Return to Video

සාගරයේ ඇති ප්ලාස්ටික් වලට පුදුමාකාර විසඳුමක්

  • 0:01 - 0:03
    අපි දෙයක් වරද්ද ගත්තා.
  • 0:04 - 0:06
    අපි හැමෝම.
  • 0:06 - 0:07
    අපි දෙයක් වරද්ද ගත්තා.
  • 0:09 - 0:11
    අපිට කරන්න අනවශ්‍යම දේ තමයි,
  • 0:12 - 0:13
    සාගරය පිරිසිඳු කිරීම.
  • 0:14 - 0:15
    අනවශ්‍යම දේ.
  • 0:16 - 0:19
    ඔව්, ප්ලාස්ටික් පිරවූ කුණු ලොරියක්
  • 0:20 - 0:21
    සාගරය වෙත යනවා තමයි
  • 0:22 - 0:23
    හැම විනාඩියකම
  • 0:24 - 0:26
    හැම පැයකම දවස්පතාම.
  • 0:27 - 0:29
    පක්ෂීන් හා සතුන් විශාල සංඛ්‍යාවක්
  • 0:29 - 0:31
    ප්ලාස්ටික් නිසාම මැෙරණවා.
  • 0:34 - 0:38
    වේගවත්ම සත්ව වඳවීමට අපි මුහුණ දෙනවා,
  • 0:38 - 0:40
    ඒ වගේම, ප්ලාස්ටික්, ආහාර දාමය
    තුළට ගිහින්.
  • 0:42 - 0:44
    ඒත් මම තවම ඉන්නවා ඔබ ඉදිරියේ
    හිටගෙන,
  • 0:44 - 0:45
    ඔබට කියනවා කරන්න අනවශ්‍යම දේ
  • 0:47 - 0:49
    මුහුද පිරිසිඳු කරන එක කියලා.
  • 0:49 - 0:51
    අනවශ්‍යම දේ.
  • 0:54 - 0:55
    ඔබ කුස්සියකට ගියොත්,
  • 0:56 - 0:58
    එහි බේසම පිටාර ගලනවා,
  • 0:59 - 1:01
    බිම හැම තැනම වතුර,
  • 1:01 - 1:02
    බිත්ති පෙඟෙනවා,
  • 1:03 - 1:05
    ඔබට ඉක්මණට හිතන්න වෙනවා,
    ඔබ කලබල වෙනවා;
  • 1:05 - 1:08
    ඔබට පනිට්ටුවක්, මොප් එකක් හො ප්ලන්ජර්
    එකක් තිබෙනවා.
  • 1:08 - 1:10
    ඉස්සේල්ලාම ඔබ මොකක්ද කරන්නේ?
  • 1:12 - 1:13
    අපි කරාමය වැහුවොතින්?
  • 1:15 - 1:17
    තේරැමක් නැහැ තෙත මාත්තු කරන එකේ
  • 1:17 - 1:19
    හෝ වතුර අරන් අයින් කරන එකේ
  • 1:19 - 1:22
    අපි ඉස්සෙල්ලා කරාමය වසන්නේ නැතිව.
  • 1:24 - 1:26
    ඇයි අපි සාගරයටත් ඒකම නොකරන්නේ?
  • 1:27 - 1:29
    සාගර පිරිසිඳු කිරීමේ ව්‍යාපෘතියත්,
  • 1:32 - 1:34
    වෙරළේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ
    වැඩසටහන්
  • 1:36 - 1:37
    හෝ තව යහපත් චේතනා ඇති
  • 1:38 - 1:41
    සාගර ප්ලාස්ටික් සමාගම්
  • 1:41 - 1:43
    සියයට සියයක්ම සාර්ථක වුණත්,
  • 1:45 - 1:47
    ඒක මදි, ඒ වගේම ප්‍රමාද වැඩියි.
  • 1:49 - 1:53
    අපි යන්නේ ෙටාන් මිලියන 300 ක්
    නිපදවන්න
  • 1:54 - 1:55
    ප්ලාස්ටික් මේ වසර තුළ.
  • 1:57 - 1:59
    දළ වශයෙන් ෙටාන් මිලියන අටක්
  • 2:01 - 2:03
    සාගරයට දිව යනවා
  • 2:03 - 2:07
    එතැන දැනටම ඇති දළ වශයෙන් ටොන් මිලියන
    150 ක ප්ලාස්ටික් වලට එකතු වෙන්න.
