මට ඊයෙ ඇරයුමක් ලැබුනා කතාවක් කරන්න.
මම පොරොන්දු උනා අද ඒ කතාව කරන්න.
ඔහු ඇහුවේ,
ඇත්තටම පුලුවන්ද, අද මේ
නවීන යුගයේ සතුටින් ඉන්න?
නැත්නම් අපිට හැමදාම
ප්‍රශ්න, දුක් කරදර එක්කද
ජීවිතය ගත කරන්න වෙන්නෙ?
ඉතින් අපි සතුට ගැන කතා කරමු.
සමහරවිට ඔයගොල්ලෝ ගොඩක් දෙනා දන්නවා ඇති,
බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමයි
ලෝකයේ සතුටින්ම ඉන්න අය හැටියට
සැලකෙන්නේ.
ඒ විස්කොන්සින් සරසවියේ
ඩේවිඩ්සන් ඇදුරුතුමාගේ සොයා ගැනීමක්.
ඒක ඍජු ප්‍රතිථලයක්
වෙනත් වචන වලින් කිවනවා නම් ඒක තමයි
Functional Magnetic Resonance
කෙනෙකුගේ මොලය ස්කෑන් කරන
පරීක්ෂණ මගින් තහවුරු උනේ.
ඉතින් කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්
බෞද්ධයින් දන්නවා සතුට සහ
සතුටට හේතු වන කරුණු ගැන
මූලික බුද්ධ ධර්මය හඳුනා ගත් අය දන්නවා
චතුරාර්ය සත්‍යයයෙන් කියවෙන්නෙ
හරය ඒය බව.
බුදුන්වහන්සේගේ මූලික ඉගැන්වීම,
බුදු දහම කියා අපි හඳුන් වන දේ හදවත
ඹය අය කියාවි, එහෙම කියන එක හරි
ඒ චතුරාර්ය සත්‍යය ගැනයි
ඒ වගේම ඔයගොල්ලන් දන්නවා
චතුරාර්ය සත්‍යය
වසර ගණනක් තිස්සේ මම උගන්වන ආකාරය,
චතුරාර්ය සත්‍යය එන පිළිවෙල
වෙනස් කරලා කතා කරනවා,
ඒ සතුට, සතුටට හේතුව
ඇයි අපි සමහරවිට සතුටින්,
සමහරවිට අසතුටින් ඉන්නේ
ඒ චතුරාර්ය සත්‍යය,
සතුට, සතුටට හේතු,
සමහරවිට අපි අසතුටින්,
ඇයි ඒ අපි අසතුටින්
ඒ විදියට සලකන එක මට වඩා අර්ථවත්
මම තරුණ අවදියේදී
මම කල්පනා කලේ සෑම ආගමකම
මූලික ඉගැන්වීම වනුයේ
ප්‍රශ්ණ දෙකකට උත්තර සැපයීම කියලයි
ඒ “සතුට කියන්නේ කුමක්ද?” සහ
“මම කොහොමද එය ලබා ගන්නේ?”
එම උත්තර දෙක දන්නව නම්,
ලෝකයේ සියලු ආගම් ධර්මයන්ගේ
ඉගැන්වීම් ඔබ දැන ගන්නවා.
මක් නිසාද, සියලු න්‍යායයන්,
දර්ශනයන්, දේවධර්මයන්, .
එවැනි දේවල්,
කතා කරන්න හොදයි.
නමුත් ඇත්තටම මගේ අපේක්ෂාව,
මගේ ජීවිතයේ
සතුට සහ දුක පිළිබද ප්රශ්නය සහ
කොහොමද දුක නැති කර ගන්නෙ,
කොහොමද ඇත්තම සතුට සොයා ගන්නෙ,
ඉතින්, මේ ලෝකයේ,
සතුට තියෙනවද කියන ප්‍රශ්නයට,
මට මගේම අත්දැකීමෙන් කියන්න පුළුවන්,
ඔව්, ඇත්තටම,
නියම සතුටක්, උතුම් සතුටක් තියෙනවා.
නමුත් මගේ ජීවිත ගමනේ,
ආශ්චර්යමත් සොයා ගැනීමක්,
ඒ සතුට තියෙන්නේ,
මිනිසුන් අනුමාන කරන්නෙවත් නැති තැන්වල.
ඒ, අපි ඒ තැන්වල බලන්නේ නැති නිසා,
බොහෝ මිනිස්සු,
ඒ ගොල්ලන්ගේ ජීවිත කාලයම ගෙවිලා යනවා,
ගැඹුරු, සාමකාමී,
අසිරිමත් සතුටක් අත් විදින්නේ නැතිව.
එවන් සතුටක් විදින්න හැකියාව තියෙනවා.
නමුත්, පළමුවෙන්ම මම කියන්නම්,
සතුට කියන්නේ මොකක්ද, එය ලබා ගන්නේ කොහොමද,
මේ සියලු දේ - අපි කතා කරමු - මේ
අද ඉදිරිපත් කරන කතාවෙදි, ඇයි,
මිනිසුන්ට ජීවිතයේ ප්‍රශ්න තියෙන්නෙ?
ජීවිතයේ අසතුට ඇතිවන්න හේතුව කුමක්ද?
ඇයි මිනිසුන් නිතරම, මේ
අසතුටු මානසික තත්වයන්ට පත්වෙන්නෙ?
ඇත්තෙන්ම, ජීවිතයේ කෙනෙකුගේ පාලනයට
නතු නොවෙන කොටසක් තියෙනවා.
ජීවිතයේ අමාරුකම්, සිත් වේදනාවන්, තියෙනවා.
ප්‍රිය කෙනෙක්ගෙ මරණය,
වෘත්තියේ ඇති වන බලපොරොත්තු කඩවීම්,
දරුවන්ගේ ප්‍රශ්න
සහකරු සමග වාද විවාද
ශරීරයේ ලෙඩ දුක් වේදනා
නැත්නම් බෞද්ධ සංගමයට එනවිට
රථ වාහන තදබදයකට
හසුවීම.
ජීවිතයේ එදිනෙදා දුක් වේදනා තියෙනවා,
ඒත් ඒවා නෙවෙයි නියම දුක් වේදනාවන්
බුදුන් වහන්සේ දේශනා කරලා තියන කාරණය නම්
ඒ සිත් වේදනාවන්ට ඇති ඇලීම, බැඳීම
ඒවා තමන් සමග රැගෙන යාම
ඒවාට දෙන අනවශ්‍ය සැලකිල්ල.
එතැනින් තමයි මම
මේ කතාව අද පටන් ගන්නෙ.
ඇයි මිනිස්සු
දුකට ඇලෙන්නේ?
ඒකයි මෙතන තිවෙන මූලික කරුණ.
වසර ගණනකට කලින්, මට අවස්ථාව ලැබුණා
ශෝකය, කම්පාවීම පිළිබද සමුළුවක කතා කරන්න.
ඒ Observation නගරයේදි,
ඒක ජාතික සමුළුවක්,
අධික ශෝකය, කම්පාවීම පිළිබද.
මෙහෙයුවේ මනෝ විද්‍යාඥයින්
සහ මනෝ චිකිත්සකයින්.
මට මතකයි මගේ ඉදිරිපත් කීරීම,
ඒ, Ciara Glennon ගේ
දෙමවුපියන්ගේ ඉදිරිපත්කිරීමෙන් පසුව.
ඒ තරුණිය
'Claremont හි මිනීමරුවා අතින් ඝාතනයට ලක් වුවෙක්.
(තවම සොයාගෙන නැහැ
ඇත්තටම කවුද කලේ) කියලා
ඔවුන්, ඔවුන්ගේ වේදනාව ප්‍රකාශ කරමින් සිටියේ,
ඔවුන්ගේ දුවගේ වියෝව පිළිබදව.
මම හිතන්නේ ඇය තරුණියක්, මම හිතන්නේ,
ඇය නීතිඥවරියක්, සාර්ථක, රූමත් කෙනෙක්
එක රැයක හිටි හැටියේ අතුරුදහන් උනා.
යම් කාලයකට පසුව
ඇයගේ මෘත දේහය හමු උනා. තවමත් කවුදැයි නොදන්න
Claremont මිනීමරුවාට හසුව.
පෙනුන හැටියට ඒ සභා වාරය (මම
සහභාගී උනේ නැහැ) සංවේදජනක,
දුක්භරිත වාතාවරණයක්
සහභාගී වුවන් අතර ජනිත කලා.
මම, මගේ ස්වභාවික අන්දමට
ධනාත්මකව කතා කලා
කිට්ටුවන්තයකුගේ මරණයට මුහුණ දෙන අයුරු
මගේ ධනාත්මක ආකල්පය පමණක්ම නෙවෙයි,
මම තායිලන්තයේ අවුරුදු 9ක් හිටියා
ඒ අවුරුදු 9ක
අත්දැකීමෙන් මම කියන දෙයක්,
ඔබ පර්යේෂණ වලට කැමතිනම්,
අවුරුදු 9ක, මගේ පර්ය්ෂණය වුනේ,
නොකඩවා අවමංගල්‍යයන්ට
නොකඩවා ආදාහන උත්සවයන්ට සහභාගී වීම.
ඒ, තායිලන්තයේ අපේ ආරණ්‍යම
තමයි සුසාන භුමිය වුනේ.
අපි හොල්මන් ආශ්‍රය කළේ,
ඇත්තටම එතැන බොහොම සාමකාමී
තැනක් වාසය කරන්න.
මම චාරිකා කරනකොට මිනිසුන්ගෙන් ඈත්වෙන්න
කැමතියි.
මම භික්ෂූන් වහන්සේ කෙනෙක්
විවේකි බවට කැමතියි.
අජාන් චා අපිට කියුවා
රාත්‍රිය
ගත කරන්න අවශ්‍යනම් අහන්න ගම්වැසියන්ගෙන්
සුසාන භුමිය කොහේද?
සාමාන්‍යයෙන් ඒක කැලේ මැද
තියෙන පිට්ටනියක්.
ඉතින් අපි එතැන නවාතැන් ගන්නවා.
එතැන තමයි සමකාමිම තැන.
ඇයි, ගමේ මිනිස්සු බයයි
ඇවිත් මුණ ගැහෙන්න.
මම ප්‍රියකරනවා ඒ හොල්මන්,
මාව ආරක්ෂා කරනවට, මගේ
ආරක්ෂකයින්, සොයා බලන්නන්
මිනිස්සුන්ව ඈත් කරලා තියන්න,
මට පුළුවන් භාවනා කරන්න
සාමකාමිව
ඉතින් “බොහොම ස්තුතියි හොල්මන්!”
නමුත්, ඒ වනගත ආරණ්‍ය
“Wat Pah Nanachat” ඒක හොල්මන් අරණ්‍යක්,
මොකද කියනවනම්,
එහි සුසාන භූමියක් තිබුණු නිසා.
ඒ වගේම, මට පුළුවන් උනා ගොඩක් අවමගුල්
උත්සව වලට සහභාගී වෙන්න, එකක් ඉවරවෙන්න එකක්.
අපි ඒ ගැමි මිනිසුන් දෙන දානයෙන් යැපුනේ.
ඉතින් හැමදාම උදේ
ඒ ගොල්ලන් මුණ ගැහුනා.
අපි ඒ ගොල්ලන්ගේ ගමට හැමදාම යනවා.
අපි හැදුනේ වැඩුනේ ඒ ගොල්ලන් එක්ක.
මට මතකයි, මම අවුරුදු 9ක් හිටියා
තායිලන්තයේ, වැඩිපුරම ඒ ආරණ්‍යයේ.
මම ඉතින් මෙහාට අවාම,
සර්පන්ටයින්වල මේ ආරණ්‍ය
හදන්න පටන් ගන්න සහ,
බටහිර ඕස්ට්‍රේලියාවේ
බෞද්ධ සංගමයට උදවු කරන්න,
අවුරුදු 4ක් හෝ 5කට පස්සේ තමයි
නැවත ඒ ගමට යන්න අවස්ථාව උදා උනේ.
මම නැවතත් එහි ගිය වහාම,
අරණ්‍යට ගියේ , ගොඩක් හවස් වෙලා,
පහුවදා පිණ්ඩපාතේ වඩින කොට තමයි,
පළමු වතාවට ගමේ අය දැනගත්තෙ මගේ පැමිණීම.
ඒ කාන්තාවො, පිරිමි මුණගැහුනම,
ඒ ගොල්ලෝ මුහුණ දිහා බලලා,
“ආනේ, අජාන් බ්‍රහ්ම්!” ඒ ගොල්ලන්
අඩන්න ගත්තා, මොකද
මම ඒ ගමේ කොටසක් වෙලා හිටියේ.
මම ඒ ගොල්ලන්ගෙ කෙනෙක්.
ගමෙන් පිටවෙලා අවුරුදු 4කට 5කට
විතර පස්සේ නැවතත් ඇවිත්.
ඇත්තටම ඒ තරම් අපි කිට්ටු වෙලා
හිටියේ ඒ සමාජයට.
ඒ සරල කාරණය තහවුරු කරනවා
මම ඒ අයව අවමංගල්යන්හිදි
විතරක් හමුවුනා නෙවෙයි,
ඊට කලින් මුණගැහුණා.
ඊට පසුව මුණගැහුණා.
මම හොදින් දන්න අය.
මම කවදාවත් ඒ අය කම්පා වෙනවා දැක්කෙ නැහැ.
