නිදහස: සන්තුෂ්ටිය ලබන මාර්ගය | අජාන් බ්‍රහ්ම්
-
0:01 - 0:04මට ඊයෙ ඇරයුමක් ලැබුනා කතාවක් කරන්න.
-
0:04 - 0:06මම පොරොන්දු උනා අද ඒ කතාව කරන්න.
-
0:06 - 0:09ඔහු ඇහුවේ,
-
0:09 - 0:11ඇත්තටම පුලුවන්ද, අද මේ
-
0:11 - 0:13නවීන යුගයේ සතුටින් ඉන්න?
-
0:13 - 0:15නැත්නම් අපිට හැමදාම
-
0:15 - 0:17ප්රශ්න, දුක් කරදර එක්කද
-
0:17 - 0:19ජීවිතය ගත කරන්න වෙන්නෙ?
-
0:19 - 0:24ඉතින් අපි සතුට ගැන කතා කරමු.
-
0:24 - 0:28සමහරවිට ඔයගොල්ලෝ ගොඩක් දෙනා දන්නවා ඇති,
-
0:28 - 0:30බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමයි
-
0:30 - 0:33ලෝකයේ සතුටින්ම ඉන්න අය හැටියට
සැලකෙන්නේ. -
0:33 - 0:35ඒ විස්කොන්සින් සරසවියේ
-
0:35 - 0:37ඩේවිඩ්සන් ඇදුරුතුමාගේ සොයා ගැනීමක්.
-
0:37 - 0:40ඒක ඍජු ප්රතිථලයක්
-
0:40 - 0:42වෙනත් වචන වලින් කිවනවා නම් ඒක තමයි
-
0:42 - 0:45Functional Magnetic Resonance
කෙනෙකුගේ මොලය ස්කෑන් කරන -
0:45 - 0:47පරීක්ෂණ මගින් තහවුරු උනේ.
-
0:47 - 0:50ඉතින් කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්
-
0:50 - 0:54බෞද්ධයින් දන්නවා සතුට සහ
සතුටට හේතු වන කරුණු ගැන -
0:54 - 0:55මූලික බුද්ධ ධර්මය හඳුනා ගත් අය දන්නවා
-
0:55 - 0:58චතුරාර්ය සත්යයයෙන් කියවෙන්නෙ
-
0:58 - 0:59හරය ඒය බව.
-
0:59 - 1:02බුදුන්වහන්සේගේ මූලික ඉගැන්වීම,
-
1:02 - 1:04බුදු දහම කියා අපි හඳුන් වන දේ හදවත
-
1:04 - 1:06ඹය අය කියාවි, එහෙම කියන එක හරි
-
1:06 - 1:08ඒ චතුරාර්ය සත්යය ගැනයි
-
1:08 - 1:11ඒ වගේම ඔයගොල්ලන් දන්නවා
-
1:11 - 1:12චතුරාර්ය සත්යය
-
1:12 - 1:14වසර ගණනක් තිස්සේ මම උගන්වන ආකාරය,
-
1:14 - 1:18චතුරාර්ය සත්යය එන පිළිවෙල
වෙනස් කරලා කතා කරනවා, -
1:18 - 1:19ඒ සතුට, සතුටට හේතුව
-
1:19 - 1:21ඇයි අපි සමහරවිට සතුටින්,
-
1:21 - 1:22සමහරවිට අසතුටින් ඉන්නේ
-
1:22 - 1:24ඒ චතුරාර්ය සත්යය,
-
1:24 - 1:27සතුට, සතුටට හේතු,
-
1:27 - 1:29සමහරවිට අපි අසතුටින්,
-
1:29 - 1:31ඇයි ඒ අපි අසතුටින්
-
1:31 - 1:33ඒ විදියට සලකන එක මට වඩා අර්ථවත්
-
1:33 - 1:35මම තරුණ අවදියේදී
-
1:35 - 1:37මම කල්පනා කලේ සෑම ආගමකම
-
1:37 - 1:40මූලික ඉගැන්වීම වනුයේ
ප්රශ්ණ දෙකකට උත්තර සැපයීම කියලයි -
1:40 - 1:43ඒ “සතුට කියන්නේ කුමක්ද?” සහ
-
1:43 - 1:44“මම කොහොමද එය ලබා ගන්නේ?”
-
1:44 - 1:46එම උත්තර දෙක දන්නව නම්,
-
1:46 - 1:50ලෝකයේ සියලු ආගම් ධර්මයන්ගේ
ඉගැන්වීම් ඔබ දැන ගන්නවා. -
1:50 - 1:51මක් නිසාද, සියලු න්යායයන්,
-
1:51 - 1:53දර්ශනයන්, දේවධර්මයන්, .
-
1:53 - 1:55එවැනි දේවල්,
-
1:55 - 1:57කතා කරන්න හොදයි.
-
1:57 - 1:59නමුත් ඇත්තටම මගේ අපේක්ෂාව,
-
1:59 - 2:01මගේ ජීවිතයේ
-
2:01 - 2:03සතුට සහ දුක පිළිබද ප්රශ්නය සහ
-
2:03 - 2:05කොහොමද දුක නැති කර ගන්නෙ,
-
2:05 - 2:08කොහොමද ඇත්තම සතුට සොයා ගන්නෙ,
-
2:08 - 2:11ඉතින්, මේ ලෝකයේ,
සතුට තියෙනවද කියන ප්රශ්නයට, -
2:11 - 2:13මට මගේම අත්දැකීමෙන් කියන්න පුළුවන්,
-
2:13 - 2:16ඔව්, ඇත්තටම,
-
2:16 - 2:18නියම සතුටක්, උතුම් සතුටක් තියෙනවා.
-
2:18 - 2:21නමුත් මගේ ජීවිත ගමනේ,
ආශ්චර්යමත් සොයා ගැනීමක්, -
2:21 - 2:23ඒ සතුට තියෙන්නේ,
-
2:23 - 2:26මිනිසුන් අනුමාන කරන්නෙවත් නැති තැන්වල.
-
2:26 - 2:28ඒ, අපි ඒ තැන්වල බලන්නේ නැති නිසා,
-
2:28 - 2:32බොහෝ මිනිස්සු,
ඒ ගොල්ලන්ගේ ජීවිත කාලයම ගෙවිලා යනවා, -
2:32 - 2:33ගැඹුරු, සාමකාමී,
-
2:33 - 2:35අසිරිමත් සතුටක් අත් විදින්නේ නැතිව.
-
2:35 - 2:37එවන් සතුටක් විදින්න හැකියාව තියෙනවා.
-
2:37 - 2:40නමුත්, පළමුවෙන්ම මම කියන්නම්,
-
2:40 - 2:43සතුට කියන්නේ මොකක්ද, එය ලබා ගන්නේ කොහොමද,
-
2:43 - 2:45මේ සියලු දේ - අපි කතා කරමු - මේ
-
2:45 - 2:48අද ඉදිරිපත් කරන කතාවෙදි, ඇයි,
-
2:48 - 2:51මිනිසුන්ට ජීවිතයේ ප්රශ්න තියෙන්නෙ?
-
2:51 - 2:53ජීවිතයේ අසතුට ඇතිවන්න හේතුව කුමක්ද?
-
2:53 - 2:55ඇයි මිනිසුන් නිතරම, මේ
-
2:55 - 2:57අසතුටු මානසික තත්වයන්ට පත්වෙන්නෙ?
-
2:57 - 3:00ඇත්තෙන්ම, ජීවිතයේ කෙනෙකුගේ පාලනයට
-
3:00 - 3:02නතු නොවෙන කොටසක් තියෙනවා.
-
3:02 - 3:05ජීවිතයේ අමාරුකම්, සිත් වේදනාවන්, තියෙනවා.
-
3:05 - 3:06ප්රිය කෙනෙක්ගෙ මරණය,
-
3:06 - 3:09වෘත්තියේ ඇති වන බලපොරොත්තු කඩවීම්,
-
3:09 - 3:10
දරුවන්ගේ ප්රශ්න -
3:10 - 3:11
සහකරු සමග වාද විවාද -
3:11 - 3:14
ශරීරයේ ලෙඩ දුක් වේදනා -
3:14 - 3:16නැත්නම් බෞද්ධ සංගමයට එනවිට
-
3:16 - 3:18රථ වාහන තදබදයකට
-
3:18 - 3:19හසුවීම.
-
3:19 - 3:21ජීවිතයේ එදිනෙදා දුක් වේදනා තියෙනවා,
-
3:21 - 3:23ඒත් ඒවා නෙවෙයි නියම දුක් වේදනාවන්
-
3:23 - 3:26බුදුන් වහන්සේ දේශනා කරලා තියන කාරණය නම්
-
3:26 - 3:29ඒ සිත් වේදනාවන්ට ඇති ඇලීම, බැඳීම
-
3:29 - 3:31ඒවා තමන් සමග රැගෙන යාම
-
3:31 - 3:34ඒවාට දෙන අනවශ්ය සැලකිල්ල.
-
3:34 - 3:36එතැනින් තමයි මම
-
3:36 - 3:38මේ කතාව අද පටන් ගන්නෙ.
-
3:38 - 3:39ඇයි මිනිස්සු
-
3:39 - 3:44දුකට ඇලෙන්නේ?
-
3:44 - 3:46ඒකයි මෙතන තිවෙන මූලික කරුණ.
-
3:46 - 3:50වසර ගණනකට කලින්, මට අවස්ථාව ලැබුණා
-
3:50 - 3:53ශෝකය, කම්පාවීම පිළිබද සමුළුවක කතා කරන්න.
-
3:53 - 3:54ඒ Observation නගරයේදි,
-
3:54 - 3:57ඒක ජාතික සමුළුවක්,
-
3:57 - 3:59අධික ශෝකය, කම්පාවීම පිළිබද.
-
3:59 - 4:01මෙහෙයුවේ මනෝ විද්යාඥයින්
-
4:01 - 4:04සහ මනෝ චිකිත්සකයින්.
-
4:04 - 4:07මට මතකයි මගේ ඉදිරිපත් කීරීම,
-
4:07 - 4:09
ඒ, Ciara Glennon ගේ -
4:09 - 4:11දෙමවුපියන්ගේ ඉදිරිපත්කිරීමෙන් පසුව.
-
4:11 - 4:13ඒ තරුණිය
-
4:13 - 4:16'Claremont හි මිනීමරුවා අතින් ඝාතනයට ලක් වුවෙක්.
-
4:16 - 4:19(තවම සොයාගෙන නැහැ
-
4:19 - 4:20ඇත්තටම කවුද කලේ) කියලා
-
4:20 - 4:23ඔවුන්, ඔවුන්ගේ වේදනාව ප්රකාශ කරමින් සිටියේ,
-
4:23 - 4:25ඔවුන්ගේ දුවගේ වියෝව පිළිබදව.
-
4:25 - 4:28මම හිතන්නේ ඇය තරුණියක්, මම හිතන්නේ,
-
4:28 - 4:30ඇය නීතිඥවරියක්, සාර්ථක, රූමත් කෙනෙක්
-
4:30 - 4:33එක රැයක හිටි හැටියේ අතුරුදහන් උනා.
-
4:33 - 4:34යම් කාලයකට පසුව
-
4:34 - 4:37ඇයගේ මෘත දේහය හමු උනා. තවමත් කවුදැයි නොදන්න
-
4:37 - 4:39Claremont මිනීමරුවාට හසුව.
-
4:39 - 4:41පෙනුන හැටියට ඒ සභා වාරය (මම
-
4:41 - 4:44සහභාගී උනේ නැහැ) සංවේදජනක,
-
4:44 - 4:46දුක්භරිත වාතාවරණයක්
-
4:46 - 4:48සහභාගී වුවන් අතර ජනිත කලා.
-
4:48 - 4:50මම, මගේ ස්වභාවික අන්දමට
-
4:50 - 4:54ධනාත්මකව කතා කලා
කිට්ටුවන්තයකුගේ මරණයට මුහුණ දෙන අයුරු -
4:54 - 4:57මගේ ධනාත්මක ආකල්පය පමණක්ම නෙවෙයි,
-
4:57 - 4:59
මම තායිලන්තයේ අවුරුදු 9ක් හිටියා -
4:59 - 5:01
ඒ අවුරුදු 9ක -
5:01 - 5:04අත්දැකීමෙන් මම කියන දෙයක්,
-
5:04 - 5:07
ඔබ පර්යේෂණ වලට කැමතිනම්, -
5:07 - 5:09
අවුරුදු 9ක, මගේ පර්ය්ෂණය වුනේ, -
5:09 - 5:11
නොකඩවා අවමංගල්යයන්ට -
5:11 - 5:14නොකඩවා ආදාහන උත්සවයන්ට සහභාගී වීම.
-
5:14 - 5:16ඒ, තායිලන්තයේ අපේ ආරණ්යම
-
5:16 - 5:18තමයි සුසාන භුමිය වුනේ.
-
5:18 - 5:20
අපි හොල්මන් ආශ්රය කළේ, -
5:20 - 5:23ඇත්තටම එතැන බොහොම සාමකාමී
තැනක් වාසය කරන්න. -
5:23 - 5:26මම චාරිකා කරනකොට මිනිසුන්ගෙන් ඈත්වෙන්න
-
5:26 - 5:27කැමතියි.
-
5:27 - 5:29මම භික්ෂූන් වහන්සේ කෙනෙක්
විවේකි බවට කැමතියි. -
5:29 - 5:31අජාන් චා අපිට කියුවා
-
5:31 - 5:31රාත්රිය
-
5:31 - 5:34ගත කරන්න අවශ්යනම් අහන්න ගම්වැසියන්ගෙන්
-
5:34 - 5:36සුසාන භුමිය කොහේද?
-
5:36 - 5:38සාමාන්යයෙන් ඒක කැලේ මැද
තියෙන පිට්ටනියක්. -
5:38 - 5:40ඉතින් අපි එතැන නවාතැන් ගන්නවා.
-
5:40 - 5:42එතැන තමයි සමකාමිම තැන.
-
5:42 - 5:43ඇයි, ගමේ මිනිස්සු බයයි
-
5:43 - 5:45ඇවිත් මුණ ගැහෙන්න.
-
5:45 - 5:47මම ප්රියකරනවා ඒ හොල්මන්,
-
5:47 - 5:48මාව ආරක්ෂා කරනවට, මගේ
-
5:48 - 5:50ආරක්ෂකයින්, සොයා බලන්නන්
-
5:50 - 5:53මිනිස්සුන්ව ඈත් කරලා තියන්න,
මට පුළුවන් භාවනා කරන්න -
5:53 - 5:54සාමකාමිව
-
5:54 - 5:56ඉතින් “බොහොම ස්තුතියි හොල්මන්!”
-
5:56 - 5:58නමුත්, ඒ වනගත ආරණ්ය
-
5:58 - 6:01“Wat Pah Nanachat” ඒක හොල්මන් අරණ්යක්,
-
6:01 - 6:04මොකද කියනවනම්,
එහි සුසාන භූමියක් තිබුණු නිසා. -
6:04 - 6:06ඒ වගේම, මට පුළුවන් උනා ගොඩක් අවමගුල්
-
6:06 - 6:10උත්සව වලට සහභාගී වෙන්න, එකක් ඉවරවෙන්න එකක්.
-
6:10 - 6:12අපි ඒ ගැමි මිනිසුන් දෙන දානයෙන් යැපුනේ.
-
6:12 - 6:14
ඉතින් හැමදාම උදේ -
6:14 - 6:16ඒ ගොල්ලන් මුණ ගැහුනා.
-
6:16 - 6:18අපි ඒ ගොල්ලන්ගේ ගමට හැමදාම යනවා.
-
6:18 - 6:21අපි හැදුනේ වැඩුනේ ඒ ගොල්ලන් එක්ක.
-
6:21 - 6:23
මට මතකයි, මම අවුරුදු 9ක් හිටියා -
6:23 - 6:25තායිලන්තයේ, වැඩිපුරම ඒ ආරණ්යයේ.
-
6:25 - 6:27මම ඉතින් මෙහාට අවාම,
-
6:27 - 6:30සර්පන්ටයින්වල මේ ආරණ්ය
-
6:30 - 6:32හදන්න පටන් ගන්න සහ,
-
6:32 - 6:33බටහිර ඕස්ට්රේලියාවේ
-
6:33 - 6:35බෞද්ධ සංගමයට උදවු කරන්න,
-
6:35 - 6:37අවුරුදු 4ක් හෝ 5කට පස්සේ තමයි
-
6:37 - 6:39නැවත ඒ ගමට යන්න අවස්ථාව උදා උනේ.
-
6:39 - 6:41මම නැවතත් එහි ගිය වහාම,
-
6:41 - 6:44අරණ්යට ගියේ , ගොඩක් හවස් වෙලා,
-
6:44 - 6:45පහුවදා පිණ්ඩපාතේ වඩින කොට තමයි,
-
6:45 - 6:48පළමු වතාවට ගමේ අය දැනගත්තෙ මගේ පැමිණීම.
-
6:48 - 6:51ඒ කාන්තාවො, පිරිමි මුණගැහුනම,
-
6:51 - 6:54ඒ ගොල්ලෝ මුහුණ දිහා බලලා,
-
6:54 - 6:57“ආනේ, අජාන් බ්රහ්ම්!” ඒ ගොල්ලන්
-
6:57 - 7:00අඩන්න ගත්තා, මොකද
මම ඒ ගමේ කොටසක් වෙලා හිටියේ. -
7:00 - 7:03මම ඒ ගොල්ලන්ගෙ කෙනෙක්.
ගමෙන් පිටවෙලා අවුරුදු 4කට 5කට -
7:03 - 7:06විතර පස්සේ නැවතත් ඇවිත්.
-
7:06 - 7:08ඇත්තටම ඒ තරම් අපි කිට්ටු වෙලා
-
7:08 - 7:10හිටියේ ඒ සමාජයට.
-
7:10 - 7:15ඒ සරල කාරණය තහවුරු කරනවා
-
7:15 - 7:16මම ඒ අයව අවමංගල්යන්හිදි
-
7:16 - 7:19විතරක් හමුවුනා නෙවෙයි,
-
7:19 - 7:20ඊට කලින් මුණගැහුණා.
-
7:20 - 7:22ඊට පසුව මුණගැහුණා.
-
7:22 - 7:24මම හොදින් දන්න අය.
