How we unearthed the spinosaurus
-
0:01 - 0:06ඈත අතීතයේ ජීවත් වුනු මේ මකරු
විශ්මයජනක සත්ව කොට්ටාශයක්. -
0:06 - 0:07උන් අසාමාන්‍යයි ,
-
0:07 - 0:09උන් ඉතාම ලස්සණයි,
-
0:09 - 0:12ඒ වගේම අපි උන් ගැන දන්නේ
ඉතාම අල්ප වශයෙන්. -
0:12 - 0:14මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන
කියවදදී එහෙමයි මට හිතුනේ. -
0:14 - 0:19මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන
කියවදදී එහෙමයි මට හිතුනේ. -
0:19 - 0:21එතකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති,
-
0:21 - 0:23එදා තමයි මම මුලින්ම තීරණය කලේ
-
0:23 - 0:26අනාගතයේ මම ඈත අතීතයේ ජීවත් වුන
සත්වයින් ගැන අධ්‍යයනය කරනවා කියල. -
0:26 - 0:29එක නිසා මට පුළුවන් උනා සත්තුන්ට
තියෙන මගේ ආසාවයි -
0:29 - 0:34ලෝකේ ඉතාම ඈත කෙළවරවල් වලට යන්න
තියෙන ආසාවයි දෙකම ඉෂ්ට කර ගන්න. -
0:34 - 0:37මම දැනට ගවේෂණ කිහිපයක්ම කරලා තියෙනවා.
-
0:37 - 0:42ලෝකේ ඉතාමත්ම දුර තැනකට , සහරා කාන්තරයට.
-
0:42 - 0:46මම එහෙට ගියේ මට යමක් හොයා ගන්න ඕනේ නිසා.
-
0:46 - 0:51මම හෙව්වේ අමුතු මාංශ භක්ෂක
ඩයිනොසරයෙක්, -
0:51 - 0:54උගේ නම ස්පිනසොරස් (ස්පයිනසොරස් ).
-
0:54 - 0:58උගේ අස්ථි කිහිපයක් කලින් හොයා ගෙන තිබුණා
-
0:58 - 0:59ඊජිප්තු කාන්තාර වලින්
-
0:59 - 1:05ජර්මන් ජාතික විද්‍යාඥයෙක් ඒ ගැන
විස්තර කරලා තිබ්බ අවුරුදු 100කට විතර
කලින්. -
1:05 - 1:09අවාසනාවකට ඒ සියල්ල දෙවන
ලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා. -
1:09 - 1:14එක නිසා අපිට ඉතිරි වෙලා තිබ්බේ
ඇඳපු රූප කිහිපයක් විතරයි. -
1:14 - 1:15ඒ පින්තුර වලින් ,
-
1:15 - 1:18අපි දැනගෙන හිටිය ඌ අවුරුදු මිලියන
100 කට කලින් ජීවත් උන කියල, -
1:18 - 1:20ඌ ඉතාම විශාල සතෙක්,
-
1:20 - 1:23උගේ කොඳු නාරටිය දිගට උස අස්ථි
තිබුන රුවලක් වගේ පෙනෙන්න, -
1:23 - 1:28ඌට හීනි දිග හොම්බක් තිබුනා හරියට
කිඹුලෙකුට වගේ, -
1:30 - 1:32උල් දත් එක්ක,
-
1:32 - 1:37ලිස්සනසුළු මාළු වගේ සත්තු අල්ලා
ගන්න ඒක පහසු වෙන්න ඇති. -
1:37 - 1:39අපි දැනගෙන එච්චරයි,
-
1:39 - 1:42ඊළඟ අවුරුදු 100 ටම.
-
1:47 - 1:51මගේ ක්ෂේත්‍ර චාරිකා තිබුනේ
මොරෝක්කොවයි අල්ජීරියාවයි අතරේ
දේශ සීමාවේ, -
1:51 - 1:54එතන නම "කෙම් කෙම්".
-
1:54 - 1:56එතන වැඩ කරන්න අමාරුයි.
-
1:56 - 2:00වැලි කුණාටු සර්පයින් ගෝනුස්සෝ ගහන තැනක් එක,
-
2:00 - 2:03හොඳ තත්ත්වයේ ෆොසිල හොයා ගන්න හරිම අමාරුයි.
-
2:03 - 2:06නමුත් අපේ මහන්සියේ ප්‍රතිඵල තිබ්බා.
-
2:06 - 2:08අපි ඉතාම සුවිශේෂී නිදර්ශක හොයාගත්තා.
-
2:08 - 2:10මේ තමයි ලොකුම අස්ථිය මෙතෙක්
-
2:10 - 2:12සහරා කාන්තාරයේ ඒ කලාපයෙන් හොයා ගෙන තියෙන.