මම කවදාවත් ඒ අය අඬනවා දැක්කෙ නැහැ.
ඇත්තටම එක වතාවයි
මම දැක්කේ ඒ අවුරුදු 9ටම
කෙනෙක් කදුළු හෙලනවා,
කඳුලක් දෙකක්
කම්මුල් දිගේ පෙරෙනවා,
ඒ ස්වාමියා නැතිවුන කාන්තාවක්,
ඒ ඇරෙන්න,
ලොකු වැළපීම් තිබුනේ නැහැ,
මේ බටහිර ඔස්ට්‍රේලියාවෙ වගේ.
ඒ ගොල්ලන් කණගාටුව
යටපත් කරගෙන හිටියා නෙවෙයි,
ඒ අය සැනසුනා
වෙනත් ආකල්පයකින්.
ඒ ගොල්ලන්
ගොඩක් බැඳිලා හිටියේ නැහැ
තමන්ගේ ප්‍රියයන්ට.
ඒ අත්දැකීම
මගේ දෙනෙත් විවර කලා.
ඒ දෙය තමයි මම
සමුළුවේදී කියුවේ.
මෙහි වෙනසක් තියෙනවා,
කම්පා වීම සහ වියෝ වීම අතර,
කෙනෙකුගේ වියෝව වලක්වන්න බැහැ.
නමුත් කම්පා වීම ඒකට එකතු කරන දෙයක්.
බටහිර ආභාෂයට නතු නොවුණු,
තායිලන්තයේ වයඹ දිශාවේ
ඒ සංස්කෘතිය,
ඒක හරියට පිරිසිදු,
පැරණි බෞද්ධ සංස්කෘතිය වගේ.
ඒ පිරිසිදු බෞද්ධ සංස්කෘතිය,
මරණය ගැන සැලකු අයුරු දකින විට,
කම්පාවීම් නැති සමාජයකුත්
තියෙන බව දන ගත්තා.
ඒක අලුත් අත්දැකීමක්.
ඒක මට පෙන්නුම් කලා,
අපේ ශෝකවීම්
සංස්කෘතියෙන් එකතුවුන දේයක් බව.
තවත් ආකාරයක් තියෙනවා ඒ ගැන බලන්න,
ඇයි අපි බැඳෙන්නේ
ඒ වගේ දුක් වේදනාවන්ට?
ඇත්තටම ඒකට හේතුවත් එයමයි
ඔයගොල්ලන් මා එක්ක එකඟ
වෙන්නේ නැති වෙන්න පුළුවන්
නමුත් මම අභියෝග කරනවා!
ඇයි අපි දුක්මුසු සිනමා දර්ශන බලන්න යන්නෙ?
ඒකට හේතුවත් එයමයි.
අපි අඬන්න කැමති නිසා.
ඇත්තටම අපි තුල තියෙන ඒ හැඟීම්
අපි පෝෂණය කරනවා
අපි කැමතියි හැඟීම් බර වෙන්න.
එක් කාන්තාවක් ඉන්නවා මෙහි නිතර එන,
අද ඇය මෙතන නැහැ,
දෙවීයන්ට ස්තුති වෙන්න
(සභාවේ සිනහ..)
ඇය වරක් මට කියුවා, ඇගේ අම්මා
ඉතා ප්‍රිය කරනවාළු
ඒ අඬන සිනමා නරඹන්න.
ඇය මට විස්තර කලා ඒ චීන සිනමා ගැන.
ඒ චීන සිනමා,
මෙතන ගොඩක් දෙනා ඉන්නවා
මැලේසියාව, සිංගප්පූරුව සහ හොංකොං වලින්,
ඔයගොල්ලන් දන්නවා මම කියන දේ-
පිරිමි ළමයා මුනගැහෙනවා ගැහැණු ළමයව
නමුත් දෙන්නට එකතු වෙන්න බැහැ කවදාවත්.
එක්කෝ පවුල, නැත්නම් ඉම්පීරීයල් හමුදාව
නැත්නම් වෙනත් ඛේදවාචකයක් හරස් වෙනවා.
(සභාවේ සිනහ..) අවසානයේදී
දෙන්නම මැරෙනවා,
නැත්නම් වෙන් වෙනවා.
ඒක එහෙම වෙනවා කියලා ඒ ගොල්ලන් දන්නවා!
සෑම සිනමාවකම කතාව ඒකයි.
අනිවාර්යෙන්ම දුක්ඛදායක අවසානයක්.
ඉතින් ඇයගේ අම්මා ගෙදර එනවා,
සතිපතා සිනමා නැරඹීමෙන් පස්සේ,
රතු පාට ඇස්, මග දිගටම, ගෙදරටම එනකන්,
ඇය අඩමින් ඇවිත් තියෙන්නෙ,
ඇය අහනවා,
“ඇයි අම්මා ඔහොම දුක් සිනමා නරඹන්නේ?”
“ආහ්, මට ආසයි ඇඬෙන නිසා,
හරිම දුකයි
දුක හිතෙන නිසා හරි ආසයි”
(සභාවේ සිනහ..)
ඒක ඒ තරම් හාස්‍යජනක දෙයක් නෙවෙයි.
මගේ ජීවිතයේ, වැදගත් අත්දැකීම් තියෙන,
අවස්ථා තියෙනවා, මේ සමුළුවෙදි වගේ,
ජීවිතය සහ මරණය ගැන
වෙනස් ආකාරයකට බැලීම සහ
දුක් වීමට අවශ්‍යතාවක් නැති එක ගැන.
මගේ කෙටි දේශනයෙන් පස්සේ,
කාන්තාවක් මා ලඟට ඇවිත් කියුවා
“දුක් වීමේ ඇති වැරැද්ද මොකක්ද”
ඇයගේ ලඟ ඥාතියෙක්,
ඛේදජනක අයුරින්
මිය ගිය නිසා
ඇය අවුරුදු 5ක් 6ක් ශෝක වෙමින් ගත කරලා.
මොනම හේතුවක් නිසාවත්
ඇය ඒ ශෝකය අත හරින්නේ නැහැ.
මම දැක්කේ ඇය ශෝකයට
බැඳිලා ඉන්නවා.
ඇයගේ
පුද්ගලික අනන්‍යතාව ඒකයි.
ඇය ඒ සමුළුවෙන් මේ සමුළුවට,
ඒ දොස්තරගෙන් මේ දොස්තර ලඟට යනවා.
ඇයගේ අනන්‍යතාව තමයි ශෝකවීම.
මේක අපි මුහුණදෙන බරපතල ප්‍රශ්නයක්.
සමහරවිට අපි අපේ අනන්‍යතාවන් හදා ගන්නවා.
අපි ඒ ශෝකයට බැඳෙනවා, ඒ තමයි
“මම”
අපි අසාධාරණයට ගොදුරු වෙනවා
ඒ ගැනත් අපි නොමනා සතුටක් විඳිනවා
ඒ අසාධාරණයට ගොදුරු වීම ගැන.
ශෝක වීම ගැන සතුටු වෙනවා.
බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා,
නැවැත නැවතත් සදහන් වෙනවා
සුත්‍ර දේශනා වල, උන්වහන්සේ කියනවා
සියලු සෘණාත්මක හැගීම්, ශෝකය, කේන්තිය
ඊර්ෂ්‍යාව, ඒ වගේම භය
මේ සේරමෙහි තෘප්තියක් තියෙනවා කියලා.
එහි තෘප්තියක් තිබුනේ නැත්නම්
එහෙනම් මිනිස්සු බියට, ඊර්ෂ්‍යාවට
හෝ තරහට පත්වන්නේ නැහැ.
මොකද, ඔයගොල්ලන් දන්නවා,
සමහරවිට තරහ ගියාම
මිනිස්සුන්ට බලවත් බව හැඟෙනවා.
ඒක හරියට හෙරොයින් නැත්නම්
උත්තේජක මත් ද්‍රව්‍ය වගේ.
ඔබ බලවත් වෙනවා ඒ වෙලාවට
එහි තෘප්තිමත් ගතියක් තියෙනවා.
ඒකයි මිනිස්සු කෝප වෙන්නේ,
සාහසික වෙන්නේ, ඊර්ෂ්‍යා වෙන්නේ
ඒ වගේම කම්පා වෙන්නේ,
එහි රසයක් තියෙනවා.
මේක බුදුන් වහන්සේගේ අසිරිමත් දේශනාවක්.
මේවායෙහි රසයක් තියෙන නිසා,
එකයි මිනිස්සු ඒවාට ඇලෙන්නෙ.
නමුත් ඇයි ඒ අය ඒක අතහරින්නෙ නැත්තෙ,
ඒ අයට ඒහි රසය පේනවා ,
නමුත් එහි අනතුර දකින්නේ නැහැ.
කේන්තියත් සමග, ඔව්,
ඔබට ලැබෙනවා උත්තේජනයක්,
නමුත් ඔබට ගෙවන්න සිද්ද වෙනවා ඒ සදහා පසුව.
ඒක මත්ද්‍රව්‍යයක් වගෙයි.
අපි ලඟ තියෙනවා තවත් නොයෙක් වැඩදායක
නොවෙන හැගීම්, ඊර්ෂ්‍යාව වගේ.
ඔව්...ඔබව මඟ හැරිලා වගේ හැඟීමක් එනවා.
නමුත් ඔබට පසුව ඒවාට ගෙවන්න සිද්ද වෙනවා.
ඔව් ඔබට ශෝකය දැනෙනවා තමයි
ඔබව අසාධාරණයට ගොදුරු උනා කියලා,
නමුත් දෙවියනේ! මොන තරම් නම්
ඔබට ගෙවන්න වෙනවද.
ඉතින් ඒ ඍනාත්මක
හැඟීම් වලට ඇති බැඳීම්,
විශේෂයෙන් අතීතයේ වේදනාවන්ට
තිබෙන බැඳීම් තමයි
අපේ සතුටට තිබෙන නිදහසට
එරෙහි වෙන්නේ.
අද උදේ මම සහභාගි වුනා කුඩා සමුළුවකට.
කතෝලික අධ්‍යාපන කේන්ද්‍රයෙන්
සංවිධානය කරලා තිබුනෙ.
ඒක ගුරුවරුන්ට සහ
කතෝලික අධ්‍යාපන පද්ධතියට.
ඒක සමාදානය සහ
සමාව පිළිබදව.
එහි හොඳ කථිකයින් හිටියා.
සහකාර කොමසාරිස්වරයෙක්,
සම්බන්ධිකාරවරිය Michelle Stubbs,
ඒ ළමා අපයෝජනයෙන් විපතට
පත්වූවන් වෙනුවෙන්.
අද අපේ නවීන සමාජයේ
බරපතල ප්‍රශ්නයක් ඒක.
සැහෙන සංඛ්‍යාවක්,
ළමා කාලයේදී ලිංගික හෝ ශාරීරික
අපයෝජනයට
ලක්වෙලා.
අපි කොහොමද මේකට මුහුණ දෙන්නෙ.
එහිදී යෝජනා වුනේ..
මේක සැලකියයුතු කාරණයක්.
මේ ළමා අපචාර වලින්
විපතට පත් වුනු ගොඩ දෙනෙක්ට
හැඟෙනවා, ඒ ගොල්ලන්ට අවශ්‍යයි ඒ ගොල්ලන්ගේ
නඩුව උසාවියේදී විභාග වෙන්න.
ඒ ගොල්ලන්ගේ වේදනාවට
නිසි සැලකිල්ල
යොමු වෙන්න,
යම් ආකාරයකට විපාක ඵල දෙන්න.
අපේ සමාජය, විපාක ඵල දීමකට
වඩා දෙයක් ඉල්ලන්නේ.
ඉල්ලනවා
දඬුවම්, සිර දඬුවම්,
සිරගත නොවන දඬුවම්.
සමහර අය ඉල්ලනවා ශාරීරක දඬුවම්,
මරණ දඬුවම පවා.
එම විවාදයේදී
මම හිඳගෙන සිටියේ
කතෝලික පියතුමෙක් ලඟ.
ඔහු මට කියුවා ඇමෙරිකාවෙන්
වාර්තා වුණ කතාවක්.
ඝාතනයට ලක්වුණු කෙනෙකුගේ
නෑදෑයින් සහභාගී වුණා
ඝාතකයාගේ
මරණ දඬුවමට.
මරණ දණ්ඩනය නැරඹීමෙන්
අනතුරුව ඇවිත් කියලා,
මරණ දණ්ඩනය ගොඩක් වේගවත්..
ඒක සෙමින් සිද්ද වෙන්න තිබුනා. කියලා
ඒ කතාව මට ලොකු වේදනාවක්
ගෙන දෙනවා.
ඒ ගොල්ලන්ට අවශ්‍ය වේදනාව.
ඒ ගොල්ලන්ට උවමනා වුනා
-- ඒ ගොල්ලන්ගේ දරුවාගෙ -- මම දන්නේ නැහැ--
ඥාතියාගේ ඝාතකයාගේ... වේදනාව.
ඔහු මට විස්තර දුන්නේ නැහැ.
ඇයි මනුෂ්‍යයෙකුට
තව කෙනෙකුට හිංසා කරන්න ඕන වෙන්නේ
ඒ කෙනා අපිට හිංසා කල පලියට?
