නීති (හැකිතාක් දුරට)නොමැතිව සමාගමක් පාලනය කරන්නේ තෙසේද?
-
0:01 - 0:05සෑම සඳුදා හා බ්‍රහස්පතින්දා දවසකම
මම මැෙරන හැටි ඉෙගන ගන්නවා. -
0:05 - 0:07මම කියන්ෙන් ඒ මගේ මාරාන්තික දවස් කියලා.
-
0:07 - 0:10මගේ බිරිඳ ෆනැන්ඩා ඒ වචනයට කැමති නැහැ,
-
0:10 - 0:15ඒත් මගේ පවුෙල් වැඩි ෙදනෙක් මරණයට පත් වුණේ
ෙමලනෝමා පිළිකාෙවන්. -
0:15 - 0:17මගේ ෙදමව්පියන්ටත් ආච්චිලා සීයලාටත්
ඒක තිබුණා. -
0:17 - 0:21ඉතින් මට හිතුණා, මාත් දවසක දොස්තර
කෙනෙක් ගාවට ගියාම -
0:21 - 0:23ඔහු මගේ වෛද්‍ය පරීක්ෂණ බලලා
කියන්න පුළුවන්, -
0:23 - 0:25"රිකාඩෝ, තත්ත්වෙ එච්චර හොඳ නැහැ වගේ.
-
0:25 - 0:28ඔයාට ජීවත් වෙන්න තියෙන්නේ තව 6 මාසයක්
නැතිනම් අවුරැද්දක් විතරයි." -
0:28 - 0:31එතකොට තමන් හිතන්න පටන් ගන්නවා මේ ඉතිරි
කාලයේදී කරන්නේ මොනවාද කියලා. -
0:31 - 0:34තමන් කියනවා, "මම ළමයි එක්ක වැඩිපුර
කාලය ගත කරනවා. -
0:34 - 0:35මම මෙන්න මේ තැන් බලන්න යනවා.
-
0:35 - 0:37මම කඳු නගින්න යනවා.
-
0:37 - 0:42මට කරන්න වෙලා තිබුණේ නැති දේවල් ඔක්කොම
මම කරනවා." -
0:42 - 0:44නමුත්, අපි හැමෝම දන්නවා,
-
0:44 - 0:47මේවා මිශ්‍ර හැඟීම් සහිතව තැබෙන
මතකයන් වන බව. -
0:47 - 0:48ඒක කරන්න හරිම අමාරැයි.
-
0:48 - 0:52ඒ වෙලාවෙන් වැඩි කාලයක් තමන් හඬමින්
ගත කරයි. -
0:52 - 0:54ඉතින් මම කිව්වා මම ඊට වඩා වෙනස් දෙයක්
කරනවා කියලා. -
0:54 - 0:59සෑම සඳුඳා හා බ්‍රහස්පතින්දා දිනකම මම මගේ
මාරාන්තික දවස් පාවිච්චි කරනවා. -
0:59 - 1:01ඒ දවස්වල මම කරනවා,
-
1:01 - 1:05ඒ ප්‍රවෘත්තිය අැත්තටම මට ලැබුණා නම්
මම කරන්න හිටපු දේවල්. -
1:05 - 1:07(සිනහව)
-
1:07 - 1:08අපි හිතලා බැලුවම--
-
1:08 - 1:12(අත්පොළසන්)
-
1:12 - 1:15අපි හිතලා බැලුවොත් වැඩකිරීමට ප්‍රතිවිරැද්ධ
දේ ගැන, -
1:15 - 1:17අපි හිතන්නේ ඒ විවේක කාලය කියලා.
-
1:17 - 1:20එතකොට තමන් කියනවා, මට විවේක කාලයක්
අවශ්‍යයි වගේ දේවල්. -
1:20 - 1:24ඒත්, ඇත්තටම විවේක කාලය කියන්නේ හරිම
කාර්යබහුල දෙයක්. -
1:24 - 1:27ඔබ යනවා ගොල්ෆ් හා ටෙනිස් ගහන්න,
ඔබට වෙන අය හම්බ වෙනවා. -
1:27 - 1:30ඔබ දවල් කෑමට එළියට යනවා,
චිත්‍රපටිය බලන්න යන්න පරක්කු වෙනවා. -
1:30 - 1:31ඒක හරිම කාරය බහුලයි.
-
1:31 - 1:35වැඩකිරීමට ප්රතිවරැද්ධ දේ අලසකමයි.
-
1:35 - 1:38ඒත් අපේ අලසකාලයේ කරන්න පුළුවන් දේ
දන්නේ ටික දෙනයි. -
1:38 - 1:42අපි අපේ ජීවිතය සාමාන්‍යයෙන් බෙදා ගන්නා
ආකාරය බැලුවොතින්, -
1:42 - 1:46තේරැම් යන්නේ, අපිට ගොඩක් සල්ලි තිබෙන
කාලවලදී, -
1:46 - 1:48අපිට කාලය ගොඩක් හිඟයි.
-
1:48 - 1:54අන්තිටම අපිට කාලය ලැබෙන කොට, සල්ලිත් නැහැ,
අපේ සෞඛ්‍යයත් නැහැ. -
1:54 - 1:58ඉතින් අපි සමාගමක් විදියට පසුගිය
අවුරැදු 30 ක් තිස්සේ ඒ ගැන හිතුවා. -
1:58 - 2:01මේක ඇවිල්ලා සංකීර්ණ සමාගමක්,
සේවකයින් දහස් සංඛ්‍යාවක් වැඩ කරන, -
2:01 - 2:04ඩොලර් මිලියන 100 ගණනක ව්‍යාපාර
ඊට අඩංගුයි -
2:04 - 2:10බ්‍රසීලයේ රොකට් ඉන්ධන පද්ධති සාදන,
ATM යත්ත්‍ර 4000 ක් පමණ ක්‍රියා කරවන, -
2:10 - 2:14හා දහස් ගණනකට ආදායම් බදු සකසන.
-
2:14 - 2:17ඉතින් මේක සරල ව්‍යාපාරයක් නෙමෙයි.
-
2:17 - 2:19අපි ඒක දිහා බලලා කිව්වා,
-
2:19 - 2:24මේකේ බලය මේ මිනිසුන්ටම දෙමු,
අපි ඒගොල්ලන්ට දෙමු සමාගමක් -
2:24 - 2:27නේවාසික පාසලක තිබෙන මේ අංගයන් ඒකෙන්
කරලා -
2:27 - 2:29ඒ කියන්නේ මේ වෙලාවට එන්න,
මේ විදියට අඳින්න -
2:29 - 2:31මෙහෙමයි රැස්වීම්වලට යන්නේ, මේවා
කියන්න, -
2:31 - 2:32මේවා කියන්න එපා,
-
2:32 - 2:34මේ දේවල් අයින් කරලා බලමු මොනවද
ඉතිරි කියලා. -
2:34 - 2:36ඉතින් අපි මේක පටන් ගත්තා
වසර 30ට කලින් -
2:36 - 2:38අපි මේ ප්‍රශ්නයටම විසඳුම් හෙව්වා.
