Return to Video

අංගුත්තර නිකාය 10.61 (10.2.2.1.) අවිජ්ජා සූත්‍රය (පළමු කොටස) | අජාන් බ්‍රහ්මාලි | 13 නොවැම්බර 2016

  • 0:00 - 0:03
    "අවිද්‍යාවේ මුල් කෙළවරක් නො පෙනේ... "
    යන මෙම වාක්‍ය ඛණ්ඩය
  • 0:03 - 0:05
    සූත්‍ර දේශනා ගණනාවක තියෙනවා
  • 0:05 - 0:07
    සුළු වෙනස්කම් සමඟ
    දකින්න ලැබෙනවා
  • 0:07 - 0:10
    සමහර විට කියවෙනවා
    "පැවැත්මේ මුල් පුරුකක් දකින්නට නැහැ" කියලා
  • 0:10 - 0:13
    සමහර විට කියවෙනවා
    "අවිද්‍යාවට මුල් පුරුකක් දකින්නට නැහැ".
  • 0:13 - 0:14
    මෙවැනි සුළු වෙනස් කම් සමඟ සඳහන් වෙනවා
  • 0:14 - 0:18
    නමුත් සමහර බෞද්ධ සම්ප්‍රදායන්වල
  • 0:18 - 0:23
    "අවිද්‍යාවට මුල් පුරුකක්, ආරම්භයක් නැහැ"
    කියලා සඳහන් වෙනවා
  • 0:23 - 0:26
    පෙනෙනවා ද හරි පහසුවෙන් පිම්මක් ගත් ආකාරය
  • 0:26 - 0:28
    'මුල් පුරුකක් ‌දකින්නට නැහැ'
    කියන ‌තැනින්
  • 0:28 - 0:30
    'මුල් පුරුකක් නැහැ' කියන තැනට
  • 0:30 - 0:33
    ඉතින් බොහෝ අය මේවා කියවන විට හිතනවා
  • 0:33 - 0:35
    අහ්! අවිද්‍යාවට මූලාරම්භයක් නැහැ..
  • 0:35 - 0:37
    නමුත් ඇත්තට කියවෙන්නේ එය නොවේ
  • 0:37 - 0:39
    "අවිද්‍යාවේ ආරම්භයක් දකින්නට නැහැ"
    කියන එකයි.
  • 0:40 - 0:42
    ඒ දෙක අතරේ ලොකු වෙනසක් තියනවා.
  • 0:42 - 0:45
    මෙයින් පෙනෙනවා, බුදු දහම පරිවර්තනය වන අයුර
  • 0:45 - 0:50
    ආරම්භයක් නැහැ කීවොත්
  • 0:50 - 0:53
    ඔබ එය එසේ බව දන්නේ කොහොමද?
  • 0:53 - 0:56
    එය එසේ යයි දැන ගන්නට නම් කාලයේ පස්සට ගොස්
  • 0:56 - 0:59
    ඒ ආරම්භය දකින්න වෙනවා.
  • 0:59 - 1:01
    කල හැකි එකම ක්‍රමය එය විය යුතුයි.
  • 1:01 - 1:04
    අනුමාන කිරීමකින් හෝ
    අපෝහනයෙන්
  • 1:04 - 1:06
    එළඹිය හැකි දැයි මම දන්නේ නැහැ
  • 1:06 - 1:07
    නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ
  • 1:07 - 1:10
    උන්වහන්සේ කාලයේ පසුපසට ගොස් ....
  • 1:10 - 1:12
    බුදුරජාණන් වහන්සේ පෙර භව ගණනක්
  • 1:12 - 1:14
    ආවර්ජනය කල බවට සඳහන් වෙනවා
  • 1:14 - 1:17
    මට පෙනුණ තරමට මට මුල් ආරම්භයක්
    දකින්නට තිබුණේ නැහැ.
  • 1:18 - 1:20
    එය ප්‍රත්‍යක්ෂ මූලික ප්‍රකාශයක්
  • 1:20 - 1:23
    උන්වහන්සේ දැක ඇති දේ සහ
    නො දැකපු දේ පිළිබඳ ව
  • 1:23 - 1:29
    මෙම ප්‍රවේශය බෙහෙවින් වෙනස්
    ලොව පවතින බොහෝ දර්ශන හෝ ආගම් ‍වලට වඩා.
  • 1:29 - 1:35
    බොහෝ ආගම් තුල මූලික පදනමක් වන්නේ
    ලොව ආරම්භ වූ ආකාරය පෙන්වීමයි
  • 1:35 - 1:36
    එහෙම නේද?
  • 1:36 - 1:41
    පරණ ගිවිසුමේ උප්පත්ති පරිච්ඡේදය,
  • 1:41 - 1:42
    එහි සඳහන් වන්නේ
  • 1:42 - 1:44
    මූලාරම්භය (ජෙනසිස්) කියන්නේ
    හට ගැනීම ගැනයි නේද?
  • 1:44 - 1:46
    පැවැත්මේ හට ගැනීම කියන තේරුමයි
  • 1:46 - 1:47
    ජෙනසිස් කියන්නේ.
  • 1:47 - 1:50
    උදා වීම, ලෝක පැවැත්මේ හට ගැනීමයි
  • 1:50 - 1:51
    ඒ එහි විස්තර වෙන්නේ.
  • 1:51 - 1:54
    ආගම් වැඩි ගණනක මෙය සඳහන් වෙනවා
  • 1:54 - 1:56
    හින්දු ආගමත් එසේමයි.
  • 1:56 - 2:00
    සෑහෙන පුරා කථා පවතිනවා
    පැවැත්මේ ආරම්භය ගැන.
  • 2:00 - 2:03
    මට හිතෙන්නේ එය මිනිස් ස්වභාවයේ පැතිකඩයක්
  • 2:03 - 2:06
    අපට අවශ්‍යයි මේ දේවල් ගැන
    පැහැදිලි කිරීමක්.
  • 2:06 - 2:07
    ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා:
  • 2:07 - 2:09
    'ඇත්තටම මුල් පුරුකක් නැහැ' කියලා
  • 2:09 - 2:12
    කවුරුත් දැන ගන්න කැමති වෙනවා
  • 2:12 - 2:13
    මොකක්ද ඇත්ත කියලා
  • 2:13 - 2:15
    මම දැන ගන්න කැමතියි මුල් ආරම්භය.
  • 2:15 - 2:17
    'මුල් ආරම්භයක් නැහැ' කියන විට
    යම් ප්‍රහේලිකාවක් මතු වෙනවා තමයි
  • 2:17 - 2:19
    නමුත් එහි තාත්විකත්වයක් තියෙනවා;
  • 2:19 - 2:21
    මට නම් හොඳ අර්ථවත් බවක් පෙනෙනවා
  • 2:21 - 2:24
    'මුල් ආරම්භයක් දකින්නට නැහැ' යන ස්ථාවරයේ.
  • 2:24 - 2:26
    මුල් ආරම්භයක් ඇත්නම් අනිවාර්යයෙන්
    තව ප්‍රශ්න පැන නගිනවා.
  • 2:26 - 2:28
    ඇයි එය මුල් ආරම්භය වන්නේ?
  • 2:28 - 2:30
    එයට පිළිතුරු සෙවීමට පෙලඹෙනවා.
  • 2:30 - 2:33
    මුල් ආරම්භය පෙන්වන්න හේතු
    දැක්වීමට ගන්නා ප්‍රයත්නය
  • 2:33 - 2:34
    සෑම විටම අසම්පූර්ණයි.
  • 2:34 - 2:36
    "දෙවි කෙනෙක් විසින් මවන ලදි".
  • 2:36 - 2:40
    හොඳයි එහෙනම් ඒ දෙවියන් වහන්සේ ; උන්වහන්සේ
    ඇතිවුනේ කොහොමද?
  • 2:40 - 2:42
    උන්වහන්සේ සර්ව කාලීන නම්
  • 2:42 - 2:43
    ලොවේ පැවැත්ම සර්ව කාලීන
  • 2:43 - 2:45
    නොවන්නේ ඇයි? මොකක්ද වෙනස?
  • 2:45 - 2:47
    මෙවැනි විසඳිය නොහැකි ප්‍රහේලිකාවක
  • 2:47 - 2:49
    ඔබ පැටලෙනවා.
  • 2:50 - 2:55
    මෙම මූලික පදනම මට නම්
    හරිම වැදගත්
  • 2:55 - 2:56
    බෞද්ධ ඉගැන්වීම් සම්බන්ධයෙන්.
  • 2:56 - 2:59
    මෙවැනි දෙගිඩියාවන් වලට පාත්‍ර නොවීම.
  • 2:59 - 3:05
    මම දකිනවා අනෙක් ආගම්, දර්ශන යනාදියේ
    මෙවැනි දෙගිඩියාවන් පවතිනවා.
  • 3:06 - 3:07
    ඉතින්, මුල් ආරම්භයක් නැහැ.
  • 3:07 - 3:10
    බුදු දහමට අනුව නම් විද්‍යාවටත් වැරදිලා
  • 3:10 - 3:12
    විද්‍යාවට අනුව ආරම්භය ඇතිවූවේ
  • 3:12 - 3:14
    මහා පිපිරුමකින්; නේද?
  • 3:14 - 3:16
    නමුත් බුදු දහම එසේ සඳහන් කරන්නේ නැහැ
  • 3:16 - 3:18
    බුදු දහම සඳහන් කරන්නේ
    ඊටත් කලින් ඇති වූ බවයි.
  • 3:21 - 3:23
    හොඳයි අවිද්‍යාවක් නැහැ
  • 3:23 - 3:25
    අවිද්‍යාව ඊටත් පස්සට යනවා.
  • 3:25 - 3:27
    මෙතන සැලකිල්ලට ගත යුතු දේ වන්නේ
  • 3:27 - 3:30
    මෙහි දී 'අවිද්‍යාව' යන වචනය
  • 3:30 - 3:32
    'පැවැත්ම' යන වචනයට අර්ථයෙන් සමානයි
  • 3:32 - 3:36
    පැවැත්මට මුල් ආරම්භයක් නැහැ.
  • 3:36 - 3:39
    ඉතින් පැවැත්ම සහ අවිද්‍යාව
    අතර ඇත්තේ බොහොම සමීප සම්බන්ධතාවක්.
  • 3:39 - 3:42
    අවිද්‍යාව (අවිජ්ජා) ඇත්නම්
    එතන පැවැත්මක් තියෙනවා,
  • 3:42 - 3:45
    අවිද්‍යාව (අවිජ්ජා) නැති තැන
    පැවැත්මක් නැහැ.
  • 3:45 - 3:48
    ඉතින් මේ යුගලය අතීතයටත් එකට ම යනවා;
  • 3:48 - 3:51
    යා හැකි තරම් අතීතයකට.
  • 3:52 - 3:55
    තවත් සූත්‍රයක් තියෙනවා ඒ මෙයට පසුව
    ඇති සූත්‍රය
  • 3:55 - 3:57
    දහ වෙනි කාණ්ඩයේ 62 වැන්න
  • 3:58 - 4:00
    එහි තවත් අඩියක් පස්සට ගොස්
  • 4:00 - 4:00
    සඳහන් වෙනවා
  • 4:02 - 4:06
    අවිද්‍යාවට හේතු වන්නේ කුමක් ද?
  • 4:06 - 4:07
    අවිද්‍යාවට කලින් පුරුක කුමක් ද?
  • 4:07 - 4:10
    ඒ පැවැත්මට ඇති තණ්හාවයි; නේද?
  • 4:10 - 4:14
    පැවැත්මට තණ්හාවක් ඇති වන්නේ
    අවිද්‍යාව නිසයි.
  • 4:14 - 4:16
    ඔබ යථාර්ථ ඇති සැටියෙන් හඳුනා නො ගන්නා තාක්
  • 4:16 - 4:18
    ඔබ පැවැත්මට තණ්හා කරනවා.
  • 4:18 - 4:20
    මම යැයි කියන හැඟීම නිසා
    "මට ජීවත් වන්න ඕනෑ"
  • 4:20 - 4:23
    "මට තව ජීවත් වන්න ඕනෑ"
  • 4:23 - 4:25
    ඉතින් දිගින් දිගටම සැරිසරනවා.
  • 4:25 - 4:28
    ඉතින් පැවැත්මට තණ්හාව හට ගන්නේ
    මෙතැනිනි.
  • 4:28 - 4:32
    අවිද්‍යාව පහ වූ විට,
    පැවැත්මට ඇති තණ්හාව නවතිනවා.
  • 4:32 - 4:34
    හරිම කුතුහලයක් නේද?
  • 4:34 - 4:36
    වටහා ගන්නට අපහසුයි.
  • 4:36 - 4:39
    පැවැත්මට ඇති කැමැත්ත සම්පූර්ණයෙන්
    නැති වී යන්නේ කොහොම ද?
  • 4:39 - 4:42
    එයයි මෙයින් කියවෙන්නේ.
  • 4:43 - 4:44
    හොඳයි
  • 4:44 - 4:47
    අවිද්‍යාව කවදත් පැවතුණා.
  • 4:47 - 4:50
    එසේ ‌තිබිය දීත්...
  • 4:50 - 4:52
    කරුණාකර මේ අතරේ ප්‍රශ්න ඇත්නම් අසන්න.
  • 4:52 - 4:55
    මම කියන දේ වචනයක් වත්
    තේරෙන්නේ නැතිනම්
  • 4:55 - 4:56
    කරුණාකර අත ඔසවලා අසන්න,
  • 4:56 - 5:02
    මොකද සමහර විට මම වේගයෙන් කථා
    කරනවා විය හැකියි
  • 5:02 - 5:04
    නැතිනම් කියන දේ අවබෝධ කරන්න
    අපහසු වෙන්න පුළුවනි
  • 5:04 - 5:06
    එසේ නම් කරුණාකර කියන්න
  • 5:06 - 5:10
    අවිද්‍යාවට නිශ්චිත හේතූන්
    පැවතිය යුතු බව පෙනෙනවා
  • 5:10 - 5:12
    ඉතින් අවිද්‍යාව කවදත් පැවතුණ දෙයක්;
    කාලයෙන් පසුපසට ගියත්
  • 5:12 - 5:14
    නමුත් එයට හේතුවක් තියෙනවා.
  • 5:14 - 5:16
    එය සිත් ගන්නා කාරණ්‍යක්.
  • 5:16 - 5:18
    ඉතින් එය සිදු වන්නේ කෙසේ ද?
  • 5:18 - 5:21
    ඊළඟ ඇති පළමු පේළිය බලමු
  • 5:21 - 5:24
    මෙහි කියවෙන්නේ කුමක් ද කියා වටහා ගැනීමට
  • 5:24 - 5:27
    මහණෙනි, මම අවිද්‍යාවට ද පෝෂකයක් (ආහාරයක්)
    ඇතැයි පවසමි.
  • 5:27 - 5:29
    පෝෂකයක් රහිත යැයි නො පවසමි.
  • 5:29 - 5:32
    අවිද්‍යාව පෝෂණය වන්නේ කුමකින් ද?
  • 5:32 - 5:35
    එයට කිව යුත්තේ පංච නීවරණ කියා ය.
  • 5:37 - 5:41
    ඉතින් මෙයින් කියවෙන්නේ පංච නීවරණ
  • 5:41 - 5:44
    අවිද්‍යාවට නිශ්චිත (අවශ්‍ය) හේතුව බවයි.
    හරි ද?
  • 5:44 - 5:47
    මෙතන අපි සැලකිල්ලට ගත යුතු දෙයක් තිබෙනවා,
  • 5:47 - 5:49
    කුතුහලයක් ඇති කරවන දෙයක්;
  • 5:49 - 5:52
    පළමුවැනි ඡේදයේ 'නිශ්චිත හේතුවක්' ගැන කියනවා
  • 5:53 - 5:56
    මෙතන එකවරට ම 'පෝෂකයක්' ගැන
    අපි කථා කරනවා
  • 5:56 - 5:58
    ඇයී මේ වචන වල වෙනසක්.
  • 5:58 - 6:01
    නිශ්චිත හේතුවක සිට පෝෂකය යන්නට.
  • 6:01 - 6:04
    සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ
    ඉදිරිපත් කිරීම් එකිනෙකට ගැළපෙනවා;
  • 6:04 - 6:07
    දිගටම එක වචන මාලාවකුයි භාවිතා කරන්නේ.
  • 6:07 - 6:10
    වචන රටා වෙනස් කර කර
    දේශනා කරන්නේ නැහැ.
  • 6:11 - 6:13
    පාලි පිටපතෙහිත් වචන වෙනස්.
  • 6:14 - 6:17
    මුල් වචනය 'නිශ්චිත හේතුව' සාමාන්‍යයෙන්
  • 6:17 - 6:20
    අදාළ වන්නේ පටිච්චසමුප්පාදයටයි.
  • 6:20 - 6:23
    නමුත් පෝෂකයක් (ආහාර) යන වචනය
    ඊට වඩා පුළුල් ව යෙදී තියෙනවා.
  • 6:23 - 6:28
    මම දන්නේ නැහැ; පෙනෙන විධියට නම් මෙතන
    සිද්ධ වෙලා තියෙන්නේ
  • 6:28 - 6:31
    වචන ආකාර දෙකක්
    එකට අමුණලා තියෙනවා.
  • 6:31 - 6:33
    ඇයි වෙනස් වචන මාලා ?
  • 6:33 - 6:37
    මුල් කොටස පසුව එකතු කලාද කියලා
    සැකයක් ඇතිවෙනවා.
  • 6:37 - 6:39
    කවුරු නමුත් සිතන්න ඇති මේ වචනය සූත්‍රය සමඟ
  • 6:39 - 6:41
    වඩා හොඳින් ගැළපෙන බව--
  • 6:41 - 6:43
    මේක උපකල්පනයක් පමණයි.
  • 6:43 - 6:46
    මට කිසිම අදහසක් නැහැ එය
    එහෙම වූවාද නැද්ද කියා.
  • 6:46 - 6:54
    නමුත් එය එක් හේතුවක් මේ වාගේ අසාමාන්‍ය වචන
    සංකලනයක් ඇති වීමට.
  • 6:54 - 6:59
    කෙසේ වෙතත් මෙතන වැදගත් දේ තමයි
  • 6:59 - 7:02
    අවිද්‍යාවට පෝෂකයක් තිබීම.
  • 7:02 - 7:05
    අවිජ්ජාව පෝෂණය කරන දෙයක් තියෙනවා
    හරි ද?
  • 7:05 - 7:11
    මුලින් ම 'පෝෂකය' කියන වචනයම හරි වැදගත්.
  • 7:11 - 7:17
    මොකද 'පෝෂකයක්' කී විට
    'හේතුවකට' වඩා යමක් කියවෙනවා.
  • 7:17 - 7:20
    එය විශේෂිත වූ හේතුවක්.
  • 7:20 - 7:22
    පෝෂකයකින් යමක් පෝෂණය වෙනවා. හරි ද?
  • 7:22 - 7:25
    යමක් වර්ධනය කරන්නත් පුළුවනි
  • 7:25 - 7:28
    අනිත් අතට පෝෂණය දුර්වල නම්
    බෙලහීන කරන්නත් වෙනවා;
  • 7:28 - 7:31
    පෝෂකයේ ප්‍රබලත් වය මත රඳා පවතිනවා.
  • 7:31 - 7:34
    ඉතින් මෙම සූත්‍රය පුරාමවටම
    අපි දකින්නේ ඒ කරුණයි.
  • 7:35 - 7:39
    යමක් පෝෂණය වීම හෝ
    හරිහැටි පෝෂණය නොවීමේ අදහස.
  • 7:40 - 7:43
    අනිත් අතට පෝෂකයා මුලින් ම ඉවත් කල විට
  • 7:43 - 7:46
    එයට රඳා පවතින්න නොහැකිව නැසී යන බව.
  • 7:46 - 7:49
    ඉතින් මෙතන 'පෝෂකයක්' ලෙස හැඳින්වූ විට,
  • 7:49 - 7:52
    එයට බොහොම නිශ්චිත අදහසක් තියෙනවා.
  • 7:52 - 7:56
    විශේෂිත වූ හේතුවක් වෙනවා.
    නිකම්ම කොන්දේසියක් නොවේ.
  • 7:56 - 7:58
    තව කොන්දේසි ප්‍රභේද තියෙනවා
  • 7:58 - 8:02
    එක් දෙයක් පවතින තාක් කල්
    තවත් දෙයක් පවතිනවා. හරි ද?