  • 2:10 - 2:12
    වාර්තා අනුව, සාගරයේ අැති ප්ලාස්ටික්
    සියයට 80ම,
  • 2:14 - 2:18
    එන්නේ අන්ත දුගීබව ඇති රටවල සිටයි.
  • 2:19 - 2:22
    ඔබ දුගීබවට හසු වෙලා ජීවත් වෙනවා නම්,
  • 2:23 - 2:26
    හැම තිස්සේම කෑම ගැන සිතමින්
  • 2:27 - 2:28
    හෝ සෙවණක් ගැන
  • 2:29 - 2:30
    හෝ ආරක්ෂාව ගැන,
  • 2:32 - 2:33
    ප්‍රතිචක්‍රීකරණය--
  • 2:33 - 2:36
    ඒක ඔබේ පරිකල්පිතයට එහා ගිය එකක්.
  • 2:38 - 2:41
    ඉතින් ඒක නිසා තමයි
  • 2:42 - 2:45
    මම ප්ලාස්ටික් බැංකුව පටන් ගත්තේ.
  • 2:46 - 2:48
    අපි තමයි ලෝකයේ විශාලතම වෙළඳසැල් ජාලය
  • 2:49 - 2:50
    අන්ත දුගී අයට,
  • 2:52 - 2:55
    එහි සෑම දෙයක්ම මිලදී ගත හැකියි
  • 2:55 - 2:57
    ඉවතලන ප්ලාස්ටික් භාවිතා කරලා.
  • 2:58 - 2:59
    සෑම දෙයක්ම.
  • 3:00 - 3:01
    පාසල් ගාස්තු.
  • 3:02 - 3:03
    වෛද්‍ය රක්ෂණ.
  • 3:04 - 3:06
    වයිෆයි, ජංගම දුරකථන විනාඩි, බලශක්තිය.
  • 3:06 - 3:10
    තිරසාර පිසීමට සුදුසු ඉන්ධන,
    වැඩි කාර්යාක්ෂමතා උදුන්.
  • 3:11 - 3:14
    අපිට අවශ්‍යයි එකතු කරන්න අනික් හැම දේම,
  • 3:14 - 3:17
    ලෝකයාට අවශ්‍ය විය හැකි එහෙත් වියදම
    දරන්න බැරි.
  • 3:20 - 3:24
    හෙයිටි වල අපේ වෙළෙඳසැල් ජාලය
    සමාජ මධ්‍යස්ථානවලට හුරුයි,
  • 3:26 - 3:28
    එහි අපගේ එක් රැස්කරන්නෙක්,
  • 3:28 - 3:29
    ලීසා නසීස්,
  • 3:32 - 3:34
    එයාට අවස්ථාව තිබෙනවා හම්බ කරන්න
  • 3:34 - 3:36
    දොරෙන් දොර ප්ලාස්ටික් එකතු කරලා,
  • 3:38 - 3:39
    පාරවල් වලින්,
  • 3:39 - 3:41
    ඒ වගේම ආයතන වලින්.
  • 3:42 - 3:46
    දවස අවසානයේ අැය ඒ රුස් කරපු දේ
    අපිට ගෙනැත් දෙනවා,
  • 3:46 - 3:49
    අපි ඒක කිරලා, තත්ත්වය පරීක්ෂා කරලා,
  • 3:49 - 3:52
    ඒකේ වටිනාකම ඇගේ ගිණුමට බැර කරනවා.
  • 3:56 - 3:58
    ලීසාට දැන් ස්ථිර,
  • 3:58 - 4:01
    විශ්වාසනීය ආදායම් මාර්ගයක් තිබෙනවා.
  • 4:03 - 4:07
    අපි ඒ වටිනාකම ඇය වෙනුවෙන් අන්තර්ජාලීය
    ගිණුමකට බැර කරනවා.
  • 4:08 - 4:11
    ඒක ඉතුරුම් ගිණුමක් නිසා ඒක වත්කමක් වෙනවා,
  • 4:11 - 4:13
    ඇයට ණය ගන්න උපකාරී වන.
  • 4:14 - 4:15
    ඒක අන්තර්ජාලීය ගිණුමක් නිසා,
  • 4:17 - 4:19
    ඇයට සොරුන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා,
  • 4:21 - 4:22
    ඒ වගේම වඩාත් වැදගත් දේ,
  • 4:23 - 4:25
    ඇයට ඈ ගැන අගයක් දැනෙනවා.
