< Return to Video

දරුවන් වෙනුවෙන් ලිංගික දැනුම

  • 0:09 - 0:12
    ඔබේ දරුවා ලිංගික අපචාර වලින් ආරක්ෂා කරගන්න
  • 0:12 - 0:15
    දොස්තර භූෂාන් ශුක්ලා සමඟ ඉදිරිපත් කරන වැඩ සටහනක්
  • 0:15 - 0:19
    ළමා ලිංගික අපචාර ගැන මිත්යාවන් කිහිපයක්
  • 0:19 - 0:24
    පළමුවැනි මිථ්යාව: ළමා ලිංගික අපචාර කලාතුරකින් සිද්ධ වේ
  • 0:24 - 0:29
    දෙවැනි මිථ්යාව: ළමා ලිංගික අපචාර සිද්ධ වෙන්නේ බටහිර රටවල පමණි.
  • 0:29 - 0:35
    තුන්වැනි මිථ්යාව: ඉන්දියාවේ, ළමා ලිංගික අපචාර සිද්ධ වන්නේ මුඩුක්කු වල පමණයි
  • 0:35 - 0:41
    හතරවැනි මිථ්යාව: ළමා ලිංගික අපචාර වලට හසුවන්නේ දැරියන් පමණයි
  • 0:41 - 0:46
    පස්වැනි මිථ්යාව: ළමා ලිංගික අපචාර සිද්ධ වෙන්නේ බිඳී ගිය සහ හුටපට ඇති පවුල් වල දරුවන්ට පමණි
  • 0:46 - 0:52
    හයවැනි මිථ්යාව: ළමා අපචාර කරන්නෝ මදාවියන් නිසා පහසුවෙන් හඳුනාගත හැකියි
  • 0:52 - 0:57
    හත්වැනි මිථ්යාව: ළමා අපචාර කරන අය දරුවා කළින් නොහඳුනනා අයයි
  • 0:57 - 1:01
    ඊ ළඟට එන්නේ ඔබේ දරුවාට "නරක ඇල්ලීම" ගැන කියාදෙන හැටියි
  • 1:01 - 1:03
    මුලින්ම මම ඔයාලගෙන් අහන්නෙ
  • 1:03 - 1:06
    ඔයාලගෙ වයස කීය ද කියලා
  • 1:06 - 1:08
    ඉතින් ඔයාගෙ වයස කීය ද?
  • 1:08 - 1:15
    අටයි, අටයි, හයයි, මට ළඟදී හත ලබනවා
  • 1:15 - 1:19
    ඔබට මෙසේ ඔබේ දරුවා සහ දරුවාගේ යහළුවන් සමඟ හෝ පංතියේ ගුරුවරයෙක් ලෙසින් මෙසේ සංවාදයක් පැවැත්විය හැකියි
  • 1:19 - 1:23
    ඉතින් ඔයාල හැමෝම හයයි අටයි අතර ඉන්නෙ
  • 1:23 - 1:28
    ඔයාල ඉස්කෝලෙ යන්න බලාපොරොත්තු වෙනවා නේද?
  • 1:28 - 1:29
    ඔව්
  • 1:29 - 1:31
    ඔයාල ගෙදරත් කාලේ ගෙවනවා නේද?
  • 1:31 - 1:34
    ඔව්
  • 1:34 - 1:39
    ඔයාල අහලා තියෙනවා ද "අනතුර" කියලා වචනයක්?
  • 1:39 - 1:42
    මොකක් ද "අනතුර" කියන්නෙ?
  • 1:42 - 1:47
    ආරක්ෂාව නැතිකම
  • 1:47 - 1:50
    මොකක් ද අනතුර කියන වචනෙ විරුද්ධ වචනය?
  • 1:50 - 1:52
    ආරක්ෂාව
  • 1:52 - 1:55
    ඔයාල දන්නවා ද කොහොම ද ආරක්ෂා වෙලා ඉන්නෙ කියලා?
  • 1:55 - 1:59
    හැමදාම ආරක්ෂා වෙලා ඉන්න, ඔයාලට ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා දීලා තියෙනවා ද?
