහන බැලීමෙන්, -
1:40 - 1:44මට හිතෙන්නේ, මේ අදහසේ
පසුගාමිත්වයක් තියෙනවා කියලා. -
1:44 - 1:48කාලය ඉතුරු කළා කියලා, අපි
කැමති ජීවිත ගොඩනඟා ගන්න බැහැ. -
1:49 - 1:50අපි කැමති ජීවිත අපි ගොඩනගාගන්නවා,
-
1:51 - 1:54එවිට කාලය තමන්ව ඉතිරි කරගනීවි.
-
1:55 - 1:56මේකයි මම අදහස් කලේ.
-
1:56 - 1:58මම ලඟදි වේලා සටහන්
දිනපොත් ව්‍යාපෘතියක් කළා, -
1:58 - 2:02ඉතා කාර්යබහුල කාන්තාවන්ගේ
ජීවිතයේ දින 1,001ක් බලමින්. -
2:02 - 2:05ඔවුන්ට තිබුනේ හොඳ ඉල්ලුමක් තිබුණු
රැකියා, සමහර වෙලාවට ඔවුන්ගේම ව්‍යාපාර, -
2:05 - 2:07රැකබලාගන්න ළමයි වගේම දෙමාපියන්.
-
2:07 - 2:08සමාජයීය වගකීම් --
-
2:08 - 2:10හරිම කාර්යබහුල මිනිස්සු.
-
2:11 - 2:13මම ඔවුන්ට කිවුවා සතියක්
වෙලාව සටහන් කරන්න කියලා. -
2:13 - 2:15එවිට මට පුළුවන් ඔවුන් වැඩ කරන
සහ නිදාගන්න වේලාවන් එකතුකරන්න. -
2:15 - 2:18මම ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකට යොමුකලා
ඔවුන්ගේ උපායන් දැනගන්න මගේ පොත වෙනුවෙන්. -
2:18 - 2:20මම වේලා සටහන් පරීක්ෂා කළ එක කාන්තාවක්
-
2:20 - 2:22කුමක්හරි දෙයක් වෙනුවෙන්
බදාදා රෑ එලියට යනවා. -
2:22 - 2:25ඇය ගෙදර ආවිට දැනගන්නවා
ඇගේ වතුර හීටරය කැඩිලා කියලා. -
2:25 - 2:28දැන් ඇගේ බිම් මහල පුරාම වතුර.
-
2:28 - 2:31මේ වගේ දෙයක් ඔබට සිදුවුනානම්,
-
2:31 - 2:34ඔබ දන්නවා එය ඉතා විනාශකාරී, භයානක,
හිත කඩා වැටෙන අවුල් ජාලයක් කියලා. -
2:34 - 2:36ඉතින් ඇය එදා රෑ, ඒ ප්‍රශ්නයට
මුහුණ දෙමින් සිටියා. -
2:36 - 2:38ඊළඟ දවසේ ඇය ජලනල
කාර්මිකයන් ගෙන්වූවා. -
2:38 - 2:41ඊළඟ දවසේ, වෘතීය මට්ටමේ පිරිසිදුකරන්නන්
විනාශවුණු කාපට් එක පිළිසකර කළා. -
2:41 - 2:43මේ හැමදෙයක්ම ඇගේ
වේලා සටහනේ තිබුනා. -
2:43 - 2:46ඇයගේ සතියෙන් පැය 7ක් ඒ
වෙනුවෙන් වැය වෙලා තිබුනා. -
2:47 - 2:48පැය 7ක්.
-
2:49 - 2:52ඒක හරියට දවසට එක පැයක්
වැඩිපුර හොයාගන්නවා වගේ. -
2:53 - 2:56ඒත් මට විශ්වාසයි ඔබ ඇයගෙන්
සති මුලදී ඇහුවානම්, -
2:56 - 2:59"මලල ක්‍රීඩා තරඟාවලියක් සඳහා පුහුණුවෙන්න
ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" -
3:00 - 3:04"වටිනා පුද්ගලයින් 7 දෙනෙක්ට උපදේශන දෙන්න
ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" -
3:04 - 3:06මට විශ්වාසයි ඇය කියයි අපි
හැමෝම වගේ කියන දේ. -
3:06 - 3:11ඒ තමයි, "බැහැ, ඔබට පේන්නේ නැද්ද
මට කොච්චර වැඩ තියෙනවාද කියලා?" -
3:12 - 3:13ඒත් ඇයට පැය 7ක් හොයාගන්න සිද්ධ උනහම,
-
3:13 - 3:16මොකද ඇයගේ බිම් මහල
පුරා වතුර තියෙනකොට, -
3:16 - 3:19ඇය පැය 7ක් හොයාගත්තා.