  • 8:02 - 8:04
    පෝෂණයක් වෙන්නේ නැහැ.
  • 8:04 - 8:07
    නමුත් මෙතන පෝෂණය ‌කරනවා,
    අනෙක බල ගන්වන අදහස.
  • 8:07 - 8:09
    ඉතින් එකක් දුර්වල කිරීමෙන්
    අනෙකත් දුර්වල කරනවා,
  • 8:09 - 8:12
    එකක් ශක්තිමත් කළොත් ඔබ අනෙකත්
    ශක්තිමත් කරවනවා.
  • 8:14 - 8:20
    ඉතින් මෙහෙමයි පංච නීවරණ අවිද්‍යාවට
    හේතු වන්නේ.
  • 8:20 - 8:25
    ඒවා හේතු කීවත් පූර්ණ හේතු නොවේ;
  • 8:25 - 8:28
    පූර්ණ හේතු නම්
    පංච නීවරණ පවතින විට අවිද්‍යාව පවතිනවා:
  • 8:28 - 8:29
    පංච නීවරණ නැති විට
  • 8:29 - 8:32
    අවිද්‍යාව නැතිනම් මෝහය නැති වෙනවා.
  • 8:32 - 8:35
    නැහැ, එහෙම නොවේ එය අනුබලයක් වන හේතුවක්
  • 8:35 - 8:39
    වර්ධනය වන්නට හෝ හීන වන්නට.
  • 8:39 - 8:41
    එයින් අදහස් වන්නේ
  • 8:41 - 8:45
    ඔබේ එදිනෙදා ජීවිතයේ දී
  • 8:45 - 8:49
    පංච නීවරණ සාමාන්‍යයෙන් අඩු වනවා නම්
  • 8:49 - 8:51
    අඩුම තරමින් වර්ධනය නොවෙනවා නම්
  • 8:51 - 8:57
    එයින් හැඟෙන්නේ ඔබ අවිද්‍යාව, මෝහය,
    පෝෂණය නොකරන බවයි.
  • 8:57 - 9:00
    ඉතින් ඒ නිසයි මේ බෞද්ධ මාර්ගය
  • 9:00 - 9:03
    විශුද්ධි මාර්ගයක් ලෙසට බොහෝ විට
    හැදින්වෙන්නේ.
  • 9:03 - 9:05
    එහි අදහස අපි තුල පාරිශුද්ධ
    බවක් ඇති කර ගන්නා තරමට
  • 9:05 - 9:07
    අපේ කෙලෙස් අඩු වෙනවා,
  • 9:07 - 9:10
    පංච නීවරණ දුබල වෙනවා, අවිද්‍යාව-
  • 9:10 - 9:13
    මොකද අපි උත්සාහ කරන්නේ
    ප්‍රඥාවන්ත වන්නටයි--
  • 9:13 - 9:17
    අවිද්‍යාව නැතිනම් මෝහය
    අඩු වීම එහි ප්‍රතිඵලයයි
  • 9:18 - 9:21
    කිනම් දිනක දී හෝ පංච නීවරණ
    මුළුමනින් ඉවත් වූ විට
  • 9:21 - 9:27
    ඒ අවස්ථාවේ මෝහය ට
    පෝෂණයක් නැහැ
  • 9:27 - 9:30
    ප්‍රඥාව අවම කෙරෙන
  • 9:30 - 9:31
    පෝෂකය නැහැ.
  • 9:31 - 9:34
    එයින් අදහස් වන්නේ ඒ මොහොතේ දී
    අවිද්‍යාව බොහොම දුර්වල බවයි. හරි ද?
  • 9:36 - 9:37
    මෙහි අදහස එයයි.
  • 9:37 - 9:39
    ඔබ අවිද්‍යාව දුර්වල ‌කර ගෙන යනවා
  • 9:39 - 9:46
    අවිද්‍යාව මුළුමනින් අහෝසි වන
    ක්‍රියාවලියට සූදානම් වන්නට.
  • 9:47 - 9:49
    ඉතින් වැදගත් වනවා ‌
  • 9:49 - 9:53
    ඔබ ඔබේ ජීවිතය දෙසට ම යොමු වී මෙය
    සිදු වන අයුරු ආවර්ජනය කිරීම
  • 9:53 - 9:55
    මොකද මේ ක්‍රියාවලිය ඇත්තෙන්ම
    හරි ප්‍රායෝගිකයි.
  • 9:55 - 9:59
    ඔබේ ජීවිතයේ මෙම සිදුවීම දකින්න පහසුයි.
  • 9:59 - 10:03
    ඔබට මනසේ අපැහැදිලි,
    ව්‍යාකූලත්වයක් හැඟෙනවා නම්
  • 10:03 - 10:07
    දැනෙනවා නම් ඔබ යම් කලකිරීමකට
    පත් වී ඇති බව
  • 10:07 - 10:09
    හෝ යමක් බලාපොරොත්තුවෙන් සිටින බව.
  • 10:09 - 10:11
    එසේත් නැතිනම් ඔබ වෙහෙසින් නම්,
  • 10:11 - 10:15
    කම්මැලිකමින් හෝ විසිරුණු සිතකින් බව
    ඔබට දැනෙනවා නම්
  • 10:16 - 10:19
    එය ඔබට දැනෙනවා.
    මනසේ පැහැදිලි බවක් නැති බව.
  • 10:19 - 10:21
    ඒ බව දැන ගන්න පහසුයි;
  • 10:21 - 10:23
    ඔබ දන්නවා සිත පැහැදිලි ද නැද්ද කියා.
  • 10:24 - 10:27
    සාමාන්‍යයෙන් ඔබ දන්නවා
    සිත පැහැදිලි නැතිව
  • 10:27 - 10:29
    නීවරණ වෙලා සිටින අවස්ථා.
  • 10:29 - 10:34
    එවිට ඔබ දන්නවා ඔබ යම්
    මුලාවක සිටින බවත්;
  • 10:34 - 10:36
    වැදගත් තීරණ ගත හැකි
    මනසක් නැති බව දැනෙනවා.
  • 10:36 - 10:38
    සිත විසිරී ඇති බව දැනෙනවා.
  • 10:38 - 10:41
    ඉතින් ඒ ගැන කිව යුත්තේ
  • 10:41 - 10:43
    ඒ අවස්ථාවල දී ඔබ තීන්දු තීරණ
  • 10:43 - 10:45
    නොගත යුතුයි බවයි.
  • 10:45 - 10:48
    මොකද ඒ තීරණ නරක තීරණ වන නිසා.
  • 10:48 - 10:51
    මම හිතන්නේ ජීවිතයේ වැදගත්
    ප්‍රායෝගික දෙයක් තමයි
  • 10:52 - 10:54
    නිවැරදි තීරණ ගන්න කැමති නම්
  • 10:54 - 10:57
    සිතේ පැහැදිලි තත්වයක් ඇතිවෙන තුරු සිටින්න;
  • 10:58 - 11:02
    සිතේ ව්‍යාකුල ස්වභාවයක්,
    කෙලෙස් තැවරුණ බවක් දැනේ නම්
  • 11:02 - 11:06
    සන්සුන් වන්න, විවේකයක් ගන්න,
    භාවනා වැඩසටහනකට යන්න,
  • 11:06 - 11:08
    එවැනි දෙයක් කරන්න,
  • 11:08 - 11:10
    සිත පැහැදිලි වන තුරු,
    ඉන් පසු ඔබෙන් විමසන්න
  • 11:10 - 11:12
    මම කල යුත්තේ කුමක් ද? කියා.
  • 11:12 - 11:14
    ඇත්ත, සෑම විටම ඒක කරන්න බැහැ,
  • 11:14 - 11:16
    සමහර විට තීරණ ගන්න වෙනවා;
  • 11:16 - 11:18
    නමුත් ජීවිතයේ වැදගත් තීරණයක් නම්
  • 11:18 - 11:22
    ටිකක් ඉඳලා ඒ තීරණ ගන්න එක වටිනවා.
  • 11:22 - 11:25
    මම ඒක මගේ ජීවිතයෙත් අත් විඳලා තියෙනවා.
  • 11:25 - 11:29
    සමහර විට කෙලෙස් වලින් වෙලී තියෙද්දී
  • 11:30 - 11:32
    කෙලෙස් හරියට බලපෑමි කරනවා.
    එහෙම නේද?
  • 11:33 - 11:34
    කැලඹුණු හිත කියනවා
  • 11:34 - 11:36
    දැන්ම කරන්න! එයාට ‌කියලා දාන්න;
  • 11:36 - 11:37
    මේක කරන්න ඕනෑ.
  • 11:37 - 11:39
    කෙලෙස් හරි බලගතුයි
    ක්‍රියා කිරීමට පොලඹවනවා:
  • 11:39 - 11:44
    කැමැත්ත, අකමැත්ත තෘෂ්ණාව
    මේවා එකිනෙකට බැදිලා;
  • 11:44 - 11:46
    ක්‍රියා කරන්න උසි ගන්වනවා.
  • 11:46 - 11:48
    විශේෂයෙන් තෘෂ්ණාව උසි ගන්වනවා.
  • 11:48 - 11:50
    ඔව් මම මේක කරන්න ඕනෑ,
    දැන්ම ලබා ගන්න ඕනෑ;
  • 11:50 - 11:53
    බලා ගෙන ඉන්න බැහැ;
    ඉතින් ඉවසන්න අසීරුයි,
  • 11:53 - 11:55
    සන්සුන් වෙන්න හරි අමාරුයි,
  • 11:55 - 11:58
    ඒ දේවල් මඟ හැරෙන තුරු
    බලා සිටීම අපහසුයි.
  • 11:58 - 12:00
    කෙලෙස් ඒ තරමට බලහත්කාරයි.
  • 12:01 - 12:04
    මම හිතන්නේ මෙවැනි අවස්ථාවලයි
    අපේ පුරුදු ක්‍රියාත්මක වන්නේ.
  • 12:04 - 12:07
    අතීතයේ දී ක්‍රියා කලේ ආවේගයෙන්, ඉතින්
  • 12:07 - 12:10
    දැන් ඒක පුරුද්දට ගිහින්.
  • 12:10 - 12:12
    එනිසා ටිකක් නැවතිලා මතක් කර ගන්න
  • 12:12 - 12:13
    "සිද්ධ වෙන දේ මට පැහැදිලි මදී
  • 12:13 - 12:16
    මනස ව්‍යාකුලයි, මුළාවක වාගේ;
  • 12:16 - 12:18
    වෙන දේ මට පැහැදිලි නැහැ.
  • 12:18 - 12:20
    කරුණා කරලා එපා...
    මේ ක්‍රියා කරන වෙලාවක් නොවේ.
  • 12:20 - 12:24
    උත්තරය බඳින්න වත් මොනවා කරන්න වත්
    වෙලාව නොවේ.
  • 12:25 - 12:28
    ඉන් පසු ඔබ ලැහැස්තියි
    ජීවිතය ගැන හොඳ තීරණ ගන්න.
  • 12:28 - 12:34
    ඒ හොඳ තීරණ ඔබේ ආධ්‍යාත්මික පැවැත්මටත්
    රුකුලක් වෙනවා.
  • 12:34 - 12:38
    මොකද ඔබ හොඳ තීරණ ගන්නේ
    ධර්මයට අනුකූලවයි,
  • 12:38 - 12:40
    මේ ඉගැන්වීම් වලට අනුකූලවයි,
  • 12:40 - 12:43
    ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලයි.
    එහෙම නේද?
  • 12:43 - 12:47
    එවිට කටයුතු සාමකාමි ව සිදු වෙනවා...
    එහි ප්‍රතිඵලයක් වශයෙන්
  • 12:50 - 12:51
    ඉතින් ඒක හිතේ තියා ගන්න.
  • 12:52 - 12:53
    එලෙස ඔබ ක්‍රියා කරන විට
  • 12:53 - 12:57
    ඔබට තේරුම් යයි ඔබේ අවිද්‍යාව,
    ඔබේ මෝහය, ඔබේ අවිජ්ජාව
  • 12:57 - 13:03
    වැඩි වීමක් හෝ අඩු වීමක් සිදු වන බව
    මේ පංච නීවරණ සමඟම.
  • 13:04 - 13:11
    නමුත් පංච නීවරණ අවිද්‍යාවේ පෝෂකයා නම්
  • 13:11 - 13:15
    ඇයි අපි ඒ නීවරණ සම්පූර්ණයෙන්
    තාවකාලිකව යටපත් කල අවස්ථාවක
  • 13:16 - 13:18
    අපි හොඳ සමාධියකට සමවැදුණ අවස්ථාවක
  • 13:18 - 13:19
    අපට සිතෙනවා
  • 13:19 - 13:21
    අහ්.... කොපමණ සැනසිල්ලක් ද! කියලා.
  • 13:21 - 13:25
    එවැනි අස්වැසිල්ලක් අත්විඳින්නේ
    නීවරණ නැති නිසායි. හරි ද?
  • 13:25 - 13:28
    එයින් අත් මිදී සිටීම බොහොම සැනසිලි දායකයි.
  • 13:28 - 13:33
    ඉතින් මේවා මෝහයට,
    අවිද්‍යාවට ආධාර වෙනවා නම්,
  • 13:33 - 13:36
    ඇයි අපට ඒ අවස්ථාවල දී නිවන
    අවබෝධ ‌නො වෙන්නේ?
  • 13:36 - 13:39
    ඇයි අප අරහත් ඵල නො ලබන්නේ
    නීවරණ නැති ඒ අවස්ථාවෙහි දී?
  • 13:39 - 13:44
    එයට හේතුව හරියටම අපි කලින්
    සාකච්ඡා කල දේයි.
  • 13:44 - 13:48
    මේවා පෝෂක මිස
    පූර්ණ හේතු නොවේ.
  • 13:49 - 13:51
    එයට තවත් හේතුවක් තියෙනවා
  • 13:51 - 13:53
    ඒ හේතුව තමයි
  • 13:53 - 13:56
    දිට්ඨිය;
    නිවැරදි දිට්ඨියත් (දැක්ම) අවශ්‍යයි.
  • 13:56 - 13:57
    දිට්ඨිය නිවැරදි වීම පමණක් නොවේ
  • 13:57 - 14:00
    වැරදි දැක්ම නැති විය යුතුයි.
  • 14:00 - 14:02
    ඒ විධියට බලන එක වඩා හොඳයි.
  • 14:02 - 14:04
    වැරදි දැක්මක් නොමැති වීම.
  • 14:04 - 14:05
    එවිට ඔබට විවෘත මනසක් තියෙනවා.
  • 14:05 - 14:08
    එවැනි මනසකට නිවැරදිව විදර්ශනා කොට
  • 14:08 - 14:10
    විනිවිද දැක්මේ ශක්තිය තියෙනවා.
  • 14:10 - 14:14
    පුළුල් ලෙස සූත්‍ර දේශනා කියවන විට
    වැටහෙන දෙයක් තමයි;
  • 14:14 - 14:18
    උදාහරණයකට සතිපට්ඨාන සංයුක්තයේ පෙනෙනවා
  • 14:18 - 14:22
    සතිපට්ඨානයේ කියවෙන්නේ
    සතිය යොමු කරවන ධර්මතා ගැනයි;
  • 14:22 - 14:25
    අජාන් බ්‍රහ්ම් සතිපට්ඨාන
    පරිවර්තනය කරන්නේ එලෙසයි.
  • 14:25 - 14:27
    සමස්තයක් වශයෙන් එහි දිගටම කියවෙන්නේ
  • 14:27 - 14:29
    සතිපට්ඨානය පුහුණු කරන්නේ
  • 14:29 - 14:32
    කරුණු දෙකක් පදනම් කර ගෙන බවයි.
  • 14:32 - 14:36
    ඒ කරුණු දෙක නම්--සීලය
    සීලය වන්නේ අපේ
  • 14:36 - 14:38
    පුරුද්ද, ගුණධර්ම, සදාචාරය, චරිතය
  • 14:38 - 14:41
    ඒ කරුණු ‌පංච නීවරණ වලට සමානයි..
  • 14:41 - 14:46
    නීවරණ යටපත් කර ගත් අවස්ථා
    බොහෝම සිල්වත් වූ අවස්ථා
  • 14:46 - 14:48
    සීලයේ ගැඹුරුතම අර්ථයෙන්
  • 14:48 - 14:49
    සීලය එක් කරුණක්
  • 14:49 - 14:51
    අනෙක් කරුණ තමයි දිට්ඨිය;
  • 14:51 - 14:53
    ඔබට උජුක දිට්ඨියක් තිබිය යුතුයි.
  • 14:53 - 14:55
    උජුක කියන්නේ ඍජු දැක්ම,
  • 14:55 - 14:57
    මම හිතන්නේ උජ්ජු කියන වචනය
  • 14:57 - 15:00
    ශබ්දාර්ථයෙන් right නැතිනම් upright කියන
    ඉංග්‍රීසි වචනයට සම්බන්ධයි කියලා.
  • 15:00 - 15:03
    අවංක, ඍජුව දැකීම,
    ( upright, upright view, rectitude)
  • 15:03 - 15:07
    මේ වචන සියල්ල එක සමානයි.
  • 15:08 - 15:10
    ඉතින් කරුණු දෙක එයයි.
  • 15:10 - 15:12
    ඒ කරුණු දෙකමයි මෙතැනටත් අදාළ වන්නේ.
  • 15:13 - 15:16
    ඒ කරුණු දෙක ස්ථාපිත වී ඇත්නම්
    සාර්ථක විය හැකියි.
  • 15:16 - 15:19
    එසේ නොවේ නම්
    පංච නීවරණ ප්‍රහාණය කල අවස්ථාවක
  • 15:19 - 15:21
    ඔබ හිතනවා "කොපමණ සුවයක් ද"
  • 15:21 - 15:23
    නමුත් ඔබ තුල ඇති යම් දිට්ඨියක්
  • 15:23 - 15:26
    විනිවිද දැකීම වළක්වනවා.
  • 15:26 - 15:28
    සමහර අයගේ ප්‍රතිචාරය
  • 15:28 - 15:30
    "මට දෙවියන් වහන්සේ මුණ ගැසුණා!"
  • 15:30 - 15:34
    ඒ අවස්ථාවේ සාමාන්‍යයෙන් වෙන දෙයක්;
    ඒ අත්දැකීමේ ප්‍රබලත්වය නිසායි.
  • 15:34 - 15:37
    දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඇත්නම්
    මේ දෙවියන් වහන්සේයි!
  • 15:37 - 15:39
    මට දෙවියන් වහන්සේ මුණ ගැසුණා
  • 15:39 - 15:42
    ඒ දැක්ම ඉන් ඔබ්බට යාම වළක්වනවා.
  • 15:42 - 15:44
    ඉතින් ඔබට නිවැරදි දැක්ම තිබිය යුතුයි.
  • 15:44 - 15:47
    එවිට විනිවිද දැක්මට හැකි වනවා.
  • 15:47 - 15:50
    සූත්‍රයේ ඉතිරි කොටස ...
    මේ අවස්ථාවට එළඹෙන ආකාරය ගැනයි
  • 15:50 - 15:53
    ඒ නිවැරදි ආකල්පය ලබා ගෙන,
  • 15:53 - 15:57
    ආස‍්‍රව වලින් මිදී ලැබෙන නිදහස
    සාක්ෂාත් කර ගැනීම ගැනයි
  • 15:57 - 15:59
    සූත්‍රයේ ඉතිරි කොටස ඒ ගැනයි.
  • 15:59 - 16:01
    අපි අදියරෙන් අදියරට යමු.
  • 16:02 - 16:05
    එක් හේතුවකින් තවත් හේතුවක් කරා
  • 16:05 - 16:07
    එහෙම සාකච්ඡා කරලා බලමු.
  • 16:07 - 16:12
    මෙතෙක් සාකච්ඡා වූ කරුණු ගැන
    ප්‍රශ්න තියනවා ද?
  • 16:12 - 16:15
    මෙවැනි පිරිසක් අතර සාමාන්‍යයෙන් විවිධ
    අදියර වල අය ඉන්නවා.
  • 16:15 - 16:18
    සමහරුන් නවකයෝ;
    සමහර අය කලක් සිට මෙහි පැමිණෙන අය..
  • 16:18 - 16:21
    ඒ අය මම තරමට ම සූත්‍ර දේශනා දන්නවා
  • 16:21 - 16:22
    -ඉතින් ‌‌ලොකු මිශ්‍රණයක්.
  • 16:22 - 16:25
    ඒ නිසා කරුණා කරලා නො තේරෙනවා නම්
    පැකිළෙන්නේ නැතිව ප්‍රශ්න අසන්න.