  • 4:26 - 4:27
    ප්ලාස්ටික් වලටත්
  • 4:28 - 4:30
    අලුත් වටිනාකමක් ලැබෙනවා.
  • 4:34 - 4:35
    හ්ම්.
  • 4:37 - 4:39
    අපි ඒ ප්ලාස්ටික් එකතු කරනවා,
  • 4:40 - 4:41
    අපි ඒකට වටිනාකමක් දෙනවා,
  • 4:45 - 4:46
    ගොඩවල් වෙන් කරනවා,
  • 4:46 - 4:47
    ලේබල් ගලවනවා,
  • 4:48 - 4:49
    පියන් ගලවනවා.
  • 4:52 - 4:54
    අපි එක්කො ඒවා කැබලි කරනවා
  • 4:55 - 4:57
    නැතිනම් ගොඩවල් අහුරලා අපනයනයට
    සකස් කරනවා.
  • 5:00 - 5:04
    ඒක දියමන්ති ආකර හරහා අැවිදිනවාට වඩා
    වෙනස් නැහැ.
  • 5:05 - 5:08
    ලීසා දියමන්ති ආකර හරහා ඇවිද්දා නම්
  • 5:08 - 5:10
    ඒත් එයාට ගබඩාවක් නැහැ, බැංකුවක් නැහැ,
  • 5:10 - 5:13
    දියමන්ති පාවිච්චි කරන්න විදියක් නෑ,
    හුවමාරු කරන්න විදියක් නෑ.
  • 5:14 - 5:16
    ඒවාටත් එතකොට වටිනාකමක් නැතිවේවි.
  • 5:18 - 5:20
    ලීසා වැන්දඹුවක් වුණා
  • 5:20 - 5:22
    2010 හෙයිටි භූමිකම්පාවෙන් පසු,
  • 5:24 - 5:25
    ආදායමක් නැතිව ගේදොර අහිමිවුණා.
  • 5:25 - 5:27
    මේ වැඩසටහන නිසා,
  • 5:28 - 5:31
    ලීසාට වියදම් කළ හැකියි අැගේ දියණියන්ගේ
    පාසල් ගාස්තු
  • 5:32 - 5:33
    හා නිළ ඇඳුම් වලට.
  • 5:35 - 5:36
    ඒ ප්ලාස්ටික්
  • 5:37 - 5:39
    අපි විකුණනවා.
  • 5:41 - 5:44
    අපි ඒවා විකුණනවා විශිෂ්ට වෙළෙඳ නාමයන්ට
    සපයන අයට
  • 5:44 - 5:46
    මාක්ස් සහ ස්පෙන්සර් වගේ,
  • 5:46 - 5:49
    සමාජයීය ප්ලාස්ටික් භාවිතා කිරීමට
    නියම කරපු අය
  • 5:50 - 5:51
    ඔවුන්ගේ නිෂ්පාදන වලට.
  • 5:53 - 5:54
    නැතිනම් හෙන්කල් සමාගම වගේ,
  • 5:54 - 5:56
    ජර්මානු පාරිභෝගික භාණ්ඩ සමාගම,
  • 5:58 - 6:01
    ඒගොල්ලෝ සමාජීය ප්ලාස්ටික් ඍජුවම
    නිෂ්පාදන ක්‍රියාවලියට යොදවනවා.
  • 6:01 - 6:03
    අපි දෙපැත්ත එකතු කරා,
  • 6:04 - 6:06
    කවාකරා ආර්ථිකයේ.
  • 6:08 - 6:10
    මිලදී ගන්න ෂැම්පු
  • 6:11 - 6:12
    හෝ රෙදි සෝදන කුඩු
  • 6:13 - 6:15
    සමාජ ප්ලාස්ටික් ආවරණ සහිත වූ,
  • 6:16 - 6:18
    එවිට ඔබ වක්‍රාකාරව දායක ෙවනවා
  • 6:18 - 6:22
    සාගරය වෙත යැවෙන ජල මාර්ගවලින්
    ප්ලාස්ටික් ඉවත් කිරීමටත්
  • 6:22 - 6:24
    දුගීබව තුරන් කිරීමටත්
  • 6:24 - 6:25
    දෙකම එක පාරට.
  • 6:27 - 6:29
    ඒ ආකෘතිය
  • 6:29 - 6:31
    ඕනෑම තැනක කරන්න පුළුවන්.