-
2:39 - 2:41අපි කිව්වා බලන්න විශ්‍රාමය දිහා,
-
2:41 - 2:44අපේ ජීවිතය බෙදෙන ආකාරයේ
ඇති ගැටළුව දිහා. -
2:44 - 2:47අවුරැදු 82දී කඳු නඟින්නේ නැතුව
-
2:47 - 2:49ලබන සතියේ ඒක කළොත්?
-
2:49 - 2:50අපි ඒක මෙහෙම කරමු,
-
2:50 - 2:54අපි ඔබට ඔබේ බදාදා දවස් විකුණන්නම් වැටුපෙන්
10% මිලට. -
2:55 - 2:59ඇත්තටම ඒක එහෙම නොවුණත්, හිතන්න ඔබ
වයලින් වාදකයෙක් වෙන්න හිටියා කියලා -
2:59 - 3:01ඒක ඔබ කරනවා මේ බදාදා දවසේ.
-
3:01 - 3:03ඉතින් අපි හොයාගත්ත දේවල්--
-
3:03 - 3:05අපි හිතන් හිටියේ වයසින් වැඩි අය
-
3:05 - 3:08මේ සැලැස්ම ගැන වඩා උනන්දු වේවි කියලා.
-
3:08 - 3:11ඒත් මේකට මුලින්ම ආපු අයගේ සාමාන්‍ය වයස
-
3:11 - 3:1229 ක් වුණා.
-
3:12 - 3:13ඉතින් මේක බලලා,
-
3:13 - 3:16අපි කිව්වා වෙනස් විදියට වැඩ කරන්න
ඕනෑ කියලා. -
3:16 - 3:17ඉතින් අපි කියන්න ගත්තා,
-
3:18 - 3:20ඕගොල්ලෝ වැඩට ආපු වෙලාව අපි දැන ගන්න
ඕනෑද? -
3:20 - 3:21ගෙදර ගිය වෙලාව ඕනෑද?
-
3:21 - 3:24මේක හුවමාරැ කරගන්න බැරිද ගිවිසුමකට
-
3:24 - 3:27ඔබෙන් යම් කිසි දෙයක් මිලදී ගන්න?
යම් කිසි කාර්යයක්? -
3:27 - 3:29ඇයි අපි මේ මූලස්ථානයක් ගොඩනඟන්නේ?
-
3:29 - 3:31ඒක අහංකාරයට නෙවෙයිද කරන්නේ,
අපි ශක්තිමත් හා -
3:31 - 3:33විශාලයි හා වැදගත් කියා පෙන්වන්න?
-
3:33 - 3:36ඒත් ඒ නිසා ඔබව නගරය හරහා
පැය 2ක් ගමන් කරවනවා. -
3:37 - 3:39ඉතින් අපි එකින් එක ප්‍රශ්න කරා.
-
3:40 - 3:42අපි ඒවා මෙහෙම කිව්වා:
-
3:42 - 3:44එක: අපි ශ්‍රමය සොයන්නේ කොහොමද?
-
3:44 - 3:48අපි කට්ටිය සේවයට බඳව ගන්න ගිහින් කියනවා,
-
3:48 - 3:49මේ බලන්න, අපේ සේවයට බැඳුනොත්,
-
3:49 - 3:51අපි සම්මුඛ පරීක්ෂණ දෙක තුන පවත්වලා
-
3:51 - 3:53ඔබව අපට "විවාහ" කරගන්නේ
නැහැ. -
3:53 - 3:55අපි අපේ ජීවිතය ගෙවන්නේ එහෙම නෙවෙයි.
-
3:55 - 3:58ඉතින්, එන්න ඔබේ සම්මුඛ පරීක්ෂණ වලට.
-
3:58 - 4:01ඔබව හමුවීමට උනන්දුවක් තිබෙන අය
ඒකට පැමිණේවි. -
4:01 - 4:05එතැනදී මතුවන දැනීමෙන් අපි බලමු
-
4:05 - 4:09ඔබ ගැලපෙනවාද කියලා, නිකන් විස්තර ලියලා
තෝර ගන්නවාට වඩා. -
4:09 - 4:11ඊට පස්සේ ආපහු එන්න.
-
4:11 - 4:14වරැවක් හරි දවසක් හරි ගත කරලා
කැමති කෙනෙක් එක්ක කථා කරන්න. -
4:14 - 4:18අපි ඔබ හිතපු "මනාලිය"මයි කියලා
නිසැකවම දැන ගන්න -
4:18 - 4:21අපි අපේ දැන්වීම් වල පළ කරන
විකාර නෙවෙයි කියලා ඉන් දැන ගන්න. -
4:21 - 4:22(සිනහව)
-
4:22 - 4:26අපි හිමිහිට ඇරඹුවා මෙන්න මෙහෙම දේවල්
කියන්න, -
4:26 - 4:29අපිට අවශ්‍ය නැහැ කිසි කෙනෙක් ආයතනයේ
නායකයෙක් වෙනවට -
4:29 - 4:31ඔවුන් සම්මූඛ පරීක්ෂණයකින්
අනුමැතිය ලබා නැතිනම් -
4:31 - 4:34අනාගතයේදී තමන් යටතේ සිටින්නන්ගෙන්.
-
4:34 - 4:40සෑම හය මසකටම වරක්, සෑම කෙනෙකුගේම
නායකත්වය නිර්නාමිකව ඇගයෙනවා. -
4:40 - 4:44කෙනෙක් එම නායකත්ව ධූරයේ රැඳිය යුතුද
කියලා ඉන් තීරණය කෙරෙනවා. -
4:44 - 4:46ඒක අවස්ථානුකූල බව ඔබ දන්නවානේ.
-
4:46 - 4:53ඉතින් ඒගොල්ලන්ට ලකුණු සියයට 70 හෝ 80
නොලැබුණොත්, රැඳෙන්න බැහැ. -
4:53 - 4:56ඒක නිසා වෙන්න ඇති මම අවුරැදු 10 න්
ප්‍රධාන විධායක තනතුරේ ඉඳලා නැත්තේ. -
4:56 - 5:01කාලයත් එක්ක අපි තව ප්‍රශ්න අහන්න ගත්තා.
-
5:01 - 5:02අපි මේ වගේ දේවල් කිව්වා,
-
5:02 - 5:05සේවකයින්ට තමන්ගේම වැටුප තීරණය කරන්න බැරිද?
-
5:05 - 5:07ඒක කරන්න නම් දැන ගන්න ඕන මොනවාද?
-
5:07 - 5:09ඒ සඳහා දේවල් 3ක් දැන ගත යුතුයි:
-
5:09 - 5:11ආයතනය තුල සිටින අයගේ වැටුප,
-
5:11 - 5:14ඊට සමාන පිට ව්‍යාපාරයක සේවය කරන්නන්ගේ
වැටුප සහ -
5:14 - 5:18ආයතනයේ සාමාන්‍ය ආදායම. ඒ අපට එය දරන්න
පුළුවන්ද කියලා බලන්න. -
5:18 - 5:20ඉතින් අපි සේවක පිරිසට මේ තොරතුරැ
ලබා දුන්නා. -
5:20 - 5:22අපි පටන් ගත්තා ආපන ශාලාවේ තියන්න,
-
5:22 - 5:25පරිගණකයක්. ඒක පාවිච්චි කරලා
දැනගන්න පුළුවන් -
5:25 - 5:27කෙනෙක්ගේ වියදම, කෙනෙක්ගේ වැටුප,
-
5:27 - 5:29වරප්‍රසාද ලෙස ලැබෙන ප්‍රමාණය,
ආයතනයේ ආදායම, -
5:29 - 5:32ලාභය වගේ දේවල්.