  • 1:59 - 2:01
    ඔව්
  • 2:01 - 2:03
    එහෙනම් මට කියන්න ඒ කොහොම ද කියල
  • 2:03 - 2:07
    අපි දන්නෙ අඳුරන්නෙ නැති අය එක්ක කතා කරන්න නරකයි
  • 2:07 - 2:09
    මෙවැනි ආකාරයෙන් අවුරුදු හතරේ සිට දරුවන් හා කතාබහ කළ හැකියි
  • 2:09 - 2:11
    දැන් හැම එක්කෙනෙක්ම මට කියන්න ආරක්ෂා වෙන හැටි එක විදියක්
  • 2:11 - 2:13
    අපි මේ පැත්තෙන් පටන් ගනිමු
  • 2:13 - 2:15
    ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා
  • 2:15 - 2:16
    හරි
  • 2:16 - 2:22
    වැඩිහිටියන් නැති වෙලාවට කෑම උයන්න එපා
  • 2:22 - 2:23
    හරි
  • 2:23 - 2:25
    ඔයාට හිතන්න පුලුවන් ද ආරක්ෂා වෙන විදියක්?
  • 2:25 - 2:29
    බෑ, ඔයා හිතන්න ඒ ගැන. මම ආයේ අහන්නම් ඔයාගෙන්.
  • 2:29 - 2:35
    අපි වැඩිහිටියන් නැතිව ගෑස් ලිපක් අරින්න නරකයි
  • 2:35 - 2:37
    ඔයාල හැමෝම කියන්නෙ ගෙදර දී කරන්න නරක දේවල්
  • 2:37 - 2:40
    මට කියන්න පිටතක දී කරන්න නරක දෙයක්?
  • 2:40 - 2:45
    අපි පාර පනින්න නරකයි කොළ සිග්නල් එක තියෙද්දි
  • 2:45 - 2:50
    හරි, එතකොට වාහන හරි වේගයෙන් යන නිසා
  • 2:50 - 2:54
    අපි අඳුරන්නෙ නැති අයට කතා කරන්න නරකයි
  • 2:54 - 2:59
    ඔයාට කියන්න පුලුවන් ද ආරක්ෂා වෙන විදියක්?
  • 2:59 - 3:05
    ඉස්කෝලේ දී ආරක්ෂා වෙන හැටි ගැන මොකක් හරි කියන්න?
  • 3:05 - 3:09
    අපි පංතියේ දී එහා මෙහා දුවන්න නරකයි
  • 3:09 - 3:11
    අපි ගේට්ටුවෙන් පිටත යන්න නරකයි අවසර නැතිව
  • 3:11 - 3:16
    නිවැරදියි.
  • 3:16 - 3:22
    ඔබේ දරුවා ළමා අපචාර වලින් ආරක්ෂා කරගනු සඳහා මේ සරල පියවර ගන්න
  • 3:22 - 3:25
    දැන් මම කියන්න යන්නේ මේකයි.
  • 3:25 - 3:26
    දැන් අහන්න
  • 3:26 - 3:31
    දැන් ඔයගොල්ලො දන්නවා ආරක්ෂා වෙන්න ඕන දේවල් ගැන
  • 3:31 - 3:40
    ලැයිස්තුවක් තියෙනවා ආරක්ෂා වෙන විදි ගැන
  • 3:40 - 3:42
    ඔයාලට වඩා ලොකු අය ඔයාලව අල්ලන එක ගැන
  • 3:42 - 3:45
    මම ඔයාලට කියන්න යන්නෙ තව එකක් ගැන
  • 3:45 - 3:47
    ඒ ගැන දැනගන්න ඉස්සර වෙලා
  • 3:47 - 3:51
    ඔයාල දැනගන්න ඕනෑ මොකක් ද අනතුර කියන්නෙ කියලත්
  • 3:51 - 3:55
    දැන් හොඳට අහගෙන ඉන්න ඕනා මම කියන්න යන දේ ගැන
  • 3:55 - 3:56
    ඔයාලට වඩා ලොකු මිනිස්සු ඉන්නවා
  • 3:56 - 3:58
    සමහර වෙලාවට දරුවන් අල්ලන
  • 3:58 - 4:01
    එහෙම අල්ලන්නෙ දරුවන්ට අපහසු වෙන විදියට
  • 4:01 - 4:04
    ඇඟේ තියනවා පැති තුනක් වෙන කවුරුත් අල්ලන්න හොඳ නැති
  • 4:04 - 4:06
    මොනවා ද මේ පැති තුන?