  • 6:32 - 6:34
    සාවො පවුලෝ වල,
  • 6:35 - 6:36
    පල්ලියේ දේශනාවෙන් තම වසම දිරි ගන්වනවා
  • 6:36 - 6:39
    ඉරිදා පරිත්‍යාගය විතරක් නෙවෙයි,
  • 6:39 - 6:40
    පතිචක්‍රීකරණ දේත් ගෙනෙන්න.
  • 6:42 - 6:44
    අපි එතකොට පල්ලියයි දුගී අයවයි යා කරනවා.
  • 6:45 - 6:46
    නැතිනම්, වඩා බලවත් දේ,
  • 6:46 - 6:50
    අපිට පුළුවන් ලන්ඩනයේ මුස්ලිම් පල්ලියක්
    කයිරෝහි දුප්පත් පල්ලියකට යා කරන්න.
  • 6:51 - 6:52
    නැතිනම් වැන්කූවර් වල වගේ
  • 6:53 - 6:55
    අපේ බෝතල් තැන්පත් වැඩසටහනින්:
  • 6:55 - 6:57
    ඕනෑම පුද්ගලයෙකුට
  • 6:57 - 6:59
    හෝ කණ්ඩායමකට
  • 6:59 - 7:01
    දැන් ආපහු දෙන්න පුළුවන්
  • 7:01 - 7:03
    ඔවුන්ගේ තැන්පතු ගෙවන ප්‍රතිචක්‍රීකරණ
    ද්‍රව්‍ය
  • 7:03 - 7:05
    ඒවාට මුදල් ලබා ගැනීම වෙනුවට
  • 7:06 - 7:08
    අවස්ථාව තිබෙනවා ඒ වටිනාකම
    තැන්පත් කරන්න
  • 7:08 - 7:11
    ලෝවටා දුගී අයගේ ගිණුමට.
  • 7:13 - 7:15
    දැන් අපිට අපේ ප්‍රතිචක්‍රීකරණ ගත හැකියි
  • 7:15 - 7:17
    ප්‍රතිචක්‍රීකරැවන්ගේ යැපීමටත් එසේ
    පිහිටුවීමටත්.
  • 7:19 - 7:21
    තමන්ගේ රටේ එක් බෝතල් තැන්පතුවකින්
  • 7:21 - 7:23
    ලෝ වටා සිය ගණනක් ගලවා ගන්න උපකාරී
    වෙනවා.
  • 7:25 - 7:27
    නැතිනම් ෂෙල් සමාගම වගේ,
  • 7:28 - 7:29
    ඒ බලශක්ති සමාගම
  • 7:30 - 7:33
    අපේ ප්ලාස්ටික් නිෂේධකරණ වැඩසටහනේ
    අායොජකයෙක්.
  • 7:33 - 7:36
    ප්ලාස්ටික් නිෂේධකරණය, කාබන් නිෂේධකරණය වගේ.
  • 7:37 - 7:41
    එත් ප්ලාස්ටික් නිෂේධකරණය ප්‍රතිචක්‍රීකරණ
    පහසුකම් වලට ආයෝජනය කරනවා,
  • 7:41 - 7:42
    ඒවා නැති තැන් වල.
  • 7:43 - 7:46
    ඉන් දුගී අයට අනුබලයක් ලැබෙනවා
  • 7:46 - 7:47
    මිල ඉහළ දැමීම තුළින්.
  • 7:49 - 7:50
    නැතිනම්--
  • 7:50 - 7:52
    මැනිලා නුවර මුඩුක්කුවල වගේ,
  • 7:53 - 7:55
    එහි කුඩාම පොළත්
  • 7:57 - 7:59
    සරල තරාදියකුත් දුරකථනයකුත් යොදවලා
  • 8:00 - 8:02
    භාර ගන්නවා සමාජීය ප්ලාස්ටික්
  • 8:02 - 8:04
    බර අනුව ගෙවීමේ නව ක්‍රමයකට,
  • 8:05 - 8:07
    මින් ඒ අයට ඉඩ සැලසෙනවා වැඩි දෙනෙකුට සේවා
    සපයලා
  • 8:09 - 8:11
    සමාජ සුභසාධනයට දායක වීමට.
  • 8:13 - 8:15
    මෙතැන පොදු දේ තමයි
  • 8:17 - 8:19
    සමාජ ප්ලාස්ටික්
  • 8:20 - 8:21
    කියන්නේ මුදල්.
