WEBVTT 00:00:00.902 --> 00:00:03.500 මිනිස්සු දැනගත්තහම මම කාලය කළමනාකරණය ගැන ලියනවා කියලා, 00:00:04.588 --> 00:00:06.263 ඒ අය දේවල් දෙකක් හිතාගන්නවා. 00:00:07.564 --> 00:00:10.548 එකක් තමයි, මම හැමවිටම වෙලාවට වැඩ කරනවා කියන එක. 00:00:11.747 --> 00:00:12.984 මම ඇත්තටම එහෙම නෑ. 00:00:13.525 --> 00:00:14.870 මට පුංචි ළමයි 4ක් ඉන්නවා. 00:00:14.894 --> 00:00:17.710 මට අහම්බෙන් සිදුවන නොසැලකිලිමත්කම් ගැන ඒගොල්ලන්ට වැරැද්ද පටවන්න මම කැමතියි. 00:00:17.734 --> 00:00:19.842 ඒත් සමහර වෙලාවට ඒක ඇත්තටම ඒගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි. 00:00:20.365 --> 00:00:23.112 මම එක වතාවක් පරක්කු වුනා කාලය කළමනාකරණය ගැන මගේම දේශනයකට. NOTE Paragraph 00:00:23.136 --> 00:00:24.176 (සිනහව) NOTE Paragraph 00:00:24.200 --> 00:00:27.773 අපි හැමෝටම එකතුවෙලා, ඒ හාස්‍යයට කරුණ විඳින්න සිද්ධවුණා. NOTE Paragraph 00:00:28.972 --> 00:00:32.191 ඔවුන් හිතන දෙවෙනි දේ තමයි, මට ගොඩක් ඉඟි සහ උපක්‍රම තියෙනවා කියලා, 00:00:32.215 --> 00:00:34.108 එක එක පුංචි තැන්වලින් කාලය ඉතුරු කරගන්න. 00:00:34.132 --> 00:00:37.846 සමහර වෙලාවට මම සඟරාවල දකිනවා, මේ කරුණු ගැන කතාකරනවා, 00:00:37.870 --> 00:00:41.197 තමන්ගේ පාඨකයන්ට සාමාන්‍යයෙන් දවසේ අමතර පැයක් හොයාගන්නේ කොහොමද කියලා. 00:00:41.221 --> 00:00:44.507 ඒකෙ අදහස තමයි අපි අපේ දෛනික ක්‍රියාවලින් පුංචි පුංචි කාලයන් ඉතුරු කරගෙන 00:00:44.531 --> 00:00:45.708 ඒවා එකතු කරහම, 00:00:45.732 --> 00:00:47.266 අපිට වෙනත් හොඳ දේවල් කරන්න කාලය තියෙනවා. 00:00:47.430 --> 00:00:51.464 මම මෙහි සම්පුර්ණ තර්කය ගැන ප්‍රශ්න කරනවා, ඒත් මම හැම වෙලාවේම උනන්දු වෙනවා, 00:00:51.518 --> 00:00:53.521 ඔවුන් හොයාගත්ත දේවල් අහන්න, ඒගොල්ලෝ මට කතාකරන්න කලින්. 00:00:53.555 --> 00:00:54.707 මගේ ප්‍රියතම දේවල් සමහරක්: 00:00:55.411 --> 00:00:58.317 දකුණු පසට හැරීම් පමණක් කරමින් පණිවිඩ ගෙනයාම, NOTE Paragraph 00:00:58.317 --> 00:00:59.345 (සිනහව) NOTE Paragraph 00:00:59.853 --> 00:01:01.999 මයික්‍රෝවේව් භාවිතයේදී ඉතා බුද්ධිමත් වීම: 00:01:02.023 --> 00:01:03.986 ඒකෙ කියන්නේ, පැකේජයට මිනිත්තු 3 සිට 3 1/2ක්, 00:01:03.986 --> 00:01:06.072 මිනිත්තු 1/2ක් ඉතුරු කරගැනීමෙන් ඉදිරියේදී ලොකු වාසියක් ලැබෙයි කියලා. 00:01:06.072 --> 00:01:08.811 ඒවගේම මම පුද්ගලිකවම ආසා කරන, තේරුමක් තියෙන දෙයක් තමයි, 00:01:08.903 --> 00:01:12.655 ඔබ ආසා කරන රුපවාහිනී වැඩසටහන් පටිගතකර තියාගෙන, වෙළඳ දැන්වීම් මගහැර නැරඹීම. 00:01:12.739 --> 00:01:15.031 එකෙන් හැම පැය 1/2කටම මිනිත්තු 8ක් ඉතිරි කරගන්න පුළුවන්. 