  • 16:25 - 16:28
    සමහර විට අපට තැති ගැනීමක් දැනෙනවා
  • 16:28 - 16:31
    ‌බොහෝ හොඳින් දන්නා අය සමඟ සිටින විට
  • 16:31 - 16:33
    කරුණා කරලා එහෙම තැති ගන්න එපා.
  • 16:34 - 16:38
    ඉතින් අපි මේ සියලු හේතු සහ ඵල
    සාකච්ඡා කරමු.
  • 16:38 - 16:43
    ඊළඟට "පංච නීවරණ වලට ද පෝෂකයක්
    ඇතැයි මම පවසමි;
  • 16:43 - 16:46
    පෝෂකයක් නැතිව යැයි නො පවසමි,
  • 16:46 - 16:49
    පංච නීවරණයන්ගේ පෝෂක‍ය කුමක් ද?
  • 16:49 - 16:53
    ත්‍රිවිධ දුශ්චරිත බව කිය යුතු වෙයි.
  • 16:53 - 16:55
    මම මුළුන් දිගටම කියවලා
  • 16:55 - 16:58
    පසුව කොටසින් කොටස විස්තර කරන්නම්
  • 16:58 - 17:01
    එවිට ඔබට තේරුම් ගැනීම පහසු වෙනවා.
  • 17:01 - 17:04
    ත්‍රිවිධ දුශ්චරිතයන්ටද පෝෂකයක් ඇතයි පවසමි;
  • 17:05 - 17:07
    පෝෂකයකු රහිත යැයි නො පවසමි,
  • 17:07 - 17:10
    ත්‍රිවිධ දුශ්චරිත පෝෂණය වන්නේ කුමකින් ද?
  • 17:11 - 17:13
    එහි දී කිව යුත්තේ ඉන්ද්‍රිය සංවරය
    නොමැති බවයි.
  • 17:14 - 17:18
    ඉන්ද්‍රිය අසංවරයට ද පෝෂකයක් ඇතයි පවසමි;
  • 17:19 - 17:21
    පෝෂකයක් රහිත යැයි නො පවසමි,
  • 17:21 - 17:23
    එම පෝෂකය කුමක් ද?
  • 17:23 - 17:27
    සතිය සහ ප්‍රඥාව (සති සම්පජඤ්ඤ)
    හිඟව පැවතීම බව කිව යුතු ය.
  • 17:27 - 17:31
    සති සම්පජඤ්ඤය හිඟ වීමට ද
    පෝෂකයක් ඇතැයි පවසමි;
  • 17:32 - 17:36
    ඒ කුමක් ද? අයෝනිසෝමනසිකාරයයි
  • 17:36 - 17:39
    අයෝනිසෝමනසිකාරය ද පෝෂණය කරන්නෙක් ඇත
  • 17:39 - 17:43
    පෝෂකයක් රහිත යැයි නො පවසමි.
    ඒ පෝෂකය කුමක් ද?
  • 17:43 - 17:47
    ශ්‍රද්ධාව නැතිනම් විශ්වාසය හිඟ කමයි.
  • 17:47 - 17:50
    ශ්‍රද්ධාව හිඟ වීම පෝෂණය වන්නේ කුමකින් ද?
  • 17:50 - 17:54
    සද්ධර්මය ශ්‍රවණය නොමැති වීම යැයි
    කිය යුතු වෙයි.
  • 17:54 - 17:58
    සද්ධර්මය ශ්‍රවණය නොමැති වීම
    පෝෂණය වන්නේ කුමකින් ද?
  • 17:58 - 18:02
    එයට පැවසිය යුත්තේ සත්පුරුෂයන්ගේ ඇසුර
    නොමැති වීම නිසා බවයි.
  • 18:03 - 18:06
    හොඳයි මූලික පෙළ ගැසීම එයයි.
  • 18:06 - 18:08
    දැන් මම ආපසු මුලට යන්නම්.
  • 18:08 - 18:10
    කැමති නම් ආපසු පිටුව පෙරළා ගන්න.
  • 18:11 - 18:13
    දැන් අපි මේ කරුණු
  • 18:13 - 18:16
    වඩා විස්තරාත්මක ව බලමු.
  • 18:17 - 18:18
    බොහෝම අපූරු පෙළගැස්මක් නේද?
  • 18:18 - 18:21
    සාමාන්‍යයෙන් සූත්‍රවල දකින්න ලැබෙන
    පෙළගැස්මට වඩා වෙනස්.
  • 18:21 - 18:24
    යම් යම් ඇඟවීම් කරන්නටයි බුදුරජාණන් වහන්සේ
  • 18:24 - 18:27
    සාමාන්‍යයෙන් මේ වාගේ වෙනස් ආකාරයකට
    යමක් ගෙන හැර දක්වන්නේ.
  • 18:27 - 18:29
    මට කලින් කියන්න බැරි වුන දෙයක් තමයි
  • 18:29 - 18:32
    මෙම සූත්‍රය චීන බසින් ඇති පිටකයේත්
    පවතින බව.
  • 18:33 - 18:38
    අනික චීන අනුවාදයත් පාලි අනුවාදයට
    බොහෝම ‌සමානයි.
  • 18:39 - 18:44
    එකම වෙනස චීන අනුවාද පෙළගැස්මේ
    කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සඳහන් වෙනවා
  • 18:44 - 18:48
    සද්ධර්ම ශ්‍රවණයත්, සත්පුරුෂ සේවනයත් අතර.
  • 18:49 - 18:52
    ඒ පුරුකට කල්‍යාණ මිත්‍ර අදහස
    එක් වෙලා තියෙනවා.
  • 18:53 - 18:54
    ඒකට කමක් නැහැ; මම හිතන්නේ නැහැ
  • 18:54 - 18:56
    එයින් වෙනසක් වෙනවා කියලා.
  • 18:56 - 19:00
    සත්පුරුෂයා සහ කල්‍යාණ මිත්‍රයා යන
    වචන දෙක ‌සමානාර්ථයි.
  • 19:00 - 19:04
    මේ වාගේ දේ මට බලගතු ව දැනෙනවා;
  • 19:04 - 19:08
    වෙනස් ස්ථාන වල පැවතුණු
    පෞරාණික සූත්‍ර දේශනා දෙකක්
  • 19:08 - 19:16
    අවුරුදු 2300 කට පමණ පසු සැසඳූ කල
    ඒවා එකිනෙකට හරියටම සමානයි.
  • 19:17 - 19:18
    එය ප්‍රබලව තහවුරු කරවනවා
  • 19:18 - 19:22
    අද අපට ඇත්තේ නිර්මල බුද්ධ වචනය ම බව.
  • 19:22 - 19:26
    මට පුදුම හිතෙනවා මෙතරම්
    ප්‍රබල සමාන කම් තිබීම ගැන
  • 19:26 - 19:28
    මේ තරම් කාලයකට පසුවත්.
  • 19:28 - 19:30
    එහෙම වෙන්නේ කොහොමද කියලා
    හිතෙනවා නේද?
  • 19:30 - 19:34
    මිනිස්සු සර්ව සම්පූර්ණ අය නොවේ;
  • 19:34 - 19:37
    අපි අතින් වැරදි වෙනවා හැම තිස්සේ ම,
    නමුත් කොහොම හරි
  • 19:37 - 19:40
    අපි සූත්‍ර සංරක්ෂණය කර ගෙන තියනවා
    මෙපමණ දිගු කාලයක්.
  • 19:40 - 19:42
    ලොකු ජයග්‍රහණයක්,
  • 19:42 - 19:47
    ඊටත් වඩා විශිෂ්ටයි මේ විධියට
    බුද්ධ වචනය අප අතර තවමත් පැවතීම.
  • 19:48 - 19:52
    හරිම ආශ්චර්යමත්, පුදුම හිතෙනවා
  • 19:55 - 19:58
    පංච නීවරණ වලට පෝෂකය කුමක් ද?
  • 19:59 - 20:02
    ඒ ත්‍රිවිධ දුශ්චරිතයි,
  • 20:02 - 20:07
    සූත්‍ර පිටකයට අනුව
    ත්‍රිවිධ දුශ්චරිත වන්නේ
  • 20:07 - 20:11
    කයෙන්, වචනයෙන් සහ මනසින්
    සිදු වන දුශ්චරිත හරි ද?
  • 20:12 - 20:20
    එය සීලයට ඇතුළත් වෙනවා
    නැත්නම් චරිතය හෝ පුරුද්ද බුදු දහමට අනුව
  • 20:21 - 20:23
    මෙහි නරක හැසිරීම හඳුන්වන්නේ
    දුශ්චරිතය ලෙසටයි
  • 20:24 - 20:27
    'චරිත' කියන්නේ අපේ සාමාන්‍ය හැසිරීම.
  • 20:28 - 20:29
    දුශ්චරිත තුනක් හරි ද?
  • 20:29 - 20:32
    ඉතින් සරලව බුදුරජාණන් වහන්සේ
  • 20:32 - 20:33
    මෙතන දේශනා කරන්නේ
  • 20:33 - 20:39
    සීලයේ අඩුපාඩු නැතිනම් දුශ්ශීලය
  • 20:39 - 20:42
    පංච නීවරණ උත්පාදනය කරන බවයි.
  • 20:43 - 20:45
    කුතුහලයක් ඇති කරවනවා නේද;
  • 20:45 - 20:49
    මොකද ඔබට සිතේවි; මම කය කරුණාවෙන් හසුරනවා
  • 20:49 - 20:51
    නරක දේ නොකර;
  • 20:51 - 20:54
    මම මිනිස්සු මරන්න යන්නේ නැහැ,
    සොරකම් කරනවා වගේ වැඩ කරන්නේ නැහැ ; .
  • 20:54 - 20:57
    මම ‌කරුණාවෙන් කටයුතු කරනවා,
    ත්‍යාගශීලී වීම වැනි දේවල්.
  • 20:57 - 21:02
    පැහැදිලි නැහැ මෙවැනි චරියාවන් සහ
    පංච නීවරණ අතර සම්බන්ධතාව
  • 21:02 - 21:06
    මොකද එකක් පිටතින් කෙරෙන කරුණු
    අනෙක ආධ්‍යාත්මිකයි;
  • 21:06 - 21:08
    පංච නීවරණ ආධ්‍යාත්මිකයි.
  • 21:08 - 21:12
    නමුත් වැඩිය හිතන්න අවශ්‍ය නැහැ
    මේ දෙකේ සබඳතාව හඳුනා ගන්නට
  • 21:12 - 21:15
    මොකද ඔබ ශික්ෂාපද ආරක්ෂා කිරීමේ දී
  • 21:15 - 21:18
    බොහෝ විට ඔබේ සහජ පුරුදු වලට
    පටහැණි වෙන්න වෙනවා.
  • 21:18 - 21:22
    සාමාන්‍යයෙන් ඔබ කටයුතු කරන විධිය වෙනස්
    කරන්න සිදු වෙනවා
  • 21:22 - 21:24
    ශික්ෂාපද රකින්න නොතිබුණා නම්.
  • 21:24 - 21:26
    ඉතින් පුරුද්දට පටහැණි වී ක්‍රියා කරන විට
  • 21:26 - 21:28
    අප පිළිසැකසුමකට ලක් වෙනවා.
  • 21:28 - 21:31
    ලෝකය දෙස වෙනස් විධියකට බලන්න
    පටන් ගන්නවා.
  • 21:31 - 21:34
    අපේ චරියාව අපේ මනසට බලපානවා;
  • 21:34 - 21:36
    ක්ලේශ වලටත් බලපානවා;
  • 21:36 - 21:39
    ඒ දෙක අතර සම්බන්ධතාවක් තියෙනවා.
  • 21:39 - 21:42
    තවත් මට දැනිලා තියෙන දෙයක් තමයි,
  • 21:42 - 21:46
    මට හොඳට මාර්ගය වඩන්න ඕනෑ නම්
    සීලය උපරිමයට වඩන්න, ‌
  • 21:46 - 21:49
    කරුණාවන්ත වෙලා නිවැරදි දේ කරලා
  • 21:49 - 21:51
    ඇත්තෙන්ම මම හිතන ආකාරය වෙනස්
    කර ගත යුතුයි; එහෙම නේද?
  • 21:52 - 21:55
    මට හිතන්න වෙනවා; කොහොමද මම
    දවසේ සෑම මොහොතක් ම කරුණාවන්ත වන්නේ?
  • 21:55 - 21:58
    මේ මොහොතේ කාරුණික වීමට කුමක් කල යුතු ද?
  • 21:58 - 22:01
    බොහෝ විට කල යුතු වන්නේ ආකල්ප වෙනස්
    කර ගැනීමයි
  • 22:01 - 22:03
    තමා අවට සිටිනා අය දෙස බලන විධිය
    වෙනස් කර ගන්නයි
  • 22:03 - 22:08
    ඇත්තටම අපේ හැසිරීමේ වෙනසත් සමඟ අපි
    සිතන ආකාරයත් ඉබේටම වෙනස් කරනවා
  • 22:08 - 22:11
    අපට විකල්පයක් නැහැ;
    යථාදර්ශනය වෙනස් කර ගන්න වෙනවා.
  • 22:11 - 22:13
    දෘෂ්ටිකෝණය වෙනස් කර ගන්න වෙනවා.
  • 22:13 - 22:15
    ඉතින් සිල්වත් වීමෙන්ම,
  • 22:15 - 22:19
    දවසේ සෑම මොහොතක ම
    හරි දෙය කිරීමට වෙහෙස දැරීමෙන්
  • 22:19 - 22:23
    ඔබ ඔබේ මනසත් ඒ සමඟම බොහොම ගැඹුරු
    ආකාරයේ වෙනස් වීමකට ලක් කරනවා.
  • 22:24 - 22:26
    කථා කරන දේ ගැනත් ඒ වාගේයි.
  • 22:26 - 22:28
    අපේ වචන වල බලපෑමත් ඒ වාගේයි
  • 22:28 - 22:31
    අන් අයට සෑම විටම සුහද ව
    කථා කරන්න ඔබට අවශ්‍ය නම්
  • 22:31 - 22:33
    ඔබට ඒ අය ගැන වෙනස් ආකාරයකට
    සිතන්න වෙනවා
  • 22:33 - 22:36
    ඔබේ ආකල්පය 'ඒ අයට දෙකක් කියන්න වටිනවා'
    වාගේ වෙන්න බැහැ.
  • 22:36 - 22:40
    ඔබේ සිතිවිලි ඒ වාගේ නම්
    ඔබට සුහද වචන කථා කරන්න බැහැ.
  • 22:40 - 22:43
    ඉතින් ඔබේ ආකල්පත් වෙනස් වෙනවා.
  • 22:43 - 22:44
    පුරුදු වෙනස් වෙනවා.
  • 22:44 - 22:46
    ඔබේ මානසිකත්වයත් වෙනස් වෙනවා:
  • 22:46 - 22:48
    මේ සියල්ල එකිනෙකට සම්බන්ධවයි
    ක්‍රියා කරන්නේ
  • 22:48 - 22:51
    මෙතන දී මම ඒ ගැන ලොකු විස්තරයක්
    කරන්න යන්නේ නැහැ
  • 22:51 - 22:55
    වෙනස් සූත්‍ර තියෙනවා ඒ කරුණු හොඳින්
    විස්තර කෙරෙන.
  • 22:55 - 22:57
    සම්මා වාචා සහ මිච්චා වාචා ගැන.
  • 22:57 - 22:59
    මම නිර්දේශ කරනවා
    ඒ සම්බන්ධව කියවන්න කියලා.
  • 23:00 - 23:03
    සූත්‍ර දේශනා වල ලස්සනට විස්තර වෙනවා.
  • 23:03 - 23:10
    මජ්ඣිම නිකායේ 27 වැනි සූත්‍රය,
    චූලහත්ථිපදෝපම සූත්‍රයේ
  • 23:10 - 23:13
    මේ ගැන විස්තරාත්මක ව සාකච්ඡා වෙනවා;
  • 23:13 - 23:15
    නැත්නම් සාලෙය්‍යක සූත්‍රය මජ්ඣිම නිකායේ 41
  • 23:15 - 23:20
    මජ්ඣිම 27 සහ 41 සූත්‍ර මේ ගැන දීර්ඝ
    විස්තරයක් කරනවා.
  • 23:20 - 23:25
    බුදුරජාණන් වහන්සේ මේ දේවල් විස්තර
    කරන ආකාරය හරිම ආශ්වාදජනකයි.
  • 23:25 - 23:27
    ඒවා කියවීම හරිම වටිනවා.
  • 23:28 - 23:31
    අවසානයට කියවෙන දුශ්චරිතය
  • 23:31 - 23:33
    එය වඩාත් පැහැදිලියි පෙනෙනවා.
  • 23:33 - 23:36
    ඒ මනසේ ක්‍රියාකාරිත්වය නැතිනම්
    මනසේ දුශ්ශීල බව
  • 23:36 - 23:37
    හරි ද?
  • 23:37 - 23:41
    මට හිතෙන්නේ එය පැහැදිලියි
    අපේ මනස අකුසලින් වෙළී ඇත්නම්
  • 23:41 - 23:44
    එය පංච නීවරණ වලට සමාන බව.
  • 23:44 - 23:49
    මනසින් සිදු වෙන දුෂ්චරිත සූත්‍ර පිටකයේ
    අර්ථ ‌දැක්වෙන්නේ
  • 23:49 - 23:52
    ව්‍යාපාද (ක්‍රෝධය) ලෙසටයි. ‌
    බොහෝ විට තද ක්‍රෝධ සිතිවිලි
  • 23:52 - 23:54
    'මුං මරලා දාන්න ඕනෑ' - ඒ වාගේ සිතිවිලි
  • 23:54 - 23:57
    හරි දරුණු ක්‍රෝධ සිතිවිලි.
  • 23:57 - 24:00
    නැතිනම් එය අර්ථ ‌දැක්වෙනවා
  • 24:00 - 24:02
    කාමච්ඡන්දය (තෘෂ්ණාව) ලෙසට,
  • 24:02 - 24:06
    දැඩි ආශාව, දැඩි තණ්හාව,
    අනුන්ට අයිති දෑ සතු කර ගැනීමේ කැමැත්ත,
  • 24:07 - 24:07
    හරි ද?
  • 24:07 - 24:11
    ටිකක් බයිබලයේ ආඥා දහයට සමානයි, නේද?
  • 24:11 - 24:14
    "තාගේ අසල්වැසියාගේ දේපළ වලට
    ආශා නොවව" යන්න ඊට සමානයි.
  • 24:14 - 24:16
    මට ආඥා දහය ඉංග්‍රීසියෙන් කියන්න අපහසුයි. ‌
  • 24:16 - 24:18
    මම ඉංග්‍රීසියෙන් එය ඉගෙන ගෙන නැහැ;
  • 24:18 - 24:21
    නෝවේජියන් භාෂාවෙනුත් යාන්තමින්
    ඉගෙන ගත්තේ ඇත්තම කියනවා නම්.
  • 24:21 - 24:23
    කෙසේ වෙතත්, ඊට බොහෝ සමානයි.
  • 24:23 - 24:26
    ඉතින් දැඩි තණ්හාව,
  • 24:26 - 24:29
    ඒ තණ්හාව සිතෙන් අඩු කර ගත් වීට,
  • 24:29 - 24:31
    සිතේ තරහ අඩු කර ගත් විට
  • 24:32 - 24:35
    කරුණු කාරණා දෙස වෙනස් ආකාරයකට
    බලන්න හුරු වීමෙන්,
  • 24:35 - 24:37
    ඔබේ ආකල්ප වෙනස් කර ගැනීමෙන්:
  • 24:37 - 24:42
    සමහර විට මට හිතෙනවා ඔය අය කොහොම ද
    ගිහි ජීවිතයේ සිට මේ මාර්ගය වඩන්නේ කියලා,
  • 24:42 - 24:44
    සමහර විට ආරණ්‍ය ජීවිතයකත් අපහසුයි;
  • 24:44 - 24:47
    මොකද ගිහි ජීවිතයේ සෑම විටම....
  • 24:47 - 24:51
    වඩා අපහසු වෙනවා තිස්සේ ම
    සෙනඟ අතර ගැවසෙන විට.
  • 24:51 - 24:54
    එකිනෙකා අතර පරතරය
    බොහෝ විට හරි අඩුයි.
