Doing the Impossible, Swallowing the Sword, Cutting through Fear: Dan Meyer | TEDxMaastricht
-
0:08 - 0:10ඔබට ස්තූතියි
-
0:16 - 0:21එක කාලෙක ඉන්දියාවේ සිටියා රජතුමෙක්, මහරජා කෙනෙක්, ඔහුගේ උපන් දිනයට ආඥාවක් නිකුත් වෙනවා
-
0:21 - 0:24සියළුම ප්රධානීන් රජ කෙනෙකුට සුදුසු වන ආකාරයේ තෑගි රැගෙන පැමිණිය යුතු බවට
-
0:24 - 0:28සමහරු රැගෙන ආවා හොඳම තත්වයේ සේද, සමහරු රැගෙන ආවා අරුමෝසම් කඩු
-
0:28 - 0:29සමහරු රැගෙන ආවා රත්රන්
-
0:29 - 0:33පෝලිම අවසානයේ ඇවිදගෙන පැමිණියා ඉතා රැළි වැටුණු කුඩා මහළු මිනිසෙක්
-
0:33 - 0:37තමාගේ ගම්මානයේ සිට ඇවිදිමින් දින ගණනාවක මුහුදු ගමනකින් පසුව පැමිණි
-
0:37 - 0:41ඔහු ඉදිරියට ඇවිදගෙන එද්දී රජතුමාගේ පුතා අසා සිටියා “ඔබ රජතුමාට ගෙනා තෑග්ග කුමක්ද කියා?
-
0:41 - 0:45මහළු මිනිසා ඉතා සෙමින් ඔහුගේ අත විවෘත කරා හෙළිකරන්න
-
0:45 - 0:50දම්, කහ, රතු සහ නිල් සුළි තිබුණු ඉතා ලස්සන මුහුදු බෙලි කටුවක්
-
0:50 - 0:51රජතුමාගේ පුතා පැවසුවා
-
0:51 - 0:54“මෙය රජතුමාට සුදුසු තෑග්ගක් නෙවෙයි! කවර ආකාරයේ තෑග්ගක් ද මෙය?”
-
0:55 - 0:57මහළු මිනිසා ඉතා සෙමින් ඔහු දෙස බලා පැවසුවා
-
0:58 - 1:01“දිගු ගමනක් ……. තෑග්ගේ කොටසක්”
-
1:01 - 1:03(සිනහව)
-
1:03 - 1:06තව සුළු මොහොතකින් මම ඔබට දෙන්න යනවා තෑග්ගක්
-
1:06 - 1:08මම විශ්වාස කරනවා ඒ තෑග්ග පතුරවා හරින්න වටින තෑග්ගක්
-
1:08 - 1:10එත් මම එය කරන්න පෙර, මට ඉඩ දෙන්න ඔබව රැගෙන යන්න
-
1:10 - 1:12මගේ දුර ගමන
-
1:12 - 1:14ඔබ බොහෝ දෙනෙක් වගේ
-
1:14 - 1:15මම ජීවිතය පටන් ගත්තේ කුඩා ළමයෙක් විදියට
-
1:15 - 1:17ඔබලාගෙන් කී දෙනෙක් ජීවිතය කුඩා ළමයෙක් විදියට ජීවිතය පටන්ගෙන තිබෙනවාද?
-
1:17 - 1:19ලාබාලව ඉපදුණු?
-
1:19 - 1:20ඔබලාගෙන් බාගයක් පමණ …….. හරි…..
-
1:21 - 1:22(සිනහව)
-
1:22 - 1:25ඔබලාගේ ඉතිරි කොටස, කුමක් ද? ඔබලා ඉපදුනේ සම්පුර්ණයෙන් වර්ධනය වෙලාද?
-
1:25 - 1:28ළමයා, මට උවමනායි ඔබේ මව හමුවන්න!
-
1:28 - 1:29කතා කරන්න කළ නොහැකි දේ ගැන!
-
1:31 - 1:35කුඩා ළමයෙක් විදිහට මට හැම තිස්සෙම තිබුණා නොහැකි දේ කරන්නට සිත් ඇඳගත්තා
-
1:36 - 1:39අද මම වසර ගණනාවක සිට පෙර මඟ බලා සිටි දිනයක්
-
1:39 - 1:41ඒ මොකද අද තමයි දවස මම උත්සාහ කරන්න යන
-
1:41 - 1:44ඔබේ දෑස් ඉදිරිපිටම නොහැකි දේවල් කරන්න
-
1:44 - 1:45හරියටම මෙතන ටෙඩ්එක්ස් මාස්ට්රික්ට් හීදී
-
1:46 - 1:48මම පටන් ගන්න යන්නේ ඔබට තෑග්ගක් දෙමින්
-
1:49 - 1:51අවසානය හෙළි කිරීම මඟින්
-
1:51 - 1:53සහ මම ඔබට ඔප්පු කරන්න යනවා
-
1:53 - 1:55නොහැකි දේවල් නොහැකි නැහැ කියා
-
1:55 - 1:58මම අවසාන කරන්න යන්නේ ඔබට පතුරවා හැරීමට වටිනා තෑග්ගක් දෙමින්
-
1:58 - 2:01මම ඔබට පෙන්වනවා ඔබේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට ඔබට පුළුවන් බව
-
2:03 - 2:05මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා
-
2:05 - 2:08ලෝකය වටා මිනිසුන් අතර විශ්වීය දේවල් දෙකක් තිබෙන බව
-
2:08 - 2:10හැමෝටම තිබෙනවා බිය
-
2:10 - 2:12හැමෝටම තිබෙනවා සිහින
-
2:13 - 2:18මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා දේවල් 3 ක් තිබෙන බව
-
2:18 - 2:20මගේ වසර ගණනාවක මම කර තිබෙන
-
2:20 - 2:23නොහැකි දේවල් කිරීමට මා පෙළඹවූ
-
2:24 - 2:27ඩොජ්බෝල් (ක්රීඩාවක්)
-
2:27 - 2:28සුපර්මෑන් (සුපිරි මිනිසා)
-
2:28 - 2:29සහ මදුරුවා
-
2:29 - 2:31මේවා මාගේ මූල පද
-
2:31 - 2:34දැන් ඔබ දන්නවා ඇයි මම මගේ ජීවිතයේදී කළ නොහැකි දේවල් කරන්නේ කියා
-
2:34 - 2:36ඉතිං මම ඔබව ගෙනයන්න හදන්නේ මගේ චාරිකාව, මගේ දුර ගමන
-
2:36 - 2:39බියේ සිට සිහින වලට
-
2:39 - 2:41වචන වලින් කඩු වලට
-
2:41 - 2:43ඩොජ්බෝල් වල
-
2:43 - 2:44සිට සුපර්මෑන්ට
-
2:44 - 2:45මඳුරුවාට
-
2:46 - 2:47මම බලාපොරොත්තු වෙනවා ඔබට පෙන්වන්න
-
2:47 - 2:50ඔබට ජීවිතයේ කළ නොහැකි දේවල් කිරීමට පුළුවන් කෙසේද කියා
-
2:52 - 2:552007 ඔක්තෝම්බර් 4
-
2:56 - 2:58මගේ හදවත ගැහුණා, මගේ කකුල් වෙවුළුවා
-
2:58 - 2:59මම වේදිකාවට පිය නඟින විට
-
2:59 - 3:01සැන්ඩර්ස් රඟහලේ
-
3:01 - 3:03හාවර්ඩ් විශ්වවිද්යාලයේ
-
3:03 - 3:062007 ඉග් නොබෙල් ත්යාගය පිළිගැනීමට
-
3:06 - 3:09මම සම කතෘත්වය දරණ වෛද්ය පර්යේෂණ පත්රිකාවක් සඳහා
-
3:09 - 3:10එය හඳුන්වන්නේ "කඩු ගිලීම
-
3:10 - 3:12සහ එහි අතුරු ප්රතිඵල"
-
3:12 - 3:13(සිනහව)
-
3:14 - 3:18එය ප්රකාශනයට පත් වුණේ මම පෙර කවදාවත් කියවා නොතිබුණු කුඩා ජර්නලයක