-
7:24 - 7:26මම කවදාවත් ඒ අය කම්පා වෙනවා දැක්කෙ නැහැ.
-
7:26 - 7:29මම කවදාවත් ඒ අය අඬනවා දැක්කෙ නැහැ.
-
7:29 - 7:31ඇත්තටම එක වතාවයි
-
7:31 - 7:33මම දැක්කේ ඒ අවුරුදු 9ටම
-
7:33 - 7:36කෙනෙක් කදුළු හෙලනවා,
කඳුලක් දෙකක් -
7:36 - 7:37කම්මුල් දිගේ පෙරෙනවා,
-
7:37 - 7:40ඒ ස්වාමියා නැතිවුන කාන්තාවක්,
-
7:40 - 7:42ඒ ඇරෙන්න,
-
7:42 - 7:46ලොකු වැළපීම් තිබුනේ නැහැ,
මේ බටහිර ඔස්ට්රේලියාවෙ වගේ. -
7:46 - 7:49ඒ ගොල්ලන් කණගාටුව
-
7:49 - 7:51යටපත් කරගෙන හිටියා නෙවෙයි,
-
7:51 - 7:53ඒ අය සැනසුනා
වෙනත් ආකල්පයකින්. -
7:53 - 7:55ඒ ගොල්ලන්
ගොඩක් බැඳිලා හිටියේ නැහැ -
7:55 - 7:58තමන්ගේ ප්රියයන්ට.
-
7:58 - 8:01ඒ අත්දැකීම
මගේ දෙනෙත් විවර කලා. -
8:01 - 8:03ඒ දෙය තමයි මම
සමුළුවේදී කියුවේ. -
8:03 - 8:05මෙහි වෙනසක් තියෙනවා,
-
8:05 - 8:08කම්පා වීම සහ වියෝ වීම අතර,
-
8:08 - 8:10කෙනෙකුගේ වියෝව වලක්වන්න බැහැ.
-
8:10 - 8:14නමුත් කම්පා වීම ඒකට එකතු කරන දෙයක්.
-
8:14 - 8:17බටහිර ආභාෂයට නතු නොවුණු,
-
8:17 - 8:20තායිලන්තයේ වයඹ දිශාවේ
-
8:20 - 8:23ඒ සංස්කෘතිය,
ඒක හරියට පිරිසිදු, -
8:23 - 8:26පැරණි බෞද්ධ සංස්කෘතිය වගේ.
-
8:26 - 8:29ඒ පිරිසිදු බෞද්ධ සංස්කෘතිය,
-
8:29 - 8:32මරණය ගැන සැලකු අයුරු දකින විට,
-
8:32 - 8:34කම්පාවීම් නැති සමාජයකුත්
තියෙන බව දන ගත්තා. -
8:34 - 8:39ඒක අලුත් අත්දැකීමක්.
-
8:39 - 8:43ඒක මට පෙන්නුම් කලා,
අපේ ශෝකවීම් -
8:43 - 8:46සංස්කෘතියෙන් එකතුවුන දේයක් බව.
-
8:46 - 8:49තවත් ආකාරයක් තියෙනවා ඒ ගැන බලන්න,
-
8:49 - 8:54ඇයි අපි බැඳෙන්නේ
ඒ වගේ දුක් වේදනාවන්ට? -
8:54 - 8:55ඇත්තටම ඒකට හේතුවත් එයමයි
-
8:55 - 8:57ඔයගොල්ලන් මා එක්ක එකඟ
වෙන්නේ නැති වෙන්න පුළුවන් -
8:57 - 9:00නමුත් මම අභියෝග කරනවා!
-
9:00 - 9:04ඇයි අපි දුක්මුසු සිනමා දර්ශන බලන්න යන්නෙ?
ඒකට හේතුවත් එයමයි. -
9:04 - 9:07අපි අඬන්න කැමති නිසා.
-
9:07 - 9:11ඇත්තටම අපි තුල තියෙන ඒ හැඟීම්
අපි පෝෂණය කරනවා -
9:11 - 9:15අපි කැමතියි හැඟීම් බර වෙන්න.
-
9:15 - 9:17එක් කාන්තාවක් ඉන්නවා මෙහි නිතර එන,
-
9:17 - 9:18අද ඇය මෙතන නැහැ,
-
9:18 - 9:20දෙවීයන්ට ස්තුති වෙන්න
(සභාවේ සිනහ..) -
9:20 - 9:21ඇය වරක් මට කියුවා, ඇගේ අම්මා
-
9:21 - 9:23ඉතා ප්රිය කරනවාළු
-
9:23 - 9:24ඒ අඬන සිනමා නරඹන්න.
-
9:24 - 9:29ඇය මට විස්තර කලා ඒ චීන සිනමා ගැන.
-
9:29 - 9:33ඒ චීන සිනමා,
මෙතන ගොඩක් දෙනා ඉන්නවා -
9:33 - 9:36මැලේසියාව, සිංගප්පූරුව සහ හොංකොං වලින්,
-
9:36 - 9:38ඔයගොල්ලන් දන්නවා මම කියන දේ-
-
9:38 - 9:42පිරිමි ළමයා මුනගැහෙනවා ගැහැණු ළමයව
නමුත් දෙන්නට එකතු වෙන්න බැහැ කවදාවත්. -
9:42 - 9:45එක්කෝ පවුල, නැත්නම් ඉම්පීරීයල් හමුදාව
-
9:45 - 9:48නැත්නම් වෙනත් ඛේදවාචකයක් හරස් වෙනවා.
-
9:48 - 9:50(සභාවේ සිනහ..) අවසානයේදී
-
9:50 - 9:53දෙන්නම මැරෙනවා,
නැත්නම් වෙන් වෙනවා. -
9:53 - 9:56ඒක එහෙම වෙනවා කියලා ඒ ගොල්ලන් දන්නවා!
-
9:56 - 9:58සෑම සිනමාවකම කතාව ඒකයි.
-
9:58 - 10:00අනිවාර්යෙන්ම දුක්ඛදායක අවසානයක්.
-
10:00 - 10:03ඉතින් ඇයගේ අම්මා ගෙදර එනවා,
-
10:03 - 10:04සතිපතා සිනමා නැරඹීමෙන් පස්සේ,
-
10:04 - 10:07රතු පාට ඇස්, මග දිගටම, ගෙදරටම එනකන්,
-
10:07 - 10:11ඇය අඩමින් ඇවිත් තියෙන්නෙ,
-
10:11 - 10:14ඇය අහනවා,
“ඇයි අම්මා ඔහොම දුක් සිනමා නරඹන්නේ?” -
10:14 - 10:16“ආහ්, මට ආසයි ඇඬෙන නිසා,
-
10:16 - 10:17හරිම දුකයි
-
10:17 - 10:20දුක හිතෙන නිසා හරි ආසයි”
-
10:20 - 10:24(සභාවේ සිනහ..)
-
10:24 - 10:28ඒක ඒ තරම් හාස්යජනක දෙයක් නෙවෙයි.
-
10:28 - 10:30මගේ ජීවිතයේ, වැදගත් අත්දැකීම් තියෙන,
-
10:30 - 10:32අවස්ථා තියෙනවා, මේ සමුළුවෙදි වගේ,
-
10:32 - 10:35ජීවිතය සහ මරණය ගැන
-
10:35 - 10:36වෙනස් ආකාරයකට බැලීම සහ
-
10:36 - 10:38දුක් වීමට අවශ්යතාවක් නැති එක ගැන.
-
10:38 - 10:41මගේ කෙටි දේශනයෙන් පස්සේ,
-
10:41 - 10:43කාන්තාවක් මා ලඟට ඇවිත් කියුවා
-
10:43 - 10:46
“දුක් වීමේ ඇති වැරැද්ද මොකක්ද” -
10:46 - 10:49ඇයගේ ලඟ ඥාතියෙක්,
-
10:49 - 10:52ඛේදජනක අයුරින්
මිය ගිය නිසා -
10:52 - 10:54ඇය අවුරුදු 5ක් 6ක් ශෝක වෙමින් ගත කරලා.
-
10:54 - 10:59මොනම හේතුවක් නිසාවත්
ඇය ඒ ශෝකය අත හරින්නේ නැහැ. -
10:59 - 11:01මම දැක්කේ ඇය ශෝකයට
-
11:01 - 11:03බැඳිලා ඉන්නවා.
-
11:03 - 11:04ඇයගේ
පුද්ගලික අනන්යතාව ඒකයි. -
11:04 - 11:06ඇය ඒ සමුළුවෙන් මේ සමුළුවට,
-
11:06 - 11:10ඒ දොස්තරගෙන් මේ දොස්තර ලඟට යනවා.
-
11:10 - 11:14ඇයගේ අනන්යතාව තමයි ශෝකවීම.
-
11:14 - 11:17මේක අපි මුහුණදෙන බරපතල ප්රශ්නයක්.
-
11:17 - 11:19සමහරවිට අපි අපේ අනන්යතාවන් හදා ගන්නවා.
-
11:19 - 11:21අපි ඒ ශෝකයට බැඳෙනවා, ඒ තමයි
-
11:21 - 11:22“මම”
-
11:22 - 11:27අපි අසාධාරණයට ගොදුරු වෙනවා
-
11:27 - 11:31ඒ ගැනත් අපි නොමනා සතුටක් විඳිනවා
-
11:31 - 11:32ඒ අසාධාරණයට ගොදුරු වීම ගැන.
-
11:32 - 11:35ශෝක වීම ගැන සතුටු වෙනවා.
-
11:35 - 11:39බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා,
-
11:39 - 11:41නැවැත නැවතත් සදහන් වෙනවා
-
11:41 - 11:44සුත්ර දේශනා වල, උන්වහන්සේ කියනවා
-
11:44 - 11:46සියලු සෘණාත්මක හැගීම්, ශෝකය, කේන්තිය
-
11:46 - 11:49ඊර්ෂ්යාව, ඒ වගේම භය
-
11:49 - 11:54මේ සේරමෙහි තෘප්තියක් තියෙනවා කියලා.
-
11:54 - 11:55එහි තෘප්තියක් තිබුනේ නැත්නම්
-
11:55 - 11:57එහෙනම් මිනිස්සු බියට, ඊර්ෂ්යාවට
-
11:57 - 12:00හෝ තරහට පත්වන්නේ නැහැ.
-
12:00 - 12:03මොකද, ඔයගොල්ලන් දන්නවා,
සමහරවිට තරහ ගියාම -
12:03 - 12:05මිනිස්සුන්ට බලවත් බව හැඟෙනවා.
-
12:05 - 12:07ඒක හරියට හෙරොයින් නැත්නම්
-
12:07 - 12:09උත්තේජක මත් ද්රව්ය වගේ.
-
12:09 - 12:13ඔබ බලවත් වෙනවා ඒ වෙලාවට
-
12:13 - 12:15එහි තෘප්තිමත් ගතියක් තියෙනවා.
-
12:15 - 12:18ඒකයි මිනිස්සු කෝප වෙන්නේ,
-
12:18 - 12:21සාහසික වෙන්නේ, ඊර්ෂ්යා වෙන්නේ
-
12:21 - 12:25ඒ වගේම කම්පා වෙන්නේ,
-
12:25 - 12:27එහි රසයක් තියෙනවා.
-
12:27 - 12:30මේක බුදුන් වහන්සේගේ අසිරිමත් දේශනාවක්.
-
12:30 - 12:34මේවායෙහි රසයක් තියෙන නිසා,
එකයි මිනිස්සු ඒවාට ඇලෙන්නෙ. -
12:34 - 12:35නමුත් ඇයි ඒ අය ඒක අතහරින්නෙ නැත්තෙ,
-
12:35 - 12:37ඒ අයට ඒහි රසය පේනවා ,
-
12:37 - 12:40නමුත් එහි අනතුර දකින්නේ නැහැ.
-
12:40 - 12:42කේන්තියත් සමග, ඔව්,
ඔබට ලැබෙනවා උත්තේජනයක්, -
12:42 - 12:44නමුත් ඔබට ගෙවන්න සිද්ද වෙනවා ඒ සදහා පසුව.
-
12:44 - 12:47ඒක මත්ද්රව්යයක් වගෙයි.
-
12:47 - 12:49අපි ලඟ තියෙනවා තවත් නොයෙක් වැඩදායක
-
12:49 - 12:51නොවෙන හැගීම්, ඊර්ෂ්යාව වගේ.
-
12:51 - 12:56ඔව්...ඔබව මඟ හැරිලා වගේ හැඟීමක් එනවා.
-
12:56 - 13:00නමුත් ඔබට පසුව ඒවාට ගෙවන්න සිද්ද වෙනවා.
-
13:00 - 13:02ඔව් ඔබට ශෝකය දැනෙනවා තමයි
-
13:02 - 13:04ඔබව අසාධාරණයට ගොදුරු උනා කියලා,
-
13:04 - 13:06නමුත් දෙවියනේ! මොන තරම් නම්
-
13:06 - 13:08ඔබට ගෙවන්න වෙනවද.
-
13:08 - 13:11ඉතින් ඒ ඍනාත්මක
හැඟීම් වලට ඇති බැඳීම්, -
13:11 - 13:14විශේෂයෙන් අතීතයේ වේදනාවන්ට
තිබෙන බැඳීම් තමයි -
13:14 - 13:18අපේ සතුටට තිබෙන නිදහසට
-
13:18 - 13:23එරෙහි වෙන්නේ.
-
13:23 - 13:26අද උදේ මම සහභාගි වුනා කුඩා සමුළුවකට.
-
13:26 - 13:29කතෝලික අධ්යාපන කේන්ද්රයෙන්
සංවිධානය කරලා තිබුනෙ. -
13:29 - 13:31ඒක ගුරුවරුන්ට සහ
-
13:31 - 13:33කතෝලික අධ්යාපන පද්ධතියට.
-
13:33 - 13:36ඒක සමාදානය සහ
සමාව පිළිබදව. -
13:36 - 13:38එහි හොඳ කථිකයින් හිටියා.
-
13:38 - 13:40සහකාර කොමසාරිස්වරයෙක්,
-
13:40 - 13:43සම්බන්ධිකාරවරිය Michelle Stubbs,
-
13:43 - 13:46ඒ ළමා අපයෝජනයෙන් විපතට
පත්වූවන් වෙනුවෙන්. -
13:46 - 13:50අද අපේ නවීන සමාජයේ
බරපතල ප්රශ්නයක් ඒක. -
13:50 - 13:52සැහෙන සංඛ්යාවක්,
-
13:52 - 13:54ළමා කාලයේදී ලිංගික හෝ ශාරීරික
අපයෝජනයට -
13:54 - 13:56ලක්වෙලා.
-
13:56 - 14:00අපි කොහොමද මේකට මුහුණ දෙන්නෙ.
-
14:00 - 14:03එහිදී යෝජනා වුනේ..
-
14:03 - 14:06මේක සැලකියයුතු කාරණයක්.
මේ ළමා අපචාර වලින් -
14:06 - 14:08විපතට පත් වුනු ගොඩ දෙනෙක්ට
-
14:08 - 14:12හැඟෙනවා, ඒ ගොල්ලන්ට අවශ්යයි ඒ ගොල්ලන්ගේ
-
14:12 - 14:16නඩුව උසාවියේදී විභාග වෙන්න.
-
14:16 - 14:19ඒ ගොල්ලන්ගේ වේදනාවට
නිසි සැලකිල්ල -
14:19 - 14:22යොමු වෙන්න,
යම් ආකාරයකට විපාක ඵල දෙන්න. -
14:22 - 14:25අපේ සමාජය, විපාක ඵල දීමකට
-
14:25 - 14:28වඩා දෙයක් ඉල්ලන්නේ.
ඉල්ලනවා -
14:28 - 14:30දඬුවම්, සිර දඬුවම්,
-
14:30 - 14:32සිරගත නොවන දඬුවම්.
-
14:32 - 14:38සමහර අය ඉල්ලනවා ශාරීරක දඬුවම්,
මරණ දඬුවම පවා. -
14:38 - 14:40එම විවාදයේදී
-
14:40 - 14:42මම හිඳගෙන සිටියේ
කතෝලික පියතුමෙක් ලඟ. -
14:42 - 14:45ඔහු මට කියුවා ඇමෙරිකාවෙන්
-
14:45 - 14:48වාර්තා වුණ කතාවක්.
-
14:48 - 14:51ඝාතනයට ලක්වුණු කෙනෙකුගේ
-
14:51 - 14:56නෑදෑයින් සහභාගී වුණා
-
14:56 - 14:58ඝාතකයාගේ
-
14:58 - 15:01මරණ දඬුවමට.
-
15:01 - 15:02මරණ දණ්ඩනය නැරඹීමෙන්
-
15:02 - 15:05අනතුරුව ඇවිත් කියලා,
-
15:05 - 15:09මරණ දණ්ඩනය ගොඩක් වේගවත්..
-
15:09 - 15:11ඒක සෙමින් සිද්ද වෙන්න තිබුනා. කියලා
-
15:11 - 15:15ඒ කතාව මට ලොකු වේදනාවක්
ගෙන දෙනවා. -
15:15 - 15:17ඒ ගොල්ලන්ට අවශ්ය වේදනාව.
-
15:17 - 15:20ඒ ගොල්ලන්ට උවමනා වුනා
-
15:20 - 15:22-- ඒ ගොල්ලන්ගේ දරුවාගෙ -- මම දන්නේ නැහැ--
-
15:22 - 15:24ඥාතියාගේ ඝාතකයාගේ... වේදනාව.
-
15:24 - 15:27ඔහු මට විස්තර දුන්නේ නැහැ.
-
15:27 - 15:28ඇයි මනුෂ්යයෙකුට
-
15:28 - 15:32තව කෙනෙකුට හිංසා කරන්න ඕන වෙන්නේ
-
15:32 - 15:36ඒ කෙනා අපිට හිංසා කල පලියට?
-
15:36 - 15:39ඒ අපි විපතට පත්වුනු කෙනෙක් වශයෙන්
ඇති කරගන්න බැඳීම නිසයි -
15:39 - 15:44නැත්නම් සංස්කෘතික අභාෂය නිසයි
-
15:44 - 15:47‘ඇසට ඇසක්, දතට දතක්’
-
15:47 - 15:49ආකාරයට බලන එක අපේ සමාජයේ
-
15:49 - 15:52ගොඩක් දෙනෙක් ලඟ
-
15:52 - 15:53බොහොම තදින් තවම පවතිනවා.
