Return to Video

දයාවෙන් පිරිපුන් දිවි ගමනක් - අජාන් බ්‍රහ්ම්ගේ 70 වෙනි උපන්දිනය ‌සැමරීමට ගුරු පඬුරක්

  • 0:01 - 0:04
    බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමයේ
    සාදර පිලිගැන්වීමයි
  • 0:05 - 0:11
    දයාවෙන් පිරිපුන් දිවියක්
    අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේගේ
    හැත්තෑ වන උපන්දිනය වෙනුවෙන් පිදෙන උපහාරයකි
  • 0:13 - 0:20
    මෙහි බොහෝ සාකච්ඡා කෝවිඩ්-19 ගෝලීය වසංගතය සමයේ පටිගත කරන ලදි. එ බැවින් සමහර දුරස්ථව සිදු කල සාකච්ඡාවල ශබ්ද හා විඩියෝ ගුණාත්මක බවින් අඩු බව කාරුණිකව සලකන්න.
  • 0:20 - 0:25
    සෑම සම්ප්‍රදායකම නව සඟ පරපුරක් බිහි කරවන
  • 0:25 - 0:33
    කම්මට්ඨාන අචාර්යවරයකු ඇති වන්නේ නම්
  • 0:33 - 0:40
    ඒ ඔහුට හෝ ඇයට කැපී පෙනෙන සුවිශේෂිත
    ගුණාංග ඇති නිසායි.
  • 0:42 - 0:50
    දයාවෙන් පිරිපුන් දිවියක්
  • 0:51 - 1:01
    බෝධිඥාණ ආශ්‍රමය,
    සර්පන්ටයින්, බටහිර ඕස්ට්‍රේලියාව
  • 1:22 - 1:26
    අජාන් බ්‍රහ්ම් මුණ ගැසුණ මුල් දවස මට
    පැහැදිලිව මතකයි
  • 1:26 - 1:28
    මම හිතන්නේ ඒ 1993 දී.
  • 1:29 - 1:31
    ඒ කාලයේ මම ‌වජිරාරාමයේ වැඩ සිටියේ.
  • 1:31 - 1:36
    ගරුතර ඤාණවිමල නමින් වයෝවෘද්ධ
    ජර්මානු ස්වාමීන් වහන්සේ නමකුත් එහි වැඩ සිටියා.
  • 1:37 - 1:41
    උන්වහන්සේ ඉතා කර්කශ පැවිදි පිළිවෙත්
    අනුගමනය කල භික්ෂුවක්
  • 1:42 - 1:44
    මම අජාන් බ්‍රහ්ම්ට පැවසුවා,
  • 1:44 - 1:48
    "ඔබ කැමති වෙයි ජර්මානු ජාතික
    ඤාණවිමල ‌තෙරුන් වහන්සේ සමඟ සාකච්ඡා කරන්න"
  • 1:48 - 1:51
    " මම සාකච්ඡාවක් සුදානම් කරලා දෙන්නම්", කියලා කිව්වා
  • 1:51 - 1:55
    ඉතින් අජාන් බ්‍රහ්ම් සහ අනික්
    ස්වාමීන් වහන්සේ කුටියට ගියා
  • 1:55 - 1:59
    මම දෙගිඩියාවෙන් සිටියා
    මමත් යන්න ද නැද්ද කියලා
  • 1:59 - 2:04
    ඒ අයට තනියෙන් ම ඤාණවිමල තෙරුන් සමඟ
    සාකච්ඡා කිරීමට දීලා
  • 2:04 - 2:07
    මම මගේ කුටියට වුනා
  • 2:07 - 2:10
    මට ඇහුණා ඤාණවිමල තෙරුන් වහන්සේගේ
    උස් කටහඬ
  • 2:10 - 2:14
    දිගටම දිගටම දිගටම කථා කරනවා
  • 2:15 - 2:18
    මට හිතුණා "ඇයි මම ඒ දේශනාවට නොයන්න
    තීරණය කලේ" කියලා
  • 2:18 - 2:21
    ඤාණවිමල ස්වාමීන් වහන්සේගේ
    වටිනා ධර්ම දේශනයකට
  • 2:22 - 2:28
    ඔන්න එක අවස්ථාවක දොර ඇරිලා අජාන් බ්‍රහ්ම්
    සහ අනිත් ස්වාමීන් වහන්සේ එළියට ආවා
  • 2:28 - 2:33
    මම අජාන් බ්‍රහ්ම් දෙසට හැරුණා
    උන්වහන්සේගේ ඇස් තරු වාගේ බැබළෙනවා
  • 2:33 - 2:37
    ඔහු කීවා "ඒ මම මෙතෙක් ඇසූ
    හොඳම ධර්ම දේශනාවක්ය" කියලා
  • 3:12 - 3:20
    1981 බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට
    කණ්ඩායමක් පැමිණියා
  • 3:20 - 3:22
    පර්ත් නගරයට මම ගිහින් තිබුණේ ම නැහැ
  • 3:22 - 3:27
    ඔවුන් වට් පා පොං ආශ්‍රමයට ඇවිත්
    වට් නනචට් ආශ්‍රමයට ගියා
  • 3:27 - 3:37
    ඔවුන් බලාපොරොත්තු වූවේ බටහිර භික්ෂූන් වහන්සේලා
    ඕස්ට්‍රේලියාවට පැමිණීමට ආරාධනා කරන්නයි.
  • 3:38 - 3:41
    විශේෂයෙන් පර්ත් නගරයට.
    එහි ආරණ්‍ය සේනාසනයක් පිහිටුවීමට.
  • 3:42 - 3:46
    ඇත්තටම කියනවා නම්
    අසීරු කර්තව්‍යයක්
  • 3:47 - 3:53
    ඒ කාලයේ බටහිර ඕස්ට්‍රේලියාවේ
    ‌බෞද්ධ සංගමයේ තත්වය ගැන හිතන විට
  • 3:53 - 3:58
    බොහෝම පොඩි පිරිසක් නමුත්
    විශාල කැපවීමක් තිබුණා
  • 3:58 - 4:02
    අජාන් චා මුලදී ඒ හැටි උනන්දුවක්,
    කැමැත්තක් පෙන්වුවේ නැහැ
  • 4:03 - 4:08
    මූලිකවම අපි බොහෝ දෙනෙක්
    තරුණ භික්ෂූන් වූ නිසා
  • 4:09 - 4:11
    ඒ වගේම පර්ත් නගරය බොහෝ දුරයි
  • 4:14 - 4:18
    මම හිතන්නේ ඒ කාලයේ බොහෝ දවස් තිබුණා,
    ස්වාමීන් වහන්සේලාට බඩගින්නේ ඉන්න සිදුවූණ.
  • 4:18 - 4:24
    මම දන්නවා සමහර විට අජාන් ජගරෝ සහ අජාන් බ්‍රහ්ම්
  • 4:25 - 4:27
    ඒ කාලයේ අජාන් බ්‍රහ්ම් අජාන් ජගරෝට වඩා කනිෂ්ඨයි
  • 4:27 - 4:30
    උන්වහන්සේලා දැන සිටියා ශීතකරණයේ ආහාර
    ඇති බව නමුත් ගන්න බැහැ
  • 4:30 - 4:33
    පිළිගන්වන්න ගිහි කෙනෙක් නොසිටිය නිසා
  • 4:33 - 4:40
    මේ වාගේ දේවල් වලින් නිසැකව ම
    භික්ෂූන්වහන්සේලා අසරණ වුණා.
  • 4:40 - 4:45
    ඒ නිසා වෙන්නත් පුළුවනි පුරිසෝ තෙරුන්වහන්සේ
    ආපසු බැංකොක් නගරයට ගියේ
  • 4:45 - 4:48
    ඔහු වෙනුවෙනුයි අජාන් බ්‍රහ්ම් පැමිණියේ
  • 4:49 - 4:51
    උන්වහන්සේ ඉතින් අපූරු භික්ෂූන් වහන්සේ නමක්
    වන්නට යෙදුනා.