-
3:19 - 3:23මේකෙන් අපිට පේන්නේ
කාලය හුඟක් නම්‍යශීලියි කියලයි. -
3:24 - 3:26අපිට කාලය වැඩිපුර හදන්න බෑ.
-
3:26 - 3:30ඒත් කාලය ඇදෙනවා අපි ඒ තුලට
දාන්න තෝරාගත් දේට නවාතැන් දීම සඳහා. -
3:30 - 3:33ඉතින් කාලය කළමනාකරණයට මූලය තමයි,
-
3:34 - 3:36අපේ ප්‍රමුඛතාවලට තැනක් දෙන එක,
-
3:36 - 3:39කැඩුණු වතුර හීටරයට සමානවම.
-
3:40 - 3:41මේ සඳහා,
-
3:41 - 3:45මම කැමතියි මම සම්මුඛ සාකච්චාවක් තිබ්බ
කාර්යබහුලම පුද්ගලයෙකුගේ භාෂාව තෝරාගන්න. -
3:45 - 3:47කාර්යබහුලයි කියලා මම අදහස් කලේ
ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා, -
3:47 - 3:48වැටුප් ලබන මිනිසුන් 12ක් සමඟ,
-
3:48 - 3:50ඇයගේ විවේක කාලයේදී
බලාගන්න ළමුන් 6ක් හිට්යා. -
3:51 - 3:53මම ඇය සමඟ සම්බන්ද වුනා
සම්මුඛ සාකච්චාව සුදානම් කිරීම සඳහා, -
3:53 - 3:56ඇය හැමදේම කරගන්නේ
කියලා බලන්න. -
3:56 - 3:58මට මතකයි, එදා බ්‍රහස්පතින්දා උදේ.
-
3:58 - 4:00ඇය මාත් සමඟ කතාකරන්න හිටියේ නැහැ.
-
4:00 - 4:01ඇත්තෙන්ම, නේද?
-
4:01 - 4:03මාත් එක්ක කතාකරන්න
ඇය හිටියේ නැති හේතුව තමයි, -
4:03 - 4:05ඇය එලියට ගිහින් හිටියේ
දිගු චාරිකාවක් සඳහා, -
4:05 - 4:07මොකද එය ලස්සන
වසන්තයේ උදෑසනක් නිසා. -
4:07 - 4:09ඇයට චාරිකාවක් යන්න ඕනේ වුනා.
-
4:09 - 4:11මෙය මාව තවත් කුතුහලයට ලක් කළා,
-
4:11 - 4:14අන්තිමේදී මම ඇයව මුණගැහුණු වෙලාවේ,
ඇය මට විස්තර කලේ මෙහෙමයි. -
4:14 - 4:17ඇය කියනවා, "ලෝරා, අහන්න,
මම කරන හැම දේම," -
4:18 - 4:21"මම ගෙවන හැම මිනිත්තුවක්ම, මගේ තේරීමක්."
-
4:22 - 4:23ඉතින් මෙහෙම කියනවට වඩා,
ඒ කියන්නේ, -
4:23 - 4:25"මට x, y සහ z කරන්න වෙලාවක් නැහැ."
-
4:26 - 4:31ඇය කියයි, "මම x, y හෝ z කරන්නේ නැහැ, මොකද
ඒක මගේ ප්‍රමුඛතාවය නොවන නිසා." -
4:32 - 4:36"මට වෙලාව නෑ" හැමවිටම වගේ අදහස් කරන්නේ,
"එය ප්‍රමුඛතාවයක් නොවෙයි" කියන ඒක. -
4:37 - 4:40ඔබ ඒ ගැන හිතුවොත් එය වඩා ගැලපෙන භාෂාවයි.