-
5:32 - 5:34මේ අවුරැදු 25 ට පෙර.
-
5:35 - 5:38මේ තොරතුරැ සේවක පිරිසට ලැබුණම,
-
5:38 - 5:41අපි කිව්වා අපිට ඕනැ නැහැ
ඔබේ වියදම් වාර්තාව, -
5:41 - 5:43අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ
ගන්න නිවාඩු ප්‍රමාණය, -
5:43 - 5:45අපිට දැනගන්න ඕනෑ නැහැ
ඔබ කොහෙද කියලා. -
5:45 - 5:49අපිට එක කාලෙක තිබුණා නගරය වටා
කාර්යාල 14 ක්, -
5:49 - 5:52ඉතින් අපි කිව්වා ගෙදරට ළඟම
කාර්යාලයට යන්න කියලා. -
5:52 - 5:55නැතිනම් යන්න ඔබ එදා හමුවෙන පාරිභෝගිකයාට
ළඟම කාර්යාලයට. -
5:55 - 5:56ඔබ ඉන්නේ කොහෙද කියලා අපිට කියන්න එපා.
-
5:56 - 6:01ඒ වගේම අපේ සේවක පිරිස දහස් ගණනක්,
5000ක් වුණාමත්, -
6:01 - 6:04අපේ මානව සම්පත් අංශයේ වැඩකරේ දෙන්නයි.
-
6:04 - 6:06වාසනාවට ඒ අයගෙනුත් එක් අයෙක්
විශ්‍රාම ගිහින්. -
6:06 - 6:09(සිනහව)
-
6:09 - 6:12ඉතින් අපි අහපු ප්‍රශන්ය තමයි, අපි
මිනිසුන්ව බලා ගන්නේ කොහොමද? -
6:12 - 6:14අපිට තිබෙන එකම දේ සේවක පිරිසයි.
-
6:14 - 6:17මිනිසුන් පස්සේ එලවගෙන ගිහින් ඒ අය බලාගන්න
අංශයක් අපිට අවශ්‍ය නැහැ. -
6:17 - 6:23අපි හොයාගත්තා මේක සාර්ථකයි කියලා,
අපි කිව්වා අපි හොයනවා කියලා, -
6:23 - 6:26ඇත්තටම, මම හිතන්නේ මම ප්‍රධානව
සෙව්වේ මේක කියලා -
6:26 - 6:29ඒ මාරාන්තික දවස් භාවිතා කරලා,
සමාගම තුල. -
6:29 - 6:31ඒක තමයි, අායතනය ප්‍රඥාව වෙනුවෙන්
ගොඩනඟන්නේ කොහොමද කියලා. -
6:31 - 6:36අපි පැවතෙන්නේ විප්ලවීය අවධියකින්,
කාර්මික විප්ලවය, -
6:36 - 6:39තොරතුරැ යුගය, දැනුමේ යුගය,
-
6:39 - 6:41එහෙත් අපි ප්‍රඥාවේ යුගයට එළැඹී නැහැ.
-
6:41 - 6:45අපි ප්‍රඥාව වැඩෙන ආකාරයට සැලසුම් හා
සංවිධානය වන්නේ කෙසේද? -
6:45 - 6:46නිදසුනක් ලෙස, බොහෝ විට,
-
6:46 - 6:50බුද්ධිමත්ම තීරණය පිළිගැනෙන්නේ නැහැ.
-
6:50 - 6:53ඉතින් අපි කිව්වා මේ වගේ දේවල්,
-
6:53 - 6:56අපි එකඟ වෙමු ඔබ සතියකට උපාංග 57 ක්
ගණනේ විකුණනවා කියලා. -
6:57 - 7:00බදාදා වෙද්දී ඒක කළොත් කරැණාකරලා
මුහුදු වෙරළට යන්න. -
7:01 - 7:04අපිට, නිෂ්පාදන හා ප්‍රායෝගික අංශයට
ප්‍රශ්නයක් ඇති කරන්න එපා, -
7:04 - 7:07එතකොට අපිට නව සමාගම්,
තරඟකරැවන් මිලට ගන්න වෙනවා, -
7:07 - 7:10ගොඩක් දේවල් කරන්න වෙනවා, ඔබ
වැඩිපුර විකුණපු නිසා. -
7:10 - 7:13ඒක නිසා මුහුදු වෙරළට ගිහින්,
සඳුඳා ඉඳලා අාපහු වැඩ කරන්න. -
7:13 - 7:15(සිනහව) (අත්පොළසන්)
-
7:15 - 7:18ඉතින් ක්‍රියාවලිය තමයි, ප්‍රඥාව හොයන එක.
-
7:18 - 7:22මේ ක්‍රියාවලියේදී අපිට අවශ්‍ය වුණා
මිනිසුන් සියළු තොරතුරැ දැන ගෙන සිටීම, -
7:22 - 7:25අපිට අවශ්‍ය වුණා ප්රජාතන්ත්රවාදී ලෙස
සෑම දෙයක්ම කරන්න. -
7:25 - 7:31ඉතින් ආයතනික මණ්ඩලයේ එකම ඡන්ද අයිතිය
ඇති ආසන 2 ක් අපි විවෘත කළා, -
7:31 - 7:34මුලින්ම ඒක ඉල්ලන දෙදෙනෙකුට.
-
7:34 - 7:35(සිනහව)
-
7:35 - 7:40සමාගම පිරිසිඳු කරන කාන්තාවන් අපේ මාණ්ඩලික
රැස්වීම් වල ඡන්දය දුන්නා, -
7:40 - 7:43ටයි කෝට් ඇඳපු තවත් වැදගත් අය සමඟම.
-
7:43 - 7:46ඇත්ත වශයෙන්ම ඒ නිසා අපේ අවංකත්වය
සුරැකුණා. -
7:47 - 7:50මෙහිදී අපේ අායතනයට එන අය දිහා බැලුවම
-
7:51 - 7:52අපි කිව්වා, තත්ත්පරයක් ඉන්න,
-
7:52 - 7:55කට්ටිය වැඩට ඇවිත් අපෙන් අහනවා,
මම වාඩි වෙන්නේ කොහෙද? -
7:55 - 7:58මම වැඩ කරන්නේ කොහොමද?
අවුරැදු 5න් මම ඉන්නේ කොහෙද? -
7:58 - 8:01ඒක දැකලා අපි කිව්වා මේ දේවල්
කලින්ම ඇරඹිය යුතුයි කියලා. -
8:01 - 8:02අපි පටන් ගන්නෙ කොතැනින්ද?
-
8:02 - 8:04අපි කිව්වා, පෙර පාසල ඒකට හොඳ තැනක්
වේවි කියලා. -
8:04 - 8:09ඉතින් අපි පිහුටෙව්වා පදනමක්. පසුගිය
අවුරැදු 11 දී එහි තිබෙනවා පාසල් 3ක් -
8:09 - 8:12මෙහිදී අපි අර ප්‍රශ්නම අසනවා.