ඒ අපි විපතට පත්වුනු කෙනෙක් වශයෙන්
ඇති කරගන්න බැඳීම නිසයි
නැත්නම් සංස්කෘතික අභාෂය නිසයි
‘ඇසට ඇසක්, දතට දතක්’
ආකාරයට බලන එක අපේ සමාජයේ
ගොඩක් දෙනෙක් ලඟ
බොහොම තදින් තවම පවතිනවා.
මගෙන් විමසුවා බුද්ධ ධර්මයේ ස්ථාවරය
එවැනි දේ ගැන
මම ශිෂ්‍යයෙක් හැටියට,
කියවපු පොතකින් උපුටා දැක්වූවා.
ඒ අදහස්, පීඩිතයා වීම, අපරාධ සහ දඬුවම් ගැන
මගේ ආකල්පයන් ගොඩක් දුරට වෙනස් කලා.
මම කලින් මෙහිදී සඳහන් කරලා තියෙනවා..
ඒ අඟනා පොත ලියැවිලා තියෙන්නෙ
අවුරුදු 100කටත් කලින්,
එහි නම
“එරවොන්”
ලියල තියෙන්නෙ “සැමුවෙල් බට්ලර්”
ඒක ගොඩක් ආභාෂය වෙලා තියෙනවා,
බ්‍රිතාන්‍යයේ මහා නාට්‍ය රචකයා,
ජෝර්ජ් බර්නාර්ඩ් ෂෝ ට.
ඒක වෙනස් කලා ඔහු සමහර
සමාජීය ප්‍රශ්න දිහා බලපු ආකාරය.
ඒ වගේම ඒ උපහාස රචනා විලාසය
ඵලදායක තර්කයක් වුණා
අපි අපරාධ කරුවන් නැත්නම් නරක ක්‍රියා
කල මිනිසුන්ට දඬුවම් දීමෙන්
ප්‍රතික්‍රියා දැක්වීම කෙරෙහි.
ඒක අනාගත දැක්මක් වුණා,
අද සමාජයේ අපි අපරාධ හැටියට සලකන දේ
රෝගයන් ලෙස සලකා ප්‍රතිකාර කිරීමට.
ප්‍රතිකාර කිරීම, ප්‍රතිකාර කිරීම පමණක්ම
අපරාධ සඳහා ප්රතිකර්මය බවට ස්ථාපිත කිරීමට.
කවුරු හරි සොරකම් කලොත්,
ඔහු හමුවෙනවා ගිහින්
දොස්තර කෙනෙක්ව.
කවුරු හරි ලිංගික අපචාරයක් කලොත්,
ඒක රෝගයක් හැටියට සලකන්නේ.
දඬුවම් දීම ගැන සැලකීමක් කරන්නෙම නැහැ.
නමුත් කොහොමහරි, පුනරුත්ථාපනයක්,
ඒ මනුෂ්‍ය ස්වභාවයේ දෝෂයට,
ප්‍රතිකර්මයක් සොයන්නේ.
නමුත් ශාරීරික සෞඛ්‍ය කාරණා සලකනවිට,
ඔබ රෝගාතුර වෙලා නම්, ඒ
ඔබ ප්‍රවේශම් නොවුණු නිසා.
ඉතින් ඔබට දඬුවම් කරනවා.
මට හැමදාමත් මතක තියෙන,
ඒ පොතේ පරිච්ජේදයක්,
එහි තියෙන්නෙ උසාවියක සිදුවීමක්.
දුප්පත් මිනිසෙකුට සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා.
සෙම්ප්‍රතිශ්‍යාවක් තිබුනම
(මෙතැනත් ගොඩ දෙනෙකුට සෙම්ප්‍රතිශ්‍යාව,
[සභාව අරභයා],කැස්සත් තියෙනවා,
ඔයගොල්ලන් ලොකු අමාරුවක ඒ සමාජයේනම්)
ඉතින් ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව නිසා,
විත්ති කූඩුවට නංවලා.
චෝදනාව ලෙඩ වීම.
සොටු පෙරෙමින් හිටි නිසා,
ඔහුට නිදහසට කරුණු තිබුනේ නැහැ.
විනිසුරුවරයා තීන්දු කලා,
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වැරදිකරු බව.
ඔහු දඬුවම
ප්‍රකාශ කරන්න කලින් කියුවා
“මේ පළමු වතාව නෙවෙයි ඔබ මෙතැන
ඉදිරිපත් කෙරුනේ, සුමාන 3කට කලිනුත්
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳිලා මෙතැනට ආවා.
මම අවවාද කලා ඒ වතාවේ ඔබට
ඔබ හොඳට කෑම කන්නේ නැත්නම්,
සෞඛ්‍ය ගැන මීට වැඩ සැලකිලිමත් නැත්නම්,
මානසික ආතතිය ගැන සැලකිලිමත් නැත්නම්,
ඒක ඔබේ වගකීම නිරෝගිමත්ව සිටීම,
ඔබ නොසැලකිලිමත්, ඔබේ සෙම්ප්‍රතිශ්‍යාව
අනිත් මිනිසුන්ට අනතුරුදායකයි!
ඔබේ හැසිරීම වගකීම් විරහිතයි,
අනිත් අය ගැන සැලකිලිමත් නැහැ,
විෂබීජ
පතුරුවනවා අනිත් මිනිසුන්ට
එහෙම සුදුසු නැහැ,
සෙම්ප්‍රතිශ්‍යාව තිබීම සහ
නැවත එම වරද කිරීම
වෙනුවෙන්,
අවුරුදු 3ක සිර දඬුවම් නියම කරනවා!"
එකේ තර්කානුකුල බවක් තියෙනවා.
ඔබට අසනීපනම් ඒක ඔබේ වගකීම නේද,
හොඳට ව්‍යායාම කරලා,
කෑම කාලා ඉන්න එක?
ඔබට අසනීපනම්,
ඔබ සමාජයට ලොකු බරක්, හිසරදයක්.
ඔබ සමාජයේ සම්පත් කොල්ලකන්නෙක්.
වගකීමක් නැති වදකාරයා,
දුෂ්ට අවලමා, හැමවෙලේම
සෙම්ප්‍රතිශ්‍යාව හදාගන්නවා.
ඉතින් ඒ ගොල්ලන්ට දඬුවම් නියම වුනා.
පෙනෙන හැටියට, මෙයින් මට ඉතාමත්
පැහැදිලිව පසක් වුනේ, අපි ලඟ තියෙන
දෙබිඩි පිළිවෙත.
ඇයි අපි අසනීප වුණාම,
කිසි කෙනෙකුට දඬුවම් ලබා
දෙන්නෙ නැත්තෙ අසනීප වීම ගැන.
අපරාධ හැටියට හදුන්වන දේයි,
ශාරීරික ලෙඩ අතරෙයි
වෙනසක් තියෙනවද?
ඉතින් මගෙන් ඇහුවම
දඬුවම් කෙරෙහි,
බුදුදහමේ ආකල්පය කුමක්ද?
මම කියනවා,
අපරාධය රෝගයක් වගේ,
නිරෝධායනය, (කොරන්ටීන් ) කරන්න අවශ්‍යයි.
සෞඛ්‍ය හේතු මත පැත්තකට කරලා තියන්න,
එතකොට වෙන කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ,.
රෝගය ඔබ ලඟ උත්සන්නව තිබෙන තාක්,
ඔබ අනතුරුදායකයි අනෙක් අයට.
නමුත් ඔබව නිරෝධායනයට යටත් කරලා -
- තියෙන කොට ඒක දඬුවමක් හැටියට
සලකන්නෙ නැහැ.
ඒක සලකන්නෙ,
පුනරුත්ථාපනයක් හැටියට.
ඒ ප්රශ්නය අරගෙන,
එකත් එක්ක වැඩ කරන්න,
තවදුරටත් ඒක ප්‍රශ්නයක් නොවෙන තාක්,
ලෙඩේ බෝවෙන තාක්,
ඔබ සමාජයට අනතුරක් වෙන තාක්,
ඔබ නිරෝධායනයෙ.
ඉතින් ඇයි අපිට බැරි ඒක සලකන්න
දණ්ඩන ක්‍රියාදාමය හැටියට,
සමාජයට අනතුරක් තියෙන තාක් ඉන්න.
නමුත් දඬුවමක්
හැටියට නෙවෙයි,
සුව කල යුතු රෝගයක් හැටියට.
දඬුවම නෙවෙයි, පුනරුත්ථාපනය.
බුද්ධ ධර්මය මම තේරුම් ගන්නෙ ඒ විදයටයි.
දිගු කාලයකට පෙර ඉදන් බෞද්ධයෙක් හැටියට,
ඵලදායක ඉදිරියට යන ක්‍රියාදාමයක් හැටියට,
මම තේරුම් ගන්නෙ ඒ විදයටයි.
එත් ඇයි මිනිසුන්ට ඒක අවශ්‍ය නැත්තෙ.
ඒ ගොල්ලන්ට ඕනේ, මිනිසුන්ට දඬුවම් කරන්න,
ඒ අය අපිට රිදවපු හැටියටම.
මම හිතන්නේ අපිට,
ඇත්තටම ගැඹුරින් තේරුම් ගන්න
අමාරුයි ඇයි මිනිස්සු මේ භයානක දේ කරන්නෙ.
ඇයි ඒ ගොල්ලන් මේ,
වැරදි වලට යොමු වෙන්නෙ කියා ගැඹුරින්
තේරුම් ගන්න, මේ අපරාධ, රිදවීම්,
මේ පීඩාවන් එන්නෙ කොහෙන්ද විතරක් නෙවෙයි,
අනාගතයෙ අපි කොහොමද
මේ පීඩාවන්, රිදවීම් වලට ඇති අවස්ථාව
අවම කරගන්නේ කියා තේරුම් ගත යුතුයි.
පීඩාවට පත් තැනැත්තා
බවට බැඳීමෙන්
පලක් නැහැ.
මම සමහරවිට කල්පනා කරනවා,
ඇයි මිනිස්සුන්ට,
තව කෙනෙකුට දඬුවම් කරන්න අවශ්‍යය.
ඔබ ක්‍රිස්තියානි භක්තිකයෙක් නම් දෙවියො
දඬුවම් දෙයි.
ඔබට තියෙන උවමනාව ඇයි
දඬුවම් දෙන්න?
ඔබ මුස්ලිම් නම්,
අල්ලාහ් බලා ගනීවි.
ඔබ බෞද්ධ නම්, කර්මය
බලා ගනීවි. ඔබ කිසිම
ආගමක් අදහන්නෙ නැත්නම්,
ඔබ දන්නවා ඒ පුද්ගලයට,
මනෝචිකිත්සාව ලබා ගන්න වෙනවා
අවුරුදු ගණනක් යනතුරු.
මොනවා වුනත්, කිසි කෙනෙකුට
තමන්ගේ නරක හැසිරීමේ
විපාක විඳින්නේ නැතිව
බේරෙන්න බැහැ.
බටහිර ඔස්ට්‍රේලියාවට මා පැමිණි
මුල් කාලයේදි , සිර ගෙවල් වලට බොහෝ
සැරයක් ගියා. අවුරුදු ගණන් ඒවායේ ගත කරන
සිරකරුවන් සමඟ කිට්ටුවෙන්
ඇසුරු කරන්න ලැබුණා.
ඒ අවස්ථාවන්හිදී මා පැහැදිලිව
අත් දැකපු දෙයක් නම්,
හෘද සාක්ෂියක් නොමැති සිරකරුවෙක්
මට කිසිම අවස්ථාවක හැමුවී නැහැ.
ඒ ගොල්ලන් මවාපානවා,
හෘද සාක්ෂියක් නොමැති ලෙසින්,
හිතනවා “හරි මම මෙතනින් ගියාම,
පුළුවන් තරම් ගෙවල් කොල්ල කනවා,
මට නීතියෙන් වැඩක් නැහැ,
මම මෙතැනින් එලියට යනකං
ඉන්නෙ.”
නමුත් සමහර අය, මට කිට්ටුවෙන්
අඳුනා ගන්න ලැබුනම, ඒ සෑම කෙනෙක්ම
ප්‍රකාශ කලේ, ඒ ගොල්ලන් අනිත් අයට කල දේ
ගැන මොනතරම් හදවතින්
පීඩා විඳිනවද යන වගයි.
ඒ ගොල්ලන්ට නොදැනුනා නෙවෙයි
හද පත්ලෙන් ඒ වේදනාව
අනිත් අයට ගෙන දීපු.
නිතරම ඒක දැනුනා.
පශ්චාත්තාපවීම නිතරම තිබුණා.
ඒ වගේම, තමා චන්ඩියෙක්
ලෙස පෙන්වීමේ මානසිකත්වය.
ඒ ගොල්ලන්ගේ පසුතැවීම පෙන්නුවේ නැහැ.
ඉතින් නිරන්තරයෙන්ම එතැන
දඬුවමක් විඳිනවා.
කවුරුහරි නරකක් කෙරුවොත්,
එහි වේදනාව විඳින්න වෙනවා.
මේක තමයි කර්මයෙ නියමය.
ඒක ඒ ගොල්ලන්ට ආපසු ආ යුතුයි.
ඒ ඔබ බෞද්ධද, ක්‍රිස්තියානිද,
වෙන ආගමක් අදහන්නෙක්ද අනුව නෙවෙයි.
ඒක ගුරුත්වාකර්ෂණ නියමය වගේ,
ඔබට විශ්වාස කරන්න හෝ
නොකරන්න අවශ්‍ය නැහැ.
