< Return to Video

භාවනාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ප්‍රවේශය | අජාන් බ්‍රහ්මමාලී | 22 පෙබරවාරි 2022

  • 0:00 - 0:03
    ඔබ සෑම දෙනා ධම්මාලෝක මධ්‍යස්ථානයේ දී
    හමුවීම ගැන සතුටුයි
  • 0:03 - 0:06
    කෝවිඩ් වසංගත තත්වය තිබිය දීත්
  • 0:06 - 0:09
    මම සෑම විටම දකින දෙයක් තමයි
    ලෝකය වැරදි අතට යන විට
  • 0:09 - 0:14
    ලෝකය නුහුරු තත්වයන්ට පත් වෙන විට
    ආධ්‍යාත්මික පැවැත්ම වඩා වැදගත් ‌වෙන බව
  • 0:14 - 0:17
    වඩා අවශ්‍ය වන බව
    අපට වැටහෙන්නට පටන් ගන්නවා
  • 0:17 - 0:19
    ආධ්‍යාත්මික ජීවිතයක වැදගත් කම
  • 0:19 - 0:24
    මොකද ලෝකය වැරදි මාර්ගයක යමින් පවතින කලක
  • 0:24 - 0:27
    ධම්මාලෝක මධ්‍යස්ථානයට පැමිණීම
    වඩා අර්ථවත් වෙනවා.
  • 0:27 - 0:29
    ඉතින් මෙහි පැමිණීම බොහෝම හොඳයි.
  • 0:29 - 0:33
    අපේ ආධ්‍යාත්මික පැවැත්මට යොමු වීම වැදගත්.
  • 0:33 - 0:37
    ඉතින් අපි පුරුදු පරිදි එක් වෙලා
    ටිකක් භාවනා කරමු.
  • 0:37 - 0:41
    ඉතින් පහසු ආකාරයකට ඉඳ ගෙන
    අපි ආරම්භ කරමු.
  • 0:44 - 1:08
    (භාවනා සැසියේ ආරම්භය)
  • 1:08 - 2:43
    (භාවනා සැසිය පැවැත්වෙමින් පවතී)
  • 2:46 - 2:55
    සෑම විටම භාවනාවේ පළමු අදියර වන්නේ
    යම් සතියක් පිහිටුවා ගැනීමයි.
  • 2:55 - 2:59
    නැතිනම් සතිය ඉස්මතු වන්නට ඉඩ හැරීමයි.
  • 2:59 - 3:04
    බොහෝ විට එය සිදුවීමට අප කල යුත්තේ
    ඉවසිල්ලෙන් ඉඳ ගෙන සිටීමයි.
  • 3:04 - 3:07
    බාහිර ලෝකය ක්‍රමයෙන් පසුබිමට මඟහැරීමට
    ඉඩ දීලා
  • 3:07 - 3:11
    වර්තමානයට සිත ඉබේටම යොමු වීමට
    ඉඩ සැලසීමයි.
  • 3:12 - 10:20
    (භාවනා සැසිය පැවැත්වෙමින් පවතී)
  • 10:23 - 10:30
    එසේ සිටිය දී අතීතයත් අනාගතයත්
    අතහැරීමට වග බලා ගන්න.
  • 10:31 - 10:34
    මතක් කර ගන්න අනාගතය විශේෂ වන්නේ නැහැ
  • 10:35 - 10:38
    සම්භාවිතාව පවතින්නේ ඒකාකාරී සිදුවීම්
  • 10:38 - 10:41
    නැවත නැවතත් සදහටම සිදුවීමටයි.
  • 10:41 - 10:45
    එම උගුලෙන් ගැලවීමට ඔබට අවශ්‍ය නම්
  • 10:45 - 10:48
    යා හැකි එකම තැන තම අභ්‍යන්තරයයි.
  • 10:48 - 10:52
    අභ්‍යන්තර ලෝකයේ නිශ්චල වූ සාමයයි.
  • 10:52 - 10:55
    එය කරදරකාරී බාහිර ලෝකයෙන්
    මිදීමට හැකි තැනයි.
  • 10:56 - 15:30
    භාවනා සැසිය පැවැත්වෙමින් පවතී
  • 15:32 - 15:40
    එලෙස ක්‍රමයෙන් ඔබ අනාගතය සහ අතීතය
    පිළිබඳ ව පවතින සිතිවිලි අත්හැරිය කල
  • 15:40 - 15:45
    ඔබට දැනෙනවා ඔබ සීරුවෙන් වර්තමානයට
    පැමිණෙන බව
  • 15:45 - 15:49
    එවිට වර්තමානයේ සිටීමෙන්
    දැනෙන ප්‍රසාදය අත්විඳින්න.
  • 15:49 - 15:54
    ඔබ ප්‍රබෝධමත් වෙනවා වාගේ
    සිදු වෙමින් පවතින දේ ඔබට දැනෙනවා.
  • 15:54 - 15:59
    භාවනාවේ සෑම අදියරක් ගැන අවධාන වන්න
    භාවනාව වැඩෙන විට දී
  • 15:59 - 16:02
    ඇයි සතුටක් ඇති වන්නේ?
    ඒ සතුට ඇතිවෙන්නේ කෙසේ ද?
  • 16:02 - 16:06
    එවිට ඔබ ඒ අවස්ථා කරා අනාගතයේ දීත්
    නැඹුරු වනවා.
  • 16:07 - 23:41
    (භාවනා සැසිය)
  • 23:50 - 23:56
    කොපමණ අගේ ද මේ වාගේ
    සුන්දර, ස්ථානයක් තිබීම;
  • 23:56 - 23:59
    නිස්කලංක මානසික සුවයක් ගෙන දෙන තැනක්.
  • 23:59 - 24:02
    පර්ත් නගරය මධ්‍යයේ ම.
  • 24:02 - 24:08
    මොන තරම් විශිෂ්ට දෙයක් ද?
    අපි භාවනාව අවසාන කරන්න සුදානම් වෙමින්
  • 24:08 - 24:11
    මෙත් සිතුවිලි පතුරවමු.
  • 24:11 - 24:15
    ලොව පුරා දුකට පත් වී සිටින සෑම දෙනා
    සුවපත් වේවා
  • 24:15 - 24:20
    ලෝකයේ සෑම දෙසක ම කරදර ප්‍රශ්න
    ඒ නිසා බොහෝ දෙනා දුකට පත් වී සිටිනවා.
  • 24:20 - 24:23
    ඒ සියලු දෙනාට ද
  • 24:23 - 24:27
    අපට මෙහි අත්විඳින්නට ලැබී ඇති සරණ
    ආරක්ෂාව අත්විඳින්නට ලැබේවා!
  • 24:27 - 24:30
    ඔබ සියලු දෙනාට ද සාමය සතුට ළඟා වේවා.
  • 26:44 - 26:49
    දැන් අප භාවනා කාලය අවසානයට පැමිණ සිටින්නේ
  • 26:49 - 26:53
    අවසන් කිරීමට ප්‍රථම තත්පර කිහිපයක් ගනිමු
  • 26:53 - 26:56
    අපගේ භාවනාවේ ප්‍රගතිය මෙනෙහි කරන්නට
  • 26:56 - 27:00
    ඒවගේ ම ඒ ප්‍රගතියට හේතු වූ කරුණු
    මෙනෙහි කරන්නට
  • 27:00 - 27:05
    වඩා සැනසිලි බවක් සාමයක් දැනේ නම්
    එයට හේතු තමා තුලින් විමසන්න.
  • 27:26 - 27:39
    භාවනා වාරයේ අවසානය
  • 27:44 - 27:49
    හොඳයි භාවනා වාරය අවසානයි.
    දැන් පහසුවෙන් ඉඳ ගන්න.
  • 28:40 - 28:44
    ඔබ සෑම දෙනා මුණගැසීම ගැන සතුටුයි.
  • 28:44 - 28:48
    දැන් අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ
    කරන්නටයි සැලසෙන්නේ.
  • 28:48 - 28:53
    අද මාතෘකා කර ගන්නේ භාවනාවට බුදුරජාණන්
    වහන්සේ පෙන්වා දුන් ප්‍රවේශය ගැනයි.
  • 28:53 - 28:58
    මෙයට හේතුව ඔබ කලින් සවන් දුන් පරිදි
    අප වැඩමුළුවක් පවත්වනවා
  • 28:59 - 29:03
    සතිපට්ඨාන පුහුණුව සම්බන්ධව.
  • 29:03 - 29:08
    ඒ නිසා මේ කරුණු සියල්ල දැන්
    සාකච්ඡා වෙමින් පවතිනවා.
  • 29:08 - 29:13
    අපේ සිත්වල ඒවා නැවුම් ව පවතින අවස්ථාවක
    කථා කිරීම හොඳයි.
  • 29:13 - 29:18
    බොහෝ වැදගත් කරුණු ඉස්මතු වෙනවා.
    ඒ වාගේ වැඩමුළුවක් පවත්වන විට
  • 29:18 - 29:24
    සුළු කාරණා නමුත් භාවනාවට බොහෝ වැදගත්.
  • 29:24 - 29:26
    භාවනාව නිවැරදිව අවබෝධ කර ගන්නේ කෙසේ ද?
  • 29:26 - 29:34
    එවිට කාලය අපතේ යවන්න අවශ්‍ය නැහැ.
    බෞද්ධ ඉගැන්වීම් වලට පටහැණි දේ කරමින්
  • 29:34 - 29:40
    මෙවැනි වැඩමුළුවක් කරන විට
    මට ඉස්මතු වෙලා පෙනෙන දෙයක් තමයි
  • 29:40 - 29:47
    කෙතරම් වැදගත් ද අපි බුදුරජාණන් වහන්සේගේ
    ඉගැන්වීම් වලට නැවත යොමු වීම.
  • 29:47 - 29:52
    සූත්‍ර දේශනා වශයෙන් දැක්වෙන්නේ
    බුද්ධ වචනයි.
  • 29:52 - 29:55
    සූත්‍ර දේශනා හරිම සාරවත්; ‌
    සෑහෙන කරුණු ප්‍රමාණයක් එහි අඩංගුයි.
  • 29:55 - 29:59
    නියම ආකාරයට පරිශීලනය කරන්නට
    ඔබ දන්නවා නම්.
  • 29:59 - 30:01
    සෑම වචනයක් ම වැදගත් බව දැන ගෙන
  • 30:01 - 30:03
    ඔබට ඒවා නිවැරදිව අර්ථකථනය කිරීමට හැකි නම්.
  • 30:03 - 30:07
    සූත්‍ර පිටකය පිළිබඳ ව
    පුළුල් අවබෝධයක් ඇත්නම්
  • 30:07 - 30:12
    එහි ඇති සාරවත් කරුණු කාරනා අප්‍රමාණයි.
  • 30:12 - 30:16
    නමුත් කනගාටුයි බොහෝ විට අපි ඒවා
    ඕනෑ කමකින් නොකියවන නිසා
  • 30:16 - 30:24
    එහි ඇති සාරවත් උපදෙස් අපගෙන් ගිලිහී යනවා.
  • 30:24 - 30:26
    අපි භාවනාව ගැන කථා කලත්
  • 30:26 - 30:31
    බොහෝ විට භාවනාව ප්‍රගුණ කර ගැනීමේ
    මාර්ගය සොයා ගැනීමට අපට බොහෝ අපහසු ‌වනවා
  • 30:31 - 30:33
    විවිධ ආචාර්යවරයන් සිටිනා නිසා.
  • 30:33 - 30:37
    පළමුවැනි ගුරුවරයා මේ විධියට, දෙවැනි
    ගුරුවරයා භාවනාව තව ආකාරයකට උගන්වනවා.
  • 30:37 - 30:39
    තුන්වැනි ගුරුවරයා තව ආකාරයකට උගන්වනවා,
  • 30:39 - 30:41
    අජාන් බ්‍රහ්ම්, අපි දන්නවා අජාන් බ්‍රහ්ම් හරි කියලා
  • 30:41 - 30:44
    ඒ නිසා ඔහු මේ විධියට උගන්වනවා (සිනහ)
  • 30:44 - 30:47
    ඔබ අජාන් බ්‍රහ්ම්ගේ ශ්‍රාවකයකු නම්
  • 30:47 - 30:50
    එවිට ඔබ උපකල්පනය කරනවා අජාන් බ්‍රහ්ම්
    නිවැරදියි කියලා
  • 30:50 - 30:52
    අජාන් බ්‍රහ්ම් වැනි කෙනෙකු ගැන වුනත්
  • 30:52 - 30:55
    බුදුරජාණන් වහන්සේ සමඟ සසඳා
    බැලීම වැදගත්
  • 30:55 - 30:58
    ගැළපෙනවා නම්,
    (සාමාන්‍යයෙන් නම් ගැළපෙනවා)
  • 30:58 - 31:01
    එවිට අපේ විශ්වාසය වර්ධනය වනවා;
    එය වැදගත් වෙනවා.
  • 31:01 - 31:04
    සමහර විට හරිම ව්‍යාකුලයි.
    කවුරු ද නිවැරදි?
  • 31:04 - 31:06
    සියලු අය නිවැරදි ද?
    සමහර අය නිවැරදි ද?
  • 31:06 - 31:09
    එකක්වත් නිවැරදි නැද්ද?
    මෙතන මොකද වෙන්නේ?
  • 31:09 - 31:12
    තීරණය කරන්නේ කෙසේ ද?
    ඒ තීරණයේ එකම පදනම විය යුත්තේ
  • 31:12 - 31:14
    බුද්ධ වචනයට සමඟ සැසඳීමයි.
  • 31:14 - 31:19
    බුද්ධ වචනය අපට නිධානයක් වීමට
    එක් හේතුවක් එයයි.
  • 31:19 - 31:24
    ධර්මය එතරම් සුවිශේෂී වස්තුවක් වන්නේ
    එයින් බුදු දහම ස්ථාවර වන නිසායි.
  • 31:24 - 31:28
    බුදු දහමේ සැබෑ අර්ථයට ප්‍රවේශයක්
    ලබා දෙන වටිනා වස්තුව එය වන නිසායි.
  • 31:28 - 31:31
    ඉතින් මේ ඉගැන්වීම් තිබීම අතිශයින් වැදගත්.
  • 31:31 - 31:34
    ඒ නිසායි මම වැඩමුළුවලට ඒ තරම් කැමති.
  • 31:34 - 31:37
    නමුත් සමහර විට ඒ වැඩමුළු
    ශාස්ත්‍රීය ස්වභාවයක් ගන්නවා
  • 31:37 - 31:41
    එනිසා සමහර අය මඟ හැරෙනවා
    මම පාලි වචන වැඩිපුර භාවිතා කල හොත්
  • 31:41 - 31:45
    මම පාලි වචන වලට කැමතියි
    ඒ මම පරිවර්තනය කරන්න කැමති නිසා
  • 31:46 - 31:48
    ඉතින් මම කල්පනා කලා
  • 31:48 - 31:52
    එවැනි වටිනා නිර්දේශ කිහිපයක්
    එක් දේශනයකට කැටි කරමින්
  • 31:52 - 31:55
    මෙවැනි සන්ද්‍යාව ක ඉදිරිපත් කරන්න
  • 31:55 - 32:00
    බෞද්ධ භාවනාව වටහා ගැනීමේ දී
    බොහෝ සුවිශේෂ වන දෙයක් තමයි
  • 32:00 - 32:04
    'සතිපට්ඨානය' නමින් අපි හඳුන්වන කාරණය.
  • 32:04 - 32:07
    පාලි භාෂාවේ සතිපට්ඨානය යන වචනයේ ‌තේරුම
  • 32:07 - 32:12
    සතිය යොමු කිරීම (focuses of mindfulness)
    සතිය යෙදීම (applications of mindfulness)
  • 32:12 - 32:15
    පරිවර්තන රාශියක් තිබෙනවා,
    සිහිය පිහිටුවා ගැනීම (establishing of mindfulness)
  • 32:15 - 32:17
    මේ ආකාරයේ පරිවර්තන.
  • 32:17 - 32:20
    අපි සූත්‍ර කියවීමේ දී සැලකීමට ගත යුතු
    දෙයක් තමයි
  • 32:20 - 32:23
    සතිපට්ඨාන භාවනාවේ අරමුණ වටහා ගැනීම.
  • 32:23 - 32:26
    ඇයි අප මෙය කරන්නේ?
  • 32:26 - 32:29
    ඇත්තෙන්ම ඒ ප්‍රශ්නයට විවිධ ශාස්ත්‍රීය
    ස්වභාවයක් ඇති පිළිතුරු තියෙනවා.
  • 32:29 - 32:32
    බෞද්ධ මාර්ගය ඉතා ක්‍රමානුකූල
    ප්‍රතිපත්ති පෙළක්
  • 32:32 - 32:36
    සතිපට්ඨානය ඇත්තේ මෙතැන
    ඊළඟ අදියර අතන,
  • 32:36 - 32:39
    ඩිං ඩිං ඩිං කියලා සියල්ල ඒ ඒ
    තැන් වලට වැටෙනවා
  • 32:39 - 32:42
    මේ ප්‍රශ්නයට ඇති යාන්ත්‍රික /ශාස්ත්‍රීය
    පිළිතුරු වල ගැට‍ළුව වන්නේ
  • 32:42 - 32:45
    ශාස්ත්‍රීය ප්‍රතිචාර වැදගත් බව ඇත්ත
  • 32:45 - 32:48
    නමුත් ඒවා බොහෝ විට සිත් තුලට
    කා වදින්නේ නැහැ
  • 32:48 - 32:52
    බුද්ධි මට්ටමෙන් පෙළගැස්වීමක් පමණයි වාගේ.
  • 32:52 - 32:56
    ධර්මයේ හදවතට පතිත වන්නේ නැහැ.
  • 32:56 - 32:59
    ඇඟට දැනෙන ස්වභාවයක් නැහැ
    හැඟිම්බර වන්නේ නැහැ
  • 32:59 - 33:03
    මිනිස් වර්ගයා මෙහෙය වන්නේ
    හැඟීම් වලින් සංවේග වලින්
  • 33:03 - 33:07
    තර්ක - අපි සිතනවා අපි තර්කානුකූලයි කියා.
  • 33:07 - 33:11
    නමුත් තර්කය රඳා පවතින්නේ
    අපගේ හැඟීම් මතයි.
  • 33:11 - 33:12
    මුලින් අපි යමක් ගැන සතුටු වෙනවා
  • 33:12 - 33:15
    ඉන් පසු අපි සිතනවා 'ඒ හැඟීම අනුමත
    වෙන තර්කයක් ඕනෑ
  • 33:15 - 33:17
    'තර්කයක් නැතිනම් මගේ මතය
    විශ්වාස නො කරයි' කියලා.
  • 33:17 - 33:20
    ඇත්තෙන්ම එහෙම සිතුවේ නැති වුනත්
    අපි ක්‍රියා කරන්නේ එලෙසයි.
  • 33:20 - 33:26
    ඉතින් සතිය පැවැත් වීම නිසා දැනෙන හැඟීම්
    භාවනාවට අදාළ වන්නේ කොහොම ද?
  • 33:26 - 33:32
    හැඟීම අදාළ වන්නෙ අපි සතියෙන් සිටින විට,
    අපට ලෝකය ගැන වැඩි සතුටක් දැනෙනවා.
  • 33:32 - 33:37
    එය විදර්ශනා ඥානයක් ලබා ගන්න වත්, වෙනත්
    දක්ෂතාවක් ලබා ගන්න වත් නොවේ
  • 33:37 - 33:40
    සතිය පැවැත් වීම ගැන අපට සතුටක් දැනෙනවා.
  • 33:40 - 33:44
    කරුණාකර ඒ ගැන ඔබේ භාවනා පුහුණුව තුල
    සැලකිලිමත් වන්න.
