Return to Video

භාවනාවට සිත පෙළඹවන්නේ කෙසේද | අජාන් බ්‍රහ්ම්

  • 0:00 - 0:04
    ඇයි සමහරවිට අපට භාවනා කරන්න
    කොහෙත්ම කැමැත්තක් ඇති නොවන්නේ?
  • 0:04 - 0:07
    සමහර විට මේ ගතිය දින ගණනක්
    පවතිනවා. කුමක් ද කල යුත්තේ ?
  • 0:07 - 0:09
    දිගටම භාවනා කරන්න වෙර දරනවාද?
  • 0:09 - 0:12
    නැතිනම් අත් හැරලා පොතක් කියවන්න,
    බණක් අසන්න වාගේ දේකට යොමු වෙනවාද;
  • 0:12 - 0:13
    යලි භාවනාවට වැටුන විට
  • 0:13 - 0:16
    කාලයක් ගත වෙනවා හොඳ සමාධියක්
    ලබා ගන්නට. සමහර විට මාස ගණනක්
  • 0:16 - 0:18
    ඒ ඇයි? ස්තූතියි
  • 0:18 - 0:23
    ඒ සමහර විට කලින් අවස්ථා වලදී ඔබ
    ඔබේ මනසට වද දිලා ඇති
  • 0:23 - 0:26
    ඒකයි භාවනාවට අකමැති වන්නේ
  • 0:26 - 0:28
    ඔබ එයින් තුවාල වුනු කෙනෙක් වෙලා
  • 0:28 - 0:33
    සැරයක් මාව භාවනා වැඩසටහනකට
    එක්ක යන්න කෙනෙක් ආවා
  • 0:33 - 0:36
    සිඩ්නි නුවර භාවනා මධ්‍යස්ථානයකට
  • 0:36 - 0:39
    එයා වාහනය පැදවුවා
    මම භාවනා වැඩසටහන මෙහෙයවන්නයි යන්නේ
  • 0:39 - 0:41
    එයා කියනවා "මම ඒ
    මධ්‍යස්ථානයට යන්න අකමැතියි"
  • 0:41 - 0:45
    "නමුත් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්
    එනිසා යන්නම වෙනවා" කියලා
  • 0:45 - 0:48
    මම ඇසුවා "ඒ තැන ඇති වරද මොකක්ද?"
  • 0:48 - 0:51
    එයා කියනවා හරිම අසීරුයි
    පැය ගණන් වාඩි වෙලා ඉන්න ඕන කියලා
  • 0:51 - 0:54
    හරිම කම්මැලි හිතෙනවා කියලා
  • 0:54 - 0:59
    එයා ඒ භාවනා මධ්‍යස්ථානයට නම දාලා තියෙන්නේ
    'වධකාගාරය' කියලා
  • 0:59 - 1:03
    ඉතින් භාවනාවට යන සෑම වාරයක්ම
    වධකාගාරයට යෑමක් වෙලා
  • 1:03 - 1:07
    මොකද සමහර විට ඒ මහත්තයාට භාවනාවෙන්
    සතුටක් ප්‍රමෝදයක් ලැබෙන්නේ නැහැ
  • 1:07 - 1:09
    හරි විඩාවක් පමණයි.
  • 1:09 - 1:13
    සමහර භාවනා වැඩසටහන් වලදී
    හිඳගෙනම ඉන්න ඕන
  • 1:13 - 1:17
    හැමෝම එන්න ඕන,
    මිනිත්තු 45කින් 50කින් පසු සීනුව නාද කරනවා
  • 1:17 - 1:19
    එතකොට හැමෝම සක්මන් කරන්න ඕන
  • 1:19 - 1:22
    ආයෙත් සීනුව නාද කරනවා
    ආයෙත් සක්මන් කරනවා
  • 1:22 - 1:25
    ඒ වාගේ භාවනා වැඩ සටහන් වලින් වෙන්නේ
  • 1:25 - 1:28