-
15:53 - 15:56මගෙන් විමසුවා බුද්ධ ධර්මයේ ස්ථාවරය
-
15:56 - 16:01එවැනි දේ ගැන
-
16:01 - 16:05මම ශිෂ්යයෙක් හැටියට,
කියවපු පොතකින් උපුටා දැක්වූවා. -
16:05 - 16:08ඒ අදහස්, පීඩිතයා වීම, අපරාධ සහ දඬුවම් ගැන
-
16:08 - 16:13මගේ ආකල්පයන් ගොඩක් දුරට වෙනස් කලා.
-
16:13 - 16:15මම කලින් මෙහිදී සඳහන් කරලා තියෙනවා..
-
16:15 - 16:17ඒ අඟනා පොත ලියැවිලා තියෙන්නෙ
-
16:17 - 16:19අවුරුදු 100කටත් කලින්,
එහි නම -
16:19 - 16:21“එරවොන්”
ලියල තියෙන්නෙ “සැමුවෙල් බට්ලර්” -
16:21 - 16:25ඒක ගොඩක් ආභාෂය වෙලා තියෙනවා,
-
16:25 - 16:28බ්රිතාන්යයේ මහා නාට්ය රචකයා,
ජෝර්ජ් බර්නාර්ඩ් ෂෝ ට. -
16:28 - 16:30ඒක වෙනස් කලා ඔහු සමහර
-
16:30 - 16:32සමාජීය ප්රශ්න දිහා බලපු ආකාරය.
-
16:32 - 16:34ඒ වගේම ඒ උපහාස රචනා විලාසය
-
16:34 - 16:38ඵලදායක තර්කයක් වුණා
-
16:38 - 16:42අපි අපරාධ කරුවන් නැත්නම් නරක ක්රියා
-
16:42 - 16:46කල මිනිසුන්ට දඬුවම් දීමෙන්
-
16:46 - 16:49ප්රතික්රියා දැක්වීම කෙරෙහි.
-
16:49 - 16:51ඒක අනාගත දැක්මක් වුණා,
-
16:51 - 16:55අද සමාජයේ අපි අපරාධ හැටියට සලකන දේ
-
16:55 - 16:58රෝගයන් ලෙස සලකා ප්රතිකාර කිරීමට.
-
16:58 - 17:02ප්රතිකාර කිරීම, ප්රතිකාර කිරීම පමණක්ම
-
17:02 - 17:05අපරාධ සඳහා ප්රතිකර්මය බවට ස්ථාපිත කිරීමට.
-
17:05 - 17:07කවුරු හරි සොරකම් කලොත්,
ඔහු හමුවෙනවා ගිහින් -
17:07 - 17:10දොස්තර කෙනෙක්ව.
-
17:10 - 17:13කවුරු හරි ලිංගික අපචාරයක් කලොත්,
-
17:13 - 17:16ඒක රෝගයක් හැටියට සලකන්නේ.
-
17:16 - 17:19දඬුවම් දීම ගැන සැලකීමක් කරන්නෙම නැහැ.
-
17:19 - 17:21නමුත් කොහොමහරි, පුනරුත්ථාපනයක්,
-
17:21 - 17:25ඒ මනුෂ්ය ස්වභාවයේ දෝෂයට,
-
17:25 - 17:29ප්රතිකර්මයක් සොයන්නේ.
-
17:29 - 17:33නමුත් ශාරීරික සෞඛ්ය කාරණා සලකනවිට,
-
17:33 - 17:36ඔබ රෝගාතුර වෙලා නම්, ඒ
-
17:36 - 17:38ඔබ ප්රවේශම් නොවුණු නිසා.
-
17:38 - 17:41ඉතින් ඔබට දඬුවම් කරනවා.
-
17:41 - 17:44මට හැමදාමත් මතක තියෙන,
-
17:44 - 17:46ඒ පොතේ පරිච්ජේදයක්,
-
17:46 - 17:49එහි තියෙන්නෙ උසාවියක සිදුවීමක්.
-
17:49 - 17:53දුප්පත් මිනිසෙකුට සෙම්ප්රතිශ්යාව හැදිලා.
-
17:53 - 17:55සෙම්ප්රතිශ්යාවක් තිබුනම
-
17:55 - 17:57(මෙතැනත් ගොඩ දෙනෙකුට සෙම්ප්රතිශ්යාව,
-
17:57 - 17:58[සභාව අරභයා],කැස්සත් තියෙනවා,
-
17:58 - 18:00ඔයගොල්ලන් ලොකු අමාරුවක ඒ සමාජයේනම්)
-
18:00 - 18:02ඉතින් ඔහුට සෙම්ප්රතිශ්යාව නිසා,
-
18:02 - 18:05විත්ති කූඩුවට නංවලා.
-
18:05 - 18:07චෝදනාව ලෙඩ වීම.
-
18:07 - 18:09සොටු පෙරෙමින් හිටි නිසා,
-
18:09 - 18:12ඔහුට නිදහසට කරුණු තිබුනේ නැහැ.
-
18:12 - 18:14විනිසුරුවරයා තීන්දු කලා,
-
18:14 - 18:18සෙම්ප්රතිශ්යාව සඳහා වැරදිකරු බව.
-
18:18 - 18:20ඔහු දඬුවම
-
18:20 - 18:22ප්රකාශ කරන්න කලින් කියුවා
-
18:22 - 18:24“මේ පළමු වතාව නෙවෙයි ඔබ මෙතැන
-
18:24 - 18:25ඉදිරිපත් කෙරුනේ, සුමාන 3කට කලිනුත්
-
18:25 - 18:28සෙම්ප්රතිශ්යාව වැලඳිලා මෙතැනට ආවා.
-
18:28 - 18:31මම අවවාද කලා ඒ වතාවේ ඔබට
ඔබ හොඳට කෑම කන්නේ නැත්නම්, -
18:31 - 18:33සෞඛ්ය ගැන මීට වැඩ සැලකිලිමත් නැත්නම්,
-
18:33 - 18:36මානසික ආතතිය ගැන සැලකිලිමත් නැත්නම්,
-
18:36 - 18:37ඒක ඔබේ වගකීම නිරෝගිමත්ව සිටීම,
-
18:37 - 18:40ඔබ නොසැලකිලිමත්, ඔබේ සෙම්ප්රතිශ්යාව
-
18:40 - 18:42අනිත් මිනිසුන්ට අනතුරුදායකයි!
-
18:42 - 18:43ඔබේ හැසිරීම වගකීම් විරහිතයි,
-
18:43 - 18:45අනිත් අය ගැන සැලකිලිමත් නැහැ,
විෂබීජ -
18:45 - 18:46පතුරුවනවා අනිත් මිනිසුන්ට
-
18:46 - 18:49එහෙම සුදුසු නැහැ,
-
18:49 - 18:51සෙම්ප්රතිශ්යාව තිබීම සහ
නැවත එම වරද කිරීම -
18:51 - 18:56වෙනුවෙන්,
අවුරුදු 3ක සිර දඬුවම් නියම කරනවා!" -
18:56 - 18:59එකේ තර්කානුකුල බවක් තියෙනවා.
-
18:59 - 19:03
ඔබට අසනීපනම් ඒක ඔබේ වගකීම නේද, -
19:03 - 19:05හොඳට ව්යායාම කරලා,
-
19:05 - 19:10කෑම කාලා ඉන්න එක?
-
19:10 - 19:13ඔබට අසනීපනම්,
ඔබ සමාජයට ලොකු බරක්, හිසරදයක්. -
19:13 - 19:16ඔබ සමාජයේ සම්පත් කොල්ලකන්නෙක්.
-
19:16 - 19:20වගකීමක් නැති වදකාරයා,
-
19:20 - 19:23දුෂ්ට අවලමා, හැමවෙලේම
-
19:23 - 19:25සෙම්ප්රතිශ්යාව හදාගන්නවා.
-
19:25 - 19:28ඉතින් ඒ ගොල්ලන්ට දඬුවම් නියම වුනා.
-
19:28 - 19:30පෙනෙන හැටියට, මෙයින් මට ඉතාමත්
-
19:30 - 19:33පැහැදිලිව පසක් වුනේ, අපි ලඟ තියෙන
-
19:33 - 19:35දෙබිඩි පිළිවෙත.
-
19:35 - 19:37ඇයි අපි අසනීප වුණාම,
-
19:37 - 19:41කිසි කෙනෙකුට දඬුවම් ලබා
දෙන්නෙ නැත්තෙ අසනීප වීම ගැන. -
19:41 - 19:42අපරාධ හැටියට හදුන්වන දේයි,
-
19:42 - 19:44ශාරීරික ලෙඩ අතරෙයි
-
19:44 - 19:49වෙනසක් තියෙනවද?
-
19:49 - 19:50ඉතින් මගෙන් ඇහුවම
-
19:50 - 19:53දඬුවම් කෙරෙහි,
බුදුදහමේ ආකල්පය කුමක්ද? -
19:53 - 19:55මම කියනවා,
-
19:55 - 19:57අපරාධය රෝගයක් වගේ,
-
19:57 - 19:59නිරෝධායනය, (කොරන්ටීන් ) කරන්න අවශ්යයි.
-
19:59 - 20:01සෞඛ්ය හේතු මත පැත්තකට කරලා තියන්න,
-
20:01 - 20:03එතකොට වෙන කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ,.
-
20:03 - 20:06රෝගය ඔබ ලඟ උත්සන්නව තිබෙන තාක්,
ඔබ අනතුරුදායකයි අනෙක් අයට. -
20:06 - 20:08නමුත් ඔබව නිරෝධායනයට යටත් කරලා -
-
20:08 - 20:10- තියෙන කොට ඒක දඬුවමක් හැටියට
සලකන්නෙ නැහැ. -
20:10 - 20:11ඒක සලකන්නෙ,
-
20:11 - 20:13පුනරුත්ථාපනයක් හැටියට.
-
20:13 - 20:14ඒ ප්රශ්නය අරගෙන,
එකත් එක්ක වැඩ කරන්න, -
20:14 - 20:16තවදුරටත් ඒක ප්රශ්නයක් නොවෙන තාක්,
-
20:16 - 20:18ලෙඩේ බෝවෙන තාක්,
-
20:18 - 20:20ඔබ සමාජයට අනතුරක් වෙන තාක්,
-
20:20 - 20:23ඔබ නිරෝධායනයෙ.
-
20:23 - 20:26ඉතින් ඇයි අපිට බැරි ඒක සලකන්න
-
20:26 - 20:28දණ්ඩන ක්රියාදාමය හැටියට,
-
20:28 - 20:30සමාජයට අනතුරක් තියෙන තාක් ඉන්න.
-
20:30 - 20:31නමුත් දඬුවමක්
-
20:31 - 20:33හැටියට නෙවෙයි,
-
20:33 - 20:35සුව කල යුතු රෝගයක් හැටියට.
-
20:35 - 20:39දඬුවම නෙවෙයි, පුනරුත්ථාපනය.
-
20:39 - 20:42බුද්ධ ධර්මය මම තේරුම් ගන්නෙ ඒ විදයටයි.
-
20:42 - 20:43දිගු කාලයකට පෙර ඉදන් බෞද්ධයෙක් හැටියට,
-
20:43 - 20:45ඵලදායක ඉදිරියට යන ක්රියාදාමයක් හැටියට,
-
20:45 - 20:48මම තේරුම් ගන්නෙ ඒ විදයටයි.
-
20:48 - 20:51එත් ඇයි මිනිසුන්ට ඒක අවශ්ය නැත්තෙ.
-
20:51 - 20:53ඒ ගොල්ලන්ට ඕනේ, මිනිසුන්ට දඬුවම් කරන්න,
-
20:53 - 20:56ඒ අය අපිට රිදවපු හැටියටම.
-
20:56 - 20:58මම හිතන්නේ අපිට,
-
20:58 - 21:01ඇත්තටම ගැඹුරින් තේරුම් ගන්න
-
21:01 - 21:04අමාරුයි ඇයි මිනිස්සු මේ භයානක දේ කරන්නෙ.
-
21:04 - 21:06ඇයි ඒ ගොල්ලන් මේ,
-
21:06 - 21:09වැරදි වලට යොමු වෙන්නෙ කියා ගැඹුරින්
-
21:09 - 21:10තේරුම් ගන්න, මේ අපරාධ, රිදවීම්,
-
21:10 - 21:13මේ පීඩාවන් එන්නෙ කොහෙන්ද විතරක් නෙවෙයි,
-
21:13 - 21:15අනාගතයෙ අපි කොහොමද
-
21:15 - 21:18මේ පීඩාවන්, රිදවීම් වලට ඇති අවස්ථාව
-
21:18 - 21:21අවම කරගන්නේ කියා තේරුම් ගත යුතුයි.
-
21:21 - 21:23පීඩාවට පත් තැනැත්තා
බවට බැඳීමෙන් -
21:23 - 21:27පලක් නැහැ.
-
21:27 - 21:30මම සමහරවිට කල්පනා කරනවා,
ඇයි මිනිස්සුන්ට, -
21:30 - 21:33තව කෙනෙකුට දඬුවම් කරන්න අවශ්යය.
-
21:33 - 21:36ඔබ ක්රිස්තියානි භක්තිකයෙක් නම් දෙවියො
-
21:36 - 21:39දඬුවම් දෙයි.
ඔබට තියෙන උවමනාව ඇයි -
21:39 - 21:40දඬුවම් දෙන්න?
-
21:40 - 21:43ඔබ මුස්ලිම් නම්,
අල්ලාහ් බලා ගනීවි. -
21:43 - 21:45ඔබ බෞද්ධ නම්, කර්මය
-
21:45 - 21:46බලා ගනීවි. ඔබ කිසිම
-
21:46 - 21:49ආගමක් අදහන්නෙ නැත්නම්,
-
21:49 - 21:50ඔබ දන්නවා ඒ පුද්ගලයට,
-
21:50 - 21:52මනෝචිකිත්සාව ලබා ගන්න වෙනවා
-
21:52 - 21:54අවුරුදු ගණනක් යනතුරු.
-
21:54 - 21:57මොනවා වුනත්, කිසි කෙනෙකුට
තමන්ගේ නරක හැසිරීමේ -
21:57 - 22:03විපාක විඳින්නේ නැතිව
බේරෙන්න බැහැ. -
22:03 - 22:05බටහිර ඔස්ට්රේලියාවට මා පැමිණි
-
22:05 - 22:07මුල් කාලයේදි , සිර ගෙවල් වලට බොහෝ
-
22:07 - 22:09සැරයක් ගියා. අවුරුදු ගණන් ඒවායේ ගත කරන
-
22:09 - 22:12සිරකරුවන් සමඟ කිට්ටුවෙන්
ඇසුරු කරන්න ලැබුණා. -
22:12 - 22:14ඒ අවස්ථාවන්හිදී මා පැහැදිලිව
-
22:14 - 22:15අත් දැකපු දෙයක් නම්,
-
22:15 - 22:18හෘද සාක්ෂියක් නොමැති සිරකරුවෙක්
-
22:18 - 22:21මට කිසිම අවස්ථාවක හැමුවී නැහැ.
-
22:21 - 22:25ඒ ගොල්ලන් මවාපානවා,
-
22:25 - 22:27හෘද සාක්ෂියක් නොමැති ලෙසින්,
-
22:27 - 22:29හිතනවා “හරි මම මෙතනින් ගියාම,
-
22:29 - 22:32පුළුවන් තරම් ගෙවල් කොල්ල කනවා,
-
22:32 - 22:33මට නීතියෙන් වැඩක් නැහැ,
-
22:33 - 22:35මම මෙතැනින් එලියට යනකං
-
22:35 - 22:38ඉන්නෙ.”
-
22:38 - 22:42නමුත් සමහර අය, මට කිට්ටුවෙන්
අඳුනා ගන්න ලැබුනම, ඒ සෑම කෙනෙක්ම -
22:42 - 22:44ප්රකාශ කලේ, ඒ ගොල්ලන් අනිත් අයට කල දේ
-
22:44 - 22:47ගැන මොනතරම් හදවතින්
-
22:47 - 22:49පීඩා විඳිනවද යන වගයි.
-
22:49 - 22:52ඒ ගොල්ලන්ට නොදැනුනා නෙවෙයි
-
22:52 - 22:55හද පත්ලෙන් ඒ වේදනාව
-
22:55 - 22:58අනිත් අයට ගෙන දීපු.
නිතරම ඒක දැනුනා. -
22:58 - 23:00පශ්චාත්තාපවීම නිතරම තිබුණා.
-
23:00 - 23:03ඒ වගේම, තමා චන්ඩියෙක්
ලෙස පෙන්වීමේ මානසිකත්වය. -
23:03 - 23:05ඒ ගොල්ලන්ගේ පසුතැවීම පෙන්නුවේ නැහැ.
-
23:05 - 23:09ඉතින් නිරන්තරයෙන්ම එතැන
-
23:09 - 23:10දඬුවමක් විඳිනවා.
-
23:10 - 23:12කවුරුහරි නරකක් කෙරුවොත්,
-
23:12 - 23:14එහි වේදනාව විඳින්න වෙනවා.
-
23:14 - 23:16මේක තමයි කර්මයෙ නියමය.
-
23:16 - 23:19ඒක ඒ ගොල්ලන්ට ආපසු ආ යුතුයි.
-
23:19 - 23:21ඒ ඔබ බෞද්ධද, ක්රිස්තියානිද,
-
23:21 - 23:23වෙන ආගමක් අදහන්නෙක්ද අනුව නෙවෙයි.
-
23:23 - 23:26ඒක ගුරුත්වාකර්ෂණ නියමය වගේ,
-
23:26 - 23:29ඔබට විශ්වාස කරන්න හෝ
නොකරන්න අවශ්ය නැහැ. -
23:29 - 23:30ඔබේ විශ්වාසය කුමක් වුවත්
-
23:30 - 23:32එය වෙනවා.
-
23:32 - 23:35ඉතින් අපිට කාටවත්
දඬුවම් කරන්න අවශ්ය නැහැ. -
23:35 - 23:36ඒ වෙනුවට සම්පුර්ණ සිදුවීම යන්නට
-
23:36 - 23:40ඉඩ හරින්න පුළුවන්.
-
23:40 - 23:41අපි ඒකට යන්න ඉඩ හැරියේ නැත්නම්,
-
23:41 - 23:45අපි ජීවිත කාලයටම, එහි පීඩාවට
-
23:45 - 23:48පත්වන්න වෙනවා.