  • 33:44 - 33:49
    අතීතය සහ අනාගතය ගිලිහී ගොස්
    ඔබට මේ මොහොත දැනෙන්න ගත් විට
  • 33:49 - 33:54
    සමහර විට ථිනමිද්ධය, නිදිමතක් දැනෙන
    අවස්ථා ඇති
  • 33:54 - 33:57
    සමහර විට නොසංසුන් බවක් දැනෙන අවස්ථා ඇති
  • 33:57 - 34:01
    නමුත් භාවනාව ලස්සන අදියරකට පත් වුන
    අවස්ථා ඔබ අත්විඳ ඇතයි මම විශ්වාස කරනවා.
  • 34:01 - 34:03
    හරියටම හරී කියලා සිතෙන අවස්ථා
  • 34:03 - 34:07
    සතිය නැඟී එන අවස්ථා.
    එහි සුන්දරත්වය අත් විඳින්න.
  • 34:07 - 34:09
    එය යථාර්ථයට අවදි වීමක් වැනියි.
  • 34:09 - 34:11
    හාත්පසින් වෙනස් ආකාරයක
    අවදි වීමක් වාගේ.
  • 34:11 - 34:15
    බොහෝ විට අප තුල එවැනි සතියක්
    පවතී නම්
  • 34:15 - 34:19
    බොහෝ විට ඒ සමඟම ප්‍රීතියක්, සුඛයක් ඔබට
    දැනෙන්න ගන්නවා.
  • 34:19 - 34:22
    මේවා බොහොම ප්‍රසන්න චිත්තවේග.
  • 34:22 - 34:26
    ඒවායේ සුන්දරත්වය ඔබ හඳුනා ගතහොත්
    වඩා බලවත් වෙනවා
  • 34:26 - 34:27
    මන්ද එවිට අප ඒ වෙත ඇදී යනවා.
  • 34:27 - 34:31
    ඒ සතිමත් බව අනාගතයේ දී
    නැවත අත්විඳීම වඩා පහසු වෙනවා
  • 34:31 - 34:33
    ඒ වෙත ඔබේ ආකර්ෂණයක් පවතී නම්
  • 34:33 - 34:36
    මොකද ඔබේ මනස අවස්ථාවක් ලැබුණු විගස
    ඒ වෙත ඇදී යනවා.
  • 34:36 - 34:39
    එක අතකට අරමුණ එයයි.
  • 34:39 - 34:42
    එනිසායි ඔබ ඒ වෙත ආකර්ෂණය විය යුත්තේ.
  • 34:42 - 34:44
    නමුත් අරමුණ ඊට වඩා බෙහෙවින් පුළුල්.
  • 34:44 - 34:48
    අරමුණ බෞද්ධ මාර්ගයේ අවසානය දක්වා යාමටයි.
  • 34:48 - 34:50
    එය වඩා සංකීර්ණයි.
  • 34:50 - 34:56
    මේ මොහොතේ දැනෙන
    ප්‍රීතිය, සුඛය, සන්තුට්ඨිය අත්විඳින්න.
  • 34:56 - 34:59
    සතිය වැනි ගුණාංග නිසා ලැබෙන.
  • 35:00 - 35:06
    නමුත් දැන් මම යොමු වීමට කැමතියි සූත්‍ර
    දේශනා වල උපදෙස් කිහිපයකට.
  • 35:06 - 35:12
    භාවනාව ගැන, විශේෂයෙන් සතිය
    ප්‍රගුණ කිරීම ගැන.
  • 35:13 - 35:21
    එහි සඳහන් අවවාද මොනවද
    සෑම හුස්මකින් ම වැඩි වාසියක් අත් විඳීමට.
  • 35:22 - 35:24
    වඩා හොඳ ප්‍රතිලාභ ලබන්නට
  • 35:24 - 35:29
    මේ ගැන කථා කරන විට මට මුලින් ම
    මතක් වෙන දෙයක් තමයි
  • 35:29 - 35:33
    බොහෝ විට බෞද්ධයන් අතර මතයක් පවතිනවා
  • 35:33 - 35:37
    සතියෙන් සිටීමෙන් සතිය තව දුරටත් වැඩෙනවා
    කියන අදහස.
  • 35:37 - 35:40
    ඔබ නිරන්තරයෙන් සතිය පවත්වනවා නම්
  • 35:40 - 35:42
    ඉදිරියේ දී ඔබ වඩාත් සතිමත් කෙනෙකු වන බව.
  • 35:42 - 35:48
    මම සතියෙන් සිටින්න උත්සාහ ගන්නවා නම්
    ඒ නිසාම මගේ සතිය වර්ධනය වෙනවා.
  • 35:48 - 35:53
    ඒ අදහස සතිය මාංශ පේශි වලට සමාන කරනවා වාගේ.
  • 35:54 - 36:00
    මාංශ පේශි ව්‍යායාම කිරීමෙන් වර්ධනය වෙනවා,
    ශක්තිමත් වෙනවා.
  • 36:00 - 36:03
    මාංශ පේශි වර්ධනය වන්නේ එහෙමයි.
  • 36:03 - 36:06
    නමුත් සතිය, මාංශ පේශි වර්ධනය වන
    ආකාරයට වර්ධනය වෙනවා ද?
  • 36:06 - 36:11
    සතියෙන් සිටීමට උත්සාහ කළ පමණින්
    සතිය වැඩෙනවා ද?
  • 36:11 - 36:13
    සතිය වැඩෙන්නේ එසේ ද?
  • 36:14 - 36:16
    මේක වැදගත් ප්‍රශ්නයක්
  • 36:16 - 36:20
    මොකද මේ මතය බොහෝ
    භාවනා සංසදයන් අතර පවතිනවා.
  • 36:20 - 36:24
    ඒ නිසා විමසා බැලීම වටිනවා.
  • 36:24 - 36:25
    පිළිතුර තමයි
  • 36:25 - 36:29
    මෙවැනි දේ අප දැන ගන්නේ අජාන් බ්‍රහ්ම්
    වැනි කෙනෙක් යටතේ පුහුණු වන විටයි.
  • 36:29 - 36:31
    ඊළඟට සූත්‍ර දේශනා ඇසුරෙන් ඉගෙන ගන්නවා.
  • 36:31 - 36:33
    පසු කාලීනව අපගේ අත් දැකීමෙන් දැන ගන්නවා.
  • 36:33 - 36:39
    සතිය පවත්වා ගන්න පමණට වඩා උත්සාහ කිරීම
    ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරනවා.
  • 36:39 - 36:44
    මම සතියෙන් සිටිනවා, මේ මොහොතේ
    මේ මොහොත ගැන, අතීතය ගැන සිතන්න එපා.
  • 36:45 - 36:48
    ඕනෑවට වඩා උත්සාහ කිරීම ඔබ
    වෙහෙසට පත් කරනවා.
  • 36:48 - 36:51
    දවස පුරා සතියෙන් ඉඳලා පිපිරෙන්න
    වගේ දැනෙයි
  • 36:51 - 36:54
    දිගටම සතිය පිහිටුවා සිටීම වෙහෙස කරයි.
  • 36:54 - 36:56
    ඒක ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් නේද?
  • 36:56 - 36:58
    බලාපොරොත්තු වන්නේ සතිය වර්ධනය වෙයි කියලා.
  • 36:58 - 37:00
    බොහෝ විට සතියෙන් සිටීමට උවමනාව වඩා
    වීර්ය කිරීම
  • 37:00 - 37:05
    බලාපොරොත්තු වුන ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධ
    ප්‍රතිඵලයක් දෙනවා
  • 37:05 - 37:09
    ඒ නිසා බෞද්ධ කණ්ඩායම් වල ඇසෙන දේ
  • 37:09 - 37:13
    එකපාරටම පිළිගන්නේ නැතිව
  • 37:13 - 37:17
    වඩා ගැඹුරෙන් විමසා බලන්න.
  • 37:17 - 37:21
    නමුත් ඔබට සැහැල්ලුවෙන් සතිය
    පැවැත්වීමට හැකි නම්
  • 37:21 - 37:26
    හොඳ ප්‍රතිඵල ලැබේවි.
    නමුත් පැහැදිලි නැහැ.
  • 37:26 - 37:28
    එයයි පළමුවැනි කාරණය.
  • 37:28 - 37:33
    හරිහැටි තේරුම් නො ගෙන කිරීමෙන්
    වැරදි ප්‍රතිඵල අත්විඳිය හැකියි.
  • 37:33 - 37:36
    නමුත් වඩා වැදගත් කාරණයක් තියෙනවා
    එහි සඑලත්වය සැක කිරීමට
  • 37:36 - 37:39
    ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ
    දේශනා කරලා නැහැ
  • 37:39 - 37:43
    සතියෙන් සිටීමෙන් සතිය
    වර්ධනය වෙනවා කියා.
  • 37:43 - 37:46
    සතියෙන් සිටීමෙන් සතිය වැඩෙනවා කියලා
    සූත්‍ර දේශනාවල සඳහන් වන්නේ නැහැ.
  • 37:46 - 37:49
    සූත්‍ර දේශනාවල, බුද්ධ වචනයෙහි
  • 37:49 - 37:53
    ඊට බොහෝ වෙනස් කාරණා සඳහන් වෙනවා
    සතිය වැඩීම පිළිබඳව, නමුත් සතියෙන් සිටීම නොවේ.
  • 37:53 - 37:57
    බොහෝ කරුණු කාරණා එහි සඳහන් වෙනවා නමුත්
    සතියෙන් සිටීම ‌සඳහන් වන්නේ නැහැ.
  • 37:57 - 38:02
    එසේ නම් සතිය වර්ධනය කර ගැනීමට
    බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මොනවද?
  • 38:02 - 38:06
    මීට ‌පෙරත් මම ඒ සම්බන්ධව මෙහි කථා කරලා
    තියෙනවා, ඒ නිසා සමහර අය දන්නවා ඇති
  • 38:06 - 38:13
    වඩා පැහැදිලිව සඳහන් වන කරුණ
    සීලය, සදාචාරය, කරුණාව.
  • 38:13 - 38:17
    මම තිස්සේම කියන දෙයක් තමයි බෞද්ධ මාර්ගයේ
    විශේෂ අවධානයක් යොමු කළ යුතු දෙයක් ඇත්නම්
  • 38:17 - 38:18
    ඒ කරුණාව කියලා.
  • 38:18 - 38:22
    මොකද අනෙක් සෑම දෙයකට ම අඩිතාලම
    වන්නේ එයයි; සතිය ඇතුළුව.
  • 38:23 - 38:25
    ඉතින් ඔබට සතිමත් වීමට අවශ්‍ය නම්
  • 38:25 - 38:30
    කරුණාවන්ත වෙන්න, අන් අයට සලකන්න
    දයානුකම්පිත වන්න, අන් අය වටහා ගන්න
  • 38:30 - 38:34
    තමන් ගැනත් අන් අය ගැනත්
    කයෙන් ක්‍රියාවෙන් කාරුණික වන්න.
  • 38:34 - 38:38
    වචනයෙන් කාරුණික වන්න, බොහෝ විට
    එය අසීරුයි
  • 38:38 - 38:42
    වචන පාලනය කරලා හරි දේ පමණක් කථා කරන්න.
  • 38:42 - 38:45
    බොහෝ අයට විටින් විට වැරදි වෙනවා
    ඒකට කමක් නැහැ.
  • 38:45 - 38:47
    මනසේ චරියාව ගැනත් එසේමයි.
  • 38:47 - 38:50
    ඔබට දයාවෙන් කරුණාවෙන් සැලකිය හැකි ද
  • 38:50 - 38:54
    සාමාන්‍යයෙන් එදිනෙදා මුණ ගැසෙන අයට?
  • 38:54 - 38:58
    සතිය සාක්ෂාත් කරගත යුත්තේ මෙයයි.
  • 38:58 - 39:01
    ඔබට එය කළ හැකි නම්, මට සහතික වන්නට
    හැකියි ඔබට සතිය පිහිටනවා කියලා.
  • 39:01 - 39:04
    ආර්ය අෂ්ටාංගික මාර්ගය වන්නේ මෙයමයි.
  • 39:04 - 39:09
    සියලු සීලයට අදාළ සාධක මුලින් පවතිනවා;
    නිවැරදි වචන. නිවැරදි ක්‍රියාව,
  • 39:09 - 39:13
    නිවැරදි ජීවනෝපාය ඉන් පසුව නිවැරදි වීර්ය.
    ඒ සියල්ල සිත පිරිසිදු කිරීම ගැනයි.
  • 39:13 - 39:16
    ඊළඟට එන්නේ නිවැරදි සතියයි.
    එයට හේතුවක් තියෙනවා.
  • 39:16 - 39:19
    මුලින් එන සාධක හේතු වනවා,
    ඒවා පරිසරය සකසනවා
  • 39:19 - 39:24
    ඒවා පසුව නිවැරදි සතිය ලබා ගැනීමට
    මූලාශ්‍රය වෙනවා.
  • 39:24 - 39:26
    ඉතින් සතියට හේතුව සීලයයි; සතිය නොවේ.
  • 39:26 - 39:28
    සතිය සතිය වැඩෙන්න හේතු වන්නේ නැහැ.
  • 39:28 - 39:33
    සීලය, කරුණාව, හොඳ කෙනෙක් වීමයි
    සතියට හේතු වන්නේ.
  • 39:33 - 39:39
    තවත් හේතුවක් සඳහන් වෙනවා,
    ඒ නිවැරදි දැක්ම,
  • 39:39 - 39:44
    ඔව් සම්මා දිට්ඨිය නැතිනම් සෘජු දැක්ම
    නිවැරදි ආකාරයට ලෝකය ගැන මෙනෙහි කිරීම.
  • 39:44 - 39:49
    එයත් සතියට හේතු වෙනවා. ඒ ඇයි?
  • 39:49 - 39:54
    මම උදාහරණයක් දෙන්නම්; මට හිතෙනවා එයින්
    ඔබට එය පැහැදිලි වෙිවි කියා.
  • 39:54 - 39:57
    ඇයි අපි සතිමත් නොවන්නෙ කියලා.
  • 39:57 - 40:01
    බොහෝ විට අපේ මනස නා නා දේවලට
    ආශා කරනවා.
  • 40:01 - 40:03
    භාවනාවේ දී නොයෙක් දේ ගැන සිතුවිලි
    ඇති වන්නේ
  • 40:03 - 40:06
    ඒ සිතිවිලි සියල්ල පසුපස යම් ආශාවක්
    පවතින නිසායි.
  • 40:06 - 40:09
    එනිසා ඔබ ඒ තැන්වලට රැගෙන යනවා.
    ඔබ අනාගතය ගැන සිතනවා,
  • 40:09 - 40:12
    යම් ගැටලු විසඳා ගැනීම ගැන.
    නැතිනම් සිතනවා
  • 40:12 - 40:14
    දන්නේ නැහැ ඔබ රෑ කෑම
    අනුභව කලා ද කියලා
  • 40:14 - 40:17
    නැතිනම් ඔබ රෑ ආහාරය ගැන
    සිතන්න පුළුවන්
  • 40:17 - 40:20
    මම දන්නේ නැහැ.
    අද කෑම කන්න පරක්කු වෙයි.
  • 40:20 - 40:22
    ඉතින් අපි දේවල් ගැන සිතන්නේ ඇයි
  • 40:22 - 40:24
    සෑම විටම හේතුව ආශාවයි.
  • 40:24 - 40:28
    සෑම විටම අපේ සිතුවිලි පසුපස යම් ආකාරයක
    ආශාවක් තියෙනවා.
  • 40:28 - 40:34
    ඉතින් සම්මා දිට්ඨිය ඇති විට
    අප තුල ආශාව අඩු වෙනවා.
  • 40:34 - 40:45
    ළඟදී ලස්සන පොඩි සූත්‍රයක් මම බොහෝ තැන්
    වල සාකච්ඡා කලා - අත්තදණ්ඩ සූත්‍රය
  • 40:45 - 40:49
    නමේ තේරුම ආයුධ ගැනීම, කඩු පොලු ගැනීම
  • 40:49 - 40:52
    නැතිනම් ප්‍රචණ්ඩය වාගේ තේරුමක්.
  • 40:52 - 40:57
    අත්තදණ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ
    ආත්ම චරිත කථනයක්
  • 40:57 - 41:02
    උන්වහන්සේ එහි දී සාකච්ඡා කරනවා
    මහණ වීමට තුඩු දුන් කරුණු ගැන.
  • 41:02 - 41:06
    ගිහි ජීවිතයක් ගත කරන කාලය ගැන
    අපි සැවොම වා‌ගේ
  • 41:06 - 41:08
    ඉන් පසු මහණ වෙනවා.
  • 41:08 - 41:11
    බුදුරජාණන් වහන්සේ මහණ වුවේ ඇයි?
  • 41:11 - 41:13
    අනිවාර්යයෙන් යම් ආකාරයක නිවැරදි
    දැක්මක් ඇතිවුන නිසා
  • 41:13 - 41:16
    නැතිනම් පැවිදි වන්නේ නැහැ.
    ඒ නිවැරදි දැක්ම කුමක් ද?
  • 41:16 - 41:20
    එහි ලස්සන ගාථා පෙළක් තිබෙනවා
    මට දැන් හරියටම මතක නැහැ
  • 41:20 - 41:24
    ටිකක් මේ වාගේ;
    ඔහු ලෝකය දෙස බලලා
  • 41:24 - 41:29
    ඔහු කියනවා ලෝකය හරියට කුඩා මඩ කඩිත්තක
    දඟලන මත්ස්‍යයන් වාගේ කියලා.
  • 41:29 - 41:33
    කුඩා පොකුණක මත්ස්‍යයන්
    තටු ගස ගසා දඟලනවා වාගේ
  • 41:33 - 41:35
    මොනවා කරන්නද කියලා නො දැන
  • 41:35 - 41:37
    ඒ මඩ කඩිත්තේ ඔවුන් නැසෙනවා.
  • 41:37 - 41:40
    යන්න තැනක් නැහැ, ගැලවීමට නැහැ.
  • 41:40 - 41:42
    ලෝකය හරියට මඩ කඩිත්තක් වාගේ.
  • 41:42 - 41:45
    අපි සියල්ල මේ පෘථිවියේ එකට වාසය කරනවා
  • 41:45 - 41:47
    එන්න එන්න පෘථිවිය ඇහිරෙනවා
  • 41:47 - 41:50
    අපි එකිනෙකට බලපෑම් ඇති කරනවා
    මේ පෘථිවියේ
  • 41:50 - 41:53
    එතකොට දේශගුණික විපර්යාස,
  • 41:53 - 41:56
    පෘථිවියේ අනෙක් කොණක පිට වෙන වායු
  • 41:56 - 41:58
    මේ පර්ත් නුවර ඉන්න අපටත් බලපාවි
  • 41:58 - 42:01
    සෑම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි ප්‍රවෘත්ති
    සහ අනෙකුත් දේ නිසා.
  • 42:01 - 42:04
    ගැලවීමට නැහැ.
    ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළනවා
  • 42:04 - 42:07
    අපි මේ මඩ කඩිත්තේ මත්ස්‍යන් වාගේ
    දඟලමින් සිටිය දීත්
  • 42:07 - 42:09
    එකිනෙකා සමඟ රණ්ඩු වෙනවා,
    වාද කරනවා,
  • 42:10 - 42:12
    එකිනෙකාට එරෙහිව ප්‍රචණ්ඩ වෙනවා.
  • 42:12 - 42:14
    අද කාලයට ගැළපෙනවා
  • 42:14 - 42:18
    යුරෝපයේ යුද්ධයක් ආරම්භ වෙනවා
    රුසියාවයි යුක්‍රේනය අතර
  • 42:18 - 42:21
    මිනිස්සු පිස්සුවෙන්! මේ ලෝකයේ කාටද
    යුද්ධයක් අවශ්‍ය වෙන්නේ ?
