Return to Video

එකතු කිරීම් - දෙවන පාඩම

  • 0:01 - 0:06
    පසුගිය වීඩියෝවෙන් අපිට යම් පුහුණුවක් ලබා ගත්තා අපි වඩාත් කුඩා විදිහට සලකන සංඛ්යා එකතු කිරීම ගැන
  • 0:06 - 0:12
    උදාහරණයක් විදිහට, අපි 3+2 එකතු කරානම් අපිට මෙහෙම හිතන්න පුළුවන්කම තිබුනා මට සමහරවිට
  • 0:12 - 0:22
    ලෙමන් ගෙඩි තුනක් තිබුනා නම්-- 1, 2, 3 – මම ඒ ලෙමන් ගෙඩි තුනට එකතු කරා නම් සමහර විට දෙහි ගෙඩි දෙකක්--ඒවා දෙහිද එහෙම නැතිනම් දෙහි ගෙඩිද?
  • 0:22 - 0:33
    අපි නිකමට මෙහෙම හිතමු -- හොදයි, කොළ පාට දෙහි ගෙඩි දෙකක් --එහෙම නැතිනම් තිත්ත පළතුරු දෙකක් දැන් මගේ ලඟ තිත්ත, ඇඹුල් පළතුරු කොපමණ ගණනක්-- කොපමණ ප්රමාණයක් තියෙනවද?
  • 0:33 - 0:40
    හොදයි, අපි පසුගිය වීඩියෝවෙදි ඉගෙන ගත්තා අපි ලඟ පළතුරු 1,2,3,4,5 ක් තියෙනවා. ඉතින් 3 + 2 = 5
  • 0:40 - 0:45
    ඒ වගේම අපි දැක්කා එය හරියටම සමාන වෙනවා අපි 2+3 එකතු කළාම ලැබෙන දේට.
  • 0:45 - 0:48
    ඉතිං මම හිතනවා ඒකෙන් තේරුම් යන බව. ඒ කියන්නෙ මේක හරියටම සමාන වෙනවා පටන් ගත්තොත් --
  • 0:48 - 0:58
    ඔයාට ලෙමන් ගෙඩි දෙකක් තියෙනවානම් ඒකට ඔයා දෙහි ගෙඩි දෙකක් එකතු කරන්න. ඒත් අන්තිමට ඔයාට තියෙන්නෙ ගෙඩි 5 ක්. 1, 2, 3, 4, 5.
  • 0:58 - 1:13
    ඒ විදිහට. ඒ කියන්නෙ ඔයා එකතු කරන්නෙ මොන පිළිවෙළට වුණත් ඔයාට ලැබෙන්නෙ පහයි. ඒ කියන්නෙ එකතු කිරීම් ගැන මේ හිතන විදිහ. මම දකින්නෙ එකතු කිරීම ගැන හිතන ගණන් කරන ක්රමයක්. පහුගිය වීඩියෝවෙදි අපි දැක්ක අනිත් දේ තමා සංඛ්යා රේඛා ක්රමය. ඒ වගේම ඒවා අත්යවශ්යයෙන්ම එකම දේයි.
  • 1:13 - 1:36
    ඉතිං අපිට පුළුවන් රේඛාවක් අඳින්න. සංඛ්යා රේඛාව කියන්නෙ, ඔක්කොම සංඛ්යා අනුපිළිවෙළට ලැයිස්තුගත කරන දෙයක්. ඒක සංඛ්යා සේරම ලැයිස්තුගත කරනවා.ඒ වගේම ඇත්තටම ඔයාට යන්න ඕන තරම් ඉහළට යන්න පුළුවන්. ඔයාට මිලියනයන්, ගැසිලියනයක්, ට්රිලියනයක් වෙනකම් යන්න පුළුවන්. අපි එහෙම කරන්නෙ නැහැ. ඒක කරන්න අපිට මේ වීඩියෝවෙ ඉඩත් නැහැ කාලයත් නැහැ. ඇත්තටම ඔයාට පුළුවන් තරම් අඩුවෙන් යන්න පුළුවන්. අපි 0 න් පටන් අරන්, හිතමු--ඉදිරියේදී හන වීඩියෝ වලදී, මම ඔයාට කියන්නම්, 0 ට වඩා අඩු සංඛ්යා ගැන. සමහරවිට ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා ඔයාට අද රෑට හිතන්න පුළුවන්.