-
3:18 - 3:20බ්රිතාන්ය වෛද්ය ජර්නලය
-
3:21 - 3:25මට එය සැබෑ විය නොහැකි සිහිනයක් සැබෑ වීමක්
-
3:25 - 3:28මා වැනි කෙනෙකුට එය බලාපොරොත්තු නොවූ විස්මය දනවන්නක්
-
3:28 - 3:31එය මට කිසිදා අමතක නොවන ගෞරවයක්
-
3:31 - 3:35එහෙත් එය නෙමෙයි මගේ ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳුනු කොටස
-
3:36 - 3:381967 ඔක්තෝම්බර් 4 වැනිදා
-
3:38 - 3:40මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා
-
3:41 - 3:43දරුණු බියෙන් පීඩා වින්ඳා
-
3:43 - 3:46ඔහු වේදිකාවකට පිය නඟින්නට යන විට
-
3:46 - 3:47ඔහුගේ හදවත හයියෙන් ගැහුණා
-
3:48 - 3:49ඔහුගේ දණහිස් වෙව්ළුවා
-
3:50 - 3:52ඔහු කතා කිරීමට ඔහුගේ කට විවෘත කිරීමට ගියා
-
3:56 - 3:58වචන එළියට පැමිණියේ නැහැ
-
3:58 - 4:00ඔහු සිටගෙන සිටියා කඳුලින් වෙව්ලමින්
-
4:01 - 4:02ඔහු කලබලයෙන් අඩපණව සිටියා
-
4:02 - 4:04බියෙන් ගල් ගැසී සිටියා
-
4:04 - 4:06මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා
-
4:06 - 4:08දරුණු බියෙන් පීඩා වින්ඳා
-
4:09 - 4:10ඔහු අඳුරට බිය වුණා
-
4:11 - 4:12උස ස්ථානවලට බිය වුණා
-
4:12 - 4:13මකුළුවන්ට සහ සර්පයින්ට බිය වුණා
-
4:13 - 4:15ඔබලාගෙන් කවුරුන් හෝ මකුළුවන්ට සහ සර්පයින්ට බියයි ද?
-
4:15 - 4:17ඔව්...... ඔබ කිහිප දෙනෙක්
-
4:17 - 4:19ඔහුට බියක් තිබුණා වතුරට සහ මෝරුන්ට
-
4:19 - 4:22වෛද්යවරුන්ට, හෙදියන්ට, දන්ත වෛද්යවරුන්ට,
-
4:22 - 4:25ඉඳිකටු, විදින උපකරණ සහ තියුණු දේවල් වලට බියක්
-
4:25 - 4:27ඒත් කිසිම දෙයකට වඩා වැඩියෙන් ඔහුට තිබුණා බියක්
-
4:27 - 4:28මිනිසුන් ගැන
-
4:29 - 4:32මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා
-
4:32 - 4:33තමයි මම
-
4:33 - 4:36මට තිබුණා බියක් අසාර්ථකත්වය සහ ප්රතික්ෂේප කිරීම ගැන
-
4:37 - 4:40පහළ ආත්ම අභිමානයක්, හීනතාමන සංකීර්ණයක්
-
4:40 - 4:43සහ යම් දෙයක් අප ඒ කාලයේ දැනගෙනවත් නොසිටි තමාට වැළදිය හැකි බව
-
4:43 - 4:45සමාජ සාංකා අබාධය
-
4:45 - 4:49මට බිය තිබුණු නිසා, හිරිහැරකරන්නන් මාව විහිළුවට ගෙන මා තලා පෙළා දැම්මා
-
4:49 - 4:52ඔවුන් පුරුදු වී සිටියා හයියෙන් සිනා සෙමින් මට නම් කියා කතා කරන්නට. ඔවුන් මට කවදාවත් ඉඩ දුන්නේ නැහැ ඔවුන්ගේ
-
4:52 - 4:54පිනි මුවා ක්රීඩාව සෙල්ලම් කිරීමට
-
4:55 - 4:58ආහ්! එක් ක්රීඩාවක් තිබුණා ඔවුන් මට සෙල්ලම් කිරීමට ඉඩ දීමට පුරුදු වී සිටි
-
4:58 - 4:59ඩොජ්බෝල්
-
5:00 - 5:01මම හොඳ ක්රීඩකයෙක් නෙමෙයි
-
5:02 - 5:04හිරිහැර කරන්නන් මගේ නම කතා කරනවා
-
5:04 - 5:06මම උඩ බලන විට දකිනවා ඒ රතු ඩොජ් බෝල
-
5:06 - 5:08අතිධ්වනි වේගයෙන් පැමිණ මගේ මූණේ වදිනවා
-
5:08 - 5:10බෑම්, බෑම්, බෑම්
-
5:11 - 5:13මට මතකයි ගොඩක් දවස් මම පාසලේ සිට නිවසට ඇවිදගෙන යනවා
-
5:13 - 5:18මගේ මුහුණු රතු වෙලා සහ තියුණු වේදනාවක් දැනෙනවා
මගේ කන් රතු වෙලා දෝංකාර දෙනවා -
5:18 - 5:21මගේ දෑස් පිච්චෙනවා කඳුළු වලින්
-
5:21 - 5:24මගේ දෙසවන් පිච්චෙනවා ඔවුන්ගේ වචන වලින්
-
5:24 - 5:25කවුරුන් හෝ කියා තිබුණාට
-
5:25 - 5:29"කෝටු සහ ගල් වලට පුළුවන් මගේ අස්ථි බිඳින්න එහෙත් වචන කවදාවත් මාව රිදවන්නේ නැහැ" කියා
-
5:29 - 5:30ඒක බොරුවක්
-
5:30 - 5:32වචන වලට පුළුවන් පිහියකට වගේ කපන්න
-
5:32 - 5:34වචන වලට පුළුවන් කඩුවකට වගේ විනිවිද යන්න
-
5:34 - 5:36වචන වලට පුළුවන් ඉතා ගැඹුරු තුවාල සිදු කරන්න
-
5:36 - 5:38ඒවා පෙන්නේ නැහැ
-
5:38 - 5:41ඉතිං මට තිබුණා බිය. වචන මගේ පරම හතුරා වුණා
-
5:41 - 5:42තවමත් එසේමයි
-
5:43 - 5:45එහෙත් මට සිහිනත් තිබුණා
-
5:45 - 5:48මම නිවසට ගිහින් සුපර්මෑන් චිත්රකතා අතරට පැන ගියා
-
5:48 - 5:50මම සුපර්මෑන් චිත්රකතා පොත් කියෙවුවා
-
5:50 - 5:53සුපර්මෑන් වැනි සුපිරි වීරයෙක් වීමට සිහින දැක්කා, උවමනා වුණා
-
5:53 - 5:56මට ඕනෑ වුණා සටන් කරන්න සත්ය සහ යුක්තිය වෙනුවෙන්
-
5:56 - 5:59මට අවශ්ය වුණා දුෂ්ඨයින්ට සහ සුපිරි මිනිසාගේ
බලය හීන කරන ඛනිජයට එරෙහිව සටන් කරන්න -
5:59 - 6:03මට උවමනා වුණා ලෝකය වටා සැරිසරමින් සුපිරි මිනිස් වික්රමයන් සිදු කිරීමට සහ ජීවිත බේරාගැනීමට
-
6:03 - 6:06මට ඒ වගේම ඇත්ත දේවල් ගැනත් මගේ සිත ඇඳගත්තා
-
6:06 - 6:09මම ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ එය විශ්වාස කරන්න හෝ නොකරන්න පොත කියෙව්වා
-
6:09 - 6:13ඔබලාගෙන් කවුරුන් හෝ කවදා හෝ ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ පොත කියවා තිබෙනවාද?
