අප කටත් පොදු විඥානය -- ජෝන් ස'ර්ල්
-
0:00 - 0:03මම අද කතා කරන්නේ විඥානය/මනස පිළිඹඳවයි෴
-
0:03 - 0:04ඇයි විඥානයගැන කතා කරන්නේ ?
-
0:04 - 0:07හේතුව එය වැඩිවශයෙන් වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන මාතෘකාවක් වීම ,
-
0:07 - 0:10විද්‍යාත්මක වගේම දාර්ශනික වශයෙන් ෴
-
0:10 - 0:12මේක කුතුහලය දනවන මාතෘකාවක් වෙන්නේ ඇයි ?
-
0:12 - 0:15එය අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක්
-
0:15 - 0:17සරලම තර්කානුකුල හේතු දක්වීමක් සඳහාම.
-
0:17 - 0:20නාමිකව බැලුවොත්, එය ඕනෑම කටයුත්තක් සඳහා අත්‍යවශ්‍යයි වාගේම
-
0:20 - 0:22අප සවිඥානික වීම අපේ ජීවිත වලට ඉතාම වැදගත් ෴
-
0:22 - 0:25ඔබ විද්‍යාව, දර්ශනය සංගීතය, චිත්‍ර වැනි දේ වැදගත්කොට සලකනවා, රස විඳිනවා
-
0:25 - 0:29ඔබට මනසක් නැති (අවිඥානාත්මක) සත්වයෙක්නම්, සිහියක් පතක් නැතිනම්, ඒ කිසි දෙයක් පලක් ඇත්තේ නැහැ,
-
0:29 - 0:31ඒ නිසා විඥානය තමයි මූලිකම දේ ෴
-
0:31 - 0:34දෙවැනි කාරණාව තමයි
-
0:34 - 0:36කෙනෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට ,
-
0:36 - 0:39සමහර කෙනෙක් ඉතාම බය හිතෙන දේවල් ප්‍රකාශ කරන්න පෙළඹෙනවා෴
-
0:39 - 0:41එවැනි ප්‍රකාශ නොකරන වෙලාවට,
-
0:41 - 0:43ඔවුන් පර්යේෂණ කටයුතු කරන්න උත්සහ කරනවා,
-
0:43 - 0:47ඇත්තටම කියනව නම් වර්ධනය ඉතාම මන්දගාමී෴
-
0:47 - 0:50මම මුලින්ම මේ ගැන කල්පනා කරනකොට මම හිතුවේ
-
0:50 - 0:52මේක ජීවවිද්‍යාවට අදාල සරල ගැටළුවක් කියල෴
-
0:52 - 0:55අපි දැන් මේ ප්‍රහේලිකාව මහන්සි වෙලා විසඳල
-
0:55 - 0:56කොහොමද මොලය ඇතුලේ විඥානය/මනස පවතින්නේ කියල හොයන්න බලමු ෴
-
0:56 - 0:57මම මේ සම්බන්ධයෙන් කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ
-
0:57 - 0:59සියලුම නම් දරපු ස්නායු සම්බන්ධ ජීව විද්‍යඥයින්ට කතා කලහම
-
0:59 - 1:01ඒ ගොල්ල තරමක් නොඉවසිලිමත් ප්‍රතිචාර දැක්වුවා,
-
1:01 - 1:04ඇතැම් විට මම ඔවුන් අපහසුතාවයට පත් වෙන ප්‍රශ්න අහපු නිසා වෙන්න පුළුවන් ෴
-
1:04 - 1:08එතැනදී මම වැඩිමනත්ම දැනුනේ , එක ප්‍රසිද්ද විද්‍යාඥයෙක් මට තරහින් වගේ කියැපු දෙයක්
-
1:08 - 1:10, "මේ ඔයා මුලින්ම විශ්ව විද්‍යාලයක පත්වීම හදා ගන්න.
-
1:10 - 1:14ඊට පස්සේ විඥානය ගැන හොයන්න.
-
1:14 - 1:17හැබැයි මුලින්ම පත්වීම හදා ගන්න."
-
1:17 - 1:20මේ වෙනකොට මම මේ කටයුත්ත පටන් අරන් සෑහෙන කාලයක් තිස්සේ කරගෙන යනවා ෴
-
1:20 - 1:22මම හිතන්නේ දැන් නම් ඇත්තටම විශ්වවිද්‍යාලයක පත්වීමක් ගන්නත්
-
1:22 - 1:23විඥානය ගැන පර්යේෂණ කිරීම ප්‍රමාණවත් ෴
-
1:23 - 1:26එහෙම වෙනවා නම් එක මේ අංශයෙන් පියවරක් ඉස්සරහට තැබීමක්෴
-
1:26 - 1:29එහෙනම් විඥානය ගැන පර්යේෂණ ඇයි මෙච්චරම පසුගාමී වෙලා තියෙන්නේ,
-
1:29 - 1:31ඇයි ඒ පර්යේෂණ වලට එදිරිවාදිකම් කරන්නේ මොකද?