-
23:48 - 23:49එහිදී බලපාන්නේ නැහැ කවුද
-
23:49 - 23:53වැරැද්ද කලේ, කවුද රිදවුවේ, කවුද ගැරහූවේ.
-
23:53 - 23:56ඔබ එයට යන්නට ඉඩ අරින තුරු, ඔබ හැමදාමත්
පීඩිතයා වෙනවා. -
23:56 - 24:00ඉන් ඔබට කවදාවත් ගැලවීමක් ලැබෙන්නේ නෑ.
-
24:00 - 24:04අවශ්ය අපි කොහොමද,
ඒ අත හරින මොහොතට එළැඹෙන්නේ. -
24:04 - 24:07සමහරවිට අපිට හිතෙනවා,
-
24:07 - 24:08අපිට වැරැද්ද කල කෙනාව
-
24:08 - 24:10අභියෝගයට ලක් කලයුතුයි,
-
24:10 - 24:13අපි විසින්ම සිදු වූ දේ හරි ගැස්සිය යුතුයි,
-
24:13 - 24:15අපිට වූ දේ අවදානයට ලක් විය
-
24:15 - 24:18යුතුයි, අපේ දුක්ගැනවිල්ල හඬ නැංවිය යුතුයි.
-
24:18 - 24:21සමහරවිට ඒක සඵල කර ගන්න බැහැ.
-
24:21 - 24:26එහෙම බැරි වුනත් ඉතින් මොකද?
-
24:26 - 24:28සමහරවිට ඔබේ හඬ ඇසෙන්නට
-
24:28 - 24:29අවශ්ය නැහැ,
-
24:29 - 24:31සමහරවිට ඔබට හිංසා කල,
-
24:31 - 24:33රිදවපු කෙනාව, අභියෝගයට
-
24:33 - 24:35ලක් කරන්න අවශ්ය නැහැ.
-
24:35 - 24:38ඔබට නිදහස තියෙනවා සෑම මොහොතකම,
-
24:38 - 24:40අනිත් අයගේ බලපෑමකින් තොරව,
-
24:40 - 24:43නීතියේ ක්රමවේදයෙන් තොරව,
-
24:43 - 24:45ඒ ඔබව හිංසාවට, රිදවීමට හෝ,
-
24:45 - 24:47අපයෝජනයට ලක්කල පුද්ගලයා
-
24:47 - 24:48කොහේ හිටියත්,
-
24:48 - 24:51ඔබට ඕනෑම මොහොතක නිදහස
-
24:51 - 24:54තියෙනවා අත හරින්න.
-
24:54 - 24:57අපිත් සමඟ අරගෙන යන මේ බැඳීම්,
-
24:57 - 25:01අපිමයි තෝරාගෙන තියෙන්නෙ ඒවා අරගෙන යන්න.
-
25:01 - 25:02එහෙම කරන්න අනිවාර්ය නැහැ.
-
25:02 - 25:05අධික ශෝකය, තායිලන්තයේ
-
25:05 - 25:07අවුරුදු සියගණනක් පැරණි,
-
25:07 - 25:09බෞද්ධ සංස්කෘතියේ අංගයක් නොවන බවට
-
25:09 - 25:11ලත් අත්දැකීමෙන්,
-
25:11 - 25:13මම ඉගෙන ගත්තා, සාමාන්යයි, ස්වාභාවිකයි,
සිදුවිය යුතුයි -
25:13 - 25:15යනුවෙන් මම හිතපු දේ ඇත්තටම
-
25:15 - 25:17සාමාන්ය නැහැ, ස්වාභාවික නැහැ,
-
25:17 - 25:19සිදුවීමට අවශ්ය නැති බව.
-
25:19 - 25:21ඒක අපි ජීවිතයේ ප්රශ්න සමඟ ගනුදෙනු කරන්න
-
25:21 - 25:25ඉගෙනගෙන තිබෙන ආකාරය පමණයි.
-
25:25 - 25:27අපිට නැවත ඉගෙනගෙන පුළුවන්
-
25:27 - 25:30ඒවා වෙනස් විදියකට කරන්න.
-
25:30 - 25:32කවුරිහරි ඔබට හිංසා කරනවා, රිදවනවා,
-
25:32 - 25:37ඇයි බැරි ඉතා ඉක්මනින්
එය හිතෙන් බැහැර කරන්න. -
25:37 - 25:38මම නිතර කියලා තියෙනවා,
-
25:38 - 25:41මේක තමයි සමාදාන වීමේ
-
25:41 - 25:42පළමු පියවර තේරුම් ගැනීම.
-
25:42 - 25:44අත හරින්න, සමාව දෙන්න,
අත හරින්න, ඉදිරියට යන්න. -
25:44 - 25:48මම නිතර කියලා තියෙනවා, කවුරු හරි ඔබට
-
25:48 - 25:50මොට්ටයා කියලා කියුවොත්,
ඔබ දිගටම හිතනවානම් -
25:50 - 25:52“ඇයි මට ඔහු මොට්ටයා කියුවේ,
-
25:52 - 25:55මම මොට්ටයෙක් නෙවෙයි,
ඔබ මට මොට්ටයා කියුව එක වැරදියි!” -
25:55 - 25:56ඔබ ඔවුනට ඉඩ දීලා තිබෙනවා,
-
25:56 - 25:59තව තුන් සැරයක් ඔබට මොට්ටයා කියන්න.
[සිනහා..] -
25:59 - 26:01ඔබට එය මතක් වෙන සෑම වතාවකම,
-
26:01 - 26:03ඔබ ඔවුනට ඉඩ දෙනවා තව වතාවක්
-
26:03 - 26:06ඔබට මොට්ටයා යැයි පවසන්න.
-
26:06 - 26:08ඉතින් ඇයි ඔබට බැරි, ඔවුන් ඔබට මොට්ටයා
-
26:08 - 26:10යැයි කී විගසම
එය කෙලින්ම අමතක කරලා දාන්න. -
26:10 - 26:13එතකොට ඔවුන් ඔබට මොට්ටයා
කියන්නේ එක වතාවයි. -
26:13 - 26:15ඔවුන් වැරදියි,
ඔබ දන්නවා ඔවුන් වැරදියි කියා, -
26:15 - 26:17ප්රශ්නය එතැනින් ඉවරයි.
-
26:17 - 26:18මම හිතනවා ඔබලා බොහෝ දෙනෙක් පිළිගනීවි
-
26:18 - 26:20එහි ඥානවන්ත බව,
-
26:20 - 26:22ඔයගොල්ලන්ට ඇහිලා ඇති ඕනෙ තරම්,
-
26:22 - 26:23කරලත් ඇති,
-
26:23 - 26:26මිනිස්සු ඔබට කියනවා මොට්ටයා,
කියනවා මෝඩයා, -
26:26 - 26:28කියනවා ඔබ කැතයි,
කියනවා මන්ද බුද්ධිකයි, -
26:28 - 26:30ඔබ කෙලින්ම ඒවා අමතක කරලා දානවා.
-
26:30 - 26:32කලින් අහලා නැති අයට කියන්නේ,
-
26:32 - 26:33අජාන් චා ගේ අසිරිමත් කියමනක්,
-
26:33 - 26:36“ඔබට කවුරු හරි බල්ලා කියුවොත්,
මොකක්ද ඔබ කරන්න ඕනෙ?" -
26:36 - 26:40බලන්න....” [සභාව - පැහැදිලි නැහැ]
[සිනහ] -
26:40 - 26:42බොහොම හොඳයි ඔබ ඉස්සර වුනා,
-
26:42 - 26:45විශිෂ්ටයි, ඒත් ඒක නෙවෙයි අජාන් චා කියුවෙ.
-
26:45 - 26:47කවුරු හරි ඔබට බල්ලා කියුවොත්,
-
26:47 - 26:48බලන්න ඔබේ පස්ස පැත්ත,
-
26:48 - 26:50බලන්න වල්ගයක් තියෙනවද.
-
26:50 - 26:52ඔබට වල්ගයක් නැත්නම් ඔබ බල්ලෙක් නෙවෙයි.
-
26:52 - 26:54ප්රශ්නය ඉවරයි.
-
26:54 - 26:55මිනිස්සු ඔබ ගැන කියන බොහොමයක් දේ
-
26:55 - 26:57නිවැරදි නැහැ,
-
26:57 - 26:58ඒ ඔවුන් ඔබ කවුද,
-
26:58 - 27:00මොනවද කරන්නෙ කියා නොදන්න නිසා.
-
27:00 - 27:02ඉතින් ඒක හොඳ ක්රමයක් ප්රශ්නය නවත්තන්න.
-
27:02 - 27:03නමුත් ගොඩක් දෙනා මොකද කරන්නෙ,
-
27:03 - 27:05ඒ අය ඒ ගැන හිතමින් ඉන්නවා.
-
27:05 - 27:06ඔබ ඒ ගැන හිතන සෑම වතාවකම,
-
27:06 - 27:09ඔබ ඔවුනට ඉඩ හරිනවා,
තවත් වරක් ඔබට බල්ලා කියන්න. -
27:09 - 27:10ඒක තේරුම් ගන්න ලේසියි.
-
27:10 - 27:12නමුත් කවුරු හරි ඔබට
හොඳටම රිදෙව්වොත්, -
27:12 - 27:14තද බල විදියට අපයෝජනය කලොත්,
-
27:14 - 27:20කුඩා අවදියේ ලිංගික අපයෝජනයක්?
-
27:20 - 27:22ඔබ ඒ ගැන සිහි කරන සෑම විටම,
-
27:22 - 27:24ඔබ ඔවුනට ඉඩ හරිනවද
-
27:24 - 27:28නැවතත් අපයෝජනයට ලක් කරන්න?
-
27:28 - 27:34සෑම විටම ඒ සිදුවීම මතු වන?
-
27:34 - 27:37ඇයි අපිට ඒකට යන්නට ඉඩ හරින්න බැරි
-
27:37 - 27:41එක වරම?
-
27:41 - 27:43ඒක අමාරුයි.
-
27:43 - 27:45නමුත් පුළුවනි ඇතුලත ජවයකින්,
-
27:45 - 27:47ඔබ දන්නවා,
-
27:47 - 27:48අධිෂ්ඨානයකින් නොවේ,
-
27:48 - 27:50ප්රඥා බලයෙන්,
-
27:50 - 27:51කරුණා පෙරදැරිව.
-
27:51 - 27:54ඇයි අපි ඉඩ හරින්නේ අපි විසින්ම
-
27:54 - 27:56පීඩිතයා බවට පත්වෙන්න?
-
27:56 - 27:58පීඩිතයෙක්ව කරන්න?
-
27:58 - 28:01මම මේක න්යායක් හැටියට කියනවා නෙවෙයි.
-
28:01 - 28:03සෑහෙන අවුරුදු ගණනකට කලින්,
-
28:03 - 28:06අපේ ශ්රාවකයෙක් හිටියා,
-
28:06 - 28:08ආමඩේල් කණ්ඩායම [Armadale group]
-
28:08 - 28:11තිබුණා කාලෙ, ඒ කණ්ඩායමේ.
-
28:11 - 28:13ඇයගේ මිතුරියක්
-
28:13 - 28:15මට කියුවා, ඔබ ඇයට
-
28:15 - 28:17කතාකලොත් හොඳයි,
-
28:17 - 28:18ඇය ලොකු අමාරුවක.
-
28:18 - 28:20මොකක්ද කරදරය?
-
28:20 - 28:22ඇයට දැන ගන්න ලැබුණා, ඇයගේ ස්වාමියා
-
28:22 - 28:27ඇයගේ ළමයින් දෙදෙනාව ලිංගිකව
අපයෝජනයට ලක් කරන බව. -
28:27 - 28:29ඇයගේ අවදානයට ඒක අසුවුනේ නැහැ,
-
28:29 - 28:31මම ඇයට කියුවා ඒකට හේතුව,
-
28:31 - 28:33“ඔබ ඔහුට ආදරය කලා”
-
28:33 - 28:34ඔබ ඔහුට ආදරය කරනකොට,
-
28:34 - 28:36අපයෝජනයේ සලකුණු තියෙනවා, නමුත්
-
28:36 - 28:39ඔබ ඒවා දකින්න සූදානම් නැහැ. මොකද,
-
28:39 - 28:41ඔබ ආදරය කරන කෙනෙක්,
ඔබ ආදරය කරන දරුවන් -
28:41 - 28:44අපයෝජනය කරනවා යන අදහස
-
28:44 - 28:45පිළිගන්න ඉතා අමාරුයි.
-
28:45 - 28:47මනසට ඒ දෙක ගලපන්න
-
28:47 - 28:49ඉතා අමාරුයි.
-
28:49 - 28:52ඉතින් ඇගේ ස්වාමි පුරුෂයා ළමයින්
-
28:52 - 28:54අපයෝජනය කරනවා යන සලකුණු
-
28:54 - 28:55ඇගේ මනසට වැටුනේ නැහැ.
-
28:55 - 28:58කාරණය හෙළි වුනා පාසලේදී,
-
28:58 - 29:01පරීක්ෂණ වලින් ඒක ඇත්ත බව ඔප්පු වුනා.
-
29:01 - 29:03ඒ පුද්ගලයා සිරගත වුනා.
-
29:03 - 29:06විවාහයත් ඉවර වුනා.
-
29:06 - 29:08මම ඇයට උපදේශනය කරමින් හිටියේ.
-
29:08 - 29:10අවවාද දුන්නේ බෞද්ධ මූලධර්ම මත පිහිටලා.
-
29:10 - 29:13ඇය හොඳට භාවනා කලා,
ඇය වටහා ගත්තා, -
29:13 - 29:16කර්මය සහ අත්හැරීම සහ
-
29:16 - 29:19පීඩාවට පත් වූවෙක් නොවීමේ මූලික අදහස.
-
29:19 - 29:22ඇය ඒ අදහස හොඳින් බාර ගත්තා.
-
29:22 - 29:24ඇය කියුවා ඇයට ආයේ කවදාවත්
ඔහු සමඟ එකට, -
29:24 - 29:26ජීවත් වීමට හෝ ආදරය කිරීමට නොහැකි බව.
-
29:26 - 29:28නමුත් ඇය කියුවා ඔහුට ඉඩ තියන්නේ නැහැ
-
29:28 - 29:30තවත් ඇයව දුක් විඳවන්න.
-
29:30 - 29:32ඇය සම්පූර්ණයෙන් අත හැරියා.
-
29:32 - 29:34ඔහුට සුභ පැතුවා, ඉන් පස්සේ
-
29:34 - 29:36එංගලන්තයට ගියා.
-
29:36 - 29:37මම ඇය සහ දරුවන් සමඟ සම්බන්දකම්
-
29:37 - 29:42දිගටම පැවැත්වුවා,
ඇය ඕස්ට්රේලියාවෙන් යන්න කලින්, -
29:42 - 29:44ඒ දවස්වල අනිවාර්යයි,
-
29:44 - 29:46සමහරවිට තවමත් එහෙම ඇත්තෙ,
-
29:46 - 29:51ඇයට සහ දරුවන්ට උපදේශනය
සඳහා සහභාගී වෙන්න. -
29:51 - 29:54මට සිනහ පහළවෙන කාරණයක් වුනේ,
-
29:54 - 29:56ඇය සුමාන 4ක් 5ක් උපදේශනය සඳහා
-
29:56 - 29:58සහභාගී වීමෙන් අනතුරුව
-
29:58 - 30:00මාව හමුවී නැවතත් දුක් අවලාද නැගුවා.
-
30:00 - 30:02“මේ උපදේශකයා පිළිගන්නේ නැහැ
-
30:02 - 30:04මම අතීතය යන්නට ඇරලා ඉවරයි කියලා.”
-
30:04 - 30:08උපදේශකයා අහනවා
“ඔබ ඔබේ ස්වාමි පුරුෂයාට වෛර කරනවා නේද?” -
30:08 - 30:11“නෑ, මම ඔහුට වෛර කරන්නෙ නැහැ,
මම අතීතය අමතක කරලා ඉවරයි”[ සිනහා..] -
30:11 - 30:12උපදේශකයා
“ඔබ ඔහුට වෛර කරනවා, එහෙම නේද?” -
30:12 - 30:13“නෑ නෑ මම වෛර කරන්නෙ නැහැ”
-
30:13 - 30:16ඉතින් ඇය මාව හමුවෙන්න නැවතත් ආවේ,
ඇයට උපදේශකගෙන් ගැලවෙන්න බැරිව - -
30:16 - 30:18[සභාවේ සිනහ]
-
30:18 - 30:20- ඇය බාර ගන්නකන්, ඇය කොයිතරම්
-
30:20 - 30:23ඇගේ ස්වාමියට වෛර කරනවද,
ඇයට මොනතරම් උවමනාද, ඔහුව මරන්න. -
30:23 - 30:26ඉතින් ඇයව නිදහස් කරගන්න මට සිද්ධ වුනා
-
30:26 - 30:28බෞද්ධ මනෝවිද්යාව ගැන සහ,
-
30:28 - 30:30බෞද්ධයින් කොහොමද මෙවැනි සිදුවීමකට
-
30:30 - 30:32මුහුණ දෙන්නෙ යන වග
උපදේශකට ලියන්න. -
30:32 - 30:36මම මේ ලියුම ලේසියෙන් නෙවෙයි ලියුවේ,
-
30:36 - 30:37මට වැරදිලා නම්,
-
30:37 - 30:39ඇයගේ අනාගතයම
-
30:39 - 30:41අඳුරු වෙනවා.
-
30:41 - 30:42ඇයව මම දැනගෙන හිටි නිසා,
-
30:42 - 30:44ඇයත් සමඟ කතා කරලා තිබුණ නිසා,
-
30:44 - 30:46ඇයට මම විසින්ම උපදේශනය කරලා තිබුණ නිසා,
-
30:46 - 30:48මම දැනගත්තා ඇය අතීතය ගැන තවත් ලත නොවෙන බව.
-
30:48 - 30:50ඇය ලඟ කෝපයක් තිබුනේ නැහැ,
-
30:50 - 30:51නුතන සංස්කෘතියේ, සාමාන්යයෙන්
-
30:51 - 30:54බලාපොරොත්තු වන පරිදි,
විපතට පත් වුවෙක් වීමේ -
30:54 - 30:56ක්රියාවලියට ඇය අසු වුයේ නැහැ.