-
6:13 - 6:14මම ඒ පොත් වලට ඉතා කැමතියි
-
6:14 - 6:16මම දැක්කා ඇත්ත මිනිස්සු ඇත්තටම
දුෂ්කර වූ ක්රියාවන් කරනවා -
6:16 - 6:18මම කිව්වා මට එය කරන්න ඕනෑ කියා
-
6:18 - 6:19හිරිහැර කරන්නන් මට ඉඩ දෙන්නේ නැත්තම්
-
6:19 - 6:21ඔවුන්ගේ එකම ක්රීඩාවකවත් ක්රීඩා කරන්න
-
6:21 - 6:23මට අවශ්ය වුණා කරන්න ඇත්ත මැජික්, ඇත්ත වික්රමයන්
-
6:23 - 6:27මට ඕනෑ වුණා ඒ හිරිහැර කරන්නන්ට කිරීමට නොහැකි කැපී පෙනෙන විශිෂ්ට දෙයක් කරන්න
-
6:27 - 6:29මට අවශ්ය වුණා මගේ අරමුණ සහ කැඳවීම
සොයාගන්න -
6:29 - 6:31මට ඕනෑ දැනගන්න මගේ ජීවිතයට තේරුමක් තිබෙන බව
-
6:31 - 6:33මට අවශ්ය වුණා ලෝකය වෙනස් කරන්න
ඇදහිය නොහැකි දෙයක් කරන්න -
6:33 - 6:37මට අවශ්යයි ඔප්පු කරන්න, කළ නොහැකි දේ කළ හැකි බව
-
6:38 - 6:40ඉක්මනින් අවුරුදු දහයක් ඉදිරියට
-
6:40 - 6:43එය මගේ විසි එක් වන උපන් දිනයට පෙර සතිය
-
6:43 - 6:47එකම දවසේ දේවල් දෙකක් සිද්ධ වුණා මගේ ජීවිතය සදහටම වෙනස් කළ
-
6:47 - 6:49මම වාසය කරමින් සිටියේ' දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ
-
6:50 - 6:51මම එහි මිෂනාරීවරයෙක්
-
6:51 - 6:53මගේ උපදේශකවරයා, මගේ මිත්රයා මගෙන් ඇහුවා
-
6:53 - 6:55ඔබට ත්රෝම්ස් තිබෙනවාද, ඩැනියෙල්?"
-
6:55 - 6:57මම කිව්වා "ත්රෝම්ස්?
මොනවාද ත්රෝම්ස් කියන්නේ?" -
6:57 - 7:00ඔහු කිව්වා, "ත්රෝම්ස් කියන්නේ ප්රධාන ජීවන අරමුණු.
-
7:00 - 7:05ඒවා සිහින සහ අරමුණු වල සංකලනයක්, හරියට ඔබට පුළුවන් නම් වගේ
-
7:05 - 7:07ඔබට කිරීමට අවශ්ය ඕනෑම දෙයක් කරන්න, ඔබට අවශ්ය ඕනෑම තැනකට යන්න
-
7:07 - 7:08ඔබට අවශ්ය ඕනෑම කෙනෙක් වෙන්න
-
7:08 - 7:10ඔබ යන්නේ කොහේද? ඔබ කරන්නේ මොනවාද?
-
7:10 - 7:11ඔබ වෙන්නේ කවුද?
-
7:11 - 7:14මම කිව්වා "මට එය කරන්නට බැහැ! මම ඉතාමත් බයයි! මට ගොඩක් බිය තිබෙනවා!"
-
7:14 - 7:18මම එදා රෑ මගේ පැදුර අරගෙන බංගලාවේ වහලට ගියා
-
7:18 - 7:19තාරකා යටට වී වැතිරිලා
-
7:19 - 7:22වවුලන් මදුරුවන්ට එක පාරට පියඹා ගොසින් පහර දෙනවා බැලුවා
-
7:22 - 7:26මට සම්පුර්ණයෙන්ම සිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස්,
සහ සිහින සහ අරමුණු, -
7:26 - 7:28සහ ඒ හිරිහැර කරන්නන් සහ ඩොජ් බෝල ගැන පමණයි
-
7:29 - 7:31පැය කිහිපයකට පසුව මම අවදි වුණා
-
7:31 - 7:34මගේ හදවත වේගයෙන් ගැහුණා
මගේ දණහිස් වෙව්ළුවා -
7:34 - 7:36එත් මේ වෙලාවේ බියෙන් නෙමෙයි
-
7:36 - 7:38මගේ මුළු සිරුරම කම්පනය වෙමින් තිබුණා
-
7:38 - 7:40ඉදිරි දින කිහිපය තුළ
-
7:40 - 7:44මම සිටියේ සිහිය ලබමින් සහ නැති වෙමින්
මගේ මරණ මංචකයේ මගේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් -
7:44 - 7:48අංශක 105ක මැලේරිය උණෙන්
මගේ මොළය පිච්චෙමින් තිබුණා -
7:48 - 7:52මට සිහිය තිබුණු කවර හෝ විටක මට හිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස් ගැනම පමණයි
-
7:52 - 7:54මම හිතුවා
"මට මගේ ජීවිතය එක්ක මොනවාද කරන්න වුවමනා?" -
7:54 - 7:56අවසානයේ මගේ විසි එක් වෙනි උපන්දිනයට
කළින් රාත්රියේ -
7:56 - 7:58පැහැදිලිතාවයේ මොහොතකදී
-
7:58 - 8:00මම පැමිණියා වටහා ගැනීමකට
-
8:00 - 8:02මම වටහා ගත්තා ඒ කුඩා මඳුරුවා
-
8:03 - 8:05අනෝෆිලිස් ස්ටීවන්සයි
-
8:05 - 8:07ඒ කුඩා මඳුරුවා
-
8:07 - 8:08මයික්රෝ ග්රෑම් 5 තරම්වත් බරක් නැති
-
8:08 - 8:10ලුණු කැටයකටත් වඩා කුඩා
-
8:10 - 8:13ඒ මඳුරුවාට පුළුවන් වුණා නම් රාත්තල් 170ක මිනිසෙක්, කිලෝ අසුවක මිනිසෙක් වට්ටන්න
-
8:13 - 8:15මම වටහාගත්තා ඒක තමයි මගේ බලය හීන කරන ඛනිජය
-
8:15 - 8:17ඊළඟට මම වටහාගත්තා
නැහැ, නැහැ, ඒ මඳුරුවා නෙමෙයි -
8:17 - 8:19ඒ මඳුරුවා තුළ සිටින කුඩා පරපෝෂිතයා
-
8:19 - 8:23පලස්මෝඩියම් ෆල්සිපාම්, වසරකට
මිලියනයකට වඩා මිනිසුන් මරණයට පත්කරන -
8:24 - 8:26ඊළඟට මම වටහාගත්තා
නැහැ, නැහැ, ඒක ඊටත් වඩා කුඩායි -
8:26 - 8:29එහෙත් මට එය ඊට වඩා විශාලව පෙනුණා
-
8:29 - 8:30මම වටහාගත්තා
-
8:30 - 8:31මගේ බලය හීන කරන ඛනිජය තමයි බිය
-
8:31 - 8:32මගේ පරපෝෂිතයා
-
8:32 - 8:35මගේ මුළු ජීවිතයම අබ්බගාත කොට සහ අඩපණ කර දැමූ
-
8:35 - 8:38ඔබ දන්නවා, අනතුර සහ බිය අතර වෙනසක් ඇති බව
-