  • 42:21 - 42:24
    යුද්ධ අපමණ දුක් වේදනා ගෙන දෙනවා
    හරිම උමතුවක්
  • 42:24 - 42:27
    නමුත් මිනිස්සු කරන්නේ එයයි.
  • 42:27 - 42:28
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
  • 42:28 - 42:32
    මේ කුඩා පෘථිවියේ එකට වාසය කරන ගමන්
  • 42:32 - 42:36
    අපි එකිනෙකාට විරුද්ධව නිතරම අවි ආයුධ වලින්
    ප්‍රචණ්ඩ වෙනවා
  • 42:36 - 42:39
    නිතරම ආක්‍රමණශීලී වෙනවා,
  • 42:39 - 42:43
    නිතරම ගැට‍ළු: පවුල් අතර
    නැතිනම් නගර අතර
  • 42:43 - 42:47
    වාසනාවකට අපේ මෙම ‌බෞද්ධ සමාජය අතර
    ඒ තරම් නැහැ
  • 42:47 - 42:50
    නමුත් ඕනෑම ආකාරයක මිනිස් සමූහ අතර
  • 42:50 - 42:53
    සෑම විටම යම් යම් ඝට්ටන පවතිනවා.
  • 42:53 - 42:55
    එවැනි ඝට්ටන සම්පූර්ණයෙන්ම
    වැළැක්වීම හරිම අපහසුයි.
  • 42:55 - 42:57
    ජාතිය අතර, ගෝත්‍ර අතර,
  • 42:57 - 43:00
    පවුල් පවුල් අතර, සමහර විට එකම පවුල අතර.
  • 43:00 - 43:04
    මිනිස් පැවැත්මේ තත්වය එයයි,
    එය අපට වැළකිය ‌නො හැකියි.
  • 43:04 - 43:06
    බුදුරජාණන් වහන්සේට මෙය දුටු විට
    උන්වහන්සේ තේරුම් ගත්තා
  • 43:06 - 43:09
    මම මෙය අත්හැරිය යුතුයි
    මම වෙන තැනක් සොයා ගත යුතුයි.
  • 43:09 - 43:11
    ඒ වෙන තැන ඇත්තේ තමා තුලමයි.
  • 43:11 - 43:14
    ලෝකය තුල එයට අවසානයක් නැහැ.
  • 43:14 - 43:19
    අපි කල්ප ගණනක් උත්සාහ කලා
    අඩු ලුහුඬු නැති සමාජයක් ඇති කරන්නට.
  • 43:19 - 43:21
    මේ දර්ශනය ඔස්සේ, තවත් දර්ශනයක් ඔස්සේ
  • 43:21 - 43:24
    නමුත් ඒ පරිපූර්ණ සමාජයක්
    නිර්මාණය කරන්න අපහසුයි
  • 43:24 - 43:28
    ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි
    අපේ හදවත් වල ඊයක් ඇලිලා තියෙනවා කියලා
  • 43:28 - 43:31
    ඔබේ හදවතේ ඇලුණු ඒ ඊය 'තණ්හාවයි'.
  • 43:32 - 43:37
    ඒ ආශාව, තණ්හාව තමයි ලොව පවතින
    සෑම ප්‍රශ්නයකට ම හේතු සාධක වෙන්නේ.
  • 43:37 - 43:42
    එනිසා අප ඒ ලෝකය මදකට අත හරිනවා.
  • 43:42 - 43:46
    සර්ව සම්පූර්ණ ලස්සන ලෝකයක් කර ගන්න
    අපේ ඇති උවමනාව අඩු කර ගන්නවා
  • 43:47 - 43:49
    එය කළ නොහැකි දෙයක් බව
    වැටහෙන්නට පටන් ගන්නවා.
  • 43:49 - 43:54
    ඒ වැටහීම සහ තමා තුලින් අත් කර ගත හැකි
    සතුටක් ඇති බවත් දැන ගත් පසු
  • 43:54 - 43:59
    ඔබ තමා දෙසට යොමු වී ආධ්‍යාත්මික ගමන
    පුරුදු පුහුණු කරනවා.
  • 43:59 - 44:02
    නිවැරදි දැක්ම නිසා සතිය වැඩෙනවා.
  • 44:02 - 44:06
    නිවැරදි දැක්ම මේ මොහොතට පැමිණ ‌
    භාවනාව වඩන්නට රුකුල් වෙනවා
  • 44:07 - 44:10
    නිවැරදි දැක්මත් සීලයත් එකිනෙක වැඩීමට
    සහයෝග වෙමින්
  • 44:11 - 44:14
    භාවනාව, සතිපට්ඨාන වැඩෙන්න හේතු වෙනවා.
  • 44:14 - 44:18
    මේවා හේතු සකසනවා, පරිසරය සකසනවා
  • 44:18 - 44:24
    සතිය, භාවනාව වැඩෙන්නට.
    සතිය පමණක් ම නොවේ.
  • 44:25 - 44:27
    එය විප්ලවීය අදහසක්
  • 44:27 - 44:31
    ඇයි විප්ලවීය වන්නේ?
    එය විප්ලවකාරී වන්නට එක හේතුවක් තමයි
  • 44:31 - 44:35
    මම මෙතන දී ප්‍රායෝගික ව බලපාන දේ ගැන
    වැඩියෙන් කථා කරන්නම්.
  • 44:35 - 44:38
    ප්‍රායෝගික ව බලපාන කරුණු ගණනාවක්
    දැනටමත් තියෙනවා
  • 44:38 - 44:40
    නමුත් තව කිහිපයක් පෙන්වන්නම්.
  • 44:40 - 44:43
    මෙය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වන්නට
    එක හේතුවක් තමයි;
  • 44:43 - 44:49
    අපේ බෞද්ධ පිරිස් අතර බහුලව පවතින මතයක්
  • 44:49 - 44:53
    ඒ අය සිතනවා භාවනාව
    එදිනෙදා ජීවිතයේ කරන දෙයක් බවට
  • 44:53 - 44:56
    එදිනෙදා ජීවිතයේ දී සතිමත් වන්න;
  • 44:56 - 45:00
    සතියෙන් පිඟන් සෝදන්න,
    සතියෙන් ආහාර ගන්න.
  • 45:01 - 45:05
    සතියෙන් කන්න කියලා අපට ඇහෙනවා.
    කන ගමන් සතිපට්ඨානය වඩන්න.
  • 45:05 - 45:07
    සතියෙන් එහාට මෙහාට ඇවිදින්න,
  • 45:07 - 45:10
    සතියෙන් වැසිකිළියට යන්න,
  • 45:15 - 45:18
    මේ වාගේ දේවල් කොහෙන් ආ දේවල් ද?
  • 45:18 - 45:21
    ඇත්තෙන්ම එක විධියකට එන්නේ
    සූත්‍ර දේශනා වලින්
  • 45:21 - 45:25
    මොකද සතිපට්ඨාන සූත්‍රයේ; මම දැන් කථා
    කරන්නේ සතිපට්ඨාන සූත්‍රය ගැනයි
  • 45:25 - 45:27
    ඒ සූත්‍රය සම්පූර්ණයෙන් සතිය ගැනයි.
  • 45:27 - 45:31
    එහි දැක්වෙන එක 'අභ්‍යාසයක්'
  • 45:31 - 45:34
    සතිපට්ඨානය පුහුණු කරන එක් ආකාරයක්
  • 45:34 - 45:36
    හරියටම සඳහන් කරනවා
  • 45:36 - 45:40
    ඔබ සතිය පවත්වනවා ඉදිරියට ගමන් කිරීමේ දී
    පසු පසට යාමේ දී, කන බොන විට
  • 45:40 - 45:44
    ඉඳ සිටින විට, නිදා සිටින විට, අවදි වන විට
    කථා කරන විට සහ නිශ්ශබ්ද විට.
  • 45:44 - 45:46
    දිග ලැයිස්තුවක්,
  • 45:46 - 45:48
    වැසිකිළි යාමත් එහි
    ඇතුළත් වෙලා තියෙනවා;
  • 45:48 - 45:49
    ඒ නිසායි මම කිවේ.
  • 45:49 - 45:52
    උපුටා ඇත්තේ ඒ තැනින්.
  • 45:53 - 45:56
    නමුත් අප පැවැත්වූ වැඩමුළුවේ
    එක් අරමුණක් වූවේ
  • 45:56 - 45:59
    අපි සැලකිලිමත් ව සූත්‍ර දේශනා කියවුවොත්
  • 45:59 - 46:01
    අපට පැහැදිලි වනවා
  • 46:01 - 46:05
    එය අයත් වන්නේ භාවනාව යටතේ නොවන බව.
  • 46:05 - 46:10
    අයත් වන්නේ භාවනාව කරා යොමු වෙන
    ධර්ම මාර්ගයේ මුල් අවදියටයි.
  • 46:10 - 46:13
    එම වැටහීම ඇති වූ විට අපට තේරුම් යනවා
  • 46:13 - 46:15
    භාවනාව එදිනෙදා වැඩ කටයුතු අතර
    කරන දෙයක් යන අදහස
  • 46:15 - 46:17
    වැරදි තැනක සඳහන් වී ඇති බව.
  • 46:17 - 46:21
    සතිය වැඩීමට කියලා සතියෙන්
    සිටීමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
  • 46:21 - 46:28
    වෙන විධියකට කියනවා නම් සතියෙන් සිටීමෙන්
    අනාගතයේ දී සතිය වැඩෙනවා-එහෙම වෙන්නේ නැහැ.
  • 46:28 - 46:35
    මේ ආකාරයට සතිය පමණක් වැඩීම
    බෞද්ධ භාවනාවේ අංගයක් නොවේ.
  • 46:35 - 46:36
    මෙය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
  • 46:36 - 46:42
    මොකද භාවනා සංසදයන් අතර නිතර
    ඇසෙන දේට මෙය පටහැනියි.
  • 46:43 - 46:46
    එහෙනම් අපි එදිනෙදා ජීවිතයේ කුමක්
    කල යුතු ද?
  • 46:46 - 46:47
    අපි සතියෙන් සිටිය යුතු නැතිනම්..
  • 46:47 - 46:50
    ඊළඟට මතු වන ප්‍රශ්නය එයයි.
  • 46:50 - 46:54
    අපි කරන සෑම දෙයක දීම සතිමත් විය යුතු
    නැතිනම් අප කල යුත්තේ කුමක් ද?
  • 46:54 - 46:56
    එයට පිළිතුරු වන්නේ
  • 46:56 - 47:01
    බුදුරජාණන්වහන්සේ වදාළා
    භාවනාවට හේතු වන්නේ සීලය බව.
  • 47:01 - 47:04
    ඉතින් අපි එදිනෙදා ජීවිතයේ දී කල යුත්තේ
  • 47:04 - 47:07
    අප උත්සාහ ගත යුතුයි සතියක් රැක ගන්න
  • 47:07 - 47:10
    පැහැදිලි අවබෝධයක් රැක ගැනීමට
    අපේ ජීවන රටාව ගැන
  • 47:10 - 47:12
    එමගින් අපේ එදිනෙදා පැවැත්ම ගැන අප
    අවදියෙන් සිටීමට.
  • 47:12 - 47:15
    මා සමඟ වාසය කරන අයට
    මම සලකන්නේ කෙසේ ද?
  • 47:15 - 47:18
    මම වචන පරිහරණය කොහොම ද?
    මගේ වචන කාරුණික ද, මෘදු ද?
  • 47:19 - 47:21
    ඒ වාගේ දේවල්.
  • 47:21 - 47:25
    එවැනි අවධානයක්, සතියක් තමා අවශ්‍ය වන්නේ.
  • 47:25 - 47:28
    අපගේ චරියාව දෙසට යොමු වුන සතියක්
  • 47:28 - 47:30
    එවිට එය බලවත් වෙනවා.
  • 47:30 - 47:36
    මොකද එවිට අප පරිපූර්ණ කරනවා
    සතිය වර්ධනය කරන සාධකය
  • 47:36 - 47:37
    ඒ කරුණාව.
  • 47:37 - 47:42
    වැදගත්ම දේ තමයි අපි අපගේ
    මනසේ ස්වභාවය ගැන සතියෙන් සිටින්නේ.
  • 47:43 - 47:44
    මගේ මනසේ ස්වභාවය කෙසේ ද?
  • 47:44 - 47:46
    සිත අවුල් සහගත වෙනවා ..
  • 47:46 - 47:49
    සන්සුන් වන්න, විවේකී වන්න
    අඩියක් පස්සට ගන්න.
  • 47:49 - 47:52
    මේ ‌අයගේ හොඳ ගතිගුණ මොනවා ද?
  • 47:53 - 47:55
    ළඟ දී වුන අපූරු දෙයක් තමයි
  • 47:56 - 47:59
    මම බෝධිඥාන ආරණ්‍යයේ මගේ කුටියේ සිටියා
    කුටිය කියන්නේ මම වාසය කරන කුඩා තැනට
  • 47:59 - 48:03
    බෝධිඥාන ආරණ්‍යයට ඇවිත් නැතිනම්
    ඇවිත් බලන්න අපේ කුටි.
  • 48:03 - 48:08
    හරි ලස්සන පොඩි පෙට්ටි වාගේ.
    මගේ කුටිය වර්ග මීටර 7.2 යි.
  • 48:08 - 48:11
    කුටිය කුඩා වුන විට වර්ග ප්‍රමාණය හරියටම
    දැන ගන්නවා.
  • 48:11 - 48:15
    වර්ග මීටර 7.2 යි. අත් දිග හැරලා දෙපැත්තේ
    බිත්ති දෙක අල්ලන්න පුළුවන් තරම්.
  • 48:15 - 48:19
    ජීවත් වෙන්න අපූරු ම තැනක්.
  • 48:19 - 48:22
    පිරිසිදු කරන්න දෙයක් නැති තරම්.
  • 48:22 - 48:24
    හරිම හරිම හොඳයි.
    පිරිසිදු කරන්න හරිම පහසුයි.
  • 48:24 - 48:28
    තව කෙනෙකුගේ උදව් උපකාර
    අවශ්‍ය වන්නේ නැහැ.
  • 48:28 - 48:32
    මගේ කුටියේ විශේෂත්වය තමයි
    එහි හුදකලා බව.
  • 48:32 - 48:35
    ඈතයි.. ‌අහල පහල කවුරුවත් නැහැ
  • 48:35 - 48:38
    මගේ කුටියට වුනා ම, කිසි කෙනෙක්
    පෙනෙන්නේ නැහැ.
  • 48:38 - 48:41
    වනලැහැබක වාගේ, ලස්සන වනලැහැබක්.
  • 48:42 - 48:44
    අසල්වැසියන් වන්නේ කැංගරුවන් වැනි අයයි.
  • 48:44 - 48:47
    සමහර විට කිනිතුල්ලෝ ඉන්නවා
    නමුත් එ අය සමඟ කටයුතු කරන්න පුරුදු වෙනවා.
  • 48:47 - 48:50
    කිනිතුල්ලන්ටත් මෛත්‍රී කරන්න පුළුවනි.
  • 48:50 - 48:53
    ඉතින් මම කුටියේ වාඩි වී සිටියා.
    මගේ කුටියේ මේසයක් තියෙනවා
  • 48:53 - 48:58
    භික්ෂුවක් නිර්මාණය කල ලස්සන
    මේසයක්.
  • 48:58 - 49:02
    සෑම භික්ෂුවකට ම මේස නැහැ
    නමුත් මට මේසයක් තියෙනවා
  • 49:02 - 49:06
    මම ලියන කරන වැඩ කොටසක් කරන නිසා.
  • 49:06 - 49:08
    ඉතින් මගේ කුටියේ මේසයක් තියෙනවා,
  • 49:08 - 49:11
    මම ඉඳ ගෙන මේසය දිහා බැලුවා
  • 49:11 - 49:16
    මේසය මත ඇති දේවල් බැලුවා,
    හුඟක් දේවල් නැහැ
  • 49:16 - 49:18
    නමුත් තිබිය යුතු තරමට වඩා යමක් ඇති
  • 49:18 - 49:19
    නමුත් වැඩි දෙයක් නැහැ.
  • 49:19 - 49:22
    එහි තිබූ භාණ්ඩ දෙකක මගේ සිත රැඳුණා.
  • 49:22 - 49:26
    එකක් තමයි පොඩි අඩු කෝප්පයක්.
    කෝප්පයක් ම නොවෙයි
  • 49:26 - 49:32
    රස්නය රඳා පවතින ආකාරයේ කෝප්පයක්.
    උණු බීම පානය කරන කෝප්පයක්.
  • 49:32 - 49:36
    මේක මම වැඩිපුර ම පාවිච්චි කරන
    දෙයක් නේද කියලා මට සිතුණා.
  • 49:36 - 49:37
    මම ඒ කෝප්පය සෑම වෙලේ ම පාවිච්චි කරනවා.
  • 49:37 - 49:39
    මම කෝපි බොන්නේ ඒකේ.
  • 49:39 - 49:44
    මට කෝපි වලට ඇබ්බැහි වීමක් තියෙනවා, එනිසා
    සැමදා ම ඒ කෝප්පයෙන් කෝපි බොනවා
  • 49:44 - 49:48
    කෙනෙක් මට මේක පරිත්‍යාග කල එක
    කොච්චර වටිනවා ද
  • 49:48 - 49:53
    ඊළඟට තව දෙයක් දැක්කා
    මේසයේ අනිත් පැත්තේ
  • 49:53 - 49:56
    ඒ පොඩි විදුලි පන්දමක්
  • 49:56 - 50:00
    මට මතක් වුනා ඒ විදුලි පන්දමත්, කොප්පයත්
    දුන්නේ එකම කෙනා බව.
  • 50:00 - 50:02
    අනේ කොපමණ ‌අගය ඇති දෙයක් ද!
  • 50:02 - 50:06
    ඒ තැනැත්තා බොහෝම ඕනෑ කමින්
    බොහෝම ත්‍යාගශීලී ව
  • 50:06 - 50:09
    භික්ෂුවකට අවශ්‍ය දේ සොයා බලලා
  • 50:09 - 50:13
    සහයෝගයක් දෙන්න බොහෝම කාරුණිකව ‌
    ක්‍රියා කරලා තියනවා.
  • 50:13 - 50:16
    ඒ අවබෝධය බොහොම සුන්දර
    මොහොතක් වුනා.
  • 50:16 - 50:19
    ඊට කලින් ඒ පරිත්‍යාග දෙකේ සම්බන්ධය
    මම මෙනෙහි කරලා නැහැ.
  • 50:19 - 50:24
    හරිම අපුරුයි
    මෙවැනි ජීවිතයක් නේද අප බලාපොරොත්තු වන්නේ.
  • 50:24 - 50:30
    සතිය පිබිදෙන්නේ මෙවැනි දේ නිසායි.
    දිනපතා අපි කරන පිවිතුරු ක්‍රියා නිසා.
  • 50:30 - 50:33
    අන් අයට උදව් උපකාර කරන කරුණාව.
  • 50:33 - 50:35
    සතිය මතු වන්නේ එසේයි.
  • 50:35 - 50:38
    අපට අවශ්‍ය වන්නේ එවැනි සතියක්.
  • 50:38 - 50:41
    ජීවිතයේ‌ පිවිතුරු හොඳ දේ හඳුනා ගන්නට.
  • 50:41 - 50:46
    ඒ අදහස විප්ලවීයයි.
  • 50:46 - 50:49
    ඉතින් නිතරම සතියෙන් සිටින එක
    අමතක කරන්න.
  • 50:49 - 50:52
    සතියට අරමුණක් තිබිය යුතු බව දැන ගන්න.
  • 50:52 - 50:54
    සතියේ අරමුණ විය යුත්තේ කරුණාවයි.
  • 50:55 - 51:01
    ඉතින් සතිය මෙය ගැන නොවේ නම්,
  • 51:01 - 51:05
    පැහැදිලිවම සතිය භාවනාව ගැනයි.