-
30:56 - 30:58ඇය අතීතය පසු කලා ඉක්මනින්ම,
-
30:58 - 31:01ඒ නිසා ඇයගේ නිදහස ලබා ගත්තා.
-
31:01 - 31:04මම ඇයට ආචාර කරනවා,
-
31:04 - 31:06ඇය කල දෙයට.
-
31:06 - 31:10මුළු ජීවිතයම අඳුරට ලක් කල,
-
31:10 - 31:11ඒ මහත් වේදනාකාරී තත්වය,
-
31:11 - 31:14ඇය ඉතා වේගයෙන් ඒ තත්වයෙන් මිදුනා,
-
31:14 - 31:18අමතක කිරීමක් නෙවෙයි ඒ,
අවිඥානකව නෙවෙයි “ඒක සිදු වුනේ නැහැ” ලෙස -
31:18 - 31:20ප්රතිෂේධනය කීරීමක් නෙවෙයි, නමුත්
-
31:20 - 31:22ඔව් එහෙම දෙයක් සිදුවුණා,
ඒක බොහොම අප්රසන්න සිදුවීමක්, -
31:22 - 31:24නමුත් මම ඒකට ඉඩ හරින්නෙ නැහැ,
-
31:24 - 31:28තවදුරටත් මාව රිදවන්න, හිංසාකරවන්න.
-
31:28 - 31:31ඇය ඒ නිදහස කරා ඉක්මනින්ම පිය නැඟූ නිසා,
-
31:31 - 31:35ඇයගේ දරුවනුත් ඇයව අනුගමනය කලා.
-
31:35 - 31:37ඒ අයත් අම්මාගේ ආදර්ශය අනුව යමින්,
-
31:37 - 31:41විපතට පත්වුවකුගේ තත්වයට පත් නොවී,
-
31:41 - 31:43අතීතයට සමු දුන්නා.
-
31:43 - 31:45තවත් ක්රම තියෙනවා මෙවැනි
-
31:45 - 31:48දරුණු හිංසන වලට මුහුණ දෙන්න.
-
31:48 - 31:50මට තියෙන අනිත් පෞද්ගලික උදාහරණය
-
31:50 - 31:53තමයි, මගේ තාත්තගේ කතාව,
-
31:53 - 31:58ඔහු මට කියුවා,
-
31:58 - 32:00ඔහු දෙවන ලෝක යුද්ධයට කලින්,
-
32:00 - 32:02ලිවර්පූල් නගරේ හැදුනේ වැඩුනේ,
-
32:02 - 32:04ඒ කාලේ අනිත් බොහෝ දෙනා වගේ,
-
32:04 - 32:07ඉතාමත් දිළිඳු පරිසරයක.
-
32:07 - 32:09ඔහුගේ තාත්තා ජලනල කාර්මිකයෙක්,
-
32:09 - 32:13ඔහු හවස වැඩ නිමවී,
-
32:13 - 32:14ගෙදර එන්න කලින්,
-
32:14 - 32:18වැඩි කාලයක් සමාජ ශාලාවේ ගත කරනවා.
එහි සල්ලි වියදම් කරලා, -
32:18 - 32:21සුළු මුදලක් පමණක්
-
32:21 - 32:22ඔහුගේ බිරිඳට - මගේ අත්තම්මට
-
32:22 - 32:25දෙනවා දරුවන්ගේ වියදමට.
-
32:25 - 32:27බීමත්ව ගෙදෙර ආ සැනින්,
-
32:27 - 32:29ඔහුගේ ඉන පටිය ගලවා,
-
32:29 - 32:30හමුවෙන ඕනෙ දරුවෙකුට පහර දෙනවා,
-
32:30 - 32:32හේතුවක් ඇතිව හෝ නැතිව,
-
32:32 - 32:36ඊට පස්සේ පටන් ගන්නවා බිරිඳට පහර දෙන්න.
-
32:36 - 32:38ඒ නිසා තමයි, මගේ තාත්තා
-
32:38 - 32:40මා ඉදිරියේ කියුවේ,
-
32:40 - 32:41“මට සමාවෙන්න පුතා කියනවට,
-
32:41 - 32:44ඔබේ සීයා අවජාතකයෙක්”
-
32:44 - 32:46ඔහු තමාගේ පියාට වෛර කලා.
-
32:46 - 32:48නමුත් තව දෙයක් ඔහු මට කියුවා.
-
32:48 - 32:50ඔහු ඒ කස පහරට
-
32:50 - 32:54අහුවුණු සෑමවිටම,
-
32:54 - 32:57හේතුවකින් තොරව,
ඔහුගේ පියා මත් වී සිටීම -
32:57 - 32:58හැර වෙන,
-
32:58 - 33:00ඔහු අධිෂ්ඨානයක් කලා,
-
33:00 - 33:02ඔහු කියුවා, ඔහු තීරණයකට එලැබුනා,
-
33:02 - 33:04මේ වදයෙන් බේරිලා කවදා හෝ
-
33:04 - 33:07ඔහුට ඔහුගේ දරුවන් ලැබුනොත්,
ඔහු කිසිවිටෙක ඔවුනට පහර නොදෙන බවට. -
33:07 - 33:11ඉතින් ඒක තමයි සිද්ධවුණේ.
-
33:11 - 33:14මගේ තාත්තා අපිට කවදාවත් ගැහුවේ නැහැ.
-
33:14 - 33:16අම්මා තමයි
අපේ විනය ගැන ක්රියාමාර්ග ගත්තේ. -
33:16 - 33:17ඇයත් ඒ දේ හොදින්
-
33:17 - 33:19කලේ නැහැ.
-
33:19 - 33:21ඉතින් ඔහු ඉතාමත් ආදරණීය
-
33:21 - 33:22තාත්තා කෙනෙක් වුනා.
-
33:22 - 33:25ඔහුගේ හැටි කියනවනම්,
මම ඔයගොල්ලන්ට කියන කතාවේ, -
33:25 - 33:28මාව ලන්ඩනයේ කාර්ය බහුල පටු වීදියක
-
33:28 - 33:31එක්කගෙන යන ගමන් කියුවේ,
-
33:31 - 33:32“පුතා, ඔබ ජීවිතයේ මොන දෙයක් කලත්,
-
33:32 - 33:34මාගෙ ගෙදෙර දොර හැමදාමත්
-
33:34 - 33:36ඔබ වෙනුවෙන් විවෘතයි”
-
33:36 - 33:37පසු කාලයකදී මම ඒක තේරුම් ගත්තේ,
-
33:37 - 33:39“ඔබ මොනවා කලත් ජීවිතයේ,
-
33:39 - 33:41කොහේ ගියත්, මගේ හදවතේ දොර
-
33:41 - 33:43ඔබ වෙනුවෙන් විවෘතයි.”
-
33:43 - 33:45ඒක කොන්දේසි විරහිත ආදරයක්,
-
33:45 - 33:47ඒක ලැබුනේ ළමා කාලයේ
-
33:47 - 33:50ඉතා දරුණු විදියට ශාරීරික අපයෝජනයට
-
33:50 - 33:53ලක් වුවකුගෙන්.
-
33:53 - 33:57මේ තවත් ක්රමයක්,
මෙවැනි තත්වයන්ට මුහුණ දෙන. -
33:57 - 34:01මම ඒ දිහා බලන්නේ ඉදිරියට තබන පියවරක් ලෙස.
-
34:01 - 34:03එහෙම නැතිව අපි ඒ හිංසා පීඩා අපිත් සමඟ
-
34:03 - 34:05අරන් ගියොත්, අපි ගොදුර බවට පත් වෙනවා.
-
34:05 - 34:07අපි විසින්ම නතර කරනවා, සතුටෙන් ඉන්න තියෙන
-
34:07 - 34:10හැකියාව.
-
34:10 - 34:12නමුත් අපිට එහෙම කරන්න අවශ්ය නැහැ.
-
34:12 - 34:14සමහරවිට, මෙහෙම වෙනවනම් හොඳයි,
-
34:14 - 34:16නමුත් අවස්ථාවක්,
-
34:16 - 34:19මොහොතක් ආ යුතුයි, අපි අත හරින.
-
34:19 - 34:20සමහරවිට ඒ අත හැරීම වෙන්නෙ,
-
34:20 - 34:23අපි ඒ අපිව රිදවපු,
-
34:23 - 34:26ප්රශ්නය ඇති කරවපු
-
34:26 - 34:28පුද්ගලයාට මුහුණ දුන් විට.
-
34:28 - 34:30අපි ඔවුන්ට මුහුණ දෙනවා,
අහනවා ඔවුන් ඒ වරද පිළිගන්නවා, -
34:30 - 34:32සමහරවිට එතැන අත හැරීමක්
-
34:32 - 34:33සිද්ද වෙනවා.
-
34:33 - 34:36සමහරවිට ඒක හොඳම ක්රමය වෙන්න පුළුවන්.
-
34:36 - 34:38නමුත් සමහරවිට ඒ අවස්ථාව අපිට
-
34:38 - 34:39උදා වෙන්නේ නැහැ.
-
34:39 - 34:41ඒ අවස්ථාව අපිට නැත්නම්,
-
34:41 - 34:46අපිටම පුළුවන් ඒක ඇති කරගන්න.
-
34:46 - 34:48අපිට අනාගතයට මුහුණ දෙන්න පුළුවන්,
-
34:48 - 34:51මේ බර පැත්තකට දාලා.
-
34:51 - 34:56අපි කියන කොට,
“මේ ලෝකයේ සතුටක් තියෙනවද?” -
34:56 - 34:58අපේ ජීවිතයේ දුක් වලට තියෙන ඇලීම
-
34:58 - 34:59අතහරින්නේ නැත්නම්,
-
34:59 - 35:03කලකිරීම් වලට,
වැරදුන දේ වලට, -
35:03 - 35:05වේදනාවන්ට සහ හිංසාවන්ට,
-
35:05 - 35:09මේවාට ඇති ඇලීම අතහරින්න බැරිනම්,
-
35:09 - 35:14කොහොමද අපි කවදාවත්ම නිදහස උදා කරගන්නේ?
-
35:14 - 35:16අද උදෑසන සමුළුවෙ හිටියා,
-
35:16 - 35:17බොහොම සිත්ගන්නා සුළු,
-
35:17 - 35:19තරුණ ඇබොරිජිනල් නායිකාවක්,
-
35:19 - 35:22මට මතක නැහැ ඇගේ නම,
මුල නම “නොරෙල්”, -
35:22 - 35:24ඇය බාස්කට් බෝල් තරුවක් හෝ
-
35:24 - 35:28ඒ වගේ කෙනෙක්, ඇය කියුවා,
-
35:28 - 35:30බොහොම සිත්ගන්නා සුළු දෙයක්,
-
35:30 - 35:32“අපේ අගමැති -
-
35:32 - 35:35- ජෝන් හවොඩ් කියනවනම් ‘සමාවෙන්න’,
-
35:35 - 35:37ඉතින් ඒක විශේෂයක්ද?”
-
35:37 - 35:42ඇයගේ ශිෂ්යයින්ට ඇය කියනවා,
ඇය ගුරුවරියක් කොන්ටෙල්හි, -
35:42 - 35:44ඔබට අවශ්යද ඉන්න
-
35:44 - 35:46ආණ්ඩුව සමාවෙන්න කියනකම්, ඊට කලින්
-
35:46 - 35:49අපිට බැරිද අපි විසින් සමාදාන වී,
ඉදිරියට මුහුණ දෙන්න? -
35:49 - 35:53ඇයි අපි ඔවුන්ට ඒ බලය ලබා දෙන්නේ?
-
35:53 - 35:55ඇයි අපි ඒ දේ කරන්නෙ නැත්තේ දැන්?
-
35:55 - 35:58මම හිතුවා ඒක ඉතා
-
35:58 - 35:59ආදර්ශවත් සහ අගනා ලෙස
-
35:59 - 36:02වගකීම අපි විසින්ම
-
36:02 - 36:04බාර ගැනීමක්,
-
36:04 - 36:07අපේ, විපතට පත් වුවකුගේ තත්වයෙන් මිදෙන්න.
-
36:07 - 36:09ආණ්ඩුව විසින් හෝ උසාවිය විසින් හෝ
-
36:09 - 36:11කර්මය විසින් හෝ වෙන කවුරුවත්
-
36:11 - 36:13අපි වෙනුවෙන්
-
36:13 - 36:14ඒ දේ කරනකම්
-
36:14 - 36:16බලන් ඉන්නෙ නැතිව.
-
36:16 - 36:17ඇයි අපිට වගකීම
-
36:17 - 36:21බාර ගන්න බැරි අපේ නිදහස වෙනුවෙන්?
-
36:21 - 36:24කියන්න, “මම සමාව දෙනවා,
-
36:24 - 36:26මම අත හරිනවා,
-
36:26 - 36:28මම අනාගතයට මුහුණ දෙනවා.
-
36:28 - 36:31මම ආයේ කිසිදිනක,
-
36:31 - 36:34කිසිකෙනෙකුට ඉඩ තියන්නෙ නැහැ,
-
36:34 - 36:37මගේ සතුට පාලනය කරන්න.
-
36:37 - 36:38ඔබ අහලා තියෙනවා මම ඒක කියනවා කලින්.
-
36:38 - 36:40ඒක බොහොම ලේසි දෙයක්
-
36:40 - 36:43කියන්න “ඉඩ දෙන්න එපා කාටවත්
-
36:43 - 36:45ඔබේ සතුට පාලනය කරන්න”
-
36:45 - 36:48ඒක බොහොම බලවත් දෙයක් කියන්න.
-
36:48 - 36:51ඒක බොහොම ගැඹුරුයි, ඔබට බලන්න
-
36:51 - 36:55පුළුවන් මොනතරම් අපේ ජීවිත
-
36:55 - 36:58පාලනය කරනවද අනිත් අය විසින්.
-
36:58 - 37:01බුදුදහමේ කොටසක් තමයි,
-
37:01 - 37:03කෙනෙකුව බලවත් කරන එක,
-
37:03 - 37:05ඔබේ සතුටේ පාලනය ඔබ අතට ගන්න
-
37:05 - 37:07බලවත් කරන එක.
-
37:07 - 37:09ඒක කරන්න පුළුවන්.
-
37:09 - 37:12බොහෝ විට අපි පිළිතුරු හොයන්නේ
-
37:12 - 37:14අනිත් අයව පාලනය කිරීම තුලින්.
-
37:14 - 37:18නැත්නම් ප්රශ්නය තියෙන්නෙ
අපයෝජකයා අතේ, ප්රශ්නය තියෙන්නෙ -
37:18 - 37:21ආණ්ඩුවෙ, ප්රශ්නය තියෙන්නෙ
තව කොහෙවත්, ප්රශ්නය -
37:21 - 37:23තියෙන්නෙ මගේ ස්වාමි පුරුෂයා අතේ, ප්රශ්නය
-
37:23 - 37:25තියෙන්නෙ මගේ පිළිකාවේ, ප්රශ්නය තියෙන්නෙ
-
37:25 - 37:29මේ ලඟදි මැරුණු මගේ නෑදෑයා ලඟ,
-
37:29 - 37:31ඔබට අවශ්යනම් ලෝකය හරි ගස්සන්න,
-
37:31 - 37:33ඔබ වටේ ඉන්න ඔබට
-
37:33 - 37:35රිදවපු, හිංසා කරපු
-
37:35 - 37:37අය හරිගැස්සීමෙන්,
-
37:37 - 37:39සමහරවිට ඔබ මිය යයි
-
37:39 - 37:41ඒ ප්රශ්නය විසදෙන්න කලින්.
-
37:41 - 37:44සමහරවිට ඔබ බොහෝ වාරයක් නැවත ඉපදුනොත්,
-
37:44 - 37:46ඔබට ඒ නිදහස, සතුට, සාමය
-
37:46 - 37:48කිසිදිනෙක ලැබෙන එකක් නැහැ.
-
37:48 - 37:50වාසනාවට ඔබට ඒ මාර්ගය අනුගමනය
-
37:50 - 37:55කරන්න අවශ්ය නැහැ.
-
37:55 - 37:57මේ ලස්සන පණිවිඩය
-
37:57 - 37:59බුදුන් වහන්සේගෙන්,
ඔබට ඇත්තටම -
37:59 - 38:02මේ ලෝකය වෙනස් කරන්න බැහැ,
-
38:02 - 38:03නමුත් ඔබට පුළුවනි ලෝකය කෙරෙහි
-
38:03 - 38:07ඔබේ ආකල්පය වෙනස් කරන්න.
-
38:07 - 38:09ඔබට අතීතයේ අත්වුණු පීඩාවන්
-
38:09 - 38:11වෙනස් කරන්න බැහැ.
-
38:11 - 38:13වේදනාව, දුෂ්කරතාව, පාඩුව,
-
38:13 - 38:14මෑතදී මරණයට පත්වුණු කෙනා,
-
38:14 - 38:18ඔබට ඒවා නැවත හරිගස්සන්න බැහැ.
-
38:18 - 38:20ඒක බොහොම පැහැදිලියි.
-
38:20 - 38:23සමහරවිට පැහැදිලි උනත්, අපි
-
38:23 - 38:26තාම හිතන්නේ අර විදියට.
-
38:26 - 38:29අපිට සිදුවුන අපයෝජනය
හරිගස්සන්න බැහැ. -
38:29 - 38:32අපිට ඒ නැතිවුන තරුණ කාලය
-
38:32 - 38:35ගන්න බැහැ.
-
38:35 - 38:37අපිට වුන දේවල් කණපිට හරවන්න බැහැ.
-
38:37 - 38:41අපිට ලෝකය හෝ අතීතය වෙනස් කරන්න බැහැ.
-
38:41 - 38:44නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි,
අපේ ආකල්පය වෙනස් කරගන්න එක -
38:44 - 38:45මේ වර්තමාන මොහොතේ.
-
38:45 - 38:48ඒ ආකල්ප වෙනස තමයි රහස,
-
38:48 - 38:51මම නිතරම අත්දැකලා තියෙනවා,
-
38:51 - 38:54ඒ නිදහස සහ සතුට ලඟා කරගන්න.