  • 4:51 - 4:54
    ඔහු එන විට හරිම කෙට්ටුයි
  • 4:54 - 4:58
    ඔහු හරි නිහඬයි, හරිම කෙසඟයි.
  • 4:58 - 5:03
    අජාන් ජගරෝ මට කීවා "මෙයා නම්
    භික්ෂුවන්ගෙත් භික්ෂුවක්" කියලා
  • 5:04 - 5:06
    අපි පාන්දර තුනට අවදි වෙලා
  • 5:06 - 5:11
    සජ්ඣායනා නැතිනම් සාමූහික
    භාවනා වාරයක් කරනවා හතර වෙන තුරු
  • 5:11 - 5:14
    ඒ එළි වෙන්න ටිකකට කලින්
  • 5:14 - 5:20
    එළි වෙන්න ටිකකට කලින් අපි
    සාමූහික ව දාන ශාලාව පිරිසුදු කරනවා
  • 5:21 - 5:26
    පිරිසුදු කලාට පස්සේ අපි පිණ්ඩපාතේ
    වඩිනවා පැය එකහමාරක් විතර
  • 5:28 - 5:31
    අජාන් බ්‍රහ්ම් වාසය කරන ලෙන
  • 5:37 - 5:43
    ජපානයේ ටිකක් අමුතු මාදිලියේ
    සම්මන්ත්‍රණයක් තිබුණා
  • 5:43 - 5:46
    ලොව වටා සංඝයා වහන්සේලා සහභාගි වූ
  • 5:46 - 5:50
    අජාන් බ්‍රහ්ම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ
    පැමිණියා.
  • 5:50 - 5:52
    ඔහු මෙවැනි දෙයක් කරනවානේ.
  • 5:52 - 5:57
    වීදුරුවක් උඩට අල්ලලා (වීදුරුවක් මෙතන නැහැ
    මේ වාගේ දෙයක් තියෙන්නේ)
  • 5:57 - 6:01
    මට මේක කවදාවත් අමතක වෙන්නේ නැහැ
    වීදුරුව ඉඩට අල්ලා ගෙන මගෙන් මෙහෙම ‌අසනවා
  • 6:01 - 6:07
    "අනාලයෝ, මේ වතුර සම්පූර්ණයෙන් නිසල
    කර ගන්නේ කොහොමද?
  • 6:08 - 6:10
    ඉතින් මම හිතන්න ගත්තා, හ්ම්...
  • 6:10 - 6:13
    උරහිස් සැහැල්ලු කර ගන්න ඕන,
    බොහොම සියුම් ව අල්ල ගන්න,
  • 6:13 - 6:17
    ඔහු වීදුරුව "ටක්" ගාලා තියලා
    "අත හරින්න" කීවා
  • 6:17 - 6:24
    ඒ උපදෙස සමාධිය උපදවා ගැනීම
    පිළිබඳව මට තිබූ වැටහීම
  • 6:24 - 6:26
    සම්පූර්ණ පරිවර්තනයකට පත් කලා.
  • 6:26 - 6:30
    ඒ වැටහීම සමඟ භාවනාවට ඉඳ ගත් විටත්
  • 6:30 - 6:32
    සම්පූර්ණ වෙනස් අවබෝධයක් අත්වින්දා
  • 6:32 - 6:34
    සමාධිය මොකක්ද කියන එක ගැන
  • 6:34 - 6:36
    සමාධිය, නිශ්චලත්වය
    යනුවෙන් අදහස් වෙන දේ පිළිබඳව
  • 6:36 - 6:39
    මූලික ව අතහැරීම ගැනයි
  • 6:39 - 6:44
    මනස එය තුල ම විවේකී වී ඒකාග්‍රතා වීමයි.
  • 6:44 - 6:47
    ඒ ඉගැන්වීම මට ඉතා වැදගත් උපකාරයක් වුනා
  • 6:47 - 6:52
    මගේ මාර්ගයටත්
    මම භාවනාව උගන්වන ආකාරයටත්
  • 7:20 - 7:25
    විවිධ බටහිර සංඝයා වහන්සේලාගේ
    සීඩී තැටි වගයක් මම ගත්තා
  • 7:25 - 7:28
    මගේ සිතේ බටහිර සංඝයා වහන්සේලා ගැන
    පූර්ව මතයක් තිබුණා
  • 7:28 - 7:31
    මම හිතුවා ඒ අය දහමේ ගැඹුරක් අවබෝධ
    කර ගෙන නැහැ
  • 7:31 - 7:34
    නියම ඉගැන්වීම ඇත්තේ ආසියාවේ
  • 7:34 - 7:37
    අවුරුදු පහේ දී මහණ වුන භික්ෂූන් වහන්සේලා
    ලඟ කියලා (සිනහ වෙනවා)
  • 7:37 - 7:40
    මගේ උපාධ්‍යායන් වහන්සේ වාගේ
  • 7:40 - 7:42
    ඉතින් මම ඒ තරම් උනන්දුවක්
    දැක්වූවේ නැහැ
  • 7:42 - 7:46
    ඒ සමඟම මම තවත් සීඩී තැටියක් දැක්කා
    මම කලින් අහලා නැති කෙනෙකුගේ
  • 7:46 - 7:48
    නම අජාන් බ්‍රහ්මවන්සෝ
  • 7:48 - 7:53
    වෙනසකට මම ඉංග්‍රීසි එකක් අසන්න
    කියලා හිතුවා
  • 7:53 - 7:56
    මොකද මගේ උපාධ්‍යායන් වහන්සේ කථා කලේ
    බුරුම භාෂාව පමණයි.
  • 7:56 - 8:01
    මුල් දේශනය ඇසූ විගස මම තුෂ්ණිම්භූත වුනා
  • 8:01 - 8:05
    මොකද ඒ මාතෘකාව ගැන දේශනයක් මම
    ඊට කලින් අසා තිබුණේ නැහැ
  • 8:05 - 8:07
    එපමණ පැහැදිලි විස්තරයක් සමඟින්
  • 8:07 - 8:11
    දෙවෙනි දේශනය ඇසීමේ දී
    මගේ කය ප්‍රීතියෙන් වෙළුණා
  • 8:11 - 8:14
    මගේ හදවතට දැනුනා
  • 8:14 - 8:18
    මම මේ පුද්ගලයා සොයන්න ඕනෑ
    මේ දේශකයන් වහන්සේ සොයන්න ඕනෑ
  • 8:19 - 9:13
    සජ්ඣායනය
  • 9:15 - 9:19
    ඔහුගේ ජීවන රටාව, හැසිරීම
  • 9:19 - 9:21
    ධර්මය දේශනා කරන ආකාරය
  • 9:21 - 9:23
    අපට හරි වැදගත්
  • 9:23 - 9:25
    භාවනාව ගැන කථා කරද්දීත් එහෙමයි
  • 9:25 - 9:28
    සමාධිය විස්තර කරන්නේ වෙනස් අයුරකට
  • 9:28 - 9:30
    උන්වහන්සේ එය වැර යොදා කේන්ද්‍රගත කිරීමක් ( ඉංග්‍රීසියෙන් Concentration ) ලෙසට නොව
  • 9:31 - 9:34
    නිසල බවට පත් වී ඒකාග්‍රවීමක් ලෙසට
    හඳුන්වනවා
  • 9:35 - 9:39
    එය වෙනස් ප්‍රවේශයක්
    සාමාන්‍යය නොවේ
  • 9:40 - 9:43
    භික්ෂු අපට එය මහත් ප්‍රබෝධයක්
  • 9:43 - 9:46
    ගිහි අය ඔහුගේ හාස්‍ය රසය තුලින්
    ඉගෙන ගන්නවා
  • 9:46 - 9:48
    නමුත් පැවිදි අපට
  • 9:48 - 9:52
    ඔහුගේ ජීවන රටාව වැදගත්
  • 9:52 - 9:55
    අනික අපි දකිනවා ඔහු කියන දේ
    පිළිපදින්නෙකු බව
  • 9:55 - 9:57
    එයත් සද්ධාව උපදවනවා
  • 9:57 - 10:00
    මගේ හැඟීම බුදුරජාණන් වහන්සේගේ ‌දේශනා
    විලාසය හරිම නම්‍යශීලීයි
  • 10:00 - 10:03
    උන්වහන්සේ මිනිසුන්ගේ එදිනෙදා
    දිවිපෙවෙතට ගැළපෙන අයුරින් කථා කලා
  • 10:03 - 10:06
    ගොවියන්ට කථා කලා
    විවිධ අයට කථා කලා
  • 10:06 - 10:10
    ඒ නිසා අපට ත්‍රිපිටකය පෙන්නලා කියන්න බැහැ
    "මේක තමයි එකම ක්‍රමය කියලා"
  • 10:10 - 10:14
    එහි අඩංගු සෑම දෙයක්ම
    සද්ධාව උපදවනවා
  • 10:14 - 10:18
    නමුත් අවස්ථාව අනුව කථා කිරීම වැදගත්.