    සිත භාවනා කරන්න අකමැති වෙන එකයි
  • 1:28 - 1:31
    හරියට වධකාගාරයකට නැතිනම්
    දන්ත වෛද්‍යවරයකු ලඟට යනවා වාගේ වෙනවා
  • 1:31 - 1:33
    යන්නේ යන්නම ඕන නිසා විතරයි
  • 1:33 - 1:36
    ඉතින් පේනවානේ සිත භාවනාවට
    අකමැති වෙන්නේ ඇයි කියලා
  • 1:36 - 1:39
    ඒ වාගේ බල කරනවිට
  • 1:39 - 1:43
    සිත භාවනාව සලකන්නේ
    වධකාගාරයකට යනවා වාගේ.
  • 1:43 - 1:46
    ඉතින් මම ඒ හාදයාට කිවුවා
    "හරි, මේ වැඩ සටහනේ දී"
  • 1:46 - 1:50
    "බලන්න භාවනා මධ්‍යස්ථානය දිහා
    විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විධියට "
  • 1:50 - 1:52
    "වධකාගාරයක් වගේ නෙමෙයි" කියලා
  • 1:52 - 1:54
    ඉතින් මම සතුට උපදවන විහිළු
    ගොඩාක් කිවුවා
  • 1:54 - 1:56
    භාවනාව අපට සතුට ගෙන දෙන දෙයක්
    ලෙස බැලූ විට
  • 1:56 - 2:01
    එය අපිට තරන්න කැමති දෙයක් වෙනවා;
    අප කල යුතු දෙයක් වන්නේ නැහැ
  • 2:01 - 2:07
    ඉතින් සාමකාමී ප්‍රීතිමත් භාවනාවන් තුලින්
    භාවනාවට ඔබව පොළඹවා ගන්න
  • 2:07 - 2:10
    භාවනා කරන්න ඕන වෙන්න
  • 2:10 - 2:15
    මම මේක මගේ අත් දැකීමෙන්ම දන්නා කරුණක්.
  • 2:15 - 2:17
    මොකද මම ගිහියකුව සිටියදී
  • 2:17 - 2:20
    මුල් වසර වලදී මම නොවරදාම වාගේ
    උදේට භාවනා කලා
  • 2:20 - 2:23
    නමුත් දන්නවානේ ගිහි ජීවිතය
    කාර්ය බහුල වෙනවා
  • 2:23 - 2:26
    ඉතින් දවසක් දෙකක් උදේට භාවනා
    කරන්න වෙන්නේ නැහැ;
  • 2:26 - 2:28
    එහෙම වෙලා ටික කලකට පස්සේ මම
    භාවනා නොකරම ගියා
  • 2:28 - 2:32
    ඊට පස්සේ මට මතකයි මම කොහේ නමුත්
    තේ හෝ කෝපි බොන ගමන්
  • 2:32 - 2:35
    මට හිතෙන්නේ ඉන්දියාවේ සංචාරයකදී
    මට හරියට මතක නැහැ
  • 2:35 - 2:38
    ජර්මන් ජාතිකයෙක් සමඟ සතුටු සාමීචියක යෙදුනා
  • 2:38 - 2:42
    මම ඒ තැනැත්තාට කිවුවා
    මම ඉස්සර භාවනා කරනවා කියලා
  • 2:42 - 2:44
    ඒ කෙනා ඇසුවා
    'ඇයි භාවනාව අත් හැරියේ කියලා'
  • 2:44 - 2:48
    ආ..... වැඩි ප්‍රගතියක් තිබුනේ නැහැ
    මට කම්මැලි හිතුනා
  • 2:48 - 2:49
    ඔහු මට උපදෙසක් දුන්නා
  • 2:49 - 2:52
    ඒ උපදෙස මාව සපුරා වෙනස් කලා
  • 2:52 - 2:56
    මාව නැවත භාවනාවට යොමු කරලා