-
38:54 - 38:57ලෝකය වෙනස් කරනු වෙනුවට,
-
38:57 - 39:00මේ තියෙන ලෝකයෙන්
-
39:00 - 39:02සතුට සහ නිදහස සොයාගන්න,
-
39:02 - 39:04එතකොට අනාගතයේ යම් දවසක,
අපිට නිදහස් -
39:04 - 39:06වෙන්න පුළුවන්, අපිට සතුටු වෙන්න පුළුවන්,
-
39:06 - 39:08අපිට අපි සමඟ සාමයෙන් ඉන්න පුළුවන්.
-
39:08 - 39:09බයේ මග හැරීමක් නෙවෙයි,
-
39:09 - 39:11මොකද, සමහරවිට මිනිස්සු කියනවා,
-
39:11 - 39:13“ඔබ මොනවහරි කලේ නැත්නම්
-
39:13 - 39:16තවත් අපචාර සිද්ද වෙයි, තවත්
-
39:16 - 39:19රැවටීම්, තවත් මෝඩ ආණ්ඩු,
-
39:19 - 39:22තවත් යුද්ධ, තවත් ළමා අපචාර,
-
39:22 - 39:24තවත් අපරාධ”
-
39:24 - 39:26මම දන්න මනෝවිද්යාව
-
39:26 - 39:28නම්, අපවාද කියන කාලය
-
39:28 - 39:30වැඩිවෙන තරමට,
දඬුවම් දෙන කාලය -
39:30 - 39:32වැඩිවෙන තරමට,
පලිගන්නා කාලය -
39:32 - 39:35වැඩිවෙන තරමට,
ඒවා විසින් -
39:35 - 39:36ප්රශ්නය තවත්, තවත්,
-
39:36 - 39:38වැඩිකරනවා. ගොඩක්ම වැඩි කරනවා.
-
39:38 - 39:41සිරමැදිරි වල මිනිසුන් සිර කරන තරමට,
-
39:41 - 39:43අපේ අනාගතයට වැඩියෙන් අපරාද කාරයින්
-
39:43 - 39:45ලැබෙනවා.
-
39:45 - 39:47දඬුවම් ලබන මිනිස්සුන් වැඩිවෙන තරමට,
-
39:47 - 39:52වැඩියෙන් මිනිස්සු ලඟ වෛර ඇති වෙනවා.
-
39:52 - 39:55සමාව දෙන්න ඉක්මන් වන තරමට,
-
39:55 - 39:56පුනරුත්ථාපනය
-
39:56 - 39:58ඇතිවෙනවා.
-
39:58 - 40:01පීඩාවට පත් වූ කෙනාට පමණක් නෙවෙයි,
-
40:01 - 40:05ඒ දරුණු ක්රියා කල අයටත්
-
40:05 - 40:10පුනරුත්ථාපනය ඇතිවෙනවා.
-
40:10 - 40:13අවුරුදු කීපයකට කලින්, මට ඒ
-
40:13 - 40:15ලිපිය තියාගන්න තිබුණා,
-
40:15 - 40:18බොහොම අගනා ලිපියක්,
-
40:18 - 40:20ඒ ලිපිය ජේමි බල්ගර්ව මරා දැමූ
-
40:20 - 40:21දෙදෙනා ගැනයි.
-
40:21 - 40:24අවුරුදු 2ක් 3ක් වයස මේ ළදරුවා,
-
40:24 - 40:26ලිවර්පූල්හි සාප්පු සංකීර්ණයකින්
-
40:26 - 40:28පැහැර ගනු ලැබුවා,
-
40:28 - 40:30පස්සේ වද දීලා, මරලා දමලා තිබුණා
-
40:30 - 40:32දුම්රිය මාර්ගයක, කලේ, අවුරුදු 8ක් 9ක්
-
40:32 - 40:36වයස දරුවන් දෙදෙනෙක්.
-
40:36 - 40:39ඒ අවස්ථාවේ මුළු එංගලන්තයේ ජනමතය වුනේ,
-
40:39 - 40:42විශේෂයෙන් ජනප්රිය මාධ්ය මෙහෙයැවීමෙන්,
-
40:42 - 40:46ඒ මිනිමරුවන් දෙදෙනාගේ
-
40:46 - 40:48රුධිරය සඳහායි, ඒ දෙදෙනා
-
40:48 - 40:50ඉතා ලාබාල වයසේ වුනත්.
-
40:50 - 40:52ඔවුන් ඉතාමත්ම දරුණු ක්රියාවක් කලේ,
-
40:52 - 40:54අවුරුදු 2ක දරුවකුගේ ජීවිතය
පැහැරගන්න, -
40:54 - 40:56ඒක එක්කෙනෙකුගේ මරණය පමණක් නෙවෙයි,
-
40:56 - 40:58දෙමවුපියන් හැරුණු කොට
-
40:58 - 41:02ඒ දරුවා දන්න සියලු දෙනාගේ කඳුළු,
-
41:02 - 41:04ආවේගයන්, මානසික ආතතිය,
-
41:04 - 41:08කැළඹීම් ගැබ්වෙලා තිබුණා.
-
41:08 - 41:11නමුත් ඒ අවස්ථාවේ මම නොදැන සිටි දෙයක්,
-
41:11 - 41:14මේ ලිපියේ පලවී තිබුණා.
-
41:14 - 41:17ඒ කාලයේම වගේ,
-
41:17 - 41:20ඒ හා සමාන සිද්ධියක් වාර්තා වුනා,
නොර්වේ රටේ, -
41:20 - 41:23ට්රොන්ඩ්හයිම් නගරේ, ඔස්ලෝ නගරයට
-
41:23 - 41:27උතුරින් පිහිටියේ, පිරිමි ළමයින් දෙදෙනෙක්,
-
41:27 - 41:31ගැහැණු ළමයෙක්ව, මම හිතන්නේ,
රවටාගෙන ගියා හිම භූමියකට, -
41:31 - 41:35මරණයට පත්කලා සමාන ආකාරයට.
-
41:35 - 41:39ඒ අපරාද දෙක අතර ඉතා සමාන
-
41:39 - 41:41බවක් තිබුණා.
-
41:41 - 41:43නමුත් ලොකු අසමානකමක් තිබුනේ,
-
41:43 - 41:44ඒ, සමාජයන් 2ක ප්රශ්නයට
-
41:44 - 41:46මුහුණ දීපු ආකාරයයි.
-
41:46 - 41:48ඔයගොල්ලන් දන්නවා ඇති,
-
41:48 - 41:50ජේමී බල්ගර් සිද්ධියේ, ඒ ළමයි
-
41:50 - 41:52දෙදෙනා යම් ආකාරයක
-
41:52 - 41:55රැදවුම් කඳවුරකට දැම්මා,
-
41:55 - 41:57ජනප්රිය මාධ්යයට
-
41:57 - 41:59උවමනා වුනේ ඔවුන්ට තදින්ම
-
41:59 - 42:01දඬුවම් කරන්න, දෙමාපියන්
-
42:01 - 42:02බලන් හිටියේ ඒ දෙදෙනා
-
42:02 - 42:06නිදහස් කරනකම්, එතකොට ඔවුන්ටම
පුළුවන් වෙන්න ඒ ගොල්ලන්ව මරන්න. -
42:06 - 42:09මහජනයාටත් කැමති වුනේ නැහැ ඒ
දෙදෙනා නිදහස් වෙනවට. -
42:09 - 42:11මම පුවත්පතක කියෙව්වා,
අදහසක් තිබිලා තියෙනවා -
42:11 - 42:13දෙන්නව ඕස්ට්රේලියාවට යවන්න, අලුත්
-
42:13 - 42:15අනන්යතාවක් එක්ක, හදුනාගැනීමට
-
42:15 - 42:16ලක් නොවී ජීවත් වෙන්න.
-
42:16 - 42:18බ්රිතාන්යයෙ මහජනයා කියුවා, “නෑ
-
42:18 - 42:20ඒ ගොල්ලන්ට නිදහස අයිති නැහැ.”
-
42:20 - 42:22ඒක තමයි මම කියෙව්වේ.
-
42:22 - 42:25අනිත් ළමයි දෙදෙනා,
-
42:25 - 42:27ඒ ගොල්ලන්ව අසුවුන දාට පහුවදා,
-
42:27 - 42:31දෙන්නම ඉස්කෝලේ ගියා,
-
42:31 - 42:35මනෝචිකිත්සක සහ
-
42:35 - 42:39සමාජ සේවක සමඟ.
-
42:39 - 42:41ඒ ගොල්ලන්ව කිසියම් දඬුවම් දෙන
-
42:41 - 42:45ආයතනයකට ඇතුල් කලේ නැහැ.
-
42:45 - 42:49ඉතා ඉක්මනින්ම, මැරුණු ළමයාගේ
-
42:49 - 42:53දෙමව්පියන් ප්රශ්නයේ අවසානයකට එළඹුණා,
-
42:53 - 42:56සමාව දුන්නා, අතීතය අතීතයටම බාර කරලා
-
42:56 - 42:58ජීවත් වුනා.
-
42:58 - 42:59මම දන්න තරමට,ජෙමී බල්ගර්ගේ
-
42:59 - 43:03දෙමවුපියන්ට එලෙස
අනාගතයට මුහුණ දෙන්න බැරි වුනා. -
43:03 - 43:05ට්රොන්ඩ්හයිම් නගරේ වැසියනුත්
-
43:05 - 43:09සිද්ධියේ අවසානයකට එළඹුණා.
-
43:09 - 43:11ඔවුන් පිළිගත්තා ඒක දරුණු ක්රියාවක් බව,
-
43:11 - 43:13නමුත් අනාගතයට මුහුණ දෙන්න තියෙන ක්රමය,
-
43:13 - 43:18ඝාතකයන්ට හිංසාව ප්රර්ථනා කිරීමෙන්
නොවෙන බව වටහා ගත්තා. -
43:18 - 43:22අවුරුදු ගානකට පස්සේ, එක ඝාතකයෙක්,
-
43:22 - 43:25ඒ ගැහැණු ළමයාගේ මරණයට සම්බන්ධ,
-
43:25 - 43:28ට්රොන්ඩ්හයිම් වල, හොදටම සමාජයට
හැඩ ගැහුනා, -
43:28 - 43:29සාර්ථක ජීවිතයක් සමග,
-
43:29 - 43:32අධ්යාපනය නිම කලා,
-
43:32 - 43:34ඇත්තටම නව අනාගතයකට පිය නැගුවා,
ඒ වගේමයි -
43:34 - 43:36ඔහුගේ පවුලේ අය සහ නගරේ අයත්.
-
43:36 - 43:38අනිත් ඝාතකයා, ඔහුට තවමත්
-
43:38 - 43:40සමාජීය සහ මානසික ප්රශ්න තියෙනවා,
-
43:40 - 43:43නමුත් ඒක කොහෙත්ම
සමාන කරන්න බැහැ -
43:43 - 43:45එංගලන්තයේ ජේමි බල්ගර්
-
43:45 - 43:49සිද්ධිය නිසා පැතිරුණු වේදනාවට.
-
43:49 - 43:53එක වගේ ඛේදවාචකයක් සහිත
-
43:53 - 43:58මේ වෙනස් සිද්ධි දෙක, එකක පීඩාවට
-
43:58 - 44:00පත් වූ අය ගොඩක් සිටියා,
ඔවුන්ගේ පීඩාවට පත්වීම, -
44:00 - 44:04මම බය නැතිව කියනවා, ඒක පෝෂණය කලා,
-
44:04 - 44:08ඒකට ඇලුනා, ඒක ලොකු දෙයක්
කරගත්තා. -
44:08 - 44:09අනිත් සිදුවීමේ,
-
44:09 - 44:16පුනරුත්ථාපනය තමයි ප්රධාන
ඉලක්කය සහ අරමුණ වුනේ. -
44:16 - 44:19සිදුවීම් දෙකේ ප්රතිඵල බලාගන්න,
-
44:19 - 44:22මට හිතුනා මම එංගලන්තේ වෙනුවට
නොර්වේ රටේ -
44:22 - 44:24ජීවත් වුනානම් කියා.
-
44:24 - 44:25ඒක තමයි ඉදිරියට යන ක්රමය,
-
44:25 - 44:27හැමෝම සුවපත්වෙන ක්රමය,
-
44:27 - 44:29අඩු වේදනාවක්,
-
44:29 - 44:31අඩු දුක් විඳීමක් ඇති ක්රමය,
-
44:31 - 44:35ඉතින් අපිට සතුට නැතිකොට,
-
44:35 - 44:40අපි දුක් විඳින කොට, අපිට නිදහස නැතිකොට,
-
44:40 - 44:42ඇයි ඒ?
-
44:42 - 44:45ඒකට හේතුව, අපි දන්නේ නැහැ,
-
44:45 - 44:47ජීවිතයේ වේදනාවන්, අමාරුකම්,
-
44:47 - 44:49පීඩාවන් ආපස්සට දමා ඉදිරියට යන්න.
-
44:49 - 44:52මේවා ලොකු වේදනාවන්,
-
44:52 - 44:55ලොකු ප්රශ්න, ලොකු විඳවීම්.
-
44:55 - 44:56බොහෝවිට ඔබට ඒ තරම්
-
44:56 - 44:59ලොකු විඳවීම් අත්දකින්න වෙලා
-
44:59 - 45:02නැතිව ඇති, නමුත් ඒ මිනිසුන්ට
-
45:02 - 45:05අනාගතයට පිය නගන්න,
නිදහස සොයා ගන්න පුලුවන්නම්, -
45:05 - 45:07ඇයි අපිට බැරි?
-
45:07 - 45:10සතුට සඳහා තියෙන ප්රධාන
-
45:10 - 45:11හේතුවක් තමයි,
-
45:11 - 45:15සමාව දෙන්න, අත හරින්න,
-
45:15 - 45:18අලුත් අනාගතයකට මුහුණ දෙන්න
තියෙන හැකියාව. -
45:18 - 45:21ඒක සන්තෝෂය ඇති කරනවා
-
45:21 - 45:23වැරදිකරුවන්ටත්,
මම එයින් අදහස් කරන්නෙ නැහැ -
45:23 - 45:25කරපු දෙයින් ගැලවී යාමක්,
-
45:25 - 45:26කිසි කෙනෙකුට ගැලවීමක් නැහැ තමන්
-
45:26 - 45:29කරපු දෙයකින් මේ ලෝකයේ,
නමුත් මම අදහස් කරන්නෙ, -
45:29 - 45:31ඒ ගොල්ලන් ඉදිරියට යාමක් සිද්ද වෙනවා,
-
45:31 - 45:33අනිවාර්යයෙන්ම එය සිද්ධ වෙනවා
-
45:33 - 45:35අපි කියන පීඩාවට
-
45:35 - 45:37පත් වුණු අයට.
-
45:37 - 45:41අපිට ගොඩක් නිදහස සහ සතුට තියෙනවා,
-
45:41 - 45:44ඒකයි මම නිතර කියන්නේ,
ඇයි අපි අතීතයේ -
45:44 - 45:46අසූචි යන යන තැන අරගෙන යන්නේ.
-
45:46 - 45:48කුකුල් ගොවියන් දෙදෙනාගේ
-
45:48 - 45:49කතාවේ විදියට, ඇයි අපි බිත්තර
-
45:49 - 45:51අරගෙන යන්නේ නැත්තේ,
මම ඒ කතාව -
45:51 - 45:52අයෙත් කියන්නේ නැහැ, මොකද මම සෑම
-
45:52 - 45:54සුමාන 2ක 3කට සැරයක් කියනවා,
-
45:54 - 45:56ඒක කුතුහලය දනවන දෙයක්,
-
45:56 - 45:59ඇයි ඒක අපේ ස්වභාවය,
-
45:59 - 46:01නිතරම අතීතය දිහා බලලා,
-
46:01 - 46:03වේදනාව එකතු කර ගන්න,
චිත්රපටි -
46:03 - 46:06වලට යන්න,
සුමානෙකට සැරයක් -
46:06 - 46:07ටෙලි නාට්ය බලලා
-
46:07 - 46:09සිත කරදර කරගන්න,
-
46:09 - 46:11මිනිසුන්ට තමන්ගේ ජීවිත වල කරදර මදිනම්,
-
46:11 - 46:13ඒ ගොල්ලන් තව කරදර ඇති කරගන්නවා,
-
46:13 - 46:15“Neighbors (අසල්වැසියෝ )” නාට්යයේ
-
46:15 - 46:18මොකද වෙන්නෙ බලලා, ක්රිකට් මැච්
-
46:18 - 46:19එක කවුද දිනන්නේ බලලා,
-
46:19 - 46:22නැත්නම් ෆුට්බෝල් මැච් එක,
නැත්නම් රගර් මැච් එක කවුද දිනන්නේ බලලා, -
46:22 - 46:25මිනිස්සු කැමතියි ත්රාසජනක
අවසානයක් දකින්න, -
46:25 - 46:27ඒවට කැමති නැත්නම්,
-
46:27 - 46:29ඒ ගොල්ලන් යනවා අතිභයානක
-
46:29 - 46:31ක්රීඩා වලට,
-
46:31 - 46:33මට මතකයි බැංකොක් ගුවන් තොටුපලේ,
-
46:33 - 46:35ඉන්න කොට එහි ලොකු රූපවාහිනී තිරයේ
-
46:35 - 46:37පෙන්නුවා, මිනිස්සු කරන
-
46:37 - 46:39මේ වගේ අතිභයානක ක්රීඩා,
-
46:39 - 46:42මට මතකයි දැක්කා
-
46:42 - 46:47මෝටර් සයිකල් රේස් යනවා අයිස් උඩ!
-
46:47 - 46:50ඒක මහ පිස්සු වැඩක්!
-
46:50 - 46:51මොන මෝඩයද ඇත්තටම
-
46:51 - 46:54ඒ වගේ අයිස් පථයක රේස් යන්නේ,
-
46:54 - 46:56වියයුතු විදියටම, එක් කෙනෙක්
-
46:56 - 46:57බයිසිකලයෙන් විසිවුනා. ඒ රෝද-
-
46:57 - 46:58-වල උල් කූරු අවශ්යයි,
-
46:58 - 47:00ඉතින් ඔහුව ඒ කූරු මතට වැටුනා.
-
47:00 - 47:03පිස්සු!, ඇයි ඔවුන් ඒ වගේ මෝඩ දේවල් කරන්නෙ?
-
47:03 - 47:06ඇයි මිනිස්සු එහෙම කරන්නෙ?
-
47:06 - 47:09හේතුව, මිනිස්සු කැමතියි දුක් විඳින්න.