  • 1:36 - 1:45
    ඒත් අප් 0 න් පටන් ගනිමු, 0 කියන එකෙන් අදහස් කරන්නෙ කිසිම දෙයක් නැහැ කියන දේ. මට ලෙමන් ගෙඩි 0 ක් තියෙනවා කියන්නේ, මට ලෙමන් ගෙඩි නැති බව.
  • 1:45 - 2:03
    එහෙනම්: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11...අපි සෑහෙන්න උඩට යමු, 12 ... ඒ විදිහට මට ආයෙත් සංඛ්යා රේඛාව පාවිච්චි කරන්න පුළුවන්...13, 14.
  • 2:03 - 2:12
    මට පුළුවන් වෙයි දිගටම කරගෙන යන්න. ඒත් මේ වීඩියෝවට 14 ඇති වෙන්න පුළුවන්. ඒත් අපි සංඛ්යා රේඛාව පාවිච්චි කරමු මෙතන ඉඳලා එන එකතු කිරීමේ ගැටළු වලට. ඉතිං පසුගිය වීඩියෝවෙදි -- නිකමට ආයෙත් හැරිලා බැලීමක් විදිහට --
  • 2:12 - 2:25
    3+2 ඔයාට දකින්න පුළුවන් 3 න් පටන් අරන්--ඒකට 2 ක් එකතු කරන විදිහට.එහෙම නැත්නම් 3 ට වඩා දෙකක් වැඩිවෙන විදිහට. ඉතිං වැඩිවෙමින් යනවා -- එහෙම නැතිනම් සංඛ්යා රේඛාව දිගේ එකතු කරනවා -- එහෙමත් නැතිනම් ඒකෙ දකුණු පැත්තට ගමන් කරනවා--ඒ කියන්නෙ දෙකකින් ඉහළට ගමන් කරනවා. ඉතිං එහෙනම් අපි දෙකකින් ඉහළට ගමන් කරමු.
  • 2:25 - 2:38
    මම ඒක මේ තැඹිලි පාටින් කරන්නම්. ඉතිං අපි 2 කින් ඉහළට යමු. ඒ කියන්නෙ අපි තුනෙන් පටන් අරගෙන එකකින් ඉහළට යමු. ඊලඟට අපි 2 කින් ඉහළට යමු, එහෙම නැතිනම් අපි පැනගෙන, 5 ට යනවා, ඒක අපිට කලින් ලැබුණ දේමයි.
  • 2:38 - 2:47
    අපිට ලෙමන් ගෙඩි තුනක් තිවයනවානම්, අපි එක ලෙමන් ගෙඩියක් එකතු කළොත්, අපිට තියෙනවා ලෙමන් ගෙඩි හතරක්. අපි තවත් ලෙමන් ගෙඩියක් එකතු කළොත්, අපිට තියෙනවා ලෙමන් ගෙඩි 5 ක් -- එහෙම නැතිනම් දෙහි ගෙඩි-- එහෙමත් නැතිනම් තිත්ත පළතුරු. ඔබට කියන්න අවශ්ය ඕනෑම දෙයක්.
  • 2:47 - 2:53
    ඉතිං ඔයා ඒකෙ මේ ක්රමය දිහා බලද්දි -- ඔයා අනුපිළිවෙළ මාරු කළාම -- අපි 2 න් පටන් අරන්
  • 2:53 - 3:00
    ඒකට ද්රව්ය 3ක් එකතු කරමු. මෙම අවස්ථාවෙදි, ඒවා ලෙමන් හෝ දෙහි වෙන්න පුළුවන්. ඉතිං අපි ඒකට තුනක් එකතු කරන්නයි යන්නෙ.
  • 3:00 - 3:04
    1, 2, 3.
  • 3:04 - 3:09
    අපි බලාපොරොත්තු වුණ විදිහටම, අපිට එකම දේ ලැබුණා. අපිට ආයෙමත් ලැබුණෙ 5.