  • 51:05 - 51:10
    එය භාවනාව ගැන නම්; මොන ආකාරයේ
    භාවනාවක් ගැනද අපි කථා කරන්නේ?
  • 51:10 - 51:14
    සම්මත භාවනාව ගැනයි අපි කථා කරන්නේ.
  • 51:15 - 51:22
    පාද හරස් කරලා ඉඳ ගෙන කරන
    යම් සම්මත භාවනාවක් ද?
  • 51:22 - 51:25
    භාවනාව ලෙස සාමාන්‍යයෙන්
    හඳුන්වන්නේ එයයි.
  • 51:25 - 51:29
    එවැනි භාවනාවක
    අපි කරන්නේ කුමත් ද ?
  • 51:29 - 51:37
    බොහෝ විට සතිය ගැන කථා කරන උදවිය
    කරන්නේ විපස්සනා භාවනාවයි
  • 51:37 - 51:40
    විනිවිද දක්නා භාවනාව
  • 51:40 - 51:45
    සතිපට්ඨානය කියන්නේ විපස්සනාව ගැන ද?
  • 51:45 - 51:47
    එලෙස හඳුන්වන එක හරි ද?
  • 51:48 - 51:50
    මුලින් ම විපස්සනා කියන්නේ ‌කුමක් ද?
  • 51:50 - 51:53
    එක් ආකාරයකට විපස්සනාව
    විනිවිද දක්නා ඥානය ලෙස සිතිය හැකියි.
  • 51:53 - 51:57
    පැහැදිලි දැක්ම කියලත් විස්තර වෙනවා
  • 51:57 - 51:59
    'පැහැදිලි දැක්ම' පුළුල් අර්ථ කථනයක්
    තියෙනවා.
  • 52:00 - 52:02
    මේ සෑම දෙයක් ම ඇතුළත් වෙනවා.
  • 52:02 - 52:05
    සතිපට්ඨාන භාවනාව කියන්නේ එය ද?
  • 52:05 - 52:08
    උත්තරය--නැහැ ඒකම නොවේ.
  • 52:08 - 52:12
    එය එක් පැතිකඩයක් වෙන්න පුළුවන්,
    නමුත් එයට වඩා වැඩි පරාසයක් තියෙනවා.
  • 52:12 - 52:18
    මේ සූත්‍ර දේශනා බොහෝම ළඟින් ඇසුරු
    කල විට දකින්න ලැබෙන දෙයත් තමයි
  • 52:18 - 52:22
    සතිපට්ඨාන සහ භාවනාව කරුණු දෙකක් ගැනයි. .
  • 52:22 - 52:24
    ප්‍රතිඵල දෙකක් ගෙන දෙනවා.
  • 52:24 - 52:29
    ඒ ඵල දෙක තමයි නිසල බව සහ පැහැදිලි දැක්ම,
  • 52:29 - 52:32
    නැතිනම් සමාධිය සහ විපස්සනාව
  • 52:32 - 52:35
    මේවා අනිවාර්යයෙන් සමගාමීව වැඩෙන
    ගුණාංග දෙකක්.
  • 52:35 - 52:41
    මේ ද්විත්වයෙන් ප්‍රධාන වන්නේ නිසල බවයි.
  • 52:41 - 52:47
    මොකද නිශ්චල බව ඉතා ගැඹුරු
    භාවනා තත්වයන් කරා අප ගෙන යනවා..
  • 52:48 - 52:52
    අපි මේ කරුණ දෙසටයි අවධාන වෙන්නේ.
  • 52:52 - 52:55
    මේක හරි ලස්සන දෙයක් මොකද
  • 52:55 - 53:00
    අපට නිතර ඇසෙනවා වෙනස් භාවනා ක්‍රම ඇති බව.
  • 53:00 - 53:05
    නිශ්චල බව එක පැත්තක්, විපස්සනාව
    නැතිනම් පැහැදිලි දැක්ම අනෙක් අතට.
  • 53:06 - 53:08
    මේ අදහස ගැළපෙන්නේ නැහැ
    සූත්‍ර දේශනා වල ඉගැන්වීම් සමඟ.
  • 53:09 - 53:14
    සූත්‍ර දේශනා වල දකින්නේ
    එහි ප්‍රතිවිරුද්ධ ය.
  • 53:14 - 53:18
    එහි සඳහන් වන්නේ නිශ්චල වීම සහ විදර්ශනාව,
  • 53:18 - 53:22
    නිශ්චල වීම සහ පැහැදිලි දැක්ම
    භාවනා ක්‍රම නොවේ
  • 53:22 - 53:26
    ඒවා භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල
  • 53:26 - 53:30
    සෑම විටම සමගාමිව, එකට වැඩෙන ප්‍රතිඵල
  • 53:30 - 53:33
    ඔබ නිසි ආකාරයට භාවනාව වැඩූ විට
  • 53:33 - 53:37
    නිශ්චල වීම සහ විදර්ශනාව යන ගුණාංග
    දෙකම ඔබ තුල වැඩෙනවා.
  • 53:37 - 53:43
    ඒ ඇයි? ඔබ නිශ්චල වූ විට ඔබට
    පැහැදිලිව දකින්නට හැකි වෙනවා.
  • 53:43 - 53:46
    දැක්ම පැහැදිලි වූ විට ඔබ නිශ්චල වෙනවා.
  • 53:46 - 53:50
    එකම ‌‌කාරණයක පැතිකඩ දෙකක්.
  • 53:50 - 53:53
    ඔබ සන්සුන් වූ විට විදර්ශනාව වැඩෙනවා
  • 53:53 - 53:55
    ඔබ සන්සුන් වූ විටයි
    පැහැදිලි දැක්මක් ඇති වන්නේ.
  • 53:55 - 53:57
    පැහැදිලි දැක්මක් ඇති විට
    ඒ සමඟ ඔබ නිශ්චල වෙනවා.
  • 53:58 - 54:01
    මේවා වැඩෙන්නේ සමගාමීවයි.
    වෙන් කරන්න බැහැ.
  • 54:02 - 54:08
    ඉතින් භාවනා පුහුණුවේ දී මේ ගුණාංග දෙකම
    සමගාමීව වැඩෙනවා,
  • 54:08 - 54:11
    එකක් නැතිනම් අනෙක නොවේ.
  • 54:11 - 54:15
    සතිපට්ඨාන භාවනාව විදර්ශනාව වැඩීම ගැන
    කියලා කියන්න බැහැ.
  • 54:16 - 54:20
    මේ ගුණාංග එකට වැඩෙන
    වෙන් කල නො හැකි ගුණාංග.
  • 54:21 - 54:26
    ඉතින් මෙය සිදුවන්නේ කෙසේ ද?
  • 54:26 - 54:34
    අප භාවනාවේ දී කුමක් කල යුතු ද
    මේ ගුණාංග වැඩීමට?
  • 54:34 - 54:40
    බොහෝ විට භාවනාවේ ද අප කරන්නේ
    යමක් දෙස අවධානය යොමු කිරීමයි.
  • 54:40 - 54:49
    සාමාන්‍යයෙන් භාවනාවේ දී අප හුස්ම රැල්ලට ‌
    නැතිනම් වෙන දෙයකට යොමු වෙනවා.
  • 54:49 - 54:52
    සාමාන්‍යයෙන් භාවනාව කියන්නේ එයයි.
  • 54:52 - 54:55
    බොහෝ බෞද්ධ පිරිස් අතර ඇති මතයක් තමයි
  • 54:55 - 54:59
    අප කල යුත්තේ අවධානයෙන් සිටීම පමණක් බව.
  • 54:59 - 55:05
    බෞද්ධ මාර්ගයෙන් අප සාක්ෂාත් කර ගන්න
    උත්සාහ කරන ප්‍රතිඵල සියල්ල
  • 55:05 - 55:08
    අපට අත් වන්නේ අපගේ සෘජු අවධානය සිදු වන
    ධර්මතා වෙත යොමු කිරීමෙන් බව
  • 55:08 - 55:12
    එනිසා අවධානයෙන් සිටින්න.
    සිදු වෙන දෙසට යොමු වී සිටින්න.
  • 55:12 - 55:19
    එයින් බෞද්ධ මාර්ගයෙන් අප බලාපොරොත්තු වන
    නිසංසල බව, විදර්ශනාව අත් වෙනවා.
  • 55:19 - 55:23
    මෙය භාවනාව ගැන ඇති ප්‍රකට පිළිගැනීමක්.
  • 55:23 - 55:27
    නමුත් මෙය සම්පූර්ණ සත්‍යය නොවේ.
  • 55:27 - 55:30
    යම් සත්‍යයක් තියෙනවා
    නමුත් සම්පූර්ණ සත්‍ය නොවේ.
  • 55:31 - 55:33
    සමහර භාවනා අරමුණු තියෙනවා
  • 55:33 - 55:37
    උදාහරණයකට ඔබ මෙහි දී
    ආනාපාන සතිය කරනවා
  • 55:37 - 55:43
    ආනාපාන සතිය වඩනවා නම් ඔබ
    අවධානයෙන් සිටිනවා පමණයි.
  • 55:43 - 55:45
    හුස්ම රැල්ලට යොමු වෙලා ඒ සමඟ සිටිනවා.
  • 55:45 - 55:49
    එය නිරීක්ෂණ අභ්‍යාසයක් පමණයි.
    වෙන දෙයක් කරන්නේ නැහැ.
  • 55:49 - 55:53
    හුස්ම රැල්ල සමඟ රැඳී සිටින්න සිටින්න,
    ඔබට ඒ සමඟම කාලයක් රැඳී සිටිය හැකි විට
  • 55:53 - 55:56
    නිසල වෙන්න වෙන්න
    ඔබට පැහැදිලි දැක්ම වැඩි වෙනවා.
  • 55:56 - 56:00
    ඒ අවස්ථාවේ දී නම් එය එසේ ක්‍රියා කරනවා.
  • 56:01 - 56:04
    නමුත් අපි කියමු ඔබ කායානුපස්සනාව
    කරනවා කියලා.
  • 56:04 - 56:08
    එය සතිපට්ඨානයේ ‌ප්‍රකට ආරම්මනයක්.
  • 56:08 - 56:10
    කයට අවධානය යොමු කර සිටීම.
  • 56:10 - 56:12
    එය විවිධ ආකාරයට කල හැකියි;
  • 56:13 - 56:16
    කයේ කොටස් වෙන වෙනම රැගෙන
    ඒ විවිධ කොටස් දෙස බැලිය හැකියි.
  • 56:16 - 56:19
    මෙයට එක්-තිස් කුණප භාවනාව කියලා කියනවා.
  • 56:19 - 56:22
    නැතිනම් ධාතු වශයෙන් කය දෙස බලන්න පුළුවනි.
  • 56:22 - 56:26
    පඨවි ධාතුව, ආපෝ ධාතුව,
    වායෝ ධාතුව තේජෝ ධාතුව වශයෙන්.
  • 56:26 - 56:31
    නමුත් මෙම ක්‍රියාවලි
    නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලි නොවේ.
  • 56:31 - 56:34
    ඔබට අක්මාව නිරීක්ෂණය කරන්න බැහැ.
  • 56:34 - 56:37
    හොඳයි අක්මාව මෙතන.. තියෙන බව දන්නවා
    (අජාන් අත තියලා අහනවා)
  • 56:37 - 56:40
    ඔය අවට තියෙන්නට ඕනෑ
  • 56:40 - 56:42
    තිබුනොත් හොඳයි නැතිනම් මම ලොකු අමාරුවක
  • 56:42 - 56:44
    ඉතින් ඔබ දන්නවා එතන ඇති බව,
  • 56:44 - 56:48
    ශරීර කොටස් වල ඇඳි සටහනක් දැකලා ඇති.
    එක එක කොටස් එක එක ආකාරයට
  • 56:48 - 56:50
    ඇටසැකිල්ලක්..
    හිස් කබල මෙතන (අජාන් පෙන්වනවා)
  • 56:50 - 56:54
    තට්ටු කරලා අජාන් අහනවා 'හිස් කබල ඉන්නවා
    නේද? ' හිස් කබල කථා කරන්න කැමති නැහැ.
  • 56:54 - 56:58
    කථා කරවන්න පුළුවනි ඩිං ඩිං ‌ඩිං කියලා
    හිස් කබලට තට්ටු කරලා
  • 56:58 - 57:01
    ඉතින් ඒ කොටස් සියල්ල තිබෙන බව
    ඔබ දන්නවා
  • 57:01 - 57:08
    නමුත් එය පරිකල්පනය කරන අභ්‍යාසයක්
    සහ මතකය ආවර්ජනය කිරීමක්
  • 57:08 - 57:11
    ඔබ එක්-තිස් කුණප භාවනාව කරන විට.
  • 57:11 - 57:16
    ඉතින් මතකය, පරිකල්පනයත්
    සතිපට්ඨාන භාවනාවේ කොටසක්.
  • 57:16 - 57:22
    අපි එලෙසයි මේ පුහුණු කරන්නේ,
    එහෙම නැතිව කරන්න බැහැ.
  • 57:22 - 57:27
    ඉතින් දැන් පෙනෙනවා පරාසය පුළුල් වන බව
    අවධානය පමණක් නොවේ.
  • 57:27 - 57:29
    මෙය බොහොම වැදගත්.
  • 57:29 - 57:33
    මොකද බොහෝ විට භාවනාව
    උගන්වන්නේ මෙලෙසයි.
  • 57:33 - 57:35
    අප මෙය පුළුල් කල යුතුයි.
  • 57:35 - 57:38
    ඊටත් වඩා වැදගත් දෙයක් තමයි
  • 57:38 - 57:41
    භාවනාවට අනුමානය කිරීමත් අයත් වෙනවා.
  • 57:41 - 57:49
    භාවනාවෙන් ලැබෙන දළ දත්ත උපයෝගී කර ගෙන
    එයින් අපි අනුමාන කරනවා
  • 57:49 - 57:52
    අපේ අවබෝධය පුළුල් කර ගන්නට.
  • 57:52 - 57:57
    උදාහරණයකට මේ මොහොතේ දී
    ඔබට හුස්ම රැල්ල බලන්න හැකි වෙන්න පුළුවනි.
  • 57:57 - 58:02
    නැතිනම් මේ මොහොතේ සිදු වන වෙන යම්
    ක්‍රියාවලියක්
  • 58:02 - 58:05
    නමුත් ගැඹුරු අවබෝධයක් ලැබීමට නම්
  • 58:05 - 58:08
    ඔබ එය විග්‍රහ කර අවබෝධ කර ගත යුතුයි.
  • 58:08 - 58:11
    මෙය අදාළ මේ මොහොතට පමණක් නොව
  • 58:11 - 58:14
    අනාගතයටත්, අතීතයටත් අදාළ වෙනවා.
  • 58:14 - 58:16
    මෙය හඳුන්වන්නේ 'අනුමාන කිරීම' ලෙසටයි.
  • 58:16 - 58:20
    අපි දකින දෙය වෙනත් අවස්ථාව වලටත්
    ගලපනවා, විග්‍රහ කරලා බලනවා.
  • 58:20 - 58:22
    මේ මොහොතේ දැකිය නොහැකි අවස්ථා වලට.
  • 58:23 - 58:30
    මට මෙවැනි කයක් තියෙනවා, අත් පය, ඇඟිලි...
    එසේ නම් අනිත් අයටත් එසේ විය යුතුයි.
  • 58:31 - 58:36
    අපි හැමට ඇත්තේ එක ආකාරයේ කයක්.
  • 58:36 - 58:41
    එයත් අනුමාන කිරීමක්. අපි හරියටම දන්නේ නැහැ
  • 58:41 - 58:45
    නමුත් අපේ කය දිහා බලලා අපි උපකල්පනය කරනවා
    අනිත් අයටත් ඇත්තේ එවැනි ම කයක් බව.
  • 58:45 - 58:50
    මෙය අනුමානයෙන් ලැබූ අවබෝධයක් වෙනවා,
    අවබෝධය ඇති වන්නේ අනුමාන කිරීමෙන්.
  • 58:50 - 58:53
    මෙය මුළු භාවනා පරාසයට ම අදාළයි.
  • 58:53 - 58:56
    එයින් භාවනාව වඩා පුළුල් කරනවා
    අවධානයට පමණක් සීමා නො කර.
  • 58:56 - 59:02
    ඉතින් ඇයි මෙය වැදගත් වන්නේ?
    මම උදාහරණයකින් පෙන්වන්නන් ඇයි කියා.
  • 59:02 - 59:04
    එය සුවිශේෂී වන්නේ ඇයි කියලා.
  • 59:04 - 59:11
    අපට බුදු දහමේ උගන්වන
    සම්මත භාවනා ක්‍රමයක් තමයි
  • 59:11 - 59:15
    කයේ වේදනා වෙත අවධානය යොමු කිරීම.
  • 59:15 - 59:20
    භාවනා වැඩසටහනකට ගිහින් කියන්න පුළුවනි
    අපෝ! වේදනාවක් දැනෙනවා, මොකක් කරන්නද?
  • 59:20 - 59:22
    වේදනාව නිරීක්ෂණය කරන්න!
  • 59:22 - 59:26
    ලොව පුරා පැවැත්වෙන භාවනා වැඩසටහන්
    වල දී ලැබෙන සම්මත උපදෙසක් එය.
  • 59:26 - 59:31
    එය නො කරන සුළුතරය අතර
    අජාන් බ්‍රහ්ම් ඉදිරියෙන් සිටිනවා
  • 59:31 - 59:34
    ඔහු විශ්වාසය කරන්නේ නැහැ
    වේදනාව සමඟ කරන භාවනාව ගැන
  • 59:34 - 59:39
    ඔහු විශ්වාස කරන්නේ ප්‍රීතිය, සුඛය, ප්‍රමෝදය
    ඔහු ප්‍රසිද්ධ ඒ ගුණාංග වලටයි.
  • 59:40 - 59:46
    කයේ වේදනා දෙස යොමු වෙන්න කියලා
    අපට නිතරම ඇසෙන්නේ ඇයි?
  • 59:46 - 59:51
    ඊට කලින් මම කිව යුතුයි
    මෙයින් විනාශකාරී ප්‍රතිඵල අත් විය හැකි බව.
  • 59:51 - 59:56
    මම බොහෝ අය දන්නවා දණහිස් අස්ථි බන්ධන
    හානි කර ගත් අය;
  • 59:56 - 59:59
    විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාගේ.
  • 59:59 - 60:02
    දිගටම භාවනාවේ යෙදෙන විට
    වේදනා දරා ගෙන
  • 60:02 - 60:06
    අවසානයේ දී කයේ සන්ධි
    සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.
  • 60:06 - 60:09
    මේ භාවනා වැඩසටහන් වලට සහභාගි වුන
    මම දන්න ගිහි අය කියනවා
  • 60:09 - 60:14
    'මම ජීවිතයට ඒ තරම් අපහසුවක් විඳලා නැහැ
    ඒ භාවනා වැඩසටහනේ දී තරම්'
  • 60:15 - 60:18
    භාවනාව හොඳ දෙයක් නොවේ,
    භාවනාව නපුරු දෙයක්
  • 60:18 - 60:21
    අත්වින්දේ වේදනාව, දුක පමණයි.
    කාටද භාවනා කරන්න ඕනෑ?"
  • 60:22 - 60:25
    ඒක පිස්සු වැඩක්, මීට පස්සේ නම් මම
    ජීවිතයට භාවනා කරන්නේ නැහැ.
  • 60:25 - 60:29
    මිනිස්සු මට මේ වාගේ දේවල් කියලා තියෙනවා
  • 60:30 - 60:33
    මම කීවා 'අජාන් බ්‍රහ්ම්ගේ භාවනා
    වැඩසටහනකට සහභාගි වෙලා බලන්න කියලා.
  • 60:33 - 60:36
    අජාන් බ්‍රහ්ම් හරිම සැහැල්ලු කෙනෙක්,
    ඔහු වේදනා අත්විඳින්න කියන්නේ නැහැ.
