1 00:00:00,420 --> 00:00:04,914 1600දී එක්සත් ජනපද නැගෙනහිර වෙරළට ඔබ්බෙන් 2 00:00:04,914 --> 00:00:06,741 බොහෝ රයිට් තල්මසුන් වාසය කළහ. ජනකතා පවසන්නේ 3 00:00:06,741 --> 00:00:10,389 කේප් කෝඩ් බොක්කේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට 4 00:00:10,389 --> 00:00:12,484 රයිට් තල්මසුන්ගේ පිට මතින් ගමන් කළ හැකි වූ බවයි. 5 00:00:13,234 --> 00:00:16,573 නමුත් අද එහි ජීවත් වන්නේ තල්මසුන් සිය ගණනක් පමණක් වන අතර ඔවුන් වඳ වී යන සත්ව විශේෂයකි. 6 00:00:16,573 --> 00:00:21,728 වසර 200ක් තරම් කෙටි කාලයක් තුල 7 00:00:21,728 --> 00:00:24,170 මෙතරම් සීග්රයෙන් තල්මසුන් වඳ වීමට හේතුව 8 00:00:24,170 --> 00:00:29,889 මස්, තෙල් හා අස්ථි සඳහා දඩයම් කිරීමයි. 9 00:00:31,009 --> 00:00:33,412 අපේ මුහුදුවල තල්මසුන් තවමත් සිටීමට එකම හේතුව 10 00:00:33,412 --> 00:00:37,057 70 දශකයේ ක්රියාත්මකවූ “සුරකින්න තල්මසුන්” ව්යාපාරයයි. 11 00:00:37,057 --> 00:00:40,455 “අපට තල්මසුන් බේරා ගන්න බැරි නම් බේරාගන්නට පුළුවන් කුමක්ද?” 12 00:00:40,455 --> 00:00:44,227 යන අදහස පදනම් කරගෙන ගොඩනැගුණු මෙම ව්යාපාරය, 13 00:00:44,227 --> 00:00:46,154 වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක විය. 14 00:00:46,154 --> 00:00:49,080 එය, පාරිසරික විනාශය නතර කිරීමට අප සතු දේශපාලන හැකියාව පිළිබඳ 15 00:00:49,080 --> 00:00:52,683 අවසාන පරීක්ෂණය විය. 16 00:00:52,683 --> 00:00:56,236 මෙම ව්යාපාරයේ ප්රථිපලයක් ලෙස 80 දශකය මුල් භාගයේදී 17 00:00:56,236 --> 00:00:59,951 වාණිජ තල්මස් දඩයම් තහනම ක්රියාත්මක කෙරුණි. 18 00:00:59,951 --> 00:01:02,760 එනමුදු වර්තමානයේ වුවද මිනිසුන් ඇතිකරන තර්ජන රැසකට මුහුණ පාන තල්මසුන් 19 00:01:02,760 --> 00:01:07,489 තවමත් ප්රමාණයෙන් අතලොස්සකි. 20 00:01:07,489 --> 00:01:15,130 අවාසනාවකට බොහෝ දෙනා තවමත් සිතන්නේ මා වැනි තල්මස් සංරක්ෂකයන්ගේ 21 00:01:15,136 --> 00:01:20,509 මැදිහත්වීම්වලට හේතුව තල්මසුන්ගේ ප්රතාපවත් අලංකාරය කියායි. 22 00:01:21,939 --> 00:01:24,025 ඇත්තෙන්ම මෙය දුර්මතයකි. 23 00:01:24,025 --> 00:01:28,499 මන්දයත් තල්මසුන් පරිසර පද්ධති ඉංජිනේරුවන් නිසා. 24 00:01:28,499 --> 00:01:32,872 ඔව්හු සාගරවල ඇති ස්ථාවරත්වය නඩත්තු කිරීමට උදව් කරමින් 25 00:01:32,872 --> 00:01:37,299 මානව සමාජයට සේවය කරති. 26 00:01:37,299 --> 00:01:41,275 ඉතින් කතා කරමු තල්මසුන් සංරක්ෂණය 27 00:01:41,275 --> 00:01:44,806 සාගර නම්යතාවට තීරණාත්මක වන්නේ ඇයි කියා. 