ඔබේ විශ්වාසය කුමක් වුවත්
එය වෙනවා.
ඉතින් අපිට කාටවත්
දඬුවම් කරන්න අවශ්‍ය නැහැ.
ඒ වෙනුවට සම්පුර්ණ සිදුවීම යන්නට
ඉඩ හරින්න පුළුවන්.
අපි ඒකට යන්න ඉඩ හැරියේ නැත්නම්,
අපි ජීවිත කාලයටම, එහි පීඩාවට
පත්වන්න වෙනවා.
එහිදී බලපාන්නේ නැහැ කවුද
වැරැද්ද කලේ, කවුද රිදවුවේ, කවුද ගැරහූවේ.
ඔබ එයට යන්නට ඉඩ අරින තුරු, ඔබ හැමදාමත්
පීඩිතයා වෙනවා.
ඉන් ඔබට කවදාවත් ගැලවීමක් ලැබෙන්නේ නෑ.
අවශ්‍ය අපි කොහොමද,
ඒ අත හරින මොහොතට එළැඹෙන්නේ.
සමහරවිට අපිට හිතෙනවා,
අපිට වැරැද්ද කල කෙනාව
අභියෝගයට ලක් කලයුතුයි,
අපි විසින්ම සිදු වූ දේ හරි ගැස්සිය යුතුයි,
අපිට වූ දේ අවදානයට ලක් විය
යුතුයි, අපේ දුක්ගැනවිල්ල හඬ නැංවිය යුතුයි.
සමහරවිට ඒක සඵල කර ගන්න බැහැ.
එහෙම බැරි වුනත් ඉතින් මොකද?
සමහරවිට ඔබේ හඬ ඇසෙන්නට
අවශ්‍ය නැහැ,
සමහරවිට ඔබට හිංසා කල,
රිදවපු කෙනාව, අභියෝගයට
ලක් කරන්න අවශ්‍ය නැහැ.
ඔබට නිදහස තියෙනවා සෑම මොහොතකම,
අනිත් අයගේ බලපෑමකින් තොරව,
නීතියේ ක්‍රමවේදයෙන් තොරව,
ඒ ඔබව හිංසාවට, රිදවීමට හෝ,
අපයෝජනයට ලක්කල පුද්ගලයා
කොහේ හිටියත්,
ඔබට ඕනෑම මොහොතක නිදහස
තියෙනවා අත හරින්න.
අපිත් සමඟ අරගෙන යන මේ බැඳීම්,
අපිමයි තෝරාගෙන තියෙන්නෙ ඒවා අරගෙන යන්න.
එහෙම කරන්න අනිවාර්ය නැහැ.
අධික ශෝකය, තායිලන්තයේ
අවුරුදු සියගණනක් පැරණි,
බෞද්ධ සංස්කෘතියේ අංගයක් නොවන බවට
ලත් අත්දැකීමෙන්,
මම ඉගෙන ගත්තා, සාමාන්‍යයි, ස්වාභාවිකයි,
සිදුවිය යුතුයි
යනුවෙන් මම හිතපු දේ ඇත්තටම
සාමාන්‍ය නැහැ, ස්වාභාවික නැහැ,
සිදුවීමට අවශ්‍ය නැති බව.
ඒක අපි ජීවිතයේ ප්‍රශ්න සමඟ ගනුදෙනු කරන්න
ඉගෙනගෙන තිබෙන ආකාරය පමණයි.
අපිට නැවත ඉගෙනගෙන පුළුවන්
ඒවා වෙනස් විදියකට කරන්න.
කවුරිහරි ඔබට හිංසා කරනවා, රිදවනවා,
ඇයි බැරි ඉතා ඉක්මනින්
එය හිතෙන් බැහැර කරන්න.
මම නිතර කියලා තියෙනවා,
මේක තමයි සමාදාන වීමේ
පළමු පියවර තේරුම් ගැනීම.
අත හරින්න, සමාව දෙන්න,
අත හරින්න, ඉදිරියට යන්න.
මම නිතර කියලා තියෙනවා, කවුරු හරි ඔබට
මොට්ටයා කියලා කියුවොත්,
ඔබ දිගටම හිතනවානම්
“ඇයි මට ඔහු මොට්ටයා කියුවේ,
මම මොට්ටයෙක් නෙවෙයි,
ඔබ මට මොට්ටයා කියුව එක වැරදියි!”
ඔබ ඔවුනට ඉඩ දීලා තිබෙනවා,
තව තුන් සැරයක් ඔබට මොට්ටයා කියන්න.
[සිනහා..]
ඔබට එය මතක් වෙන සෑම වතාවකම,
ඔබ ඔවුනට ඉඩ දෙනවා තව වතාවක්
ඔබට මොට්ටයා යැයි පවසන්න.
ඉතින් ඇයි ඔබට බැරි, ඔවුන් ඔබට මොට්ටයා
යැයි කී විගසම
එය කෙලින්ම අමතක කරලා දාන්න.
එතකොට ඔවුන් ඔබට මොට්ටයා
කියන්නේ එක වතාවයි.
ඔවුන් වැරදියි,
ඔබ දන්නවා ඔවුන් වැරදියි කියා,
ප්රශ්නය එතැනින් ඉවරයි.
මම හිතනවා ඔබලා බොහෝ දෙනෙක් පිළිගනීවි
එහි ඥානවන්ත බව,
ඔයගොල්ලන්ට ඇහිලා ඇති ඕනෙ තරම්,
කරලත් ඇති,
මිනිස්සු ඔබට කියනවා මොට්ටයා,
කියනවා මෝඩයා,
කියනවා ඔබ කැතයි,
කියනවා මන්ද බුද්ධිකයි,
ඔබ කෙලින්ම ඒවා අමතක කරලා දානවා.
කලින් අහලා නැති අයට කියන්නේ,
අජාන් චා ගේ අසිරිමත් කියමනක්,
“ඔබට කවුරු හරි බල්ලා කියුවොත්,
මොකක්ද ඔබ කරන්න ඕනෙ?"
බලන්න....” [සභාව - පැහැදිලි නැහැ]
[සිනහ]
බොහොම හොඳයි ඔබ ඉස්සර වුනා,
විශිෂ්ටයි, ඒත් ඒක නෙවෙයි අජාන් චා කියුවෙ.
කවුරු හරි ඔබට බල්ලා කියුවොත්,
බලන්න ඔබේ පස්ස පැත්ත,
බලන්න වල්ගයක් තියෙනවද.
ඔබට වල්ගයක් නැත්නම් ඔබ බල්ලෙක් නෙවෙයි.
ප්රශ්නය ඉවරයි.
මිනිස්සු ඔබ ගැන කියන බොහොමයක් දේ
නිවැරදි නැහැ,
ඒ ඔවුන් ඔබ කවුද,
මොනවද කරන්නෙ කියා නොදන්න නිසා.
ඉතින් ඒක හොඳ ක්‍රමයක් ප්රශ්නය නවත්තන්න.
නමුත් ගොඩක් දෙනා මොකද කරන්නෙ,
ඒ අය ඒ ගැන හිතමින් ඉන්නවා.
ඔබ ඒ ගැන හිතන සෑම වතාවකම,
ඔබ ඔවුනට ඉඩ හරිනවා,
තවත් වරක් ඔබට බල්ලා කියන්න.
ඒක තේරුම් ගන්න ලේසියි.
නමුත් කවුරු හරි ඔබට
හොඳටම රිදෙව්වොත්,
තද බල විදියට අපයෝජනය කලොත්,
කුඩා අවදියේ ලිංගික අපයෝජනයක්?
ඔබ ඒ ගැන සිහි කරන සෑම විටම,
ඔබ ඔවුනට ඉඩ හරිනවද
නැවතත් අපයෝජනයට ලක් කරන්න?
සෑම විටම ඒ සිදුවීම මතු වන?
ඇයි අපිට ඒකට යන්නට ඉඩ හරින්න බැරි
එක වරම?
ඒක අමාරුයි.
නමුත් පුළුවනි ඇතුලත ජවයකින්,
ඔබ දන්නවා,
අධිෂ්ඨානයකින් නොවේ,
ප්‍රඥා බලයෙන්,
කරුණා පෙරදැරිව.
ඇයි අපි ඉඩ හරින්නේ අපි විසින්ම
පීඩිතයා බවට පත්වෙන්න?
පීඩිතයෙක්ව කරන්න?
මම මේක න්‍යායක් හැටියට කියනවා නෙවෙයි.
සෑහෙන අවුරුදු ගණනකට කලින්,
අපේ ශ්‍රාවකයෙක් හිටියා,
ආමඩේල් කණ්ඩායම [Armadale group]
තිබුණා කාලෙ, ඒ කණ්ඩායමේ.
ඇයගේ මිතුරියක්
මට කියුවා, ඔබ ඇයට
කතාකලොත් හොඳයි,
ඇය ලොකු අමාරුවක.
මොකක්ද කරදරය?
ඇයට දැන ගන්න ලැබුණා, ඇයගේ ස්වාමියා
ඇයගේ ළමයින් දෙදෙනාව ලිංගිකව
අපයෝජනයට ලක් කරන බව.
ඇයගේ අවදානයට ඒක අසුවුනේ නැහැ,
මම ඇයට කියුවා ඒකට හේතුව,
“ඔබ ඔහුට ආදරය කලා”
ඔබ ඔහුට ආදරය කරනකොට,
අපයෝජනයේ සලකුණු තියෙනවා, නමුත්
ඔබ ඒවා දකින්න සූදානම් නැහැ. මොකද,
ඔබ ආදරය කරන කෙනෙක්,
ඔබ ආදරය කරන දරුවන්
අපයෝජනය කරනවා යන අදහස
පිළිගන්න ඉතා අමාරුයි.
මනසට ඒ දෙක ගලපන්න
ඉතා අමාරුයි.
ඉතින් ඇගේ ස්වාමි පුරුෂයා ළමයින්
අපයෝජනය කරනවා යන සලකුණු
ඇගේ මනසට වැටුනේ නැහැ.
කාරණය හෙළි වුනා පාසලේදී,
පරීක්ෂණ වලින් ඒක ඇත්ත බව ඔප්පු වුනා.
ඒ පුද්ගලයා සිරගත වුනා.
විවාහයත් ඉවර වුනා.
මම ඇයට උපදේශනය කරමින් හිටියේ.
අවවාද දුන්නේ බෞද්ධ මූලධර්ම මත පිහිටලා.
ඇය හොඳට භාවනා කලා,
ඇය වටහා ගත්තා,
කර්මය සහ අත්හැරීම සහ
පීඩාවට පත් වූවෙක් නොවීමේ මූලික අදහස.
ඇය ඒ අදහස හොඳින් බාර ගත්තා.
ඇය කියුවා ඇයට ආයේ කවදාවත්
ඔහු සමඟ එකට,
ජීවත් වීමට හෝ ආදරය කිරීමට නොහැකි බව.
නමුත් ඇය කියුවා ඔහුට ඉඩ තියන්නේ නැහැ
තවත් ඇයව දුක් විඳවන්න.
ඇය සම්පූර්ණයෙන් අත හැරියා.
ඔහුට සුභ පැතුවා, ඉන් පස්සේ
එංගලන්තයට ගියා.
මම ඇය සහ දරුවන් සමඟ සම්බන්දකම්
දිගටම පැවැත්වුවා,
ඇය ඕස්ට්‍රේලියාවෙන් යන්න කලින්,
ඒ දවස්වල අනිවාර්යයි,
සමහරවිට තවමත් එහෙම ඇත්තෙ,
ඇයට සහ දරුවන්ට උපදේශනය
සඳහා සහභාගී වෙන්න.
මට සිනහ පහළවෙන කාරණයක් වුනේ,
ඇය සුමාන 4ක් 5ක් උපදේශනය සඳහා
සහභාගී වීමෙන් අනතුරුව
මාව හමුවී නැවතත් දුක් අවලාද නැගුවා.
“මේ උපදේශකයා පිළිගන්නේ නැහැ
මම අතීතය යන්නට ඇරලා ඉවරයි කියලා.”
උපදේශකයා අහනවා
“ඔබ ඔබේ ස්වාමි පුරුෂයාට වෛර කරනවා නේද?”
“නෑ, මම ඔහුට වෛර කරන්නෙ නැහැ,
මම අතීතය අමතක කරලා ඉවරයි”[ සිනහා..]
උපදේශකයා
“ඔබ ඔහුට වෛර කරනවා, එහෙම නේද?”
“නෑ නෑ මම වෛර කරන්නෙ නැහැ”
ඉතින් ඇය මාව හමුවෙන්න නැවතත් ආවේ,
ඇයට උපදේශකගෙන් ගැලවෙන්න බැරිව -
[සභාවේ සිනහ]
- ඇය බාර ගන්නකන්, ඇය කොයිතරම්
ඇගේ ස්වාමියට වෛර කරනවද,
ඇයට මොනතරම් උවමනාද, ඔහුව මරන්න.
ඉතින් ඇයව නිදහස් කරගන්න මට සිද්ධ වුනා
බෞද්ධ මනෝවිද්‍යාව ගැන සහ,
බෞද්ධයින් කොහොමද මෙවැනි සිදුවීමකට
මුහුණ දෙන්නෙ යන වග
උපදේශකට ලියන්න.
මම මේ ලියුම ලේසියෙන් නෙවෙයි ලියුවේ,
මට වැරදිලා නම්,
ඇයගේ අනාගතයම
අඳුරු වෙනවා.