-
1:31 - 1:33මම හිතන්නේ මේකට හේතුව පවතින එක්තරා කාරණා දෙකක එකතුවක් කියලයි
-
1:33 - 1:35අපේ බුද්ධිමත් සමාජය
-
1:35 - 1:38මේවා විද්‍යාවට ප්‍රති විරුද්ධ දේවල් හැටියට සලකන්නේ
-
1:38 - 1:41නමුත් මේ අංශ එකිනෙකට සමාන උපකල්පන භාවිත කරනවා ෴
-
1:41 - 1:45මුල් කාරණාව තමයි සාම්ප්‍රදායික ආගමික පිළිගැනීම්:
-
1:45 - 1:49විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි
-
1:49 - 1:51ඒක අධ්‍යාත්මික ලෝකයේ කොටසක් කියන එක කියන පිළිගැනීම තමයි ඒ ෴
-
1:51 - 1:52විඥානය අයිති වෙන්නේ ආත්මයට,
-
1:52 - 1:55ආත්මය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි ෴
-
1:55 - 1:59මේවා දෙවියන් , ආත්මය සහ සදාකාලික අමරණීයත්වය අඩංගු වන සම්ප්‍රදායන්
-
1:59 - 2:01මෙම අදහසට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායකුත් තියෙනවා
-
2:01 - 2:03මේ අදහස ඉතාම නරක උපකල්පනයක් පිලිගන්නවා
-
2:03 - 2:07ඒ සම්ප්රදාය නිගමනය කරනවා අපි බැරෑරුම් විද්‍යාත්මක භෞතිකවාදීන් කියල:
-
2:07 - 2:10විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි෴
-
2:10 - 2:13එක්කෝ එහෙම දෙයක් ඇත්තේ නැහැ , එහෙම නැත්නම් විඥානය කියන්නේ වෙනම දෙයක්
-
2:13 - 2:16පරිගණක වැඩසටහනක් හරි වෙන පලක් නැති දෙයක් වෙන්නත් පුළුවන්,
-
2:16 - 2:19කොහොම වුනත් විද්‍යාත්මක දෙයක් නොවෙයි ෴
-
2:19 - 2:21එත් එක්ක මට ඔලුවේ කැක්කුම හැදෙන තර්කයක් ඉදිරිපත් කරා ෴
-
2:21 - 2:23මේකයි ප්රශ්නය,
-
2:23 - 2:27විද්‍යාව වාස්ත්විකයි, විඥානය ආත්මීයයි
-
2:27 - 2:30එම නිසා විඥානයට අදාල වූ විද්‍යාවක් පවතින්න බැහැ ෴
-
2:30 - 2:36කොහොමහරි මේ සම්ප්‍රදායන් දෙකම අපිව අඩපණ කරනවා
-
2:36 - 2:39මේවායින් මිදෙන්න හරිම අපහසුයි
-
2:39 - 2:42මේ දේශනයේ ඇත්තටම එකම අරමුණයි තියෙන්නේ
-
2:42 - 2:46එක තමයි, විඥානය කියන්නේ ජීව විද්‍යාත්මක සංසිද්ධියක් කියන එක
-
2:46 - 2:49හරියට ප්‍රභාසංශ්ලේෂණය,අනූනන විභාජනය (සෛල න්‍යෂ්ටි බෙදීමෙන් වර්ණදේහ ඇති වීමේ ක්‍රියාවලිය) වගේ--
-
2:49 - 2:53ඔබ දන්නවා, ජීව විද්‍යාත්මක සංසිද්ධීන් පිලිගත්තහම,
-
2:53 - 2:56බොහොමයක්, ඔක්කොම නොවුනත්, විඥානය සම්බන්ධ
-
2:56 - 2:58අමාරු ගැටළු නැතිවෙලා යනවා ෴
-
2:58 - 3:00මම ඒ අමාරු ගැටළු වලින් කොටසක් ගැන කතා කරනවා ෴
-
3:00 - 3:02මම යමක් කියන්න පොරොන්දු වුනා
-
3:02 - 3:05විඥානය ගැන බියජනක දේවල් කිහිපයක් ෴
-
3:05 - 3:09එක: විඥානය භෞතික පැවැත්මක් නැති දෙයක් ෴
-
3:09 - 3:11මේක දෘෂ්ටි මායාවක් වගේ දෙයක් ,හරියට ඉර බහිනවා වගේ ෴
-
3:11 - 3:16දේදුන්නක් කියන්නෙත් දෘෂ්ඨි මායාවක්,
-
3:16 - 3:18ඒ වගේම විඥානය කියන්නෙත් එක්තරා ආකාරයක මායාවක් ෴
-
3:18 - 3:21දෙක: ඒක පවතිනවානම් පවතින්නේ වෙනත් ආකාරයකට ෴
-
3:21 - 3:25මොලය ඇතුලේ දුවන පරිගණක වැඩසටහනක් වාගේ ෴
-
3:25 - 3:29තුන : නියම ආකාරයෙන් පවතින්නේ එහි චර්යාවේ ඵලයන් සහ අතුරඵලයන් පමණයි ෴
-
3:29 - 3:32එක අතකට චර්යාවාදය කොච්චර බලගතුයිද කියන එක හිතන්නත් අමාරුයි,
-
3:32 - 3:34මම පසුව ඒ ගැන කතා කරන්නම් ෴
-
3:34 - 3:36හතර: විඥානය පවතිනවානම්,
-
3:36 - 3:38එකට ලෝකයේ කිසිම ක්‍රියාවක් වෙනස් කරන්න බැහැ ෴
-
3:38 - 3:41භෞතික වස්තුවක් අධ්‍යාත්මිකව හොලවන්න බැහැනේ, නේද ?