00:01:15.141 --> 00:01:17.238 ඉතින් රුපවාහිනිය නරඹන පැය 2ක කාලයක් ඇතුලත, 00:01:17.316 --> 00:01:18.859 ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් ඔබට ලැබෙනවා. NOTE Paragraph 00:01:18.859 --> 00:01:19.875 (සිනහව) NOTE Paragraph 00:01:20.703 --> 00:01:21.988 ඒක ඇත්ත. 00:01:22.587 --> 00:01:25.208 ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් හොයාගන්න වෙන විදිහක් දන්නවද ඔබ? 00:01:25.629 --> 00:01:27.961 දවසට පැය 2ක් රුපවාහිනිය නරඹන්න එපා, නේද? NOTE Paragraph 00:01:27.985 --> 00:01:29.001 (සිනහව) NOTE Paragraph 00:01:29.025 --> 00:01:32.499 කොහොමහරි, අදහස තමයි, අපි කාලය කුඩා ප්‍රමාණවලින් ඉතිරි කරගෙන, ඒවා එකතුකර, 00:01:32.523 --> 00:01:34.807 අපිට අවසානයේ අපට උවමනා දෙයට ළඟාවෙන්න පුළුවන්. 00:01:34.831 --> 00:01:37.743 ඒත් සාර්ථක වුණු මිනිසුන් තම කාලය වැය කරන්නේ කොහොමද කියලා අධ්‍යනය කල පසු, 00:01:37.767 --> 00:01:40.404 පැයෙන් පැය ඔවුන්ගේ කාලසටහන බැලීමෙන්, 00:01:40.428 --> 00:01:43.724 මට හිතෙන්නේ, මේ අදහසේ පසුගාමිත්වයක් තියෙනවා කියලා. 00:01:44.305 --> 00:01:47.947 කාලය ඉතුරු කළා කියලා, අපි කැමති ජීවිත ගොඩනඟා ගන්න බැහැ. 00:01:48.566 --> 00:01:50.126 අපි කැමති ජීවිත අපි ගොඩනගාගන්නවා, 00:01:50.636 --> 00:01:53.603 එවිට කාලය තමන්ව ඉතිරි කරගනීවි. NOTE Paragraph 00:01:55.194 --> 00:01:56.345 මේකයි මම අදහස් කලේ. 00:01:56.369 --> 00:01:58.063 මම ලඟදි වේලා සටහන් දිනපොත් ව්‍යාපෘතියක් කළා, 00:01:58.087 --> 00:02:02.291 ඉතා කාර්යබහුල කාන්තාවන්ගේ ජීවිතයේ දින 1,001ක් බලමින්. 00:02:02.315 --> 00:02:04.959 ඔවුන්ට තිබුනේ හොඳ ඉල්ලුමක් තිබුණු රැකියා, සමහර වෙලාවට ඔවුන්ගේම ව්‍යාපාර, 00:02:04.983 --> 00:02:07.118 රැකබලාගන්න ළමයි වගේම දෙමාපියන්. 00:02:07.142 --> 00:02:08.472 සමාජයීය වගකීම් -- 00:02:08.496 --> 00:02:10.309 හරිම කාර්යබහුල මිනිස්සු. 00:02:10.799 --> 00:02:13.006 මම ඔවුන්ට කිවුවා සතියක් වෙලාව සටහන් කරන්න කියලා. 00:02:13.030 --> 00:02:15.343 එවිට මට පුළුවන් ඔවුන් වැඩ කරන සහ නිදාගන්න වේලාවන් එකතුකරන්න. 00:02:15.367 --> 00:02:18.176 මම ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකට යොමුකලා ඔවුන්ගේ උපායන් දැනගන්න මගේ පොත වෙනුවෙන්. NOTE Paragraph 00:02:18.200 --> 00:02:20.189 මම වේලා සටහන් පරීක්ෂා කළ එක කාන්තාවක් 00:02:20.213 --> 00:02:22.276 කුමක්හරි දෙයක් වෙනුවෙන් බදාදා රෑ එලියට යනවා. 00:02:22.300 --> 00:02:24.929 ඇය ගෙදර ආවිට දැනගන්නවා ඇගේ වතුර හීටරය කැඩිලා කියලා. 00:02:24.953 --> 00:02:27.589 දැන් ඇගේ බිම් මහල පුරාම වතුර. 00:02:28.380 --> 00:02:30.834 මේ වගේ දෙයක් ඔබට සිදුවුනානම්, 00:02:30.858 --> 00:02:33.738 ඔබ දන්නවා එය ඉතා විනාශකාරී, භයානක, හිත කඩා වැටෙන අවුල් ජාලයක් කියලා. 00:02:33.762 --> 00:02:36.472 ඉතින් ඇය එදා රෑ, ඒ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටියා. 00:02:36.496 --> 00:02:38.373 ඊළඟ දවසේ ඇය ජලනල කාර්මිකයන් ගෙන්වූවා. 