  • 3:09 - 3:37
    මම මේක විශ්වාස කරන්නෙ නිකම් ආපසු හැරිලා බැලීමක් විදිහට -- දැන් මට මේ වීඩියෝවෙදි කරන්න ඕන වෙන්නෙ -- -- වඩාත් අමාරු ගැටළු කරන්න. මට ඕන ටිකක් විශාල සංඛ්යා ගන්න. ඊට පස්සෙ ඊලඟ වීඩියෝවෙදි -- වගේම මේ වීඩියෝවෙදි මට ඕන ඔයාව පුහුණු කරන්න ටිකක් විශාල සංඛ්යා එක්ක වැඩ කරන්න. ඊට පස්සෙ, ඊලඟ වීඩියෝවෙදි -- අපි ටිකක් ගැඹුරට යන්නයි ඉන්නෙ, ඒ වගේම සංඛ්යා කියන්නෙ මොනවද කියන දේ ගැන පවා හිතන්න. ඒත් අපි ටිකක් අවබෝධ කර ගැනීමට පුහුණුව ලබා ගනිමු, "ඔයා වඩාත් විශාල සංඛ්යා ඇති එකතු කිරීමේ ගැටළු කරන්නේ කොහොමද?" කියලා පුහුණු වෙමු ඉන්න මම ලස්සන. හිත සනසවන, දම් පාටින් ලියන්න.
  • 3:37 - 3:45
    අපි කියමු මට ඕන 9+3 එකතු කරන්න.
  • 3:45 - 3:52
    හොදයි, අපිට ඒක කරන්න පුළුවන් විධි කීපයක් තියෙනවා. අපිට ආයෙමත් රවුම් අඳින්න පුළුවන්. අපිට කියන්න පුළුවන්, අපි බලමු, මට තියෙනවා -- සමහර විට මම තරු අඳින්නයි යන්නෙ.
  • 3:52 - 4:04
    1, 2, 3, 4 -- මගේ තරු ලස්සන නම් නැහැ, -- 5, 6, 7, 8, 9. ඒ තරු 9 ක්.
  • 4:04 - 4:10
    මම දැන් ඒකට තරු 3 ක් එකතු කරනවා. එහෙනම් මම තරු එකතු කරනවා 1,2,3.
  • 4:10 - 4:24
    දැන් ඊලඟට ඔබ ගණන් කරානම් මුළු තරු ගණන, ඔබ කියාවි -- එය වෙන පාටකින් කරන්න මට ඉඩ දෙන්න. -- 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. මට දැන් තරු 12 ක් තියෙනවා.
  • 4:24 - 4:30
    ඉතිං, ඔබ කියාවි 9+ 3 = 12 කියලා. ඒක 12 ට සමානයි.
  • 4:30 - 4:35
    ඔයා සංඛ්යා රේඛාව දිහා බැලුවානම් -- ඔයා සංඛ්යා රේඛාව දිහා බැලුවානම්, ඔයා 9 න් පටන් ගන්නවා. ඔයාට තරු 9 ක් තියෙන්න පුළුවන්
  • 4:35 - 4:45
    ඔයා ඒකට තරු 1 ක්, තරු 2 ක්, තරු 3 ක් එකතු කරන්වා. ඒ විදිහට ඉවර වෙන්නෙ තරු 12 කින්, ඒ තමා කලින් අපිට ලැබුණු හරිම උත්තරය.
  • 4:45 - 5:25
    ඉතිං ඔයාට ඒ ක්රියාවලියම විශාල සංඛ්යා එකතු කරන්න පටන් ගත්තමත් කරන්න පුලුවන්, ඒ වුණත් දැන් -- මට ඕන ඔයාගේ අවධානය යොදවන්න, දැන් වෙනස වෙන්නෙ අපේ උත්තරයට අංක 2 ක් තිබීම. අපි අනාගත වීඩියෝවකදි අංක ගැන වැඩි දුරට කතා කරමු. ඒත් අංක ඔක්කොම සංඛ්යා. හරිද? ඒකට 1 ක් සහ 2 ක් තියෙනවා. ඒක තමා 12. මම යන්නෙ නෑ -- මම දැන්මම වැඩිය ගැඹුරට යන්නෙ නෑ. මම හිතනවා ඔයාට හුඟක් හොඳට 12 කියන අංකය හුරුපුරුදුයි කියලා. ඒත් මට කරන්න ඕන දේ තමා -- දැන් ඔයා තවත් එකතු කරන්න පටන් ගත්තම මොනවා වෙයිද? ඔයා එකතු කරන්න පටන් ගත්තම මේ වගේ අංක-දෙකේ සංඛ්යා? උදාහරණයක් විදිහට, මම එකතු කරා නම්
  • 5:25 - 5:35
    27 ට එකතු කරා නම් -- අපි කියමු -- මම දන්නෙ නෑ -- එකතු කිරීම 15.