-
4:40 - 4:43මට ඔබට කියන්න පුළුවන් මගේ ආවරණ
පිසදමන්න මට වෙලාවක් නෑ කියලා. -
4:43 - 4:44ඒත් ඒක ඇත්ත නෙමෙයි.
-
4:44 - 4:46මගේ ආවරණ පිසදමන්න ඔබ
මට ඩොලර් ලක්ෂයක් දුන්නොත්, -
4:46 - 4:48මම ඒක කරාවි බොහොම ඉක්මනට.
-
4:48 - 4:49(සිනහව)
-
4:49 - 4:51ඒක සිද්ධ වෙන්නේ නැති නිසා,
-
4:51 - 4:53මට පිළිගන්න වෙනවා, මේ වෙලාව
නැතිකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි, -
4:53 - 4:55ඇත්තටම මට එය කරන්න
උවමනාවක් නෑ කියලා. -
4:55 - 4:58මේ භාෂාව අපිට මතක් කරනවා, වෙලාව
කියන්නේ අපේ තෝරාගැනීමක් කියලා. -
4:58 - 4:59එය ලබාදුන්විට,
-
4:59 - 5:02විවිධ තෝරාගැනීම් කිරීමේ භයානක
ප්‍රතිවිපාක ඇතිවිය හැකියි. -
5:02 - 5:04මම ඔබට එය දෙන්නම්.
-
5:04 - 5:05ඒත් අපි බුද්ධිමත් මිනිස්සු,
-
5:05 - 5:07අනිවාර්යයෙන්ම දීර්ගකාලීනව,
-
5:07 - 5:09අපේ ජීවිත පරිපුර්ණ
කරගන්න ශක්තිය අපිට තියෙනවා, -
5:09 - 5:12පවතින්නට සුදුසු දේවල් එක්ක.
-
5:13 - 5:14ඉතින් අපි කොහොමද ඒක කරන්නේ?
-
5:15 - 5:17අපි කොහොමද අපේ
ප්‍රමුඛතාවලට සංග්‍රහ කරන්නේ, -
5:17 - 5:19අර කැඩුණු වතුර මෝටරයට සමානවම?
-
5:20 - 5:22අපි මුලින්ම ඒ මොනවද කියලා
අඳුරගන්න ඕනේ. -
5:22 - 5:25මට ඔබට දෙන්න ඕනේ මේ
ගැන හිතන්න උපායන් 2ක්. -
5:25 - 5:26පළමු එක වෘතියමය පැත්තෙන්:
-
5:26 - 5:29මට විශ්වාසයි, අවුරුද්ද අවසානයට
එන විට හුඟක් අය, -
5:29 - 5:31වාර්ෂික සාධන සමාලෝචන දීම
හෝ ගැනීම කරනවා. -
5:31 - 5:34ඔබ පිටුපස හැරී බලනවා අවුරුද්ද
පුරාවට ඔබේ සාර්ථකත්වයන් දිහා, -
5:34 - 5:36ඔබේ වර්ධනය සඳහා තිබු අවස්ථාවන් දිහා.
-
5:36 - 5:38මෙයින් ඉටුවෙනවා එහි අරමුණ,
-
5:38 - 5:41ඒත්, මට හිතෙනවා, ඉදිරිය බලාගෙන
මෙය කලානම් වඩා පලදායකයි කියලා. -
5:41 - 5:44ඉතින් මම ඔබට කියනවා මේ ලබන
වසරේ අවසානය කියලා හිතන්න. -
5:44 - 5:47ඔබ ඔබටම සාධන සමාලෝචනයක් දෙනවා,
-
5:47 - 5:51ඒ වසර ඔබට වෘතියමය අතින්
ඉතා යහපත් එකක්. -
5:52 - 5:58එය එතරම් යහපත් එකක් කරන්න ඔබ
කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? -
5:59 - 6:03ඉතින් ඔබට ලබන වසරේ සාධන
සමාලෝචනය ලිවිය හැකියි දැන්. -
6:03 - 6:05ඔබට මෙය ඔබේ පෞද්ගලික ජීවිතය
වෙනුවෙනුත් කරන්න පුළුවන්. -
6:05 - 6:07මට විශ්වාසයි ඔබලාගෙන් හුඟ දෙනෙක්,
මම වගේ, දෙසැම්බර් වල ඇවිත්. -
6:07 - 6:11නවපු පාට කොල තියෙන කාඩ් අරගන්නවා,
-
6:11 - 6:16පවුලේ නිවාඩු ලිපිය කියල ලියපු ඒවා.