ඇයව මම දැනගෙන හිටි නිසා,
ඇයත් සමඟ කතා කරලා තිබුණ නිසා,
ඇයට මම විසින්ම උපදේශනය කරලා තිබුණ නිසා,
මම දැනගත්තා ඇය අතීතය ගැන තවත් ලත නොවෙන බව.
ඇය ලඟ කෝපයක් තිබුනේ නැහැ,
නුතන සංස්කෘතියේ, සාමාන්‍යයෙන්
බලාපොරොත්තු වන පරිදි,
විපතට පත් වුවෙක් වීමේ
ක්‍රියාවලියට ඇය අසු වුයේ නැහැ.
ඇය අතීතය පසු කලා ඉක්මනින්ම,
ඒ නිසා ඇයගේ නිදහස ලබා ගත්තා.
මම ඇයට ආචාර කරනවා,
ඇය කල දෙයට.
මුළු ජීවිතයම අඳුරට ලක් කල,
ඒ මහත් වේදනාකාරී තත්වය,
ඇය ඉතා වේගයෙන් ඒ තත්වයෙන් මිදුනා,
අමතක කිරීමක් නෙවෙයි ඒ,
අවිඥානකව නෙවෙයි “ඒක සිදු වුනේ නැහැ” ලෙස
ප්‍රතිෂේධනය කීරීමක් නෙවෙයි, නමුත්
ඔව් එහෙම දෙයක් සිදුවුණා,
ඒක බොහොම අප්‍රසන්න සිදුවීමක්,
නමුත් මම ඒකට ඉඩ හරින්නෙ නැහැ,
තවදුරටත් මාව රිදවන්න, හිංසාකරවන්න.
ඇය ඒ නිදහස කරා ඉක්මනින්ම පිය නැඟූ නිසා,
ඇයගේ දරුවනුත් ඇයව අනුගමනය කලා.
ඒ අයත් අම්මාගේ ආදර්ශය අනුව යමින්,
විපතට පත්වුවකුගේ තත්වයට පත් නොවී,
අතීතයට සමු දුන්නා.
තවත් ක්‍රම තියෙනවා මෙවැනි
දරුණු හිංසන වලට මුහුණ දෙන්න.
මට තියෙන අනිත් පෞද්ගලික උදාහරණය
තමයි, මගේ තාත්තගේ කතාව,
ඔහු මට කියුවා,
ඔහු දෙවන ලෝක යුද්ධයට කලින්,
ලිවර්පූල් නගරේ හැදුනේ වැඩුනේ,
ඒ කාලේ අනිත් බොහෝ දෙනා වගේ,
ඉතාමත් දිළිඳු පරිසරයක.
ඔහුගේ තාත්තා ජලනල කාර්මිකයෙක්,
ඔහු හවස වැඩ නිමවී,
ගෙදර එන්න කලින්,
වැඩි කාලයක් සමාජ ශාලාවේ ගත කරනවා.
එහි සල්ලි වියදම් කරලා,
සුළු මුදලක් පමණක්
ඔහුගේ බිරිඳට - මගේ අත්තම්මට
දෙනවා දරුවන්ගේ වියදමට.
බීමත්ව ගෙදෙර ආ සැනින්,
ඔහුගේ ඉන පටිය ගලවා,
හමුවෙන ඕනෙ දරුවෙකුට පහර දෙනවා,
හේතුවක් ඇතිව හෝ නැතිව,
ඊට පස්සේ පටන් ගන්නවා බිරිඳට පහර දෙන්න.
ඒ නිසා තමයි, මගේ තාත්තා
මා ඉදිරියේ කියුවේ,
“මට සමාවෙන්න පුතා කියනවට,
ඔබේ සීයා අවජාතකයෙක්”
ඔහු තමාගේ පියාට වෛර කලා.
නමුත් තව දෙයක් ඔහු මට කියුවා.
ඔහු ඒ කස පහරට
අහුවුණු සෑමවිටම,
හේතුවකින් තොරව,
ඔහුගේ පියා මත් වී සිටීම
හැර වෙන,
ඔහු අධිෂ්ඨානයක් කලා,
ඔහු කියුවා, ඔහු තීරණයකට එලැබුනා,
මේ වදයෙන් බේරිලා කවදා හෝ
ඔහුට ඔහුගේ දරුවන් ලැබුනොත්,
ඔහු කිසිවිටෙක ඔවුනට පහර නොදෙන බවට.
ඉතින් ඒක තමයි සිද්ධවුණේ.
මගේ තාත්තා අපිට කවදාවත් ගැහුවේ නැහැ.
අම්මා තමයි
අපේ විනය ගැන ක්‍රියාමාර්ග ගත්තේ.
ඇයත් ඒ දේ හොදින්
කලේ නැහැ.
ඉතින් ඔහු ඉතාමත් ආදරණීය
තාත්තා කෙනෙක් වුනා.
ඔහුගේ හැටි කියනවනම්,
මම ඔයගොල්ලන්ට කියන කතාවේ,
මාව ලන්ඩනයේ කාර්ය බහුල පටු වීදියක
එක්කගෙන යන ගමන් කියුවේ,
“පුතා, ඔබ ජීවිතයේ මොන දෙයක් කලත්,
මාගෙ ගෙදෙර දොර හැමදාමත්
ඔබ වෙනුවෙන් විවෘතයි”
පසු කාලයකදී මම ඒක තේරුම් ගත්තේ,
“ඔබ මොනවා කලත් ජීවිතයේ,
කොහේ ගියත්, මගේ හදවතේ දොර
ඔබ වෙනුවෙන් විවෘතයි.”
ඒක කොන්දේසි විරහිත ආදරයක්,
ඒක ලැබුනේ ළමා කාලයේ
ඉතා දරුණු විදියට ශාරීරික අපයෝජනයට
ලක් වුවකුගෙන්.
මේ තවත් ක්‍රමයක්,
මෙවැනි තත්වයන්ට මුහුණ දෙන.
මම ඒ දිහා බලන්නේ ඉදිරියට තබන පියවරක් ලෙස.
එහෙම නැතිව අපි ඒ හිංසා පීඩා අපිත් සමඟ
අරන් ගියොත්, අපි ගොදුර බවට පත් වෙනවා.
අපි විසින්ම නතර කරනවා, සතුටෙන් ඉන්න තියෙන
හැකියාව.
නමුත් අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ.
සමහරවිට, මෙහෙම වෙනවනම් හොඳයි,
නමුත් අවස්ථාවක්,
මොහොතක් ආ යුතුයි, අපි අත හරින.
සමහරවිට ඒ අත හැරීම වෙන්නෙ,
අපි ඒ අපිව රිදවපු,
ප්රශ්නය ඇති කරවපු
පුද්ගලයාට මුහුණ දුන් විට.
අපි ඔවුන්ට මුහුණ දෙනවා,
අහනවා ඔවුන් ඒ වරද පිළිගන්නවා,
සමහරවිට එතැන අත හැරීමක්
සිද්ද වෙනවා.
සමහරවිට ඒක හොඳම ක්‍රමය වෙන්න පුළුවන්.
නමුත් සමහරවිට ඒ අවස්ථාව අපිට
උදා වෙන්නේ නැහැ.
ඒ අවස්ථාව අපිට නැත්නම්,
අපිටම පුළුවන් ඒක ඇති කරගන්න.
අපිට අනාගතයට මුහුණ දෙන්න පුළුවන්,
මේ බර පැත්තකට දාලා.
අපි කියන කොට,
“මේ ලෝකයේ සතුටක් තියෙනවද?”
අපේ ජීවිතයේ දුක් වලට තියෙන ඇලීම
අතහරින්නේ නැත්නම්,
කලකිරීම් වලට,
වැරදුන දේ වලට,
වේදනාවන්ට සහ හිංසාවන්ට,
මේවාට ඇති ඇලීම අතහරින්න බැරිනම්,
කොහොමද අපි කවදාවත්ම නිදහස උදා කරගන්නේ?
අද උදෑසන සමුළුවෙ හිටියා,
බොහොම සිත්ගන්නා සුළු,
තරුණ ඇබොරිජිනල් නායිකාවක්,
මට මතක නැහැ ඇගේ නම,
මුල නම “නොරෙල්”,
ඇය බාස්කට් බෝල් තරුවක් හෝ
ඒ වගේ කෙනෙක්, ඇය කියුවා,
බොහොම සිත්ගන්නා සුළු දෙයක්,
“අපේ අගමැති -
- ජෝන් හවොඩ් කියනවනම් ‘සමාවෙන්න’,
ඉතින් ඒක විශේෂයක්ද?”
ඇයගේ ශිෂ්‍යයින්ට ඇය කියනවා,
ඇය ගුරුවරියක් කොන්ටෙල්හි,
ඔබට අවශ්‍යද ඉන්න
ආණ්ඩුව සමාවෙන්න කියනකම්, ඊට කලින්
අපිට බැරිද අපි විසින් සමාදාන වී,
ඉදිරියට මුහුණ දෙන්න?
ඇයි අපි ඔවුන්ට ඒ බලය ලබා දෙන්නේ?
ඇයි අපි ඒ දේ කරන්නෙ නැත්තේ දැන්?
මම හිතුවා ඒක ඉතා
ආදර්ශවත් සහ අගනා ලෙස
වගකීම අපි විසින්ම
බාර ගැනීමක්,
අපේ, විපතට පත් වුවකුගේ තත්වයෙන් මිදෙන්න.
ආණ්ඩුව විසින් හෝ උසාවිය විසින් හෝ
කර්මය විසින් හෝ වෙන කවුරුවත්
අපි වෙනුවෙන්
ඒ දේ කරනකම්
බලන් ඉන්නෙ නැතිව.
ඇයි අපිට වගකීම
බාර ගන්න බැරි අපේ නිදහස වෙනුවෙන්?
කියන්න, “මම සමාව දෙනවා,
මම අත හරිනවා,
මම අනාගතයට මුහුණ දෙනවා.
මම ආයේ කිසිදිනක,
කිසිකෙනෙකුට ඉඩ තියන්නෙ නැහැ,
මගේ සතුට පාලනය කරන්න.
ඔබ අහලා තියෙනවා මම ඒක කියනවා කලින්.
ඒක බොහොම ලේසි දෙයක්
කියන්න “ඉඩ දෙන්න එපා කාටවත්
ඔබේ සතුට පාලනය කරන්න”
ඒක බොහොම බලවත් දෙයක් කියන්න.
ඒක බොහොම ගැඹුරුයි, ඔබට බලන්න
පුළුවන් මොනතරම් අපේ ජීවිත
පාලනය කරනවද අනිත් අය විසින්.
බුදුදහමේ කොටසක් තමයි,
කෙනෙකුව බලවත් කරන එක,
ඔබේ සතුටේ පාලනය ඔබ අතට ගන්න
බලවත් කරන එක.
ඒක කරන්න පුළුවන්.
බොහෝ විට අපි පිළිතුරු හොයන්නේ
අනිත් අයව පාලනය කිරීම තුලින්.
නැත්නම් ප්රශ්නය තියෙන්නෙ
අපයෝජකයා අතේ, ප්රශ්නය තියෙන්නෙ
ආණ්ඩුවෙ, ප්රශ්නය තියෙන්නෙ
තව කොහෙවත්, ප්රශ්නය
තියෙන්නෙ මගේ ස්වාමි පුරුෂයා අතේ, ප්රශ්නය
තියෙන්නෙ මගේ පිළිකාවේ, ප්රශ්නය තියෙන්නෙ
මේ ලඟදි මැරුණු මගේ නෑදෑයා ලඟ,
ඔබට අවශ්‍යනම් ලෝකය හරි ගස්සන්න,
ඔබ වටේ ඉන්න ඔබට
රිදවපු, හිංසා කරපු
අය හරිගැස්සීමෙන්,
සමහරවිට ඔබ මිය යයි
ඒ ප්රශ්නය විසදෙන්න කලින්.
සමහරවිට ඔබ බොහෝ වාරයක් නැවත ඉපදුනොත්,
ඔබට ඒ නිදහස, සතුට, සාමය
කිසිදිනෙක ලැබෙන එකක් නැහැ.
වාසනාවට ඔබට ඒ මාර්ගය අනුගමනය
කරන්න අවශ්‍ය නැහැ.
මේ ලස්සන පණිවිඩය
බුදුන් වහන්සේගෙන්,
ඔබට ඇත්තටම
මේ ලෝකය වෙනස් කරන්න බැහැ,
නමුත් ඔබට පුළුවනි ලෝකය කෙරෙහි
ඔබේ ආකල්පය වෙනස් කරන්න.
ඔබට අතීතයේ අත්වුණු පීඩාවන්
වෙනස් කරන්න බැහැ.
වේදනාව, දුෂ්කරතාව, පාඩුව,
මෑතදී මරණයට පත්වුණු කෙනා,
ඔබට ඒවා නැවත හරිගස්සන්න බැහැ.
ඒක බොහොම පැහැදිලියි.
සමහරවිට පැහැදිලි උනත්, අපි
තාම හිතන්නේ අර විදියට.
අපිට සිදුවුන අපයෝජනය
හරිගස්සන්න බැහැ.
අපිට ඒ නැතිවුන තරුණ කාලය
ගන්න බැහැ.
අපිට වුන දේවල් කණපිට හරවන්න බැහැ.
