1 00:00:00,902 --> 00:00:03,500 මිනිස්සු දැනගත්තහම මම කාලය කළමනාකරණය ගැන ලියනවා කියලා, 2 00:00:04,588 --> 00:00:06,263 ඒ අය දේවල් දෙකක් හිතාගන්නවා. 3 00:00:07,564 --> 00:00:10,548 එකක් තමයි, මම හැමවිටම වෙලාවට වැඩ කරනවා කියන එක. 4 00:00:11,747 --> 00:00:12,984 මම ඇත්තටම එහෙම නෑ. 5 00:00:13,525 --> 00:00:14,870 මට පුංචි ළමයි 4ක් ඉන්නවා. 6 00:00:14,894 --> 00:00:17,710 මට අහම්බෙන් සිදුවන නොසැලකිලිමත්කම් ගැන ඒගොල්ලන්ට වැරැද්ද පටවන්න මම කැමතියි. 7 00:00:17,734 --> 00:00:19,842 ඒත් සමහර වෙලාවට ඒක ඇත්තටම ඒගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි. 8 00:00:20,365 --> 00:00:23,112 මම එක වතාවක් පරක්කු වුනා කාලය කළමනාකරණය ගැන මගේම දේශනයකට. 9 00:00:23,136 --> 00:00:24,176 (සිනහව) 10 00:00:24,200 --> 00:00:27,773 අපි හැමෝටම එකතුවෙලා, ඒ හාස්‍යයට කරුණ විඳින්න සිද්ධවුණා. 11 00:00:28,972 --> 00:00:32,191 ඔවුන් හිතන දෙවෙනි දේ තමයි, මට ගොඩක් ඉඟි සහ උපක්‍රම තියෙනවා කියලා, 12 00:00:32,215 --> 00:00:34,108 එක එක පුංචි තැන්වලින් කාලය ඉතුරු කරගන්න. 13 00:00:34,132 --> 00:00:37,846 සමහර වෙලාවට මම සඟරාවල දකිනවා, මේ කරුණු ගැන කතාකරනවා, 14 00:00:37,870 --> 00:00:41,197 තමන්ගේ පාඨකයන්ට සාමාන්‍යයෙන් දවසේ අමතර පැයක් හොයාගන්නේ කොහොමද කියලා. 15 00:00:41,221 --> 00:00:44,507 ඒකෙ අදහස තමයි අපි අපේ දෛනික ක්‍රියාවලින් පුංචි පුංචි කාලයන් ඉතුරු කරගෙන 16 00:00:44,531 --> 00:00:45,708 ඒවා එකතු කරහම, 17 00:00:45,732 --> 00:00:47,266 අපිට වෙනත් හොඳ දේවල් කරන්න කාලය තියෙනවා. 18 00:00:47,430 --> 00:00:51,464 මම මෙහි සම්පුර්ණ තර්කය ගැන ප්‍රශ්න කරනවා, ඒත් මම හැම වෙලාවේම උනන්දු වෙනවා, 19 00:00:51,518 --> 00:00:53,521 ඔවුන් හොයාගත්ත දේවල් අහන්න, ඒගොල්ලෝ මට කතාකරන්න කලින්. 20 00:00:53,555 --> 00:00:54,707 මගේ ප්‍රියතම දේවල් සමහරක්: 21 00:00:55,411 --> 00:00:58,317 දකුණු පසට හැරීම් පමණක් කරමින් පණිවිඩ ගෙනයාම, 22 00:00:58,317 --> 00:00:59,345 (සිනහව) 23 00:00:59,853 --> 00:01:01,999 මයික්‍රෝවේව් භාවිතයේදී ඉතා බුද්ධිමත් වීම: 24 00:01:02,023 --> 00:01:03,986 ඒකෙ කියන්නේ, පැකේජයට මිනිත්තු 3 සිට 3 1/2ක්, 25 00:01:03,986 --> 00:01:06,072 මිනිත්තු 1/2ක් ඉතුරු කරගැනීමෙන් ඉදිරියේදී ලොකු වාසියක් ලැබෙයි කියලා. 26 00:01:06,072 --> 00:01:08,811 ඒවගේම මම පුද්ගලිකවම ආසා කරන, තේරුමක් තියෙන දෙයක් තමයි, 27 00:01:08,903 --> 00:01:12,655 ඔබ ආසා කරන රුපවාහිනී වැඩසටහන් පටිගතකර තියාගෙන, වෙළඳ දැන්වීම් මගහැර නැරඹීම. 28 00:01:12,739 --> 00:01:15,031 එකෙන් හැම පැය 1/2කටම මිනිත්තු 8ක් ඉතිරි කරගන්න පුළුවන්. 29 00:01:15,141 --> 00:01:17,238 ඉතින් රුපවාහිනිය නරඹන පැය 2ක කාලයක් ඇතුලත, 30 00:01:17,316 --> 00:01:18,859 ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් ඔබට ලැබෙනවා. 