  • 4:06 - 4:10
    පියවර 1: ඇල්ලිය නොයුතු ශරීර පැති තුන දක්වන්න
  • 4:10 - 4:11
    ඇස් ඇතුලත, ඇහැ
  • 4:11 - 4:12
    සෙන්ටර් පොයින්ට්
  • 4:12 - 4:13
    නැහැය
  • 4:13 - 4:16
    මම කියන්නෙ පොඩ්ඩක් වෙනස් පැති තුනක් ගැන
  • 4:16 - 4:19
    ඔයාල දන්නවා කවුරු හරි රිදෙන්න අල්ලන දේ ගැන
  • 4:19 - 4:23
    මේ තුන කිසිම කෙනෙක් අල්ලන්න නරක පැති තුනක්
  • 4:23 - 4:24
    පපුව
  • 4:24 - 4:25
    පස්ස පැත්ත
  • 4:25 - 4:26
    කකුල් දෙක අතර
  • 4:26 - 4:31
    ඒ පැති ඔයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් අල්ලන්න නරක පැති
  • 4:31 - 4:37
    සමහර විට ඔයාගෙ අම්මා හෝ තාත්තා ඒ පැති අල්ලයි ඔයාලව නාවන කොට
  • 4:37 - 4:38
    ඔව්
  • 4:38 - 4:41
    සමහර විට දොස්තර කෙනෙක් බලද්දි
  • 4:41 - 4:47
    එතකොට දෙමව්පියෝ ඉන්ඳැද්දී තමයි දොස්තර අල්ලන්නෙ ඒ තැන්
  • 4:47 - 4:49
    හරි. ඒ වගේ වෙලාවට නැතිව වෙන කිසිම කෙනෙක් අල්ලන්න නරකයි
  • 4:49 - 4:50
    ඒක කමක් නැහැ නේද?
  • 4:50 - 4:53
    දොස්තර සහ නාවද්දි?
  • 4:53 - 4:54
    ඔව්, ඒක කමක් නැහැ
  • 4:54 - 4:57
    ඒත් දොස්තර අල්ලන්නෙත් දෙමව්පියෝ ඉස්සහර දී පමණයි
  • 4:57 - 5:01
    දෙමව්පියෝ නැත්නම් දොස්තර වුනත් ඒ තැන් අල්ලන්න නරකයි
  • 5:01 - 5:02
    හරි?
  • 5:02 - 5:05
    දැන් කියන්න මොනවා ද මේ පැති තුන කියලා?
  • 5:05 - 5:06
    එක: පපුව
  • 5:06 - 5:09
    දෙවැනි එක?
  • 5:09 - 5:12
    කකුල් දෙක අතර තියෙන මැද කොටස
  • 5:12 - 5:13
    තුන?
  • 5:13 - 5:14
    නැහැය?
  • 5:14 - 5:15
    නෑ නෑ නැහැය නෙමෙයි
  • 5:15 - 5:16
    පස්ස පැත්ත
  • 5:16 - 5:18
    හරි, පස්ස පැත්ත තමයි
  • 5:18 - 5:24
    පපුව, පස්ස පැත්ත සහ කකුල් දෙක මැද්දෙන් තියන මැද කොටස
  • 5:24 - 5:25
    ඒ පැති කවුරත් හරි අල්ලන්න නරකයි
  • 5:25 - 5:29
    දැන්, කවුරු හරි ඒ පැති ඇල්ලුවොත්?
  • 5:29 - 5:30
    එතකොට ඔයා කරන්න ඕනා මොකක් ද?
  • 5:30 - 5:32
    මම කියන්නම් ඊට කළින් තවත් දෙයක්
  • 5:32 - 5:35
    මේක හරිම සරලයි
  • 5:35 - 5:37
    ඔයාලට කියවන්න පුලුවන් ද?
  • 5:37 - 5:38
    මට පුළුවන්,
  • 5:38 - 5:41
    මේක දිහා බලන්න
  • 5:41 - 5:46
    පියවර 2: අපහසුතාවයක් දැනෙන ලෙස කවුරු හෝ ඇල්ලුවොත් දරුවා කළ යුතු දේ
  • 5:46 - 5:47
    කෑ ගහන්න
  • 5:47 - 5:48
    එපා කියන්න
  • 5:48 - 5:53
    ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියෙකුට කියන්න
  • 5:53 - 5:57
    මම දැන් කියලා තියෙනවා කවුරුත් අල්ලන්න නරක පැති තුන ගැන
  • 5:57 - 5:58
    කවුරු හරි ඇල්ලුවොත් ඒ පැති
  • 5:58 - 6:02
    මුලින්ම කරන්න ඕනෑ
  • 6:02 - 6:08
    හයියෙන් කෑ ගහන්න ඕනෑ එපා කියල.
  • 6:08 - 6:10
    කොහොම ද කෑ ගහන්නෙ එපා කියල
  • 6:10 - 6:12
    එපා
  • 6:12 - 6:13
    හරි
  • 6:13 - 6:18
    දෙවැනියට කරන්න ඕනෑ ඒ අයගෙන් ඈතට යන එක
  • 6:18 - 6:20
    පුලුවන් තරම් ඉක්මණට ඈත් වෙන්න
  • 6:20 - 6:23
    දුවන්න ඈතකට
  • 6:23 - 6:24
    කියන්න බලන්න හයියෙන් දුවන්න කියලා?