-
8:12 - 8:14පාසලක් ප්‍රඥාව වෙනුවෙන් නිර්මාණය
කරන්නේ කෙසේද? -
8:15 - 8:18අපිට කියන්න පුළුවන්
ගුරැවරැන් ප්‍රතිචක්‍රීකරණය කළ යුතුයි, -
8:18 - 8:20අධ්‍යක්ෂකවරැ වැඩි දායකත්වයක් දිය යුතුයි
කියලා. -
8:20 - 8:25එහෙත් සත්‍යය තමයි අපේ අධ්‍යාපන ක්‍රමය
සම්පූර්ණයෙන්ම යල් පැන ගිය එකක්. -
8:25 - 8:28ගුරැවරයාගේ භූමිකාව යල් පැන ගිය එකක්.
-
8:28 - 8:34ගණන් වලින් ජීව විද්‍යාවටත් එතැනින් 14 වැනි
සියවසේ ප්‍රංශය ගැන පංතියකට යෑම විකාරයක්. -
8:34 - 8:38(අත්පොළසන්)
-
8:38 - 8:41ඉතින් අපි හිතුවා ඒක කෙසේ විය යුතුද කියලා.
-
8:41 - 8:44අපි එකට එකතු කළා කට්ටියක්, අධ්‍යාපනයට ලැදි
අයත් සමඟම, -
8:44 - 8:49පවුලෝ ෆ්රේරි වැනි අය හා බ්‍රසීලයේ
අධ්‍යාපන ඇමතිවරැ දෙදෙනෙක්. -
8:49 - 8:52අපි ඇහුවා, අලුතෙන්ම පාසලක් නිර්මාණය
කරනවා නම්, -
8:52 - 8:54ඒක කොයි වගේ වේවිද කියලා?
-
8:54 - 8:57ඉතින් අපි නිර්මාණය කළා ලූමියාර් යන නමින්
හඳුන්වන පාසලක් -
8:57 - 9:00ලූමියාර්, මින් එකක් රජයේ පාසලක්.
-
9:00 - 9:02ලූමියාර් පාසලේදී අපි මෙහෙම කියනවා,
-
9:02 - 9:05අපි ගුරැවරයාගේ භූමිකාව 2ට බෙදමු.
-
9:06 - 9:08ඉන් එක්කෙනෙක් හඳුන්වනවා
උපදේශක(tutor) යනුවෙන්. -
9:08 - 9:13ඒ "පයිෙඩයා" යන පැරණි ග්‍රීක භූමිකාවට
සමාන වූ උපදේශක: එනම්, දරුවා බලා ගන්න. -
9:13 - 9:17ඒ කිව්වේ, ගෙදරදී වෙන්නේ මොනවාද?
මේ මොහොතේදී කොහොමද වැනි දේ. -
9:17 - 9:18ඒත් කරැණාකරලා උගන්වන්න එපා.
-
9:18 - 9:21ඒ මොකද ගූගල් වලට සාපේක්ෂව ඔබ දන්නා
සුළු දේ අපට දැනගන්න ඕනෑ නැහැ. -
9:21 - 9:23ඒක ඔබම තියාගන්න.
-
9:23 - 9:24(සිනහව)
-
9:24 - 9:27මෙතැනට අපි ගේනවා දේවල් දෙකක්
තිබෙන අය: -
9:27 - 9:32එනම්, දැඩි උනන්දුව හා ප්‍රවීණතාවය. එය
ඔවුන්ගේ වෘත්තිය වීමට හෝ නොවීමට පුළුවන්. -
9:32 - 9:34අපි භාවිතා කරනවා ජේ්‍යෂ්ඨ පුරවැසියන්ව,
-
9:34 - 9:39අන් අය නොසොයන, ප්‍රඥාව සහිත
සමාජයේ 25% ක පිරිස ඒ අයයි. -
9:39 - 9:42අපි ඒ අය පාසලට ගෙන්වලා කියනවා,
-
9:42 - 9:45මේ දරුවන්ට ඔබ සැබවින්ම විශ්වාස කරන දේ
උගන්වන්න කියලා. -
9:45 - 9:48ඉතින් අපිට ඉන්නවා ගණිතය උගන්වන
වයලින් වාදකයෝ. -
9:48 - 9:51අපි සමහර වෙලාවට කියනවා,
-
9:51 - 9:53පාඨමාලාවේ අන්තර්ගතය ගැන වධ වෙන්න
එපා කියලා. -
9:53 - 9:58අපට 2 සිට 17 දක්වා දිවෙන විශිෂ්ට තේමාවන්
10 ක් තිබෙනවා. -
9:58 - 10:02මනුෂ්‍යයින් ලෙස අපි මිනුම් කරන්නේ කෙසේද
වගේ දේවල්. -
10:02 - 10:05ගණිතය හා භෞතික විද්‍යාව වගේ දේවල් වලට
එහිදී ඉඩ ලැබෙනවා. -
10:06 - 10:08අපි අදහස් ප්‍රකාශ කරන්නේ කොහොමද?
-
10:08 - 10:10එතැනදී ඉඩ ලැබෙනවා සංගීතය, සාහිත්‍යය
වගේ දේට -
10:10 - 10:12ඒ වගේම ව්‍යාකරණ ඉගෙනීමටත්.
-
10:12 - 10:15හැම දෙනාටම අමතක වූ දේ පවා
එහි අන්තර්ගතයි. -
10:15 - 10:17ඒත ඒ දේ ජීවිතයේ වැදගත්ම දේ විය හැකියි.
-
10:17 - 10:21අපි කිසිදෙයක් නොදත් එහෙත් ජීවිතයේ
වැදගත්ම දේවල්. -
10:21 - 10:23අපි ආදරය ගැන කිසි දෙයක් දන්නේ නැහැ,
-
10:23 - 10:25මරණය ගැන දන්නෙත් නැහැ,
-
10:25 - 10:28අපේ පැවැත්මට හේතුව දන්නෙත් නැහැ.
-
10:28 - 10:32ඉතින් අපට පාසලේදී තේමාවක් අවශ්‍යයි අපි
නොදන්න සියලු දේ ගැන කථා කරන්න. -
10:32 - 10:34එය අපි ඉටු කරන දේවල් වල විශාල කොටසක්.
-
10:34 - 10:40(අත්පොළසන්)
-
10:40 - 10:43කාලය ගතවෙත්ම අපි තවත් දේවල් කරා,
-
10:43 - 10:45අපි ඇහුවා, අැයි අපි ළමයින්ට බණින්නේ,
-
10:45 - 10:48ඉඳගන්න, මෙහෙ එන්න, අරක කරන්න
වගේ දේවල් කියන්නේ ඇයි. -
10:48 - 10:51අපි කිව්වා අපි කවය යැයි හඳුන්වන දෙයක්
දරැවන් ලවා කරවමු කියලා. -
10:51 - 10:52එය සතියකට වරක් රැස් වෙනවා.
-
10:52 - 10:55අපි කියනවා, ඕගොල්ලොම නීති සකසන්න,
-
10:55 - 10:57ඊට පසු තීරණය කරන්න ඒවායින් කරන්නේ
මොනවාද කියලා. -
10:57 - 10:59ඉතින් ඔළුවට ගහගත්තට කමක් නැද්ද?
