"මම ඉල්ලා සිටියේ මට ලැබිය යුතු උසස්වීමක් විතරයි ,
ඔහු මට කිව්වා මේසය උඩ
කකුල් ඈත් කරන්න කියල "
"කාර්යාලයේ ඔක්කොම පිරිමි අය කොලේක ලියල තිබුණ
ඒ අයට මගෙන් කර ගන්න අවශ්‍ය ලිංගික කර්තව්‍යයන්.
ඒ මම ජනේලයක් තියෙන කාර්යාලයක් ඉල්ලුවහම"
"මම කමිටුවකින් පනතක් සම්මත කරගන්න කෙනෙක්ගෙන් උපදෙස් ඉල්ලුවා
ඔහු මට කිව්වා දනිස් ආවරණ අරගෙන එන්න කියල"
මේ කතන්දර කිහිපය පහුගිය අවුරුද්දේ වෙනත් කාන්තවන්ගෙන්
මට අහන්න ලැබුණු අමිහිරි කතා කිහිපයක් විතරයි
ඒ පහුගිය කලේ කාර්යාල තුල සිදු වෙන ලිංගික අපයෝජනයන් ගැන සමීක්ෂණයක් කරමින් ඉන්නකොට
මට දැනුනාහොයා ගත්ත දේ තමයි මේක
ලෝකය පුරාම පැතිරුණ වසංගතයක් කියන එක.
මේක මිලියනයක් කාන්තාවන්ට අමිහිරි යථාර්තයක්,
එගොල්ලන්ට අවශ්‍ය කරන්නේ හැමදාම
කාර්යාලයට යන්න විතරයි .
ලිංගික අපයෝජකයින් තරාතිරම සලකන්නේ නැහැ
කෙනෙක් සායක් ඇඳන් ඉන්න පුළුවන්,
රෝහල් නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්,
හමුදා නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්,
තරුණ මහළු,
විවාහක හෝ අවිවාහක වෙන්න පුළුවන් ,
කළු සුදු වෙන්න පුළුවන් ,
ජනරජ වාදියෙක් හෝ ප්‍රජාතාන්ත්‍රික නැත්නම් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්.
මට හුඟාක් කාන්තාවන්ගෙන් අහන්න ලැබුණා :
පොලිස් නිලධාරීන්,
ආරක්ෂක අංශයේ නිලධාරීන්,
මුල්‍ය සේවාදායකයන්ගෙන්,
නළුවන් , ඉංජිනේරුවන් , නීතිඥයන්
බැංකු කරුවන් , ගණකාධිකාරීන්, ගුරුවරු
ජනමාධ්‍යවේදීන්.
ලිංගික අපයෝජනය සිද්ධ වෙන්නේ, මම හොයා ගත්ත විදියට
ලිංගික අවශ්‍යතා මතම නෙවෙයි.
බලය ලබා ගැනීම තමයි අරමුණ ,
යමෙකුට තවත් කෙනෙකුට කල හැකි දේ ගැන
තවත් කෙනෙකුව සම්පුර්ණයෙන්ම බල රහිත කිරීම ගැන .
මම අද මෙතන මෙතනට ආවේ
ඒ බලය නැවත ලබා ගන්න පුළුවන් බව කියන්න.
(අත්පොලසන්)
2016 ජුලි 16 වෙනිදා,
මම තනියම කඳු මුදුනකින් පැන්නා,
මගේ ජීවිතේ ලොකුම බය දැනුණ මොහොත තමයි ඒ ;
ඉතාම අමාරු තීරණයක් ගන්න වුන මොහොත.
මම ගැඹුරු අගාධයකට වැටුනා තනියම,
මොනවා පතුලේ තියෙනවද දන්නේ නැතිව.
නමුත් ඊට පස්සේ ආශ්චර්යමත්ජනක දෙයක් සිදු වුනා.