8:38 - 8:40අනතුර සැබෑවක්
-
8:40 - 8:42බිය තෝරා ගැනීමක්
-
8:42 - 8:44මම වටහාගත්තා මට තිබුණා තෝරාගැනීමක්
-
8:44 - 8:48එදා රාත්රියේ එක්කෝ මගේ ජීවිතයම බියෙන් ජීවත්වන්න සහ අසමත්වීමෙන් මිය යන්න
-
8:49 - 8:52නැතිනම් මට පුළුවන් මගේ බිය මරණයට පත් කොට
සහ මට පුළුවන් -
8:52 - 8:56මගේ සිහින කරා ළඟා වෙන්න
මට පුළුවන් ජීවිතයට ජීවත්වෙන්න අභියෝග කරන්න -
8:57 - 9:00සහ ඔබ දන්නවා, ඔබේ මරණ මංචකයේ සිටීම ගැන යම් දෙයක් තිබෙනවා
-
9:00 - 9:04මරණයට මුහුණ දීම ඇත්ත වශයෙන්ම ඔබට ඇත්තටම ජීවිතයේ ජීවත් වීමට උවමනා කරවනවා
-
9:04 - 9:07මම වටහාගත්තා හැමෝම මැරෙනවා, එත් හැමෝම ඇත්තටම ජීවත්වන්නේ නැති බව
-
9:08 - 9:10ඒක තියෙන්නේ මැරෙන්නට යෑම තුළ තමයි අපි ජීවත් වන්නේ
-
9:10 - 9:12ඔබ දන්නවා, ඔබ මැරෙන්නට ඉගෙනගත් විට
-
9:12 - 9:13ඔබ ඇත්තටම ජීවත්වීමට ඉගෙන ගන්නා බව
-
9:13 - 9:15ඉතිං මම තීරණය කළා මම වෙනස් වීමට යන බව
-
9:15 - 9:16එදා රාත්රියේ මගේ කතාව නම්,
-
9:17 - 9:18මට මැරෙන්න උවමනා වුණේ නැහැ
-
9:18 - 9:20ඉතිං මම
-
9:20 - 9:22"දෙවියනි, ඔබ මට මගේ විසි එක්වෙනි උපන්දිනය දක්වා ජීවත් වීමට ඉඩ දුන්නොත්,
-
9:22 - 9:25මම තව දුරටත් බියට මගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ
-
9:25 - 9:27මම මගේ බිය මැරෙන්නට දමනවා
-
9:27 - 9:30මම මගේ සිහින කරා ළඟා වනවා
-
9:30 - 9:31මට අවශ්යයි මගේ ආකල්ප වෙනස් කරගන්න
-
9:31 - 9:34මට අවශ්යයි මගේ ජීවිතය සමඟ ඇදහිය නොහැකි දෙයක් කරන්න
-
9:34 - 9:36මට ඕනෑ මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න
-
9:36 - 9:39මට අවශ්යයි දැනගන්න කළ නොහැකි දේවල් කළ නොහැකි නැහැ කියා
-
9:39 - 9:43මම ඔබට කියන්නේ නැහැ එදා රාත්රියේ මම බේරුණා ද කියා; මම එය ඔබට සොයා ගැනීමට ඉඩ තබනවා
-
9:43 - 9:44(සිනහව)
-
9:44 - 9:47එහෙත් එදා රාත්රියේ මම මගේ ප්රථම ත්රෝම්ස් දහයේ ලැයිස්තුව හැදුවා
-
9:47 - 9:50මම තීරණය කළා මට අවශ්යයි කියා ප්රධාන මහද්වීප වලට සංචාරය කරන්න
-
9:50 - 9:52ලෝකයේ පුදුම 7 නැරඹීමට යෑමට
-
9:52 - 9:53භාෂා කිහිපයක් ඉගෙන ගැනීමට
-
9:53 - 9:55කාන්තාර දිවයිනක ජීවත් වීමට
-
9:55 - 9:56සාගරයේ ඇති නෞකාවක ජීවත් වන්න
-
9:56 - 9:59ඉන්දියානු ගෝත්රිකයින් සමඟ ඇමසන් වල ජීවත් වන්න
-
9:59 - 10:01ස්වීඩනයේ උසම කන්ද මුදුනට නඟින්න
-
10:01 - 10:03මට අවශ්ය වුණා හිරු උදාව නරඹන්න එවරස්ට් කන්දේ සිට
-
10:03 - 10:05නැශ්විල් වල සංගීත ව්යාපාරයේ වැඩ කරන්න
-
10:05 - 10:07මට ඕනෑ වුණා සර්කස් එකක වැඩ කරන්න
-
10:07 - 10:09මට උවමනා වුණා ගුවන් යානයකින් එළියට පනින්න
-
10:09 - 10:12මීළඟ අවුරුදු විස්ස ඇතුළත මම මගේ බොහොමයක් ත්රෝම්ස් ඉටු කරගත්තා
-
10:12 - 10:15මගේ ත්රෝම්ස් ලැයිස්තුවෙන් ඉටු කළ එකක් කපා දමන සැම විටම
-
10:15 - 10:18මම තවත් 5ක් හෝ 10ක් වැඩියෙන් මගේ ලැයිස්තුවට එකතු කළා
සහ මගේ ලැයිස්තුව නිරතුරුව වැඩි වුණා -
10:19 - 10:23මීළඟ අවුරුදු හත මම බහමාස් වල කුඩා දිවයිනක ජීවත් වුණා
-
10:23 - 10:25අවුරුදු හතකට පමණ
-
10:25 - 10:27පිදුරු සෙවිලි කළ මඩුවක
-
10:29 - 10:34දිවයිනේම කන්න තිබුණු එකම මෝරුන් සහ ස්ටින්ග්රේස් කොටුවකින් අනිමින් කෑමට ගැනීම සඳහා
-
10:34 - 10:36අමුඩයක් ඇඳගෙන
-
10:37 - 10:39මම ඉගෙන ගත්තා මෝරුන් සමඟ පිහිනීමට
-
10:39 - 10:41එතනින් මම මෙක්සිකෝවට ගියා
-
10:41 - 10:45එතනින් මම ගියා ඉක්වදෝරයේ ඇමේසන් ගංඟා නිම්නයට
-
10:45 - 10:48ඉක්වදෝරයේ පුජෝ පොන්ගෝ,
මම එහි ගෝත්රයක් සමඟ ජීවත් වුණා -
10:48 - 10:52ටිකෙන් ටික මම විශ්වාසය ගොඩනඟා ගන්න පටන් ගත්තා මගේ ත්රෝම්ස් වලින්
-
10:52 - 10:55මම නැශ්විල් වල සංගීත ව්යාපාරය ගියා සහ එතනින් ස්වීඩන් වලට
-
10:55 - 10:58මම ස්ටොක්හෝම් වලට ගොස් එහි සංගීත ව්යාපාරයක් කළා
-
10:58 - 11:02එහි මම කෙබ්න්කයිස් කන්දේ මුදුනටම නැග්ගා
ආක්ටික් ධ්රැවයටත් වඩා උස -
11:03 - 11:05මම ඉගෙනගත්තා විහිළුකාරයෙක් වෙන්න
-
11:05 - 11:06බෝල කිහිපියක් එකවර උඩ දමමින් ඇල්ලීමට
-
11:06 - 11:07බොරු කකුල්කාරයෙක් වීමට
-
11:07 - 11:10එක රෝදයේ බයිසිකල් පැදීමට
ගිනි කෑමට. වීදුරු කෑමට -
11:10 - 11:141997 දී මට අසන්නට ලැබුණා කඩු ගිලින්නන් ඉතුරු වී සිටින්නේ