  • 24:55 - 24:57
    ඉතින් හරිම ප්‍රශංසනීයයි
  • 24:57 - 25:00
    ඔබ ගිහි ජීවිතයේ දී සිට ඔය කරන පුහුණුව.
  • 25:00 - 25:03
    ඇත්ත සමහර අයට සහකරුවෝ සිටිනවා,
  • 25:03 - 25:04
    පවුලේ උදවිය සිටිනවා ඔබ වාගේම
  • 25:04 - 25:07
    සිතන කරන අය; ඒක ලොකු පහසුවක්,
  • 25:07 - 25:09
    නමුත් එහෙම නැති නම් ...
    හරිම අපහසු වෙන්න පුළුවනි.
  • 25:09 - 25:12
    එවැනි පරිසරයක දී; ඔබට වෙනවා
    ටික කාලයක් වෙන් වෙලා ඉන්න
  • 25:12 - 25:18
    පොඩි කාලයක් ගන්න ආවර්ජනය කරන්න
    තමන්ගේ ආකල්ප, සංඥා වෙනසක් කර ගෙන
  • 25:18 - 25:21
    මානසික දුෂ්චරිත අවම කර ගන්න
  • 25:21 - 25:24
    ඉන් පසු කාලයත් සමඟ
    ටිකින් ටික වෙනස් වෙනවා.
  • 25:24 - 25:28
    එය මම මගේ ජීවිතයේ දීත් අත්වින්ද
    අපූරු ම දෙයක්.
  • 25:29 - 25:31
    පැවිදි වෙලා දැන් වසර 21 විතර ඇති..
  • 25:32 - 25:34
    වෙනස් වෙනවා..
  • 25:34 - 25:37
    වසර ගණනක් තුල සිදු වුන
    ඒ පරිවර්තනය හරිම විශ්මිතයි.
  • 25:37 - 25:40
    ඒ වෙනස මොහොතින් මොහොත
  • 25:40 - 25:42
    සතියෙන් සතියට, මසකින් මසකට නම්
  • 25:42 - 25:43
    ඒ තරම් වෙනසක් පෙනෙන්නේ නැහැ.
  • 25:43 - 25:48
    නමුත් සමස්තයක් ලෙස කාලයක් තුල
    සිදු වෙන වෙනස හරි බලගතුයි.
  • 25:48 - 25:52
    ඔබේ ආකල්ප, ඔබ ජීවිතය දෙස බලන විධිය
    සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
  • 25:52 - 25:54
    තමන් අළුත් ම කෙනෙක් වාගේ දැනෙනවා.
  • 25:54 - 25:57
    මනසේ මෝහය අඩුයි,
    දැක්ම වඩා පැහැදිලියි;
  • 25:57 - 25:58
    අවබෝධයේ ගොඩ නැගී ගෙන එනවා--
  • 25:58 - 26:00
    ඒ වර්ධනය අත්දැකීම හරි අසිරිමත්.
  • 26:00 - 26:02
    ඔබේ ජීවිතයේ ඒ වෙනස සිදු නොවේ නම්,
  • 26:02 - 26:04
    ඔබ ඔබෙන් විමසා සිටිය යුතුයි; ඒ ඇයි?
  • 26:04 - 26:06
    මොකද එය එසේ සිදු නොවීමට
    හේතු තිබෙනවා;
  • 26:06 - 26:10
    එය සිදු විය යුතුයි ඔබ අනුගමනය කරන
    ප්‍රතිපදාව නිවැරදි නම්.
  • 26:10 - 26:12
    ඉන් පසු එය වර්ධනය වෙලා
    නිවැරදි ඉලක්කයට යොමු වෙනවා.
  • 26:13 - 26:15
    මේ වෙනස දකින්න දකින්න
    ඔබට වැටහෙන්න පටන් ගන්නවා....
  • 26:15 - 26:18
    ජීවිතයේ අර්ථය මෙය බව.
  • 26:18 - 26:21
    පොහොසතෙකු වෙලා මිය යෑමේ
    තේරුමක් තියනවා ද?
  • 26:21 - 26:24
    නැත්නම් වස්තුව එකතු කරලා මැරෙන්න?
  • 26:24 - 26:27
    සිත තිබුණා වාගේ ම ව්‍යාකුල නම්
    මෝහයෙන් වැසිලා නම්
  • 26:27 - 26:29
    මේ ලොවට පැමිණි විටම වාගේ නම්
  • 26:29 - 26:34
    ඒ හැඟීම; තමන් වෙනසකට ලක් කර ගත්තා
    කියන හැඟීම හරිම බලවත්!
  • 26:34 - 26:37
    එහි නම් ජීවිතයේ සැබෑ අර්ථය පිළිබඳ ව
    හැඟීමක් තියෙනවා
  • 26:37 - 26:40
    එයත් සමඟ සසඳන විට අන් සියලු දේ වල
    අගය ගිලිහී යනවා.
  • 26:41 - 26:45
    ඒ තමයි නිවැරදි හෝ වැරදි පැවැත්ම.
  • 26:45 - 26:51
    මනසේ චර්යාවේ තුන්වැනි සහ අවසාන පැතිකඩය
    වන්නේ නිවැරදි දෘෂ්ටිය,
  • 26:51 - 26:53
    යථාදර්ශනය
  • 26:53 - 27:00
    මෙතැන එය හඳුන් වන්නේ ....
    සම්මා දිට්ඨිය වශයෙන් නොවේ
  • 27:00 - 27:01
    (මෙතන සඳහන් වෙන්නේ නැහැ.. )
  • 27:02 - 27:05
    (මට මතක විධියට සඳහන් වන්නේ... )
  • 27:05 - 27:12
    මම හිතන්නේ භික්ඛු බෝධි පරිවර්තනය කරන්නේ
    වැරදි දර්ශනය කියල;
  • 27:12 - 27:15
    සරලව කියනවා නම් ලෝකය දෙස බලන්නේ
    වැරදි දෘෂ්ටිකෝණයකින්.
  • 27:15 - 27:17
    එහෙම බලන විට තේරුම් යනවා
  • 27:17 - 27:22
    පුනරුත්පත්තිය වාගේ කාරණා
    අඩුම ගණනේ ප්‍රතික්ෂේප නො කර
  • 27:22 - 27:25
    අඩුම ගණනේ ඒ ගැන විවෘත මනසක් ඇත්නම්
  • 27:25 - 27:27
    පිළිගැනීමක් ඇති නම් යම්
    ඉගැන්වීම් පවතින බව ..
  • 27:27 - 27:31
    මේ ලෝකයේ ගැඹුරු අවබෝධයක් සාක්ෂාත් කරගක්
    පුද්ගලයින් වැඩ සිටින බව
  • 27:31 - 27:33
    බුදුරජාණන් වහන්සේ වාගේ.
  • 27:33 - 27:35
    අප තුල එවැනි පිළිගැනීමක් වත් නැති නම්
  • 27:35 - 27:37
    අප අතර ගැඹුරු දැක්මක් සාක්ෂාත් කර ගත්
    උත්තමයන් වැඩ සිටින බව
  • 27:37 - 27:40
    එහෙම නම් ඔබ මේ ප්‍රතිපදාව ආරම්භ
    කරන්නේ වත් නැහැ.
  • 27:40 - 27:45
    ඔබ සිතනවා නම් මම තනියෙන් කර ගන්නවා
    මම තරම් වෙන කවුරුත් දන්නේ නැහැ කියලා වාගේ
  • 27:45 - 27:48
    එහෙම නම් බොහෝම අසීරු වෙනවා.
  • 27:48 - 27:50
    ඒ සම්මා දිට්ඨිය ගැනයි.
  • 27:50 - 27:52
    ඒ දැක්ම අපට අඩිතාලමක් වෙනවා
  • 27:52 - 27:59
    විසඳීම ළඟා කර ගන්න....
    නීවරණ යටපත් වී ඇති අවස්ථාවන්හි
  • 27:59 - 28:04
    එවිට සම්මා දිට්ඨිය පැවතීම සහ ඒ නීවරණ ධර්ම
    යටපත් වී ඇති ස්වභාවයත් මත
  • 28:04 - 28:06
    විනිවිද යාමේ ප්‍රවේශය ලබා දෙනවා.
  • 28:07 - 28:10
    ඉතින් කරුණාකරලා සීලය රැක ගන්න.
  • 28:10 - 28:12
    ඔබට මෙත්තාව ඇත් විට
    මනස පිරිසිදු කරනවා
  • 28:12 - 28:16
    මනස පිරිසිදු වෙනවා නරක දේ අත් හැරිය විට
  • 28:16 - 28:18
    හරි ආශ්චර්යවත් නේද?
  • 28:18 - 28:20
    ඒ අපි වැඩිය හිතන්නේ නැති දෙයක්.
  • 28:20 - 28:25
    අපි කර්මය ගැන කථා කරන්නේ
    මතු භවයක සිදු වන දෙයක් විධියටයි.
  • 28:25 - 28:28
    මම මේ භවයේ කරන සුභ කටයුතු වල
    ප්‍රතිඵල මතු භවයක භුක්ති විඳිනවා.
  • 28:28 - 28:31
    නැහැ! ඔබ ඒ හොඳ විපාක දැන්,
    මෙහි දීම භුක්ති විඳිනවා..
  • 28:31 - 28:33
    ඒහි ඇති ආශ්චර්ය එයයි.
  • 28:33 - 28:37
    සෑම දිනක ම, සෑම අවස්ථාවක දීම ඔබට
    කරුණාවෙන් යමක් කල විට,
  • 28:37 - 28:42
    වැරදි දෙයින් වැළකී සිටින සෑම අවස්ථාවක ම
    ඔබ ඔබව ඔසවා තබනවා,
  • 28:42 - 28:43
    අඳුර ඈත් කරනවා
  • 28:43 - 28:46
    ආලෝකය ජීවිතයට ළඟා කර ගන්නවා.
  • 28:46 - 28:48
    හරි ම අපූරුයි නේද?
  • 28:48 - 28:52
    එය ඔබට ප්‍රබල දිරිගැන්වීමක් වෙනවා
  • 28:52 - 28:54
    ලෝකයට කරුණාවන්ත වෙන්න,
    නිවැරදි දේ කරන්න.
  • 28:54 - 28:56
    ලැබෙන සෑම අවස්ථාවක් ම
    උපයෝගී කර ගන්නවා
  • 28:56 - 29:01
    හොඳ දෙයක් කියන්න, හොඳ දෙයක් කරන්න
    ලැබෙන අවස්ථාවක් ම ලබා ගන්නවා
  • 29:01 - 29:03
    මොකද ඔබ දන්නවා එහි බලගතු බව
  • 29:03 - 29:09
    කරදරකාරී තත්ව වලින් ඈත් කර විසඳුම් කරා
    ළඟා කරවනවා ක්‍රමක්‍රමයෙන්.
  • 29:09 - 29:13
    දැන් පෙනෙනවා නේද, කළු සහ සුදු වගේ
    ඉතා පැහැදිලිව
  • 29:13 - 29:16
    බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් ම වදාළ දේ.
  • 29:16 - 29:18
    ශීලය ප්‍රගුණ කරන්න
  • 29:18 - 29:21
    එවිට ඔබ නිවැරදි මාර්ගය කරා යැවෙනවා
    බොහෝම සාර්ථකව.
  • 29:23 - 29:32
    ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි
    (ප්‍රශ්නය පැහැදිලි නැහැ)
  • 29:32 - 29:37
    ඔව් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සාමාන්‍යයෙන්
    සම්මා දිට්ඨිය වඩා ගැඹුරින් විස්තර වෙනවා
  • 29:37 - 29:39
    චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට.
  • 29:40 - 29:42
    සම්මා දිට්ඨිය මට්ටම් දෙකකින්
    අවබෝධ වන කාරණය.
  • 29:42 - 29:48
    එකක් ආර්ය ශ්‍රාවකයකුගේ සම්මා දිට්ඨිය,
    ධර්මය දැක්ක අයකුගේ අවබෝධය
  • 29:48 - 29:52
    අනෙක සාමාන්‍ය අවබෝධයක්
    එය පූර්ණ සම්මා දිට්ඨියක් වන්නේ නැහැ.
  • 29:52 - 29:54
    සාමාන්‍ය නිවැරදි දැක්මක් පමණයි.
  • 29:54 - 29:56
    මෙතැන ඇත්තෙ ඒ අදහසයි
  • 29:56 - 29:58
    ත්‍රිවිධ දුශ්චරිතයන් සම්බන්ධයෙන්.
  • 29:59 - 30:02
    ඉතින් අපි සාකච්ඡා කලේ නිවැරදි චර්යාව
    සම්බන්ධවයි. එය ලෞකික සම්මා දිට්ඨියක්.
  • 30:02 - 30:03
    ඔබ නිවැරදියි.
  • 30:09 - 30:11
    ඒ තුන් ආකාර පෝෂකයන් ගැනයි.
  • 30:11 - 30:13
    දැන් ප්‍රශ්නය වන්නේ
  • 30:13 - 30:17
    එම ත්‍රිවිධ දුශ්චරිතයන්ට හේතුකාරක
    වන්නේ කුමක් ද යන්නයි.
  • 30:18 - 30:21
    මේ ත්‍රිවිධ දුශ්චරිතයන් ගේ
    පෝෂකයා කවරේද?
  • 30:21 - 30:23
    මෙතන ඒ ගැන කියවෙන්නේ කුමක්ද:
  • 30:23 - 30:26
    ඉන්ද්‍රිය සංවරය නොකිරීමයි.
  • 30:27 - 30:32
    මේ ඉන්ද්‍රිය සංවරය නොවීම
  • 30:33 - 30:38
    හරිම වැදගත්. එයයි හේතු වන්නේ
    ත්‍රිවිධ දුශ්චරිතයට.
  • 30:40 - 30:42
    මෙහි ගත යුත්ත වන්නේ
  • 30:42 - 30:46
    තමන්ගේ සීලය ඉතා ඉහල පිරිසිදු මට්ටමක
    පවත්වා ගැනීමට අවශ්‍ය නම්
  • 30:47 - 30:49
    ඔබට සාමාන්‍යයෙන් සමබර මනසක්
    තිබිය යුතුයි.
  • 30:49 - 30:53
    පහසුවෙන් හැඟීම් වලින්
    දෝලනය වන මනසක් වෙන්න බැහැ
  • 30:54 - 30:57
    සිත පහසුවෙන් අවුල් වනවා නම්
    එහෙම නැතිනම් ආශා අපේක්ෂා බහුල නම්.
  • 30:57 - 31:00
    දවස පුරාම සිත දෝලනය වෙනවා නම්
    උඩට පහළට, උඩට පහළට
  • 31:00 - 31:02
    සිතේ සමබරතාවක්, නිශ්චිත බවක් නැතිනම්
  • 31:02 - 31:06
    එයින් හැඟෙන්නේ ඔබේ මනස
    ඔබට නතු නැති බවයි
  • 31:07 - 31:11
    මොකද ඒ මනස කෙලෙස් වලට
    නතු වෙලා පවතින නිසායි.
  • 31:11 - 31:14
    සතිමත් කමක් ඇති නිශ්චල මනසක්
    ඔබ සතු විය යුතුයි.
  • 31:14 - 31:17
    පැහැදිලිව දැකිය හැකි ස්වභාවයක්
    පැවතිය යුතුයි.
  • 31:17 - 31:18
    එය එසේ නම් පමණයි
  • 31:18 - 31:23
    ත්‍රිවිධ සුචරිතයන් ඉහල මට්ටමකට
    ඔබට පවත්වා ගත හැකි වන්නේ.
  • 31:23 - 31:26
    අපි මෙතන සාකච්ඡා කරන්නේ
    බොහොම ඉහල මට්ටමක් ගැනයි.
  • 31:26 - 31:28
    අපි සාකච්ඡා කරන්නේ
    පංච නීවරණයන් ගෙන් මිදෙන අවස්ථා ගැනයි,
  • 31:29 - 31:32
    බොහොම උසස් මට්ටමක ත්‍රිවිධ සුචරිතයන්
  • 31:32 - 31:35
    නැතිනම් දුශ්චරිතයන්
    ඔබ බලන කෝණය අනුව.
  • 31:35 - 31:41
    ඉතින් ඒ නිසායි, ඉන්ද්‍රිය සංවරය
    මේ අවදියේ දී ඒ තරම් වැදගත් වන්නේ.
  • 31:42 - 31:44
    එයින් ඔබේ මනස සෑහෙන්න සමබරයි
  • 31:44 - 31:46
    ලෝකයට ඇදී යන ස්වභාවය නැති තරම්.
  • 31:46 - 31:48
    ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය කුමක් ද?
  • 31:48 - 31:51
    මෙය බුදු දහම තුල බොහෝ සාකච්ඡා වෙනවා,
  • 31:51 - 31:53
    බෞද්ධ ප්‍රතිපත්තියේ
    හරි වැදගත් පුරුකක්--
  • 31:53 - 31:55
    එයින් අදහස් වන්නේ කුමක් ද?
  • 31:55 - 31:58
    මම මේ ගැන බොහෝ වාරයක් මීට පෙර
    සාකච්ඡා කර තිබෙනවා:
  • 31:58 - 32:00
    මම හිතනවා මේක හරිම වැදගත් කරුණක් කියලා.
  • 32:00 - 32:02
    (Sense) 'Restraint' කියලා
    ඉංග්‍රීසියෙන් භාවිතා වෙද්දී නම්
  • 32:02 - 32:04
    ප්‍රබල සැර අර්ථයක් තියෙනවා. එහෙම නේද?
  • 32:04 - 32:07
    කෙනෙකුට දෙන
    තහනම් නියෝගයක් 'restraining order' වාගේ
  • 32:07 - 32:11
    නමුත් එහි අදහස සෑම විටම එයම නොවේ
  • 32:11 - 32:14
    සමහර අවස්ථා වල ඒ අර්ථය වෙන්න පුළුවනි
  • 32:14 - 32:17
    නමුත් සාමාන්‍යයෙන් සංවරය (restraint) යන
    වචනයෙන් අදහස් වන්නේ
  • 32:17 - 32:21
    ඔබේ මනස නොසැලී තබා ගැනීමට
    ඔබ ගන්නා ඕනෑම උත්සාහයක් ගැනයි.
  • 32:21 - 32:29
    මනස ලෝභ, ද්වේශ, අකමැත්ත නිසා ලොවට ඇදී යාම
    වළක්වන ඔබ ගන්නා ක්‍රමවේදයක් ගැනයි
  • 32:30 - 32:32
    මෙතැන restraint (තහනම්, සංවරය)
    යන වචනයේ අදහස එයයි.
  • 32:32 - 32:37
    මේවා සමඟ ගනුදෙනු කල හැකි ප්‍රබලතම
    ආකාරය ප්‍රඥාවයි.
  • 32:37 - 32:42
    මම හිතන්නේ අජාන් 'අධිෂ්ඨාන බලයට' වඩා;
    'ප්‍රඥා බලය' නිර්දේශ කිරීම හරියටම හරි
  • 32:43 - 32:44
    මම හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ
  • 32:44 - 32:46
    සූත්‍ර දේශනා වලින් දේශනා කලෙත් එලෙසයි.
  • 32:46 - 32:49
    ඔබ සූත්‍ර කියවූ විට දැන ගන්න හැකියි
    බුදුරජාණන් වහන්සේ මේ ගැන
  • 32:49 - 32:50
    දීර්ඝව විස්තර කරන බව.
  • 32:50 - 32:53
    උදාහරණයකට අකුසල් සිතිවිලි ජය ගැනීම ගැන;
  • 32:54 - 32:57
    ප්‍රඥා බලය යෙදවීමයි මුලින් පෙන්වන්නේ.
  • 32:57 - 33:01
    බලයෙන් යටපත් කර ගැනීම
    සෑම විටම ඇත්තේ අවසානයටයි.
  • 33:01 - 33:03
    ඉතින් වැදගත් වන්නේ ප්‍රඥාවයි.
  • 33:03 - 33:05
    මේ සිතිවිලි දෙස නිවැරදිව බලන්න.
  • 33:05 - 33:07
    ඒවා නිවැරදිව වටහා ගන්න.
  • 33:07 - 33:09
    ඒවා දුකට හේතු‌‌වෙන බව වටහා ගන්න.
  • 33:09 - 33:11
    ඒවා ව්‍යාකුල බව වටහා ගන්න.
  • 33:11 - 33:15
    එලෙස මෙනෙහි කරන විට ඒවා
    ඉබේටම වගේ නැති වී යනවා.
  • 33:15 - 33:16
    එහෙම නේද?