31 00:01:18,859 --> 00:01:19,875 (සිනහව) 32 00:01:20,703 --> 00:01:21,988 ඒක ඇත්ත. 33 00:01:22,587 --> 00:01:25,208 ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් හොයාගන්න වෙන විදිහක් දන්නවද ඔබ? 34 00:01:25,629 --> 00:01:27,961 දවසට පැය 2ක් රුපවාහිනිය නරඹන්න එපා, නේද? 35 00:01:27,985 --> 00:01:29,001 (සිනහව) 36 00:01:29,025 --> 00:01:32,499 කොහොමහරි, අදහස තමයි, අපි කාලය කුඩා ප්‍රමාණවලින් ඉතිරි කරගෙන, ඒවා එකතුකර, 37 00:01:32,523 --> 00:01:34,807 අපිට අවසානයේ අපට උවමනා දෙයට ළඟාවෙන්න පුළුවන්. 38 00:01:34,831 --> 00:01:37,743 ඒත් සාර්ථක වුණු මිනිසුන් තම කාලය වැය කරන්නේ කොහොමද කියලා අධ්‍යනය කල පසු, 39 00:01:37,767 --> 00:01:40,404 පැයෙන් පැය ඔවුන්ගේ කාලසටහන බැලීමෙන්, 40 00:01:40,428 --> 00:01:43,724 මට හිතෙන්නේ, මේ අදහසේ පසුගාමිත්වයක් තියෙනවා කියලා. 41 00:01:44,305 --> 00:01:47,947 කාලය ඉතුරු කළා කියලා, අපි කැමති ජීවිත ගොඩනඟා ගන්න බැහැ. 42 00:01:48,566 --> 00:01:50,126 අපි කැමති ජීවිත අපි ගොඩනගාගන්නවා, 43 00:01:50,636 --> 00:01:53,603 එවිට කාලය තමන්ව ඉතිරි කරගනීවි. 44 00:01:55,194 --> 00:01:56,345 මේකයි මම අදහස් කලේ. 45 00:01:56,369 --> 00:01:58,063 මම ලඟදි වේලා සටහන් දිනපොත් ව්‍යාපෘතියක් කළා, 46 00:01:58,087 --> 00:02:02,291 ඉතා කාර්යබහුල කාන්තාවන්ගේ ජීවිතයේ දින 1,001ක් බලමින්. 47 00:02:02,315 --> 00:02:04,959 ඔවුන්ට තිබුනේ හොඳ ඉල්ලුමක් තිබුණු රැකියා, සමහර වෙලාවට ඔවුන්ගේම ව්‍යාපාර, 48 00:02:04,983 --> 00:02:07,118 රැකබලාගන්න ළමයි වගේම දෙමාපියන්. 49 00:02:07,142 --> 00:02:08,472 සමාජයීය වගකීම් -- 50 00:02:08,496 --> 00:02:10,309 හරිම කාර්යබහුල මිනිස්සු. 51 00:02:10,799 --> 00:02:13,006 මම ඔවුන්ට කිවුවා සතියක් වෙලාව සටහන් කරන්න කියලා. 52 00:02:13,030 --> 00:02:15,343 එවිට මට පුළුවන් ඔවුන් වැඩ කරන සහ නිදාගන්න වේලාවන් එකතුකරන්න. 53 00:02:15,367 --> 00:02:18,176 මම ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකට යොමුකලා ඔවුන්ගේ උපායන් දැනගන්න මගේ පොත වෙනුවෙන්. 54 00:02:18,200 --> 00:02:20,189 මම වේලා සටහන් පරීක්ෂා කළ එක කාන්තාවක් 55 00:02:20,213 --> 00:02:22,276 කුමක්හරි දෙයක් වෙනුවෙන් බදාදා රෑ එලියට යනවා. 56 00:02:22,300 --> 00:02:24,929 ඇය ගෙදර ආවිට දැනගන්නවා ඇගේ වතුර හීටරය කැඩිලා කියලා. 57 00:02:24,953 --> 00:02:27,589 දැන් ඇගේ බිම් මහල පුරාම වතුර. 58 00:02:28,380 --> 00:02:30,834 මේ වගේ දෙයක් ඔබට සිදුවුනානම්, 59 00:02:30,858 --> 00:02:33,738 ඔබ දන්නවා එය ඉතා විනාශකාරී, භයානක, හිත කඩා වැටෙන අවුල් ජාලයක් කියලා. 60 00:02:33,762 --> 00:02:36,472 ඉතින් ඇය එදා රෑ, ඒ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටියා. 61 00:02:36,496 --> 00:02:38,373 ඊළඟ දවසේ ඇය ජලනල කාර්මිකයන් ගෙන්වූවා. 62 00:02:38,397 --> 00:02:41,397 ඊළඟ දවසේ, වෘතීය මට්ටමේ පිරිසිදුකරන්නන් විනාශවුණු කාපට් එක පිළිසකර කළා. 