  • 5:35 - 6:25
    දැන්, ඔබ ලඟ හුඟක් වෙලාව තිබුනා නම් ඒ වගේම අනිත් අය ඔයා දිහා බලන්නෙ කොහොමද කියලා ඔයා හිතුවේ නැත්නම් ඔයාට පුළුවන් රවුම් 27 ක් ඇඳලා, ඊලඟට තවත් රවුම් 15 ක් ඇඳලා ඔයාට තියෙන මුළු රවුම් සංඛ්යාව ගණන් කරන්න. ඒකෙන් ඔයාට උත්තරයක් ලැබේවි. එහෙම නැතිනම් ඔයාට පුලුවන් සංඛ්යා රේඛාවක් අඳින්න. ඔයාට පුළුවන් 27+15 මොකක් වුණත් එතරම් දිග සංඛ්යා රේඛාවක් අඳින්න. ඉතිං ඒක ඇත්තෙන්ම, විශාල සංඛ්යාවක්, ඒත් ඒක ඔයාව හැමදාම අරන් යාවි. ඒ නිසා මම කරන්න යන්නෙ ඔයාට මේ විදිහෙ ප්රශ්න විසඳන ක්රමයක් පෙන්වන්න ඔයා ඇත්තටම එකතු කිරීම් දන්නවනම්, දැනටමත් ඒවා මතක් කරගන්න පුළුවන්නම්, එහෙම නැතිනම් අඩු තරමේ ඒවා මතක නැති වුණත් මේ විදිහෙ යම් දෙයක් සාපේක්ෂව කුඩා සංඛ්යා වලින් කරන්න පුළුවන්නම්. ඒක සාපේක්ෂව කුඩා සංඛ්යා වලට කළාම, ඔයාට මේ වගේ අමාරු ප්රශ්න කරන්නත් හැකිවේවි. ඉතිං එයා මොකක්ද කරන්නෙ, මේ තමා විනෝදජනක කොටස. ඔයා එකතු කරනවා, ඒ වගේම අනාගතයෙදි ඔයා වැඩියෙන් කතා කරාවි මේකෙ තේරුම. ඔයා එක් එක් අංකය දිහා බලයි.
  • 6:25 - 6:38
    ඉතිං අපි මේ ස්ථානයට කියනවා, දකුණේම තියෙන ස්ථානය, අපි ඒකට කියනවා එක ස්ථානය කියලා. ඉතිං ඇයි අපි ඒකට එකස්ථානය කියලා කියන්නෙ? ඒ 27 කියන්නෙ 20 සහ එකේ ඒවා 7 ක් නිසා.
  • 6:38 - 6:43
    ඒක විස්ස එකතු කිරීම හත. ඒක විස්ස එකතු කිරීම එකේ ඒවා හතක්.
  • 6:43 - 6:51
    ඔයාට පුළුවන් ඒ දිහා බලන්න රුපියල් විස්ස එකතු කිරීම හත විදිහට. ඒ වගේම මෙතනම තියෙන ස්ථානයට කියනවා දශස්ථානය කියලා.
  • 6:51 - 7:01
    දැන් ඇයි අපි ඒකට දශස්ථානය කියන්නෙ? මම අදහස් කළේ එතනම දෙකක් තියෙනවා. ඒක තමා දශස්ථානය කියන ස්ථානය. ඉතිං මෙතන දෙකක් තබනවා කියන්නෙ දහයෙ ඒවා දෙකක්. සංඛ්යාව විස්ස, ඒ කියන්නෙ දහයෙ ඒවා දෙකක්.