00:02:38.397 --> 00:02:41.397 ඊළඟ දවසේ, වෘතීය මට්ටමේ පිරිසිදුකරන්නන් විනාශවුණු කාපට් එක පිළිසකර කළා. 00:02:41.397 --> 00:02:43.463 මේ හැමදෙයක්ම ඇගේ වේලා සටහනේ තිබුනා. 00:02:43.463 --> 00:02:45.763 ඇයගේ සතියෙන් පැය 7ක් ඒ වෙනුවෙන් වැය වෙලා තිබුනා. 00:02:47.191 --> 00:02:48.473 පැය 7ක්. 00:02:49.179 --> 00:02:51.981 ඒක හරියට දවසට එක පැයක් වැඩිපුර හොයාගන්නවා වගේ. NOTE Paragraph 00:02:52.834 --> 00:02:55.628 ඒත් මට විශ්වාසයි ඔබ ඇයගෙන් සති මුලදී ඇහුවානම්, 00:02:55.652 --> 00:02:58.870 "මලල ක්‍රීඩා තරඟාවලියක් සඳහා පුහුණුවෙන්න ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" 00:02:59.893 --> 00:03:03.698 "වටිනා පුද්ගලයින් 7 දෙනෙක්ට උපදේශන දෙන්න ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" 00:03:03.722 --> 00:03:06.413 මට විශ්වාසයි ඇය කියයි අපි හැමෝම වගේ කියන දේ. 00:03:06.437 --> 00:03:10.881 ඒ තමයි, "බැහැ, ඔබට පේන්නේ නැද්ද මට කොච්චර වැඩ තියෙනවාද කියලා?" 00:03:11.521 --> 00:03:13.318 ඒත් ඇයට පැය 7ක් හොයාගන්න සිද්ධ උනහම, 00:03:13.342 --> 00:03:16.141 මොකද ඇයගේ බිම් මහල පුරා වතුර තියෙනකොට, 00:03:16.165 --> 00:03:18.675 ඇය පැය 7ක් හොයාගත්තා. 00:03:19.055 --> 00:03:23.206 මේකෙන් අපිට පේන්නේ කාලය හුඟක් නම්‍යශීලියි කියලයි. 00:03:23.594 --> 00:03:25.637 අපිට කාලය වැඩිපුර හදන්න බෑ. 00:03:25.661 --> 00:03:29.840 ඒත් කාලය ඇදෙනවා අපි ඒ තුලට දාන්න තෝරාගත් දේට නවාතැන් දීම සඳහා. NOTE Paragraph 00:03:30.366 --> 00:03:32.933 ඉතින් කාලය කළමනාකරණයට මූලය තමයි, 00:03:33.541 --> 00:03:35.776 අපේ ප්‍රමුඛතාවලට තැනක් දෙන එක, 00:03:35.800 --> 00:03:38.847 කැඩුණු වතුර හීටරයට සමානවම. 00:03:40.162 --> 00:03:41.312 මේ සඳහා, 00:03:41.336 --> 00:03:44.781 මම කැමතියි මම සම්මුඛ සාකච්චාවක් තිබ්බ කාර්යබහුලම පුද්ගලයෙකුගේ භාෂාව තෝරාගන්න. 00:03:44.805 --> 00:03:47.093 කාර්යබහුලයි කියලා මම අදහස් කලේ ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා, 00:03:47.093 --> 00:03:48.265 වැටුප් ලබන මිනිසුන් 12ක් සමඟ, 00:03:48.381 --> 00:03:49.553 ඇයගේ විවේක කාලයේදී බලාගන්න ළමුන් 6ක් හිට්යා. 00:03:50.657 --> 00:03:53.275 මම ඇය සමඟ සම්බන්ද වුනා සම්මුඛ සාකච්චාව සුදානම් කිරීම සඳහා, 00:03:53.299 --> 00:03:55.795 ඇය හැමදේම කරගන්නේ කියලා බලන්න. 00:03:55.819 --> 00:03:57.628 මට මතකයි, එදා බ්‍රහස්පතින්දා උදේ. 00:03:57.652 --> 00:03:59.659 ඇය මාත් සමඟ කතාකරන්න හිටියේ නැහැ. 00:03:59.683 --> 00:04:00.839 ඇත්තෙන්ම, නේද? NOTE Paragraph 00:04:00.863 --> 00:04:03.282 මාත් එක්ක කතාකරන්න ඇය හිටියේ නැති හේතුව තමයි, 00:04:03.306 --> 00:04:05.246 ඇය එලියට ගිහින් හිටියේ දිගු චාරිකාවක් සඳහා, 00:04:05.270 --> 00:04:07.308 මොකද එය ලස්සන වසන්තයේ උදෑසනක් නිසා. 