කාන්තාවන් දහස් ගණන් මට කතා කරන්න පටන් ගත්තා
ඔවුන්ගේ දුක, වේදනාව, ලැජ්ජාව පිරුන අත්දැකීම් බෙදා ගන්න.
ඔවුන් මට කව්වා, මම ඒ අයගේ හඬ වෙලා කියල
ඔවුන්ට ඒ වෙනකල් හඬක් තිබ්බේ නැහැ
එකපාරටම , මට තේරුණා 21 වෙනි සියවසේත්
හැම කාන්තාවකටම අත්දැකීමක් තිබුන කියල .
හරියට ජොයිස්ට වගේ,
ඇය ගුවන් සේවිකා අධීක්ෂක කෙනෙක්
එයාගේ ප්‍රධානියා හැමදාම රැස්වීම් වලදී
කලින් දවසේ බලපු කාමුක චිත්‍රපටි ගැන එයාට කියන ගමන්
පිරිමි ලිංගය සටහන් පොතේ අඳිනවා.
ජොයිස් මේගැන පැමිණිලි කරන්න ගියා.
එයට "පිස්සු " කියල ජෝයිස්ව රැකියාවෙන් ඉවත් කරනවා.
ජොඈන් වගේ , ඉතාම දක්ෂ පිළිගත් බැංකුකාරියක්
අයගේ පිරිමි සගයන් ඇයට ඉතාම නරක වචනයකින් හැමදාම කතා කළා
ඇයත් පැමිණිලි කලා
ඇයව කරදරකාරියක් හැටියට නම් කරා ,
ඇයට කවදාවත් wallstreet වල ගනුදෙනුවක් කර ගන්න බැරි වෙන්න
හරියට එලිසෙබත් වගේ , හමුදා නිලධාරිනියක්
ඇයගේ පිරිමි සගයින් ඩොලර් 1 කොළ එයාගේ මුනේ අතුල්ලන ගමන්
"අපිට පේන්න නටන්න" කියල කිව්වා..!
ඇය මේජර් වරයෙකුට පැමිණිලි කලාම ඔහු කිව්වා
"අය්යෝ! ඩොලර් 1 ඒවා විතරයිද?
ඔයා අඩුම තරමේ ඩොලර් පහක් දහයක් වත් වටිනවා" කියල.!
මේ විද්‍යුත් පණිවුඩ කියවලා
පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා ,
පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා ,
මම තේරුම් ගත්තා, මගේ කාර්යභාරය ඉතාම විශාලයි කියල.
අහන්න මේ අදහන්න බැරි කරුණු ,
අපි දන්නා පරිදි, සෑම කාන්තාවන් තුන්දෙනෙක් දෙනෙක් ගෙන කෙනෙක්
වැඩපල තුලදී ලිංගික අපයෝජනයට ලක්වෙලා තියෙනවා
මේවායින් 71% අවස්ථාවන් වාර්තා වෙන්නෙත් නැහැ
ඇයි ?
කාන්තාවන් මේවා වාර්තා කරන්න ඉදිරිපත් වුනාම,
ඔවුන්ට බොරු කාරියන්,කරදර කාරියන් හැටියට හංවඩු ගහනවා.
පහත් කරලා කැත විදියට කතා කරනවා
ඔවුන්ව පහත හෙලනවා
ඒවගේම රැකියාවෙන් ඉවත් කරනවා.
ලිංගික අපයෝජනය ගැන කතා කිරීම, වෘතියිය නැති කර ගැනීමක්
මට කතා කරපු සියලුම කාන්තාවන්ගෙන් කිසිම කෙනෙක්
ඔවුන් කැමැත්තෙන් තෝරාගත් රැකියාව කරන්නේ නැහැ
මේක කොහෙත්ම පිළිගත නොහැකි තත්වයක් .
මමත් මුලදී නිහඬව හිටිය කෙනෙක්.
මම මේ සිද්ධියට මුහුණ දුන්නේ miss ameraica තරඟය අවසානයේ,.
