0:00:03.651,0:00:04.851 ආයුබෝවන් 0:00:05.810,0:00:08.290 මම සිනමා තරුවක්.[br]මට වයස අවුරුදු 51 යි. 0:00:09.588,0:00:11.844 මම තවම තරුණ වෙන බෙහෙත් [br]භාවිතා කරන්නේ නම් නැහැ. 0:00:11.868,0:00:13.084 (සිනහව) 0:00:13.108,0:00:17.148 ඉතින් මම පිරිසිදුයි. එත් මම හැසිරෙන්නේ [br]ඔබලා අවුරුදු 21 ක තරුණයෙක් හැටියට මාව 0:00:17.148,0:00:18.364 සිනමාව තුල දැක්කා වගේමයි. 0:00:19.678,0:00:24.574 මම අලෙවි කරනවා, සිහින. මම ලබා දෙනවා , ආදරය[br]ඉන්දියාවේ ඉන්න මිලියන ගණනක් රසිකයින්ට. 0:00:24.628,0:00:26.794 ඔවුන් විශ්වාස කරන්නේ මම තමයි ලෝකයේ [br]ඉන්න හොඳම 0:00:26.794,0:00:28.994 ආදරවන්තයා කියලා.[br](සිනහව) 0:00:30.068,0:00:32.724 ඔබ කාටවත් නොකියනවානම් මම කියන්නම් මම [br]එහෙම නෙමෙයි කියලා. 0:00:32.748,0:00:34.384 ඒත් මම ඒ විශ්වාසය නැති වෙන්න 0:00:34.384,0:00:35.400 දෙන්නේ නැහැ.[br](සිනහව) 0:00:35.748,0:00:37.364 මම තවත් තේරුම් ගත්ත දෙයක් තමයි, 0:00:37.388,0:00:39.844 මෙතන හුඟ දෙනෙක් ඉන්නවා මම [br]කරපු දේවල් දැක නැති. 0:00:39.868,0:00:41.324 මට ගොඩක් දුකයි ඒගොල්ලන් ගැන. 0:00:41.348,0:00:43.764 (සිනහව) 0:00:43.788,0:00:46.468 (අත්පොළසන්) 0:00:48.828,0:00:52.164 ඒකෙන් සිනමා තරුවක් තමන් ගැන හිතන්න [br]වෙහෙසෙන්න ඕනේ වගේ මම මං ගැන හිතන 0:00:52.188,0:00:53.444 එක අඩුවක් වෙන්නේ නැහැ. 0:00:53.468,0:00:54.524 (සිනහව) 0:00:54.548,0:00:58.164 එතකොටයි මගේ යාළුවෝ දෙන්නා, ක්‍රිස් සහ [br]ජුලියෙට් මෙහෙට මට කතා කළේ, 0:00:58.188,0:00:59.754 අනාගතයේ "මම" ගැන කතාකරන්න. 0:00:59.778,0:01:02.714 ඒත් නිතැතින්ම මම වර්තමානයේ මම [br]ගැනයි කතාකරන්න යන්නේ. 0:01:02.738,0:01:05.058 (සිනහව) 0:01:07.268,0:01:10.044 මොකද මම විශ්වාස කරනවා මනුෂ්‍යත්වය [br]හුඟක් මං වගේ කියලා. 0:01:10.068,0:01:11.284 (සිනහව) 0:01:11.308,0:01:12.684 ඔව් ඔව්. 0:01:12.708,0:01:14.228 මේ වයසට යන සිනමා තරුවක්, 0:01:15.428,0:01:18.004 තමන් වටා තිබෙන නව්‍යතාවයන් එක්ක [br]සටනක යෙදෙන, 0:01:18.028,0:01:20.684 තමන් ඒක හරියට කරන්න ඇති නේද කියලා හිතන, 0:01:20.708,0:01:22.724 සහ තාමත් ඒ හැමදේම මැද දිගටම බැබලෙන්න 0:01:22.748,0:01:24.828 මාර්ගයක් හොයාගන්න උත්සහ කරන. 0:01:25.708,0:01:29.068 මම ඉපදුනේ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ [br]තිබුණු සරණාගත භූමියක. 0:01:29.948,0:01:32.444 මගේ පියා නිදහස වෙනුවෙන් සටන් කළ කෙනෙක්. 0:01:32.468,0:01:35.498 මගේ අම්මා නම් අනිත් අම්මලා වගේ[br]සාමාන්‍ය සටන්කරුවෙක්. 0:01:37.548,0:01:40.564 මුල්ම යුගයේ හෝමෝ සේපියන්ලා වගේ [br] 0:01:40.588,0:01:42.228 අපිත් ජීවත් වෙන්න සටන් කළා. 0:01:42.908,0:01:45.044 මට අවුරුදු 20 ගණන්වල මුල් කාලයේදී 0:01:45.068,0:01:46.804 මගේ මවුපියෝ දෙන්නම නැති වුණා. 0:01:46.828,0:01:50.164 මට දැන් හිතෙනවා මම නොසැලකිලිමත් [br]උනාදෝ කියලා. 0:01:50.188,0:01:51.484 ඒත් -- 0:01:51.508,0:01:54.508 (සිනහව) 0:01:57.028,0:01:58.924 මගේ පියා මියගිය රාත්‍රිය තාම මතකයි. 0:01:58.948,0:02:03.844 මට මතකයි අපේ අසල්වැසියෙකුගේ රියදුරෙක් [br]අපිව රෝහලට අරන් යනවා. 0:02:03.868,0:02:06.684 ඔහු කෙඳිරුවා "මැරිච්ච මිනිස්සුන්ගෙන් [br]සල්ලි ලැබෙන්නේ නෑ". 0:02:06.708,0:02:08.148 ඔහු මග ඇරලා ගියා. 