Return to Video

ඕනෑම COVID-19 ප්‍රතිචාරයක් සපුරාලිය යුතු අවශ්‍යතා 5 ක්

  • 0:01 - 0:03
    සුබ සැන්දෑවක්.
  • 0:03 - 0:05
    කළු ජාතිකයන් විසින් මෙහෙයවන ලබන
    Harlem Children's Zone
  • 0:06 - 0:10
    එකේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්.
  • 0:10 - 0:11
    එය ළදරු කාලයේ සිට වෘත්තීය මට්ටම දක්වා
  • 0:11 - 0:14
    සේවා සපයන ආයතන අතර
    පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි.
  • 0:14 - 0:17
    මේ සඳහා විස්තීරණ බව ඉතාම වැදගත්.
  • 0:18 - 0:20
    බොහෝ මැදිහත්වීම් අවධානය
    යොමු කරන්නේ සංකීර්ණ,
  • 0:20 - 0:22
    යෝධ ප්‍රහේලිකාවක එක් කොටසකට පමණි.
  • 0:22 - 0:25
    නමුත් ඒක ප්‍රමාණවත් නැහැ.
  • 0:25 - 0:28
    නිවසේ තත්වය හෝ නිවසේ පරිසරය තේරුම් නොගෙන
  • 0:28 - 0:31
    සිසුවාගේ අධ්‍යාපන ගැටලු විසඳිය නොහැක.
  • 0:31 - 0:35
    එසේම සෞඛ්‍යය පෝෂණය සහ
    නීතිය සාධාරනත්වය සලකා බැලිය යුතුය
  • 0:36 - 0:39
    අප වෙනස් කිරීමට තැත් කරන්නේ
  • 0:39 - 0:41
    තනි දරුවා නොව මුලු ප්‍රජාවයි
  • 0:41 - 0:44
    ඒ සඳහා විවිධ දේ කළ යුතුයි
  • 0:44 - 0:47
    ඒ වගේම අපට අවුරුදු 20 ක
    දත්ත තිබෙනවා මෙය ක්‍රියාත්මක
  • 0:47 - 0:48
    වන බව ඔප්පු කිරීමට.
  • 0:48 - 0:50
    නවක දෙමාපියන් සඳහා වූ අපගේ විද්‍යාලයේ
  • 0:50 - 0:52
    උපාධිධාරීන් 7,000 ක් බිහි වී සිටිනවා.
  • 0:52 - 0:54
    එමෙන්ම අපි අපේ පාසල් වල කළු
    සහ සුදු ජාතිකයන්
  • 0:54 - 0:56
    අතර සාර්ථකත්ව පත්තරය
    නැති කිරීමට සමත් වුණා.
  • 0:56 - 0:58
    අපේ සෞඛ්‍ය වැඩසටහන හරහා
    ස්ථුලතා අනුපාතය අඩු කිරීමටත්
  • 0:58 - 1:02
    සිසුන් දහසක් කට ආසන්න සංඛ්‍යාවක්
    විශ්ව වි‍ද්‍යාල ගත කිරීමටත් හැකිවි තිබෙනවා
  • 1:02 - 1:05
    සියලු දෙනා ඇතුළත් වන පරිදි
  • 1:05 - 1:07
    සේවා ජාලයක් අප ගොඩනැගුවා
  • 1:08 - 1:10
    එමෙන්ම අපි ගෝලීය වෘත්තිකයින්ව​ උනන්දු කළා
  • 1:10 - 1:14
    අප වෙත පැමිණෙන​ 500 කට​ අධික​
    එක්සත් ජනපද ප්‍රජා කණ්ඩායම්
  • 1:14 - 1:15
    සහ රටවල් 70 ට වැඩි ගණනක්
  • 1:15 - 1:17
    අපගේ ආකෘතිය ඉගෙන ගන්නවා
  • 1:18 - 1:23
    ලෝකයේ ගැටළු එකිනෙකට සම්බන්ධයි
  • 1:25 - 1:27
    එබැවින් විසඳුම් පුලුල් හා
  • 1:27 - 1:29
    පරිපූර්ණ ඒවා විය යුතුය
  • 1:29 - 1:32
    දැන් අප ගෝලීය වසංගතයකට මුහුනදී සිටිනවා​.
  • 1:33 - 1:37
    COVID-19 අපට අනාවරණය කර ඇත්තේ
    එය වඩාත්ම බලපාන්නේ
  • 1:37 - 1:42
    දුප්පතුන්ගේ ජීවිතවලට​ සහ ඔවුන්ගේ
    ජීවනෝපායන්ට​ බවයි.