මම ඉතා ඉහල මට්ටමේ රුපවාහිනී වැඩසටහන් විධයකයෙක් හමු වුණාම
නිව්යෝර්ක් නගරයේදී
මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට .
මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට .
අපි රාත්‍රී ආහාරය ගන්න ගියා,
පසුපස ආසනයේදී එකපාරටම ඔහු මගේ ඇඟට ඇවිත්
මාව සිප ගන්න පටන් ගත්තා.
මෝඩ මම දැනගෙන හිටියේ නැහැ ගනුදෙනු සිද්ධ වෙන්නේ එහෙමයි කියල
ඔහුගේ වෙනත් යටි අරමුණුත් තිබුනා .
ඊට සතියකට විතර පස්සේ,
මම ලොස් ඇන්ජලීස් නුවර තවත් ප්‍රකාශකයෙක් මුණ ගැහුනමත්,
ආයෙත් එහෙමම සිද්ධ වුණා.
අයෙමත් වාහනයක පසුපස ආසනයේ.
ඔහු මගේ ඔලුව පිටිපස්සේ බෙල්ලෙන් අල්ලලා
අරගෙන කකුල් දෙක මැදට තියල තද කරගත්තා
මට හුස්ම ගන්න බැරි වුනා.
කෙනෙකුගේ ආත්ම විස්වාසය නැත්තටම නැති වෙන්නේ මේ වගේ වෙලාවට තමයි.
මෑතක් වෙනකල්ම මම මේ සිද්ධි
අතවරයක් කියල හැඳින්වූවේ නැහැ.
මේ නිසා තමයි අපේ කාර්යභාරය තවත් වැඩි වෙන්නේ
මගේ miss america අවුරුද්දක කොන්ත්‍රාත් එකෙන් පස්සේ
මට හුඟක් ඉතාම ප්‍රසිද්ධ කට්ටිය හම්බ වුනා
ඩොනල්ඩ් ට්‍රුම්ප් ඒ අතරින් කෙනෙක්
මේ පින්තුරේ 1998 ගන්නකොට ,
කවුරුවත් හිතුවෙවත් ඔහු අද කොතන ඉඳියිද කියලා
(සභාවේ සිනා )
මම කාර්යාලයේ ලිංගික අතවර වලගේ එරෙහිව සටන් කරන අතරේදී.
ඔහු ඇමරිකාවේ ජනාධිපති
මගේ කොච්චර උත්සාහ කලත් .
ඊට ටික කාලෙකට පස්සේ මට පළමු රැකියාව හම්බ වුනා රුපවාහිනී ප්‍රවෘති අංශයේ
වර්ජීනියා රිච්මන්ඩ් වල
බලන්න රෝස පාට කබාය එක්ක විශ්වාසවන්ත හිනාව
කොන්ඩේ නම් එච්චර නැහැ
(සිනා)
මම හුඟක් මහන්සියෙන් වැඩ කලා මම බුද්ධිමත් කියල පෙන්නන්න
නමුත් මම වාර්තා කරපු පළමු සිද්ධිය
තමයි අනීතා හිල් ගේ වොෂින්ටන් වල නඩු විභාගය
ඊටත් ටික කාලෙකට පස්සේ
මටත් වැඩපොලේදී ලිංගික අතවර වලට මුහුණ දෙන්න සිධ්ධ වුනා
මම වර්ජීනියා වල ගම්බද පළාතක සිද්ධියක් වාර්තා කරමින් හිටියේ,
අපි වාහනයේ පිටිපස්සට නැග්ගා,
මගේ කැමරා කරු කතා කරන්න පටන් ගත්තා,
එයා මගේ පපුව අතගනවට මම කොච්චර කැමතිද කියල,
ඒ මගේ මයික්‍රොෆෝනය හයි කරද්දී.
එතනින් පස්සේ සිද්ද වුන දේවල් ඊටත් වඩා නරකයි
මම වාහනයේ දොරට හේත්තු වෙලා හිටියා
ඒ කාලේ ජංගම දුරකථන තිබ්බේ නැහැ
මම ගල් ගැහිලා හිටියේ.