63 00:02:41,397 --> 00:02:43,463 මේ හැමදෙයක්ම ඇගේ වේලා සටහනේ තිබුනා. 64 00:02:43,463 --> 00:02:45,763 ඇයගේ සතියෙන් පැය 7ක් ඒ වෙනුවෙන් වැය වෙලා තිබුනා. 65 00:02:47,191 --> 00:02:48,473 පැය 7ක්. 66 00:02:49,179 --> 00:02:51,981 ඒක හරියට දවසට එක පැයක් වැඩිපුර හොයාගන්නවා වගේ. 67 00:02:52,834 --> 00:02:55,628 ඒත් මට විශ්වාසයි ඔබ ඇයගෙන් සති මුලදී ඇහුවානම්, 68 00:02:55,652 --> 00:02:58,870 "මලල ක්‍රීඩා තරඟාවලියක් සඳහා පුහුණුවෙන්න ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" 69 00:02:59,893 --> 00:03:03,698 "වටිනා පුද්ගලයින් 7 දෙනෙක්ට උපදේශන දෙන්න ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" 70 00:03:03,722 --> 00:03:06,413 මට විශ්වාසයි ඇය කියයි අපි හැමෝම වගේ කියන දේ. 71 00:03:06,437 --> 00:03:10,881 ඒ තමයි, "බැහැ, ඔබට පේන්නේ නැද්ද මට කොච්චර වැඩ තියෙනවාද කියලා?" 72 00:03:11,521 --> 00:03:13,318 ඒත් ඇයට පැය 7ක් හොයාගන්න සිද්ධ උනහම, 73 00:03:13,342 --> 00:03:16,141 මොකද ඇයගේ බිම් මහල පුරා වතුර තියෙනකොට, 74 00:03:16,165 --> 00:03:18,675 ඇය පැය 7ක් හොයාගත්තා. 75 00:03:19,055 --> 00:03:23,206 මේකෙන් අපිට පේන්නේ කාලය හුඟක් නම්‍යශීලියි කියලයි. 76 00:03:23,594 --> 00:03:25,637 අපිට කාලය වැඩිපුර හදන්න බෑ. 77 00:03:25,661 --> 00:03:29,840 ඒත් කාලය ඇදෙනවා අපි ඒ තුලට දාන්න තෝරාගත් දේට නවාතැන් දීම සඳහා. 78 00:03:30,366 --> 00:03:32,933 ඉතින් කාලය කළමනාකරණයට මූලය තමයි, 79 00:03:33,541 --> 00:03:35,776 අපේ ප්‍රමුඛතාවලට තැනක් දෙන එක, 80 00:03:35,800 --> 00:03:38,847 කැඩුණු වතුර හීටරයට සමානවම. 81 00:03:40,162 --> 00:03:41,312 මේ සඳහා, 82 00:03:41,336 --> 00:03:44,781 මම කැමතියි මම සම්මුඛ සාකච්චාවක් තිබ්බ කාර්යබහුලම පුද්ගලයෙකුගේ භාෂාව තෝරාගන්න. 83 00:03:44,805 --> 00:03:47,093 කාර්යබහුලයි කියලා මම අදහස් කලේ ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා, 84 00:03:47,093 --> 00:03:48,265 වැටුප් ලබන මිනිසුන් 12ක් සමඟ, 85 00:03:48,381 --> 00:03:49,553 ඇයගේ විවේක කාලයේදී බලාගන්න ළමුන් 6ක් හිට්යා. 86 00:03:50,657 --> 00:03:53,275 මම ඇය සමඟ සම්බන්ද වුනා සම්මුඛ සාකච්චාව සුදානම් කිරීම සඳහා, 87 00:03:53,299 --> 00:03:55,795 ඇය හැමදේම කරගන්නේ කියලා බලන්න. 88 00:03:55,819 --> 00:03:57,628 මට මතකයි, එදා බ්‍රහස්පතින්දා උදේ. 89 00:03:57,652 --> 00:03:59,659 ඇය මාත් සමඟ කතාකරන්න හිටියේ නැහැ. 90 00:03:59,683 --> 00:04:00,839 ඇත්තෙන්ම, නේද? 91 00:04:00,863 --> 00:04:03,282 මාත් එක්ක කතාකරන්න ඇය හිටියේ නැති හේතුව තමයි, 92 00:04:03,306 --> 00:04:05,246 ඇය එලියට ගිහින් හිටියේ දිගු චාරිකාවක් සඳහා, 93 00:04:05,270 --> 00:04:07,308 මොකද එය ලස්සන වසන්තයේ උදෑසනක් නිසා. 94 00:04:07,332 --> 00:04:08,895 ඇයට චාරිකාවක් යන්න ඕනේ වුනා. 