-
47:09 - 47:11ඇයි ඒ අය දුක් විඳින්න කැමති,
-
47:11 - 47:13ඒ ගොල්ලන් කැමතියි ත්රාසයට, උත්තේජනයට,
-
47:13 - 47:19එහි තියෙනවා දුක් විඳීමේ සන්තෝෂයක්.
-
47:19 - 47:21ප්රවේශම් වෙන්න!
-
47:21 - 47:23ඔබ දුක් විඳීම තුල වින්දනයක් ලබනවානම්,
-
47:23 - 47:25කොහෙත්ම බැහැ ඔබට කවදාවත්
-
47:25 - 47:26සතුටින් ඉන්න.
-
47:26 - 47:30ඔබ ඇලෙනවානම් පීඩිතයා බවට පත්වීම කෙරෙහි,
-
47:30 - 47:33ඔබට අවශ්ය නම් විඳවීම තුල
-
47:33 - 47:35වින්දනයක් ලබන්න, නැත්නම් විඳවීමේ අවදානම
-
47:35 - 47:38වින්දනය කරන්න, කොහොමද ඔබ
-
47:38 - 47:41නිදහස අත්විඳින්නේ?
-
47:41 - 47:42ඉතින් මේ ලෝකයේ සතුටුවෙන්න
-
47:42 - 47:45තියෙන එක ක්රමයක් තමයි,
-
47:45 - 47:49කෙනෙකුට කල් ඇතිව හදුනා ගන්න
-
47:49 - 47:51පුළුවන්වීම, වේදනාකාරී දරන්න බැරි
-
47:51 - 47:53දේවලින් ඇයි ඈත්වෙන්න
-
47:53 - 47:54බැරි කියා.
-
47:54 - 47:58ඇයි අපි පීඩිතයා බවට පත්වෙන්නේ?
-
47:58 - 48:00ඇයි අපි දුක් බරිත කෙනා බවට පත්වෙන්නෙ?
-
48:00 - 48:05ඇයි අපි සමහරවිට ලෙඩා වෙන්නේ?
-
48:05 - 48:07මේක වැදගත්, මම ගිය සමහර
-
48:07 - 48:09ආරණ්යවල, දකිනවා සමහර අයට
-
48:09 - 48:11හැමදාම ලෙඩ, ලෙඩ, ලෙඩ,
-
48:11 - 48:13ගොඩක් ස්වාමීන්වහන්සේලා කියනවා, ඒ අයට යන්න
-
48:13 - 48:15ඕනෙ නිසා කියලා, සිවුරු හරින්න
-
48:15 - 48:16ඕනෙ නිසා කියලා, ඒ ගොල්ලන් දන්න එකම
-
48:16 - 48:18ක්රමය තමයි ඒක කරන.
-
48:18 - 48:19ඇත්තටම ඒ ගොල්ලන් ලෙඩ වීමට
-
48:19 - 48:21ඇලෙනවා.
-
48:21 - 48:24ඒ, ඒගොල්ලන්ගේ අනන්යතාව.
-
48:24 - 48:26තමන්ගේ මමත්වයට ඇලීම.
-
48:26 - 48:29ඒක මවනවා තමන් කියා කෙනෙක් ඉන්න බව.
-
48:29 - 48:31මේක බුදුන් වහන්සේ නිතරම
-
48:31 - 48:33පෙන්වා දීපු දෙයක්,
-
48:33 - 48:36ඔබ කවුරු කියාද ඔබ හිතන්නේ?
-
48:36 - 48:39ඔබ මොකක්ද ඔබේ ආත්මය හැටියට සලකන්නේ?
-
48:39 - 48:41ඔබේ මමත්වය කුමක්ද?
-
48:41 - 48:44ඔබ ලියුවා නම් ලැයිස්තුවක්,
-
48:44 - 48:47කවුද ඔබ, ඔබේ ගුණාංග මොනවද?
-
48:47 - 48:49න්යායාත්මකව නෙවෙයි, ප්රායෝගිකව,
-
48:49 - 48:53ඔබ ඒවා ලැයිස්තු ගත කලා නම්,
-
48:53 - 48:55ඉන් කීයක් ඔබ,
-
48:55 - 48:56කේන්තිකාරයා, පීඩිතයා,
-
48:56 - 48:58අපයෝජනයට ලක් වූ කෙනා,
-
48:58 - 48:59දික්කසාද වූ කෙනා,
-
48:59 - 49:02ලෙඩා,
-
49:02 - 49:05සැත්කමෙන් පියයුරු ඉවත්කළ කෙනා,
-
49:05 - 49:08ඔබලා කී දෙනෙක්, ඒ ඔබ, ඔබේ
-
49:08 - 49:10ආත්මය හැටියට සලකනවද?
-
49:10 - 49:12මෙතැන ගැටළුවක් තියෙනවා,
-
49:12 - 49:13මොකද, බුදුන්වහන්සේ දැක්කා,
-
49:13 - 49:16යම් ආකාරයක් මගින් ඔබ ඔබව හදුනාගන්නවද,
-
49:16 - 49:23ඔබ ඒ බවට පත්වෙනවානම්,
ඔබ ඒක නැවත කරනවා. -
49:23 - 49:26මේක තමයි, අනන්යතාවයේ හැඟීම.
-
49:26 - 49:28ඒක එක හේතුවක්,
-
49:28 - 49:30මම සිරගෙවල් වලට යනකොට,
-
49:30 - 49:32සිරකරුවන් හමුවෙන්න,
-
49:32 - 49:34මම කවදාවත් ඔවුන්ට
-
49:34 - 49:35අපරාධ කාරයින් කියුවෙ නැහැ,
-
49:35 - 49:37ඔයගොල්ලන් අහලා ඇති මම කියනවා,
-
49:37 - 49:38ඔවුන් මිනිසුන්, අපරාධයක් කල,
-
49:38 - 49:40මම සිරගෙදර මිනිසුන්ට නිතරම කියුවා,
-
49:40 - 49:42“ඔබ අපරාධ කාරයෙක් නෙවෙයි,
-
49:42 - 49:45ඔබ මිනිසෙක්, අපරාධ ක්රියාවක් කල”
ඔබ අපරාධ කාරයෙක් නෙවෙයි -
49:45 - 49:47ඔබට ඊට වඩා ලොකු වටිනාකමක් තිබෙනවා,
-
49:47 - 49:49කවදාවත් හිතන්න එපා ඔබ අපරාධකාරයෙක් ලෙස,
-
49:49 - 49:52ඔබ මිනිසෙක්, අපරාධ ක්රියාවක් කල,
-
49:52 - 49:56ඔබව හඳුනාගන්න එපා ඒ කල භයානක
ක්රියාව සමඟ, -
49:56 - 49:58ඔබ ඒ අපරාධය සමඟ ඔබේ
-
49:58 - 50:00අනන්යතාව ගොඩනගනවා නම්,
-
50:00 - 50:02ඔබ හිතනවානම් ඒ මම, මම තමයි හොරා,
-
50:02 - 50:04මම තමයි මිනීමරුවා, මම තමයි දූෂකයා,
-
50:04 - 50:06ඔබ ඒ බවට පත්වෙනවා.
-
50:06 - 50:09ඒකෙ තේරුම, ඔබ නිදහස් වුණාම,
නැවතත් ඒ ක්රියාවට පෙළඹෙනවා. -
50:09 - 50:10ඒ ඔබ, ඔබව එලෙස හඳුනාගත් නිසා.
-
50:10 - 50:12ඔබ තමයි දුෂකයා, ඔබ තමයි මිනීමරුවා
-
50:12 - 50:15ඔබ තමයි අනාචාරයේ හැසිරෙන්නා, ඔබ තමයි
-
50:15 - 50:22ළමා අපචාරකයා.
-
50:22 - 50:25මේක මම දන්න මනෝ විද්යාව,
-
50:25 - 50:26මම මගේ මනස ගැඹුරට ගිහින්
-
50:26 - 50:28දැකලා තියෙනවා මනස
-
50:28 - 50:29වැඩකරන හැටි.
-
50:29 - 50:34ඔබ අනන්යතාවක් ගොඩනගා ගන්නවා නම්
-
50:34 - 50:37ඔබේ සිතිවිලි අනුව, ඒ හඳුනාගැනීම
-
50:37 - 50:39මතයි ඔබ ලෝකයට සම්බන්ධකම් ඇතිකරගන්නේ.
-
50:39 - 50:40ඒ බවට තමයි ඔබ පත්වෙන්නේ,
-
50:40 - 50:42ඒ දේ තමයි ඔබ නැවත කරන්නෙ,
-
50:42 - 50:44ඒ දේ තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ,
-
50:44 - 50:47ඇත්තටම ඒක තමයි ඔබ කරන්නෙ.
-
50:47 - 50:51එතැන අපිට නැවත ලැබෙනවා
-
50:51 - 50:52හිංසාව සහ වේදනාව,
-
50:52 - 50:55නැවත නැවතත්, නැවත නැවතත්.
-
50:55 - 50:56මගේ තාත්තා කවදාවත්
-
50:56 - 50:58අපචාරයට ලක් වූ කෙනා හැටියට එයාව
-
50:58 - 51:00සලකා නොගත්ත නිසා
-
51:00 - 51:02එයා ඒ අපචාර නැවත මට කලේ නැහැ.
-
51:02 - 51:05ඒකයි සමාව දෙන කෙනාට,
-
51:05 - 51:08අත හැරලා දාන කෙනාට,
පීඩිතයා බවට පත්නොවෙන කෙනාට, -
51:08 - 51:16නිදහසේ ජීවිතය ගෙන යන්න පුළුවන්.
-
51:16 - 51:20අන්තිම කතන්දරය --
-
51:20 - 51:23මේ ගොඩක් කතන්දර
ඔයගොල්ලන් කලින් අහලා තියෙනවා, -
51:23 - 51:26නමුත් මම කැමතියි ඒක නැවතත්
-
51:26 - 51:27කියන්න මේ කතාවේ, මේ මාතෘකාව
-
51:27 - 51:31යටතේ, ඒක මේ කතාවට ගැලපෙන නිසා,
-
51:31 - 51:33මේ කතාව විකාශනය වෙනවා, CD වල තැටි ගත
-
51:33 - 51:35වෙනවා, ඉතින් හොඳයි කතාව
සම්පුර්ණ වෙලා තියෙන එක, -
51:35 - 51:38මේ කතන්දරය ඕස්ට්රේලියානු
-
51:38 - 51:41සොල්දාදුවන් දෙන්නෙක් නැවත හමුවීමක්,
-
51:41 - 51:44දෙන්නම දෙවෙනි ලෝක යුද්දේ හිටියා,
-
51:44 - 51:46දෙන්නම සිංගප්පූරුවෙ හිටියා,
-
51:46 - 51:48සිංගප්පූරුව සතුරාට වැටෙද්දී
-
51:48 - 51:51දෙන්නව ගාල් වුනා
යුධ සිරකරුවන්ගේ කඳවුරු වලට, -
51:51 - 51:55දෙන්නා හමුවුණාම එක්කෙනෙක් අහනවා,
-
51:55 - 51:57“ඔබ ජපනුන්ට සමාව දීලද තියෙන්නෙ
-
51:57 - 51:59ඔවුන් අපිට, අපේ මිතුරන්ට කල දේට?”
-
51:59 - 52:01“නෑ, කවදාවත් ඒක වෙන්නේ නැහැ!
-
52:01 - 52:03කොහොමද ඒකට සමාව දෙන්නෙ?”
-
52:03 - 52:05එක සොල්දාදුවෙක් කියුවා.
-
52:05 - 52:06“ඔබ කොහොමද, සමාව දුන්නද?”
-
52:06 - 52:08ඔහුගේ මිතුරා කියුවා,
“මම සමාව දුන්නේ අවුරුදු -
52:08 - 52:14ගණනාවකට කලින්, කණගාටුයි යාලුවා,
ඔබ තාමත් ඉන්නෙ යුධ සිරකරුවන්ගේ කඳවුරේ” -
52:14 - 52:17මම ඒ කතන්දරයට ගොඩක් කැමතියි,
-
52:17 - 52:20ඔබ සමාව දෙනකම් - ඔහු සමාව දෙන තාක්,
-
52:20 - 52:22ඒ මුරකරුවන්, ඒ සොල්දාදුවන්,
-
52:22 - 52:25ඔහුට, ඔහුගේ යහළුවන්ට කල දේ වලට,
-
52:25 - 52:28‘චංගි කඳවුරුවල’,
-
52:28 - 52:30‘තායිලන්තයේ මාරක දුම්රිය මාර්ගයේ’'
-
52:30 - 52:32‘බුරුම දේශ සීමාවේ’
-
52:32 - 52:34ඔවුන් සමාව දෙනකම්, ඔවුන්ව තාමත්
-
52:34 - 52:36වදයට පත්කරමින් තියෙන්නෙ,
-
52:36 - 52:39ඒ ගොල්ලන් තවමත් ඒ කඳවුරුවල,
-
52:39 - 52:42ඔවුන්ට කවදාවත් සතුට ලබන්න බැහැ,
-
52:42 - 52:45ඔහුගේ යහළුවා ඒවා අතහැරියා,
-
52:45 - 52:48ඉතින් ඔහු නිදහස්,
-
52:48 - 52:50ඉතින් සතුට ගැන සලකන කොට,
-
52:50 - 52:53අනිත් අය ඔබට කල දේ වල
-
52:53 - 52:56පාලනයට යටත් වියයුතු නැහැ,
-
52:56 - 53:00ඔබව අතීතයේ යටත් වුණු, වධ බන්ධන
-
53:00 - 53:05නැමති සිර මැදිරි, සිර ගෙවල් වල
-
53:05 - 53:09සීමා වලින් වට වියයුතු නැහැ.
-
53:09 - 53:10ඔබ විසින් කල අපරාධ ගැනවත්
-
53:10 - 53:12ඔබ පසුතැවිය යුතු නැහැ,
-
53:12 - 53:14මම කියන්නේ නීතියට එරෙහි අපරාධ ගැන නෙවෙයි,
-
53:14 - 53:16ඔබ විසින් අනිත් අයට පමුණුවන ලද
-
53:16 - 53:18වේදනාවන්, හිංසාවන් ගැනයි,
-
53:18 - 53:20මම දන්නේ නැහැ කී දෙනෙක්,
තමන් අතීතයේ කල -
53:20 - 53:22සමහර දේ ගැන පසුතැවෙනවද කියා,
-
53:22 - 53:24මම කලින් කියා තිබෙනවා,
ඒ වගේ සමහර දේ -
53:24 - 53:27මම නිතරම පසුතැවිලි වුණු: මගේ
-
53:27 - 53:29‘ජිමී හෙන්ඩ්රික්ස්’ වාදන තැටි
ඕනෑවට වඩා -
53:29 - 53:31හයියෙන් දාන එක මගේ තාත්තා ඔහු ඔහුගේ
-
53:31 - 53:34‘සිනාත්රා’ තැටි වාදනය කරන විට, ඒ තරම්,
හොද පුතෙක් -
53:34 - 53:36කරන වැඩක් නෙවෙයි තමන්ගේ
-
53:36 - 53:38තාත්තට, ඒ විශ්වකෝෂ
-
53:38 - 53:40විකිණීම මම ළමා කාලයේ,
-
53:40 - 53:42ඇත්තටම කෙනෙකුව පෙලඹවීම
-
53:42 - 53:44විශ්වකෝෂයක් ගන්න, ඒ වැඩකට නැති පොතක්,
-
53:44 - 53:46මම දන්නේ නැහැ ඇයි ඒ අය, ඒ පොත ගත්තේ,
-
53:46 - 53:47මම ඒ අයව පෙලඹව්වා ඒක ගන්න,
-
53:47 - 53:49සියලු නරක දේවල් මම ළමා කාලයේ කල,
-
53:49 - 53:52හිතාගන්නත් බැහැ ඇයි මම ඒ දේවල් කලේ කියලා,
-
53:52 - 53:56හරි ලේසියි පශ්චාත්තාප වෙන්න
ඔබ කල සුළු දේවල් සම්බන්ධව, -
53:56 - 53:58ඇයි අපිට බැරි ඒවට ඔහේ යන්නට හරින්න,
-
53:58 - 54:02ඒවායින් ඉගෙනගෙන අනාගතයට පිය නගන්න,
-
54:02 - 54:04එහෙම කරනකම්, ඔබට කවදාවත් බැහැ
-
54:04 - 54:06නිදහස් වෙන්න, සතුටින් ඉන්න.
-
54:06 - 54:12මේක සුළු කාරණයක් නෙවෙයි,
-
54:12 - 54:14ඔබට කවදාවත් ගුණවත්,
-
54:14 - 54:17සිල්වත් වෙන්න බැහැ ඔබ නිදහස් වෙනකම්.
-
54:17 - 54:20භාවනාව ගැන සලකන විට,
-
54:20 - 54:22මම කොපමණ අයට භාවනාව උගන්වා තිබුනත්,
-
54:22 - 54:24ඒ අය භාවනාවේ යම්
-
54:24 - 54:27සතුටකට, සාමයකට පත්වුනාට පස්සේ,
-
54:27 - 54:30එතැනින් ඉදිරියට යන්න බැහැ,
-
54:30 - 54:33ඒ අය මට පැමිණිලි කරනවා,
-
54:33 - 54:39“මම හිතනවා මම සුදුසු නැහැ
ඒතරම් සතුටක් ලබන්න, -
54:39 - 54:43මම හිතනවා මම සුදුසු නැහැ ඒ සාමය විඳින්න”
-
54:43 - 54:45කොටින්ම කියනවනම්,
-
54:45 - 54:48“මම හිතනවා මම සුදුසු නැහැ මාර්ග ඵල ලබන්න"
-
54:48 - 54:51ඇත්තටම ඒක තවත්
කිනිසි පහරක් මගේ හදවතට, -
54:51 - 54:54ඇයි නැත්තේ?
