Return to Video

Czym jest Nibbāna? - Ajahn Brahm [NAPISY PL]

  • 0:00 - 0:06
    "අප සජ්ක්ධායනා කරන්නට තවත් හේතු තියෙනවද ?
    තවත් කරන්න වැඩක් විතරයි (සිනහ)
  • 0:06 - 0:09
    එහෙම නෙවෙයි, සමහර සජ්ක්ධායනාවන්
    ඇත්තෙන්ම ඉතාමත් හොඳයි.
  • 0:09 - 0:15
    මටත් සජ්ක්ධායනාවෙ අගය වැටහුනේ
    නැහැ හොදින් පාලි ඉගෙන ගන්නකන්
  • 0:15 - 0:19
    සමහර සජ්ක්ධායනාවන්ගේ තේරුම හොදින්ම
    තේරුම් යනකන්
  • 0:19 - 0:22
    තේරුම හොදින් වැටහුනාම මම විශ්මිත වුනා
  • 0:22 - 0:26
    ඒවායේ ඉතා ගැඹුරු ඉගැන්වීමක්,
    ඉතා වටිනා ධර්මයක් තිබෙනවා
  • 0:26 - 0:33
    අපි නිතර සජ්ක්ධායනා කරන
    රතන සූත්රය ගත්තහම
  • 0:33 - 0:36
    එහි තිබෙන එක ගාථාවක්,
    හරිම ආශ්චර්යයි
  • 0:36 - 0:46
    ඛීනම් පුරානම් නවම් නත්ථි සම්භවං
    විරත්ත චිත්තා ආයතිකේ භවස්මිම්
    තේ ඛීන බීජා අවිරූල්හිච්ඡන්දා
    නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ
  • 0:46 - 0:49
    මම විහිළු විතරක් කරන්නේ නැහැ
    පාලිත් දන්නවා, (සිනහ)
  • 0:49 - 0:52
    මට පාලියෙන් උපුටා දක්වන්න පුළුවන්
    (සිනහ)
  • 0:52 - 0:54
    එතකොට ශ්රී ලංකාවේ අය හරි කැමතියී
  • 0:54 - 0:55
    භික්ෂුන් වහන්සේලාගේ සාමාන්යයෙන්
    කරන දෙයක් නිසා
  • 0:55 - 0:58
    මට ඒක පුළුවනී,
    විහිළු කියන්නත් පුළුවන්,
  • 0:58 - 1:02
    ඉතින් මට වඩා පුළුල් පරාසයක් තිබෙනවා
    (සිනහ)
  • 1:02 - 1:11
    නමුත් "තේ ඛීන බීජා අවිරූල්හිච්ඡන්දා"
    මේ චිත්තය ගැනයි, මනස ගැන
  • 1:11 - 1:15
    පුනර්භවයේ බීජය විනාශ කල බව දැකීම,
    එහි නැවත පැළවීමක් නැති බව
  • 1:15 - 1:19
    මේක තමයි හොඳම පදය: 'නිබ්බන්ති ධීරා'
  • 1:19 - 1:23
    නිවනට පත්වීම සහතිකයි
    නිරුද්ධ වීම
  • 1:23 - 1:29
    මේ පහන වගේ--"යථායන් පදීපෝ"
  • 1:29 - 1:34
    එයින් බුදු පියාණන් පෙන්වා දෙනවා
    'නිභ්භාන' කියන වචනයේ නියම අරුතය
  • 1:34 - 1:39
    බුදුන් වැඩ සිටි කාලයේ හැමෝම දැනගෙන හිටියා
    නිභ්භාන කියන වචනයේ තේරුම, සියල්ලෝම.
  • 1:39 - 1:41
    මොකද ඒ කාලයේ ඒක සුලබ වචනයක්,
  • 1:41 - 1:46
    මේ මනස නිවෙනවා
    මේ තෙල් පහන නිවෙනවා වගේම
  • 1:46 - 1:48
    මොකක්ද පහන නිවෙනවා කියන්නේ?
  • 1:48 - 1:52
    තෙල් පහන් සියල්ල
    විශ්වයේ පොදු ආත්මයකට යනවද?
  • 1:52 - 1:59
    තෙල් පහන රමණීය ස්වර්ගයට යනවද?
    නිවන කියන ස්වර්ගයට?
  • 1:59 - 2:04
    මොකක්ද තෙල් පහනකට, ඉටි පන්දමකට වෙන්නේ?
  • 2:04 - 2:09
    නිවෙනවා. දැල්ල නැතිවෙනවා,
    අවසන් වෙනවා.
  • 2:09 - 2:15
    නිභ්භාන කියන්නෙ ඒකයි,
    ඉවරවීම, නවතිනවා; පූෆ්! නැතිවෙනවා,
  • 2:15 - 2:17
    කොහාටද යන්නේ?
  • 2:17 - 2:19
    දැල්ල නිවෙන කොට කොහාටද ගියේ?
  • 2:19 - 2:28
    දැල්ලක් නිවුනහම හොද කර්ම කල දැල්ල සතුටින්
    සාමයෙන් සදාකල් සිටිහැකි තැනකට යනවාද?
  • 2:28 - 2:31
    නැහැ! ඒක නවතිනවා.
  • 2:31 - 2:34
    මේක සඳහන් වෙන්නේ
    අග්ගි-වච්චගොත සුත්රයෙ
  • 2:34 - 2:43
    ඔහු පවසනවා තෙල් පහනක දැල්ල පවතින්නේ
    හේතු තුනක්, අනුග්රාහකයන් තුනක් නිසාය කියලා