95 00:04:08,919 --> 00:04:11,256 මෙය මාව තවත් කුතුහලයට ලක් කළා, 96 00:04:11,280 --> 00:04:14,456 අන්තිමේදී මම ඇයව මුණගැහුණු වෙලාවේ, ඇය මට විස්තර කලේ මෙහෙමයි. 97 00:04:14,480 --> 00:04:16,747 ඇය කියනවා, "ලෝරා, අහන්න, මම කරන හැම දේම," 98 00:04:17,592 --> 00:04:21,205 "මම ගෙවන හැම මිනිත්තුවක්ම, මගේ තේරීමක්." 99 00:04:21,830 --> 00:04:22,981 ඉතින් මෙහෙම කියනවට වඩා, ඒ කියන්නේ, 100 00:04:23,005 --> 00:04:25,434 "මට x, y සහ z කරන්න වෙලාවක් නැහැ." 101 00:04:25,893 --> 00:04:31,007 ඇය කියයි, "මම x, y හෝ z කරන්නේ නැහැ, මොකද ඒක මගේ ප්‍රමුඛතාවය නොවන නිසා." 102 00:04:31,709 --> 00:04:36,077 "මට වෙලාව නෑ" හැමවිටම වගේ අදහස් කරන්නේ, "එය ප්‍රමුඛතාවයක් නොවෙයි" කියන ඒක. 103 00:04:37,075 --> 00:04:39,963 ඔබ ඒ ගැන හිතුවොත් එය වඩා ගැලපෙන භාෂාවයි. 104 00:04:39,987 --> 00:04:42,551 මට ඔබට කියන්න පුළුවන් මගේ ආවරණ පිසදමන්න මට වෙලාවක් නෑ කියලා. 105 00:04:42,575 --> 00:04:43,744 ඒත් ඒක ඇත්ත නෙමෙයි. 106 00:04:43,768 --> 00:04:46,208 මගේ ආවරණ පිසදමන්න ඔබ මට ඩොලර් ලක්ෂයක් දුන්නොත්, 107 00:04:46,232 --> 00:04:47,832 මම ඒක කරාවි බොහොම ඉක්මනට. 108 00:04:47,856 --> 00:04:48,872 (සිනහව) 109 00:04:48,896 --> 00:04:50,531 ඒක සිද්ධ වෙන්නේ නැති නිසා, 110 00:04:50,555 --> 00:04:53,159 මට පිළිගන්න වෙනවා, මේ වෙලාව නැතිකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි, 111 00:04:53,183 --> 00:04:54,784 ඇත්තටම මට එය කරන්න උවමනාවක් නෑ කියලා. 112 00:04:54,808 --> 00:04:58,194 මේ භාෂාව අපිට මතක් කරනවා, වෙලාව කියන්නේ අපේ තෝරාගැනීමක් කියලා. 113 00:04:58,218 --> 00:04:59,391 එය ලබාදුන්විට, 114 00:04:59,415 --> 00:05:02,447 විවිධ තෝරාගැනීම් කිරීමේ භයානක ප්‍රතිවිපාක ඇතිවිය හැකියි. 115 00:05:02,471 --> 00:05:03,677 මම ඔබට එය දෙන්නම්. 116 00:05:03,701 --> 00:05:05,323 ඒත් අපි බුද්ධිමත් මිනිස්සු, 117 00:05:05,347 --> 00:05:07,205 අනිවාර්යයෙන්ම දීර්ගකාලීනව, 118 00:05:07,229 --> 00:05:09,229 අපේ ජීවිත පරිපුර්ණ කරගන්න ශක්තිය අපිට තියෙනවා, 119 00:05:09,253 --> 00:05:11,929 පවතින්නට සුදුසු දේවල් එක්ක. 120 00:05:13,204 --> 00:05:14,492 ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? 121 00:05:15,127 --> 00:05:16,559 අපි කොහොමද අපේ ප්‍රමුඛතාවලට සංග්‍රහ කරන්නේ, 122 00:05:16,583 --> 00:05:18,914 අර කැඩුණු වතුර මෝටරයට සමානවම? 123 00:05:19,531 --> 00:05:21,850 අපි මුලින්ම ඒ මොනවද කියලා අඳුරගන්න ඕනේ. 124 00:05:21,874 --> 00:05:24,628 මට ඔබට දෙන්න ඕනේ මේ ගැන හිතන්න උපායන් 2ක්. 125 00:05:24,652 --> 00:05:26,410 පළමු එක වෘතියමය පැත්තෙන්: 126 00:05:26,434 --> 00:05:28,945 මට විශ්වාසයි, අවුරුද්ද අවසානයට එන විට හුඟක් අය, 127 00:05:28,969 --> 00:05:31,292 වාර්ෂික සාධන සමාලෝචන දීම හෝ ගැනීම කරනවා. 