00:04:07.332 --> 00:04:08.895 ඇයට චාරිකාවක් යන්න ඕනේ වුනා. 00:04:08.919 --> 00:04:11.256 මෙය මාව තවත් කුතුහලයට ලක් කළා, 00:04:11.280 --> 00:04:14.456 අන්තිමේදී මම ඇයව මුණගැහුණු වෙලාවේ, ඇය මට විස්තර කලේ මෙහෙමයි. 00:04:14.480 --> 00:04:16.747 ඇය කියනවා, "ලෝරා, අහන්න, මම කරන හැම දේම," 00:04:17.592 --> 00:04:21.205 "මම ගෙවන හැම මිනිත්තුවක්ම, මගේ තේරීමක්." 00:04:21.830 --> 00:04:22.981 ඉතින් මෙහෙම කියනවට වඩා, ඒ කියන්නේ, 00:04:23.005 --> 00:04:25.434 "මට x, y සහ z කරන්න වෙලාවක් නැහැ." 00:04:25.893 --> 00:04:31.007 ඇය කියයි, "මම x, y හෝ z කරන්නේ නැහැ, මොකද ඒක මගේ ප්‍රමුඛතාවය නොවන නිසා." 00:04:31.709 --> 00:04:36.077 "මට වෙලාව නෑ" හැමවිටම වගේ අදහස් කරන්නේ, "එය ප්‍රමුඛතාවයක් නොවෙයි" කියන ඒක. 00:04:37.075 --> 00:04:39.963 ඔබ ඒ ගැන හිතුවොත් එය වඩා ගැලපෙන භාෂාවයි. 00:04:39.987 --> 00:04:42.551 මට ඔබට කියන්න පුළුවන් මගේ ආවරණ පිසදමන්න මට වෙලාවක් නෑ කියලා. 00:04:42.575 --> 00:04:43.744 ඒත් ඒක ඇත්ත නෙමෙයි. 00:04:43.768 --> 00:04:46.208 මගේ ආවරණ පිසදමන්න ඔබ මට ඩොලර් ලක්ෂයක් දුන්නොත්, 00:04:46.232 --> 00:04:47.832 මම ඒක කරාවි බොහොම ඉක්මනට. NOTE Paragraph 00:04:47.856 --> 00:04:48.872 (සිනහව) NOTE Paragraph 00:04:48.896 --> 00:04:50.531 ඒක සිද්ධ වෙන්නේ නැති නිසා, 00:04:50.555 --> 00:04:53.159 මට පිළිගන්න වෙනවා, මේ වෙලාව නැතිකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි, 00:04:53.183 --> 00:04:54.784 ඇත්තටම මට එය කරන්න උවමනාවක් නෑ කියලා. 00:04:54.808 --> 00:04:58.194 මේ භාෂාව අපිට මතක් කරනවා, වෙලාව කියන්නේ අපේ තෝරාගැනීමක් කියලා. 00:04:58.218 --> 00:04:59.391 එය ලබාදුන්විට, 00:04:59.415 --> 00:05:02.447 විවිධ තෝරාගැනීම් කිරීමේ භයානක ප්‍රතිවිපාක ඇතිවිය හැකියි. 00:05:02.471 --> 00:05:03.677 මම ඔබට එය දෙන්නම්. 00:05:03.701 --> 00:05:05.323 ඒත් අපි බුද්ධිමත් මිනිස්සු, 00:05:05.347 --> 00:05:07.205 අනිවාර්යයෙන්ම දීර්ගකාලීනව, 00:05:07.229 --> 00:05:09.229 අපේ ජීවිත පරිපුර්ණ කරගන්න ශක්තිය අපිට තියෙනවා, 00:05:09.253 --> 00:05:11.929 පවතින්නට සුදුසු දේවල් එක්ක. NOTE Paragraph 00:05:13.204 --> 00:05:14.492 ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? 00:05:15.127 --> 00:05:16.559 අපි කොහොමද අපේ ප්‍රමුඛතාවලට සංග්‍රහ කරන්නේ, 00:05:16.583 --> 00:05:18.914 අර කැඩුණු වතුර මෝටරයට සමානවම? NOTE Paragraph 00:05:19.531 --> 00:05:21.850 අපි මුලින්ම ඒ මොනවද කියලා අඳුරගන්න ඕනේ. 00:05:21.874 --> 00:05:24.628 මට ඔබට දෙන්න ඕනේ මේ ගැන හිතන්න උපායන් 2ක්. 00:05:24.652 --> 00:05:26.410 පළමු එක වෘතියමය පැත්තෙන්: 00:05:26.434 --> 00:05:28.945 මට විශ්වාසයි, අවුරුද්ද අවසානයට එන විට හුඟක් අය, 00:05:28.969 --> 00:05:31.292 වාර්ෂික සාධන සමාලෝචන දීම හෝ ගැනීම කරනවා. 