  • 33:16 - 33:18
    මම හරිම කැමතියි
    පරණ කියමනක් තියෙනවා,
  • 33:18 - 33:20
    මට හිතෙන්නේ මේ අවස්ථාවට හරිම උචිතයි,
  • 33:20 - 33:22
    ඒ උණු උදුනක උපමාව
  • 33:22 - 33:24
    වැරදිලා උණු උදුනක අත තිබ්බා නම්
  • 33:24 - 33:26
    ඒක සිසිල් කියලා හිතා ගෙන,
  • 33:26 - 33:26
    මොකද වෙන්නේ?
  • 33:26 - 33:29
    ඉබේටම අත අහකට ගන්නවා.
  • 33:29 - 33:32
    ඒ විධියට ම ඔබ දන්නවා නම් යමක්
  • 33:32 - 33:34
    දුකට, කරදරයට හේතු වෙනවා කියලා
  • 33:34 - 33:37
    ඔබ ඉබේටම අහක් වෙනවා.
  • 33:37 - 33:39
    ඒ නිසා මේවා ටිකක් මෙනෙහි කරන එක වටිනවා.
  • 33:39 - 33:42
    ඇයි ව්‍යාපාදය නරක?
  • 33:42 - 33:45
    ඇයි එය කරදර ඇති කරන්නේ?
  • 33:45 - 33:47
    ඔබ වඩා ගැඹුරින් වටහා ගත් තරමට
  • 33:47 - 33:50
    ඔබ සිත කිලිටි කර ගැනීමෙන් වළකිනවා.
  • 33:50 - 33:52
    තෘෂ්ණාව ගැනත් ඒ වාගේ මයි;
  • 33:52 - 33:55
    තෘෂ්ණාව කරදර ගෙන දෙන බව දන්නේ නම්
  • 33:55 - 33:59
    ඔබ එයින් ඉබේටම වළකිනවා.
  • 33:59 - 34:01
    මම ඒ ගැන වැඩිය කථා කරන්නේ නැහැ
  • 34:01 - 34:03
    මොකද ඒක ලොකු මාතෘකාවක්,
  • 34:03 - 34:08
    විශේෂයෙන් භාවනා වැඩසටහන් වල දී
    මම ඒ ගැන සාකච්ඡා කරනවා.
  • 34:13 - 34:19
    මම හිතන්නේ ඕනෑම බෞද්ධ ප්‍රතිපදාවකට
    හරිම වැදගත්
  • 34:19 - 34:22
    ගැටළු ජය ගන්නා අයුරින් මෙනෙහි කරන්නට
    ඉගෙන ගැනීම
  • 34:22 - 34:24
    අපි සිතන ආකාරයයි හරිම වැදගත්.
  • 34:24 - 34:28
    අපි සිතන ආකාරය වෙනස් කරන්න
    එතරම් අසීරු වන්නේ පුරුද්ද නිසායි.
  • 34:28 - 34:32
    දීර්ඝ කාලයක් ඒ විධියට හිතන්න පුරුදු වෙලා.
  • 34:32 - 34:34
    අපි ටිකෙන් ටික දිශාව වෙනස් කරන විට,
  • 34:34 - 34:38
    වේගයෙන් වැරදි දිශාවට ධාවනය වන
    ඒ විශාල බඩු කෝච්චියේ දිශාව
  • 34:38 - 34:41
    ක්‍රමක්‍රමයෙන් වෙනස් කරන විට,
    කාලයක් ගත වෙනවා
  • 34:41 - 34:43
    නමුත් අවසානයේ අපේ පුරුදු කලින් ඒවාට
  • 34:43 - 34:45
    හාත්පසින් ප්‍රතිවිරුද්ධ තත්වයකට පත් වෙනවා.
  • 34:45 - 34:47
    දැන් බඩු කෝච්චිය යන්නේ අනෙක් දිසාවටයි
  • 34:47 - 34:49
    දැන් ඔබට මෛත්‍රී සිතුවිලි ඇති වීම
  • 34:49 - 34:51
    වළක්වන්නට බැහැ. එහෙම නේද?
  • 34:51 - 34:53
    සියලු සත්වයෝ සුවපත් වේවා!
    ආහ්! මට නැවතත් මතකයට ආවා!
  • 34:53 - 34:55
    ඉබේටම වෙනවා!
  • 34:55 - 34:58
    ඉතින් අදහස එයයි
    අපි හරි දේ කරන්න පුරුදු වුනාම.
  • 34:59 - 35:01
    කාලයකට පස්සේ එය පුරුද්ද වෙනවා.
  • 35:01 - 35:03
    හොඳ කරන්න පුරුදු වුන කෙනාට නරක දේ
    කරන්න අමාරුයි.
  • 35:04 - 35:08
    මෙතන සිටින බොහෝ දෙනා
    මට විශ්වාසයි ඒ වාගේ උදවිය. තරමකට හරි.
  • 35:08 - 35:10
    එසේ වූ විට කොපමණ හොඳ ද;
  • 35:10 - 35:13
    තමන් දන්නවා තමන්ට හොඳ දේ
  • 35:13 - 35:14
    නො කර ඉන්න බැරි බව.
  • 35:14 - 35:18
    ගන්නා සෑම පියවරක් ගැනම ඔබ සතුටුයි.
  • 35:18 - 35:23
    හොඳයි; ඉන්ද්‍රිය සංවරය නොමැති වීම;
    එය පෝෂණය වන්නේ කුමකින් ද?
  • 35:24 - 35:28
    මෙතන සඳහන් වන්නේ:
    සති සම්පජඤ්ඤය හීන වීම ලෙසටයි.
  • 35:30 - 35:34
    පාලි භාෂාවෙන් සති සම්පජඤ්ඤය
  • 35:34 - 35:45
    මෙහි කියවෙන වැදගත් ගුණාංගය සම්පජඤ්ඤයයි;
  • 35:45 - 35:48
    මෙතැන සතිය ද්විතීයිකයි.
  • 35:48 - 35:54
    සූත්‍ර පිටකයේ සාමාන්‍යයෙන් සතිය
    සඳහන් වන්නේ සතර සතිපට්ඨාන පිළිබඳවයි.
  • 35:55 - 35:57
    සාමාන්‍යයෙන් සතිය එයයි.
  • 35:57 - 36:01
    අනෙක සතිපට්ඨානය ප්‍රගුණ වන්නේ
    ධර්ම මාර්ගයේ ඉහල මට්ටමකයි.
  • 36:01 - 36:03
    මූලික මට්ටමේ නොවේ.
  • 36:03 - 36:08
    ඉතින් මෙතන මූලික අවධාරණය සම්පජඤ්ඤය
    නැතිනම් පැහැදිලි දැක්ම පිළිබඳවයි.
  • 36:09 - 36:12
    ඔබට පැහැදිලි අවබෝධයක් අවශ්‍යයි
    ඉන්ද්‍රිය සංවරය පැවැත්වීමට.
  • 36:13 - 36:17
    එයින් අදහස් වන්නේ කුමක් ද?
    එක් වරට පැහැදිලි වන්නේ නැහැ.
  • 36:18 - 36:25
    'පැහැදිලි දැක්ම' (සම්පජඤ්ඤය)
    'පූර්ණ සතිය' කියලත් පරිවර්තනය වෙනවා.,
  • 36:25 - 36:32
    එහි මූලික අදහස ඔබට අවබෝධයක් පවතිනවා
    ඔබ ඒ මොහොතේ කරන කියන දේ
  • 36:32 - 36:33
    නිවැරදි මාර්ගයකට බව.
  • 36:34 - 36:38
    ඔබට දැනෙනවා කරන කියන දේ
    ධර්ම මාර්ගය පරිපූර්ණ කරනවා ද යන්න.
  • 36:38 - 36:42
    ඔබ කරන්නේ කල යුත්තක් බව
    එහි අදහස එයයි.
  • 36:42 - 36:47
    ඉතින් ඔබ මේ ධම්මාලෝක මධ්‍යස්ථානයට
    පිවිසෙන විට ඔබට හැඟෙනවා; ඔව් සම්පජඤ්ඤයයි.
  • 36:47 - 36:51
    මෙහි පැමිණිලා මම මාර්ගය
    පරිපූර්ණ කර ගන්නවා
  • 36:52 - 36:53
    නැතිනම් භාවනාවට ඉඳ ගැනීමේ දී,
  • 36:53 - 36:55
    නැතිනම් කරුණාවෙන් කථා කිරීමේ දී.
  • 36:55 - 37:00
    ඒ වාගේ අවස්ථාවල දී ඔබට හැඟීමක් පවතිනවා
    'ඔව් මම මේ කරන්නේ හරි දෙයක්' කියලා.
  • 37:00 - 37:02
    ඔබ එය දන්නවා, ඔබ තුලින් එය දැනෙනවා.
  • 37:02 - 37:08
    ඔබ නිවැරදි දේ කරනවා යැයි ඒ දැනීම
    ඒ ගැන පැහැදිලි අවබෝධය--ඒ සම්පජඤ්ඤයයි.
  • 37:08 - 37:11
    අනික් අවස්ථාවල දී
    ඔබේ හිතට සවුත්තු ගතියක් දැනෙනවා
  • 37:11 - 37:13
    දැන් මම ධර්ම මාර්ගයෙන් පිට කියලා.
  • 37:13 - 37:15
    නිවැරදි දේ නොවේ කරන්නේ කියලා;
    එහෙම නේද?
  • 37:15 - 37:17
    මම මේක කල යුතු ද? කියලා සිතෙනවා
  • 37:17 - 37:19
    නමුත් සිත ව්‍යාකූලයි, අවිද්‍යාවෙන් වැසිලා
  • 37:19 - 37:22
    හරියට තේරුම් ගන්න බැහැ.
  • 37:22 - 37:24
    ඒ සම්පජඤ්ඤය පසුබෑමකට පත් වුන
    අවස්ථාවල දීයි.
  • 37:24 - 37:26
    ඔබ මොනවා කරනවා ද කියලා ඔබම දන්නේ නැහැ.
  • 37:26 - 37:30
    පැහැදිලි අවබෝධයක් නැහැ
    ඔබ ධර්ම මාර්ගය පුරමින් සිටී ද යන්න ගැන
  • 37:31 - 37:34
    ඉතින් සම්පජඤ්ඤයට පුළුල් පරාසයක් තියෙනවා;
  • 37:34 - 37:38
    ජීවිතයේ අපි ගන්නා සෑම තීරණයකට ම
    එය අදාළ වෙනවා--
  • 37:38 - 37:41
    එය ධර්ම මාර්ගයට රුකුලක් ද, නැද්ද කියා
    සෑම විට දීම අපි කරන කියන දේ ගැන
  • 37:41 - 37:45
    පැහැදිලි අවබෝධයක් පවත්වා ගන්න උත්සාහ වන්න.
  • 37:45 - 37:48
    නිවැරදි දිශාවට යොමු වන්නේ කියලා.
  • 37:48 - 37:50
    එවිටයි ඉන්ද්‍රිය සංවරයක්
    ඇති කර ගත හැකි වන්නේ. හරි නේද?
  • 37:51 - 37:56
    ඔබට අවබෝධයක් ඇත් නම්
    ඔබ සිතන කරන සෑම දේ පිළිබඳවම
  • 37:56 - 37:58
    එවිට ඒ අවබෝධය ඔබට මතක් කර දෙනවා,
  • 37:58 - 38:01
    'නවතින්න ඔය යන දිශාව වැරදියි,
    ඒ දෙසට යන්න එපා',
  • 38:01 - 38:05
    එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට අවස්ථාව ලැබෙනවා
    ඉන්ද්‍රිය සංවරය පවත්වන්න.
  • 38:05 - 38:09
    එනිසා ඔබට කරන කියන දේ පිළිබඳ ව
    පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි
  • 38:09 - 38:11
    ඉන්ද්‍රිය සංවරය පවත්වන්නට නම්.
  • 38:12 - 38:15
    ඔබ කරන සෑම ක්‍රියාවක ම අරමුණ
    දැන කටයුතු කල යුතුයි.
  • 38:15 - 38:20
    ඔබ දන්නවා එය ධර්ම මාර්ගයට
    රුකුලක් වෙනවා ද යන්න.
  • 38:21 - 38:23
    එය එසේ නම් ඔබ දන්නවා ඔබ හරි මඟ බව.
  • 38:24 - 38:27
    සම්පජඤ්ඤය ගැන බොහෝ කරුණු
    සූත්‍ර වල සඳහන් වෙනවා.
  • 38:27 - 38:31
    නමුත් මෙහි දී ඒ ගැන ටිකක් කෙටියෙන්
    කියන්න වෙනවා
  • 38:31 - 38:34
    මොකද මේ සූත්‍රයේ වටිනා කරුණු
    රාශියක් අඩංගු වෙනවා
  • 38:34 - 38:39
    දවසකට පැය ගණන බැගින් සුමාන ගණනක්
    සාකච්ඡා කලත් මෙවැනි සූත්‍රයක අඩංගු කරුණු
  • 38:39 - 38:41
    සාකච්ඡා කරලා ඉවර කරන්න බැහැ.
  • 38:41 - 38:45
    මෙම සූත්‍රය ඒ තරම් වැදගත් කරුණු රාශියක්
    ගැබ් වූ සූත්‍රයක්.
  • 38:45 - 38:52
    ඉතින් තරමක් ඉක්මනින් සාකච්ඡා කරන්න වෙනවා
    නමුත් නිකම් මතුපිටින් ම නොවේ.
  • 38:52 - 38:55
    මොකද සූත්‍රයේ ගැබ් වුන හරය
    අප වටහා ගත යුතුයි.
  • 38:55 - 39:01
    එහෙම නම් සම්පජඤ්ඤය හිඟ වීමට
    හේතු වන්නේ කුමක් ද?
  • 39:02 - 39:06
    එයට හේතු වන්නේ
    නොසැලකිලිමත් අවධානයයි.
  • 39:06 - 39:12
    නොසැලකිලිමත් අවධානය--
    අයෝනිසෝමනසිකාරය. එය පාලි වචනයයි.
  • 39:12 - 39:16
    සමහර ඉංග්‍රීසි පරිවර්තන unwise reflection
    කියලා කියනවා.
  • 39:16 - 39:20
    යෝනිසෝමනසිකාරයේ ප්‍රතිවිරුද්ධ වචනය
    (යෝනිසෝමනසිකාරය--wise reflection)
  • 39:20 - 39:22
    ඉතින් නොසැලකිලිමත් මෙනෙහි කිරීම්.
  • 39:22 - 39:27
    යෝනිසෝමනසිකාරය යන්නෙහි
    අර්ථය කුමක් ද?
  • 39:27 - 39:31
    අපට මේ වචන වල අර්ථය වැටහෙනවා කියලා
    සිතෙන්න පුළුවනි.
  • 39:32 - 39:34
    ඔව් ඒ කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්,
  • 39:34 - 39:37
    ප්‍රඥාවෙන් වැඩ කරන කෙනෙක්,
    වැරදි ‌‌දේ නො කරන කෙනෙක්
  • 39:38 - 39:40
    ඔව් එය තරමක් නිවැරදි තමයි
  • 39:41 - 39:45
    නමුත් ඒ වචනයේ නිශ්චිත විවරණය
    එයින් ලැබෙන්නේ නැහැ.
  • 39:46 - 39:48
    මොකද අපට සෑහෙන්න නිවැරදි වැටහීමක් ඇත් නම්
  • 39:48 - 39:51
    මේ ගුණාංගය දියුණු කරවන්න
    අපට පහසු වෙනවා.
  • 39:51 - 39:52
    මේ ගැන අවබෝධයක් ඇති විට..
  • 39:53 - 39:55
    සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා,
  • 39:55 - 39:57
    මජ්ඣිම නිකායේ දෙවැනි සූත්‍රයේ,
  • 39:57 - 40:03
    එහි දී යෝනිසෝමනසිකාරය බොහෝම
    ලස්සනට විවරණය කරලා තියෙනවා.
  • 40:03 - 40:07
    එහි අර්ථ දැක්වෙන්නේ
  • 40:07 - 40:14
    තමන්ගේ චේතනා, කරන, කියන දේ
    ධර්ම මාර්ගයේ ප්‍රගතියට හේතු වනවා නම්
  • 40:14 - 40:17
    අපගේ හොඳ ගතිගුණ ප්‍රගුණ වෙමින්
  • 40:18 - 40:20
    අයහපත් ගතිගුණ හීන වෙමින්
  • 40:20 - 40:21
    ධර්ම මාර්ගයට
  • 40:21 - 40:24
    අනුබලයක් වෙනවා නම්, ඒ අවස්ථාවේ දී
  • 40:24 - 40:27
    ඔබ යෝනිසෝමනසිකාරයේ පිහිටා ඇති බවයි.
  • 40:27 - 40:30
    ඔබ ප්‍රඥාවෙන් මෙනෙහි කරන බවයි.
  • 40:30 - 40:33
    ඒ වාගේ ම ඔබ මාර්ගයෙන් අහකට ගෙන යන
    ක්‍රියාවක් කරයි නම්,
  • 40:33 - 40:37
    වැරදි මාර්ගයකට යොමු කරන,
    වැරදි අෂ්ටාංගික මඟකට
  • 40:37 - 40:39
    ඒ කොහොම කීවත්
  • 40:39 - 40:46
    ආර්‍ය නොවන මාර්ගයක්
    එවිට ඔබ සිටින්නේ අයෝනිසෝ මනසිකාරයකයි.
  • 40:46 - 40:47
    ඉතින් බොහොම සරලයි.
  • 40:47 - 40:49
    සිතේ ක්ලේෂ වැඩි වෙනවා නම්
  • 40:49 - 40:52
    ඒ අයෝනිසෝ මනසිකාරයයි,
  • 40:52 - 40:54
    පැහැදිලි දැක්මක් පවතින සෑම විටම
  • 40:54 - 40:58
    යෝනිසෝ මනසිකාරයයි- ඉතා සරල අර්ථ දැක්වීමක්
  • 40:58 - 41:00
    එයින් අපට පැහැදිලි වනවා සූත්‍ර දේශනා වල
  • 41:00 - 41:03
    'ප්‍රඥාව' අර්ථකථනය වන අයුරු.
  • 41:03 - 41:07
    යෝනිසෝමනසිකාරය අපේ ධර්ම මාර්ගය
  • 41:07 - 41:10
    පුරාවටම අප තුල තිබිය යුතු ම ගුණාංගයක්.
  • 41:10 - 41:13
    සෑම විටක දීම හරි වැදගත් වනවා.
  • 41:13 - 41:16
    මුල් ආරම්භයේ සිට මාර්ගයේ අවසානය දක්වා
  • 41:16 - 41:18
    යෝනිසෝමනසිකාරය අවශ්‍යයි.
  • 41:18 - 41:21
    මුලදී ඔබට සිහි නුවණින් දැකීම
  • 41:21 - 41:25
    නිවැරදි අවධානය අවශ්‍ය වෙනවා
    මාර්ගය මුල පුරන්න. එහෙම නේද?
  • 41:25 - 41:27
    බොහෝ අයට බුද්ධ වචනය ඇසෙනවා
  • 41:27 - 41:29
    නමුත් තැකීමක් කරන්නේ නැහැ.
  • 41:29 - 41:31
    ඒ දේවල් වලට මගේ ආකර්ෂණයක් නැහැ කියනවා
  • 41:31 - 41:34
    නැතිනම් මුළුමනින් වැරදියි කියලා සිතනවා.
  • 41:34 - 41:36
    එවිට මාර්ගයට මුලපිරීමක් වත්
    ඇති වෙන්නේ නැහැ.
  • 41:36 - 41:39
    බුද්ධ වචනය වැරදියි කියලා උපකල්පනය කළොත්
  • 41:39 - 41:41
    වැරදි මාර්ගයකට වැටෙනවා;
  • 41:41 - 41:43
    ඒ අයට ප්‍රශ්නයක් ඇතිවෙනවා.
  • 41:43 - 41:45
    ඉතින් මුල සිට ම අවශ්‍ය වෙනවා,
  • 41:45 - 41:48
    අංගුත්තර නිකායේ, ඒකක නිපාතයේ සඳහන් වෙනවා
  • 41:48 - 41:51
    එහි කියවෙනවා මුළු ධර්ම මාර්ගය ම
    රඳා පවතින එක් කරුණක්,
  • 41:51 - 41:54
    සෑම දෙයක් ම කල හැකි වන්නට අවශ්‍ය
    එක් සාධකයක් ‌වන්නේ
  • 41:54 - 41:57
    යෝනිසෝමනසිකාරය, ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම
  • 41:57 - 41:59
    තව සාධක තියෙනවා
  • 41:59 - 42:03
    කල්‍යාණ මිත්‍රයන් තවත් සාධකයක් හරි නේද?