මට මැවිලා පෙනුන මම වාහනෙන් එලියට රෝල් වෙලා යනවා
වාහනේ හැතැප්ම 50 ක වේගෙන් යන ගමන් , හරියට චිත්‍ර පටියක වගේ,
මම කල්පනා කරා කොච්චර රිදෙයිද කියල.
හාවී වයින්ස්ටීන් ගේ කතන්දර එලියට එනකොට
අපි හොඳටම දන්නා අඳුනන චිත්‍රපටි රජෙක්
චෝදනා හරිම අප්‍රසන්නයි
එත් කී දෙනෙක් නම් කාන්තාවෝ පාපොච්චාරණය කරාද
එතකොට මට තේරුණා මම වැඩක් ඇති යමක් කරලා තියෙනවා කියල.
(අත්පොලසන්)
ඔහුගේ හේතුදක්වීම් නම් හරිම දුර්වලයි
එය කිව්වේ එය 70 දශකයේ කෙනෙක් කියල
එක ඒ කාලේ සාමාන්‍ය දෙයක් කියල
ඔවේ එක ඒ කාලේ සංස්කෘතිය තමයි
අවාසනාවකට එක තාමත් එහෙමමයි
ඇයි....?
හේතුව තමයි ලිංගික අපයෝජන
ගැන පැතිරිලා තියෙන මිත්‍යා මත.
"කාන්තාවෝ වෙන රස්සාවකට යන එක තමයි හොඳම විසඳුම "
එක හොඳ වැඩේ.
එක කියන්න ඕනේ රස්සාවල් දෙකකට යන තනියම ළමයි බල ගන්න අම්මලට
එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න හදන අතරේ
තව ලිංගික අපයෝජන වලටත් මූන දෙන්න වුණාම
තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක
තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක
අපි අඳින ඇඳුම් වලින්
අපි පළඳින ආයිත්තම් වලින්
මම හිතන්නේ ඉංජිනේරු මහත්තුරු අඳින ඇඳුම්
එහෙම බලපෑම් කරන්නේ නැතිව ඇති.
"මේවා කාන්තාවෝ විහින් කර ගන්න දේවල්"
එක එච්චරම විනෝද ජනක නිසා වෙන්න ඇති
නිකන් නොන්ජල් වෙන්න.
මම දන්නේ නැහැනේ ඒවා ගැන
"කාන්තාවෝ මේ ප්‍රසිද්ධ වෙන්න, සල්ලි කඩා ගන්න හදන්නේ "
අපේ ජනාධිපතිම කිව්වා එක
මම හිතන්නේ නෑ ටේලර් ස්විෆ්ට්,
ලෝකෙම දන්නා ධනවත්ම ගායිකාවක්,
එයට තවත් සල්ලි ඕනේ කියල
එයාව අපයෝජනය කරපු එක එලි කලාම
ඩොලර් එකකට.
මම හුඟක් සතුටු වුණා ඒ ගැන.
මෙන්න එහෙනම් කවදාවත් නොකියපු ප්රවෘත්ති
ලිංගික අතවර ගැන:
කාන්තාවන්ට ඕනේ කරන්නේ ආරක්ෂිත හැංගීමක් ඇතිව , පිළිගැනීමක් ඇතිව
ලිංගික බලපෑම් වලින් තොර වැඩපොළකට යන්න.
එච්චරයි,
(අත්පොලසන් )
දැන් එහෙනම් අපි කොහොමද නැතිවෙච්ච බලය අපහු ලබා ගන්නේ
මගේ ළඟ තියෙනවා පිළිතුරු තුනක්
අංක එක
අපි මේ සිද්ධි බලාගෙන ඉන්න අයයි, අනුබල දෙන අයයි උදව් කර ගන්න ඕනේ
98% අමෙරකානු ආයතන ප්‍රතිපත්තියක්
විදියට ලිංගික අපයෝජන සම්බන්ධ පුහුණු වීම පවත්වනවා.