දුසිමකටත් වඩා අඩුවෙන් බව -
11:14 - 11:15මම කිව්වා "මම ඒක කරන්න ඕනෑ"
-
11:15 - 11:18මම මුණ ගැසුණා කඩු ගිලින්නෙක්ව
මම ඔහුගෙන් ඇසුවා උපක්රම කිහිපයක් -
11:18 - 11:20ඔහු කිව්වා, "ඔව්, මම ඔබට උපක්රම 2ක් දෙන්නම්
-
11:20 - 11:22අංක එක: එය ඉතාමත් අනතුරුදායකයි
-
11:22 - 11:24මිනිස්සු මේක කරද්දී මැරිලා තිබෙනවා
-
11:24 - 11:25අංක දෙක :
-
11:25 - 11:26ඒක උත්සාහ කරන්න එපා
-
11:26 - 11:28(සිනහව)
-
11:28 - 11:30ඉතිං මම ඒක මගේ ත්රෝම්ස් ලැයිස්තුවට එකතු කරා
-
11:30 - 11:33මම දවසකට 10 සිට 12 දක්වා වාරයක්, හැම දවසකම එය පුහුණු වුණා
-
11:34 - 11:35අවුරුදු 4ක් දක්වා
-
11:35 - 11:37දැන් ඒවා ගණන් කර බලන්න
-
11:37 - 11:404 x 365 [x 12]
-
11:40 - 11:43ඒ 13,000ක් පමණ අසාර්ථක උත්සාහයන් ගැන
-
11:43 - 11:452001 දී මම මගේ ප්රථම කඩුව මගේ උගුර දිගේ යැවීමට පෙර
-
11:46 - 11:48මේ කාලයේදී මම ත්රෝම් එකක් ඇති කරගත්තා
-
11:48 - 11:51කඩු ගිලීමෙන් ලෝකයේ සිටින ප්රමුඛතම විශේෂඥයෙක් වීමට
-
11:51 - 11:54ඉතිං මම හෙව්වා සෑම, පොතකම,
සඟරාවකම, පුවත්පත් ලිපි වල -
11:54 - 11:58සෑම වෛද්ය වාර්තාවකම
මම කායික විද්යාව, ව්යවච්ඡේද විද්යාව අධ්යනය කළා -
11:58 - 12:00මම වෛද්යවරු සහ හෙදියන් සමඟ කතා කළා
-
12:00 - 12:02සියළුම කඩු ගිළින්නන් එකතු කර
-
12:02 - 12:04අන්තර්ජාතික කඩු ගිළින්නන්ගේ සංගමය ආරම්භ කළා
-
12:04 - 12:06සහ අවුරුදු දෙකක වෛද්ය පර්යේෂණ පත්රිකාවක් පැවත්වූවා
-
12:06 - 12:09කඩු ගිළීම සහ එහි අතුරු අබාධ ගැන
-
12:09 - 12:11එය ප්රකාශයට පත් වුණා
බ්රිතාන්ය වෛද්ය ජර්නලයේ -
12:11 - 12:12(සිනහව)
-
12:12 - 12:13ඔබට ස්තූතියි
-
12:13 - 12:18(අත්පොළසන්)
-
12:18 - 12:22මම කඩු ගිළීම සම්බන්ධයෙන් පුදුම සහගත දේවල් ඉගෙන ගත්තා
-
12:22 - 12:25මම ඔට්ටු වෙනවා මින් පෙර කෙදිනකවත් නොසිතූ සමහර දේවල් , අද රාත්රියෙන් පසුව ඔබ සිතන්න ගනීවි
-
12:25 - 12:29ඔබ ඊළඟ පාර නිවසට ගොස් පිහියෙන් ඔබේ ස්ටේක් එක කපන විට
-
12:29 - 12:32හෝ කඩුවකින්,හෝ ඔබේ"බිස්ටෙක්"එක,
ඔබ මේ ගැන සිතාවි -
12:34 - 12:37මම දැනගත්තා කඩු ගිළීම ඇරඹුණේ
ඉන්දියාවෙන් කියා -
12:37 - 12:40මම අවුරුදු විස්සක් වයස දරුවෙක් ලෙස
එය සියල්ලටම ප්රථම දුටු තැනම -
12:40 - 12:42වසර 4000 කට පමණ ඉහත,
ක්රිස්තු පූර්ව 2000 දී පමණ -
12:42 - 12:46පසුගිය වසර 150 පුරාවට කඩු ගිළින්නන්
භාවිතා කර තිබෙනවා -
12:46 - 12:47විද්යා සහ වෛද්ය ක්ෂේත්ර වල
-
12:47 - 12:511868 දී දෘඪ එන්ඩස්කෝපය නිපද වීමට සහය වීමට
-
12:51 - 12:54ජර්මනියේ ෆ්රේයිබර්ග් වල වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින්
-
12:54 - 12:571906 දී වේල්සයේ විද්යුත් කන්තු රේඛය
-
12:57 - 13:00ගිළිමේ රෝග සහ ජීර්ණය අධ්යනය කිරීමට
-
13:00 - 13:02බ්රෝන්කියෝස්කෝප් යනු එවැනි වර්ගයක දෙයක්
-
13:02 - 13:04එහෙත් පසුගිය වසර 150 තුළ
-
13:04 - 13:08අපි දන්නවා සියක් ගණන් තුවාල
සහ දුසිම් ගණන් මරණ -
13:08 - 13:15මෙන්න වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින්
නිපදවූ දෘඪ එන්ඩස්කෝපය -
13:15 - 13:19එහෙත් අප සොයාගත්තා පසුගිය වසර 150 තුළ
මරණ 29ක් සිදු වුණු වග -
13:19 - 13:22කඩුව හදවත හරහා ගිය ලන්ඩන් වල මේ
කඩු ගිළින්නාද ඇතුළුව -
13:23 - 13:25අප දැනුවත් වුණා 3 සිට 8 දක්වා
-
13:25 - 13:28හැම වසරේම කඩු ගිලීමේ දරුණු තුවාල සිදුවන බව
-
13:28 - 13:30මම දන්නවා මොකද මට දුරකතන ඇමතුම් එනවා
-
13:30 - 13:31ඒවගේ දෙකක් ආවා
-
13:31 - 13:34එකක් ස්වීඩනයෙන් සහ අනෙක ඔර්ලන්ඩෝ වලින්
ඒ පසුගිය සති කිහිපය ඇතුළත -
13:34 - 13:37තුවාල නිසා රෝහල් ගතව සිටින කඩු ගිළින්නන්
-
13:37 - 13:39ඉතිං එය අතිශය භයානකයි
-
13:39 - 13:42මම ඉගෙනගත් අනිත් දෙය නම්
කඩු ගිලීම ගන්නවා -
13:42 - 13:44අවුරුදු 2ක සිට 10ක් දක්වා කාලයක් ගන්නවා
කඩුවක් ගිළින්නේ කොහොමදැයි ඉගෙන ගැනීමට -
13:44 - 13:46ගොඩක් මිනිසුන්ට
-
13:46 - 13:48එහෙත් මා ඉගෙන ගත් බෙහෙවින්ම
පුදුම සහගත දෙය නම් -
13:48 - 13:51කොහොමද කඩු ගිළින්නන් ඉගෙන ගන්නේ
නොහැකි දේ කිරීමට -
13:51 - 13:53මම ඔබට කුඩා රහසක් දීමටයි යන්නේ