  • 42:03 - 42:06
    හොඳ මිතුරන්ගේ ආශ්‍රය
    අපි ඒ ගැන තව ටිකකින් කථා කරමු;
  • 42:06 - 42:10
    තවත් සාධකයක් තමා අප්‍පමාදය,
    නොසැලකිලිමත් නොවීම.
  • 42:10 - 42:12
    කෙනෙකු නොසැලකිලිමත් නම්,
  • 42:12 - 42:15
    තමන් ජීවත් වන පිළිවල ගැන
    තැකීමක් නැති නම්
  • 42:15 - 42:18
    අනිවාර්යයෙන් ඒ අය මේ ඉගැන්වීම් වලට
    ඇහුම්කන් දෙන්නේ වත් නැහැ
  • 42:18 - 42:21
    මොකද ඒ අය මෙවැනි ඉගැන්වීම ගැන
    කිසිම තැකීමක් නැහැ.
  • 42:21 - 42:24
    මේවා ධර්ම මාර්ගයට අනිවාර්යය පදනම්,
  • 42:24 - 42:27
    නැතිව මාර්ගයට මුල පුරන්න වත් වන්නේ නැහැ.
  • 42:27 - 42:30
    එයින් එක් සාධකයක් යෝනිසෝමනසිකාරය.
  • 42:30 - 42:33
    මාර්ගයේ දිගටම ඒ ගුණාංගය
    අප සතු විය යුතුයි.
  • 42:34 - 42:37
    මෙතන එයට විශේෂ වගකීමක් තියෙනවා;
  • 42:37 - 42:39
    නමුත් අප එය ධර්ම මාර්ගය
  • 42:39 - 42:40
    දිගටම ඇසුරු කල යුතුයි.
  • 42:40 - 42:43
    දිගටම තමන්ගෙන් විමසා සිටිය යුතුයි;
  • 42:43 - 42:46
    සෑම විටම කුසලය හඳුනා ගෙන
    අකුසල කුමක් ද දැන ගෙන
  • 42:46 - 42:48
    කුසලය වෙතට යොමු විය යුතුයි
  • 42:48 - 42:50
    අකුසලයෙන් වෙන් විය යුතුයි.
  • 42:50 - 42:52
    අවසානයේ දී යෝනිසෝමනසිකාරය
  • 42:52 - 42:54
    ධර්ම මාර්ගයේ අවසන් අදියරට පැමිණි කල ද,
  • 42:54 - 42:57
    නිවන් අවබෝධය කරා පැමිණි කලදි ද,
  • 42:58 - 43:02
    යෝනිසෝමනසිකාරය පදනමක් වෙනවා
  • 43:02 - 43:06
    ඔබේ සිත ඇත්ත ඇති සැටියෙන් දකින්නට
    යොමු කරනවා.
  • 43:06 - 43:10
    ඔබ ඒ සිත යොමු කිරීමේ දීත්
    ඒ යෝනිසෝමනසිකාරයයි
  • 43:10 - 43:16
    ඉතින් ධර්ම මාර්ගය පුරාම ඔබ සමඟ රැඳිය යුතු
    මේ වැදගත් ගුණය ගැන
  • 43:16 - 43:20
    නිවැරදි අවබෝධයක් තිබීම හරි වැදගත්.
  • 43:22 - 43:28
    ඉතින් සම්පජඤ්ඤයට නැතිනම්
    සති සම්පජඤ්ඤයට හේතුව එයයි.
  • 43:28 - 43:30
    පැහැදිලි දැක්ම, පූර්ණ සතිමත් බව.
  • 43:30 - 43:35
    මම සඳහන් කලා පූර්ණ සතිය යනු
    අප කරන කියන දේවල අරමුණ වටහා ගැනීම බව.
  • 43:35 - 43:38
    තමන් නිවැරදි මාර්ගයකට ද නැද්ද බව,
  • 43:38 - 43:42
    ඒ අරමුණ වටහා ගැනීමට
    ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි.
  • 43:42 - 43:45
    මේ ලෝකයේ හොඳ නරක ගැන
    තමන්ට වැටහීමක් තිබිය යුතුයි.
  • 43:45 - 43:48
    තමන්ගේ මාර්ගය ගැනත් වැටහීමක් අවශ්‍යයි
  • 43:48 - 43:51
    එහෙම නැතිව පැහැදිලි දැක්මක් ඇති විය
    නොහැකියි.
  • 43:52 - 43:55
    ඉතින් මම හිතන්නේ මෙතන වැදගත් වන්නේ
    සතිය නොවේ
  • 43:55 - 43:58
    වැදගත් වන්නේ සම්පජඤ්ඤයයි.
  • 44:00 - 44:05
    ඉතින් යෝනිසෝමනසිකාරය නිරායාසයෙන් ම
    අපේ අරමුණ ගැන පැහැදිලි දැක්මත්
  • 44:05 - 44:08
    කරන කියන දේ සුදුසු නුසුදුසු බව ගැනත්
    අවබෝධයක් ගෙන දෙනවා;
  • 44:08 - 44:12
    මොකද ඔබට වැටහෙනවා; ජීවිතයේ ගත යුතු
    මාර්ගය ගැන ඔබට අවබෝධයක් තියෙනවා.
  • 44:12 - 44:16
    දැන් අපි ඊළඟ සාධකයට යොමු වෙමු.
  • 44:16 - 44:19
    අයෝනිසෝමනසිකාරය පෝෂණය
    වන්නේ කුමකින් ද?
  • 44:19 - 44:25
    මෙහි සඳහන් වන්නේ ශ්‍රද්ධාවේ හීන කම
    නිසා බවයි; නො මේරූ විශ්වාසය.
  • 44:25 - 44:31
    ශ්‍රද්ධාව හීන වීම අයෝනිසෝමනසිකාරයට
    හේතු වෙනවා.
  • 44:31 - 44:35
    මෙහි දී මට නම් කුතුහලයක් උපදිනවා
  • 44:35 - 44:39
    සාමාන්‍යයෙන් යෝනිසෝමනසිකාරය
    ගැන කථා කරන විට
  • 44:39 - 44:42
    අපි සාමාන්‍යයෙන්
    ප්‍රඥාවෙන් දැකීම කියා කියනවා
  • 44:42 - 44:43
    නැතිනම් ප්‍රඥාවෙන් අවධානය වීම
  • 44:43 - 44:46
    අපි ප්‍රඥාව ගැන කථා කරන්නේ
  • 44:46 - 44:48
    අප තුල ඇති ගුණයක් ලෙසටයි.
  • 44:48 - 44:50
    මම ප්‍රඥාවන්තයි
  • 44:50 - 44:52
    ඔබ ප්‍රඥාවන්තයි, ඒ අය ප්‍රඥාවන්තයි
    යනාදි වශයෙන්
  • 44:52 - 44:55
    එය අපගේ මානසිකත්වයේ ගුණාංගයක්.
  • 44:55 - 44:57
    මිනිසකු ලෙසට අප තුල පවතින ගුණාංගයක්.
  • 44:57 - 44:59
    එක්කෝ අප පුඥාවන්තයි, නැතිනම් නැහැ
    ඒ අතරමැදි වන්නටත් හැකියි.
  • 44:59 - 45:01
    නැතිනම් හරිම ප්‍රඥාවන්ත ‌වන්නටත් හැකියි.
  • 45:01 - 45:05
    ඔබ ප්‍රඥාවන්ත පුද්ගලයෙක්, එහෙම වෙන්නටත්
    පුළුවනි.
  • 45:05 - 45:09
    කෙසේ වෙතත් අප එය දකින්නේ
  • 45:09 - 45:11
    අප තුල ඇති සහජ දෙයක් ලෙසටයි;
  • 45:11 - 45:13
    සහජ නොවී, අපි තුල
    ඇති දෙයක් ලෙස වන්නත් පුළුවන්
  • 45:13 - 45:15
    එක්කෝ ඔබට ඒ ගුණාංගය තියෙනවා
    නැතිනම් නැහැ
  • 45:15 - 45:18
    නමුත් මෙහි කියවෙන්නේ ඊට පටහැණි දෙයක්
  • 45:18 - 45:20
    ඒ අදහසට සම්පූර්ණයෙන් පටහැණියි.
  • 45:20 - 45:22
    මෙහි කියවෙන්නේ එය ශ්‍රද්ධාව නිසා
    ඇති වන දෙයක් ලෙසටයි.
  • 45:22 - 45:28
    යම් ඉගැන්වීමක් කෙරෙහි ඇතිවෙන පැහැදීම
    යෝනිසෝමනසිකාරය උපදවන බවයි.
  • 45:29 - 45:33
    එහි සිත් ගන්නා අර්ථයක් තියෙනවා.
  • 45:33 - 45:35
    නමුත් වැදගත් කරුණ වෙන්නේ
  • 45:35 - 45:38
    අපි මේ ගමන ආරම්භ කල යුතුයි.
  • 45:38 - 45:40
    ඒ ආරම්භය ගැන බුදුරජාණන් වහන්සේ
  • 45:40 - 45:43
    මුලින් සඳහන් කරනවා;
  • 45:43 - 45:46
    අපට යම් හෝඩුවාවක් දෙනවා;
    යම් අදහස් දෙනවා එය ඇති කර ගැනීම ගැන.
  • 45:46 - 45:49
    අප දේවල් ගැන සිතිය යුත්තේ කෙසේ ද,
  • 45:49 - 45:50
    ප්‍රඥාවෙන් දකින්නේ කෙසේ ද.
  • 45:50 - 45:55
    බුද්ධ වචනය මත ඇති කර ගන්නා ශ්‍රද්ධාව
    තුලින් අපි නිවැරදි තැනට යොමු වෙනවා.
  • 45:55 - 45:58
    මම කියන දේ වැටහෙනවා ද?
  • 45:58 - 46:00
    ඒ නිසා නේද ඔබ අද මෙතැන සිටින්නේ
  • 46:00 - 46:02
    උපදෙසක් ලබා ගන්නට
  • 46:02 - 46:05
    යොමු විය යුතු කරුණු සහ යොමු නොවිය
    යුතු කරුණු ගැන දැන ගන්නට.
  • 46:05 - 46:08
    ඉතින් ඔබට මේ ඉගැන්වීම් ගැන
    ඇති විශ්වාසය නිසා ම
  • 46:08 - 46:11
    යෝනිසෝමනසිකාරය ඔබ තුල පිහිටන්නට
    උපයෝගී වෙනවා.
  • 46:12 - 46:14
    බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙනවා,
  • 46:14 - 46:16
    මේ දෙසට යොමු වන්න,
    අර දෙසට යොමු නොවන්න;
  • 46:16 - 46:18
    සංඥාව මෙලෙස ගන්න
    අර ආකාරයට සංඥාව ගන්න එපා
  • 46:18 - 46:20
    මේ අයුරින් සිතන්න
    අර විධියට සිතන්න එපා.
  • 46:20 - 46:23
    ඉතින් ඔබ ඒ උපදෙස් පිළිපදින විට
  • 46:23 - 46:26
    ඔබ යෝනිසෝමනසිකාරය පුරුදු පුහුණු කරනවා
    ශ්‍රද්ධාව මත පිහිටා.
  • 46:27 - 46:29
    නමුත් කාලයක් සමඟ
    මෙම පුරුදු මුල් බැස ගන්නා විට
  • 46:30 - 46:33
    ඔබට ම වැටහෙනවා ‌මෙහි ක්‍රියාකාරිත්වය
    සහ ඇයි ඒසේ සිදුවන්නේ කියා
  • 46:33 - 46:36
    එවිට එය ඔබගේම ප්‍රඥාව බවට පත් වෙනවා.
  • 46:36 - 46:39
    නමුත් අපි බොහෝ දෙනා සිටින්නේ
  • 46:39 - 46:41
    ඒ අතරමැදි තැනකයි. එහෙම නේද?
  • 46:41 - 46:43
    අපට යම් ප්‍රඥාවක් තියෙනවා
  • 46:43 - 46:45
    යම් විශ්වාසයක්, ශ්‍රද්ධාවක් තියෙනවා.
  • 46:45 - 46:48
    ඒ ‌දෙක එකට පවතිනවා.
  • 46:48 - 46:51
    කාලයාගේ ඇවෑමෙන් ඔබට සි‌තේවි
    ශ්‍රද්ධාව ඉහල යනවා
  • 46:51 - 46:52
    විශ්වාසය අඩු වෙනවා කියලා;
  • 46:52 - 46:57
    නැහැ ඒ කාරණා දෙක එකටයි
    වර්ධනය වන්නේ; විශ්වාසය සහ ශ්‍රද්ධාව යන දෙක.
  • 46:57 - 47:01
    බුද්ධ ධර්මයේ විශේෂ ලක්ෂණයක් තමයි
    විශ්වාසය සහ ශ්‍රද්ධාව,
  • 47:01 - 47:04
    ප්‍රඥාවේ නැතිනම් අවබෝධයේ ම අනිත් පැත්තයි.
  • 47:04 - 47:05
    අපි ප්‍රඥාවන්ත වෙන්න වෙන්න
  • 47:05 - 47:07
    අපේ විශ්වාසය ගොඩ නැගෙනවා.
  • 47:07 - 47:10
    බුදු දහමේ අන්ධ ශ්‍රද්ධාවක් ගැන
    කියවෙන්නේ නැහැ
  • 47:10 - 47:15
    අවබෝධය මත ගොඩනැගුණ
    ශ්‍රද්ධාවක් ගැනයි මේ කියන්නේ
  • 47:15 - 47:16
    යථාර්ථය මත පදනම් වූ දෙයක්.
  • 47:16 - 47:18
    එය සම්පූර්ණයෙන් වෙනස් ශ්‍රද්ධාවක්.
  • 47:18 - 47:20
    ඒ දෙක පවතින්නේ එකටයි.
  • 47:20 - 47:23
    ඒ නිසායි සෝවාන් ඵලයට පත් වූ කෙනා,
  • 47:23 - 47:24
    ධර්මය දුටු කෙනා
  • 47:24 - 47:27
    ප්‍රඥාවෙන් යථාර්ථය ප්‍රථම වතාවට
    අවබෝධ වූ විට
  • 47:27 - 47:31
    එවිටයි ඔබේ ශ්‍රද්ධාව ස්ථාපිත වන්නේ
  • 47:31 - 47:35
    එය ස්ථිර වෙනවා, සැලෙන්නේ නැහැ
    වෙනස් කරන්න බැරි වෙනවා
  • 47:36 - 47:38
    පැහැදීම සහ ප්‍රඥාව වර්ධනය වන්නේ සමගාමීවයි.
  • 47:38 - 47:42
    මේවා බුදු දහමේ දී ප්‍රතිවිරුද්ධ බල නොවේ
    එකම බලයක පැති දෙකක්; ‌
  • 47:42 - 47:45
    ඒ නිසා වර්ධනය වන්නේ එකට.
  • 47:49 - 47:54
    ඒ නිසායි මෙහි ශ්‍රද්ධාව
    යෝනිසෝමනසිකාරයට පෝෂකයක් වන්නේ.
  • 47:55 - 47:58
    ශ්‍රද්ධාවයි මෙම ගුණාංගය වර්ධනය
    කිරීමට මඟ පාදන්නේ.
  • 48:00 - 48:02
    තර්කයට එකඟ නැති ගතියක්
    මෙහි තියෙනවා තමයි
  • 48:02 - 48:04
    එනිසා ම කුතුහලයක් ඇති කරනවා.
  • 48:04 - 48:08
    ජීවිතයේ රසවත් දෑ බොහෝ විට
    තර්කානුකූල නැහැ.
  • 48:08 - 48:12
    අප කුතුහලයකට පත් කරනවා
    අළුත් ආකාරයට හිතන්න පොලඹවනවා.
  • 48:13 - 48:20
    (සභාවෙන් ප්‍රශ්නයක් -
    එය පැහැදිලිව ඇසෙන්නේ නැහැ)
  • 48:23 - 48:25
    ඔබට ප්‍රශ්නයක්?
  • 48:25 - 48:29
    ප්‍රශ්නය ඒකයි
  • 48:29 - 48:32
    හරියට හරි ප්‍රශ්නය එයයි
  • 48:33 - 48:37
    හරියට හරි වැරදි දැක්මක් ඇති කෙනෙකුගේ
    ගැට‍ළුව එයයි
  • 48:38 - 48:39
    අපට උදව් කරන්න...
  • 48:39 - 48:41
    කෙනෙකු තදින් වැරදි දැක්මක සිටිනවා නම්
  • 48:41 - 48:43
    අපි කොහොමද ඒ අය දිරිමත් කරන්නේ
    එයින් මිදෙන්න?
  • 48:43 - 48:45
    බොහෝ විට බැහැ.
  • 48:45 - 48:47
    සමහර විට අපට අත් හරින්න වෙනවා
  • 48:47 - 48:50
    හොඳයි ඔබට හරි කියා හිතෙන දේ කරන්න...
  • 48:50 - 48:52
    ඒ අවස්ථාවේ වෙන කරන්න දෙයක් නැහැ.
  • 48:52 - 48:54
    නමුත් බොහෝ විට, ආචාරසම්පන්න විධියට
  • 48:54 - 48:56
    කරුණාවෙන් ඔබ පැහැදිලි කරනවා නම්
  • 48:56 - 48:58
    ඒ අය කාලයාගේ ඇවෑමෙන් පෙලඹෙනවා.
  • 48:58 - 49:00
    එයයි මගේ ජීවිතයේ අත් දැකීම
  • 49:00 - 49:02
    බොහෝ විට එ අයට ඒත්තු ගන්වන්න හැකියි.
  • 49:02 - 49:06
    අපි දක්ෂ වෙන්න ඕනෑ,
    ප්‍රවේසමෙන් හරි ප්‍රවේශයක් ගන්න අවශ්‍යයි.
  • 49:06 - 49:08
    ප්‍රශ්නය ඒකයි; ඒක උගුලක්;
  • 49:08 - 49:12
    අවිද්‍යාව, වැරදි දැක්ම, අවිජ්ජාව උගුලක්,
  • 49:12 - 49:14
    මොකද ඒ අය දන්නේ නැහැ
    ඒ අය මෝහයෙන් වැහිලා කියලා
  • 49:15 - 49:18
    පඹ ගාලක පැටලිලා වාගේ,
    එළියට එන්න අමාරුයි;
  • 49:18 - 49:20
    දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා නම්
  • 49:20 - 49:24
    හොඳට ම විශ්වාස නම් උන්වහන්සේ
    එහි සිට ඔබ රැක බලා ගන්නවා කියා
  • 49:24 - 49:25
    ඒ අදහස බොහොම සැනසිලිදායකයි
  • 49:25 - 49:28
    දෙවියන් වහන්සේ මාව රැක බලා ගන්නවා
  • 49:28 - 49:30
    සැනසිල්ලක් ඇති කරනවා; නමුත් වැරදි
    වෙන්න පුළුවනි.
  • 49:30 - 49:32
    වැරදිනම් මොකද වෙන්නේ?
  • 49:32 - 49:35
    බෞද්ධ කෝණයෙන් බැලුවොත්
    එහි ප්‍රතිවිපාකය
  • 49:35 - 49:38
    ඒ අදහස තදින් අල්ලා ගෙන සිටින කෙනෙකු
    ධර්ම මාර්ගයේ යම් දුරක් යන්න පුළුවනි
  • 49:39 - 49:40
    නමුත් මාර්ගය සම්පූර්ණ කරන්න බැහැ
  • 49:40 - 49:44
    මොකද මාර්ගයට ප්‍රතිවිරුද්ධ දිට්ඨියක ඒ අය
    එල්බ සිටින නිසා.
  • 49:44 - 49:46
    ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්.
  • 49:46 - 49:50
    ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට
    උපදෙස් දෙන්නේ,
  • 49:50 - 49:52
    ඔබට නිවැරදි මාර්ගය හමුව ඇත්නම්
  • 49:52 - 49:55
    ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා
  • 49:55 - 49:56
    මොකද ඊළඟ ආත්මයේ දී ඔබ
  • 49:56 - 49:58
    වැරදි මාර්ගයට වැටෙන්න පුළුවන්.