  • 6:24 - 6:26
    දුවන්න
  • 6:26 - 6:27
    හරි
  • 6:27 - 6:29
    කොහෙට ද දුවන්නෙ?
  • 6:29 - 6:31
    ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියෙක් ළඟට
  • 6:31 - 6:32
    හරි
  • 6:32 - 6:35
    කවුද ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියා?
  • 6:35 - 6:38
    අම්මා හරි තාත්තා හරි
  • 6:38 - 6:39
    නැත්නම් ගුරුවරයෙක්
  • 6:39 - 6:41
    ඇයි එයාල ආරක්ෂාව ලබාදෙන්නෙ?
  • 6:41 - 6:44
    එයාල දන්න නිසා
  • 6:44 - 6:46
    එයාල අපිව දන්න නිසා
  • 6:46 - 6:48
    අපිට උදව් කරන්න පුලුවන් නිසා
  • 6:48 - 6:53
    ඔයාල ආරක්ෂාව ලබාදෙනවා කියල හිතන වැඩිහිටියෙක් ළඟට යන්න ඕනෑ
  • 6:53 - 6:54
    ඔයාල විශ්වාස කරන කෙනෙක්
  • 6:54 - 6:56
    ඔයාල උදව් කරයි කියල දන්න කෙනෙක්
  • 6:56 - 7:02
    හරි පැහැදිලියි ද?
  • 7:02 - 7:08
    දැන් කියන්න ඔය කිව්ව පැති තුනෙන් එකක් ඇල්ලුවොත් මොකක් ද කරන්නෙ කියලා?
  • 7:08 - 7:09
    මුලින් ම කරන්නෙ?
  • 7:09 - 7:11
    එපා කියල කෑ ගහන එක
  • 7:11 - 7:13
    දෙවැනියට කරන්නෙ මොකක් ද?
  • 7:13 - 7:17
    ඈත්වෙලා දුවන එක
  • 7:17 - 7:18
    තුන්වැනියට මොකද කරන්නෙ?
  • 7:18 - 7:24
    ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියෙකුට කියන එක
  • 7:24 - 7:26
    දැන් ඔයලා හරියට කරන්න ඕන දේ දන්නවා
  • 7:26 - 7:27
    මතක තියාගන්න කට පාඩම් කරගත්තා නේද?
  • 7:27 - 7:32
    මම දැන් ඔයලා හැම එක්කෙනෙක්ටම මේ කොළයක් දෙනවා
  • 7:32 - 7:34
    එතකොට ඔයාලට පුලුවන් ලියන්න
  • 7:34 - 7:42
    ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියා ළඟින් ඔයාල නම ලියන්න ඕනෑ
  • 7:42 - 7:43
    මේ කඩදාසියෙ ලියන්න නම
  • 7:43 - 7:45
    මට කියන්න ඕනෑ නැහැ ඒ කවුද කියල
  • 7:45 - 7:50
    ඔයාට ආරක්ෂාව දෙන්නෙ කවුද කියල දන්න කෙනාගේ නම ලියන්න
  • 7:50 - 7:51
    හරි, මෙන්න කඩදාසි
  • 7:51 - 7:56
    පියවර 3: ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියා හැඳින්වීම
  • 7:56 - 8:01
    ඉතින් ගෙදර ගියාම දෙන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් මේ කඩදාසිය
  • 8:01 - 8:09
    ඔයාට පුලුවන් කැමති කෙනෙක්ව තෝරාගන්න
  • 8:09 - 8:14
    මෙන්න මම දෙන්නම් පැන්සල්
  • 8:14 - 8:21
    මම ලියන්න දන්නෙ නැහැ
  • 8:21 - 8:23
    මම උදව් කරන්නම් ඔයාට
  • 8:23 - 8:27
    මම අහන්නම් ප්රශ්නයක්
  • 8:27 - 8:31
    ඔයාගෙ අම්මා ඔයාට ආරක්ෂාව ලබාදෙන කෙනෙක් ද?
  • 8:31 - 8:32
    ඔව්
  • 8:32 - 8:34
    පුලුවන් ද හැමෝටම අම්මා කියල ලියන්න
  • 8:34 - 8:36
    මම ලිව්වා මගේ අම්මාගේ නම
  • 8:36 - 8:37
    හොඳයි
  • 8:37 - 8:40
    කාට හරි පුලුවන් ද ඇයට අම්මා කියල ලියන්න උදව් කරන්න?