  • 2:43 - 2:49
    තිරය, තෙල් සහ රස්නය
  • 2:49 - 2:54
    මේ හේතු තුන එකතු වුණාම,
    රස්නය, තිරය සහ තෙල්; දැල්ලක් ඇති වෙනවා.
  • 2:54 - 2:58
    එයින් එක හේතුවක් හෝ නැතිවුනොත්,
  • 2:58 - 3:06
    තිරය සම්පූර්ණයෙන් දැවී යාම, නැත්නම් තෙල්
    ඉවරවීම, නැත්නම් සුළඟ නිසා රස්නය ඉවත්වීම
  • 3:06 - 3:10
    එතකොට දැල්ල නිවී යනවා,
  • 3:10 - 3:15
    ඒ වාගේම මේ ශරීරය සහ මනස පවතින්න
    හේතු, කොන්දේසි තිබෙනවා
  • 3:15 - 3:27
    ඒවා නැතිවුණාම - තෘෂ්ණාව, මෝහය වගේ දේ
    - ඒවා නවතින කොට ඔබත් නවතිනවා
  • 3:27 - 3:33
    ඔබ නැතිවෙනවා - පූෆ් - දැල්ල වගේම
  • 3:33 - 3:36
    මම නිතර ඒක සජ්ක්ධායනා කරනවා
  • 3:36 - 3:39
    රතන සූත්රය, නිතර කෙරෙන සජ්ක්ධායනාවක්
  • 3:39 - 3:44
    සූත්රයේ ඒ ගාථාවට ආවහම; අපොයි හරිම බලගතු,
    ගැඹුරු, ලස්සණ ධර්මයක් නේද කියලා හිතෙනවා
  • 3:44 - 3:48
    ඒකයි මම සජ්ක්ධායනා කරන්නෙ,
    මොකද මම දන්නවා මම සජ්ක්ධායනා කරන දේ
  • 3:48 - 3:51
    විශ්වාස කරන්නත් අමාරුයි,
    හරිම හොඳයි
  • 3:51 - 3:55
    ඉතින් ඔබට සජ්ක්ධායනාව වැටහෙනවා නම්
  • 3:55 - 4:01
    ඔව්, සමහරවිට අපි දේශීය භාෂාවෙන්,
    ඉංග්රීසියෙන් සජ්ක්ධායනා කරනවා තමයි
  • 4:01 - 4:04
    අපි සජ්ක්ධායනා කරන මෙත්තා සූත්රය වුනත්,
  • 4:04 - 4:10
    මුල් භාෂාවෙන් සජ්ක්ධායනා කරන කොට වාගේ
    අර්ථය හිතට කා වදින්නේ නැහැ
  • 4:10 - 4:14
    පරිවර්තන වලින් ඒ අර්ථවත් බව ගන්න අමාරුයි
  • 4:14 - 4:20
    නමුත් ඔබ පාලි දන්නවා නම්
    හරිම අර්ථවත්, බලගතුයි
  • 4:20 - 4:22
    ඒකයි මම සජ්ක්ධායනා කරන්න කැමති
  • 4:22 - 4:26
    ඒ වගේම එහි ප්රබලත්වය නිසා
    මම ඒ තුලට අවතීර්ණ වෙනවා
  • 4:26 - 4:30
    ඒයින් ශක්තියක්, ජවයක් ඇති වෙනවා
    එවිට අන් අයටත් දෙන්න ඇහැකියි
  • 4:30 - 4:33
    මොකද ඒකට ජවයක් අවශ්යයයි,
    නොසැලෙන විශ්වාසයක්. ශක්තිමත් මනසක් අවශ්යයයි
  • 4:33 - 4:39
    ඔව් එය ප්රයෝජනයට ගන්නට පුළුවනී
    මිනිසුන්ට සාමාන්ය උදවු කරන්නට
  • 4:39 - 4:41
    ඔවුන් සුවපත් කරන්න, ඒ වගේ දේ
  • 4:41 - 4:45
    නමුත් මම නිතර කරන්නේ නැහැ
    ඔවු මම සජ්ක්ධායනා කරනවා තමයි
  • 4:45 - 4:49
    නමුත් එයින් භික්ඛුණි කුසුමාව
    අවුරුදු 10කින් තරුණ කරන්න පුළුවන්ද?
  • 4:49 - 4:52
    ඒක කාලය අපතේ යැවීමක්,
    එහෙම නේද?
  • 4:52 - 5:00
    නැහැ භික්ඛුණි සතිමා, සතිමා, සමාවෙන්න
    පේනවද මටත් ලොකු වැරදීම් වෙනවා
  • 5:00 - 5:04
    ඇයව අවුරුදු 10කින් තරුණ කරන්න,
    නමුත් කාටද එහෙම කරන්න උවමනා?
  • 5:04 - 5:08
    කොහොම උනත්, සජ්ක්ධායනා ගැන කියනවනම්,
    ඔව්, එයට බලයක් තියෙනවා.
  • 5:08 - 5:11
    නමුත් හොඳම දේ තමයි ධර්මය හොඳින් වටහා
    ගැනීමෙන් නොසැලෙන විශ්වාසයක් උපදා ගැනීම
  • 5:11 - 5:14
    ඒ තමයි වටිනාම දේ
Title:
Czym jest Nibbāna? - Ajahn Brahm [NAPISY PL]
Description:

more » « less
Video Language:
Polish
Team:
Buddhist Society of Western Australia
Project:
Dhamma Shorts
Duration:
05:16

Sinhala subtitles

Revisions