    අපි හැමට එය වෙලා තියෙනවා
  • 49:58 - 50:00
    මුළා වෙලා, සම්පූර්ණයෙන් ධර්ම මාර්ගයෙන්
    ඈත් වෙලා
  • 50:00 - 50:02
    අපි සැවොම දෙවියන් වහන්සේ ගැන
  • 50:02 - 50:04
    දැඩි විශ්වාසයකින් ඉන්න ඇති පෙර භව වල
  • 50:04 - 50:07
    මොකද අප සියලු දෙනා එක වාගේ.
  • 50:07 - 50:09
    ඉතින් ඒ අයට වඩා අපි හොඳයි කියන්න බැහැ
  • 50:09 - 50:12
    අපිත් වෙන වෙන විශ්වාස අදහමින්
    ගැවසෙන්න ඇති.
  • 50:12 - 50:15
    එක ආත්මයක ඒ අය බෞද්ධ
  • 50:15 - 50:16
    තව ආත්මයක අපි බෞද්ධ
  • 50:16 - 50:19
    අපි ක්‍රිස්තියානි. ඒ අය ක්‍රිස්තියානි ආගමේ.
  • 50:19 - 50:21
    ඒ වාගේ වෙනස් වෙනවා.
  • 50:21 - 50:26
    ඒ නිසා මේ ඒ අය කිසි විධියකින්
    විනිශ්චය කරනවා නොවේ
  • 50:26 - 50:28
    අපි වටහා ගත යුතුයි
  • 50:28 - 50:32
    අවිද්‍යාව හරිම තද බලවේගයක් නිසා
    ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බව.
  • 50:33 - 50:36
    ඔබට දැනෙනවා නම් මේ ජීවිතයේ දී
    ඔබට යම් ප්‍රඥාවක් ඇති වී තිබෙන බව
  • 50:36 - 50:39
    ඒ ප්‍රඥාව උපරීමයට උපයෝගී කර ගන්න
    මේ ප්‍රශ්නයෙන් මිදීමට
  • 50:39 - 50:43
    මොක ද දැන් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා.
  • 50:43 - 50:46
    මට හිතෙන්නේ ඒ විධියට බලන එක තමයි වටින්නේ.
  • 50:47 - 50:50
    ඔබ ඒ පිළිතුරට එකඟ ද?
  • 50:50 - 51:08
    (සභාවෙන් පිළිතුරක්)
  • 51:13 - 51:16
    එක අතකට එකමයි.
  • 51:16 - 51:19
    නමුත් අපි දන්නේ නැහැ.
  • 51:19 - 51:22
    මම කියන්න හදන්නේ
  • 51:22 - 51:24
    අපට උපකල්පනය කරන්න වෙනවා
    අප නිවැරදියි කියලා.
  • 51:25 - 51:28
    ඔබ අනුගමනය කරන මාර්ගය නිවැරදියි කියලා
    ඔබට උපකල්පනය කරන්න වෙනවා.
  • 51:29 - 51:31
    එහෙම නැතිනම් අද ඔබ මෙතැන නැහැනේ.
  • 51:31 - 51:33
    ඉතින් යම් උපකල්පනය කරන්න වෙනවා,
  • 51:33 - 51:35
    නමුත් උපකල්පනය කිරීමේ දී ප්‍රවේසම් වෙන්න,
    ඒ ගැන නිහතමානී වන්න.
  • 51:35 - 51:37
    ඔබ උපකල්පනය කරනවා, අප අනුගමනය කරන
    මාර්ගය නිවැරදි කියලා
  • 51:37 - 51:38
    නමුත් ඒ සමඟින් ම ඔබ දන්නවා
  • 51:38 - 51:42
    ඔබ මෙහි පැමිණෙන නමුත්
    ඔබ අවිද්‍යාවෙන් මිදී නැති බව.
  • 51:42 - 51:45
    වැරදි වැටහීම් තියෙනවා. එහෙම නේද?
  • 51:45 - 51:47
    ඉතින් අපි ඇත්තෙන්ම කොපමණ දන්නවා ද?
  • 51:47 - 51:51
    මෙහි දී තමයි අපි නිහතමානී වීම
    බොහෝම බොහෝම වැදගත් වන්නේ.
  • 51:51 - 51:56
    අපගේ ආකල්පය විය යුත්තේ, සමහර විට
    මූලධර්මවාදී කිතුනුවන් නිවැරදි විය හැකි බවයි.
  • 51:56 - 51:59
    අප තුලින් ම සත්‍ය ගැඹුරින් වැටහෙන තුරු
  • 51:59 - 52:02
    අප ඇත්තෙන්ම දන්නේ නැහැ
    සත්‍ය කුමක් ද කියා.
  • 52:02 - 52:05
    ඒ ප්‍රවේශය බුදු දහමේ පවතින ප්‍රශංසනීය ම
    ලක්ෂණයක්
  • 52:05 - 52:09
    අපට කියන්න හැකියි 'මම දන්නේ නැහැ,
    මට සීයට සීයක් විශ්වාස නැහැ' කියලා
  • 52:09 - 52:11
    නමුත් මාර්ගය නිවැරදි බව හැඟෙනවා,
  • 52:11 - 52:13
    ඒ නිසා මාර්ගය වඩනවා. එහෙම නේද?
  • 52:13 - 52:16
    මම හිතනවා ඒ ආකල්පය හරි වැදගත් කියලා.
  • 52:16 - 52:18
    මම හිතන්නේ නැහැ බෞද්ධයන් ලෙස
    අපේ ආකල්පය
  • 52:18 - 52:21
    'මම සියල්ල දන්නවා, සත්‍යය මෙයයි
    අනෙක් ආගමි සියල්ල බොරු' විය යුතුයි කියලා.
  • 52:21 - 52:25
    එවැනි ආකල්ප ඇත්නම් ඔබ තමන්ට අවංක නැහැ
    තමන් දන්නා දේ ගැන
  • 52:26 - 52:34
    (ශ්‍රාවකයෙක් අදහසක් දක්වනවා--
    ඇසෙන්නේ නැහැ)
  • 52:38 - 52:44
    ඇයි සහජ ඥානයට පටහැණියි
    වන්නේ? මට වැටහුණේ නැහැ
  • 52:44 - 52:47
    මම හිතුවේ
    සහජ ඥානයක් කියයි.
  • 52:47 - 52:50
    අජාන් බුහ්මාලි: ඔව් තමන්ට ම
    වැටහුණාට පසු එසේයි
  • 52:50 - 52:53
    ශ්‍රාවකයා; අපි බුදුරජාණන් වහන්සේට ඉතා
    අවනත නැතිනම් අපට වරදිනවා ද?
  • 52:54 - 52:58
    අජාන්: ඔව් සහජ ඥානයට
    පටහැණියි කියන්නේ
  • 52:58 - 53:02
    සාමාන්‍යයෙන් යෝනිසෝමනසිකාරය පරිවර්තනය
    වෙන්නේ 'ඥානවන්ත අවධානය' ලෙසටයි.
  • 53:02 - 53:06
    සාමාන්‍යයෙන් සැලකෙන්නේ ප්‍රඥාව අප තුලින්
    එන දෙයක් ලෙසටයි.
  • 53:06 - 53:09
    නමුත් මෙහි ප්‍රඥාව ලැබෙන්නේ
    බුදුරජාණන් වහන්සේගෙන්
  • 53:09 - 53:11
    බුදුරජාණන් වහන්සේ දේශනා තුලින්
  • 53:11 - 53:13
    ඉතින් එය ප්‍රඥාව තමයි;
    නමුත් ඇතිවෙන්නේ විදර්ශනාවෙන්.
  • 53:13 - 53:16
    අප තුලින් ම ඇතිවෙන ප්‍රඥාවක් නොවේ.
  • 53:16 - 53:18
    ප්‍රඥාව ‌මූලාශ්‍ර දෙකකින් ඇති වෙනවා
  • 53:18 - 53:20
    පිටතින් ලැබෙනවා ප්‍රඥාව සහ
    අප තුලින් ඇති වන ප්‍රඥාව.
  • 53:21 - 53:28
    ශ්‍රාවකයා-මට හිතන්නේ මෙහි ඇති
    ලොකු ම ආශ්චර්ය, ඒකීයත්වයයි
  • 53:29 - 53:35
    බුදු කෙනෙකුගේ පහළ වීම, නැතිනම් අතීත
    බුදුවරුන්ගේ පහළ වීම එයයි ලොකු ම ආශ්චර්ය.
  • 53:35 - 53:39
    අජාන් බ්‍රහ්මාලි: අනිවාර්යයෙන්, අපි එය
    තව මොහොතකින් දකිනවා.
  • 53:40 - 53:42
    සම්පූර්ණ මාර්ගයේ පදනම එතනයි. නේද?
  • 53:42 - 53:44
    සෑම දෙයක් ම හට ගන්නේ එතැනින්
    හරියට හරි.
  • 53:48 - 53:54
    ඉතින් ශ්‍රද්ධාවට නැතිනම් විශ්වාසයට හේතු
    වන්නේ කුමක් ද?
  • 53:54 - 53:58
    පිළිතුර වන්නේ--
    නැහැ ශ්‍රද්ධාව හීන වීමට හේතුව
  • 53:58 - 54:02
    පිළිතුර වන්නේ--සද්ධර්මයට සවන් නො දීමයි
  • 54:02 - 54:05
    ඉතින් ඔබ සද්ධර්මය ශ්‍රවණය කල යුතුයි.
  • 54:05 - 54:07
    එයින් ශ්‍රද්ධාව උපදවනවා.
  • 54:08 - 54:12
    ඉතින් සද්ධර්මය කියන්නේ කුමක් ද?
  • 54:12 - 54:17
    බෞද්ධයන් වශයෙන් ඒ ධර්මය;
    බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්:
  • 54:17 - 54:21
    වෙන කාගේවත් ඉගැන්වීම් නොවේ; බුද්ධ දේශනා.
  • 54:21 - 54:25
    ඉතින් ඔබට මෙහිදී වැටහෙනවා
    අපි ශ්‍රද්ධාව, විශ්වාසය ගැන කථා කරන විට,
  • 54:26 - 54:29
    හරි වැදගත් වෙනවා අපේ විශ්වාසය
    නිවැරදි ඉගැන්වීම මත විය යුතු බව.
  • 54:29 - 54:33
    නිර්වාණය කරා අප යොමු කරන
    ඉගැන්වීමක් විය යුතු වෙනවා;
  • 54:33 - 54:36
    සම්පූර්ණ මාර්ගය;
    මඟ නවතින මාදිලියේ ඉගැන්වීම් නොවේ.
  • 54:36 - 54:39
    දිගු ගමනක් ගෙන යා හැකි
    වෙනත් ඉගැන්වීම් තිබිය හැකියි,
  • 54:39 - 54:41
    නමුත් බෞද්ධයෙකු වශයෙන්
  • 54:41 - 54:43
    අපට හැකි විය යුතුයි විනිවිද දැක
    තේරුම් ගන්න
  • 54:43 - 54:45
    අනාත්මය වැනි මූලික පදනම්
  • 54:45 - 54:47
    මේ මාර්ගය පූර්ණ කර ගන්න.
  • 54:47 - 54:51
    ඉතින් හරිම වැදගත් අපි අපේ
  • 54:51 - 54:54
    විශ්වාසය නිවැරදිව යොමු කර ගැනීම.
  • 54:54 - 54:55
    චකිතයක් ඇති වෙනවා නේද?
  • 54:55 - 54:57
    අපි අඳුරේ දඟලනවා,
  • 54:57 - 55:00
    අපි එක්තරා ආකාරයක මුළාවක. අප දන්නවා;
    සමහර විට දැනෙනවා අපි මෝහයක බව
  • 55:01 - 55:05
    නමුත් අපට සිද්ධ වෙනවා අනුගමනය කල යුතු
    මාර්ගයක් ගැන තීරණයක් ගන්න.
  • 55:05 - 55:07
    නමුත් අපි ඇත්තෙන්ම දන්නේ නැහැ.
  • 55:07 - 55:10
    අපට කල හැකි වන්නේ අපට දැනෙන ආකාරයට
    හොඳම තීරණය ගන්නයි.
  • 55:10 - 55:13
    අපට තිබෙන සාධක පසුබිම් කර ගෙන.
  • 55:13 - 55:18
    අප අවට සිටිනා අයගේ ආභාසය, සූත්‍ර දේශනා
    එකිනෙකට ගැළපෙන ආකාරය අනුව.
  • 55:18 - 55:21
    මෙහි දී මම කිව යුතුයි
    ධර්ම ග්‍රන්ථ සම්බන්ධව
  • 55:21 - 55:23
    බෞද්ධ ග්‍රන්ථයෙහි ප්‍රබල යමක් තිබෙනවා
  • 55:24 - 55:28
    මම කියවා ඇති අනෙකුත් සමහර
    ග්‍රන්ථ සමඟ සසඳන විට.
  • 55:29 - 55:34
    ඒ වාගේම සමහර විට, බොහෝ විට,
    මිනිසුන්ගේ ගුණාත්මක භාවයත් ඉතා ඉහළයි.
  • 55:34 - 55:37
    ඉතින් සද්ධර්මයට සවන් දෙනවා,
  • 55:37 - 55:41
    සද්ධර්මය ශ්‍රවණය කල විට
    අපට යම් හඳුනා ගැනීමක් ඇති වෙනවා;
  • 55:41 - 55:46
    එහි සත්‍යයක් හඳුනා ගන්නවා, අපට ඒ හඳුනා
    ගැනීම කිරීමට ඉන්ද්‍රිය පවතිනවා.
  • 55:46 - 55:50
    ඒ නිසා අපේ ශ්‍රද්ධාව උපදිනවා.
  • 55:50 - 55:52
    දැන් මෙතන හරිම වැදගත් යමක් ‌තියෙනවා
  • 55:52 - 56:00
    මට හිතෙනවා බෞද්ධ ප්‍රතිපදාවේ අසීරුතම දේ
    ධර්මය වටහා ගැනීම ම නොවේ,
  • 56:01 - 56:03
    ඇත්තෙන්ම ධර්මය සරලයි,
  • 56:03 - 56:06
    කාරුණික වන්න, හරි දේ කරන්න,
    නිවැරදිව ප්‍රතිපදා පුරන්න
  • 56:06 - 56:10
    නීවරණ නැති කර ගෙන,
    සමාධිය උපදවා ගන්න.
  • 56:11 - 56:14
    ප්‍රීතිය ඒකාග්‍රතාව වැනි දේවල්
  • 56:14 - 56:17
    අවබෝධ කර ගන්න එක සාමාන්‍යයෙන් සරලයි.
  • 56:17 - 56:19
    අමාරු දේ, අසීරු ම දේ තමයි,
  • 56:19 - 56:23
    මාර්ගය පරිපූර්ණ කර ගන්න නොපසුබට
    උත්සාහය සහ කැප කිරීම පැවැත්වීමයි.
  • 56:23 - 56:29
    දවසින් දවස, සුමානයෙන් සුමානය, ජීවිත කාලය
    තුලදීම ලැබෙන අවස්ථා උපරිම කර ගන්න
  • 56:29 - 56:34
    මොහොතින් මොහොත. මට හිතෙන්නේ මෙයයි මාර්ගයේ අසීරුතම කර්තව්‍යය.
  • 56:34 - 56:39
    ඉතින් අප අපහසුයි කියන විට
    එය බුද්ධිමය පැත්තෙන් නොවේ,
  • 56:39 - 56:44
    අසීරුව මේ දේවල් නොපසුබට වීර්යයකින්
    කර ගෙන යාමයි.
  • 56:44 - 56:47
    මෙයින් කියවෙනවා නේද අප කල යුත්ත ගැන යමක්?
  • 56:47 - 56:51
    නොපසුබට වීර්ය,
    මුල් බැස ගත් ශ්‍රද්ධාව තිබීම
  • 56:51 - 56:54
    අප තව තවත් වීර්ය, කැප කිරීමට හේතු වෙනවා.
  • 56:54 - 56:58
    ඒ ශ්‍රද්ධාව ඇති වන්නේ සද්ධර්මය ඇසීමෙන්.
  • 56:58 - 57:02
    ඉතින් පටන් ගැනීම මෙතනයි.
  • 57:02 - 57:05
    ක්‍රමක්‍රමයෙන් සිතේ, දැක්මේ
    පිරිසිදු කිරීමක් කර ගත යුතුයි
  • 57:05 - 57:08
    වැරදි, නුසුදුසු දේ ක්‍රමක්‍රමයෙන්
    සෝදා හැර
  • 57:08 - 57:10
    නිවැරදි හොඳ දේ එකතු කර ගත යුතුයි;
  • 57:10 - 57:16
    බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු කාරකය උපයෝගී
    කරගෙන ඒ බුද්ධිශෝධනයට කරගන්න.
  • 57:16 - 57:22
    ඒ පිරිසිදු කාරකය තමයි සූත්‍ර කියවීම,
    ආවර්ජනය කර අවබෝධ කර ගැනීම.
  • 57:22 - 57:25
    වෙනත් හොඳ ඉගැන්වීම් ඇත්නම්
    ඒවා ද වටහා ගෙන
  • 57:25 - 57:30
    ජීවිතයට ගලපා ගන්න.
    එය බොහොම ප්‍රබල ක්‍රියාවලියක්.
  • 57:30 - 57:34
    දැන් අපි එළඹෙන්නේ පිළිවෙළින්
    ඇතිවෙන ක්‍රියාවලියක මුල් ආරම්භයටයි.
  • 57:34 - 57:37
    ඒ ආරම්භය පෙන්වා දෙනවා
    අප ගනුදෙනු කල යුත්තේ
  • 57:37 - 57:40
    කුමක් සමඟ ද කියා;
    ඒ බුද්ධ වචනය ශ්‍රවණය කිරීමයි.
  • 57:40 - 57:42
    එයයි මූලික ම පදනම වන්නේ.
  • 57:42 - 57:45
    ඒ නිසාම පුදුම විය යුතු නැහැ
  • 57:45 - 57:48
    සද්ධර්මය ශ්‍රවණය කිරීමට හේතු වන්නේ
  • 57:48 - 57:52
    ආර්ය පුද්ගලයන් මුණ ගැසීමයි.
  • 57:52 - 57:56
    මෙම පරිවර්තනය දක්වන්නේ
    හොඳ පුද්ගලයන් (good people) ලෙසටයි.
  • 57:56 - 58:00
    තවත් තැන්වල සත්පුරුෂයන් (superior people)
    ලෙස සඳහන් වෙනවා.
  • 58:00 - 58:03
    සත්පුරුෂයන් කියන්නේ ආර්ය පුද්ගලයන්.
  • 58:03 - 58:09
    ධර්මය තමන් විසින් ම විනිවිද දැක අවබෝධ
    කර ගත් උතුම් පුද්ගලයන්. එහෙම නේද?
  • 58:10 - 58:13
    එයයි මේ සියල්ලේ ම පදනම වන්නේ.
  • 58:13 - 58:20
    ඒ අය මුණ නොගැසීම අවිද්‍යාවට හේතු වෙනවා.
    ප්‍රශ්නයට හේතු වෙනවා.
  • 58:21 - 58:23
    ඒ වාගේමයි ඊට ප්‍රතිවිරුද්ධ දේ.
    ඒ අය මුණගැසීම
  • 58:24 - 58:29
    ප්‍රතිවිරුද්ධ දිශාවට අප යොමු කරනවා
    විමුක්තියට මඟ පාදනවා.
  • 58:29 - 58:32
    මෙය බලවත් කරුණක් අපට
    තහවුරු කරනවා
  • 58:32 - 58:37
    ඒ ධර්මය වටහා ගත් කෙනෙකු ලොව නොසිටීම
  • 58:37 - 58:40
    ධර්මය දුටු කෙනෙකු නොමැති වීම,
  • 58:40 - 58:42
    මොහොතකට පෙර වූ ටොං මහතා කීීවා වාගේ,
  • 58:42 - 58:47
    මෙයයි අප සැමට මේ ධර්ම මාර්ගය
    විවෘත කර දෙන්නේ:
  • 58:47 - 58:53
    අප සැමගේ දෙනෙත් පාදමින්
    ලොවට පහළ වන ආලෝකය එයයි.
  • 58:53 - 58:56
    එය නොමැති නම් පරිපූර්ණ කරන්න
    මාර්ගයක් අපට නැහැ.
  • 58:56 - 59:00
    එය නොමැතිව සද්ධර්මය ගැන
    විශ්වාසයක් ඇති කරගන්න බැහැ.