70% ආයතනවල වැලැක්වීමේ වැඩසටහන් තියෙනවා.
එහෙම වුනත් හුඟක් තැන්වල
සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්නේ නැහැ
2016 දී හාවර්ඩ් ව්‍යාපාරික සමාලෝචන වාර්තාවේ මේක
බල සිටින්නන්ගේ බලපෑම කියල හඳුන්වල තිබුන
එත්, මතකද 9/11
අපිට දහස් වතාවක් ඇහිලා තිබුන
"දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල "
"දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල "
කල්පනා කරන්න , බලා සිටින්නන් ක්‍රියාත්කම වුන නම්
,කාර්යාලයේ සිදුවන ලිංගික අපයෝජන සිදු කරන
අපරාධ කරුවන් හඳුනාගන්න , මේ සිද්ධි නවත්තන්න
අපරාධ කරුවන්ට අභියෝග කරන්න
වින්දිතයින්ට උදව් කරන්න.
මම පිරිමි අයගෙන් ඉල්ලා සිටින්නේ
අපි සටන් කළ යුතුයි කියලා
මේක කියන්නේ කන්තවන්ටත් එක්කම තමයි
අනුබල දෙන්නන් වෙනුවට උදව් කරන්නන් වෙන්න
දෙවැනි කාරණේ තමයි
නීති වෙනස් කරන එක .
කීයෙන් කීදෙනාද දන්නේ රැකියා ගිවිසුමේ
ගැටළු උසාවි යාමෙන් තොරව විසඳගන්න
වගන්ති ඇතුලත් කරලා තියෙනාද කියලා?
හුඟ දෙනෙක් අත උස්සන්නේ නැහැ
දන්නේ නැත්නම් අදම හොයල බලන්න.
දැන් අහ ගන්න ඇයි මම එහෙම කියන්නේ කියල
ටයිම් සඟරාවේ කියල තියෙනවා ,
බලන්න තිරය දිහා
මේ වගන්ති, ලිංගික අපයෝජන
හංගල තිය ගන්න උදව් කරනවා කියල
සමථයට එළඹෙන්න බල කිරීම මගින්
7 වෙනි සංශෝධනයෙන් ලබා දීල තියෙන
ජූරියක් ලබා ගැනීමේ අයිතිය නැති කරනවා කියල
එක රහසක්
ඔබට එකම සාක්ෂිකරුවන් සහ සාක්ෂි ලැබේන්නේ නැහැ
ආයතනය තමයි බේරුම් කරන තුන් වන පාර්ශවය හොයා ගන්නේ
අභියාචනා ඉදිරිපත් කරන්නත් බැහැ
20% වෙලාවල විතරයි සේවකයා දිනන්නේ
එකත් රහසේ සිදු වෙන ක්‍රියා පටිපාටියක්.
ඒකනිසා කවුරුවත් දන්නේ නැහැ මොකද්ද හරියටම් වුනේ කියල
එකම තමයි මම ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන්නේ
වොෂින්ටන් වල
මේ නීති වෙනස් කරන්න.