-
3:41 - 3:43එහෙනම්, කවුරුහරි මට කියනවනම්,
-
3:43 - 3:45ඔහුට හෝ ඇයට හම දෙයක් අධ්‍යත්මිකව චලනය කරන හැටි බලන්න ඕනේ කියල ,
-
3:45 - 3:49ඔන්න බලන්න, මම හිතනව මගේ මනසින් මගේ අත උස්සන්න ඕනේ කියල
-
3:49 - 3:51මෙන්න බොලේ මගේ අත ඉස්සෙනවා ෴
-
3:51 - 3:55තව දුරටත් කියනවානම් :
-
3:55 - 3:59එක අකාලේ වහිනවා වගේ දෙයක් නෙවෙයි ෴
-
3:59 - 4:02සමහර වෙලාවට උඩ එනවා සමහර වෙලාවට නැහැ නෙවෙයි ෴
-
4:02 - 4:04මට අවශ්‍ය හැම වෙලාවටම අත උඩට එනවා ෴
-
4:04 - 4:06හරි, මම දැන් කියන්න යන්නේ එහෙම කොහොමද වෙන්නේ කියන එකයි ෴
-
4:06 - 4:10මම තවම කිසිම අර්ථකතනයක් දීල නැහැ ෴
-
4:10 - 4:12මේ වගේ දෙයක් කිසිම අර්ථ දැක්වීමක් නොකර කරන්න බැහැ ෴
-
4:12 - 4:15බොහොමයක් දෙනා කියන්නේ විඥානය අර්ථ දක්වන්න හරිම අමාරු දෙයක් කියල ෴
-
4:15 - 4:17මම හිතන්නේ නැහැ එක අමාරු වැඩක් කියල,
-
4:17 - 4:20නමුත් විද්‍යාත්මක අර්ථ දැක්වීමක් දෙන්නේ නැත්නම් පමණයි ෴
-
4:20 - 4:22අපි තවම විද්‍යාත්මක අර්ථ දැක්වීමකට සුදානම් නැහැ,
-
4:22 - 4:24නමුත් අපිට සාමාන්‍ය දැනීමෙන් විඥානය අර්ථ දක්වන්න පුළුවනි෴
-
4:24 - 4:26විඥානය හැඟීම් දැනීම සම්බන්ධ සියලුම දේ වලින් සමන්විතයි,
-
4:26 - 4:28එහෙම හරි සම්ප්‍රජානනය හෝ සචේතනය සම්බන්ධ දේ වලින්෴
-
4:28 - 4:32කෙනෙක් රාත්‍රී සුව නින්දකට(සිහින දකින්නේ නැතිව ) පස්සේ,
-
4:32 - 4:35උදේ අවදි වුන මොහොතේ පටන් නැවත රාත්‍රියේ නින්දට යන තෙක්ම,
-
4:35 - 4:38එහෙමත් නැත්නම් ඔහු/ඇය මිය යන තෙක්ම මනස කාර්යබහුලයි ෴
-
4:38 - 4:41සිහින කියන්නෙත් විඥානයේ එක්තරා නිරූපණයක් ෴
-
4:41 - 4:44මේක සාමාන්‍ය දැනීමෙන් ව්‍යුත්පන්න වෙන අර්ථ දැක්වීමක් පමණයි. අපේ අරමුණත් එකයි ෴
-
4:44 - 4:47කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැත්නම් ඔහු විඥානය ගැන කතා කරන්නේ නැහැ ෴
-
4:47 - 4:51නමුත් ඔහු හිතන්න පුළුවන් " එක එහෙම නම්, එක බරපතල ප්‍රශ්නයක් "
-
4:51 - 4:55එහෙම දෙයක් තාත්වික ලෝකයේ පවතිනේ කොහොමද?"
-
4:55 - 4:57ඔබ දර්ශන වාදය විෂයක් ලෙස හදාරලා තියෙනවා නම්,
-
4:57 - 5:00එක තම කය සහ මනස පිළිඹඳ ගැටලුව කියල හඳුන්වන්නේ.