-
13:54 - 13:58කළ නොහැකි 99.99% ගැන
අවධානය දක්වන්න එපා -
13:58 - 14:020.1% යි කළ හැකි, එයට අවධානය යොදන්න,
සහ එය කෙසේද කළ හැකි යන්න සොයාගැනීමට -
14:03 - 14:06දැන් මට ඉඩ දෙන්න ඔබව ගෙනියන්න
කඩු ගිලින්නෙකුගේ මනස තුළට -
14:06 - 14:09කඩුවක් ගිලීම සඳහා උවමනා වනවා
ද්රව්ය වලට උඩින් මනසේ භාවනාව -
14:09 - 14:12රේසරයක් වැනි තියුණු අවධානයක්
හොඳ නිරවද්යතාවයක් -
14:12 - 14:16අභ්යන්තර ශරීර අවයවයන් හුදකලා කරගන්න සහ
ස්වතන්ත්ර ශරීර ක්රියාවන් මැඩ පවත්වාගන්න -
14:16 - 14:20සවි ගැන්වූ මොළයේ සිනොප්සිසය හරහා
නැවත නැවත සිදු කළ මස්පිඬු මතකය හරහා -
14:20 - 14:24දස දහස් වාරයකත් අධික විචාරවත් පුහුණුවකින්
-
14:24 - 14:28මට ඉඩ දෙන්න දැන් ඔබව කුඩා චාරිකාවක් ගෙනියන්න
කඩු ගිලින්නෙකුගේ ශරීරය තුළට -
14:28 - 14:30කඩුවක් ගිලීම සඳහා
-
14:30 - 14:32මම මගේ දිව උඩින් තලය ලිස්සා යැවිය යුතුයි
-
14:32 - 14:35ගැබ්ගෙල අන්නස්රෝතයේ ගැග් රිෆ්ලෙක්සස් මර්ධනය කිරීමට
-
14:35 - 14:38අපිජීහ්විකාව දිගේ අංශක අනූවක
හැරවීමක් මඟ පෙන්වන්න -
14:38 - 14:41කයිකෝෆ්රින්ජල් ඉහළ අන්නස්රෝත චක්ර පිධානය හරහා යෑමට
-
14:41 - 14:43ඉබේ සිදුවන පරින්යස්තනය මර්ධනය කරන්න,
-
14:43 - 14:44හද කුහරය තුළට තලය ලිස්සා යනවා
-
14:44 - 14:46පෙනහළු අතර
-
14:46 - 14:48මේ අවස්ථාවේදී
-
14:48 - 14:50මට ඇත්තටම සිදු වනවා මගේ හදවත පැත්තකට
හිමින් අනින්න -
14:50 - 14:52ඔබ ඉතා හොඳින් නැරඹුවොත්
-
14:52 - 14:54ඔබට පෙනෙනවා මගේ කඩුව සමඟ හද ගැස්ම
-
14:54 - 14:56මොකද එය මගේ හදවතට හේත්තු වී තිබෙන්නේ
-
14:56 - 14:59අඟලකින් අටෙන් එකකින් අන්නස්රෝත පටකයෙන් වෙන් වී
-
14:59 - 15:01එය ඔබට බොරුවට මවා පෑමට
හැකි දෙයක් නොවෙයි -
15:01 - 15:03ඊළඟට එය ලිස්සා යැවිය යුතුයි
පපු ඇටය පසු කරමින් -
15:03 - 15:06පහළ අන්නස්රෝත චක්ර පිධානය පසු කරමින් දිගටම ආමාශය වෙනකම්
-
15:06 - 15:09අමාශයේ ඉබේ සිදුවන ඔක්කාරය ග්රහණිය දක්වා සම්පුර්ණයෙන්ම මර්ධනය කිරීමට
-
15:09 - 15:10ලෙහෙසියෙන් ලබාගත හැකි දෙයක්
-
15:10 - 15:11(සිනහව)
-
15:11 - 15:13මම ඊටත් වඩා දුර ගියා නම්
-
15:13 - 15:18මගේ පැලෝපියන් නාල දක්වා පහළට
පැලෝපියන් නාල! -
15:18 - 15:21කොල්ලනේ, ඔබට පුළුවන් ඒක
ඔබේ භාර්යවගෙන් පසුව ඇසීමට -
15:22 - 15:24මිනිස්සු මගෙන් අහනවා, ඔවුන් කියනවා,
-
15:24 - 15:27ඔබේ ජීවිතය අවදානමට ලක් කිරීමට විශාල
ධෛර්යයක් තිබිය යුතු විය යුතුයි -
15:27 - 15:29හදවතට හිමින් ඇනීමට
සහ කඩුවක් ගිලීමට -
15:29 - 15:30නැහැ, කුමක්ද ඇත්ත ධෛර්යය ගන්න
-
15:30 - 15:33ඒ බියගුළු, ලැජ්ජාශීලී, කැහැටු, දුබල ළමයාට
-
15:33 - 15:36අසාර්ථක වීමේ සහ ප්රතික්ශේප වීමේ අවදානම ගන්න
-
15:36 - 15:37ඔහුගේ හදවත දරාගන්න
-
15:37 - 15:38ඔහුගේ ආඩම්බරය ගිලගන්න
-
15:38 - 15:41සහ මෙතන සම්පූර්ණ අමුත්තන් ගොඩක්
ඉදිරියේ සිටගෙන සිටීමට -
15:41 - 15:44ඔබට ඔහුගේ බිය සහ සිහින ගැන වූ
කතාව කියන්න -
15:44 - 15:48වචනානුසාරයෙන් සහ රූපිකව යන දෙවිදියටම
ඔහුගේ බඩවැල් ඉහිරී යෑම අවදානමට ලක් කරන්න -
15:48 - 15:49ඔබ දකිනවා - ඔබට ස්තූතියි
-
15:49 - 15:54(අත්පොළසන්)
-
15:54 - 15:56ඔබට පෙනෙනවා, ඇත්තම පුදුම සහගත දෙය තමයි
-
15:56 - 15:59මට හැම වෙලාවෙම ඕනෑ වුණා මගේ
ජීවිතයේදී නොමැකෙන දේවල් කරන්න -
15:59 - 16:00දැන් මම එය කරනවා
-
16:00 - 16:03එහෙත් ඇත්තම සුවිශේෂී දෙය නෙමෙයි
මට පුළුවන් වීම ගිළින්න -
16:03 - 16:05එක විට කඩු විසි එකක් හෝ
-
16:08 - 16:10මෝරුන් 88 ක් සහ ස්ටින්ග්රේ සිටින
ටැංකියක අඩි 20ක් වතුර යට සිටීම හෝ -
16:10 - 16:12රිප්ලීගේ ඒක විශ්වාස කරන්න හෝ නොකරන්න
සඳහා -
16:14 - 16:18ස්ටෑන් ලී ගේ සුපිරි මිනිසුන් සඳහා
අංශක 1500ට රත් කළ ගිනියම් වූ -
16:18 - 16:19වානේ මිනිසෙක් වගේ
-
16:20 - 16:22ඒක උණුසුම් වුණා
-
16:22 - 16:25රිප්ලීස් සඳහා කඩුවකින් මෝටර් රථයක් අඳින්න හෝ
-
16:25 - 16:26ගිනස් හෝ
-
16:26 - 16:29ඇමරිකාස් ගොට් ටැලන්ට් හි
අවසාන වටයට පැමිණීම හෝ -
16:29 - 16:322007 වෛද්ය විද්යාව සඳහා
ඉග් නොබෙල් ත්යාගය හෝ -
16:32 - 16:34නැහැ, ඒක නෙමෙයි
ඇත්තටම අපූර්ව දෙය -