128 00:05:31,316 --> 00:05:33,581 ඔබ පිටුපස හැරී බලනවා අවුරුද්ද පුරාවට ඔබේ සාර්ථකත්වයන් දිහා, 129 00:05:33,605 --> 00:05:35,650 ඔබේ වර්ධනය සඳහා තිබු අවස්ථාවන් දිහා. 130 00:05:35,674 --> 00:05:37,697 මෙයින් ඉටුවෙනවා එහි අරමුණ, 131 00:05:38,221 --> 00:05:41,151 ඒත්, මට හිතෙනවා, ඉදිරිය බලාගෙන මෙය කලානම් වඩා පලදායකයි කියලා. 132 00:05:41,175 --> 00:05:43,769 ඉතින් මම ඔබට කියනවා මේ ලබන වසරේ අවසානය කියලා හිතන්න. 133 00:05:44,326 --> 00:05:46,687 ඔබ ඔබටම සාධන සමාලෝචනයක් දෙනවා, 134 00:05:46,711 --> 00:05:51,227 ඒ වසර ඔබට වෘතියමය අතින් ඉතා යහපත් එකක්. 135 00:05:52,034 --> 00:05:57,821 එය එතරම් යහපත් එකක් කරන්න ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? 136 00:05:58,734 --> 00:06:02,534 ඉතින් ඔබට ලබන වසරේ සාධන සමාලෝචනය ලිවිය හැකියි දැන්. 137 00:06:02,558 --> 00:06:04,805 ඔබට මෙය ඔබේ පෞද්ගලික ජීවිතය වෙනුවෙනුත් කරන්න පුළුවන්. 138 00:06:04,829 --> 00:06:07,458 මට විශ්වාසයි ඔබලාගෙන් හුඟ දෙනෙක්, මම වගේ, දෙසැම්බර් වල ඇවිත්. 139 00:06:07,482 --> 00:06:11,028 නවපු පාට කොල තියෙන කාඩ් අරගන්නවා, 140 00:06:11,491 --> 00:06:16,321 පවුලේ නිවාඩු ලිපිය කියල ලියපු ඒවා. 141 00:06:16,345 --> 00:06:17,983 (සිනහව) 142 00:06:18,007 --> 00:06:20,638 ඒක පොඩ්ඩක් අවාසනාවන්ත සාහිත්‍ය වර්ගයක්, ඇත්තටම, 143 00:06:20,662 --> 00:06:23,946 ගෙදර ඉන්න හැමෝම කොයිතරම් අරුම පුදුමද කියලා කියවනවා. 144 00:06:23,970 --> 00:06:25,257 නැත්තන් ඊටත් වඩා දක්ෂ විදිහට, 145 00:06:25,281 --> 00:06:27,456 ගෙදර හැමෝම කොච්චර කාර්යබහුලද කියලා. 146 00:06:27,815 --> 00:06:29,464 ඒත් මේ ලිපිවල අරමුණක් තියෙනවා, 147 00:06:29,488 --> 00:06:31,695 මොකද ඒවා ඔබගේ යහළුවන්ට සහ පවුලේ අයට කියනවා, 148 00:06:31,719 --> 00:06:34,594 මේ වසර පුරා ඔබගේ පෞද්ගලික ජීවිතයේ ඔබ කළ වැදගත් දේවල් මොනවද කියලා. 149 00:06:34,594 --> 00:06:35,978 ඉතින් මේ වසර බොහෝ දුරට අවසානයි, 150 00:06:36,086 --> 00:06:38,536 ඒත් මට ඕනේ ඔබ හිතන්න මේ ලබන වසරේ අවසානය කියලා, 151 00:06:38,950 --> 00:06:41,704 සහ එය ඉතා සාර්ථක වසරක් වුනා කියලා, 152 00:06:42,172 --> 00:06:44,825 ඔබටයි, ඔබ රැක බලාගන්නා අනෙක් අයටයි. 153 00:06:45,391 --> 00:06:50,094 එය මෙතරම් සාර්ථක කරගන්න ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? 154 00:06:50,839 --> 00:06:54,980 ඉතින් ඔබට ලබන වසරේ පවුල් නිවාඩු ලිපිය ලියන්න පුළුවන්. 155 00:06:55,789 --> 00:06:56,982 ඒත් එය තැපැල් කරන්න එපා. 156 00:06:57,006 --> 00:06:58,022 (සිනහව) 157 00:06:58,046 --> 00:07:00,684 කරුණාකරලා ඒක යවන්න එපා. 158 00:07:01,049 --> 00:07:02,439 ඒත් ඔබට එය ලියන්න පුළුවන්. 159 00:07:02,463 --> 00:07:06,177 දැන් සාධන සමාලෝචනය සහ පවුල් නිවාඩු ලිපිය අතර, 160 00:07:06,201 --> 00:07:09,438 අපිට තියෙනවා ලබන වසරේ අත්කරගන්න තියෙන ඉලක්ක 6ක සිට 10ක් දක්වා වූ ලැයිස්තුවක්. 