    භාවනාවෙන් සතුටු වන්නට උදව් වුනා
  • 2:56 - 3:00
    ඒ ඇත්තා කිවුවා, සෑම භාවනාවකටම පසුවම
    අපි මද විවේකයක් අරගෙන
  • 3:00 - 3:04
    තමන්ගෙන් විමසා සිටිය යුතුයි කියලා
    "දැන් මට කොහොමඳ" කියලා
  • 3:04 - 3:08
    ඔහු කිවා අපි අසාර්ථකයි කියා ගන්නා
    භාවනා වාරවලදීත්
  • 3:08 - 3:10
    අපි සෑහෙන ප්‍රගතියක් ලබා ගන්නවා කියලා
  • 3:10 - 3:14
    සෑම භාවනා වාරයකටම පසුම අපිට
    සතුටක් සාමකාමී බවක් දැනෙනවා
  • 3:14 - 3:17
    එය ඉතා ප්‍රබල උපදෙසක්
  • 3:17 - 3:19
    මොකද මම භාවනා නොකලේ
  • 3:19 - 3:21
    භාවනාව වැඩ කරන්නේ නැහැ කියලා
    හිතුන නිසයි
  • 3:21 - 3:24
    ප්‍රගතියක් නැහැ කියලා
    කාලය නාස්ති කිරීමක් කියලා හිතුන නිසයි
  • 3:24 - 3:27
    හේතුව වූනේ මම භාවනාව අවසාන වු විගසම
  • 3:27 - 3:28
    නැගිටලා වෙනින් වැඩක යෙදෙනවා
  • 3:28 - 3:32
    විරාමයක් ගත්තේ නැහැ මොකද උනේ කියලා
    මෙනෙහි කරන්නට
  • 3:33 - 3:35
    දැන් නොලමාරා නගරයේ මගේ දේශනා වලට
    සවන්දෙන අය දන්නවා
  • 3:35 - 3:37
    මම එය නොවරදවාම කරනවා
  • 3:37 - 3:39
    සෑම භාවනා සැසියතට පසුවම
  • 3:39 - 3:44
    මම කියනවා "දැන් භාවනාව අවසාන වෙන්නටයි
    යන්නෙ, ඔය අයට මොනවගේද දැනෙන්නේ? "කියලා
  • 3:45 - 3:50
    "භාවනාව ගතට සිතට මොනවාගේ
    බලපෑමක්ද ඇති කලේ"
  • 3:50 - 3:54
    "කොයි තරම් සාමකාමී බවක්, නිදහසක්
    සතුටක් ඔබට දැනෙනවාද?"
  • 3:55 - 3:58
    මම එහෙම කරන්නේ මම දන්නවා
    සෑම භාවනා වාරයකට පසුවම
  • 3:58 - 4:01
    සාර්ථක නැතැයි කියා සිතන භාවනා
    වාරයකට පසුවත්
  • 4:01 - 4:04
    ඔබට වඩා සාමකාමීබවක්, වඩා නිදහසක්
    දැනෙනවා
  • 4:04 - 4:08
    පටන් ගැන්මට වඩා තෘප්තිමත් ස්වභාවයක් දැනෙනවා
  • 4:08 - 4:10
    භාවනාව ප්‍රතිපල ගෙන දෙනවා
  • 4:10 - 4:14
    ඉතින් සෑම භාවනා සැසියතටම පසු
    එසේ ආවර්ජනා කලහොත්
  • 4:14 - 4:17
    භාවනාවේ වටිනාකම
    ඔබට අවබෝධ වෙනවා, ඔබ අත් දකිනවා,
  • 4:17 - 4:18
    ප්‍රතිපල තියෙනවා
  • 4:18 - 4:22
    ඒ නිසා භාවනා කරන්න කැමති වෙනවා
  • 4:22 - 4:25
    භාවනා කරන්න උවමනා වෙනවා
    භාවනාවේ ආනිසංස දකිනවා
  • 4:25 - 4:31
    එවිට ඔබ "මට භාවනා කරන්න බැහැ" කියලා