  • 60:36 - 60:40
    උන්වහන්සේගේ වැඩසටහනක් කරලා බලන්න;
    භාවනාව මුළුමනින් ම අත්හැරලා දමන්න කලින්.
  • 60:40 - 60:43
    නැහැ නැහැ මම භාවනාව අත් හැරලා
    අජාන් බ්‍රහ්ම් ගැන අහන්න මට ඕනෑ නැහැ
  • 60:43 - 60:44
    මට ඇති වෙලා.
  • 60:44 - 60:49
    ඒ මට ඇහුණු දෙයක්
    හරිම ඛේදනීයයි
  • 60:49 - 60:54
    ආධ්‍යාත්මික ගමනක අරමුණ
    අපේ ජීවිත වලට වටිනාකමක් එකතු තර ගැනීමයි.
  • 60:54 - 60:56
    හොඳක් කර ගන්න.
  • 60:56 - 60:59
    කරදර කම්කටොළු ඇති විට
    පිළිසරණක් ඇති තැනක් වීමට
  • 60:59 - 61:01
    කියැව් නගරයට බෝම්බ වැටෙන විට
  • 61:01 - 61:04
    කෝවිඩ් වයිරසය ලොව සැරිසරන විට
  • 61:04 - 61:07
    දේශගුණික විපර්යාස විනාශකාරී බලපෑම් කරන විට
  • 61:07 - 61:10
    ලොව මහා බලවතුන් එකිනෙකා සමඟ ගැටෙන විට
  • 61:11 - 61:14
    අපට යම් පිළිසරණක් ලැබෙන තැනක්
    තිබිය යුතුයි
  • 61:14 - 61:16
    ඒ මෙතැනයි
  • 61:16 - 61:18
    ආධ්‍යාත්මික ගමනක අභිප්‍රාය එයයි.
  • 61:18 - 61:22
    අපි මේ මාර්ගය ප්‍රඥාන්විතව යොදා ගත යුතුයි.
  • 61:22 - 61:26
    එයින් අත් වෙන පිහිට ලබා ගැනීමට නම්.
  • 61:26 - 61:29
    නැතිනම් අපි වටිනා දෙයක් විනාශ කර ගන්නවා.
  • 61:29 - 61:32
    ඉතින් වේදනාව භාවනාවක් කර ගැනීමේ
    ගැට‍ළුව එයයි.
  • 61:32 - 61:35
    ඇත්තටම එය විශාල ප්‍රශ්නයක්.
  • 61:35 - 61:38
    ඔබ දන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ
    මුල් ඉගැන්වීම්
  • 61:38 - 61:42
    බුදුරජාණන් වහන්සේ මුලින් ම දේශනා කලේ
    මධ්‍යම ප්‍රතිපදාව ගැනයි.
  • 61:42 - 61:47
    ශරීරයට දුක් දෙන්න එපා, ඒවගේ ම
    උවමනාවට වඩා සැප පහසු ගන්නත් එපා
  • 61:47 - 61:49
    අනිවාර්යයෙන් ශරීරයට වධ දෙන්න එපා.
  • 61:49 - 61:53
    මට හිතෙනවා - වැරැද්දක් වෙනවා නම්; පහසුව යම්
    ප්‍රමාණයකින් වැඩි වුනාට කමක් නැහැ කියලා
  • 61:53 - 61:56
    එවැනි සුළු වරදකින් වෙන හානිය අඩුයි
  • 61:56 - 61:58
    නමුත් වධ විඳීමෙන් ‌
    සෑහෙන හානියක් සිදු වෙනවා.
  • 61:58 - 62:02
    බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීමයි
    මුලින් ම අපට අමතක වෙලා තියෙන්නේ!
  • 62:02 - 62:05
    බොහෝම කලකට පෙර නිසා වෙන්න ඇති
    එය පළමු ඉගැන්වීම වීමෙන්
  • 62:05 - 62:07
    ඒ නිසා සෑහෙන කාලයත්. දන්නේ නැහැ.
  • 62:07 - 62:10
    දන්නේ නැහැ මේ අදහස හරි ද කියලා.
  • 62:11 - 62:15
    ඉතින් එය හරිම ව්‍යාකුලයි.
    ඇයි එහෙම වෙන්නේ?
  • 62:15 - 62:20
    අපි එහෙම හිතන්න හේතුව තමයි
  • 62:20 - 62:23
    අපි සතිපට්ඨාන සූත්‍රය හැදෑරූ විට
  • 62:23 - 62:28
    භාවනාව විස්තර කරන්න බොහෝ දෙනෙක්
    පදනම් කර ගන්නා සූත්‍රය
  • 62:28 - 62:31
    එහි එක් කොටසක් වන්නේ වේදනානුපස්සනාවයි.
  • 62:31 - 62:35
    'වේදනා' කියන්නේ කයට දැනෙන සංවේදනය
  • 62:35 - 62:38
    'අනුපස්සනා' කියන්නේ මෙනෙහි කිරීම
    කයට දැනෙන සංවේදන මෙනෙහි කිරීම
  • 62:38 - 62:42
    සූත්‍රයේ එම කොටසේ කියවෙනවා
    ඔබ මෙනෙහි කරනවා
  • 62:43 - 62:49
    ඔබ දැනෙන සුඛ වේදනා, දුක වේදනා සහ
    සුඛ හෝ දුක නොවන උදාසීන වේදනා
  • 62:49 - 62:57
    ඔබ මෙනෙහි කරනවා ලෞකික වූ (සාමිස)
    සුඛ වේදනා, ලෞකික වූ දුක වේදනා.
  • 62:57 - 63:00
    මෙහි දී සාමිස කියන්නේ
    පංචේන්ද්‍රියට දැනෙනා දේ.
  • 63:00 - 63:02
    ලෞකික සුඛයක් හෝ දුකක් නොවන වේදනා
  • 63:02 - 63:08
    ඊළඟට ආධ්‍යාත්මික නැතිනම් නිරාමිස සුඛ වේදනා
    නිරාමිස දුක වේදනා,
  • 63:08 - 63:11
    ඒක කුතුහලයක් ඇති කරන දෙයක් නේද?
  • 63:11 - 63:14
    ඒ ගැන මම ‌ අද රාත්‍රියේ සාකච්ඡා කරන්නේ
    නැහැ.
  • 63:14 - 63:18
    දැන්වීමක් පමණයි මගේ ඊළඟ දේශනයට
    නිරාමිස දුක වේදනා පිළිබඳව,
  • 63:18 - 63:20
    ඔබ තුල කුතුහලයක් උපදවන්නට.
  • 63:20 - 63:22
    ඇත්තටම මම ඒ ගැන කථා කරන එකක් නැහැ.
  • 63:22 - 63:26
    අවසානයෙන් නිරාමිස උදාසීන වේදනා.
  • 63:26 - 63:29
    ඔබ දකිනවා මෙම පාඨය ඉඳුරා සඳහන් කරනවා
  • 63:29 - 63:33
    ඉන්ද්‍රියින් ට දැනෙන දුක වේදනා
    මෙනෙහි කල යුතු බව.
  • 63:33 - 63:37
    ඉන්ද්‍රියින් දැනෙන දුක වේදනා මොනවද?
    කායික වේදනා ද?
  • 63:37 - 63:40
    එය ඉන්ද්‍රියට දැනෙන දුක වේදනාවක්.
    ඒ දෙසට යොමු වෙන්න.
  • 63:40 - 63:44
    සතිපට්ඨාන සූත්‍රයේ එසේ දැක්වෙනවා.
    ඔබ ඒ වේදනා දෙසට යොමු විය යුතු බව.
  • 63:44 - 63:49
    නමුත් එය වැරදි තේරුම් ගැනීමක්.
    ඇත්තෙන්ම අර්ථය එය නොවේ.
  • 63:49 - 63:51
    බොහොම අපූරු දේ තමයි
  • 63:51 - 63:55
    ඔබ සතිපට්ඨානය සහ භාවනාව දෙස තවත්
    දෘෂ්ටිකෝණයකින් බැලුව හොත්,
  • 63:55 - 63:58
    අනාපානසති දෘෂ්ටිකෝණය ඔස්සේ
    මෙනෙහි කල හොත්
  • 63:58 - 64:02
    මොකද ආනාපාන සතියේත් වේදනා මෙනෙහි
    කල යුතු බව සඳහන් වෙනවා.
  • 64:02 - 64:07
    නමුත් එහි දැක්වෙන්නේ ප්‍රීතිය
    මෙනෙහි කිරීමයි
  • 64:07 - 64:11
    ප්‍රමෝදය, සුඛය මෙනෙහි කිරීම.
  • 64:11 - 64:15
    එවැනි චිත්තවේගී අත්දැකීම් මෙනෙහි කරනවා.
  • 64:15 - 64:19
    ඉන් පසු ඒ දැනෙන ප්‍රීතිය සුඛය සමතයකට
    පත් කිරීමක් කරනවා.
  • 64:19 - 64:21
    මේ සියල්ල සතුටට අදාළයි.
  • 64:21 - 64:25
    ඊළඟට බුදුරජාණන් වහන්සේ පවසනවා
  • 64:25 - 64:30
    මෙලෙස හුස්මත් සමඟ ඇති වන
    ප්‍රීතිය සුඛය මෙනෙහි කිරීමෙන්
  • 64:30 - 64:34
    වේදනානුපස්සනා ඛණ්ඩය සම්පූර්ණ වෙන බව.
  • 64:34 - 64:36
    කල යුත්තේ එපමණ යි.
  • 64:36 - 64:38
    එසේ නම් මේ දෙගිඩියාව කුමක් ද?
  • 64:38 - 64:40
    එක තැනක කියවෙනවා ප්‍රීතිය
    මෙනෙහි කරන්න කියලා
  • 64:40 - 64:42
    අනෙක කියනවා දුක ‌වේදනාව
    මෙනෙහි කරන්න.
  • 64:42 - 64:44
    මෙතන වෙන්නේ මොකක් ද?
    මේ දෙක සමාන වෙන්නේ කොහොමද?
  • 64:44 - 64:47
    බුදුරජාණන් වහන්සේ පවසනවා දෙකම එකයි කියලා
    එහෙම වෙන්නේ කොහොමද?
  • 64:47 - 64:51
    මම මුලින් කියූ දේ අදාළ වන්නේ මෙතැනටයි.
  • 64:51 - 64:54
    භාවනාව කියන්නේ ඍජු නිරීක්ෂණය
    පමණක් නොවේ.
  • 64:54 - 64:59
    භාවනාවේ දී නැවත ආවර්ජනය කිරීම වෙනවා,
    මතකය, අනුමානයෙන් දැන ගැනීම වාගේ දේවල්.
  • 64:59 - 65:04
    අවබෝධය ඍජු අත්දැකීමෙන්
    පමණක් නොවේ.
  • 65:04 - 65:08
    උකුසු ඇසකින් වැනි නිරීක්ෂණයකින්
    ලැබෙන අවබෝධය
  • 65:08 - 65:11
    මොකද ඔබට සිදු වන ක්‍රියාවලිය ගැන
    දළ විශ්ලේෂණයක තියෙනවා
  • 65:11 - 65:15
    ඉතින් භාවනාවේ දී ප්‍රීතිය සුඛය අත්විඳින
    අවස්ථාවේ දී
  • 65:15 - 65:20
    ඔබට වැටහෙනවා දුක වේදනා නැති බව.
  • 65:20 - 65:25
    ඒ ගැඹුරු භාවනා අවදියේ දී
    කය නො දැනෙන්නටත් පුළුවන්.
  • 65:25 - 65:29
    එයින් පෙන්වා දෙන්නේ අපට දුක වේදනා
    හඳුනා ගන්න හැකි වෙනවා
  • 65:29 - 65:34
    එය නිරීක්ෂණය කිරීමෙන් නොවේ:
    එය නොමැති වීම අත්දැකීමෙන්.
  • 65:34 - 65:37
    මොකද යමක් නැති වීමෙන් ඒ ගැන
    ලැබෙන අවබෝධය ඉතා ගැඹුරුයි.
  • 65:37 - 65:39
    යමක් සම්පූර්ණයෙන්ම නැති වූ විට
    ඒ ගැන ලැබෙන අවබෝධය
  • 65:39 - 65:42
    මතක් කර ගන්න බුදු දහමේ අප අවබෝධ
    කර ගැනීමට තැත් කරන්නේ දහමේ තිබෙන
  • 65:42 - 65:45
    ත්‍රිලක්ෂණය ‌යන ධර්මතා
  • 65:45 - 65:50
    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
    සෑම භවයක ඇති ලක්ෂණ තුනක්.
  • 65:50 - 65:53
    අපේ අවධානය යොමු විය යුත්තේ
    මේ ධර්මතා වලටයි
  • 65:53 - 65:57
    ගැඹුරු විදර්ශනාව, අවබෝධය, නැතිනම්
    පැහැදිලි දැක්ම ගැන කථා කරන විට.
  • 65:57 - 66:01
    අනිත්‍ය දකින්න හොඳම ප්‍රවේශය මොකක් ද?
  • 66:01 - 66:04
    හට ගැනීම, නැති වීම දකින්න පුළුවන්
  • 66:04 - 66:08
    නමුත් සම්පූර්ණයෙන් ම අහෝසි වී යාම තමයි
    නියම අනිත්‍යය.
  • 66:08 - 66:11
    යමක් සම්පූර්ණයෙන්ම නැති වී යාම දැකීම
  • 66:11 - 66:15
    අනිත්‍ය විනිවිද දැකීමේ බලගතු ම
    විදර්ශනාව වෙනවා.
  • 66:15 - 66:17
    එලෙසම එය දුක
    හඳුනා ගැනීමටත් විදර්ශනාවක් වෙනවා
  • 66:17 - 66:20
    මොකද දුක සම්පූර්ණයෙන් ම නැති වුන විට
  • 66:20 - 66:24
    'අපොයි දැන් තමයි මට තේරෙන්නේ ඒ දුක්
    වේදනා කොපමණ දුකක් ද කියලා'.
  • 66:24 - 66:26
    මම හිතුවා මට ඒවා දරා ගත හැකියි කියලා,
  • 66:26 - 66:28
    නමුත් ඒ අත්දැකීම නැති විට ඇත්තේ සුඛය පමණයි.
  • 66:28 - 66:33
    එවිට ඔබට සම්පූර්ණ වැටහීමක් ඇති වෙනවා
    ඒ අත්දැකීම් වල දුක, වේදනාව.
  • 66:34 - 66:36
    ඒ සමඟම අනාත්මය දකිනවා
  • 66:36 - 66:38
    මොකද ඒ දේ නැතිව ගිහින්.
  • 66:38 - 66:43
    දැන් ඔබට එයට ප්‍රවේශයක් නැහැ.
    ප්‍රවේශය නොමැති නම් එය අනාත්මයි.
  • 66:43 - 66:44
    ඔබට කිසිම සම්බන්ධයක් නැහැ.
  • 66:44 - 66:47
    මොකද ඔබ තවම සිටිනවා
    නමුත් ඒ වේදනා සම්පූර්ණයෙන් අතුරුදහන්
  • 66:47 - 66:49
    නමුත් ඔබ හොඳින් සිටිනවා.
  • 66:49 - 66:55
    ඉතින් මෙයින් පෙනෙන්නේ ඔබ දුක් වේදනාව
    මෙනෙහි කල යුතු නැති බව පමණක් නොවේ
  • 66:56 - 67:01
    වේදනා ගැන ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි
    හොඳම ක්‍රමය මෙය නොවන බවයි.
  • 67:01 - 67:04
    වේදනාව අවබෝධ කර ගැනීමේ වඩා ප්‍රබල
    ආකාරය වන්නේ
  • 67:04 - 67:11
    ඒ දෙස නැවත ආවර්ජනය කිරීමෙන්
    භාවනාවේ අත්විඳින ප්‍රීතිය, සුඛය තුලින්
  • 67:13 - 67:17
    එය ‌සතුටුදායක ආරංචියක් නොවේ ද?
    ඇත්තෙන් උඩ පනිමින් සතුටු විය යුතුයි.
  • 67:18 - 67:23
    ෂා.. දවසට ම ඇසුණු වටිනා ම
    දෙය මෙය නේද කියා.
  • 67:23 - 67:27
    මොකද ඔය සමහර අය නො දන්නවා ඇති
  • 67:27 - 67:30
    බෞද්ධ ප්‍රජාව අතර මෙවැනි ඉගැන්වීම්
    ප්‍රකට ව සිදු වෙනවා.
  • 67:30 - 67:35
    සමහර අය දැනුවත් ඇති
    ඒ අයට නම් සැනසිල්ලක් දැනේවි.
  • 67:35 - 67:38
    මට නම් මෙය හරිම වැදගත් කරුණක්
  • 67:38 - 67:42
    ආධ්‍යාත්මික ගමන වඩා අගයන්නට
    හේතු වෙන කරුණක්.
  • 67:42 - 67:45
    ගමන වඩාත් ප්‍රසන්න ප්‍රබෝධමත්
    වෙන කරුණක්.
  • 67:45 - 67:48
    අපට සරණ යා හැකි රැකවරණයක් වෙනවා
  • 67:48 - 67:55
    දුක් වේදනා අත්විඳීමට අවශ්‍ය නොවී ධර්ම
    මාර්ගයේ වටිනා ප්‍රතිඵල සාක්ෂාත් කර ගන්නට
  • 67:55 - 67:58
    මට හිතෙන්නේ මිනිස් මනසේ ගිලා බැසපු
    අදහසක් තියෙනවා
  • 67:58 - 68:01
    සැපයක් ලබන්නට දුකක් විඳිය යුතු ම බව
  • 68:01 - 68:07
    මේ මාංශ පේශි හරිම අනර්ථකාරී; ඒවාට
    දුක් දීලා තමයි ආත්මය නිදහස් වෙන්නේ.
  • 68:07 - 68:09
    මස් කුණු වෙන්න අරින්න.
  • 68:09 - 68:12
    දුක් දුන්න තරමට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ.
  • 68:12 - 68:15
    නමුත් එහෙම වෙන්නේ නැහැ
    බුදුරජාණන් වහන්සේගේ දේශනාව එයයි.
  • 68:15 - 68:20
    එය මිනිස් මානසිකත්වයක්; ලොව වටා
    ආගමික වතාවත් දෙස බැලූ විට පෙනෙනවා
  • 68:20 - 68:26
    එය බොහෝම සුලබ අදහසක්;
    කය‌ට දුක් දීමෙන්, කයට වේදනා දීමෙන්
  • 68:26 - 68:33
    ආත්මය නැතිනම් සාරය නැතිනම් සිත නිදහස්
    වන බව තමන් අදහන ආගමට අනුව
  • 68:33 - 68:36
    එය ක්‍රිස්තියානි ආගමේ තියෙනවා
    ඉස්ලාම් ආගමේ, හින්දු ආගමේ දකිනවා
  • 68:36 - 68:40
    පුදුමයි නමුත් ඇත්තයි
    බෞද්ධයින් අතරත් පවතිනවා.
  • 68:40 - 68:42
    මේක ප්‍රශ්නයක්.
  • 68:42 - 68:46
    විශේෂයෙන් ම එසේ කල නො යුතු බවට
    බුදුරජාණන් වහන්සේ අපට අවවාද දී ඇති නිසා.
  • 68:47 - 68:53
    බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්
    වල එන බොහෝම ප්‍රායෝගික අදහස්
  • 68:54 - 68:56
    විශේෂයෙන් භාවනාව ගැන.
  • 68:57 - 69:00
    මම විස්තර කරමිනි සිට දෙයක් තමයි
  • 69:00 - 69:07
    අනාපාන සූත්‍රය ගත් විට ඒ සූත්‍රයත්
    සතිපට්ඨාන භාවනාව ගැනයි.
  • 69:07 - 69:09
    සතිපට්ඨාන භාවනාව පරිපූර්ණ කිරීම ගැනයි.