161 00:07:09,462 --> 00:07:12,261 දැන් අපි මේවා කළ හැකි කොටස් වලට බෙදාගන්න ඕනේ. 162 00:07:12,285 --> 00:07:14,493 ඔබට ඕනේ ඇති පවුලේ ඉතිහාසය ලියන්න. 163 00:07:14,517 --> 00:07:16,770 මුලින්ම ඔබට වෙනත් පවුල් ඉතිහාසයන් කියවන්න පුළුවන්, 164 00:07:16,794 --> 00:07:18,056 ඒවා ලියන ආකාරය ගැන අදහසක් ගන්න. 165 00:07:18,080 --> 00:07:21,287 ඊළඟට හිතන්න ඔබේ ඥාතීන්ගෙන් ඔබ අහන්න කැමති ප්‍රශ්න ගැන. 166 00:07:21,311 --> 00:07:23,160 ඔවුන්ව සම්මුඛ සාකච්චාවකට ගන්න වෙලාව වෙන්කරගන්න. 167 00:07:23,184 --> 00:07:24,645 එහෙම නැත්තන් ඔබට 5000m දුවන්න ඕන ඇති. 168 00:07:24,669 --> 00:07:27,830 ඔබට සිදුවෙනවා තරඟයක් හොයලා ලියාපදිංචි වෙන්න, පුහුණුවීම් සැලැස්මක් හදන්න, 169 00:07:27,854 --> 00:07:30,227 අල්මාරිය පිටුපසින් අර සපත්තු 2ක එලියට ගන්න. 170 00:07:30,251 --> 00:07:32,193 ඊට පස්සේ, -- මේක තමයි මූලිකම දෙය -- 171 00:07:32,217 --> 00:07:36,312 අපි අපගේ ප්‍රමුඛතාවලට සලකන්නේ අර කැඩුණු වතුර හීටරය හා සමානවමයි, 172 00:07:36,336 --> 00:07:39,335 ඒවා අපේ කාලසටහනේ මුලටම දාගෙන. 173 00:07:39,879 --> 00:07:44,639 අපි මේවා කරන්නේ ඉදිරි සති දිහා බලලා. 174 00:07:44,663 --> 00:07:48,347 සිකුරාදා දවසේ හවසට තමයි මේක කරන්න හොඳම වෙලාව මට. 175 00:07:48,885 --> 00:07:51,433 සිකුරාදා හවස තමයි ආර්ථික විද්යාඥයෙක් විග්‍රහ කරන්නේ, 176 00:07:51,457 --> 00:07:53,994 අඩුම ආවස්ථාක පිරිවැය තියෙන කාලය ලෙස. 177 00:07:54,764 --> 00:07:57,664 අපි හුඟක් අය සිකුරාදා හවසට ඉඳගෙන කියන්නේ නෑ, 178 00:07:57,688 --> 00:07:59,567 "මම නොඉවසිලිමත්ව බලාගෙන සිටින්නේ ප්‍රගතියක් අත්කරගන්න," 179 00:07:59,591 --> 00:08:01,887 "මගේ පෞද්ගලික සහ වෘත්තියමය ප්‍රමුඛතා කෙරෙහි " 180 00:08:01,911 --> 00:08:03,065 "මේ දැන්මම." 181 00:08:03,089 --> 00:08:04,105 (සිනහව) 182 00:08:04,129 --> 00:08:06,746 ඒත් අපි කැමතියි හිතන්න ඒවා මොනවා විය යුතුදැයි. 183 00:08:06,770 --> 00:08:08,975 ඉතින් සිකුරාදා හවසට පුංචි වෙලාවක් වෙන්කරගන්න, 184 00:08:08,999 --> 00:08:15,189 ඔබ වෙනුවෙන් හදාගන්න කොටස් 3ක ප්‍රමුඛතා ලැයිස්තුවක්: රැකියාව, සම්බන්ධතා, තමන්. 185 00:08:16,382 --> 00:08:19,580 කොටස් 3ක ලැයිස්තුවක් අපිට මතක් කරලා දෙනවා, 186 00:08:19,604 --> 00:08:23,094 කොටස් තුනේම මොනවහරි දෙයක් තියෙන්න ඕනේ කියලා. 187 00:08:23,118 --> 00:08:24,374 රැකියාව, අපි හිතනවා: 188 00:08:24,398 --> 00:08:25,905 සම්බන්ධතා, තමන් -- 189 00:08:25,929 --> 00:08:27,248 වැඩිය දෙයක් නෑ. 190 00:08:27,272 --> 00:08:29,170 එත් කොහොමහරි, පුංචි ලැයිස්තුවක්, 191 00:08:29,194 --> 00:08:30,623 එකක අයිතම 2ක් හෝ 3ක්. 192 00:08:31,013 --> 00:08:33,394 දැන් ඊළඟ සතිය පුරාවටම බලලා, 193 00:08:33,418 --> 00:08:35,133 හිතන්න මේවා සැලසුම්කරන්නේ කොයි වේලාවන් වලටද කියලා. 