මම සෙනෙට් සභිකයින්ට කියන්නේ මේකයි
ලිංගික අපජෝයන වලට දේශපාලනය බලපාන්නේ නැහැ
කවුරුහරි කෙනෙක් කරදර කරන්න කලින්
අහන්නේ නැහැ ඔබේ දේශපාලන පක්ෂය මොකද්ද කියල
ඒ ගොල්ලන ඔබව අපයෝජන වලට ලක් කරනවා
අපි ඔක්කොම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේකයි
අංක තුන
සැඩ පරුෂ වෙන්නත් වෙනවා
අපි කොන්ද කෙලින් තියාගෙන
අපේ ආත්ම ශක්තිය වැඩි දියුණු කර ගන්න ඕනේ
අපි නැගී සිටන්න ඕනේ , කතා කරන්න ඕනේ
අපි ලෝකයටම කියන්න ඕනේ අපිට මොකද වුනේ කියල
මම දන්නවා එක ඉතාම බය හිතෙන අපහසු කාර්යයක්
නමුත් අපි මේක අපේ දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක්
අපේ මීළඟ පරම්පරාව වෙනුවෙන්
මම දන්නවා මම එක කරේ මගේ දරුවන් වෙනුවෙන්
ඒ ගොල්ල ඉතාම වැදගත් මගේ තීරණ ගැනීමේදී
මම මගේ අත්දැකීම් ලෝකෙට කියනවද කියල
මගේ සුන්දර දරුවෝ,
අවුරුදු 12ක මගේ පුතා, ක්‍රිස්ටියන්
අවුරුදු 14ක මගේ දුව, කායා
මම කොච්චර නම් ඒ ගොල්ලන්ව අවතක්සේරු කළාද
ගිය අවුරුද්ද්දේ අන්තිම දවසේ තමයි
මගේ යෝජනා ප්‍රකාශයට පත් වුනේ
මම හරිම කරදරෙන් හිටියේ ඒ ගොල්ලෝ මොනවගේ දේවල් වලට මුහුණ දෙයිද කියල
මගේ දුව ගෙදර ඇවිත් කිව්වා
"අම්මා හුඟක් කට්ටිය මගෙන් ඇහුවා ඔයාට මොකද්ද වුනේ කියල ගිම්හාන කාලේදී කියල"
ඊට පස්සේ මගේ දුව මගේ ඇස් දෙක දිහා බැලුවා
බලල කිව්වා "අම්මේ
මම ඔය ගැන හුඟක් ආඩම්බරයි
ඔය මගේ අම්ම කියල කියන්න "
ඊට සති දෙකකට පස්සේ
අන්තිමේදී ඇය හිත හදාගෙන ඇයට හැමදාම කරදර කරපු
ළමයි දෙන්නට මුහුණ දදෙන්න තීරණය කර
ඇය ගෙදර ඇවිත් මට කිව්වා
"අම්ම අන්තිමේදී මට ධෛර්යක් ආවා
මොකද මම දැක්ක ඔයත් කරදර වලට මුහුණ දෙනවා
(අත්පොලසන්)
ධෛර්යමත් කිරීම බෝවෙන ලෙඩක් වගේ
මම හිතනවා මම ඔයගොල්ලන්ව උද්යෝගීමත් කරන්න
මොකද දැන් තමයි සන්ධිස්ථානය
අපි අතීතය දැක්කා .
අදටත් තවත් කාන්තාවෝ ඉදිරිපත් වෙලා කියන්නේ
දැන් ඉවසුවා ඇති කියල.
(අත්පොලසන්)
මේක මගේ අවසාන ඉල්ලීම ආයතන වලින්
නැවතත් අර කාලකන්ණි නිසා රැකියා අහිමි වෙච්ච
කාන්තාවන් බඳවා ගනිමු.
මෙන්න මම දන්නා දේ ඒ කාන්තාවන් ගැන
අපි තව දුරටත් ඒ ගොල්ලන්ව අව තක්සේරු කරන්න , පහත කරන්න හොඳ නැහැ
අපිව නිහඬ කරන්න පවතින ක්‍රමයට ඉඩ දෙන්න හොඳ නැහැ
අතීතයේ නරක පුරුදු වලටවත්
අපි නැගී සිටිය යුතුයි
අපි අපේ හඬ අවදි කල යුතුයි
අපේ හඬ අනිත් යට ඇස්සවිය යුතුයි
අපි අපිට උරුම දේ ලබා ගත යුතුයි
ඒ ඔක්කොටම වැඩිය
අපි ආත්මෂක්තිය ඇතිව කටයුතු කරන්න ඕනේ.
ස්තුතියි.!
(අත්පොලසන්