-
6:16 - 6:18(සිනහව)
-
6:18 - 6:21ඒක පොඩ්ඩක් අවාසනාවන්ත
සාහිත්‍ය වර්ගයක්, ඇත්තටම, -
6:21 - 6:24ගෙදර ඉන්න හැමෝම කොයිතරම්
අරුම පුදුමද කියලා කියවනවා. -
6:24 - 6:25නැත්තන් ඊටත් වඩා දක්ෂ විදිහට,
-
6:25 - 6:27ගෙදර හැමෝම කොච්චර කාර්යබහුලද කියලා.
-
6:28 - 6:29ඒත් මේ ලිපිවල අරමුණක් තියෙනවා,
-
6:29 - 6:32මොකද ඒවා ඔබගේ යහළුවන්ට සහ
පවුලේ අයට කියනවා, -
6:32 - 6:35මේ වසර පුරා ඔබගේ පෞද්ගලික ජීවිතයේ
ඔබ කළ වැදගත් දේවල් මොනවද කියලා. -
6:35 - 6:36ඉතින් මේ වසර බොහෝ දුරට අවසානයි,
-
6:36 - 6:39ඒත් මට ඕනේ ඔබ හිතන්න
මේ ලබන වසරේ අවසානය කියලා, -
6:39 - 6:42සහ එය ඉතා සාර්ථක වසරක් වුනා කියලා,
-
6:42 - 6:45ඔබටයි, ඔබ රැක බලාගන්නා අනෙක් අයටයි.
-
6:45 - 6:50එය මෙතරම් සාර්ථක කරගන්න
ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? -
6:51 - 6:55ඉතින් ඔබට ලබන වසරේ
පවුල් නිවාඩු ලිපිය ලියන්න පුළුවන්. -
6:56 - 6:57ඒත් එය තැපැල් කරන්න එපා.
-
6:57 - 6:58(සිනහව)
-
6:58 - 7:01කරුණාකරලා ඒක යවන්න එපා.
-
7:01 - 7:02ඒත් ඔබට එය ලියන්න පුළුවන්.
-
7:02 - 7:06දැන් සාධන සමාලෝචනය සහ
පවුල් නිවාඩු ලිපිය අතර, -
7:06 - 7:09අපිට තියෙනවා ලබන වසරේ අත්කරගන්න තියෙන
ඉලක්ක 6ක සිට 10ක් දක්වා වූ ලැයිස්තුවක්. -
7:09 - 7:12දැන් අපි මේවා කළ හැකි කොටස්
වලට බෙදාගන්න ඕනේ. -
7:12 - 7:14ඔබට ඕනේ ඇති පවුලේ ඉතිහාසය ලියන්න.
-
7:15 - 7:17මුලින්ම ඔබට වෙනත් පවුල්
ඉතිහාසයන් කියවන්න පුළුවන්, -
7:17 - 7:18ඒවා ලියන ආකාරය
ගැන අදහසක් ගන්න. -
7:18 - 7:21ඊළඟට හිතන්න ඔබේ ඥාතීන්ගෙන්
ඔබ අහන්න කැමති ප්‍රශ්න ගැන. -
7:21 - 7:23ඔවුන්ව සම්මුඛ සාකච්චාවකට ගන්න
වෙලාව වෙන්කරගන්න. -
7:23 - 7:25එහෙම නැත්තන් ඔබට
5000m දුවන්න ඕන ඇති. -
7:25 - 7:28ඔබට සිදුවෙනවා තරඟයක් හොයලා ලියාපදිංචි
වෙන්න, පුහුණුවීම් සැලැස්මක් හදන්න, -
7:28 - 7:30අල්මාරිය පිටුපසින් අර සපත්තු
2ක එලියට ගන්න. -
7:30 - 7:32ඊට පස්සේ, -- මේක තමයි මූලිකම දෙය --
-
7:32 - 7:36අපි අපගේ ප්‍රමුඛතාවලට සලකන්නේ
අර කැඩුණු වතුර හීටරය හා සමානවමයි, -
7:36 - 7:39ඒවා අපේ කාලසටහනේ මුලටම දාගෙන.