-
10:59 - 11:03ඔව්, සතියක් කරලා බලන්න.
-
11:03 - 11:05ඒගොල්ලොත් අපි දාපු නීති ටිකම තෝර ගත්තා.
-
11:05 - 11:07වෙනස ඒක ඒ අයගේ තීරණය වීම.
-
11:07 - 11:09ඒ වගේම ඒ අයට බලය තිබෙනවා,
-
11:09 - 11:13ඒ කියන්නේ ඒ අයට පුළුවන් ළමුන් පාසලෙන්
තාවකාලිකවත් ස්ථිරවත් ඉවත් කරන්න. -
11:14 - 11:19අපි පාසල් සෙල්ලමක් කරනවා නෙවෙයි, ඇත්තටම
ඒ අය ඒ තීරණ ගන්නවා. -
11:19 - 11:22ඉතින් මේ විදිහටම
-
11:23 - 11:26අපි තියා ගන්නවා විවිධ කොටස් වලින් සැදුණු
ඩිජිටල් සැලැස්මක්. -
11:26 - 11:29ඒ ෙම්ක අභිනිර්මාණවාදය හෝ මොන්ටිසෝරි
ක්‍රමය නොවන නිසා. -
11:29 - 11:32එය අපි බ්‍රසීලියානු විෂයමාලාව
-
11:32 - 11:35ටයිල් කැට 600 න් සැදි විචිත්‍රයක් ලෙස
තැබීමක්. -
11:35 - 11:38වයස 17 වන විට ළමුන්ට ඒ සියල්ලම
හඳුන්වා දීලා. -
11:38 - 11:41මේ විදියට අපි හැම තිස්සේම දන්නවා
ඒ අයගේ තත්ත්වය. -
11:41 - 11:44ඉතින් අපි කියනවා, ඔබට දැන් මේ ගැන
උනන්දුවක් නැහැ. අවුරැද්දකට පස්සේ බලමු. -
11:45 - 11:49ළමුන් ඉන්නේ වයස අනුව බෙදුණු කණ්ඩායම් වල
නෙවෙයි. -
11:49 - 11:53ඒ කිව්වේ යමකට සූදානම් වූ 6 හැවිරිදි ළමයෙක්
11 හැවිරිදි දරැවෙක් සමඟ එකට ඉඳීවි, -
11:53 - 11:55මෙයින් කණ්ඩායම් හා කල්ලි ඉවත් වෙනවා,
-
11:55 - 11:59ඒ වගේම සාමාන්‍යයෙන් පාසල් වල
තිබෙන එවැනි අනිත් දේවල් ද ඉවත් වෙනවා. -
11:59 - 12:02ඒ අයට තිබෙනවා බිංදුවේ සිට සියය දක්වා
ලකුණු පද්ධතියක්. -
12:02 - 12:05ලකුණු දැමීම ඒ අයම සෑම පැය 2ට වරක්ම
ඇප් එකක් මාර්ගයෙන් කරගන්නවා, -
12:05 - 12:10එම ගැටළුව සම්බන්ධයෙන් ඔවුන් සියයට 37ක
සමර්ථයක් ලැබී ඇති බව අපි දැනගන්න තෙක්. -
12:10 - 12:15එතකොට ඒ අයට යන්න දෙන්න පුළුවන් ඒ ගැන
ප්‍රමාණවත් දෙයක් ඉගෙන ගත්තට පස්සේ. -
12:15 - 12:20පාඨමාලාවන් තමයි ලෝක කුසලාන පාපන්දු
හෝ බයිසිකලයක් තැනීම -
12:20 - 12:24බයිසිකලයක් තැනීමේ දින 45 ක පාඨමාලාවකට
කට්ටිය බැඳෙනවා -
12:24 - 12:29පයි වල අගය 3.1416 කියලා නොදැන බයිසිකලයක්
හදන්න බලන්නකෝ. -
12:29 - 12:31ඒක කරන්න බැහැ.
-
12:31 - 12:35එලෙසම උත්සාහ කරන්නකෝ 3.1416 කුමකට හෝ
භාව්තා කරන්න. -
12:35 - 12:37එහෙම දැන් දන්නේ නැහැ.
-
12:37 - 12:39ඒක නැතිවෙලා. ඉතින් අපි එතැන
කරන්න උත්සාහ කරන්නේ, -
12:39 - 12:41ඒ පාසල තුලින් ප්‍රඥාව සෙවීමට.
-
12:41 - 12:46ඉතින් ඉන් නැවත මේ ප්‍රස්තාරය වෙතටත්
අපේ ජීවිතය ගැන මේ ව්‍යප්තිය වෙතටත් එනවා. -
12:47 - 12:49මම හිතන හැටියට මම ගොඩක් සල්ලි
හම්බ කරලා තියෙනවා. -
12:49 - 12:54දැන් ආපසු දීමට කාලය හරි කියලා
අපි හිතලා කියන කොට -
12:54 - 12:57ඔබ ආපසු දෙනවා කියන්නේ
ඔබ වැඩිපුර ගත්තා කියන එකයි. -
12:57 - 13:05(සිනහව) (අත්පොළසන්)
-
13:05 - 13:08මට හිතෙනවා වොරන් බෆට් දවසක උදේ නැඟිටලා
-
13:08 - 13:11දැනගන්නවා හිතුවාට වඩා ඩොලර් බිලියන 30ක්
එයාට තියෙනවා කියලා. -
13:11 - 13:13එයා ඒක බලලා අහනවා, මොකක්ද මම
මේකට කරන්නේ? -
13:13 - 13:16එයා කියනවා මම මේක ඇත්තටම අවශ්‍ය
කෙනෙකුට දෙනවා කියලා. -
13:16 - 13:20මම මේක බිල් ගේට්ස්ට දෙනවා. (සිනහව)
-
13:20 - 13:24ඉතින් නිව් යෝර්ක් වල ඉන්න මගේ මූල්‍ය
උපදේශකරැ, -
13:24 - 13:26එයා කියනවා, බලන්න, ඔයා පිස්සු මිනිහෙක්
-
13:26 - 13:29ඒ මොකද ඔයාට මේ වෙනකොට 4.1 ගුණයක්
වැඩි සල්ලි තියෙන්න තිබුණා -
13:29 - 13:32ඔයා ඒක එවෙලේම බෙදා ගන්නේ නැතුව
සල්ලි වලින් සල්ලි හොයා ගත්තා නම්. -
13:33 - 13:35ඒත් මම වඩා කැමති එවේලෙම බෙදා ගන්න.
-
13:35 - 13:38(අත්පොළසන්)
-
13:38 - 13:42මම කාලයක් MIT හි MBA පාඨමාලා ඉගැන්වූවා.
-
13:42 - 13:45එවිට මම දවසක් නතර වුණා මවුන්ට් ඕබන්
ෙසාහොන් පිටියේදී. -
13:45 - 13:47ඒක කේම්බ්‍රිජ්වල ලස්සන සොහොන් පිටියක්.
