Return to Video

නීති (හැකිතාක් දුරට)නොමැතිව සමාගමක් පාලනය කරන්නේ තෙසේද?

  • 0:01 - 0:05
    සෑම සඳුදා හා බ්රහස්පතින්දා දවසකම
    මම මැෙරන හැටි ඉෙගන ගන්නවා.
  • 0:05 - 0:07
    මම කියන්ෙන් ඒ මගේ මාරාන්තික දවස් කියලා.
  • 0:07 - 0:10
    මගේ බිරිඳ ෆනැන්ඩා ඒ වචනයට කැමති නැහැ,
  • 0:10 - 0:15
    ඒත් මගේ පවුෙල් වැඩි ෙදනෙක් මරණයට පත් වුණේ
    ෙමලනෝමා පිළිකාෙවන්.
  • 0:15 - 0:17
    මගේ ෙදමව්පියන්ටත් ආච්චිලා සීයලාටත්
    ඒක තිබුණා.
  • 0:17 - 0:21
    ඉතින් මට හිතුණා, මාත් දවසක දොස්තර
    කෙනෙක් ගාවට ගියාම
  • 0:21 - 0:23
    ඔහු මගේ වෛද්ය පරීක්ෂණ බලලා
    කියන්න පුළුවන්,
  • 0:23 - 0:25
    "රිකාඩෝ, තත්ත්වෙ එච්චර හොඳ නැහැ වගේ.
  • 0:25 - 0:28
    ඔයාට ජීවත් වෙන්න තියෙන්නේ තව 6 මාසයක්
    නැතිනම් අවුරැද්දක් විතරයි."
  • 0:28 - 0:31
    එතකොට තමන් හිතන්න පටන් ගන්නවා මේ ඉතිරි
    කාලයේදී කරන්නේ මොනවාද කියලා.
  • 0:31 - 0:34
    තමන් කියනවා, "මම ළමයි එක්ක වැඩිපුර
    කාලය ගත කරනවා.
  • 0:34 - 0:35
    මම මෙන්න මේ තැන් බලන්න යනවා.
  • 0:35 - 0:37
    මම කඳු නගින්න යනවා.
  • 0:37 - 0:42
    මට කරන්න වෙලා තිබුණේ නැති දේවල් ඔක්කොම
    මම කරනවා."
  • 0:42 - 0:44
    නමුත්, අපි හැමෝම දන්නවා,
  • 0:44 - 0:47
    මේවා මිශ්ර හැඟීම් සහිතව තැබෙන
    මතකයන් වන බව.
  • 0:47 - 0:48
    ඒක කරන්න හරිම අමාරැයි.
  • 0:48 - 0:52
    ඒ වෙලාවෙන් වැඩි කාලයක් තමන් හඬමින්
    ගත කරයි.
  • 0:52 - 0:54
    ඉතින් මම කිව්වා මම ඊට වඩා වෙනස් දෙයක්
    කරනවා කියලා.
  • 0:54 - 0:59
    සෑම සඳුඳා හා බ්රහස්පතින්දා දිනකම මම මගේ
    මාරාන්තික දවස් පාවිච්චි කරනවා.
  • 0:59 - 1:01
    ඒ දවස්වල මම කරනවා,
  • 1:01 - 1:05
    ඒ ප්රවෘත්තිය අැත්තටම මට ලැබුණා නම්
    මම කරන්න හිටපු දේවල්.
  • 1:05 - 1:07
    (සිනහව)
  • 1:07 - 1:08
    අපි හිතලා බැලුවම--
  • 1:08 - 1:12
    (අත්පොළසන්)
  • 1:12 - 1:15
    අපි හිතලා බැලුවොත් වැඩකිරීමට ප්රතිවිරැද්ධ
    දේ ගැන,
  • 1:15 - 1:17
    අපි හිතන්නේ ඒ විවේක කාලය කියලා.
  • 1:17 - 1:20
    එතකොට තමන් කියනවා, මට විවේක කාලයක්
    අවශ්යයි වගේ දේවල්.
  • 1:20 - 1:24
    ඒත්, ඇත්තටම විවේක කාලය කියන්නේ හරිම
    කාර්යබහුල දෙයක්.
  • 1:24 - 1:27
    ඔබ යනවා ගොල්ෆ් හා ටෙනිස් ගහන්න,
    ඔබට වෙන අය හම්බ වෙනවා.
  • 1:27 - 1:30
    ඔබ දවල් කෑමට එළියට යනවා,
    චිත්රපටිය බලන්න යන්න පරක්කු වෙනවා.
  • 1:30 - 1:31
    ඒක හරිම කාරය බහුලයි.
  • 1:31 - 1:35
    වැඩකිරීමට ප්රතිවරැද්ධ දේ අලසකමයි.
  • 1:35 - 1:38
    ඒත් අපේ අලසකාලයේ කරන්න පුළුවන් දේ
    දන්නේ ටික දෙනයි.
  • 1:38 - 1:42
    අපි අපේ ජීවිතය සාමාන්යයෙන් බෙදා ගන්නා
    ආකාරය බැලුවොතින්,
  • 1:42 - 1:46
    තේරැම් යන්නේ, අපිට ගොඩක් සල්ලි තිබෙන
    කාලවලදී,
  • 1:46 - 1:48
    අපිට කාලය ගොඩක් හිඟයි.
  • 1:48 - 1:54
    අන්තිටම අපිට කාලය ලැබෙන කොට, සල්ලිත් නැහැ,
    අපේ සෞඛ්යයත් නැහැ.
  • 1:54 - 1:58
    ඉතින් අපි සමාගමක් විදියට පසුගිය
    අවුරැදු 30 ක් තිස්සේ ඒ ගැන හිතුවා.
  • 1:58 - 2:01
    මේක ඇවිල්ලා සංකීර්ණ සමාගමක්,
    සේවකයින් දහස් සංඛ්යාවක් වැඩ කරන,
  • 2:01 - 2:04
    ඩොලර් මිලියන 100 ගණනක ව්යාපාර
    ඊට අඩංගුයි
  • 2:04 - 2:10
    බ්රසීලයේ රොකට් ඉන්ධන පද්ධති සාදන,
    ATM යත්ත්ර 4000 ක් පමණ ක්රියා කරවන,
  • 2:10 - 2:14
    හා දහස් ගණනකට ආදායම් බදු සකසන.
  • 2:14 - 2:17
    ඉතින් මේක සරල ව්යාපාරයක් නෙමෙයි.
  • 2:17 - 2:19
    අපි ඒක දිහා බලලා කිව්වා,
  • 2:19 - 2:24
    මේකේ බලය මේ මිනිසුන්ටම දෙමු,
    අපි ඒගොල්ලන්ට දෙමු සමාගමක්
  • 2:24 - 2:27
    නේවාසික පාසලක තිබෙන මේ අංගයන් ඒකෙන්
    කරලා
  • 2:27 - 2:29
    ඒ කියන්නේ මේ වෙලාවට එන්න,
    මේ විදියට අඳින්න
  • 2:29 - 2:31
    මෙහෙමයි රැස්වීම්වලට යන්නේ, මේවා
    කියන්න,
  • 2:31 - 2:32
    මේවා කියන්න එපා,
  • 2:32 - 2:34
    මේ දේවල් අයින් කරලා බලමු මොනවද
    ඉතිරි කියලා.
  • 2:34 - 2:36
    ඉතින් අපි මේක පටන් ගත්තා
    වසර 30ට කලින්
  • 2:36 - 2:38
    අපි මේ ප්රශ්නයටම විසඳුම් හෙව්වා.
  • 2:39 - 2:41
    අපි කිව්වා බලන්න විශ්රාමය දිහා,
  • 2:41 - 2:44
    අපේ ජීවිතය බෙදෙන ආකාරයේ
    ඇති ගැටළුව දිහා.
  • 2:44 - 2:47
    අවුරැදු 82දී කඳු නඟින්නේ නැතුව
  • 2:47 - 2:49
    ලබන සතියේ ඒක කළොත්?
  • 2:49 - 2:50
    අපි ඒක මෙහෙම කරමු,
  • 2:50 - 2:54
    අපි ඔබට ඔබේ බදාදා දවස් විකුණන්නම් වැටුපෙන්
    10% මිලට.
  • 2:55 - 2:59
    ඇත්තටම ඒක එහෙම නොවුණත්, හිතන්න ඔබ
    වයලින් වාදකයෙක් වෙන්න හිටියා කියලා
  • 2:59 - 3:01
    ඒක ඔබ කරනවා මේ බදාදා දවසේ.
  • 3:01 - 3:03
    ඉතින් අපි හොයාගත්ත දේවල්--
  • 3:03 - 3:05
    අපි හිතන් හිටියේ වයසින් වැඩි අය
  • 3:05 - 3:08
    මේ සැලැස්ම ගැන වඩා උනන්දු වේවි කියලා.
  • 3:08 - 3:11
    ඒත් මේකට මුලින්ම ආපු අයගේ සාමාන්ය වයස
  • 3:11 - 3:12
    29 ක් වුණා.
  • 3:12 - 3:13
    ඉතින් මේක බලලා,
  • 3:13 - 3:16
    අපි කිව්වා වෙනස් විදියට වැඩ කරන්න
    ඕනෑ කියලා.
  • 3:16 - 3:17
    ඉතින් අපි කියන්න ගත්තා,
  • 3:18 - 3:20
    ඕගොල්ලෝ වැඩට ආපු වෙලාව අපි දැන ගන්න
    ඕනෑද?
  • 3:20 - 3:21
    ගෙදර ගිය වෙලාව ඕනෑද?
  • 3:21 - 3:24
    මේක හුවමාරැ කරගන්න බැරිද ගිවිසුමකට
  • 3:24 - 3:27
    ඔබෙන් යම් කිසි දෙයක් මිලදී ගන්න?
    යම් කිසි කාර්යයක්?
  • 3:27 - 3:29
    ඇයි අපි මේ මූලස්ථානයක් ගොඩනඟන්නේ?
  • 3:29 - 3:31
    ඒක අහංකාරයට නෙවෙයිද කරන්නේ,
    අපි ශක්තිමත් හා
  • 3:31 - 3:33
    විශාලයි හා වැදගත් කියා පෙන්වන්න?
  • 3:33 - 3:36
    ඒත් ඒ නිසා ඔබව නගරය හරහා
    පැය 2ක් ගමන් කරවනවා.
  • 3:37 - 3:39
    ඉතින් අපි එකින් එක ප්රශ්න කරා.
  • 3:40 - 3:42
    අපි ඒවා මෙහෙම කිව්වා:
  • 3:42 - 3:44
    එක: අපි ශ්රමය සොයන්නේ කොහොමද?
  • 3:44 - 3:48
    අපි කට්ටිය සේවයට බඳව ගන්න ගිහින් කියනවා,
  • 3:48 - 3:49
    මේ බලන්න, අපේ සේවයට බැඳුනොත්,
  • 3:49 - 3:51
    අපි සම්මුඛ පරීක්ෂණ දෙක තුන පවත්වලා
  • 3:51 - 3:53
    ඔබව අපට "විවාහ" කරගන්නේ
    නැහැ.
  • 3:53 - 3:55
    අපි අපේ ජීවිතය ගෙවන්නේ එහෙම නෙවෙයි.
  • 3:55 - 3:58
    ඉතින්, එන්න ඔබේ සම්මුඛ පරීක්ෂණ වලට.
  • 3:58 - 4:01
    ඔබව හමුවීමට උනන්දුවක් තිබෙන අය
    ඒකට පැමිණේවි.
  • 4:01 - 4:05
    එතැනදී මතුවන දැනීමෙන් අපි බලමු
  • 4:05 - 4:09
    ඔබ ගැලපෙනවාද කියලා, නිකන් විස්තර ලියලා
    තෝර ගන්නවාට වඩා.
  • 4:09 - 4:11
    ඊට පස්සේ ආපහු එන්න.
  • 4:11 - 4:14
    වරැවක් හරි දවසක් හරි ගත කරලා
    කැමති කෙනෙක් එක්ක කථා කරන්න.
  • 4:14 - 4:18
    අපි ඔබ හිතපු "මනාලිය"මයි කියලා
    නිසැකවම දැන ගන්න
  • 4:18 - 4:21
    අපි අපේ දැන්වීම් වල පළ කරන
    විකාර නෙවෙයි කියලා ඉන් දැන ගන්න.
  • 4:21 - 4:22
    (සිනහව)
  • 4:22 - 4:26
    අපි හිමිහිට ඇරඹුවා මෙන්න මෙහෙම දේවල්
    කියන්න,
  • 4:26 - 4:29
    අපිට අවශ්ය නැහැ කිසි කෙනෙක් ආයතනයේ
    නායකයෙක් වෙනවට
  • 4:29 - 4:31
    ඔවුන් සම්මූඛ පරීක්ෂණයකින්
    අනුමැතිය ලබා නැතිනම්
  • 4:31 - 4:34
    අනාගතයේදී තමන් යටතේ සිටින්නන්ගෙන්.
  • 4:34 - 4:40
    සෑම හය මසකටම වරක්, සෑම කෙනෙකුගේම
    නායකත්වය නිර්නාමිකව ඇගයෙනවා.
  • 4:40 - 4:44
    කෙනෙක් එම නායකත්ව ධූරයේ රැඳිය යුතුද
    කියලා ඉන් තීරණය කෙරෙනවා.
  • 4:44 - 4:46
    ඒක අවස්ථානුකූල බව ඔබ දන්නවානේ.
  • 4:46 - 4:53
    ඉතින් ඒගොල්ලන්ට ලකුණු සියයට 70 හෝ 80
    නොලැබුණොත්, රැඳෙන්න බැහැ.
  • 4:53 - 4:56
    ඒක නිසා වෙන්න ඇති මම අවුරැදු 10 න්
    ප්රධාන විධායක තනතුරේ ඉඳලා නැත්තේ.
  • 4:56 - 5:01
    කාලයත් එක්ක අපි තව ප්රශ්න අහන්න ගත්තා.
  • 5:01 - 5:02
    අපි මේ වගේ දේවල් කිව්වා,
  • 5:02 - 5:05
    සේවකයින්ට තමන්ගේම වැටුප තීරණය කරන්න බැරිද?
  • 5:05 - 5:07
    ඒක කරන්න නම් දැන ගන්න ඕන මොනවාද?
  • 5:07 - 5:09
    ඒ සඳහා දේවල් 3ක් දැන ගත යුතුයි:
  • 5:09 - 5:11
    ආයතනය තුල සිටින අයගේ වැටුප,
  • 5:11 - 5:14
    ඊට සමාන පිට ව්යාපාරයක සේවය කරන්නන්ගේ
    වැටුප සහ
  • 5:14 - 5:18
    ආයතනයේ සාමාන්ය ආදායම. ඒ අපට එය දරන්න
    පුළුවන්ද කියලා බලන්න.
  • 5:18 - 5:20
    ඉතින් අපි සේවක පිරිසට මේ තොරතුරැ
    ලබා දුන්නා.
  • 5:20 - 5:22
    අපි පටන් ගත්තා ආපන ශාලාවේ තියන්න,
  • 5:22 - 5:25
    පරිගණකයක්. ඒක පාවිච්චි කරලා
    දැනගන්න පුළුවන්
  • 5:25 - 5:27
    කෙනෙක්ගේ වියදම, කෙනෙක්ගේ වැටුප,
  • 5:27 - 5:29
    වරප්රසාද ලෙස ලැබෙන ප්රමාණය,
    ආයතනයේ ආදායම,
  • 5:29 - 5:32
    ලාභය වගේ දේවල්.
  • 5:32 - 5:34
    මේ අවුරැදු 25 ට පෙර.
  • 5:35 - 5:38
    මේ තොරතුරැ සේවක පිරිසට ලැබුණම,
  • 5:38 - 5:41
    අපි කිව්වා අපිට ඕනැ නැහැ
    ඔබේ වියදම් වාර්තාව,
  • 5:41 - 5:43
    අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ
    ගන්න නිවාඩු ප්රමාණය,
  • 5:43 - 5:45
    අපිට දැනගන්න ඕනෑ නැහැ
    ඔබ කොහෙද කියලා.
  • 5:45 - 5:49
    අපිට එක කාලෙක තිබුණා නගරය වටා
    කාර්යාල 14 ක්,
  • 5:49 - 5:52
    ඉතින් අපි කිව්වා ගෙදරට ළඟම
    කාර්යාලයට යන්න කියලා.
  • 5:52 - 5:55
    නැතිනම් යන්න ඔබ එදා හමුවෙන පාරිභෝගිකයාට
    ළඟම කාර්යාලයට.
  • 5:55 - 5:56
    ඔබ ඉන්නේ කොහෙද කියලා අපිට කියන්න එපා.
  • 5:56 - 6:01
    ඒ වගේම අපේ සේවක පිරිස දහස් ගණනක්,
    5000ක් වුණාමත්,
  • 6:01 - 6:04
    අපේ මානව සම්පත් අංශයේ වැඩකරේ දෙන්නයි.
  • 6:04 - 6:06
    වාසනාවට ඒ අයගෙනුත් එක් අයෙක්
    විශ්රාම ගිහින්.
  • 6:06 - 6:09
    (සිනහව)
  • 6:09 - 6:12
    ඉතින් අපි අහපු ප්රශන්ය තමයි, අපි
    මිනිසුන්ව බලා ගන්නේ කොහොමද?
  • 6:12 - 6:14
    අපිට තිබෙන එකම දේ සේවක පිරිසයි.
  • 6:14 - 6:17
    මිනිසුන් පස්සේ එලවගෙන ගිහින් ඒ අය බලාගන්න
    අංශයක් අපිට අවශ්ය නැහැ.
  • 6:17 - 6:23
    අපි හොයාගත්තා මේක සාර්ථකයි කියලා,
    අපි කිව්වා අපි හොයනවා කියලා,
  • 6:23 - 6:26
    ඇත්තටම, මම හිතන්නේ මම ප්රධානව
    සෙව්වේ මේක කියලා
  • 6:26 - 6:29
    ඒ මාරාන්තික දවස් භාවිතා කරලා,
    සමාගම තුල.
  • 6:29 - 6:31
    ඒක තමයි, අායතනය ප්රඥාව වෙනුවෙන්
    ගොඩනඟන්නේ කොහොමද කියලා.
  • 6:31 - 6:36
    අපි පැවතෙන්නේ විප්ලවීය අවධියකින්,
    කාර්මික විප්ලවය,
  • 6:36 - 6:39
    තොරතුරැ යුගය, දැනුමේ යුගය,
  • 6:39 - 6:41
    එහෙත් අපි ප්රඥාවේ යුගයට එළැඹී නැහැ.
  • 6:41 - 6:45
    අපි ප්රඥාව වැඩෙන ආකාරයට සැලසුම් හා
    සංවිධානය වන්නේ කෙසේද?
  • 6:45 - 6:46
    නිදසුනක් ලෙස, බොහෝ විට,
  • 6:46 - 6:50
    බුද්ධිමත්ම තීරණය පිළිගැනෙන්නේ නැහැ.
  • 6:50 - 6:53
    ඉතින් අපි කිව්වා මේ වගේ දේවල්,
  • 6:53 - 6:56
    අපි එකඟ වෙමු ඔබ සතියකට උපාංග 57 ක්
    ගණනේ විකුණනවා කියලා.
  • 6:57 - 7:00
    බදාදා වෙද්දී ඒක කළොත් කරැණාකරලා
    මුහුදු වෙරළට යන්න.
  • 7:01 - 7:04
    අපිට, නිෂ්පාදන හා ප්රායෝගික අංශයට
    ප්රශ්නයක් ඇති කරන්න එපා,
  • 7:04 - 7:07
    එතකොට අපිට නව සමාගම්,
    තරඟකරැවන් මිලට ගන්න වෙනවා,
  • 7:07 - 7:10
    ගොඩක් දේවල් කරන්න වෙනවා, ඔබ
    වැඩිපුර විකුණපු නිසා.
  • 7:10 - 7:13
    ඒක නිසා මුහුදු වෙරළට ගිහින්,
    සඳුඳා ඉඳලා අාපහු වැඩ කරන්න.
  • 7:13 - 7:15
    (සිනහව) (අත්පොළසන්)
  • 7:15 - 7:18
    ඉතින් ක්රියාවලිය තමයි, ප්රඥාව හොයන එක.
  • 7:18 - 7:22
    මේ ක්රියාවලියේදී අපිට අවශ්ය වුණා
    මිනිසුන් සියළු තොරතුරැ දැන ගෙන සිටීම,
  • 7:22 - 7:25
    අපිට අවශ්ය වුණා ප්රජාතන්ත්රවාදී ලෙස
    සෑම දෙයක්ම කරන්න.
  • 7:25 - 7:31
    ඉතින් ආයතනික මණ්ඩලයේ එකම ඡන්ද අයිතිය
    ඇති ආසන 2 ක් අපි විවෘත කළා,
  • 7:31 - 7:34
    මුලින්ම ඒක ඉල්ලන දෙදෙනෙකුට.
  • 7:34 - 7:35
    (සිනහව)
  • 7:35 - 7:40
    සමාගම පිරිසිඳු කරන කාන්තාවන් අපේ මාණ්ඩලික
    රැස්වීම් වල ඡන්දය දුන්නා,
  • 7:40 - 7:43
    ටයි කෝට් ඇඳපු තවත් වැදගත් අය සමඟම.
  • 7:43 - 7:46
    ඇත්ත වශයෙන්ම ඒ නිසා අපේ අවංකත්වය
    සුරැකුණා.
  • 7:47 - 7:50
    මෙහිදී අපේ අායතනයට එන අය දිහා බැලුවම
  • 7:51 - 7:52
    අපි කිව්වා, තත්ත්පරයක් ඉන්න,
  • 7:52 - 7:55
    කට්ටිය වැඩට ඇවිත් අපෙන් අහනවා,
    මම වාඩි වෙන්නේ කොහෙද?
  • 7:55 - 7:58
    මම වැඩ කරන්නේ කොහොමද?
    අවුරැදු 5න් මම ඉන්නේ කොහෙද?
  • 7:58 - 8:01
    ඒක දැකලා අපි කිව්වා මේ දේවල්
    කලින්ම ඇරඹිය යුතුයි කියලා.
  • 8:01 - 8:02
    අපි පටන් ගන්නෙ කොතැනින්ද?
  • 8:02 - 8:04
    අපි කිව්වා, පෙර පාසල ඒකට හොඳ තැනක්
    වේවි කියලා.
  • 8:04 - 8:09
    ඉතින් අපි පිහුටෙව්වා පදනමක්. පසුගිය
    අවුරැදු 11 දී එහි තිබෙනවා පාසල් 3ක්
  • 8:09 - 8:12
    මෙහිදී අපි අර ප්රශ්නම අසනවා.
  • 8:12 - 8:14
    පාසලක් ප්රඥාව වෙනුවෙන් නිර්මාණය
    කරන්නේ කෙසේද?
  • 8:15 - 8:18
    අපිට කියන්න පුළුවන්
    ගුරැවරැන් ප්රතිචක්රීකරණය කළ යුතුයි,
  • 8:18 - 8:20
    අධ්යක්ෂකවරැ වැඩි දායකත්වයක් දිය යුතුයි
    කියලා.
  • 8:20 - 8:25
    එහෙත් සත්යය තමයි අපේ අධ්යාපන ක්රමය
    සම්පූර්ණයෙන්ම යල් පැන ගිය එකක්.
  • 8:25 - 8:28
    ගුරැවරයාගේ භූමිකාව යල් පැන ගිය එකක්.
  • 8:28 - 8:34
    ගණන් වලින් ජීව විද්යාවටත් එතැනින් 14 වැනි
    සියවසේ ප්රංශය ගැන පංතියකට යෑම විකාරයක්.
  • 8:34 - 8:38
    (අත්පොළසන්)
  • 8:38 - 8:41
    ඉතින් අපි හිතුවා ඒක කෙසේ විය යුතුද කියලා.
  • 8:41 - 8:44
    අපි එකට එකතු කළා කට්ටියක්, අධ්යාපනයට ලැදි
    අයත් සමඟම,
  • 8:44 - 8:49
    පවුලෝ ෆ්රේරි වැනි අය හා බ්රසීලයේ
    අධ්යාපන ඇමතිවරැ දෙදෙනෙක්.
  • 8:49 - 8:52
    අපි ඇහුවා, අලුතෙන්ම පාසලක් නිර්මාණය
    කරනවා නම්,
  • 8:52 - 8:54
    ඒක කොයි වගේ වේවිද කියලා?
  • 8:54 - 8:57
    ඉතින් අපි නිර්මාණය කළා ලූමියාර් යන නමින්
    හඳුන්වන පාසලක්
  • 8:57 - 9:00
    ලූමියාර්, මින් එකක් රජයේ පාසලක්.
  • 9:00 - 9:02
    ලූමියාර් පාසලේදී අපි මෙහෙම කියනවා,
  • 9:02 - 9:05
    අපි ගුරැවරයාගේ භූමිකාව 2ට බෙදමු.
  • 9:06 - 9:08
    ඉන් එක්කෙනෙක් හඳුන්වනවා
    උපදේශක(tutor) යනුවෙන්.
  • 9:08 - 9:13
    ඒ "පයිෙඩයා" යන පැරණි ග්රීක භූමිකාවට
    සමාන වූ උපදේශක: එනම්, දරුවා බලා ගන්න.
  • 9:13 - 9:17
    ඒ කිව්වේ, ගෙදරදී වෙන්නේ මොනවාද?
    මේ මොහොතේදී කොහොමද වැනි දේ.
  • 9:17 - 9:18
    ඒත් කරැණාකරලා උගන්වන්න එපා.
  • 9:18 - 9:21
    ඒ මොකද ගූගල් වලට සාපේක්ෂව ඔබ දන්නා
    සුළු දේ අපට දැනගන්න ඕනෑ නැහැ.
  • 9:21 - 9:23
    ඒක ඔබම තියාගන්න.
  • 9:23 - 9:24
    (සිනහව)
  • 9:24 - 9:27
    මෙතැනට අපි ගේනවා දේවල් දෙකක්
    තිබෙන අය:
  • 9:27 - 9:32
    එනම්, දැඩි උනන්දුව හා ප්රවීණතාවය. එය
    ඔවුන්ගේ වෘත්තිය වීමට හෝ නොවීමට පුළුවන්.
  • 9:32 - 9:34
    අපි භාවිතා කරනවා ජේ්යෂ්ඨ පුරවැසියන්ව,
  • 9:34 - 9:39
    අන් අය නොසොයන, ප්රඥාව සහිත
    සමාජයේ 25% ක පිරිස ඒ අයයි.
  • 9:39 - 9:42
    අපි ඒ අය පාසලට ගෙන්වලා කියනවා,
  • 9:42 - 9:45
    මේ දරුවන්ට ඔබ සැබවින්ම විශ්වාස කරන දේ
    උගන්වන්න කියලා.
  • 9:45 - 9:48
    ඉතින් අපිට ඉන්නවා ගණිතය උගන්වන
    වයලින් වාදකයෝ.
  • 9:48 - 9:51
    අපි සමහර වෙලාවට කියනවා,
  • 9:51 - 9:53
    පාඨමාලාවේ අන්තර්ගතය ගැන වධ වෙන්න
    එපා කියලා.
  • 9:53 - 9:58
    අපට 2 සිට 17 දක්වා දිවෙන විශිෂ්ට තේමාවන්
    10 ක් තිබෙනවා.
  • 9:58 - 10:02
    මනුෂ්යයින් ලෙස අපි මිනුම් කරන්නේ කෙසේද
    වගේ දේවල්.
  • 10:02 - 10:05
    ගණිතය හා භෞතික විද්යාව වගේ දේවල් වලට
    එහිදී ඉඩ ලැබෙනවා.
  • 10:06 - 10:08
    අපි අදහස් ප්රකාශ කරන්නේ කොහොමද?
  • 10:08 - 10:10
    එතැනදී ඉඩ ලැබෙනවා සංගීතය, සාහිත්යය
    වගේ දේට
  • 10:10 - 10:12
    ඒ වගේම ව්යාකරණ ඉගෙනීමටත්.
  • 10:12 - 10:15
    හැම දෙනාටම අමතක වූ දේ පවා
    එහි අන්තර්ගතයි.
  • 10:15 - 10:17
    ඒත ඒ දේ ජීවිතයේ වැදගත්ම දේ විය හැකියි.
  • 10:17 - 10:21
    අපි කිසිදෙයක් නොදත් එහෙත් ජීවිතයේ
    වැදගත්ම දේවල්.
  • 10:21 - 10:23
    අපි ආදරය ගැන කිසි දෙයක් දන්නේ නැහැ,
  • 10:23 - 10:25
    මරණය ගැන දන්නෙත් නැහැ,
  • 10:25 - 10:28
    අපේ පැවැත්මට හේතුව දන්නෙත් නැහැ.
  • 10:28 - 10:32
    ඉතින් අපට පාසලේදී තේමාවක් අවශ්යයි අපි
    නොදන්න සියලු දේ ගැන කථා කරන්න.
  • 10:32 - 10:34
    එය අපි ඉටු කරන දේවල් වල විශාල කොටසක්.
  • 10:34 - 10:40
    (අත්පොළසන්)
  • 10:40 - 10:43
    කාලය ගතවෙත්ම අපි තවත් දේවල් කරා,
  • 10:43 - 10:45
    අපි ඇහුවා, අැයි අපි ළමයින්ට බණින්නේ,
  • 10:45 - 10:48
    ඉඳගන්න, මෙහෙ එන්න, අරක කරන්න
    වගේ දේවල් කියන්නේ ඇයි.
  • 10:48 - 10:51
    අපි කිව්වා අපි කවය යැයි හඳුන්වන දෙයක්
    දරැවන් ලවා කරවමු කියලා.
  • 10:51 - 10:52
    එය සතියකට වරක් රැස් වෙනවා.
  • 10:52 - 10:55
    අපි කියනවා, ඕගොල්ලොම නීති සකසන්න,
  • 10:55 - 10:57
    ඊට පසු තීරණය කරන්න ඒවායින් කරන්නේ
    මොනවාද කියලා.
  • 10:57 - 10:59
    ඉතින් ඔළුවට ගහගත්තට කමක් නැද්ද?
  • 10:59 - 11:03
    ඔව්, සතියක් කරලා බලන්න.
  • 11:03 - 11:05
    ඒගොල්ලොත් අපි දාපු නීති ටිකම තෝර ගත්තා.
  • 11:05 - 11:07
    වෙනස ඒක ඒ අයගේ තීරණය වීම.
  • 11:07 - 11:09
    ඒ වගේම ඒ අයට බලය තිබෙනවා,
  • 11:09 - 11:13
    ඒ කියන්නේ ඒ අයට පුළුවන් ළමුන් පාසලෙන්
    තාවකාලිකවත් ස්ථිරවත් ඉවත් කරන්න.
  • 11:14 - 11:19
    අපි පාසල් සෙල්ලමක් කරනවා නෙවෙයි, ඇත්තටම
    ඒ අය ඒ තීරණ ගන්නවා.
  • 11:19 - 11:22
    ඉතින් මේ විදිහටම
  • 11:23 - 11:26
    අපි තියා ගන්නවා විවිධ කොටස් වලින් සැදුණු
    ඩිජිටල් සැලැස්මක්.
  • 11:26 - 11:29
    ඒ ෙම්ක අභිනිර්මාණවාදය හෝ මොන්ටිසෝරි
    ක්රමය නොවන නිසා.
  • 11:29 - 11:32
    එය අපි බ්රසීලියානු විෂයමාලාව
  • 11:32 - 11:35
    ටයිල් කැට 600 න් සැදි විචිත්රයක් ලෙස
    තැබීමක්.
  • 11:35 - 11:38
    වයස 17 වන විට ළමුන්ට ඒ සියල්ලම
    හඳුන්වා දීලා.
  • 11:38 - 11:41
    මේ විදියට අපි හැම තිස්සේම දන්නවා
    ඒ අයගේ තත්ත්වය.
  • 11:41 - 11:44
    ඉතින් අපි කියනවා, ඔබට දැන් මේ ගැන
    උනන්දුවක් නැහැ. අවුරැද්දකට පස්සේ බලමු.
  • 11:45 - 11:49
    ළමුන් ඉන්නේ වයස අනුව බෙදුණු කණ්ඩායම් වල
    නෙවෙයි.
  • 11:49 - 11:53
    ඒ කිව්වේ යමකට සූදානම් වූ 6 හැවිරිදි ළමයෙක්
    11 හැවිරිදි දරැවෙක් සමඟ එකට ඉඳීවි,
  • 11:53 - 11:55
    මෙයින් කණ්ඩායම් හා කල්ලි ඉවත් වෙනවා,
  • 11:55 - 11:59
    ඒ වගේම සාමාන්යයෙන් පාසල් වල
    තිබෙන එවැනි අනිත් දේවල් ද ඉවත් වෙනවා.
  • 11:59 - 12:02
    ඒ අයට තිබෙනවා බිංදුවේ සිට සියය දක්වා
    ලකුණු පද්ධතියක්.
  • 12:02 - 12:05
    ලකුණු දැමීම ඒ අයම සෑම පැය 2ට වරක්ම
    ඇප් එකක් මාර්ගයෙන් කරගන්නවා,
  • 12:05 - 12:10
    එම ගැටළුව සම්බන්ධයෙන් ඔවුන් සියයට 37ක
    සමර්ථයක් ලැබී ඇති බව අපි දැනගන්න තෙක්.
  • 12:10 - 12:15
    එතකොට ඒ අයට යන්න දෙන්න පුළුවන් ඒ ගැන
    ප්රමාණවත් දෙයක් ඉගෙන ගත්තට පස්සේ.
  • 12:15 - 12:20
    පාඨමාලාවන් තමයි ලෝක කුසලාන පාපන්දු
    හෝ බයිසිකලයක් තැනීම
  • 12:20 - 12:24
    බයිසිකලයක් තැනීමේ දින 45 ක පාඨමාලාවකට
    කට්ටිය බැඳෙනවා
  • 12:24 - 12:29
    පයි වල අගය 3.1416 කියලා නොදැන බයිසිකලයක්
    හදන්න බලන්නකෝ.
  • 12:29 - 12:31
    ඒක කරන්න බැහැ.
  • 12:31 - 12:35
    එලෙසම උත්සාහ කරන්නකෝ 3.1416 කුමකට හෝ
    භාව්තා කරන්න.
  • 12:35 - 12:37
    එහෙම දැන් දන්නේ නැහැ.
  • 12:37 - 12:39
    ඒක නැතිවෙලා. ඉතින් අපි එතැන
    කරන්න උත්සාහ කරන්නේ,
  • 12:39 - 12:41
    ඒ පාසල තුලින් ප්රඥාව සෙවීමට.
  • 12:41 - 12:46
    ඉතින් ඉන් නැවත මේ ප්රස්තාරය වෙතටත්
    අපේ ජීවිතය ගැන මේ ව්යප්තිය වෙතටත් එනවා.
  • 12:47 - 12:49
    මම හිතන හැටියට මම ගොඩක් සල්ලි
    හම්බ කරලා තියෙනවා.
  • 12:49 - 12:54
    දැන් ආපසු දීමට කාලය හරි කියලා
    අපි හිතලා කියන කොට
  • 12:54 - 12:57
    ඔබ ආපසු දෙනවා කියන්නේ
    ඔබ වැඩිපුර ගත්තා කියන එකයි.
  • 12:57 - 13:05
    (සිනහව) (අත්පොළසන්)
  • 13:05 - 13:08
    මට හිතෙනවා වොරන් බෆට් දවසක උදේ නැඟිටලා
  • 13:08 - 13:11
    දැනගන්නවා හිතුවාට වඩා ඩොලර් බිලියන 30ක්
    එයාට තියෙනවා කියලා.
  • 13:11 - 13:13
    එයා ඒක බලලා අහනවා, මොකක්ද මම
    මේකට කරන්නේ?
  • 13:13 - 13:16
    එයා කියනවා මම මේක ඇත්තටම අවශ්ය
    කෙනෙකුට දෙනවා කියලා.
  • 13:16 - 13:20
    මම මේක බිල් ගේට්ස්ට දෙනවා. (සිනහව)
  • 13:20 - 13:24
    ඉතින් නිව් යෝර්ක් වල ඉන්න මගේ මූල්ය
    උපදේශකරැ,
  • 13:24 - 13:26
    එයා කියනවා, බලන්න, ඔයා පිස්සු මිනිහෙක්
  • 13:26 - 13:29
    ඒ මොකද ඔයාට මේ වෙනකොට 4.1 ගුණයක්
    වැඩි සල්ලි තියෙන්න තිබුණා
  • 13:29 - 13:32
    ඔයා ඒක එවෙලේම බෙදා ගන්නේ නැතුව
    සල්ලි වලින් සල්ලි හොයා ගත්තා නම්.
  • 13:33 - 13:35
    ඒත් මම වඩා කැමති එවේලෙම බෙදා ගන්න.
  • 13:35 - 13:38
    (අත්පොළසන්)
  • 13:38 - 13:42
    මම කාලයක් MIT හි MBA පාඨමාලා ඉගැන්වූවා.
  • 13:42 - 13:45
    එවිට මම දවසක් නතර වුණා මවුන්ට් ඕබන්
    ෙසාහොන් පිටියේදී.
  • 13:45 - 13:47
    ඒක කේම්බ්රිජ්වල ලස්සන සොහොන් පිටියක්.
  • 13:47 - 13:50
    ඉතින් මම ඒකේ ඇවිද්දා. එදා මගේ උපන්දිනය
    නිසා මම කල්පනාවේ හටියේ.
  • 13:50 - 13:52
    පළවෙනි පාරට ඇවිදින කොට මම දැක්කා
    සොහොන් ගල්
  • 13:52 - 13:55
    විශිෂ්ට දේවල් කරපු අපූරැ පුද්ගලයින්
    මම ඒවායේ දුටුවා.
  • 13:55 - 13:59
    මාව සිහිපත් කළ යුත්තේ කුමක් සඳහාද කියා
    මම කල්පනා කරා.
  • 13:59 - 14:01
    මම තව පාරක් එහි ඇවිද්දා.
  • 14:01 - 14:03
    ඒ පාර මට තව ප්රශ්නයක් මතු වුණා,
  • 14:03 - 14:05
    මට වඩා ගැලපෙන එකක්, ඒක තමයි
  • 14:05 - 14:08
    සිහිපත් කිරීමක් මට අවශ්යයමද?
  • 14:08 - 14:10
    (සිනහව)
  • 14:10 - 14:13
    මම හිතනවා ඒ ප්රශ්නය මාව වෙනමම
    තැනකට ගෙනිච්චා කියලා.
  • 14:13 - 14:17
    මට අවුරැදු 50 දී, මගේ බිරිඳ ෆනැන්ඩා හා මම
    මුළු දවල් වරැවක් තිස්සේම ඉඳගෙන,
  • 14:17 - 14:19
    ගින්දර එක්ක ලොකු වලක් අපිට තිබුණා,
  • 14:19 - 14:23
    මම මෙතෙක් කරපු සෑම දෙයක්ම
    මම ඒ ගින්නට විසිකරා.
  • 14:23 - 14:25
    එතැන තිබුණා භාෂා 38 ට පරිවර්තනය
    වුණු පොතක්,
  • 14:25 - 14:29
    ලිපි සිය ගණනක්, DVD ආදි මේ සියලුම දේ.
  • 14:29 - 14:30
    එයින් දේවල් දෙකක් සිදු වුණා.
  • 14:30 - 14:35
    පළමුව අපේ දරැවන් 5 දෙනා අපේ අඩි පාරේ,
    අපේ සෙවණැල්ලේ සිටින්නට වීමෙන් නිදහස් වුණා.
  • 14:35 - 14:38
    ඒගොල්ලෝ දන්නේ නැහැ මම මොනවාද
    කරන්නේ කියලා.
  • 14:38 - 14:39
    (සිනහව)
  • 14:39 - 14:40
    එහෙම හොඳයි.
  • 14:40 - 14:42
    මම ඒගොල්ලන්ව කොහාට හෝ ගෙනිහින්
  • 14:42 - 14:44
    කියන්නේ නැහැ, දවසක මේ හැමදේම
    ඕගොල්ලන්ගේ කියලා.
  • 14:44 - 14:45
    (සිනහව)
  • 14:45 - 14:48
    දරැවෝ 5 දෙනා කිසි දෙයක් දන්නේ නැහැ.
    ඒක හොඳයි.
  • 14:49 - 14:51
    දෙවැන්න තමයි,
  • 14:51 - 14:56
    අතීත ජයග්රහණ නම් මේ නැංගුරමෙන්
    මම නිදහස් වුණා.
  • 14:56 - 15:00
    මට නිදහස තිබෙනවා සෑම විටම අලුත් දෙයක්
    අරඹලා මුල සිට තීරණ ගන්න
  • 15:00 - 15:02
    ඒ මාරාන්තික දවස් වලදී.
  • 15:02 - 15:04
    සමහර අය කියාවි,
  • 15:04 - 15:06
    ආහ්, ඔබට දැන් මේ කාලය තිබෙනවා,
    මේ මාරාන්තික දවස්,
  • 15:06 - 15:08
    ඉතින් ඔබ ගිහින් හැම දෙයක්ම කරනවා.
  • 15:08 - 15:10
    නැහැ, අපි මුහුදු වෙරළවල් වලට ගියා,
  • 15:10 - 15:13
    අපි ගියා සමෝවා හා මාලදිවයිනට හා
    මොසැම්බික්වලට,
  • 15:13 - 15:14
    ඉතින් ඒක හරි.
  • 15:14 - 15:17
    මම හිමාලයේ කඳු නැඟලා තිබෙනවා.
  • 15:17 - 15:20
    මම හැමර්හෙඩ් මෝරැ බලන්න 60 m යට
    කිමිදිලා තිබෙනවා.
  • 15:20 - 15:25
    මම චැඩ් සිට ටිම්බක්ටු දක්වා දින 59 ක්
    පුරා ඔටුවේක් පිට ගියා.
  • 15:25 - 15:29
    මම සුනඛ හිමායනයකින් උත්තර ධ්රැවයට ගියා.
  • 15:29 - 15:31
    ඉතින් අපි කාර්යබහුලව සිටියා.
  • 15:31 - 15:37
    ඒකට මම කියන්නේ මගේ හිස්වූ පනිට්ටු
    ලැයිස්තුව කියලයි.
  • 15:37 - 15:37
    (සිනහව)
  • 15:37 - 15:43
    මේ සංකල්පය තුලින් මේ දින දිහා බලලා
    මම කල්පනා කරනවා,
  • 15:43 - 15:46
    මම විශ්රාමික නැහැ. මම විශ්රාමිකයි කියලා
    දැනෙන්නේම නැහැ.
  • 15:46 - 15:48
    ඉතින් මම අලුත් පොතක් රචනා කරනවා.
  • 15:48 - 15:51
    අපි පසුගිය වසර දෙක තුල සමාගම් තුනක්
    ඇරඹුවා.
  • 15:51 - 15:57
    මම දැන් වැඩ කරන්නේ මේ නව පාසල් පද්ධතිය
    නොමිලයේ ලෝකයට දෙන්නයි.
  • 15:57 - 16:01
    ඒත් පුදුමයකට කිසිකෙනෙක් ඒක නොමිලයේ
    භාරගන්න ලෑස්ති නැහැ.
  • 16:01 - 16:02
    ඉතින් මම අවුරැදු 10ක්ම බැලුවා
  • 16:02 - 16:05
    මේ පාසල් සංකල්පය පොදු පද්ධතිය
    තුලට ඇතුළු කිරීමට
  • 16:05 - 16:07
    අපට තිබෙන පොදු පාසල්
  • 16:07 - 16:13
    ඒවායේ ලකුණු, ඒවායේ ශ්රේණිය
    100 න් 43 වෙනුවට
  • 16:13 - 16:15
    100 න් 91 ක් පවතින නිසා.
  • 16:16 - 16:18
    ඒත් නොමිලයේ කවුරැත් ඒක භාරගන්න
    ලෑස්ති නැහැ.
  • 16:18 - 16:21
    ඒ නිසා සමහරවිට අපි ඒකට අය කළොත්
    එය සාර්ථක වීමට ඉඩක් ඇති.
  • 16:21 - 16:25
    ඒත් අපිට කරන්න අවශ්ය දෙයක් තමයි
    මේක ලෝකයට දෙන එක.
  • 16:25 - 16:28
    ඉතින් මෙයින් පණිවිඩයක් ලෙස ඔබට ලැබන දේ,
  • 16:28 - 16:30
    ඒක ටිකක් මේ වගේ:
  • 16:30 - 16:32
    අපි හැමෝම ඉගෙන ගෙන තිබෙනවා
    ඉරිදා රෑ ගිහින්
  • 16:32 - 16:35
    ඊ-මේල් යැවීමටයි නිවසේ සිට වැඩ කිරීමටයි.
  • 16:35 - 16:37
    ඒත් අපි ටික දෙනෙක් තමයි ඉගෙනගෙන තිබෙන්නේ
  • 16:37 - 16:40
    සඳුඳා දවල්ට චිත්රපටියක් බලන්න යන්නේ
    කොහොමද කියලා.
  • 16:40 - 16:44
    අපි ප්රඥාව සොයනවා නම්, අපි ඒක කරන්නත්
    ඉගෙන ගන්න ඕන.
  • 16:44 - 16:48
    ඉතින් අපි මේ අවුරැදු ගණනාවක් තිස්සේම
    කරපු දේ සරලයි,
  • 16:48 - 16:51
    පිට පිට තෙවරක් ඇයි යුනුෙවන් විමසීමේ
    කුඩා ෙමවලම භාවිතා කිරීමයි ඒ.
  • 16:51 - 16:54
    පළමු ඇයි ප්රශ්නයට හොඳ පිළිතුරැ තිබෙනවා.
  • 16:54 - 16:56
    දෙවැනි ඇයි ප්රශ්නයේ සිට ඒක සංකීර්ණ වෙනවා.
  • 16:57 - 17:00
    තෙවැනියට අැයි කියා අසද්දී, අපි දන්නේ නැහැ
    අපි කරන දේ කරන්නේ ඇයි කියා.
  • 17:00 - 17:06
    මට අවශ්ය ඔබට බීජය දෙන්න, අදහස දෙන්න,
    මෙය සිදු කළොත්,
  • 17:06 - 17:09
    ඔබ එනවා කුමකටද යන ප්රශ්නයට.
  • 17:09 - 17:11
    මම මේක කරන්නේ කුමකටද?
  • 17:11 - 17:14
    ඉතින්, මේ හේතුවෙන්, කාලයක් ගත වුණාම
  • 17:14 - 17:18
    මම බලාපොරොත්තු වෙනවා, සහ
    ඔබට ප්රාර්ථනා කරනවා,
  • 17:18 - 17:19
    ඔබට වඩා ප්රඥාවන්ත අනාගතයක් ලැබේවා කියලා.
  • 17:19 - 17:21
    ඔබට ගොඩක් ස්තූතියි.
  • 17:21 - 17:30
    (අත්පොළසන්)
  • 17:34 - 17:39
    ක්රිස් අැන්ඩර්සන්: ඉතින් රිකාර්ඩෝ,
    ඔබට ටිකක් පිස්සු.
  • 17:39 - 17:41
    (සිනහව)
  • 17:41 - 17:43
    බොහෝ දෙනෙක්ට මේක පිස්සු කියලා හිතේවි.
  • 17:44 - 17:47
    ඒත් එහි ගැඹුරැ ප්රඥාවක් තිබෙනවා.
  • 17:47 - 17:50
    මම ගලපගන්න හදන කොටස් මෙවායි:
  • 17:50 - 17:53
    ඔබේ අදහස් විප්ලවීයයි.
  • 17:53 - 17:58
    නිදසුනක් ලෙස, ව්යාපාරයක මේ අදහස්
    කලක් තිස්සේ පැවතියත්
  • 17:59 - 18:01
    සමහරවිට ඉන් කොටසක් යෙදවූ ව්යාපාර
    ප්රතිශතය
  • 18:01 - 18:03
    තවම පහත් අගයක පවතින්නේ.
  • 18:04 - 18:06
    ඔබ දැක තිබෙනවාද අවස්ථා ඇතැම් විශාල
    සමාගම්
  • 18:06 - 18:09
    ඔබේ යම් අදහසක් ක්රියාත්මක කළ ආකාරය
    ගැන ඔබ සතුටු වුණු,
  • 18:09 - 18:12
    රිකාඩෝ සෙම්ලර්: ඒක සිද්ධ වෙනවා.
    මීට දෙසතියකට කලින් එෙහම වුණා
  • 18:12 - 18:14
    රිචඩ් බ්රැන්සන් එයාගේ පිරිසට පැවසුවා,
  • 18:14 - 18:17
    මට තව දුරටත් ඕගොල්ලන්ගේ නිවාඩු දවස්
    පාලනය කරන්න ඕනැ නැහැ,
  • 18:17 - 18:19
    නෙට්ෆ්ලික්ස් සමාගමත් ටිකක්
    අනුගමනය කරනවා
  • 18:19 - 18:22
    ඒත් ඒක එතරම් වැදගත් කියලා
    මම හිතන්නේ නැහැ.
  • 18:22 - 18:26
    මම ආසයි ඒක තරමක් ධර්මදූත උද්යෝගයකින්
    වෙනවා දකින්න,
  • 18:26 - 18:27
    ඒත් ඒක පෞද්ගලික අාශාවක්.
  • 18:27 - 18:31
    ඒත් සත්යය තමයි පාලනය ගිලිහීම පිළිබඳ
    දැඩි විශ්වාසයක් එයට අවශ්ය වීම.
  • 18:32 - 18:35
    පාලනය අතේ ඇති බොහෝ දෙනෙක්
    විශ්වාසය පදනම් පිම්මවල් පනින්න ලෑස්ති නෑ.
  • 18:35 - 18:37
    ඒක සිදුවිය යුත්තේ ළමුන්ගෙන් සහ
    අනෙක් පුද්ගලයින්ගෙන්
  • 18:37 - 18:39
    වෙනස් විදියට සමාගම් අරඹන.
  • 18:39 - 18:41
    ක්රි.ඇ: ඉතින් ඒකද වැදගත්ම දේ?
  • 18:41 - 18:43
    ඔබ දකින විදිහට සාක්ෂි තිබෙනවා,
  • 18:43 - 18:45
    ව්යාපාරික වශයෙන් මේක සාර්ථකයි
  • 18:45 - 18:48
    ඒත් මිනිසුන්ට ධෛර්යය නැහැ ඒක කරන්න.
  • 18:48 - 18:49
    රි.ෙස: ඔවුන්ට ඊට පෙළඹවීමක්වත් නැහැ.
  • 18:49 - 18:53
    ඔබ සමාගමක් දුවනවා දින 90 ක
    නියෝගපත්රයක් මත.
  • 18:53 - 18:55
    ඊට කාර්තුවක වාර්තාවක් අවශ්යයි.
  • 18:55 - 18:57
    ඔබ දින 90න් සාරථක නැතිනම් එළියට විසිවෙනවා.
  • 18:57 - 19:01
    ඉතින් ඔබ කියනවා, "මෙන්න විශිෂ්ට වැඩසටහනක්
    පරම්පරා එකකට අඩුවෙන්---"
  • 19:01 - 19:03
    ඒ පුද්ගලයා කියනවා, "යනවා යන්න මෙතැනින්"
  • 19:03 - 19:05
    ඉතින් මේක තමයි ගැටළුව.
  • 19:05 - 19:08
    (සිනහව)
  • 19:09 - 19:13
    ක්රි.ඇ: ඔබ අධ්යාපනයට කරන්න හදන දේ
    සෑහෙන ගැඹුරැ බවයි පේන්නේ,
  • 19:13 - 19:18
    සෑම කෙනෙක්ම තමන්ගේ රටේ අධ්යාපන
    ක්රමය ගැන අසතුටින්.
  • 19:18 - 19:20
    කවුරැත් සිතන්නේ නැහැ එය තවම ඇවිත්
    කියලා ලෝකයකට
  • 19:20 - 19:23
    ගූගල් සහ අනෙකුත් තාක්ෂණ පවතින.
  • 19:23 - 19:26
    ඉතින් ඔබට සැබෑ සාක්ෂි තිබෙනවා මෙතෙක්
    ඔබේ පද්ධතිය හරහා යන ළමුන්,
  • 19:26 - 19:29
    ඔවුන්ගේ හැකියාවේ විස්මයජනක
    වර්ධනයක් තිබෙනවා.
  • 19:29 - 19:32
    මේ අදහස් ඉදිරියට ගෙනයන්න අපි
    කොහොමද ඔබට උදව් කරන්නේ?
  • 19:32 - 19:36
    රි.සෙ: මම හිතන්නේ මේක යල්පැන ගිය
    අදහස්වල ප්රශ්නයක්.
  • 19:36 - 19:40
    ඒවගේම මම කවදාවත් මේ දේවල්
    පතුරන්න ගියේ නැහැ.
  • 19:40 - 19:42
    අපි ඒක එළියට දානවා.
  • 19:42 - 19:43
    එකවරම පුද්ගලයින් හමුවෙනවා--
  • 19:43 - 19:46
    ජපානයේ කණ්ඩායමක් සිටිනවා,
    මට ඒ ගැන බයත් හිතෙනවා,
  • 19:46 - 19:49
    එගොල්ලන්ට කියන්නේ සෙම්ලරිස්ට්ස්ලා කියලා,
    ඒ අයට සමාගම් 120 ක් තිබෙනවා.
  • 19:50 - 19:52
    ඒ අය මට ආරාධනා කරලා තිබෙනවා.
    ඒත් එහි යන්න මම භය වුණා.
  • 19:54 - 19:58
    ඕලන්දයේත් කුඩා ඕලන්ද සමාගම් 600ක් සමඟ
    සිටිනවා කණ්ඩායමක්.
  • 19:59 - 20:01
    ඒක තනිවම වර්ධනය වන දෙයක්.
  • 20:01 - 20:04
    එහි සමහර දේවල් වරදින්න පුළුවන්,
    ඒකට කමක් නැහැ.
  • 20:04 - 20:06
    මේක ඊට අයිති තැන සොයා ගනීවි.
  • 20:06 - 20:09
    ඒවගේම මම බය අනික් දේ තමයි
    මේ විදියට කියන එක,
  • 20:09 - 20:11
    මේක සෑහෙන හොඳ නිසා ඒක
    කරන්නම ඕනෑ.
  • 20:11 - 20:13
    අපි පද්ධතියක් පටන් අරගෙන
    ඊට ගොඩක් ම්ුදල් යොදවමු
  • 20:13 - 20:15
    එතකොට කොහොම හරි කට්ටිය ඒක කරයි.
  • 20:16 - 20:19
    ක්රි.ඇ: ඉතින් ඔබ ජීවිතය පුරාම අරැමපුදුම
    ප්රශ්න අසා තිබෙනවා.
  • 20:19 - 20:22
    මේ බොහෝ දේ මෙහෙය වූ ඉන්ධනය එය බවයි
    මට පෙනී යන්නේ.
  • 20:22 - 20:27
    ඔබට අපට වෙනත් ප්රශ්න තිබෙනවාද, TED වලට,
    මේ රැස් ව සිටින අයට?
  • 20:28 - 20:32
    රි.ෙස: මම සෑමවිටම පැමිණෙනවා
    එක්තරා ප්රශ්නයක විවිධ ස්වරූපයන්ට
  • 20:32 - 20:35
    මගේ පුතා වයස තුනේදී මගෙන් ඇසූ.
  • 20:35 - 20:39
    අපි ජකූසියක ඉඳගෙන සිටින විට එයා ඇසුවා,
    "තාත්තා, ඇයි අපි ජීවත් වෙන්නේ?"
  • 20:39 - 20:40
    ඊට අමතර ප්රශ්නයක් නැහැ.
  • 20:40 - 20:42
    කිසිකෙනෙකුට මේ හැර ප්රශ්නයක් නැහැ.
  • 20:42 - 20:46
    වයස තුනේ සිට මේ ප්රශ්නය විවිධ ස්වරූපවලින්
    අපට ඇති වෙනවා.
  • 20:46 - 20:52
    ඉතින් ඔබ සමාගමක, නිලතන්ත්රයක, සංවිධානයක
    කාලය ගත කරද්දී,
  • 20:52 - 20:53
    ඔබ කියනවා, ෂහ්--
  • 20:53 - 20:56
    ඔබ කී දෙනෙක් දන්නවාද මරණාසන්නයේදී
    මෙසේ පැවසූ,
  • 20:56 - 20:59
    ෂහ්, මට හිතෙනවා වැඩි කාලයක්
    කාර්යාලයේ ගත කරා නම් කියලා?
  • 20:59 - 21:04
    ඉතින් මේක මේ මොහොතේ ධෛර්යය
    ඇති කර ගැනීමක්,
  • 21:04 - 21:05
    සතියකින්, මාස දෙකකින් නෙමෙයි,
  • 21:05 - 21:07
    ලෙඩක් කියලා දන්නා විට නෙමෙයි,
  • 21:08 - 21:11
    පවසන්න, නැහැ, ඇයි මම මේ දේ කරන්නේ?
  • 21:11 - 21:13
    සෑම දෙයක්ම නවත්වන්න. මම වෙන දෙයක් කරන්නම්.
  • 21:13 - 21:14
    ඒක ප්රශ්නයක් වෙන්නේ නැහැ.
  • 21:14 - 21:16
    ඒක ඔබ දැන් කරන දෙයට වඩා යහපත් වේවි,
  • 21:16 - 21:19
    ඔබ ක්රියාවලියක සිරවී සිටිනවා නම්.
  • 21:20 - 21:23
    ක්රි.ඇ: ඉතින් මට දැනෙන්නේ ඒක ගැඹුරැ හා
    ලස්සන විදියක් නිමා කරන්න
  • 21:23 - 21:25
    අන්තිම TED දවසට කලින් වූ මෙදිනට.
  • 21:25 - 21:27
    රිකාඩෝ සෙම්ලර්, ඔබට බෙහෙවින්ම ස්තූතියි.
  • 21:27 - 21:28
    රි.සෙ : බොහොම ස්තූතියි.
  • 21:28 - 21:29
    (අත්පොළසන්)
Title:
නීති (හැකිතාක් දුරට)නොමැතිව සමාගමක් පාලනය කරන්නේ තෙසේද?
Speaker:
රිකාඩෝ සෙම්ලර්
Description:

ඔබේ ජීවිතය ඔබේ රැකියව මඟින් පාලනය කෙරේද? බ්‍රසීලියානු ප්‍රධාන විධායක රිකාඩෝ සෙම්ලර් විප්ලවීය ව්‍යාපාරික ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරන්නෙකි. මේ යටතේ, ආයතනික මාණ්ඩලික රැස්වීම් සිට සේවක පිරිස තම නිවාඩු දවස් වාර්තා කරන ආකාරය (එසේ කිරීම අනවශ්‍යයි) දක්වා සියල්‍ර දේ නවතම ආකාරයට සිදු කෙරේ. එය සේවක පිරිසගේ ප්‍රඥාව ඇගයීමට ලක් කරන්නා වූ ද යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීමට දිරි ගන්වන්නා වූ ද දර්ශනයකි. එමඟින් ජීවිතය හා රැකියාව පිළිබඳ ගැඹුරැ අවබෝධයකට මග සැලසේ. බෝනස් ප්‍රශ්නය: පාඨශාලාද මේ ආකාරයට වූයේ නම්?

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
21:42

Sinhala subtitles

Revisions