0:02:08.988,0:02:10.884 මට අවුරුදු 14යි එතකොට. 0:02:10.908,0:02:14.364 මම මගේ පියාගේ මිනිය කාරෙකේ පිටුපස සීට් [br]එකෙන් තියලා, අම්මා 0:02:14.388,0:02:15.604 මගේ පසෙකින් තියාගෙන, 0:02:15.628,0:02:18.204 රෝහලේ ඉඳන් ගෙදරට කාරෙක එලවාගෙන ආවා. 0:02:18.228,0:02:21.844 හිමින් අඬන අතර අම්මා මං දිහා බලලා ඇහුවා, 0:02:21.868,0:02:23.668 "පුතේ, ඔයා කවදද එලවන්න ඉගෙන ගත්තේ?" 0:02:26.028,0:02:29.284 මම ඒක ගැන හිතල බලලා අම්මට කිවුවා, 0:02:29.308,0:02:30.604 "මේ දැන් අම්මේ." 0:02:30.628,0:02:32.884 (සිනහව) 0:02:32.908,0:02:34.444 ඉතින් ඒ රාත්‍රියෙන් පස්සේ, 0:02:34.468,0:02:37.164 මනුෂ්‍යත්වයේ නව යොවුන් වියට බෙහෙවින් සමාන 0:02:37.188,0:02:40.508 ජීවත් වීමේ අමු මෙවලම් මම ඉගෙනගත්තා. 0:02:41.148,0:02:44.804 අවංකවම, ඒකාලයේ ජීවිතයේ රාමුව ඉතාම සරලයි. 0:02:44.828,0:02:47.804 ඔබ දන්නවා, ඔබ කෑවේ ලැබුණු දෙයක්. 0:02:47.828,0:02:49.644 කරන්න කියපු ඕනෑම දෙයක් ඔබ ඔහේ කරා. 0:02:49.668,0:02:53.004 මම හිතාගෙන හිටියේ "සිලියැක්" කියන්නේ [br]එළවළුවක් කියලා. 0:02:53.028,0:02:57.564 "වීගන්" කියන්නේ "ස්ටාර් ට්‍රෙක්" හි [br]මිස්ටර් ස්පොක්ගේ නැතිවුණු මිත්‍රයා කියලා. 0:02:57.588,0:02:58.684 (සිනහව) 0:02:58.708,0:03:01.684 ඔබ කසාද බඳින්නේ හමුවුණු පළවෙනි [br]ගෑණු ළමයාවයි, 0:03:01.708,0:03:05.548 ඔබේ කාරයේ කාබ්යුරේටරය හදන්න පුළුවන්නම්[br]ඔබ දක්ෂයෙක්. 0:03:07.108,0:03:10.588 මම හිතුවේ, "ගේ" කියන්නේ සතුටට [br]කියන බර ඉංග්‍රීසි වචනයක් කියලා, 0:03:11.828,0:03:15.084 ඒවගේම "ලෙස්බියන්" කියන්නේ [br]පෘතුගාලයේ අගනුවර කියලා. 0:03:15.108,0:03:16.364 (සිනහව) 0:03:16.388,0:03:17.588 මම කොතනද හිටියේ? 0:03:20.708,0:03:23.044 අපි පෙර පරම්පරා ගණනක් මිනිසුන්ගේ 0:03:23.068,0:03:26.764 දහඩිය මහන්සියෙන් තැනුණු පද්ධති මත යපුනා 0:03:26.788,0:03:28.244 අපිව ආරක්ෂා කරගන්න. 0:03:28.268,0:03:31.924 අපිට දැනුනේ රජය ඇත්තටම අපේ යහපත වෙනුවෙන් [br]වැඩ කරනවා කියලා. 0:03:31.948,0:03:33.884 විද්‍යාව සරලයි ඒවගේම තර්කානුකුලයි. 0:03:33.908,0:03:36.228 "ඇපල්" කියන්නේ එතකොට පළතුරක් විතරයි, 0:03:37.308,0:03:39.244 මුලින් ඒව් පස්සේ නිවුටන්ට අයිති වුණු. 0:03:39.268,0:03:41.604 ස්ටීව් ජොබ්ස්ට නෙමෙයි. 0:03:41.628,0:03:43.324 ඒවගේම "යුරේකා" කිවුවේ නිරුවතින් 0:03:43.348,0:03:45.548 පාරවල් දිගේ දුවන්න ඕනේ වුනහම කෑගහපු වචනය. 0:03:46.228,0:03:49.844 ඔබ ගියේ ජීවිතය ඔබව අරන් ගිය දිසාවට. 0:03:49.868,0:03:51.948 මිනිසුන් හුඟ වෙලාවට ඔබව සාදරයෙන් [br]පිළිගත්තා. 0:03:52.588,0:03:54.564 සංක්‍රමණය ඒකාලේ තිබුණු වචනයක්, 0:03:54.588,0:03:57.148 සයිබිරියන් කොක්කු වෙනුවෙන්. 0:03:57.988,0:04:00.844 වැදගත්ම දේ, ඔබ ඔබම වුණා. 0:04:00.868,0:04:02.708 ඔබ පැවසුවේ ඔබ සිතු දේ. 0:04:03.388,0:04:04.644 මට අවුරුදු 20 අග බාගයේ, 0:04:04.668,0:04:08.404 මම මුම්බායි නගරයට ආවා. 0:04:08.428,0:04:09.764 එවිට මගේ රාමුව, 0:04:09.788,0:04:13.084 අලුතින් කාර්මිකකරණය වූ අභිලාෂවත් [br]මනුෂ්‍යත්වය වගේ 0:04:13.108,0:04:14.308 වෙනස්වෙන්න පටන්ගත්තා. 0:04:14.948,0:04:17.548 වඩා හොඳ පැවැත්මක් වෙනුවෙන් වූ නාගරික [br]කඩිමුඩියත් එක්ක 0:04:18.387,0:04:20.404 වෙනස් ආකාරයකට දේවල් පෙනෙන්නට ගත්තා. 