194 00:08:36,171 --> 00:08:38,181 කොතනටද ඒවා ඇතුලත් කරන්නේ කියන එක ඔබේ වැඩක්. 195 00:08:38,205 --> 00:08:41,667 මම දන්නවා, මේක සමහර අයටනම් සංකීර්ණ දෙයක් වේවි අනිත් අයට වඩා. 196 00:08:41,691 --> 00:08:45,213 මම කිවුවේ, සමහර මිනිසුන්ගේ ජීවිත අනිත් අයට වඩා කටුකයි. 197 00:08:45,674 --> 00:08:48,943 අර කවි පන්තියට යන්න වෙලාව හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ, 198 00:08:48,967 --> 00:08:51,697 ඔබ තනියම ළමයි ගොඩක් බලාගන්නවානම්. 199 00:08:52,058 --> 00:08:53,229 මට තේරෙනවා ඒක. 200 00:08:53,253 --> 00:08:55,460 මට ඕනේ නැහැ කාගෙවත් අරගලය අවම කරන්න. 201 00:08:55,484 --> 00:09:00,010 ඒත් මම හිතනවා, ඔබට මම කියන්න යන ඉලක්කම් සවිබලයක් දේවි කියලා. 202 00:09:00,906 --> 00:09:04,913 සතියකට පැය 168ක් තියෙනවා. 203 00:09:05,962 --> 00:09:10,663 24 වරක් 7, පැය 168යි. 204 00:09:11,295 --> 00:09:14,028 ඒ නම් සැහෙන ලොකු කාලයක්. 205 00:09:14,627 --> 00:09:17,818 ඔබ පුර්ණ කාලීන රැකියාවක නිරත වෙනවා නම් සතියකට පැය 40යි, 206 00:09:17,842 --> 00:09:20,934 එක් රැයකට පැය 8ක් නිදාගෙන, සතියට පැය 56යි -- 207 00:09:20,958 --> 00:09:23,538 එතකොට වෙනත් දේවල් සඳහා පැය 72ක් ඉතුරුයි, 208 00:09:24,622 --> 00:09:26,529 ඒ නම් සැහෙන ලොකු කාලයක්. 209 00:09:26,956 --> 00:09:28,841 ඔබ කියනවා ඔබ සතියකට පැය 50ක් වැඩ කරනවා කියලා, 210 00:09:28,865 --> 00:09:30,811 සමහරවිට ප්‍රධාන රැකියාවක් සහ තවත් අමතර වැඩක්, 211 00:09:30,835 --> 00:09:33,305 එතකොට අනෙත් වැඩ වලට පැය 62ක් ඉතුරුයි. 212 00:09:33,329 --> 00:09:35,229 ඔබ කියනවා ඔබ පැය 60ක් වැඩ කරනවා කියලා. 213 00:09:35,253 --> 00:09:37,681 එතකොට අනෙත් වැඩ වලට පැය 52ක් ඉතුරුයි. 214 00:09:37,705 --> 00:09:39,747 ඔබ කියනවා ඔබ පැය 60කට වඩා වැඩ කරනවා කියලා. 215 00:09:39,771 --> 00:09:41,328 ඔබට හොඳටම විශ්වාසද? 216 00:09:41,352 --> 00:09:43,086 (සිනහව) 217 00:09:43,110 --> 00:09:46,016 එක අධ්‍යයනයක් තිබුනා මිනිසුන්ගේ ඇස්තමේන්තු කල වැඩ සතිය පිළිබඳව, 218 00:09:46,040 --> 00:09:47,435 වේලා දිනපොත් සමඟ. 219 00:09:47,459 --> 00:09:50,135 ඔවුන්ට හමුවුනා පැය 75කට වඩා වැඩි වැඩ සති ගැන කියා තිබුන මිනිසුන්. 220 00:09:50,159 --> 00:09:52,263 පැය 25කින් වගේ වැඩියි. 221 00:09:52,287 --> 00:09:53,981 (සිනහව) 222 00:09:54,005 --> 00:09:56,326 ඔබට හිතාගන්න පුළුවන් කොයි දිශාවටද කියල නේද? 223 00:09:57,567 --> 00:09:59,780 කොහොමවුනත්, සතියකට පැය 168කදි, 224 00:09:59,804 --> 00:10:02,768 මම හිතනවා ඔබට වැදගත්වන දේවල්වලට වෙලාව හොයාගන්න පුළුවන් කියලා. 225 00:10:02,792 --> 00:10:04,990 ඔබේ දරුවන් සමග වැඩිපුර වෙලා ගතකරන්න ඕනේ නම්, 226 00:10:05,014 --> 00:10:07,319 ඔබ කරන විභාගයකට වැඩිපුර පාඩම් කරන්න ඕනේ නම්, 227 00:10:07,343 --> 00:10:10,688 ඔබට පැය 3ක් ව්‍යායාම කරලා පැය 2ක් ස්වෙච්චා සේවය කරන්න ඕනේ නම්, 228 00:10:10,712 --> 00:10:11,866 ඔබට පුළුවන්. 