  • 69:09 - 69:13
    ඔබට යම් අවබෝධයක් ලබා ගත හැකියි
    වේදනානුපස්සනාව වැනි දේ ගැන
  • 69:13 - 69:15
    අන් අයුරකින් මේ අවබෝධය ලබා ගත
    නොහැකියි.
  • 69:15 - 69:20
    ඒ නිසා අනාපානසතිය බොහොම වැදගත්.
  • 69:20 - 69:27
    සූත්‍ර දේශනාවලට අනුව ඔබ කල යුත්තේ
    ආනාපාන සති භාවනාව පමණයි.
  • 69:27 - 69:32
    ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානය ම
    පරිපූර්ණ කරනවා.
  • 69:32 - 69:35
    සතිපට්ඨාන හතරක් තියෙනවා,
    සතිය යොමු විය යුතු ආකාර හතරක් දක්වනවා.
  • 69:35 - 69:39
    කයට, වේදනාවට, සිතට (චිත්ත) සහ
    ධර්මතා වෙතට.
  • 69:39 - 69:42
    අවසාන කාණ්ඩය ධර්මතා.
  • 69:43 - 69:48
    ඒ සතරම පූර්ණ වෙනවා,
    හුස්මට අවධානය තැබීමෙන් පමණක්
  • 69:48 - 69:51
    මෙයත් ආන්දෝලනාත්මකයි
  • 69:51 - 69:57
    මොකද සතිපට්ඨාන සූත්‍රය පරිශීලනය කරන විට
    එහි සඳහන් වන්නේ
  • 69:57 - 70:02
    ඔබ හුස්මට අවධානය තැබීම අදාළ වන්නේ
    කායානුපස්සනාවට පමණක් බවයි.
  • 70:02 - 70:04
    ඉන් පසු හුස්ම ගැන සඳහන් වන්නේ නැහැ.
  • 70:04 - 70:08
    බොහෝ අය සිතනවා "හොඳයි මම
    හුස්ම සමඟ රැඳී ඉන්නවා කායානුපස්සනාවේ දී
  • 70:08 - 70:11
    නමුත් වේදනානුපස්සනාව ට පිවිසුණ විට
    හුස්ම කිසි සේත් අදාළ නැහැ කියලා
  • 70:11 - 70:13
    නමුත් එය වැරදියි.
  • 70:13 - 70:17
    මන්ද සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනා
    කාණ්ඩයේ සඳහන් වන්නේ නැහැ
  • 70:17 - 70:19
    එය කල යුතු ආකාරයක් ගැන.
  • 70:19 - 70:21
    කල යුතු ආකාරයක්, කල යුතු පසුතලයක්
    සඳහන් වන්නේ නැහැ.
  • 70:21 - 70:23
    භාවනා ආරම්මණයක් ගැන සඳහනක් නැහැ
  • 70:23 - 70:26
    එහි කියවෙන්නේ වේදනා මෙනෙහි
    කරන්න කියලා විතරයි
  • 70:26 - 70:34
    කල යුතු ආකාරය විස්තර වෙන එක ම ස්ථානය
    ආනාපානසති සූත්‍රයයි
  • 70:34 - 70:37
    පසුතලය (සන්දර්භය) සිහිය හුස්මට තැබීමයි.
  • 70:37 - 70:40
    හුස්ම ගැන අවධානයෙන් සිටින විට
    වේදනා හට ගැනේවි
  • 70:40 - 70:43
    හුස්ම ගැන අවධානයෙන් සිටින විට
    වේදනා හට ගන්නා නිසා
  • 70:44 - 70:46
    එවිට ඔබ වේදනානුපස්සනා කරනවා.
  • 70:46 - 70:49
    පසුතලය වන්නේ හුස්ම කෙරෙහි අවධානයයි.
  • 70:49 - 70:53
    බුදුන් වහන්සේ වටිනා සාධක කිහිපයක්
    දී තිබෙනවා
  • 70:53 - 70:56
    අප කල යුතු භාවනාව ආනාපානය බවට
  • 70:56 - 70:59
    කිසි පසුතලයකින් තොරව කයට අවධානය
    යොමු කිරීම නොවේ
  • 71:00 - 71:09
    වක්‍රව හෝ ඍජුව හුස්ම ඔස්සේ
    ඔබේ සතිය රැඳවීමටයි.
  • 71:09 - 71:11
    එය වඩන්නේ එලෙසයි.
  • 71:11 - 71:17
    ඒ නිසා ආනාපාන සති භාවනාව
    සතිපට්ඨාන භාවනාවේ සම්පූර්ණ මාර්ගයයි.
  • 71:17 - 71:19
    කල යුත්තේ එපමණයි.
  • 71:19 - 71:20
    වෙනත් ආකාරවලින් එය කළ හැකිද?
  • 71:20 - 71:22
    එකතු වූ දෑ තිබෙනවා ද?
  • 71:22 - 71:24
    ඔව්, එකතු කිරීම් කිහිපයක් තියෙනවා.
  • 71:24 - 71:29
    නමුත් බුදුරජාණන් වහන්සේ අපට
    නිර්දේශ කලේ මේ පිළිවෙතයි.
  • 71:29 - 71:32
    එනිසා මම කියනවා අප කල යුත්තේ එයයි.
  • 71:32 - 71:38
    ඒවාගේම ආනාපාන සති භාවනාව
    වඩන විට..
  • 71:38 - 71:41
    ආනාපාන සති භාවනාවේ අරමුණ කුමක් ද?
  • 71:42 - 71:48
    සූත්‍ර දේශනා වලට අනුව ආනාපාන සතිය
    සමාධියට මුල පුරනවා
  • 71:48 - 71:51
    මනස ගැඹුරු නිශ්චලතාවකට පත්වීම සමාධියයි.
  • 71:52 - 71:58
    නියම ආකාරයට භාවනාව වැඩීමෙන් අත් වෙන
    ගැඹුරු ප්‍රීතිය, ගැඹුරු නිශ්චලත්වය.
  • 71:58 - 72:04
    ආනාපාන සතිය සමාධියට මඟ පාදනවා .
  • 72:05 - 72:09
    ඒ නිසා තේරුම් ගත යුත්තේ සතිපට්ඨානය
    සමාධියට මඟ පාදන බවයි.
  • 72:09 - 72:12
    නමුත් බොහෝ අය පවසන්නේ සතිපට්ඨානය
    ප්‍රඥාවට මඟ පාදන වන බවයි.
  • 72:13 - 72:16
    නමුත් ඇත්තෙන්ම සතිපට්ඨානය
    සමාධියට මඟපාදනවා.
  • 72:17 - 72:22
    සතිපට්ඨානය පිළිබඳ කල වැඩමුළුවේ මම
    පෙන්වා දුන් දෙයක් තමයි ඒ.
  • 72:22 - 72:26
    සූත්‍ර දේශනා පෙන්වා දෙන්නේ සතිපට්ඨානය
    සෑම විටම සමාධියට මුල පුරන බවයි.
  • 72:26 - 72:29
    සෑම විටම මනසේ ගැඹුරු නිශ්චලතාවකට
    මුල පුරන බව.
  • 72:29 - 72:34
    සතිපට්ඨානයේ අරමුණ මෙයයි.
    සතිපට්ඨානයේ මූලික අරමුණ මෙයයි.
  • 72:34 - 72:38
    ඉතින් එය කරන්නේ කොහොම ද?
    මා පවසනවා ආනාපාන සති භාවනාවෙන් බව
  • 72:38 - 72:42
    එයින් අදහස් වෙනවා ද අප කල යුත්තේ
    ප්‍රඥාවකින් තොර සමතය පමණක් ම බව?
  • 72:43 - 72:46
    නැහැ, එහෙම අදහස් වෙන්නෙත් නැහැ.
    මතකද මම මුලින් පැසවුවා
  • 72:46 - 72:50
    සමතය-විදර්ශනාව; සංසුන් වීම සහ ප්‍රඥාව
    සෑම විටම ප්‍රගුණ වන්නේ එකට.
  • 72:51 - 72:56
    ඔබ සම්මාදිට්ඨිය යොදවනවා.
    යථාර්ථය ප්‍රඥාසම්පන්නව ආවර්ජනය කරනවා
  • 72:56 - 72:59
    ඔබේ භාවනා පිළිවෙත සමාලෝචනය කරනවා
  • 72:59 - 73:02
    ඒ නිසාමයි මම සෑම භාවනා සැසියකට පසු
    ආවර්ජනය කරන්න කැමති
  • 73:02 - 73:06
    භාවනාවේ දී මොකද වුනේ?
    එය වැඩෙන්නේ කෙසේ ද?
  • 73:06 - 73:11
    එය මනස, භාවනාව වැඩෙන ආකාරය විමසීමේ
    එක් ආකාරයක්.
  • 73:12 - 73:14
    ඉතින් සමත විදර්ශනා දෙකම කරනවා.
  • 73:14 - 73:17
    මන්ද ඒවා භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල
  • 73:17 - 73:22
    නමුත් විපස්සනාවෙත් සමතයෙත් අරමුණ සමාධියයි.
  • 73:22 - 73:26
    විපස්සනාවේ අරමුණත් සමාධියයි
  • 73:26 - 73:29
    යථාර්ථය පිළිබඳ ගැඹුරු අවබෝධය නොවේ.
    ඒ ඇයි?
  • 73:29 - 73:34
    යථාර්ථය පිළිබඳ ගැඹුරු අවබෝධය
    සමාධියකින් තොරව ලබාගත නො හැකි නිසායි.
  • 73:34 - 73:38
    ධර්මතා පිළිබඳ යථාර්ථයට දැකීමට
    හේතු වන්නේ සමාධියයි.
  • 73:38 - 73:41
    ඒ නිසා අප ආනාපාන සති භාවනාවේ
    යෙදෙන විට
  • 73:41 - 73:45
    අපි සතිපට්ඨාන භාවනාව පරිපූර්ණ කරනවා,
  • 73:45 - 73:50
    මේ පිළිවෙත් සියල්ලේ පෙළගැස්ම
    සමාධියකට පත්වීමයි.
  • 73:50 - 73:54
    මුළු සතිපට්ඨානයම යොමු වන්නේ
    සමාධියකට පැමිණිමටයි.
  • 73:54 - 73:56
    මනසෙහි නිශ්චලතාව සාක්ෂාත් කර ගැනීමයි.
  • 73:56 - 73:59
    ඉන් පසු කුමක් ද?
  • 73:59 - 74:04
    මෙහි දී තමයි සතිපට්ඨානය ටිකක් වෙනස් වන්න
    පටන් ගන්නේ.
  • 74:05 - 74:07
    සමාධියකට පත් වූ විට,
  • 74:07 - 74:10
    මෙහි සිටින ‌කෙනෙක්‌
    සමාධියකට පත්වී ඇත්නම්, අපූරුයි
  • 74:10 - 74:13
    එසේ නම් ඔබ දැනටමත් බෞද්ධ මාර්ගයේ සෑහෙන
    දුරකට යා තියෙනවා.
  • 74:14 - 74:19
    ඔබ සමාධියකට පත් වූවේ නම්, ගැඹුරු අවබෝධයක්
    අත් විය හැකි වන්නේ එහි දීයි.
  • 74:20 - 74:26
    මේ අවස්ථාවේ දී තමයි ගැඹුරු අවබෝධය
    ඉලක්ක වූ සතිපට්ඨානයේ දීර්ඝ අනුවාදය
  • 74:27 - 74:29
    අදාළ වන්නේ මෙහි දීයි.
  • 74:29 - 74:32
    මන්ද, මනසෙහි ගැඹුරු නිශ්චලතාව පදනම් වී,
  • 74:32 - 74:36
    ධර්මතා වල යථාර්ථ ස්වභාවය
    අවබෝධ වීමට හැකි නිසා.
  • 74:36 - 74:39
    සතිපට්ඨානය නිවන සාක්ෂිත් කර ගැනීම දක්වා
    රැගෙන යන අවස්ථාව මෙයයි
  • 74:39 - 74:41
    නිර්වාණය දක්වා ම.
  • 74:41 - 74:48
    සමාධියට පෙර නොවේ, සමාධියට පසුව.
    ගැඹුරු අවබෝධයෙන් සිදු වන්නේ මෙහි දීයි.
  • 74:51 - 74:56
    දැන් සාරාංශ කිරීමට බොහොම කෙටියෙන්
  • 74:56 - 74:59
    මම අද රාත්‍රියේ දේශනා කල කරුණු
  • 74:59 - 75:04
    මතක තියා ගන්න සතිය දියුණු වීමට හේතු වන්නේ
    සතියෙන් සිටීම නොවන බව.
  • 75:04 - 75:07
    සතියට සාධක වන්නේ
    මෙෙත්‍රිය සහ නිවැරදි දැක්මයි.
  • 75:08 - 75:12
    භාවනාව එදිනෙදා කටයුතු අතරේ කරන
    කර්තව්‍යයක් නොවේ.
  • 75:13 - 75:16
    එදිනෙදා කටයුතු අතරේ
    සතියේ කාර්යභාරය වන්නේ
  • 75:16 - 75:19
    ඔබගේ චර්යාවේ පිරිසිදු බව රැක ගැනීමයි.
    එයයි අරමුණ.
  • 75:19 - 75:22
    නිකම්ම සතිය පැවැත්වීම නොවේ
  • 75:23 - 75:26
    සිතේ පාලනයක් පැවැත්වීම,
    කායික ක්‍රියා ගැන අවධාන පැවැත්වීම.
  • 75:26 - 75:31
    මතක් කර ගන්න භාවනාව අවධානය පැවැත් වීමට
    වඩා පුළුල් දෙයක්
  • 75:31 - 75:34
    නැවත ආවර්ජනය කිරීමත් භාවනාවේ කොටසක්.
  • 75:34 - 75:38
    වඩා උසස් දෘෂ්ටිකෝණයකින් අවබෝධ කර ගැනීම
  • 75:39 - 75:44
    අභාවය, නිවාරණය, කිසිදු පාලනයකින් තොර වීම
    වැනි දෘෂ්ටිකෝණ තුලින් ධර්මතා දැකීම.
  • 75:44 - 75:49
    ධර්මතා පිළිබඳ සැබෑ විපස්සනාව,
    ගැඹුරු අවබෝධය ඇති වන්නේ එලෙසයි.
  • 75:49 - 75:55
    ඒ නිසා දුක වේදනාව හඳුනා ගැනීමට
    භාවනාවේ දී වේදනාව විඳිය යුතු නැහැ.
  • 75:55 - 75:57
    ඒ් වැටහීම පුළුල් දෘෂ්ටිකෝණයකින්
    ලබා ගත හැකියි.
  • 75:57 - 76:03
    අවසාන වශයෙන්, සියලු භාවනා ආනාපාන සති
    භාවනාව තුලින් කල හැකියි.
  • 76:03 - 76:07
    සතිය ආනාපානයට තබා සමාධියකට පත් වූ විට
  • 76:07 - 76:13
    එම සමාධියේ ගැඹුරුට පිවිසීමෙන්
    පැවැත්මේ ස්වභාවය දකින්නට හැකි වෙනවා.
  • 76:13 - 76:17
    නිවන සාක්ෂාත් වන්නේ ඒවැනි
    අවස්ථාවල දීයි.
  • 76:19 - 76:24
    හොඳයි. අද රාත්‍රියේ ධර්ම දේශනය එයයි.
  • 76:25 - 76:29
    සාදු, සාදු, සාදු.
  • 76:32 - 76:41
    හොඳයි අද රාත්‍රි දේශනය ගැන
    ප්‍රශ්න හෝ අදහස් තියෙනවා ද?
  • 76:41 - 76:45
    මයික්‍රෆෝන පාවිච්චියට අවසර තියෙනවා ද දැන්
    නැත්නම් තාම නීතියට පටහැණි ද
  • 76:45 - 76:48
    WA ප්‍රාන්තයේ නීති රීති වලට අනුව?
  • 76:48 - 76:51
    ධම්මාලෝක මධ්‍යස්ථානයේ මයික්‍රෆෝන නැහැ?
  • 76:58 - 77:01
    හොඳයි මෙතන සිටින අයට
    යමක් කියන්න තියෙයි ද?
  • 77:01 - 77:05
    සෑම දෙනා සතුටින්.
  • 77:05 - 77:08
    හොඳයි බිල් මහත්මයා, බිල් ප්‍රින්ස් මහත්මයා..
  • 77:08 - 77:14
    පිටරටින් එවපු ප්‍රශ්න කිහිපයක් අහන්න යනවා.
  • 77:14 - 77:18
    සමහර ප්‍රශ්න එවන ස්ථානය
    සඳහන් කරන්නේ නැහැ.
  • 77:18 - 77:20
    මෙතන අය වෙන්නත් පුළුවනි.
  • 77:20 - 77:23
    ස්ථානය අනාවරණය කරන්නේ නැහැ.
    මම දන්නේ නැහැ.
  • 77:24 - 77:28
    කෙසේ වෙතත් පළමු ප්‍රශ්නය පෝලන්තයෙන්
    හලෝ පෝලන්තය.
  • 77:28 - 77:34
    ප්‍ර: යුක්‍රේනයේ තත්වය ගැන ඔබේ ප්‍රවේශය
    කුමක් දැයි මම කරුණාකර අසා සිටිනවා.
  • 77:35 - 77:40
    ආක්‍රමණිකයාට ඍණාත්මක සිතුවිලි නොයවන්න මම
    උත්සාහ කරනවා, නමුත් ඒක හරි අමාරුයි.
  • 77:41 - 77:45
    අජාන්: හොඳයි, මම ඒ ගැන කෙටියෙන් සඳහන්
    කරන්නට උත්සාහ කරන්නම්
  • 77:45 - 77:47
    මොකද හරිම කාලීන මාතෘකාවක් නිසා.
  • 77:48 - 77:50
    නමුත් උත්තරය හරි සරලයි.
  • 77:50 - 77:54
    උත්තරය තමයි: මෙය මිනිස් පැවැත්මේ
    ස්වභාවයයි.
  • 77:54 - 77:58
    ගැටලුව අපි මුළාවක සිටීමයි.
  • 77:58 - 78:02
    අපි හිතනවා යුද්ධ නැති පරිසරයක අපිට
    ජීවත් වීමේ අවස්ථාව තිබිය යුතුයි කියලා.
  • 78:02 - 78:06
    ආක්‍රමණවලින්, ප්‍රචණ්ඩත්වයෙන්
    තොරව ජීවත් වීමට හැකි විය යුතුයි කියලා.
  • 78:06 - 78:09
    නමුත් මිනිස් භවයේ ස්වභාවය එය නොවේ.
  • 78:09 - 78:12
    මනුෂ්‍ය ලෝකයේ මෙවැනි සිදුවීම්
    සෑම කල්හි පවතිනවා.
  • 78:12 - 78:16
    ඒ ඇයි? එක හේතුවක් තමයි
    අප ජීවත් වන ලෝකය,
  • 78:17 - 78:21
    මේ කාම ලෝක‌යේ සම්පත් සීමිත වීම.
  • 78:21 - 78:23
    අපි සැවොම එකම දේවල් පස්සෙන් පන්නනවා,
  • 78:23 - 78:26
    එකම සබඳතාවන් ඇති කර ගන්න තැත් කරනවා.
  • 78:26 - 78:28
    ලෝකයේ සීමිත සම්පත් පසුපස හඹා යනවා
  • 78:29 - 78:31
    ආර්ථික සම්පත් සීමා සහිතයි,
  • 78:31 - 78:33
    ධනවතුන්ට වැඩියෙන් ලැබුනොත්
    දුප්පතුන්ට ලැබෙන්නේ අඩුවෙන්,
  • 78:33 - 78:35
    ඒ වාගේ දේවල්.