  • 10:18 - 10:23
    ඒ ඒ තැනැත්තාගේ වටපිටාවට ගැළපෙන අන්දමට
    දේශනා කිරීම වැදගත්
  • 10:23 - 10:26
    මම හිතනවා අජාන් බ්‍රහ්ම් ඒක හරියටම
    කරනවා කියලා
  • 10:26 - 10:29
    පොත පතේ සඳහන් විධියට ම විය යුතු නැහැ
  • 10:29 - 10:33
    මිනිසුන්ට වැටහෙන ආකාරයකට වුනාමයි
    මිනිසුන්ට සද්ධාව ඇතිවෙන්නේ.
  • 10:33 - 10:36
    මට හිතෙන්නේ ඔහු ඒක සාර්ථකව කරනවා.
  • 10:36 - 10:38
    පසුගිය කාල වකවානුව තුල මම දැක්කා
  • 10:38 - 10:42
    ඔහු වටහා ගැනීමට පහසු ජනප්‍රිය මාතෘකා
    ඔස්සේ කතා කරන බව
  • 10:42 - 10:47
    ගිහි අයගේ එදිනෙදා ජීවිතයේ කරදර ගැට‍ළු ගැන
  • 10:47 - 10:52
    ඒ නිසාම ඒ වකවානුව තුල ඔහු උදව් වුනා
  • 10:52 - 10:58
    ධර්මය ගිහි අයට වඩ වඩාත් අදාළ කොට
    ලබා දීමට.
  • 10:58 - 11:02
    ඔහු කථා කලේ ඔවුන් එදිනෙදා මුහුණ පාන
    ගැටළු ගැනයි,
  • 11:02 - 11:07
    බෞද්ධයකු ලෙස ලෞකික ජීවිතයක් ගත ‌කිරීමේ දී.
  • 11:07 - 11:10
    ජකාර්තා, ඉන්දුනීසියාව
  • 11:13 - 11:17
    අජාන් බ්‍රහ්ම්ට මුහුණු පොතේ
    රසික පිටුවක් තිබුණා
  • 11:19 - 11:23
    කුතුහලය නිසා මම බැලුවා,
    අවුරුදු ගණනකට කලින් මේක වුනේ
  • 11:24 - 11:27
    ඒ පිටුවේ රසිකයන් ගණන බැලුවා
  • 11:28 - 11:29
    කුතුහලය නිසාම මම බැලුවා
  • 11:29 - 11:33
    රෝලිං ස්ටෝන්ස් ගායක කණ්ඩායමේ
    රසික පිටුවේ රසිකයන් ගණක
  • 11:34 - 11:39
    ඒ කාලේ අජාන් බ්‍රහ්ම්ට රසිකයෝ වැඩියි
    ‍රෝලිං ස්ටෝන්ස් ගායක කණ්ඩායමට වඩා
  • 11:44 - 11:46
    ඔහු පොත් ගණනක් ලියලා තියෙනවා
  • 11:46 - 11:49
    උදාහරණයකට Mindfulness, Bliss and Beyond
    (පොත භාවනාවට අත් පොතක්)
  • 11:49 - 11:56
    භාවනාව උගන්වනවා. භාවනාව කියන්නේ
    යාච්ඤාවක් වත් මෙනෙහි කිරීමක්වත් නොවේ
  • 11:56 - 11:58
    මම හිතන්නේ සමහර මිනිස්සු හිතනවා
  • 11:58 - 12:02
    භාවනාව කියන්නේ
    ප්‍රාර්ථනා කරන එක කියලා
  • 12:20 - 12:30
    ඔහුගේ ස්ථාවරය සමථය එකක් සහ විපස්සනාව
    අනෙකක් නොව,
  • 12:32 - 12:35
    නිශ්චලත්වය සහ ගැඹුරු අවබෝධය කියලා
  • 12:35 - 12:40
    ඇත්තෙන්ම එය එසේමයි
    අජාන් චා ස්වාමින් වහන්සේත් අවධාරණය කලේ.
  • 12:40 - 12:46
    නමුත් බොහෝ බෞද්ධ පිරිස් අතර දැනටත්
  • 12:47 - 12:49
    කථා බහ වෙන්නේ
  • 12:49 - 12:54
    එකක් නැතිනම් අනික ප්‍රගුණ
    කිරීමක් ගැනයි
  • 12:54 - 12:56
    එකක් කරනවා නම් අනික කරන්නේ නැහැ.
  • 12:56 - 13:03
    ගැඹුරු සමාධියක අවශ්‍යතාව ගැන
    ඔහු කරන අවධාරණයත්
  • 13:03 - 13:08
    ඒ තත්වයන් දියුණු කර ගැනීමට ඔහු
    දෙන පැහැදිලි උපදේශනත් නිසා
  • 13:09 - 13:26
    මම හිතන්නේ බෞද්ධ සම්ප්‍රදායන් තුල භාවනාවට
    පැහැදිලි පුනර්ජීවනයක් ඇති කර තියෙනවා.
  • 13:40 - 13:44
    ඊසානදිග තායිලන්තයේ පිහිටි වටි පා නනචට්
    ආශ්‍රමයට මම ගිහා
  • 13:45 - 13:48
    එහිදී අජාන් බ්‍රහ්ම්ගේ භාවනාව
    ගැන පොත කියවුවා
  • 13:48 - 13:51
    Mindfulness, Bliss and Beyond
    (සතිය, ප්‍රීතිය සහ ඉන් ඔබ්බට)
  • 13:52 - 13:53
    ඒ පොත කියවලා
  • 13:53 - 13:57
    මට "යුරේකා" කියලා කෑ ගැසුණා
  • 13:58 - 14:01
    ඒ පොත කියවීමෙන්
  • 14:03 - 14:06
    භාවනාව ගැන මට තිබුණු ප්‍රශ්න
    සම්පූර්ණයෙන් විසඳුණා
  • 14:08 - 14:11
    භාවනාව ගැන මට තිබුණු ප්‍රශ්න
    සම්පූර්ණයෙන් විසඳුණා
  • 14:11 - 14:15
    මම භාවනාව ආරම්භ කළේ විශ්ව විද්‍යාලයේ
    නවකයකු ලෙසටයි.