00:05:31.316 --> 00:05:33.581 ඔබ පිටුපස හැරී බලනවා අවුරුද්ද පුරාවට ඔබේ සාර්ථකත්වයන් දිහා, 00:05:33.605 --> 00:05:35.650 ඔබේ වර්ධනය සඳහා තිබු අවස්ථාවන් දිහා. 00:05:35.674 --> 00:05:37.697 මෙයින් ඉටුවෙනවා එහි අරමුණ, 00:05:38.221 --> 00:05:41.151 ඒත්, මට හිතෙනවා, ඉදිරිය බලාගෙන මෙය කලානම් වඩා පලදායකයි කියලා. 00:05:41.175 --> 00:05:43.769 ඉතින් මම ඔබට කියනවා මේ ලබන වසරේ අවසානය කියලා හිතන්න. 00:05:44.326 --> 00:05:46.687 ඔබ ඔබටම සාධන සමාලෝචනයක් දෙනවා, 00:05:46.711 --> 00:05:51.227 ඒ වසර ඔබට වෘතියමය අතින් ඉතා යහපත් එකක්. 00:05:52.034 --> 00:05:57.821 එය එතරම් යහපත් එකක් කරන්න ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? 00:05:58.734 --> 00:06:02.534 ඉතින් ඔබට ලබන වසරේ සාධන සමාලෝචනය ලිවිය හැකියි දැන්. NOTE Paragraph 00:06:02.558 --> 00:06:04.805 ඔබට මෙය ඔබේ පෞද්ගලික ජීවිතය වෙනුවෙනුත් කරන්න පුළුවන්. 00:06:04.829 --> 00:06:07.458 මට විශ්වාසයි ඔබලාගෙන් හුඟ දෙනෙක්, මම වගේ, දෙසැම්බර් වල ඇවිත්. 00:06:07.482 --> 00:06:11.028 නවපු පාට කොල තියෙන කාඩ් අරගන්නවා, 00:06:11.491 --> 00:06:16.321 පවුලේ නිවාඩු ලිපිය කියල ලියපු ඒවා. NOTE Paragraph 00:06:16.345 --> 00:06:17.983 (සිනහව) NOTE Paragraph 00:06:18.007 --> 00:06:20.638 ඒක පොඩ්ඩක් අවාසනාවන්ත සාහිත්‍ය වර්ගයක්, ඇත්තටම, 00:06:20.662 --> 00:06:23.946 ගෙදර ඉන්න හැමෝම කොයිතරම් අරුම පුදුමද කියලා කියවනවා. 00:06:23.970 --> 00:06:25.257 නැත්තන් ඊටත් වඩා දක්ෂ විදිහට, 00:06:25.281 --> 00:06:27.456 ගෙදර හැමෝම කොච්චර කාර්යබහුලද කියලා. 00:06:27.815 --> 00:06:29.464 ඒත් මේ ලිපිවල අරමුණක් තියෙනවා, 00:06:29.488 --> 00:06:31.695 මොකද ඒවා ඔබගේ යහළුවන්ට සහ පවුලේ අයට කියනවා, 00:06:31.719 --> 00:06:34.594 මේ වසර පුරා ඔබගේ පෞද්ගලික ජීවිතයේ ඔබ කළ වැදගත් දේවල් මොනවද කියලා. 00:06:34.594 --> 00:06:35.978 ඉතින් මේ වසර බොහෝ දුරට අවසානයි, 00:06:36.086 --> 00:06:38.536 ඒත් මට ඕනේ ඔබ හිතන්න මේ ලබන වසරේ අවසානය කියලා, 00:06:38.950 --> 00:06:41.704 සහ එය ඉතා සාර්ථක වසරක් වුනා කියලා, 00:06:42.172 --> 00:06:44.825 ඔබටයි, ඔබ රැක බලාගන්නා අනෙක් අයටයි. 00:06:45.391 --> 00:06:50.094 එය මෙතරම් සාර්ථක කරගන්න ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? 00:06:50.839 --> 00:06:54.980 ඉතින් ඔබට ලබන වසරේ පවුල් නිවාඩු ලිපිය ලියන්න පුළුවන්. 00:06:55.789 --> 00:06:56.982 ඒත් එය තැපැල් කරන්න එපා. NOTE Paragraph 00:06:57.006 --> 00:06:58.022 (සිනහව) NOTE Paragraph 00:06:58.046 --> 00:07:00.684 කරුණාකරලා ඒක යවන්න එපා. 00:07:01.049 --> 00:07:02.439 ඒත් ඔබට එය ලියන්න පුළුවන්. 