  • 8:22 - 8:24
    සමාජ ප්ලාස්ටික් කියන්නේ මුදල්,
  • 8:25 - 8:29
    ලෝ වටා පිළිගැනෙන හා හුවමාරු කළ හැකි,
    එය භාවිතා කිරීමෙන්
  • 8:29 - 8:32
    දුගී බව දුරන් වී
    පරිසරයත් සුරැකෙනවා
  • 8:32 - 8:33
    දෙකම එක පාර.
  • 8:36 - 8:37
    මේ ප්ලාස්ටික්ම නෙවෙයි.
  • 8:38 - 8:41
    මේ ප්‍රතිචක්‍රී ප්ලාස්ටික් නෙවෙයි,
    මේ සමාජීය ප්ලාස්ටික්,
  • 8:42 - 8:44
    එය දුව්‍යයක් එහි වටිනාකම පවරන
  • 8:44 - 8:47
    එය හමු වන මිනිසුන්ගේ ජීවිතවලට,
  • 8:47 - 8:49
    පොහොසත් දුප්පත් හැමෝටම.
  • 8:52 - 8:54
    මිනිසුන් නිපදවලා තිබෙනවා
  • 8:54 - 8:57
    කිලෝග්‍රෑම් ට්‍රිලියන අටකට වඩා ප්ලාස්ටික්,
  • 8:57 - 8:59
    ඉන් වැඩි කොටස අපද්‍රව්‍ය ලෙස තවම
    තිබෙනවා.
  • 9:00 - 9:02
    කිලෝග්‍රෑම් ට්‍රිලියන අටක්.
  • 9:02 - 9:04
    කිලෝවක වටිනාකම ශත 50 වශයෙන්
  • 9:05 - 9:10
    අපි ෙඩාලර් ට්‍රිලියන 4 ක වටිනාකමක් මේ
    මුදා හරින්නේ.
  • 9:12 - 9:14
    මම සමාජීය ප්ලාස්ටික් දකින්නේ
  • 9:14 - 9:16
    පෘථිවියට තිබෙන බිට්කොයින් විදියට--
  • 9:17 - 9:18
    (සිනහව)
  • 9:18 - 9:20
    ඒක හැමෝටම ලබා ගන්න පුළුවන්.
  • 9:26 - 9:29
    දැන් මුළු පරිසර පද්ධතියම රඳන්නේත්
    කළමණාකරණය වන්නේත්
  • 9:29 - 9:31
    අනතර්ජාලීය බැංකු වේදිකාවක් මඟින්
  • 9:32 - 9:36
    ඉන් ලෝ වටා ආරක්ෂාකාරීව හා විශ්වාසීව
    වටිනාකම් හුවමාරැවට මග සැලසෙනවා.
  • 9:37 - 9:41
    ඔබට ප්‍රතිචක්‍රී ද්‍රව්‍ය වැන්කූවර් හෝ
    බර්ලින්වල තැන්පත් කළ හැකියි,
  • 9:41 - 9:45
    එවිට ගඩොල් හෝ දුරකථන විනාඩි ආපසු
    ගත හැකියි යම් පවුලකට
  • 9:45 - 9:46
    මැනිලාහි මුඩුක්කුවක සිටින.
  • 9:47 - 9:49
    නැතිනම් ලීසාට--
  • 9:50 - 9:53
    ඇයට ප්‍රතිචක්‍රී දේ තැන්පත් කළ හැකියි
    පෝට්-ඕ-ප්‍රින්ස් හි
  • 9:53 - 9:56
    එවිට ඇගේ මවට පිසීම් ඉන්ධන හෝ මුදල්
    ආපසු ගත හැකියි
  • 9:56 - 9:57
    නගරයේ වෙනැත් තැනකින්.
  • 9:59 - 10:01
    මේ ඇප් එක එකතු කරනවා ත්‍යාග,
  • 10:02 - 10:03
    දිරිගැන්වීම්,
  • 10:04 - 10:05
    කණ්ඩායම් ත්‍යාග,
  • 10:06 - 10:07
    භාවිතා කරන්නන්ෙග් ලකුණු.
  • 10:09 - 10:11
    අපි ප්‍රතිචක්‍රීකරණය ක්‍රීඩාවක් කරා.