229 00:10:11,890 --> 00:10:15,531 ඒ, ඔබ පුර්ණ කාලීන වැඩ පැය ගණනට වඩා වැඩ කරා වුනත්. 230 00:10:15,885 --> 00:10:17,937 ඉතින් අපිට හුඟක් වෙලාව තියෙනවා. ඒක ඉතා හොඳයි. 231 00:10:17,961 --> 00:10:19,187 හේතුව අනුමාන කරන්න පුළුවන්ද? 232 00:10:19,211 --> 00:10:22,049 අපිට ඒ තරම්වත් වෙලාව ඕනේ නෑ අරුම පුදුම දේවල් කරන්න. 233 00:10:22,486 --> 00:10:25,233 ඒත් අපි හුඟක් දෙනෙක්ට පොඩි පොඩි වෙලාවල් තියෙනකොට අපි මොනවද කරන්නේ? 234 00:10:25,708 --> 00:10:27,359 ෆෝන් එක එලියට ගන්නවා නේද? 235 00:10:27,826 --> 00:10:29,995 ඊමෙල් පණිවිඩ මකා දමන්න පටන්ගන්නවා. 236 00:10:30,381 --> 00:10:32,468 නැත්තන් අපි ගේ වටේ යමින් හෝ 237 00:10:32,492 --> 00:10:33,752 රූපවාහිනිය නරඹමින් ඉන්නවා. 238 00:10:34,114 --> 00:10:36,967 ඒත් පොඩි පොඩි වෙලාවල්වලට ලොකු බලයක් තියෙනවා. 239 00:10:37,657 --> 00:10:39,610 ඔබට පුළුවන් ඔබගේ පුංචි පුංචි වෙලාවන්, 240 00:10:40,094 --> 00:10:42,290 පුංචි සතුටක් ලබන්න පාවිච්චි කරන්න. 241 00:10:43,195 --> 00:10:46,064 සමහරවිට ඒ බස් එකේ වැඩට යන අතරමඟ ලස්සන දෙයක් කියවන්න 242 00:10:46,088 --> 00:10:47,452 තීරණය කිරීම වෙන්න පුළුවන්. 243 00:10:47,476 --> 00:10:49,875 මට මතකයි මට රැකියාවක් තිබුනා හැම උදේම බස් 2ක 244 00:10:49,899 --> 00:10:51,444 සහ උමං මාර්ගයක යන්න සිද්ධවුනු. 245 00:10:51,468 --> 00:10:54,371 මම සතිඅන්තයේදී පුස්තකාලයට ගිහින් පොත් ගත්තා කියවන්න, 246 00:10:54,395 --> 00:10:58,886 ඒකෙන් සම්පුර්ණ අත්දැකීමම හුඟාක් විනෝදජනක එකක් වුණා. 247 00:10:59,857 --> 00:11:03,044 රැකියාවේදී හම්බවෙන පුංචි විවේකයන් භාවනා කරන්නත් යාච්ඤා කරන්නත් යොදාගන්න පුළුවන්. 248 00:11:03,434 --> 00:11:06,628 ඔබගේ කාර්යබහුල වැඩ කාලසටහන නිසා පවුලත් සමඟ ගන්න රැ කෑමවෙල මඟ හැරෙනවානම්, 249 00:11:06,652 --> 00:11:09,401 පවුලේ උදැසන ආහාර වෙල හොඳ ආදේශකයක් වේවි. 250 00:11:09,890 --> 00:11:13,020 මේක තමයි එක්කෙනෙකුගේ සම්පුර්ණ කාලය දිහා බලලා, 251 00:11:13,044 --> 00:11:15,177 හොඳ දේවල් දාගන්න පුළුවන් කොහාටද කියලා දකින එක. 252 00:11:16,504 --> 00:11:18,217 මම ඇත්තටම ඒක විශ්වාස කරනවා. 253 00:11:19,054 --> 00:11:21,755 කාලය තියෙනවා. 254 00:11:22,981 --> 00:11:24,633 අපි කාර්යබහුල වුනත්, 255 00:11:25,223 --> 00:11:26,962 වැදගත් දේවල් වෙනුවෙන් අපිට කාලය තියෙනවා. 256 00:11:27,752 --> 00:11:29,754 අපි වැදගත් දේ ගැන අවධානය යොමු කරහම, 257 00:11:30,312 --> 00:11:31,983 අපිට අවශ්‍ය ජීවිතය අපිට ලබාගන්න පුළුවන්, 258 00:11:32,765 --> 00:11:34,043 අපිට ලැබිලා තියෙන කාලය ඇතුලත. 259 00:11:34,638 --> 00:11:35,793 ස්තුතියි. 260 00:11:35,817 --> 00:11:40,941 (අත්පොලසන්)