-
5:00 - 5:03මම හිතන්නේ මේකට ඉතාම සරල විසඳුමක් තියෙනවා෴
-
5:03 - 5:07මනසේ සියලුම ආකාරයන් සහ ක්රියාකාරිත්වයන් , කිසිම විශේෂත්වයක් නැතිව,
-
5:07 - 5:13ඇතිවෙන්නේ මොලයේ පහත මට්ටමේ ස්නායු වල (නියුරෝණ වල) ක්‍රියාකාරිත්වය නිසා
-
5:13 - 5:15මේවා හඳුනා ගැනෙන්නේ
-
5:15 - 5:17මොලයේ ඉහල මට්ටමක එහෙමත් නැත්නම් පද්ධතියේ ලක්ෂණ විදියටයි ෴
-
5:17 - 5:20එක වතුරේ තරලමය ස්වභාවය තරමටම ගුප්තයි ෴
-
5:20 - 5:24තරලමය ස්වභාවය කියන්නේ
-
5:24 - 5:25ජල අංශු වලින් පෙරා ගත් දෙයක් නොවෙයි෴
-
5:25 - 5:28තරලමය ස්වභාවය කියන්නේ පද්ධතිය සමස්ථයක් විදියට පවතින ස්වභාවය෴
-
5:28 - 5:33සරාවක තියන තරලමය ජලය ඝන තත්වයට පත්වෙන්න පුළුවන්
-
5:33 - 5:35අංශු වල හැසීරීමට අනුව,
-
5:35 - 5:38ඒ වගේම ඔබේ මොළයටත් පුළුවනි සිහි ඇති තත්වයේ ඉඳන්
-
5:38 - 5:40සිහි නැති තත්වයට යන්න පුළුවනි,
-
5:40 - 5:43එහෙම වෙන්නෙත් අංශු වල හැසිරීම අනුව තමයි෴
-
5:43 - 5:47කය සහ මනස සම්බන්ධ ගැටලුවත් මේ තරම්ම සරලයි ෴
-
5:47 - 5:51හරි, දැන් අපි තරමක් ඊට වඩා අමාරු ගැටළු වලට යොමු වෙමු
-
5:51 - 5:54අපි බලමු විශේෂ ලක්ෂණ මොනවද කියන එක , නියම වශයෙන්ම
-
5:54 - 5:57අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න
-
5:57 - 5:58අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න෴
-
5:58 - 6:02මුල්ම ලක්ෂණය තමයි විඥානය තාත්විකයි, ඒ වගේම ඊට වඩා සරල කොටස් කරන්න බැහැ ෴
-
6:02 - 6:04එක ඉවත් කරන්නත් බැහැ ෴
-
6:04 - 6:08යථාර්ථයේ සහ මායාවේ වෙනස තමයි
-
6:08 - 6:11මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස
-
6:11 - 6:15මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස ෴
-
6:15 - 6:17අපිට පෙනෙන ආකාරයට නම් ;
-
6:17 - 6:18මම "arc-en-ciel" කියන ප්‍රංශ වචනය පරිවර්ථනය කලොත් ;
-
6:18 - 6:21එකේ තේරුම තමයි අහස ආරුක්කුවක් ,
-
6:21 - 6:24එහෙමත් නැත්නම් ඉර කඳු ඉස්මත්තෙන් බැහැල යනවා ෴
-
6:24 - 6:27මේවා නියම ආකාරයෙන් ඒ විදියට සිද්ද වෙන්නේ නැහැ෴
-
6:27 - 6:29නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්
-
6:29 - 6:32නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්,
-
6:32 - 6:36විඥානයේ පැවැත්ම තහවුරු කරන්න මේ තර්කය තහවුරු කරන්න භාවිතා කරන්න බැහැ
-
6:36 - 6:40විඥානයේ පැවැත්ම ගැන කතා කරනවා නම්
-
6:40 - 6:43ඔබට විඥානයක් තියෙනවා කියල ඔබේ වැටහෙනවා නම්
-
6:43 - 6:45ඔබට සවිඥානිකයි ෴
-
6:45 - 6:48විශේෂඥයින් කෙනෙකුට කිව්වොත්
-
6:48 - 6:50"අපි ස්නායු සම්බන්ධ විශේෂඥයෝ , අපි පර්යේෂණයක් කරා
-
6:50 - 6:53අපිට එකෙන් තහවුරු වුන දෙයක් තමයි ඔබ සවිඥානික නැහැ,
-
6:53 - 6:55ඔබ ඉතාමත් හොඳින් හදල තියෙන රෝබෝවක් කියල"
-
6:55 - 6:59ඔහු හිතන්නේ නැහැ "සමහර විට ඔහු නිවැරදි ඇති " කියල
-
6:59 - 7:01ඔබ මොහොතකටවත් එක ඇත්ත කියල හිතන්නේ නැහැ
-
7:01 - 7:04ඩෙකාර්ට් කොච්චර වැරදි උනත් මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු වැරදි නැතිව ඇති
-
7:04 - 7:07කෙනෙක් කවදාවත් තමන්ට මනසක් නැතිව ඇති කියල පිලි ගන්නේ නැහැ ෴
-