  • 14:16 - 14:20
    මම මනසේ සෑහෙන වීර්යයක් යොදවලා
    භාවනා කලා
  • 14:20 - 14:25
    විවිධ කම්මට්ඨානාචාර්යයන් හමු වුනා,
    භාවනාව ගැන බොහෝ පොත් කියවුවා
  • 14:26 - 14:32
    නමුත් ඒ උපදේශකයෙකු වත්, පොතකවත්
    "අත හැරීම" ඉගැන්වුවේ නැහැ
  • 14:32 - 14:36
    මනසේ දැඩි අධිෂ්ඨාන ශක්තිය අතහරින්න කියලා ඉගැන්වූයේ නැහැ
  • 14:37 - 14:43
    මම වාසනාවන්ත වුනා ඔහු සමඟ ඕස්ට්‍රේලියාවේ
    බෝධිඥාණ ආශ්‍රමයේ කලක් සිටින්නට
  • 14:43 - 14:49
    මම සෑහෙන්න ඉගෙන ගත්තා
    ඔහුගේ දේශනාවලින්
  • 14:52 - 14:54
    ඔහුගේ හැසිරිමෙන්
  • 14:55 - 14:57
    ඔහුගේ ආකල්ප වලින්.
  • 14:59 - 15:06
    මුල සිටම අජාන් බ්‍රහ්ම් ගැන මගේ මතකය
    ස්ථාවරයි
  • 15:06 - 15:14
    ඒ ඔහු හරිම සතුටින් සිටින කෙනෙක් විධියට
  • 15:15 - 15:20
    බොහොම යහපත්, ධනාත්මක
    සතුටු කෙනෙක්
  • 15:20 - 15:26
    ඍණාත්මක දෙයක් කියන්නේ බොහෝම
    කලාතුරකින්
  • 15:27 - 15:31
    කනගාටු ස්වභාවයක් නැති තරම්
  • 15:31 - 15:37
    ඔහු ජවසම්පන්න, ප්‍රබෝධමත්,
    හරිම මිත්‍රශීලී කෙනෙක්
  • 15:37 - 15:43
    මට හිතෙන්නේ අජාන් බ්‍රහ්ම් සමඟ
    මිත්‍රශීලී නොවූ කෙනෙක් සිටියේ නැහැ
  • 15:43 - 15:46
    එකිනෙකා නුරුස්සන සමහර
    භික්ෂූන් වහන්සේලා සිටියා
  • 15:47 - 15:50
    නමුත් හැමෝම අජාන් එක්ක සුහදයි
  • 15:50 - 15:52
    ඔහුත් සෑම කෙනෙක් එක්ක ම සුහදශීලීයි
  • 15:59 - 16:02
    බැලූ බැල්මට ඔහු අනෙක්
    බටහිර ජාතිකයෙක් වාගේයි.
  • 16:02 - 16:04
    ශක්තිමත් ශරීරයක්, පෞරුෂයක් ....
  • 16:04 - 16:06
    ඔහු ප්‍රියමනාපයි,
    කෙලින් කථා කරනවා
  • 16:06 - 16:10
    වරක් මම ඔහුගෙන් ඇසුවා මෙහි ජීවත් වූ කාලයේ
    ඉසාන් කෑම වලට තිබුණ රුචිය ගැන
  • 16:10 - 16:16
    ඔහු කීවේ මෙහෙදී ඉසාන් කෑම වැළඳුවා
    නමුත් පර්ත් නගරයට ගියාට පස්සේ
  • 16:17 - 16:20
    ඉසාන් කෑම කන එක නැවතුණා
    සැර වැඩි වාගේ දැනුණා කියලා
  • 16:20 - 16:23
    බටහිර ජිවත් වෙන විට දිව බටහිර ආහාර
    වලට හුරු වෙලා
  • 16:23 - 16:26
    තායිලන්තයේ ජීවත්වෙන ‌කාලයේ
    කන්න පුරුදු වුනා
  • 16:26 - 16:27
    නමුත් පස්සේ සැර රස වැඩි වුනා.
  • 16:27 - 16:29
    අපි ඒවා හදලා ‌දුන්නා
  • 16:29 - 16:34
    දැන් කෑම වර්ග දෙකක් පිළියෙල කරන්න වෙලා
    පිට්සා වාගේ ජාති
  • 16:45 - 16:48
    මට මතකයි මුල් දවස් වල
    ඔහුගේ දේශනා අසන විට
  • 16:48 - 16:50
    මට හරිම ප්‍රීති සුඛයක් දැනෙනවා.
  • 16:50 - 16:54
    කඳුුලු හැලෙනවා සතුටට
  • 16:54 - 16:57
    හරි සද්ධාවක් ඇති වෙනවා
  • 16:57 - 17:02
    උන්වහන්සේ නො සිටින්නට ධම්මසාර ආශ්‍රමයක්
    තියේවි කියලා මට හිතෙන්නේ නැහැ
  • 17:02 - 17:04
    භික්ෂුණි වහන්සේලා ගණනක් වැඩ සිටිනවා
  • 17:07 - 17:10
    සමහර අයට හොඳට කථා කරන්න පුළුවනි
  • 17:10 - 17:12
    නමුත් කියන දේ පිළිපදින්නේ නැහැ
  • 17:13 - 17:16
    නමුත් මුන්වහන්සේ කරන දේ කියන්න
    කියන දේ කරන්න හැකි කෙනෙක්
  • 17:23 - 17:28
    අජාන් බ්‍රහ්ම් සහ ඕස්ට්‍රේලියාවේ
    භික්ෂු සංඝයා වහන්සේලා
  • 17:28 - 17:31
    කාන්තාවට උපසම්පදාව දුන් විට
  • 17:31 - 17:33
    2009 වර්ෂයේ
  • 17:35 - 17:41
    ඒ ක්‍රියාව මාව හරියට සංවේදී කෙරෙවුවා
  • 17:41 - 17:44
    මම හරිම සංවේදී වුනා
  • 17:46 - 17:50
    ඒ අය මගේ සහෝදරයෝ
    මගේ භික්ෂු සහෝදරයෝ
  • 17:50 - 17:53
    මෙකලත් ධර්ම ග්‍රන්ථ අවබෝධ කර ගන්නා අය.
  • 17:53 - 17:57
    බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුවම
    තවමත් ඒ ග්‍රන්ථ පරිහරණය කරන අය.
  • 17:57 - 18:01
    ඉතින් ඒක මට විශාල ශක්තියක් වුනා.
  • 18:01 - 18:04
    මම උන්වහන්සේට මේක තවම කියලා නැහැ
  • 18:07 - 18:14
    ඒ කාලයේ තනිව සටනක් ගෙන ගිය
    මට ඒක ලොකු ශක්තියක් වුනා
  • 18:18 - 18:21
    සමාවෙන්න, සමාවෙන්න කඳුලු සලනවා
  • 18:21 - 18:27
    ඔහු ඒ ගත් වගකීම කොපමණ වැදගත් ද
    කියන්නටයි මට ඕනෑ
  • 18:27 - 18:31
    සංඝ පරපුරේ දියුණුවට,
    ථේරවාද සංඝ පරපුරේ දියුණුවට
  • 18:42 - 18:47
    මම මේ සිටින තත්වයට පත් වෙන්න
    ලැබෙන්නේ ම නැහැ
  • 18:47 - 18:49
    මම කාන්තාවක් වූවා නම්
  • 18:49 - 18:51
    මට පැවිද්දෙකු වන්නට මෙපමණ
    පහසු වෙන්නේ නැහැ.