  • 7:01 - 7:28
    මට සත 10 ක් තියෙද්දි ඔයා මට තව සත 10 ක් දුන්නා නම්, දැන් මට සත දහයෙ ඒවා දෙකක් තියෙනවා, ඒ කියන්නෙ සත විස්සක්. ඉතිං ඒක තමා දශස්ථානය කියන්නෙ. මට ඕන නැහැ ඔයාව අපහසුවට පත් කරන්න, මට ඕන නිකමට ඔයාට පෙන්වන්න මේ දැන් මේ ප්රශ්න කරන්නේ කොහොමද කියලා. අපි අනාගත වීඩියෝ වලදි ටිකක් ගැඹුරට යමු. ඒත් මට ඕන ඔයාට ඒ අදහස දෙන්න. ඒත් මේ ප්රශ්න කරන විදිහ වෙන්නෙ ඔයා බලන්න එකස්ථානයේ තියෙන සංඛ්යා දිහා ඊට පස්සෙ මුලින්ම ඒවා එකතු කරන්න. ඉතිං ඔයා කියාවි, හරි, මම ඒ ගැන කරදර වෙන්නෙ නැහැ දැන්මම මේ මුළු එක ගැනම. මට ඉඩ දෙන්න මුලින්ම හතයි පහයි එකතු කරන්න.
  • 7:28 - 7:38
    ඉතිං මම කරන්න යන්නෙ හතයි පහයි එකතු කරන්න. ඉතිං ඔයා ඒක මොකක්ද කියලා දන්නෙ නැත්නම් ඇත්තටම ඔයාට පුළුවන් වේවි හුඟක් අඩු වෙලාවකින් ඒක මනසින් කරන්න -- ඔයාට පුළුවනි සංඛ්යා රේඛාව දිහා බලන්න.
  • 7:38 - 7:49
    අපි මෙතන සංඛ්යා රේඛාව දිහා බලමු. ඉතිං ඔයා හතක් එකතු කළොත්, ඔයා හතක් අරගෙන, ඒකට පහක් එකතු කළොත්. -- 1, 2, 3, 4, 5 -- අපි ඉවර වෙන්නෙ දොළහෙදි.
  • 7:49 - 7:54
    එහෙමත් නැතිනම් ඔයා පහෙන් පටන් අරගෙන හතක් එකතු කළත් ඔයා ඉවර වෙන්නෙ දොළහෙදි. එහෙනම් අපි ඒක ලියමු.
  • 7:54 - 8:05
    අපි දන්නවා 7 + 5 = 12. ඉතිං අපි කරන්නෙ 7 + 5 ට සමානයි කියලා කියනවා --එහෙනම් මේක අලුත් දෙයක්.
  • 8:05 - 8:16
    ඒක ටිකක් අබිරහස් දෙයක් වෙන්න පුළුවන්, දැනට ඔයාට මැජික් වාගෙයි. ඒ වගේම අනාගත වීඩියෝ වලදි මම ඔයාට පැහැදිලි කරන්නම් ඇයි මේක හරියන්නෙ කියලා. අපි ලියමු -- අපිට ඕන 12 ලියන්න.
  • 8:16 - 8:26
    7 + 5 කියන්නෙ 12. ඒත් අපි මෙතන 2 ලියනවා ඊට පස්සෙ 1 ගෙනියනවා. 12. 1, 2. ඔව්, අපි එතන 2 ලිව්වා. ඒත් අපි 1 මෙතන තිබ්බා, හරිද?
  • 8:26 - 8:42
    ඒකට හේතුව -- මම මේ දැන් ඔයාට ඒකට සරළ හේතුවක් දෙන්නම්. අනාගතයෙදි මම ඔයාට වඩාත් හොඳ හේතුවක් දෙන්නම්. -- ඒ මෙතන ඔයාට එක අංකයක් තියන්න ඉඩ තියෙන නිසා සහ දොළහ අංක-දෙකේ සංඛ්යාවක් නිසාද, ඉතිං අපිට හිතන්න වෙනවා ඒ 1 තබන්න වෙනත් යම් ස්ථානයක්. ඔබට ඇත්තටම ඒ ගැන තවත් හිතන්න උවමනානම්,
  • 8:42 - 8:49
    12 කියන්නෙ 10 + 2 වගේමයි, හරිද? ඒක 12 කියන දේමයි.