00:07:02.463 --> 00:07:06.177 දැන් සාධන සමාලෝචනය සහ පවුල් නිවාඩු ලිපිය අතර, 00:07:06.201 --> 00:07:09.438 අපිට තියෙනවා ලබන වසරේ අත්කරගන්න තියෙන ඉලක්ක 6ක සිට 10ක් දක්වා වූ ලැයිස්තුවක්. NOTE Paragraph 00:07:09.462 --> 00:07:12.261 දැන් අපි මේවා කළ හැකි කොටස් වලට බෙදාගන්න ඕනේ. 00:07:12.285 --> 00:07:14.493 ඔබට ඕනේ ඇති පවුලේ ඉතිහාසය ලියන්න. 00:07:14.517 --> 00:07:16.770 මුලින්ම ඔබට වෙනත් පවුල් ඉතිහාසයන් කියවන්න පුළුවන්, 00:07:16.794 --> 00:07:18.056 ඒවා ලියන ආකාරය ගැන අදහසක් ගන්න. 00:07:18.080 --> 00:07:21.287 ඊළඟට හිතන්න ඔබේ ඥාතීන්ගෙන් ඔබ අහන්න කැමති ප්‍රශ්න ගැන. 00:07:21.311 --> 00:07:23.160 ඔවුන්ව සම්මුඛ සාකච්චාවකට ගන්න වෙලාව වෙන්කරගන්න. 00:07:23.184 --> 00:07:24.645 එහෙම නැත්තන් ඔබට 5000m දුවන්න ඕන ඇති. 00:07:24.669 --> 00:07:27.830 ඔබට සිදුවෙනවා තරඟයක් හොයලා ලියාපදිංචි වෙන්න, පුහුණුවීම් සැලැස්මක් හදන්න, 00:07:27.854 --> 00:07:30.227 අල්මාරිය පිටුපසින් අර සපත්තු 2ක එලියට ගන්න. 00:07:30.251 --> 00:07:32.193 ඊට පස්සේ, -- මේක තමයි මූලිකම දෙය -- 00:07:32.217 --> 00:07:36.312 අපි අපගේ ප්‍රමුඛතාවලට සලකන්නේ අර කැඩුණු වතුර හීටරය හා සමානවමයි, 00:07:36.336 --> 00:07:39.335 ඒවා අපේ කාලසටහනේ මුලටම දාගෙන. 00:07:39.879 --> 00:07:44.639 අපි මේවා කරන්නේ ඉදිරි සති දිහා බලලා. NOTE Paragraph 00:07:44.663 --> 00:07:48.347 සිකුරාදා දවසේ හවසට තමයි මේක කරන්න හොඳම වෙලාව මට. 00:07:48.885 --> 00:07:51.433 සිකුරාදා හවස තමයි ආර්ථික විද්යාඥයෙක් විග්‍රහ කරන්නේ, 00:07:51.457 --> 00:07:53.994 අඩුම ආවස්ථාක පිරිවැය තියෙන කාලය ලෙස. 00:07:54.764 --> 00:07:57.664 අපි හුඟක් අය සිකුරාදා හවසට ඉඳගෙන කියන්නේ නෑ, 00:07:57.688 --> 00:07:59.567 "මම නොඉවසිලිමත්ව බලාගෙන සිටින්නේ ප්‍රගතියක් අත්කරගන්න," 00:07:59.591 --> 00:08:01.887 "මගේ පෞද්ගලික සහ වෘත්තියමය ප්‍රමුඛතා කෙරෙහි " 00:08:01.911 --> 00:08:03.065 "මේ දැන්මම." NOTE Paragraph 00:08:03.089 --> 00:08:04.105 (සිනහව) NOTE Paragraph 00:08:04.129 --> 00:08:06.746 ඒත් අපි කැමතියි හිතන්න ඒවා මොනවා විය යුතුදැයි. 00:08:06.770 --> 00:08:08.975 ඉතින් සිකුරාදා හවසට පුංචි වෙලාවක් වෙන්කරගන්න, 00:08:08.999 --> 00:08:15.189 ඔබ වෙනුවෙන් හදාගන්න කොටස් 3ක ප්‍රමුඛතා ලැයිස්තුවක්: රැකියාව, සම්බන්ධතා, තමන්. 00:08:16.382 --> 00:08:19.580 කොටස් 3ක ලැයිස්තුවක් අපිට මතක් කරලා දෙනවා, 00:08:19.604 --> 00:08:23.094 කොටස් තුනේම මොනවහරි දෙයක් තියෙන්න ඕනේ කියලා. 00:08:23.118 --> 00:08:24.374 රැකියාව, අපි හිතනවා: 00:08:24.398 --> 00:08:25.905 සම්බන්ධතා, තමන් -- 00:08:25.929 --> 00:08:27.248 වැඩිය දෙයක් නෑ. 00:08:27.272 --> 00:08:29.170 එත් කොහොමහරි, පුංචි ලැයිස්තුවක්, 00:08:29.194 --> 00:08:30.623 එකක අයිතම 2ක් හෝ 3ක්. 