  • 18:51 - 18:53
    ඉන්න තැනක් සොයා ගන්න
    මෙපමණ පහසු වෙන්නේ නැහැ
  • 18:53 - 18:56
    මට මේ තරම් සහයෝගයක් ලැබෙන
    එකක් නැහැ
  • 18:57 - 18:59
    මේ තත්වය හරිම අසාධාරණයි
  • 18:59 - 19:04
    මේ වාගේ විෂම සැලකීම් ඇති වාතාවරණයක දී
  • 19:04 - 19:08
    එයින් වාසි කොටසේ ඉන්න අප
  • 19:08 - 19:13
    ඒ ගැන දොස් පවරා ගන්න අවශ්‍ය නැහැ නමුත්
    වගකීමක් ගන්න ඕනෑ
  • 19:14 - 19:18
    ඒ ‌පිළිගැනීමේ වෙනස නැති කිරීමට
    අපි කටයුතු කරන්න ඕනෑ
  • 19:18 - 19:21
    මට හරි සතුටුයි අජාන් බ්‍රහ්ම් ඒ වාගේම
    භික්ඛු බෝධි තෙරුන් වහන්සේ
  • 19:21 - 19:23
    මේ ගැන ඍජුව කථා කිරීම ගැන
  • 19:23 - 19:25
    ඒ වාගේ ම භන්තේ ගුණරතන තෙරුන් වහන්සේ
  • 19:25 - 19:28
    පිළිගැනීමක් ඇති වැදගත් භික්ෂූන් වහන්සේලා
    කිහිප නමක් සිටිනවා
  • 19:28 - 19:30
    මේ ගැන බොහොම පැහැදිලි ස්ථාවරයක සිටින
  • 19:37 - 19:41
    අජාන් බ්‍රහ්මවම්සෝ
    මම උන්වහන්සේ ට නමස්කාර කරනවා
  • 19:42 - 19:48
    මොකද උන්වහන්සේ තමයි බොහොම ශක්තිමත්
    පියවරක් ගත්ත එකම පුද්ගලයා
  • 19:48 - 19:57
    පසුව ඇති වූ සම්ප්‍රදායන්ට එරෙහිව
  • 19:57 - 20:03
    ඒ සම්ප්‍රදායික භික්ෂූන් වහන්සේලා
    බුදුරජාණන් වහන්සේගේ සංකල්පය ගෙන යන්නේ නැහැ
  • 20:27 - 20:31
    අවාසනාවකට ඒ ඒ රටවල සංස්කෘතික ලක්ෂණ
  • 20:31 - 20:35
    සමහර විට ආගමක මුල් ප්‍රඥප්ති අබිබවා යනවා
  • 20:36 - 20:38
    ඒකයි බුද්ධාගමට වූයේ
  • 20:38 - 20:41
    නමුත් අජාන් බ්‍රහ්ම් ඉන් ඔබ්බට දුටුවා
  • 20:41 - 20:49
    බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම්
    අනුගමනය කරමින් භික්ෂුණී සංඝයා පැවිදි කලා.
  • 20:51 - 20:55
    බුදුරජාණන් වහන්සේගේ දේශනා කලේ
    භික්ෂු සංඝ පරපුරක්, භික්ෂුණී සංඝ පරපුරක්
  • 20:55 - 20:59
    ඒවාගේම ගිහි උපාසක උපාසිකා පරපුරක්
    අවශ්‍ය වෙනවා ධර්මය ස්ථාපිත කරන්නට
  • 20:59 - 21:01
    තවදුරටත් උන්වහන්සේ දේශනා කලේ
    පරිනිර්වාණයට පත් වන්නේ
  • 21:01 - 21:05
    ඒ සිව් වැදෑරුම් පර්ෂද ශක්තිමත් වීමෙන්
    පසුව බවයි
  • 21:05 - 21:08
    ඒ අය නිවැරදි ඉගැන්වීම් අනුගමනය කලා
  • 21:08 - 21:10
    අන් අයට ඉගැන්වීමට සමත් වුනා
  • 21:10 - 21:12
    බුද්ධ වචනය සුරැකීමට සමත් වුනා
  • 21:15 - 21:21
    මම හිතෙනවා ආසියානු ථේරවාදී බුදු දහම
    21 වන සියවසට ගෙන යන්න නම්
  • 21:22 - 21:27
    පටු, හණමිටිකාර අදහස් ඉක්මවා යන්න වෙනවා
  • 21:27 - 21:32
    ආදී කාලයෙන් උරුම වුන අදහස්
    ඉක්මවා යන්න වෙනවා
  • 21:47 - 21:52
    මම අජාන් බ්‍රහ්ම් හඳුනා ගත්තේ
    ඔහුගේ පොත් ඇසුරෙන්.
  • 21:52 - 21:56
    ඊට පස්සේ බෝධිඥාණයේදී හමු ගැසුණා
  • 21:56 - 21:59
    භික්ෂුණී වහන්සේලා සතර නමක්
    උපසම්පදාව ලැබුවා
  • 21:59 - 22:05
    අජාන් වායාමා, සේරි, නිරෝධා සහ හසපඥා තෙරණින් වහන්සේලා
  • 22:05 - 22:10
    අපි අජාන් බ්‍රහ්ම්ට කෘතඥ වෙනවා
    ඔහු එඩිතරයි
  • 22:10 - 22:21
    ඔහු සසුනේ එක ස්ථම්භයක් නැවත
    නඟා සිටවීමට උනන්දු වෙනවා
  • 22:22 - 22:26
    අජාන් බ්‍රහ්ම්ගේ ගෝලයනුත් එඩිතරයි.
  • 22:44 - 22:49
    මම සතුටුයි අපි පසු බසින්නේ නැතිව
    උපසම්පදාව කල එක ගැන
  • 22:49 - 22:52
    සමහර විට හරි මානසික පීඩනයක් ඇති වෙනවා
  • 22:52 - 23:01
    සමහර අය කියනවා ඔය අය කල දේ නිසා
    සංඝ භේදයක් ඇති වුනා වාගේ දේවල්
  • 23:01 - 23:04
    සමහර විට හරිම අපහසුතාවයක් දැනෙනවා
  • 23:04 - 23:10
    හරි කලබලයක් ඇති කලා කියනවා සසුනට,
    ඒ වාගේ දේවල්
  • 23:13 - 23:18
    මම ශික්ෂාපද වැඩි ගණනක් ආරක්ෂා
    කරනවා විතරයි, වෙන මොකුත් කලේ නැහැ
  • 23:18 - 23:21
    තව කිසිම කෙනෙකුට වරදක් කරලා නැහැ
  • 23:30 - 23:39
    මම අසා තිබෙනවා ඔහු කාන්තා පක්ෂය
    පැවිදි වීම වෙනුවෙන් පෙනී සිටි බව
  • 23:39 - 23:43
    උන්වහන්සේට තායිලන්තයේදී ලැබුණු ප්‍රතිචාරය
    ඉතාම අසාධාරණයි
  • 23:45 - 23:49
    මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් මාතෘකාවක්
  • 23:49 - 23:52
    නූතන කාලයේ බුදු දහම ගැන
    සාකච්ඡා කිරීමේ දී.
  • 23:55 - 24:00
    අජාන් බ්‍රහ්ම් ධර්මයට ගෞරවාදර කරන කෙනෙක්.
    අජාන් බ්‍රහ්ම් හොඳ භික්ෂුවක්
  • 24:00 - 24:03
    ඔහු අති විශිෂ්ට භික්ෂුවක්
  • 24:04 - 24:10
    ඔහු ආචාරශ්‍රීලී, භාරදූර වගේම
    ආත්ම පරිත්‍යාගයෙන් වැඩ කරන කෙනෙක්
  • 24:12 - 24:19
    ඔබ වට් නොන් පා හෝ වෙන අධීක්ෂණයක්
    යටතේ හෝ විය යුත් නැහැ
  • 24:20 - 24:23
    තාමත් ඔබ අජාන් චා ගේ ශ්‍රාවකයෙක්
  • 24:23 - 24:26
    තාමත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්
  • 24:28 - 24:34
    අජාන් බ්‍රහ්ම් ඔබ සිටින්නේ පර්ත් නගරයේ
    ඔබ එයට ගැළපෙන විධියට ඉන්න
  • 24:35 - 24:40
    සතුටින් සිටින්න, ධෛර්යවත් වන්න,
    පළමුවැනියා වන්න.