  • 1:42 - 1:47
    කලු ජතිකයන් COVID-19 නිසා මිය යාමේ අවධානම
  • 1:47 - 1:51
    සුදු ජතිකයන්ට​ වඩා 3.6 ගුණයකින් ඉහලයි.
  • 1:52 - 1:55
    අපේ රටේ COVID-19 කේන්ද්‍රස්ථානය වන
    නිව්යෝර්ක් නගරයේ
  • 1:55 - 1:57
    එම සෞඛ්‍ය විෂමතා අපට පෙනේ.
  • 1:57 - 2:00
    සැලකිය යුතු ආර්ථික පසුබෑමද​ මෙම
    සෞඛ්‍ය විෂමතාවන්ගේ බලපෑම
  • 2:00 - 2:03
    වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා
  • 2:03 - 2:05
    හාර්ලම්හි අපගේ පවුල් හතරෙන් එකක්
  • 2:05 - 2:06
    අස්ථාවර ආහාර සැපයුමක් සහිත වන අතර
  • 2:06 - 2:11
    57%ක් ආදායම් හෝ
    රැකියා අහිමි වීම් වාර්තා කරයි.
  • 2:12 - 2:15
    හාර්ලම් ළමා කලාපයේ වැඩ කටයුතු වඩා හොඳින්
  • 2:15 - 2:17
    අවබෝධ කර ගැනීම සඳහා
    දෙවන ශ්‍රේණියේ සිසුවෙකු
  • 2:17 - 2:19
    වන ෂෝන් ගැන කතාවක් බෙදා ගන්නට කැමතියි.
  • 2:21 - 2:22
    ෂෝන් කියන්නේ
    ලස්සන කළු පිරිමි දරුවෙක්.
  • 2:22 - 2:26
    ඔහු සිටින ඕනෑම තැනක් හරිම විනෝද ජනකයි.
  • 2:27 - 2:29
    මාර්තු මාසයේ නිරෝධායනය ආරම්භ වූ පසු ෂෝන්
  • 2:29 - 2:32
    අන්තර්ජාල පාසලට සම්බන්ධ නොවූ බව
    අප දැනගත්තා.
  • 2:32 - 2:34
    සොයා බැලීමෙන් අනතුරුව අපි දැනගත්තා
  • 2:34 - 2:38
    ෂෝන්ගේ අම්මා COVID-19 හේතුවෙන්
    රෝහල් ගත කර ඇති බව
  • 2:38 - 2:42
    ෂෝන්ගේ පියා සිරගතව සිටින නිසා
  • 2:42 - 2:44
    ඔහු සහ ඔහුගේ ළදරු සහෝදරයා
  • 2:44 - 2:46
    නිවසේ සිටියේ ආච්චි සමගයි.
  • 2:47 - 2:48
    ආච්චි විශල අරගලයට මුහුණ දෙමින් සිටිය
  • 2:48 - 2:50
    නිවසේ ආහාර සහ​ ඩයපර් හිඟවිය.
  • 2:50 - 2:52
    ෂෝන් සතුව
  • 2:52 - 2:54
    පරිගණකයක්වත් නොතිබුණි.
  • 2:55 - 2:58
    අම්මා රෝහලෙන් පිටව පසු,
    ඔවුන්ගේ අභියෝග වඩාත් තිව්‍ර​ විය​.
  • 2:58 - 2:59
    පෙර පැවති සෞඛ්‍ය තත්වයන් නිසා
  • 2:59 - 3:01
    ආච්චි සමඟ රැඳී සිටින්නට​
    ඔවුන්ට නොහැකි විය​.
  • 3:03 - 3:06
    එබැවින් ෂෝන්ට​ ඔහුගේ අම්මා සහ
  • 3:06 - 3:09
    ළදරු සහෝදරයා සමඟ සරණාගත
    ආයතනයකට යෑමට සිදුවිය.
  • 3:09 - 3:12
    ෂෝන්ගේ කතාව හාර්ලම් ළමා
    කලාපයේ දුලබ සිදුවීමක් නොවේ.
  • 3:12 - 3:19
    අපි රට පුරා සිටින ෂෝන් වැනි අය
    මිලියන ගානක් දන්නවා.
  • 3:19 - 3:22
    ඔවුන් ද ලෝකයේ ඇති හැම අවස්ථාවක්ම
    සම සේ ලැබීමට සුදුසුයි.