7:07 - 7:09හරි එක තමයි විඥානය සම්බන්ධ පළමු ලක්ෂණය ෴
-
7:09 - 7:11තාත්විකයි වගේම ඊට වඩා සරල ආකාරයක් පවතින්නේ නැහැ ෴
-
7:11 - 7:15එක නැති කරන්න බැහැ එක මායාවක් කියල පෙන්නල දීල
-
7:15 - 7:18වෙනත් මායාවන් බොරු කියල පෙන්නලා දෙනවා වගේ
-
7:18 - 7:20දෙවැනි ලක්ෂණය මේකයි
-
7:20 - 7:23මේක අපිට ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති කරපු කාරණාවක්
-
7:23 - 7:25විඥානයේ සියලුම සංවේදනවලට
-
7:25 - 7:28ප්‍රමාණාත්මක ස්වභාවයක් තිබීම තිබීම ෴
-
7:28 - 7:30බීර වීදුරුවක් බීම සම්බන්ධයෙන් දැනෙන දැනීම
-
7:30 - 7:33සහ තමන්ගේ අදායම් බදු ගණන් හදන එක සම්බන්ධයෙන් දැනේන දැනීම වෙනස්
-
7:33 - 7:36ඒ වගේමයි සංගීතයට ඇති කැමැත්ත, මේ ප්‍රමාණාත්මක හැගීම
-
7:36 - 7:39තුන් වෙනි ලක්ෂණයකට හේතු පාදක වෙනවා෴
-
7:39 - 7:43විඥානික තත්වයන් මුලික වශයෙන් මනෝමූලිකයි
-
7:43 - 7:46ඒ කියන්නේ එක පවතින්නේ කෙනෙක් අත්දකින දෙයක් හැටියටයි
-
7:46 - 7:48මිනිසෙක් හේ සතෙක් විසින්,
-
7:48 - 7:50යමක් ඇත දැකිය හැකි ප්‍රාණියෙක් ෴
-
7:50 - 7:52සමහරවිට අපිට සහිත සවිඥානික යන්ත්‍රයක් හදන්න පුළුවන් වේවි
-
7:52 - 7:54නමුත් අපේ මොලය සවිඥානික වෙන්නේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ,
-
7:54 - 7:58ඒ නිසා අපි තවම එහෙම යන්ත්‍රයක් නිර්මාණය කරන්න තත්වයක නැහැ෴
-
7:58 - 8:01හරි, තවත් ලක්ෂණයක් තමයි
-
8:01 - 8:05විඥානය දැනෙන්නේ එකීකෘත ක්ෂේත්රයක් තුලින්෴
-
8:05 - 8:08එක නිසා මට මම ඉදිරිපිට ඉන්න අයගේ දර්ශනයක් තියෙනවා වගේම
-
8:08 - 8:10මගේ කඩ හඬ , මගේ බර දෙපා වලට
-
8:10 - 8:13පොළොවෙන් තෙරපන සංවේදනයත් තියෙනවා. නමුත් ඒවා මගේ දැනෙන්නේ
-
8:13 - 8:16එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට
-
8:16 - 8:18එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට෴
-
8:18 - 8:20මේක තමයි මූලිකම දේ
-
8:20 - 8:22විඥානය සතු අති විශාල බලය තේරුම් ගන්න ෴
-
8:22 - 8:25අපිට තවම බැරි වෙලා තියෙනවා එවන් සංවේදනයක් ඇති රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න ෴
-
8:25 - 8:28රොබෝ විද්‍යාවේ අසාර්ථකත්වයට හේතුවක් තමයි
-
8:28 - 8:30අපි දන්නේ නැහැ කොහොමද සවිඥානික රොබෝ කෙනෙක් හදන්නේ කියල,
-
8:30 - 8:33එකේ ප්‍රතිඵලය තමයි අපිට තාම එවන් යන්ත්‍රයක් නැති වීම෴
-
8:33 - 8:36ඊළඟ ලක්ෂණය තමයි,
-
8:36 - 8:39ඉස්සර වෙලා මම සඳහන් කරපු විශ්මිත සවිඥානික ක්ෂේත්රය
-
8:39 - 8:42අපෙ හැසිරීමට හේතු පාදක වීම෴
-
8:42 - 8:45මම මුලින් උදාහරණයක් දුන්න මගේ අත එසවීම ගැන
-
8:45 - 8:46නමුත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද ?
-
8:46 - 8:50කොහොමද මගේ මොලේ ඇති වන සිතිවිල්ලක්
-
8:50 - 8:52භෞතික වස්තුවක් චලනය කරවන්නේ
-
8:52 - 8:54මම කියන්නම් කොහොමද කියල ෴
-
8:54 - 8:56අපි දන්නේ නැහැ සවිස්තරාත්මක උත්තරය,
-
8:56 - 8:59නමුත් අපි දන්නවා මුලික කාරණා මොනවද කියල,
-
8:59 - 9:01නියුරෝන සමූහයක් උත්තේජනය වුණාම
-
9:01 - 9:04එහි ප්‍රතිඵලය තමයි ඇසිට්යිල්-කොලින්
-
9:04 - 9:07නියුරෝනයේ ආවේගවාහකයේ කෙලවරින් පිටවීම
-