00:08:31.013 --> 00:08:33.394 දැන් ඊළඟ සතිය පුරාවටම බලලා, 00:08:33.418 --> 00:08:35.133 හිතන්න මේවා සැලසුම්කරන්නේ කොයි වේලාවන් වලටද කියලා. NOTE Paragraph 00:08:36.171 --> 00:08:38.181 කොතනටද ඒවා ඇතුලත් කරන්නේ කියන එක ඔබේ වැඩක්. 00:08:38.205 --> 00:08:41.667 මම දන්නවා, මේක සමහර අයටනම් සංකීර්ණ දෙයක් වේවි අනිත් අයට වඩා. 00:08:41.691 --> 00:08:45.213 මම කිවුවේ, සමහර මිනිසුන්ගේ ජීවිත අනිත් අයට වඩා කටුකයි. 00:08:45.674 --> 00:08:48.943 අර කවි පන්තියට යන්න වෙලාව හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ, 00:08:48.967 --> 00:08:51.697 ඔබ තනියම ළමයි ගොඩක් බලාගන්නවානම්. 00:08:52.058 --> 00:08:53.229 මට තේරෙනවා ඒක. 00:08:53.253 --> 00:08:55.460 මට ඕනේ නැහැ කාගෙවත් අරගලය අවම කරන්න. 00:08:55.484 --> 00:09:00.010 ඒත් මම හිතනවා, ඔබට මම කියන්න යන ඉලක්කම් සවිබලයක් දේවි කියලා. NOTE Paragraph 00:09:00.906 --> 00:09:04.913 සතියකට පැය 168ක් තියෙනවා. 00:09:05.962 --> 00:09:10.663 24 වරක් 7, පැය 168යි. 00:09:11.295 --> 00:09:14.028 ඒ නම් සැහෙන ලොකු කාලයක්. 00:09:14.627 --> 00:09:17.818 ඔබ පුර්ණ කාලීන රැකියාවක නිරත වෙනවා නම් සතියකට පැය 40යි, 00:09:17.842 --> 00:09:20.934 එක් රැයකට පැය 8ක් නිදාගෙන, සතියට පැය 56යි -- 00:09:20.958 --> 00:09:23.538 එතකොට වෙනත් දේවල් සඳහා පැය 72ක් ඉතුරුයි, 00:09:24.622 --> 00:09:26.529 ඒ නම් සැහෙන ලොකු කාලයක්. 00:09:26.956 --> 00:09:28.841 ඔබ කියනවා ඔබ සතියකට පැය 50ක් වැඩ කරනවා කියලා, 00:09:28.865 --> 00:09:30.811 සමහරවිට ප්‍රධාන රැකියාවක් සහ තවත් අමතර වැඩක්, 00:09:30.835 --> 00:09:33.305 එතකොට අනෙත් වැඩ වලට පැය 62ක් ඉතුරුයි. 00:09:33.329 --> 00:09:35.229 ඔබ කියනවා ඔබ පැය 60ක් වැඩ කරනවා කියලා. 00:09:35.253 --> 00:09:37.681 එතකොට අනෙත් වැඩ වලට පැය 52ක් ඉතුරුයි. 00:09:37.705 --> 00:09:39.747 ඔබ කියනවා ඔබ පැය 60කට වඩා වැඩ කරනවා කියලා. 00:09:39.771 --> 00:09:41.328 ඔබට හොඳටම විශ්වාසද? NOTE Paragraph 00:09:41.352 --> 00:09:43.086 (සිනහව) NOTE Paragraph 00:09:43.110 --> 00:09:46.016 එක අධ්‍යයනයක් තිබුනා මිනිසුන්ගේ ඇස්තමේන්තු කල වැඩ සතිය පිළිබඳව, 00:09:46.040 --> 00:09:47.435 වේලා දිනපොත් සමඟ. 00:09:47.459 --> 00:09:50.135 ඔවුන්ට හමුවුනා පැය 75කට වඩා වැඩි වැඩ සති ගැන කියා තිබුන මිනිසුන්. 00:09:50.159 --> 00:09:52.263 පැය 25කින් වගේ වැඩියි. NOTE Paragraph 00:09:52.287 --> 00:09:53.981 (සිනහව) NOTE Paragraph 00:09:54.005 --> 00:09:56.326 ඔබට හිතාගන්න පුළුවන් කොයි දිශාවටද කියල නේද? 00:09:57.567 --> 00:09:59.780 කොහොමවුනත්, සතියකට පැය 168කදි, 00:09:59.804 --> 00:10:02.768 මම හිතනවා ඔබට වැදගත්වන දේවල්වලට වෙලාව හොයාගන්න පුළුවන් කියලා. 