16:34 - 16:36එය තමයි මිනිසුන් සිතන්නේ
නැහැ, නැහැ, නැහැ. ඒක එය නොවෙයි. -
16:36 - 16:38ඇත්තටම අපූර්ව දෙය
-
16:38 - 16:41ඒ දෙවියන්ද ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයාව ගැනීමට පුළුවන්
-
16:41 - 16:42උස ස්ථාන වලට බිය වුණු
-
16:42 - 16:44වතුරට සහ මෝරුන්ට බියවුණු
-
16:44 - 16:46වෛදවරුන් සහ හෙදියන් සහ ඉඳිකටු සහ තියුණු වස්තූන්
-
16:46 - 16:48මිනිසුන්ට කතා කරමින්
-
16:48 - 16:50දැන් ඔහු මාව ලෝකය වටා සරිසරවනවා
-
16:50 - 16:51අඩි 30,000ක උසක සිට
-
16:51 - 16:54මෝරුන් සහිත ටැංකිවල වතුර යට
තියුණු වස්තූන් ගිළිමින් -
16:54 - 16:57වෛද්යවරුන්ට සහ හෙදියන්ට සහ ලෝකය වටා
ඔබ වැනි ප්රේක්ෂකාගාරයන්ට කතා කරමින් -
16:57 - 17:00එය ඇත්තටම මට පුදුම සහගත දෙයක්
-
17:00 - 17:01මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කිරීමට
-
17:01 - 17:02ඔබට ස්තූතියි
-
17:02 - 17:04(අත්පොළසන්)
-
17:04 - 17:05ඔබට ස්තූතියි
-
17:06 - 17:09(අත්පොළසන්)
-
17:10 - 17:13මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කරන්න
සහ දැන් මම එය කරනවා -
17:13 - 17:16මට ඕනෑ වුණා මගේ ජීවිතය සමඟ සදා නොමැකෙන
දෙයක් කරන්න සහ ලෝකය වෙනස් කරන්න' -
17:16 - 17:17දැන් මම එය කරනවා
-
17:17 - 17:20මට හැමතිස්සෙම ඕනෑ වුණා සුපිරි මිනිස්
වික්රමයන් කරමින් ලෝකය වටා සැරිසරන්න -
17:20 - 17:21ජීවිත බේරාගනිමින් සහ දැන් මම
-
17:21 - 17:23කුමක්ද දන්නවාද ඔබ?
-
17:23 - 17:26තවමත් ඒ කුඩා ළමයාගේ ලොකු සිහිනයේ
කුඩා කොටසක් තිබෙනවා -
17:26 - 17:27ඇතුළේ ගැඹුරින්
-
17:30 - 17:36(සිනහව) (අත්පොළසන්)
-
17:37 - 17:40ඔබ දන්නවා, මට හැම වෙලාවේම උවමනා වුණේ
සොයාගැනීමට මගේ අරමුණ සහ කැඳවීම, -
17:40 - 17:42දැන් මම එය සොයාගෙන තිබෙනවා
-
17:42 - 17:43එහෙත් අනුමාන කරන්න කුමක්ද?
-
17:43 - 17:46එය කඩු සමඟ නොවෙයි
ඔබ සිතන දෙය නොවෙයි,
මගේ ශක්තීන් සමඟ නොවෙයි -
17:46 - 17:49ඇත්ත වශයෙන්ම මගේ දුර්වලතාවය සමඟ,
මගේ වචන -
17:49 - 17:51මගේ අරමුණ සහ කැඳවීම
ලෝකය වෙනස් කිරීමට -
17:51 - 17:52බිය හරහා කපාගෙන යෑමට
-
17:52 - 17:55එක වෙලාවකට එක කඩුවක්
එක වෙලාවකට එක වචනයක් -
17:55 - 17:57එක වෙලාවකට එක පිහියක්
එක වෙලාවකට එක ජීවිතයක් -
17:58 - 18:00සුපිරි වීරයන් වීමට මිනිසුන් පෙළඹවීමට
-
18:00 - 18:02ඔවුන්ගේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට
-
18:02 - 18:05මගේ අරමුණ අනෙක් අයට උදව් කිරීමට
ඔවුන්ගේ අරමුණ සොයා ගැනීමට -
18:05 - 18:06කුමක්ද ඔබගේ?
-
18:06 - 18:07ඔබේ අරමුණ කුමක්ද?
-
18:07 - 18:09ඔබව මෙහි දැමුවේ කුමක් කරන්නටද?
-
18:09 - 18:12මම විශ්වාස කරනවා අපි සියළු දෙනාටම
සුපිරි වීරයන් ලෙස කතා කළ හැකි බව -
18:12 - 18:14ඔබේ සුපිරි බලය කුමක්ද?
-
18:15 - 18:18මිනිසුන් බිලියන හතකටත් වඩා අධික
ලෝක ජනගහනය අතරින් -
18:18 - 18:20දුසිම් කිහිපයකත් වඩා අඩු කඩු ගිලින්නන්
ප්රමාණයක් පමණයි -
18:20 - 18:22ලෝකය වටා අද වන විට ඉතිරිව සිටින්නේ
-
18:22 - 18:23එහෙත් සිටින්නේ එකම ඔබ යන කෙනෙක් පමණයි
-
18:23 - 18:24ඔබ අසමසමයි
-
18:24 - 18:26ඔබේ කතාව වන්නේ කුමක්ද?
-
18:26 - 18:28ඔබ වෙනස් වන්නේ කුමකින්ද?
-
18:28 - 18:29ඔබේ කතාව කියන්න,
-
18:29 - 18:32ඔබේ කටහඬ තුනී සහ වෙව්ළුවා වුණත්
-
18:32 - 18:33ඔබේ ත්රෝම්ස් මොනවාද?
-
18:33 - 18:36ඔබට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම්
ඕනෑම කෙනෙක් වෙන්න, ඕනෑම තැනක යන්න -
18:36 - 18:37ඔබ කුමක් කරයිද?
ඔබ කොහේ යයිද? -
18:37 - 18:38ඔබ කුමක් කරයිද?
-
18:38 - 18:40ඔබේ ජීවිතය සමඟ ඔබට කරන්න අවශ්ය කුමක්ද?
-
18:40 - 18:42ඔබේ විශාල සිහින මොනවාද?
-
18:42 - 18:44කුඩා ළමයෙක් විදිහට ඔබට තිබුණු
ලොකු සිහින මොනවාද?
ආපස්සට හිතන්න -
18:44 - 18:46මම ඔට්ටු අල්ලනවා මෙය නොවෙයි?
ඒ මෙයද? -
18:46 - 18:48ඔබේ කවදාවත් නොසිතූ හෝ නොපැතූ සිහින මොනවාද?
-
18:48 - 18:50ඒ ගොඩක් අමුතුයි සහ ගොඩාක් නොපැහැදිලි කියා ඔබ හිතපු?
-
18:50 - 18:54මම ඔට්ටු අල්ලනවා මෙය නිසා කීයටවත් ඔබේ සිහින
ගොඩක් අමුතු වන්නේ නැහැ. එහෙම නැද්ද? -
18:55 - 18:57ඔබේ කඩුව කුමක්ද?