9:07 - 9:09සමා වෙන්න දාර්ශනික වචන පාවිච්චි කරනවට,
-
9:09 - 9:13නමුත් එහෙම උනහම,
-
9:13 - 9:16ඒ සමගම සිද්ධ වෙන ක්‍රියාවලිය එක්කම තමයි
-
9:16 - 9:18අත එසවෙන්නෙ෴
-
9:18 - 9:20මම කියපු දේ ගැන තව ටිකක් හිතන්න
-
9:20 - 9:22මුලින් කතා කරපු,
-
9:22 - 9:25අත එසවීමේ ක්‍රියාවලිය සඳහා මම ගන්න තීරණයේ
-
9:25 - 9:27ස්වභාවය , අනිත්
-
9:27 - 9:30බාහිර සංවේදනවල සහ අධ්‍යාත්මික හැගීම්වල ස්වභාවයට සමානයි
-
9:30 - 9:32එක මගේ හිතේ සිතුවිල්ලක් පමණයි, ඒත් එක්කම
-
9:32 - 9:34මුලින් සඳහන් කරපු ඇසිටයිල් කොලින් පිටවීම වගේ
-
9:34 - 9:35අනෙකාකාර ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා
-
9:35 - 9:38ඒ අතරේ තමයි සංඥාව මොලයේ ඉඳන්
-
9:38 - 9:41ස්නායු ඔස්සේ අතේ ස්නායු වලට එන්නේ෴
-
9:41 - 9:45මේකෙන් අදහස් වෙන්නේ අපි මෙපමණ කාලයක් භාවිතා කරපු වචන මාලාව
-
9:45 - 9:48අද වෙනකොට යල් පැනල෴
-
9:48 - 9:51එකම ක්‍රියාකාරකමක් සලකල බැලුවම, එක මට්ටමක් තියෙනවා
-
9:51 - 9:54ස්නායු සම්බන්ධ, තවත් මට්ටමක් තියෙනවා මානසිකව සිද්ධ වෙන ,
-
9:54 - 9:57, නමුත් දෙකම එකම ක්‍රියාවකට සම්බන්ධයි,
-
9:57 - 9:59එකයි ස්වභාවය. එක නිසා තමයි විඥානය ක්‍රියාවකට
-
9:59 - 10:02හේතු පාදක වෙන්නේ෴
-
10:02 - 10:05හරි, දැන් අපි මේ කතා කල සියල්ල මතක තියාගෙන
-
10:05 - 10:08විඥානයේ ලක්ෂණත්
-
10:08 - 10:11අපි මුලින් කතා කල ප්‍රශ්න වල උත්තර හොයන්න බලමු ෴
-
10:11 - 10:14මුල්ම ප්රශ්නය තමයි , විඥානයක් තියනවද නැතිද කියන එක
-
10:14 - 10:16එක මිත්‍යාවක්ද කියන එක. අපි ඒක කතා කරපු නිසා
-
10:16 - 10:18ඒ ගැන තවත් කතා කරන්න අවශ්‍ය නැහැ ෴
-
10:18 - 10:22නමුත් ඉතාම වැදගත් ප්රශ්නය
-
10:22 - 10:23අපි කතා කරේ නැහැ,
-
10:23 - 10:27"විඥානය පවතිනවානම් එක අපි දන්නා දෙය නෙවෙයි "
-
10:27 - 10:30අපි දන්නා හැටියට විඥානය මොලය තුල වැඩ කරන පරිගණක වැඩසටහනක් වගේ
-
10:30 - 10:33කෙනෙක් හිතන්න පුළුවන් විඥානය නිර්මාණය කරන්න නම් අප කල යුත්තේ
-
10:33 - 10:34නිවැරදි වැඩසටහන තෝරා ගැනීමයි කියල ෴
-
10:34 - 10:37දෘඩකාංග එතරම් වැදගත් නැහැ෴
-
10:37 - 10:40වැදගත් වෙන කාරණය තමයි වැඩසටහන දුවන්න තරම් දෘඩකාංග ප්‍රමානවත්ද කියන එකයි
-
10:40 - 10:43දැන් අපි දන්නවා ඒ අදහස නිවැරදි නොවෙන බව ෴
-
10:43 - 10:46පරිගණක ගැන සුළු වශයන් හෝ දන්න කෙනෙකුට
-
10:46 - 10:48මේක වැරදි බව හිතා ගන්න පුළුවනි ,හේතුව තමයි ගණනය කිරීම්
-
10:48 - 10:51අර්ථ දක්වල තියෙන්නේ සංකේත හැසිරවීම මගින් වීම,
-
10:51 - 10:53සාමාන්‍ය පිලි ගැනීම තමයි බින්දු සහ එක සංකේත ඇසුරෙන් කියල නමුත් මේකට ඕනෙම සංකේතයක් භාවිතා කරන්න පුළුවනි ෴
-
10:53 - 10:57ඇල්ගොරිතමයක් ගත්තොත් එක ක්‍රමලේඛනය කරන්න පුළුවන්
-
10:57 - 11:00ද්විමය අංකනයක් භාවිතයෙන් . එක පරිගණක වැඩසටහනක ප්‍රධාන ලක්ෂණයක්
-
11:00 - 11:02එක පරිගණක වැඩසටහනක ප්‍රධාන ලක්ෂණයක් ෴
-
11:02 - 11:06නමුත් අපි දන්නවා එක හුදෙක් පද ගැලපීමක් . එක සංකේතාත්මකය දෙයක්
-
11:06 - 11:10අපි දන්නවා මනුෂ්‍ය විඥානය එතනින් ඔබ්බට යන දෙයක්
-
11:10 - 11:13එහි අන්තර්ගතයක් තියෙනවා පද ගැලපීමකට වඩා .