  • 78:35 - 78:38
    ඉතින් අපි සැවොම එකම දේ පසුපස හඹා යනවා
  • 78:38 - 78:40
    බාහිර ලෝකය සීමා සහිත නිසාත්
  • 78:40 - 78:44
    සෑම දෙනාටම බාහිර ලෝකයෙන් කොටසක්
    අවශ්‍ය වන නිසාත්
  • 78:44 - 78:46
    ලෝකයේ ගැටුම් ඇති වෙන එක සහතිකයි.
  • 78:46 - 78:51
    ඉතින් කාම ලෝකය ස්වභාවයෙන් ම
    ගැට‍ළු සහගතයි, ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩකාරීයි.
  • 78:52 - 78:55
    ඒ නිසා ගැටුම් සහගත වීම ලෝකයට ආවේණිකයි.
  • 78:56 - 79:01
    මෙය ගැඹුරු අවබෝධයක්.
    මේ රටාව අපි දුටු විට අපට
  • 79:01 - 79:04
    බාහිර ලෝකය ගැන ඇති
    කැමැත්ත අඩු වෙනවා.
  • 79:04 - 79:10
    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කලවිට සිතෙනවා,
    ඔව්, මම ඒක බලාපොරොත්තු වුනා.
  • 79:10 - 79:12
    මේ වාගේ දේවල් වෙනවා.
  • 79:12 - 79:15
    රුසියානුවන් වඩා දුෂ්ට වීම නිසා නොවෙයි
    ඒ වගේ දෙයක් නිසා නොවේ,
  • 79:15 - 79:17
    පැවැත්මේ ස්වභාවය මෙලෙස නිසායි.
  • 79:18 - 79:20
    තව දවසක තව දෙයක් වෙන්න පුළුවන්.
  • 79:20 - 79:24
    අපි සිතනවා අපි ඉන්නේ පර්ත් නගරයේ,
    පර්ත් දුරින් තියෙන්නේ, ආරක්ෂිතයි කියලා.
  • 79:25 - 79:27
    එසේ නොවන තුරු
    සැබවින්ම ආරක්ෂිතයි තමයි.
  • 79:27 - 79:32
    එක් දිනක් එය ආරක්ෂිත නොවේවි.
    මොකද මම දන්නේ නැහැ මොනවා වෙයි ද කියලා.
  • 79:32 - 79:34
    නමුත් දේවල් සිදු වන බව නම් සහතිකයි
  • 79:34 - 79:37
    ලෝකයේ මේ වගේ ඈත කොනක පවා.
  • 79:37 - 79:39
    ඈත පළාතක ජීවත් වීම හරිම හොඳයි
  • 79:39 - 79:44
    නමුත් මේ තැන් වලටත් කරදර එනවා,
    කරදර මඟ හරින්න නම් බැහැ.
  • 79:44 - 79:47
    මනුස්ස ලෝකයට තදින් බද්ධ වුන දෙයක් නිසා.
  • 79:48 - 79:50
    ඉතින් ඒ ගැන සිතන්න එපා.
  • 79:50 - 79:52
    කලබල වීමට හේතු වන්නේ කෙසේ හෝ ඔබ
  • 79:52 - 79:58
    රුසියානුවන් ආක්‍රමණිකයින් ලෙස දකිනවා
    ඊළඟට ඔබ එය තමන්ට අදාළ කර ගන්නවා.
  • 79:58 - 80:01
    තමන්ට අදාළ කර ගත් විට ඒ ගැන කනස්සලු වෙනවා.
  • 80:02 - 80:05
    නමුත් තමන්ට අදාළ කර ගන්න එපා.
    ලෝකයේ සිදු වන සංසිද්ධි මේවා.
  • 80:05 - 80:09
    ලෝකය සැලසුම් වී ඇති ආකාරය ගත් විට
    මෙවැනි සිදු වීම වළක්වන්න බැහැ
  • 80:09 - 80:12
    තණ්හාවෙන්, වෛරයෙන්, අවිද්‍යාවෙන්
    සැකසුම් වූ ලෝකයක්.
  • 80:12 - 80:16
    ඇත්තෙන්ම මෙහි තේරුම
    ඒ ගැන මම කලබල වීම නොවේ
  • 80:16 - 80:19
    මම මෙයින් ඉවත් විය යුතු බවයි
    ‌තේරුම් යාමයි.
  • 80:19 - 80:21
    මොකද ගැට‍ළු සහගත ස්වභාවය නිසා
  • 80:21 - 80:26
    ආධ්‍යාත්මික පැත්තට යොමු විය යුතුයි,
    ඇති එකම රැකවරණයයි එයයි.
  • 80:26 - 80:28
    මේවාට විසඳුම් බාහිර ලෝකයේ ඇත්තේ ම නැහැ.
    විසඳුම ඇත්තේ අප තුලයි,
  • 80:28 - 80:32
    ආධ්‍යාත්මික ගමනේ විශේෂත්වය එයයි.
  • 80:34 - 80:39
    ප්‍ර: වෙන අයටත් කයේ බර ගතියත් දැනෙනවා ද
  • 80:39 - 80:43
    හරියට උණු වී, දිය වෙනවා වාගේ
    මනස නිසල වෙන්න වෙන්න?
  • 80:44 - 80:49
    ඒ වේදනාව මට අපහසුයි. දැනුණ විට
    පොඩි තිගැස්මක් ඇති වෙනවා,
  • 80:49 - 80:51
    භාවනාව නවත්වන්නට හිතෙනවා.
  • 80:53 - 80:56
    අජාන්: කයේ බර ගතියක් ඇති වෙනවා.
  • 80:58 - 81:02
    භාවනාවේ අත්දැකීම් එකිනෙකකට වෙනස් වෙනවා.
  • 81:02 - 81:08
    භාවනා අත්දැකීම වන්නේ භාවනාවේ දී
    මනසේ හට ගැනෙන සංඥා දාමයන්.
  • 81:08 - 81:12
    පුද්ගලයාගෙන් පුද්ගලයාට බොහෝ වෙනස් වෙනවා.
    එක එක විධියේ සංඥා ඇති වෙන්න පුළුවනි
  • 81:12 - 81:16
    මනස නිස්කලංක වුනා ම.
    බොහෝ විට ඒවා මනසේ නිර්මාණ.
  • 81:16 - 81:22
    බර ගතිය. එයත් මනසේ නිර්මාණයක් විය හැකි.
    ඔබ තුල හට ගැනෙන.
  • 81:23 - 81:26
    නමුත් ඔබේ භාවනාව හොඳින් වැඩෙන විට
  • 81:26 - 81:29
    භාවනා වැඩසටහනකට සහභාගී වන විට වාගේ
  • 81:29 - 81:33
    සාමාන්‍යයෙන් ඔබට දැනෙන දෙයක් තමයි
    කය සැහැල්ලු වී යන බව.
  • 81:34 - 81:36
    භාවනාව හොඳින් සිදු වෙනවා නම්
  • 81:36 - 81:40
    ඔබේ කය ඉතා සැහැල්ලු වී ගොස්
    සම්පූර්ණයෙන් අතුරුදහන් වෙනවා.
  • 81:40 - 81:45
    ඉතින් කය බරට දැනෙන්න ගැනීම මූලික
    අදියරක් විය හැකියි.
  • 81:46 - 81:51
    මූලික අදියරක්.
    මනසේ උදාසීන වීමක් වෙන්නත් පුළුවනි.
  • 81:51 - 81:53
    යම් නොසන්සුන්කමක්,
  • 81:53 - 81:58
    ඔබ අත්විඳිය යුතු යම් තත්වයත් ...
    ප්‍රභාවත් පැත්තකට පත් වීමට පෙර
  • 81:58 - 82:02
    කියන විදියේ බර ගතිය ඔබ අත්විඳිය යුතු
    දෙයක් විය හැකියි
  • 82:02 - 82:04
    නමුත් ඔබ දිගටම කර ගෙන යන්නේ නම්
    තත්වය හොඳ අතට හැරී
  • 82:05 - 82:09
    ම‌ට කියන්න පුළුවන්
    ප්‍රභාස්වර, සැහැල්ලු තත්ව ඔබ අත් විඳී කියා.
  • 82:11 - 82:12
    ප්‍ර: ඉන්දුනීසියාවෙන්
  • 82:12 - 82:20
    අජාන්, වර්තමාන මොහොතේ රැඳී සිටින්නේ කොහොමද
    දරා ගන්න අසීරු වුවත්, මනස අවුල් සහගත වුවත්,
  • 82:21 - 82:28
    සමහර අයට මේ මොහොත අත්විඳින්න පහසු වන්නත්
    අනෙක් අයට අපහසු වීමටත් හේතුව කර්මය ද?
  • 82:28 - 82:33
    අජාන්: හ්ම්.. කර්මය නිසා ද?
    'ඇයි' කියන එක අමතක කරන්න.
  • 82:33 - 82:35
    බොහෝ අය අහනවා ඇයි මට
    මෙහෙම වෙන්නේ?
  • 82:35 - 82:39
    රස්සාව නැති වුනා, ඇයි මට අහිමි වුනේ?
    කර්මය නිසා ද?
  • 82:39 - 82:43
    කර්මය නිසා ද දන්නේ නැහැ,
    කවුද දන්නේ? අදාළත් නැහැ
  • 82:43 - 82:45
    ඒක කමක් නෑ.
    කර්මය නිසා ද
  • 82:45 - 82:48
    කාගේ හරි නපුරු කමක් නිසා ද
    අපි අතින් වරදක් වූ නිසා ද
  • 82:48 - 82:50
    කිසිම අදාළ කමක් නැහැ.
  • 82:50 - 82:53
    කාරණය තමයි ජීවිතය එහෙමයි.
  • 82:53 - 82:54
    ඉතින් අමතක කරන්න.
  • 82:54 - 82:58
    අපි හිතනවා වැරැද්ද කර්මයට භාර කල හොත්
    ඒක විසඳුමක් කියලා
  • 82:59 - 83:01
    කර්මයට භාර කරලා කිසිම දෙයක්
    විසඳෙන්නේ නැහැ
  • 83:02 - 83:09
    ඒ නිසා භාවනාව සතුටින් අත්විඳින්න බලන්න,
    සතුටින් අත්විඳින්න හැකි භාවනාවක් කරන්න.
  • 83:09 - 83:14
    අපහසු නම් කාලය කෙටි කරන්න.
    වැඩි කාලයක් භාවනා කරන්න යන්න එපා,
  • 83:15 - 83:17
    යම් මග පෙන්වීමක් සමඟ භාවනාවට පිවිසෙන්න
  • 83:17 - 83:21
    අජාන් බ්‍රහ්ම්ගේ කටහඬ
    අජාන් බ්‍රහ්ම්ගේ කටහඬට ඔබ කැමති නම්
  • 83:21 - 83:26
    අජාන් බ්‍රහ්ම්ගේ කටහඬ බලගතු වෙන්න පුළුවනි
    නිවැරදි ආකාරයෙන් සවන් දුන්නොත්
  • 83:27 - 83:29
    නැතිනම් ඔබ කැමති වෙනත් කෙනෙකුගේ කටහඬකට
  • 83:29 - 83:32
    භාවනාවට සුදුසු සිතේ ස්වභාවයක්
    ඇති කර ගන්න.
  • 83:32 - 83:34
    බොහෝම හොඳ ඉවහලක් වෙන්න පුළුවනි.
  • 83:34 - 83:37
    සමහර අය වටා ආධ්‍යාත්මික නැම්මක් තියෙනවා.
  • 83:37 - 83:38
    අජාන් බ්‍රහ්ම් ඒ වාගේ කෙනෙක්
  • 83:38 - 83:40
    ඒ වේලාවේ අජාන් බ්‍රහ්ම්ගේ මනෝභාවය
    සුදුසු නම්
  • 83:40 - 83:43
    හ්ම්! ඒක හරිම බලවත් හැඟීමක්
  • 83:44 - 83:47
    මගේ මනසට නම් එහෙමයි, ආරණ්‍යයේ
    ධර්ම දේශනයක් කරන විට වස්සාන කාලයේ දී.
  • 83:47 - 83:50
    මුළු ශාලාව නිහඬතාවෙන් වෙළෙනවා
  • 83:50 - 83:52
    අජාන් බ්‍රහ්ම් සම්පූර්ණයෙන්ම නිශ්චලයි
  • 83:53 - 83:57
    ඔහුගේ වදන් වලට සවන් දීමෙන්
    ඔබත් ඉබේටම නිස්කලංක වෙනවා
  • 83:57 - 83:59
    ආධ්‍යාත්මික ගුණ ධර්ම වල ජවය ඒ වාගේ.
  • 83:59 - 84:04
    සුදුසු වේලාවක භාවනා කරන්න.
    උදේ වරුවේ ඔබේ සිත නැවුම්.
  • 84:04 - 84:08
    හොඳ දිග රාත්‍රි නින්දකින් පසු ඔබේ සිත
    සෑහෙන්න නැවුම්.
  • 84:08 - 84:11
    රාත්‍රි නින්දට පෙර අන්තර්ජාලයේ නම්
    සැරිසරන්න එපා.
  • 84:11 - 84:15
    රාත්‍රි නින්දට පැයකට කලින් වත් අන්තර්ජාලය
    ක්‍රියා විරහිත කරලා එයින් ඈත් වෙන්න.
  • 84:15 - 84:20
    දුරකථනය කොහේ හරි දාලා අගුල් දාන්න.
    ඒ යතුර කාට හරි දෙන්න,
  • 84:20 - 84:21
    ඒ කෙනාට කියන්න
  • 84:21 - 84:25
    මේ ජංගම දුරකථනය හෙට උදේ වෙන තුරු
    දකින්නත් මට ඕනෑ නැහැ කියලා.
  • 84:25 - 84:27
    ඔබට ගන්න ම බැරි වන විධියේ දෙයක් කරන්න.
  • 84:28 - 84:30
    මොකද කිට්ටු වීමට හැකි නම්, ඔබ ගන්නවා.
    පෙලඹුම ප්‍රබලයි.
  • 84:31 - 84:36
    ඉතින් ඔබේ මනස ඒ වාගේ වීමට හේතුව ගැන
    ඥානවන්ත වන්න
  • 84:36 - 84:41
    ඉන් පසු ඔබට සතුටින් කල හැකි
    සුදුසු භාවනාවක් හමුවේයි.
  • 84:41 - 84:46
    නමුත් ඔබ බෞද්ධයෙක් නිසා
    භාවනා කල යුතුයි සිතා භාවනා කරන්න එපා
  • 84:46 - 84:49
    මොකද කල යුතු දෙයක් වුනා ම එයින්
    සතුටු වෙන්න බැහැ.
  • 84:49 - 84:51
    එයින් ධර්ම මාර්ගයටත් විනාශයක් වෙනවා.
  • 84:52 - 84:58
    එවිට ඔබ කල යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
    පළමු අංග හය තව දුරට වඩන්නටයි.
  • 84:58 - 85:00
    වඩා කරුණාවන්ත වන්න.
  • 85:01 - 85:02
    උදව් උපකාර කරන්න.
  • 85:02 - 85:06
    අන් අයගේ හොඳ ගතිගුණ වැඩියෙන් දකින්න.
    මේ වාගේ ගතිගුණ
  • 85:06 - 85:08
    ඔබ කල යුත්තේ එවැනි දේවල්.
  • 85:08 - 85:14
    ඒ හොඳ දේ කරන්න කරන්න
    ඔබේ මනස භාවනාවට වඩාත් සූදානම් වේවි.
  • 85:14 - 85:18
    භාවනාවේ දී නරක අත්දැකීම් ලැබූ අය
    ලෝකයේ ඉන්නවා.
  • 85:18 - 85:20
    එයට ප්‍රධාන හේතුවක් වන්නේ ඒ අයගේ
    සූදානමක් නැති වීම.
  • 85:21 - 85:25
    මේ ගැටලුව ඇති වන්නේ පූර්ණ බෞද්ධ
    මාර්ගයෙන් භාවනාව උපුටා
  • 85:25 - 85:27
    භාවනාව ස්වාධීන මගක් පවසමින්
    පිළිපැදීමට යාමයි.
  • 85:28 - 85:30
    එවිට භාවනාවේ ප්‍රගතියක් නැතිනම් මොනවා
    කරන්න ද?
  • 85:30 - 85:32
    එවිට දහමේ අනිකුත් ඉගැන්වීම් වලින්
    පිළිසරණක් නැහැ
  • 85:32 - 85:35
    බුදුරජාණන් වහන්සේ පැවසුවේ භාවනාව
    වැඩෙන්නේ නැතිනම් කරුණාවන්ත වන්න
  • 85:35 - 85:38
    ඒක හැමට කල හැකි දෙයක්.
    තව කරුණාවන්ත වීම.
  • 85:38 - 85:41
    මුල් සාධක හයට ආපසු යන්න.
  • 85:41 - 85:45
    තව කරුණාවන්ත වෙන්න
    හැකි තරම් කරුණාවන්ත වෙන්න
  • 85:45 - 85:49
    හැම තිස්සේ ම කරුණාවන්ත වෙන්න,
    කරුණාවන්ත වීමට ලැබෙන සෑම අවස්ථාවක්ම ගන්න
  • 85:49 - 85:51
    සමහර විට අනිත් අය හිතාවි
    ඔබ මෝඩයි කියලා
  • 85:51 - 85:53
    අනික් අය ඔබ මෝඩයෙක් කියලා
    හිතුවාට කමක් නැහැ
  • 85:53 - 85:55
    ඔබ කරන්නේ හරි දේ නම්.
  • 85:55 - 85:59
    මේ ආකාරයෙන් මෙනෙහි කිරීමෙන්
    ඔබට ඉදිරි මාවත සැකසේ වී.
  • 85:59 - 86:05
    ප්‍ර: සමහර විට අතීත මතක, මගේ
    හිටපු සහකරු සමඟ කුලුපග දර්ශන
  • 86:05 - 86:10
    භාවනාවේ දී පෙනෙන්න ගන්නවා
    එයින් මම කැලඹෙනවා.
  • 86:10 - 86:13
    මා ගැන අප්‍රසාදයක් ඇති වෙනවා
    මම වඩා හොඳින් භාවනා කරන්නේ කෙසේ ද?
  • 86:13 - 86:21
    අජාන්: මෙවැනි දේ සිතට එන්නේ
    එහි වැඩි ආශ්වාදයක්,
  • 86:21 - 86:23
    භාවනාවට වඩා ආශ්වාදයක් ඇතයි ඔබ සිතන නිසායි
  • 86:23 - 86:26
    පෙනෙන හැටියට ඔබ භාවනාවෙන්
    සතුටු වෙනවා මදී.
  • 86:26 - 86:31
    ඒ නිසා මේ ආකාරයේ
    ඉන්ද්‍රියින් පිනවන සිතුවිලි මතු වෙනවා.
  • 86:31 - 86:34
    ඉතින් එය මඟ හරින්නේ කොහොම ද?
  • 86:34 - 86:37
    මූලික ව භාවනාව වඩාත් ප්‍රියමනාප කර ගන්න.
  • 86:38 - 86:40
    භාවනා කාලය කෙටි කරන්න.
    කෙටි කාලීන භාවනා කරන්න.
  • 86:41 - 86:43
    යම් මග පෙන්වීමක් සමඟ භාවනාව කරන්න.
  • 86:43 - 86:47
    කෙනෙකුගේ හඬට සවන් දෙන්න
    අජාන් බ්‍රහ්ම් ඔබේ කණට කතා කරන්නේ නම්
  • 86:47 - 86:50
    ඉන්ද්‍රියින් පිනවන සිතුවිලි ඇති කර ගැනීමට
    ඔබ මැලි වෙනවා (සිනහ)
  • 86:50 - 86:53
    මට මේවා සිතන්න බැහැ අජාන් බ්‍රහ්ම් අහගෙන
    ඉන්නවා. අපෝයි කියා ඔබට සි‌තේවි (සිනහා)
  • 86:54 - 86:59
    ඒ නිසා කාමුක සිතිවිලි ගැන ඔබ කනස්සලු වේවි
    අජාන් බ්‍රහ්ම් ලඟ සිටිනවා වගේ නම්
  • 86:59 - 87:01
    මේ දේවල් මඟ හරින්න ක්‍රම තියෙනවා.