  • 24:46 - 24:54
    වාසිය තමයි අජාන් බ්‍රහ්ම්ට තමාගේ විධියට කටයුතු
    කර ගන්න නිදහස තියෙනවා
  • 24:54 - 24:58
    එතරම් වාර්තා කරන්න වත්
    ප්‍රශ්න කරන්න වත් අවශ්‍ය නැහැ
  • 24:58 - 25:03
    ඔහු අකුරට පිළි පිළිපැදින්න
    අවශ්‍ය වන්නේ නැහැ
  • 25:03 - 25:07
    ඒ පරම්පරාවට වැදගත් සිරිත් විරිත්
    සහ සංස්කෘතික අංග
  • 25:08 - 25:18
    පැවිදි පුහුණුවට මූලික අදාළත්වයක් නැති
    තායි සංස්කෘතික අංග.
  • 25:18 - 25:21
    ඒවායින් ඔහු කොටු වෙන්නේ නැතිව
    ඔහුට නිදහස තියෙනවා
  • 25:21 - 25:26
    ඔහුට ආවේණික ශෛලියට අනුව ධර්මය ඉගැන්වීමට
  • 25:26 - 25:32
    ඔහු රැක බලා ගන්නා ආරණ්‍ය සහ
    ගෝල භික්ෂූන් පුහුණු කිරීමට
  • 25:33 - 25:35
    ඔහුට වැඩි නිදහසක් තියෙනවා
  • 25:35 - 25:42
    ඔහුට ආවේණික ගෝල පරම්පරාවක්
    හැඩ ගැස්වීමට වුනත්
  • 25:42 - 25:45
    යම් යම් දේ සිදු වීමට සුදුසු කාලය
    පැමිණි විට
  • 25:45 - 25:47
    ස්වභාවයෙන් ම වාගේ වාතාවරණය සකස් වෙනවා
  • 25:47 - 25:49
    මොකද අපි ඒ දෙයට සුදානම්
  • 25:49 - 25:51
    ආශ්චර්යයි
  • 25:52 - 25:56
    අජාන් බ්‍රහ්මාලි,
    මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා
  • 25:56 - 26:00
    ප්‍රශ්නය - සාමාන්‍යයෙන් විධිමත් භාවනා
    පුහුණුවක් කරනවා නම්...
  • 26:03 - 26:06
    බටහිර ලෝකයේ බුදු දහම පැහැදිලි වන්නේ
  • 26:06 - 26:08
    ධර්මය පැහැදිලි කල යුතු විලසටයි
  • 26:08 - 26:12
    බුදු දහම මළ ගිය ඥාතීන් පිදීම වත්
    බුදුරජාණන් වහන්සේට යාඥා කිරීමවත් නොවේ
  • 26:12 - 26:16
    චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීම ගැනයි
  • 26:17 - 26:19
    නිවැරදි දෘෂ්ඨිය හරි වැදගත්
  • 26:19 - 26:23
    අජාන් බ්‍රහ්ම්ගේ දක්ෂ කම එතනයි
  • 26:23 - 26:29
    දහම ඉගැන්වීමට ගන්නා ප්‍රවේශයත්
    ඔහුට ම ආවේණිකයි
  • 26:30 - 26:34
    මුළු ලෝකයේ ලොකුම පරාජිතයා
    බුදුරජාණන් වහන්සේයි
  • 26:34 - 26:39
    උන්වහන්සේට සියල්ල අහිමි වුනා
  • 26:41 - 26:45
    ඉතින් මම දෙන උපදෙසත් එයමයි
    "කරුණාකරලා නැතිම වෙලා යන්න"
  • 26:45 - 26:49
    (සිනහා)
  • 26:51 - 26:53
    අපි කරන්නේ ඒ දේයි
    සෑම දේ නැති කර ගන්නවා
  • 26:53 - 26:55
    අපේ බැදීම් නැති කර ගන්නවා
  • 26:56 - 27:00
    අපේ ප්‍රගතිය ගැන ඇති සංකල්ප වාගේ දේත්
    නැති වී යනවා
  • 27:00 - 27:03
    අහෝසි වෙනවා, නැති වී යනවා
  • 27:03 - 27:04
    එයයි මාර්ගය
  • 27:05 - 27:10
    මම හිතන්නේ මිනිසුන්ට ඔහු
    අහම්බෙන් වාගේ මුණ ගැසුනොත්
  • 27:10 - 27:14
    ඔහු හරි සැහැල්ලුයි විහිළු කරනවා
  • 27:14 - 27:17
    මට හිතෙන්නේ එයින්
  • 27:17 - 27:23
    ඔහු වඩන පිළිවෙතේ ගැඹුර ගැන
    හැඟීමක් ඇති වන්නේ නැහැ
  • 27:23 - 27:28
    ඔහුගේ දේශනා සෑම විටම ඉලක්ක වන්නේ
    මිනිසුන් නිවනට යොමු කරන්නටයි
  • 27:29 - 27:36
    ඒ අතින් සීමිත බවක් පෙනුනත්,
    ඔහුගේ ශෛලිය නිසා වැඩි පිරිසක්
    එයට යොමු කරගන්න ඔහුට හැකියි
  • 27:36 - 27:39
    එම දක්ෂ කම අගය වෙනවා මදියි
  • 27:39 - 27:43
    ඒ නිපුනත්වය නිසා විශාල පිරිසකට
    ධර්මය ගෙන යනවා
  • 27:43 - 27:46
    එයින් විශාල පිරිසකට සද්ධාව ඉපදෙනවා.
  • 27:46 - 27:51
    එසේම සරල, වටහා ගැනීමට පහසු අන්දමට ධර්මය
    ඉගැන්වීමෙන්
  • 27:51 - 27:57
    ගැඹුරු විදර්ශනා ඥාන
    ලබා දෙන භාවනා වෙතටත් යොමු වෙනවා
  • 27:57 - 28:04
    සමහරු බොහෝ විට ධර්මයේ ගැඹුරු ඉගැන්වීම්
    ධ්‍යාන, නිර්වාණය වැනි දේ
  • 28:04 - 28:06
    දියාරු කරලා, සුළු කොට දක්වනවා
  • 28:06 - 28:09
    වැඩි ප්‍රේක්ෂක පිරිසක් වෙත යොමු වන්නට
  • 28:09 - 28:11
    අජාන් බ්‍රහ්ම් ඒ දේ කරන්නේ ම නැහැ
  • 28:11 - 28:16
    ඔහු සිදු කරන්නේ වටහා ගැනීමට පහසු,
    ධර්මයේ අර්ථවත් හා ප්‍රායෝගික ඉගැන්වීම් පෙන්වාදීමයි.
  • 28:16 - 28:19
    සියලු දෙනාට ම ‌එදිනෙදා ජීවිතයේ දී
    භාවිතා කල හැකි ධර්මතාවන්
  • 28:19 - 28:24
    ඒ මූලික ධර්මතා වැඩීමෙන් පසුව
    ඔවුන්ට කැමැත්තක් ඇති වෙනවා නම්
  • 28:24 - 28:27
    වඩා ගැඹුරු ගම්භීර ධර්මයන්ට යොමු වී
    ඒවා වටහා ගැනීමට ද හැකියි.
  • 28:28 - 28:33
    ඔහුගේ ධර්ම දේශනා එක්වර විශාල
    පිරිසකට ගෙන යාමේ හැකියාව
  • 28:33 - 28:39
    බෞද්ධ සංගමයේ යූටියුබ් (BSWA YouTube)
    නාලිකාව ඔස්සේ විකාශනය කිරීමෙන් සිදු වෙනවා
  • 28:39 - 28:43
    එයින් ඔහු ධර්මය පුළුල් පරාසයකට ගෙන යනවා.
  • 28:43 - 28:47
    ධර්මයට වත් භාවනාවට වත් කිසිම උනන්දුවක්
    නොදැක්වූ අයට පවා
  • 28:47 - 28:51
    උන්වහන්සේගේ දේශනා අදාළයි.
    ඒවා එදිනෙදා ජීවිතය ගැනයි.
  • 28:51 - 28:55
    ඔහු කථා කරනවා කරදරකාරී අය සමඟ ජීවත් වෙන
    හැටි, හැඟීම් සමඟ කටයුතු කිරීම ගැන
  • 28:55 - 28:58
    අකමැත්ත, තරහ නැති කර ගැනීම ගැන
  • 28:58 - 29:01
    මේ දේවල් සෑම දෙනාට ම අදාළයි.