  • 3:23 - 3:24
    ජාතිවාදයේ හා ඓතිහාසික පද්ධති වල
  • 3:24 - 3:28
    ආයෝජන ඌනතා වල ප්‍රතිඵල දැන්
    COVID-19 මගින් නරක අතට හැරී ඇත.
  • 3:31 - 3:36
    COVID-19 සටනේදී අපගේ
    පුළුල් ආකෘතිය අද්විතීයයි.
  • 3:37 - 3:39
    හාර්ලම්හි අප ලබා ඇති
    සාර්ථකත්වය ඉතා වැදගත්.
  • 3:39 - 3:41
    අප දන්නා දේ රට සමඟ
  • 3:41 - 3:44
    බෙදා ගැනීම අපගේ වගකීමයි.
  • 3:45 - 3:50
    අවශ්‍යතා ඇති ප්‍රාථමික අංශ පහක් කෙරෙහි
  • 3:50 - 3:52
    අවධානය යොමු කරමින් අපි පුළුල් COVID-19 සහන
  • 3:52 - 3:57
    සහ ප්‍රතිසාධන ප්‍රතිචාරයක්
    වර්ධනය කර ඇත්තෙමු.
  • 3:58 - 4:00
    එමඟින් අපි දැනටමත් ෂෝන් වැනි
    පවුල්වලට සේවය සපයනවා.
  • 4:01 - 4:02
    ඒවා පහත දැක්වේ.
  • 4:03 - 4:05
    එකක්, හදිසි සහන අරමුදල්.
  • 4:05 - 4:09
    අපේ පවුල්වලට මුදල් අවශ්‍ය බව අපි දන්නවා.
  • 4:10 - 4:12
    දෙවනුව වඩාත් අවදානම් තත්ත්වයේ
    සිටින අයව ආරක්ෂා කිරීම.
  • 4:12 - 4:15
    පවුල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ හා තොරතුරු
  • 4:15 - 4:18
    ලබා ගැනීමේ හැකියාව
    තිබිය යුතු බව අප දන්නවා
  • 4:18 - 4:20
    එනම් ආහාර, මුහුණු ආවරණ,
    සංචිත සම්පත් ලැයිස්තු
  • 4:20 - 4:22
    සැපයිය හැකි මහජන
    සෞඛ්‍යය ව්‍යාපාර තිබිය යුතුයි
  • 4:23 - 4:26
    තුන්වෙනුව අන්තර්ජාල තාක්ෂණ
    පරතරය පියවිය යුතුයි.
  • 4:26 - 4:29
    අන්තර්ජාලය මූලික අයිතිවාසිකමක්
    බව අපි විශ්වාස කරනවා.
  • 4:29 - 4:31
    එබැවින් අපගේ පවුල්වලට අන්තර්ජාල පහසුකම්
  • 4:31 - 4:33
    ඇති බවට තහවුරු කළ යුතු අතර,
  • 4:33 - 4:35
    නිවසක සිටින සියලුම පාසල් වයසේ ළමයින්ට
  • 4:35 - 4:37
    නිසි ඉගෙනුම් උපකරණ තිබිය යුතුයි.
  • 4:37 - 4:39
    සිව්වනුව අධ්‍යාපන අහිමිවීම්
    නොතිබිය යුතුයි.
  • 4:39 - 4:42
    සිසුන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ
  • 4:42 - 4:44
    වසරක් අහිමි වීමේ අවදානමක් තියෙනවා.
  • 4:45 - 4:49
    පාසැල් ආරක්ෂිතව නැවත ආරම්භ
    කිරීමේ සැලැස්මට අමතරව
  • 4:49 - 4:52
    උසස් තත්ත්වයේ අන්තර්ජාල වැඩසටහන්
  • 4:52 - 4:54
    සම්පාදනය කිරීමට අප වග බලා ගත යුතුය.
  • 4:54 - 4:57
    පස්වනුව, මානසික සෞඛ්‍යය
    අර්බුදය අවම කළ යුතුයි.
  • 4:57 - 4:59
    මානසික ආතතිය හේතුවෙන් මිනිසුන්ට පශ්චාත්
  • 4:59 - 5:02
    කම්පන ආතති ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත.
  • 5:02 - 5:05
    පවුල්වලට ටෙලිහෙල්ත් සහ වෙනත් අතථ්‍ය
  • 5:05 - 5:08
    ආධාරක ලබා ගැනීමේ හැකියාව
    ඇති බවට අප සහතික විය යුතුය.
  • 5:08 - 5:13
    එක්සත් ජනපදයේ නගර හයක්
    පුරා අපට හවුල්කරුවන් හය
  • 5:13 - 5:17
    දෙනෙකු සිටින අතර ඔවුන් අපගේ
    ආකෘතිය අනුගමනය කරයි.