-
18:57 - 18:59ඔබලාගෙන් එක් එක්කෙනාට තිබෙනවා
කඩුවක් -
18:59 - 19:01බිය සහ සිහින සහිත දෙපැත්තම මුවහත් කඩුවක්
-
19:01 - 19:04ඔබේ කඩුව ගිලින්න, එය කවර ආකාරයේ වුවත්
-
19:04 - 19:06ඔබේ සිහින අනුගමනය කරන්න
නෝනාවරුනි සහ මහත්වරුනි, -
19:06 - 19:09ඔබට වීමට අවශ්ය කවරහෝ දෙයක් වීමට කවරදාකවත්
ඉතා ප්රමාද වන්නේ නැහැ -
19:10 - 19:13ඒ ඩොජ්බෝල සහිත හිරිහැරකරන්නන්ට,
ඒ ළමයි -
19:13 - 19:15මම කෙදිනකවත් නොහැකි දේ' කරන එකක් නැහැ කියා හිතපු
-
19:15 - 19:18මට ඔවුන්ට කියන්නට එක දෙයක් පමණක් තිබෙනවා
-
19:18 - 19:19ඔබට ස්තූතියි
-
19:19 - 19:22මොකද දුෂ්ඨයෝ නැතිනම්
අපට සුපිරි වීරයෝනුත් නැහැ -
19:23 - 19:27මම මෙතන ඉන්නේ ඔප්පු කරන්න
නොහැකි දේ නොහැකි නැහැ කියා -
19:28 - 19:32මෙය බෙහෙවින්ම අනතුරුදායකයි
එයින් මාව මරණයට පවා පත් වීමට පුළුවන් -
19:32 - 19:34මම බලාපොරොත්තු වනවා ඔබ එයින් විනෝද වෙයි කියා
-
19:34 - 19:35(සිනහව)
-
19:36 - 19:39මට මේක කරන්න ඔබේ සහය අවශ්ය වනවා
-
19:47 - 19:48ප්රේක්ෂකාගාරය: දෙක, තුන
-
19:48 - 19:52ඩෑන් මේයෙර්: නැහැ, නැහැ, නැහැ, ගණන් කිරීමේ කොටසට මට ඔබේ සහය අවශ්යයි, ඔබ සියල්ලන්ගේම, හරිද?
-
19:52 - 19:53(සිනහව)
-
19:53 - 19:56ඔබ වචන දන්නවා නම්? හරිද?
මාත් එක්ක ගණන් කරන්න. සූදානම් ද? -
19:56 - 19:57එක
-
19:57 - 19:58දෙක
-
19:58 - 19:59තුන
-
19:59 - 20:01නැහැ, ඒ දෙක, එහෙත් ඔබට ඒ අදහස තේරුණා
-
20:07 - 20:08ප්රේක්ෂකාගාරය: එක
-
20:08 - 20:09දෙක
-
20:09 - 20:10තුන
-
20:11 - 20:13(කටින් හුස්ම ගන්නා හඬ)
-
20:14 - 20:16(අත්පොළසන් නාදය)
-
20:16 - 20:17ඩෑන් මායර්: ඔව්
-
20:17 - 20:23(අත්පොළසන්) (ඔල්වරසන්)
-
20:23 - 20:25ඔබට බොහොම ස්තූතියි
-
20:25 - 20:29ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි,
මගේ හද පතුළින්ම ඔබට ස්තූතියි. -
20:29 - 20:31ඇත්ත වශයෙන්ම මගේ බඩ පතුළින්ම
ඔබට ස්තූතියි -
20:32 - 20:35මම ඔබට කිව්වා මම මෙතනට ආවේ නොහැකි දේ කිරීමට සහ
දැන් මම කරලා තිබෙනවා -
20:35 - 20:38එහෙත් මේක කළ නොහැකි වූයේ නැහැ
මම මෙය හැමදාම කරනවා -
20:38 - 20:43ඒ බියගුළු, ලැජ්ජාශීලී, කෙට්ටු, දුබල ළමයාට කළ නොහැකි දෙය වූයේ ඔහුගේ බියට මුහුණ දීමයි
-
20:43 - 20:45මෙතන ටෙඩ්එක්ස් වේදිකාවේ සිටගෙන සිටීමට
-
20:45 - 20:47ලෝකය වෙනස් කරන්නට
එක වචනයක් එක වෙලාවකට -
20:47 - 20:49එක කඩුවක් එක වෙලාවකට
එක ජීවිතයක් එක වෙලාවකට -
20:49 - 20:52මම ඔබට අළුත් විදි වලින් හිතන්නට සැලැස්සුවා
නම් මම ඔබව විශ්වාස කිරීමට පෙළඹුවා නම් -
20:52 - 20:54කළ නොහැකි දෙය නොහැකි නැහැ
-
20:54 - 20:58ඔබේ ජීවිතයේදී නොහැකි දේ ඔබට කළ හැකි බව මම වටහා දුන්නා නම්
-
20:58 - 21:01එහෙනම් මගේ රාජකාරිය අවසන්
සහ ඔබගේ ආරම්භය පමණයි -
21:01 - 21:04කවදාවත් සිහින දැකීම නවත්තන්න එපා. කවදාවත් විශ්වාස කිරීම නවත්තන්න එපා
-
21:05 - 21:06ඔබට ස්තූති මා ගැන විශ්වාසය තැබුවාට
-
21:06 - 21:08සහ මගේ සිහිනයේ කොටසක් වූවාට ස්තූතියි
-
21:08 - 21:10මෙන්න ඔබට මගේ තෑග්ග
-
21:10 - 21:11කළ නොහැකි දෙය නොවේ
-
21:11 - 21:13ප්රේක්ෂකාගාරය: නොහැකි
-
21:13 - 21:15දුර ගමන තෑග්ගේ කොටසක්
-
21:15 - 21:20(අත්පොළසන් නාදය)
-
21:20 - 21:21ඔබට ස්තූතියි
-
21:21 - 21:25(අත්පොළසන් නාදය)
-
21:26 - 21:28(ඔල්වරසන් නාදය)
-
21:28 - 21:30(නිවේදකයා) ඔබට ස්තූතියි ඩෑන් මායර්, නියමයි!
- Title:
- Doing the Impossible, Swallowing the Sword, Cutting through Fear: Dan Meyer | TEDxMaastricht
- Description:
-
http://cuttingedgeinnertainment.com Did you ever want to face your fears, become a superhero and do the impossible? As humans, we're hard-wired to fear things that scare us – to fight, flee or freeze in the face of danger. But can we really learn to conquer our fears and use them to do the impossible?
Dan Meyer believes no matter how extreme our fears or how wild our dreams, we can each overcome fear and anxiety, become superheroes, do the impossible and change the world.
In this engaging talk, Meyer takes the audience on his journey from extreme fears to extreme feats, wimp to world record holder, loser to Ig Nobel Prize winner and quitter to finalist on America's Got Talent.
Director of a humanitarian aid agency serving orphans in Kazakhstan, Meyer describes how he overcame a childhood of extreme fears, social anxiety disorder and bullying to perform superhuman feats, win the Ig Nobel Prize in Medicine at Harvard, become a finalist on America's Got Talent, 39x world record holder and world's leading expert in one of the world's oldest and most dangerous arts - sword swallowing - and passionate about inspiring people to do the impossible in THEIR lives.
In this jaw-dropping talk, Meyer reveals the science behind the ancient art of sword swallowing, and describes his quest to conquer fear, failure and the boundaries of the human body to perform superhuman feats, do the impossible and change the world.In a surprise ending, Meyer shares secrets of doing the impossible to inspire YOU to cut through fear to do the impossible in YOUR life.
Dan Meyer @Halfdan
http://cuttingedgeinnertainment.comTEDxMaastricht
http://tedxmaastricht.nlThis talk was given at a TEDx event using the TED conference format but independently organized by a local community. These local self-organized events are branded TEDx, where x = independently organized TED event. Learn more at http://ted.com/tedx
- Video Language:
- English
- Duration:
- 21:39