28 00:01:44,806 --> 00:01:49,334 හේතු දෙකක් නිසා: තල්මස් මල සහ 29 00:01:49,334 --> 00:01:52,546 තල්මස් මළකුණු. 30 00:01:52,546 --> 00:01:58,012 ආහාර ගැනීමට ගැඹුරු දියට කිමිදී, හුස්ම ගැනීමට මතුපිටට පැමිණෙනවිට 31 00:01:58,012 --> 00:02:01,918 තල්මසුන් දැවැන්ත අශුචි වලාවන් මුදාහරි. 32 00:02:01,918 --> 00:02:03,662 මෙම අශුචි වලාවන් අත්යවශ්ය දුර්ලභ පෝෂ්ය පදාර්ථ 33 00:02:03,662 --> 00:02:06,955 ගැඹුරු මුහුදේ සිට මතුපිටට ගෙන ඒමට උපකාරවේ. 34 00:02:06,955 --> 00:02:10,975 මෙම පෝෂ්ය පදාර්ථ සියලු සාගර ආහාර දාමවල මූලය වන 35 00:02:10,975 --> 00:02:14,422 ප්ලවාංග වර්ධනය උත්තේජනය කරයි. 36 00:02:14,422 --> 00:02:17,127 මේ නිසා, සාගර වල වැඩි තල්මසුන් සංඛ්යාවක් ජීවත්වීම සහ මල පහකිරීම 37 00:02:17,127 --> 00:02:21,208 සමස්ත පරිසර පද්ධතියටම අතිශයින් ප්රයෝජනවත්වේ. 38 00:02:21,208 --> 00:02:26,760 තල්මසුන් දිගු සංක්රමණ සිදුකරන ක්ෂිරපායි සත්වයෙක් ලෙස සැලකේ. 39 00:02:26,760 --> 00:02:32,696 අළු තල්මසුන් සෑම වසරකම ඇමෙරිකානු වෙරළෙන් ඔබ්බෙහි පිහිටි 40 00:02:32,707 --> 00:02:38,812 ඵලදායී පෝෂක ප්රදේශ හා අඩු ඵලදායී පැටවුන් බිහි කරන ප්රදේශ අතර 41 00:02:38,812 --> 00:02:41,902 කිලෝමීටර 16,000ක් පමණ සංක්රමණය වේ. 42 00:02:41,902 --> 00:02:46,886 ඔව්හු එසේ සංක්රමණය වන විට පොහොර සුලභ තැන්වල සිට දුලබ තැන් දක්වා 43 00:02:46,886 --> 00:02:50,676 තම මල ස්වරූපයෙන් පොහොර ප්රවාහනය කරති. 44 00:02:50,676 --> 00:02:54,115 ඒ නිසා පැහැදිලිවම, සාගර හරහා තිරස්, සිරස් දෙදිශාවටම 45 00:02:54,115 --> 00:02:57,807 පෝෂක චක්රියකරණයට තල්මසුන් වැදගත් වේ. 46 00:02:57,807 --> 00:03:04,466 එහෙත් ඇත්තම විස්මය නම් ඔවුන් මියගිය පසුවද තල්මසුන් වැදගත් වන ආකාරයයි. 47 00:03:04,466 --> 00:03:08,559 තල්මස් මළකුණු සාගර මතුපිට සිට කිඳා බසින විශාලතම සුන්බුන් වර්ගයකි. 48 00:03:08,559 --> 00:03:12,769 මේ නිසා තල්මස් මළකුණු කිඳා බැසීම "තල්මස් වැටීම" නමින් හඳුන්වයි. 49 00:03:13,409 --> 00:03:15,466 තල්මස් මළකුණු කිඳා බසින අතරතුර, 50 00:03:15,466 --> 00:03:18,495 ආඳකුගේ හැඩය ගන්නා හැග්ෆිෂ් මසුන් ඇතුළු 51 00:03:18,495 --> 00:03:22,331 සාගරයේ වසන 400කට වැඩි සත්ව විශේෂ ගණනාවකට භෝජන සංග්රහයක් සපයයි. 