-
7:40 - 7:45අපි මේවා කරන්නේ ඉදිරි සති දිහා බලලා.
-
7:45 - 7:48සිකුරාදා දවසේ හවසට තමයි මේක
කරන්න හොඳම වෙලාව මට. -
7:49 - 7:51සිකුරාදා හවස තමයි ආර්ථික
විද්යාඥයෙක් විග්‍රහ කරන්නේ, -
7:51 - 7:54අඩුම ආවස්ථාක පිරිවැය
තියෙන කාලය ලෙස. -
7:55 - 7:58අපි හුඟක් අය සිකුරාදා
හවසට ඉඳගෙන කියන්නේ නෑ, -
7:58 - 8:00"මම නොඉවසිලිමත්ව බලාගෙන
සිටින්නේ ප්‍රගතියක් අත්කරගන්න," -
8:00 - 8:02"මගේ පෞද්ගලික සහ වෘත්තියමය
ප්‍රමුඛතා කෙරෙහි " -
8:02 - 8:03"මේ දැන්මම."
-
8:03 - 8:04(සිනහව)
-
8:04 - 8:07ඒත් අපි කැමතියි හිතන්න
ඒවා මොනවා විය යුතුදැයි. -
8:07 - 8:09ඉතින් සිකුරාදා හවසට පුංචි
වෙලාවක් වෙන්කරගන්න, -
8:09 - 8:15ඔබ වෙනුවෙන් හදාගන්න කොටස් 3ක ප්‍රමුඛතා
ලැයිස්තුවක්: රැකියාව, සම්බන්ධතා, තමන්. -
8:16 - 8:20කොටස් 3ක ලැයිස්තුවක් අපිට
මතක් කරලා දෙනවා, -
8:20 - 8:23කොටස් තුනේම මොනවහරි
දෙයක් තියෙන්න ඕනේ කියලා. -
8:23 - 8:24රැකියාව, අපි හිතනවා:
-
8:24 - 8:26සම්බන්ධතා, තමන් --
-
8:26 - 8:27වැඩිය දෙයක් නෑ.
-
8:27 - 8:29එත් කොහොමහරි, පුංචි ලැයිස්තුවක්,
-
8:29 - 8:31එකක අයිතම 2ක් හෝ 3ක්.
-
8:31 - 8:33දැන් ඊළඟ සතිය පුරාවටම බලලා,
-
8:33 - 8:35හිතන්න මේවා සැලසුම්කරන්නේ
කොයි වේලාවන් වලටද කියලා. -
8:36 - 8:38කොතනටද ඒවා ඇතුලත් කරන්නේ
කියන එක ඔබේ වැඩක්. -
8:38 - 8:42මම දන්නවා, මේක සමහර අයටනම්
සංකීර්ණ දෙයක් වේවි අනිත් අයට වඩා. -
8:42 - 8:45මම කිවුවේ, සමහර මිනිසුන්ගේ ජීවිත
අනිත් අයට වඩා කටුකයි. -
8:46 - 8:49අර කවි පන්තියට යන්න වෙලාව
හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ, -
8:49 - 8:52ඔබ තනියම ළමයි ගොඩක්
බලාගන්නවානම්. -
8:52 - 8:53මට තේරෙනවා ඒක.
-
8:53 - 8:55මට ඕනේ නැහැ කාගෙවත්
අරගලය අවම කරන්න. -
8:55 - 9:00ඒත් මම හිතනවා, ඔබට මම කියන්න යන
ඉලක්කම් සවිබලයක් දේවි කියලා. -
9:01 - 9:05සතියකට පැය 168ක් තියෙනවා.
-
9:06 - 9:1124 වරක් 7, පැය 168යි.
-
9:11 - 9:14ඒ නම් සැහෙන ලොකු කාලයක්.