-
2:13 - 2:17අපි හොයා ගත්තා විශාල මාංශ භක්ෂක
ඩයිනසෝරයෙකුගේ කොටස්, -
2:17 - 2:20මධ්‍යම ප්‍රමාණයේ සතෙකුගේ කොටස් හම්බ වුනා,
-
2:20 - 2:25ඒ වගේම කිඹුලන් වගේ සත්තු වර්ග
හත අටක් හොයා ගත්තා. -
2:25 - 2:28මේවා තිබුනේ ගංඟා පද්ධතියක් පතුලේ
තැන්පත් වෙලා. -
2:28 - 2:32මේ ගංඟා පද්ධතියේ කාරයක් තරම්
සීලකාන්ත් කියන මත්ස්යයිනුත් ඉඳල තියෙනවා, -
2:32 - 2:36ඌ ඉතාම විශාල දැති මෝරුන් විශේෂයක්,
-
2:36 - 2:40ඒ ගංගා පද්ධතිය ඉහල අහස පිරිලා තිබිල
තියෙන්නේ තෙරසොරයින්ගෙන්, -
2:40 - 2:42උන් පියාඹන උරග විශේෂයක්.
-
2:42 - 2:43එක ඉතාම භයානක තැනක්,
-
2:43 - 2:47කාල යන්ත්‍රයක් තිබුනොත් මෙතන
නම් යන්නට හොඳ තැනක් නෙවෙයි. -
2:48 - 2:51ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන
අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න
අතරේ, -
2:51 - 2:54ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන
අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න
අතරේ, -
2:54 - 2:57අවශ්‍ය වුනු ෆොසිලය තිබුනේ සැඟවිලා.
-
2:57 - 2:58අපිට හම්බ වුනේ ඉතාම සුළු
කොටස් විතරයි, -
2:58 - 3:03මම බලාපොරොත්තු වුනා ඇටසකිල්ලේ
කොටසක් හම්බ වෙයි කියලා. -
3:04 - 3:05අන්තිමේදී , මේ ලඟදි,
-
3:05 - 3:08අපිට කැනීම් වලක් හොයා ගන්න පුළුවන් උනා
-
3:08 - 3:13ඒ පළාතේ ෆොසිල හොයන්නෙක් අස්ථි
කිහිපයක් හොයා ගත්ත . -
3:13 - 3:16අපිට එතනින් තවත් අස්ථි හම්බ උනා.
-
3:16 - 3:20අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට
මේ අසාමාන්‍ය සත්වයාගේ අසම්පුර්ණ
අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. -
3:20 - 3:23අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට
මේ අසාමාන්‍ය සත්වයාගේ අසම්පුර්ණ
අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. -
3:23 - 3:24ඒ අපිට එක ප්‍රතිනිර්මාණය කරන්න
පුළුවන් වුනා. -
3:24 - 3:26අපි දැන් දන්නවා ස්පයිනසොරස්ගේ හිස
-
3:26 - 3:28තරමක් කිඹුලෙකුගේ වගේ,
-
3:28 - 3:30අනික් මාංශ භක්ෂක සත්තුන්ගෙන් වෙනස්,
-
3:30 - 3:33ටිරනසොරස් රෙක්ස් ට වැඩ හුඟක් වෙනස්.
-
3:33 - 3:38නමුත් හුඟක් වැදගත් වුනේ අස්ථි පද්ධතියේ
අනික් කොටස්. -
3:38 - 3:39ඌට දිග කොඳු ඇට තිබුනා,
-
3:39 - 3:42දිග කොඳු ඇට රුවලක් හැදෙන විදියට
පිහිටලා තිබුනා. -
3:42 - 3:44පාදයේ අස්ථි තිබුනා , හිස්කබලේ
අස්ථි තිබුනා, -
3:44 - 3:47ඌට තිබුනේ හබල් වගේ පළල පතුලක්--
-
3:47 - 3:50මේකත් ඉතාම අසාමාන්‍යයි . වෙන
කිසිම ඩයිනසොරයෙකුට එහෙම කකුල්
නැහැ-- -
3:50 - 3:53අපි හිතන්නේ ඒවා රොන් මඩ උඩ
ඇවිදින එක ලෙහෙසි කරන්න ඇති, -
3:53 - 3:56ඒ වගේම වතුරේදී හබල් ගාන්නත් උදව්වක්.
-
3:56 - 3:59අපි අස්ථිවල ක්ෂුද්‍ර ආකෘතිය අධ්‍යයනය කරා,
-
3:59 - 4:01ඒ කියන්නේ අස්ථි ඇතුලේ ආකෘතිය,
-
4:01 - 4:04ඒවා ඉතාම සංයුක්ත සහ ඉහල ඝනත්වයක් තිබුනා.
-
4:04 - 4:08සාමාන්‍යයෙන් එහෙම ලක්ෂණ තියෙන්නේ
වතුරේ ගොඩක් කාලය ගත කරන සත්තුන්ගේ, -
4:08 - 4:11උත්ප්ලවකතාවය පාලනය කරන්න එක හුඟක්
උදව් වෙනවා. -
4:11 - 4:17අපි ඒව ස්කෑන් කරලා පරිඝනක ආශ්රිත
ආකෘතියක් හැදුවා. -
4:17 - 4:19අපි ඒ ආකෘතිය දිහා බැලුවම,
-
4:19 - 4:23අපිට තේරුණා මේ ඉතාම වෙනස් ඩයිනසොරයෙක් බව.