    හිතෙන්නේ නැහැ භාවනා කරන්න ඕන වෙනවා
  • 4:31 - 4:35
    බුදුරජාණනාවහන්සේ පැවසූ ඇකාරයට
    භාවනා කරන්න නැඹුරු කෙනෙකු
  • 4:35 - 4:38
    හරියට 'බල්ලාව ඇවිදින්න අරන් යනවා වාගේ'
  • 4:38 - 4:41
    ඔබ පටිය අරගෙන සැරසෙන විටම
  • 4:41 - 4:44
    බල්ලා නගුට වනනවා. එයා දන්නවා
    ඇවිදින්න අරන් යන විත්තිය
  • 4:44 - 4:48
    බල්ලෙකුව ඇවිදින්න බල කරන්න ඕන නැහැනේ;
    එයා ඇවිදින්න කැමතියි.
  • 4:48 - 4:50
    එයා හරියට විනෝද වෙනවා
  • 4:50 - 4:54
    ඒ වාගේම තමයි අපේ මනස;
    භාවනා කරන්න සූදානම් වෙන විට සතුටු වෙනවා
  • 4:54 - 4:58
    "ෂෝක් මාව භාවනා කරන්න අරන් යනවා"
  • 4:58 - 5:00
    ඉතින් ඔබ භාවනා කරන්න හරිම කැමතියි
  • 5:00 - 5:04
    ඉතින් භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය,
    ප්‍රතිලාභ දකිනවා
  • 5:04 - 5:05
    ප්‍රතිලාභ හොඳින් වැටහෙනවා
  • 5:05 - 5:09
    එවිට භාවනා කරන්න හිතෙනවා.
    කරන්නත් පහසු වෙනවා
  • 5:09 - 5:12
    ප්‍රතිලාභ දකින්නේ නැති නම්
    ප්‍රීති ප්‍රමෝදයක් නැති නම්
  • 5:12 - 5:16
    අත් හැරෙනවා.... නැති වෙලා යනවා
  • 5:16 - 5:21
    ඉතින් විශේෂයෙන්ම භාවනාව මහත්
    ප්‍රීති ප්‍රමෝදයක් ගෙන දෙන විට
  • 5:21 - 5:24
    ඔබට එහි අගය වැටහෙනවා
  • 5:24 - 5:28
    භාවනා කරන්න හරිම කැමතියී
    රුපවාහිනිය බලනවාට වඩා ප්‍රිය වෙනවා
  • 5:28 - 5:31
    තමන්ගේ සිත දෙසට යොමුවෙලා
    සතුටක් සාමකාමි බවක් ලබන්න
  • 5:31 - 5:34
    ජීවිතයෙන් තව මොනවාද අවශ්‍ය?
Title:
භාවනාවට සිත පෙළඹවන්නේ කෙසේද | අජාන් බ්‍රහ්ම්
Description:

භාවනාවට මැලි කමක් ඇති අවස්ථා වලදී අපි කුමක් කල යුතුද? දිගටම වෙර දැරිය යුතුද නැතිනම් වෙන දෙයකට යොමු විය යුතුද? භාවනාවට ඇති අකමැත්ත සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව අජාන් බ්‍රහ්ම් උපදෙස් ලබා දෙයි.

BSWA සමාජයට Patreon පද්ධතිය උපයෝගී කරමින් අන්තර්ජාලය ඔස්සේ ධර්මය බෙදා හැරීමට සහාය වන්න: https://www.patreon.com/BuddhistSocietyWA

more » « less
Video Language:
English
Team:
Buddhist Society of Western Australia
Project:
Dhamma Shorts
Duration:
05:36

Sinhala subtitles

Revisions