-
13:47 - 13:50ඉතින් මම ඒකේ ඇවිද්දා. එදා මගේ උපන්දිනය
නිසා මම කල්පනාවේ හටියේ. -
13:50 - 13:52පළවෙනි පාරට ඇවිදින කොට මම දැක්කා
සොහොන් ගල් -
13:52 - 13:55විශිෂ්ට දේවල් කරපු අපූරැ පුද්ගලයින්
මම ඒවායේ දුටුවා. -
13:55 - 13:59මාව සිහිපත් කළ යුත්තේ කුමක් සඳහාද කියා
මම කල්පනා කරා. -
13:59 - 14:01මම තව පාරක් එහි ඇවිද්දා.
-
14:01 - 14:03ඒ පාර මට තව ප්‍රශ්නයක් මතු වුණා,
-
14:03 - 14:05මට වඩා ගැලපෙන එකක්, ඒක තමයි
-
14:05 - 14:08සිහිපත් කිරීමක් මට අවශ්‍යයමද?
-
14:08 - 14:10(සිනහව)
-
14:10 - 14:13මම හිතනවා ඒ ප්රශ්නය මාව වෙනමම
තැනකට ගෙනිච්චා කියලා. -
14:13 - 14:17මට අවුරැදු 50 දී, මගේ බිරිඳ ෆනැන්ඩා හා මම
මුළු දවල් වරැවක් තිස්සේම ඉඳගෙන, -
14:17 - 14:19ගින්දර එක්ක ලොකු වලක් අපිට තිබුණා,
-
14:19 - 14:23මම මෙතෙක් කරපු සෑම දෙයක්ම
මම ඒ ගින්නට විසිකරා. -
14:23 - 14:25එතැන තිබුණා භාෂා 38 ට පරිවර්තනය
වුණු පොතක්, -
14:25 - 14:29ලිපි සිය ගණනක්, DVD ආදි මේ සියලුම දේ.
-
14:29 - 14:30එයින් දේවල් දෙකක් සිදු වුණා.
-
14:30 - 14:35පළමුව අපේ දරැවන් 5 දෙනා අපේ අඩි පාරේ,
අපේ සෙවණැල්ලේ සිටින්නට වීමෙන් නිදහස් වුණා. -
14:35 - 14:38ඒගොල්ලෝ දන්නේ නැහැ මම මොනවාද
කරන්නේ කියලා. -
14:38 - 14:39(සිනහව)
-
14:39 - 14:40එහෙම හොඳයි.
-
14:40 - 14:42මම ඒගොල්ලන්ව කොහාට හෝ ගෙනිහින්
-
14:42 - 14:44කියන්නේ නැහැ, දවසක මේ හැමදේම
ඕගොල්ලන්ගේ කියලා. -
14:44 - 14:45(සිනහව)
-
14:45 - 14:48දරැවෝ 5 දෙනා කිසි දෙයක් දන්නේ නැහැ.
ඒක හොඳයි. -
14:49 - 14:51දෙවැන්න තමයි,
-
14:51 - 14:56අතීත ජයග්‍රහණ නම් මේ නැංගුරමෙන්
මම නිදහස් වුණා. -
14:56 - 15:00මට නිදහස තිබෙනවා සෑම විටම අලුත් දෙයක්
අරඹලා මුල සිට තීරණ ගන්න -
15:00 - 15:02ඒ මාරාන්තික දවස් වලදී.
-
15:02 - 15:04සමහර අය කියාවි,
-
15:04 - 15:06ආහ්, ඔබට දැන් මේ කාලය තිබෙනවා,
මේ මාරාන්තික දවස්, -
15:06 - 15:08ඉතින් ඔබ ගිහින් හැම දෙයක්ම කරනවා.
-
15:08 - 15:10නැහැ, අපි මුහුදු වෙරළවල් වලට ගියා,
-
15:10 - 15:13අපි ගියා සමෝවා හා මාලදිවයිනට හා
මොසැම්බික්වලට, -
15:13 - 15:14ඉතින් ඒක හරි.
-
15:14 - 15:17මම හිමාලයේ කඳු නැඟලා තිබෙනවා.
-
15:17 - 15:20මම හැමර්හෙඩ් මෝරැ බලන්න 60 m යට
කිමිදිලා තිබෙනවා. -
15:20 - 15:25මම චැඩ් සිට ටිම්බක්ටු දක්වා දින 59 ක්
පුරා ඔටුවේක් පිට ගියා. -
15:25 - 15:29මම සුනඛ හිමායනයකින් උත්තර ධ්‍රැවයට ගියා.
-
15:29 - 15:31ඉතින් අපි කාර්යබහුලව සිටියා.
-
15:31 - 15:37ඒකට මම කියන්නේ මගේ හිස්වූ පනිට්ටු
ලැයිස්තුව කියලයි. -
15:37 - 15:37(සිනහව)
-
15:37 - 15:43මේ සංකල්පය තුලින් මේ දින දිහා බලලා
මම කල්පනා කරනවා, -
15:43 - 15:46මම විශ්‍රාමික නැහැ. මම විශ්‍රාමිකයි කියලා
දැනෙන්නේම නැහැ. -
15:46 - 15:48ඉතින් මම අලුත් පොතක් රචනා කරනවා.
-
15:48 - 15:51අපි පසුගිය වසර දෙක තුල සමාගම් තුනක්
ඇරඹුවා. -
15:51 - 15:57මම දැන් වැඩ කරන්නේ මේ නව පාසල් පද්ධතිය
නොමිලයේ ලෝකයට දෙන්නයි. -
15:57 - 16:01ඒත් පුදුමයකට කිසිකෙනෙක් ඒක නොමිලයේ
භාරගන්න ලෑස්ති නැහැ. -
16:01 - 16:02ඉතින් මම අවුරැදු 10ක්ම බැලුවා
-
16:02 - 16:05මේ පාසල් සංකල්පය පොදු පද්ධතිය
තුලට ඇතුළු කිරීමට -
16:05 - 16:07අපට තිබෙන පොදු පාසල්
-
16:07 - 16:13ඒවායේ ලකුණු, ඒවායේ ශ්‍රේණිය
100 න් 43 වෙනුවට -
16:13 - 16:15100 න් 91 ක් පවතින නිසා.
-
16:16 - 16:18ඒත් නොමිලයේ කවුරැත් ඒක භාරගන්න
ලෑස්ති නැහැ. -
16:18 - 16:21ඒ නිසා සමහරවිට අපි ඒකට අය කළොත්
එය සාර්ථක වීමට ඉඩක් ඇති. -
16:21 - 16:25ඒත් අපිට කරන්න අවශ්‍ය දෙයක් තමයි
මේක ලෝකයට දෙන එක. -
16:25 - 16:28ඉතින් මෙයින් පණිවිඩයක් ලෙස ඔබට ලැබන දේ,
-
16:28 - 16:30ඒක ටිකක් මේ වගේ:
-
16:30 - 16:32අපි හැමෝම ඉගෙන ගෙන තිබෙනවා
ඉරිදා රෑ ගිහින් -
16:32 - 16:35ඊ-මේල් යැවීමටයි නිවසේ සිට වැඩ කිරීමටයි.