-
4:23 - 4:25මේ සත ටී. රෙක්ස් ට වඩා විශාලයි,
-
4:25 - 4:28ඔලුව දිහා බලපු ගමන් මාළු මත
යැපෙන්නෙක් බව පැහැදිලියි, -
4:28 - 4:32මුළු අස්ථි පද්ධතියේම තිබ්බේ
ජලචාරි සතෙකුගේ ලක්ෂණ-- -
4:32 - 4:36ඝනත්වයෙන් ඉහල අස්ථි, හබල් වගේ
පාද , කොට පසු ගාත්, -
4:36 - 4:39මේ වගේ ලක්ෂණ අපි දකින්නේ
-
4:39 - 4:42සැලකියයුතු කාලයක් වතුරේ ගත කරන සත්තු අතරේ.
-
4:43 - 4:46ඉතින් අපි ස්පයිනසොරස්ගේ පේශි
අධ්‍යයනය කරද්දී-- -
4:46 - 4:50අපි දැන් දකින රූපවල පේශි වගේම
උගේ හම ගැනත් හොයල බලද්දී -- -
4:50 - 4:54අපිට තේරුණා අපි ගනුදෙනු කරන්නේ
ගංගාශ්රිත දැවැන්තයෙක් එක්ක කියල, -
4:54 - 4:56ටී. රෙක්ස් ටත් වැඩ ලොකු මාංශ
භක්ෂක ඩයිනසොරයෙක්, -
4:56 - 4:59අතීත ගංගාශ්රිත යෝධයින් අතර නායකයා,
-
4:59 - 5:03ඉස්සරවෙලා මම කියපු සියලු ජලජ
සත්තු ආහාරයට ගන්න. -
5:03 - 5:05එක තමයි මේ සොයා ගැනීම එතරම්ම වැදගත් .
-
5:05 - 5:07මේ සතා අනික් ඔක්කොටම වඩා
හුඟක් වෙනස් ෴ -
5:07 - 5:10සමහරු මට කිව්වා "මේවගේ සොයා ගැනීම්
ඉතාම දුර්ලභයි , -
5:10 - 5:14අද ලෝකේ තවත් හුඟක් දේවල් අලුතින්
හොයාගන්න ඉතුරු වෙලා නැහැ" කියල . -
5:15 - 5:18මම හිතන්නේ මේවා සත්‍යයට හුඟක්
ලං වෙන්නේ නැහැ. -
5:18 - 5:20මම හිතන්නේ සහරා කාන්තාරයේ
තවත් හුඟක් සම්පත් තියෙනවා, -
5:20 - 5:23එක නිසා කෙනෙක් මට කිව්වොත් තවත්
කැනීම් කරන්න තැනක් ඉතිරි වෙලා
නැහැ කියල, -
5:23 - 5:27මම රෝයි චැප්මන් ඇනඩ්රුව්ස් කියන
පොසිල හොයන්නගේ කියමනක් කියන්නම් , -
5:27 - 5:33ඔහු කිව්වා "ලෝකේ කොනක හැම
තිස්සෙම වීර ක්‍රියා සිද්ධ වෙනවා, -
5:33 - 5:36අදටත් ලෝකේ මේ වගේ කොන්
ගොඩක් තියෙනවා" කියල . -
5:36 - 5:38දශක ගණනාවකට කලින් එක සත්‍යයක්
-
5:38 - 5:40ඔහුගේ ප්‍රකාශය එදාට වගේම
-
5:40 - 5:42අදටත් ඉතාම වලංගුයි.
-
5:42 - 5:43බොහොම ස්තූතියි.
-
5:43 - 5:45(අත්පොලසන් )
- Title:
- How we unearthed the spinosaurus
- Speaker:
- Nizar Ibrahim
- Description:
-
අඩි 50ක් පමණ දිග මාංශ භක්ෂක ස්පයිනසොරස්, අවුරුදු මිලියන 97කට පෙර ජීවත් වූ "මකරුන්" විශේෂයකි. නිසාර් ඉබ්රාහිම් සහ ඔහුගේ සගයින් මොරොක්කෝවේ සහරා කාන්තාරයේ කඳු අතරින් සොයා ගත් පොසිල වලින් මේ සුවිසල් සත්වයාගේ තවත් වග තුග අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 06:02
![]() |
Dulini Mudunkotuwa approved Sinhala subtitles for How we unearthed the Spinosaurus | |
![]() |
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus | |
![]() |
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus | |
![]() |
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus | |
![]() |
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for How we unearthed the Spinosaurus | |
![]() |
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus | |
![]() |
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus | |
![]() |
Tharanga Wijethilake edited Sinhala subtitles for How we unearthed the Spinosaurus |