  • 29:01 - 29:04
    සදාචාරාත්මකව යහපත් ජීවිතයක්
    ගත කරන්නේ කෙසේ ද,
  • 29:04 - 29:09
    බෞද්ධ සාරධර්ම ඔස්සේ විවිධ ප්‍රශ්න,
    අභියෝග වලට අපි මුහුණ දෙන ආකාරය
  • 29:11 - 29:18
    බෞද්ධ මනසිකාර, භාවනා ක්‍රමයන්
    භාවිතා කරන්නේ කෙසේ ද
  • 29:21 - 29:25
    අපේ මනස හික්මවීම‌ ට සහ වඩා කර්මණ්‍ය
    කර ගැනීමට
  • 29:25 - 29:31
    එදිනෙදා අන් අය සමඟ කටයුතු කිරීමට සහ
    ජීවිතයේ අමාරු අවස්ථා මුහුණ දීමේ දි.
  • 29:33 - 29:37
    මම හිතනවා අජාන් බ්‍රහ්ම්ගේ
    ධර්මය ඉගැන්වීමේ ඒ ප්‍රවේශය
  • 29:38 - 29:39
    හරි සාර්ථකයි කියලා
  • 29:50 - 29:56
    අජාන් මුළු මහත් බෞද්ධ ප්‍රජාවට ම
    සේවයක් කරනවා, ජාත්‍යන්තර වශයෙන්.
  • 29:56 - 30:00
    මොකද ඔහුට භික්ෂූන් නිපදවන කම්හලක්
    මෙහි තියෙනවා
  • 30:00 - 30:04
    ඒ කම්හල දැනටමත් පිරිලා,
    ඇතුල් වෙන්න දිග පෝලිමකුත් තියනවා
  • 30:05 - 30:07
    මෙහි පුහුණුව ලබන අය
  • 30:07 - 30:11
    විවිධ රටවල් වලින් පැමිණිය අය,
    ජාත්‍යන්තර නියෝජනයක් තියෙනවා
  • 30:11 - 30:16
    බොහෝ බෞද්ධ රටවල් වල
  • 30:16 - 30:18
    මහණ වෙන්න කැමති අය අඩුයි
  • 30:18 - 30:21
    නමුත් මෙහි පෙළගැස්මක් තියෙනවා
  • 30:22 - 30:25
    ඉතින් අපි හිතනවා
    මේ භික්ෂූන් වහන්සේලා පුහුණුව ලැබුවාට පසු
  • 30:25 - 30:29
    ඒ අය තව ප්‍රජාවක් ඇති කරන්න
    දායක වේවි කියලා.
  • 30:31 - 30:37
    ඔහුට භික්ෂූන් නිපදවන කම්හලක් මෙහි තියෙනවා
    බොහෝ අය එතනට පෙළගැස්වෙනවා.
  • 30:37 - 30:42
    මම අජාන් බ්‍රහ්ම් හඳුනා ගත්තේ
    පැවිදි වූ අලුතයි
  • 30:43 - 30:47
    භාවනා සමාජයේ දී ධර්ම දේශනා
    වලට සවන් දුන්නා
  • 30:48 - 30:50
    මුලින් භික්ඛු බෝධි ස්වාමීන් වහන්සේ ගේ
  • 30:50 - 30:56
    භික්ඛු බෝධි ස්වාමීන් වහන්සේ ගේ දේශනා
    ගැඹුරුයි, හරි විද්වත්
  • 30:56 - 30:59
    ඉතින් භික්ඛු බෝධිගේ දේශනා ඇසුවාට පසු
  • 31:00 - 31:03
    මට අන්තර්ජාලය ඔස්සේ අජාන් බ්‍රහ්ම්
    මුණ ගැසුනා
  • 31:04 - 31:08
    මට තේරුණා උන්වහන්සේට
    හොඳ හාස්‍ය රසයක් තිබුණා කියලා
  • 31:09 - 31:17
    උන්වහන්සේ ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික දැනුම
    සමබර කරගත් මුල් ම බටහිර භික්ෂූන් වහන්සේ නමක්.
  • 31:18 - 31:21
    උන්වහන්සේ ඒ ප්‍රවේශය ස්ථාපිත කලා
  • 31:21 - 31:25
    ඒවා එකිනෙකට වෙනස් නොවන
    නමුත් උපකාර වන බව
  • 31:25 - 31:28
    විශේෂයෙන් තායි සම්ප්‍රදාය තුල
  • 31:29 - 31:34
    මේ දෙක අතර සෑහෙන බෙදීමක් තියෙනවා
  • 31:35 - 31:37
    භාවනා භික්ෂූන්ට ශාස්ත්‍රීය දැනුම නැහැ,
  • 31:37 - 31:41
    ශාස්ත්‍රීය දැනුම ඇති අය
    භාවනා (පරිශීලනය) කරන්නේ නැහැ
  • 31:46 - 31:51
    තායි භික්ෂූන් වහන්සේලාට සෑහෙන
    සංස්කෘතික ආභාසයක් තියෙනවා
  • 31:52 - 31:54
    ඔවුන් රජතුමාට බොහෝ ගරු කරනවා
  • 31:54 - 31:55
    ඒ අයුරින්ම
  • 31:55 - 32:00
    භික්ෂූන් වහන්සේලා ලොකු හාමුදුරුවන්ට
    නැතිනම් ආශ්‍රමාධිපතිට ගෞරව කරනවා
  • 32:00 - 32:04
    මෙහි ඒ වාගේ සබඳතාවක් නැහැ
  • 32:05 - 32:07
    පොඩි හාමුදුරුවෝ සහ ලොකු හාමුදුරුවෝ අතර
  • 32:08 - 32:13
    සබඳතාව ගොඩනඟන්න අමාරුයි
    කල් යනවා
  • 32:13 - 32:15
    ඉතින් භික්ෂූන් වහන්සේලා තායිලන්තයට
    යවන එක හොඳයි
  • 32:15 - 32:17
    පුහුණුවක් අර ගෙන එන්න
  • 32:17 - 32:18
    මේ දවස්වල නම් බැහැ
  • 32:19 - 32:24
    එවිට ඒ අයට දැනුම ලැබෙනවා
    ආශ්‍රමාධිපති සමඟ කටයුතු කරන ආකාරය ගැන
  • 32:24 - 32:26
    මෙහි ඒ ආභාසය නැහැ
  • 32:27 - 32:31
    ඒ නිසා භික්ෂූන් සමඟ කටයුතු කිරීමේ දී
    දක්ෂ වෙන්න ඕනෑ
  • 32:31 - 32:35
    මට හිතෙනවා අජාන් බ්‍රහ්ම් බොහොම හොඳින්
    ඒ මෙහෙයවීම කරනවා කියලා
  • 32:35 - 32:42
    හරිම ප්‍රජාතාන්ත්‍රිකයි,
    බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමත් එයයි.
  • 32:42 - 32:46
    අන් අය සමඟ කටයුතු කරන්නේ කෙසේද
    විනයකර්ම කරන්නේ කෙසේද කියා
  • 32:46 - 32:53
    විනය රැකීම, පිළිපැදීම ආදිය සිදු කරන්නේ
    බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මයි.
  • 32:57 - 33:04
    අජාන් බ්‍රහ්ම් ධර්මය උගන්වන ආකාරයෙන්
  • 33:05 - 33:09
    ප්‍රතිලාභ ලබන්නේ බෞද්ධයන් පමණක් නොවේ
  • 33:09 - 33:11
    බෞද්ධය නොවන අයටත් අදාලයි
  • 33:11 - 33:15
    ධර්මයෙන් විය යුත්තේ එයයි
  • 33:15 - 33:19
    සෑම සත්වයෙකුගේ ම හිත සුව, සතුට පිණිස
    විය යුතුයි
  • 33:19 - 33:31
    එසේ කිරීමෙන් අජාන් බ්‍රහ්ම් ධර්මයේ
    අරමුණ සාක්ෂාත් කර ගැනීමට සලස්වනවා.