  • 10:11 - 10:14
    අපි විනෝදය හා විධිමත් බව එකතු කරනවා
  • 10:15 - 10:16
    නොවිධිමත් කර්මාන්තයකට.
  • 10:19 - 10:21
    අපි හෙයිටි හි හා පිලිපීනයේ ක්‍රියාත්මක
    වෙනවා.
  • 10:23 - 10:24
    අපි තෝර ගෙන තිබෙනවා කට්ටිය
  • 10:25 - 10:27
    හා කොටස්කරැවන් බ්‍රසීලයට.
  • 10:27 - 10:30
    මේ වසරේ අපි බැඳෙනවා ඉන්දියාවට හා
    ඉතියෝපියාවට.
  • 10:32 - 10:34
    අපි එකතු කරනවා සිය ගණනක්
  • 10:35 - 10:37
    ටොන් ගණනින් ද්‍රව්‍ය.
  • 10:37 - 10:39
    අපි නොකඩවාම එකතු කරගන්නවා
    කොටස්කරැවන්
  • 10:40 - 10:41
    හා ගනුදෙනුකරැවන්,
  • 10:43 - 10:46
    අපි රැස් කරන ප්‍රමාණයන් දවස්පතා
    ඉහළ නංවනවා.
  • 10:47 - 10:49
    හෙන්කල් සමාගම සමඟ අපේ වැඩසටහනේ
    ප්‍රතිඵලයක් ලෙස,
  • 10:50 - 10:54
    ඒ අය බැඳුනා කිලෝග්‍රෑම් මිලියන 100ට වඩා
    ද්‍රව්‍ය භාවිතා කරන්න
  • 10:54 - 10:57
    සෑම වසරකම.
  • 10:59 - 11:01
    එයින් විතරක් ඩොලර් මිලියන සිය ගණනක් දේවි
  • 11:01 - 11:03
    දුගී අයට
  • 11:03 - 11:05
    නැගී එන ආර්ථිකයන්ට.
  • 11:09 - 11:10
    දැන් ඉතින්
  • 11:11 - 11:12
    අපි ඔක්කොටම
  • 11:13 - 11:15
    විසඳුමට දායක වෙන්න පුළුවන්
  • 11:16 - 11:17
    පරිසර දූෂණයට දායක නොවී.
  • 11:19 - 11:23
    හරි, සාගරයි පිරිසිඳු කරන එක වැඩක් නැති
    වෙන්න පුළුවන්.
  • 11:23 - 11:25
    ඒක එහෙම වෙන්න පුළුවන්.
  • 11:26 - 11:28
    එත් සාගරයේ ප්ලාස්ටික් වළක්වන එක
  • 11:29 - 11:31
    මනුෂ්‍යත්වයේ ඉසුරුමත්ම අවස්ථාව විය හැකියි.
  • 11:33 - 11:34
    ස්තූතියි.
  • 11:34 - 11:40
    (අත්පොළසන්)
Title:
සාගරයේ ඇති ප්ලාස්ටික් වලට පුදුමාකාර විසඳුමක්
Speaker:
ඩේවිඩ් කැට්ස්
Description:

ප්ලාස්ටික් මඟින් සිදුවන සාගර දූෂණය හා අන්ත දුගීබව යන ගැටළු දෙකම එක වර විසඳිය හැකිද? ප්ලාස්ටික් බැංකුවේ මහඟු ඉලක්කය එයයි: ඉවත ලන ප්ලාස්ටික් වලට පාසල් ගාස්තුවල සිට පිසීමේ ඉන්ධන හා අනෙකුත් ද්‍රව්‍ය හුවමාරැ කර ගත හැකි ලෝ වටා පිහිටි වෙළෙඳසැල් ජාලයක්. අනතුරුව මේ ප්ලාස්ටික් වෙන් කර, කැබලි කර මේ “සමාජ ප්ලාස්ටික්” තමන්ගේ නිපැයුම් වලට යොදාගන්නා සමාගම් වලට අලෙවි කෙරේ. කවාකාර ආර්ථිකය පියවන මේ පියවර ගැන වැඩි තොරතුරු දැන ගැනීමට ඩේවිඩ් කැට්ස් සමඟ එක් වන්න. “සාගරයේ ප්ලාස්ටික් වළක්වන එක මනුෂ්‍යත්වයේ ඉසුරුමත්ම අවස්ථාව විය හැකියි,” කැට්ස් පවසයි.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
11:53

Sinhala subtitles

Revisions