-
16:35 - 16:37ඒත් අපි ටික දෙනෙක් තමයි ඉගෙනගෙන තිබෙන්නේ
-
16:37 - 16:40සඳුඳා දවල්ට චිත්‍රපටියක් බලන්න යන්නේ
කොහොමද කියලා. -
16:40 - 16:44අපි ප්‍රඥාව සොයනවා නම්, අපි ඒක කරන්නත්
ඉගෙන ගන්න ඕන. -
16:44 - 16:48ඉතින් අපි මේ අවුරැදු ගණනාවක් තිස්සේම
කරපු දේ සරලයි, -
16:48 - 16:51පිට පිට තෙවරක් ඇයි යුනුෙවන් විමසීමේ
කුඩා ෙමවලම භාවිතා කිරීමයි ඒ. -
16:51 - 16:54පළමු ඇයි ප්‍රශ්නයට හොඳ පිළිතුරැ තිබෙනවා.
-
16:54 - 16:56දෙවැනි ඇයි ප්රශ්නයේ සිට ඒක සංකීර්ණ වෙනවා.
-
16:57 - 17:00තෙවැනියට අැයි කියා අසද්දී, අපි දන්නේ නැහැ
අපි කරන දේ කරන්නේ ඇයි කියා. -
17:00 - 17:06මට අවශ්‍ය ඔබට බීජය දෙන්න, අදහස දෙන්න,
මෙය සිදු කළොත්, -
17:06 - 17:09ඔබ එනවා කුමකටද යන ප්‍රශ්නයට.
-
17:09 - 17:11මම මේක කරන්නේ කුමකටද?
-
17:11 - 17:14ඉතින්, මේ හේතුවෙන්, කාලයක් ගත වුණාම
-
17:14 - 17:18මම බලාපොරොත්තු වෙනවා, සහ
ඔබට ප්‍රාර්ථනා කරනවා, -
17:18 - 17:19ඔබට වඩා ප්‍රඥාවන්ත අනාගතයක් ලැබේවා කියලා.
-
17:19 - 17:21ඔබට ගොඩක් ස්තූතියි.
-
17:21 - 17:30(අත්පොළසන්)
-
17:34 - 17:39ක්‍රිස් අැන්ඩර්සන්: ඉතින් රිකාර්ඩෝ,
ඔබට ටිකක් පිස්සු. -
17:39 - 17:41(සිනහව)
-
17:41 - 17:43බොහෝ දෙනෙක්ට මේක පිස්සු කියලා හිතේවි.
-
17:44 - 17:47ඒත් එහි ගැඹුරැ ප්‍රඥාවක් තිබෙනවා.
-
17:47 - 17:50මම ගලපගන්න හදන කොටස් මෙවායි:
-
17:50 - 17:53ඔබේ අදහස් විප්ලවීයයි.
-
17:53 - 17:58නිදසුනක් ලෙස, ව්‍යාපාරයක මේ අදහස්
කලක් තිස්සේ පැවතියත් -
17:59 - 18:01සමහරවිට ඉන් කොටසක් යෙදවූ ව්‍යාපාර
ප්‍රතිශතය -
18:01 - 18:03තවම පහත් අගයක පවතින්නේ.
-
18:04 - 18:06ඔබ දැක තිබෙනවාද අවස්ථා ඇතැම් විශාල
සමාගම් -
18:06 - 18:09ඔබේ යම් අදහසක් ක්‍රියාත්මක කළ ආකාරය
ගැන ඔබ සතුටු වුණු, -
18:09 - 18:12රිකාඩෝ සෙම්ලර්: ඒක සිද්ධ වෙනවා.
මීට දෙසතියකට කලින් එෙහම වුණා -
18:12 - 18:14රිචඩ් බ්‍රැන්සන් එයාගේ පිරිසට පැවසුවා,
-
18:14 - 18:17මට තව දුරටත් ඕගොල්ලන්ගේ නිවාඩු දවස්
පාලනය කරන්න ඕනැ නැහැ, -
18:17 - 18:19නෙට්ෆ්ලික්ස් සමාගමත් ටිකක්
අනුගමනය කරනවා -
18:19 - 18:22ඒත් ඒක එතරම් වැදගත් කියලා
මම හිතන්නේ නැහැ. -
18:22 - 18:26මම ආසයි ඒක තරමක් ධර්මදූත උද්යෝගයකින්
වෙනවා දකින්න, -
18:26 - 18:27ඒත් ඒක පෞද්ගලික අාශාවක්.
-
18:27 - 18:31ඒත් සත්‍යය තමයි පාලනය ගිලිහීම පිළිබඳ
දැඩි විශ්වාසයක් එයට අවශ්‍ය වීම. -
18:32 - 18:35පාලනය අතේ ඇති බොහෝ දෙනෙක්
විශ්වාසය පදනම් පිම්මවල් පනින්න ලෑස්ති නෑ. -
18:35 - 18:37ඒක සිදුවිය යුත්තේ ළමුන්ගෙන් සහ
අනෙක් පුද්ගලයින්ගෙන් -
18:37 - 18:39වෙනස් විදියට සමාගම් අරඹන.
-
18:39 - 18:41ක්‍රි.ඇ: ඉතින් ඒකද වැදගත්ම දේ?
-
18:41 - 18:43ඔබ දකින විදිහට සාක්ෂි තිබෙනවා,
-
18:43 - 18:45ව්‍යාපාරික වශයෙන් මේක සාර්ථකයි
-
18:45 - 18:48ඒත් මිනිසුන්ට ධෛර්යය නැහැ ඒක කරන්න.
-
18:48 - 18:49රි.ෙස: ඔවුන්ට ඊට පෙළඹවීමක්වත් නැහැ.
-
18:49 - 18:53ඔබ සමාගමක් දුවනවා දින 90 ක
නියෝගපත්රයක් මත. -
18:53 - 18:55ඊට කාර්තුවක වාර්තාවක් අවශ්‍යයි.
-
18:55 - 18:57ඔබ දින 90න් සාරථක නැතිනම් එළියට විසිවෙනවා.
-
18:57 - 19:01ඉතින් ඔබ කියනවා, "මෙන්න විශිෂ්ට වැඩසටහනක්
පරම්පරා එකකට අඩුවෙන්---" -
19:01 - 19:03ඒ පුද්ගලයා කියනවා, "යනවා යන්න මෙතැනින්"
-
19:03 - 19:05ඉතින් මේක තමයි ගැටළුව.
-
19:05 - 19:08(සිනහව)
-
19:09 - 19:13ක්‍රි.ඇ: ඔබ අධ්‍යාපනයට කරන්න හදන දේ
සෑහෙන ගැඹුරැ බවයි පේන්නේ, -
19:13 - 19:18සෑම කෙනෙක්ම තමන්ගේ රටේ අධ්‍යාපන
ක්‍රමය ගැන අසතුටින්. -
19:18 - 19:20කවුරැත් සිතන්නේ නැහැ එය තවම ඇවිත්
කියලා ලෝකයකට -
19:20 - 19:23ගූගල් සහ අනෙකුත් තාක්ෂණ පවතින.
-
19:23 - 19:26ඉතින් ඔබට සැබෑ සාක්ෂි තිබෙනවා මෙතෙක්
ඔබේ පද්ධතිය හරහා යන ළමුන්, -
19:26 - 19:29ඔවුන්ගේ හැකියාවේ විස්මයජනක
වර්ධනයක් තිබෙනවා. -
19:29 - 19:32මේ අදහස් ඉදිරියට ගෙනයන්න අපි
කොහොමද ඔබට උදව් කරන්නේ? -
19:32 - 19:36රි.සෙ: මම හිතන්නේ මේක යල්පැන ගිය
අදහස්වල ප්‍රශ්නයක්. -
19:36 - 19:40ඒවගේම මම කවදාවත් මේ දේවල්
පතුරන්න ගියේ නැහැ. -
19:40 - 19:42අපි ඒක එළියට දානවා.