  • 5:17 - 5:20
    ඒවා ඕක්ලන්ඩ්, මිනියාපොලිස්,
  • 5:20 - 5:24
    චිකාගෝ, ඩෙට්‍රොයිට්,
    නෙවාක් සහ ඇට්ලන්ටා ය.
  • 5:24 - 5:26
    එම හවුල්කරුවන්ට අමතරව, අපගේ ආකෘතිය
  • 5:26 - 5:29
    බෙදාහදා ගන්නා ජාතික
    හවුල්කරුවන් තිදෙනෙකු අපට සිටී.
  • 5:29 - 5:31
    ඔවුන් අපගේ ආකෘති හා ක්‍රමෝපායන් ඔවුන්ගේ
  • 5:31 - 5:33
    අන්තර් සම්බන්ධතා පද්ධතිය
    හරහා බෙදා ගනියි
  • 5:33 - 5:35
    තවද ප්‍රතිපත්තිමය උපදෙස් මගින්
    අපගේ බලපෑම වැඩි වනු ඇත.
  • 5:37 - 5:39
    අපට මට්ටම් තුනකට බලපෑම් කළ හැකිය.
  • 5:40 - 5:43
    හාර්ලම්හි පුද්ගලයෙන් 30000ක් අධ්‍යාපන,
  • 5:43 - 5:49
    සෞඛ්‍ය, ආර්ථික විද්‍යා
    පරිණාමයක් අත් විඳ ඇත.
  • 5:50 - 5:53
    අපගේ හවුල්කරුවන් හරහා නගර හයක් පුරා
  • 5:53 - 5:56
    ප්‍රජා මට්ටමේ බලපෑමක් ඇතිකිරීමෙන්
  • 5:56 - 5:58
    අතිරේක 70,000 ක් වෙත ළඟාවීමේ හැකියාව ඇත.
  • 5:59 - 6:01
    ජාතික මට්ටමින් අපට
    ප්‍රතිපත්තිමය උපදෙස්
  • 6:01 - 6:05
    හා ධාරිතා වර්ධනය තුළින් බලපෑම් කළ හැකිය.
  • 6:06 - 6:08
    COVID-19, අපේක්ෂා භංගත්වය
    හා අසමානතාවයන් දුරු කිරීමට
  • 6:08 - 6:12
    අප උත්සහ කරන්නේ එම ප්‍රදේශවලට
  • 6:12 - 6:14
    පුළුල් සේවාවන් සැපයීම මගිනි.
  • 6:15 - 6:17
    අපි කිසිවිටෙක බලාපොරොත්තු සුන් කරගත්තෙ නෑ.
  • 6:17 - 6:19
    මෙම සටන ජයගැනීම සඳහා අප
  • 6:19 - 6:21
    හා එක්වන ලෙස අපි ඔබට
    ආරාධනා කරන්නෙමු.
  • 6:21 - 6:22
    ස්තුතියි
Title:
ඕනෑම COVID-19 ප්‍රතිචාරයක් සපුරාලිය යුතු අවශ්‍යතා 5 ක්
Speaker:
ක්වාමේ ඕවුසු-කෙසේ
Description:

අර්බුද මැදිහත්වීම් බොහෝ විට විශාල, සංකීර්ණ ගැටලුවක එක් අංශයක් කෙරෙහි අවධානය යොමු කරන අතර පුළුල් සමාජ හා ආර්ථික සන්දර්භය ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වේ. ක්වාමේ ඕවුසු-කෙස් විසින් හාර්ලම් ළමා කලාපය COVID-19 වසංගතයට වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් ගන්නා ආකාරය විස්තර කරයි. ප්‍රාථමික අංශ පහක් කෙරෙහි අවධානය යොමු කර ඇති ඔවුන්ගේ පුළුල් COVID-19 සහන, ප්‍රතිසාධන ප්‍රතිචාර ගැන සහ එක්සත් ජනපදය පුරා එය ව්‍යාප්ත කිරීමට ඔවුන් සැලසුම් කර ඇති ආකාරය ගැන තව කරුණු දැනගන්න. මෙම අභිලාෂිත සැලැස්ම ගෝලීය විපර්යාසයන් දිරිගැන්වීම සහ අරමුදල් සැපයීම සඳහා වන TED හි මුලපිරීම වන Audacious (ඔඩේ‍ෂස්) ව්‍යාපෘතියේ කොටසකි.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
06:36

Sinhala subtitles

Revisions