  • 33:39 - 33:43
    ඔහු අපට මේ ලස්සන ලස්සනම
    තැන ලබා දී තියෙනවා
  • 33:43 - 33:45
    ලෝකයට ම එකයි
  • 33:45 - 33:51
    මිනිසුන්ට ධර්මය පිළිපදින්න
    අගනා තැනක්
  • 33:51 - 33:56
    මම හුඟක් තැන්වලට ගිහින් තියෙනවා
    නමුත් මේක අභිබවා යන්න එකක් නැහැ.
  • 33:57 - 34:03
    ඉතින් අජාන්‌ගේ ඒ දූරදර්ශී ක්‍රියාව මම
    අගය කරනවා, මෙහෙම තැනක් ලබා දීම
  • 34:04 - 34:09
    ඔහු ධර්ම දේශනා සඳහා සංචාරය කරන හැම විටම
    භාවනා වැඩ සටහනක් කරනවා
  • 34:09 - 34:14
    මට හැඟෙන විධියට
    ධර්මය අත් විඳීම තමයි වැදගත්
  • 34:15 - 34:17
    සවන් දෙනවා පමණක් නොවේ.
  • 34:17 - 34:21
    ඉතින් අත් විඳිනවා, පිළිපදිනවා,
    ඉගෙන ගන්නවා
  • 34:21 - 34:28
    මට හිතෙන විධියට ප්‍රඥාව ඇති කර ගත හැකි
    එකම ආකාරය එයයි. තමා තුලින් ඇතිවෙන ප්‍රඥාව
  • 34:30 - 34:33
    "කිසිවක් නොකර ඉන්න" යන
    අජාන් බ්‍රහ්ම්ගේ ඉගැන්වීම නිසා
  • 34:33 - 34:35
    මම පළමු වරට නිමිත්ත
    අත් වින්දා
  • 34:35 - 34:38
    පහ් ඕක් දී නිමිත්තට සපුරා ම වෙනස්
  • 34:38 - 34:41
    "කිසිවක් නොකර ඉන්න" යන ප්‍රතිපදාව තුලින්
  • 34:41 - 34:44
    මට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම
    සම්පූර්ණයෙන් අවබෝධ වුනා.
  • 34:44 - 34:48
    මම ආපසු කොරියාවට ගිහාම උත්සාහ කළා
    කොරියාවේ සාම්ප්‍රදායික ඉගැන්වීම සහ
  • 34:48 - 34:51
    අජාන් බ්‍රහ්ම් මෙහි දී උගන්වන නිර්මල
    දහමේත් එකතුවක් උගන්වන්න
  • 34:51 - 34:55
    මාගේ 30 වසරක සම්ප්‍රදායික පිළිපැදීම්
    අජාන් බ්‍රහ්ම්ගේ එක වැඩසටහනකට
  • 34:55 - 34:57
    සහභාගි වෙලා වෙනස් වුනා
  • 34:57 - 35:00
    බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම්
    පිළිපදින සැවොම දන්නවා
  • 35:00 - 35:05
    අජාන් බ්‍රහ්ම්ගේ පිරිසිදු ප්‍රතිපදා
  • 35:05 - 35:16
    මම හරිම කෘතඥ වෙනවා අජාන් බ්‍රහ්ම්ට සහ
    මෙහි සිටින පිරිසට
  • 35:20 - 35:31
    තුන් මසක වස්සාන කාලය අවසානයේ කඨින පිං කමට
    සහභාගී වීමට දහසක් පමණ බැතිමතුන් පැමිණෙනවා
  • 35:50 - 35:53
    අවුරුදු දෙකකට කලින් අපි වැඩසටහනක්
    සකස් කලා උන්වහන්සේ මැලේසියාවට වැඩමවන්නට
  • 35:53 - 35:55
    ඔහු පිළිතුරු එවුවා
  • 35:55 - 36:00
    "වික්ටර්, මම දැන් තරුණයෙක් නොවේ
    මම වයෝවෘද්ධ භික්ෂුවක්"
  • 36:01 - 36:08
    ඉතින් දැන් අපි ප්‍රවේසම් විය යුතුයි.
    සමහර විට අපට අමතක වෙනවා
  • 36:08 - 36:12
    අප සමඟ සිටින අය වයසට යනවා කියලා
  • 36:12 - 36:18
    අපේ ගුරුවරු වයස්ගත වෙන විට අපි
    ඒ අය වඩා හොඳින් රැක බලා ගත යුතුයි.
  • 36:23 - 36:27
    මම ඔහු හය වසරක් තිස්සේ අඳුනනවා
    ඒ කාලයේ ම ඔහු හරියට වෙහෙස වෙලා වැඩ කරනවා
  • 36:27 - 36:34
    මගේ ප්‍රාර්ථනාව
    ඔහු තමන් ගැන වඩා ප්‍රවේසම් වේවි කියා
  • 36:35 - 36:37
    මගේ ප්‍රාර්ථනාව එයයි
  • 36:37 - 36:49
    දෙවනුව සැමගේ ම ආශීර්වාදය, ආදරය
    ගෞරවය ලැබේවා
  • 37:09 - 37:11
    මේ අජාන් බ්‍රහ්ම්
    අර අජාන් බ්‍රහ්ම්
  • 37:11 - 37:15
    මම එහෙම කෙනෙක් දන්නේ ම නැහැ
    ඔහු මගේ සිතුවිලි මාත්‍රයක්
  • 37:15 - 37:19
    ඔහු මායාවක්,
    ඔහු මුලාවක්
  • 37:19 - 37:22
    ඔහු හංදියක සිටින මැජික් කාරයෙකු වාගේ
  • 37:22 - 37:24
    ඔබ අජාන් බ්‍රහ්ම්ගේ කැමති ම
    කථාව මොකක්ද?
  • 37:24 - 37:28
    මම අජාන් බ්‍රහ්ම්ගේ කැමති ම කථාව තමයි
    දවසක් සම්මුඛ සාකච්ඡාවක් කරමින් සිටිය දී
  • 37:28 - 37:30
    ඔහුට ඇති වුනා.. ඉතින් නැගිටලා යන්න
    තීරණය කලා
  • 37:30 - 37:31
    බයි! බායි!
  • 37:31 - 37:33
    (සිනහා)
Title:
දයාවෙන් පිරිපුන් දිවි ගමනක් - අජාන් බ්‍රහ්ම්ගේ 70 වෙනි උපන්දිනය ‌සැමරීමට ගුරු පඬුරක්
Description:

මෙම වීඩියෝව 2021 අගෝස්තු 7 වන දින 70 වන උපන්දිනය සමරන අජාන් බ්‍රහ්ම් මහා තෙරුන් වෙනුවෙන් සකස් කළ උපහාර ගුරු පඬුරකි. කීර්තිමත් භික්ෂූන් සහ භික්ෂුණීන් වහන්සේලා වන සොම්දෙත් තෙප්සින් තෙරුන්, භික්ෂු බෝධි, අනාලයෝ තෙරුන්, ධම්මානන්ද තෙරණින්, මෙත්තාවිහාරි තෙරුන් සහ කුසුමා තෙ‍රණින් වහන්සේලා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවලින් උපුටා ගත් කොටස් මෙහි ඇතුළත් ය. තවද බටහිර ඔස්ට්‍රේලියාවේ පිහිටි බෝධිඥාන සහ ධම්මසාර ආශ්‍රමයන්ගේ සහ තායිලන්තයේ දර්ශන අඩංගුවේ.

more » « less
Video Language:
English
Team:
Buddhist Society of Western Australia
Duration:
38:52

Sinhala subtitles

Revisions