අපිට ලෝකය හෝ අතීතය වෙනස් කරන්න බැහැ.
නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි,
අපේ ආකල්පය වෙනස් කරගන්න එක
මේ වර්තමාන මොහොතේ.
ඒ ආකල්ප වෙනස තමයි රහස,
මම නිතරම අත්දැකලා තියෙනවා,
ඒ නිදහස සහ සතුට ලඟා කරගන්න.
ලෝකය වෙනස් කරනු වෙනුවට,
මේ තියෙන ලෝකයෙන්
සතුට සහ නිදහස සොයාගන්න,
එතකොට අනාගතයේ යම් දවසක,
අපිට නිදහස්
වෙන්න පුළුවන්, අපිට සතුටු වෙන්න පුළුවන්,
අපිට අපි සමඟ සාමයෙන් ඉන්න පුළුවන්.
බයේ මග හැරීමක් නෙවෙයි,
මොකද, සමහරවිට මිනිස්සු කියනවා,
“ඔබ මොනවහරි කලේ නැත්නම්
තවත් අපචාර සිද්ද වෙයි, තවත්
රැවටීම්, තවත් මෝඩ ආණ්ඩු,
තවත් යුද්ධ, තවත් ළමා අපචාර,
තවත් අපරාධ”
මම දන්න මනෝවිද්‍යාව
නම්, අපවාද කියන කාලය
වැඩිවෙන තරමට,
දඬුවම් දෙන කාලය
වැඩිවෙන තරමට,
පලිගන්නා කාලය
වැඩිවෙන තරමට,
ඒවා විසින්
ප්රශ්නය තවත්, තවත්,
වැඩිකරනවා. ගොඩක්ම වැඩි කරනවා.
සිරමැදිරි වල මිනිසුන් සිර කරන තරමට,
අපේ අනාගතයට වැඩියෙන් අපරාද කාරයින්
ලැබෙනවා.
දඬුවම් ලබන මිනිස්සුන් වැඩිවෙන තරමට,
වැඩියෙන් මිනිස්සු ලඟ වෛර ඇති වෙනවා.
සමාව දෙන්න ඉක්මන් වන තරමට,
පුනරුත්ථාපනය
ඇතිවෙනවා.
පීඩාවට පත් වූ කෙනාට පමණක් නෙවෙයි,
ඒ දරුණු ක්‍රියා කල අයටත්
පුනරුත්ථාපනය ඇතිවෙනවා.
අවුරුදු කීපයකට කලින්, මට ඒ
ලිපිය තියාගන්න තිබුණා,
බොහොම අගනා ලිපියක්,
ඒ ලිපිය ජේමි බල්ගර්ව මරා දැමූ
දෙදෙනා ගැනයි.
අවුරුදු 2ක් 3ක් වයස මේ ළදරුවා,
ලිවර්පූල්හි සාප්පු සංකීර්ණයකින්
පැහැර ගනු ලැබුවා,
පස්සේ වද දීලා, මරලා දමලා තිබුණා
දුම්රිය මාර්ගයක, කලේ, අවුරුදු 8ක් 9ක්
වයස දරුවන් දෙදෙනෙක්.
ඒ අවස්ථාවේ මුළු එංගලන්තයේ ජනමතය වුනේ,
විශේෂයෙන් ජනප්‍රිය මාධ්‍ය මෙහෙයැවීමෙන්,
ඒ මිනිමරුවන් දෙදෙනාගේ
රුධිරය සඳහායි, ඒ දෙදෙනා
ඉතා ලාබාල වයසේ වුනත්.
ඔවුන් ඉතාමත්ම දරුණු ක්‍රියාවක් කලේ,
අවුරුදු 2ක දරුවකුගේ ජීවිතය
පැහැරගන්න,
ඒක එක්කෙනෙකුගේ මරණය පමණක් නෙවෙයි,
දෙමවුපියන් හැරුණු කොට
ඒ දරුවා දන්න සියලු දෙනාගේ කඳුළු,
ආවේගයන්, මානසික ආතතිය,
කැළඹීම් ගැබ්වෙලා තිබුණා.
නමුත් ඒ අවස්ථාවේ මම නොදැන සිටි දෙයක්,
මේ ලිපියේ පලවී තිබුණා.
ඒ කාලයේම වගේ,
ඒ හා සමාන සිද්ධියක් වාර්තා වුනා,
නොර්වේ රටේ,
ට්රොන්ඩ්හයිම් නගරේ, ඔස්ලෝ නගරයට
උතුරින් පිහිටියේ, පිරිමි ළමයින් දෙදෙනෙක්,
ගැහැණු ළමයෙක්ව, මම හිතන්නේ,
රවටාගෙන ගියා හිම භූමියකට,
මරණයට පත්කලා සමාන ආකාරයට.
ඒ අපරාද දෙක අතර ඉතා සමාන
බවක් තිබුණා.
නමුත් ලොකු අසමානකමක් තිබුනේ,
ඒ, සමාජයන් 2ක ප්‍රශ්නයට
මුහුණ දීපු ආකාරයයි.
ඔයගොල්ලන් දන්නවා ඇති,
ජේමී බල්ගර් සිද්ධියේ, ඒ ළමයි
දෙදෙනා යම් ආකාරයක
රැදවුම් කඳවුරකට දැම්මා,
ජනප්‍රිය මාධ්‍යයට
උවමනා වුනේ ඔවුන්ට තදින්ම
දඬුවම් කරන්න, දෙමාපියන්
බලන් හිටියේ ඒ දෙදෙනා
නිදහස් කරනකම්, එතකොට ඔවුන්ටම
පුළුවන් වෙන්න ඒ ගොල්ලන්ව මරන්න.
මහජනයාටත් කැමති වුනේ නැහැ ඒ
දෙදෙනා නිදහස් වෙනවට.
මම පුවත්පතක කියෙව්වා,
අදහසක් තිබිලා තියෙනවා
දෙන්නව ඕස්ට්‍රේලියාවට යවන්න, අලුත්
අනන්‍යතාවක් එක්ක, හදුනාගැනීමට
ලක් නොවී ජීවත් වෙන්න.
බ්‍රිතාන්‍යයෙ මහජනයා කියුවා, “නෑ
ඒ ගොල්ලන්ට නිදහස අයිති නැහැ.”
ඒක තමයි මම කියෙව්වේ.
අනිත් ළමයි දෙදෙනා,
ඒ ගොල්ලන්ව අසුවුන දාට පහුවදා,
දෙන්නම ඉස්කෝලේ ගියා,
මනෝචිකිත්සක සහ
සමාජ සේවක සමඟ.
ඒ ගොල්ලන්ව කිසියම් දඬුවම් දෙන
ආයතනයකට ඇතුල් කලේ නැහැ.
ඉතා ඉක්මනින්ම, මැරුණු ළමයාගේ
දෙමව්පියන් ප්රශ්නයේ අවසානයකට එළඹුණා,
සමාව දුන්නා, අතීතය අතීතයටම බාර කරලා
ජීවත් වුනා.
මම දන්න තරමට,ජෙමී බල්ගර්ගේ
දෙමවුපියන්ට එලෙස
අනාගතයට මුහුණ දෙන්න බැරි වුනා.
ට්රොන්ඩ්හයිම් නගරේ වැසියනුත්
සිද්ධියේ අවසානයකට එළඹුණා.
ඔවුන් පිළිගත්තා ඒක දරුණු ක්‍රියාවක් බව,
නමුත් අනාගතයට මුහුණ දෙන්න තියෙන ක්‍රමය,
ඝාතකයන්ට හිංසාව ප්‍රර්ථනා කිරීමෙන්
නොවෙන බව වටහා ගත්තා.
අවුරුදු ගානකට පස්සේ, එක ඝාතකයෙක්,
ඒ ගැහැණු ළමයාගේ මරණයට සම්බන්ධ,
ට්රොන්ඩ්හයිම් වල, හොදටම සමාජයට
හැඩ ගැහුනා,
සාර්ථක ජීවිතයක් සමග,
අධ්‍යාපනය නිම කලා,
ඇත්තටම නව අනාගතයකට පිය නැගුවා,
ඒ වගේමයි
ඔහුගේ පවුලේ අය සහ නගරේ අයත්.
අනිත් ඝාතකයා, ඔහුට තවමත්
සමාජීය සහ මානසික ප්‍රශ්න තියෙනවා,
නමුත් ඒක කොහෙත්ම
සමාන කරන්න බැහැ
එංගලන්තයේ ජේමි බල්ගර්
සිද්ධිය නිසා පැතිරුණු වේදනාවට.
එක වගේ ඛේදවාචකයක් සහිත
මේ වෙනස් සිද්ධි දෙක, එකක පීඩාවට
පත් වූ අය ගොඩක් සිටියා,
ඔවුන්ගේ පීඩාවට පත්වීම,
මම බය නැතිව කියනවා, ඒක පෝෂණය කලා,
ඒකට ඇලුනා, ඒක ලොකු දෙයක්
කරගත්තා.
අනිත් සිදුවීමේ,
පුනරුත්ථාපනය තමයි ප්‍රධාන
ඉලක්කය සහ අරමුණ වුනේ.
සිදුවීම් දෙකේ ප්‍රතිඵල බලාගන්න,
මට හිතුනා මම එංගලන්තේ වෙනුවට
නොර්වේ රටේ
ජීවත් වුනානම් කියා.
ඒක තමයි ඉදිරියට යන ක්‍රමය,
හැමෝම සුවපත්වෙන ක්‍රමය,
අඩු වේදනාවක්,
අඩු දුක් විඳීමක් ඇති ක්‍රමය,
ඉතින් අපිට සතුට නැතිකොට,
අපි දුක් විඳින කොට, අපිට නිදහස නැතිකොට,
ඇයි ඒ?
ඒකට හේතුව, අපි දන්නේ නැහැ,
ජීවිතයේ වේදනාවන්, අමාරුකම්,
පීඩාවන් ආපස්සට දමා ඉදිරියට යන්න.
මේවා ලොකු වේදනාවන්,
ලොකු ප්‍රශ්න, ලොකු විඳවීම්.
බොහෝවිට ඔබට ඒ තරම්
ලොකු විඳවීම් අත්දකින්න වෙලා
නැතිව ඇති, නමුත් ඒ මිනිසුන්ට
අනාගතයට පිය නගන්න,
නිදහස සොයා ගන්න පුලුවන්නම්,
ඇයි අපිට බැරි?
සතුට සඳහා තියෙන ප්‍රධාන
හේතුවක් තමයි,
සමාව දෙන්න, අත හරින්න,
අලුත් අනාගතයකට මුහුණ දෙන්න
තියෙන හැකියාව.
ඒක සන්තෝෂය ඇති කරනවා
වැරදිකරුවන්ටත්,
මම එයින් අදහස් කරන්නෙ නැහැ
කරපු දෙයින් ගැලවී යාමක්,
කිසි කෙනෙකුට ගැලවීමක් නැහැ තමන්
කරපු දෙයකින් මේ ලෝකයේ,
නමුත් මම අදහස් කරන්නෙ,
ඒ ගොල්ලන් ඉදිරියට යාමක් සිද්ද වෙනවා,
අනිවාර්යයෙන්ම එය සිද්ධ වෙනවා
අපි කියන පීඩාවට
පත් වුණු අයට.
අපිට ගොඩක් නිදහස සහ සතුට තියෙනවා,
ඒකයි මම නිතර කියන්නේ,
ඇයි අපි අතීතයේ
අසූචි යන යන තැන අරගෙන යන්නේ.
කුකුල් ගොවියන් දෙදෙනාගේ
කතාවේ විදියට, ඇයි අපි බිත්තර
අරගෙන යන්නේ නැත්තේ,
මම ඒ කතාව
අයෙත් කියන්නේ නැහැ, මොකද මම සෑම
සුමාන 2ක 3කට සැරයක් කියනවා,
ඒක කුතුහලය දනවන දෙයක්,
ඇයි ඒක අපේ ස්වභාවය,
නිතරම අතීතය දිහා බලලා,
වේදනාව එකතු කර ගන්න,
චිත්‍රපටි
වලට යන්න,
සුමානෙකට සැරයක්
ටෙලි නාට්‍ය බලලා
සිත කරදර කරගන්න,
මිනිසුන්ට තමන්ගේ ජීවිත වල කරදර මදිනම්,
ඒ ගොල්ලන් තව කරදර ඇති කරගන්නවා,
“Neighbors (අසල්වැසියෝ )” නාට්‍යයේ
මොකද වෙන්නෙ බලලා, ක්‍රිකට් මැච්
එක කවුද දිනන්නේ බලලා,
නැත්නම් ෆුට්බෝල් මැච් එක,
නැත්නම් රගර් මැච් එක කවුද දිනන්නේ බලලා,
මිනිස්සු කැමතියි ත්‍රාසජනක
අවසානයක් දකින්න,
ඒවට කැමති නැත්නම්,
ඒ ගොල්ලන් යනවා අතිභයානක
ක්‍රීඩා වලට,
මට මතකයි බැංකොක් ගුවන් තොටුපලේ,
ඉන්න කොට එහි ලොකු රූපවාහිනී තිරයේ
පෙන්නුවා, මිනිස්සු කරන
මේ වගේ අතිභයානක ක්‍රීඩා,
මට මතකයි දැක්කා
මෝටර් සයිකල් රේස් යනවා අයිස් උඩ!
ඒක මහ පිස්සු වැඩක්!