-
9:15 - 9:18ඔබ පුර්ණ කාලීන රැකියාවක නිරත
වෙනවා නම් සතියකට පැය 40යි, -
9:18 - 9:21එක් රැයකට පැය 8ක් නිදාගෙන,
සතියට පැය 56යි -- -
9:21 - 9:24එතකොට වෙනත් දේවල් සඳහා
පැය 72ක් ඉතුරුයි, -
9:25 - 9:27ඒ නම් සැහෙන ලොකු කාලයක්.
-
9:27 - 9:29ඔබ කියනවා ඔබ සතියකට පැය 50ක්
වැඩ කරනවා කියලා, -
9:29 - 9:31සමහරවිට ප්‍රධාන රැකියාවක්
සහ තවත් අමතර වැඩක්, -
9:31 - 9:33එතකොට අනෙත් වැඩ වලට
පැය 62ක් ඉතුරුයි. -
9:33 - 9:35ඔබ කියනවා ඔබ පැය 60ක්
වැඩ කරනවා කියලා. -
9:35 - 9:38එතකොට අනෙත් වැඩ වලට
පැය 52ක් ඉතුරුයි. -
9:38 - 9:40ඔබ කියනවා ඔබ පැය 60කට
වඩා වැඩ කරනවා කියලා. -
9:40 - 9:41ඔබට හොඳටම විශ්වාසද?
-
9:41 - 9:43(සිනහව)
-
9:43 - 9:46එක අධ්‍යයනයක් තිබුනා මිනිසුන්ගේ
ඇස්තමේන්තු කල වැඩ සතිය පිළිබඳව, -
9:46 - 9:47වේලා දිනපොත් සමඟ.
-
9:47 - 9:50ඔවුන්ට හමුවුනා පැය 75කට වඩා
වැඩි වැඩ සති ගැන කියා තිබුන මිනිසුන්. -
9:50 - 9:52පැය 25කින් වගේ වැඩියි.
-
9:52 - 9:54(සිනහව)
-
9:54 - 9:56ඔබට හිතාගන්න පුළුවන් කොයි
දිශාවටද කියල නේද? -
9:58 - 10:00කොහොමවුනත්, සතියකට පැය 168කදි,
-
10:00 - 10:03මම හිතනවා ඔබට වැදගත්වන දේවල්වලට
වෙලාව හොයාගන්න පුළුවන් කියලා. -
10:03 - 10:05ඔබේ දරුවන් සමග වැඩිපුර වෙලා
ගතකරන්න ඕනේ නම්, -
10:05 - 10:07ඔබ කරන විභාගයකට වැඩිපුර
පාඩම් කරන්න ඕනේ නම්, -
10:07 - 10:11ඔබට පැය 3ක් ව්‍යායාම කරලා පැය 2ක්
ස්වෙච්චා සේවය කරන්න ඕනේ නම්, -
10:11 - 10:12ඔබට පුළුවන්.
-
10:12 - 10:16ඒ, ඔබ පුර්ණ කාලීන වැඩ පැය
ගණනට වඩා වැඩ කරා වුනත්. -
10:16 - 10:18ඉතින් අපිට හුඟක් වෙලාව
තියෙනවා. ඒක ඉතා හොඳයි. -
10:18 - 10:19හේතුව අනුමාන කරන්න පුළුවන්ද?
-
10:19 - 10:22අපිට ඒ තරම්වත් වෙලාව ඕනේ නෑ
අරුම පුදුම දේවල් කරන්න. -
10:22 - 10:25ඒත් අපි හුඟක් දෙනෙක්ට පොඩි පොඩි
වෙලාවල් තියෙනකොට අපි මොනවද කරන්නේ? -
10:26 - 10:27ෆෝන් එක එලියට ගන්නවා නේද?
-
10:28 - 10:30ඊමෙල් පණිවිඩ මකා දමන්න පටන්ගන්නවා.
-
10:30 - 10:32නැත්තන් අපි ගේ වටේ යමින් හෝ
-
10:32 - 10:34රූපවාහිනිය නරඹමින් ඉන්නවා.