00:10:02.792 --> 00:10:04.990 ඔබේ දරුවන් සමග වැඩිපුර වෙලා ගතකරන්න ඕනේ නම්, 00:10:05.014 --> 00:10:07.319 ඔබ කරන විභාගයකට වැඩිපුර පාඩම් කරන්න ඕනේ නම්, 00:10:07.343 --> 00:10:10.688 ඔබට පැය 3ක් ව්‍යායාම කරලා පැය 2ක් ස්වෙච්චා සේවය කරන්න ඕනේ නම්, 00:10:10.712 --> 00:10:11.866 ඔබට පුළුවන්. 00:10:11.890 --> 00:10:15.531 ඒ, ඔබ පුර්ණ කාලීන වැඩ පැය ගණනට වඩා වැඩ කරා වුනත්. NOTE Paragraph 00:10:15.885 --> 00:10:17.937 ඉතින් අපිට හුඟක් වෙලාව තියෙනවා. ඒක ඉතා හොඳයි. 00:10:17.961 --> 00:10:19.187 හේතුව අනුමාන කරන්න පුළුවන්ද? 00:10:19.211 --> 00:10:22.049 අපිට ඒ තරම්වත් වෙලාව ඕනේ නෑ අරුම පුදුම දේවල් කරන්න. 00:10:22.486 --> 00:10:25.233 ඒත් අපි හුඟක් දෙනෙක්ට පොඩි පොඩි වෙලාවල් තියෙනකොට අපි මොනවද කරන්නේ? 00:10:25.708 --> 00:10:27.359 ෆෝන් එක එලියට ගන්නවා නේද? 00:10:27.826 --> 00:10:29.995 ඊමෙල් පණිවිඩ මකා දමන්න පටන්ගන්නවා. 00:10:30.381 --> 00:10:32.468 නැත්තන් අපි ගේ වටේ යමින් හෝ 00:10:32.492 --> 00:10:33.752 රූපවාහිනිය නරඹමින් ඉන්නවා. NOTE Paragraph 00:10:34.114 --> 00:10:36.967 ඒත් පොඩි පොඩි වෙලාවල්වලට ලොකු බලයක් තියෙනවා. 00:10:37.657 --> 00:10:39.610 ඔබට පුළුවන් ඔබගේ පුංචි පුංචි වෙලාවන්, 00:10:40.094 --> 00:10:42.290 පුංචි සතුටක් ලබන්න පාවිච්චි කරන්න. 00:10:43.195 --> 00:10:46.064 සමහරවිට ඒ බස් එකේ වැඩට යන අතරමඟ ලස්සන දෙයක් කියවන්න 00:10:46.088 --> 00:10:47.452 තීරණය කිරීම වෙන්න පුළුවන්. 00:10:47.476 --> 00:10:49.875 මට මතකයි මට රැකියාවක් තිබුනා හැම උදේම බස් 2ක 00:10:49.899 --> 00:10:51.444 සහ උමං මාර්ගයක යන්න සිද්ධවුනු. 00:10:51.468 --> 00:10:54.371 මම සතිඅන්තයේදී පුස්තකාලයට ගිහින් පොත් ගත්තා කියවන්න, 00:10:54.395 --> 00:10:58.886 ඒකෙන් සම්පුර්ණ අත්දැකීමම හුඟාක් විනෝදජනක එකක් වුණා. 00:10:59.857 --> 00:11:03.044 රැකියාවේදී හම්බවෙන පුංචි විවේකයන් භාවනා කරන්නත් යාච්ඤා කරන්නත් යොදාගන්න පුළුවන්. 00:11:03.434 --> 00:11:06.628 ඔබගේ කාර්යබහුල වැඩ කාලසටහන නිසා පවුලත් සමඟ ගන්න රැ කෑමවෙල මඟ හැරෙනවානම්, 00:11:06.652 --> 00:11:09.401 පවුලේ උදැසන ආහාර වෙල හොඳ ආදේශකයක් වේවි. NOTE Paragraph 00:11:09.890 --> 00:11:13.020 මේක තමයි එක්කෙනෙකුගේ සම්පුර්ණ කාලය දිහා බලලා, 00:11:13.044 --> 00:11:15.177 හොඳ දේවල් දාගන්න පුළුවන් කොහාටද කියලා දකින එක. 00:11:16.504 --> 00:11:18.217 මම ඇත්තටම ඒක විශ්වාස කරනවා. 00:11:19.054 --> 00:11:21.755 කාලය තියෙනවා. 00:11:22.981 --> 00:11:24.633 අපි කාර්යබහුල වුනත්, 00:11:25.223 --> 00:11:26.962 වැදගත් දේවල් වෙනුවෙන් අපිට කාලය තියෙනවා. 00:11:27.752 --> 00:11:29.754 අපි වැදගත් දේ ගැන අවධානය යොමු කරහම, 00:11:30.312 --> 00:11:31.983 අපිට අවශ්‍ය ජීවිතය අපිට ලබාගන්න පුළුවන්, 00:11:32.765 --> 00:11:34.043 අපිට ලැබිලා තියෙන කාලය ඇතුලත. NOTE Paragraph 00:11:34.638 --> 00:11:35.793 ස්තුතියි. NOTE Paragraph 00:11:35.817 --> 00:11:40.941 (අත්පොලසන්)