  • 8:49 - 9:02
    ඉතිං අපි 7 + 5 කිව්වොත්, ඒක 12 වගේමයි ඒක එකේ ඒවා දෙකක් තියෙන දේ වගේමයි. හරිද? 1 ඒවා දෙකයි. සත 2, එකතු කිරීම සත 10. දහයේ ඒවා එකක් එකතු කරන්න. සත 10 ක් එකතු කරන්න.
  • 9:02 - 9:12
    ඉතිං අපි ඒ සත 10 තියනවා දශස්ථානයේ. ඉතිං අපි ඇත්තටම නිකමට කියනවා 7 + 5 කියන්නෙ 10 ඒවා එකකට 1 ඒවා 2 ක් එකතු කිරීම කියලා එහෙම නැතිනම් සත දහය එකතු කිරීම සත 2.
  • 9:12 - 9:21
    ඒක ඔයාව අපහසුවට පත් කරනවානම්, නිකමට ලියන්න, කියන්න, ඔව් එතන 1 ස්ථානයේ 2 ලියලා 1 මම අරගෙන යනවා. ඊළඟට ඔයා ඒ දේම 10 ස්ථානයේ තබනවා.
  • 9:21 - 9:27
    ඔයා එකතු කරනවා 1 එකතු කිරීම 2 එකතු කිරීම 1 ඉතිං 1 + 2 -- අපි ඒක සංඛ්යා රේඛාවක කරමු.
  • 9:27 - 9:34
    මෙය විනෝදජනකයි. ඉතිං අපි බලමු. 1 + 2 අපි පටන් ගනිමු -- මට ඒක පැහැදිලි පාටකින් කරන්න ඉඩ දෙන්න.මට ඒක මේ තද දම් පාටින් කරන්න ඉඩ දෙන්න.
  • 9:34 - 9:43
    ඉතිං අපි එකෙන් පටන් ගනිමු. අපි ඒකට 2 ක් එකතු කරන්නයි යන්නෙ. 1 + 2. අපි අපේ 12 න් ඒ 1 අරගනිමු. 1 + 2. ඉතිං ඔයා ඉහළට යනවා 1,2 ඔයා 3 දි ඉවර වෙනවා.
  • 9:43 - 10:08
    ඊළඟට ඔයා තව එකක් එකතු කරන්නයි යන්නෙ. එහෙනම් ඔයා තව 1 ක් එකතු කරනවා. ඔයා ඉවර වෙන්න යන්නෙ 4 දි. ඉතිං ඔයා ඉවර වෙන්නෙ 42 දී. ඒ වගේම මේක හුඟක් පැහැදිලියි, හරිද? ඒ අපිට 42 දක්වාම සංඛ්යා රේඛාවක් අඳින්න සිද්ධ නොවෙන නිසා. ඒ වගේම අපිට ද්රව්ය 42 ක් අඳින්න ඕන වුනේ නැහැ. 7 + 5 කියන්නෙ මොකක්ද කියලා දැනගෙන 1 +2 +1 කියන්නෙ මොකක්ද කියලා දැනගෙන අපිට පුළුවන් වුනා සොයා ගන්න 27 + 15 = 42 බව.
  • 10:08 - 10:28
    අපි තව උදාහරණයක් කරමු. මම ටිකක් ලේසි උදාහරණයක් කරන්නම්. අපි කියමු මට තියෙනවා 78 + 3 මීට පෙර අපි මේ දේම කළා. අපි 1 ස්ථානය ගැන විතරක් බලමු. ඉතිං අපි බලනවා 8 + 3 දිහා. 8 + 3 කියන්නෙ මොකක්ද?