-
10:34 - 10:37ඒත් පොඩි පොඩි වෙලාවල්වලට
ලොකු බලයක් තියෙනවා. -
10:38 - 10:40ඔබට පුළුවන් ඔබගේ පුංචි පුංචි වෙලාවන්,
-
10:40 - 10:42පුංචි සතුටක් ලබන්න පාවිච්චි කරන්න.
-
10:43 - 10:46සමහරවිට ඒ බස් එකේ වැඩට යන
අතරමඟ ලස්සන දෙයක් කියවන්න -
10:46 - 10:47තීරණය කිරීම වෙන්න පුළුවන්.
-
10:47 - 10:50මට මතකයි මට රැකියාවක්
තිබුනා හැම උදේම බස් 2ක -
10:50 - 10:51සහ උමං මාර්ගයක යන්න සිද්ධවුනු.
-
10:51 - 10:54මම සතිඅන්තයේදී පුස්තකාලයට
ගිහින් පොත් ගත්තා කියවන්න, -
10:54 - 10:59ඒකෙන් සම්පුර්ණ අත්දැකීමම හුඟාක්
විනෝදජනක එකක් වුණා. -
11:00 - 11:03රැකියාවේදී හම්බවෙන පුංචි විවේකයන් භාවනා
කරන්නත් යාච්ඤා කරන්නත් යොදාගන්න පුළුවන්. -
11:03 - 11:07ඔබගේ කාර්යබහුල වැඩ කාලසටහන නිසා
පවුලත් සමඟ ගන්න රැ කෑමවෙල මඟ හැරෙනවානම්, -
11:07 - 11:09පවුලේ උදැසන ආහාර වෙල
හොඳ ආදේශකයක් වේවි. -
11:10 - 11:13මේක තමයි එක්කෙනෙකුගේ
සම්පුර්ණ කාලය දිහා බලලා, -
11:13 - 11:15හොඳ දේවල් දාගන්න පුළුවන්
කොහාටද කියලා දකින එක. -
11:17 - 11:18මම ඇත්තටම ඒක විශ්වාස කරනවා.
-
11:19 - 11:22කාලය තියෙනවා.
-
11:23 - 11:25අපි කාර්යබහුල වුනත්,
-
11:25 - 11:27වැදගත් දේවල් වෙනුවෙන්
අපිට කාලය තියෙනවා. -
11:28 - 11:30අපි වැදගත් දේ ගැන අවධානය යොමු කරහම,
-
11:30 - 11:32අපිට අවශ්‍ය ජීවිතය අපිට ලබාගන්න පුළුවන්,
-
11:33 - 11:34අපිට ලැබිලා තියෙන කාලය ඇතුලත.
-
11:35 - 11:36ස්තුතියි.
-
11:36 - 11:41(අත්පොලසන්)
- Title:
- තමන්ගේ විවේක කාලයේ පාලනය අතට ගන්නේ කොහොමද?
- Speaker:
- ලෝරා වැන්ඩර්කැම
- Description:
-
හැම සතියකම පැය 168ක් තියෙනවා. වඩාත්ම වැදගත් දේ වෙනුවෙන් අපි වෙලාව හොයාගන්නේ කොහොමද? කාල කළමනාකරණ විශේෂඥ ලෝරා වැන්ඩර්කැම අධ්‍යනය කරනවා කොහොමද කාර්යබහුල මිනිසුන් තමන්ගේ ජීවිත ගතකරන්නේ කියලා. ඇය සොයාගෙන තිබෙනවා අපි බොහෝදෙනා, අපේ සතියේ කැපවීම් ඉතා දැඩි ලෙස අධිතක්සේරු කරනවා කියලා, අපිට ලැබී තිබෙන කාලය අවතක්සේරු කරලා. ඇය කියාදෙනවා, ප්‍රායෝගික උපායයන් කිහිපයක්, අපිට වැදගත් වන දේ වෙනුවෙන් වැඩිපුර කාලය සොයාගැනීමට. එවිට අපිට හැකියි, අපිට තිබෙන කාලය තුල අපිට අවශ්‍ය ලෝකය තනාගන්නට.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 11:54
Dulini Mudunkotuwa approved Sinhala subtitles for How to gain control of your free time | ||
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for How to gain control of your free time | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time | ||
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time |