මොන මෝඩයද ඇත්තටම
ඒ වගේ අයිස් පථයක රේස් යන්නේ,
වියයුතු විදියටම, එක් කෙනෙක්
බයිසිකලයෙන් විසිවුනා. ඒ රෝද-
-වල උල් කූරු අවශ්‍යයි,
ඉතින් ඔහුව ඒ කූරු මතට වැටුනා.
පිස්සු!, ඇයි ඔවුන් ඒ වගේ මෝඩ දේවල් කරන්නෙ?
ඇයි මිනිස්සු එහෙම කරන්නෙ?
හේතුව, මිනිස්සු කැමතියි දුක් විඳින්න.
ඇයි ඒ අය දුක් විඳින්න කැමති,
ඒ ගොල්ලන් කැමතියි ත්‍රාසයට, උත්තේජනයට,
එහි තියෙනවා දුක් විඳීමේ සන්තෝෂයක්.
ප්‍රවේශම් වෙන්න!
ඔබ දුක් විඳීම තුල වින්දනයක් ලබනවානම්,
කොහෙත්ම බැහැ ඔබට කවදාවත්
සතුටින් ඉන්න.
ඔබ ඇලෙනවානම් පීඩිතයා බවට පත්වීම කෙරෙහි,
ඔබට අවශ්‍ය නම් විඳවීම තුල
වින්දනයක් ලබන්න, නැත්නම් විඳවීමේ අවදානම
වින්දනය කරන්න, කොහොමද ඔබ
නිදහස අත්විඳින්නේ?
ඉතින් මේ ලෝකයේ සතුටුවෙන්න
තියෙන එක ක්‍රමයක් තමයි,
කෙනෙකුට කල් ඇතිව හදුනා ගන්න
පුළුවන්වීම, වේදනාකාරී දරන්න බැරි
දේවලින් ඇයි ඈත්වෙන්න
බැරි කියා.
ඇයි අපි පීඩිතයා බවට පත්වෙන්නේ?
ඇයි අපි දුක් බරිත කෙනා බවට පත්වෙන්නෙ?
ඇයි අපි සමහරවිට ලෙඩා වෙන්නේ?
මේක වැදගත්, මම ගිය සමහර
ආරණ්‍යවල, දකිනවා සමහර අයට
හැමදාම ලෙඩ, ලෙඩ, ලෙඩ,
ගොඩක් ස්වාමීන්වහන්සේලා කියනවා, ඒ අයට යන්න
ඕනෙ නිසා කියලා, සිවුරු හරින්න
ඕනෙ නිසා කියලා, ඒ ගොල්ලන් දන්න එකම
ක්‍රමය තමයි ඒක කරන.
ඇත්තටම ඒ ගොල්ලන් ලෙඩ වීමට
ඇලෙනවා.
ඒ, ඒගොල්ලන්ගේ අනන්‍යතාව.
තමන්ගේ මමත්වයට ඇලීම.
ඒක මවනවා තමන් කියා කෙනෙක් ඉන්න බව.
මේක බුදුන් වහන්සේ නිතරම
පෙන්වා දීපු දෙයක්,
ඔබ කවුරු කියාද ඔබ හිතන්නේ?
ඔබ මොකක්ද ඔබේ ආත්මය හැටියට සලකන්නේ?
ඔබේ මමත්වය කුමක්ද?
ඔබ ලියුවා නම් ලැයිස්තුවක්,
කවුද ඔබ, ඔබේ ගුණාංග මොනවද?
න්‍යායාත්මකව නෙවෙයි, ප්‍රායෝගිකව,
ඔබ ඒවා ලැයිස්තු ගත කලා නම්,
ඉන් කීයක් ඔබ,
කේන්තිකාරයා, පීඩිතයා,
අපයෝජනයට ලක් වූ කෙනා,
දික්කසාද වූ කෙනා,
ලෙඩා,
සැත්කමෙන් පියයුරු ඉවත්කළ කෙනා,
ඔබලා කී දෙනෙක්, ඒ ඔබ, ඔබේ
ආත්මය හැටියට සලකනවද?
මෙතැන ගැටළුවක් තියෙනවා,
මොකද, බුදුන්වහන්සේ දැක්කා,
යම් ආකාරයක් මගින් ඔබ ඔබව හදුනාගන්නවද,
ඔබ ඒ බවට පත්වෙනවානම්,
ඔබ ඒක නැවත කරනවා.
මේක තමයි, අනන්‍යතාවයේ හැඟීම.
ඒක එක හේතුවක්,
මම සිරගෙවල් වලට යනකොට,
සිරකරුවන් හමුවෙන්න,
මම කවදාවත් ඔවුන්ට
අපරාධ කාරයින් කියුවෙ නැහැ,
ඔයගොල්ලන් අහලා ඇති මම කියනවා,
ඔවුන් මිනිසුන්, අපරාධයක් කල,
මම සිරගෙදර මිනිසුන්ට නිතරම කියුවා,
“ඔබ අපරාධ කාරයෙක් නෙවෙයි,
ඔබ මිනිසෙක්, අපරාධ ක්‍රියාවක් කල”
ඔබ අපරාධ කාරයෙක් නෙවෙයි
ඔබට ඊට වඩා ලොකු වටිනාකමක් තිබෙනවා,
කවදාවත් හිතන්න එපා ඔබ අපරාධකාරයෙක් ලෙස,
ඔබ මිනිසෙක්, අපරාධ ක්‍රියාවක් කල,
ඔබව හඳුනාගන්න එපා ඒ කල භයානක
ක්‍රියාව සමඟ,
ඔබ ඒ අපරාධය සමඟ ඔබේ
අනන්‍යතාව ගොඩනගනවා නම්,
ඔබ හිතනවානම් ඒ මම, මම තමයි හොරා,
මම තමයි මිනීමරුවා, මම තමයි දූෂකයා,
ඔබ ඒ බවට පත්වෙනවා.
ඒකෙ තේරුම, ඔබ නිදහස් වුණාම,
නැවතත් ඒ ක්‍රියාවට පෙළඹෙනවා.
ඒ ඔබ, ඔබව එලෙස හඳුනාගත් නිසා.
ඔබ තමයි දුෂකයා, ඔබ තමයි මිනීමරුවා
ඔබ තමයි අනාචාරයේ හැසිරෙන්නා, ඔබ තමයි
ළමා අපචාරකයා.
මේක මම දන්න මනෝ විද්‍යාව,
මම මගේ මනස ගැඹුරට ගිහින්
දැකලා තියෙනවා මනස
වැඩකරන හැටි.
ඔබ අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා නම්
ඔබේ සිතිවිලි අනුව, ඒ හඳුනාගැනීම
මතයි ඔබ ලෝකයට සම්බන්ධකම් ඇතිකරගන්නේ.
ඒ බවට තමයි ඔබ පත්වෙන්නේ,
ඒ දේ තමයි ඔබ නැවත කරන්නෙ,
ඒ දේ තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ,
ඇත්තටම ඒක තමයි ඔබ කරන්නෙ.
එතැන අපිට නැවත ලැබෙනවා
හිංසාව සහ වේදනාව,
නැවත නැවතත්, නැවත නැවතත්.
මගේ තාත්තා කවදාවත්
අපචාරයට ලක් වූ කෙනා හැටියට එයාව
සලකා නොගත්ත නිසා
එයා ඒ අපචාර නැවත මට කලේ නැහැ.
ඒකයි සමාව දෙන කෙනාට,
අත හැරලා දාන කෙනාට,
පීඩිතයා බවට පත්නොවෙන කෙනාට,
නිදහසේ ජීවිතය ගෙන යන්න පුළුවන්.
අන්තිම කතන්දරය --
මේ ගොඩක් කතන්දර
ඔයගොල්ලන් කලින් අහලා තියෙනවා,
නමුත් මම කැමතියි ඒක නැවතත්
කියන්න මේ කතාවේ, මේ මාතෘකාව
යටතේ, ඒක මේ කතාවට ගැලපෙන නිසා,
මේ කතාව විකාශනය වෙනවා, CD වල තැටි ගත
වෙනවා, ඉතින් හොඳයි කතාව
සම්පුර්ණ වෙලා තියෙන එක,
මේ කතන්දරය ඕස්ට්‍රේලියානු
සොල්දාදුවන් දෙන්නෙක් නැවත හමුවීමක්,
දෙන්නම දෙවෙනි ලෝක යුද්දේ හිටියා,
දෙන්නම සිංගප්පූරුවෙ හිටියා,
සිංගප්පූරුව සතුරාට වැටෙද්දී
දෙන්නව ගාල් වුනා
යුධ සිරකරුවන්ගේ කඳවුරු වලට,
දෙන්නා හමුවුණාම එක්කෙනෙක් අහනවා,
“ඔබ ජපනුන්ට සමාව දීලද තියෙන්නෙ
ඔවුන් අපිට, අපේ මිතුරන්ට කල දේට?”
“නෑ, කවදාවත් ඒක වෙන්නේ නැහැ!
කොහොමද ඒකට සමාව දෙන්නෙ?”
එක සොල්දාදුවෙක් කියුවා.
“ඔබ කොහොමද, සමාව දුන්නද?”
ඔහුගේ මිතුරා කියුවා,
“මම සමාව දුන්නේ අවුරුදු
ගණනාවකට කලින්, කණගාටුයි යාලුවා,
ඔබ තාමත් ඉන්නෙ යුධ සිරකරුවන්ගේ කඳවුරේ”
මම ඒ කතන්දරයට ගොඩක් කැමතියි,
ඔබ සමාව දෙනකම් - ඔහු සමාව දෙන තාක්,
ඒ මුරකරුවන්, ඒ සොල්දාදුවන්,
ඔහුට, ඔහුගේ යහළුවන්ට කල දේ වලට,
‘චංගි කඳවුරුවල’,
‘තායිලන්තයේ මාරක දුම්රිය මාර්ගයේ’'
‘බුරුම දේශ සීමාවේ’
ඔවුන් සමාව දෙනකම්, ඔවුන්ව තාමත්
වදයට පත්කරමින් තියෙන්නෙ,
ඒ ගොල්ලන් තවමත් ඒ කඳවුරුවල,
ඔවුන්ට කවදාවත් සතුට ලබන්න බැහැ,
ඔහුගේ යහළුවා ඒවා අතහැරියා,
ඉතින් ඔහු නිදහස්,
ඉතින් සතුට ගැන සලකන කොට,
අනිත් අය ඔබට කල දේ වල
පාලනයට යටත් වියයුතු නැහැ,
ඔබව අතීතයේ යටත් වුණු, වධ බන්ධන
නැමති සිර මැදිරි, සිර ගෙවල් වල
සීමා වලින් වට වියයුතු නැහැ.
ඔබ විසින් කල අපරාධ ගැනවත්
ඔබ පසුතැවිය යුතු නැහැ,
මම කියන්නේ නීතියට එරෙහි අපරාධ ගැන නෙවෙයි,
ඔබ විසින් අනිත් අයට පමුණුවන ලද
වේදනාවන්, හිංසාවන් ගැනයි,
මම දන්නේ නැහැ කී දෙනෙක්,
තමන් අතීතයේ කල
සමහර දේ ගැන පසුතැවෙනවද කියා,
මම කලින් කියා තිබෙනවා,
ඒ වගේ සමහර දේ
මම නිතරම පසුතැවිලි වුණු: මගේ
‘ජිමී හෙන්ඩ්‍රික්ස්’ වාදන තැටි
ඕනෑවට වඩා
හයියෙන් දාන එක මගේ තාත්තා ඔහු ඔහුගේ
‘සිනාත්‍රා’ තැටි වාදනය කරන විට, ඒ තරම්,
හොද පුතෙක්
කරන වැඩක් නෙවෙයි තමන්ගේ
තාත්තට, ඒ විශ්වකෝෂ
විකිණීම මම ළමා කාලයේ,
ඇත්තටම කෙනෙකුව පෙලඹවීම
විශ්වකෝෂයක් ගන්න, ඒ වැඩකට නැති පොතක්,
මම දන්නේ නැහැ ඇයි ඒ අය, ඒ පොත ගත්තේ,
මම ඒ අයව පෙලඹව්වා ඒක ගන්න,
සියලු නරක දේවල් මම ළමා කාලයේ කල,
හිතාගන්නත් බැහැ ඇයි මම ඒ දේවල් කලේ කියලා,
හරි ලේසියි පශ්චාත්තාප වෙන්න
ඔබ කල සුළු දේවල් සම්බන්ධව,
ඇයි අපිට බැරි ඒවට ඔහේ යන්නට හරින්න,
ඒවායින් ඉගෙනගෙන අනාගතයට පිය නගන්න,
එහෙම කරනකම්, ඔබට කවදාවත් බැහැ
නිදහස් වෙන්න, සතුටින් ඉන්න.
මේක සුළු කාරණයක් නෙවෙයි,
ඔබට කවදාවත් ගුණවත්,
සිල්වත් වෙන්න බැහැ ඔබ නිදහස් වෙනකම්.