  • 10:28 - 10:46
    විශ්වාස කරන විදිහට, අපිට ඒක කරන්න පුළුවන් අපගේ මනසින් මේ වෙලාවෙදි. ඒත් අපි නිකමට මේ ගැන හිතමු. 8 + 1 = 9. 8 + 2 = 10. 8 + 3 සමාන වෙනවා 11 ට. ඔයාට ඒක සංඛ්යා රේඛාවෙන් කරන්න පුළුවන් ඒක ඔයාට හිතෙන් මවා ගන්න පහසුනම්. ඉතිං 8 + 3 = 11.
  • 10:46 - 10:56
    එහෙනම් මෙතනදි අපි මොනවද කළේ, අපිට තියෙනවා 8 + 3 = 11. මේ එක එතනම තියන්න, එහි තියලා අනෙක් එක අරගෙන යන්න.
  • 10:56 - 11:11
    එකොළහ කියන්නෙ දහයේ ඒවා එකක් -- සත දහය -- එකතු කිරීම සතය. ඒක එකොළහයි. ඊට පස්සෙ අපි දහයෙ ස්ථාන එකතු තරමු. සත දහයේ ඒවා 1 ක් එකතු කිරීම සත දහයේ ඒවා හතක් සමාන වෙනවා සත දහයේ ඒවා අටකට. ඒ නිසා 78 + 3 = 81.
  • 11:11 - 11:22
    ඒ වගේම මට ඕන තව එක දෙයක් ඔයාට පෙන්වන්න. ඔයා හැම වෙලාවෙම් ඒ විදිහට සංඛ්යා අරගෙන යන්න උවමනා නැහැ. මේවායින් එකකට උත්තරයේ අංක එකකට වඩා තියෙනවානම් විතරක්. 11 කියන්නෙ අංක-දෙකේ සංඛ්යාවක්.
  • 11:22 - 11:37
    ඒ නිසා, උදාහරණයක් විදිහට, 56 +2 මම ගත්තොත් මෙහිදී, මට කියන්න පුළුවන් 6 + 2 කියන්නෙ 8 කියලා. හරිද? ඇත්තෙන්ම, අපිට මේකෙන් හොඳ පුහුණුවක් ලැබෙනවා. ඉතිං 6 + 2 = 8.
  • 11:37 - 11:46
    ඉතිං ඊට පස්සෙ, මේ 5 ට මට එකතු කරන්න දෙයක් නැහැ. ඉතිං, මම නිකන්ම මේ පහ මෙතන පහළට ගේනවා. එහෙනම් 56 + 2 = 58. ඒ වගේ තමා.
  • 11:46 - 11:54
    මේකට නම් ඇත්තටම ඔයාට සංඛ්යා රේඛාවක් අඳින්න තිබුණා. එහෙනම් එය එතරම් අමාරු නොවන්නට තිබුණා. ඉතිං, ඔයාට ඒ වගේ සංඛ්යා රේඛාවක් අඳින්නට වුනානම්, 0 වම් කෙළවරේ යම් ස්ථානයක තියෙන්නට තිබුණා.
  • 11:54 - 12:01
    ඒත් අපි කියමු මට තියෙනවා 50 ක්, නැහැ මම හිතනවා ඔයාට තිවෙනවා 49 ක් ඔයා දිගටම වම් පැත්තට යන්න ඒත් ඔයාට තියෙනවා 51, 52 --
  • 12:01 -
    ඇත්තටම මට ඉඩ දෙන්න ඊට ටිකක් ඉහළින් පටන් ගන්න.මට ඉඩ නැතිවේගන යන නිසා.මට පටන් ගන්න දෙන්න සමහර විට 55, 56, 57, 58, 59 -- ඒ වගේම මට දෙපැත්තටම යන්න පුළුවන් -- දිගටම යනවා ඒත් අපි හරියටම පනස් හයෙන් පටන් අරන් දෙකක් එකතු කළොත් අපි එකක් උඩට යනවා, දෙකක් උඩට යනවා.ඉවර වෙන්නෙ 58 දී.ඉතිං ඒ විදිහට, අපිට පුළුවන් ඒ ප්රශ්නය විසඳන්න. මම ඔයාව ඊළඟ වීඩියෝවෙදි හමුවෙන්නම්.
Title:
එකතු කිරීම් - දෙවන පාඩම
Description:

more » « less
Video Language:
English
Duration:
12:26

Sinhala subtitles

Revisions