-
11:13 - 11:14එහි අර්ථයක් තියනවා විඥාන
-
11:14 - 11:17මේ තර්කය මම භාවිතා කලා අවුරුදු 30
-
11:17 - 11:18හ්ම්ම්.. මට හරියටම කල්පනාවක් නැහැ
-
11:18 - 11:19එත් අවුරුදු 30 කට එහා
-
11:19 - 11:22නමුත් මම කියපු දෙයින් ඊට වඩා ගැඹුරු දෙයක් ගම්‍ය වෙනවා,
-
11:22 - 11:25මම ඒ තර්කය කෙටියෙන් ඉදිරිපත් කරන්නම්,
-
11:25 - 11:30එක තමයි විඥානය ඇති කරන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින යථාර්තයක්
-
11:30 - 11:33එයින් ඇති කරන යථාර්ථය මුදල්, දේපොළ , රජයන්
-
11:33 - 11:37විවාහය , සම්මන්ත්රණ
-
11:37 - 11:40මධුවිත සාද සහ නිවාඩු කාල වගේ දේවල් වෙන්න පුළුවන්,
-
11:40 - 11:42මේ ඔක්කොම අපේ මනසේ නිර්මාණ෴
-
11:42 - 11:45ඉහත සඳහන් කරපු සියලුම දේවල පැවැත්ම නිරීක්ෂකයට සාපේක්ෂයි෴
-
11:45 - 11:49අපි මනසට සාපේක්ෂ නිර්ණායක තුලින් කඩදාසි කොලයක්
-
11:49 - 11:52මුදල් කියල සහ ගොඩනැගිලි එකතුවක් විශ්ව විද්‍යාලයක් කියල අර්ථ කථනය කරගන්නවා෴
-
11:52 - 11:55දැන් ඔබ ඔබගෙන්ම අහල බලන්න ගණනය කිරීම් සම්බන්ධයෙන්෴
-
11:55 - 11:59ඒවා බලය , ස්කන්ධය ගුරුත්වාකර්ෂණ බලය වගේ නියතයන්ද?
-
11:59 - 12:01එහෙම නැතිනම් නිරික්ෂකයට සාපේක්ෂ දෙයක්ද?
-
12:01 - 12:05ඇතැම් ගණනය කිරීම් නෛසර්ගිකයි෴
-
12:05 - 12:07දෙකයි දෙකයි එකතු කලහම උත්තරය හතරයි෴
-
12:07 - 12:09එක ගණනය කිරීම කරන පුද්ගලයාගෙන් ස්වයත්තයි෴
-
12:09 - 12:12නමුත් මම මගේ ගණක යන්ත්‍රය(කල්කියුලේටරය) මගින්
-
12:12 - 12:16මේ ගණනය කිරීම කරනකොට සිද්ධ වෙන එකම නෛසර්ගික සංසිද්ධිය
-
12:16 - 12:19තමයි ඉලෙක්ට්‍රොනික පරිපථ සහ ඒවායේ හැසිරීම෴
-
12:19 - 12:21එක තමයි එකම ස්වභාවික සිද්ධිය෴
-
12:21 - 12:23අනිත් සියලුම දේ අප විසින් අර්ථ කථනය කරගන්න දේවල්෴
-
12:23 - 12:27ගණනය කිරිම සිද්ධ වෙන්නේ සාපේක්ෂවයි෴
-
12:27 - 12:30එක්කෝ සවිඥානික දෙයක් හෝ කෙනෙක් ගණනය කිරීම කරනවා,
-
12:30 - 12:33එහෙමත් නැතිනම් ඔහුට හෝ ඇයට ගණනය කිරීම් අර්ථකථනය කරන යන්ත්‍රයක් තියෙනවා ෴
-
12:33 - 12:36එකෙන් අදහස් වෙන්නේ නැහැ ගණනය කිරීම් අහම්බයක් කියල ෴
-
12:36 - 12:39මම මුදල් ගොඩක් වියදම් කරනවා යම් දෘඩකාංග මිලදී ගන්න ෴
-
12:39 - 12:41අපිට කලක් ඉඳන් ව්‍යාකුල බවක් තියෙනවා,
-
12:41 - 12:46මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්‍රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴
-
12:46 - 12:49මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්‍රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴
-
12:49 - 12:53මගේ කතාවේ මේ කොටසින් මම අදහස් කරන්නේ :
-
12:53 - 12:56විශයමුලික විද්‍යාවක් අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා,
-
12:56 - 12:59සාධක සහන කරුණු මත පදනම් වූ නිගමන වලට එන විද්‍යාවක්,
-
12:59 - 13:03මනොමුලික දේවල් පිලිඹඳව ,
-
13:03 - 13:06මොලය තුල පවතින,
-
13:06 - 13:08මානසික අවස්ථා වලින් හෝ සංවේදන හෝ සම්ප්‍රජානන වලින් සමන්විත ෴
-
13:08 - 13:10මානසික අවස්ථා වලින් හෝ සංවේදන හේ සම්ප්‍රජානන වලින් සමන්විත ෴
-
13:10 - 13:14ඒ නිසා විඥානය පිලිඹඳ විෂයමූලික විද්‍යාවක් පවතින්න බැහැ කියන්න බැහැ
-
13:14 - 13:18මානසික තත්වයක් නමුත් විද්‍යාව විෂය මූලික නිසාය කියන කතාව විහිළුවක් බවට පත් වෙනවා ෴
-
13:18 - 13:21ඒ විතරක් නෙවෙයි එක ඉතාම නරක විහිළුවක්෴
-
13:21 - 13:23කෙනෙකුට පුළුවන් විෂය මූලික කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි,