මම භික්ෂුවක් හැටියට -
54:54 - 54:57මුළු ජීවිත කාලයෙම යම් දෙයක් කරනවනම්,
-
54:57 - 55:00මෙහි සිකුරාදා රෑ උගන්වනවා,
පිටරටවලට යනවා, මම යම් දෙයක් -
55:00 - 55:02ඔයගොල්ලන්ට දෙනවානම්, ඒ ඔබට
සතුටු වීමට සුදුසුකම් තියෙනවා, -
55:02 - 55:06නිදහස් වීමට සුදුසුකම් තියෙනවා,
-
55:06 - 55:09මාර්ග ඵල ලබන්න සුදුසුකම් තියෙනවා
-
55:09 - 55:11කියන විශ්වාසය ඔබ තුල
ඇති කරන එකයි. -
55:11 - 55:15ඔබට අවශ්ය නැහැ පශ්චාත්තාප වෙන්න,
අතීතයේ වේදනාකාරී දේවලට -
55:15 - 55:17ඇලෙන්න අවශ්ය නැහැ,
-
55:17 - 55:20ඔබ නිදහස්,
-
55:20 - 55:21ඔබට අතහරින්න පුළුවන්,
-
55:21 - 55:24අනිත් අයගෙන් වුණු හිංසාවන්ට
-
55:24 - 55:28වගේම ඔබෙන් වුණු හිංසාවන්ටත්,
-
55:28 - 55:30පුළුවන් ඔබටම සමාව දෙන්න,
ඒ වගේම අනිත් අයටත් සමාව දෙන්න, -
55:30 - 55:32ඒකෙ තේරුම
-
55:32 - 55:34ඔබටම නිදහසේ ත්යාගය
-
55:34 - 55:36පිරිනමා ගැනීමයි.
-
55:36 - 55:38වෙනකාටවත් ඒ දේ ඔබ වෙනුවෙන් කරන්න බැහැ.
-
55:38 - 55:40බලන්න, ජේසුස් වහන්සේට ඔබට සමාවදෙන්න බැහැ,
-
55:40 - 55:43භික්ෂූන් වහන්සේට ඔබට සමාවදෙන්න බැහැ,
බුදුන් වහන්සේට -
55:43 - 55:46ඔබට සමාවදෙන්න බැහැ,
දෙවියන්ට ඔබට සමාවදෙන්න බැහැ, -
55:46 - 55:48ඔබට විතරයි ඔබට සමාවදෙන්න පුළුවන්,
-
55:48 - 55:50වෙන කාටවත් බැහැ.
-
55:50 - 55:51මේ සියලු අනිත් අයට,
-
55:51 - 55:52පුළුවන් දිරිමත් කරවන්න,
උගන්වන්න, -
55:52 - 55:54ඔවුන්ට පුළුවන් මග පෙන්වන්න,
පොළඹවන්න, -
55:54 - 55:58නමුත් අවසානයේ ඔබට බාරයි.
-
55:58 - 56:03යම් දවසක, යම් දවසක ඔබ ඒ දේ කරයි,
-
56:03 - 56:06මේ ජීවිතයේ, එන ජීවිතයේ, කවදාහරි ජීවිතයක,
-
56:06 - 56:08ඔබ බලාවි ඔබේ සම්පුර්ණ අතීතය දිහා, සියලු
-
56:08 - 56:14වේදනාවන්, සියලු හිංසාවන්, ඒවාට යන්නට හරීවි
-
56:14 - 56:16ඔබටම කියාගනීවී, මගේ තාත්තා කියපු
-
56:16 - 56:19වචන වලින්, “මම ජීවිතයේ මොන දේ කරලා
-
56:19 - 56:22තිබුනත්, අනිත් අය මට කරලා
-
56:22 - 56:26තිබුනත්, මගේ හදවතේ දොර මට
-
56:26 - 56:30විවෘතයි, සම්පූර්ණයෙන්ම, නිසැකවම,
-
56:30 - 56:34සතුට, නිදහස, එන්න මා වෙත”,
-
56:34 - 56:38ඔබට පුළුවන් වෙයි නිදහසට ආරාධනා කරන්න,
-
56:38 - 56:40සතුටට ආරාධනා කරන්න.
-
56:40 - 56:43ලබාගන්න පුළුවන් විමුක්තියක් තියෙනවා,
-
56:43 - 56:45ඒකයි බුදුන් වහන්සේ නිතර කියුවේ,
-
56:45 - 56:47ඒ අවබෝධය ගෙන දෙන අත්දැකීම්
-
56:47 - 56:50විමුක්ති ලෙස.
-
56:50 - 56:54දුකෙන් නිදහස් වීම, වේදනාවෙන් නිදහස්වීම,
-
56:54 - 56:57අතීතයෙන් නිදහස්වීම!
-
56:57 - 56:59ඇයි අපි අතීතය අරගෙන යන්නේ අප සමඟ,
-
56:59 - 57:01අපේ කරපිට මහ ලොකු බරක්, ඒක
-
57:01 - 57:05තමයි පීඩිතයෙක් බවට පත්වීම.
-
57:05 - 57:07මම මෙල්බර්න් වල අයට කියුවා,
-
57:07 - 57:08මම මෙල්බර්න් වල ඉදන් ආවෙ
-
57:08 - 57:11බදාදා රාත්රියේ, ආවර්ජනයක යෙදුනා,
-
57:11 - 57:13මොකද, කෙනෙක් ඇහැව්වා, “කොයි වගේ
-
57:13 - 57:16අත්දැකීමක්ද තායිලන්තයේ භික්ෂුවක් වීම
-
57:16 - 57:18අවුරුදු ගණනාවකට කලින්?”
-
57:18 - 57:20මම ආවර්ජනය කලා,
-
57:20 - 57:24තායිලන්තයේ මම ගතකල අසිරිමත්
-
57:24 - 57:26කාලසීමාව,
-
57:26 - 57:29අවුරුදු 5කට පස්සේ
මගේ අරාන්යයෙන් පිට වුනාම, -
57:29 - 57:33මගේ බඩු බාහිරාදියත් කරේ එල්ලගෙන,
-
57:33 - 57:36ඒක ලොකු බඩු ගොඩක් නෙවෙයි,
-
57:36 - 57:40ඇවිදගෙන යන්න සිද්ධවුණේ, යන්න
-
57:40 - 57:43විශේෂ තැනකුත් නැහැ, ඕනෙ ආරණ්යයකට
-
57:43 - 57:46යන්න පුළුවන්, රාත්රියට නිදාගන්න
-
57:46 - 57:49තැනක් ලැබෙනවා, පාත්රයත් අරගෙන ඕනෙ ගමකට
-
57:49 - 57:52යන්න පුළුවන් උදෑසන, ආහාර ලැබෙනවා,
-
57:52 - 57:55ඔබ සම්පුර්ණයෙන්ම නිදහස්,
-
57:55 - 57:57ඕනෙ ගසක් යට වාඩි වෙන්න
-
57:57 - 57:59පුළුවන්, එතැන මදුරු දැලත් එලාගෙන,
-
57:59 - 58:04භාවනා කරන්න, නිදා ගන්න පුළුවන්,
-
58:04 - 58:06ඒක හරියට කුරුල්ලෙක් ඉන්නවා වගේ,
-
58:06 - 58:08නමුත් කුරුල්ලෙකුට වඩා හොඳයි,
-
58:08 - 58:11කුරුල්ලන්ට සෑම වෙලේම කෑම හොයන්න අවශ්යයි,
-
58:11 - 58:13මට, මම යන ඕනෙ තැනක,
-
58:13 - 58:15ඕනෙ ගමක කෑම
-
58:15 - 58:18තියෙනවා මම වෙනුවෙන්,
-
58:18 - 58:19ඒක පුදුම නිදහසක්,
-
58:19 - 58:22මම කිසිතැනකට, කිසිදේකට
-
58:22 - 58:26බැඳිල නැහැ,
-
58:26 - 58:28මම පැමිණි සෑම හන්දියකදිම
-
58:28 - 58:33මට පුළුවන් ඉදිරියට, වමට, දකුණට යන්න,
-
58:33 - 58:35නැත්නම් හැරිලා ආපසු යන්න,
-
58:35 - 58:38මට රාජකාරි නැහැ, කිසි හේතුවක් නැහැ
-
58:38 - 58:42යම් දිශාවකට යන්න.
-
58:42 - 58:46වැඩ නැහැ, වගකීම් නැහැ, කරන්න දේවල්
-
58:46 - 58:49නැහැ, නිමා නොවුණු කටයුතු නැහැ,
-
58:49 - 58:53මේ පූර්ණ නිදහස, ශාරීරිකව
-
58:53 - 58:56මට දැනුනු වැඩිම නිදහසයි.
-
58:56 - 58:59මට අයිති සියලු දේ
-
58:59 - 59:01මා ලඟ තිබුණා, මගෙ පාත්රය,
-
59:01 - 59:03මදුරු දැල, කුඩය,
-
59:03 - 59:05වතුර බෝතලය, අමතර සිවුරු කට්ටලය,
-
59:05 - 59:06ඒ තමයි ඔක්කොම.
-
59:06 - 59:08මට සැරිසරන්න පුළුවන්
-
59:08 - 59:10මට අවශ්ය ඕනෑ තැනකට,
-
59:10 - 59:13එය ලොකු නිදහස් බවක්,
-
59:13 - 59:15මම සැමවිටම මතක් කරනවා,
-
59:15 - 59:17ඒ නිදහසම තමයි ඔබට
-
59:17 - 59:20මනසේ ඇති කරගන්න පුළුවන් නිදහස
අවශ්ය විටෙක. -
59:20 - 59:22ජීවිතයේ ඕනෑ සන්ධිස්ථානයකට පැමිණි විට,
-
59:22 - 59:24ඕනෑ දිශාවකට යන්න පුළුවන්,
-
59:24 - 59:27මොකද, ඔබ අතීතයේ බර උසුලගෙන නැහැ,
-
59:27 - 59:31ඔබ ගමන්මළු උස්සගෙන යන්නේ නැහැ,
-
59:31 - 59:33මොන තරම් ගමන්මළු මිනිස්සු මේ ජීවිතයේ
-
59:33 - 59:35උස්සගෙන යනවද?
-
59:35 - 59:37වැඩිපුරම අපේ අතීතයේ ගමන්මළු,
-
59:37 - 59:40අපේ ඉතිහාසය,
-
59:40 - 59:42මොකක්ද ඔබට වුනේ,
-
59:42 - 59:46කවුද මොනවද ඔබට කලේ, කවුද මොනවද කියුවෙ,
-
59:46 - 59:51ඔබට සතුට අවශ්යනම් අතහරින්න,
-
59:51 - 59:55අඩුම තරමේ අතීතයෙන් නිදහස් වෙන්න,
-
59:55 - 59:58අතීතයේ වේදනාවන්ගෙන් නිදහස්වෙලා, තියාගන්න
-
59:58 - 60:01ප්රීතිදායක මතකයන් -- ඒ ආකාරයට අඩුම තරමේ
-
60:01 - 60:04ඔබ අරන් යන්නේ විනෝදජනක ගමන්මළු --
-
60:04 - 60:07නමුත් හොඳම දේ ඒ සියලු දේ තියලා යන එක,
-
60:07 - 60:10මේ ලෝකයේ සතුට කියලා දෙයක්
-
60:10 - 60:13තියෙනවා, සතුට
-
60:13 - 60:15වෙන කාගෙවත් වගකීම නෙවෙයි,
-
60:15 - 60:19ඒක ඔබේ, ඒ සතුට
-
60:19 - 60:21ඔබ වෙනුවෙන් තියෙනවා, ඕනෑම මොහොතක
-
60:21 - 60:23ඕනෑම වෙලාවක.
-
60:23 - 60:24ඔබ සිර වී සිටින
-
60:24 - 60:27සිරමැදිරියෙ දොරක් තිබෙනවා,
-
60:27 - 60:29අතීතය, ඔබට සිදුවුණේ මොනවාද,
-
60:29 - 60:31ඔබේ ශරීරය, ඔබේ වේදනාව, ඔබේ අසනීපය,
-
60:31 - 60:33ඔබට ඇතිවුන වේදනාව,
-
60:33 - 60:37මේවයින් සැදුනු සිරමැදිරියක
-
60:37 - 60:39සිර වී ඇති සෙයක් හැඟෙනවා,
-
60:39 - 60:42මේක සිරගෙයක ඉන්නවා වගේ,
-
60:42 - 60:46නමුත් ඒකෙ දොර සෑමවිටම විවෘර්තයි,
-
60:46 - 60:49හැම වෙලේම විවෘතයි, නමුත් සමහරවිට අපි
-
60:49 - 60:52දන්නේ නැහැ ඒ දොර හරහා ගමන් කරන්න.
-
60:52 - 60:54සමහරවිට අපි හිතනවා අපි ඒ දොර හරහා
-
60:54 - 60:55ගමන් නොකළ යුතුයි කියලා.
-
60:55 - 60:58මෙතැනදී මම කියනවා ඔබට,
-
60:58 - 61:01ගමන් කරන්න, නිදහස් වෙන්න, අත හරින්න,
-
61:01 - 61:03ජීවිතයේ සතුට කියා දෙයක් තියෙනවා,
-
61:03 - 61:08නිදහස කියා දෙයක් තියෙනවා,
-
61:08 - 61:10සමාවදීම සහ සමාදානවීම
-
61:10 - 61:12කියා දෙයක් තියෙනවා,
-
61:12 - 61:16ඔබත් අනිත් අයත් නිදහස් කරන්න හැකි,
-
61:16 - 61:20අත් හැරීමට පොළඹවන
දයාව කියා දෙයක් තිබෙනවා, -
61:20 - 61:23ඒ නිදහස, දයාව
-
61:23 - 61:26ජීවිතයෙන් පැන යාමක් නෙවෙයි,
-
61:26 - 61:30ඒක ධනාත්මක ප්රතිචාරයක හදවත,
-
61:30 - 61:32ඔබ නිදහස් වෙලා, අන් අයටත්
-
61:32 - 61:34පෙන්වන්න විමුක්තියේ මාර්ගය.
-
61:34 - 61:36ජිවිතයේ වේදනාව සහ
-
61:36 - 61:39වේදනාවට හේතු වැඩිහරියක්ම,
-
61:39 - 61:41අද සහකාර කොමසාරිස්වරයා කියුවා වගේ,
-
61:41 - 61:4380% ක් 90% ක් වගේ,
-
61:43 - 61:46ඔහු කියුවෙ බටහිර ඔස්ට්රේලියාවෙ
-
61:46 - 61:48සිර ගෙවල් වල ඉන්න අය ගැන,
-
61:48 - 61:54ඔවුනුත් ළමා අපයෝජනයේ හිංසාවට ලක් වූ අය,
-
61:54 - 61:56ඒ ගොල්ලන්ට සමාව දෙන්න බැරිවුනු නිසා,
-
61:56 - 61:59ඒ ගොල්ලන්ට අත් හරින්න බැරිවුනු නිසා,
-
61:59 - 62:01ඒ ගොල්ලන්ට නිදහස සොයා ගන්න බැරිවුනු නිසා,
-
62:01 - 62:04ඒ ගොල්ලන් දැන් සිර ගෙදෙර,
-
62:04 - 62:08ඒ වගේම අන් අයටත් වේදනාව ගෙන දුන්නා,
-
62:08 - 62:11ඉතින් ඉදිරියට පියනගන මාර්ගය කුමක්ද?
-
62:11 - 62:13මම හිතනවා මම ඔයගොල්ලන්ට ඒක පෙන්නුම් කලා,
-
62:13 - 62:16වෙනස් ආකාරයකට දකින්න, ධෛර්යය ඇති කරගන්න,
-
62:16 - 62:21තමන් විසින්ම නිදහස් වෙන්න,
-
62:21 - 62:23ඔබට කම්පා වෙන්න අවශ්ය නැහැ,
-
62:23 - 62:25ඔබට ඒ වේදනාව විදින්න අවශ්ය නැහැ,
-
62:25 - 62:27ඔබට ඉවතට පියනගන්න පුළුවන්
අවශ්ය ඕනෙ විටෙක, -
62:27 - 62:29ඒකට කියන්නෙ නිදහස,
-
62:29 - 62:32විමුක්තියේ මාර්ගය.
-
62:32 - 62:34ඒක තමයි අද හවස කථාව, මාතෘකාව--
-
62:34 - 62:36"සතුට ලබන්න පුලුවන්ද?"
-
62:36 - 62:39ඔව්, ඒ එක විදියක් එය කරන.
-
62:39 - 62:42සභාව: සාධු! සාධු! සාධු!
-
62:42 - 62:45ප්රශ්න, අදහස් තියෙනවනම් අහන්න,
-
62:45 - 62:47මම හිතනවා, කතාව අභියෝගාත්මකයි,
-
62:47 - 62:50මම අපේක්ෂා කරනවා ටික දෙනෙක්
මා සමඟ එකඟ නැහැ කියා, -
62:50 - 62:53එසේ නැත්නම්, මම තදින් අභියෝග කරලා නැහැ,
-
62:53 - 62:56අදහස්, ප්රශ්න තියෙනවද,
-
62:56 - 63:00අද හවස කථාව සම්බන්ධව?,
-
63:00 - 63:02සමහරවිට ඔයගොල්ලන්ට පසුව විමසා බලන්න
-
63:02 - 63:04පුළුවන් කියපු කාරණා
-
63:04 - 63:08තේරුමක් තියෙනවද නැද්ද.
-
63:08 - 63:11අදහස් නැහැ? ප්රශ්න නැහැ? හොඳයි!
- Title:
- නිදහස: සන්තුෂ්ටිය ලබන මාර්ගය | අජාන් බ්‍රහ්ම්
- Description:
-
අජාන් බ්‍රහ්ම්: අපයෝජනයට සහ හිංසාවට ලක්වූ අයට සන්තෝෂය විවෘර්තද? දැඩි ශෝකය, තරහව, දොම්නස, විපතට පත්වුවෙකු ලෙස විශේෂිත අනන්‍යතාවක් පිලිබඳ හැඟීම වැනි වේදනාකාරී චිත්තවවේගයන්ට ඇලීම: මේ සියලු දෙයට ඔබව නිසැක සිරගෙයක කොටු කිරීමට හැක...
- Video Language:
- English
- Team:
Buddhist Society of Western Australia
- Project:
- Friday Night Dhamma Talks
- Duration:
- 01:03:11
![]() |
Indira Fernando edited Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm | |
![]() |
Indira Fernando approved Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm | |
![]() |
Indira Fernando edited Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm | |
![]() |
Indira Fernando edited Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm | |
![]() |
Indira Fernando edited Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm | |
![]() |
Indira Fernando edited Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm | |
![]() |
Indira Fernando edited Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm | |
![]() |
Indira Fernando edited Sinhala subtitles for Freedom: The Path To Happiness | Ajahn Brahm |