භාවනාව ගැන සලකන විට,
මම කොපමණ අයට භාවනාව උගන්වා තිබුනත්,
ඒ අය භාවනාවේ යම්
සතුටකට, සාමයකට පත්වුනාට පස්සේ,
එතැනින් ඉදිරියට යන්න බැහැ,
ඒ අය මට පැමිණිලි කරනවා,
“මම හිතනවා මම සුදුසු නැහැ
ඒතරම් සතුටක් ලබන්න,
මම හිතනවා මම සුදුසු නැහැ ඒ සාමය විඳින්න”
කොටින්ම කියනවනම්,
“මම හිතනවා මම සුදුසු නැහැ මාර්ග ඵල ලබන්න"
ඇත්තටම ඒක තවත්
කිනිසි පහරක් මගේ හදවතට,
ඇයි නැත්තේ?
මම භික්ෂුවක් හැටියට
මුළු ජීවිත කාලයෙම යම් දෙයක් කරනවනම්,
මෙහි සිකුරාදා රෑ උගන්වනවා,
පිටරටවලට යනවා, මම යම් දෙයක්
ඔයගොල්ලන්ට දෙනවානම්, ඒ ඔබට
සතුටු වීමට සුදුසුකම් තියෙනවා,
නිදහස් වීමට සුදුසුකම් තියෙනවා,
මාර්ග ඵල ලබන්න සුදුසුකම් තියෙනවා
කියන විශ්වාසය ඔබ තුල
ඇති කරන එකයි.
ඔබට අවශ්‍ය නැහැ පශ්චාත්තාප වෙන්න,
අතීතයේ වේදනාකාරී දේවලට
ඇලෙන්න අවශ්‍ය නැහැ,
ඔබ නිදහස්,
ඔබට අතහරින්න පුළුවන්,
අනිත් අයගෙන් වුණු හිංසාවන්ට
වගේම ඔබෙන් වුණු හිංසාවන්ටත්,
පුළුවන් ඔබටම සමාව දෙන්න,
ඒ වගේම අනිත් අයටත් සමාව දෙන්න,
ඒකෙ තේරුම
ඔබටම නිදහසේ ත්‍යාගය
පිරිනමා ගැනීමයි.
වෙනකාටවත් ඒ දේ ඔබ වෙනුවෙන් කරන්න බැහැ.
බලන්න, ජේසුස් වහන්සේට ඔබට සමාවදෙන්න බැහැ,
භික්ෂූන් වහන්සේට ඔබට සමාවදෙන්න බැහැ,
බුදුන් වහන්සේට
ඔබට සමාවදෙන්න බැහැ,
දෙවියන්ට ඔබට සමාවදෙන්න බැහැ,
ඔබට විතරයි ඔබට සමාවදෙන්න පුළුවන්,
වෙන කාටවත් බැහැ.
මේ සියලු අනිත් අයට,
පුළුවන් දිරිමත් කරවන්න,
උගන්වන්න,
ඔවුන්ට පුළුවන් මග පෙන්වන්න,
පොළඹවන්න,
නමුත් අවසානයේ ඔබට බාරයි.
යම් දවසක, යම් දවසක ඔබ ඒ දේ කරයි,
මේ ජීවිතයේ, එන ජීවිතයේ, කවදාහරි ජීවිතයක,
ඔබ බලාවි ඔබේ සම්පුර්ණ අතීතය දිහා, සියලු
වේදනාවන්, සියලු හිංසාවන්, ඒවාට යන්නට හරීවි
ඔබටම කියාගනීවී, මගේ තාත්තා කියපු
වචන වලින්, “මම ජීවිතයේ මොන දේ කරලා
තිබුනත්, අනිත් අය මට කරලා
තිබුනත්, මගේ හදවතේ දොර මට
විවෘතයි, සම්පූර්ණයෙන්ම, නිසැකවම,
සතුට, නිදහස, එන්න මා වෙත”,
ඔබට පුළුවන් වෙයි නිදහසට ආරාධනා කරන්න,
සතුටට ආරාධනා කරන්න.
ලබාගන්න පුළුවන් විමුක්තියක් තියෙනවා,
ඒකයි බුදුන් වහන්සේ නිතර කියුවේ,
ඒ අවබෝධය ගෙන දෙන අත්දැකීම්
විමුක්ති ලෙස.
දුකෙන් නිදහස් වීම, වේදනාවෙන් නිදහස්වීම,
අතීතයෙන් නිදහස්වීම!
ඇයි අපි අතීතය අරගෙන යන්නේ අප සමඟ,
අපේ කරපිට මහ ලොකු බරක්, ඒක
තමයි පීඩිතයෙක් බවට පත්වීම.
මම මෙල්බර්න් වල අයට කියුවා,
මම මෙල්බර්න් වල ඉදන් ආවෙ
බදාදා රාත්‍රියේ, ආවර්ජනයක යෙදුනා,
මොකද, කෙනෙක් ඇහැව්වා, “කොයි වගේ
අත්දැකීමක්ද තායිලන්තයේ භික්ෂුවක් වීම
අවුරුදු ගණනාවකට කලින්?”
මම ආවර්ජනය කලා,
තායිලන්තයේ මම ගතකල අසිරිමත්
කාලසීමාව,
අවුරුදු 5කට පස්සේ
මගේ අරාන්යයෙන් පිට වුනාම,
මගේ බඩු බාහිරාදියත් කරේ එල්ලගෙන,
ඒක ලොකු බඩු ගොඩක් නෙවෙයි,
ඇවිදගෙන යන්න සිද්ධවුණේ, යන්න
විශේෂ තැනකුත් නැහැ, ඕනෙ ආරණ්‍යයකට
යන්න පුළුවන්, රාත්‍රියට නිදාගන්න
තැනක් ලැබෙනවා, පාත්‍රයත් අරගෙන ඕනෙ ගමකට
යන්න පුළුවන් උදෑසන, ආහාර ලැබෙනවා,
ඔබ සම්පුර්ණයෙන්ම නිදහස්,
ඕනෙ ගසක් යට වාඩි වෙන්න
පුළුවන්, එතැන මදුරු දැලත් එලාගෙන,
භාවනා කරන්න, නිදා ගන්න පුළුවන්,
ඒක හරියට කුරුල්ලෙක් ඉන්නවා වගේ,
නමුත් කුරුල්ලෙකුට වඩා හොඳයි,
කුරුල්ලන්ට සෑම වෙලේම කෑම හොයන්න අවශ්‍යයි,
මට, මම යන ඕනෙ තැනක,
ඕනෙ ගමක කෑම
තියෙනවා මම වෙනුවෙන්,
ඒක පුදුම නිදහසක්,
මම කිසිතැනකට, කිසිදේකට
බැඳිල නැහැ,
මම පැමිණි සෑම හන්දියකදිම
මට පුළුවන් ඉදිරියට, වමට, දකුණට යන්න,
නැත්නම් හැරිලා ආපසු යන්න,
මට රාජකාරි නැහැ, කිසි හේතුවක් නැහැ
යම් දිශාවකට යන්න.
වැඩ නැහැ, වගකීම් නැහැ, කරන්න දේවල්
නැහැ, නිමා නොවුණු කටයුතු නැහැ,
මේ පූර්ණ නිදහස, ශාරීරිකව
මට දැනුනු වැඩිම නිදහසයි.
මට අයිති සියලු දේ
මා ලඟ තිබුණා, මගෙ පාත්‍රය,
මදුරු දැල, කුඩය,
වතුර බෝතලය, අමතර සිවුරු කට්ටලය,
ඒ තමයි ඔක්කොම.
මට සැරිසරන්න පුළුවන්
මට අවශ්‍ය ඕනෑ තැනකට,
එය ලොකු නිදහස් බවක්,
මම සැමවිටම මතක් කරනවා,
ඒ නිදහසම තමයි ඔබට
මනසේ ඇති කරගන්න පුළුවන් නිදහස
අවශ්‍ය විටෙක.
ජීවිතයේ ඕනෑ සන්ධිස්ථානයකට පැමිණි විට,
ඕනෑ දිශාවකට යන්න පුළුවන්,
මොකද, ඔබ අතීතයේ බර උසුලගෙන නැහැ,
ඔබ ගමන්මළු උස්සගෙන යන්නේ නැහැ,
මොන තරම් ගමන්මළු මිනිස්සු මේ ජීවිතයේ
උස්සගෙන යනවද?
වැඩිපුරම අපේ අතීතයේ ගමන්මළු,
අපේ ඉතිහාසය,
මොකක්ද ඔබට වුනේ,
කවුද මොනවද ඔබට කලේ, කවුද මොනවද කියුවෙ,
ඔබට සතුට අවශ්‍යනම් අතහරින්න,
අඩුම තරමේ අතීතයෙන් නිදහස් වෙන්න,
අතීතයේ වේදනාවන්ගෙන් නිදහස්වෙලා, තියාගන්න
ප්‍රීතිදායක මතකයන් -- ඒ ආකාරයට අඩුම තරමේ
ඔබ අරන් යන්නේ විනෝදජනක ගමන්මළු --
නමුත් හොඳම දේ ඒ සියලු දේ තියලා යන එක,
මේ ලෝකයේ සතුට කියලා දෙයක්
තියෙනවා, සතුට
වෙන කාගෙවත් වගකීම නෙවෙයි,
ඒක ඔබේ, ඒ සතුට
ඔබ වෙනුවෙන් තියෙනවා, ඕනෑම මොහොතක
ඕනෑම වෙලාවක.
ඔබ සිර වී සිටින
සිරමැදිරියෙ දොරක් තිබෙනවා,
අතීතය, ඔබට සිදුවුණේ මොනවාද,
ඔබේ ශරීරය, ඔබේ වේදනාව, ඔබේ අසනීපය,
ඔබට ඇතිවුන වේදනාව,
මේවයින් සැදුනු සිරමැදිරියක
සිර වී ඇති සෙයක් හැඟෙනවා,
මේක සිරගෙයක ඉන්නවා වගේ,
නමුත් ඒකෙ දොර සෑමවිටම විවෘර්තයි,
හැම වෙලේම විවෘතයි, නමුත් සමහරවිට අපි
දන්නේ නැහැ ඒ දොර හරහා ගමන් කරන්න.
සමහරවිට අපි හිතනවා අපි ඒ දොර හරහා
ගමන් නොකළ යුතුයි කියලා.
මෙතැනදී මම කියනවා ඔබට,
ගමන් කරන්න, නිදහස් වෙන්න, අත හරින්න,
ජීවිතයේ සතුට කියා දෙයක් තියෙනවා,
නිදහස කියා දෙයක් තියෙනවා,
සමාවදීම සහ සමාදානවීම
කියා දෙයක් තියෙනවා,
ඔබත් අනිත් අයත් නිදහස් කරන්න හැකි,
අත් හැරීමට පොළඹවන
දයාව කියා දෙයක් තිබෙනවා,
ඒ නිදහස, දයාව
ජීවිතයෙන් පැන යාමක් නෙවෙයි,
ඒක ධනාත්මක ප්‍රතිචාරයක හදවත,
ඔබ නිදහස් වෙලා, අන් අයටත්
පෙන්වන්න විමුක්තියේ මාර්ගය.
ජිවිතයේ වේදනාව සහ
වේදනාවට හේතු වැඩිහරියක්ම,
අද සහකාර කොමසාරිස්වරයා කියුවා වගේ,
80% ක් 90% ක් වගේ,
ඔහු කියුවෙ බටහිර ඔස්ට්‍රේලියාවෙ
සිර ගෙවල් වල ඉන්න අය ගැන,
ඔවුනුත් ළමා අපයෝජනයේ හිංසාවට ලක් වූ අය,
ඒ ගොල්ලන්ට සමාව දෙන්න බැරිවුනු නිසා,
ඒ ගොල්ලන්ට අත් හරින්න බැරිවුනු නිසා,
ඒ ගොල්ලන්ට නිදහස සොයා ගන්න බැරිවුනු නිසා,
ඒ ගොල්ලන් දැන් සිර ගෙදෙර,
ඒ වගේම අන් අයටත් වේදනාව ගෙන දුන්නා,
ඉතින් ඉදිරියට පියනගන මාර්ගය කුමක්ද?
මම හිතනවා මම ඔයගොල්ලන්ට ඒක පෙන්නුම් කලා,
වෙනස් ආකාරයකට දකින්න, ධෛර්යය ඇති කරගන්න,
තමන් විසින්ම නිදහස් වෙන්න,
ඔබට කම්පා වෙන්න අවශ්‍ය නැහැ,
ඔබට ඒ වේදනාව විදින්න අවශ්‍ය නැහැ,
ඔබට ඉවතට පියනගන්න පුළුවන්
අවශ්‍ය ඕනෙ විටෙක,
ඒකට කියන්නෙ නිදහස,
විමුක්තියේ මාර්ගය.
ඒක තමයි අද හවස කථාව, මාතෘකාව--
"සතුට ලබන්න පුලුවන්ද?"
ඔව්, ඒ එක විදියක් එය කරන.
සභාව: සාධු! සාධු! සාධු!
ප්‍රශ්න, අදහස් තියෙනවනම් අහන්න,
මම හිතනවා, කතාව අභියෝගාත්මකයි,
මම අපේක්ෂා කරනවා ටික දෙනෙක්
මා සමඟ එකඟ නැහැ කියා,
එසේ නැත්නම්, මම තදින් අභියෝග කරලා නැහැ,
අදහස්, ප්‍රශ්න තියෙනවද,
අද හවස කථාව සම්බන්ධව?,
සමහරවිට ඔයගොල්ලන්ට පසුව විමසා බලන්න
පුළුවන් කියපු කාරණා
තේරුමක් තියෙනවද නැද්ද.
අදහස් නැහැ? ප්‍රශ්න නැහැ? හොඳයි!