-
19:42 - 19:43එකවරම පුද්ගලයින් හමුවෙනවා--
-
19:43 - 19:46ජපානයේ කණ්ඩායමක් සිටිනවා,
මට ඒ ගැන බයත් හිතෙනවා, -
19:46 - 19:49එගොල්ලන්ට කියන්නේ සෙම්ලරිස්ට්ස්ලා කියලා,
ඒ අයට සමාගම් 120 ක් තිබෙනවා. -
19:50 - 19:52ඒ අය මට ආරාධනා කරලා තිබෙනවා.
ඒත් එහි යන්න මම භය වුණා. -
19:54 - 19:58ඕලන්දයේත් කුඩා ඕලන්ද සමාගම් 600ක් සමඟ
සිටිනවා කණ්ඩායමක්. -
19:59 - 20:01ඒක තනිවම වර්ධනය වන දෙයක්.
-
20:01 - 20:04එහි සමහර දේවල් වරදින්න පුළුවන්,
ඒකට කමක් නැහැ. -
20:04 - 20:06මේක ඊට අයිති තැන සොයා ගනීවි.
-
20:06 - 20:09ඒවගේම මම බය අනික් දේ තමයි
මේ විදියට කියන එක, -
20:09 - 20:11මේක සෑහෙන හොඳ නිසා ඒක
කරන්නම ඕනෑ. -
20:11 - 20:13අපි පද්ධතියක් පටන් අරගෙන
ඊට ගොඩක් ම්ුදල් යොදවමු -
20:13 - 20:15එතකොට කොහොම හරි කට්ටිය ඒක කරයි.
-
20:16 - 20:19ක්‍රි.ඇ: ඉතින් ඔබ ජීවිතය පුරාම අරැමපුදුම
ප්‍රශ්න අසා තිබෙනවා. -
20:19 - 20:22මේ බොහෝ දේ මෙහෙය වූ ඉන්ධනය එය බවයි
මට පෙනී යන්නේ. -
20:22 - 20:27ඔබට අපට වෙනත් ප්‍රශ්න තිබෙනවාද, TED වලට,
මේ රැස් ව සිටින අයට? -
20:28 - 20:32රි.ෙස: මම සෑමවිටම පැමිණෙනවා
එක්තරා ප්‍රශ්නයක විවිධ ස්වරූපයන්ට -
20:32 - 20:35මගේ පුතා වයස තුනේදී මගෙන් ඇසූ.
-
20:35 - 20:39අපි ජකූසියක ඉඳගෙන සිටින විට එයා ඇසුවා,
"තාත්තා, ඇයි අපි ජීවත් වෙන්නේ?" -
20:39 - 20:40ඊට අමතර ප්‍රශ්නයක් නැහැ.
-
20:40 - 20:42කිසිකෙනෙකුට මේ හැර ප්‍රශ්නයක් නැහැ.
-
20:42 - 20:46වයස තුනේ සිට මේ ප්රශ්නය විවිධ ස්වරූපවලින්
අපට ඇති වෙනවා. -
20:46 - 20:52ඉතින් ඔබ සමාගමක, නිලතන්ත්රයක, සංවිධානයක
කාලය ගත කරද්දී, -
20:52 - 20:53ඔබ කියනවා, ෂහ්--
-
20:53 - 20:56ඔබ කී දෙනෙක් දන්නවාද මරණාසන්නයේදී
මෙසේ පැවසූ, -
20:56 - 20:59ෂහ්, මට හිතෙනවා වැඩි කාලයක්
කාර්යාලයේ ගත කරා නම් කියලා? -
20:59 - 21:04ඉතින් මේක මේ මොහොතේ ධෛර්යය
ඇති කර ගැනීමක්, -
21:04 - 21:05සතියකින්, මාස දෙකකින් නෙමෙයි,
-
21:05 - 21:07ලෙඩක් කියලා දන්නා විට නෙමෙයි,
-
21:08 - 21:11පවසන්න, නැහැ, ඇයි මම මේ දේ කරන්නේ?
-
21:11 - 21:13සෑම දෙයක්ම නවත්වන්න. මම වෙන දෙයක් කරන්නම්.
-
21:13 - 21:14ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
-
21:14 - 21:16ඒක ඔබ දැන් කරන දෙයට වඩා යහපත් වේවි,
-
21:16 - 21:19ඔබ ක්‍රියාවලියක සිරවී සිටිනවා නම්.
-
21:20 - 21:23ක්‍රි.ඇ: ඉතින් මට දැනෙන්නේ ඒක ගැඹුරැ හා
ලස්සන විදියක් නිමා කරන්න -
21:23 - 21:25අන්තිම TED දවසට කලින් වූ මෙදිනට.
-
21:25 - 21:27රිකාඩෝ සෙම්ලර්, ඔබට බෙහෙවින්ම ස්තූතියි.
-
21:27 - 21:28රි.සෙ : බොහොම ස්තූතියි.
-
21:28 - 21:29(අත්පොළසන්)
- Title:
- නීති (හැකිතාක් දුරට)නොමැතිව සමාගමක් පාලනය කරන්නේ තෙසේද?
- Speaker:
- රිකාඩෝ සෙම්ලර්
- Description:
-
ඔබේ ජීවිතය ඔබේ රැකියව මඟින් පාලනය කෙරේද? බ්‍රසීලියානු ප්‍රධාන විධායක රිකාඩෝ සෙම්ලර් විප්ලවීය ව්‍යාපාරික ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක කරන්නෙකි. මේ යටතේ, ආයතනික මාණ්ඩලික රැස්වීම් සිට සේවක පිරිස තම නිවාඩු දවස් වාර්තා කරන ආකාරය (එසේ කිරීම අනවශ්‍යයි) දක්වා සියල්‍ර දේ නවතම ආකාරයට සිදු කෙරේ. එය සේවක පිරිසගේ ප්‍රඥාව ඇගයීමට ලක් කරන්නා වූ ද යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීමට දිරි ගන්වන්නා වූ ද දර්ශනයකි. එමඟින් ජීවිතය හා රැකියාව පිළිබඳ ගැඹුරැ අවබෝධයකට මග සැලසේ. බෝනස් ප්රශ්නය: පාඨශාලාද මේ ආකාරයට වූයේ නම්?
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 21:42
Dulini Mudunkotuwa approved Sinhala subtitles for How to run a company with (almost) no rules | ||
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for How to run a company with (almost) no rules | ||
Rathika Fernando edited Sinhala subtitles for How to run a company with (almost) no rules | ||
Rathika Fernando edited Sinhala subtitles for How to run a company with (almost) no rules | ||
Rathika Fernando edited Sinhala subtitles for How to run a company with (almost) no rules | ||
Rathika Fernando edited Sinhala subtitles for How to run a company with (almost) no rules | ||
Rathika Fernando edited Sinhala subtitles for How to run a company with (almost) no rules | ||
Rathika Fernando edited Sinhala subtitles for How to run a company with (almost) no rules |