  • 87:02 - 87:06
    කාම ලෝකයට අදාළ සිතුවිලි වලට
    වැඩි පරාසයක් නැති බව මතක් කර ගන්න.
  • 87:07 - 87:12
    මුළු කාම ලෝකය එකිනෙකට සම්බන්ධයි.
  • 87:13 - 87:16
    පිටත කාම ලෝකය ගැට‍ළු සහගතයි
  • 87:16 - 87:21
    යුද්ධ, කෝවිඩ් වැනි වසංගතය
    දේශගුණික විපර්යාස
  • 87:21 - 87:23
    මොනවා ද නැත්තේ
    මිනිස්සු මැරෙනවා,
  • 87:23 - 87:27
    ඒ වාගේ අයහපත් දේවල් කොපමණ
    සිද්ධ වෙනවා ද.
  • 87:27 - 87:31
    අපි එදිනෙදා ජීවිතයේ දී භුක්ති විඳින මේ
    සාමාන්‍ය ඉන්ද්‍රියින් පිනවීම,
  • 87:32 - 87:34
    අපේ සබඳතා වේවා, කන බොන දේ වේවා
  • 87:34 - 87:38
    මේ සියල්ල පිටත ලෝකය එක්ක බැඳිලා
    එක පොදියට පවතින්නේ
  • 87:39 - 87:42
    මුළු ලෝකයේ ම භයානක කම ඔබට තේරුම් ගිය විට
  • 87:42 - 87:44
    ඝට්ටන, කරදර වලින් පිරුණු බව
  • 87:45 - 87:49
    ඔබට කාම ලෝකයේ සිතුවිලි තව ටිකක්
    අත හරින්නට හැකි වේවි.
  • 87:50 - 87:52
    නමුත් තමන්ට කාරුණික වෙන්න
  • 87:53 - 87:57
    පිළිගන්න කාම ලෝකය අත හරින්න
    එතරම් පහසු නැති බව.
  • 87:57 - 88:03
    එය හරිම අසීරු දෙයක්, මේ නිසා තමයි
    බොහෝ පැවිදි වූ අය සිවුරු හැර යන්නේ.
  • 88:03 - 88:05
    ලෝකය අත හරින්න හරිම අමාරුයි.
  • 88:05 - 88:09
    ඒ නිසා ක්ෂණික ප්‍රතිඵල
    බලාපොරොත්තු වෙන්න එපා.
  • 88:09 - 88:14
    මේවා අත හරින්න කල් ගන්නවා,
    ඉවසිලිමත් වන්න, දිගටම විමසිලිමත් වන්න
  • 88:14 - 88:19
    මෙවැනි සිතුවිලි අඩු කර ගන්න උදව් වෙන
    ආකාරයේ භාවනාවක් කරන්න.
  • 88:19 - 88:21
    එවිට ක්‍රමයෙන් ඔබට එය ජය ගත හැකි වේවි.
  • 88:21 - 88:25
    තරහ, වෛරය ජය ගැනීම ඊට වඩා වැදගත්
  • 88:25 - 88:29
    ඒ සිතුවිලි කාමුක හැඟීම් වලට
    වඩා විනාශකාරීයි.
  • 88:29 - 88:33
    ප්‍ර:අජාන් බ්‍රහ්මාලී යුක්‍රෙිනය වෙනුවෙන්
    සජ්ක්ධායනා කරන්න පුළුවන්ද,
  • 88:33 - 88:35
    මම පෝලන්තයෙන්; ඒ අය මගේ අසල්වැසියන්.
  • 88:35 - 88:42
    මම උත්සාහ කරනවා මිනිසුන්ගේ යහපත් දේ දකින්න
    නමුත් පුටින් ගේ යහපතක් නම් දකින්න අමාරුයි.
  • 88:42 - 88:45
    අජාන්: මතක් කර ගන්න පුටින් වුනත්
    හේතු දාමයකින් සකස් වුන කෙනෙක් බව
  • 88:45 - 88:48
    ඔහු කරන දේ ගැන ඔහුට අවබෝධයක් නැහැ.
    අන්ධයි, ඔහු අඳුරේ සැරිසරනවා
  • 88:48 - 88:50
    ඔහු නිසා බොහෝ දෙනෙක්
    දුක් පීඩා විඳිනවා
  • 88:50 - 88:54
    නමුත් ඔහුගේ දුක් පීඩා ඊට වඩා
    බොහෝ වැඩි වෙන්න පුළුවනි.
  • 88:54 - 88:57
    කවුද දන්නේ පුටින්ට අනාගතයේ දී මොනවා
    වේවි ද කියලා.
  • 88:57 - 88:59
    විශේෂයෙන් නැවත නැවත ඉපදීමේ
    බෞද්ධ මතය ගත් විට
  • 88:59 - 89:04
    නරක කරන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵල
    හරිම නරකයි-එයයි යථාර්ථය
  • 89:04 - 89:06
    පුටින් අන්ධයි, අන්ධකාරයේ ඇවිදිනවා
  • 89:06 - 89:11
    ඔහු දන්නේ නැහැ මොනවා කරනවාද කියලා,
    අවසානයේ දී ඔහුටත් අනුකම්පාව ලැබිය යුතුයි.
  • 89:11 - 89:13
    ඔහු වැරදි කර ඇති වුවත්.
  • 89:13 - 89:17
    ඉතින් හොඳම දේ තමයි අපි අනිත් අය
    විනිශ්චය නොකර සිටීම.
  • 89:17 - 89:20
    හොඳම දේ තමයි සෑම අතකට ම මෛත්‍රි කිරීම
  • 89:20 - 89:21
    එවිටයි ඔබ නිවැරදි දෙය කරන්නේ.
  • 89:21 - 89:26
    මට විශ්වාසයි ආරණ්‍යයේ අපි යුක්‍රේනයට
    සෙත් පතා සජ්ක්ධායනා කරාවි කියලා.
  • 89:26 - 89:29
    අජාන් බ්‍රහ්ම් වත් එකතු කර ගෙන.
  • 89:29 - 89:33
    අජාන් බ්‍රහ්ම් යුක්‍රේනයට බලපත්
    මෙත්තාවක් එකතු කරාවි.
  • 89:33 - 89:35
    ප්‍රතිචාරය එයයි.
  • 89:36 - 89:39
    අදට අන්තිම ප්‍රශ්නය.
    නැහැ ...
  • 89:39 - 89:44
    ඔය අයට අවශ්‍ය නම් ඕනෑම වේලාවක
    පිටත් වෙන්න
  • 89:44 - 89:47
    මොකද තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
    හරියට කියනවා නම් ප්‍රශ්න තුනක්.
  • 89:47 - 89:52
    ප්‍ර: හිතවත් අජාන්, මට තදින් දැනෙනවා
    මගේ සිත උමතුවෙන් වාගේ කියලා.
  • 89:53 - 89:59
    මට විමුක්තිය අත් විඳින්නට
    බලවත් හදිසියක් තියෙනවා, උපදෙසක් දෙන්න?
  • 90:00 - 90:03
    අජාන්: මට පැහැදිලි නැහැ ඔබ කියන දේ
  • 90:04 - 90:07
    මනසේ තද උමතු බවක් යනුවෙන් ඔබ
    අදහස් කරන්නේ කුමක් ද?
  • 90:07 - 90:10
    ඔබ අදහස් කරන්නේ භාවනා කරන විට දී
    සිත පාලනය කර ගන්න බැහැ කියල ද?
  • 90:11 - 90:13
    මම ඒ ගැන ටිකකට කලින් කථා කලා.
  • 90:13 - 90:16
    ඔබට දැනෙනවා නම් භාවනා කරන විට
    සිත පාලනය කර ගන්න බැහැ කියලා
  • 90:17 - 90:19
    ඒ තත්වය දුරදිග නො යන්න
    පරිස්සම් වෙන්න
  • 90:19 - 90:25
    මොකද පාලනයක් නැති සිත..
    මිනිස්සු උමතු වෙනවා
  • 90:25 - 90:27
    භාවනාවේ දී ඒ තත්වය පාලනය කර
    නොගත් විට.
  • 90:27 - 90:30
    ඉතින් ඉවසිලිවන්ත වෙන්න. භාවනාව නිවැරදිව
    වන බවට වග බලා ගන්න.
  • 90:31 - 90:35
    භාවනාව ඔබ වඩා සාමකාමී, වඩා ඉවසිලිමත්,
    මෘදු, සන්සුන් කෙනෙක් කල යුතුයි.
  • 90:35 - 90:38
    වඩා කාරුණික කෙනෙක්, එසේ නම් භාවනාව
    හොඳින් වැඩෙන බව ඔබ දන්නවා.
  • 90:38 - 90:41
    ඔබ අදහස් කරන්නේ එවැනි දෙයක් නම්
    ප්‍රවේසම් වෙන්න.
  • 90:41 - 90:44
    නැතිනම් මනස උමතුවෙන් වාගේ කියා
    ඔබ අදහස් කරන්නේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් ද
  • 90:44 - 90:47
    මනස තමන්ගේ පාලනයේ නැහැ කියන එකද
  • 90:47 - 90:51
    එසේ නම් හොඳයි. ඒක සත්‍යයක්
  • 90:51 - 90:56
    බොහෝ විට මනස උමතුවෙන් වාගේ තමයි
    අද්භූත අදහස්, අද්භූත දේ කරනවා
  • 90:56 - 91:01
    ඒ නම් සිත ගැන සැබෑ අවබෝධයක්.
    සිත තමන්ගේ පාලනයෙන් තොර බව දැකීම.
  • 91:02 - 91:04
    අපේ මනස පාලනය කරන හේතු ඵල
    බොහෝමයක් පවතිනවා
  • 91:04 - 91:08
    මනස ඒ හේතු ඵල ඔස්සේ යනවා.
  • 91:08 - 91:15
    එය භව ගමනට ආවේණික වූ
    දුක්ඛ සත්‍යය පිළිබඳ අවබෝධයක්
  • 91:16 - 91:19
    අපේ මනස .. අපේ පාලනයෙන් තොරයි.
  • 91:19 - 91:26
    අපේ මනස අපේ අතීත නරක පුරුදු විසින් හසුරනවා
    අතීත හේතු ඵල දාමයන්ගෙන්.
  • 91:26 - 91:29
    මනස අතීතයේ සිට අපි සම්පාදනය කරගත් ආකාරය
  • 91:29 - 91:33
    අපි ඒවායින් කොටු වෙලා.
    ඔබ දකින්නේ ඒ් දේ වෙන්න පුළුවනි.
  • 91:33 - 91:36
    එය රඳා පවතිනවා ඔබ මෙහි දී
    කියන්න හදන දේ මත
  • 91:36 - 91:40
    නමුත් භාවනාවේ දී උමතු තත්වයක්
    දැනෙනවා නම් පරිස්සම් වෙන්න.
  • 91:40 - 91:44
    පස්සට අඩියක් ගන්න.
    මොකද කරදර තත්වයක් වෙන්න පුළුවනි.
  • 91:44 - 91:48
    නමුත් එය යථාර්ථය පිළිබඳ ව අවබෝධයක් නම්
    බොහෝ විට එය හොඳ දෙයක්.
  • 91:49 - 91:54
    මේ අත්දැකීම ධර්ම මාර්ගයට වාසියක් කර ගන්න.
  • 91:54 - 91:56
    සිදුවන දේ කුමක් වුවත්.
  • 91:57 - 92:03
    ප්‍ර: කිට්ටු හිතවත් අය කියන
    නපුරු වචන ඉවසා දරා සිට
  • 92:03 - 92:09
    දවසක තදින් සැරින් ප්‍රතිචාර දැක්වූ විට
    ඔබ උමතුවෙන් බව කියනවා නම් මොකද කරන්නේ?
  • 92:10 - 92:12
    අජාන්: ඒක හරි අසාධාරණයි නේද?
  • 92:12 - 92:16
    ඔබ ඉවසා සිටීමට උපරිමයට උත්සාහ කලත්
    ඒ අය ඔබ උමතුවෙන් කියලා කියනවා නම්
  • 92:16 - 92:21
    ඒක හරිම අසාධාරණයි.
    ජීවිතය අසාධාරණයි. ඒ ගැන කලබල වෙන්න එපා.
  • 92:21 - 92:23
    මොකද ජීවිතය අසාධාරණයි. අවාසනාවකට.
  • 92:23 - 92:25
    ඉතින් මොකද කරන්නේ.
  • 92:25 - 92:33
    තද කර ගෙන ඉන්නේ නැතිව කියන්න
    "රත්තරන් මා ගැන නපුරු දේවල් කියන්න එපා,
  • 92:33 - 92:35
    ප්‍රියමනාපව කථා කරන්න.
  • 92:35 - 92:39
    මම ඔයාට ආදරෙයි.
    ඔයා මගේ සහකරු වීම ගැන හරිම සතුටුයි.
  • 92:40 - 92:44
    මෙන්න ඔයාට රෝස මල් පොකුරක්
    මම ඔයාට ආදරේ නිසා.
  • 92:44 - 92:47
    මට කම්මුලට හාදුවක් දෙන්න.
    කරුණාකරලා එහෙම කරන්න මගේ සහකරු
  • 92:47 - 92:49
    එහෙම අපට හොඳ සම්බන්ධතාවක්
    ඇති කර ගත හැකියි.
  • 92:49 - 92:54
    ඉතින් ඔබ සතුටින් සිටින වෙලාවක,
    ඔවුන් ව පැත්තකට ගෙන වැළඳ ගන්න.
  • 92:54 - 92:57
    අපි එකිනෙකාට මේ විදියට සලකමු.
  • 92:57 - 92:59
    එතකොට අපට ලස්සනට එකට ඉන්න පුළුවනි.
  • 92:59 - 93:02
    විවෘත වෙන්න. ප්‍රශ්න සාකච්ඡා කරන්න බලන්න.
  • 93:02 - 93:06
    සාමාන්‍යයෙන් ප්‍රශ්න විසඳා ගන්න පුළුවනි
    කථා බස් කරලා අදහස් හුවමාරු කර ගන්නවා නම්.
  • 93:06 - 93:11
    හැඟීම් හිර කර ගෙන ඉන්න හදන්න එපා. එවිට
    ඔබ කියුවා වගේ අවසාන වන්නේ පිපිරීමකින්.
  • 93:11 - 93:13
    ඒකෙන් තත්වය නරක් කරනවා.
  • 93:13 - 93:16
    ඒ මදිවාට ඔබ උමතුවෙන් වාගේ වෙනවා.
    ඒක නරක තත්වයක්.
  • 93:16 - 93:24
    ඉතින් මගේ නිර්දේශය ඒකයි. ඉතින්
    කරලා බලන්න තත්වය යහපත් වේ ද කියලා.
  • 93:26 - 93:29
    අද රාත්‍රියට අවසාන ප්‍රශ්නය
  • 93:29 - 93:33
    මගේ ප්‍රශ්නය සිරුරේ අභ්‍යන්තර කොටස්
    මනසිකාරය කිරීමේ භාවනාව ගැනයි.
  • 93:33 - 93:38
    භාවනා යෝගීන් සිටිනවා ද මේ භාවනාව තුලින්
    ශරීර කොටස් දකින?
  • 93:38 - 93:42
    මම අහල තියෙනවා ආදී පුරාණ තාඕවාදී
    භාවනා කරන කාන්තාවන්
  • 93:42 - 93:45
    සති ගණනක ගැබෙහි සිටින දරුවා
    ගැන දැන සිටියා කියලා.
  • 93:45 - 93:47
    එමගින් වෛද්‍ය දැනුම ලබා ගත්තා කියලා.
  • 93:48 - 93:51
    අජාන්: රසවත් දෙයක්.
  • 93:51 - 93:56
    මනස හරිම පුදුම දෙයක්
  • 93:56 - 93:59
    අභ්‍යන්තර අවයව ගැන දැනුවත් වීම.
  • 93:59 - 94:03
    පැහැදිලිව මනසින් එය කළ හැකි ක්‍රම ඇති
  • 94:04 - 94:10
    මනසට දෘශ්‍යමාන වෙන්න පුළුවන්.
    මනසට දෘශ්‍යමාන වීම ඒ තරමට බලවත් වූ විට
  • 94:10 - 94:12
    පියවි ඇසට පෙනෙනවා වාගේ
    වැටහෙන්න පුළුවනි.
  • 94:12 - 94:18
    ඔබේ මනස බොහෝම බලවත් නම්
    අභ්‍යන්තර අවයව දැකීම සමහර විට කල හැකියි.
  • 94:18 - 94:21
    ඉතින් මේ වාගේ දේවල් විය හැකියි.
  • 94:21 - 94:23
    නමුත් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන්
    වන්නේ මෙය නොවේ.
  • 94:23 - 94:29
    මොකද සතිපට්ඨානය භාවනාව
    මඟ පෙන්වන්නේ සමාධියට
  • 94:29 - 94:31
    ඔබ තවම සමාධියකට පත් වෙලා නැහැ.
  • 94:31 - 94:37
    සමාධියක් අවශ්‍යයි ඔබ මෙහි
    විස්තර කර ඇති ආකාරයට අවයව දකින්නට නම්
  • 94:37 - 94:39
    සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වන්නේ
    මෙය නොවේ.
  • 94:39 - 94:42
    එහි සාකච්ඡා වන්නේ පරිකල්පනය කිරීමක් ගැනයි.
  • 94:42 - 94:45
    කලින් දන්නා දෙයක් ආවර්ජනය කිරීමක් ගැනයි.
  • 94:45 - 94:48
    ඔව්, මනසට කළ හැකි දේ පුදුම සහගතයි
  • 94:48 - 94:50
    අපි හොඳින් පුහුණු කර ඇත්නම්
  • 94:51 - 94:55
    නමුත් සෑම දෙයක් ම සිදු වන්නේ
    සුදුසු අවස්ථාවේ දී සුදුසු තැනේ දී.
  • 94:56 - 94:59
    හොඳයි අදට එපමණ යි.
  • 95:00 - 96:01
    අපි සැවොම දැන් බුද්ධ, ධම්ම, සංඝ නමදිමු.
Title:
භාවනාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ප්‍රවේශය | අජාන් බ්‍රහ්මමාලී | 22 පෙබරවාරි 2022
Description:

අජාන් බ්‍රහ්මමාලී ‌මහා තෙරුන් භාවනාව ගැන පවතින වැරදි අදහස් කිහිපයක් පැහැදිලි කර දෙනවා. අජාන් පහදා දෙනවා සතිය ප්‍රගුණ වීමට සතියෙන් සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා මෙත්තාව සහ නිවැරදි දැක්ම පෙරටු කොට ගෙන පූර්ණ ධර්ම මාර්ගයම අවංකවම වැඩිය යුතු බවත් පැහැදිලි කරනවා.

භාවනාව (මඟ පෙන්වීමක් සමඟ) - 0.00
ධර්ම සාකච්ඡාව - 28.40

Patreon හරහා නොමිලේ ධර්මය බෙදා හැරීමට කරුණාකර BSWA වෙත සහාය වන්න:
https://www.patreon.com/BuddhistSocietyWA

පටිගත කිරීම බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි ධම්මාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ දී.

බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමයේ ධර්ම ඉගැන්වීම් : https://bswa.org/teachings/

සම්පූර්ණ ලැයිස්තු සඳහා පිවිසෙන්න: https://www.youtube.com/user/BuddhistSocietyWA/playlists

more » « less
Video Language:
English
Team:
Buddhist Society of Western Australia
Project:
Friday Night Dhamma Talks
Duration:
01:36:50

Sinhala subtitles

Revisions