0:04:20.428,0:04:23.228 ලෝකයේ හැම තැනින්ම පැවතගෙන ආ [br]මිනිසුන් මට මුණගැහුණා. 0:04:24.148,0:04:27.364 විවිධ මුහුණු, ජාතීන්, ස්ත්‍රී, පූරුෂයින්,[br]පොලීකරුවන්. 0:04:27.388,0:04:29.508 අර්ථ දැක්වීම් වඩාත් පැහැදිලි වුණා. 0:04:30.268,0:04:32.628 තම කාර්යයන් තමන්ව අර්ථකථනය කළා 0:04:33.388,0:04:36.044 ඒ කාලයේ ඉතා දැඩි ලෙස. 0:04:36.068,0:04:38.924 හැම පද්ධතියක්ම විශ්වාස කල නොහැකි [br]ඒවා කියලා මට දැනෙන්න ගත්තා. 0:04:38.948,0:04:42.084 මිනිස් වර්ගයාගේ විවිධත්වයත්, දියුණුව 0:04:42.108,0:04:44.084 සහ වර්ධනය වීමට ඇති අවශ්‍යතාවයත් 0:04:44.108,0:04:46.148 ඒවාට දරාගැනීම අපහසුයි. 0:04:47.508,0:04:50.428 අදහස් ගලා අවේ නිදහසේ, වේගයෙන්. 0:04:51.388,0:04:56.724 මිනිසාගේ නව නිපැයුම් සහ සහයෝගිතාවයේ [br]සහ මගේම නිර්මානශිලිත්වයේ 0:04:56.748,0:04:58.164 ආශ්චර්යය මම අත්දුටුවා. 0:04:58.188,0:05:02.684 සාමුහික ප්‍රයත්නයන්ගේ සහය මාව 0:05:02.708,0:05:04.548 සුපිරි තරුවක් තත්වයට ඔසවා තැබුවා. 0:05:05.148,0:05:07.564 මම එතනට ළඟාවෙලා බව දැනෙන්න ගත්තා. 0:05:07.588,0:05:11.084 මට වයස අවුරුදු 40 වෙනකොට මම දියුණුවේ [br]හිනිපෙත්තටම නැගලා හිටියේ. 0:05:11.108,0:05:12.364 හැම තැනම දැක්කේ මාව. 0:05:12.388,0:05:14.404 ඔබ දන්නවද? ඒ වෙනකොට මම චිත්‍රපටි [br]50ක් වගේම 0:05:14.428,0:05:16.028 සින්දු 200ක් කරලා තිබ්බේ. 0:05:16.788,0:05:19.044 මැලේසියාවෙන් නයිට් පදවියකුත් ලැබුනා. 0:05:19.068,0:05:22.364 ප්‍රංශ රජයෙන් මට ඉහළම සිවිල් ගෞරව [br]සම්මානය ලැබුනා. 0:05:22.388,0:05:25.724 එහි නම මට දැනටත් කියවගන්න බැහැ. 0:05:25.748,0:05:26.804 (සිනහව) 0:05:26.828,0:05:30.244 මට සමාවෙන්න ප්‍රංශය. ස්තුතියි [br]එය මට ලබාදුන්නාට. 0:05:30.268,0:05:33.604 ඊටත් වඩා මට ඇන්ජලීනා ජොලීව [br]මුණගැහෙන්න ලැබුනා. 0:05:33.628,0:05:36.364 (සිනහව) 0:05:36.388,0:05:37.884 තත්පර දෙකහමාරකට. 0:05:37.908,0:05:39.204 (සිනහව) 0:05:39.228,0:05:41.924 මට විශ්වාසයි ඇයට ඒක මතක ඇති. 0:05:41.948,0:05:43.164 ඔව්, නැතුවත් ඇති. 0:05:43.188,0:05:46.724 මම හනා මොන්ටානා ළඟ ඉඳගත්තා රවුම් [br]රාත්‍රී කෑම මේසයක. 0:05:46.748,0:05:48.788 ගොඩක් වෙලාවට ඇය මට පිටුපස හරවාගෙන සිටියේ. 0:05:49.588,0:05:51.828 මම කිවුවා වගේ මම මයිලිගෙන් ජොලී වෙත පියාඹමින් සිටියේ. 0:05:52.748,0:05:56.004 එවිට මනුෂ්‍යත්වය මාත් සමගම ඉහළ [br]නගිමින් සිටියේ. 0:05:56.028,0:05:58.708 ඇත්තටම ප්‍රමාණය ඉක්මවා ඉහළ නගිමින් හිටියේ. 0:05:59.268,0:06:00.988 ඊටපස්සේ වුනදේ ඔයාලා දන්නවා. 0:06:01.508,0:06:02.748 ඊටපස්සේ අන්තර්ජාලය ආවා. 0:06:03.748,0:06:05.684 මම හිටියේ වයස 40 අග බාගයේ. 0:06:05.708,0:06:08.348 මම ට්විටර් පණිවිඩ දාන්න ගත්තා, [br]කූඩු කරලා ඉන්න 0:06:09.268,0:06:12.244 කුරුල්ලෙක් වගේ. මම හිතුවේ මං ගැන [br]උනන්දු වෙන අය 0:06:12.268,0:06:13.524 ඒවා අගය කරයි කියලා, 0:06:13.548,0:06:15.644 මම විශ්වාස කරපු ආශ්චර්යය වෙනුවෙන්. [br]ඒත් වෙන 0:06:15.668,0:06:17.868 දෙයක් මමයි මනුෂ්‍යත්වයයි [br]වෙනුවෙන් බලා සිටියා. 0:06:18.748,0:06:23.644 ඔබ දන්නවා, අපි බලාපොරොත්තු වුනේ ලෝකයේ [br]දියුණුවන සම්බන්ධතා එක්ක මිනිසුන්ගේ 0:06:23.668,0:06:26.268 අදහස්, සිහින යහපත් අයුරින් [br]වර්ධනයවෙයි කියලා. 0:06:27.028,0:06:33.508 අපි ඉල්ලුවේ නැහැ නිදහස සහ විප්ලවය සිදුවන 0:06:34.708,0:06:36.724 තැනින්ම ගලා ආ 0:06:36.748,0:06:38.884 සංවෘත වුණු සිතුවිලි, විනිශ්චයන්, 0:06:38.908,0:06:41.148 සහ අර්ථකතනයන්. 0:06:42.508,0:06:44.270 මම කියපු හැම දෙයක්ම අලුත් තේරුමක් 0:06:44.908,0:06:46.868 ගත්තා. මම කරපු හැම දෙයක්ම, හොඳ, නරක, 0:06:47.828,0:06:51.164 කැත, තිබුනේ මිනිස්සුන්ට අදහස් දක්වන්න, [br]විනිශ්චය කරන්න. 0:06:51.188,0:06:53.788 ඒනිසාම මම නොකියපු, නොකරපු දේවල්වලට පවා 0:06:54.588,0:06:55.788 අත්වුණේ ඒ ඉරණමමයි. 0:06:56.708,0:06:57.908 අවුරුදු 4කට කලින්, 0:06:58.948,0:07:02.908 මමයි, මගේ බිරිඳ ගෞරියි තීරණය කළා, අපේ [br]තුන්වෙනි දරුවා බිහිකරන්න. 0:07:03.988,0:07:05.668 අන්තර්ජාලයේ තිබුනේ ඒ 0:07:06.788,0:07:08.884 අවුරුදු 15ක් වෙච්ච 0:07:08.908,0:07:10.108 අපේ පළවෙනි දරුවාගේ 0:07:10.708,0:07:11.988 වරදින් හදාගත් දරුවා කියලා. 0:07:12.788,0:07:15.884 තිබුණු විදිහට, ඔහු අයුතු සම්බන්දකමක් [br]ඇතිකරගෙන ගැහැණු ළමයෙක් 0:07:15.908,0:07:18.108 එක්ක, රෝමෙනියාවේදී ඇයගේ වාහනය එලවනගමන්. 0:07:18.988,0:07:21.188 ඔව් ඒකට ගැලපෙන්න බොරු වීඩියෝවක් [br]හදල තිබුනා. 0:07:21.628,0:07:23.444 අපි හුඟාක් කලබල වුණා පවුලක් හැටියට. 0:07:23.468,0:07:24.724 වයස 19ක් වුණු මගේ පුතා, 0:07:24.748,0:07:26.564 තාමත් ඔබ ඔහුට හෙලෝ කිවුවොත්, 0:07:26.588,0:07:28.044 ඔහු පසුපස හැරිලා කියන්නේ, 0:07:28.068,0:07:30.764 "ඒත් මට යුරෝපීය රියදුරු බලපත්‍රයක්වත් [br]තිබුනේ නෑනේ". 0:07:30.788,0:07:33.244 (සිනහව) 0:07:33.268,0:07:34.548 ඔව්. 0:07:35.028,0:07:36.724 මේ අලුත් ලෝකයේ, 0:07:36.748,0:07:40.124 හිමින්සැරේ යතාර්ථය බොරුවත්, බොරුව [br]යතාර්ථයත් බවට පත්වුණා. 0:07:40.148,0:07:41.804 මට දැනෙන්න පටන්ගත්තා 0:07:41.828,0:07:45.364 මට මට ඕනේ කෙනා බවට පත්වෙන්නත් මට[br]හිතෙන දේ කියන්නත් බෑ කියලා. 0:07:45.388,0:07:47.188 මෙදා සැරේ මනුෂ්‍යත්වයත් 0:07:48.308,0:07:50.244 මං වගේම වෙලා. 0:07:50.268,0:07:53.268 මම හිතන්නේ අපි දෙන්නම, ගතකරන්නේ [br]මැදිවියේ අර්බුදයයි. 0:07:54.308,0:07:58.404 මනුෂ්‍යත්වයත් මං වගේම ප්‍රමාණයට වඩා [br]නිරාවරණය වුණු චංචල වූ පොරක් වෙමින් සිටියා. 0:07:58.428,0:08:00.124 මම අලෙවි කරන්න පටන්ගත්තා හැමදෙයක්ම, 0:08:00.148,0:08:03.044 හිසේ ගාන තෙල් සිට ඩීසල් ජෙනරේටර් දක්වා. 0:08:03.068,0:08:05.084 මනුෂ්‍යත්වය හැමදේම මිලදී ගනිමින් සිටියා, 0:08:05.108,0:08:07.484 බොර තෙල්වල සිට රසායනික [br]ප්‍රතික්‍රීයක දක්වා. 0:08:07.508,0:08:11.484 ඔබ දන්නවද? මම ඇඟටම හිරවුණු සුපිරි [br]වීරයින්ගේ ඇඳුමකුත් අඳින්න උත්සහ කළා, 0:08:11.508,0:08:13.548 මාව නැවත කරලියට ගේන්න. 0:08:14.268,0:08:16.228 මම පිළිගන්න ඕනේ, මම අසමත් වුනා එයින්. 0:08:17.028,0:08:22.044 මම කියන්න ඕනේ ලෝකයේ ඉන්න හැම [br]බැට් මෑන්, ස්පයිඩර් මෑන් 0:08:22.068,0:08:24.164 සහ සුපර් මෑන් කෙනෙක්ම වෙනුවෙන්, 0:08:24.188,0:08:26.044 ඔබ සැමදෙනාම ඔවුන්ට ප්‍රශංසා කරන්න ඕනේ, 0:08:26.068,0:08:28.844 මොකද ඒ සුපිරි වීර ඇඳුම ඇඳන් [br]ඉන්න හරිම අමාරුයි. 0:08:28.868,0:08:29.924 (සිනහව) 0:08:29.948,0:08:32.428 ඔව් මම අවංකවමයි කියන්නේ මේ වෙලාවේ. 0:08:33.948,0:08:35.164 ඇත්තටම. 0:08:35.188,0:08:38.724 මම අහම්බෙන් අලුත් නර්තන [br]විලාශයකුත් හොයාගෙන තිබුනා, 0:08:38.748,0:08:40.883 මටවත් තේරුනේ නැති. [br]ඒක ගොඩක් ජනප්‍රිය වුණා. 0:08:40.907,0:08:42.123 ඉතින් කමක් නැත්තන්, 0:08:42.147,0:08:45.324 ඔබ මාව ටිකක් දැකලා තියෙන නිසා, වැඩි [br]ලැජ්ජාවක් නැතුව, මං ඔයාලට 0:08:45.348,0:08:46.804 පෙන්නන්නම්. ඒක ලුන්ගි ඩාන්ස්. 0:08:46.828,0:08:49.924 කමක් නැත්තන් මම කරලා පෙන්නන්නම්. [br]නැත්තන් මම දක්ෂයි මීට වඩා. 0:08:49.948,0:08:51.164 (ඔල්වරසන්) 0:08:51.188,0:08:53.268 ඒක මේවගේ එකක්. 0:08:53.868,0:08:56.284 ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්.[br]ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. 0:08:56.308,0:08:58.724 ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්.[br]ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. 0:08:58.748,0:09:01.404 ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්.[br]ලුන්ගි ඩාන්ස්. ලුන්ගි. 0:09:01.428,0:09:03.084 එච්චරයි. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. 0:09:03.108,0:09:04.404 (ඔල්වරසන්) 0:09:04.428,0:09:05.628 ඔව් ඇත්තෙන්ම. 0:09:07.948,0:09:11.604 ඔබලා දකින්න ඇති, කාටවත් තේරුනේ නෑ මොකක්ද [br]මේ වෙන්නේ කියලා, මට ඇරෙන්න. 0:09:11.628,0:09:13.244 මම මුකුත් කරේ නෑ ඇත්තටම. 0:09:13.268,0:09:15.484 මොකද මුළු ලෝකයම, මුළු මනුෂ්‍යත්වයම, 0:09:15.508,0:09:17.428 මං වගේම ව්‍යාකුල වෙලා අතරමං වෙලා. 0:09:18.548,0:09:19.804 ඒත් මම ඇත ඇරලා දැම්මේ නෑ. 0:09:19.828,0:09:22.604 මම උත්සහ කළා මගේ අනන්‍යතාවය නැවත [br]ගොඩනගන්න සමාජ මාධ්‍යය 0:09:22.628,0:09:23.884 ඔස්සේ. අනිත් අය වගේ. 0:09:23.908,0:09:26.644 මම හිතුවා, මම දාර්ශනික [br]ට්විටර් පණිවිඩ දැම්මොත්, 0:09:26.668,0:09:28.244 මිනිස්සු හිතයි මම ඒවගේ කියලා. 0:09:28.268,0:09:30.844 ඒත් ඒ පණිවිඩ සමග තිබුණු [br]සමහරුන්ගේ අදහස් දැක්වීම්, 0:09:30.868,0:09:34.204 හරිම ව්‍යාකුල කෙටි යෙදුම් මට [br]තේරුනේ නැති. ඔබ දන්නවාද? 0:09:34.228,0:09:36.284 ROFL, LOL. 0:09:36.308,0:09:40.604 මගේ අදහස් උද්ධීපනය කරන ට්විටර් පණිවිඩයකට [br]කෙනෙක් ලියලා තිබුනා, "අඩිඩාස්" කියලා. 0:09:40.628,0:09:42.964 මම කල්පනා කළා ඇයි [br]සපත්තුවක් ගැන කියන්නේ කියලා. 0:09:42.988,0:09:45.884 මම කිවුවේ, ඇයි මට අනිත් පැත්තට[br]සපත්තුවක නමක් කියන්නේ? 0:09:45.908,0:09:48.764 ඉතින් මම මගේ අවුරුදු 16යේ දුවගෙන් ඇහුවා, [br]ඇය මට කියලා දුන්නා 0:09:48.788,0:09:51.748 "අඩිඩාස්" කියන්නේ "දවසෙම මම සිහින [br]දකින්නේ ලිංගිකත්වය ගැන". 0:09:52.308,0:09:54.564 (සිනහව) 0:09:54.588,0:09:55.884 ඇත්තටම. 0:09:55.908,0:09:57.404 මම දන්නේ නෑ ඔයාලා දන්නවද කියලා. 0:09:57.428,0:10:02.004 ඉතින් මම අනිත් අතට ලියුවා "WTF" කියලා [br]මිස්ටර් අඩිඩාස්ට. 0:10:02.028,0:10:06.468 මම හිතින් ස්තුතිවන්ත වුනා සමහර කෙටි [br]යෙදුම් වෙනස් නොවෙන නිසා. 0:10:07.188,0:10:08.388 WTF 0:10:10.188,0:10:11.508 ඒත් අපි ඉන්නේ මෙතන. 0:10:12.388,0:10:14.084 මට අවුරුදු 51යි, ඔයාලට කිවුවා වගේ, 0:10:14.108,0:10:17.684 කොහොම උනත් මනස විකෘති [br]කරන කෙටි යෙදුම් අතරේ. 0:10:17.708,0:10:19.004 මට ඔයාලාට කියන්න ඕනේ වුනේ 0:10:19.028,0:10:22.244 මනුෂ්‍යත්වයට පවතින්න වැදගත්ම [br]වෙලාවක් තිබුනානම් 0:10:22.268,0:10:23.884 ඒ දැනුයි. 0:10:23.908,0:10:26.148 මොකද වර්තමානයේ ඔබ නිර්භීතයි. 0:10:27.308,0:10:28.644 වර්තමානයේ ඔබ පැතුම් සහගතයි. 0:10:28.668,0:10:31.964 වර්තමානයේ ඔබ නව්‍යයි, [br]විචක්ෂනශීලියි. 0:10:31.988,0:10:35.228 සහ ඇත්තෙන්ම වර්තමානයේ ඔබ [br]කරදරකාරී ලෙස අසීමිතයි. 0:10:36.308,0:10:37.948 මේ සිත් වසඟ කරවනසුලු 0:10:38.788,0:10:40.724 පැවැත්මේ අසම්පුර්ණ මොහොතක 0:10:40.748,0:10:43.324 මම මෙතනට එන්න ටිකකට කලින් නිර්භීතව 0:10:43.348,0:10:46.348 මගේ මුහුණ දිහා හොඳින් බලන්න හිතුවා. 0:10:47.668,0:10:51.324 එතකොටයි මට තේරුනේ මම ටිකෙන් ටික[br]මැඩම් ටුසාඩ්ගේ කෞතුකාගාරයේ 0:10:51.348,0:10:53.764 තියෙන මගේ ඉටි රූපය වගේ වෙන්න යනවා කියලා. 0:10:53.788,0:10:56.044 (සිනහව) 0:10:56.068,0:10:58.564 ඔව්, ඒක දැනුනු මොහොතේ 0:10:58.588,0:11:02.828 මම ඇහුවා මනුෂ්‍යත්වයටත් මටත් තියෙන[br]වඩාත් ප්‍රධානම උචිතම ප්‍රශ්නය. 0:11:04.268,0:11:06.148 මම මගේ මුහුණ හදාගන්න ඕනෙද? 0:11:07.388,0:11:10.724 ඇත්තෙන්ම මම නළුවෙක් මම ඔයාලට කිවුවා වගේ. 0:11:10.748,0:11:14.124 මිනිස් නිර්මානශීලිත්වයේ නූතන ප්‍රකාශනයක්. 0:11:14.148,0:11:15.684 මගේ භුමිය 0:11:15.708,0:11:20.668 තේරුම් කිරීම අපහසු ඒත් බොහොම [br]සරල ආධ්‍යාත්මයේ නිජබිමයි. 0:11:21.868,0:11:23.548 එහි ඉමහත් පරිත්‍යාගශීලිත්වය නිසා 0:11:24.388,0:11:27.124 ඉන්දියාව තීරණය කළා කොහොමහරි 0:11:27.148,0:11:31.124 නිදහස් සටන්කරුවෙකුගේ [br]මුස්ලිම් පුතෙක් වුනු මාව, 0:11:31.148,0:11:34.988 වැරදීමකින්, සිහින අලෙවි කරන [br]ව්‍යාපාරයට අතගැසූ මාව, 0:11:35.908,0:11:39.828 එහි ආදරයේ රජු බවට පත් කරන්න. 0:11:40.828,0:11:43.188 "බොලිවුඩයේ සක්විති රජු", 0:11:43.868,0:11:46.628 මේ භුමිය මෙතෙක් දැක ඇති [br]ශ්‍රේෂ්ඨතම ආදරවන්තයා, 0:11:47.508,0:11:48.708 මේ මුහුණත් එක්ක. 0:11:49.228,0:11:50.444 ඔව්. 0:11:50.468,0:11:51.564 (සිනහව) 0:11:51.588,0:11:54.484 තවත් මේ මුහුණම, කැත, සාම්ප්‍රදායික නැති, [br]පුදුමසහගත ලෙස, 0:11:54.508,0:11:56.324 රසවත්ද නැති කියලා නම් කර තිබුනා. 0:11:56.348,0:11:59.228 (සිනහව) 0:12:01.668,0:12:04.004 මේ පුරාණ භුමියේ මිනිසුන්, 0:12:04.028,0:12:06.444 මාව ඔවුන්ගේ අසීමිත ආදරයෙන් වැළඳගත්තා. 0:12:06.468,0:12:08.148 මම මේ මිනිසුන්ගෙන් ඉගෙන ගත්තා, 0:12:09.028,0:12:11.388 බලයටවත් දුප්පත්කමටවත් [br]ඔබේ ජීවිතය වැඩියෙන් 0:12:12.228,0:12:13.924 ආශ්චර්යවත් හෝ අඩුවෙන් කරදරකාරී හෝ 0:12:13.948,0:12:15.228 කරන්න බෑ කියලා. 0:12:15.948,0:12:18.564 මම මගේ රටේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්තා. 0:12:18.588,0:12:20.684 ජීවිතයක, මනුෂ්‍යයෙකුගේ, 0:12:20.708,0:12:24.308 සම්ප්‍රදායක, ආගමක, රටක ගරුත්වය 0:12:25.348,0:12:27.228 සැබෑවටම පවතින්නේ එහි 0:12:28.388,0:12:29.828 කරුණාවන්ත වීමේ හැකියාව මතයි. 0:12:30.508,0:12:32.588 මම ඉගෙනගෙන තියෙනවා ඔබව සසල කළ හැකි 0:12:33.268,0:12:35.964 යමක් නිර්මාණය කරන්නට පෙළඹවිය හැකි 0:12:35.988,0:12:37.644 ඔබව වැටෙන්න දෙන්නේ නැතුව තියන 0:12:37.668,0:12:39.924 ඔබට ජීවත් වෙන්න උදවු කරන දෙය 0:12:39.948,0:12:44.324 මිනිස් වර්ගයා දන්නා පැරණිම සහ සරලතම හැගීම විය හැකියි. 0:12:44.348,0:12:46.228 ඒ තමයි ආදරය. 0:12:47.508,0:12:50.404 මගේ භුමියේ සිටි එක් ගුප්ත කවියෙකුගේ [br]ප්‍රසිද්ධ කියමනක් තමයි, 0:12:50.428,0:12:51.594 (හින්දි බසින් කවියක්) 0:13:01.108,0:13:02.764 (කවිය අවසන් වෙයි) 0:13:02.788,0:13:05.364 එය සරලව පරිවර්තනය වෙන්නේ, 0:13:05.388,0:13:07.464 ඔව් ඔබ හින්දි දන්නවානම් අත්පොලසන් දෙන්න, 0:13:07.488,0:13:08.924 ඔව්.[br](අත්පොලසන්) 0:13:08.948,0:13:10.472 හරි අමාරුයි මතක තියාගන්න. 0:13:11.428,0:13:14.004 එය සරලව පරිවර්තනය වෙනවා ඇත්තටම, 0:13:14.028,0:13:16.484 ඔබ දැනුම අඩංගු පොත් සියල්ල කියවලා 0:13:16.508,0:13:19.404 ඔබ ඒ දැනුම 0:13:19.428,0:13:22.764 නව නිපැයුම් මගින්, නිර්මානශිලීත්වය මගින්, [br]තාක්ෂණය මගින් යෙදෙවුවත්, 0:13:22.788,0:13:25.924 මනුෂ්‍ය වර්ගයා කවදාවත් ඔහුගේ අනාගතය [br]ගැන ඥානවන්ත නොවේවි, 0:13:25.948,0:13:32.068 එයත් සමඟ තමන්ගේ වර්ගයා ගැන ආදරය, [br]කරුණාවත් මුසු වී නැත්නම්. 0:13:32.708,0:13:36.284 "ප්‍රේම්" කියන වචනය නිර්මාණය [br]කරන හෝඩි දෙකහමාර, 0:13:36.308,0:13:37.724 ඒකියන්නේ ආදරය, 0:13:37.748,0:13:39.644 ඔබට එය තේරුම්ගත හැකිනම්, 0:13:39.668,0:13:41.244 එය පුහුණු විය හැකිනම්, 0:13:41.268,0:13:44.468 එපමණක් ඇති මනුෂ්‍ය වර්ගයාට [br]ප්‍රඥයාව ලබාදෙන්න. 0:13:45.308,0:13:47.188 මම ඇත්තටම විශ්වාස කරනවා අනාගතයේ "ඔබ" 0:13:48.148,0:13:49.828 ආදරය දෙන කෙනෙක් විය යුතුයි. 0:13:50.628,0:13:52.668 එසේ නොවේනම් එය සමෘධිමත් නොවේවි. 0:13:53.628,0:13:56.988 එය ඉපදුනුතැනම මැරිලා යාවී. 0:13:58.508,0:13:59.948 ඉතින් ඔබට පුළුවන් ඔබේ බලය 0:14:00.668,0:14:02.364 පාවිච්චි කරලා තාප්ප බඳින්න, 0:14:02.388,0:14:03.828 මිනිසුන් වෙන්කරලා තියන්න. 0:14:05.148,0:14:08.948 එහෙම නැත්තන් ඔබට පුළුවන් එය පාවිච්චි කර, [br]බාධක බිඳ ඔවුන් සාදරයෙන් පිළිගන්න. 0:14:10.028,0:14:11.804 ඔබට ඔබේ විශ්වාසය භාවිතා කරන්න පුළුවන් 0:14:11.828,0:14:13.268 මිනිසුන්ව බියගන්වන්න. 0:14:14.348,0:14:16.108 බියගන්වා ඔවුන්ව ඉදිරියට යවන්න. 0:14:17.228,0:14:19.684 නැත්තන් එය භාවිතා කරන්න පුළුවන් [br]ඔවුන්ට ධෛර්යය දෙන්න 0:14:19.708,0:14:23.444 ජීවිතයේ ඉහළම තැන්වලට යන්න. 0:14:23.468,0:14:25.404 ඔබට ඔබේ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් 0:14:25.428,0:14:28.764 රසායනික බෝම්බ සාදා විනාශයේ අඳුර පතුරුවන්න. 0:14:28.788,0:14:32.548 නැත්තන් එය භාවිතා කරන්න පුළුවන් මිලියන [br]ගණනක් දෙනාට එළිය ලබාදෙන්න. 0:14:33.548,0:14:37.564 ඔබට පුළුවන් අසංවේදීව සාගරය අපවිත්‍ර [br]කරන්න, ගස් කපලා වනාන්තර විනාශ කරන්න. 0:14:37.588,0:14:40.004 ඔබට විනාශකරන්න පුළුවන් පරිසර පද්ධතිය 0:14:40.028,0:14:42.204 නැත්තන් ඔවුන් දිහා ආදරයෙන් බලා 0:14:42.228,0:14:44.468 ජලයෙන් සහ ගස්වලින් නැවත [br]ජීවය නිර්මාණය කරන්න. 0:14:45.468,0:14:47.244 ඔබට පුළුවන් අඟහරු ලෝකයට ගිහින් 0:14:47.268,0:14:49.028 එහි සන්නද්ධ බලකොටු තනන්න. 0:14:50.668,0:14:55.588 නැත්තන් ඔබට හොයන්න පුළුවන් ජීවය සහ එයින් [br]යමක් ඉගෙනගන්න, ගෞරව කරන්න. 0:14:56.428,0:15:00.164 ඔබට පුළුවන් ඔබ ඉපයූ ධනය පාවිච්චිකර 0:15:00.188,0:15:01.748 නිරර්ථක යුද්ධවලට සහය දෙන්න, 0:15:03.108,0:15:06.004 පුංච් ළමයි අතට තුවක්කු දෙන්න 0:15:06.028,0:15:07.388 එකිනෙකා මරාගන්න. 0:15:08.468,0:15:09.668 නැත්තන් පුළුවන් ඒවායින් 0:15:10.428,0:15:12.164 වැඩිපුර කෑම හදලා 0:15:12.188,0:15:13.588 ඔවුන්ගේ බඩ පුරවන්න. 0:15:14.668,0:15:16.324 මගේ රට මට උගන්වලා තියෙනවා 0:15:16.348,0:15:20.708 මනුෂ්‍යයෙක්ට ආදරය කරන්න ඇති හැකියාව [br]භාක්තිවන්තකමට සමානයි කියලා. 0:15:21.748,0:15:26.204 එය හැම අතම බබලනවා, 0:15:26.228,0:15:31.308 ශිෂ්ටාචාරය දැනටමත් ප්‍රමාණයට වඩා [br]පළුදු වුනු ලෝකයක. 0:15:32.668,0:15:35.404 පහුගිය දවස්වල, මෙහි තිබුණු දේශන, ඇවිත් 0:15:35.428,0:15:37.164 තම හැකියා පෙන්වූ ලස්සන මිනිසුන් 0:15:37.188,0:15:40.524 තමන් ලැබූ ජයග්‍රහණ, නව නිර්මාණ, [br]තාක්ෂණය ගැන කතාකරන, 0:15:40.548,0:15:43.884 අපි මෙතැනදී ලබන විද්‍යාව සහ දැනුම, 0:15:43.908,0:15:46.684 TED දේශනවලදී සහ ඔබ සැවොම, 0:15:46.708,0:15:49.724 අනාගතයේ "අපි" සැමරීමට ඇතිතරම් වන හේතුයි. 0:15:49.748,0:15:51.228 එත් ඒ සැමරීම තුල 0:15:52.388,0:15:55.948 අප තුල ආදරය සහ කරුණාව රෝපණය කරන ගමන 0:15:57.388,0:16:00.428 පෙනෙන්නට තියෙන්න ඕනේ.[br]පෙනෙන්නට තියෙන්න ඕනේ. 0:16:01.148,0:16:02.988 ඒහා සමානවම. 0:16:03.948,0:16:06.188 ඉතින් මම විශ්වාසකරනවා අනාගතයේ "ඔබ" 0:16:07.028,0:16:08.308 අසීමිතයි. 0:16:09.228,0:16:11.788 ඒකට ඉන්දියාවේදී කියන්නේ චක්‍රය කියලා, [br]රවුම වගේ. 0:16:12.828,0:16:15.668 එය නවතින්නේ එය පටන්ගන්න තැනදීමයි, [br]ගමන සම්පුර්ණ කරන්න. 0:16:17.068,0:16:20.764 කාලයත් අවකාශයත් වෙන්කර හඳුනාගතහැකි ඔබට 0:16:20.788,0:16:22.108 තේරුම්ගත හැකියි 0:16:24.868,0:16:28.188 ඔබගේ ඇදහිය නොහැකි, 0:16:29.508,0:16:31.924 ආකර්ශනීය වැදගත්කම 0:16:31.948,0:16:37.548 සහ මේ අති විශාල විශ්වය හා සලකන විට ඔබගේ [br]සම්පුර්ණ නොවැදගත්කම යන දෙකම. 0:16:38.668,0:16:40.148 මනුෂ්‍යත්වයේ සැබෑ අහිංසක කමට 0:16:40.948,0:16:42.804 ඔබට නැවත ආ හැකියි. 0:16:42.828,0:16:44.908 හදවතින්ම නොකැළැල්ව ආදරය කළ හැකියි. 0:16:45.748,0:16:48.068 සත්‍යයේ ඇස් දෙකෙන් ලෝකය දැකිය හැකියි. 0:16:49.308,0:16:54.908 නොකැළැල් මනසක පැහැදිලි බවින්[br]සිහින දැකිය හැකියි. 0:16:56.268,0:16:57.588 අනාගතයේ "ඔබ" 0:16:58.548,0:17:00.108 තමන් සමඟ සම්පුර්ණයෙන්ම 0:17:01.068,0:17:04.004 ආදරයෙන් බැඳී සිටින ලෝකයක් තිබිය හැකියි 0:17:04.028,0:17:06.803 කියන විශ්වාසය තියාගෙන ඉන්න 0:17:06.828,0:17:09.844 වයසට යන සිනමා තරුවක් වගේ, 0:17:09.868,0:17:11.068 විය යුතුයි. 0:17:11.947,0:17:15.244 ලෝකයක් -- ඇත්තටම, ඒ ඔබ විය යුතුයි 0:17:15.268,0:17:17.204 තමන් තමන්ගේ හොඳම ආදරවන්තයා වන 0:17:17.227,0:17:19.028 ලෝකයක් බිහි කරන. 0:17:20.028,0:17:21.844 මම විශ්වාස කරනවා නෝනාවරුනි මහත්වරුනි, 0:17:21.868,0:17:23.404 ඒ තමයි අනාගතයේ "ඔබ" විය යුත්තේ. 0:17:23.427,0:17:24.884 බොහොම ස්තුතියි. 0:17:24.908,0:17:26.124 ශුක්රියා. (ස්තුතියි) 0:17:26.148,0:17:28.283 (අත්පොළසන්) 0:17:28.308,0:17:29.523 ස්තුතියි. 0:17:29.548,0:17:32.484 (අත්පොළසන්) 0:17:32.508,0:17:33.764 ස්තුතියි.