52 00:03:23,021 --> 00:03:25,154 ඉතින් වසර 200කට අධික තල්මස් දඩයමේදී 53 00:03:25,154 --> 00:03:29,524 අප තල්මසුන් ඝාතනය කරමින් සහ 54 00:03:29,524 --> 00:03:35,246 එම මළකුණු සාගරයෙන් ඉවත් කරමින්, 55 00:03:35,246 --> 00:03:37,563 ගැඹුරු මුහුදට තල්මස් වැටීමේ වේගය සහ ව්යාප්තිය වෙනස් කර, 56 00:03:37,563 --> 00:03:41,254 තම පැවැත්ම සඳහා තල්මස් මළකුණු මත යැපෙන 57 00:03:41,254 --> 00:03:43,392 තවත් සත්ව විශේෂ ගණනාවක 58 00:03:43,392 --> 00:03:47,876 වඳ වීමට හේතුකාරක වී ඇත. 59 00:03:47,876 --> 00:03:55,808 තල්මස් මළකුණු කාබන් ටොන් 190,000 පමණ 60 00:03:55,808 --> 00:03:58,106 වායුගෝලයෙන් අවශෝෂණය කර ගැඹුරු මුහුදට ප්රවාහනය කරයි. 61 00:03:58,106 --> 00:04:01,171 මෙය වසරකට මෝටර් රථ 80,000 විසින් වායුගෝලයට මුදා හරින කාබන් ප්රමාණයට සමානය. 62 00:04:01,171 --> 00:04:04,000 මෙසේ අතිරික්ත කාබන් වායුගෝලයෙන් ඉවත්කර, 63 00:04:04,000 --> 00:04:07,510 ගැඹුරු මුහුදේ සිරකර තබමින් 64 00:04:07,510 --> 00:04:11,573 ගෝලීය උණුසුම ඉහළ යාම ප්රමාද කිරීමට උපකාර වන නිසා 65 00:04:11,573 --> 00:04:15,789 ගැඹුරු මුහුදු “කාබන් නිවාරක” ලෙස සැලකේ. 66 00:04:15,789 --> 00:04:19,468 සමහර විට මෙම තල්මස් මළ සිරුරු වෙරළට ගසාගෙන එන අතර 67 00:04:19,468 --> 00:04:24,540 ගොඩබිම වසන මාංශ භක්ෂක සත්ව විශේෂ වලට ආහාරයක් වෙයි. 68 00:04:24,540 --> 00:04:28,464 වසර 200 ක තල්මස් දඩයම පැහැදිලිවම අහිතකර වූ අතර 69 00:04:28,464 --> 00:04:31,356 සියයට 60ත් 90ත් අතර ප්රතිශතයකින් 70 00:04:31,356 --> 00:04:34,476 තල්මස් ගහනය අඩු කිරීමට හේතුවිය. 71 00:04:34,476 --> 00:04:36,302 පැහැදිලිවම, “සුරකින්න තල්මසුන්” ව්යාපාරය 72 00:04:36,302 --> 00:04:40,713 වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක වූ අතර 73 00:04:40,713 --> 00:04:43,854 අප නැවත මෙය සංශෝධනය කල යුතුයි. 74 00:04:43,854 --> 00:04:48,608 තල්මසුන් මුහුණ පාන වඩාත් අලුත්, 75 00:04:48,608 --> 00:04:50,349 දැවෙන ප්රශ්න විසදීමට සලකා බැලිය යුතුයි. 76 00:04:50,349 --> 00:04:52,482 අනිකුත් කරුණු අතර, 77 00:04:52,482 --> 00:04:57,187 ඔවුන් තම පෝෂක ප්රදේශවල සිටින විට කන්ටේනර් නැව් වල හැපීම, 78 00:04:57,187 --> 00:04:59,985 මුහුදේ පා වෙමින් සිටින අතරතුර ධීවර දැල් වල පැටලීම 79 00:04:59,985 --> 00:05:02,469 නැවැත්විය යුතුයි. 80 00:05:02,469 --> 00:05:06,839 ඒ වගේම අපි ජනතාවට මේ සත්වයන්ගෙන් සැබෑ පරිසර පද්ධතියට ඇති අගය අවබෝධවන පරිදි, 81 00:05:06,839 --> 00:05:13,225 අපගේ සංරක්ෂණ පණිවුඩ නිර්වචනය කල යුතුයි. 82 00:05:13,985 --> 00:05:18,142 ඉතින් අපි නැවත තල්මසුන් බේරා ගනිමු, 83 00:05:18,142 --> 00:05:22,275 නමුත් මෙවර, හුදෙක් ඔවුන් වෙනුවෙන් එය නොකර 84 00:05:22,275 --> 00:05:24,806 අප වෙනුවෙන් එය කරමු. 85 00:05:24,806 --> 00:05:27,151 ඔබට ස්තුතියි. 86 00:05:27,151 --> 00:05:31,981 (අත්පොලසන්)