  • 8:40 - 8:48
    දැන් තව එකක් මතක තියාගන්න ඕනෑ
  • 8:48 - 8:50
    අපි කියමු ඔයා ඉස්කෝලේ ඉන්නවා කියල
  • 8:50 - 8:52
    නැත්නම් ඉස්කොලෙන් කෑම්ප් එකකට ගිහින් කියල
  • 8:52 - 8:55
    එහෙමත් නැත්නම් නිවාඩු ගමනක් ගිහින් කියල
  • 8:55 - 8:58
    එහෙම නැත්නම් ඔයාල ඉන්නෙ ආච්චීලා සීයලාගෙ ගෙදර කියල
  • 8:58 - 9:00
    එතකොට ආරක්ෂාව ලබාදෙන එක්කෙනා
  • 9:00 - 9:01
    කියල මේ කඩදාසියෙ ලියලා තියෙන අය
  • 9:01 - 9:04
    එතැන නැත්නම්
  • 9:04 - 9:05
    එතකොට කරන්න
  • 9:05 - 9:07
    ඕනෑ එතැන ඉන්න වෙන කවුරු හරි ආරක්ෂාව ලබාදෙන
  • 9:07 - 9:09
    කෙනෙක් හඳුනාගන්න එකයි
  • 9:09 - 9:11
    මට අහන්න ඕනෑ ලියන හැටි
  • 9:11 - 9:12
    ආච්චියි සීයයි ලියන හැටි
  • 9:12 - 9:15
    මුල් අකුරු දෙක විතරක් ලියන්න
  • 9:15 - 9:17
    හරි
  • 9:17 - 9:22
    මේ වැඩ සටහන ඔබේ දරුවා සමඟ සෑම මාස හයකටම සැරයක් කරන්න
  • 9:25 - 9:28
    ඔයාගෙ දුව ඔයාව
  • 9:28 - 9:32
    ආරක්ෂිත වැඩිහිටියා හැටියට පෙන්නලා තියෙනවා
  • 9:32 - 9:35
    ඉතින් අපි අල්ලන්න නරක පැති ගැන කතා කළා
  • 9:35 - 9:40
    එහෙම ඇල්ලුවොත් එයා මොකක් ද කරන්න ඕනෑ කියලත්
  • 9:40 - 9:43
    කියා දුන්නා
  • 9:43 - 9:48
    දැන් මට කියන්න මොනවා ද අල්ලන්න නරක තැන්?
  • 9:48 - 9:57
    පපුව, පස්ස පැත්ත සහ කකුල් දෙන මැද්දෙන්
  • 9:57 - 10:03
    ඒ තැන් කවුරු හරි ඇල්ලුවොත් ඔයා මොකද කරන්නෙ?
  • 10:03 - 10:08
    මම මගේ තාත්තාට මම කියනවා
  • 10:08 - 10:13
    ඉතින් නවීන් ඔයා තමයා ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියා
  • 10:13 - 10:17
    ඇය අම්මාවත් ආරක්ෂාව ලබාදෙන වැඩිහිටියෙක් කියලා කියලා තියෙනවා
  • 10:17 - 10:20
    ඔය දෙන්නම දැනගන්න ඕනෑ මේක ඇය ඉගෙන ගත්ත බව
  • 10:20 - 10:20
    එහෙම දෙයක් අවසනාවට හෝ සිද්ධ වුවහොත් ඇය ඔබට ඇවිත් මෙය කියාවි
  • 10:20 - 10:20
    එවිට ඔබ එය බැරෑරැම් බවින් බාරගන්න ඕනෑ
  • 10:26 - 10:29
    ස්තූතියි
  • 10:31 - 10:33
    වැඩිහිටියන් 5% - 10% ත් අතර පිරිසක් දරුවන් ලෙසින් ලිංගික අපහරණයට ලක් වූ බව පාපෝච්චාරණය කරති
  • 10:34 - 10:41
    30% සහ 50% අතර දරුවන් තමනට අපහසුවක් දැනෙන ලෙසින් අතපතගෑමට ලක් වූ බව කියති
  • 10:41 - 10:53
    මේ විඩියෝව දෙමව්පියන්ට/ගුරුවරුන්ට පෙන්වන්න. ලිංගික අපහරණ ගැන දරුවන්නට කතා කරන හැටි කියාදෙන්න
Title:
දරුවන් වෙනුවෙන් ලිංගික දැනුම
Video Language:
English
Duration:
11:07
arunishapiro edited Sinhala subtitles for Sex Education for your Children must share
arunishapiro added a translation

Sinhala subtitles

Revisions