-
13:23 - 13:27පැවැත්ම මනොමුලික වූ විශයපතයක් සම්බන්ධව,
-
13:27 - 13:29ඒක තමයි ස්නායු විශේෂඥයෝ කරන්නේ ෴
-
13:29 - 13:31මම අදහස් කරන්නේ කෙනෙකුට වේදනාවෙන් දුක් විඳිනකොට
-
13:31 - 13:34ඒ ඔස්සේ නිගමන වලට එන්න තමයි ස්නායු විශේෂඥයෝ උත්සාහ කරන්නේ ෴
-
13:34 - 13:36හොඳයි, මම කිව්වා මිත්‍යා මත බොරු කියල ඔප්පු කරනවා කියල
-
13:36 - 13:38නමුත් මට මහා විසාල කාලයක් නැහැ,
-
13:38 - 13:40මම තවත් කිහිපයක් ගැන කතා කරන්නම්෴
-
13:40 - 13:42මම කලින් කිව්වා චර්යාවාදය
-
13:42 - 13:45බුද්ධිමත් සමාජය ඉතාමත් අපහසුතාවයකට පත් කරපු කාරණාව වෙන්න පුළුවන් කියල,
-
13:45 - 13:48එක මොහොතක් ඒ ගැන කල්පනා කරනකොටම එක ප්‍රතික්ෂේප වෙනවා ෴
-
13:48 - 13:51කෙනෙකුගේ මනස හැසිරීමට සර්වප්රකාරයෙන් එකඟ වෙනවද ?
-
13:51 - 13:54හිතල බලන්න වේදනාව දැනීම සහ
-
13:54 - 13:56වේදනාව දැනෙන කෙනෙකුගේ හැසිරීම් රටාව
-
13:56 - 13:58මම කරලා පෙන්නුවේ නැති උනත් කියන්න පුළුවන්
-
13:58 - 14:00මට මහා වේදනාත්මක දෙයක් දැනෙන්නේ නැහැ කියල ෴
-
14:00 - 14:04එහෙනම් එක පැහැදිලිවම වැරැද්දක්.ඇයි කෙනෙක් එහෙම වැරැද්දක් කරන්නේ ?
-
14:04 - 14:06වැරැද්ද තමයි, කෙනෙකුට අවශ්‍ය නම මේ ගැන පසුව කියවන්න,
-
14:06 - 14:08ඔබට නැවත නැවතත් පෙනේවි , දත්ත දිහා බැලුවොත්
-
14:08 - 14:12ඔබ හිතුවොත් මනස කියන්නේ ඊට වඩා කොටස් කරන්න බැරි දෙයක් කියල
-
14:12 - 14:15ඔබ විද්‍යාව නොසලකා හරිනවා
-
14:15 - 14:18ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා
-
14:18 - 14:20ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා
-
14:20 - 14:23මගේ මේ දේශන්යෙන් ඔබට කියන්න හදන්නේ,
-
14:23 - 14:25මනස කියන්නේ
-
14:25 - 14:28සම්පුර්ණයෙන්ම ජීව විද්‍යාත්මක සංසිද්ධියක්
-
14:28 - 14:30එය විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ විග්රහ කල යුතුයි
-
14:30 - 14:32අනෙත් සියලුම ජීව විද්‍යා විෂය පථයන් වගේ ,
-
14:32 - 14:34හරියටම කියනවා නම් අනෙක් සියලුම විද්‍යාත්මක විෂයන් වගේ.
-
14:34 - 14:36දේශනයට සවන් දුන් ඔබ සැමට බොහොම ස්තුතියි ෴
-
14:36 - 14:41(අත්පොලසන්)
- Title:
- අප කටත් පොදු විඥානය -- ජෝන් ස'ර්ල්
- Speaker:
- John Searle
- Description:
-
දාර්ශනික ජෝන් ස'ර්ල් මනුෂ්‍ය පිලිබඳ හැදෑරීම පිලිඹඳව කරුණු දක්වන අතරම ඒ පිලිඹ ඳ අධ්‍යයනය කිරීමට පොදුවේ පවතින විරෝධතා ක්‍රමානුකුලව බිඳ දමනවා අප අපේ සංවේදන සහ සංජානන වලට සම්බන්ධ මොලයේ ක්‍රියාකාරිත්වය පිලිඹඳව අළුත් දෑ සොයා ගන්නා විට යනු ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බව පිලිගැනීම ඉතාම වැදගත් පළමු පියවරයි. යනු පරිඝනක ක්‍රමලේඛයක් නොවන බව ඔහු අවධාරණය කරයි ෴
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 14:59
Dulini Mudunkotuwa approved Sinhala subtitles for Our shared condition -- consciousness | ||
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for Our shared condition -- consciousness | ||
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness | ||
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness | ||
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness | ||
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness | ||
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness | ||
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness |