මෙය සරඹ පුහුණුවක් නොවේ. මගෙ නම ග්රේටා තන්බර්ග්. අපි ජීවත් වන්නේ මහා ජන විනාසයක ආරම්භයක, අපෙ කලගුණය බිඳ වැටීගෙන යන්නෙ. මම වගෙ ළමයි අධ්යාපනය අත් හරිනවා විරෝධය දැක්වීමට. ඒත් අපිට මේක හරිගස්සන්න පුලුවන්. ඔබට මේක හරිගස්සන්න පුලුවන්. ජීවත් වෙන්න පොසිල ඉන්ධන දහනය නවත්වන්න වෙනවා. ඒත් ඒක විතරක් මදි. ගොඩක් විසඳුම් ගැන කතා කරනවා. ඒ වුණාට අප ඉදිරියෙ තියෙන විසදුමක් කොහොමද? මම මගෙ යාලුවා ජෝර්ජ්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්නම්. මැජික් යන්ත්රයක් තියෙනවා වාතයෙන් කාබන් උරා ගන්න, හරිම ලාබයි, තනියම හැදෙනවා. ඒකට කියන්නෙ... ගහක් කියලා. ගස උදාහරණයක් ස්වාභාවික කාලගුණ විසඳුමකට. කඩොලාන, බොග්ලන්ඩ්, කැලෑ, වගුරු බිම්, මුහුදු පතුල්, කෙල්ප් වනාන්තර, මඩ වගුරු, කොරල් පර, ඔවුන් වාතයෙන් කාබන් අරගෙන එය අඟුළුලනවා. සොබාදහම අපේ කැඩුනු කාලගුණය හදන්න ගන්න පුලුවන් මෙවලමක්. මේ සොභාවික කාලගුණ විසදුම් වලට ලොකු වෙනසක් කරන්න පුලුවන්. නියමයි නේද? හැබැයි ඉතින් අපි පොසිල ඉන්ධන පොලොවෙම ඉතුරු කලොත් තමයි. මෙන්න හොදම හරිය: මෙ වෙලාවෙ අපි මේවා නොසලකා හරිනවා. අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර වෙනුවන් 1000 ගුණයක් වියදම් කරනව සොභාවික විසදුම් වලට වඩා. සොභාවික කාලගුණ විසදුම් වලට ගෝලීය බිදවැටීම නැවැත්වීමට වියදම් කරන මුදලින් 2% වියදම් කරන්නේ. මේ ඔබගේ මුදල්. ඔබගේ බදු සහ ඔබගේ ඉතුරුම්. ඊට වඩා පිස්සුම දේ, පරිසරය ඕනෙම මේ අවස්ථාවේදි, අපි කවදටත් වැඩියෙන් ඒක විනාස කරනවා. 200 දක්වා සත්ව විශේෂ දවසකට වඳ වෙලා යනවා. ආක්ටික් වල අයිස් ගොඩක් දියවෙලා තියෙනවා, අපේ වන සතුන් ගොඩක් නැතිවෙලා තියෙනවා, අපේ පසින් ගොඩක්ම නතිවෙලා තියෙනවා. ඉතින් අපි මොනාද කරන්න ඕනෙ? ඔබ මොනවද කරන්න ඕනෙ? ඒක සරලයි... අපි ආරක්ෂා කල යුතුයි පිළිසකර කල යුතුයි අරමුදල් දිය යුතුයි. ආරක්ෂා කරන්න නිවර්තන වනාන්තර විනාඩියකට පාපන්දු පිටි 30ක ශ්රීඝ්රතාවයකින් කපෙනවා. සොභාවධර්මය ඉතාමත් වැදගත් දෙයක් කරන අවස්ථාවක අප එය ආරක්ෂා කල යුතුයි. පිළිසකර කරන්න අපේ ලෝකයේ ලොකු කොටසකට හානි වෙලා තියෙනවා, ඒත් සොබාදහමට නැවත හැදෙන්න පුලුවන් අපිට පුලුවන් පරිසර පද්ධති වලට නැවත හැදෙන්න උදවු කරන්න. අරමුදල් සපයන්න. අපි සොබාදහම විනාස කරන දේවල් වලට අරමුදල් වෙන්කරන්නේ නැතිව එයට උදවු කරන දේවල් වලට ගෙවන්න ඕනෙ. ඒක එතරම් සරලයි. ආරක්ෂා කරන්න පිළිසකර කරන්න අරමුදල් සපයන්න මේක ඕනෙම තැනක වෙන්න පුලුවන්. ගොඩක් මිනිස්සු දැනටමත් ස්වාභාවික කාලගුණ විසඳුම් පාවිච්චි කරන්න පටන් අරන්. අපි ඒක දැවැන්ත පරිමාණයෙන් කල යුතුයි. ඔබටත් මේහි කොටස්කාරයෙක් වෙන්න පුලුවන්. සොබාදහම ආරක්ෂා කරන අයට ඡන්දය දෙන්න. මේ වීඩියෝව හුවමාරු කරගන්න. මේ ගැන කතා කරන්න. ලෝකෙ පුරාම පුදුමාකාර ව්යාපාර තියෙනවා සොබාදහම වෙනුවෙන් සටන් කරන. ඒවාට එකතු වෙන්න. සියල්ලම වටිනවා ඔබ කරන දේ වටිනවා. මෙම චිත්රපටිය ප්රතිචක්රීකරණය කළ දර්ශන වලින් නිර්මාණය කරන ලද්දකි. ගුවන් ගමන් නොමැතිව, එමෙන්ම කිසිදු කාබන් විමෝචනයක් නොමැතිව. කරුණාකර එය ගන්න සහ නැවත භාවිතා කරන්න.