  • 59:00 - 59:03
    ඉතින් පදනම එයයි;
  • 59:03 - 59:13
    එයින් අප තේරුම් ගත යුත්තේ
    අප ධර්ම මාර්ගය වැඩීමට නම්,
  • 59:13 - 59:16
    ඒ මූලික පදනම් පෝෂණය කල යුතුයි.
  • 59:16 - 59:18
    මතකයිනේ, අපි කථා කරන්නේ පෝෂකයන් ගැන.
  • 59:18 - 59:21
    සෑම සාධකයක් ම ඊළඟ සාධකය පෝෂණය කරනවා.
  • 59:21 - 59:26
    සෑම සාධකයක්ම...
    අප මුල් සාධකය දෙසට අපි යොමු වුවහොත්
  • 59:26 - 59:29
    ඒ මුල් සාධකය වැඩීමට අප
    නිරතුරුව ම වග බලා ගත යුතුයි.
  • 59:29 - 59:32
    අප එය හොඳින් ස්ථාපිත කළ යුතුයි.
  • 59:33 - 59:37
    සත්පුරුෂයන් බැහැදැකීම,
    සූත්‍ර දේශනා වටහා ගැනීම-
  • 59:37 - 59:40
    මෙම කරුණු දෙක වර්ධනය
    වන්නේත් සමබරවයි.
  • 59:40 - 59:43
    අපට යම් ව්‍යාකුල බවක් දැනේ නම්
    විචිකිච්ඡාවක් දැනේ නම්,
  • 59:43 - 59:46
    ධර්ම මාර්ගය නඟාලීම ට අවශ්‍යතාවක් දැනේ නම්
  • 59:46 - 59:49
    ඔබ පිළිසරණ කර ගත යුත්තේ එයයි.
  • 59:49 - 59:52
    මෙය බොහෝ සමාන වෙනවා
  • 59:52 - 59:58
    බුදුරජාණන් වහන්සේ‌ ආනන්ද තෙරුන් වහන්සේට
    දුන් ප්‍රකට ඔවදනට
  • 59:58 - 60:04
    ඒ කල්‍යාණ මිත්‍ර සේවනය ආධ්‍යාත්මික පැවැත්මට
    100% පදනම් වන බවයි.
  • 60:04 - 60:07
    ආනන්ද ‌තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන්
    විමසුවේ 50% ද බවයි.
  • 60:07 - 60:10
    බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිචාරය වූවේ
    "නැත නැත ආනන්දය, 100% පදනම එයයි.
  • 60:10 - 60:15
    මට විටක දැනුණා මෙය අතිශයෝක්තියක් ද කියා
  • 60:15 - 60:18
    100% ම? තවත් හේතු කාරණා රාශියක්
    දායක වෙනවා,
  • 60:18 - 60:21
    කරුණාවන්ත වීම, ත්‍යාගශීලී වීම වාගේ සාධක:
  • 60:21 - 60:24
    අන් අයට අනුකම්පා සහගත වීම වැනි ගුණාංග.
  • 60:24 - 60:26
    බුදුරජාණන් වහන්සේ උවමනාවට වඩා වැඩි අවධාරණයක් දෙනවා වාගේ දැනුණා.
  • 60:26 - 60:28
    නැහැ බුදුරජාණන් වහන්සේගේ
    පිළිවෙත එය නොවේ,
  • 60:28 - 60:30
    උන්වහන්සේ කිසිවිටක අනිසි අවධාරණයක්
    කරන්නේ නැහැ.
  • 60:30 - 60:32
    උන්වහන්සේ යමක් ‌දේශනා කරන්නේ
    ඉතා නිශ්චිත අර්ථයක් සමඟිනුයි.
  • 60:32 - 60:35
    මෙහි ඒ නිශ්චිත අර්ථය වන්නේ
    ධර්ම මාර්ගයේ ආරම්භයට
  • 60:35 - 60:37
    එ ආභාෂය මුලින් අවශ්‍ය ම වීමයි.
  • 60:37 - 60:42
    ඒ ආභාෂය නොමැතිව ධර්ම මාර්ගයේ
    ආරම්භයක් වත් ඇතිවෙන්නේ නැහැ.
  • 60:42 - 60:46
    ඉන් පසු ඒ ආභාෂය නොනවත්වා
    තව තවත් ලබා ගන්නවා.
  • 60:46 - 60:48
    එලෙසින් කටයුතු කල විට
  • 60:48 - 60:50
    මනසේ විපරිණාමයක් (බුද්ධිශෝධනයක්)
    සිදු වෙනවා
  • 60:50 - 60:53
    ඔබට සිතෙන්නට පුළුවනි බුද්ධිශෝධනය
    නරක දෙයක් කියා. නැහැ එය හොඳයි
  • 60:54 - 60:56
    ඒ විපරිණාමය සිදු වන ආකාරය වැදගත්
  • 60:56 - 60:59
    අපි කොහොමත් බුද්ධි ශෝධනයට පාත්‍ර වෙනවා...
  • 60:59 - 61:01
    බුද්ධි ශෝධනය කියන්නේ හේතුඵල දහමක්.
  • 61:01 - 61:04
    අපි ලෞකික ලෝකයට ගිහින්
    නා නා ආකාරයේ අය හමු වූ විටත්
  • 61:04 - 61:07
    බුද්ධි ශෝධනය යථාර්ථයක්
    අපට එය වළක්වන්න බැහැ.
  • 61:07 - 61:11
    අපට කල හැකි වන්නේ යහපත් ශෝධකයක් ලබා
    ගෙන යහපත් ශෝධනයකට ලක් වීමට කටයුතු කිරීමයි
  • 61:12 - 61:18
    හොඳ ‌සෝදන යන්ත්‍රයකට බැහැලා
    දොර වසා කිහිප වතාවක් කැරකිලා එළියට එන විට
  • 61:18 - 61:20
    ඔබට නිවන් අවබෝධය ලැබිලා.
  • 61:21 - 61:22
    එපමණයි.
  • 61:23 - 61:25
    යථාර්ථය වන්නේ ඔබ කොහොමත්
    බුද්ධි ශෝධනය වෙනවා.
  • 61:25 - 61:27
    ඔබට එයින්
    මිදෙන්නට බැහැ.
  • 61:27 - 61:29
    ඉතින් කල යුතු වන්නේ යහපත්
    බුද්ධි ශෝධනයක් ලබා ගැනීම පමණයි.
  • 61:29 - 61:33
    ඉතින් උපකල්පනය කරන්න වෙනවා
    අපට යම් සහජ ප්‍රඥාවක් තිබෙනවා කියා
  • 61:33 - 61:35
    යහපත් බුද්ධි ශෝධකයක් තෝරා ගන්න.
  • 61:35 - 61:37
    ඉතින් එය ඇත්නම් ඔබ හරි මාර්ගයේ.
  • 61:38 - 61:41
    ඉතින් නිරතුරුව සිතන්න, මතක තබා ගන්න
  • 61:41 - 61:48
    මේ කරුණුයි අඩිතාලම;
    අනිත් සෑම කරුණක් ම පෝෂණය වන්නේ මෙයින්
  • 61:49 - 61:52
    ඒ නිසා සූත්‍ර දේශනා කියවීමට උද්යෝග වන්න.
  • 61:52 - 61:54
    එවා ආශ්චර්යවත් ඉගැන්වීම්
  • 61:54 - 61:56
    ඒ ඉගැන්වීම් ඇසුරු කර වටහා ගන්නා විට
  • 61:56 - 61:59
    හරිම සුන්දරයි, හරි බලවත්
  • 61:59 - 62:03
    මේ මධ්‍යස්ථානයට ඇවිත් අජාන් බ්‍රහ්ම්ගේ
    සිකුරාදා රාත්‍රී දේශනා වලට
  • 62:03 - 62:04
    සවන් දෙන්න.
  • 62:04 - 62:10
    එවැනි අවස්ථාවල දී ඔබ සිටින්නේ ධර්මය සමීපයේ
  • 62:10 - 62:12
    අජාන් බ්‍රහ්ම් වැනි අයකු අසල සිටීමේදී
  • 62:13 - 62:16
    එවැනි චරියාවක් පැවැත්වීමෙන්
    ඔබ ක්‍රමයෙන් යහපත් වෙනවා;
  • 62:16 - 62:18
    ඔබේ දැක්ම වෙනස් වෙනවා,
  • 62:18 - 62:20
    ඔබ වඩ වඩාත් සූත්‍ර සමඟ ගැළපෙන්න
    පටන් ගන්නවා.
  • 62:20 - 62:23
    ඔබ වඩ වඩාත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට
    සමීප වෙනවා.
  • 62:23 - 62:27
    එවිට ඔබේ ධර්ම මාර්ගයේ ප්‍රගතිය ඇති වෙනවා.
  • 62:27 - 62:33
    තමන්ගේ සතුටට, නිදහසට, විමුක්තියට,
    ස්වාධීනත්වයට හේතු වෙනවා
  • 62:34 - 62:37
    මේ ධර්මය කොපමණ ආශ්චර්යමත් ද කියලා හිතෙනවා?
  • 62:37 - 62:42
    මට මා ගැන සතුටුයි; පසුගිය වසරකට වඩා,
    පසුගිය මාසයකට වඩා, වසර දහයකට වඩා
  • 62:42 - 62:44
    ජීවිත කාල දෙකකට වඩා.. එය කුමක් වුවත්.
  • 62:45 - 62:48
    ඔබ හරි මාර්ගයේ ගමන් කරන බව දැනෙනවා
    ඒ හැඟීම සුන්දරයි.
  • 62:49 - 62:52
    ඉතින් සෑම දෙයකට ම මූලික වන්නේ එයයි.
  • 62:52 - 62:55
    ඒ අත්තිවාරම දමා ගැනීමට
    අප උත්සුක විය යුතුයි.
  • 62:55 - 62:57
    ඇත්තෙන්ම එය සුන්දරයි. එහෙම නේද?
  • 62:57 - 63:02
    ධම්මාලෝක මධ්‍යස්ථානයට ඇවිත්
    කලණ මිතුරන්ගේ ආශ්‍රයේ ගැවසීම.
  • 63:02 - 63:07
    මේ ගුණවත් පිරිස
    යහපත් ක්‍රියාවේ යෙදෙන කරුණාවන්ත අය,
  • 63:07 - 63:10
    මේ අසිරිමත් සූත්‍ර දේශනා කියවලා
    ශ්‍රද්ධාව උපදවා ගන්නවා.
  • 63:10 - 63:12
    එහි නරකක් පවතින්නේ කොහොමද?
  • 63:12 - 63:13
    හරිම ආශ්චර්යමත් දෙයක්.
  • 63:13 - 63:18
    බොහෝ විට අප ධර්ම මාර්ගය ගැන සිතන්නේ
    හරිම වීර්යයකින් කල ගත යුතු දෙයක් කියලා.
  • 63:18 - 63:24
    දත් මිටි කාගෙන, මිට මොළවා ගෙන
    කල යුත්තක් කියලා.
  • 63:24 - 63:26
    නැහැ එහෙම විය යුතු නැහැ,
  • 63:26 - 63:29
    පදනම වන්නේ මෙවැනි මධ්‍යස්ථාන වලට ඇවිත්,
    කල්‍යාණ මිතුරන් ආශ්‍රය කරලා
  • 63:29 - 63:31
    යහපත් ඉගැන්වීම් වලට සවන් දීලා
  • 63:31 - 63:34
    සතුටු වෙන්න, සතුටු මාර්ගයක් කර ගන්න.
  • 63:34 - 63:40
    බෞද්ධ ජීවිතයකට හරිම වැදගත් වෙනවා
    ප්‍රතිපදාව සතුටු මාර්ගයක් කර ගැනීම,
  • 63:40 - 63:44
    මොකද අපට මේ ප්‍රතිපදාව නොපසුබටව
    කාලයක් තිස්සේ කරන්න වෙනවා.
  • 63:44 - 63:46
    ඒ නිසා කරන දේ අපි සතුටින් කරන්න අවශ්‍යයි.
  • 63:46 - 63:50
    අපි සතුටින් යමක් කරනවා නම්
    එය නිරුත්සාහවත් වෙනවා.
  • 63:51 - 63:54
    ඔබ එය කටුක, තමන් පීඩාවට පත් කරවන
    ක්‍රියාවලියක් කර ගන්නවා නම්
  • 63:54 - 63:57
    එයට උත්සාහයක් ඇති වන්නේ කොහොමද?
  • 63:58 - 64:03
    එය මෙම සූත්‍රය ‌ගෙන එන බොහොම සුභවාදී
    පණිවිඩයක්
  • 64:03 - 64:07
    අප කල යුතු මූලික දේ සූත්‍ර දේශනා කියවීම,
  • 64:07 - 64:10
    ධර්ම මාර්ග‌ය අනුගමනය කරන්න
    පෙලඹීම එයින් ‌ලැබෙනවා.
  • 64:10 - 64:13
    ඇත්ත සමහර විට අපි පොඩි වීර්යයක්
    ගන්න වෙනවා තමයි;
  • 64:13 - 64:14
    සමහර විට මතක් කර ගන්න වෙනවා
  • 64:14 - 64:16
    'දැන් මාර්ගයෙන් පැනලා ඉන්නේ
    නිවැරදි කර ගන්න' කියලා
  • 64:16 - 64:19
    ඔව් කිසිවක් සම්පූර්ණයෙන් ඉබේටම
    වෙන්නේ නැහැ,
  • 64:19 - 64:22
    නමුත් බොහෝ විට කල යුත්තේ
  • 64:22 - 64:23
    මෙම මූලික ‌කරුණු වලට පිවිසීමයි.
  • 64:23 - 64:25
    ශ්‍රද්ධාව උද්දීපනය උපදවා ගෙන
  • 64:25 - 64:31
    'අද දවසේ ලැබෙන සෑම අවස්ථාවක් ම
    හොඳ දේ කරන්න උපයෝගී කර ගන්නවා'
  • 64:31 - 64:34
    හොඳ වචන කථා කරන්න, හොඳ සිතිවිලි
    ඇති කර ගන්න යොදා ගන්නවා.
  • 64:34 - 64:36
    එවැනි මානසිකත්වයකට පත් වූ විට
  • 64:36 - 64:38
    මේ මාර්ගය වඩන්න ඕනෑ වෙනවා.
  • 64:38 - 64:42
    එය පහසු වෙනවා, ප්‍රියමනාප වෙනවා
    සුන්දර වෙනවා,
  • 64:42 - 64:44
    තමන් ගැන සතුටක් ඇතිවෙනවා
  • 64:44 - 64:47
    ඒ නිසාම මාර්ගය බොහෝම පහසුවෙන්
    වර්ධනය වෙනවා.
  • 64:49 - 64:50
    ඔව් ජෝන්?
  • 64:51 - 64:54
    (ශ්‍රාවකයකු ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා
    ඇසෙන්නේ නැහැ)
  • 64:54 - 64:59
    ඔව් එයත් ආර්ය පුද්ගලයකු
    මුණ ගැසෙනවාට සමානයි.
  • 64:59 - 65:03
    එක අතකට මේ සූත්‍ර දේශනා පරිහරණය කිරීම
    බුදුරජාණන් වහන්සේ ගේ අබියස වාගේ වෙනවා.
  • 65:04 - 65:06
    නමුත් මම එකඟ වෙනවා; ඔව් ඒක ප්‍රශ්නයක්
  • 65:06 - 65:11
    අනිවාර්යයෙන් ජීවමාන කෙනෙක්
    මුණගැසීම ‌වඩාත් ප්‍රබලයි
  • 65:11 - 65:14
    සූත්‍ර කියවනවාට වඩා, එය ටිකක් නීරසයි.
  • 65:14 - 65:18
    ඉතින් මම හිතනවා ජීවමාන උදාහරණයක්
    බැහැ දැකීම හරිම උපකාරී වෙනවා.
  • 65:18 - 65:21
    ඉතින් කල යුත්තේ වැඩි වැඩියෙන්
    ආර්ය පුද්ගලයන් බිහි වීමයි.
  • 65:21 - 65:25
    ඉතින් ජෝන් හොඳට මාර්ගය වඩන්න
    අපට ආර්ය පුද්ගලයන් අවශ්‍යයි. .
  • 65:25 - 65:26
    හරිම සුබ දෙයක් නේද?
  • 65:26 - 65:29
    එවිට අප ලෝකයට ආශීර්වාදයක් වෙනවා:
  • 65:29 - 65:33
    මොකද අපත් එවිට ධර්මය ප්‍රඥාවෙන්
    දුටු කෙනෙක් වෙන නිසා
  • 65:34 - 65:38
    තව එක ඡේදයක් කියවන්නම්
  • 65:38 - 65:40
    ඊට පස්සේ මට යන්න වෙනවා
  • 65:40 - 65:44
    තව මිනිත්තු පහකින්
    මට තව තැනකට යන්න තියෙනවා.
  • 65:44 - 65:48
    සූත්‍රයේ ඉතිරි කොටස මම නැවත ධම්මාලෝක
    මධ්‍යස්ථානයට එන දිනයේ දී සාකච්ඡා කරමු.
  • 65:48 - 65:50
    වැඩි දවසක් යන්නේ නැති වෙිවි.
  • 65:50 - 65:52
    එවිට මේ ‌සූත්‍රයේ ඉතිරි කොටස
    සාකච්ඡා කරන්න පුළුවනි.
  • 65:52 - 65:55
    මෙතන නතර කරන එක හොඳයි
    අපි දැන් හරි අඩක් සාකච්ඡා කරලා.
  • 65:55 - 65:57
    ඉතින් මම තව එක පොඩි ඡේදයක් කරන්නම්.
  • 65:57 - 66:01
    ඉක්මනින් කරන්න හැකි ඡේදයක්.
  • 66:02 - 66:09
    නැහැ මම මෙතැනින් නතර කරන්නම්
  • 66:09 - 66:12
    මම හිතුවාට වඩා දිග ඡේදයක් වාගේ.
  • 66:12 - 66:15
    ඉතින් අපි මෙතැනින් අදට නතර කරමු.
  • 66:15 - 66:17
    නැතිනම් ප්‍රශ්නයක් වේවි.
  • 66:17 - 66:20
    තව ප්‍රශ්න තියේ ද?
  • 66:20 - 66:22
    කවුරු හරි ඉන්නවා ද බොහොම ව්‍යාකුල වෙලා?
  • 66:22 - 66:26
    කිසිම වැටහීමක් නැතිව අපි මේ සාකච්ඡා
    කරන්නේ මොනවද කියලා හිතෙන කෙනෙක්?
  • 66:26 - 66:27
    සැවොම සාමාන්‍යයෙන් සතුටුයි?
  • 66:27 - 66:30
    ඔය බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ එන අය,
  • 66:30 - 66:32
    ධර්මය සෑහෙන්න දන්න අය.
  • 66:32 - 66:33
    හොඳයි එහෙනම්.
  • 66:33 - 66:36
    ඔව් ලින් කරුණාකරලා කියන්න.
  • 66:36 - 66:44
    (සභාවෙන් ප්‍රශ්නයක්)
  • 66:44 - 66:50
    ඔව් අනිවාර්යයෙන්; එක්කෝ පෝෂණය කරනවා
    නැතිනම් දුර්වල කරනවා.
  • 66:51 - 66:53
    පෝෂණය වෙනවා නම් ඒ ගුණාංගය ප්‍රබල වෙනවා,
  • 66:53 - 66:59
    පෝෂකයා නොමැති නම් දුර්වල වෙනවා;
  • 66:59 - 67:02
    ඔව් එයයි මෙහි වැදගත් වන්නේ.
  • 67:02 - 67:05
    ඔව් හොඳයි. සෑම දෙනා සතුටුයි?
    බොහොම හොඳයි.
  • 67:05 - 67:17
    අපි දැන් තුනුරුවන් නමස්කාර කරමු.
Title:
අංගුත්තර නිකාය 10.61 (10.2.2.1.) අවිජ්ජා සූත්‍රය (පළමු කොටස) | අජාන් බ්‍රහ්මාලි | 13 නොවැම්බර 2016
Description:

අජාන් බ්‍රහ්මාලි අංගුත්තර නිකායේ අවිජ්ජා සුත්‍රය (10.61 හෝ 10.2.2.1.) පහදා දෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සමාජය විසින් මෙහෙයවන සූත්‍ර පන්ති මාලාව

more » « less
Video Language:
English
Team:
Buddhist Society of Western Australia
Project:
Sutta Class
Duration:
01:10:21

Sinhala subtitles

Revisions